-->

Friday, March 25, 2011

යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු - මනැවෙ විමලරතන හිමි

0

ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - ආරියදාස සෙනෙවිරත්න මහතා

1

Sunday, March 13, 2011

කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව

0

කුඩා රාවණා කොටුව සහ
මහා රාවණා කොටුව

 

අපගේ රට වටා ගවේෂණ චාරිකාව දැන් දකුණේ අවසන් කඳවුරුබිම වෙත ළඟා වී තිබෙනවා. ඔබ දන්නවා මේ චාරිකාවේදී අප විශේෂයෙන්ම ප්‍රදීපාගාර ගැනත් ගවේෂණයක යෙදෙනවා. ලංකාව වටා තියෙන සමස්‌ත ප්‍රදීපාගාර ගැන මෙහිදී අපි කතා කරනවා. ඉතින් දකුණේ අවසන් මුහුදු තීරයේ මේ දිනවල ගතකරන අපි මෙතැනින් යාල මහ වනය පසුකර නැගෙනහිරට පියමං කරන්නට මත්තෙන් රුහුණු රට පිහිටි වැදගත්ම ප්‍රදීපාගාර දෙකක්‌ පසුකර යන්නට සිදුවෙනවා. 

ඒ තමයි මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව නොහොත් Great basses සහ Little Basses කියන සමුද්‍රීය ගල්පර ප්‍රදේශ දෙක. ඒත් ඉතින් මේ ප්‍රදීපාගාර දෙක බලන්න යනව කියන්නෙ මහා අභියෝගයක්‌. මේ දෙක පිහිටල තියෙනනෙ අවම තරමින් ගොඩබිමේ ඉඳන් කිලෝමීටර් 10 ක්‌වත් දුරින් මුහුද මැද. මේ ප්‍රදීපාගාර එකිනෙක අතරත් කිලෝමීටර් 35 ක විතර දුරක්‌ තියෙනවා.


මහා රාවණා කොටුව වගේම කුඩා රාවණා කොටුවත් පිහිටුවා තිබෙන්නෙ යාල ජාතික වනෝද්‍යානයට මුහුණලා. මහා රාවණා කොටුව කිරින්ද පළටුපාන - යාල ගොඩබිම් ප්‍රදේශවලටත් ඉතා ඈතින් දිස්‌වෙනවා. කුඩා රාවණා කොටුව ගොඩබිමකට දිස්‌වන්නේ යාල වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයට. පහළ පොත්තන මිනිහා ගල් කන්ද වගේ තැන්වලට.


ප්‍රදීපාගාර දෙකට යන්න කිරින්ද ප්‍රදේශයෙන් මුහුදු යාත්‍රාවකට ගොඩවෙන්න පුළුවන්. ධීවර බෝට්‌ටුවක නැගී ගමන් කිරීම පහසුම කටයුත්තක්‌ වුණත්, මුහුදේ තත්ත්වය අනුව අවධානම ගැනීම ගමන් ගන්නාගේ වගකීමක්‌. ඉස්‌සර නම් මේ ප්‍රදීපාගාර දෙකේ සේවා මුර ක්‍රමයට සේවය කළ සේවකයින් හිටියා. ඔවුන්ට පහසුකම් සපයා දෙන්න වගේම සේවා මුරයේදී මාරුකරන්නත් වරාය අධිකාරියෙන් වෙනමම යාත්‍රාවක්‌ යොදවා තිබුණා. ඒත්, කාලය ගොඩාක්‌ දේවල් වෙනස්‌ කරලා. දැන් මේ ප්‍රදීපාගාරවල එළිය දෙන්නෙ ස්‌වයංක්‍රීය විදුලි පහන්වලින්. ඉතින් ඉඳහිට යන වරාය අධිකාරයේ යාත්‍රාවක්‌ දැන් අපිට පිහිට වෙන්නෙ නෑ. 

ඒත් ඉතින් මේ චාරිකාව නොහොත් මේ සුවිසල් අත්දැකීම් අතහරින්නත් බැහැ. කුඩා රාවණා, මහා රාවණා නොගිහින් රට වටේ ගිහිං වැඩකුත් නැහැ. පහුගිය ටිකේ මුහුදත් හොඳ නැතිව තිබුණු හන්දා (රළු නිසා) ආරක්‌ෂාවේ ප්‍රශ්නයක්‌ අපට තිබුණා. මේ අභියෝග සියල්ල ජයගෙන මේ දුෂ්කර එමෙන්ම බොහෝ දෙනකුට දකින්නට නොලැබෙන ප්‍රදීපාගාරවල තොරතුරු, ඡායාරූප ගෙන එන්නට අන්තිමේදී අපි සහාය පැතුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ. ඒ සඳහා අපට ආරක්‌ෂක අමාත්‍යංශයේ අවසරයත් ඕන වුණා. ඒ සියලු අවශ්‍යතා සපුරාගෙන ඔන්න අපි මහා රාවණා, කුඩා රාවණා ප්‍රදීපාගාර (ගල්පර) දෙකටත් ගියා. මේ ගැන තමයි අපි මේ සතියේ සුවිශේෂ නැවුම් අත්දැකීමක තොරතුරක්‌ කියනව කියල පහුගිය ඉරිදා ඔබට කිව්වෙ.

