-->
Showing posts with label දඬුමොණරය. Show all posts
Showing posts with label දඬුමොණරය. Show all posts

Monday, January 23, 2012

දඬුමොණරය තාක්ෂණය විද්‍යාත්මකව පැහැදිලි කල හැක

0

ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 9



Sunday, September 25, 2011

රාවණාගේ බෙහෙත් Area 51'හි අත්හදා බලයි

1
රන්දිව පුවත්පතෙන්


Monday, June 6, 2011

රාවණාගේ යානාව - දඩුමොනරය

3

රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ
,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්" ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,oකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.





මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි

සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි

අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )

ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,

බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප








ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.











මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.


ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවා, එම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්ත, වෘතාකාර ,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි.





එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග 4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්, කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්, නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.






තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්‍රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්, විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.

2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්‍රන්ථ පරිහරනය කරමින්, එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්‍රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.





විමානයකට ඉස්සරහට,පසුපසට,දකුණට,වමට,උඩට සහ යටට ගමන් කිරීමේ හැකියාව ඇත.විමානයක් බැලූ බැල්මට යකඩ යන්ත්‍රයක් බදු ය.ඉතාමත් සිනිදු ය.වර්තමානය වන විට පෙර කී ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අමතරව මොහොන්දජාරෝ ශිෂ්ටාචාරය පිළිබදවද සැක පහළ වේ. ඒ රාමාගේ රාජ්‍යට යටත් වූ නගරයක් ලෙස තිබූ බවට කිය වෙන ඵලකයක් නිසා ය.එමෙන්ම "ඊස්ටර් දිවයින් ප්‍රතිමා" ඇති ප්‍රදේශය රාමාගේ/රාවනාගේ යානා නැවැත් වූ තොටුපොළ ලෙස හැදින්වීමටද උගතුන් පෙළබෙයි.ඒ පෙර කී මොහොන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් හමු වූ ඵලකට සමාන ඵලකක් එම දූපතෙන්ම සොයා ගත් නිසා ය.එම යෝධ ප්‍රතිමාද වසර දහස් ගණනකට පෙර නිමවූ ඒවා වන අතර අහස දෙස බලා සිටින්නෙ ය.




තවද ඉතා අරුම පුදුම විස්තරයක් පිළිබදව අන්තර්ජාලයේ
www.world-mysteries.com වෙබ් අඩවියෙන් සොයා ගන්නට හැකි විය.එය ඒ අයුරින්ම පහත දැක්වේ.


එමෙන්ම තවත් ඉන්දියානු පොත් වල විමානවල විවිධ හැඩ තිබූ බවත් , "අහ්නිහෝත්‍රා" නම් විමානයේ එන්ජින් 2ක් තිබූ බවත්, "හස්ති විමාන" නම් විමානයේ එන්ජින් වර්ග රැසක් තිබූ බවත් ,අනිකුත් සතුන්ගේ නම් වලින්ද විමාන කිහිපයක් තිබූ බවත් දැක්වේ. නමුත් විමාන වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ යුද්ධ කටයුතු සදහා ය.( ඇට්ලාන්ටිස් අවට යුද්ධය ). ඇතැම් විමාන වල එන්ජින්වල බලය අශ්ව බල 80 000කි.මහා භාරතයේද විමාන පිළිබදව කියවෙන අපූරු කවියකි.

"...(the weapon was) a single projectile

charged with all the power of the Universe.

An incandescent column of smoke and flame

As bright as the thousand suns rose in all its splendor...

An iron thunderbolt,

A gigantic messenger of death,

Which reduced to ashes

The entire race of the Vrishnis

And the Andhakas.

... the corpses were so burned

As to be unrecognizable.

The hair and nails fell out;


Pottery broke without apparent cause,

And the birds turned white.

... After a few hours

All foodstuffs were infected...

... to escape from this fire

The soldiers threw themselves in streams

To wash themselves and their equipment..."






දැවැන්ත අවි ආයුධ? විශාල හමුදාවක්? විමාන රැසක්? මහා භාරතය මේ පවසන්නේ පරමාණු යුද්ධයක් පිළිබදව නොවේද? තවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත.එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට ,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය.එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි.

එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.
එමෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ,ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරන විටද අහසින් පැමිණි ගුවන් යානා කිහිපයක් ඔවුන්ට පහර දී ඇති බවට වාර්තා වේ.තවත් විමාන පිලිබදව කියවෙන පැරණි ග්‍රන්ථයක විමානයක් සෑදිය හැකි ක්‍රම 32ක් පිලිබදව කියවෙයි.ඒවා සූර්යය බලයෙන් ක්‍රියා කරයි."සිෆ්‍රලා' නමැති කෘතියක මෙයට යොදන ආම්පන්න පිලිබදව ,පිටු 100ක දීර්ඝ විස්තරයක් ඇත.එමෙන්ම තවත් කෘතියක මෙවැනි විමානවල එන්ජින් ,භෞතික විද්‍යාවේ හදුන්වන "අයන" ආධාරයෙන් ක්‍රියා කරවා ඇති අතර නූතනයේ මෙම ක්‍රමය "රොකට්" සදහා "නාසා" ආයතනය යොදයි.තවත් ඉපැරණි වේද ග්‍රන්ථයක,විමාන සදහා යෙදූ "ම'කරි" එන්ජින් වර්ගයක් ගැන කිය වේ.වෘතාකාර රාමුවක,මෙම ම'කරි එන්ජිම යොදන අතර සූර්යය ශක්තිය ආධාරයෙන් ම'කරි යෙදූ තවත් බොයිලේරුවක් යානය මැදට යොදයි.උණු වෙන ම'කරි මගින් යානය ක්‍රියාත්මක වේ. සැලැස්මට අනුව ම'කරි දමන බදුන් 4ක් ඇත.ඒවා ඉතා ශක්තිමත ය.මෙහි විකාශනයක් ලෙස අවසාන කාල වලදී විමාන විදුලි බලයෙන් පවා ධාවනය කර ඇත."සමරන්ගන සූත්‍රදර" නම් ග්‍රන්ථයක සදහන් වන්නේ විමානයේ "ඇග" කොටස කුරුල්ලෙකුගේ ශරීරය මෙන් සැහැල්ලුවට නිපදවයි.ඇතුළත පෙර කී ම'කරි එන්ජිමකි.







