Monday, April 25, 2011

රාවණා රජු

0

Thursday, April 14, 2011

හල්දුම්මුල්ලේ සොහොන් හා නාගයන් සැරිසරන දෙවොල් බිම

1

හල්දුම්මුල්ල නගරයෙන් මීටර් 100 ක්‌ පමණ හපුතලේ දෙසට පැ
මිනෙද්දී දකුණු පස හල්දුම්මුල්ල දෙමළ මහා විද්‍යාලයට ගමන් කරන මාර්ගයේ බෑවුමෙහි සොහොන් පෙළක්‌ හමුවේ. මාර්ගයේ කැණීම් කටයුතු හේතුවෙන් විකල්ප මාර්ගයක්‌ භාවිත කෙරේ. දැඩි හුදකලාභාවයෙන් යුක්‌ත මෙම ස්‌ථානයේ අද්භූත සිද්ධීන් ගැන ගම්මුන් අතර ප්‍රකටය. මීටර් සීයක්‌ පමණ දුරකින් පිහිටා ඇති කුඩා දේවාලය සහ එහි සැරිසරන නාගයන් පිළිබඳ කතාන්දර ගොන්නකින් ද තදානුබද්ධ වේ.

අතුපත් අතරින් එබී බලන සූර්යාලෝකයෙන් ගත උණුසුම් වෙද්දී ගසක සිට තවත් ගසකට රිලවුන්ගේ තරණයෙන් සිත තිගැස්‌සෙන්නේ හුදකලා බව නසමින්ය. විටෙක රිලවුන්ගේ රංචුවලින් නැඟෙන විලාපය අප භීතියට පත් කරවයි. භීතිය සමඟ මුසුවන සුන්දරත්වය ඓතිහාසිකත්වයෙන් තීව්‍ර කිරීමට කැස කවන මහාචාර්ය රාඡ් සෝමදේව තම හඬ අවධි කළේ කැණීම් ස්‌ථානය ගැන වසර 40 කට පමණ පෙරදී තොරතුරු සැපයු විශ්‍රාමික විදුහල්පති වී. ඩී. එස්‌. ජයවර්ධන ගෞරවයෙන් සිහිපත් කරමින් ය.


අගෝස්‌තු 16 සිට කැණීම් ආරම්භ වුයේ දසක ගණනාවක පටන් පැවති කුතුහලයක ප්‍රතිඵලයක්‌ ලෙසය. එනම් රංච මඩම කැණීම්වලින් ක්‍රි. පූ. 1120 පමණ
පැරැණි සාධක ලැබී තිබුණ බැවින් යකඩ භාවිත කළ ප්‍රජාවක්‌ ජීවත් වූ බවට සැක පහළ විය. කල්තොට මොහොර සිට මධ්‍ය කඳුකරයේ හල්දුම්මුල්ල තදානුබද්ධ ප්‍රදේශවලින් යකඩ සංයුතියක්‌ සහිත ගල් විශේෂ හමුවේ. මෙම ප්‍රදේශ ගැන විශේෂ අවධානයට ලක්‌විය. යකඩ භාවිත කළ ආදිතම මානවයන් ජීවත් වූවා යෑයි අනුමාන කළ හැකිය.

දිනෙන් දිනම කුතුහලය තීව්‍ර කරන්නේ සොහොන් සාධක පමණක්‌ ම නොවේ. ගම්මුන්ගෙන් ලැබෙන තොරතුරු, ජනකථා ද ඊට අනුබල දෙයි. මෙවැනි දෙයින් විපර්වර්තනය වන රාඡ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යාඥ ගවේෂක කණ්‌ඩායම අව්, වැසි, සුළං පිනි නොතකා අහඹු ලෙස කඳු පීරති. ඔවුන්ගේ විඩාව සංසිඳුවන්නේ යකඩ සංයුතියක්‌ සහිත ගල්, යකඩ, නිස්‌සාරණයේදී ශේෂ වූ කොටස්‌ හෝ ආදි මිනිසුන්ගේ ජනාවාස යෑයි සැක පහළ කරවන දැ හමුවීමෙන් ජනිත කරවන ප්‍රීතියයි.
හල්දුම්මුල්ලේ සොහොන්වලින් ලැබෙන සාධක රංචමඩම සාධකවලට සමාන මෙන්ම විශේෂිත සාධක ද ලැබේ.

යකඩ සංයුතියක්‌ සහිත ගල් සොහොන්වල තැන්පත් කර තිබීම සුවිශේෂ වේ. ලෝහ සමඟ මනුස්‌සයාගේ සබඳතාවක්‌ පෙන්නුම් කරයි. ශිෂ්ඨාචාර තෙක්‌ මානවයා පරිණාමයට ලක්‌වීමේදී යකඩ භාවිතය සැලකිය යුතු සන්ධිස්‌ථානයකි. යකඩෙන් නිපදවා ගත් පොරව, නඟුල සහ තවත් උපකරණ දියුණු කෘෂිකර්මයකට අනුබල දෙයි. ශිෂ්ඨාචාර ඒ මත වර්ධනය වේ. මුqහුදු මට්‌ටමෙන් අඩි 5500 ක්‌ පමණ උස්‌ ප්‍රදේශයක කාල රක්‌තවර්ණ වළං භාවිත කළ ප්‍රජාවක්‌ ජීවත් වූ බවට වළං සාධක ඉඟි සපයයි. බෙලිගල සිට බෙලිහුල් තෙක්‌ දැනටමත් මෙබඳු සාධක සහිත ජනාවාස 30 කට ආසන්න ප්‍රමාණයක්‌ හමුවී ඇත.

