Showing posts with label දේව. Show all posts
Showing posts with label දේව. Show all posts
Friday, November 29, 2013
බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු
0බුදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර මහියංගන දාගැබ සෑදූ සමන් දෙවිඳු
විජය කුමරු ඇතුළු මුල්ම ආර්යයන් ලංකාවට ගොඩ බසින විට උපුල්වන් දෙවිඳුට බුදු සසුන ආරක්ෂා කිරීම පැවැරුණු බව වංසකතා කියයි. මහා වංසයේ 7 පරිච්ඡේදය අනුව සක් දෙවිඳු උපුල්වන් දෙවිට ඒ වගකීම පවරන ලදුව උපුල්වන් දෙවි පරිභ්‍රාජක වෙස්ගෙන විජය ඇතුළු පිරිසගේ අතේ පිරිත් නූල් බැඳි බව සඳහන් කරයි.
උපුල්වන් දෙවි මෙන්ම සමන් දෙවියන්ද මුල සිටම ලංකාවේ ආරක්ෂාව බාරව සිටි දෙවි කෙනෙකි. බුදු හිමි බුදු බවට පත්වූ නවවැනි මාසයේ මහියංගණයේ යක්ෂ දමනයට වැඩම කළ අයුරු මහා වංසයේ පළමු පරිච්ඡේදයේ විස්තර වෙයි. මෙහිදී බුදු හිමිගෙන් බණ අසා සමන්තකූට වාසී මහ සමන් දෙවි සෝවාන් විය. සෝවාන් බවට පත් එතුමා බුදු හිමිගෙන් පූජා කිරීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලන ලදුව බුදු හිමි හිස පිරිමැද කේශධාතු මිටක් දුන් බව සමන්ත පාසාදිකා-දීපවංසය-මහා වංසය කියයි. බුදු හිමි දුන් කේශ ධාතු තැන්පත් කොට සමන් දෙවි මහියංගණයේ මුල්ම දාගැබ රියන් හතක් උසට බැන්දවූ බව මහාවංසය පළමු පරිච්ඡේදයේ 33-37 ගාථාවල සඳහන් වෙයි.
මේ අනුව බුදු හිමිගෙන් බණ අසා සෝවාන් බවට පත් සමන් දෙවි මහියංගණ දාගැබේ මුල්ම කොටස බුද්ධ කේශධාතු තැන්පත් කොට ඉදි කළ බව පෙනෙයි. බුදු සසුන ආරක්ෂා කරන බුදු බණ අසා සෝවාන් වූ සමන් දෙවි පිළිබඳ මුල්ම තොරතුරු කිහිපයක් දැන් කෙටියෙන් බලමු.
මහාචාර්ය පරණවිතාන ආසියාතික මහායාන සමිතියේ ලංකා ශාඛාවේ 29 සඟරා කලාපයට "ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික විශ්වාස" නමින් දීර්ඝ ඉංග්‍රීසි නිබන්ධනයේදී කියන පරිදි ආටානාටිය සූත්‍රයේ සඳහන් අටවිසි මහ යක්ෂ සෙනෙවියන්ගෙන් අයකු වූ සුමන යනු මේ සමන් දෙවි විය හැකි බව අදහස් කරයි. ඒ එසේ නම් ඔහු බුදුහිමි කාලයේම ලංකාවේ ජීවත් වූ යක්ෂ අධිපතියෙකි.
ආර්යයන් ලංකාවට ඒමට පෙර මහියංගණ අඩවිය යක්ෂ හෙවත් වැදි ජන කොට්ඨාස බහුල ප්‍රදේශයක් විය.
ගෛගර්ට අනුව මහා වංසයේ "පුලින්ද" යනුවෙන් හඳුන්වන්නේ වැද්දන්ය. ලංකාවේ වැදි ජනයා අවුරුදු 50,000 වඩා පැරැණි දීර්ඝ ඉතිහාසයක් ඇති බලංගොඩ මානවයාගෙන් පැවැත එයි. ඉන්දියාව හා ලංකාව එකම බිමක් ලෙස තිබුණු අඩවියේ මේ වැද්දන් ඉන්දියාවේ සිට පයින් ලංකාවට පැමිණ ඇත.
දකුණු ඉන්දියාව හා ලංකාව අවසාන වරට මුහුදින් වෙන්වූයේ දැනට අවුරුදු 7,000කට පමණ පෙරය. විජය කාලය වන විට බලංගොඩ මානවයාගෙන් පැවැත එන යක්ෂයන් හෙවත් වැද්දෝ ලංකාවේ කඳුකරය ඇතුළු බොහෝ ප්‍රදේශවල විසිරී ජීවත් වූහ. ජාතක පොතේ වලාහස්ස ජාතකය ලංකාවේ රාක්ෂයන් මෙල්ල කොට බලය ලබාගත් සීහළ නමැති වෙළෙන්දකු ගැන කියයි. විජයට බලයට ඒමට උදව් කළ කුවේණී ගැන මහාවංසය මහා මහා වංසටීකා කියයි. කු+වණ්ණා යනු අයහපත් හෙවත් කළුපාට වර්ණය ඇති කාන්තාව යන අර්ථය දෙයි. ඒ අනුව කුවේණිය යක්ෂ නායිකාවකි. එමෙන්ම විජය පැමිණෙන විට කුවේණී ප්‍රධානව මාතෘ මූලික පාලනයක් තම්බපණ්ණි අවට විය. ජනප්‍රවාද අනුව කුවේණිගේ පියා බම්බා රජුය. ගලේවෙලට නුදුරු බම්බාව ඔහු විසූ අඩවිය ලෙස සැලකෙයි. මහියංගණයේ මේ අනුව සමන් ප්‍රධාන යක්ෂ බලය පැවතුණා විය යුතුය.
පසු කාලය වනවිටත් මහියංගණ අඩවිය වැදි හෙවත් යක්ෂ නායකයන් බහුලව විසූ අඩවියක් විය. ගෝඨයිම්බර හා සටන් වැදුණු රිටිගල ජයසේන එවැනි යක්ෂ නායකයෙකි. දුටුගැමුණු රජු කල සොර බොර වැව කළ බුලතා යෝධයා උඩුදුම්බර කිරිපට්ටිය ගම අවට විසූ තවත් යක්ෂ ගෝත්‍රික නායකයකු බව පෙනෙයි.
යක්ෂ ගෝත්‍රික සමන් දෙවි බුදු හිමිගෙන් බණ අසා බෞද්ධ වී සෝවාන් වූ බව පෙනී යයි. මහියංගණයේ මුල්බිම මෙන්ම සමනල කන්ද සමන් දෙවිගේ වාසස්ථානය වූ බව මහාවංසය 1:32:33 ගාථාව කියයි. සමනල කන්දට ඒ නම ලැබුණේද සමන් දෙවිඳු නිසාය.
බුදු හිමි තුන්වැනි වර ලංකාවට වැඩියේද සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් බව වංස කතා කියයි. සොළොස්මස්ථානවලට වැඩ ඒවා පූජනීය බවට පත්කර බුදු හිමි සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් සමනල කන්ද මත ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ බව මහා වංසය පළමු පරිච්ඡේදයේ 77 ගාථාව කියයි. මෙවර බුදු හිමි සමඟ පන්සියයක් රහත් හිමිවරු ලංකාවට වැඩම කළහ. ශ්‍රී පාදය පිහිටුවීමෙන් පසු දිවාගුහාවේ බුදු හිමි දිවා විහරණය කළ බව "පාලි සමන්තකූට වණ්ණනා" කියයි.
මහියංගණ අඩවියේ අදත් සබරගමුව මෙන්ම සමන් දෙවිඳුගේ බලය අණසක පැතිරී ඇත. සමන් දෙවිඳුගේ වැඩිමල් සහෝදරිය වූ "මහ ලොකු" අදත් යක්ෂ ස්වරූපයෙන්ම මහියංගණය අවට දේවාල කීපයක පුද ලබන්නීය. සමන් දෙවි 'මහලොකු' මෙන්ම මේ අඩවියේ යක්ෂ නායකයකු ලෙස මුලින් පෙනී සිටි බව මින් පැහැදිලි වෙයි. මහියංගණ වැද්දෝ රිටි රැගෙන අහසට දිගු කරමින් පෙරහර අන්තිම දින හඬ නඟමින් පෙරහරේ ගමන් කරති.
බුදු හිමි දෙවැනි වර ලංකාවට වඩින විට ජේතවනාරාමයේ කිරිපලු රුකකට අධිගෘහිතව විසූ 'සමිද්ධි සුමන' නම් දෙවි කෙනකු කිරිපලු රුක රැගෙන බුදු හිමි සමඟ ලංකාවට වැඩි බව මහාවංස පළමු පරිච්ඡේදයේ කියයි. මහා වංසයේ පළමු පරිච්ඡේදයේ 52-58 ගාථා අනුව මෙම 'සමිද්ධි සුමන' හිමි එයට පෙරභවයේ නාගදීපයේ මනුෂ්‍යයකු ලෙස ඉපිද පසේ බුදු හිමි නමකට උපස්ථාන කළ පිනෙන් දඹදිව ජේතවනාරාමයේ කිරිපලු රුකක අධිගෘහිත දෙවියකු ලෙස ඉපදුණු බව මහාවංසය කියයි. මේ කියන සමිද්ධි සුමන හිමි හා සමන් දෙවි දෙදෙනකු විය යුතුය. කිරිපලු නුග රැගෙන ලංකාවට වැඩි සමිද්ධි සුමන දෙවි ආපසු දඹදිව වැඩියාදැයි වංසකතා පැහැදිලිව නොකියයි.
අදත් මහියංගණ හා ඒ අවට පුද ලබන 'මහලොකු' යක්ෂ නායිකාවට කැප වූ දේවාලය මුලින්ම පිහිටා තිබුණේ සොරබොර වෑකන්දේ බව රූපවාහිනී වැඩසටහනකදී කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් පෙන්වා දෙයි. පසුව මේ දේවාලය සොරබොර වෑ කන්දේ සිට දෙහි ගොල්ලට ගෙන ගොස් ඇත.
ශ්‍රී පාද අඩවියේ සමන්දෙවි සුදු ඇත් වාහනයෙන් සැරිසරයි. ශ්‍රී පාදය යන එන අය ආරක්ෂා කරයි. පොළොන්නරු කාලයට අයත් පළමු විජයබාහු රජුගේ (1055-1111) අඹගමුව ශිලා ලිපිය අනුව මේ භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම යන සිවු බුදුවරුන්ගේම සිරිපා සටහන් සමනල කඳු මත පිහිටා ඇත. දිවා ගුහාවේ දිවා විහරණයෙන් පසු බුදු හිමි දීඝවාපියට වැඩි බව මහා වංසය පළමු පරිච්ඡේදයේ 78 ගාථාව කියයි.
