-->

Monday, August 30, 2010

රාම රාවණා පුවතට නෑකම් කියන පුරවරය

0

19 වන කොටස
රාම රාවණා පුවතට නෑකම් කියන පුරවරය


"ආං ඉන්නවා රාවණා!"


මම සීතල නුවරඑළියේ පිරිසිදු වායු ගෝලය ආශ්වාස කරමින් හාත්පස නැරඹුවෙමි. ග්‍රෙගරි වෑ ඉස්‌මත්තේ සිටගත් මට හාත්පසින්ම පෙනෙන උස්‌ කඳු මුදුන් අතර රාවණාගේ ඡායාව පෙනෙයි. පිදුරුතලාගල, කිකිළියාමාණ තොටුපළ, කිරිගල්පොත්ත ආදී කඳු මුදුන් නීල පළල යෝධයන් වී නුවරඑළිය අනාදිමත් කාලයක්‌ රැකගෙන ඇත. මේ කඳුමුදුන් අතර ගැවසීගත් රාවණා ස්‌මෘතිය සොයා ගවේෂණයක යෙදෙන ජනශ්‍රැති සංචාරකයෙකුට ඕනෑතරම් ආරංචි මාත්‍ර දැනගන්නට තිබේ.




වර්තමාන ලංකාවේ ශාස්‌ත්‍රවන්තයන් රාවණා පිළිබඳව ගොඩනගාගෙන තිබෙන කාලීන තර්කය අශාස්‌ත්‍රීය යෑයි මට නුවරඑළියේ ඇති සුව වායුගෝලය කියා දෙයි. මේ තර්කයේ යෙදෙන දෙපාර්ශ්වයම ගෝත්‍රවාදීව කරුණු රැස්‌ කරන්නේ යෑයි මම මේ කඳු මුදුන්වලට කියා යෑවීවෙමි. මහාවංශ කර්තෘ මහානාම හාමුදුරුවන්, මනෝ විද්‍යාර්ථි සිග්මන් ප්‍රොයිඩ් සහ පුරා විද්‍යාඥ ශ්‍රීමත් ආතර් එවන්ස්‌ කියා දී ඇති ප්‍රායෝගික පිළිවෙත් අතහැර රාවණා ගවේෂණය කිරීම වනාහී ආචීර්ණ කල්පික ගෝත්‍ර වාදී විමර්ශනයයි. එක්‌ පාර්ශ්වයක්‌ විසින් රාවණා වනාහී පුර්ණ මිත්‍යාවක්‌ යෑයි තර්ක කෙරෙන අතර අනෙක්‌ පාර්ශ්වයක්‌ තර්ක කරන්නේ රාවණා පුරාවෘතය පරම සත්‍යයක්‌ සේ ගෙන ය. වර්තමාණික රාවණා තර්කයට ජාතිවාදය, ගෝත්‍රවාදය, ඉන්දීයවාදය, හනුමාන්වාදය, ඊශ්වරවාදය, රාක්‍ෂසවාදය සහ දකුණු ඉන්දීය සේතු සමුද්‍රම් විරෝධවාදය ද එකතු වී ඇත. එහෙත් 80 ට පෙර ශ්‍රී ලංකාවේ රාවණා තර්කය ඉතිහාසවාදීව සහ ජනශ්‍රැතික වාදීව පවත්වා තිබිණි. 1981 දී මහාචාර්ය විජය දිසානායකයන් විසින් රචනා කෙරුණු "රාවණා විජය මිත්‍යාවන්ද?" නමැති කෘතිය මේ සඳහා පල කෙරුණු ශේ්‍රෂ්ඨ විමර්ශනයකි. මහාචාර්ය විජය දිසානායකයන් ගෝත්‍රවාදී විද්‍යාර්ථියකු නොව සමාජ මනෝවිද්‍යාඥයකුගේ දෘෂ්ඨියෙන් යුතු මානව විද්‍යාඥයකු බව එතුමන්ගේ රාවණා කියෑවීමෙන් සනාථ වෙයි.




රාවණා සොයා යන මට මුලින් හමුවන්නේ ග්‍රෙගරිවය. සර් විලියම් හෙන්ඩි්‍ර ග්‍රෙගරි 1872 සිට 1877 දක්‌වා ලංකාව පාලනය කළ සුදු ආණ්‌ඩුකාර වරයාය. හෙතෙම නුවරඑළියේ නානුඔය දිය උල්පත ග්‍රෙගරි වැව බවට පත් කළේය. මුහුදු මට්‌ටමේ සිට අඩි 6216 ක උසකින් යුතු ග්‍රෙගරි වැව වසරේ හැම කාලයකම ජලයෙන් පිරී පවතින අතර ඇඟිලි පෙවිය නොහැකි තරම්ම ඝණ සීතලකින් ද යුක්‌ත නිසා මානව ක්‍රියාවන්ගෙන් කිළිටි වී නොමැත. ලංකාවේ උසම ජලාශය වන කන්දෙ ඇළ ජල ව්‍යාපෘතිය ග්‍රෙගරි වැවට වඩා උසින් (අඩි 6350) නුවරඑළියේ සිට හෝර්ටන් යන පාරෙදි හමුවෙයි. එයද අයිස්‌ කැටය මෙන් සීතලය. එය අතිශයින්ම පිරිසිදු වූ පානීය අවශ්‍යතා සඳහා ජලය රැස්‌ කරගත් ව්‍යාපෘතියකි.


නමුත් මට යුරෝපයේ මිලානෝහි ඇල්ප්ස්‌ කඳු පන්තියේදී හමු වූ මොන්තෙගී්‍රS්‍රනෝ නම් ගමෙහි ගිර්ලා වැව මුළුමනින්ම අයිස්‌ කැටයක්‌ වී තිබුණි. ඒ විශාල අයිස්‌ වැව් පිට්‌ටනිය මත පාපන්දු තරගාවලියක්‌ ද පවත්වන්නේය.


ගැඹුරු වැව මුළුමනින්ම ඝණ අයිස්‌ කැටයක්‌ වී මිදී ඇති අතර වැව් තාවුල්ලේ තැන තැන ඇතුළතින් මිදී නැති වතුරේ පීනා යන මාලුන් ඊට උඩින් මිදී ඇති අයිස්‌ තලය හරහා වීදුරුවකින් බලා ඉන්නා සේ අපට නැරඹිය හැකිව තිබිණි. එහෙත් ග්‍රෙගරි වැවවත්, කන්දෙ ඇලවත් මොන්තෙගී්‍රනෝහි තිබූ ගිර්ලා වැව ලෙසින් අයිස්‌ වන්නේ නැත.


මම ග්‍රෙගරි වැව් ඉස්‌මත්තේ ඇති ඉඩ්මන්ගේ ස්‌ට්‍රොaබෙරි සල්පිළෙන් රිසි සේ ස්‌ට්‍රොබෙරි රස කැවිලි කා කුළියට ගත් පෝනියෙකුගේ පිටේ නැගී නගර සංචාරයක යෙදුණෙමි. "කමෝන් බ්ලැකී, ගෝ" යෑයි කියා පෝනියාගේ පස්‌සා ගාතයට කුඩා කෙවිටි පාරක්‌ දුන් කල ඌ මා ග්‍රෑන්ඩ් හෝටලය දිසාවට රැගෙන ගියේය.


අද ග්‍රෑන්ඩ් හෝටලය යෑයි නම් ලද මේ ගොඩනැඟිල්ල වනාහී නුවරඑළියේ ඉදිකරන ලද පළමු වැනි සුවපහසු නිවහනයි. සර් එඩ්වඩ් බාන්ස්‌ නම් ලංකාවේ තුන්වැනි ඉංගී්‍රසි ආණ්‌ඩුකාරවරයා තම පෞද්ගලික ධනයෙන් රත්‍රන් පවුම් 8000 ක්‌ වියදම් කොට 1830 දී "බාන්ස්‌ හෝල්" නමින් නුවරඑළියේ සීත මාළිගාවක්‌ ඉදි කළේය. ඒ ගොඩනැඟිල්ල ක්‍රමයෙන් දියුණු වී අවුත් අද වනවිට ග්‍රෑන්ඩ් හෝටලය බවට පත්වී තිබේ.


නුවරඑළිය අතීතයේ වැරදිකරුවන් පිටුවහල් කළ එළිමහන් සිරගත ප්‍රදේශයක්‌ බවට පත්ව තිබූ බවට සාධක ඇත. 1628 දී කන්ද උඩරට රජ කළ විමලධර්මසූරිය රජු මහා පරංගි යුද්ධයෙන් පසු දෝන කත්‍රිනා හෙවත් කුසුමාසන දේවිය සමග සැඟවී සිටින්නට පැමිණ ඇත්තේ ද නුවරඑළිය ප්‍රදේශයට බව ඉතිහාස වාර්තා දක්‌වයි. 1681 රොබට්‌ නොක්‌ස්‌ රචනා කළ කෘතියෙහි ඇති ලංකා සිතියමේ ද නුවරඑළිය ලකුණු කර තිබේ. නොක්‌ස්‌ හතුරෙකු ලෙස නම් කළ පරිසර හිතකාමියෙකු වූ දෙවෙනි රාජසිංහ රජු මහඑළියේ තිබූ ස්‌වාභාවික වනාන්තර ආරක්‍ෂා කර ගැනීම සඳහා වන ආරක්‍ෂණ නිලධාරින්ව ද පත්කළ බවට සාධක තිබේ.


නුවරඑළිය ජනාවාස වන්නේ 1819 පසු යුගයක වූවාට ශිරාන් දැරණියගල විද්වතාණන් හෝර්ටන් තැන්නේ සිදු කළ ප්‍රාග් පුරාවිද්‍යා කැනීම් වලින් හෙළිවී ඇත්තේ ප්‍රාථමික මානවයා ශිලා යුගයේ සිට එෙŒර යුගය දක්‌වා ම මෙහි වාසභූමි තනාගෙන තිබූ බවයි. ක්‍රිස්‌තු වර්ෂ 10 වැනි සියවසේදී පිදුරුතලාගල කඳු පාමුල ලෙන් විහාරවල වනවාසී භික්‍ෂූන් වහන්සේලා වැඩ විසූ බවට 890 හමුවූ සෙල්ලිපි සාධකවල සටහන්ව තිබුණැයි එච්. සී. බී. බෙල් මහතා දක්‌වා ඇත.


1815 ඉංගී්‍රසීන් ලංකාවේ ප්‍රභූ නිළමේවරුන් සමග ඇති කරගත් ගිවිසුම වසර දෙකක්‌ ඇතුළත උල්ලංඝනය කළ හේතුවෙන් 1818 දී වෙල්ලස්‌සේ මහා විමුක්‌ති අරගලය සිදුවුණි. ඉතා අමානුෂික මාර්ෂල් ලෝ නිමයෙන් කැරැල්ල මැඩපැවැත් වූ ඉංගී්‍රසි ආණ්‌ඩුව 1819 දී ම කන්ද උඩරට හරහා නුවරඑළියට දොස්‌තර ජෝන් ඩේව් ව පිටත් කර හරින ලදී. රම්බොඩපාස්‌ ධුර්ගය හරහා වැටී තිබූ අඩි පාරක්‌ දිගේ අසු මෙහෙය වූ දොස්‌තරවරයා කිකිළියාමාණ තරණය කර සුන්දර නුවරඑළියට සේන්දු විය. දොස්‌තර ඩේව් 1819 දී නුවරඑළියට එනවිට මේ ප්‍රදේශ මුළුමණින් ම ඝන කැලෑවන්ය.


1818 විමුක්‌ති අරගලය නිමවී වසරක්‌ ඇතුළත ම සුදු ආණ්‌ඩුවට සැපවත් නුවරඑළිය හමු වූයේ 18 කැරැල්ලේ දෝංකාරය නුවරඑළියට ම වැටී තිබූ නිසා ද විය හැක. වෙල්ලස්‌සේදී මහා වීරවරයෙක්‌ බවට පත්වූ මොණරවිල කැප්පෙටිපොලගේ ඉංග්‍රීසි විරෝධී සේනා මෙහෙයුම්හි එක්‌ ප්‍රබල මර්මස්‌ථානයක්‌ නුවරඑළිය මහ කැලෑවේ සකස්‌ වී තිබිණි. 1819 දී ජොන් ඩේව් දොස්‌තර මහත්තයාට නුවරඑළියට එන්න පාර කීවේ කැප්පෙට්‌ටිපොලගේ සේනා සංවිධානය පිළිබඳ වූ ඉංග්‍රීසි බුද්ධි අංශයේ තොරතුරු ගවේෂණ විය හැකි යෑයි මට සිතේ. දොස්‌තර ජෝන් ඩේව්ගේ වාර්තාව කියවනු ලබන්නේ සර් එඩ්වඩ් බාන්ස්‌ විසිනි. ඔහු වහාම මේජර් තෝමස්‌ ස්‌කිනර්ව ඩේවිගේ වාර්තාව වෙත යොමු කරන්නේ නුවරඑළියට වැටී තිබූ අඩි පාර තාර පාරක්‌ බවට පත් කිරීම සඳහාය. මේජර් ස්‌කිනර්ව අපට මන්නාරමේදී ද හමු වී තිබිණි. 1820 දී මන්නාරම සිට අනුරාධපුරයට විල්පත්තු මහ කැලය හරහා වැටී තිබූ අඩි පාර විධිමත්ව සකස්‌ කරන ලද්දේ ද මේජර් ස්‌කිනර් විaසිනි.


කන්ද උඩරට රාජධානියේ සිට කොත්මලේ හරහා ඌව පළාතට වැටී තිබූ අඩි පාරේ මිනී ඇටකටු තිබූ බවට ඩේව් වාර්තා කරයි. එවකට ලංකාවේ වැඩිම අලි ගහනයක්‌ ජීවත් වූ කඳුකර කැලෑව වූ නුවරඑළිය වන සතුන් ගහන දුෂ්කර මාර්ගයක්‌ වී තිබෙන්නට ඇත. එදා වැඩිම අලි ගහනයක්‌ ජීවත්වූ නුවරඑළිය, මහඑළිය කලාපයේ අද කොට අදින හීලෑ අලියෙකු පවා සොයා ගැනීම අසීරුය. අප්‍රිකාවේ කඳුකර ශීත දේශගුණික ප්‍රදේශවල සෙසු අලින්ට වඩා ප්‍රමාණයෙන් ලොකු සහ ලොම් වලින් ගැවසීගත් අලින් ජීවත් වී ඇත. අද හෝර්ටන් තැන්නේ අලින් ජීවත් වෙන්නේ නැත. විශාල වශයෙන් අලින් ඝාතනය කළ සුදු ජාතිකයකුගේ සොහොනක්‌ මහනුවර දළදා මාළිගාවට පිටුපසින් පිහිටුවා තිබේ. එම සොහොන් වලට දැනුදු ඉඳහිට අකුණු ගසන බව ප්‍රකට කාරණයකි. හෝර්ටන් තැන්නේ අලි ඇතුන් ඝාතනය කොට උන් වඳකොට දැමීම "හෙණ ගහන අපරාධයක්‌" බවට ඒ ප්‍රවාදය හොඳ උදාහරණයකි.


සර් එඩ්වඩ් බාන්ස්‌ගේ යුගයේ ලංකා රයිෆල් හමුදාවේ සිටි කාපිරි සෙබලුන් 70 ක්‌ යොදා නගරය වෙනුවෙන් ගස්‌ කපා නුවරඑළිය සකස්‌ කිරීම සිදුකෙරිණි. බාන්ස්‌ට පසු ආණ්‌ඩු කළේ සර් රොබට්‌ විල්මට්‌ හෝර්ටන්ය. නුවරඑළියේ සිට තොටුපල කන්ද සහ කිරිගල්පොත්ත කන්ද තරණය කළ විට හෝර්ටන් ආණ්‌ඩුකාරවරයාට "මහ එළිය" හමුවුණි. මහ එළියේ ජෛව විවිධත්වයෙන් මෝහනය වූ ආණ්‌ඩුකාරවරයා ඒ සුර සුන්දර ශීත කලාපය තම ආර්යාවගේ නමින් නම් කළේය. එතැන් සිට මහඑළිය හෝර්ටන් තැන්න බවට පත් වී දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ අති සුවිශේෂී කැමැත්තට පාත්‍ර වූවාය.


මම පෝනි අශ්වයාගේ පිටෙන් බැස අයිතිකරුට කුළිය ගෙවා මගේ වාහනයේ නැගී ග්‍රෙගරි වැව පසු කර සීතාඑළිය, හග්ගල පැත්තෙන් හෝර්ටන් තැන්න ලෙස නම් ලැබූ මහඑළිය කරා ගමන් ඇරඹුවෙමි.


සීතාඑළියේ සීතා කෝවිල ඉදිවී තිබේ. එහි සීතා, රාම, ලක්‍ෂ්මන සහ හනුමාන් යන ආරH දෙවිවරු වන්දනා ලබති. එහෙත් සීතාව ලක්‌දිවට රැගෙන ආ රාවණා වෙනුවෙන් දේවාලයක්‌ මේ රාවණා අඩවියේ තබා මුලු තුන් සිංහලයේම ඉදිවී නැත. 1819 වර්ෂයේ සිට ඇරැඹි ඉංගී්‍රසි නගර සැළසුම් මත නුවරඑළිය ජනාවාස වූයේ නම් ක්‍රිස්‌තු පූර්ව 7 වන සියවසේදී පමණ සිදුවුණා යෑයි අනුමාන කෙරෙන රාම රාවණ කථාවේ සීතා එළිය දේවිය නමින් කෝවිලක්‌ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ඉදිවන්නේ කෙළෙසද?


1830 ගණන් වන විට ඉංග්‍රීසින් තම යටත් විජිතයේ වතු වැවිල්ල ආරම්භ කොට තිබිණි. එහෙත් වතු වැවිල්ල නමැති කර්මාන්තයට අත්‍යවශ්‍ය මූල සාධකය වූ මිනස්‌ ශ්‍රමය ලංකා සමාජයෙන් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් විය. රාජකාරි ක්‍රමයේ කෘෂි ආර්ථිකයකට පුරුදුවී සිටි අපි "කුලී කුරක්‌කම" පහත් සේ සැලකුවෙමු. එහෙයින් "ඉන්දීය කුලී කම්කරුවා" සිංහල ශබ්දකෝෂයට ඇතුළත් වුණි.


1848 සර් සැමුවෙල් බේකර්ස්‌ නම් දඩයක්‌කරුවා, සංචාරකයා සහ පුද්ගලික වැවිලිsකාර ධනවත් තරුණයා ලංකාවට පැමිණියේය. කන්ද උඩරට වැසි වනානතර සංචාරය කරන්නට ගොසින් කැලෑ උණ ගැණුනු සැමුවෙල් බේකර්ස්‌ සුව වායුගෝලයක්‌ හිමි සුඛෝපභෝගී නුවරඑළිය වෙත යොමු කරන ලදී. නුවරඑළියේ සරුසාර කළු පස ඇස ගැසුණු මේ ශූර වැවිලිකරුවා වහාම පෙරළා සිය රට වූ එංගලන්තයට ගොස්‌ තම වැවිලි ව්‍යාපාරික සහෝදරවරු සහිත වතු වගාවේ යන්ත්‍ර සූත්‍ර ද සහිත නව්කා තුනකින් ලංකාවට පැමිණියේය. සිලිං 20 බැගින් නුවරඑළියෙන් අක්‌කර 1000 ක්‌ මිලට ගත් බේකර්ස්‌ සහෝදරවරු එංගලන්තයේ සිට නැව් නංන්වා ගෙන ආ යෝධ වැවිලි යන්ත්‍ර නුවරඑළියට ගෙනාවේ හීලෑ අලි ලව්වා කන්ද තල්ලු කරමිනි.


නුවරඑළිය සරුසාර භූමියේ "බේකර්ස්‌ ෆාම්" ආරම්භ විය. කැරට්‌, ගෝවා, බීට්‌රූට්‌ ආදී යුරෝපීය මිල අධික එළවළු ලංකාවේ වගා කරන ලදී. පොළොවේ ඇපල් (අර්ත් + ඇපල් = අර්තාපල්) යන තේරුම ඇති අර්තාපල් වගාව ඇරඹුණි. බේකර්ස්‌ ෆාම් වලින් ආරම්භ වූ කඳුරට වතු වැවිල්ල සඳහා කුලී කම්කරුවන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූහ. මේ දුප්පත් කම්කරුවන්ගේ ආගමික විශ්වාස තුළ රාමා, සීතා, ලක්‍ෂ්මන් සහ හනුමාන් සිටියේය. රාමායනය ඔවුන්ගේ කෝවිල්වල ගායනා වන්නට විය. සීතාව පැහැරගෙන ආ රටට ඔවුන් පැමිණ ඇතැයි මව් රට දමා ආ මේ දුප්පත් මිනිසුන් සිතන්නට ගත්තේ රාමායනයේ සඳහන් අයෝධ්‍යාවේ ඇති භූගෝලීය සහ දේශගුණය මේ රටේ තිබූ නිසාය. එහෙයින් "සීතාඑළිය" ඔවුන්ට ඇසුණේ "සීතා එළිය" කියාය. හග්ගල කන්ද රාවණාගේ ඖෂධ උයන ලෙස ඇදහූ මේ දුප්පත් වන්දනා කරුවෝ හග්ගල කඳු පාමුල තිබූ සුන්දර දිය දහර අද්දරින් සීතා කෝවිල බිහි කර ගත්හ.