ආරක්‌ෂක අමාත්‍යාංශයෙන් අපි කරනු ඉල්ලමකට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වපු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අපගේ ඉල්ලීමට අවසර ලබා දෙමින් ඒ කාර්යය ඉටුකරගන්න නාවික හමුදාව වෙත අපව යොමු කළා. නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියාර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ මැදිහත්වීම මත නාවුක හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් මීළඟට අප යොමු කෙරුණේ නාවික හමුදා දක්‌ෂිණ කඳවුරේ මෙහෙයුම් නිලධාරී ලුතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම් මහතා වෙත. 
මේ සියලු නිලධාරීන්ගේ කාරුණික මගපෙන්වීම, අනුග්‍රහය හා මනා සම්බන්ධීකරණය හේතුකොට ගෙන අපගේ ගමන ඉතා හොඳින් සැළසුම් වුණා. අවසානයේ ලුතිනන් කමාන්ඩර් ජනිත බුද්ධික අණභාර නිලීධාරියා ලෙස කටයුතු කළ සුපර් ඩෝරා වර්ගයේ ප්‍රහාරක මුර යාත්‍රාවක උදව්වෙන් අපට පළමුව මහා රාවණා පරයේ පිහිටි මහා රාවණ ප්‍රදීපාගාරයටත්, ඉන්පසු කුඩා රාවණා ප්‍රදීපාගාරයටත් යන්නට හැකිවුණා. අද අපේ ගවේෂණ චාරිකාව හැඩවෙන්නේ ඒ අනුග්‍රහය මත අප ගත් ඡායාරූපවලින්. ඉහත නිලධාරීන් වගේම මුර යාත්‍රාවේ සියලු ලොකු කුඩා නිලයන් මෙහිදී අපට දැක්‌වූ කාරුණික අනුග්‍රහය අප කතෘවේදීම සිහිපත් කළ යුතුයි.


ගාල්ල නාවික කඳවුරෙන් ගමන් ආරම්භ කළ අපි පැයට සැතපුම් 80 පමණ වේගයෙන් ගමන් කරන යාත්‍රාවේ නැගී වැලිගම, මාතර පහුකරල මී ළඟට ළඟා වුණේ දෙවුන්දර ප්‍රදේශයට. දෙවුන්දර තුඩුව මෙහිදී අපට පැහැදිලිව දැකගත හැකියි. කළින් දවසක අපි කඳවුරු බැන්ද දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරයත් මහා සාගරයට ඉතා හොඳින් දිස්‌වෙනවා. සාගරයේ සිට දෙවුන්දර නොහොත් "ඩොන්ඩ්‍රා ලයිට්‌ හවුස්‌" එකෙත් ඡායාරූප ගත් අපි මීළඟට ළඟා වුණේ ගොඩවාය, හම්බන්තොට ප්‍රදේශයට. හම්බන්තොට නව වරාය පිවිසුම වගේම එහි ඉදිකිරීම් යනාදියත් අද අපි නැරඹුවෙ සාගරයේ ඉඳල. ඊළඟට අපි ක්‍රමයෙන් කිරින්දට ළඟා වුණා. එතැන් ඉඳන් දකින්න ලැබුණෙ යාල වනෝද්‍යානය. ආකාශ චෛත්‍ය, පටනංගල ප්‍රදේශයත් සමඟ ඔන්න ඈතින් පළමුව අපට දකින්න ලැබුණෙ මහ රාවණ ප්‍රදීපාගාර කුලුණ. ඒත් ඊට පෙර සිට නවීන සුපර් ඩෝරා යාත්‍රාවේ පවතින රේඩාර් තිරයේ මහා රාවණා ප්‍රදීපාගාරය අපට පෙන්නුවේ යාත්‍රාවේ අණභාර නිලධාරී ලුතිනන් කමාන්ඩර් බුද්ධික. අපට අලුත්ම අත්දැකීමක්‌ වූ ඒ ගැන වගේම අපි අහන බොහෝ දේවල්වලට ඒ නිලධාරියා නොවලහා කියා දුන් දේවල් රටවටා ගවේෂණය කරන අපිට ඉදිරියටත් මහත් උපකාරයක්‌ වේවි කියලයි මට හිතෙන්නෙ.