මහාචාර්ය රාඡ් සෝමදේවට අනුව මෙම සංඛ්‍යාව දෙගුණ විය හැකිය. දැනට අනුමාන කරන පරිදි මෙම සාධක අදින් වසර 3500 ක්‌ පමණ පැරැණිය. කාල අනුක්‍රමය විද්‍යාත්මකව තහවුරු වන්නේ නම් අදින් වසර 3500 කට පෙර එනම් මාධ්‍ය ශිලා යුගයේදී ස්‌වතන්ත්‍ර ශිෂ්ටාචාරයක කළල අවස්‌ථා නිරූපිත ප්‍රජාවක්‌ ජීවත් වූ බව තහවුරු වේ. එය ලාංකේය ඉතිහාසයේ නව කාල පරිච්ඡේදයක ඇරඹුමකි.
මධ්‍ය ශිලා යුගයේ ජීවත් වූවා යෑයි අනුමාන කළ හැකි මෙම මිනිස්‌ ප්‍රජාව කවුරුන්ද යන ප්‍රශ්නය මතු වේ. අදින් වසර 5000 කට පමණ පෙර සමස්‌ත දකුණු ආසියාවටම බලපා ඇති බවට ආචාර්ය ප්‍රේමතිලක තහවුරු කර ඇති ශුෂ්ක දේශගුණික තත්ත්වයන් යටතේ හෝටන්තැන්න වැනි උස්‌ බිම්වල ජීවත් වූ ජනයා පහළ ප්‍රදේශවලට සංක්‍රමණය වූවා යෑයි සිතිය හැකිය.

එම සංක්‍රමණික ප්‍රජාව සොහොන් සහිත පහළ ප්‍රදේශවල ස්‌ථානගත වන්නට ඇත.
ස්‌වතන්ත්‍ර ශිෂ්ටාචාරයක කළල අවස්‌ථා වර්ධනය වීමට නව පාරිසරික සාධක බලපාන්නට ඇත. ජල පෝෂක ප්‍රදේශ කෘෂිකර්මයට උචිතය. හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් සුලභව ලැබෙන යකඩ මිශ්‍රිත ගල් රත්කොට යකඩ නිස්‌සාරණය කර ගැනීමෙන් පොරව, නඟුල වැනි කෘෂිකාර්මික උපකරණ නිපදවා ගන්නට ඇත. ඒවා කෘෂිකර්මාන්තයේ කාර්යක්‍ෂමතාවට අනුබල දෙති. රාවණා ජනකථා සලකා බැලීමේදී ද යකඩ සහ ජනතාව අතර පැවැති සම්බන්ධතා ගැන සංඥ සපයයි. සොහොන්වලින් ලැබුණු යකඩ මිශ්‍රිත ගල් රාවණ ගුලි ලෙස ගම්මු හඳුන්වති. යක්‌පුර නමින් ව්‍යවහාර කරන ප්‍රදේශ යකඩ කර්මාන්ත ප්‍රදේශ ලෙස සැලකිය හැක.

එම ප්‍රදේශවල ජනයා තමන්ගේ ආධිපත්‍යය හඟවනු පිණිස රාවණාගෙන් පැවත එන බව මහත් අභිමානයෙන් යුතුව කියාපාති. මහාචාර්ය රාඡ් සෝමදේවට අනුව රාවණ "ලංකාධිපති" වැනි නාමයෙන් හඳුන්වා ඇත්තේ ලංකාවේ ජනතාව යකඩ තාක්‍ෂණයෙහි යෙදුණු නිසා ය. ඉන්දියාවේ නල්හුර් ප්‍රදේශයෙන් ලැබී ඇති සාධකවලට අනුව යකඩ තාක්‍ෂණයෙහි නිරත වූ පැරැණිතම ජනයා ඉන්දියාවේ ජීවත් වූහ. ඒ. ක්‍රි. පූ. 1100 දී පමණ ය. දැනට අනුමාන කරන ක්‍රි. පූ. 1300 කාල නිර්ණය කාබන් 14 විද්‍යාත්මක ක්‍රමයෙන් තහවුරු වුවහොත් යකඩ තාක්‍ෂණයෙහි නිරත වී ඇති පැරැණිතම ජනතාව ලංකාවේ ජීවත් වී ඇත.
කෘෂිකර්මයෙහි කාර්යක්‍ෂමව නියෑලෙන ප්‍රජාව ධූරාවලීගත සමාජයකට උරුමකම් කියති. හල්දුම්මුල්ලේ සොහොන්වල පුද්ගලයන් කිහිපදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇත. මළවුන් ඇදහීම කර ඇත. මෙවැනි ඇදහීමකින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ධූරාවලීයක සමාජ සංස්‌කෘතියේ තමන්ගේ නෛතිකභාවය විය හැකිය. මළවුන්ගේ සම්පත් අනුප්‍රාප්තිකයන්ට භුක්‌ති විඳීමේ නෛතිකභාවය ඉන් තහවුරු වේ. සමාජයක්‌ ලෙස සාමූහිකව ජීවත් වන්නට ඇත.