මම සීතා කෝවිල පසු කර හග්ගල මල්වත්ත අසළින් අඹේවෙල දක්‌වා ගමන් කළ හැකි දුර්ග මාර්ගයට පිවිසුණෙමි. සුන්දර තේ වතු මැදින් වැටී ඇති මේ මාවතේ යනෙන සංචාරකයන්ට වතු කම්කරු ලයිම් පේලි හමුවෙයි. ඒවා අසල පිහිටුවා ඇති කුඩා කෝවිල්වල ඇති හනුමාන් රූප මට දීර්ඝ කථාවක්‌ කියා දෙයි. මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ව සිහි කෙරුවෙමි. එතුමෝ දැන් වසර කිහිපයක සිට ම හනුමාන් පර්යේෂණයකට අවතීර්ණව සිටී. "දෙමළ බෞද්ධයා" පර්යේෂණය එළිදැක්‌ වූ සැණින් මෙරට ගෝත්‍ර වාදියෝ එතුමන්ට ප්‍රහාර එල්ල කළහ. මහාචාර්ය තුමෝ ශක්‌තිමත් ශාස්‌ත්‍රීය සන්නාහයකින් සන්නද්ධ වී ඇත්තාහ. හනුමාන් පර්යේෂණය එළිදක්‌වන තුරු ද ගෝත්‍ර වාදීහු ආවුද මුවහත් තබමින් බලා සිටිති.


මතු සම්බන්ධයි. 


උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/29/feature03.html

Monday, August 23, 2010

ඉතිහාස හරහා සංචාර කරන්නකුට රාවණා හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි

0
 
ඉතිහාස හරහා සංචාර කරන්නකුට රාවණා

හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි


18 වන කොටස


"මුලින්ම ගුවන් යානය සොයාගත්තේ කවුද?"


දිඹුලාගල ජිනාලංකාර නායක හාමුදුරුවෝ මා දෙස නොබලාම ප්‍රශ්න කරති. මීට පෙර මේ ප්‍රශ්න මගෙන් මුල්වරට අසා තිබුණේ කඳනේ හපුගොඩ ඉස්‌කෝලේ වින්සන් මාස්‌ටර් බව මගේ මතකයේ රැඳී තිබේ. එදා මම සෘජු ලෙසම "රයිට්‌ සහෝදරවරු" යෑයි උත්තර දුන්නේ ඊට පෙරදා රාත්‍රියේ අයියාගේ කියවීම් පොත පෙරළා බලා තිබූ නිසාය. එහෙත් සීලාලංකාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට දුන් මගේ පිළිතුර ඊට වඩා වෙනස්‌ය.


"රාවණා!"


උන්වහන්සේ පළමුවරට මා දෙස හැරී බැලූහ. මම එක ම ඉරියව්වෙන් නායක හාමුදුරුවන්ගේ දැස්‌ දෙස බලා සිටියෙමි. ඒ ගැඹුරු දැස්‌ තුළ මා පිළිබඳ ප්‍රසාදයක්‌ දැල් වී යනු මට පෙනේ.


"හුඟාක්‌ එවුන් කියන්නේ රයිට්‌ සහෝදරයෝ කියලනේ..."


"ඒ ඔය අද අපි දකින ගුවන් යානයේ ඉතිහාසයනේ හාමුදුරුවනේ. ඊට හුඟාක්‌ කලින් අහස්‌ යන්ත්‍රයක්‌ ගැන ලෝක ඉතිහාසයේම මුල්වරට සඳහන් වෙන්නේ රාමායනේ යි මගේ හිතේ"


"බොහොම හරි"


උන්වහන්සේ මට අසුනක්‌ පනවා දිගු අනුශාසනාවක්‌ පැවැත්වූහ.


දිඹුලාගල ජිනාලංකාර නායකහාමුදුරුවන් සුවිශේෂී දැව කැටයම් නිර්මාණ ශිල්පියෙකි. උන්වහන්සේගේ ලී කැටයම් ශෛලියට "දිඹුලාගල ශෛලිය" යෑයි නම් තැබිය හැකි බව මම ප්‍රකාශ කෙරුවෙමි. එහි ඒ තරම්ම සුවිශේෂි බවක්‌ ගැබ්වෙයි.වියපත්ව හෝ ස්‌වාභාවික උවදුරකින් හෝ කඩා වැටුණු පලු, වීර, කළුවර, කළුමැදිරිය ආදී අරටු සහිත තද ලී කඳන් ගස්‌ පිටින් විහාරයට ගෙන්නා ගන්නා උන්වහන්සේ ඒ ගසේ උසටම කැටයම පවත්වා යයි. දිඹුලාගල පත්තිරිප්පුවේ තැන්පත්කොට ඇති විශාල දැව කැටයම් උන්වහන්සේගේ නිර්මාණශීලීභාවයට කදිම නිදසුන් ය.


මම දිඹුලාගල සංදාරයකොට උන්වහන්සේ බැහැ දැක්‌කෙමි. කැටයම්කරණයේ භාවනානුයෝගීව සිටි උන්වහන්සේගේ අවදානය මාවෙත දිනා ගැනීමට මා කොතෙක්‌ උත්සාහ කළ ද එය මට කළ හැකි වූයේ නැත. මා තුළ ඇති ජනකාන්ත නළුකමේ වගක්‌ උන්වහන්සේට නැත. පොඩි හාමුදුරුවන් විසින් මගේ ඉතිහාස මාධ්‍ය ශවේෂණ පිළිබඳ කොතෙක්‌ උදාහරණ දක්‌වමින් මා හඳුන්වා දුන්නද නායක හාමුදුරුවන් මා හඳුනන්නේ නැත. උන්වහන්සේට ටෙලිවිෂන් එක මහ කඡ්ජක්‌ නොවේ.


"අපි මේ කැලේ ඉන්න වැද්දෝ අපෙන් මොනවා දැනගන්නද?"


යෑයි උන්වහන්සේ මා මඟහැරීමට උත්සහ කරයි. නමුත් නායක හාමුදුරුවන්ගේ අවදානය දිනා ගැන්මට මගේ තිබූ උත්සහය මම අත් නෑරියෙමි. උන්වහන්සේ අහස්‌යානයේ ප්‍රශ්න මගෙන් අසනු ලැබුවේ අනිවාර්යයෙන් ඊට මා දෙන පිළිතුරින් මා පරාජය කළ හැකි යෑයි සිතූ නිසා විය යුතුය. එහෙත් මගේ පිළිතුරේ තිබූ රාවණාවාදී බව හේතුවෙන් සීලාලංකාර නායක හාමුදුරුවෝ මාවෙත කරුණාවන්ත වූහ.


වර්තමාන ලංකාවේ ජනගහනයෙන් සියයට සියයකම රාවණා විශ්වාසයක්‌ නැත. අදවන විට පුවත්පත්වල රාවණා ප්‍රවාදය හොඳින් සංවාද කෙරෙයි. එහෙත් ජනකාන්ත රූපවාහිනිය සහ ගුවන්විදුලිය මේ මාතෘකාවේ ඇති යාවත්කාලීන මානවවාදය පර්යේෂණ නොකොට ඇති හෙයින් එය ජාතික සංවාද ඝණයට නොගනියි. එහෙත් මව්බිමේ ඉතිහාසය හරහා සංචාරය කරන්නකුට නම් රාවණා හොඳ ජනශ්‍රැතික ඉතිහාස මූලයකි.

"ජනශ්‍රැතියට ගෞරව කරන්න" යෑයි මට විද්වතුන් දෙපලක්‌ම උගන්වා ඇත. ඉන් පළමු ගෞරවය හිමිවන්නේ ක්‍රිස්‌තු වර්ෂ පස්‌ වන සියවසේදී ලංකා ඉතිහාසය ග්‍රන්ථාරූඪ කළ මහා විහාරවාසී මහානාම නායක ස්‌වාමීන් වහන්සේටය. උන්වහන්සේ "සුතිගෝච උපාගතං" යෑයි මහාවංසයේ පවසා ඇත්තේ "ජනශ්‍රැතික විශ්වාසයන් ඉතිහාසයෙන් බැහැර නොකරන්න" යෑයි වර්තමාන අපට උපදෙස්‌ දෙනු පිණිසය. දෙවැනි විද්වතා පහළ වන්නේ විසි වැනි ශතවර්ෂයේදී ජර්මනියෙන්ය. ඔහු ලෝක විද්‍යාවන්ට සමාජ මනෝවිද්‍යාව සහ ජනශ්‍රැති විද්‍යාව හඳුන්වාදුන් මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් ය. සමහර වර්තමානිකයන් මිත්‍යා කථා යෑයි සලකා යථාවෙන් බැහැර කරන උත්පත්ති කථා, පුරාණෝක්‌ති ආදියේ ගැඹුරු සමාජ විද්‍යාත්මක සහ භෞතිකමය සත්‍යයන් ඇතැයි ප්‍රොයිඩ්යානු ඉගැන්වීම්වල සඳහන්ය. ප්‍රොයිඩියානු ඉගැන්වීම් පුරාවිද්‍යාත්මකව සනාථ කළේ ක්‍රිස්‌තු වර්ෂ 1900 දී ග්‍රීසියේ ක්‍රීට්‌ දූපතේ කැනීම් භාරව සිටි පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ආතර් එවන්ස්‌ය. 1900 ට පෙර මිත්‍යාවන් යෑයි සිතා සිටි හෝමර්ගේ ඔඩිසි ඉලියඩ් හී මිනෝටර් රජුගේ වීර කථාව ශ්‍රීමත් ආතර් එවන්ස්‌ විසින් සත්‍ය කථාවක්‌ බවට පුරාවිද්‍යාත්මකව ඔප්පුකොට පෙන්වීය.


එහෙයින් රාවණා පුරාවෘතයට ද දැන්ම නැවතීමේ ලකුණ තැබිය නොහැකිය. එය අනාගත පුරාවිද්‍යාවට සහ ජනශ්‍රැති විද්‍යාවට භාරදී මම සංචාරය කරමි. මම මල්වතුඔය නිම්නයේ සිට අයෝධ්‍යාව සදිසි සිතාරක්‍ෂිත පරිශ්‍ර සොයා සංචාරය කිරීම පිණිස මගේ රථයට ගොඩවුණෙමි.


අද ලංකාව සංචාරකයන් ආකර්ශනය කරන මුල් පෙළේ රටක්‌ යෑයි ලෝක ප්‍රකට ආයතන විසින් ප්‍රතිඥ දෙමින් සිටී. තිස්‌ අවුරුදු යුද්ධය හමාර වූ සැණින් ලංකාව ලෝකයේ ඇති සංචාරකයන් ආකර්ශනය කරගන්නා රටවල් 32 න් පළමුවැනි රට බවට පත්ව ඇතැයි ,භැඅහදරන ඔදාaහ, සඟරාව දැනුම් දුන් අතර ,භ්එසදබ්ක ඨැදටර්චයසජ, ආයතන ප්‍රකාශ කළේ ලංකාව ලෝකයෙන් ම දෙවැනි තැන ලබා ඇති බවයි.


දැන් ලංකාවට සංචාරක ඉල්ලම පහළ වී තිබේ. නිධානය හමු වන්නේ ඉල්ලම හොඳින් කළමනාකරණය කළ විටදීය. ඉල්ලම වැරදි ලෙස පරිපාලනය කළහොත් හෝ කළමනාකරණය නොකළහොත් හෝ සිදුවන්නේ නිධානය නාස්‌ති වී පුසුවී යැමයි. විදේශ විනිමය උපයාගත හැකි විවිධ කර්මාන්ත අතරින් ලොව ඇති හොඳම කර්මාන්තය වනාහී සංචාරක කර්මාන්තය යි. සෙසු කර්මාන්තවලට සාපේක්‍ෂව සංචාරක කර්මාන්ත සඳහා වැය වන මූල ධනය අඩුය. එනිසා අඩු වියදමකින් වැඩි ආදායමක්‌ ලබාගතහැකි ලාභදායී ජාතික කර්මාන්තයක්‌ ලෙස ලාංකීය සංචාරක කර්මාන්තය අනාගතයේදී දියුණු වීමට නම් මනා ශික්‍ෂණයකින් සහ සිද්ධාන්ත දැනුමකින් යුතු පරිපාලන ක්‍රමවේදයක්‌ අවශ්‍ය වන්නේය. නොඑසේනම් සිදුවන්නේ වරද්දාගත් ඉල්ලමක්‌ බවට සංචාරක කර්මාන්තය පත්වී එයින් අනාදිමත් ලාංකීය සංස්‌කෘතියට හානි පැමිණීමයි.


සංචාරකයන් ආකර්ශනය කිරීම සඳහා රාවණා පුරාවෘතය භාවිතා කිරීමට දේශීය සංචාරක පරිපාලනය තීරණය කොට ඇතැයි ප්‍රවෘත්ති පලවිය. බුරුමය, සියමය, තායිලන්තය වැනි රටවල් මේ වනවිටත් රාවණා පුරාවෘත්තය සංචාරක ආකර්ශනයක්‌ බවට පත් කරගෙන ඇති රටවල්ය.ලංකාවේ දළදා පෙරහැර සංචාරකයන් ආකර්ශනය කර ගන්නා සංස්‌කෘතිකාංගයක්‌ වී ඇති ලෙසින්ම අග්නිදිග ආසියාතික රටවල ඇති සාම්ප්‍රදායික සහ විචිත්‍රවත් රාවණා උත්සව සංචාරකයන් ආකර්ශනයකරන සංස්‌කෘතිකාංගයන් වී ඇත. ඊසානදිග ඉන්දියාවේ ඇති දුසේරා උත්සවය ද දකුණු ඉන්දියාවේ ඇති හනුමාන් උත්සව ද රාවණා පුරාවෘතය ඔස්‌සේ ගොඩනැගෙන විචිත්‍ර සහ සංචාර ප්‍රිය සංස්‌කෘතිකාංගයන්ය. එහෙත් ලංකාවට රාවණා වන්දනාවක්‌ හෝ රාවණා උත්සවයක්‌ හෝ නැත. එහෙත් රාවණාගේ උප්පැන්නය ලියාගන්නට උත්සහ කරන අග්නිදිග ආසියාවේ සහ දකුණු ඉන්දියාවේ බොහෝ රටවලට නැති රාවණා භූගෝල කලාපයන් ලංකාවට ඇත. මම නැමති දේශීය සංචාරකයා මේ භූගෝලීය කලාප හරහා සංචාරය කිරීමට නිමිත්තක්‌ සොයා ගතිමි. මගේ ඉතිහාස සංචාරයේ රාවණා පුරාවෘත්තය වනාහී අතුරු පරිච්ඡේදයකි. එහෙත් කවුරුන් හෝ ලාංකීය සංචාරයකුට රාවණා ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ගෙනද විචිත්‍ර සංචාරයක නියෑලිය හැක. මම ආරම්භයක්‌ ලෙස මහවැලි "ගඟ දිගේ" සංචාරය කළේ එය පූර්වාදර්ශ කරගෙන තව තවත් මාධ්‍ය සංචාරකයන් ලංකාවේ ඇති සෙසු බොහෝ විචිත්‍ර ගංගාවන් හරහා ඇවිද යතැයි සිතාගෙනයි. එහෙත් කවුරුන් හෝ මේ විචිත්‍ර පර්යේෂණයට එන පාටක්‌ නැත. එහෙයින් මම මේ දිනවල කළු ගං කොමලියට ප්‍රේමකරමින් ඇය ගැන අපූරු තොරතුරු රැස්‌ කරමින් සිටිමි. ළඟදිම දවසක කළු "ගඟ දිගේ" සංචාරය කිරීමට සිදු වන්නේ ද මටම විය යුතුය.


කවුරුන් හෝ "රාවණා සොයා" සංචාරය නිර්මාණය නොකොට තිබූ හෙයින් ඉතිහාසය හරහා ඇවිදයන මහා සංචාරය මම දැන් රාවණා දෙසට හරවා ඇත. එහෙත් එය අතුරු කථාවක්‌ වන නිසා මම සැකැවින් රාවණා සංචාරය කරමි.


මා වයඹ කලාපයේ සිට කෙළින්ම ප්‍රවිෂ්ඨ වූයේ ශීතල නුවරඑළියටයි. ලෝක සිතියමේ ලංකාව නමැති ඉතා කුඩා දිවයින විශ්ම දිවයින (ඵසර්ජමකදමි ෂික්‌බා) ලෙස විරුදාවලි ලැබුවේ එහි ඇති පුදුම ඵලවන සුළු භූගෝලීය පිහිටීම නිසාය. අරාබි කාන්තාරයේ සිට ස්‌විට්‌සර්ලන්තය සංචාරය කරන්නට දේශාඨන ප්‍රඟුලෙකුට දින බොහෝ ගණනක්‌ සහ විශාල ධනයක්‌ද වීසා බලපත්‍ර සහ අවසර ගමන් බලපත්‍ර ද බොහෝ සංකීර්ණව අවශ්‍ය වෙයි. එහෙත් අරිප්පුවේ සිට නුවරඑළි යන්නට අවශ්‍ය කරන්නේ පැය පහක පමණ උපරිම කාලයක්‌ පමණි.


මම මීට පෙර මේ අත්දැකීම විඳ තිබුණේ ලෙබනන්හීදීය. ලෙබනන්හී බීරූට්‌ නගරය වනාහී මධ්‍යධරණී මූහුදට විවර වූ ශුෂ්ක කාන්තාර ලක්‍ෂණ දරණ වෙරළ තීරයකි. එතැන් සිට පැය දෙකකට ආසන්න කාලයක්‌ ගෙවා බෘම්මානා කන්ද තරණය කළ විට හිම පතනයට ලක්‌වීමේ භාග්‍ය උදාවෙයි. බෘම්මානා කඳු මුදුනේ ඇති සිඩාර් වනාන්තරයේ බිම පතිතව තිබූ හිම මත සිටගත් කළ ඈතකාන්තාරයේ බීරූට්‌ නගරයත් ඉන් ඔබ්බෙහි තද අව් රශ්මියට ජිවලිතව පවතින මධ්‍යධරණී මුහුදත් හොඳින් පෙනේ. බීරූට්‌ වෙරළ කලාපය කාන්තාර ලක්‍ෂණ දැරුවාට එහි සිටින්නකුට දැනෙන වියළි බවට ශීත දේශගුණය එකතු වී තිබේ. කර්කටක නිවර්තනයට ආසන්න උතුරු අර්ධගෝලයේ බීරූට්‌ නගරය පිහිටන නිසා ඝර්ම කලාපයේ ඇති අරිප්පුව තරම් දහදිය දමන වියළි උෂ්ණයක්‌ එහි නැත. බීරූට්‌ නගරයේ ඇත්තේ ශීත වියළි උත්තරාර්ද දේශගුණයකි. ලංකාවේ වයඹ කලාපය වනාහී උෂ්ණ වියළි ශුෂ්ක ලක්‍ෂණවලින් යුතු දේශගුණික වටපිටාවකි. එහෙයින් ශීත වියළි බීරූට්‌ සිට පැය දෙකකින් බෘම්මානා සංචාරය කරනවාට වඩා උෂ්ණ වියළි වයඹ කලාපයේ සිට ශීත තෙත් නුවරඑළියට පැය හතරකින් ළඟාවීම ආශ්වර්යවත්ය.


මම සුන්දර නුවරඑළිය නගරය හරහා ඇවිද ගියෙමි. සියොලඟ හිවුඩු පිපෙන තෙක්‌ ශීතලෙන් මිදීම සඳහා මගේ ශුෂ්ක ඇඟලුම් මට වෙනස්‌ කිරීමට සිදු වී ඇත. ශුෂ්ක කලාපයෙන් වියළි කලාපයටත් එතැනින් උෂ්ණ තෙත් කලාපය හරහා ශීත තෙත් කලාපය තෙක්‌ම සංචාරය කළ මගේ මාවත වැටී තිබුණේ අරිප්පුවේ සිට මන්නාරමටත්, එතැන්සිට ඒ 14 මාවතේ අනුරාධපුරයටත්, ඒ 9 මාවතේ දඹුල්ල, මාතලේ, කටුගස්‌තොට හරහා මහනුවරටත්ය. මහනුවර සිට ගම්පොළ පාරේ පැමිණ මම මහවැලි ගඟ ගම්පොළ පාලමින් තරණය කොට රම්බොඩ පාස්‌ නම් වූ නවමු කඳුකර බිම්ගෙය හරහා නුවරඑළියට පැමිණියෙමි. දැන් මගේ පිළිවෙත් යූරෝපීය බවක්‌ දරයි. ඉංග්‍රීසි ජාතිකයන් මාතලේ රත්තොට හරහා නකල්ස්‌ කඳු තරණය කර මණිගල කන්ද අසල පතන්බිම දුටු කළ පුදුමයට පත් වී ඔවුන් යළි බටහිර රටකට ගියා සේ සිතූ නිසා ඒ පතන රිවෙස්‌ටන් යෑයි නම් කළෝය. රිවෙස්‌ටන් යනු ,Ree Western, හෙවත් "යළිත් බටහිර" යන අර්ථය ඇති යෙදුමකි.


සුදු ජාතිකයන් නුවරඑළිය සොයා ගත්තේ ද එහි තිබූ ශීත තෙත් දේශගුණය තම මව් රටේ දේශගුණයට බොහෝ සෙයින් සමාන වූ නිසාය. රාවණා පුරාවෘතයේ නුවරඑළියට ඇති නෑදැකමත් භූගෝලීය සහ දේශගුණික සම්බන්ධතාවකි. මා රවණා සංචාරය කිරීමට නුවරඑළිය තෝරාගත්තේ වාල්මිකී විසින් රචනා කළ රාමායනයේ සඳහන් සීතා සිරකොට තැබූ ස්‌ථානය වනාහී නුවරඑළිය ආසන්නයේ පිහිටි කඳුකර භූමිභාගයක්‌ යෑයි වර්තමාන විද්වතුන් දරණ මතය ඔස්‌සේ යමිනි.