මෙවන් විශාල විමාන නවතා තැබීමට ටිබෙටයේ හෝ ආසියාවේ මැද කොටසේ විශාල බින් ගෙවල් තිබූ බවට විද්වතුන් විශ්වාස කරයි.චීනයද "හදුනා නොගත් ආකාශ වස්තූන්" පිලිබදව පැරණි ඉතිහාසයක් තිබෙන රටකි.තවත් ග්‍රන්ථවල පෙර කී ලෙසම විමාන යොදමින් අහසේ සිදු කෙරුනු බිහිසුණු සටන් පිලිබද විශාල විස්තර රැසක් වාර්තා කර ඇත.මොහොන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය අවට සෑම තැනකම තිබූ විසිරුණු ශරීර කොටස් සහ සමූහ ඝාතනය කොට එක තැනකට දමා තිබූ මළ මිනී ,කැපුම් සහිත හිස් කබල් හමු වී ඇත.එම හිස් කබල්වල විකිරණශීලී ද්‍රව්‍ය රැදී තිබූ බැවින් මෙහි දැවැන්ත සටනක් සිදු වී ඇති බවට විද්වතුන් තරයේ ප්‍රකාශ කරයි.එම සිදු වීම "හිරෝශිමා" සහ "නාගසාකි" අවට ප්‍රදේශවල සිදු වූ පිපිරීමට වඩා දැවැන්ත එකකි. විමාන සදහා ශක්තිමත් රෝද තිබූ බවත්, විමානවල "මිසයිල" සවි කර තිබූ බවත්,මාරාන්තික අවි ආයුධ ගබඩා කර තිබූ බවත්,ඇතැම විමානවල තිබූ "මිසයිල" බොත්තම එබූ පමණින් ඕනෑම දුරක සිටින සතුරන් වෙත එල්ලවෙන බවත් "මහා භාරතය" නම් ග්‍රන්ථයේ ඇත.



තවත් කෘතියක මෙසේ සදහන් වේ ;- "Gurkha flying in his swift and powerful Vimana hurled against the three cities of the Vrishis and Andhakas a single projectile charged with all the power of the Universe. An incandescent column of smoke and fire, as brilliant as ten thousands suns, rose in all its splendour. It was the unknown weapon, the Iron Thunderbolt, a gigantic messaenger of death which reduced to ashes the entire race of the Vrishnis and Andhakas."






මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත් ,මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ.විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම් ,මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි.එමෙන්ම ඉන්දියානුවන් රාමාටද එවැන්නක් තිබූ බවට උදම් අනන්නට උත්සහ කරයි.සෑම පැරණි ඉන්දියානු කෘතියකම ඉන්දියානුවන්ටද විමාන තිබූ බව දැක්වේ. එය අමූලික බොරුවකි.එසේ නම් රාමා හමුදාව මෙරටට විමාන වලින් නොපැමිණ ,විශාල පාලමක් ඉදි කළේ මන්ද? විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.


උපුටාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1158317



Thursday, May 26, 2011

උස්සන්ගොඩ

0

Saturday, April 9, 2011

දඬුමොණරය - 9

0

ත්‍රිපුර විමානය සහ ශකුණ විමානය

විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ
තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.


මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කිය
න්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.
මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්
න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.


මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ.
මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා


සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.

දැන් ඉතින් දඬුමොණර ගැන මම දන්න ටික ඔයාලට කියලා ඉවරයි. මම හිතනවා මේ සෙල්ලිපි සටහන් පෙළ මගින් ඔයාලට අපි සතුව තිබුණු පැරණි තාක්ෂණ ශිල්පයක් ගැන යම්තාක් දුරකට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/9.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2

දඬුමොණරය - 3

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණරය - 4

දඬුමොණරය - 5

දඬුමොණරය - 6

දඬුමොණරය - 7

දඬුමොණරය - 8

දඬුමොණරය - 9

  

දඬුමොණරය - 8

0

සුන්දර විමානය

මීට කලින් මම ලියපු ලිපියෙන් අපි 'රුක්ම විමාන' ගැන කතා කලානේ. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ 'සුන්දර විමාන' ගැනයි. එහෙනම් මුලින්ම අපි සුන්දර විමානයක රූපයක් අධ්‍යයනය කරලා ඉමු.



මේ යානයත් හැඩයෙන් රුක්ම විමානයකට ගොඩක් සමානයි කියලා බැලූ බැල්මටම ඔයාලට තේරෙන්න ඇති. බාහිර පෙනුම සමාන වුවත් සැකැස්ම අතින් නම් වෙනස්කම් දකින්න පුළුවන්. සුන්දර විමානයක පාදම හෙවත් 'පීත' ප්‍රදේශය කොටස් 8 කින් සමන්විත වෙනවා. ඒවා නම්;

1. භූමි තැටිය හෙවත් පහලින්ම පිහිටි පීත කොටස
2. ධූම කවුළුව
3. වායු ඇන්ජින් පහ
4. භූජ්‍ය නම් ලෝහ බටය
5. සුළං පංකාව
6. විදුලි උත්පාදක යන්ත්‍රය
7. සිව්මුහුණු තාපකය
8. බාහිර ආවරණය

