-->

Tuesday, August 18, 2009

සෝවුර කාන තප්තා ගිලිහික්

0
සෝවුර කාන තප්තා ගිලිහික්
ස්වාභාවධර්මයේ අයිතිය සියලු ජීවීන් සතුයි

ඉහත සංකල්පය භාවිතා කරමින් රට පාලනය කළ රාවනා රජු දස හිස් රාවණ හෝ දස රාවණ වන්නේ පහත පරිදි ය.

1. රාජාධිරාවන (රාජ්‍යයට අධිපති)
2. විරුරාවන (වීරත්වය)
3. තිර රාවන (ස්ථීර අධිෂ්ඨානය)
4. රණ රාවන (යුද්ධයට දක්ෂ)
5. සිරි රාවන (ලස්සන නිසා)
6. තරු රාවන (තාරකා විධායව පිළිබද ඇති දැනුම)
7. පුත්‍ර රාවණ (පුතුන් ඇති නිසා)
8. මනු රාවන (ජනතාවට අධිපති)
9. දික් රාවන (දික්විජය කළ)
10. රාජාවරාවන (සියලු දේට දක්ෂ නිසා)

(වර්ග පූර්ණිකාවට අනුව රාවණා ප්‍රදේශ දහයක් පාලනය කිරීම නිසා දස රාවණ නම් වූ බවට මතයක් ද ඇත)



Saturday, August 15, 2009

නාග

0

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්
තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

ලක්දිව විසූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුහු රාජ්‍ය පාලනය කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය. මෙම නාග ගෝත්‍රිකයෝ කොටස් දෙකක් වූහ. 1.
සමුද්‍ර වාසී මොවුහු ධීවර කර්මාන්තය සහ වෙළඳාම කළහ. ඔවුන්ට නාවික යාත්‍රා තිබිණි. අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය. 2. ගොඩබිම් වාසි මෙම කොටස කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය


උපුටා ගැනීම 1
උපුටා ගැනීම 2


Thursday, August 6, 2009

ධම්මික දිසානායක විසින් සිතුවම් කරන ලද රාවණා රජු

0
ධම්මික දිසානායක විසින් සිතුවම් කරන ලද රාවණා රජු

(කොළඹ-ලංකාපුවත්-නොවැම්බර් 21) ශ්‍රී ලංකා අතීත ශ්‍රී විභූතිය මෙනෙහි කරමින් රාවණා පුරාණය පිළිබඳව ප්‍රථම වරට සිතුවමට නගන ලද චිත්‍ර එකතුවක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ප්‍රදර්ශනය කෙරුණි.

කලා කුසලතාවන්ගෙන් පිරි තරුණ චිත්‍ර ශිල්පියෙකු වන බෝපිටියේ පදිංචි ධම්මික රවීන්ද්‍ර දිසානායක මහතා විසින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලැබුණි.













රාමායනය

0

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය.

ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

උපුටා ගැනීම - http://ravanalankapura.wordpress.com/sri-ravana-ancestry/

Wednesday, August 5, 2009

රාගල (රාවණගල)

0

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නි
දන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂ එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය.


එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ
පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසිකරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විඡේසේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය.


වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත.


මෙය කුරු
ණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.



උපුටා ගැනීම - http://ravanalankapura.wordpress.com/sri-ravana-ancestry/


රන් මසු උයන

0

වර්තමාන අනුරාධපුර නගරය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියා
ය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.


මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකා
ශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.


Monday, August 3, 2009

වස් දොස් දුරලන හද්දා වලියකුම

0

වස් දොස් දුරලන හද්දා වලියකුම

ශ්‍රී දළදා මාලිගාවේ මහ පෙරහර අවසන් වීමත් සමඟ එදින ම මධ්‍යම රාති‍්‍රයේ සධාතුක කරඬුව රැගත් මාලිගාවේ පෙරහර ගෙඩිගේ විහාරය දක්වා ගමන් කරයි. එහි දී අස්ගිරි මහ නාහිමියන් භාරයේ සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු දේවාල පෙරහර ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි. පසුදින දහවල් පෙරහර ආදාහන මළුව අබියසින් පිටත් වී දළදා මාලිගයට ගෙවදීමෙන් පසු දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු පෙරහර සාර්ථකව නිම කළ බව සඳහන් කරමින් පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරති. 