යුරෝපීයයන්ට නුවරඑළිය බටහිර දේශගුණික තත්ත්වයෙන් යුතු ප්‍රදේශයක්‌ වූවා සේම සීතාවන්ට මේ කඳුකරය තම මව් බිම වූ හිමාල මූලයේ අයෝධ්‍යාව සිහිගන්වන ප්‍රදේශයක්‌ වන්නට ඇතැයි පුරාවෘතය දක්‌වයි. අයෝද්‍යාවේ අශෝක වනය ඇති සිසිල් මාරුතය වාල්මිකීගේ වර්ණනා මුඛය අවුස්‌සා ඇත. රාවණාගේ ලංකාපුරය යනු වර්තමාන ශ්‍රී ලංකාව නම් ජනක දුහිතෘ සීතාව විවාහ කරගත් දශරථ පුත්‍ර රාමගේ අයෝධ්‍යාව වන්නේ ඉන්දියාවේ කවරනම් ප්‍රදේශයක්‌ දැයි ද සොයා බැලිය යුතුය. සීතාවන්ට කියන තවත් නමකි ජානකී. අපේ රටේ කුමරදාස නම් රජ කෙනකුන් "ජානකී හරණය" (සීතා පැහැරගැනීම) නම් සංස්‌කෘත භාෂිත ප්‍රේම කාව්‍ය රචනා කළේද ඒ නිසාය. ජනක රජුගේ විදේහ නගරය යනු වර්මාන නේපාලය අසල වූ ජනකපුර යෑයි කනිංහැම් වාර්තා කරයි. අයෝධ්‍යාවේ වර්තමාන පිහිටීම වනාහී පයිසාබාද් අසල වූ අවුද් නගරය යෑයි සැක කෙරේ. නේපාලයත්, පයිසාබාද් ප්‍රදේශයත් වර්තමාන නුවරඑළියත් අතර මනා දේශගුණික සාම්‍යයක්‌ ඇත. රාවණා සීතාව පැහැරගෙන අවුදින් ඇගේ සැප පහසුකම් පිළිබඳ අවදානගෙන විදේහ නුවරට, අයෝධ්‍යාවට සමාන දේශගුණයක්‌ ඇති නුවරඑළියේ හග්ගල කඳු අරණේ වර්තමාන සීතාඑළිය ප්‍රදේශයේ රඳවාගෙන සිටින්නට ඇතැයි පුරාවෘත විශේෂඥයෝ සැක කරති.


එය නොහන සමහරක්‌ ජනයා පවසන්නේ සීතාඑළියට ඒ නම වැටුණේ රාමායනයේ සීතාවන් නිසා නොව එම එළිමහන් ප්‍රදේශය අධික ශීතලෙන් යුක්‌ත වූ නිසා එය "සීත එළිය" ලෙස හඳින්වූ බවයි. පසුකාලීන රාමාවාදීන් නුවරඑළියේ පදංචි වූ පසු සීතා වන්දනාව ලංකාවට ගෙන ඒමට පහසුවනු පණිස සීත එළිය සීතා එළිය බවට පත්කර ගත් බව ඔවුහු විශ්වාස කරති.


ඊට විරුද්ධව සීතාව පැහැරගෙන ආවේ ලංකාවට ම යෑයි විශ්වාස කරන පිරිස්‌ සීතා එළිය පමණක්‌ නොව ලංකාවේ ප්‍රදේශ නාම බෙහොමයක්‌ මේ පුරාවෘතය සමග සම්බන්ධකම් පවත්වන බව පෙන්නුම් කරයි. සීතාඑළිය, සීතාවක, රාවණා ඇල්ල, රාවණා කන්ද, රාවණා ගුහාව, රාවණාගොඩ, මහාරාවණා කොටුව, කුඩාරාවණා කොටුව, තොටුපල කන්ද, වාරියපොළ පමණක්‌ නොව ලග්ගල, ලකේගල, රූමස්‌සල, සීගිරිය, කොත්මලේ, ත්‍රීකුණාමලේ, පස්‌සර, බදුල්ල, හෝර්ටන්තැන්න සහ මන්නාරමේ හනුමන්තා පාලම ආදී තැන් ලංකාව භූගෝලය තුළ රාවණා ප්‍රවෘත්තියට යාවජීව ව ඇතැයි බොහෝ දෙනා අදහති.


මේ නම් ලයිස්‌තුව සංචාරකයකුට හොඳ නිමිත්තකි. වරණය යනු ඇවිදීමයි. සංචරණය යනු වඩා හොඳින් ඇවිදීමයි. ඉබාගතේ යැම, ඔළුව හැරුණු අත යැම වනාහී සංචාරය නොවන්නේය. සංචාරකයකු ඇවිදීම සඳහා තේමාවක්‌ තිබිය යුතුමය. මා වාල්මිකී මුණිවරයාගෙන් ගත් "රාමායණයත්" කුමාරදාස රජුගෙන් ගත් "ජානකී හරණයත්" කිහිළි ගන්වාගෙන ග්‍රෙගරි වැව හරහා හග්ගල මල්වත්ත දෙසට හැරුනේ සීතා කෝවිල බලා සංචාරය කිරීමටය.


මතු සම්බන්ධයි


උපුටා ගැනීම -http://www.divaina.com/2010/08/22/feature10.html

Sunday, August 15, 2010

රාවණ තරු සිරි අසිරිය 03

0


රාවණ තරු සිරි අසිරිය 03

පසුගිය සතියෙන්....
යමකාල ශාස්‌ත්‍රය

යමකාල සිද්ධිය ගැන ද පෙර කතා කොට ඇත. ඒ ලෙවිකේ බණ්‌ඩාර මැතිඳු ගැන කතාවේදීය. යම කාලය ගැන එතෙර ද කතා බහ ඇත. අන්තර් ජලයෙන් අප දකිනා එම අරුත් සැපයීම් සමග සංසන්දනය කරන කල්හි ඔවුන් යමකාලය කියන්නේ ඔවුන්ට සිතෙන දෙයටය.

එහෙත් ඊට වඩා සැඟවුණු සත්‍යයක්‌ එහි වේ. යම යන පදය දෙක යන අරුත ගෙනදෙයි "යමා මහ පෙළහර" නම් එකවර ගින්දර සහ ජලය විසුරුවා හැරි විශ්මයයි මෙය එකවර ගිනි සහ වතුර පිටවනවා සේ දුටුව ද එය දෙවරකදී එහෙත් වේගයෙන් සිදු වේ. එය බුධ ඥණයට පමණක්‌ විෂය වේ.

යමක ගී යනු අරුත් දෙකක්‌ සහිත ගී පදයි "රා බොන දවස වෙන්කර හඳුනා ගන්නේ" මෙය දුටු පමණින් මතක්‌ වන්නේ පොල් රා නම් ඒ ඔහුගේ දැනුමේ තරමයි. මෙහි සූර්යාගේ ගමන හෙළිකරණුයේ "රා" යන්න හිරු සඳහා යොදනු ලබන බැවිනි.

මෙසේම යම කාලය යනු ශක්‌තීහු දෙකක උදාවකි. ඒ ගණිතමය, විද්‍යාත්මක සංකල්පයය. යම දේවතා සිඬිය එහි එන තවත් ප්‍රභේධයකි. "යම" යනු දෙවතාවෙකි. ගම්භාර සිටු සූනියම් දෙවිඳුන්ටද යමෙකු "යම" යෑයි කියති. සූනියම් දේව යාදිනි වල එය සඳහන් වේ. එහෙත් සූනියම් ගම්භාර දේවතාවාගේ වාහනය අජානීය තුරඟ වාහනයකි. යම දෙවතාවා මෙන්ම ගිණි කබලක්‌ ද අතින් ගෙනේ.

යම දේවතාවා ගම්භාර ඔඩ්ඩ් මංගල දෙවියන්ට වඩා සැර පරුෂය. ඔහුගේ විස්‌තර බොහොය. වාහනය මී හරකාය. යම කාල සිඬියේදී යමයා මී ගවයා පිට නැගී එන්නේය. එය දෘෂ්ටි මායාවක්‌ නොවේ. ලෙවිකේ මැතිඳු රාජ සමාවට යන සැම විටම යම දේවතාවා ඔහු අසළ විය. එහෙත් අවසන් දින රාජ සමාපව යාම සඳහා යම දේවතාවාට ආරාධනය කළත් නාවේය. ඒ ලෙවිකේගේ ආයු ක්‍ෂය දිනයයි. මෙය අපට සුවිශේෂ පාඩමක්‌ කියාදෙයි.

"ලෙවිකේ මැතිඳු අද තනියම වෙළ මැද්දේ"

යනු පැරණි කවියක පදයකි. ඒ ඉහත කථාව සිහිපත් කරවයි.

නරපුර ඉන්දුම

නරපුර ඉන්දුම යනු ද එවැනිම බලවත් ශාස්‌ත්‍ර සිද්ධියකි. මෑතකදී මාහට හමුවී ඇති පිටපතකි. අසූ හාරදහසක්‌ වින බන්ධන ගැන පැහැදිළි කරන එහි නරපුර ඉන්දුම නාම මාත්‍රිකය. ඒ මෙහි දූර්ලභ බවයි. නිසි වත් පිළිවෙත් පුරා නරපුර ඉන්දුම සිය ජීවයට සම්බන්ධ කර ගත යුතුය. ඉන්පසු යමෙකු දිහා බලා එය එසේය. කීවොත් එය එසේවෙයි සිටි තැන සිටී. නිදි එකා නිදයයි. නටන එකා නටයි. යමෙකුට ගැසුවොත් මැරී වැටේ. මේ එහි ප්‍රථිඵලය. මේ හෙළ යතුරු මතුරු විදු වල ශක්‌තියයි.

සෙත්කවි විස්‌කම්

අථකහ චක්‍රය ප්‍රසිද්ධය. ඒ සිද්ධි චක්‍රය නමිනි එහෙත් නියම නම "අථකහ චක්‍රය" සිද්ධි චක්‍ර ගණනාවකි. සෙත් කවි ශාස්‌ත්‍රයේදී එවැනි සිඬි චක්‍ර දහතුනක්‌ වත් අවම වශයෙන් විමසා බැලිය යුතුය. එසේම මෙහි එන ස්‌වර ප්‍රධාන වශයෙන් අටකි. එහෙත් ස්‌වර විසිදෙකම විමසා බැලීම ස්‌වර ශාස්‌ත්‍රඥයාගේ වගකීම වේ. මේ ස්‌වර විසි දෙක නම් වශයෙන් හෝ ප්‍රකාශ කිරීමට සමත් වූවකු වෙත්නම් එය සතුටට කරුණකි.

"අටකොන් චක්‍රය" ඉතා ගැඹුරුය. කෞතුකාගාරයේ පුස්‌කොළ ග්‍රන්ථ අධීක්‍ෂණය කරන්නෙකුට "අටකොන් චක්‍රය" නම දක්‌නට ලැබෙනු ඇත. මොඩන් පොත් සමාගමෙන් මුද්‍රණය වූ පොතක ද "අටකොන් චක්‍රය" නාම මාත්‍රිකව දක්‌නට ලැබේ. ඉදින් අටකොන් සකේ ආශ්චයH_ය කෙසේ දකිමුද? මේ චක්‍රය තුළ මුළු මහත් විශ්වයම ප්‍රකාශ වේ. විශ්ව ත්‍රි මණ්‌ඩල චක්‍රය යනුද ඊටම නමකි. එහෙත් විශ්ව ත්‍රි මණ්‌ඩලය තුළ උපදින එක්‌ චක්‍රයක්‌ ලෙසද අටකොන් සක නිර්මාණය වේ.

සරළ වශයෙන් ගතහොත් පඨවි - අපෝ - තේජෝ - වායෝ - ආකාෂ යන පංච මහා භූතයන් අතර ඇතිවන සටන් - ශක්‌ති ගැටුම් මෙහි හෙළිවේ. රාජගුරු බණ්‌ඩරයන් ගින්න උත්පාදනය කළේ අග්නි ධාතුව මෙහෙයවීමෙන.s එම කවිය සංස්‌කෘත භාෂාවෙන් කියන ලද්දකි. එහෙයින් සිංහලෙන් පමණක්‌ කවි කිව හැකියෑයි සිතීම වැරදිය. ඉංග්‍රීසි සාහිත්‍ය තුළ ද කාව්‍ය වේ. එහෙත් ඒ සියල්ලට මෙහි වූ ශාස්‌ත්‍රය පාදක වූවා විය යුතුය.

"මානා මීනාහී

මේ නා දිය ඔකඳ කර

අනුරුපුකැන් මද බිÄර

මේනා ගිය දිය වඩාවා"

මේද කවියකි. සෙත් කවකි. විශේෂ පබැඳුමකි. අටකොන් සතට යොදා ප්‍රථිපල පෙන්වූ කවියකි. මෙසේ අසිරිමත් ලකුණු සහිත හෙළ උමා ඡ්‍යොතිෂය ඔබතට පත්කිරීමට ප්‍රථමයෙන් එහි ගුණ වරුණ සහ ඉතිහාසය කෙටියෙන් ගෙන එන්නට ලැබීම මට ද සතුටකි. ඔබට ද සතුටක්‌ විය හැක.

හෙක්‌ටර් පද්මසිරි

 උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/15/siya13.html
රාවණ තරු සිරි අසිරිය 01
රාවණ තරු සිරි අසිරිය 02

රාවණා - සීතා සොයා හෝර්ටන්තැන්න ගිනිබත් කළ හනුමන්තා

0
රාවණා - සීතා සොයා හෝර්ටන්තැන්න
ගිනිබත් කළ හනුමන්තා

තොටුපළ සහ කිරිගල්පොත්ත කඳු හිස් සිප සනහමින් පල්ලම් බැසි මිහිඳුම් සේල හෝර්ටන් තැනිතලාව පුරාවටම විසිර ගොසිනි. එබැවින් දෝ හිරු ගේ සැර බාල වී ඇත. හාත්පසම දිස් වනුයේ හිමිදිරි උදෑසනක සිරිය. වනවාසීහූ ජල බිඳිති වත තවරා ගෙනම ඔබ - මොබ සරති. හැමතැනම දක්නට ඇත්තේ ගනැති මිහිඳුම් පටල පමණකී. ඉඳින් බලාපොරොත්තු බිඳ ගත යුතු ද? නැත. මෙකී මිහිඳුම් සේල අප නොසිතනා අයුරින් පැමිණියාක් මෙන්ම නොකියාම පිටව යන්නේය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඔහිය උද්‍යාන පිවිසුමෙහි 31 වැනි කිලෝමීටර කණුව අභියසැති කුඩා දිය කඩිත්ත ද මඩ ගොහොරුවක් බඳුය. උදා සහ සවස් සමයන්හීදි ඒ කරා පැමිණි සා, මී, ගෝන, වඳුරු ආදී හෝර්ටන්තැන්නේ වැසියෝ ස්වකීය ග්‍රහණයට ඈ නතු කර ගෙන සිටිති. ඒ බවට අවට විසිරී ඇති වසුරු සහ පා සටහන් සාක්‍ෂි දරයි. සියල්ලන්ගේ ම පයට පෑගී, නේක විද වසුරු පිඩිවලින් පිරි දිය කඩිත්ත අවසන දිස් වනුයේ සූපයක් මෙනැ’යි සඳහන් කළද වරදක් නැත.

දිනය පුරාවටම වනාත පුරා සරා වෙහෙසට පත් වන වන-දරුවෝ එකී සූපය තොල ගාතී. ඉනිදු නොනැවතෙන සූකරයෙක්, දෙන්නෙක් එහිම ලැග සූපයට මදි පාඩුවක් වෙතොත් එකී අඩු පාඩුවද සම්පූර්ණ කරති. සිත් සේ දිය කෙම මඩ කොට, එහිම වසුරු හෙළා පාඩුවේ නික්ම යති. මෙකී සියලු ම වනරැඟුම් නිසල වන පෙත ජීවයෙන් පුරවාලීමේලා මහෝපකාරී වෙයි.

හෝර්ටන්තැන්න ගුවනත සිට ‘සිළු සරපකුස්සෙක්’ තම දිවා සැරිය අරඹා ඇති බවට ඌ නඟනා නාදය දෙස් දෙයි. මිනිසෙක් සියුරුහම් බාන්නා හා සමැව ‘විසල්’ නදක් නගමින් ඉහළ අහස් කුස මත රැඳි හේ අහරට යමක් සොයනවා විය යුතු ය. පවත්නා ශීතල දේශගුණික තත්වය හමුවේත් සියලුම වන වැසියෝ වහන්වීමට නොතනන ති. පාරිසරික වශයෙන් එල්ලවන සෑම, සියලු බාධකයකටම නොබියව මුහුණ දෙමින් ජීවත් වීම උදෙසා සටන් වදිති.

වියළි කලාපයීය වනපෙත් තුළදී සිළුසරපකුස්සෙකු ගේ දිවා සංචාරයත්, ඒ හා බැඳුණු ‘විසල්’ නදත් වනවාසී ගැමියන් හට ගෙනෙනුයේ සොම්නසකී.
”හ්ම්..., වරුසාවක් අත ළඟම එන හැඩයි.” ගැමි මුවඟට සිනාවක් හා සමඟම වර නැගෙනුයේ නිතැතිනි. පරිසරය හා සමඟ අතිනත ගත් ඔවුන්ගේ ජනප්‍රවාදිත ආකල්ප එබඳුය. එකී ආකල්ප ප්‍රායෝගික සත්‍යයක් බවද නොකියා බැරිය.

එනමුදු හෝර්ටන්තැන්නට නම් එහි ඇති කිසිදු අරුමයක් නැත. මන්ද යත් හඬන්නට ආසන්නව බලා හිඳිනා ‘කඳුළු බිඳු’ බරැති වලාකුළු ගොන්නක් එහි නිබඳව අහස් කුස සරයි. එබැවින් සිළු සරපකුස්සාගේ මේ පියාසැරිය යනු තම පි‍්‍රයතම ආහාරය වන සර්පයින් සොයා වන ගවේෂණ චාරිකාවක් විය යුතුය. 

නමුත් ඔහුට තම ගවේෂණයේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකි වේද යන්න නම් අවිනිශ්චිත ය. හෝර්ටන්තැන්න යනු ‘ලේ මැඩිල්ලා’ යන සර්ප විශේෂය විනා අන් සර්පයන්ගෙන් (ගැරඬියා හැර) තොර වන ප්‍රදේශයක් බැවිනි.

හාත්පසින්ම දිස් වනුයේ නෙක නෙක අයුරින් මිහිඳුම් සේල පොරවා ගෙන හමන සුළඟින් රැඟුªම් රඟනා නේක විද ශාක විශේෂයෝය. සිරිලක භූ පිහිටීම අධ්‍යයනයේදී හෝර්ටන් සානුවට හිමිවනුයේ වෙසෙස් තැනකි.
හෝර්ටන් – පට්ටිපොළ සානුවට අයත් මෙකී තැනි බිම මත පිහිටා ඇති ශාක වැස්ම, හමා යන සුළඟට ඔරොත්තු දෙන සේ ස්වකීය අත – පය සැමත විහිදුවමින් සහ අඹරවමින් ‘බොන්සායි’ ශාක සැකැස්මක් හා සමැව හැඩ වී ඇත. බේසමක් මුණින් අතට නැමූ කල දිස් වෙන උස් වූ වේදිකාවක් හා සමැව පිහිටි භූ සැකැස්ම, සැබැවින්ම සිතෙහි ජනිත කරනුයේ විස්මයකී.

’මහඑළිය’ හා සබැඳි ප්‍රකට ප්‍රේම පුරාවෘතාන්තය වනුයේ රාවණා - සීතා කතාන්තරයය. ඉඳින් හෝර්ටන්තැන්නේ අභිමානයට දෙස් දෙන එකී වෘතාන්තයම ‘මහඑළිය’ - සැබැවින්ම එළි - පෙහෙළි කිරීමේ කතාන්තරයට ද මුල් පසුබිම සකස් කළාද?, යන ප්‍රශ්නාර්ථය ද ඉතිරි කර ඇත්තේ ඊට රිසි පිළිතුරක් ගවේෂණය කර සොයා ගනු රිසියෙනි.
රාවණ රජු තම දඩු මොනර යන්ත්‍රයෙන් අහසට නැඟ, ඉන්දීය සයුර තරණය කර සීතා දේවිය හොර රහසේම පැහැර ගෙන, සිරිලකට පෙරළාවිත් සඟවා තැබුවේලු. 

ඉඳින් රාවණ රජු ගේ දඬු මොණර යන්ත්‍රයට තොටුපළ බවට පත් වී ඇත්තේ ‘මහඑළියේ’ තොටුපළ කන්ද ප්‍රදේශයය. භූ පිහිටීම පරීක්‍ෂා කිරීමේදීත් මීටර 2357 ක් වූ උච්චත්වයක් සහිතව සිරිලක උසින් වැඩි තෙවැනි කඳු ගැටය සේ වැජඹෙන එකී කඳු ශිඛරය සැබැවින්ම නමට සරිලන අයුරින්ම තොටුපොළකි. එසේම සීතා කුමරිය සඟවා තබා ඇත්තේද තොටුපළ කන්දට යාබදව පිහිටා ඇති සීතා එළිය නමැති ප්‍රදේශයේය.

හෝර්ටන්තැන්න සුන්දරත්වයෙන් පුරවන ‘සීතා පේර’ නමැති සීතා දේවිය ගේ නම හා සබැදුණ පඳුරු ශාකයත් එදවස සිදු වූ පුරාවෘතයේ නිහඬ සාක්‍ෂි නොවන්නේ ද? නිබඳවම සුළඟින් ලෙළ දෙන එකී ශාකය, ‘යම් රහසක් පැවසීමට නොහැකිව ළතැවෙන එකියක” මෙන් ශෝකාකූලව වැලපෙනු සුලභ දසුනකි. ඇගේ වැලපීමේ ඵලය සේ කොළ කිණිති මත්තෙහි ඵල දරනුයේ ද ‘කඳුළු - බිඳු’ හා සමැ වූ ඵලයකි.