මෙම සුන්දර විමාන වල පීත කොටස අනිවාර්යයෙන්ම රාජලෝහයෙන් සෑදිය යුතු අතර එය සතරැස් හෝ වෘත්තාකාර හැඩයක් විය යුතුව තිබුණා. පාදම වෘත්තාකාර වන්නේ නම් සාමාන්‍යයෙන් එහි පරිධිය අඩි 100ක් විතර වන ලෙස තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ගනකම නම් අඩි 8 ක් විතර වෙලා තියෙනවා.
මේ විමානය මධ්‍යයෙන් ඉහලට එසවුණු ප්‍රධාන කුඹගසක් පිහිටා තිබෙන බව රූප සටහනේ දැක්වෙනවා. මෙය හැඳින්වෙන්නේ 'නාලස්ථම්භ' නමින්. මෙය අඩි 56 ක් උසින් යුක්ත වන අතර විෂ්කම්භය අඩි 4 ක් විතර වෙනවා. යානය තුල විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන වායු වර්ග ගබඩා කර තබා ඇත්තේත් මේ කුඹගස පතුලේ පිහිටා ඇති ටැංකියකයි.


'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන්නේ මේ යානය ගුවන්ගත කරවීමට ඉන්ධනයක් ලෙස ජලය ද යොදාගත් බවයි. මෙහිදී අධික ලෙස රත් කළ ජල වාෂ්ප යොදාගෙන ඇති අතර ඊට අමතරව විද්‍යුත් කෝෂ මගින් විදුලි බලයද ලබාගෙන තියෙනවා. මේ විද්‍යුත් කෝෂ සවි කර ඇත්තේ යානයේ වම්පසට වන්නටයි.
යානය උඩට එසවීමේ කාර්යය සිදු කර තිබෙන්නේ 'වාතප්‍රසාරණ යන්ත්‍ර' නමැති යන්ත්‍රයක් මගින්. මෙම යන්ත්‍රය සෑදීමටත් විශේෂ ලෝහයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලෝහය 'වාතමිත්‍ර' කියලා තමයි හඳුන්වන්නේ. මෙයත් 'රාජලෝහය' වාගේම වෙනත් රසායනික ද්‍රව්‍ය රැසක් යොදාගෙන නිර්මාණය කරනු ලබන්නක්.

සුන්දර විමානයේ වේගය ගැන කතා කරනවානම්, මෙයට ඉතා කෙටි කාල පරාසයක් තුල සැතපුම් 3600 ක් දුර යාමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි සුළං පංකා වල භ්‍රමණ වේගය 'ලින්ක 2500 ක්' කියලා තමයි සඳහන් වෙන්නේ. 'ලින්ක' කියන ඒකකයේ ප්‍රමාණය නම් මට හොයාගන්න බැරිවුනා.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/8.html


 

දඬුමොණරය - 7

0

මේ වෙනකොට විමානයක මූලික කොටස් සහ එහි මූලික ක්‍රියා
කාරිත්වය මෙන්ම විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ක්‍රමවේද ගැනත් දැනගෙන ඉවරයි. ඒ කියන්නේ අපිට දැන් විමාන තාක්ෂණය ගැන සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් තියෙනවා කියන එකයි. ඉතින් මේ සෙල්ලිපි සටහනේ ඉඳන් අපි එක් එක් වර්ගයේ විමාන ගැන වෙන වෙනම කතා කරමු. මේ ලිපි පෙළේ මුල්ම ලිපියේ මම විමාන වර්ග වල නම් කීපයක් සටහන් කරලා තිබුණා ඔයාලට මතක ඇති. ඒවා අතරින් අද අපි කතා කරන්න යන්නේ 'රුක්ම විමානය' ගැනයි.

මුලින්ම අපි රුක්ම විමානයක් කියන්නේ කොයිවගේ යානයක්
ද කියලා බලමු. මේ පහළින් තියෙන්නේ රුක්ම විමානයක බාහිර පෙනුමේ දළ සටහනක්. ( රූපසටහන් සියල්ල උපුටාගෙන තියෙන්නේ අන්තර්ජාලයෙන් )

'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන විදිහට රුක්ම විමාන
යක් කියලා කියන්නේ රන්වන් පාට ගුවන් යාත්‍රාවක්. රුක්ම කියලා කියන්නේ රත්තරන් පාටටලු. මේ යානය රන්වන් පාට කිරීම සඳහා වර්ණ සාදාගෙන තියෙන්නේ 'රාජලෝහය' කියන ලෝහය මගින්. කිසියම් රසායනික ක්‍රියාවලියකට ලක් කිරීම තුලින් රාජලෝහයේ වර්ණය රන් පැහැයට ආසන්න පාටකට පත්කිරීමට හැකියාවක් තිබුණු බව කියැවෙනවා.

විමාන තාක්ෂණයට අනුව රුක්ම විමානයක් අනිවාර්යයෙ
න්ම රන් පැහැයෙන් නිපදවිය යුතු නිසා එවැනි යානාවක් නිර්මාණය කිරීමේදි කර තිබෙන මුල්ම කාරිය වෙලා තියෙන්නේ රාජලෝහයෙන් රන් පැහැය නිපදවීමයි. පැරණි ඉංජිනේරුවෝ මේ රන් වර්ණය නිපදවන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එයාලා මේ වර්ණය පිළියෙල කලේ කොහොමද කියලයි මං දැන් ලියන්න යන්නේ. මෙන්න මේවා තමයි ඒ අය පාවිච්චි කරලා තියෙන රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ අනුපාත....