උඳුවප් පසළොස්වක සිට වෙසක් පසළොස්වක දක්වා ශ්‍රී පාද වාරය හය මාසයක් පවතී. ඒ හය මාසයේ ශ්‍රී පාද පද්මය මත සමන් දේවාලයේ ඉතා බලගතු රත් හඳුන් ලීයෙන් කර වූ සමන් දෙවි රුව පුද පූජා සහිතව වැඩ සිටී. අවාරය එළඹෙන විට සමන් දෙවිරුව උත්සවාකාරයෙන් රත්නපුරයේ පැල්මඬුල්ලේ ගල්පොත්තාවල රජමහා විහාරයට වැඩමවනු ලබයි. සමන් දෙවිඳුගේ නිත්‍ය වාසස්ථානය සබරගමුවය. ඒ නිසා එතුමා සබරගමුවේ ආරක්ෂිත දෙවිඳු වෙයි. රත්නපුර වන්දනාවේ යන අය වඳින පුදන ප්‍රධාන ස්ථානයක් නම් මෙම ගල්පොත්තාවල රජ මහා විහාරයයි. එහි වීදුරු පෙට්ටියක හාස්කම් ඇති ලියලන ගල් දලුවක් ඇත.
ප්‍රධාන සමන් දේවාලය රත්නපුර මහ සමන් දේවාලයයි. වරක් එය පෘතුගීසීන් කොල්ල කෑ බව එම දේවාලයේ ඇති යුද නායකයන් දෙදෙනකු සටන් වදින ගල් කැටයම හා එයට යටින් ඇති පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු කෙටි ශිලා ලිපියෙන් පෙනී යයි. මේ කැටයම රත්නපුර මහ සමන් දේවාලයට සම්බන්ධ දැයි සැක උපදියි. රත්නපුර මහ සමන් දේවාලයේ පරිවාර දේවාල හතරකි. සතුරු ආපදාවකදී සමන් දෙවිරුව හා පූජනීය පූජා වස්තු මේ පරිවාර දේවාලවලට වැඩමවීම චාරිත්‍රය විය. බොල්තුඹේ-දැරණියගල ඉන් පරිවාර සමන් දේවාල දෙකකි. ජනප්‍රවාද අනුව රාවණ කාලයට අනුව බලගතු රහස් වස්තුවක් බොල්තුඹේ සමන් දේවාලයේ තබා ඇත.
රත්නපුර මහා සමන් දේවාලයේ හා ගල්පොත්තාවල රජමහා විහාරයේ ඇති පැරැණි වටිනා සමන් දේව රූප දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු (1236-1270) රජුගේ අගමැති දේව ප්‍රතිරාජ ඉදිකළ බව පෙනෙයි. ශී්‍ර පාද පද්මයට වැඩමවන රත් හඳුන් සමන්දේව රූපය දේව ප්‍රතිරාජ ඇමැති කරවූවකි.
මහායාන බුදු සමයේ සමන්ත භද්‍ර නමින් එන දෙවිගේ හැඩරුවද සමන් දෙවිඳුගේ හැඩරුවට කිට්ටුය. එහෙත් සමන්ත භද්‍ර මහායාන බෝධි සත්ත්වවරයෙකි.
මහාචාර්ය පරණවිතාන 'ද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක්' නමින් ලියා ඇති ඉංගී්‍රසි ග්‍රන්ථය අනුව සමන් දෙවි යනු පාතාල ලෝකයට කරුණා රසයට අධිපති යම රජුය. ධර්මරාජ යනු යම දෙවිඳුට නමකි. ශ්‍රී පාදය නඟිනවිට ධර්මරාජ ගල නමින් ගල්පොත්තක් ඇත. එමෙන්ම වන්දනාකරුවෝ "කරුණාවයි කරුණාවයි" යනුවෙන් හඬ නඟා සාදුකාර දෙති. එය ද සමන් දෙවිඳුන් බවට සාධකයක් ලෙස මහාචාර්ය පරණවිතාන හඳුන්වයි. එමෙන්ම අනුරාධපුර මුල් යුගයේ රජ කළ වළගම්බා රජු (ක්‍රි.ව.88-96) ශිලා ලිපිවල 'පිතිමහරජ' නමින් හඳුන්වා ඇත. 'පිතිමහරජ' යනු යම දෙවියාය. මේ අනුව වළගම්බා යම දෙවි මෙන් පෙනී සිට ඇත.
දඹදෙණි කල ලියැවුණු 'පූජාවලි' ග්‍රන්ථය අනුව දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (1236-1270) අගමැති දේව ප්‍රතිරාජ ගම්පළ නුවරට ගොස් සමන් දේව රූපයක් කරවා රන්රුවන් පලඳනාවක් එම රූපයට කළ බව පූජාවලිය කියයි. මේ දඹදෙණි කල දේව ප්‍රතිරාජ මෙම සමන්දේව ප්‍රතිමාව කරවා ඇත්තේ මහනුවර අඩවියේ ගම්පළ බව පූජාවලිය පැහැදිලිව කියයි.
ගම්පළ යුගයේ හතරවැනි බුවනෙකබාහු රජු (1341-1351) කල සේනාධිලංකාර ඇමැති කරවූ ලංකාතිලක විහාරයේ බටහිර කුඩා සමන් දේවාලයක් දැකිය හැකිය. ලංකා තිලකය කළේ ස්ථපතිරායර් නම් දකුණු ඉන්දීය ශිල්පියා බව ගඩලාදෙණි ශිලා ලිපියේ කියැවෙයි. මෙම විහාරයේ ඇත්තේ විජයනගර් ගොඩනැගිලි සම්ප්‍රදායයි. ගම්පළ හා ඒ අවට තවත් කුඩා සමන් දේවාල දෙක තුනක් ඇත. ලංකාතිලක විහාරයේ පෙරහරට පසු දිය කපනුයේ මහවැලි ගඟේ බෝතලාපිටිය තොටුපළේදීය.
සීතාවක කල අලගියවන්න මුකවැටි ලියූ සැවුල් සන්දේශය සීතාවක රාජසිංහ රජුට ((1581-1592) සුබ පතා සබරගමුවේ සමන් දෙවි වෙත යැවූ සන්දේශයකි. සැවුල් සන්දේශයේ 187-200 කවිවලින් සමන් දෙවි වර්ණනා කරයි. 205 කවියෙන් සමන් දෙවිඳුගේ බිසව බිසෝදෙවි නමින් වර්ණනා කරයි. සැවුල් සන්දේශය කුමාර දෙවි නමින් සමන් දෙවිඳුගේ පුතාද වර්ණනා කරයි. සැවුල් සන්දේශය සමන්දෙවි සමඟ පුද ලබන පරිවාර දෙවිඳකු වූ සපු කුමරු ගැනද සඳහන් කරයි.
මහනුවර මුල් යුගයේ ඉදි වූ සමන් දේවාලයක් මහනුවර සිට මාතලේ යන පාරේ අලවතුගොඩ ඇත. එය නින්දගම් සහිත පැරැණි සමන් දේවාලයකි. මහනුවර කිට්ටුව ඇති එකම සමන් දේවාලය අලවතුගොඩයි. එහි වාර්ෂික ඇසළ උත්සවයක් පැවැත්වෙයි. අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ 2010 මහනුවර ඇසළ පෙරහරේ නාථ දේවාල පෙරහරේ ගමන් කළේය. 2011 ඔහු මහනුවර ඇසළ පෙරහරේ ගියේ මහනුවර කතරගම දේවාල පෙරහර සමඟයි. හේතුව මහනුවර ඇසළ පෙරහරේ සමන් දෙවි නියෝජනයක් නැති බැවිනි.
මහනුවර නගර සීමාවේ සමන් දේවාලයක් දක්නට නැත. මහනුවර අද දක්නට ඇති ප්‍රධාන දේවාල පහම කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ (1707-1739) හා ඉන්පසු නායක්කාර් යුගයේ ඉදිවූ ඒවාය. සමන්දෙවි බෞද්ධ ශාසනාරක්ෂක දෙවියකු වූ බැවින් හින්දු වත් පිළිවෙත් උතුම්කොට සැලැකූ නායක්කාර් යුගයේදී මහනුවර සීමාව තුළ සමන් දේවාලයක් ඉදිවූයේ නැත. කිට්ටුව සමන් දේවාල පිහිටා ඇත්තේ ගම්පොළ ලංකාතිලක විහාරය හා අලවතුගොඩයි. එහෙත් මහනුවර නගර සීමාවේ සමන් දෙවි පුද ලබන දේවාල දක්නට නැත.
ගල්පොත්තාවල සිට ගිනිගත්හේන හරහා නල්ලතන්නියට උඳුවප් පුර පසළොස්වකට සමන් දෙවිරුව වැඩමවන බැවින් අඹගමුව කෝරලේ හා ඒ අවට විහාර ආශ්‍රිතව සමන් දේවාල දැකිය හැකිය. එය මෑත කල දක්නට ඇති ලක්ෂණයකි.
එස්.කේ. ජයවර්ධන
උපුටා ගැනීම - http://mawbima.lk/55-11008-news-detail.html
Wednesday, January 4, 2012
උමා ඡ්‍යොතිෂය
0උමා ඡ්‍යොතිෂය
උමා ඡ්‍යෝතිෂවේදී හෙක්ටර් පද්මසිරි

පුලස්ති නම් වූ ඍෂිවරයා විසින් සංග්‍රහ කරන ලද අතර්වන්වේදයේ ඇති මේ ශාස්ත්‍රය රාම රාවණ යුද සමයේ විනාශ වී යා නොදී නිදන් කර පසුකාලීනව ධ් විජයබාහු රජුගේ කාලයේ යළි සොයාගෙන ඇති බව විශ්වාසයයි. ඉන්පසු දිගින් දිගටම අතිනත පැමිණි උමා ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් හෙළදිව ප්‍රකට කරන ලද බව සඳහන් වේ.
මෙමඟින් අපට සුපුරුදු කොටු දොළසේ කේන්ද්‍ර සටහන වෙනුවට අට දිශාවට අයත් කොටු අටක් ඇසුරු කරගනිමින් ඒවායේ ග්‍රහ පිහිටීම් හා එහි ශක්තීන් අනුව අනාවැකි ඵල කිරීමට උමා ඡ්‍යෝතිෂවේදීන්ට හැකියාව ලැබී ඇත.
මේ ක්‍රමයේදී යම් වසරක ජනවාරි 01 දා වසරේ මුල් දිනය ලෙස සැලකීම නිවැරදි යැයි ගත නොහැකි වුවත් එදින හිරු උදාවන මොහොතේ ශ්‍රී ලංකාද්වීපයට ඉහළින් උදාවන ග්‍රහ පිහිටීම් හා එම ග්‍රහ බලය අට දිශාවට බලපාන ආකාරය පදනම් කරගෙන ඉදිරි කාල පරිච්ඡේදය පිළිබඳ යම් අදහසක් ගොනු කර ගැනීමට හැකියාව තිබේ.
අද (ජනවාරි 1 වැනිදා) හිරු උදාවන විට සාමාන්‍ය ඡ්‍යෝතිෂය අනුව ඉහළ අහසේ උදාවන්නේ ධනු රාශියයි. එහෙත් උමා ඡ්‍යෝතිෂයට අයත් සුවිශේෂි නියමයන් සලකන කල එසේ උදා වන්නේ මිථුන රාශියයි. එබැවින් මිථුන ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙන්ම උමා කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම් මෙසේ දැක්විය හැකිය.