රාවණා රජු සීතා දේවිය පැහැර ගත් බැව් දත් රාම කුමරු සීතා සොයා ‘හනුමන්තා’ නමැති වානර රජු සිරිලක බලා පිටත් කර එවා ඇත.
පළිගැනීමේ අටියෙන් සිරිලකට බට ‘හනුමන්තා’ රාවණ රජු ගේ විජිතය ගිනිබත් කරන අටියෙන් තම වල්ගයට ගිනි තබා ගෙන වන පෙත පුරා දිව යමින් ගස් කොළන්දවා අළු කර ඇත. එලෙස දවා අළු කළ වන පෙත, එහි ඵලයක් වශයෙන් විවෘත තණ බිමක් බවට පත් ව ඇත.

මේ ආකාර වූ අහිංසක කතන්තර අපමණ සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ජනප්‍රවාද අතරට එක්ව පවතී. නිහඬ, අඳුරු යටගියාවම පි‍්‍රය කරනා එකී කතාන්තර හැකි සෑම විටෙකම ලොවෙන්ම සැඟවීමට යත්න දරයි. නමුදු එකී කතාන්තරයන් හී සත්‍ය - අසත්‍යතාවයන් කෙබඳුදැ’යි දන්නේ නිහඬ වන පෙත පමණි. එබැවින් එකී කතාන්තර උත්පත්තියට අවැසි පසුබිම සපයයි.
 
සඳමල් රශ්මී. ශ්‍රී. බුද්ධික
වන ජීවී නියාමක හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය 


Monday, August 9, 2010

Nazi සහ UFO

0

දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර් ගේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද අමුතු වර්ගයේ ගුවන් යානා පිලිබද සකස් කෙරෙණු වාර්තාමය වැඩසටහනක්












දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර්

0

බටහිර රටවල් පැරණි විමාන තාක්ෂණය ගැන කරුණු අධ්‍යයනය කරලා තමයි අලුත් වර්ගයේ ගුවන් යානා හදලා තියෙන්නේ කියලා. දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර් ගේ ඉංජිනේරුවන් වගේම මිත්‍ර පාක්ෂික රටවල ඉංජිනේරුවොත් ඉන්දියානු සහ ටිබෙට් රටවල ආරාම වලට ඇවිත් ඒවායේ තිබුණු පැරණි පුස්කොළ පොත් අරගෙන ගිහින් තියෙනවා කියලා මම කොහේදි හරි අහලා තියෙනවා. ඒ පොත් වල තිබුණු තාක්ෂණික දැනුමෙන්ලු වත්මන් ගුවන් තාක්ෂණය මෙච්චර ඉක්මනට දියුණු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සමහරවිට VTOL (Vertical Take-Off and Landing Aircraft)කියන්නේ එහෙම පෙරදිගින් උකහා ගත්තු තාක්ෂණයක් වෙන්නත් පුළුවන් යන්න මතයක්ද පවතී.

දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර් ගේ ඉංජිනේරුවන් ඉන්දියානු සහ ටිබෙට් රටවල ආරාම පැමීණ අලලා සකස් කෙරෙණු වාර්තාමය වැඩසටහනක්










Sunday, August 8, 2010

රාවණ තරු සිරි අසිරිය 02

0


රාවණ තරු සිරි අසිරිය 

පසුගිය සතියෙන්...

එදා රාම-රාවණ හටනේදී රාවණ පරදින බවත් හෙළ ශාස්‌ත්‍රය පරයකු වන බවත් දැන, පුලතිසි මහා සෘෂිහු සමස්‌ත ශාස්‌ත්‍රය ගැබ්කොට සිව ගුරුලුව සම්පාදනය කොට එය නිධන් ගත කළේ භෛරවයට බාර දෙමිනි අප සනුහරේ එකකුට මිස පිට එකෙකුට මෙය නොලැබේවා යන අධිටනනි. විජයබාහු රජු ලෝ ජය ගත්තේ මේ ශාස්‌ත්‍රයේ බලයෙනි. රාවණ පුත් මේඝ නාදයන්, ඉන්ද්‍ර ජීතයන් මහා විස්‌කම් කළේද මේ ශාස්‌ත්‍රයෙනි. මේ බොහෝ දේ ලියෑවෙන්නේ නැත. ලබා ගැනීමේ මග වෙයි. ඒ සඳහා භාවනාව අවැසිවෙයි.

මහා විජයබාහු ලකවැළ අතට ගෙන ධ්‍යාන වැඩුවෙක්‌ බව සඳහන් වන කියමන මෙහිදී අමතක නොකළ යුතුය. කෙළ යන්ත්‍ර මන්ත්‍ර පොත් වල පළමු විජයබාහු රජු භාවිතා කළ පරපුර ඉන්දුමයි වශයෙන් සඳහන් ගුප්ත ක්‍රම වේ. තවත් තැනක දෙවන රාජසිංහ රජු භාවිත කළ ගුරුකමයි යන්න සටහන්ය. මෙසේම තොටගමුවේ රාහුල හිමි භාවිත කරන ලද මන්ත්‍රයයි වශයෙන්ද සටහන් වන තැන් ඇත. මේ සියලු දෙනා හෙළ රාවණ පරපුරෙහි ශාස්‌ත්‍රය වෙසෙසින් භාවිත කරන ලද බව පෙනේ.

ගුප්ත විද්‍යාවේ විස්‌කම්

අන්තර්ගම රාජගුරු බණ්‌ඩාරයන් මෙහිදී අමතක කළ නොහැකිය. මහා විජයබාහුගේ සිංහල දේවියගේ පුතණුවන් වන සිත් බණ්‌ඩාර සහ අසිත් බණ්‌ඩාර පරපුරෙන් එන්නෙකි ඔහු. ඒ පිළිබඳ විස්‌තර පැරණි ගුප්ත ශාස්‌ත්‍ර පත පොතෙහි සඳහන්ය. ප්‍රථම පාළි මිළින්ද ප්‍රශ්නය, ගණදෙවි හෑල්ල, වදන් කවිපොත, බුඬ ගච්ඡය, සකස්‌කඩ ආදී ග්‍රන්ති කතුවරයා ඔහුය. වැලිවිට සරණංකර නාහිමියන්ගෙන් ඔහු ධර්මය ඉගෙන ගත් අතර නාහිමියෝ ඔහුගෙන් ගුප්ත ශාස්‌ත්‍රය ඉගෙන ගත්තාය. මෙසේ ඒ ඒ අය අතර හෙළ ශාස්‌ත්‍රය බැබැළිණි.

ගජබා රජුගේ ගුප්ත ශාස්‌ත්‍රීය දක්‍ෂතාවය ද අමතක නොකළ යුතුය. මෙහෙන් ගෙනගිය දොළොස්‌ දහස වෙනුවට සොළීන් සූවිසි දහසක්‌ මෙරටට ගෙන ඒමට ගජබා රජුට හැකිවිය. ඒ සිංහල දඬුමරණ ශාස්‌ත්‍රයේද පිහිට ඇතිවය. ගජබා රජු මුහුද දෙබෑ කොට ගිය බව ඉතිහාස කථාවන්හි සඳහන් වේ. නවීන විද්‍යාව අනුව සිතන්නෙත් මුහුදු යාත්‍රා වැනි දෙයක්‌ ගැන සිතුවේ නමුදු ගුප්ත ශාස්‌ත්‍රය හදාරා ඇත්තෙකු එය එසේම සිත්න්නේ නැත. යම් විටක මුහුදෙහි දිය දෙබෑ කිරීමේ ශක්‌තියක්‌ ගජබා රජුට තිබුණා විය හැක.

සෘෂිහුන්ගේ නාම අතරට එක්‌වන දුර්වාසස්‌ නම් මහා සෘෂීහුට මුහුදේ ජලය සිඳලීමේ ශක්‌තියක්‌ තැබුණු බව අප අමතක නොකළ යුතුවේ. ජෛමිණි මහා සෘෂිහුට අකුණු-සැර-හෙන වළකාලීමේ හැකියාව තිබුණු බව ද ප්‍රකාශ වේ. ජෛමිණි මහා සෘෂි නාමය සිහිපත් කරන්නෙකුට අකුණු සැඩ සුළං හෙන සැර වලින් පීඩාවක්‌ නොවන බව ද සත්‍යය. ඉදින් ඒවා මෙසේ වී නම් ගජබාහු මුහුදු දිය දෙබෑ කළ බව සත්‍යයක්‌මය.

ලෙව්කේ බණ්‌ඩාර චරිතයක්‌ අප මෙහි අමතක නොකළ යුතුවේ. වරෙක සුද්දන්ට අපේ සටන් ක්‍රම දක්‌නට ආශාවක්‌ ඇතිව තිබේ. සුද්දන් වටකොට සිටින ශාලාව මැදට වන් ලෙව්කේ මැතිඳු සිය අසිපත ලෙලෙව්වේය. නැවත එය පැළඳ ගත් කළ සුද්දන්ගේ මුවින් නැග ආයේ සිනහවකි.

"උඹලා සිනහ වෙන්න එපා බලපල්ලා උඹලගේ බෙල්ල දිහා" ලෙව්කේ මැතිඳු ගෙරෙව්වේය. හැම සුද්දෙකුගේම බෙල්ලෙහි "හුණු" පාරක්‌ විය. ඒ අසිපත් තුඩෙහි තවරාගත් හුණුය. සුද්දන් බියෙන් ශාලාවෙන් මග හැරියේය. ලෙවිකේ මැතිඳු හොඳ සටන් කාමියෙකි. අංගං පොරටද දක්‍ෂය. ඔහු මේ හපන් කම කළේ "යමකාල දේවතා" සිද්ධිය භාවිත කිරිමෙනි.

කොණ්‌ඩ දෙණියේ හාමුදුරුවන්ගේ ගුරුකම් ගැන බෝ දෙනා දනිති. දුම්රිය නැවැත්වූ බව, සිටගෙන සිටියවුන් එසේම සිටින්නට හැරිය බව බොහෝ දෙනා දනිති. එම හාමුදුරුවන් නිතර ඇසුරු කළ මහතෙක්‌ දැනට දන්කොටුව ප්‍රදේශයෙහි වෙයි. කොණ්‌ඩ දෙණියේ හාමුදුරුවන් භාවිත කළ මන්ත්‍රය ඔහුට ද පාඩම්ය. එහෙත් එය පාඩම් කළ ඔහුගේ දිවෙහි ගෙඩි දැම්මේය. ඒ නිසි උපදෙස්‌ නොමැති වීමෙනි. කොණ්‌ඩ දෙණියේ හාමුදුරුවන් මහ විස්‌කම් කළේ දෙවන රාජසිංහ රජු භාවිත කරන ලද "පිච්ච මල් වඩමේ" ගුරුකමෙනි.

මෙසේම කවියෙන් - ස්‌වර ශාස්‌ත්‍රයෙන් ද මහ විස්‌කම් කළවුන් අප අතර වෙයි. වරෙක අත්තරගම රාජගුරු බණ්‌ඩාරයන් කී වස්‌කවියක්‌ නිසා ඊට බඳුන් වූ සත්වයා අළු බවට පත්විණි. එම කරුණ නිසාම නුවර පලාතෙහි එය අදටත් "අළු ගොල්ල" නමින් හඳුන්වනු ලැබේ.

මෑතක මාතර යූ. ඒ. ඥනතිලක හිමියන් ලියූ කවි කරුණු වල ප්‍රතිඵල - විස්‌කම් බෝ දෙනා අසා ඇතුවාට සැකයක්‌ නැත. අත්තරගම රාජගුරු බණ්‌ඩාරයන් ඉහත විස්‌කම කළේ "අටකොන් චක්‍රයේ" උපකාරයෙනි. යූ. ඒ. ඥණතිලක හිමියන් කවියෙන් විස්‌කම් කළේ "අථකහ චක්‍රය" භාවිතයෙනි.

අදටත් කවියෙන් - මන්ත්‍රයෙන් - නැකතෙන් මහ විස්‌කම් කරන අය අප අතර වේ. යමෙක්‌ අදටත් සිතනුයේ මේ මහා ශාස්‌ත්‍රය ඉන්දියාවේ සිට අපට ලැබුණ බවකි. එහෙත් මෙහි ප්‍රථමයෙන් කී වේද තොරතුරු අධ්‍යයනය කරන කිසිවකු එසේ නොකියනු ඇත.

මා මෙම ලිපියෙහි පමණක්‌ සඳහන් කළ ශාස්‌ත්‍ර ක්‍රම කීපයකි. නරපුර ඉන්දුම, දඬුමරණ ශාස්‌ත්‍රය. ඉන්ද්‍ර ගුරුළුව, සිව ගුරුලුව, පිච්ච මල් වඩමේ ගුරුකම, අටකොන් චක්‍රය, අථකහ චක්‍රය සහ යමකාල දේවතා සිද්ධිය ඒ අතර වේ. මේවා හෙළ උමා ජ්‍යෙතිෂයෙහි එන මා හැඟි ශාස්‌ත්‍ර රත්නයෝය.

එහෙත් අද ජ්‍යෙතිෂය නමින් බොහෝ දෙනෙකු කර පින්නා සිටිනුයේ හෙළ උමා ජ්‍යෙතිෂය නමැති මහ කන්ද පාමුල සිටින මී පැටියෙකි. සත්‍යය ප්‍රකාශ කිරීමට මාධ්‍යයෙන්ද ඉඩක්‌ නොමැත. අනුන්ගේ ලිපි, දැනුම සොරකම් කිරීම ද බහුලය. මේ සියල්ල මැදින් නිසි පරිදි නිසි යමක්‌ සිදුකිරීමට නම් රාජ්‍ය අනුග්‍රහය යටතේ සුදුසුතම කෙනාට සුදුසුකම අවස්‌ථාව දිය යුතුවෙයි ඒ අතිරේක කතාවෙකි.

දඬුමරණ ශාස්‌ත්‍රය

දඬුමරණය නම් හෙළ උමා ජ්‍යෙතිෂයෙහි එන සුවිශේෂ ශාස්‌ත්‍ර ක්‍රමයයි. දඬුකඳකට පවා මර පැමිණවිය හැකි හෙයින් මෙය දඬුමරණ නම් ලබා ඇත. මොනරා සහ දියකාවා අතර ඇතිවන සටනක්‌ අයුරින් මෙය විස්‌තර කෙරේ. එහෙයින් ඊට දඬු මොණරය යෑයි ද කියති. රාවණ රජු ද දඬුමොණර වාහනයක්‌ භාවිත කළැයි කියෑ වේ.

මේ ශාස්‌ත්‍රය භාවිත කිරීමෙන් ඕනම බලවේගයක්‌ මොහොතකට හෝ නවතාලී මේ හැකියාවකි. නුවර පළාතේ විසූ ස්‌වාමින්වහන්සේ නමකි. ඇබිත්ත කොලුවා සමග වත්තට යන හාමුදුරුවන් එහි ගෙඩි කඩන්නේ ඇබිත්තයාගේ සහයෝගය ඇතිව බිම සිටමය. කටුනායක ඇවිරිවත්තේ වෙද මහත්මයා තැඹිලි ගස නවා තැබිලි බීවේ ද මේ ශාස්‌ත්‍රය භාවිත කිරීමෙන් විය හැකිය. හෝ එය "භූත බණ්‌ධනයක" ශක්‌තිය ද විය හැක.

ග්‍රහ අපල, එදිනෙදා ජීවිත ගැටලු විස¹ ගැනීමට මැනැවින් ඵලදායක වන මෙකී දඬුමරණ ශාස්‌ත්‍රය අද අතුරුදන්වේ. ලංකාවේ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයන් දහසක්‌ අතරින් කෙනෙකු හෝ මෙය විස්‌තර කිරීමට අපහාසයක්‌ වන බව මගේ විශ්වාසයයි. මෙරට මෙසේ නම් එතෙර එය එසේවත් පැවතිය හැකි නොවේ. දැනට මොඩන් පොත් සමාගමෙන් දඬුමරණය ගැන පොතක්‌ නිකුත්ව තිබේ. එහෙත් එහි ඇත්තේ දඬුමරණය ගැන නොවේ. ඒ ප්‍රකාශය කරනුයේ වගකීමෙකින් යුතුවය.

මේ ශාස්‌ත්‍රය විද්‍යාත්මකය. විශ්වයේ ප්‍රධාන ශක්‌තීන් දෙකක ගැටීම මෙහි හෙළි කෙරේ. එය කර්ම සිද්ධාන්තයට ද එකලාය. මැනැවින් වටහා ගෙන යන්නට දෙලොවටම වැඩදායක ශාස්‌ත්‍රයකි.

ලබන සතියට...
හෙක්‌ටර් පද්මසිරි
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/08/siya14.html

රාවණ තරු සිරි අසිරිය 01
රාවණ තරු සිරි අසිරිය 03
 

Friday, August 6, 2010

ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු

0


ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු


වලපනේ දිසාවේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර නිදහස්‌ සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්‌වා ඉතා අප්‍රකටව පැවතීමේ හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා යටපත් කළ බිමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේJද්‍රd මණික යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

උහුන් ජාත පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක

මන්ඨාෙච්න බලපති වී

උහුන් ජාත පුතුරාක

කේවේසස්‌ථ මණ්‌ඨක වායිමන

කේවේසස්‌ථ රක්‌ඛ පදියම බලපති වී

(උපුටා වරිග පූර්ණිකා පුස්‌කොල ග්‍රන්ථය)

විජයගේ පැමිණීමට පෙර කේවේසස්‌ථාන පරපුරේ පෙළපත වරිග පූර්ණිකාවට අනුව,

* කේවේසස්‌ථාන රජු

* සොලිස මණ්‌ඨක රජු

* සකුදල ගිරි රජු

* පඡ්ජල මූණ රජු

* කේසි කෙහෙළියපුර රජු

* විපුලත්තාන රජු

* සුගුලිත රජු

දකුණු ඉන්දියාවේ කොටස්‌ ද ඇතුළත්ව, රාජ්‍ය පාලනයේ යෙදුණු රාවණ පරපුර ක්‍රමයෙන් පරිහානියට පත්ව විජයගේ ආක්‍රමණයෙන් පසු රාජ්‍ය උරුමය අහිමි වීමකට ලක්‌විය. නමුත් මහ පැරකුම්බා යුගයේ ඉතා ප්‍රබල වංශවත් මෙම පරපුර රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට ප්‍රබල දායකත්වයක්‌ ලබා දුන් අතර, මුළු මහත් ශ්‍රී ලංකාවම එක්‌සේසත් කළ මහ පැරකුම්බා රජුගේ අග්‍ර පුරෝහිතයා ලෙස කටයුතු කරන ලද්දේ කේවේසස්‌ථාන පරපුරෙන් පැවත ආ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා වන අතර, එතුමා කිවුලේගෙදර පරපුරේ වර්තමාන ආදිතමයා ලෙස සලකනු ලබයි. මහ පැරකුම්බා රජු පුලතිසි පුරය අගනුවර කර රාජ්‍ය විචාරන සමයේ ඉදිකළ යෝධ වාරි කර්මාන්තය වූ පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීමේ කර්තව්‍යය හා දිග්විජය කිරීමේ ප්‍රතිපත්තිය දක්‌වා රජුගේ චින්තනය ගොඩනංවන ලද්දේ අග්‍ර පුරෝහිත කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාය.



මෙතුමාගේ පුත්‍ර ලංකාපුර කුමරු පැරකුම්බා රජුගේ යුද හමුදාපති ලෙස කටයුතු කළ අතර, දකුණු ඉන්දියානු කුළශේඛර නම් සොලී රජු මධුරාපුර පරාක්‍රම පඬි රජු සමඟ යුද්ධයක පැටලී සිටියේය. පඬිරජ පරාක්‍රමබාහු රජතුමාගේ පිහිට පැතූ අතර, මෙහිදී පරාක්‍රමබාහු රජතුමා මහා බලවත් ලංකාපුර සෙන්පතියා යටතේ ලංකාපුරගේ පුතුන් වූ දේව ලංකාපුර, සෝණ, ලංකාගිරි, ගෝකරණ, දණ්‌ඩනායත, ලෝක කේෂධාතු, කීර්ති කේශධාතු යන සෙන්පතියන් සමඟ විශාල හමුදාවක්‌ කුලශේඛර රජු පලවා හැරීම පිණිස යෑවීය. කුලශේඛර පඬි රජු මරා පඬිරට අල්ලාගෙන තිබූ අතර, පඬි රජුගේ වීර පණ්‌ඩු නම් එක්‌ පුත්‍රයෙක්‌ ජීවිතය බේරාගෙන පලාගොස්‌ සිටියහ. ලංකා සේනාව කලදිල්ල නම් ස්‌ථානය පළමුව අල්ලා ගත්හ.