මහා රාවණා ප්‍රදීපාගාරය

මහා රාවණ කොටුවට අපි ළඟාවුණේ තවත් අමුත්තන් පිරිසකුත් සමඟයි. අපිව පිළිගන්නට වගේ මග බලාගෙන හිටියෙ ඩොල්පින් රංචුවක්‌. ඒ මේ අත පනිමින් උන් අපි පැමිණි සතුට පළ කළ බවයි දැනුනේ. කොහොම වුණත් ඈතින් ඡායාවක්‌ වගේ පෙනෙන ගොඩබිමත්, නිල්වන් අහස්‌ කුසේ නැඟි පෙනකැටිවන් වළාපෙළත් මැදිකරගගනිමින් විසල් ප්‍රදීපාගාරය සාගරය පරයා නැඟී සිටින්නට වෙර දරනවා. ගොඩබිමේ සිට කිලෝමීටර් 13 ක්‌ පමණ දුරකින් පිහිටි මෙහි උස මීටර් 34 ක්‌. 1873 දී නිර්මාණය කර ඇති මෙය ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක්‌. මයිකල් පැරඩේගේ උපදෙස්‌ අනුව මෙය සැළසුම් කර ඇත්තේ සර් ෙ-ම්ස්‌ නිකලස්‌ ඩග්ලස්‌ නම් සුදු ජාතිකයා. එය ගොඩ නගා ඇත්තේ විලියම් ඩග්ලස්‌ නම් ඔහුගේ සහෝදරයා. ගිනිකොණදිග මුහුදේ මෙය පිහිටුවා ඇත්තේ එකල ධීවරයන්ටත් වඩා නැව් ගමනා ගමනය සඳහා පහසුවෙන විදිහට. නොදියුණු කලෙක මෙවන් ප්‍රදීපාගාරයක්‌ මුහුද මැද ඉදිකිරීම කොයිතරම් අභියෝගයක්‌ද? ඒ විතරක්‌ නෙමේ මෙතැන පිහිටි ගල්පරය හේතුවෙන් අතීතයේදී නාවික අනතුරු රැසක්‌ සිදුවුණාලු. ඒ නිසා තමයි මෙතැන මෙවන් ප්‍රදීපාගාරයක්‌ ඉදිකර තියෙන්නේ.


කුඩා රාවණා ප්‍රදීපාගාරය

කුඩා රාවණා ප්‍රදීපාගාරය අපට හමුවෙන්නෙ මහා රාවණා ප්‍රදීපාගාරය හමුවෙලා තවත් කිලෝමීටර් 37 ක්‌ දකුණු දිගින්. මෙහි උස මීටර් 34 ක්‌. ගොඩබිමේ සිට කිලෝමීටර් 10 කට ආසන්න දුරකින් තමයි පිහිටල තියෙන්නෙ. මෙයත් නිර්මාණය කරලා තියෙන්නෙ ඩග්ලස්‌ සහෝදර දෙපළ විසින්. ඒ 1878 දී. ගිනිකොණ දිග මුහුදේ පිහිටල තියෙන මෙය දකුණු මුහුදේ අවසානය වශයෙනුත් අපට හැඳින්විය හැකියි. මේ ප්‍රදීපාගාරයටම ආවේණික වර්ණාලේපයකුත් තියෙනවා. 
මේ ගැන අපට නාවික නිලධාරී බුද්ධික මහතා කිව්වෙ එක්‌ එක්‌ ප්‍රදීපගාරයට අනුරූප වුණු වර්ණ, ඉදිකිරීම් යනාදී වෙනස්‌කම් තියෙනවා පමණක්‌ නොව බොහෝ ප්‍රදීපාගාරවලින් තමන්ට ආවේණික වූ රේඩියෝ තරංග මලාවකුත් මුදාහරින බවයි. ඩොන්ඩා ලයිට්‌ හවුස්‌වලදී මේ රේඩියෝ තරංග දහරා නිකුත් වෙන හැටි අපි දැක්‌කෙ යාත්‍රාවේ රේඩාර් තිරයේදී.


පෙරවරුවේ ගාල්ල වරායෙන් රාවණා කොටුව ගවේෂණ චාරිකාව ඇරඹූ අපි, මහා රාවණ කොටුව ගල්පරය පසුකර කුඩා රාවණ කොටුව ගල්පරය ප්‍රදේශයට එනවිට දහවල ඉක්‌ම ගොස්‌ තිබුණා. ඒ උදේ තේ විවේකයත් අරගෙන. රාවණා ප්‍රදීපාගාර දෙකේම ඡායාරූප පිටපත් කරගත් පසු අපි ආයිමත් ගාල්ලට එන්න හැරුණා. ඒත් එහෙ මෙහෙ "දුවන-පනින" ඩොල්පින්ගේ ප්‍රබෝදයෙන් අපි ආයිමත් ටිකවේලාවක්‌ මත් වුණා. ඔය විදිහට තමයි එදා චාරිකාව ගෙවිල ගියේ. පසෙකින් ගොඩබිම් තීරයත්, නිල්වන් ජල තලය කපාගෙන සුදු පෙණ පිඬු වළාවක්‌ නිර්මාණය කරමින් ඇදෙන වේග ප්‍රහාරක යාත්‍රාවේ නැවුම් අත්දැකීම් රැසක්‌ ද සමගින් අපි ආයිමත් ගාලූ තොටින් යාත්‍රාවෙන් බැසගත්තේ හිරු බැස යන සැඳෑවේ.