සාමාන්‍ය ඡ්‍යෝතිෂයේදී පුද්ගලයකු උපන් වේලාව අනුව අයත් වන රාශිය සොයන්නා සේම, උමා ඡ්‍යෝතිෂයට අනුව පුද්ගලයා අයත් යෝනිය හෙවත් ශක්තිය ජනිතවන දිශාව සොයා ගත හැකිය. ඒ සඳහා ක්‍රම කිහිපයක් ඇතත් සරල හා පහසුම ක්‍රමය වන්නේ උපන් දිනය ඇසුරෙන් එය සකසා ගැනීමයි. එසේම පුද්ගලයකුගේ සම්පූර්ණ නම අනුව ද තමන් අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය ගණනය කළ හැකිය.
නමේ මුලකුර අනුව කෙරෙන ගණනය සැලකූ කල ශ්‍රී ලංකාව එසේ නැතහොත් සිංහල ප්‍රමුඛ ජාතිය ලෙස ගැනෙන රට සඳහා යෙදෙන මුලකුර “ස” ආශි‍්‍රතව එයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලග්නය සාමාන්‍ය ඡ්‍යොතිෂයේදී කුම්භ ලග්නය ලෙස සලකන්නා සේ උමා ඡ්‍යෝතිෂයට අනුව මුව යෝනියට අයත් ලෙස ගත හැකිය.
රවි කේÁද්‍රගත කොටගෙන දක්වා ඇති අට දිශාව යෙදූ උමා කේÁද්‍ර සටහනේ පරිදි ජනවාරි පළමුවැනිදා උදාවන විට නැගෙනහිර දිශාවට රාහු සහ බුධ ද දකුණු දිශාවේ ගුරු ද නිරිත දිශාවේ ශනි සහ සිකුරු ද බටහිර දිශාවේ කේතු ද උතුරු දිශාවේ කුජ රවි සහ චන්ද්‍රයා ද අදාළ අංශක අනුව පිහිටයි.
එමෙන්ම මිථුන ලග්න හිමි කේÁද්‍ර සටහනේ තුන්වැන්නේ කුජ, පස්වැන්නේ ශනි, හය වැන්නේ රාහු සහ බුධ, හත් වැන්නේ රවි, අටවැන්නේ සිකුරු දසවැන්නේ චන්ද්‍ර එකොළොස් වැන්නේ ගුරු සහ දොළොස්වැන්නේ කේතු පිහිටා ඇත.

මේ කුමන ක්‍රමයකින් ගෙන බැලුව ද මේ මස අග භාගය වන විට දිවයින පුරා වැඩවර්ජන, නොසැලකිලිමත්කම නිසා ඇතිවන ව්‍යාකූලතා ආදියට හේතු වේ. සය වැන්න වන වෘශ්චික රාශියේ බුධ ග්‍රහයා රාහු සමඟ සංයෝග වීම ප්‍රඥාව මොට කිරීමේ ලකුණු පෙන්නුම් කරයි. අනුවණ තීරණ ගැනීමෙන් කටයුතු පටලවා ගැනීමට ඉඩ කඩ පවතී. එහෙත් සෙනසුරු උච්ච බලයෙන් සිටීම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට මං පෙත් විවර වේ.
උමා ඡ්‍යෝතිෂ සටහන අනුව ලංකාවට හිමි නැකැතේ අධිපති රාහු තම විරුද්ධකාරක සූර්යයාට හිමි නැඟෙනහිර දිශාවේ පිහිටන බැවින් සමස්තයක් ලෙස වසරේ ඉදිරි ගමන බාධක කම්කටොලු මැදින්ගලා යාමට හේතු මතුවේ.
කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන අඟහරු විරුද්ධ කාරකව සිටින බැවින් කම්කරු ගැටලු ආදිය ඇති වීමට ද කරුණු යෙදිය හැකිය. ධාර්මික බවත් තාර්කිත බවත් නියෝජනය කරන බුධ, රාහු සමග සංයෝග වීම ජනතාව නිවැරදි දැක්මකින් තොරව කටයුතු කිරීමටත් තාර්කික බවින් තොරව හැසිරීමටත් පොළඹවයි. එනිසා නිවැරදි තීරණ තීන්දු ගැනීමට යුහුසුලු විය යුතුය.
ක්‍රීඩාවට හිතකර බුධ හා අඟහරු සතුරු දිශාවලට ගමන් කිරීමෙන් එම ක්‍ෂේත්‍රයේ විවිධ ගැටලු පරාජයන් විඳ දරාගෙන අනාගත ජය වෙනුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවන කාලයක් ලෙස ඉදිරි වසර හැඳින්විය හැකිය.
මිථුන ලග්න උදාව සලකන කල රාජ්‍ය අංශයේ සතුරන් දැක්වෙන්නේ 3 වැන්නේය. එහි අධිපති රවි රාජ්‍ය පාලන ස්ථානය වන 7 වැන්නේ පිහිටීම නිසා සතුරන් හිස එසවීමට පවා ඉඩ ඇති බැවින් රජය මෙන් ම ජනතාව ද ඉතා විමැසිලිමත්ව හා බුද්ධිමත්ව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයක් ලෙස හඳුනා ගත හැකිය.

කෘෂිකර්මයට අධිපති සෙනසුරු හා පොළොවට අධිපති අඟහරු උමා ඡ්‍යෝතිෂ සටහනේ දිවියාගේ කොටුවට පැමිණ ඇති බැවින් කුමන බාධක මැද වුවද එම අංශයේ වර්ධනයක් හා ජයක් හිමිවනු ඇත.
සිකුරු අටවැන්නේ පිහිටීම කලා ක්‍ෂේත්‍රයට හා කලාකරුවන්ට යම් යම් බාධාකාරී ස්වභාවයක් ලෙස පෙන්නුම් කළ ද, උමා ඡ්‍යෝතිෂ සටහනට අනුව සිකුරු ග්‍රහයා තැන්පත්ව ඇත්තේ සුබ දිශාවක බැවින් සාහිත්‍ය කලා අංශයේ දියුණුවට කටයුතු ද සලස්වයි.
සිකුරු සුබ දිශාගතවීම සමස්තයක් ලෙස රටේ කාන්තාවන්ගේ පිබිදීමකට ද හේතු විය හැකිය. එසේම ගිනිකොන දිශාධිපති සිකුරු නිරිත දිශාවේ මිත්‍රව පිහිටීම 2012 වර්ෂයේදී වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යන පිහිටීමකි.
ගුරු තමන්ට සුබ දිශාවේ තැන්පත් වීම නිසා විදේශ සබඳතා ආදියටත් ආයෝජනයටත් යහපත් වනු ඇත. විශේෂයෙන් වසරේ මැයි මාසය වන විට එම අංශවල විශේෂ ප්‍රගතියක් දකින්නට හැකිවේ.
සමස්තයක් ලෙස රටට මෙවැනි ප්‍රතිඵල උදා කළ ද ඒ ඒ පුද්ගලයා අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය අනුව පෞද්ගලික පලාපල වෙනස් වනු ඇත. උමා ඡ්‍යෝතිෂයට අනුව තමන් අයත්වන යෝනිය උපන් දිනය ඇසුරින් සොයා ගැනීමේ ක්‍රමය වන්නේ තමන් උපන් වසර, මාසය හා දිනය එක පෙළට ලිවීමයි. නිදසුනක් ලෙස 1980 ජූලි 08 වැනිදා උපන් අයකු නම් 198078 ලෙස ලිවිය යුතුය. එහිදී මාසය හා දිනය තනි අංකයක් නම් ඉදිරියෙන් ඇති බින්දුව සඳහන් නොකළ යුතු අතර ඉලක්කම් දෙකක අගයක් සඳහා බින්දුව යෙදේ නම් එය එලෙසම යෙදිය යුතුය. උදා 1950
ඔක්තෝබර් 20 නම් 19501020 ආදි වශයෙනි.
පළමු වැනි නිදසුනේ මෙන් උපන් දිනය එකපෙළට ලියාගත් පසු ලැබෙන ඉලක්කම අටෙන් බෙදිය යුතුය. 198078/8 = මෙහිදී ඉතිරි වන්නේ 6 කි. එය අයත් වන්නේ මීයාටය.

මෙහි සැමවිටම මුහුණට මුහුණ ලා සිටින දිශාව ද ඊට අධිපති සත්ත්වයන් දෙදෙනා ද සතුරුය. (උදා:- නැඟෙනහිරට ගුරුළා සහ බටහිරට නයා ආදී වශයෙනි.)
මෙය ඉතාම සරල ක්‍රමය වන අතර තමන්ගේ ග්‍රහ පිහිටීම් අනුව හා සම්පූර්ණ නම ආදී බොහෝ කරුණු වටා ඒ ඒ පුද්ගලයාට ඉදිරි වසරේ පලාපල වෙනස් විය හැකි වුවත් පොදුවේ ගත් කල 2012 වසර මුවාට සහ බළලාට වඩා යහපත් වසරක් වනු ඇත. සිංහයා, ගුරුළා සහ ඇතා යන යෝනිවලට අයත් අය තරමක් පරෙස්සම් විය යුතු අතර අනෙක් අයට මිශ්‍රඵල ලැබේ.
යම් හෙයකින් තමන්ට ඉදිරි කාලය පිළිබඳ සංකාවක් මතුවේ නම් තම තමන්ගේ ආගමානුකූලව හැසිරෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමෙන් ඒවා අවම කර ගත හැකි අතර උමා ඡ්‍යොතිෂයට අනුව තමන්ට අයත් දිශාවෙන් එන කිරණ වර්ධනය කර ගැනීමත් අයහපත් කිරණ එල්ලවීම පාලනය කිරීමත් මගින් අපලකාරී තත්ත්වය දුරු කර ගැනීමට හැකි වනු ඇත.
2012 තමන්ට යම් අසුබ ලකුණු පෙන්වන බව දැනේ නම් තමන්ට අයත් සත්ත්ව නාමය සොයාගෙන පහත පරිදි කටයුතු කර තමන්ට අවශ්‍ය එක් කාරණයක් පිළිබඳ පමණක් තදින් ප්‍රාර්ථනා කරන්න. සියලු අපල මඟහැරී එය ජය ගත හැකිවනු ඇත.
2012 ජනවාරි 8 වැනි ඉරිදා
ගුරුළා නම් පෙරවරු 6.15 ට සුදුමල් 21 ක් සහ ගිතෙල් පහනක් නැඟෙනහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
බළලා නම් පෙරවරු 7.21 ට සුදුමල් 32 ක් සහ ගිතෙල් පහනක් ගිනිකොණ දිශාව බලා ලක්‍ෂ්මි දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
සිංහයා නම් පෙරවරු 8.27 ට රතුමල් 47 ක් සහ තලතෙල් පහනක් දකුණු දිශාවට තබා කතරගම දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
දිවියා නම් පෙරවරු 9.27 ට නිල්මල් 21 ක් සහ තලතෙල් පහනක් නිරිත දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
නයා නම් පෙරවරු 10.29 ට නිල්මල් 41 ක් සහ තලතෙල් පහනක් බටහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මීයා නම් පෙරවරු 11.21 ට සුදුමල් 21 ක් සහ තලතෙල් පහනක් වයඹ දිශාවට තබා දුර්ගා මාතාවට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
ඇතා නම් පස්වරු 3.43 ට නිල්මල් 25 ක් සහ ගිතෙල් පහනක් උතුරු දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මුවා නම් පස්වරු 6.00 ට කහමල් 45 ක් සහ ගිතෙල් පහනක් ඊශාන දිශාවට තබා ශක්‍ර දෙවියන්ට පූජාකර ප්‍රාර්ථනා කරන්න.