ඉන් පසු ලංකාපුර සෙන්පතියා තම පරපුරේ ආදි ඉතිහාසයේ රාවණා පරපුරට කළ විනාශයේ පලිය ගනිමින් සොලී සේනාව නසා රාමේෂ්වරම් අල්ලා ගත්හ. එය සිහිවීම පිණිස රාමේෂ්වරම් තුන්දුක්‌තාල නම් ස්‌ථානයේ පරාක්‍රමපුර නම් නගරයක්‌ ඉදි කළහ. ලංකාපුර සෙනෙවියා දකුණු ඉන්දියාවේ චාරුකොට්‌ට, මාරුළුQප නම් පෙදෙස්‌ ඉන්පසු අල්ලා ගත් අතර, කCඳ්චකුටිය, කොලුරා, වීරගංග ප්‍රදේශය ද ලංකාවේ යටත් විජිත ලෙස පවරා ගත්හ. මෙහිදී මේ අසහාය රාවණ පුත්‍රයා තමාගේ පරපුරේ නාමය සිහිවීමට ලංකාපුර නමින් නගරයක්‌ ඉදිකොට සොලී බලය නසා දමමින් තවදුරටත් ඉදිරියට ගිය අතර, දෙවියා පට්‌ටන, බුද්දකංචකුඩිඩක නම් කුලශේකර රජුගේ සොලී බලකොටුව අල්ලාගෙන අවට ගම් 24 ක්‌ ගිනි තබා දන්තික නම් ස්‌ථානයේ කඳවුරු බැඳ ගත්හ.

මෙම සටන්වලදී සොලී සෙන්පතියන් පූ පණ්‌ඩියාන්ඩර, චෝල කෝනාර, යාදවරායන, විල්ලවරායන, කාලිංගරායර්, පංඩියරාය තෝන්දිය ආදීන් මරා දැමූ අතර, පසුව මහපැරකුම්බා රජුගේ නියෝගය පරිදි වීරපණ්‌ඩු කුමරා බේරාගෙන ලංකාපුර, වීරපණ්‌ඩු කුමරා වෙත පිළිගන්වන ලදී. මෙම පඬි රජු ලංකාව දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳ නමස්‌කාර කර තම රාජ්‍ය ලබාදුන් පරාක්‍රමබාහු රජතුමාට ගෞරව කළහ. ඉන් නොනැවතුන ලංකාපුර සෙනෙවියා තම පරපුරේ අභිමානය නැවත ඇති කිරීමට මධුරාපුරය, ප්‍රබල සටනක්‌ කර අල්ලා ගත් අතර, මෙම සටන්වලදී ඉන්දියාවේ ත්‍රිණවේලියද සිංහල සේනාව විසින් අල්ලා ගත් අතර, තිරුපුත්තුරුවේ පටන් අමරාවතිය දක්‌වා පැමිණි ගමනේදී තුන් ගව්වක්‌ සතුරු මළකඳන්වලින් ගොඩගසා අමරාවතිය අල්ලාගත් ලංකාපුර සෙනෙවි එදා රැගෙන ගිය හමුදා සේනාංකයේ විශාලත්වය සැතපුම් 16 කි. ලංකාපුර සෙනෙවි අවසානයේ පඬි රටද කුලශේකරගේ රට ද ඇතුළුව පරාක්‍රමබාහු රජතුමා වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පාලකයා බවට පත් විය.

මෙසේ යටත් කරගත් ප්‍රදේශයන්ගේ පරාක්‍රමබාහු රජුගේ ලාංඡනය සහිත කාසි ව්‍යවහාරයට යොදවනු ලැබීය. විශාල ප්‍රදේශයක්‌ පරාක්‍රමබාහු රජු වෙනුවෙන් පාලනය ගෙනගිය ලංකාපුර චෝලයන්ගෙන් කාලිංගයන්ගෙන් මෙරටට සිදු වූ අතීත අපරාධයන්ට පලිගත් අතර, පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු රටේ ඇති වූ අස්‌ථාවර දේශපාලන වටපිටාව මත ගොඩනැගුණු කාලිංග බලය මෙරට කාලිංග වංශයට ගැතිකම් කළ නිශ්ශංක මල්ල වැනි කාලිංගයන්ට ලබාදෙන ලදී. ඉන් හෙළ බලය මෙන්ම දේශීය චින්තනය ද සහමුලින්ම බිඳ වැටී අවසානයේ කාලිංඝ මාඝ නමැති දරුණු ආක්‍රමණිකයා අතීතයේ පැමිණි රාම සුශ්‍රීව ප්‍රමුඛ වානර සේනාව සේ මහාපුලතිසිපුර ගිනිතබා ජාතියේ අවසාන ලේඛනාගාරය වූ පොත්ගුල් විහාරය ද හෙල ග්‍රන්ථද කඳු ගසා ගිනි තබන ලදී.

මහා පැරකුම්බා රජුට මහා පරාක්‍රම සමුද්‍රය සැදීමට එදා පුලතිසි සෘෂිවරයාට අයත් ඔසු උයන කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිවරයා රජු වෙත පවරා දුන් අතර, නමුත් එයට ගෞරවයක්‌ ලෙස පුලතිසි ප්‍රතිමාවට පුද පූජා තබා පුලතිසි විහාරය ඉදිකර අසදෘස පිංකමක යෙදුණු මහපැරකුම්බා අධිරාජ්‍යයා කේවේසස්‌ථාන රාවණ පරපුරේ ජනප්‍රසාදය දිනාගන්නා ලදී. නමුත් මහ පැරකුම්බා රජුගෙන් පසු කේවේසස්‌ථාන පරපුර වෙත මෙරට ඇතැම් පාලකයන් දරුණු ව්‍යසනයක්‌ අත්කර දුන් අතර, කාලිංග මාඝ මෙම පරපුරට අයත් සියලු බලය අහෝසි කර දමන ලදී. රාවණ යුගයේ ලිපි ලේඛන, යක්‍ෂ වංශයේ ග්‍රන්ථ, බෞද්ධ හෙල අටුවා, ජ්‍යෙdතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ග්‍රන්ථ මෙන්ම රාවණ රජුගේ අත් අකුරු සහිත වෙද පොත් ද ගිනිතබා විනාශ කළ කාලිංඝ මාඝ විජයගෙන් පසු මෙරට අවශේෂ යක්‍ෂ වංශය සංහාරයේ යෙදුණු අතර, කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිවරයාගේ පරපුර පසු කාලයේදී බණ්‌ඩාර වැද්දාගේ පරපුර ලෙස ප්‍රචලිත වීමට හේතු වූයේ මෙම දරුණු යක්‍ෂ සංහාරය විය. කන්ද උඩරට ස්‌වකීය අතීත නිජබිම වෙත පැමිණි මෙම පරපුරේ වර්තමාන ආදිතමයා කොනප්පු බණ්‌ඩාර රජුගේ සමයේදී නැවත රාජ්‍ය වරප්‍රසාදයට පාත්‍ර විය. එබැවින් මෙම පරපුර ඉන්පසු ඌවේ සියලු සටන්වලදී ප්‍රමුඛස්‌ථානය ගැනීමට සමත් විය.

කිවුලේගෙදර පරපුරට නොදෙවැනි ප්‍රබල ප්‍රභූ පවුල් සමඟ රටේ දේශපාලන කටයුතුවලදී ක්‍රියා කළ මෙම පරපුර සස රාජසිංහ රජුගේ යුගයේ දන්දෙනිවලවෙල සටනින් ලන්දේසීන් සමූහ ඝාතනය කළ දොන් කොස්‌මෝ විෙ-සේකර යුද මුදලිගේ පරපුර ඉමහත් ගෞරවයෙන් ඌවේ බදුල්ලේ රඳවා ගැනීමට කටයුතු කළ පරපුරකි.

ක්‍රි. ව. 1630 පැමිණි පරසතුරු උවදුරේ කොස්‌මෝ විඡේසේකර යුද මුදලි රජුට පක්‍ෂපාතී කරගත යුතු බවට යෝජනා කරන ලද්දේ කිව්ලේගෙදරය. රන්දෙනිවෙල සංග්‍රාමයේදී නොරොCඳ්Cඳගේ හිස කඳින් වෙන් කළ කොස්‌මෝ විෙ-සේකර යුද මුදලි එය රජුට තුටු පඬුරු ලෙස ලබා දී රාජ්‍ය වරප්‍රසාද ලබා ගන්නා ලදී. මෙම ප්‍රභූ රාවණ පරපුර ඌවේ රඳවා ගැනීමට කටයුතු කරන ලද්දේ බදුල්ලේ කටුගහ වලව්ව ඇතුළු නිරවුල් ගම්බිම් ප්‍රදානයට රජු පොළඹවන ලද්දේ ඌවේ කිවුලේගෙදරය.

රන්දෙනිවෙලේ සටන ගැන ඌවේ ජනකවි

කොස්‌මෝ විඡේසේකර මහ මුදලි තුමා

උඩරට සිංහළුන් එකමුතු කළ උතුමා

රන්දෙනිවෙලේ සතුරන් පෙති ගැසු කදිමා

රාවණ කොඩිය දස්‌කම් පෙන්වූ උතුමා

දොන් කොස්‌මෝ විඡේසේකර පරපුර හා කිවුලේගෙදර පරපුර 1818 සටනේදී කැප්පෙටිපොල නිලමේ හා ඇහැලේපොල නිලමේට සහයෝගය දීමට හේතුව දොන් කොස්‌මෝ විෙ-සේකර යුද මුදලිතුමාගේ යුගයේ සිට රාවණ ධජයට ගරු කළ පරපුරු අතර ඇති වූ ජාතික සමගියේ ප්‍රතිඵලයක්‌ ලෙසය.

පොලොන්නරුවෙන් පසු කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාගේ පරපුර නැවත මතුවන්නේ ඌව ප්‍රදේශයෙනි.

වර්තමාන වියළුව කන්ද කැටිය ප්‍රදේශය ආශ්‍රිතව තම නවාතැන තෝරාගත් අතර, එම ප්‍රදේශය අද දක්‌වා කිවුලේගෙදර ග්‍රාමය ලෙස ප්‍රචලිත විය. මෙතුමා අදත් වෙල්ලස්‌සේ කිවුලේගෙදර ග්‍රාමයේ දේවත්වයට පත්වූ කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙවියෝ ලෙස ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පත් වේ. අති ප්‍රබල රහස්‌ යන්ත්‍ර මන්ත්‍ර හා පරපුරෙන් පැමිණි සටන් ක්‍රමවේද පිළිබඳව මනා දැනුමකින් හෙබි මෙතුමාගේ සහාය ලබාගත් කොනප්පු බණ්‌ඩාර පසුව 1 විමලධර්මසූරිය ලෙස රජ භාවයට පත්වූයේ ඌවේ ජනාවාස ඇති කිරීමට පුරෝගාමී වූ කිවුලේගෙදර පරපුරේ සහයෝගයෙනි. පසුව ඉපැරැණි වාරි තාක්‍ෂණයෙන් හා විශ්මිත ජ්‍යෙdතිෂය මූලධර්ම සිද්ධාන්තයන්ගේ (චJද්‍ර සූර්ය සිද්ධාන්ත) භාවිතයෙන් මුළු මහත් ඌව දිස්‌ත්‍රික්‌කයම සාරවත් භූමියක්‌ බවට පත් කර ගත් හෙළයන් වෙල්ලස්‌ස හෙවත් වෙල් ලක්‍ෂයකින් සෑදී සරුසාර භූමිය රටේ ආර්ථික, දේශපාලන, සමාජීය, ආගමික කේන්ද්‍රස්‌ථානය බවට පත් කිරීමේ පුරෝගාමීන් බවට කිවුලේගෙදර පරපුර පත්විය. එබැවින් ලංකාවේ පෙර නොවූ විරූ ලෙස ඌව කරා පැමිණි රදල පවුල් ඌව වෙල්ලස්‌ස ස්‌වකීය නිජබිම බවට පත් කර ගන්නා ලදී.

1 වන විමලධර්ම රජුගේ පූර්ණ සහයෝගය මෙම පරපුර වෙත ලැබූ අතර, ඉන්පසු යුගයේ රටේ දේශපාලන යාන්ත්‍රණය හැසිරවීමේ බලය ඌවේ වැසියන් වෙත ලබා ගන්නා ලදී. එබැවින් පසු කාලීනව කන්ද උඩරට රාජ්‍යත්වයට පත් සියලු රජුන් ඌවේ කිවුලේගෙදර පරපුරේ සහයෝගය ලබා ගන්නා ලදී. එබැවින් කිවුලේගෙදර මහ දෙවියෝ කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙවියෝ. පහළ වලව්වේ දෙවියෝ, කිවුලේ දිසා බණ්‌ඩාර දෙවියෝ, කිවුලේගෙදර අප්පුහාමි දෙවියෝ, කඩවත් දෙවියෝa, අලුත් දෙවියෝ දේවත්වයට පත්ව අද දක්‌වා මහජන ගෞරවයට පත් කිවුලේගෙදර පරපුර ඌවේ ධජය ලෙස මයුරා යොදා ගන්නා ලදී. රාවණ රජුගේ රණ මයුර සංකේතය වලපනේ ධජය ලෙස අද දක්‌වා නොනැසී පවතී. එමෙන්ම කිවුලේගෙදර පරපුර මෙන් ඌවේ ව්‍යාප්ත වූ රාවණ රජුගේ ප්‍රබල යක්‌ ප්‍රජාව හේවාහැට කොත්මලෙ, වලපනේ යන දිස්‌ත්‍රික්‌කයන්ගේ ධජය ලෙස භාවිත කරන ලද්දේ ද රාවණ ධජය වීම මෙහි ඇති සුවිශේෂත්වයකි.

ඌවේ ජන කවි

සක්‌ දෙවිඳුයි සඳ මත හා රුව ඇන්දේ

සමන් දෙවිඳු බැබලේ සමනල කන්දේ

ගැමුණු රජුයි සතුරනගේ බල බින්දේ

රාවණ කොඩිය බැබලේ තලගල කන්දේ

රාවණ කොඩිය හෙළදිව ජාතික කොඩිය

සිව් හෙලයින් දස්‌කම් පෙන්වූ කොඩිය

උඩරට රදල වරු පණසේ රැකි කොඩිය

පෙරමුණු රැගෙන යමු රාවණ කොඩිය

උපුටා ගැනීම (- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ඉතා ප්‍රබල පරපුරක්‌ ලෙස පැවැති මෙම පරපුරේ මීළඟ යුග පුරුෂයා බවට පත්වූයේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර හෙවත් කිවුලේගෙදර මොහොට්‌ටාල වන අතර, රටේ බලගතුම රජුගේ රහස්‌ සේනාංකය වූ බිහිසුණු දරුණු වැදි හමුදාව මෙන්ම දක්‍ෂම රණකාමී සෙන්පතීන්ගේ නායකයා ද විය. වීර බූටාවේ රටේ රාල, කොහු කුඹුරේ රටේ රාල, ආදාවල මොහොට්‌ටාලය. අරුමා වැදි නායක මෙතුමාගේ අතිජාත මිත්‍රයෙක්‌ විය. ඉතා ධනවත්, බලවත් යුද ශිල්පයේ කෙල පැමිණි ඌවේ වීරයන්, රටේ බලයට පැමිණි ඕනෑම රජයක්‌ වෙත තම පක්‍ෂපාතී බව පළකළහ. එය ස්‌වකීය වංශයේ පැවැත්ම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය වූ අතර, අවාසනාවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු යුගය ද්‍රවිඩ සම්භවය ඇති හින්දු මතවාද කරපින්නාගත් හින්දු අන්තවාදය රටපුරා ව්‍යාප්ත කර වූ රජවරුන්ගේ කාල වකවානුවක්‌ විය. ඉතා ප්‍රබල ලෙස පෙර කිසි කලෙකත් නොවූ විරූ ලෙස හින්දු දේව සංකල්පය මෙරට මුල් බැසගත් මේ යුගය ජාතික වීරයන් පරපුරට ජාතියට අද්විතීය සේවයක්‌ කළවුන් පිදීමේ ඉපැරැණි හෙළ සභ්‍යත්වයෙන් බැහැරව (උදා - වැදි ජනයාගේ මළවුන් පිදීමේ චාරිත්‍රය) යක්‍ෂ ගෝත්‍රයේ නෑ යකුන් පිදීම හෙවත් ප්‍රදේශ භාර අසහාය යුග පුරුෂයන් දේවත්වයෙන් වන්දනා කිරීමේ චාරිත්‍රයෙන් බැහැර වී මිථ්‍යාදෘෂ්ඨ§ක දේව සංකල්පයෙන් සමාජය වෙලා ගන්නක්‌ බවට පත්වී තිබිණි.

නමුත් අද දක්‌වා ඌවේ මහජන වන්දනාවට පත්වන්නේ ප්‍රදේශවාසී ආදි යුග පුරුෂයන් වීම ජාතියේ වාසනාවකි. (උදා කීර්ති බණ්‌ඩාර, ර-ජු බණ්‌ඩාර, කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර. කිවුලේ ගෙදර අප්පුහාමි බණ්‌ඩාර) මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම හින්දු දේව වාදය කරපින්නා ගැනීමත් සමගම බෞද්ධයන්ට මෙන්ම මෙරට රාවණා පරපුරට ඇති බලතල අහෝසි වීම තුළ රජු හා උඩරට රදලයන් අතර දැවැන්ත දේශපාලන අස්‌ථාවරභාවයක්‌ ඇති වීමට සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියා කලාපය ඉවහල් විය. මින් ලංකාවේ කන්ද උඩරට රාජ්‍ය යාන්ත්‍රණය කොටස්‌ ගණනාවකට බෙදී ගියහ.

මෙම අසමගියේ ප්‍රතිඵල ඉංග්‍රීසීන් විසින් ජෝන් ඩොයිල් නම් රහස්‌ ඔත්තුකරු මගින් වඩා නිවැරැදිව ලබාගෙන එංගලන්ත අධිරාජ්‍ය 1803 දී ලැබූ දරුණු පරාජයේ පිළිගැනීම උඩරට රාජ්‍යයේ සිංහල බෞද්ධ ප්‍රධානීන්ගේ සහයෝගයෙන් 1815 ලක්‌දිව ගිවිසුමකින් පවරා ගන්නා ලදී. මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධකය වූයේ අතිදක්‍ෂ හමුදා ප්‍රධානියා වූ ලෙව්කේ දිසාවේ ඉතාමත්

අත්තනෝමතික ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මරා දැමීම නිසා පිළිමතලාවේ, ඇහැලේපොල, කැප්පෙටිපොල වැනි උඩරට රදළ ප්‍රධානීන්ගේ බලවත් විරෝධය මතුවීම තුළිනි. නමුත් මේ සියල්ල දෙස උපේක්‍ෂා සහගතව අසරණව බලා සිටි මේ රටේ දේශපාලනය ආර්ථික බලවේගය මෙහෙය වූ ඌවේ ජන ප්‍රධානීන් දෙවන පෙළ නායකත්වය රටේත්, ජාතියේත් අනාගත විනාශය මනා ලෙස අවබෝධ කර ගත්තද, කිව්ලේගෙදර මොහොට්‌ටාල දේශපාලන අධිකාරිය තමා වටා ගොඩනගා ගැනීමට සමත් විය. රාවණ රජුගේ වාත රිය නැවතූ වාරියපොල විහාරයෙන් (වර්තමාන ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරය) බිහි වූ සංඝ පීතෲවරයකු වූ යක්‍ෂ ලේ ඇති වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් පරපුරේද, ජාතියේද ගෞරවය වෙනුවෙන් ඉංගී්‍රසි ධජය බිඳ දමා සිංහල ධජය එසවීමෙන් ඉංග්‍රීසීන් වෙත පළමු වෙඩි මුරය හෙවත් රතු එළිය දල්වනලදී. ඉතා සූක්‌ෂම ලෙස සිංහල රදළ ප්‍රධානීන්ගේ සහයෝගය ලබාගත් කිවුලේගෙදර මොහොට්‌ටාලයට මුල් අවස්‌ථාවේම මොල්ලිගොඩ වැනි ප්‍රභූවරු ඉංග්‍රීසින් දැනුවත් කිරීම නිසා ඉංග්‍රීසි ඔත්තුකරුවෙකු වූ කන්ද කැපුගම උන්නැහේ නමැත්තෙකු ගේ ඝාතනයට වග උත්තරකරු කර, අත්අඩංගුවට පත් කරන ලදී. මහනුවර මඟුල් මඩුවේ විභාගයට ප්‍රථම උඩරට රදළ ප්‍රධානීන්ගේ අනුග්‍රහය මත සිරගෙය බිඳ දමාගෙන කිවුලෙ ගෙදර මොහොට්‌ටාල පලායන ලදී. අවසානයේ මොණරාගල මාරගල රහස්‌ ගුහාවේ රාවණ දේවාලය වෙත පැමිණි මෙම අභීත රණවිරුවා තම පුරපුරේ අය පමණක්‌ වන්දනාමාන කරන වීර රාවණ අවතාර පූජාව නම් පූජාවක්‌ සිදුකොට ඇත.. (මේ සඳහා භාවිත කළ තල්පත පුස්‌කොළ ශ්ලෝක අද දක්‌වා නොනැසී පවතී.)