ඇමෝනියම් ක්ලෝරයිඩ් කොටස් 4 යි. බෙන්සීන් කොටස්
18 යි. ඊයම් කොටස් 20 යි. මුහුදු පෙණ කොටස් 16 යි. අයන් පයිරයිට්ස් කොටස් 6 යි. යකඩ කොටස් 20 යි. රසදිය කොටස් 15 යි. ක්ෂාරත්‍රය (නැට්‍රොන්, සෝල්ට් පිටර්,බොරැක්ස්) කොටස් 28 යි. මයිකා කොටස් 20 යි. රිදී කොටස් 17 යි. ඇකොනයිට් කොටස් 8 යි. බෙංගාලි කඩල නම් ධාන්‍ය වර්ගය කොටස් 32 යි. සහ අවසාන වශයෙන් පස් ගෝ රස ඇති තරම් ප්‍රමාණයක්. ( පස් ගෝ රස අරගෙන තියෙන්නේ මිශ්‍රණයේ මෘදු බව වැඩි කරන්නලු ). සමහරවිට කට්ටියට මේ ද්‍රව්‍ය ගැන එච්චර අවබෝධයක් නැති වෙන පුලුවන්. හැබැයි chemistry දන්න අයටනම් ටිකක් තේරෙනවා ඇති.

කොහොමහරි මේ රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරලා සෙල්සි
යස් අංශක 800 ටත් වැඩි උෂ්ණත්වයකට රත් කරලා තමයි රාජලෝහය හදාගෙන තියෙන්නේ. ඇත්තටම රාජලෝහය කියන්නේ තනි ලෝහයක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් හදපු කෘත්‍රිම ලෝහයක්.

දැන් වර්ණ නිර්මාණය ගැන කතා කලා ඇති. ඉතුරු කොටස් ගැන
ත් කතා කරමු. රුක්ම විමානයේ යට කොටස හඳුන්වන්නේ 'පීත' කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 'කැස්බෑවෙකුගේ' හැඩයටලු. ඒ කොටස සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ අඩි 1000 ක් දිගට සහ අඩියක් ඝනකම වෙන ආකාරයටයි. ( ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද යානයේ ප්‍රමාණය ගැන ).

මේ තියෙන්නේ යානයේ හරස්කඩක දළ සටහනක්...


මේ රූපය හොඳින් නිරීක්ෂනය කළොත් ඔයාලට පෙනේවි ඉහල කොටසේ තියෙන සුළං පෙති දෙක. මේ රූපයේ පේන්නේ 2 ක් වුනාට ඇත්තටම මේ වගේ සු
ළංපෙති 4 ක් පිහිටලා තියෙනවා. ඒවා වේගයෙන් කරකවා වේගවත් සුළං ධාරාවන් පොළොව දෙසට යොමු කරලා තමයි යානය ඉහළට ඔසවලා තියෙන්නේ. මීට අමතරව චුම්බක ශක්තියත් පාවිච්චි කරලා තියෙනවා. කොහොමද අපේ පැරණි මුතුන්මිත්තන්ගේ වැඩ.... ඒ විතරක් නෙවෙයි, මේ අය විදුලි බලයත් යොදාගෙන තියෙනවා අර සුළං පෙති කරකවන්න. කොහොමහරි ඉහලට එසවුනු යානය ඉදිරියට චලනය කරලා තියෙන්නේ යානය වටේ දිශා හතරට යොමු වෙන විදිහට සවි කරල තිබුණු තවත් සුළං පෙති හතරකින් ලු. ඒ විතරක් නෙවෙයි, මේ විමානයට බොහොම ලොකු වේගයකුත් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කියනවානම් විනාඩි 24 ක් (සිංහල පැයක්) වැනි කාලයකදි සැතපුම් 250 ක් පමණ දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.

පහළින් තියෙන්නේ රුක්ම විමානයේ පාදම හෙවත් පීත කොටසේ රූප සටහනක්.....


දැන් රුක්ම විමානය ගැනත් ඔයාලට යම්
තරමක අවබෝධයක් තියෙනවානේ. එහෙනම් ඊළඟ සෙල්ලිපි සටහනෙන් තවත් විමාන වර්ගයක් ගැන කතා කරමු.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/7.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2

දඬුමොණරය - 3

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණරය - 4

දඬුමොණරය - 5

දඬුමොණරය - 6

දඬුමොණරය - 7

දඬුමොණරය - 8

දඬුමොණරය - 9



දඬුමොණරය - 6

1

අද ඉඳන් අපි කතා කරමු විමානයක සැකැස්ම ගැන. මං විමාන ගැන ලියපු මගේ මුල්ම සෙල්ලිපි සටහනේදී කියලා තිබුණ නේද විමාන වර්ග කීපයක් ගැන... ඒවා ගැන වෙන වෙනම ඊළඟ ලිපි වලින් කතා කරමු. අද ආරම්භයක් විදිහට, ඕනෑම විමානයක තිබිය යුතු මූලික යාන්ත්‍රන ගැන දැන ගනිමු. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ කියන විදිහට විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබිලා තියෙනවා. මේවයින් බොහොමයක නාමයන් මීට කලින් මම ලියපු ලිපි වලත් සඳහන් වෙලා ඇති. ඒත් ලිපි පෙළ සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මම යාන්ත්‍රණ 31 ම දැන් සඳහන් කරන්නම්.