යුද්ධය ජයගෙන සාමකාමී රටක්‌ ගොඩනැගීම වෙනුවෙන් එදා යුදබිමේ දහදිය මහන්සි කැප කළ නිලධාරීන් සෙබළුන් පිරිසක්‌ සමග දවසක්‌ ගත කරන්නට ලැබීමත් මේ චාරිකාවේ අමතක නොවන අත්දැකීමක්‌ බවත් මෙහිදී කිව යුතුමයි.

ඉතින් පසුගිය සතියෙ අපි හිටියෙ යාල වනෝද්‍යාන පිවිසුම අසල. ඒ කියන්නෙ පළටුපානෙ. හදිසියේ යන්න වුණු මුහුදු ගමනෙන් පස්‌සෙ අපි ආයිමත් යාල වන උයනට යායුතුයි. ලබන සතියෙ අපි මඟුල් මහ විහාරය, සිතුල්පව්ව බලාගෙන මැණික්‌ ගං මෝය කටෙන් මිනිහා ගල්කන්දට ඇදෙනවා. ඒ තමයි අපේ ඊළඟ කඳවුරු බිම. උද්‍යානයේ රසබර තොරතුරු සමගින් එසේ නම් අපි හමුවෙමු ලබන සතියේ යාල වනෝද්‍යානයේ සිට.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තූතිය-
ආරක්‌ෂක අමාත්‍යාංශයට, නාවික හමුදාවට සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය, ලූතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම්, ලූතිනන් කමාන්ඩර් ජනිත බුද්ධික යන මහත්වරුන්ට




 උපුටා ගැනීම - http://www.divaina.com/2011/03/13/nimna04.html


Saturday, March 12, 2011

සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’

0

"අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු මිනිස්සුන්ගේවත් වරදක් නොවේ. සිංහල ශිෂ්ඨාචරය ගොඩනගපු ; එය වසර දහස්ගණනක් පවත්වාගෙන ආ අපේ පරණ මිනිස්සු කවදාවත් සිංහල රට වෙනත් රටවලට ශිෂ්ඨාචාරයන්ට ණයගැති නොවී සිටිමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට නිතරම උනන්දු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයා තම හෙළ ශිෂ්ඨාචාරය තුල තමන්ගේම වූ ආරක්ෂක ක්‍රමයක් ,වෛද්‍ය ක්‍රමයක්,දර්ශනයක් , ආගමක්,
අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්නවා.ඒ තුලින් තමයි සිංහලයා සමකාලීන විදේශිය ආක්‍රමණික අධිරාජ්‍යන් සමග කරට කර සටන් වැදී මේ පුංචි රටේ අභිමානයෙන් ජිවත්වුනේ. හෙළ ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත් අංශයක් ලෙස ‍මෙම අංගම්පොර සටන්කළාව විශේෂ වෙන්නේ මේනිසයි.
අංගම් පොර සටන් කළාවේ ආරම්භය හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වා අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්;(සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය අරඹන්නට ඇත.ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමනයට එරෙහිව යොදාගන්නට ඇත. එහි දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.දැන් අපි අපේ සටන්කළාව ගැන ටිකක් කථාකරමු.
අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි . පොර කියන්නේ සටනයි . නිරායුධව (හිස්) සිරුරෙන් කරනුලබන සටන අංගම්පොර යනුවෙන් හදුන්වාදීඇත. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් දෙකම ඉගෙනගතයුතු අතර සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
නිළ අල්ලා පහරදීම.
එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර
නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.
මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.
නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්‍රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත .
සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.
“ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින්අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....”
“සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.
දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය . සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ..........”
(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)
මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත.එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.
නමුත් මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්‍රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.
අද අපි ජීවත්වන ලංකා පොළොව අතීතයේ ගොඩනැගෙන්නේ සිංහලයන්ගේ ලේ , දහඩිය තුලින්ය. ලංකා පොලව ආරක්ෂාකර ගැනීම සදහා සිංහලයන් ලක්ෂ දහස්ගණනක් තම ජීවිතය මරණයට කැප කරන්නට ඇත.අද සිංහලයන්ටම බැන බැන මානව අයිතිවාසිකම් ගැන කථාකරන උන්ට ඉපදෙන්නත් රටක් තිබුනේ සිංහලයන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂාකළ නිසාය.
ඉන්ශ්‍රීසින්ගේ මර්ධන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .
“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”
යුරෝපීයන් සිංහලයින්ව පැරදවූයේ තුවක්කුවේ බලයෙනි.එම නිසා වසර දහස්ගණනක් තිස්සේ
පාරම්පරිකව ගොඩනැගුණු හෙළ ශිෂ්ඨාචාරය බිදවැටින.මේ අයුරින් සිංහලයා තම සටන් ක්‍රම භාවිත කරමින් තම ජීවිත ගැන නොසිතා ආරක්ෂාකලේ ලංකාවයි.ලංකා පොළොව ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු , කැප කරපු වෙනත් ජාතියක් ගැන මමනම් අසා නැත.අදටත් එසේමය .අපේ සිංහල කොල්ලෝ රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය, සාමය වෙනුවෙන් තම ජීවිත කැප කරණ විට ඔව්න්ගේ පිහිටෙන් ප්‍රභාකරන්ලාගෙන් බේරිලා ඉන්න දකුනේ නූතන නිවටයන් සිංහලයා ජාතිවාදියෙක් කිය කියා පස්ස රත්වෙනකම් කෑ මොර දෙති.නමුත් ඔව්න්ට මෙය තේරුම් කර දිය නොහැක.මන්ද ජාතිය විකුණන් කෑම ඔව්න්ගේ බඩ ගෝස්තරය සොයාගන්නා ක්‍රමයකි.
සිංහලයා ඉතිහාසයේ කවරදාවකවත් ජාතිවාදියෙකු නොවීය.ඇත්ත කථාව නම් සිංහලයා මේ රටට ආදරෙයි. සෑම සිංහලයෙකුගේම (නිවටුන්ගේ නොව) ප්‍රාණය රැදී ඇත්තේ මේ ලංකා මහ පොළොව මතය.සිංහලයාට නිදහසේ අතපය දිගහැරලා නිදාගන්න පුළුවන් රටක් මේ ලොකයේ වෙන නැති නිසයි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරන්නේ.එහෙම නැතුව දෙමළ මිනිස්සු සමග තිබෙන වෛරයකින්වත් , සිංහලයා දෙමළාට වඩා පහත්යැයි සිතාවත් , එහෙමත් නැත්නම් ඇගේ පතේ අමාරුවකටවත් නොව.
නමුත් ඉතින් සිංහලයාගේ අවාසනාවකට සිංහල වෙළා ඉපදිච්ච සිංහලයා ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට ප්‍රභාකරන්ලාගේ කොන්තරාත්තුව බාරගත්ත නිවටයන්ට සිංහලයා පේන්නේ අමුතුම විදියකටය. “ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි” කියල කථාවක් හැදිල තියෙන්නෙත් මේ වගේ මිනිස්සු නිසාම වෙන්න ඇති.