එසේ වුව ද ඇසළ පෙරහරේ චාරිත‍්‍ර වාරිත‍්‍ර එතැනින් අවසන් වන්නේ නැත. දළදා කරඬුව සහිත දහවල් පෙරහර දළදා මාලිගයට ගෙවදීමෙන් පසු පුරා හත් දවසක් වලියක් මංගල්‍යයක් ද පැවැත්විය යුතුය. මහා දේවාලයේ හෙවත් විෂ්ණු දේවාලයේ සතරවන මාලයේ පැවැත්වෙන මේ ශාන්ති කර්මය වලියක් තෝත්ත‍්‍රය, හද්දා වලියකුම, වලියකුම, වලියකුන් නැටීම ආදී වශයෙන් ද හැඳින්වේ.

දළදා පෙරහර සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා දෙවියන් ගේ ආශිර්වාදය ද අපේක්ෂා කැරේ. පෙරහර අවසන් වීමෙන් පසු දෙවියන්ට පිංපෙත් පැමිණවීම මේ ශාන්තිකර්මයේ මූලික පරමාර්ථයකි. දළදා පෙරහර සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි. ඒ සඳහා මූලික වී කටයුතු කළ දියවඩන නිලමේතුමා ප‍්‍රමුඛ නිලමේවරුන්ටත්, ඇතුල් කට්ටලේ සහ පිට කට්ටලේ සියලුම නිලධාරීන්ටත්, නැටුම් ශිල්පීන්, අලි ඇතුන් ඇතුළු පෙරහරේ ගමන් කළ සියලු දෙනාටත්, පෙරහර නැරඹු පිරිසටත් මොනයම් ආකාරයෙන් හෝ දළදා පෙරහර උදෙසා ආධාර උපකාර කළ පිරිසටත්, පෙරහරට සහභාගි වීම නිසා කිසියම් ආකාරයක වස්දොස්, අපල උපද්‍රව සිදුවූයේ නම් ඒ සියල්ල දුරු කිරීම ද මෙම ශාන්ති කර්මයෙන් අපේක්ෂා කැරේ.

යක් / දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන වලියකුම වර්තමානයේ දී විෂ්ණු දේවාලයේ පමණක් සිදු කැරේ. එය පැවැත්වෙන්නේ වසරකට එක්වරක් පමණි. වෙනත් කවර හේතුවක් නිසා හෝ කිසිදු තැනක වලියක් මංගල්‍යය පැවැත්වෙන්නේ නැත. ජනප‍්‍රවාදයට අනුව වලියක්කු හෙවත් වලියක් තුන්කට්ටුව විෂ්ණු දෙවියන් ගේ දරුවෝ ය. වලියකුම සහ කොහොඹායක් කංකාරිය සම්බන්ධයෙන් නම් විෂ්ණු, උපුල්වන් සහ රාම යනු එක ම පුද්ගලයකු බව පෙනේ. වලියක් තුන්කට්ටුවේ උපත පිළිබඳ ව අපූරු වෘත්තාන්තයක් වලියක් උපතෙහි සඳහන් වේ.

සෙනසුරු අපලය ලැබූ විෂ්ණු දෙවි තෙමේ ඇත් වෙසක් මවාගෙන සත් වසරක් වනවාසීව සිටියේ ය. මෙයින් අවුරුදු සයකුත් මාස එකොළසක් සහ දින විසි තුනක් ගත වූ පසු රාවණා විසින් විෂ්ණු ගේ බිසව වූ සීතා පැහැර ගනු ලැබීය. පසුව රාම, ලක්ෂ්මන සහ හනුමන්තා ආදීහු රාවණ සමඟ යුද්ධ කොට සීතා රැඟෙන ආපසු ගියහ. කලක් ගත වූ පසු, උමයංගනාව රාවණා කෙබඳු කෙනෙක් දැයි සීතාගෙන් විචාළා ය. 