ශිෂ්ටාචාරයක අත්‍යවශ්‍ය ලක්‍ෂණයක්‌ වන්නේ සාමූහික සම්බන්ධතා ය. මළවුන් අදහමින් පිහිටක්‌ පතන්නට ඇත. සාමූහිකව සිතීම ඉන් තහවුරු වේ. හල්දුම්මුල්ලෙන් සොයාගත් සොහොන් සාධක කාබන් 14 දින නීර්ණ ක්‍රමවේදයෙන් අනුමාන කාල පරිච්ඡේදය තහවුරු වුවහොත් ලංකාවේ හිස්‌ව පැවැති මධ්‍ය ශිලා යුගය සම්පූර්ණ කිරීමකි. සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් ඉතිහාසය තවත් දිගු වීමකි. මෙය ලංකාවේ ඓතිහාසික සමයේ ඉතිහාසය මතවාදවලට අභියෝගයක්‌ නොවන බව රාඡ් සෝමදේව පවසයි. පැරැණි මතවාද එසේම පවතිද්දී ඊට පෙර පැවැති අවධියක්‌ රටවැසියාට අනාවරණය කිරීමකි.
මෙය ඉන්දියාවට නම් අභියෝගයක්‌ වනු ඇත. මෙතෙක්‌ ඉන්දියාව සාඩම්බරයෙන් කියා සිටියේ දකුණු ආසියාවේ ප්‍රථමයෙන් ම යකඩ භාවිත කළේ තමන් බවයි.

නමුත් අවාසනාවකට මෙන් කාබන් 14 දින නීර්ණ සොයා බැලීමට උදව් ඉල්ලීමට සිදුවී ඇත්තේ ද ඉන්දියාවෙන්ම ය. අවුරුදු 150 කටත් වඩා පැරැණි ලාංකීය පුරාවිද්‍යාව එතරම් ප්‍රාථමික තත්ත්වයක පවතී. ඉන්දියාවට අවශ්‍ය නම් දින වකවානු වෙනස්‌ කිරීමේ අනතුරක්‌ ද ඉන් උදා වී ඇත. ලාංකීය පුරාවිද්‍යාවේ අඩුලුහුඬුකම් ප්‍රදර්ශනය කරවමින් රාඡ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යාඥ කණ්‌ඩායම අවම පහසුකම් යටතේ පර්යේෂණ කටයුතු කරති. එයිනුත් බහුතරය මධ්‍යම පාන්තික දූ දරුවන් ය. ඔවුන්ට ස්‌ථිර රැකියාවක්‌ හෝ නොමැත.

නමුත් ඔවුන් පුරාවිද්‍යාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක්‌ කිරීමට සූදානම් ය.
අවම පහසුකම් සහිතව දැඩි වෙහෙසකින්, කැප කිරීමකින් සිදුකරන හල්දුම්මුල්ලේ පුරාවිද්‍යාත්මක කැණීම් සාධක හල්දුම්මුල්ලට ඓතිහාසිකත්වය කැන්දයි. අනෙක්‌ අතට දැනට අනුමාන කරන කාලානුක්‍රමය විද්‍යාත්මකව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගය අනාවරණය කිරීමකි. යකඩ තාක්‍ෂණය භාවිත කළ ස්‌වතන්ත්‍ර ශිෂ්ඨාචාරයක කළල අවස්‌ථා නිරූපණය වීමකි. මෙය ලාංකීය අභිමානයට හේතුවනු ඇත.
ගෞරව ශාස්‌ත්‍රවේදී බටුවංගල සමිද්ධි හිමි

උපුටා ගැනීම -
http://www.divaina.com/2010/11/07/feature23.html

Saturday, April 9, 2011

දඬුමොණරය - 9

0

ත්‍රිපුර විමානය සහ ශකුණ විමානය

විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ
තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.


මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කිය
න්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.
මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්
න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.


මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ.
මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා


සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.

දැන් ඉතින් දඬුමොණර ගැන මම දන්න ටික ඔයාලට කියලා ඉවරයි. මම හිතනවා මේ සෙල්ලිපි සටහන් පෙළ මගින් ඔයාලට අපි සතුව තිබුණු පැරණි තාක්ෂණ ශිල්පයක් ගැන යම්තාක් දුරකට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/9.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2

දඬුමොණරය - 3

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණරය - 4

දඬුමොණරය - 5

දඬුමොණරය - 6

දඬුමොණරය - 7

දඬුමොණරය - 8

දඬුමොණරය - 9

  

දඬුමොණරය - 8

0

සුන්දර විමානය

මීට කලින් මම ලියපු ලිපියෙන් අපි 'රුක්ම විමාන' ගැන කතා කලානේ. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ 'සුන්දර විමාන' ගැනයි. එහෙනම් මුලින්ම අපි සුන්දර විමානයක රූපයක් අධ්‍යයනය කරලා ඉමු.



මේ යානයත් හැඩයෙන් රුක්ම විමානයකට ගොඩක් සමානයි කියලා බැලූ බැල්මටම ඔයාලට තේරෙන්න ඇති. බාහිර පෙනුම සමාන වුවත් සැකැස්ම අතින් නම් වෙනස්කම් දකින්න පුළුවන්. සුන්දර විමානයක පාදම හෙවත් 'පීත' ප්‍රදේශය කොටස් 8 කින් සමන්විත වෙනවා. ඒවා නම්;

1. භූමි තැටිය හෙවත් පහලින්ම පිහිටි පීත කොටස
2. ධූම කවුළුව
3. වායු ඇන්ජින් පහ
4. භූජ්‍ය නම් ලෝහ බටය
5. සුළං පංකාව
6. විදුලි උත්පාදක යන්ත්‍රය
7. සිව්මුහුණු තාපකය
8. බාහිර ආවරණය

