-->

Wednesday, July 6, 2011

රටටම නම් තැබූ සාහිත්‍යධරයෙකුගේ නික්ම යාම......

0
1920 වසරේදී ආරියසේන ආශුබෝධ නමින් කොග්ගලදී උපත ලද මෙම කීර්තිමත් ලේඛකයා අරිසෙන් අහුබුදු නමින් සිය නාමය වෙනස් කලේ හෙළ හවුල හා එක්වීමෙන් පසුවයි. එදා මෙදා තුර දශක ගණනාවක් පුරාවට දැයේ දූ පුතුන් සිය දහස් ගණනකට අර්ථවත් නම් තැබූ මේ අපූර්ව මිනිසා අප අතරින් සමුගත්තේ සිය ජීවිත කාලය තුල උපන් රටට මහත් වූ සේවයක් කැපකිරීමක් කිරීමෙන් අනතුරුවයි.

ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක්, කථිකයෙක් ලෙස එතුමා හෙළ බස ගැන, හෙළ ඉතිහාසය ගැන අප දැනුවත් කල අයුරු ප්‍රශංසනීයයි. සක්විති රාවන වැනි වේදිකා නාට්‍යද, මනුවස, කොග්ගල පවත වැනි පද්‍ය ග්‍රන්ථද, හෙළ දෙරණ වග වැනි ගද්‍ය කෘතීන්ද රචනා කල අරිසෙන් අහුබුදු ශූරීන් හෙළ ඉතිහාසය ලොවට කියන්නට බොහෝ වෙහෙසක් ගත්තෙකි. සාහිත්‍යය, හෙළබස වෙනුවෙන් ඔහු කල සේවය හමුවේ ඔහුට නිවන් සුව පතන්නට හදවත නොනැමෙන්නේ මතුවටත් හෙළයන් අතර ඉපිද ඔහුගෙන් වෙන සේවය ලබන්නට තරම් ආත්මාර්ථකාමී බවක් අප පෘතග්ජන හදවත් වලට දැනෙන බැවිනි.

ඇදුරාණෙනි… ඔබට යි මේ උපහාරය!


No Response to "රටටම නම් තැබූ සාහිත්‍යධරයෙකුගේ නික්ම යාම......"

Post a Comment

අදහස් සහ උදහස්