-->

Tuesday, January 12, 2010

රජ වංසය

1
අරිසෙන් අහුබුදු මහත්තයාගෙ ලියවිල්ලකින් උපුටා අරගත්තෙ මේක..
එතුමන්ගෙ ඉර හඳ නැගි රට පොතේ දක්වලා තියෙන හැටියට.




Friday, January 8, 2010

විෂ්ණු අවතාර සහ යක්ඛ සංහාර

3

විෂ්ණු අවතාර සහ යක්ඛ සංහාර

හින්දු ආගමට අනුව බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර යනු ලොව මැවූ, පවත්වාගෙන යන සහ ලෝකයේ අවසානය තීරණය කරන දෙවිවරු තිදෙනායි (ත්‍රිමූර්තිය). මේ අතරින් විෂ්ණු දෙවියන්ට හෙල ඉතිහාසය සමග මහත් වූ සම්බන්ධයක් පවතින්නේ අදටත් ලංකාවේත්, බුදු සසුනේත් ආරක්ෂකයා ලෙස ඇතැමුන් විෂ්ණු දෙවියන් හදුන්වන බැවිනි. මේ විෂ්ණු වනාහී බෞද්ධ සහ හෙළ ඉතිහාසය තුල මහත් වූ පෙරළියක් කර බොහෝදෙනා විසින් පටලවාගෙන ඇති චරිතයකි. මන්දයත් විෂ්ණු පුරාණයට අනුව විෂ්ණුගේ සැබෑ කාර්ය භාරය හෙළයේ යකුන් විනාශ කිරීම වීමයි.

විෂ්ණු ගේ අවතාර 10 කි.

1. මත්ස්‍ය අවතාරය - මහා ජල ගැල්මක් ඇතිවූ තැන, ලොව ආදිම පුරුෂයා වන මනුට යාත්‍රාවක් තනාගෙන දිවි ගලවාගන්නට උපදෙස් දෙන විෂ්ණු මත්ස්‍ය වෙසක් ගෙන යාත්‍රාව පැදයන්නට උපකාරී වෙයි.

2. කුර්මාවතාරය - නැවතත්, ජලගැල්මකින් නැතිවූ අමෘතය ඇතුළු වටිනා වස්තු රැසක් සමුදුර පත්ලටම කිමිදී සොයාගන්නේ කුර්ම (ඉදිබුවා) අවතාරයයි.

3. වරහ අවතාරය - පෘථිවිය මුහුදු පත්ලටම පෙරලා දමන හිරණ්‍යක (හිරණ්‍යාක්ශ) නම් අසුරයෙකු පරදවා ලෝකය රැකගන්නේද වරහ (ඌරු) වෙස් ගත් විෂ්ණුය.

4. නරසිංහ අවතාරය - හෙළයේ ප්‍රතාපවත් රජකෙනෙකු වන හිරණ්‍ය කාශ්‍යප (මහමන්දාතු) විනාශ කිරීමට මෙවර විෂ්ණු පැමිණෙන්නේ අඩක් මිනිස්, අඩක් සිංහ වෙස් ගෙනය. ඒත් කසුප් රජු ඝාතනය කරනුයේ ද්වන්ධ සටනකින් නොව, උපායශීලීව රජු මතට විශාල කුළුණක් කඩා දමමිනි.

5. වාමන අවතාරය - බලි අසුරයා ධ්‍යාන බලයෙන් මුළු ලෝකයම නතු කරගත් විට වාමන අවතාරයෙන් එන විෂ්ණු විසින් බලි පරාජය කරයි.

6. පරසුරාම අවතාරය - පරසුරාම සිය පියා වූ ජමග්දනී නම් බමුණාව ඝාතනය කල කාර්තවීර්ය රජු ඇතුළු ඔහුගේ පරපුරම කිහිප වරක්ම විනාශ කරයි.

7. රාම අවතාරය - චක්‍රවර්තී රාවනයන් පරාජයට පත්කිරීමට එන අයොධ්‍යාවේ රාමද විෂ්ණු අවතාරයකි. ඔහුද හැංගී සිට දුන්නෙන් විදිනු විනා නියම වීරයෙකු සේ ද්වන්ධ සටනක් කල බවට කිසිදු සදහනක් නැත.

8. ක්‍රිෂ්ණ අවතාරය - කෞරව සංහාරයට යන මහාභාරතයේ ක්‍රිෂ්ණද විෂ්ණු අවතාරයක් ලෙස සැලකේ.

9. ගෞතම බුද්ධ අවතාරය - අමා මහ නිවන් සුව පසක් කොටගෙන සසරින් එතෙර වුණු ගෞතම බුදුන් වහන්සේද විෂ්ණු ගේ එක් අවතාරයකි.

10. කල්කි අවතාරය - මිනිස් ලොව අවසාන ගැලවුම්කරුවා ලෙස හැදින්වෙන අතර, අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේ පහල වීමට පෙරාතුව ලොව පහල වන්නට නියමිත අවතාරයක් බවද සදහන් වේ.

ඉහත තොරතුරු වලට අනුව විෂ්ණුගේ අවතාර 10 න් පහක්ම අසුරයන්ට විරුද්ධව නැගී සිට ඇත. මන්දයත් ගෞතම බුදුන් වහන්සේද පෙලහර පා ගිරි දිවයිනට යකුන් පලවාහැරිය බව කියන බැවිනි.

මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ නම් ගෞතම බුද්ධ අවතාරයයි. දුක නැතිකිරීමේ මග ලෙස නැවත ඉපදීම වලකා, කෙලෙස් නසා අනුපාදිසේස නිර්වාණයට පත් බුදුවරයෙකු, කෙලෙස් නොනැසූ දෙවි කෙනෙකු වශයෙන් තවදුරටත් ලංකාව රකින්නේ කෙසේද? එසේ නම් විෂ්ණු පිරිනිවන් පා ඇත. ලංකාව රකින්නට කෙනෙක් නැත. 10 වන අවතාරය වන කල්කි අවතාරයට පහල වීමට කිසිදු අවකාශයක්ද නැත. බැරි වෙලාවත් එසේ පහල වුවහොත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගෞතම බුදුන් වහන්සේ පිරූ පෙරුමන්ගෙන්ද ඵලක් නැත. මීටත් වඩා විහිළුව, බුදුන් වහන්සේ ලක්දිව සහ බුදු සසුනේ ආරක්ෂාව විශ්ණුට භාර කල බව කීමය. මේ අනුව විෂ්ණු අවතාරයක් වන ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලක්දිව ආරක්ෂාව විෂ්ණු දෙවියන්ටම භාර දී ඇත. විජය විෂ්ණු අවතාරයක් කරන්න අමතක උනා වත්ද?

මෙම කරුණු සලකා බලන කල පෙනීයන්නේ හින්දු බමුණන් තුල හෙලය විනාශ කිරීමට වූ බලවත් උවමනාව සහ කාලාන්තරයක් ඒ වෙනුවෙන් දියත් කල මෙහෙයුම් නොවේද? මේ සියළු උප්පරවැට්ටි වලට එකම හේතුව අසුරයන්ගේ බල පරාක්‍රමය සහ බමුණන්ගේ ධර්මානුකූල සත්ව ඝාතන වලට යකුන්ගෙන් එල්ල වුණු විරෝධයයි. කාලාන්තරයක් තිස්සේ සැලසුම් සහගතව ඇටවූ උගුලේ වැටුණු, වැටෙමින් සිටින බහුතරයකට අද වනවිට රාවන යනු සල්ලාල අමනුශ්‍යයෙකි, නැතිනම් මිත්‍යා කතාවක එන දුෂ්ඨයෙකි, ලංකාවේ සහ බුදු දහමේ ආරක්ෂක දෙවිනුවර උපුල්වන් දෙවි ඉන්දියාවෙන් පැමිණ යකුන් සංහාරය කල විෂ්ණුය, කුවේණිය යනු අශිෂ්ඨ යකින්නකි, සිංහලයා යනු තිරිසන් සම්භවයක් ඇතිව සිංහයෙකුගෙන් පැවතෙන්නෙ

තවත් මේ සුරංගනා කතා අදහන වෙලාවේ දැන්වත් වැටුණු වලෙන් ගොඩ ඇවිත් ඇත්ත ඉතිහාසය හොයාගෙන ආරක්ෂා කරමුද?


Wednesday, January 6, 2010

අංගම්සටන්

0

අංගම්සටන් කලාවේ ඉතිහාසය


ඉපැරණි ජනප්‍රවාදයන්ට හා අංගම්සටන් ගුරුකුළයන් ගෙන් පැවත
ඵන පරම්පරාවන් සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්‍රන්ථයන්ට අනුව අංගම්සටන් කලාවේ හා ඵ් හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව (ආයූර්වේදය නොව,ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන වෛද්‍ය විද්‍යාව වේ) සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය (රාවණ රජුගේ මුත්තනුවන්) එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.


ඵය පි
ලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි,රාවණ යනු භාරත යේද තම අණසක පැතිරවූ රජ කෙනෙකි රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය, ඵසේනම් ඵ් අතිප්‍රබල සටන් ශාස්ත්‍රය අංගම් විය නොහැකිද? ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය (රාම රාවණ යුද්ධයට පෙර) රාවණ රජු අංගලක්ෂණ විද්‍යාවට අනුව ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු.


තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි.
ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.

උපුටා ගැනුම :http://angampora.blogspot.com
http://www.angampora.info/SI/korathota_angampora.htm
http://angampora.org/



රාවණ කවි

0

සමනල රුව කෙටූ ගල සමනල කන්ද
හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද
තලමල කොටා ඇත උස තලගල කන්ද
බඹර රුව ගලේ ඇති බඹරා කන්ද

නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද
යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද
කොටපොළ කන්ද මහදිග බට දඞු කන්ද
නිධන් වස්තු තවඇත සීගිරි කන්ද

කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ
ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ

නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස
කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස
රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස
මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස

ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව
නමුණුකුලය සගවා ඇත යගදාව
රක්වානේ කඳුමුදුනේ සිරියාව
මහවෙද නිධානය ගනු නොපමාව

කබරගේ රුව කොටා ඇති කබරාගලය
රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය
මොරොන් කන්දමුදුනේ මහ නිධානය
අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය

දෝස්ත්‍ර මොහන්දිරම් වර්ණසූරිය ගුරුන්වහන්සේගේ පෞද්ගලික පුස්තකාලයෙන්