1. විමානයෙන් පරිභාහිරව සිදුවන ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා වන 'විශ්වක්‍රියා දර්පනය'.
2. ශක්ති අවශෝෂණය සඳහා යොදා ගන්නා 'ශක්ත්‍යාකර්ශන දර්පනය'.
3. යානයේ වහලයේ පිහිටා ඇති පරිවේශ යාන්ත්‍රණය.
4. අංගෝපසම්භාර යාන්ත්‍රණය
5. විස්තෘතක්‍රියා යාන්ත්‍රණය
6. විරූප්‍ය දර්පනය
7. යානයේ ඉදිරිපස පිහිටා ඇති පද්මචක්‍රමුඛ යාන්ත්‍රණය.
8. යානයේ ඉදිරි ගෙල ප්‍රදේශයේ පිහිටා ඇති කුන්තිනි-ශක්ති යාන්ත්‍රණය.
9. යානයේ දකුණු පස පිහිටා ඇති පුෂ්පිණී දර්පනය සහ පිංජුල දර්පනය.
10. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති නාලපංචක හෙවත් නාල වර්ග පහ.
11. ගුහාගර්භ දර්පනය.
12. යානයේ වයඹ දෙස ඇති තමෝයන්ත්‍රය.
13. පංච වාතස්කන්ධ නාල.
14. රෞද්‍රී දර්පනය.
15. වාතස්කන්ධ කීලක.
16. යානය ඉදිරිපස සහ දකුණුපස පිහිටා ඇති ශක්තිස්ථාන යාන්ත්‍රණය.
17. යානයේ වම් පස පිහිටා ඇති ශබ්ද-කේන්ද්‍ර-මුඛ යාන්ත්‍රණය.
18. විද්‍යුත්වාදශක යාන්ත්‍රණය.
19. ප්‍රාණකුණ්ඩල යාන්ත්‍රණය.
20. ශක්ත්‍යුද්ගම යාන්ත්‍රණය.
21. යානය අයිනේ පිහිටා ඇති වක්‍රප්‍රසාරණ යාන්ත්‍රණය.
22. යානය මධ්‍යයේ පිහිටා ඇති ශක්තිපංජර යාන්ත්‍රණය.
23. යානයේ හිසෙහි පිහිටා ඇති ශිරහ්කීලඛ යාන්ත්‍රණය.
24. ශබ්දාකර්ෂක යාන්ත්‍රණය.
25. පාට-ප්‍රසාරණ යාන්ත්‍රණය.
26. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති දිශාම්පති යාන්ත්‍රණය.
27. යානයේ වහලය මධ්‍යයේ පිහිටා ඇති පටිකාභ්‍රක යාන්ත්‍රණය.
28. සූර්ය ශක්ති ආකර්ශක යන්ත්‍රය.
29. විෂ වායු නිකුත් කිරීමට යොදාගත් අපස්මාර යාන්ත්‍රණය.
30. ස්තම්භන යාන්ත්‍රණය.
31. ව්‍යශ්වානර නාල.

ඇත්තම කියනවානම් මටත් මේ යාන්ත්‍රණ වලින් බොහොමයකින් කෙරෙන්නේ මොකද්ද කියලා නම් තේරෙන්නේ නැහැ. ඒවා සම්බන්ධව වැඩි විස්තර හොයා ගන්නත් මට බැරි වුනා. ඒ උනත් මේවා මේ විදිහට හරි ලිව්වේ මේ ලිපි පෙළ සම්පූර්ණ කරන්න ඕනෑ නිසයි. සමහරවිට මේ ලිපි පෙළේ ඔයාලා කියවපු නීරසම ලිපිය මේක වෙන්න ඇති. කොහොම හරි ඊළඟ ලිපි නම් මීට වඩා ඔයාලගේ සිත් ඇද ගනියි කියලා මම හිතනවා. මොකද... ඒවායින් අපි කතා කරන්න යන්නේ විවිධ වර්ගයේ විමාන නිර්මානය කරපු හැටි ගැනයි. නිකම්ම නෙවෙයි රූප සටහන් ආදියත් එක්කම.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/6.html


 


දඬුමොණරය - 5

1

මම ඔයාලට කලින් කිව්වේ මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ විමානයක සැකැස්ම ගැන කතා කරන්න කියලානේ. ඒත් මට හිතුනා ඒක ගැන කතා කරන එක ඊළඟ සටහන දක්වා කල් දාන්න. මොකද දන්නවද... විමානාචාර්යවරු ගැන තව කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ විස්තර සටහන් කලේ නැත්නම් මේ ලිපි පෙළ අසම්පූර්ණයි කියලා මට හිතුණා. කොහොමත් විමාන තාක්ෂණය සම්බන්ධ කටයුතු වලදී පුරාණ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ විමානාචාර්යවරයා වෙතටයි. විමානාචාර්යවරයා ආරක්ෂා සහිතව ඉන්න තාක් කල් විමානයත් ආරක්ෂා වන බව ඒ අය හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසා අපේ සෙල්ලිපි සටහන් පෙළේත් වැඩි ඉඩක් විමානාචාර්යවරුන් වෙනුවෙන් වෙන්කරන්න අපිට සිද්ධවෙනවා. ඉතින් දැන් අපි අපේ සුපුරුදු මාතෘකාවට බහිමු.


අපි කලින් සෙල්ලිපි සටහන් වලින් කතා කලානේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රම ශිල්ප පිළිබඳව. ඒවා ඉගෙන ගත්තට විතරක්ම මදි. තවත් දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා අතරින් වැදගත්ම දෙයක් තමයි ඉහළ අහසේ තියෙන ස්වභාවික අනතුරු පිළිබඳව ඉගෙනගැනීම. විමානයක් වෙත එල්ල වුනු ස්වභාවික තර්ජන අතරින් දරුණුතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ අහසේ එක් එක් ප්‍රදේශ වල තිබුණු විවිධ වර්ගයේ සුළි කුණාටු වලින්. අපි දැන් ඒ එක් එක් සුළි කුණාටු වර්ග පිළිබඳව විස්තර හොයලා බලමු. අහසේ තියෙන 'රේඛාපත්ථ' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ ශක්ති සුළි කුණාටු. 'මණ්ඩල' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ වාත සුළි කුණාටු. 'කක්ෂ' නම් ප්‍රදේශයේ හටගන්නේ සූර්ය කිරණ නිසා ඇතිවන සුළි කුණාටු. 'ශක්ති' නම් ප්‍රදේශයේ හටගන්නේ ශීත වායු ධාරා නිසා ඇතිවන සුළි කුණාටු. අවසාන වශයෙන් 'කේන්ද්‍ර' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ විවිධ අංශු ගැටීම නිසා හටගන්නා සුළි කුණාටු. මේ විවිධාකාර වූ සුළි කුණාටු ගැන හොඳ අවබෝධයක් විමානාචාර්යවරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