මෙම සුන්දර විමාන වල පීත කොටස අනිවාර්යයෙන්ම රාජලෝහයෙන් සෑදිය යුතු අතර එය සතරැස් හෝ වෘත්තාකාර හැඩයක් විය යුතුව තිබුණා. පාදම වෘත්තාකාර වන්නේ නම් සාමාන්‍යයෙන් එහි පරිධිය අඩි 100ක් විතර වන ලෙස තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ගනකම නම් අඩි 8 ක් විතර වෙලා තියෙනවා.
මේ විමානය මධ්‍යයෙන් ඉහලට එසවුණු ප්‍රධාන කුඹගසක් පිහිටා තිබෙන බව රූප සටහනේ දැක්වෙනවා. මෙය හැඳින්වෙන්නේ 'නාලස්ථම්භ' නමින්. මෙය අඩි 56 ක් උසින් යුක්ත වන අතර විෂ්කම්භය අඩි 4 ක් විතර වෙනවා. යානය තුල විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන වායු වර්ග ගබඩා කර තබා ඇත්තේත් මේ කුඹගස පතුලේ පිහිටා ඇති ටැංකියකයි.


'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන්නේ මේ යානය ගුවන්ගත කරවීමට ඉන්ධනයක් ලෙස ජලය ද යොදාගත් බවයි. මෙහිදී අධික ලෙස රත් කළ ජල වාෂ්ප යොදාගෙන ඇති අතර ඊට අමතරව විද්‍යුත් කෝෂ මගින් විදුලි බලයද ලබාගෙන තියෙනවා. මේ විද්‍යුත් කෝෂ සවි කර ඇත්තේ යානයේ වම්පසට වන්නටයි.
යානය උඩට එසවීමේ කාර්යය සිදු කර තිබෙන්නේ 'වාතප්‍රසාරණ යන්ත්‍ර' නමැති යන්ත්‍රයක් මගින්. මෙම යන්ත්‍රය සෑදීමටත් විශේෂ ලෝහයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලෝහය 'වාතමිත්‍ර' කියලා තමයි හඳුන්වන්නේ. මෙයත් 'රාජලෝහය' වාගේම වෙනත් රසායනික ද්‍රව්‍ය රැසක් යොදාගෙන නිර්මාණය කරනු ලබන්නක්.

සුන්දර විමානයේ වේගය ගැන කතා කරනවානම්, මෙයට ඉතා කෙටි කාල පරාසයක් තුල සැතපුම් 3600 ක් දුර යාමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි සුළං පංකා වල භ්‍රමණ වේගය 'ලින්ක 2500 ක්' කියලා තමයි සඳහන් වෙන්නේ. 'ලින්ක' කියන ඒකකයේ ප්‍රමාණය නම් මට හොයාගන්න බැරිවුනා.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/8.html


 

දඬුමොණරය - 7

0

මේ වෙනකොට විමානයක මූලික කොටස් සහ එහි මූලික ක්‍රියා
කාරිත්වය මෙන්ම විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ක්‍රමවේද ගැනත් දැනගෙන ඉවරයි. ඒ කියන්නේ අපිට දැන් විමාන තාක්ෂණය ගැන සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් තියෙනවා කියන එකයි. ඉතින් මේ සෙල්ලිපි සටහනේ ඉඳන් අපි එක් එක් වර්ගයේ විමාන ගැන වෙන වෙනම කතා කරමු. මේ ලිපි පෙළේ මුල්ම ලිපියේ මම විමාන වර්ග වල නම් කීපයක් සටහන් කරලා තිබුණා ඔයාලට මතක ඇති. ඒවා අතරින් අද අපි කතා කරන්න යන්නේ 'රුක්ම විමානය' ගැනයි.

මුලින්ම අපි රුක්ම විමානයක් කියන්නේ කොයිවගේ යානයක්
ද කියලා බලමු. මේ පහළින් තියෙන්නේ රුක්ම විමානයක බාහිර පෙනුමේ දළ සටහනක්. ( රූපසටහන් සියල්ල උපුටාගෙන තියෙන්නේ අන්තර්ජාලයෙන් )

'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන විදිහට රුක්ම විමාන
යක් කියලා කියන්නේ රන්වන් පාට ගුවන් යාත්‍රාවක්. රුක්ම කියලා කියන්නේ රත්තරන් පාටටලු. මේ යානය රන්වන් පාට කිරීම සඳහා වර්ණ සාදාගෙන තියෙන්නේ 'රාජලෝහය' කියන ලෝහය මගින්. කිසියම් රසායනික ක්‍රියාවලියකට ලක් කිරීම තුලින් රාජලෝහයේ වර්ණය රන් පැහැයට ආසන්න පාටකට පත්කිරීමට හැකියාවක් තිබුණු බව කියැවෙනවා.

විමාන තාක්ෂණයට අනුව රුක්ම විමානයක් අනිවාර්යයෙ
න්ම රන් පැහැයෙන් නිපදවිය යුතු නිසා එවැනි යානාවක් නිර්මාණය කිරීමේදි කර තිබෙන මුල්ම කාරිය වෙලා තියෙන්නේ රාජලෝහයෙන් රන් පැහැය නිපදවීමයි. පැරණි ඉංජිනේරුවෝ මේ රන් වර්ණය නිපදවන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එයාලා මේ වර්ණය පිළියෙල කලේ කොහොමද කියලයි මං දැන් ලියන්න යන්නේ. මෙන්න මේවා තමයි ඒ අය පාවිච්චි කරලා තියෙන රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ අනුපාත....