එවිට අළු කෙසෙල් පතක රාවණගේ රූපය සිත්තම් කළ සීතා එය උමයංගනාවට පෙන්වන අවස්ථාවේ රාම එහි එනු දුටුවේ, රාවණ රූපය සහිත අළු කෙසෙල් පත යහන යට සැඟවූවා ය. කිසිත් නො දත් රාම යහන මත සැතපිණි. ක්ෂණයකින් එය රත්වීමටත්, සෙලවීමටත් පටන් ගති. මේ අරුමය පිරික්සූ රාමට රාවණ රූපය සහිත කෙසෙල් පත හමු විය. රාවණ රූපය දුටු හෙතෙම සීතා රාවණ කෙරෙහි පිළිබඳ සිතින් පසුවන බවට සැක පහළ කළේ ය. එහෙයින් ගැබ්බර සීතා වනාන්තරයට ගෙන ගොස් මරා දමන ලෙස මළනුවන් වූ ලක්ෂ්මනට නියම කළේ ය. වනාන්තරයේ දී සීතා බිසවට අභය දානය දුන් ලක්ෂ්මන ආපසු පැමිණියේ ඇය මරා දැමු බව රාමට දැන්වූයේ ය.

වනයේ තනි වූ සීතා බිසවට වාල්මිකි (මාලමිග) නම් සෘෂිවරයෙක් හමු වූයේ, ඔහු ගේ අසපුවේ ඇයට නවාතැන් ලැබිණි. දින කිහිපයක් ගත වූයේ ගැබ්බර සීතා දරුවකු ප‍්‍රසූත කළා ය. සීතා තම දරුවා යහන මත තබා පලවැල නෙලීමට ගිය එක් දිනෙක දරුවා යහනෙන් බිමට වැටුණි. දරුවා ස්පර්ශ කිරීම තමාට තරම් නොවන හෙයිනුත්, සීතා පැමිණි පසු යහන මත දරුවා නො සිටියහොත් කලබල වීමෙන් ඇයට අනතුරක් වේ යැයි සිතූ සෘෂිවරයා මානෙල් මලක් ගෙන එයින් දරුවෙක් මැවෙන ලෙස අධිෂ්ඨාන කොට යහනට දැමූයේ එයින් දරුවකු මැවිණි. 

මේ කිසිවක් නො දත් සීතා ආපසු පැමිණියේ යහන මත සිටි දරුවා වඩා ගනිත් ම යහන යට තවත් දරුවකු හඬන හඬ ඇසී බලන්නී ඔහුත් රැගෙන සෘෂිවරයා හමුවට ගොස් කරුණු විමසුවා ය. සෘෂිවරයා සියලු විස්තර දැන්වූ නමුත් ඇය ඒවා විශ්වාස නොකළා ය. එහෙයින් ඊතණ කෙන්දක් කඩා යළිත් පෙර අවස්ථාවේ මෙන් අධිෂ්ඨාන කොට යහන මතට දැමූයේ එයින් තවත් දරුවකු මැවුණි.
මේ දරුවන් තිදෙන ක්ෂති‍්‍රය, මලය හා සඳලිඳු නමින් හැඳින්වෙත්. කංකාරියේ සහ වලියකුමේ දී මල රජ තුන් කට්ටුව නමින් හඳුන්වන්නෝ මොවුහු වෙති.

මේ අවදියේ එම වනාන්තරයේ අඹ පල නෙලීමට පත්තිනි දේවිය සහ පාලඟ ගියාහුය. පත්තිනි සහ පාලඟ ලී කෙකි (දෙබල්) දෙකකින් අඹ කඩත්හු පත්තිනය ගේ කෙක්ක පාලඟ ගේ කෙක්කෙහි දැවටී ඇමිනිණි. එය ගලවා ගත නොහැකිව ලජ්ජාවෙන් සිටි පත්තිනියට පාලඟ උසුලු විසුලු කළේ ය. මේ අවස්ථාවේ අකුරට ගොස් ආපසු එමින් සිටි ක්ෂති‍්‍රය, මලය හා සඳලිඳු කුමරුවන් තිදෙනා දුටු පත්තිනිය ඇය ගේ කෙක්ක ඇද දෙන ලෙස ඉල්ලීමක් කළාය. ඔවුහු තිදෙන එක් වලියට (එක්වරම) කෙක්ක ඇද්දාහු පාලඟ ගේ කෙක්ක පවා කඩා දැමූහ.
 එක් වරම එක් වලියට ම කෙක්ක ඇද දුන් හෙයින් ‘වලියට යක්කු’ යැයි කී පත්තිනි දේවිය ඔවුන්ට වරම් දුන්නා ය. වලියක් මංගල්‍යය පැවැත්වෙන්නේ මේ දෙවිවරුන් තිදෙනා වෙනුවෙනි.