දැන් අපි විමානාචාර්යවරයෙකුගේ නිල ඇඳුම ගැන කතා කරමු. ඍතු හතර සඳහා එක් එක් ඍතුව සඳහා ගැලපෙන නිල ඇඳුම් 4ක් ඔහුට තිබිලා තියෙනවා. මේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ කපු, සේද, හම්, කෙස්, මයිකා, පෙඳපාසි වැනි දේවලුයි. ඇඳුම මහන්න කලින් මේ ද්‍රව්‍යයන් ක්‍රියාවලි 25ක් යටතේ පිරිසිදු කිරීමකට ලක් කරලා තියෙනවලු. හිතාගන්න පුළුවන් නේද කොච්චර පිරිසිදුව සහ සියුම්ව වැඩේ කරලා තියෙනවද කියලා. ඉහල අහසේදී රියදුරාගේ සිරුර නිරෝගිමත්ව තියාගන්නයි මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ. මේ ඇඳුම් පිළියෙල කිරීම ගැන දීර්ඝ විස්තරයක් 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් මම ඒ ඔක්කොම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් මේ ලිපිය තව ගොඩක් දික් වෙන නිසා සහ ඒ විස්තරයේ තියෙන සමහර සංස්කෘත වචන වල සිංහල තේරුම් මම දන්නේ නැති නිසයි. කොහොමහරි මේ පිළියෙල කරනලද ඇඳුම විමානාචාර්යවරයාට ආරක්ෂිත කවචයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳුම මගින් ඔහුගේ කායික සහ මානසික ශක්තියද වැඩිකර තියෙනවා. සමහරවිට මේ ඇඳුමේ ශක්තිජනක ඖෂධ ගල්වා තිබෙන්නට ඇති.

ගුවන් ගමනකදී විමානාචාර්යවරයෙක් ගතයුතු ආහාර වර්ගද ඍතුව අනුව වෙනස් වෙනවා. වසන්ත සහ ගිම්හාන ඍතු වලදී ඔහුගේ ආහාර වට්ටෝරුව මීහරක් කිරි වලින් සෑදූ දියර වර්ග, බැටළු මස්, පරිප්පු වැනි ධාන්‍ය වර්ග ආදී ආහාර වලින් සමන්විත වෙනවා. වැසි කාලයේදී සහ සරත් ඍතුවේදී එම ආහාර වට්ටෝරුවට ඇතුලත් වන්නේ ගව කිරි වලින් සෑදූ දියර වර්ග, කුකුළු මස් සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයි. ශීත ඍතුවේදී එම ආහාර වට්ටෝරුව එළු කිරි වලින් සෑදූ දියර වර්ග, කුරුළු මස් සහ යව වැනි ධාන්‍ය වර්ග ලෙස වෙනස් වෙනවා. නමුත් විමානාචාර්යවරයා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය හෝ වෛශ්‍ය යන කුල වලට අයත් නම් ඉහත ආහාර වට්ටෝරුවෙන් මස් වර්ග ඉවත් කර තියෙනවා. මේ ආහාර වට්ටෝරුව නිවැරදිව යොදාගැනීමෙන් ඍතු විපර්යාස වලදී මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් 25කින් වැළකිය හැකි බව සඳහන් වෙනවා.

මම මේ විස්තර ලියන්නේ විමානාචාර්යවරුන් මුල් කරගෙන වුවත් ඔවුන්ට අමතරව තවත් මගීන් විමානයේ ගමන් කරන්නේනම් ඒ පුද්ගලයින්ද මේ ආහාර වට්ටෝරුවට පිළිපැදිය යුතුයි. විමානයක ගමන් කරන එක ටිකක් අමාරු වැඩක් කියලා මට හිතුනේ ආහාර ගන්න ඕනෑ වාර ගණන දැක්කහමයි. ගිහි පුද්ගලයෙක් ආහාර ගන්න ඕනෑ දවසකට දෙපාරයි හෝ එකපාරයිලු. තාපසයෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනෑ එක පාරයි. කම්කරුවන් සහ අනෙක් පුද්ගලයන් හතර පාරක් ආහාර ගත යුතු අතර යෝගීන් හැකි සෑම අවස්ථාවකම ආහාර ගත යුතුයි. විමානාචාර්යවරයෙකුට දිනකට පස් වතාවක් ආහාර ගන්න අවසර තියෙනවා. 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා ආහාර ගත යුතු වෙලාවන් ගැනත්.

ගිහි පුද්ගලයෙක් දවසට දෙවරක් ආහාර ගන්නවානම් පළමු වේල දිවා කාලයේ දෙවන යාමය අවසානයේත් දෙවන වේල රාත්‍රියේ පළමු යාමය අවසානයේත් ගත යුතුයි. එක් වරක් ආහාර ගන්නේ නම් ඒ ආහාර වේල තෙවන සහ සිව්වන යාම අතර කාලයේදි ගත යුතුයි (යාමයක් කියන්නේ පැය තුනක්). තාපසයින්ද තම ආහාර වේල එම කාලය තුලදී ගත යුතුයි. ආහාර වේල් 4ක් ගැනීමට අවසර ඇති අය වේල් 3ක් දිවා කාලයේ සහ එක වේලක් රාත්‍රී කාලයේ ගත යුතුයි. විමානාචාර්යවරුන් දිවා කාලයේදී ආහාර වේල් 3ක් සහ රාත්‍රී කාලයේදී වේල් 2ක් ගත යුතුයි. මෙම නියමිත ආහාර ප්‍රමාණයන් ගෙනයාමට විමානයේ ඉඩ පහසුකම් නැත්නම් ඒ ආහාර වල සාරය වෙන්කරගෙන පෙති හෝ ආහාර ගුලි ලෙස පිළියෙල කර රැගෙන යා යුතු බවද සඳහන් වෙනවා.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_19.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2

දඬුමොණරය - 3

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණරය - 4

දඬුමොණරය - 5

දඬුමොණරය - 6

දඬුමොණරය - 7

දඬුමොණරය - 8

දඬුමොණරය - 9

දඬුමොණරය - 4

0

අපි මේ දවස් වල සාකච්ඡා කරන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප පිළිබඳව නේ. මේ වෙනකොට අපි ඒවායින් ක්‍රම 22ක්ම දැනගෙන ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ 10යි. අද ඒ 10 ගැනත් දැන ගනිමු.