ඔං රාවණ සිද්ධිං සිද්ධි බල වරම්, ඕං සූර්යය පුත්‍රය නම ම්

ශිවා ලිත පුස්‌ථකය (අමරකෝන් බස්‌නායක මුදියන්සේලාගේ ජයසේකර බණ්‌ඩාරගේ අත් පිටපත)

බුටාවේ රටේ රාල හා කිවුල්ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර පමණක්‌ මෙම පූජාවම භාවිත කළ ඉපැරැණි රාවණ ප්‍රතිමාව කාලීනව ජෝන් ඩොයිල් විසින් පැහැරගෙන එංගලන්තයට භාරදුන් බව පැවැසේ. අපගේ පර්යේෂණ තුළින්ද මෙම රාවණ ප්‍රතිමාව දැනට එංගලන්තයේ බැලංකැස්‌ටර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි සබරගමුවේ වෙස්‌ ඇඳුම පැහැදිලිව හඳුනාගත හැක. (වගකිය යුත්තෝ මෙහි අපට ඇති අයිතියේ අනන්‍යතාව සහතික කර ලංකාවට ගෙන ඒමට කටයුතු කළ යුතුය,)

මාරගල රාවණ පූජාවෙන් පසු කිව්ලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර හා බූටාවේ රටේ රාලගේ ප්‍රධානත්වයෙන් ඉපැරැණි යක්‌ෂ වංශයේ ජනපදයක්‌ වූ විල්බාව ග්‍රාමයේ වර්තමාන විල්බාව රජමහා විහාර භූමියේ පැවිදි වෙස්‌ දැරූ විල්බාව මුදියන්සේ භික්‍ෂු වෙස්‌ ගන්වා රුහුණු මහ කතරගම දේවාලයට කැඳවා පැවිදි වෙස්‌ හරවා කතරගම හා සියඹලා දේවාලයන්හි කතරගම දෙවියන් වෙත බාරවී කතරගම දිය බෙත්මේගේද සහයෝගයෙන් රහස්‌ රාජාභිෂේකයක්‌ සිදුකරන ලදී. 1818 දක්‌වා කතරගම දේවාලයේ පරිපාලනය සිංහලයන් සතු වූ අතර, ඉංග්‍රීසීන් 1818 න් පසු මෙහි පාලනය ද්‍රවිඩයන් සතු කරන ලදී. අනතුරුව අරුමා වැදි රජුගේ 4000 ක පමණ වැදි හමුදාවක්‌ සමග වෙල්ලස්‌ස කරා පැමිණි කිව්ලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර බ්‍රිතාන්‍ය හිරු නොබසිනා අධිරාජ්‍යට විරුද්ධව යුද ප්‍රකාශ කළහ. (බිබිලේ වැදි හමුදාව එකල ලොව සිටි ප්‍රබලම ගරිල්ලා භටයන් වූ අතර, ස්‌ථිර වාසස්‌ථාන නොපැවතී ඔවුන් වනාන්තර සටන් වලදී හා උපක්‍රමශීලී ගරිල්ලා ප්‍රහාරයන් හි ලොව සිටි අති දක්‍ෂයන් බව නොරහසකි.) මේ දක්‌වා විල්බාවේ මුදියන්සේගේ සත්‍ය ඉතිහාසය හෙළිවී නොමැත. මන්ද යත් ඉංග්‍රීසින් සතු ලේඛන පමණක්‌ පරිශීලනය කර ඉතිහාසය රචනා කර ඇති බැවිනි.

බූටාවේ රටේ රාළ යනු ලංකා හමුදාවේ අද්විතීය රණශූරයා වූ අතර, මෙතුමා භාවිත කළ පැරණි දුන්නට අදටද 05 දෙනකුටවත් දුනුදිය දැමිය නොහැක. මෙයද අද දක්‌වා නොනැවසී පවතී. මෙලෙස ආරම්භ වූ සිංහලේ නිදහස්‌ සටන මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් කිවුලේ ගෙදර පරපුර සමග අමනාපව පරගම්මන ගම්මානයේ මුස්‌ලිම් වැසියන්ගේ සහයෝගය ලබා ගැනීමට අදහස්‌ කළ බව වෙල්ලස්‌සේ සුදු හරක්‌ගාලේ මුහන්දිරම්කම හඡ්ජි මරික්‌කාර් නම් මුස්‌ලිම් ජාතිකයෙකුට දීමෙන් තහවුරු වේ. විජාතික මුස්‌ලිම් ගම්මානයක්‌ වූ පරගම්මන කිවුලේගෙදර පරපුරේ අප්පුහාමි බණ්‌ඩාර නම් ප්‍රධානියා මුස්‌ලිම් කන්‍යාවක්‌ විවාහ කර ගැනීමට දැරූ උත්සාහයේදී වස දී මරා දමන ලදී. ඉන් ඌවේ සිංහලයන් හා මුස්‌ලිම් ජාතිකයන් අතර බලවත් විරෝධයක්‌ ඇති වී තිබූ අතර, අදත් මුස්‌ලිම් ජාතිකයන් කිවුලේගෙදර අප්පුහාමි බණ්‌ඩාර සොහොනට වන්දනා මාන කරනු ලබන අතර, කන්දකැටියේ සිංහලයන් එතුමා දේවත්වයෙන් වන්දනාමානයට පාත්‍ර කරයි. (මේ සඳහා ඉදිකළ ගම්භාර දේවාලයක්‌ පවතී.) නව තනතුරෙන් උද්දාමයට පත් හඡ්ජි මරික්‌කාර් ප්‍රමුඛ මුස්‌ලිම් ජාතිකයන් වෙල්ලස්‌සට පැමිණි විගස කිවුලේගෙදර මොහොට්‌ටාලගේ අත්අඩංගුවට පත්විය.

ඉතා කෲර වද හිංසාවට ලක්‌ කිරීමෙන් පසු ඉංග්‍රීසීන් වෙනුවෙන් පෙනී සිටි හඡ්ජි මරික්‌කාර් කිවුලේ ගෙදර දිසාවේ විසින්ම කුළුගෙඩි පහරින් මරා දැමූ අතර, ඉන් බදුල්ලේ ඒජන්ත ලෙස කටයුතු කළ ඉංග්‍රීසි ජාතික විල්සන් බලවත් කෝපයට පත් විය. ඉංග්‍රීසි භටයන් පිරිවරා ගත් විල්සන්ද බදුල්ලේ සිට වෙල්ලස්‌ස බලා පැමිණි ගමනේදී කිවුලේගෙදර දිසාවේගේ සෙබළුන් හා බූටාවේ රටේ රාළගේ ප්‍රහාරයෙන් පුරාණ ඊතණවත්ත දේවාලය අසලදී මීටර් 1000 දුර සිට එල්ල කරන ලද හී පහරින් මැරී වැටුණුq විල්සන්ගේ හිස කඳින් ඉවත් කර වැදි නායක අරුමා ඇතුළු පිරිසට ලබාදෙන ලදී. විල්සන් මැරී වැටුqනු ස්‌ථානයේ බදුල්ල මාර්ගයේ ඉංග්‍රීසි ජාතිකයන් 1918 දී ස්‌මාරකයක්‌ ඉදිකළ අතර එය අද දක්‌වා පවතී. කිවුලේ ගෙදර, විල්සන් ගේ හිස ඉවත්කළ කිරිච්චියද, ඉංග්‍රීසි හමුදා භටයන් 197 කගේ හිස ඉවත් කළ කිරිච්චියද අද දක්‌වා පවතී. (නැලිගම ශෛලාශනාරාමය - රාගම)

කඳින් වෙන්කළ හිස ඊතණවත්ත පත්තිනි දේවාලයේ ගසක එල්ලා වැදි භටයින් විසින් එයට හී පහරවල් එල්ල කර රිටක ගසන ලද අතර, වැද්දන්ගේ මෙම ක්‍රියාව දේව කෝපයක්‌ ලෙසත්, ඉන් ඌව විනාශ වූ බවත් ඇතැම් ඌවේ පැරැන්නන් විශ්වාස කරයි. ඌවේ පාලකයා ලෙස කටයුතු කළ විල්සන්ගේ ඇද වැටීමෙන් ඉමහත් බියට පත් බ්‍රවුනින් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිදහස්‌ සටන අඩපණ කිරීමේ අරමුණින් කැප්පෙටිපොල දිසාවේ ඌවේ දිසාවේ ලෙස පත්කර සිංහල හමුදාවත් සමග එවන ලදී. නමුත් අලුපතදී අභීත ඌවේ කිවුලේගෙදරගේ හමුදාවට එකතු වූ කැප්පෙටිපොල නිලමේ අවසානයේ කිවුලේගෙදරගේ මග පෙන්වීමෙන් සිංහලේ නිදහස්‌ සටනේ හමුදාපති ධුරයට පත් කර ගන්නා ලදී. ඉන් ඉමහත් උද්දාමයට පත් ඌව වෙල්ලස්‌ස ජනයා දහස්‌ ගණනින් අභීතව ලක්‌දිව රජුගේ පක්‍ෂයට එකතු වූ අතර, උඩරට රදලයින් වැල නොකැඩී ඉංග්‍රීසි විරෝධී ප්‍රතිපත්තියට සහයෝගය දක්‌වන්නට විය.

මොල්ලිගොඩ හා එක්‌නැලිගොඩ හැර සෙසු ප්‍රධාන පෙළේ රදලයන්ගේ සහාය නිසා බ්‍රිතාන්‍ය හමුදාව උඩරටින් ප්‍රබල ලෙස පසු බසින්නට විය. මෙහිදී වාරියපොළ සුමංගල හිමි නැවත වරක්‌ තම පරපුරේ නිදහස වෙනුවෙන් රාජ්‍ය සංකේතය වූ දළඳා වහන්සේ මහනුවර රජ මාළිගයෙන් රැගෙන කැප්පෙටිපොල නිළමේ වෙත ලබා දෙන ලදී. ඉන් ඉමහත් ප්‍රමෝදයට පත් ලක්‌වාසීන් දහස ගණනක්‌ නැවත සිංහලයන් හා එකතු වූ අතර, සිංහලේ නිදහස්‌ සටන වඩාත් තියුණු මුහුණුවරක්‌ ගත් අතර, හඟුරංකෙත විහාරයේ දළදා ප්‍රදර්ශනයක්‌ පවත්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුව පැවැති වස්‌තුව 1848 සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායකයා වූ වීදිය පැලැන්නේ හඟුරන්කෙත ඩිංගිරාලගේ වැඩිමහල් සොහොයුරා වූ මැණික්‌රාල විසින් කිවුලේගෙදර ප්‍රධාන කැප්පෙටිපොල වෙත ප්‍රදානය කරන ලදී. මෙම යුගයේ හඟුරන්කෙත ඩිංගිරාල ලාබාලවියේ පසුවූහ. කන්ද උඩරට අප්‍රකට රණවිරු පවුලක්‌ වූ ඩිංගිරාල පරපුරේ සොහොයුරන් 3 ක්‌ වූ අතර වැඩිමහල් සොයුරු පුංචිරාල 1805 ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඉංග්‍රීසීන්ට විරුද්ධව මෙහෙයවූ සටනින් දිවි පිදූහ. දෙවැන්නා 1818 මැණික්‌රාල දිවිපිදූ අතර, ඩිංගිරාල 1848 දිවි පිදූහ.

කන්ද උඩරට පුරා ව්‍යාප්ත වූ 1818 නිදහස්‌ සටන ජයග්‍රහණයේ අභිමුව පසුබිමේදී ඉංග්‍රීසින් විසින් එක්‌නැලිගොඩගේ හා මොල්ලිගොඩගේ උපදෙස්‌ පිට ඉතා රහසිගත ලෙස ජෝන් ඩොයිල් පොළඹවා ඌවේ අධ්‍යාත්මික ශක්‌තිය පැවැති රාවණ දෙවොලේ රාවණ ප්‍රතිමාව ලබා ගැනීමට සේනාව මෙහෙයවූහ. මෙහිදී මොල්ලිගොඩ නිලමේ අලුත්නුවර දැඩිමුණ්‌ඩ දේවාලය වෙත භාරවී පුරාණ රාවණ ප්‍රතිමාව සබරගමුව මහා සමන් දේවාලයට රැගෙන ඒමට අදහස්‌ කළ අතර, හින්දු දේව වාදය ඉවතලා රාවණ ධජය පෙරටුq කිරීමට අදහස්‌ කළහ. අවසානයේ මාරගල කන්දේ රාවණ ප්‍රතිමාව ලබාගත් ඉංග්‍රීසින් එය මොල්ලිගොඩ නිලමේටද ලබානොදී එංගලන්තය බලා රැගෙන ගිය අතර, මුළු මහත් ඌව වෙල්ලස්‌සම සහමුලින්ම විනාශ කරන ලදී.

නමුත් කැප්පෙටිපොල නිලමේ, මඩුගල්ල, පිළිමතලාවේ නිලමේ අතර ඇතිවූ බල අරගලයේ ප්‍රතිඵලයක්‌ ලෙස කිවුලේගෙදර දිසාව පත්කළ විල්බාවේ රජුq පිළිගැනීමට අකමැති වූ ඇතැම් රදළ නායකයන් වෙනත් රජෙකු පත්කරගෙන කැප්පෙටිපොළ, කිවුලේගෙදර, විරෝධී ප්‍රතිපත්තියකට එළඹීය. කැප්පෙටිපොල නිළමේ දළදාවේ භාරකාරිත්වය වලපනේ දිසාවේ කිවුලේගෙදර වෙත පවරා තිබූ අතර, එතුමා කිවුලේගෙදර ග්‍රාමයේ දළදා පූජාවක්‌ හා පෙරහැරක්‌ද පවත්වන ලදී. මෙය ලක්‌දිව ඉංග්‍රීසි ආධිපත්‍යයට පෙර සිංහලයන් පැවැත්වූ අවසාන දළදා පූජාව වේ. ඉන් බියට පත් උඩරට රදළ ප්‍රධානීන් කැප්පෙටිපොල හා අභීතව රජු සිරභාරයට පත්කර වෙනත් අයෙකු රාජ්‍යත්වයට පත්කර ගන්නා ලදී. ඉන් ඉමහත් ප්‍රමෝදයට පත් බ්‍රවුනින්, ජෝන් ඩොයිල් ඇතුළු ඉංග්‍රීසි ප්‍රධානීන් සිංහල සටන් පෙරමුණේ චිත්ත ධෛර්යය බිඳදමා මහනුවර දළදා කරඬුව පමණක්‌ දළඳා වහන්සේ වැඩි සිටින සේ දළදා ප්‍රදර්ශනයක්‌ පවත්වා සිංහලයන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමන ලදී. ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල මනාලෙස නෙළාගත් ඉංග්‍රීසීන් ඉන්දියානු යටත් විජිතයෙන් ලබාගත් සහයෝගයෙන්ද, සුළු ජාතික මුස්‌ලිම් ජනතාවගේ ආශීර්වාදයෙන්ද මුළු මහත් ඌව වෙල්ලස්‌සම ගිනි තබන ලදී.

මෙහි පළමු ප්‍රහාරය ඌවේ අභීත නායක කිවුලේගෙදර දිසාවේගේ නිවසට එල්ල වූ අතර, කිවුලේගෙදර දිසාවේගේ දයාබර බිරිඳ නිවස ඉදිරියට ගෙන විත් වෙඩි තබා මරා පුළුස්‌සා දමන ලදී. මැක්‌ඩොනල්ඩ් නම් දාමරිකයා මෙහෙය වූ මේ ම්ලේච්ඡ හමුදාව වයස 18 ට වැඩි සියලු පිරිමින් මරා දමා ඌවේ ස්‌ත්‍රීන් දූෂණය කරන ලදී. කිවුලේගෙදර මොහොට්‌ටාලගේ දියණිය අරුමා වැදි නායකයාගේ මූලිකත්වයෙන් මෙහෙය වූ අති දක්‌ෂ සිංහල සටන්කරුවන් විසින් බේරාගෙන පැමිණියද, අතරමැද දී ඇති වූ සටනකදී ස්‌වකීය පතිවාත්තාව ආරක්‌ෂා කර ගැනීම සඳහා කඳු මුදුනින් පැන සිය දිවි නසාගත් බව පැවසුවත්, ඇය රන්මැණිකා නමින් තම පෙළපත රැකගෙන ජීවත් වීමට භාග්‍යවන්ත විය. නමුත් කිවුලේගෙදර දිසාවගේ දයාබර දියණිය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ අරුමා නම් වැදි හමුදාවේ ප්‍රධානියා ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඉංග්‍රීසීන් ඔහුට දෙතිස්‌ වද බන්ධන දී මඩුල්ල නම් ස්‌ථානයේදී එල්ලා මරා දමන ලදී.

අතීතයේදී ඉපැරණි යක්‌ ජනාවාසයක්‌ වූ කලාඔයෙන් පෝෂිත ගිරිබාව, රිටිගල, නීලගිරිය ප්‍රධාන ජනපදය, හෙළ ලෙයින් ජනිත වූ උදාර සිංහලයන් විසූ යක්‌ ජනපදයක්‌ වූ අතර, කැප්පෙටිපොල පුංචි නිලමේ සේනා සංවිධානයට මෙම ප්‍රදේශයට පසු බැස පලාගිය අතර, අවාසනාවකට පරවාහැර ගම්වාසී මුස්‌ලිම්වරුන් ලබාදුන් ඔත්තුවක්‌ මගින් එතුමා සතුරන් අතට පත් වී නොවැම්බර් 17 වැනිදා හිස්‌ ගැසුම් කන ලදී. වීර බූටාවේ රටේ රාළ, කොහු කුඹුරේ රටේ රාළගේ පුත්‍රයා විසින් පාවාදුන් අතර, ලංකා සේනාවේ මේ අභීත ශූරයා මුස්‌ලිම් ජාතිකයන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඉංග්‍රීසීන් විසින් එල්ලා මරා දමන ලදී. නමුත් පරපුරේ ජනප්‍රවාද අනුව මේජර් මැක්‌ඩොනල්ඩ් වෙත කිවුලේගෙදර දිසාවේ මරණයට පෙර ඌවේ ඉපැරණි පංචකර්ම යම කාලයට අනුව හූනියමක්‌ සිදුකළ බව සඳහන් වේ. ඉන් මැක්‌ඩොනල්ඩ් පසුකාලීනව එංගලන්තයේදී පිස්‌සු හැදී මිය ගොස්‌ ඇත. (මැක්‌ඩොනල්ඩ් අවසාන කාලය සිහි විකල්ව සිට මියගිය බව තහවුරු වී ඇත.)

1818 නිදහස්‌ සටන මෙහෙයවූ සියලු රණවිරුවන් මරා දැමුවත්, කිවුලේ ගෙදර මොහොට්‌ටාල අල්ලා ගැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි වූ අතර, බිබිල වෙත පසු බැසි මෙම අසහාය සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායකයා, ඉතිරි වූ ඌවේ සිංහලයන් වෙත අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම් පත්තුව වෙත පලායන ලෙස සැල කරන ලදී. අවසානයේ බිබිලේ ගල්තලාවක්‌ මතදී සතුරන් අතට පත් නොවූ මෙම අසහාය රණශූරයා ස්‌වකීය දැතින්ම නිල තෙරපුමක්‌ මගින් ජීවිතයෙන් සමුගත් අතර, එතුමා ලංකා ඉතිහාසය වෙත ඉතිරි කරන ලද්දේ ඉන රැඳි කිරිච්චියත්, රාවණ මුහුර්තිය ඇතුළත් ශිවා ලිත පුස්‌කොල ග්‍රන්ථයත්, සුබැසි ගී රචිත පත්ඉරු කිහිපයක්‌ හා මන්ත්‍ර පොතක්‌, ස්‌වකීය නිවස ගිනි තැබීමේදී ඉතිරි වූ එතුමාගේ නිවසේ උළුවහු සතරත්, තමා පණ මෙන් සුරැකි තම ගමන් මල්ලේ රඳවාගත් රාවණ ප්‍රතිමාව හා බුද්ධ ප්‍රතිමාවකුත් පමණි.

ඌවේ දිසාවේ වලපනේ මයුරා ධජය රැගත් රණශූර කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර දෙවි ලෙස සිංහල වීරයන් වැඳුම් පිදුම් කළ මෙතුමාගේ රුව ළිඳමුල්ල පත්තිනි දේවාලයේ විනාශ වෙමින් පවතින බිත්තියක දක්‌නට ඇති අතර, ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු රාවණ පුලතිසි වෙසමුණි පරපුරට මෙන්ම වසර 190 කට පෙර රාවණ ධජය පෙරටුකොට සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායක වලපනේ දිසාවේ කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර ඉතිහාසයේ කුණු කූඩයට දමා අවසානය. නමුත් පුරා විදුවන් හෝ ඉතිහාසඥයන්, දේශප්‍රේමීන්ද මෙතුමාගේ යටත් විජිතවාදයෙන් පසුවද සත්‍ය ඉතිහාසය මතුකරගෙන නොමැත. නමුත් අසරණ සැබෑ සිංහල හෙළයින් මෙතුමාගේ වටිනාකම රැක ගැනීමට යම් උත්සාහයක යෙදී ඇත.නමුත් ඌවේ අසහාය කිවුලේගෙදර මොහොට්‌ටාල වෙනුවෙන් කපුටන්ට අසූචි තැවරීමට, බල්ලන්ට ලැග සිටීමට අව්වට හා වැස්‌සට තෙමි තෙමී දුක්‌ විඳීමට, දූවිලි පිරි පාරක්‌ අසල පිළිමයක්‌ තැනීමෙන් නොනැවතුණු ඌවේ අතීත සිංහලයන් තම පරපුරේ නෑ යකුන් පිදීමේ පිළිවෙත සුරකිමින් දේවාලයක්‌ ඉදිකර අතීත, අනාගත පරපුරට වැඳ නමස්‌කාර කර ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක තබා, නැලිගම ශ්‍රී ශෛල්‍යාසනාරාමයේ ඉදි වූ ඓතිහාසික කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර දේවාලයේ මහා සංඝයා විෂයෙහි දන් දී පින් අනුමෝදන් කිරීම සදා අනුස්‌මරණ කළගුණ සැලකීමකි. එබැවින් ඉදිවූ දෙවොල අනාගත පරපුර වෙත ආරක්‌ෂා කිරීම විහාරාධිපති, වාරියපොල ශ්‍රී සුමංගල හිමි වැනි භික්‌ෂු පරපුරක ආදර්ශය ගෙන ආරක්‌ෂා කිරීම යුතුකමක්‌ද වන්නේය.