වලියක් මංගල්‍යය පැවැත්වීමට නම්, පළමුව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ගෙන් අවසරය ලැබිය යුතුය. ඉන්පසු විෂ්ණු දේවාලයේ වන්නකු රාළ නම් වූ ඇතුල් කට්ටලේ නිලධාරියා විසින් ශාන්තිකර්මයට සහභාගිවන ශිල්පීන් ගේ නළලෙහි පරහද ආලේප කොට වලියක් මංගල්‍යය පැවැත්වීම සඳහා නිල අවසරය ලබා දේ. ශාන්ති කර්මය ඇරැඹෙන්නේ මේ දෙදෙනා ගේම අවසරය ලද පසුවය.
හත්දාවලියක් මංගල්‍යයට සහභාගිවන පිරිස් දින හතක් මස් මාංශ අනුභවය, මත්පැන් පානය, ස්තී‍්‍ර සේවනය ආදී කිළිවලින් වැළැකී සිටීම අනිවාර්්‍යය වේ. පේවීම නමින් හැඳින්වෙන්නේ එයයි. 

ලංකාවේ ඕනෑම ශාන්තිකර්මයක නියැලෙන ශිල්පීන් මෙසේ පේ විය යුතු බව පිළිගත් චාරිත‍්‍රයකි. වලියකුම නැටීම ද අතීත වැඩවසම් සමාජ ක‍්‍රමය යටතේ පැවැති රාජකාරියකි. ඒ සඳහා සිංහල රජ දවස පටන් පැවත එන බව කියන පරම්පරා දෙකක ශිල්පීහු සහභාගි වෙති. වර්තමානයේ දී ද වලියකුම නැටීමේ රාජකාරිය සඳහා හිමිකම් ලබන්නේ එකී පරම්පරාවෙන් පැවත එන පිරිස ය. ඔවුන් මාවනැල්ල අසල අලුත් නුවර දේවාලය හා සම්බන්ධ පරම්පරා දෙකකි.

මේ ශාන්ති කර්මය සඳහා දළදා පෙරහරට දායක වූ යක්දෙස්සන්ට සහ බෙර වාදකයන්ට සහභාගි වීමට අවසර නො ලැබේ. එසේ වුවද දින හත පුරා ම දළදා පෙරහරට සහභාගි වූ ආලත්ති අම්මාවරුන් ගේ දායකත්වය මේ ශාන්තිකර්මය සඳහා ද අනිවාර්ය වේ. එහි දී ‘ආයුබෝවේවා’ යන පාඨය ගායනා කරනු ලබන්නේ ආලත්ති අම්මාවරු විසිනි.

වලියකුමේ අන්තර්ගත නාට්‍යමය පෙළපාලි ලෙස වෙසෙසින් සඳහන් කළ හැකි වන්නේ යක්කම් ය. නයා යක්කම, වැදි යක්කම, සහ මහ යක්කම ඒ අතරින් විශේෂ වේ. යක්කම්වලට අමතරව කාලියාම, ගරා යකුන් නැටීම, ගුරුගෙ මාලාව, ආවැන්දුමේ දොඟ රොජිංත තත්ගජිංත වට්ටම, මල නැටීම, කීල බැඳීම යනා දී පෙළපාලිවලින් ද නාට්‍යමය ලක්ෂණ පෙන්නුම් කෙරේ. වලියකුමේ එන මල නැටීම, පඬුරු ලෑම, තෙල් මල් බෙදා ගැනීම වැනි අවස්ථාවන්හි දී පේ‍්‍රක්ෂක සහභාගිත්වය මැනවින් ප‍්‍රකට කැරේ.

වලියක් මංගල්‍යයේ සත්වැනි දින පැවැත්වෙන ගරා නැටුමෙන් පසු වස් දොස් හැර වරු තුනක පිරිතක් සජ්ජායනා කැරේ. නාථ දේවාලයේ විහාරගම් ලබා ඇති විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ ඒ සඳහා සහභාගි වෙති. වරු පිරිත අවසානයේ බලිබත් දානය දීමත් සමඟ හත්දාවලියක් මංගල්‍යය අවසන් වේ. ඒ සමඟ දළදා පෙරහර හා බැඳුණු සකල විධ චාරිත‍්‍ර අවසන් කැරේ. 
 
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක
සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි













..