23. චාපල - මෙයත් ආරක්ෂිත උපක්‍රමයක්. සතුරු විමානයක් දුටු විටදී, අවට වාතය වේගයෙන් කලඹවා එම විමානය කම්පනය කරවීම මේ නමින් හැඳින්වෙනවා. මෙහිදී කැලඹුණු වායු තරංග වල වේගය පැයට වට 4087ක් පමණ වුණාලු.

24. සර්වතෝමුඛ - සතුරු විමානයන් රැසක් එකවර පැමිණෙන විටදී තම විමානය වේගයෙන් භ්‍රමණය කරමින් සෑම දිශාවකටම එකවර මුහුණලෑමේ ක්‍රමය මෙසේ හැඳින්වේ. මෙය සිදු කිරීමට විමානය මුදුනේ තිබූ යතුරක් භාවිතා කළ බව සඳහන් වෙනවා.

25. පාරශබ්ද ග්‍රාහක - විමානය තුල තිබිලා තියෙනවා වෙනත් විමාන වල සිදුවන කතාබහට සවන් දියහැකි උපකරණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ පැරණි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව අනුව. අතීතයේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හඳුන්වා තියෙන්නේ 'සෞදාමිණී කලා' යන නමින්. මේ යන්ත්‍රය ක්‍රියා කරවීමටත් ආචාර්යවරයෙකු ඉගෙනගත යුතුයි.

26. රූපාකර්ෂන - මේකත් අධිතාක්ෂණික උපකරණයක්. වෙනත් යානා තුල සිදුවන දේවල් රූපවාහිනී තිරයක් මතට ගෙන දර්ශනය කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබිලා තියෙනවා. අතීතයේදි මෙහෙම නිර්මාණ කොහොම කලාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි.

27. ක්‍රියාග්‍රහණ - විමානය ගුවනේ තිබෙන විටදී පොළොවේ සිදුවෙන දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය මෙසේ හැඳින්වෙනවා. මෙය කර තිබෙන්නේ මෙහෙමයි. මුලින්ම යානය පතුලේ පිහිටි යතුරක් භාවිතා කර සුදු පැහැති තිරයක් දර්ශනය වීමට සලස්වනවා. ඉන්පසුව යානයේ ඊශාන කොටසේදී විශේෂ අම්ල වර්ග තුනක් විද්‍යුත් ආරෝපණයකට ලක්කර හිරු එලිය සමග මිශ්‍ර කර 'ත්‍රී ශීර්ෂ' නම් දර්පනයට සම්බන්ධ නාලයක් හරහා යවා ඉහත කී තිරය දර්පනයක් බවට පත් කරනවා. එවිට එම දර්පනය මත පොළොවේ සිදුවන දේවල් දර්ශනය වුණාලු.

28. දික්ප්‍රදර්ශන - විමානය ඉදිරියේ පිහිටි යතුරක් මගින් 'දිශාම්පති යන්ත්‍ර' නම් යන්ත්‍රය ක්‍රියාත්මක කර සතුරු යානා පැමිණෙන දිශාව කල්තියා දැනගැනීමේ ක්‍රමය මෙසේ හැඳින්වේ.

29. ආකාශාකාර - මේක තවත් වෙස් වලාගැනීමේ ක්‍රමයක්. කළු පැහැති මයිකා ද්‍රාවණයක් තවත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර යානයේ පිටත බඳේ ආලේප කර හිරුඑලිය ඒ හරහා පරාවර්තනය කිරීමෙන් යානය සහ ආකාශය වෙන් කර හඳුනාගැනීමට අපහසු තත්වයට පත් කිරීම මෙහිදී සිදු වේ.

30. ජලදරූප - මේකත් කලින් ක්‍රමය වගේම ක්‍රමයක්. මෙහිදී කරන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් විමානයේ ආලේප කර එය වලාකුලක් සේ දිස්වන්නට සැලැස්වීමයි. මෙම රසායනික ද්‍රව්‍ය වලට දෙළුම් යුෂ, අබ කුඩු, මාළු කොරපොතු වලින් සෑදූ කසායක්, තඹ ලවණ, සිප්පි කටු වැනි දේත් යොදාගෙන තියෙනවා.

31. ස්ථබ්ධක - මෙහිදී 'අපස්මාර ධූම' නම් විෂ දුමක් ප්‍රතිවාදී විමාන වෙතට යොමු කර එහි ගමන් කරන්නන්ව සිහිනැති කිරීම සිදු කරනවා. යානයේ උතුරු දෙසින් පිහිටි නාලයක් හරහා මේ දුම යවන අතර එය සතුරු යානය දෙසට ප්‍රක්ෂේපනය කරන්නේ 'ස්ථම්භන යන්ත්‍ර' නම් යන්ත්‍රයක් මගින්.

32. කර්ෂන - මේක තමයි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු අන්තිම ක්‍රමවේදය. තම විමානය දෙසට සතුරු විමානයකින් ප්‍රහාරයක් එල්ල වන විටදී එම යානය වෙත අධික උෂ්ණත්වයකින් යුතු තාප ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කර දැමීම මෙසේ හැඳින්වෙනවා.