ඇමෝනියම් ක්ලෝරයිඩ් කොටස් 4 යි. බෙන්සීන් කොටස්
18 යි. ඊයම් කොටස් 20 යි. මුහුදු පෙණ කොටස් 16 යි. අයන් පයිරයිට්ස් කොටස් 6 යි. යකඩ කොටස් 20 යි. රසදිය කොටස් 15 යි. ක්ෂාරත්‍රය (නැට්‍රොන්, සෝල්ට් පිටර්,බොරැක්ස්) කොටස් 28 යි. මයිකා කොටස් 20 යි. රිදී කොටස් 17 යි. ඇකොනයිට් කොටස් 8 යි. බෙංගාලි කඩල නම් ධාන්‍ය වර්ගය කොටස් 32 යි. සහ අවසාන වශයෙන් පස් ගෝ රස ඇති තරම් ප්‍රමාණයක්. ( පස් ගෝ රස අරගෙන තියෙන්නේ මිශ්‍රණයේ මෘදු බව වැඩි කරන්නලු ). සමහරවිට කට්ටියට මේ ද්‍රව්‍ය ගැන එච්චර අවබෝධයක් නැති වෙන පුලුවන්. හැබැයි chemistry දන්න අයටනම් ටිකක් තේරෙනවා ඇති.

කොහොමහරි මේ රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරලා සෙල්සි
යස් අංශක 800 ටත් වැඩි උෂ්ණත්වයකට රත් කරලා තමයි රාජලෝහය හදාගෙන තියෙන්නේ. ඇත්තටම රාජලෝහය කියන්නේ තනි ලෝහයක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් හදපු කෘත්‍රිම ලෝහයක්.

දැන් වර්ණ නිර්මාණය ගැන කතා කලා ඇති. ඉතුරු කොටස් ගැන
ත් කතා කරමු. රුක්ම විමානයේ යට කොටස හඳුන්වන්නේ 'පීත' කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 'කැස්බෑවෙකුගේ' හැඩයටලු. ඒ කොටස සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ අඩි 1000 ක් දිගට සහ අඩියක් ඝනකම වෙන ආකාරයටයි. ( ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද යානයේ ප්‍රමාණය ගැන ).

මේ තියෙන්නේ යානයේ හරස්කඩක දළ සටහනක්...


මේ රූපය හොඳින් නිරීක්ෂනය කළොත් ඔයාලට පෙනේවි ඉහල කොටසේ තියෙන සුළං පෙති දෙක. මේ රූපයේ පේන්නේ 2 ක් වුනාට ඇත්තටම මේ වගේ සු
ළංපෙති 4 ක් පිහිටලා තියෙනවා. ඒවා වේගයෙන් කරකවා වේගවත් සුළං ධාරාවන් පොළොව දෙසට යොමු කරලා තමයි යානය ඉහළට ඔසවලා තියෙන්නේ. මීට අමතරව චුම්බක ශක්තියත් පාවිච්චි කරලා තියෙනවා. කොහොමද අපේ පැරණි මුතුන්මිත්තන්ගේ වැඩ.... ඒ විතරක් නෙවෙයි, මේ අය විදුලි බලයත් යොදාගෙන තියෙනවා අර සුළං පෙති කරකවන්න. කොහොමහරි ඉහලට එසවුනු යානය ඉදිරියට චලනය කරලා තියෙන්නේ යානය වටේ දිශා හතරට යොමු වෙන විදිහට සවි කරල තිබුණු තවත් සුළං පෙති හතරකින් ලු. ඒ විතරක් නෙවෙයි, මේ විමානයට බොහොම ලොකු වේගයකුත් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කියනවානම් විනාඩි 24 ක් (සිංහල පැයක්) වැනි කාලයකදි සැතපුම් 250 ක් පමණ දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.

පහළින් තියෙන්නේ රුක්ම විමානයේ පාදම හෙවත් පීත කොටසේ රූප සටහනක්.....


දැන් රුක්ම විමානය ගැනත් ඔයාලට යම්
තරමක අවබෝධයක් තියෙනවානේ. එහෙනම් ඊළඟ සෙල්ලිපි සටහනෙන් තවත් විමාන වර්ගයක් ගැන කතා කරමු.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/7.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2

දඬුමොණරය - 3

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණරය - 4

දඬුමොණරය - 5

දඬුමොණරය - 6

දඬුමොණරය - 7

දඬුමොණරය - 8

දඬුමොණරය - 9



දඬුමොණරය - 6

1

අද ඉඳන් අපි කතා කරමු විමානයක සැකැස්ම ගැන. මං විමාන ගැන ලියපු මගේ මුල්ම සෙල්ලිපි සටහනේදී කියලා තිබුණ නේද විමාන වර්ග කීපයක් ගැන... ඒවා ගැන වෙන වෙනම ඊළඟ ලිපි වලින් කතා කරමු. අද ආරම්භයක් විදිහට, ඕනෑම විමානයක තිබිය යුතු මූලික යාන්ත්‍රන ගැන දැන ගනිමු. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ කියන විදිහට විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබිලා තියෙනවා. මේවයින් බොහොමයක නාමයන් මීට කලින් මම ලියපු ලිපි වලත් සඳහන් වෙලා ඇති. ඒත් ලිපි පෙළ සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මම යාන්ත්‍රණ 31 ම දැන් සඳහන් කරන්නම්.