එසේම ධර්මානුකූල හැසිරීමෙන්, තමන් ස්වයං පාලනයකින් සිත මෙහෙයවා ගැනීම, භාවනා කිරීම, මමත්වය දුරු කරමින් කටයුතු කිරීමෙන් හා යහපත් ආකල්ප සිතෙහි වර්ධනය කිරීමෙන් බොහෝ අහිතකර කිරණ තමා වෙත ඒම පාලනය කර ගත හැකිය. සතියේ දිනවල යෙදෙන ආගමික කටයුතුවලට අමතරව අඟහරුවාදා දිනවල වැඩි වශයෙන් ආගමික, ධාර්මික කටයුතුවල යෙදීම ද වසර පුරා ඔබට සෙත සහනය උදා කර අපල දුරු කරනු ඇත. ඔබට යහපතක්ම වේවා!
සටහන - අරුණි
ඡායාරූපය
සුදම් ගුණසිංහ
සුදම් ගුණසිංහ
උපුටා ගැනීම - http://www.silumina.lk/2012/01/01/_art.asp?fn=bg12010112
වර්ගකිරීම් :
ඓතිහාසික සාධක,
දේව,
රාවණ ඉතිහාසය,
සිව් හෙලය,
සුර අසුර
Tuesday, December 20, 2011
ඝෘෂි පාලක පෙළපතට අයත් රාවණ රජු
0ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 4
උපුටා ගැනීම - http://www.rivira.lk/2011/12/18/rividahara8.htm
උපුටා ගැනීම - http://www.rivira.lk/2011/12/18/rividahara8.htm
Monday, December 12, 2011
සිව් මහා හෙළය දේව පාලනයට
0Wednesday, July 13, 2011
හෙළ යුගයේ දේව වංශය 2
3
දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක............
පසු ගිය ලිපියෙන් අපි කතා කලේ ලංකාවේ පාලක පන්තිය වූ දේවයන් බිහි වුණ විදියනේ. අවසානයේ අපි සදහන් කරා දේවයන්ට පැවරී තිබුණ වගකීම් ගැන. ඔන්න අද ඉතින් අපි ඒ ගැන විමසා බලමු. හෙල ඉතිහාසයේ පසුකාලීනව බිහි වුණ වංශය වු දේව වංශයේ පළමු කාරිය වුනේ
අධ්‍යාපනය
රටක ජනතාව විසින් ඔවුන්ගේම කොටසක් තමන්ගේ පාලකයන් විදියට පත්කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ජීවන පැවත්මට අවශ්‍ය ආරක්ෂාව, දිවිපැවත්ම පවත්වා ගැනීමට උපකාරයක් වීම යනාදියටයි. ඒවගේම තමයි හෙළ යුගයේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය සියළු දේ කියා දීම දේව පාලකයන්ගේ පරම යුතුකම වුණා. ඒ නිසාම තමයි දේවයන් විදියට පුහුණුව ලබන කණ්ඩායම ජනතාව විසින් පොෂණය කලේ. මෙයත් හරියට අද කාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වගේ. මහජනතාවගේ මුදලින් රටේ උපාධිධාරින් බිහි කරන්නේ රටේ අනාගතය උදෙසා. නමුත් අද මහ ජනාතාව විසින් බිහි කරන්නා වූ කොඨ්ඨාශය රටේ පාලනයට දායක නොවන නිසා සම්පුරණයෙන්ම දේව අධ්‍යාපනයට අද අධ්‍යාපන ක්‍රමය සමාන කරන්න බැහැ. සමාජයට නිතර ගුරුහරුකම් දී සමාජය ස්ථාවරව තබා ගැනීමත් දේවයන් සතු වූ යුතුකමක් වුණා. දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි.
සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක. ජනතාව විසින් නිතරම තම දේවයාගේ හෙවත්, නායකයාගේ උපදෙස් මත ක්‍රියා කරන ලදි. නායකයාට සියළු දෙනා අවනත විය, ඔහුගේ උපදෙස් හා අවවාද සෑම විටම නිවැරදි බව සැමදෙනාම පාහේ විශ්වාස කල නිසා හා ඒවා නිවරදී වූ නිසාම කිසිකෙනෙක් නායකයාව ප්‍රශ්න කලේ නැත. නායකයන් අමනෝඥ ලෙස ක්‍රියා කලේද නැත. මෙය දේව අධ්‍යාපනයේ සුවිශේෂි වූ වැදගත් කමකි.

විනිශ්චය
වර්තමාන යුගයේ විනිශ්චය කියන්නේ දඩුවම සමගම සම්බන්ධව පවතින්නක් සැම උසාවියකින්ම යම් වැරරද්දක් විනිශ්චයත් සමගම එයට දඩුවමක් ලැබෙන ආකරායක් අද දැක ගත හැකි මුත් හෙළ යුගයේදී විනිශ්චය යනු වචනයක හෝ සිතුවිල්ලක හෝ හරි වැරැද්ද පහදා දී වැරැද්දෙන් පුද්ගලයාව මුදවා ගැනීමයි. මේ නිසාම සාක්ෂි විමසීමක් හෝ වරදකරු නිවරදිකරු තේරීමේ විනිශ්චයක් තිබිලා නැහැ. හැමදෙනාම සත්‍ය ප්‍රකාශ කල බැවින් තමන් කළදේ විමසා එය පිළිගත් පසු පමණක් විනිශ්චය ආරම්භ විය. විනිශ්චයේ අරමුණ වූයේ කර වැරැද්ද සිතට කාවාද්දා මින් මතුවට ඒ වරද්ද නොකරන තැනට පුද්ගලයාව පත් කීරිමය. නමුත් වරද අවබෝධ කරගත් පසුත් ඒ වරද කරන්නන් එදා සමාජයේද විය. ඔවුනට එම වරදට දුන්නේ මානසික දඩුවමකි. ඔවුන් සමග කතා කිරීම සිනාසීම වැනි දේ නතර කොට පුද්ගලයා වර්ජනය කිරීම මගින් තමා වරදකරුවෙක් යැයි සිතීමට ඔහුටම සලස්වා ලීම මෙම ක්‍රමයේ අරමුණ විය.
බරපතල වැරදි වලදී පුද්ගලයාව සමාජයෙන් පිටමං කිරීම සිදු කරන ලදි. කුවේර රජු කෛලාශයටත්, විරචින කුමරු පාතාලයටත්, සීගීරයේ සිව+ගිර සිව රජු ඉන්දු දේශයටත් පිටමං කිරීම එලෙස දුන් දඩුවම් වලට උදාහරණය. රජු වරු යනු දේවයන්ය, ඔවුන් වැරැදි කරන්නේ දැන දැනමය, ඒ නිසා ඔවුන්ට බරපතලම දඩුවම ලැබිණි. දේවයෙක් නිසාවත් හෝ පාලකයා නිසාවත් හෝ රිසි පරිදි කටයුතු කල නොහැකි වු අතර සමාජයේ චාරිත්‍ර සැමටම පොදුව පැවතිනි. ඒ වගේම දේවයන් යනු දක්ෂ පාලකයන් මෙන්ම ප්‍රඥාවන්තයන්ද වූ නිසා ඔවුන් පිටුවහල් කිරීමෙන් ඔවුන් එම පිටුවහල් කල ස්ථානයේ පාලකයා බවට නිතතින්ම පත්වීම සිදු විය.
හෙළ දිවයිනෙන් පිටුවහල් කරන ලද සිව රජු ඉන්දු දේශයේ පාලකයා වීමද, වීරචින රජු පාතල දේශයේ නායකයා වීමද හෙළ සංස්කෘතිය ලෝකය පුරාම ව්‍යාප්ත වීමට දේවයන්ගේ විනිශ්චය සමාජයේ පැවත්මට ඉවහල් වු ආකාරයට සාක්ෂිය.
ආරක්ෂාව හා යුද්ධය

රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම රටේ පාලකයන්ගේ පරම යුතුමකමකි. හෙළ ඉතිහාසය පුරාම ගත් කල රට වැසියාට වඩා තර්ජන එල්ල වී තිබුනේ රටේ පාලකයාටය. හෙල ඉතිහාසය පුරාම විශ්ණුගේ බල පෑම් දක්නට ලැබුණ අතර පළමුව නරසිංහ වේශයෙන් පැමිණ හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමන ලදි, මෙයට ප්‍රතික්‍රියා වශයෙන් දේව අධ්‍යාපනය බිහි වුණ අතර දෙවනුව වාමන වේශයෙන් පැමීණ මහා බලි රජුව පැහැරගෙන යන ලදි. මෙයට ප්‍රතික්‍රියාව ලෙස දේවයානී විසින් තම පුතුන්ට යුධ පුහුණුව දීම සිදු කර යුද්ධයෙන් හෙළ අධිරාජ්‍ය පැතිර වීම ආරම්භ කරන ලදි.
අවසානයේ රාම අවතාරය ලෙස පැමීන රාවණ රජු ඝාතනයෙන් හෙළ ශිෂ්ඨාචරයේ අවසානය හා හෙළ දිවයින සයුරේ ගීලීමද සිදුවිණි. රට වැසියාට ආරක්ෂාව සැපයීමට හෙළ අධිරාජ්‍ය සතුව තාක්ෂණයෙන් අනූන අවිආයුධ තිබුණි. නමුත්එම අවි ආයුධ වලින් කරන්නා වූ යුද්ධය භායානක දෙයක් විය. බෝම්භ හෙලිය හැකි ගුවන් යානා, ලේසර් අවි, න්‍යෂ්ඨික අවි, විශ දුම් සහික බෝම්බ වැනි යුද උපකරන හෙළයන් විසින් තම යුධ කටයුතු සදහා බාවිතා කරන ලදි. නමුත් යුද්ධය අවශ්‍ය වූයේ ආක්‍රමණ වැනි සතුරු උපද්‍රව පැමීණී විට පමණි. මෙයට අමතරව සුලි සුලං, කුණාටු හා අකුණු වැනි ස්වාභාවික උපද්‍රව වලින් බේරීමටද ක්‍රමෝපයෙන් තිබුණ අතර ඒවා ක්‍රියාත්මක කිරීමත් දේවයන්ට පැවරී තිබූ වගකීමක් විය.