උපුටා ගැනීම - http://manojcola.blogspot.com/2008/11/blog-post_23.html?showComment=1307617492519#c2398089275417776671


Tuesday, March 8, 2011

බුදු සමය සහ අසුරයෝ

0
බුදුසරණ පත්‍රයෙහි 2010. 09. 08 දින පළවූ ‘නිරයත් අපායත් ඇත්තේ මිනිස් ලොවයි. යන මගේ ලිපියෙහි සතර අපායට සම්බන්ධ අසුර අපාය පිළිබඳව මවිසින් කිසිවක් සඳහන් නො කෙළේ පසු අවස්ථාවකදී ඒ පිළිබඳව යමක් කීම සඳහාය.

අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ රටක් ලෙස සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය කොට ඔවුන්ගෙන් කප්පම් ගත් බව සඳහන් වේ. එසමයෙහි ඇසිරියන්වරු අසුරයන් හැටියටත් මීඩියන් හා පර්සියන් ජාතීන් සුරයන් හැටියටත් සලකන ලද බව පෙනේ. ශත වර්ෂ දෙකක් පමණ අසුරයන් යටතේ සිටි මීඩියන්වරු හෙවත් සුරයෝ අසුර රාජ්‍යයෙ අක්‍රමණය කළහ. එහෙත් එවක එහි සිටි අසුර් බනිපාල් නමැති ඇසිරියන් රජතුමා සුරන් පලවා හැරියේය. දෙවෙනි වතාවේ සංවිධානව පැමිණි මිඩියන්වරු හා පර්සියන්වරු අති බිහිසුණු සටනක් කොට අසුරයන් පරදවා ලූහ. මෙකල පර්සියානු අධිරාජ්‍යයේ සිටි මහා සයිරස් රජතුමා (ක්‍රි.පූ. 585 - 526 ) ඔහුගේ පර්සියානු අධිරාජ්‍යයට මීඩියාව, අයෝනියාව, ලිබියාව, මෙසපොටේමියාව, සිරියාව හා පලස්තීනය ඇතුළත් කර ගත්තේය. පර්සියන් වරු, රූමත් පිරිසක් වූ අතර ඇසිරියන්වරු නිර්භීත වීරෝදාර පිරිසක් වූ බවද කියනු ලැබේ. පුරාතනයන් විසින් දේවත්වයට නංවන ලද සුර අසුර සංග්‍රාමයේ තොරතුරු පසුකාලීන භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන බව පැහැදිලිය.