1. විමානයෙන් පරිභාහිරව සිදුවන ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා වන 'විශ්වක්‍රියා දර්පනය'.
2. ශක්ති අවශෝෂණය සඳහා යොදා ගන්නා 'ශක්ත්‍යාකර්ශන දර්පනය'.
3. යානයේ වහලයේ පිහිටා ඇති පරිවේශ යාන්ත්‍රණය.
4. අංගෝපසම්භාර යාන්ත්‍රණය
5. විස්තෘතක්‍රියා යාන්ත්‍රණය
6. විරූප්‍ය දර්පනය
7. යානයේ ඉදිරිපස පිහිටා ඇති පද්මචක්‍රමුඛ යාන්ත්‍රණය.
8. යානයේ ඉදිරි ගෙල ප්‍රදේශයේ පිහිටා ඇති කුන්තිනි-ශක්ති යාන්ත්‍රණය.
9. යානයේ දකුණු පස පිහිටා ඇති පුෂ්පිණී දර්පනය සහ පිංජුල දර්පනය.
10. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති නාලපංචක හෙවත් නාල වර්ග පහ.
11. ගුහාගර්භ දර්පනය.
12. යානයේ වයඹ දෙස ඇති තමෝයන්ත්‍රය.
13. පංච වාතස්කන්ධ නාල.
14. රෞද්‍රී දර්පනය.
15. වාතස්කන්ධ කීලක.
16. යානය ඉදිරිපස සහ දකුණුපස පිහිටා ඇති ශක්තිස්ථාන යාන්ත්‍රණය.
17. යානයේ වම් පස පිහිටා ඇති ශබ්ද-කේන්ද්‍ර-මුඛ යාන්ත්‍රණය.
18. විද්‍යුත්වාදශක යාන්ත්‍රණය.
19. ප්‍රාණකුණ්ඩල යාන්ත්‍රණය.
20. ශක්ත්‍යුද්ගම යාන්ත්‍රණය.
21. යානය අයිනේ පිහිටා ඇති වක්‍රප්‍රසාරණ යාන්ත්‍රණය.
22. යානය මධ්‍යයේ පිහිටා ඇති ශක්තිපංජර යාන්ත්‍රණය.
23. යානයේ හිසෙහි පිහිටා ඇති ශිරහ්කීලඛ යාන්ත්‍රණය.
24. ශබ්දාකර්ෂක යාන්ත්‍රණය.
25. පාට-ප්‍රසාරණ යාන්ත්‍රණය.
26. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති දිශාම්පති යාන්ත්‍රණය.
27. යානයේ වහලය මධ්‍යයේ පිහිටා ඇති පටිකාභ්‍රක යාන්ත්‍රණය.
28. සූර්ය ශක්ති ආකර්ශක යන්ත්‍රය.
29. විෂ වායු නිකුත් කිරීමට යොදාගත් අපස්මාර යාන්ත්‍රණය.
30. ස්තම්භන යාන්ත්‍රණය.
31. ව්‍යශ්වානර නාල.

ඇත්තම කියනවානම් මටත් මේ යාන්ත්‍රණ වලින් බොහොමයකින් කෙරෙන්නේ මොකද්ද කියලා නම් තේරෙන්නේ නැහැ. ඒවා සම්බන්ධව වැඩි විස්තර හොයා ගන්නත් මට බැරි වුනා. ඒ උනත් මේවා මේ විදිහට හරි ලිව්වේ මේ ලිපි පෙළ සම්පූර්ණ කරන්න ඕනෑ නිසයි. සමහරවිට මේ ලිපි පෙළේ ඔයාලා කියවපු නීරසම ලිපිය මේක වෙන්න ඇති. කොහොම හරි ඊළඟ ලිපි නම් මීට වඩා ඔයාලගේ සිත් ඇද ගනියි කියලා මම හිතනවා. මොකද... ඒවායින් අපි කතා කරන්න යන්නේ විවිධ වර්ගයේ විමාන නිර්මානය කරපු හැටි ගැනයි. නිකම්ම නෙවෙයි රූප සටහන් ආදියත් එක්කම.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/6.html


 


දඬුමොණරය - 5

1

මම ඔයාලට කලින් කිව්වේ මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ විමානයක සැකැස්ම ගැන කතා කරන්න කියලානේ. ඒත් මට හිතුනා ඒක ගැන කතා කරන එක ඊළඟ සටහන දක්වා කල් දාන්න. මොකද දන්නවද... විමානාචාර්යවරු ගැන තව කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ විස්තර සටහන් කලේ නැත්නම් මේ ලිපි පෙළ අසම්පූර්ණයි කියලා මට හිතුණා. කොහොමත් විමාන තාක්ෂණය සම්බන්ධ කටයුතු වලදී පුරාණ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ විමානාචාර්යවරයා වෙතටයි. විමානාචාර්යවරයා ආරක්ෂා සහිතව ඉන්න තාක් කල් විමානයත් ආරක්ෂා වන බව ඒ අය හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසා අපේ සෙල්ලිපි සටහන් පෙළේත් වැඩි ඉඩක් විමානාචාර්යවරුන් වෙනුවෙන් වෙන්කරන්න අපිට සිද්ධවෙනවා. ඉතින් දැන් අපි අපේ සුපුරුදු මාතෘකාවට බහිමු.