ප්ලෝටෝගේ විස්තර වල සදහන් වන අත්ලාන්තිස් පුරවරය හෙවත් ලංකාපුරයේ පාලන කටයුතු හා ලක්ෂණ සලකා එය ලොව පරමාදර්ශි රාජ්‍ය ලෙස ප්‍රකාශ කිරීමෙන් පවා තහවුරු වන්නේ දේව පාලනය විසින් හෙළ අධිරාජ්‍යට කරන ලද බලපෑමයි. දේව පාලනයේ අවසන් නායක හෙවත් ශක්‍ර සිටයේ කදු මුදුනකය. එය සමනළ කන්ද වන අතර මෙම ශක්‍ර වනාහි පරුමක හෙවත් සුමනය(සමන්). මෙම කදුමුදුනට ගමන් කිරීමට මාර්ගයක් නොමැති වූ අකර කදු මුදුනට ගමන් ගත්තේ ගුවන් යානයකිනි. මෙම ගුවන් යානය පදවන ලද්දේ මාතලේ දේවයා විසින්. මෙම සිදුවීම බෞද්ධ සාහිත්‍යෙය්දී ශක්‍ර ගේ වාහනය පාදවන මාතලී දිව්‍ය පුත්‍රයා ලෙස දක්වා ඇත.
බලන්ගොඩ ප්‍රෙද්ශයේ බොල්තුඹේ දේවාලයේ අදුරු කුටියක් තුල මෙම ගුවන් යානය හෙවත් විමානය ඉංග්‍රිසි පාලන සමය දක්වා තිබූ බව ඒ අවට ගම් වැසියන් පවසති. මෙම යානය ගැන ආරංචි වූ එවකට රත්නපුරයේ සුදු දිසාපති අසු පිටින් පැමිණ බලහත් කාරයෙන් මෙම කුටිය විවෘත කර බැලූ බවත් අනපේක්ෂිත ලෙස ඇදැහැලුන වර්ෂාවකින් අශ්වයාගේ පය ලිස්සා වැටී කකුල කැඩුණ බවත් අලියෙකුගේ පිට රතන්පුරයට ගිය දිසාපති වරයා උණෙන් පෙලී සතියකට පසුව මිය ගියබවත් සදහන් වෙන නිසාම දිසාපති වරයා දුටුව දේ පිළිබදව යමක් දැනගැනීමට හැකි වී නැහැ.
උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/07/seuslslablogspotcom.html
හෙළ යුගයේ දේව වංශය 1
3අද පහත් කුලයක් යැයි සැලකෙන අපේ සබෑ ඉතිහාසයයේ පාලකයෝ...
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාමේ ගමනෙදි පසුගිය ලිපියෙන් කතා කලේ අපේම රටේ මිනිසුන් විසින්ම අපාහස උපහාසයට ලක් කල අපේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැනනේ. අපේ හෙළ යුගයේදී පාලක පන්තිය වෙලා සිටි තවත් කොඨ්ඨාශයක් අද වන විට පහත් කුලයක යැයි සලකනවා කියලා අපේ ගවේෂණයේදී දැන ගන්න ලැබුණා. අද අපි ගෙන එන්නේ එදා අපේ පාලක පන්තියව සිටි දේවයන් හේවත් දේවවංශය ගැනයි.
අපි කලින් ලිපි වල සදහන් කරපු පරදී ලංකාවේ පළමුවන රජු වුනේ මහා සම්මත මනු රජතුමානේ. ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණයා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.
හිරණ්‍ය කාශ්‍යප රජුගේ අවසානය කියැවෙන වෘතාන්තය දෙස බැලුවොත් එතැනදී නරසිංහ විසින් රජු මරා දැමීමට හේතුවක් විදියට රජුගේ නොඉවසීම හා ඒ අවස්ථාවේදී අවේග ශිලීව හැසීරීම හේතුවුණ බවක් පැහැදිලිවම පේනවානේ. ඒ නිසා හෙළ අසුර අධිරාජ්‍යහී ස්ථාවරත්වයට රජවරු පුහුණු කිරීමක් අවශ්‍ය වුණා. විවිධ සතුරු ආක්‍රමණ හා උපද්‍රව වලින් ගැලවීමටත් රටේ ප්‍රශ්න වලිදී ඉවසීමෙන් කටයුතු කිරීමට රජවරු පුහුණු කීරීම අවශ්‍ය වුණා.

මෙම අවශ්‍ය තාව ඉටුකිරීම සදහා ඉදිරිපත් වුනේ බෘගුකච්ච නම් ස්ථානයේ සිටි බෘගු මහා ඍෂිවරයායි. මේය සිදුවුනේ හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණයෙන් පසුවයි. හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව හිරණ්‍ය කාශ්‍යප රජුගේ පුත්‍ර ප්‍රලාද කුමරු රජ වී සිටි අතර ඔහුගේ සොයුරිය වූ ඌෂ්ණ කුමරිය විවාහ වී සිටියේ බෘගු මහා ඍෂිවරයා සමගයි. ( අපි කලිනුත් සදහන් කලානේ උත්තම දරුවන් ලබා ගැනීමට මෙලෙස සෘෂිවරුන් සමග විවාහ වු බව. ඍෂිවරුන් යනු ප්‍රඥා සම්පන්න පුද්ගලයන් බවට සැක නැත. විද්‍යාත්මකව බලන කල පියාගේ ජාන දරුවන්ට පැමිණිම සිදුවන්නකි.
ඒ නිසා රජවරු ප්‍රඥා සම්පන්න වීමට හේතුව විදියට එය සලකන්න පුළුවන්) මේ කාලයේ ලංකාව හා ඉන්දියාව රටවල් දෙකක් විදයට පැවතිලා නැහැ. ඒ වෙනුවට පොඩි පොඩි ප්‍රෙද්ශිය රාජ්‍යන් විදියට තමයි තිබිලා තියෙන්නෙ. නමුත් සංස්කෘතියෙන් ඒවා සියල්ල හෙළ අධිරාජ්‍ය විදයටයි තිබිලා තියෙන්නෙ. මහ බලිගෙන් පසු හෙළ සංස්කෘතියක වෙනස් වෙලා එය දේශපාලනික ස්වරූපයක් ගත් ආකාරය අපි පසුගිය ලිපි වලින් ඉදිරිපත් කලානේ. මෙහිදී හිතන්න පුළුවන් තව දෙයක් තමයි දඹදිව හා හෙළ දිව කියන්නෙ එකම තැනකට කියලා.
දඹ = උස් ස්ථානය = හෙළ ගත්තාම මේ කරුණ අපිට තහවුරු කරගන්න පුළුවන්.
බෘගු මහා ඍෂි විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන ක්‍රමයෙන් නායකත්ව පුහුණුව මෙන්ම උතුම් මිනිසෙක් කිරීමටද ඉවහල් විය. ඒ නිසා එය දේව අධ්‍යාපනය ලෙස හැදින්වෙලා තියෙනවා. දේව අධ්‍යාපන ක්‍රමයෙන් හෙළ අධිරාජයේ සිටි යක්, රකුස් හා නාග යන සෑම ජනකොඨඨාශයකම අයෙක්ටම දේවයෙක් වෙන්නට හැකි වුණ අතර මෙලෙස දේව අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව හෙළ සමාජයට තවත් ජන කොඨ්ඨාශයක් දේව නමින් එක් වුණ අතර දේව, නාග, රකුස් හා යක් යන ජනකොඨ්ඨාශ හතර නිසා හෙළ අධිරාජ්‍ය සිව් හෙළය යන නම අදටත් ශේෂව තියෙන අයුරු දැක ගන්න පුළුවන්. මේලෙස ජන කොඨ්ඨාශ හතරක් සිටියත් මුල් බිම හෙළ දිව නිසා හෙළයන් ලෙස හැදින් වුවා වගේම ජනකොඨාශ හතරේම පොදු නාමය අසුර වෙලා තියෙනවා.
මෙම දේව අධ්‍යාපන ක්‍රමය විෂයන් ගණනාවකින් සමන්විත වෙලා තියෙනවා
1. යෝග
2. මන්ත්‍ර
3. තන්ත්‍ර
4. වෙදකම
5. අහස් ශාස්ත්‍ර
6. අවි නිපයුම
7. යුධ හරඹ
8. ධාන්‍ය භාවනා
9. ශාන්ති කර්ම හා පුජා
10. දර්ශනය
11. මොහනය
යන විෂයන් තමයි දේව අධ්‍යාපනයේ ප්‍රධාන විෂයන් වෙලා තියෙන්නෙ. මෙම දේව අධ්‍යාපනය ලැබූ අය සාමාන්‍ය වැසියන් වුණ අතර ඔවුන්ට ඉහලින් සිටිය ගුරු වරු මුණි වරු හා ඍෂිවරුන්ගෙන් යුක්ත වෙලා තියෙනවා. මේ ගුරු වරු බොහෝ විට සාමාන්‍ය ජන සමාජයෙන් ඈත් ව ආරණ්‍ය වල හෝ හීමාලයේ තමයි ඉදලා තියෙන්නෙ.
දේව අධ්‍යාපනයේ පරිපාලනයේ ප්‍රධානීයා සක්කර එහෙමත් නැත්තම් ශ්‍රක ලෙස හැදින්වෙලා තියෙනවා. ඒ නිසාම දේව අධ්‍යාපන ආරම්භ කරපු බෘගු මහා ඍෂිවරයා හැදින්වෙලා තියෙන්නෙ ශ්‍රකාචාරී ලෙසටයි. ලේඛන කලාව මේ යුගයේ නොතිබුණ බැවින් ශිෂ්‍යන් ගුරුවරයා සමග වාසය කිරීමෙන් ශිල්ප ඉගෙන ගන්නා ලදී. ගුරුවරුන් යටතේ යම් කිසි සිසුන් පිරිසක් හිටිය අතර ඔවුන් ගුරුවරයාගේ අසපුවේ හෝ තපෝවනයේම සිටි අතර ඔවුන් නඩත්තු කලේ ආසන්නයේ පිහිටි ගම්මානයෙනි. මේ විදියට ශිෂ්‍ය පරම්පරා බිහිවිමෙන් දේව අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යන ලදි.
ගුරුවරයාගේ ආශ්‍රෙයන් ඉවත් වු පසු තමන් එක තැන හිද නිශ්චල මනසින් යුක්තව ලෝකය අවබෝධ කරගත් අය ඍෂි වරුන් නැතහෝත් මුණි වරුන් බවටද අනෙකුත් දේවයන් පාලකයන් වු බවද සදහන්වේ. අද තියෙන අධ්‍යාපනය ක්‍රමය සමග බැලීමේදී මෙම ක්‍රමය තේරුම් ගැනීමට අපහසු නමුත් මෙම ක්‍රමය ගුරුවරයා සමග සිටිමේදී නාය්‍යාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුමද ලබා ගැනීම නිසා එය භාවිතයේදී ඉගෙන ගත් දේ ප්‍රයෝජනවත් භාවිතය හා ඒ ඇසුරෙන් නව සොයා ගැනීම් දක්වා යාමේ ක්‍රමයක් බවට අනුමාන කල හැක. තමා සතු මනසෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස දේව අධ්‍යාපන ක්‍රමය හැදින්විය හැක.