වරක් වේද සාහිත්‍යයේ එන ‘බලී’ නමැති අසුරයා, භුවනත්‍රයම ජය ගැනීමට රිසි වී දෙව් ලොවට ගොස් ඉන්ද්‍රයා පරදවා අධීශ්වරත්වය ලබා ගත්තේය. එවිට ඉන්ද්‍රයා විෂ්ණුගේ පිහිට සොයා ගියේය. ඉක්බිති විෂ්ණු වාමන රූපයක් මවාගෙන බලී අසුරයා වෙත ගොස් තමන්ට පදිංචි වීමට සුදුසු තැනක් ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබට මේ සඳහා කොතරම් ඉඩක් අවශ්‍යදැ”යි බලී ඇසු විට “ මට පියවර තුනක් තබන්නට හැකි ඉඩ කොටසක් දුන මැනව“ යි වාමනයා කියා සිටියේය . “ එසේ නම් එය ගනුවයි “ අසුරයා අණ කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ® විෂ්ණු, නාරායන නම් වෙසක් මවාගෙන, එක් පියවරක් දෙව්ලොව ද අනෙක් පියවර පොළොවෙහිද, තුන්වෙනි පියවර බලීගේ් හිස මතද තබමින් ඔහු පාතාලයට තල්ලු කර දැම්මේය.
 මෙන්න මහා භාරතයේ එන තවත් කථාවක්. සුරයන්ගේ සතුරන් වු අසුරයන්ගෙන් සුරයන්ට නිතර උපද්‍රව පැමිණෙන්නට විය. එවිට සුරයන්ගේ නායකයා වූ විෂ්ණු අසුරයන් පරාජය කිරීම සදහා කිරිමුහුද කලඹන ලද්දේය. කිරිමුහදු කලඹන ලද්දේ මහමේරු පර්වතය පත්ලේ තිබූ අමෘතය ලබාගෙන එය බී අජරාමර වීම සදහාය. 

මෙහිදී විෂ්ණු කිරි මුහුද කළඹන ලද්දේ වාසුකී නාගරාජයාගේ උදව්වෙනි. වාසුකී නාග රාජයාගේ දරණ පටින් මහමේරු පර්වතය වටලා බැඳගෙන ඔහුගේ හිස පැත්ත අසුරයන්ටත්, වල්ගය සුරයන්ටත් ලැබෙනසේ අල්වා ගන්නට සලස්වා කිරිමුහුඳ කැළඹීමට සැලැස්වීය. මේ සටනේදි නාගයාගේ විෂ ධූමයෙන් අසුරයන් මරණයට පත්ව පරාජය වු බව කියනු ලැබේ.මෙහිදී කිරි මුහුදෙන් මතුවූ අමෘතය බී සුරයෝ අජරාමර වූහ. කිරිමුහුදෙන් මතු වූ වස්තු 14 න් එකක වු ලක්‍ෂ්මිය විෂ්ණුගේ බිරිඳ බවටද පත් වුවාය.
එක්තරා ජාතක කථාවක සුරයන්ගේ ආරම්භය දැක්වෙන්නේ මෙසේය. පෙර දඹදිව මචල නම් ග්‍රාමයේ , මාර්ග ,පැන් පොකුණු ගොඩනැගිලි ආදිය සාදමින්,, අඹුදරුවන් සමඟ පින් දහම් කළ මඝ නමැති මානවකයා ඉන් චුතව ගොස් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපත ලද බව කුලාවක ජාතකයෙහි සඳහන් වයි. මචල ග්‍රාමයේදි ඔහුට උදව් කළ දෙතිසක් මිනිස්සු හා ඔහුගේ බිසෝවරුද තව්තිසා දෙව්ලොවම උපත් ලද්දෝය.
පෙර තව්තිසා දෙව්ලොව වාසය කළෝ අසුරයෝය. ‘අලුත් පිරිසක් දෙව්ලොවට පැමිණ ඇතැයි සැලකූ අසුරයෝ ඔවුන් පිළිගැනීමට දිව්‍ය සුරාවක් පිළියෙල කළහ. තමන්ගේ පිරිස දිව්‍ය සුරාව පානය කිරීමෙන් වැළැක්වු සක්දෙව් තෙම දිව්‍ය සුරාව අසුරයන්ටම පොවා, ඔවුන් මත් වූකල, දෙකකුලෙන් ගෙන ඔවුන් මහමෙර පත්ලට යැවූ බව කියනු ලැබේ.