අපි කලින් සෙල්ලිපි සටහන් වලින් කතා කලානේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රම ශිල්ප පිළිබඳව. ඒවා ඉගෙන ගත්තට විතරක්ම මදි. තවත් දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා අතරින් වැදගත්ම දෙයක් තමයි ඉහළ අහසේ තියෙන ස්වභාවික අනතුරු පිළිබඳව ඉගෙනගැනීම. විමානයක් වෙත එල්ල වුනු ස්වභාවික තර්ජන අතරින් දරුණුතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ අහසේ එක් එක් ප්‍රදේශ වල තිබුණු විවිධ වර්ගයේ සුළි කුණාටු වලින්. අපි දැන් ඒ එක් එක් සුළි කුණාටු වර්ග පිළිබඳව විස්තර හොයලා බලමු. අහසේ තියෙන 'රේඛාපත්ථ' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ ශක්ති සුළි කුණාටු. 'මණ්ඩල' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ වාත සුළි කුණාටු. 'කක්ෂ' නම් ප්‍රදේශයේ හටගන්නේ සූර්ය කිරණ නිසා ඇතිවන සුළි කුණාටු. 'ශක්ති' නම් ප්‍රදේශයේ හටගන්නේ ශීත වායු ධාරා නිසා ඇතිවන සුළි කුණාටු. අවසාන වශයෙන් 'කේන්ද්‍ර' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ විවිධ අංශු ගැටීම නිසා හටගන්නා සුළි කුණාටු. මේ විවිධාකාර වූ සුළි කුණාටු ගැන හොඳ අවබෝධයක් විමානාචාර්යවරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

දැන් අපි විමානාචාර්යවරයෙකුගේ නිල ඇඳුම ගැන කතා කරමු. ඍතු හතර සඳහා එක් එක් ඍතුව සඳහා ගැලපෙන නිල ඇඳුම් 4ක් ඔහුට තිබිලා තියෙනවා. මේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ කපු, සේද, හම්, කෙස්, මයිකා, පෙඳපාසි වැනි දේවලුයි. ඇඳුම මහන්න කලින් මේ ද්‍රව්‍යයන් ක්‍රියාවලි 25ක් යටතේ පිරිසිදු කිරීමකට ලක් කරලා තියෙනවලු. හිතාගන්න පුළුවන් නේද කොච්චර පිරිසිදුව සහ සියුම්ව වැඩේ කරලා තියෙනවද කියලා. ඉහල අහසේදී රියදුරාගේ සිරුර නිරෝගිමත්ව තියාගන්නයි මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ. මේ ඇඳුම් පිළියෙල කිරීම ගැන දීර්ඝ විස්තරයක් 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් මම ඒ ඔක්කොම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් මේ ලිපිය තව ගොඩක් දික් වෙන නිසා සහ ඒ විස්තරයේ තියෙන සමහර සංස්කෘත වචන වල සිංහල තේරුම් මම දන්නේ නැති නිසයි. කොහොමහරි මේ පිළියෙල කරනලද ඇඳුම විමානාචාර්යවරයාට ආරක්ෂිත කවචයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳුම මගින් ඔහුගේ කායික සහ මානසික ශක්තියද වැඩිකර තියෙනවා. සමහරවිට මේ ඇඳුමේ ශක්තිජනක ඖෂධ ගල්වා තිබෙන්නට ඇති.

ගුවන් ගමනකදී විමානාචාර්යවරයෙක් ගතයුතු ආහාර වර්ගද ඍතුව අනුව වෙනස් වෙනවා. වසන්ත සහ ගිම්හාන ඍතු වලදී ඔහුගේ ආහාර වට්ටෝරුව මීහරක් කිරි වලින් සෑදූ දියර වර්ග, බැටළු මස්, පරිප්පු වැනි ධාන්‍ය වර්ග ආදී ආහාර වලින් සමන්විත වෙනවා. වැසි කාලයේදී සහ සරත් ඍතුවේදී එම ආහාර වට්ටෝරුවට ඇතුලත් වන්නේ ගව කිරි වලින් සෑදූ දියර වර්ග, කුකුළු මස් සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයි. ශීත ඍතුවේදී එම ආහාර වට්ටෝරුව එළු කිරි වලින් සෑදූ දියර වර්ග, කුරුළු මස් සහ යව වැනි ධාන්‍ය වර්ග ලෙස වෙනස් වෙනවා. නමුත් විමානාචාර්යවරයා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය හෝ වෛශ්‍ය යන කුල වලට අයත් නම් ඉහත ආහාර වට්ටෝරුවෙන් මස් වර්ග ඉවත් කර තියෙනවා. මේ ආහාර වට්ටෝරුව නිවැරදිව යොදාගැනීමෙන් ඍතු විපර්යාස වලදී මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් 25කින් වැළකිය හැකි බව සඳහන් වෙනවා.

මම මේ විස්තර ලියන්නේ විමානාචාර්යවරුන් මුල් කරගෙන වුවත් ඔවුන්ට අමතරව තවත් මගීන් විමානයේ ගමන් කරන්නේනම් ඒ පුද්ගලයින්ද මේ ආහාර වට්ටෝරුවට පිළිපැදිය යුතුයි. විමානයක ගමන් කරන එක ටිකක් අමාරු වැඩක් කියලා මට හිතුනේ ආහාර ගන්න ඕනෑ වාර ගණන දැක්කහමයි. ගිහි පුද්ගලයෙක් ආහාර ගන්න ඕනෑ දවසකට දෙපාරයි හෝ එකපාරයිලු. තාපසයෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනෑ එක පාරයි. කම්කරුවන් සහ අනෙක් පුද්ගලයන් හතර පාරක් ආහාර ගත යුතු අතර යෝගීන් හැකි සෑම අවස්ථාවකම ආහාර ගත යුතුයි. විමානාචාර්යවරයෙකුට දිනකට පස් වතාවක් ආහාර ගන්න අවසර තියෙනවා. 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා ආහාර ගත යුතු වෙලාවන් ගැනත්.