දේව පාලනය තුල දී ගමේ පාලක ගම්පති මෙන්ම රටේ පාලක රජුද දේවයන් විය. දේව පාලනය තුල කුඩා ඒකක තුලින් විශාල භූගෝලිය ඒකක දක්වා පැතීරී යන පාලන ව්‍යහයක් විය. මෙම ක්‍රමය අද තියෙන පාලන ක්‍රමය සමග කිසිසේත් ගැලපිය නොහැක. අද පාලන ක්‍රමයේදී රටේ සියල්ලටම පොදු ව්‍යවස්ථාවක් යටතේ එය ක්‍රියාත්මක වන විධායක ක්‍රමයකට පාලනය වන්නකි.
දේව පාලනයේදී රජු ඒකාධි පතියෙක් මෙන් පෙනුනද රටේ පාලනය බෙදී ගිය බවක් දක්නට තිබේ. ගමේ පාලනය ගම් සභාවේ සිට දිසාව දක්වා පුළුල්ව පැතීරී ගිය මනා පාලන ව්‍යහයක් දේව පාලනය තුල තිබුණි.
දේව පාලනය විවිධ මට්ටමින් තිබූ බවට ලංකාවේ සෙල්ලිපි ඇසුරින් තහවුරු කරගත හැක. ඔවුන් පාලනය කලේ භූගෝලීය ප්‍රෙද්ශයට අනුව හෝ සමාජ ඒකකයේ ප්‍රමාණයට අනුවය. බුද්ධ ශාසන ලංකාවට පැමීණිමත් සමග භික්ෂුන් වහන්සේලාගේ බලය බෙදී යන ලද්දේ දේව පාලන ව්‍යුහයට අනුවයි. අදටත් දක්නට ලැබෙන නායක, මහා නායක, සංඝ නායක සිට සංඝරාජ දක්වා ව්‍යුහය දේව පාලනයේ අවශේෂයකි. දේව පාලනයේ දක්නට හැකි දේවයන් කොඨ්ඨාශ පහකින් යුක්තය
1. ගපති - කුඩා කණ්ඩායමක නායකයා. ගමේ එක් කොඨ්ටාශයක නායකයා
2. ගාමණි- ග්‍රාමයේ නායකයා. ග්‍රාමයක් තුල ගපතියන් කීප දෙනෙක් සිටිය හැක
3. පරුමක- ප්‍රාදේශිය නායකයා. ග්‍රාමයන් කීහිපයක් එකතු වී සෑදේන ඒකකය
4. රජු - මෙය යුව රජු ලෙස දැක්විය හැක. රටේ විශාල ප්‍රෙද්ශයක නායකයා
5. මහ රජු - රටේ අග රජු. ඔහුද දේවයකු නිසා මහ රජු හමුවේ දේවයන් වහන්ස යනුවෙන් අමතන ලදි.

මෙම ක්‍රමය ශ්‍රි වික්‍රම රාජ සිංහගෙන් අවසන් වූ ලංකාවේ රාජවලිය දක්වාම රජු ඇමතිමට යොදා ගන්නා ලදි. මෙම හෙළ විදි විජයගේ සිට රාජ සිංහ රජු දක්වාම අනුගමනය වූ අතර ඒවා ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ දේවල් හෝ විජය ලංකාවට ගෙන ආ දේවල් නොවේ.
විජය ලංකාවට ඉන්දියානු ක්‍රමයේ මධ්‍ය ගත වැඩවසම් ක්‍රමයක් ගෙන ආවද පඩුවස්දෙව්ගෙන් පසු නැවත පණ්ඩුකාභය නැමති හෙළ රජු ලංකාවේ බලයට පැමිණීමෙන් පසු දේව පාලනය ක්‍රමය ලංකවේ ස්ථාපිත වු අතර විජයගෙන් පසු පියාගෙන් පුතාට රාජ්‍ය උරුම වන ක්‍රමයක් ලංකාවේ බිහි වියග (පණ්ඩු කාභය කුමරු දේව අධ්‍යාපනය ලැබුවෙක් බව තහවුරු කර ගත හැක. පණ්ඩුල නම් භ්‍රාමණයා නැතහොත් පණ්ඩුල දේව ආචාරී විසින් පණ්ඩුකාභය කුමරුට සියළු ශිල්ප ඉගැන්වූ බව කියන මහා වංශයට අනුව පණ්ඩුකාභය කුමරු අභය නැතහොත් බසවක්කුලම වැව තැනීම ආදියෙන් තව තවත් තහවුරු වන්නේ මහින්දාගමනයෙන් පසු ලංකාවේ සංස්කෘතික හා තාක්ෂණික දියුණුවක් ඇති වුණා නොව එය පෙර සිටම පැවත එන්නක් බවයි)
දේව පාලනය තුල රජවරු පුහුණු කිරීමක් කලද එමගින දේව පාලනයේදී පියාගෙන් පුතාට රජකම උරුමයක් ලෙස ලැබීම දක්වා නැත. දේව පාලනය තුප දේව වංශයක් හදුනාගත හැක. මෙම වංශය රකුස්, නාග, යක් යන කුමන කොඨ්ඨාශයෙන් වුවත් දේව අධ්‍යාපනය සම්පුර්ණ කරන ලද්දන්ගෙන් සමන් විත වූ අතර සුදුස්සාට රජකම හිමි විය. පියාගෙන් පුතාට රාජ්‍ය ලැබීම සිදු වූයේ සුදුසුකම් තිබූ තැන පමණි. විජයගෙන් පසුව මෙම ක්‍රමය බිද වැටුණ අතර යසලාලක තිස්ස වැනි අනුවණ රජුන් දක්වා බිහි විම දක්වා බලපාන ලද්දේ විජයගේ ආක්‍රමණයයි.
ප්ලෝටෝ විසින් දක්නා ලද පරමාද්ර්ශි රාජ්‍ය නැතහොත් අත්ලාන්තිස් පුරවරයේ පුජක_පාලක පන්තියක් වූ බව ප්ලෝටෝ සදහන් කරන අතර දේව වංශිකයන්ගේ ඇති උත්තරීතර චරිතාවබෝධය නිසාත් දක්ෂතා නිසාත් දේවයන්ගේ ගුරුවරුන් වූ ඍෂිවරුන්ගේ හා මුණි වරුන්ගේ ඉහළ අධ්‍යාත්මික ගුණ නිසාත් ප්ලෝටෝ විසින් මෙලෙස විස්තර කරන්නට යෙදුනේ යැයි අනුමාන කරන්න පුළුවන්.
මිළග ලිපියෙන් දේව වංශයට පැවරුණ කාර්යන් හා වගකීම් පිළිබදව විමසා බලමු.
එතෙක් ආයුබෝවන්.
උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/07/blog-post.html
හෙළ යුගයේ දේව වංශය 2
Friday, December 24, 2010
බුදු දහම පිළිගත් සමන් සුරිඳුට පිදුණු බොල්තුඹේ සමන් දෙවොල
0බුදු දහම පිළිගත් සමන් සුරිඳුට පිදුණු බොල්තුඹේ සමන් දෙවොල
චසිත බුලත්සිංහල
ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් සෝතාපත්ති ඵලයට පිළිපන් සම්‍යක් දෘෂ්ටික දෙවියකු වශයෙන් කා අතරත් සුමන සමන් දෙවියන් ප්‍රචලිත වී ඇත. එසේම මෙරට බෞද්ධයාගේ ගෞරවාදරයට හා වන්දනාමානයට පාත්‍රව සිටින දෙවි දේවතාවන් සමූහ අතුරින් සමන් දෙවියන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
බුදුරජාණන් වහන්සේ පළමු වැනි වරට ලක්දිවට වැඩම කරන ලද්දේ මහියංගනයටය. මහවැලි නදිය අසබඩ මහානාග වනෝද්‍යානයේ පැවති යක්ෂ සමාගමය කරා උන්වහන්සේ වැඩම කර වදාළේ බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක දා බැව් මහා වංශයේ සඳහන් වේ.
එම අවස්ථාවේ සුමනකූට වාසී සමන් දෙවියෝද එහි පැමිණ තථාගතයන් වහන්සේ දෙසූ දහම් අසා සෝතාපත්ති ඵලයට පත්වූහ’යි මහාවංශය කියයි.
සමන් දෙවිඳුන් සර්වඥයන් වහන්සේගෙන් පූජාර්භ වස්තුවක් ඇයද සිටි කල උන්වහන්සේ කේශ ධාතුන් වහන්සේ අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. ඒ කේශ ධාතුන් වහන්සේ රන් සුමුගකින් පිළිගත් සමන් දෙවියෝ තථාගතයන් වහන්සේ වැඩ සිටි තැන සත් රියනක් උසට එක් විසි රියනක් වටකුරුවට ස්තුපයක් තනවා එම ධාතුන් වහන්සේ එහි තැන්පත් කළ බැව් වංශකථා තුළින් සනාථ වේ.
සමන් දෙවිඳුන් පිළිබඳව යළිදු වරක් මෙරට බෞද්ධයිනට අසන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදු වූ අවස්ථාවෙහිදීය. එවර බුදුන් වහන්සේ කැලණියට වැඩම කළ බැව් මහාවංශය පෙන්වා දෙයි. සමනොල කඳු මුදුනේ සිරිපා සටහන පිහිටුවන ලද්දේද එම අවස්ථාවේම බැව් එහි අන්තර්ගත වී පවතී. මෙම ශ්‍රීපාද පද්මය පිහිටි සමනොල කඳු මුදුන කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රධාන සමන් දේවාල සතරක් විද්‍යාමාන වේ. එනම්,
1. රත්නපුර මහ සමන් දේවාලය 2. බොල්තුඹේ සමන් දේවාලය 3. මහියංගනයේ සමන් දේවාලය 4. දැරණියගල සමන් දේවාලය මෙහිදී මෙම සමන් දේවාල සතර අතුරින් අපගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නේ බොල්තුඩේ සමන් දේවාලය වේ.
බලංගොඩ සිට පින්නවල හරහා බගවන්තලාව තෙක් වැටී ඇති මාර්ගයේ ඛ්. මී. 14 ක් පමණ ගිය විට ඓතිහාසික බොල්තුඩේ සමන් දේවාලයට පිවිසීමට පුළුවන. රත්නපුර මහ සමන් දේවාලයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වලට මෙම දේවාලයද නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකිය. දැනට වාර්තාගත තොරතුරු වලට අනුව මෙම දේවාලය 16 වන සියවසේ සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. එනම් සබරගමු මහ සමන් දේවාලයට යම් සතුරු ආක්‍රමණයක් සිදු වුව හොත් එහි ඇති වටිනා දෑ ආරක්ෂා සහිතව තැබීමට මෙම දේවාලය සීතාවක රාජසිංහ රජු කරවූ බවට පිළිගැනේ. බොල්තුඹේ සමන් දේවාලය පිළිබඳව කිරිඇල්ලේ ඥාාණවිමල හිමියන් විසින් 1967 දී රචිත ‘සපරගමු දර්ශනය’ නම් කෘතිය තුල මෙවැන්නක් සනිටුහන් වී පවතී.