සුරඅසුර යුද්ධය පිළිබඳ පුවතක් ධජග්ග සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

“ මහණෙනි, ඉස්සර කාලෙදී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුණා. ඒ යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව වැසියන්ට කතා කරලා මෙහෙම කියනවා. ‘නිදුක්වරුනි යුද්ධයට ගිය දෙවියන්ට බියක්, තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත් නුඹලා මගේ කොඩිය දෙස බලන්න.
එවිට ඒ බිය, තැති ගැනීම හෝ ලොමු දැහැගනීම පහව යනවා. ඉතින් මගේ කොඩිය දෙස බලන්නේ නැත්තං ප්‍රජාපති දෙව් රජුගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය තැතිගැනීම හෝ ලොමු දැහැගැනීම පහව යනව. එහෙමත් නැත්තං වරුණ දෙව්රජගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහව යනවා. එහෙමත් නැත්නම් ඊසාන දෙව්රජුුගෙ කොඩිය දෙස බලන්න. එවිට ද ඒ බිය, තැතිගැනීම හා ලොමුදැහැ ගැනීම පහව යනව.

මහණෙනි, ඒ සක්දෙවිඳුගේ කොඩිය බලන අයටත්, ප්‍රජාපතී දෙවිඳුගේ කොඩිය බලන අයටත්, වරුණ දෙව්රජුගෙ කොඩිය බලන අයටත් ඊශාන දෙවිඳුගෙ කොඩිය බලන අයටත් ඇතිවන බිය, තැතිගැනීම හා ලොමු දැහැ ගැනීම පහව යන්නේ ද? පහව යන්නේ නැත. මහණෙනි ඊට හේතුව කුමක්ද? මහණෙනි, සක්දෙවිඳුගේ කොඩිය බලන අයත්, ප්‍රජාපති දෙවිඳුගේ කොඩිය බලන අයත්, වරුණ දෙව්රජුගේ කොඩිය බලන අයත් ඊසාන දෙවියන්ගේ කොඩිය බලන අයත් රාගය පහනොවූ, ද්වේෂය පහනොවූ , හා මෝහය පහනොවු අයයි. එබැවින් ඔවුන්ගේ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහවයන්නේ නෑ.

මහණෙනි, මමත් මෙහෙම කියමි. කැලේකට හෝ රුක්මුලකට හෝ පාළුගෙයකට හෝ ගිය ඔබලාටත් බියක් , තැතිගැනීමක් හා ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුුරිසදම්ම සාරථීය ,දෙව් මිනිසුන්ට ගුරුය. කියා මා සිහි කරන්න. එවිට ඔබලාගේ බිය, තැතිගැන්ම, හා ලොමු දැහැගැනීම පහව යනවා. එසේ පහව යන්නේ තථාගතයන් වහන්සේත් ධර්මයත්, සංඝයාත් වීතරාග, වීතදෝස හා වීතමොහ නිසාය. මහණෙනි, මෙසේ බුදුන් , දහම් , සඟුන් සිහි කරන්නාට බියක් තැති ගැනීමක් හා ලොමු දැහැගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙහිදි බුදුරජාණන් වහන්සේ කරන්නේ ධජග්ග සූත්‍රයේ සඳහන් දෙය උදාහරණයක් වශයෙන් ගෙන භික්‍ෂූන් වහන්සේට පාඩමක් ඉගැන්වීමයි. සුර අසුර යුද්ධය පිළිබඳ තවත් පුවතක් සුභාසිත ජය සූත්‍රයේ (සක්ක සංයුත්තයේ) මෙසේ සඳහන් වෙයි.

පෙර සුර අසුර යුද්ධයක් පැවැත්තේය. එහිදි වේපචිත්ති අසුරිඳු ‘සක් දෙවිඳුනි, සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි කීය. සක්දෙවිඳුද ‘සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි පැතීය. දෙදෙනාගේ තරග විනිශ්චය සඳහා සුර අසුර දෙගොල්ලම එකතුව විනිශ්චය මණ්ඩලයක් සාදා ගත්හ.

ඉක්බිති වේපචිත්තා අසුරිඳු ‘ සක්දෙවිඳුනි ‘ ගාථාවක් කියන්නැයි කීය. ඔබලා පැරණි අය නිසා ඔබ ගාථාවක් කියන්නැ’යි සක්දෙවිඳු කීය. එවිට වේපචිත්ති මේ තේරුම් ඇති ගාථාව කීය. “ වළක්වන්නකු නැත්නම් මෝඩයෝ බෙහෙවින් වැනසෙති. එබැවින් දැඩි දඬුවම් දී මෝඩයා වළක්වා ගත යුතුය “ වේපචිත්තිගේ මේ කියමන අසුරයෝ පිළිගත්හ. දෙවියෝ නිහඬ වූහ.