කිවුලේගෙදර මොහොට්‌ටාලගේ වටිනාකම වනුයේ, එතුමා ඌවේ අවසාන යුග පුරුෂයා වීමය.

වලපනේ මයුරා ධජයට හිමිකම ලැබූ අවසාන වලපනේ දිසාව වීම.

එංගලන්තයේ තැන්පත් කර ඇති රාවණ ප්‍රතිමාවේ උරුමකරු වීම.

රාවණ ඇදහීමේ ගුප්ත විද්‍යාව දත් අන්තිම දිසාවේ වීම

රාවණ රජු පිළිබඳව තල්පතක ලියූ අවසන් වීරෝදාර සටන් නියමුවාණන් වීම

වෙල්ලස්‌සේ අභීත සිංහලයා දේවත්වයෙන් අදහන සැබෑ ජනහිතකාමී නායකයා වීම.

එබැවින් ඉංග්‍රීසීන් විසින් මතු පරපුරට උරුම නොකොට මළ සිරුරට පවා වධ බන්ධන සිදුකර මානව හිමිකම් උල්ලංඝනය කර, ඉතා රහසිගතව එනම්, බදුල්ලේ කච්ෙච්රිය පිටුපස ඇති මුස්‌ලිම් පල්ලියේ වළ දමා ඇති කිවුලේගෙදර මොහොට්‌ටාල නම් අභීත රණශූර දෙවියාට පින් අනුමෝදන් කිරීම හා ඉතිහාසයේ රන් අකුරින් මෙතුමාගේ නාමයද සටහන් කීරීම යුග මෙහෙවර වන්නේය.

වසර 190 න් පසු එතුමා පැතූ නිවහල් නිදහස්‌ දේශයක අද අපි ලෙයින් කඳුළින් ලියවූ ඉතිහාසයක්‌ සටහන් කර තබන්නෙමු.

වෙල්ලස්‌සේ නිදහස්‌ සටනේ ආරම්භකයා වලපනේ දිසාවේ බවට පහත සාධක ඉදිරිපත් කළ හැක.

උපුටා( උඩරට මහා කැරැල්ල - තෙන්නකෝන් විමලානන්ද

1819 මැයි 1 දා බදුල්ලේදී හිටපු කතරගම මහබෙත්මේගේ කට උත්තරය.

ප්‍රශ්නය( විල්සන් මහතා තෝල්ක හඡ්ජි මුහම්දිරම් මැරුමේ කවුද ?

පිළිතුර( බූටාවේ රටේ රාළ, කිවුලේගෙදර දිසාවේ, කුඩා බදුදුගුගම රටේ රාළ,

හඡ්ජි මුහන්දිරම් මැරුවේ කිවුලේගෙදර දිසාවේගේ කීම පිට ඔහු ඉදිරිපිටදී.

ප්‍ර(- මේ සඳහා ද්‍රවිඩ ජාතිකයන්

රැගෙන ආවාද?

පි(- කැරැල්ල පැවතුන කාලේ මා දුටු එකම ද්‍රවිඩයා රාමිස්‌සාමියි.

1818 දෙසැම්බර් 11 වන දින රොබට්‌ බ්‍රවුන්රිග්ගේ ලිපියෙන් කිවුලේගෙදර මෙහොට්‌ටාල ඒ දිනය දක්‌වා අල්ලාගෙන නොසිටි බව තහවුරු වේ.

උපුටා ගැනීම( උඩරට මහ කැරැල්ල තෙන්නකෝන් විමලානන්ද

(ප්‍රධාන කැරලි නායක පිළිමතලාවේ සහ කැප්පෙටිපොල අල්ලා ගැනීමේ භාග්‍ය ද බුදුන්ගේ දන්ත ධාතුව ආපසු ලබා ගැනීමටද සඳහන් වේ. අල්ලා නොගෙන ඉතිරිව ඇත්තේ තරමක්‌ බලවත් බුද්ධි සම්පන්න වලපනේ දිසාවේ කිවුලේගෙදර එකම එක පුද්ගලයා නිසාද, කැරැල්ල, මැඩ පැවැත්වීම සම්පූර්ණ විය.) ඒ අනුව, රාවණ ඉතිහාසයද, ඌවේ ඉතිහාසයද, ඉතිහාසයේ වටිනාකමක්‌ නොහඳුනන, ජාතියේ හා දෙAශයේ අගය නෙහඳුනන උගතුන් යෑයි කියා ගන්නා කිසිවෙකුටවත් ඌවේ මානව හිමිකම් කිසිදා වළ දැමීමක්‌ කළ නොහැකිය. එමෙන්ම ඌවේ වැසියන් වෙනුවෙන් ඉංග්‍රීසීන්ට මතු කලෙක නීත්‍යානුකූලව වන්දි ගෙවීමට සිදු වනුද නොඅනුමානය. ලංකා ඉතිහාසයේ කිසිදා උඩරට මහ කැරැල්ලක්‌ සිදු නොවූ අතර, පෙරදිග රටවල් ආක්‍රමණය කළ මානව හිමිකම් උල්ලංඝනය කළ ප්‍රබල මිලේච්ඡ ජාතියකට එරෙහිව ලොව පැරණිම ශිෂ්ටාචාරය හා නීත්‍යානුකූලව ලෝක සිතියමට හිමිකම් ඇති ශ්‍රී ලංකා පොලොවේ ජනිත මිනිසුන් වීරත්වයේ නාමයෙන් 1818 මහා නිදහස්‌ සටනක්‌ පමණක්‌ සිදුකර ඇත.

ජලිත අමරසිංහ
උපුටා ගැනීම


Thursday, August 5, 2010

රාවණා අපේ කෙනෙ‍ක්ද?

0
පසුගිය දිනක මගේ ඉතාලි ජාතික මිතුරියක් ගෝතමාලාවේ සංචාරයක යෙදුණා. එහිදී ඇගේ මඟ පෙන්වන්නා විසින් පවසන ලද දෙයක් නිසා ඇය මවිතයට පත් වී තිබුණා. සංචාරක මඟ පෙන්වන්නා පවසා තිබුණේ එරට පැවති පැරණි මායා ශිෂ්ඨාචාරයේ ආරම්භකයන් ලංකාවෙන් පැමිණියවුන් බවයි. මගේ මිතුරිය එ‍් පිළිබඳව මගෙන් විමසා සිටි විට මට එක්වරම සිහිපත් වූයේ රාවණා පුවතයි. රාවණා අධිරාජ්‍යයට අයත් යටත්වැසි රාජ්‍යයන් ලොව පුරා පැතිර පැවති බව ප්‍රසිද්ධ මතයක්. මේ සිද්ධිය නිසා රාවණා පුවත ගැන නැවත සිතන්නට පෙළඹුනේ ප්‍රශ්න ගනණාවක්ම හිතේ ඇතිවයි.

කුඩා කල සිට රාවණා ගැන අපට කියාදුන් කතා වලත්, පසු කලක අප විසින්ම කියවන ලද රාමායනයට අනුවත්, රාවණා යනු ලංකාපුරයේ අධිපතියාය. රාමායණයට අනුව රාවණා පරාජය කිරීමෙන් පසු ඔහුගේ සොහෙ‍ායුරු විභීෂණට ලංකාව භාර කරනවා. එසේම රාවණා ගේ ජනතාව සමූල ඝාතනය කල බවට කිසිම සඳහනක් නැහැ. එය එසේ නම්, රාවණා ගේ ලංකාවේ සිටි ජනතාවගෙන් පැවතෙන්නන් සිටින්නේ කොහිද? අපගේ වංශකථා වලට අනුව විජය ලංකාවට පැමිණ පරදවන්නේ එසේ රාවණාගෙ‍් පරපුරෙන් පැවත එන ජනතාවද?

රාවණා පරපුරෙන් පැවතෙන්නන් විජයාගමනය තෙක් ලංකාවේ සිටියේ නම්, විජය සමඟ පැමිණි හත්සියයක් පිරිස පැරදවීමටවත් නොහැකි දුර්වලයන් පිරිසක් බවට පත් වී තිබිණිද? මෙහිදී අප අමතක නොකල යුතු කරුණක්ද ඇත. රාවණා රජු වර්තමානයේ පවතින ගුවන් යානා, මිසයිල වැනි අධිතාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධව යුධ වැදුනු බවයි. එතරම් දියුණු සමාජයක් විජය පැමිණෙන අවධිය වන විට ඉතා කුඩා පිරිසකගේ අණසකට යටත් වන්නට තරම් පිරිහීම සිදුවිය හැක්කක්ද?

මීළඟට ඇතිවන ප්‍රශ්නය නම්, විජය ඇතුළු පිරිසගෙන් පැරදෙන රාවණා පරපුරෙන් පැවතෙන්නන් (එය එසේ නම්) සදහටම වඳ වුනිද, නැතහොත් ඇතැම් අය පවසන පරිදි ලංකාවේ කුඩා පෙ‍ෙදසකට සීමා වූ ‍වැද්දන් බවට පත් වුනිද? රාවණා අධිරාජ්‍යය ලොව පුරා පැතිර පැවතියේ නම්, රාවණා පරපුරෙන් පැවතෙන්නන් ලංකාවේ හැර වෙනත් කලාපයක ස්ථාපනය වුනිද? අපේ රටේ පවතින ජාතිකත්ව ගැටළුව සහ ඊට සම්බන්ධ සිංහල නිජබිම් සංකල්පය අර්බුදයකට යන්නේ මෙතැනදීය. මහාවංශය නම් වීර කථාවෙන් අන්ධ වූ අපගේ ඉතිහාසඥයන්, විජයට පෙර ලංකාවේ පැවති ශිෂ්ඨාචාරය ගැන උනන්දු නොවී අපගේ ආර්ය සම්භවය තවදුරටත් රැකගැනීමේ උත්සාහයක නිරත වීමේ ප්‍රථිඵලය මෙයයි.

අප රාවණා ඉතිහාසය පැත්තකට දමන අතර, බොහෝ ඉන්දියානු ඉතිහාසඥයන් ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරමින් පවතිනවා. ඔවුන්ගේ සොයා ගැනීම් සහ නිගමන සිංහල නිජබිම් සංකල්පයට පහරක් වෙමින් තිබෙනවා. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන්ම දකුණු ඉන්දියානු කලාපයේ රාවණා රජු සැමරීමේ උත්සව පවා පැවැත්වෙනවා. ඇතැම් ද්‍රවිඩ ජාතිකයන් (දෙමළ පමණක් නොවේ) ඔවුන් රාවණා පරපුරට අයත් බව කියා සිටින්නේ සාධකද ඇතිවයි.

රාවණා රජුට සහෝදරයන් සය දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටි බවත් ඉන් තිදෙනෙකු හැර අනෙක් අය ජීවත් වූයේ ඉන්දියාවේ බවත් කථා පුවතේ සඳහන් වෙනවා. එය එසේ නම්, රාවණා පරපුරෙන් පැවතෙන්නන් අදටත් ඉන්දියාවේ විසිය යුතුයි. බරපතලම ප්‍රශ්නය පැන නගින්නේ එවිටය. දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් රාවණා පරපුරට අයත් නම් ලංකාවේ මුල් පදිංචිකරුවන් වන්නේද ඔවුන්ගේ පරපුරය. එවිට “සිංහලයන් යනු පසු කලක ලංකාව ආක්‍රමණය කරන ආර්ය සම්භවයක් ඇති ආක්‍රමණිකයන්ගෙන් පැවතෙන්නන්ය”. එය එසේ නම් අපගේ සිංහල නිජබිම් සංකල්පයට සිදු වන්නේ කුමක්ද?

රාමායණය යනු ‍ෙඑතිහාසික සාධක නොමැති කථා පුවතක් පමණක් බව යමෙකුට පැවසිය හැක. මහා වංශයද එවන්ම කථා පුවතක් බව අප අමතක නොකල යුතුය. මහාවංශ‍ෙය් සඳහන් බොහෝ සිද්ධි සඳහා පුරාවිද්‍යාත්මක සාධක පැවතියද, එසේ නොවන අවස්ථාද එමටය. විජය පුවතද ඇතුළුව මුල් අවධි සඳහා පුරාවිද්‍යාත්මක සාධක නොමැති බව අප පිළිගත යුතුය.

සිංහලයන්ගේ ආර්ය සම්භවය පිළිබඳව හුවා දක්වන වංශ කථා වලට සීමා නොවී, රාවණා පුවත පිළිබඳව සැබෑ අධ්‍යයන ඇරඹීමේ කාලය පැමිණ තිබේ. එය සිංහලයන්ගේ නිජබිම් අයිතිය තහවුරු කර ගැනීමටත්, අපගේ සැබෑ අතීතය සොයා ගැනීමවත් උදව් වෙනු ඇත. සිංහලයන් පැවත එන්නේ අතිවිශිෂ්ඨ යුද්ධයක් මෙහෙය වූ රාවණා පරපුරෙන්ද නැතහොත් තම ජනතාවට හිරිහැර කිරීම නිසා රටින් පිටුවහල් කරනු ලැබූ දඩබ්බර රජ කුමරකුගෙන්ද යන්න තීරණය කිරීම සිංහලයන්ගේ අභිමානය නංවන්නක් වෙනු ඇත.
උපුටා ගැනීම - http://www.facebook.com/topic.php?uid=132543113437600&topic=138

Sunday, August 1, 2010

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

1

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

පසුගිය සතියෙන් ...

උතුරින් හිමාලය කඳු වැටියත් නැඟෙනහිරින් මුහුදත් දකුණු දෙසින් වින්ධ්‍යා කඳු වැටියත් බටහිරින් හා වයඹින් කඳු ශිඛර ප්‍රාකාරයත් යන ඒවායින් වට වි තිබූ ප්‍රදේශය ආර්යවර්තය හෙවත් භාරතවර්තය ලෙස හඳුන්වා ඇත. මෙම ප්‍රදේශය පුරාම පැතිරි තිබූ භූමියේ වාසය කළ ආර්යයන් මර්දනය කළ නමුත් ඔවුන්ට විපක්‍ෂව සිටි බල සම්පන්න ජාතිය නම් රාක්‌ෂයෝයි. ඉන්දියාවේ බලවත්ම ජන කොට්‌ඨාසයක්‌ බවට පත්ව සිටි රාක්‌ෂයෝ ලංකාව පූරාම තම බලය පතුරවමින් රාජධානිය පිහිටුවාගෙන සිටියහ.

මෙසේ ලංකාවේ ආධිපත්‍යය හා බල පරාක්‍රමය පතුරවමින් සිටි රාක්‌ෂයන්ගේ ක්‍රියාවන් පිළිබඳව ආර්යයන් තැතිගැන්මට පත්ව සිටියේය. මේ නිසාම රාක්‌ෂයන්ගේ බල මහිමය සුණු විසුණු කිරීම සඳහා ආර්යයන් විසින් වරින් වර සටන් කරන ලදී. පසුකාලීනව මෙම දෙපක්‍ෂය අතර ඇති වූ අවසාන මහා බිහිසුණු සංග්‍රාමය "රාමායනය" නම් සංස්‌කෘතික මහා කාව්‍යයෙහි විස්‌තරාත්මකව දක්‌වා ඇත.

රාමායනයේ සඳහන් වන ආකාරයට මෙම මහා සටන සිදු වූයේ උතුරු දඹදිව අයෝධ්‍යය පුරයෙහි ආර්යය නරපතියා වූ "රාමා" සහ ලංකාවේ පාලකයාව සිටි රාක්‌ෂයය අධිපතියා වූ "රාවනා" ත් අතරය. පුලස්‌ති සෘෂින්ගේ මුණුබුරු වූ රාවනා ලංකාවේ "ත්‍රිකූට" හෙවත් "ත්‍රීමණ්‌ඩලේස්‌වරව" වී දශානන, දශග්‍රීව, දශ මෞලි, දශ ශීර්ෂ ආදි විරුදාවලින් ලබා බලයෙන් මෙන්ම කීර්තියෙන්ද යුක්‌තව රාජ්‍ය පාලනය සිදු කරමින් සිටියේය.

එහෙත් "රාවනා" යනු ලංකාවේ පාලකයකු නොවන බවටද ඇතැම්හු මත ඉදිරිපත් කරති. ඉන්දියානු ඉතිහාසඥයන් දෙදෙනකු වන පරමශිව අයියර් හා එච්. ඩී. සන්කිලියා පවසන්නේ "රාවනා" ලංකාවේ අයෙක්‌ නොව ඉන්දියාවේම අර්ධද්වීපයක රජ කෙනෙකු ලෙස සිටි අයකු බවයි.

ඉන්දියාවේ ජබල්පුර්හි ගොන්ඩි ගෝත්‍රික නායකයකු ලෙස රාවනා හඳුන්වා දීමට අයියර් මහතා ක්‍රියා කරන අතර, සන්කිලියා මහතා පවසන්නේ රාක්‌ෂයයන් වාසය කළ "ලංකා" නමින් හඳුන්වන ලද ප්‍රදේශයක්‌ ජබල්පුර්හි පැවති බවයි. එම කරුණු සනාථ කිරීම සඳහා ඔහු පෙන්වා දෙන්නේ "ඔරිස්‌සා" ප්‍රදේශයේ හනුමන්තාගේ රූපයක්‌ ගිනිබත් කරන වාර්ෂික උත්සවයක්‌ පවත්වන බවත් ලංකා නමැති ස්‌ථානයේ ඇති රාවනා දේවාලයේ ගොන්ඩි ගෝත්‍රිකයන් ප්‍රශස්‌ති ගීත ගායනා කරමින් රාවනාට පුද පූජා පවත්වන බවත්ය.

රාමායනයට අනුව "රාවනා" පැවත එන්නේ බ්‍රහ්ම වංශයෙනි. රාවනාගේ සීයා පුලස්‌ති වන අතර පියා වන්නේ විස්‌රාවෝය. කෛක්‍ෂි මව වන අතර, විභීෂණ හා කුම්භකර්ණ යන සහෝදරයන් දෙදෙනකුද සුපර්ණකා නම් සහෝදරියක්‌ද විය. රාවනාගේ බිරිඳ වුයේ "මන්දෝදාරිය" රාවනාට ඉන්ද්‍රජිත් නමැති පුතකු සිටි බවත් රාමාගේ පක්‍ෂය ගැනීම පිළිබඳව විභීෂණට දොස්‌ කියමින් සටනේදී මිය ගිය බවත් සඳහන් වේ.

වින්ධ්‍යා කඳු වැටිය පටන් දකුණු ප්‍රදේශයට විහිදී ගොස්‌ ලංකාවද අයත්ව ඉන්දියාවේ අර්ධද්වීපයක අධිරාජ්‍යයක්‌ රාවනාට අයත්ව තිබුණු අතර, ඒ ඒ පලාත් පාලනය කිරීම සඳහා රාක්‌ෂයා ස්‌ත්‍රි පුරුෂයන් ප්‍රතිරාජ පදවි වලට පත්කර සිටි බවත් සූපර්ණිකා ඉන් එක්‌ පදවියක්‌ දරමින් ඉන්දියාවේ උතුරු දෙස පාලනය කරමින් සිටි බවත් සඳහන්ව ඇත.

මෙම කාලයේදී ආර්යයන්ගේ අයෝධ්‍යපුර දශරථ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රාමාට තමාගේ බිරිය වූ සීතාත් සහෝදරයා වූ ලක්‍ෂ්මණත් සමග තම රාජධානිය අතහැර දක්‍ෂිණ දේශාරණ්‍යයට පැමිණ එහි වාසය කිරීමට සිදුව ඇත. එයට හේතුව වී ඇත්තේ දශරථ රජුගේ දෙවන බිසවගේ දැඩි ඉල්ලීම මත ඇගේ පුත්‍රයා වන භරත කුමාරයාට රාජ්‍යය පවරා දීමට සිදු වූ නිසා බව කියවේ.

එසේ රාජ්‍යය පවරාදුන් පසුව රාම කුමරුන් සීතා දේවිය හා ලක්‍ෂ්මණත් සමග වන ගතව වාසය කරන අතර රකුසන්ට විරුද්ධව සටනක්‌ කිරීමට සිදුවිය. මේ කාලයේදී රාක්‌ෂ්‍ය බලය අඩු වී තිබූ කාලයක්‌ වූ අතර, වැඩි මහන්සියකින් තොරව බලයෙන් පිරිහි සිටි රාක්‍ෂයන් සේනාවද වෙනත් වර්ගවලට අයත් මනුෂ්‍ය ජනතාවද රාමාගේ පක්‍ෂයට එකතු කර ගැනීමට හැකි විය. තැනින් තැනදී රකුසන්ට විරුද්ධව සටන් කරමින් දකුණේ ජනස්‌ථානයකට පැමිණි පසුව ඇති වූ මහා සටනේදී රාවනාගේ ඥාති සහෝදරයකු වූ රාක්‌ෂ්‍ය සේනාධිපති "ඛර" නම් රාක්‌ෂ්‍යයා රාම අතින් මරණයට පත්විය. එම කාලයේදීම "සුපර්ණනාගේ" මුහුණ හා ශරීරය කඩුවලින් පහර දී තුවාල කිරීමද රාම විසින් සිදු කළේය.

සුපර්ණකා දඹදිවින් පලා ඇවිත් ලංකාවේ පාලකයාව සිටි තම සහෝදරයා වූ රාවනා හමුවට ගොස්‌ රාම විසින් සිදු කළ අපරාධය පැවසුවාය. මෙයින් බලවත් ලෙස කෝපාවිෂ්ඨ වූ රාවනා දඹදිවට ගොස්‌ රාමාගේ පිරිස සමග සටන්වැදී "සීතාදේවිය" පැහැරගෙන තම පුෂ්ප රථය හෙවත් ලාංකේය ජන සමාජයේ "රාවණාගේ දඬු මොණරය" ලෙස ප්‍රසිද්ධව ඇති ගුවන් යානයෙන් ලක්‌බිමට පැමිණියේය.