‘ මේ දේවාලය කරවන ලද්දේ සීතාවක රාජසිංහයන් විසිනි. තමාගේ ඇවෑමෙන් පසු පෘතුගීසි උවදුර නිසා සපරගමු සමන් වෙහෙරට යම් කිසි හානියක් සිදුවන බව පෙනුනොත් දෙවැනි පැරකුම්බා රජු පටන් තමාගේ කාලය දක්වා මෙදා තුරෙහි ලක් රජය කළ නරපතින් විසින් මෙම ස්ථානයට පුදන ලද විහාර දේවාලගම් ආදි දේපල ගැන ලියා තිබෙන රාජකීය ලෙඛනත් රන් - රිදී - මුතු - මැණික් ආදියෙන් කළ වටිනා පූජනීය වස්තුන් ආරක්ෂා සහිතව තැම්පත් කිරීම සඳහාය.
රාජසිංහයන්ගේ අභාවයෙන් පසු සපරගමුව ආක්‍රමණය කළ පෘතුගීසිහු සපරගමු සමන් වෙහෙර සහිත දේවාලය සම්පූර්ණයෙන්ම විනාශ කර 1618 ඒ මත ඔවුන්ගේ බලකොටුව තනා ගත්හ. එම විනාශයට කලින් රාජසිංහයන් යොදා තිබෙන වැඩපිළිවෙළ අනුව එහි තිබූ වටිනා හැම දෙයක්ම ගෙන ගොස් බොල්තුඹේ දේවාලයේ තැන්පත් කළහ’. (සපරගමු දර්ශනය / පි 255 - 256)
එසේම මෙම දේවාලය 1886 පෙබරවාරි 10 වැනිදා නැරඹූ වේස් මහතා ලියූ වාර්තාවක මෙසේ සඳහන්ව ඇත.
‘දේවාලයේ දික් ගෙයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉතා අලංකාරය, ආකර්ෂණීයය. කළුවර ලීයෙන් තනන ලද උළුවස්සේ මතු පිට දාරය දිගේ කැටයම් කළ ඇත් දළ පටි සවි කොට තිබේ. ඊට පිටතින් හැම පැත්තේම තුනී පිත්තල පටි අල්ලා ඇත’. තවද මෙම වාර්තාවට අනුව රන් බේසමක් වැනි දෙයක් හා (මණ්ඩය) දුනු හා ඊතල යන භාණ්ඩ 1888 මැයි 21 දා ඔහු නැවත ගොස් එය සෝදිසි කරද්දීත් තිබී ඇත. එසේම කොඩ්රින්ටන් මහතාගේ ලේඛන වලට අනුව දේවාලයේ දික් ගෙයි අඩි 4 ක් දිග අඩි 2 1 / 2 ක් පළල අඩි 11 / 2 - 2 ක් පමණ ගැඹුරු ලී පෙට්ටියක්ද මෙහි තිබී ඇත.
වර්තමානයේ මෙම දේවාල භූමිය තුළ දර්ශනීය බෝධීන් වහන්සේ නමක් බුදුමැදුරක් මෙන්ම චෛත්‍යයක්ද බෞද්ධයන්ගේ වන්දනාමානය සඳහා පවතී. අසල විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ පැවසූ ආකාරයට මෙම චෛත්‍ය ඉදිකර ඇත්තේ වළගම්බා රජ දවස ඉදිකළ කුඩා චෛත්‍යයක් මැදි කොටය. නමුත් මෙම දේවාල භූමියේ ඉතිහාසය වළගම්බා යුගයට් ඈත යුගයකට ගමන් කරයි. ඒ වකවානුවේද මෙහි දේවාලයක් පැවති බවට ජනශ්‍රැතිය සාධක හමුවේ.
එදා රාම රාවණා යුද්ධය පැවතියේද මෙම භූමිය කේන්ද්‍ර කොට ගෙන යැයි පැවසෙන ජනශ්‍රැතික සාධක අපමනය. රාවන රජු ලක්ෂ්මනයන් මෙම භූමියේදී පරාජය කළ හෙයින් රාවණයින්ගේ ජය භූමිය ලෙසින් ද මෙම ප්‍රදේශය හඳුන්වනු ලබයි. හීයකින් විද රාවණ රජු නැසීම පිණිස රාම කුමරුන් වවිසින් දුනු දිය මැනීම පිණිස වීරිය යොදන ලද්දේ මෙම දේවාලය අසල ඇති දෙතනගල පර්වතයට දෙදන සිරකර ගනිමින් බැව් පැරණි ගම්වැසියන්ගේ මතයයි. රාවණා කපොල්ල, සිතාලෙන, සිතා ගල, රාවන කන්ද, වලේගොඩ, කුමරි කොටුව, වැනි ස්ථාන මෙම දේවාල ආසන්නයේ පවතී.මේ දේවාල මන්දිරය තුළ රාවණා රථය නමින් සුවිශේෂි වස්තුවක් ඇතැයි පැවසේ. එය රාවණා රජු පරිහරණය කළ දඬු මොනර යන්ත්‍රයේ ආකෘතියක් බැව් ප්‍රදේශයේ ජීවත් වන විද්වතුන්ගේ මතය වී ඇත. මෙය ලෝහයෙන් තනා ඇති අතර රෝද නොමැති එය ගුවන් යානයක ස්වරූපය ගත්තක් බවටද සැලකේ. එසේම රාවණ රජිදුන්ගේ රාවණ කොඩියද මෙම දේව මන්දිරය තුළ පැවති බැව් මේ පිළිබඳ තොරතුරු සෙවීමේදී අනාවරණය විය.
එසේම මෙම බොල්තුඹේ සමන් දේවාලයේ පෙරහර පැවැත්වෙන්නේ සැප්තැම්බර් ඔක්තෝම්බර් කාල වලදීය. චාරිත්‍ර සමුදායක් මීට අන්තර්ගත වී පවතී. දිය කැපීමෙන් පසු දවුල් කරුවකු, තම්මැට්ටම් කරුවන් දෙදෙනකු හා කොඩි අතින් ගත් දෙදෙනෙකු දේවාලය වටා බෙර වයමින් දුවනු ලැබේ. මෙයින් ජයග්‍රහණය කරනු ලබන පුද්ගලයාට බස්නායක නිලමේ තුමා හා ප්‍රධාන කපු මහතා විසින් යම් ත්‍යාගයක් පිරිනමනු ලබයි. මෙයින් සංකේතවත් කරනු ලබන්නේ එදා ලක්ෂ්මන පරදා රාවණයන් ලැබූ ජයග්‍රහණය සැමරීමකි.
මෙම දේවාල මන්දිරයට ප්‍රවිශ්ට වන්නේ විශාල කළුවර උළුවස්සකිනි. පළාපෙති කැටයමින් යුතු වූ ඇත්දත් පේළිය එකී උළුවස්සේ තැනින් තැන පමණක් දක්නට ඇත්තේ එහි විශාල කොටසක් සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති හෙයින් විය යුතුය. 1886 මෙම දේවාලය පිළිබඳ වාර්තාවක් ලියන වේස් මහතා මේ උළුවස්සේ පිටතින් සැම පැත්තේම තුනී පිත්තල පටි අල්ලා තිබුණු බැව් සඳහන් කර ඇතත් එවැන්නක් අප නෙත නොගැටුණි. එසේම දේවාලයේ බොහෝ තැන් වේ හුඹස් වලින් යුක්ත අතර බුදු ගෙය ඇතුලතද වේ තුඹසක් තිබුණු ආකාරය නෙත ගැටුණි. මේවාට නිසි පිළියමක් නොකළ හොත් වේ තුඹස් වලින්ම බොල්තුඹේ සමන් දෙවොල විනාශ මුඛයට පත්විය හැකිය.
Sunday, August 1, 2010
රාවණ තරු සිරි අසිරිය 01
0රාවණ තරු සිරි අසිරිය
රැය ගෙවී ගිය පසු ක්‍ෂිතිජයෙහි රන්වන් ඉරක්, රේඛාවක් දුටු අපේ පැරැන්නන් ඊට "ඉරා" යෑයි නම් කළහ. පළාගෙන, - ඉරාගෙන එන අදහස එහි වේ. පසුව එහි "ඉ" ලොප්ව "රා" යන්න හිරු සඳහා නම් විණි.
රා හෝනායෙන් හෝරා නම, රා සැර් (හිරු රශ්මිය) දළ දී එන්. රා මණ්‌ඩිහි සිට් එන්. (සූර්ය මඬලෙහි සිට එන්න) ආදිය විමසන්න.
මෙසේම වරෙක නැගෙමින් වරෙක බැස යමින්, පූර්ණත්වයට පත්වෙමින්, අතුරුදන්ව යන අපූර්ව වස්‌තුවකි. එය දුටු මිනිස් හදවත තුළ ඇතිවූයේ කුකුසකි. සැකයකි. එය "සැන්දෑ" යනුවෙන් නම් කළහ. අද හඳ බවට පත්ව ඇත්තේ ඒ "සැන්දෑ" වයි.
මේ ඉර හඳ සහ පෘථිවිය තුළ දක්‌නට ලැබෙන විශ්මය, අසිරිමත් බව ගැඹුරින් විමසූ ඔහු අතින් "හෙළ උමා ජ්‍යෙdaතිෂය" නිපදවිණි ඒ කෙළ අසුරයෝය. අසුරු සැණෙකින් ප්‍රශ්න විසඳීමේ හැකියාවක් ඇති බැවින්ද, අසිරි මැවීමේ ශක්‌තියෙන් යුතුවූ බැවින්ද ඔහු "අසුර" නම් වේ. ඒ සිව් හෙළයේ එක් කොටසකි.
පුලස්‌ති මහා සෘෂි
මේ කතාව "පුලතිසි" ගැනය. "පුලතිසි" යනු මහා සෘෂිවරයෙකි අසුරයෙකි, රකුසෙකි. පාලනය කරන අරුතින් "රතු" පදය වේ. පුලත් නම් නුවර එනම් පුලත් නාරුවෙහි විසූ ඔහු රාවණ රජුගේ මුත්තණුවන්ය. අද පොළොන්නරුව බවට පෙරැළී තිබෙන්නේ ඒ පුලත්නාරුවයි. එහි "නාරු" නම් නුවරයි. බින්තැන්න මහියංගනය වූ අයුරු විමසන්න.
පුලස්‌ති මහා සෘෂිහුගේ කාල වකවානුව නිශ්චය කිරීමට පැහැදිලි සාධක නොමැති වුවත් පැවතෙන ශාස්‌ත්‍රීය තොරතුරු අනුව පුලස්‌ති මහා සෘෂීන් විසින් සකස් කරන ලද "රාවණ කේන්ද්‍රය" අප සතුය. ඒ අනුව කලියුග වර්ෂයට වර්ෂ අටදාහකට එපිටින්. රාවණ උපත සිදුව තිබේ. එනම් දැනට වසර දහතුන් දහසකට එපිටිනි රාවණට, කුම්භ කර්ණ, වෛශ්‍රවණ සහෝදරයෝ දෙදෙනෙකි. සහෝදරියකි. මෙසේ පුලස්‌ති මහා සෘෂීහු රාවණාගේ මුත්තණුවන් නම් පුලස්‌ති මහා සෘෂිහුගේ කාලය ඉන් පෙර විය යුතුය. ඒ ද්වාපර යුගයෙහිය. අද අප වෙසෙනුයේ කලි යුගයෙහිය. ද්වාපර යුගයේ ආයුෂය මහත්ය. මේ සියලු තොරතුරු විමර්ශණය පිණිසය. අපට ලැබී තිබෙන ගුප්තමය තොරතුරු අනුව පුලස්‌ති මහා සෘෂිහුගේ කාලය මෙයට වසර පණස් හත් දහසකට එපිටය.