අනතුරුව වේපචිත්ති සක්දෙවිඳුට ගාථාවක් කියන්නැයි කීය. එවිට සක් දෙවිඳු “ කිපුණ සතුරා දැක යමෙක් සිහිකල්පනාවෙන් සන්සුන්වෙයි නම්, එම සන්සිඳීම ම සතුරා වැළකීම යයි කියමියි කීය. ශක්‍රයාගේ කියමන දෙවියෝ පිළිගත්හ. අසුරයෝ නිහඬ වූහ. ....මේ අන්ඳමින් වාදය තවත් දිගට පැවැත්තේය.
අවසානයේදී විනිශ්චය මණ්ඩලය මෙබඳු තීරණයක් කළහ. “වේපචිත්තිගේ ගාථා කලහ කිරීම සඳහාය. ඒවා හිංසාවෙන් පිරී ඇත. ශක්‍රයාගේ ගාථා කලහ නොකිරීම සදහාය, ඒවා දඬුවමින් තොරය, එබැවින් සක්දෙවිඳුට සුභාෂිතයෙන් ජය අත්විය “ යනුවෙනි.

අපේ මාතෘකාව වූයේ අසුර අපාය පව් පල දෙන තැනැක් දැයි සොයා බැලීමය.අසුරයන් යනු දේවත්වයට නැගුණු කල්පිත චරිත කොට්ඨාශයක් බව ඉහත සඳහන් තොරතුරු වලින්ද ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. එබැවින් පව් පලදීම සිදුවන්නේ මිනිස් අපාය තිරිසන් අපාය හා පේ‍්‍රත අපායේදී බව අපට නිගමනය කළ හැකිය.

උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2010/10/22/tmp.asp?ID=fea04


Sunday, March 6, 2011

කල්පය

0
කල්පය

දශ දශයෙක් නම් -----> සියයෙක
දස සියයෙක් නම් -----> දහසෙක
සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක
ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක
කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක
ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක
නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක
නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක
හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක
ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක
විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක
අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක
බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක
අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක
නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක
අබබ සියයෙක් නම් -----> අටටයෙක
අටට සියයෙක් නම් -----> අහහයෙක
අහහ සියයෙක් නම් -----> කුමුදයෙක
කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක
සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක
උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක
පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක
පදුම සියයෙක් නම් -----> කථානයෙක
කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක
මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක


සද්ධර්මාලංකාරය ඇසුරෙනි.


දශ දශයෙක් නම් -----> සියයෙක 100
දස සියයෙක් නම් -----> දහසෙක 1,000
සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක 100,000
ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක 10,000,000
කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක 1,000,000,000
ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක 100,000,000,000
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක 10,000,000,000,000
නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක 1,000,000,000,000,000
නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක 100,000,000,000,000,000
හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක 10,000,000,000,000,000,000
ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක 1,000,000,000,000,000,000,000
විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක 100,000,000,000,000,000,000,000
අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක 10,000,000,000,000,000,000,000,000
බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක 1,000,000,000,000,000,000,000,000,000
අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක 100,000,000,000,000,000,000,000,000,000
නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක 10,000,000,000,000,000,000,000,000,000,000
අබබ සියයෙක් නම් -----> අටටයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000
අටට සියයෙක් නම් -----> අහහයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000
අහහ සියයෙක් නම් -----> කුමුදයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000
කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000, 000
සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,00 0,000
උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000 ,000,000
පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000, 000,000,000
පදුම සියයෙක් නම් -----> කථානයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,00 0,000,000,000
කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000 ,000,000,000,000
මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000, 000,000,000,000,000


Wednesday, March 2, 2011

රාවණ රජුගේ තොටුපොල

0
රාවණ රජුගේ තොටුපොල (Totupola Kanda)

 
මහඑලිය තැන්නට පැමිණෙන බොහෝ දෙනෙක් නොදන්නා ස්ථානයක් තමයි තොටුපොල කන්ද. තොටුපොල කන්ද ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයන්ගේ සඳහන්ව ඇත්තේ රාවණ රජුගේ තොටුපොල ලෙසිනි. රාවණ රජතුමා හුදෙක් මිත්‍යා කතාවකට සීමා කිරීමට කටයුතු කරන බටහිර ගැති පිරිසක්ද ඉන්න බව කණගාටුවෙන් වුවද කියන්න ඕන. එසේ වීමට ප්‍රධාන හේතුව සාක්ෂි සොයා ගතහැකිනම් ලොව පළමුව ගුවනින් ගමන් කල පුද්ගලයා රාවණ රජතුමා වීමත් ශ්‍රී ලංකාවට එම අභිමානය හිමිවීමට ඉඩ ඇති නිසාය. එහෙව් ජාතියකින් පැවතෙන අපි බටහිර ආකල්ප හිස්මුදුනින් පිළිගැනීමත් තමන්ගේ මිනිසුන් ගැන නොසලකා හැරීමත් පිළිකුල දනවන කරුණකි.


 

..