දැන් අපි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු ක්‍රමවේද 32 ම දැනගෙන ඉවරයි. මීට අමතරව අහසේ පිහිටි ප්‍රදේශ 5 ක් පිළිබඳවද විමානාචාර්යවරයෙක් දැනසිටිය යුතුයි. ඒ ප්‍රදේශ 5 මෙසේ හැඳින්වෙනවා.

1. රේඛාපත්ථ
2. මණ්ඩල
3. කක්ෂ
4. ශක්ති
5. කේන්ද්‍ර

'වාල්මිකී ගණිතය' නම් පොතෙහි සඳහන් වෙන විදිහට රේඛාපත්ථ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්, මණ්ඩල ප්‍රදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 20,900,300ක්, ශක්ති ප්‍රදේශය තුල ගුවන් මාර්ග 1,001,300ක් සහ කේන්ද්‍ර ප්‍රදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතිනවා.
'වෛමාණික ශාස්ත්‍ර' පොතේ තියෙන විදිහට මේ ගුවන් ප්‍රදේශ පහ තුල වෙනත් ලෝක හතකට යා හැකි ගුවන් මාර්ගත් 519,800 ක් තිබිලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් ගොඩක් නේද... ඒ ලෝක හත මෙසේ හැඳින්වෙනවා.

1. භූලෝක
2. භූවර්ලෝක
3. සූවර්ලෝක
4. මහෝලෝක
5. ජනෝලෝක
6. තපෝලෝක
7. සත්‍යලෝක

මම නම් මීට කලින් මෙහෙම ලෝක ගැන අහලා නැහැ. සමහරවිට වෙනත් ජීවීන් වාසය කරන මේ වෙනකොට අපි නොදන්නා ග්‍රහලෝක වෙන්න ඇති. ඒ කියන්නේ අතීතයේදී පෘථිවිවාසීන් වෙනත් ලෝක වල සිටින ජීවීන් සමගත් ගනුදෙනු කර ඇති බවට සාධකයක් විදිහට මෙය සලකන්න පුළුවන්.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_18.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9


 


දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

0

දඬුමොණරය - 3

0

ඉතින් මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප
32 ගැන නේ. දැනට අපි ක්‍රමශිල්ප 10ක් ගැන දැනගෙන ඉවරයි. අද අපි තවත් ක්‍රමශිල්ප කීපයක් ගැන දැනගනිමු.


11. විස්තෘත - මේ කියන්නේ විමානයේ ප්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව 'ආකාශතන්ත්‍ර' ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක්‍රියාත්මක කිරීමෙන් යානය ප්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.

12. විරූප කරණ - 'ධූම ප්‍රකරණය' නම් ක්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර 'පද්මක චක්‍ර' නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ 'විරූප්‍ය දර්පන' යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ 'බහිරවී තෛලය' නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක්‍රමය තමයි 'විරූප කරණ' කියලා හඳුන්වන්නේ.
පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.

13. රූපාන්තර - මේකත් 'විරූප කරණ' වගේම ක්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංඟාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද්‍රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ්‍ර කිරීමෙනුයි.

14. සුරූප - විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක් 'පුෂ්පිණී පිංජුල දර්පන' නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින hologram නම් තාක්ෂණයට සමාන ක්‍රමයක් කියලයි.

15. ජ්‍යෝතීර්භාව - අංශුබෝධිනී නම් ක්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති 'මයූඛ' නම් ප්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7 වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(tubes) 5 ක් හරහා 'ගුහා ගර්භ දර්පන' නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලු. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි 'ජ්‍යෝතීර්භාව' නමින් හැඳින්වෙන්නේ.

16. තමෝමය - දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ 'තමෝ යන්ත්‍ර' නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.

17. ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.

18. විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක් ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.

19. තාර - මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක්‍රමයක්. තාරකා පිරුණු රාත්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලුම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.

20. මහාශබ්ද විමෝහන - වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල 7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලු.

21. ලංඝන - වායු තත්ව ප්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලු. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.

22. ශාර්ප ගමන - විමානය සර්පයෙකු ලෙස සිග්-සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි. මීට අමතරව 'දණ්ඩවක්ත්‍ර' නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා.

අපි මේ වන විට විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ශිල්පක්‍රම 32 න් 22 ක් පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. ඉතුරු ක්‍රම 10 ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ශිල්පක්‍රම 32 පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ එක් එක් වර්ගයේ විමාන ගැන හා ඒවායේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කරන්න පටන් ගනිමු.

උපුටා ගැනීම
- http://sellipiya.blogspot.com/2009/09/blog-post_16.html


දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9
 

 


දඬුමොණරය - 2

2

මේ පාර මම ලියන්න අදහස් කරන්නේ රථාචාර්යවරයෙක් ඉගෙනගත යුතුව තිබුණු තාක්ෂණික ක්‍රම 32 ගැනයි. මේ ක්‍රම අතරට විමානයක් නිර්මාණය කරන අයුරු, විමානයක් අදෘශ්‍යමාන කරන අයුරු, ප්‍රතිවාදි විමානයන් විනාශ කරන අයුරු ආදී වශයෙන් රහස්‍ය ක්‍රමවේද රැසක් අඩංගු වෙනවා. දැන් ඉතින් අපි මේ ක්‍රමවේද 32 එකින් එක අරගෙන බලමු.


1. මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.

2. තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා. ඒත් තාන්ත්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.

3. ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.

4. අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.

5. ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.

6. දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.

7. අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.

8. පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.

9. අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.

10. සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.

තවත් තාක්ෂණික ක්‍රම 22 ක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ ක්‍රම ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. මේ පෝස්ට් එක ගැන ඔයාලගේ අදහස් දක්වන්න. ඒ අදහස් ගොඩක් වටිනවා.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_66.html



දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9