ලොව පැවති ප්‍රථම ජෝතිෂ - ආයුර්වේද සංගායනය එකී පුලස්‌ති මහා සෘෂීහුගේ කාලය තුළ සිදුව ඇති බවත් අප මහ සෘෂීහු ඊට සරිලන මහ මැදුරක් එනම් "සීගිරිය" සකසන ලද බවක් ධන්වන්තරී මහා සෘෂීහුද ඊට ආරාධනය කළ බවක් සම්භාවනීය පත පොතෙහි ඇතුළත්ය.
කාශ්‍යප විසින් කරන ලද්දේ සීගිරිය ප්‍රතිසංස්‌කරණයක් පමණි.
පුලස්‌ති මහා සෘෂින් විසින් සතරවන වේද ග්‍රන්ථය සකස් කරන ලද බව නොදැනදොa ජෝතිෂය ඇතුළු ශාස්‌ත්‍ර ක්‍රම අපේ නොවේයෑයි - ඒවා ඉන්දියාවෙන් මෙහි ආවෝයෑයි ප්‍රකාශ කරන්නේ කලු සුද්දන්ය. පර ගැතියන්ය. පුලතිසි මහා සෘෂීන් මේ ලක්‌දිවෙහි වාසය කළ බව විශ්වාස කරන්නේ නම් ජෝතිෂය ඇතුලු සියලු ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රම මේ දිවයිනෙහි ම ජනිත වූ බව පිළිගැනීමට ඔවුනට සිදුවේ. ඒ ඒවා වේදාංග වන බැවිනි. වේදය එනම් සතරවන අථර්වන් වේදය පුලතිසි මහා සෘෂිහුගේ නිපැයුමක් බව මුළු ලොවම පිළිගන්නා බැවිනි.
පුලතිසි මහා සෘෂීහු හිරණජ කෂිපු මහා සෘෂි පරපුරෙහි වූවෙකි. හිරණප කෂිපු නම් ලොව ප්‍රථම සෘෂිහුය. හේ සිංහලයෙකි. "හිරණප කෂිපු වක්‍ෂසස්‌ථල විධාරණාය" වශයෙන් ලෝ ප්‍රකට මන්ත්‍ර රත්නයම ඊට සාCෂ්‍ය වෙයි. නොයෙකුත් සම්භාවනීය ඡ්‍යොතිෂය ග්‍රන්ථද ඊට සාCෂ්‍ය වෙයි. ඒ කෘතයුගාරම්භයෙන් වර්ෂ පන්ලක්‍ෂ හැත්තැහයදාහකට පසුවය. ඡ්‍යොතිෂයයෙහි ආරම්භයක් නැතැයි මුසා දොඩන්නන් හට මෙම තොරතුරු ඵලදායී වනු ඇත. පුලස්‌ති මහා සෘෂීහු කළ මේ දිවයින රාජශ්‍රීයෙන් බැබැළෙන්නට ඇත. ස්‌වයංපෝෂිත, සෞභාග්‍යමත් රටක් වූවාට සැකයක් නැත. කෙසේ වුවත් මේ අසිරිමත් රට මෙන්ම අසිරිමත් දො සතරදá තාරකා ශාස්‌ත්‍රයද රාවණ කළ විනාශ වන බව පුලතිසි මහ ඉසි නොදැන සිටියා නොවේ.
ලංකාධිශ රාවණ
රාවණයනු විශ්‍රවස් ගේ පුතණුවන් වේ. විශ්‍රවස් පුලතිසිහුගේ පුතණුය. ශ්‍රී ලංකාධිශ රාවණ ගැන දත් නොදත් කතා බොහොමය. ඔහුට හිස් දහයක් තිබුණේ යෑයි කියමින් විසුළු රුවක් මැවීමටද උත්සය ගෙන තිබේ. හිස් දහයෙන් අර්ථවත් වන බොහෝ දේ ඇත. ඔහු රාජ්‍යයන් දහයක් පාලනය කළ බවය. දස විධ ශක්‌තීන්ගෙන් පතළ බවය.
රාවණට පුතකු සහ දියණියකි. ඒ මේඝනාද සහ සීතාවය. රාවණයන් පුලතිසි මග යමින් අතිශය ධාර්මික දිවි පෙවතක් ගත කරමින් ශාස්‌ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි. ඔහු පුත් මේඝ නාදයන්ද එසේමය. රාම-රාවණ හටනෙහිදී අහසෙයි සිට විදුලි සැර එවීමට තරම් ඔහු දක්‍ෂ විය. ඒ සඳහා ඔහු භාවිත කළේ හෙළ උමා ඡ්‍යොතිෂයයෙහි එන ඉන්දු ගුරුළුව යන ශාස්‌ත්‍රයයි. එය භාවිත කළ නිසා ඉන් ජයගත් නිසා ඉන්ද්‍රජිත් නමින්ද ඔහුව හඳුන්වනු ලැබේ. එහෙත් "ඉන්ද්‍ර" නම් දේවතා පරාජය කොට ජය ගත් හෙයින් "ඉන්දුජිත්" යන නමින් ඔහු හැඳින්වීම සාධාරණය.
රාවණ අධිරාජයා විසින් ලියා ඇති ග්‍රන්ථ සමූහයෙකි. ඔහු ඒවා ලීවේ පෑනෙන්ද, ගල් වලදැයි ඇසීමට කෙනෙකු මෝඩ නොවේ යෑයි සිතමි. "අප්විද්‍යාව" නම් ගතෙකි. ඒ ජලය පිළිබඳව ලියා තිබෙන්නෙකි. මෙරු තන්ත්‍රය ග්‍රන්ථය යන්ත්‍ර-මන්ත්‍ර-ඖෂධ-අධිමානසික විද්‍යාව එනම් කුණ්‌ඩලිනි ශක්‌තිය අවධි කරගන්නා ක්‍රම ගැන පිළිබඳව ලියෑවුනෙකි. "සිව ගුරුලුව" යන ගත ජ්‍යෙතිෂයෙහි රහස් හෙළිකරන්නෙකි. එය රාවණ විසින් සකසන ලද බව එහිම කියෑවෙයි "හෝරාවග" හෙවත් හෝරාව පිළිබඳ "සප්ත කණ" සිය ප්‍රියාව වන මඤෙදරියට රාවණ විසින් හෙළිකළ රහස් සමූහයකි. මේ ජ්‍යෙතිෂය යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳවය. වෙදකම සම්බන්ධයෙන් රාවණ කළ ග්‍රන්ථ රාසියෙකි. රස රත්නය, අකී ප්‍රකාශය, ඒ අතර ප්‍රධානය. එසේම උමා ගුරුලුව, වාස්‌තුවග, වාග්නි භූ ජලෞනභඃ ආදී දුලීම දැනුම් සම්භාරයක් දැනටත් මුඛ පරපුරෙන් පරපුරට පැමිණ තිබේ. එතෙරින් පැමිණෙන දැනුම සමග ගත් කළ මේ මහා මේරුව මෙන්ය. මේ රාවණගේ ග්‍රන්ථ පිළිබඳවය.
රාවන ශිල්ප ශාස්‌ත්‍ර
රාවණ කළ අයනු දෙකකි. එකක් අඝෝෂය එය - රූපයෙන් පෙන්වා ඇත. ඝෝෂ අයන්න - රූපය වේ. "කරයි" යන පදයෙහි එන "ක" යන්නෙහි "අ" ස්‌වරයක් "අතු" යන්නෙහි "අ" ස්‌වරයත් විමසන්න. මෙසේ රාවණ අක්‍ෂර මාලාවකි. එසේම අරාබියෙන් අපට ඉලක්‌කම් පැමිණියේ යෑයි කියන මහා මොළකරුවන් පුරාණ සිංහල අංකන ක්‍රමය අසා නැතිවාට සැකයක් නැත. එහි සංකේතය එක වෙනුවටය වේ දෙකය. ඉලක්‌කම් යන පදය ඉල්කකම් යන පදයෙන් නිමැවී තිබේ. ඒ හෙළකම් එනම්. සිව් හෙළයන්ගේ ක්‍රියා යන අරුතෙන් වේ. මේ සියල්ලෙහි ගෞරවය දස දෙස පතළ ලංකාධීශ රාවණයන්ට හිමි විය යුතුය.
අහසින් යා මේ ශාස්‌ත්‍රය, ගල මඩකොට ඊපිට අකුරු ලිවීමේ ක්‍රම, (අකුරු කෙටීම නොවේ) රස විද්‍යාව, ආදී බොහෝ ක්‍රම, සහ විධි රාවණ කළ මෙහි කුඹු බවට සාCෂ්‍ය වේ. එහෙත් ඉන් ශේෂව පවත්නා දැනුමවත් රැක ගැනීම සඳහා විශේෂ වූ වැඩපිළිවෙලක් මෙරට තිබේදැයි යන්න ගැටලුවකි.
මෙසේ අනන්ත - අපරිමාන හැකියාවන් සහිත වූ දසදෙස පතළ කීර්තිය ඇති රාවණයන්ගේ ශාස්‌ත්‍රය අප අද රැකගෙන සිටිනුයේ පළමු විජයබාහු රජුට පින්සිදුවන්නටය.
පළමු විජයබාහු
මහා විජයබාහු ගැන අප අසා ඇත්තෙමු. රට එක්‌සේසත් කළ මහා වීරයන් අතරට ඔහු ශ්‍රේෂ්ඨයකු වේ. මහා විජයබාහු පෙර කිරි බණ්‌ඩා නම් විය. ඒ සුරතල් නාමයයි. කිත් බණ්‌ඩාර ඔහුගේ සැබෑ නම විය. නුවර ඉපිද දකුණෙහි සිට සටන් මෙහෙයවා පොළොන්නරුව රාජධානි කොට රට ස්‌වයං පෝෂිත කළ මහා නායකයෙකි ඔහු.
ඔහුගේ වික්‍රමයන් ගැන විස්‌තර ඉතිහාස ග්‍රන්ථවල අවශ්‍ය තරම් වේ. මෙහි කියන්නට උත්සහ ගනුයේ ඔහුද වේදය - ඡ්‍යොතිෂය - ගුප්ත විද්‍යා විෂය ක්‍ෂේත්‍රය ජයගත් කෙනෙකු බවයි. රාවනාගෙන් පසුව එම හෙළ උමා ඡ්‍යොතිෂය - හෙළ යතුරු මතුරු විධි එනම් යන්ත්‍ර මන්ත්‍ර ආදිය මැනැවින් අධ්‍යයනය කොට ඵල නෙලා ඇත්තේ ඔහුය. ඒ රාවණා පරපුරෙහි කෙනෙකු වීමට තරම් ඔහු භාග්‍යමත් වීමය.
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/01/siya15.html
රාවණ තරු සිරි අසිරිය 02රාවණ තරු සිරි අසිරිය 03
Subscribe to:
Posts (Atom)
මම