ඇතැම් ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පෙන්වා දෙනු ලබන්නේ "රාවනා" යනු ඝෝෂා කිරීම හෝ ඝෝෂා කරන්නා යන අර්ථය බවත්, සීතා යනු හීමිට නැතහොත් හී හෑම යන අර්ථය දෙන බවත්, රාවනා විසින් සීතා පැහැරගෙන ඒම යනු උත්තරීතර භාරතීය ගොවිතැන පිළිබඳව වූ දැනුම ලංකාවට ලබාගැනීම සංකේතවත් කරන බවත්ය.

එහෙත් රාමා-සීතා, රාම-රාවනා, රාවනා සීතා යන පුරාවෘත්තයන් පිළිබඳ ලාංකේය ජන සමාජයේ පවතින පුරාවෘත්ත වලට අනුව රාවන සත්‍යය වශයෙන්ම සීතා දේවිය පැහැරගෙන ආ බවත් එසේ පැහැරගෙන එන අතරමගදී ලංකාවේ සමනළ කඳු ශිඛරයේ දිය උල්පතකින් දියනෑම සිදුකර ඇති බවත් වර්තමානයේ එම ස්‌ථානය සීත ගඟුල ලෙස ප්‍රසිද්ධව ඇති බවත් සඳහන් වන අතර රාවනා විසින් සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූ ස්‌ථානය ලංකාවේ නැගෙනහිර පළාතේ ගෝකණ්‌ණ හෙවත් ගෝණතොට යන නම්වලින් හඳුන්වනු ලබන ඓතිහාසික ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල් භූමියේ පවතින බවත් සඳහන්ව ඇත.

රාවනා විසින් දඹදිවට ගොස්‌ මෙසේ රාමා හා සටන්වැදී සීතාදේවියද පැහැරගෙන ඒම පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වූ රාමා තම සහෝදර ලක්‌ෂ්මන්ද දඹදිව ආර්යය සේනාවද වානර වලස්‌ ආදි නම් වලින් පෙනී සිටි නොයෙක්‌ වර්ගවලට අයත් මහා යුද සේනාවක්‌ද රැස්‌කර ගනිමින් රාක්‌ෂයන්ට පහරදීම සඳහා ලංකාව දෙසට පැමිණියේය. මෙම රාමාගේ යුද සේනාව සමඟ "හනුමන්තා" නම් මහත් යුද දස්‌කම් හා වීරකම් පෑ ආදී දේශීය සේනාධිපතියාද එක්‌ව සිටියේය.

රාම ප්‍රමුඛ බළඇණිය දකුණු ඉන්දියාවේ රාමේෂ්වරයට පැමිණ යුද කඳවුරු බැඳගෙන ලංකාවට පහරදීම සඳහා හෙළදිව විනාශ කිරීම සඳහා වසර දහයකට අධික කාලයක්‌ සටනේ නිරතව සිටියේය. රාවනාද රාCෂ්‍ය මධ්‍ය භවන වූ ලංකාවට කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි වන පරිදි ආරක්‍ෂක විධිවිධාන යොදවා සුරක්‍ෂිත කර තිබුණේය.

මෙසේ දෙපාර්ශ්වය අතර සටන් පවතිද්දී රාමා විසින් උපක්‍රමශීලීව රාවනාගේ සහෝදරයකු වූ "විභීෂණ" හා මිත්‍රවී රාවනා පිළිබඳව දොස්‌ පවසමින් රාවනා පරාජය කොට ලංකාව යටත්කර ගැනීමට සහය ඉල්ලා සිටියේය. විභීෂණ ද ලංකා රාජ්‍යයේ පාලනය ලබා ගැනීමේ යටි අරමුණින් සිටි අයකු බැවින් රාමාට පක්‌ෂව කටයුතු කිරීමටත් රාවනා පරාජය කළ පසුව ලාංකේය පාලනය ලබාදීමේ පොරොන්දුවත් ඇතිව රාමා හා එක්‌වී රාවනාට විරුද්ධව යුද වැදුනේය.

ඉන්දියාවේ රාමේෂ්වරයේ සිට මුහුද තරණය කර ලංකාවට පැමිණීම සඳහා ගල් යොදා මාවතක්‌ ඉදිකළ අතර විභීෂණගේ උදව් උපකාර ඇතිව රාවනා සමඟ යුද්ධ කොට මීමැසි පොදියක්‌ මෙන් විශාල වූ සේනාවක්‌ ලංකාව ආක්‍රමණය කළෝය. කිසිදු ආකාරයකට විනාශ කළ නොහැකි වූ තේජෝබල පරාක්‍රමයන්ගේ යුක්‌තව සිටි රාවනා රජු රාමා විසින් පරාජය කිරීමෙන් යුද්ධ භූමියේදීම මරණයට පත්වූ අතර, රාවනා රජුගේ පුත්‍ර වූ පියාට පමණක්‌ යුදමය අතින් දෙවනි වූ ඉන්ද්‍රජිත් ද යුද්ධ පිටියේදීම මියගිය බව සඳහන්ය.

මෙසේ රාවනා පරාජය කළ රාමා සීතාව යලි බේරා ගැනීමට ලැබීම පිළිබඳව දැඩි ලෙස සතුටට පත්වූ අතර වසර දොළහක්‌ තිස්‌සේ පැවති මෙම රාම - රාවනා යුද්ධයේදී ලංකාව මහත් ලෙස විනාශයට පත්වූ බව සඳහන්ව ඇත.

තවද රාවනා මරා දමා ලද යුද ජයග්‍රහණයට හේතු වූ පරිදිම රාමා විසින් විභීෂණට කැලණිය කේන්ද්‍රකර ගනිමින් ලංකා රාජ්‍යය ලබාදී ඔහු සිංහාසනාරූඩ කොට ලංකේශ්වරයාණන් හෙවත් ලංකාවේ නරපතියා ලෙස අභිෂේක කරවන ලදී.

අනතුරුව ලංකාව පුරාම විභීෂණගෙන් පැවත ආ පිරිස ජනාවාස පිහිටුවා ගත් බවද පැවසේ.

තවද රාවන කාලයේදී මෙන්ම ඊටත් ඈත අතීතයේදී පවා ලංකාව ජනාවාසව පැවති බව රාමායනය නම් මහා කාව්‍යය සඳහන් කරයි.

මේ වනවිට ඉතිහාසඥයන් අතර මහත් ආන්දොaලනයකට හා දැඩි කතා බහට ලක්‌ව තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ සිංහල වංශ කතාව ආරම්භ වන්නේ විජයාවතරණයෙන් පසුව නොව ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදී සිදුවූ මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසුව බවද පිළිගත හැකි කරුණකි.

එය එසේ වන්නේ දෙවන පෑතිස්‌ රජ සමයේදී ලංකාවේ ඉතිහාසය පිළිබඳව වන ප්‍රධාන මූලාශ්‍රය හෙවත් මහා වංශය මුල් කතුවරයා වූ දික්‌සද සෙනවියා පිරිවෙන්හි වැඩ විසූ මහානාම මහ තෙරුන් වහන්සේ විසින් ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදී පාලි භාෂාවෙන් එය රචනා කිරීම නිසාය.

පියා මරා ආනන්තරිය අකුශල කර්මයන් සිදුකරගනී සිංහබාහු තම එකුස උපන් සහෝදරියව අඹුව කරගනිමින් ජාතක කළා වූ දරු පරපුරෙන් පැවත එන විජයගෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය සිංහල ජාතිය මහින්දා ගමනයෙන් පසුව එතෙක්‌ ලංකාවේ පැවති ඇඳහිලි ක්‍රම හා බලි පූජා සත්ත්ව හිංසා ආදිය ඉවත්ව ගොස්‌ අශිෂ්ඨ අශිලාචාර ජාතිකත්වය වෙනුවට පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා දැහැමි ජීවිතයක්‌ ගතකරන රට වැසියන් පිරිසක්‌ බිහිවීමත් වටිනාකලා සාහිත්‍යය සංස්‌කෘතික හා අධ්‍යාපනික පුනරුදයක්‌ ඇතිවීමත් සිදුවිය.

මේ අනුව සිංහල ජාතිය මූලාරම්භය ක්‍රිස්‌තු පූර්ව 543 දී හෙවත් ශ්‍රී සම්බුද්ධ වර්ෂ එකේදී සිදු වූ බවත් දැහැමි ශිෂ්ඨ සම්පන්න බෞද්ධ සිරිත් විරිත් හා දියුණු සංස්‌කෘතයකට පිවිසුණු සිංහල බෞද්ධයාගේ වංශ කතාව ආරම්භය මහින්දාගමනයෙන් පසුව සිදුවූ බවත් පිළිගැනීම වරදක්‌ නොවේ.

සිංහල ජාතියේ මූලාරම්භය පිළිබඳව මතභේදය කුමක්‌ වුවද මහා වංශය අනුව බලන විටදීත්, රාමායනය අනුව බලන විටදීත් විජයාවතරණයට පෙර යක්‌ෂ නාග හා දේව ආදි ජන කොට්‌ඨාසයකගේ පාලනය යටතේද, විජය කමරුගේ පැමිණීමෙන් පසුව හෙළදිව රාජ පරම්පරාවේ අවසාන පුරුක සේ සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්‌වා 180 කට අධික රජවරුන් පිරිසකගේද පාලනය යටතේ ශත වර්ෂ විසිපහකටත් අධික කාලයක්‌ තිස්‌සේ ලොව පැරණිතම ජාතිය ලෙස විරාජමානව බැබලීමට අපට හැකියාව ලැබී ඇත.


නිලන්ත ප්‍රදීප් කුමාර

උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/01/siya10.html

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ? 1

0

රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය.

එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

අප මහ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ තෙවරක්‌ම මේ පුණ්‍ය භූමියට වැඩම කිරීම පිළිබඳ පුරාවෘත්තයන් සැලකිල්ලට ගැනීමෙදීත් විජය කුමරුට කපු කටිමින් සිටි කුවේණි හමුවීමේ කතා පුවතින්ද මේ බව තව දුරටත් සහතික වේ.

විජය කුමරු පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් සිටි බවට තවත් සාධකයක්‌ වන්නේ තපස්‌සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් දෙදෙනා බුදුන්ගේ කේෂ ධාතූන් නිධන්කර ලංකාවේ ඉදිකළ ප්‍රථම චෛත්‍යය පමණක්‌ නොව ලෝකයේම ඉදිකළ ප්‍රථම චෛත්‍යය වන ත්‍රීකුණාමලය තිරියාය ගිරිහඬුසෑය බුදුන් ජීවමානව සිටි සමයේදී ඉදිකිරීමත් එදා ලංකාව පෙරදිග වෙළෙඳ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙස කටයුතු කර තිබීමත් යන කරුණුය.

එසේ ලංකාවේ සිටි ආදිතම ජන කොට්‌ඨාස යක්‌ෂ හා නාග යන නම් වලින් හැඳින්වූ බව නිගමනය කළ හැකිය. මොවුන් ඉතාමත් තද ගති පැවතුම් වලින් හා සැඩ පරුෂ බවින් යුක්‌ත වූ පිරිසක්‌ මෙන්ම උසස්‌ සංස්‌කෘතියක්‌ හිමිව සිටි පිරිසක්‌ බවද මහාවංශගත කරුණු වලින් අනාවරණය කරගත හැකිය.

වර්තමාන සමාජයේ ඇතැම් පිරිස්‌ අතර මේ පිළිබඳ පවතින අදහස වන්නේ නාගයන් හා යක්‍ෂයන් ලංකාවේ සිටි බවයි. නමුත් එම ජන කොට්‌ඨාසයන් එම නම් වලින් හඳුන්වන ලද මනුෂ්‍යය ගෝත්‍ර වන අතර, ඔවුන් තුළ පැවැති අශිෂ්ඨ ගති පැවතුම් හා දැඩි රළු ස්‌භාවයන් නිසා එසේ හැඳින්වූවා විය හැකිය.

මෙම ජන කොට්‌ඨාසයන් තරමක දියුණු වූ සංස්‌කෘතියක්‌ හිමි වූ ගෝත්‍රික කොට්‌ඨාස ලෙස සැලකීමද වරදක්‌ නොවේ. එය එසේ වන්නේ විජය කුමරුන් ලංකාවට පැමිණි දින "සිරිසවත්ථුපුරයෙහි තූර්යය වාදන ගීත ගායනා නර්තන ආදියෙන් සමන්විත උත්සවශ්‍රීයෙන් යුතුව යක්‌ෂයන්ගේ විවාහ මංගල උත්සවයක්‌ සිදු කිරීම පිළිබඳ මහාවංශය සඳහන් කරන නිසාය. සමාජයක්‌ දියුණු වීමේදී දැකිය හැකිවන ගායනය වාදනය නර්තනය ආදී සෞන්දර්ය අගයන සෞන්දර්යාත්මක කාර්යයන් පැවැත්වීම නිසා මෙම වැසියන් එක්‌තරා ආකාරයකට සකස්‌ වූ මිනිස්‌ කොට්‌ඨාසයක්‌ බව පැහැදිලිය.

වදුරා පරිණාමය වීමෙන් මිනිසා සෑදුණු බව ලොවට ප්‍රකාශ කළ මහා ජීව විද්‍යාඥ චාල්ස්‌ ඩාවින්ඩ්ගේ පරිණාමවාදය අනුවත් ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුකවාදය අනුවත් සමස්‌ත විශ්වයේම තැනුම් ඒකකය වන උප පරමාණු පරමාණු අණු හා සංයෝග යන සංකල්පය අනුව මෙන්ම සෛලය, පටකය, අවයවය, පද්ධතිය හා ජීවියා යන ජීවින්ගේ සම්භවය පිළිබඳව වන විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුවත් කිසිම විටෙකත් පෘථිවිතලය මත යක්‍ෂ මිනිසුන් හෝ නාග මිනිසුන් හෝ සිටි බවට විද්‍යාත්මක සාධකයන් මෙතෙක්‌ හමුවී නොමැත.

නමුත් වනචාරි දිවිපෙවෙතක්‌ ගතකළ මිනිසා සතුන් මරා අමු මස්‌ අනූභව කළ යුගයක්‌ තිබුණු බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කරුණකි. මේ අනුව ලංකාවේ සිටි ආදිතම ජන කොට්‌ඨාසයද එවැනි දිවි පෙවෙතක්‌ ගත කළ පිsරිසක්‌ විය හැකිය. නමුත් ඔවුන්ට උසස්‌ සංස්‌කෘතියක්‌ හා ඔවුන්ටම ආවේණික වු ජීවන වටාපිටාවක්‌ මෙන්ම ඔවුන්ට සරිලන හිතකර පරිසරයක්‌ද එම ජන කොට්‌ඨාසය විසින්ම නිර්මාණය කර ගෙන තිබිණි. භාණ්‌ඩ හුවමාරුව මගින් ශක්‌තිමත් ආර්ථිකයක්‌ ගොඩනඟාගෙන සිටි එම ගෝත්‍රික ජන කොට්‌ඨාසයන් ස්‌වයංපෝෂිත පිරිසක්‌ බවට පත්ව සිටින්නට ඇත.

ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ ශ්‍රී ලංකාද්වීපයේ ආදිතම පාලකයන් බවට පත්ව සිටින්නට ඇත්තේ "චුලෝදර - මහෝදර වැනි නා රජුන්ද කුවේණි වැනි යක්‍ෂ ප්‍රධානීහුද, සුමන සමන් වැනි දිව්‍යය රාජයන්ද බවයි.

එහෙත් මානව විද්‍යාඥායන්ගේ නිගමනයන්වලට අනුව ලංකාවේ මනුෂ්‍ය වාසය නව පාෂාණ යුගයේ පටන්ම පැවතින බව පිළිගත හැකිය. මනුෂ්‍ය සමාජයේ නව අරුණෝදය යම්තම් උදාවන කල ආරම්භ වූ නගරවාසය පිළිබඳව වූ සංස්‌කෘතිය හා සභ්‍යත්වය පහළ වූයේ ගංගාතීර හා විල් ඉවුරු මත බව ලාංකේය පුරා විද්‍යාත්මක ගවේෂණ වලදී අණාවරණය වේ. ඒ අනුව මෙරට බිහිවූ මුල්ම හා පැරණිතම නගරය වන්නේ කැලණියයි. දෙවැන්න බිම්තැන්නේ පිහිටි මහියංගණය වන අතර අනෙකුත් පෞරාණික බොහෝ නගරද එසේ බිහි වූ බව ඓතිහාසික තොරතුරු අනුව පැහැදිලිය.

කුමන ආකාරයේ මිනිස්‌ වර්ගයක්‌ විසින් කවර යුගයකදී කැලණිය කේන්ද්‍රකර ගනිමින් ලංකාවේ මිනිස්‌ වාසය මුලින්ම ආරම්භ කරන ලද්දේද යන්නට නිශ්චිත සටහනක්‌ නොමැත. එහෙත් මානව විද්‍යාඥයන්ගේ පරික්‍ෂණවලින් හෙළිවන කරුණු වලට අනුව ආදිතම යුගයකදී මධ්‍ය ආසියා - යුරෝපා ප්‍රදේශයෙන් ප්‍රථම ආර්යය වර්ගයක මිනිසුන් ඉවත්ව ක්‍රමයෙන් විහිදී ගොස්‌ ලංකාවේද පැතිරි පෙරදිග හා ගිණිකොන දෙසට ගලා යැමෙන් මලය දූපත්වලටත් ඕස්‌ටේ්‍රලියාව හා නවසීලත්තය දක්‌වාත් ගමන් කළ බව සඳහන්ය.

ඔවුන් විසින් ලංකාවේ ජනාවාස ආරම්භ කරන්නට ඇතැයි මතයක්‌ පවතී. තවද ඈත අතීතයේදී ලංකාව දකුණු ඉන්දියාවට භූමියෙන් සම්බන්ධ වී බටහිර දෙසින් අප්‍රිකාව දක්‌වා පළල්ව පිහිටි බවටද ඇතැම් භූගර්භ විද්‍යාඥයෝ මත පල කරති. විටින් විට පොළොව මුහුදු ඛාදනයට ලක්‌වී වර්තමානයේ පවතින තත්ත්වයට ලංකාව කුඩා වී ඇත.

ඉන්දියාවේ ප්‍රධාන සාහිත්‍යය මූලාශ්‍රයක්‌ වන "රාමායනය" නම් මහා කාව්‍යයෙහි සඳහන් වන පරිදි පෞරාණික යුගයේදී ඉන්දියාව, මෙසපොතේමියාව, ලංකාව යන රටවල අසුර, රාක්‌ෂ්‍ය යක්‍ෂ, නාග දස්‍යු යන නම් වලින් හඳුන්වන ලද මිනිස්‌ වර්ග බොහෝ ගණනක්‌ වාසය කළ බව සැලකේ.

උතුරු ඉන්දියාවේ මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ස්‌ථානවල පොළොව හාරා කැණීම් කටයුතු සිදුකළ පුරාවිද්‍යාඥයන්ට සොයා ගත හැකි වී ඇත්තේ සින්දු නදී තීරයේ මීට අවුරුදු පන්දහසකට හෝ හයදහසකට පමණ පෙර විශාල ජනගහනයකින් යුත් නගර නිර්මාණය කරගත් බල සම්පන්න මනූෂ්‍යය ජාතියක්‌ වාසය කළ බවයි. මෙම මනුෂ්‍යය ජාතිය තුළ පැවති ඇතැම් සිරිත් විරිත් හා ජීවන ක්‍රමවේදයන් තත්කාලීන මෙසපෝතේමියාවේ කැල්ඩියන් ජාතිකයන්ගේ හා ඊජිප්තුවේ මිෂර ජාතිකයන්ගේ ඇතැම් සිරිත් විරිත් වලට සමාන බව නිගමනය කර තිබේ. සින්දු නදී මිටියාවත හා මෙසපෝතේමියාව යන ප්‍රදේශවල මෙසේ ජීවත් වූයේ "අසුර" යන නාමයෙන් හඳුන්වන ලද මනුෂ්‍යයන් බවටද සැක පලකරයි. තවද මෙසපෝතේමියාවේ පැරණි බැසිලන් නම් අද්භූත නගරය ඉදි කර ගෙන වාසය කළ වන පාල හෙවත් බනිපාල් වැනි රජුන්ගෙන් යුත් අසුර යන නම් වලින් ප්‍රසිද්ධ වූ මනුෂ්‍යයන් සිටි බවද සඳහන් වේ.

මේ ආකාරයට ආර්යයන් මධ්‍ය යුරෝපා - ආසියාතික රටවලින් ඉවත්ව දකුණු දෙසට ගමන්කර වයඹ දිග සීමාවේ කඳු කපොලුවලින් ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ක්‍රමාණුකූලව හින්දු නදී තිsරයේ පංච ශාඛා නදීන් ගලා බසින නිම්නයේ පදිංචිව සිට පසුව දකුණටත් නැඟෙනහිරටත් ව්‍යාප්ත වෙමින් ගංගා නම් ගංගාවේ නිම්න භූමියේ පැතිර යමින් ව්‍යාප්ත විය. කලින් කලට මෙම ප්‍රදේශවල පදිංචිව සිට නොයෙකුත් වර්ගවලට අයත් මිනිසුන් පරාජය කරමින් අවුරුදු පන්දහසකට පමණ පෙර ආර්යයන් ස්‌ථිර වාසයට පැමිණියේය. මෙම පිරිසට ඉන්දු ආර්යය යන නාමය භාවිත කරයි.


උපුටා ගැනීම - http://www.divaina.com/2010/07/25/siya09.html