ගිහි පුද්ගලයෙක් දවසට දෙවරක් ආහාර ගන්නවානම් පළමු වේල දිවා කාලයේ දෙවන යාමය අවසානයේත් දෙවන වේල රාත්‍රියේ පළමු යාමය අවසානයේත් ගත යුතුයි. එක් වරක් ආහාර ගන්නේ නම් ඒ ආහාර වේල තෙවන සහ සිව්වන යාම අතර කාලයේදි ගත යුතුයි (යාමයක් කියන්නේ පැය තුනක්). තාපසයින්ද තම ආහාර වේල එම කාලය තුලදී ගත යුතුයි. ආහාර වේල් 4ක් ගැනීමට අවසර ඇති අය වේල් 3ක් දිවා කාලයේ සහ එක වේලක් රාත්‍රී කාලයේ ගත යුතුයි. විමානාචාර්යවරුන් දිවා කාලයේදී ආහාර වේල් 3ක් සහ රාත්‍රී කාලයේදී වේල් 2ක් ගත යුතුයි. මෙම නියමිත ආහාර ප්‍රමාණයන් ගෙනයාමට විමානයේ ඉඩ පහසුකම් නැත්නම් ඒ ආහාර වල සාරය වෙන්කරගෙන පෙති හෝ ආහාර ගුලි ලෙස පිළියෙල කර රැගෙන යා යුතු බවද සඳහන් වෙනවා.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_19.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2

දඬුමොණරය - 3

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණරය - 4

දඬුමොණරය - 5

දඬුමොණරය - 6

දඬුමොණරය - 7

දඬුමොණරය - 8

දඬුමොණරය - 9

දඬුමොණරය - 4

0

අපි මේ දවස් වල සාකච්ඡා කරන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප පිළිබඳව නේ. මේ වෙනකොට අපි ඒවායින් ක්‍රම 22ක්ම දැනගෙන ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ 10යි. අද ඒ 10 ගැනත් දැන ගනිමු.


23. චාපල - මෙයත් ආරක්ෂිත උපක්‍රමයක්. සතුරු විමානයක් දුටු විටදී, අවට වාතය වේගයෙන් කලඹවා එම විමානය කම්පනය කරවීම මේ නමින් හැඳින්වෙනවා. මෙහිදී කැලඹුණු වායු තරංග වල වේගය පැයට වට 4087ක් පමණ වුණාලු.

24. සර්වතෝමුඛ - සතුරු විමානයන් රැසක් එකවර පැමිණෙන විටදී තම විමානය වේගයෙන් භ්‍රමණය කරමින් සෑම දිශාවකටම එකවර මුහුණලෑමේ ක්‍රමය මෙසේ හැඳින්වේ. මෙය සිදු කිරීමට විමානය මුදුනේ තිබූ යතුරක් භාවිතා කළ බව සඳහන් වෙනවා.

25. පාරශබ්ද ග්‍රාහක - විමානය තුල තිබිලා තියෙනවා වෙනත් විමාන වල සිදුවන කතාබහට සවන් දියහැකි උපකරණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ පැරණි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව අනුව. අතීතයේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හඳුන්වා තියෙන්නේ 'සෞදාමිණී කලා' යන නමින්. මේ යන්ත්‍රය ක්‍රියා කරවීමටත් ආචාර්යවරයෙකු ඉගෙනගත යුතුයි.

26. රූපාකර්ෂන - මේකත් අධිතාක්ෂණික උපකරණයක්. වෙනත් යානා තුල සිදුවන දේවල් රූපවාහිනී තිරයක් මතට ගෙන දර්ශනය කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබිලා තියෙනවා. අතීතයේදි මෙහෙම නිර්මාණ කොහොම කලාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි.

27. ක්‍රියාග්‍රහණ - විමානය ගුවනේ තිබෙන විටදී පොළොවේ සිදුවෙන දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය මෙසේ හැඳින්වෙනවා. මෙය කර තිබෙන්නේ මෙහෙමයි. මුලින්ම යානය පතුලේ පිහිටි යතුරක් භාවිතා කර සුදු පැහැති තිරයක් දර්ශනය වීමට සලස්වනවා. ඉන්පසුව යානයේ ඊශාන කොටසේදී විශේෂ අම්ල වර්ග තුනක් විද්‍යුත් ආරෝපණයකට ලක්කර හිරු එලිය සමග මිශ්‍ර කර 'ත්‍රී ශීර්ෂ' නම් දර්පනයට සම්බන්ධ නාලයක් හරහා යවා ඉහත කී තිරය දර්පනයක් බවට පත් කරනවා. එවිට එම දර්පනය මත පොළොවේ සිදුවන දේවල් දර්ශනය වුණාලු.

28. දික්ප්‍රදර්ශන - විමානය ඉදිරියේ පිහිටි යතුරක් මගින් 'දිශාම්පති යන්ත්‍ර' නම් යන්ත්‍රය ක්‍රියාත්මක කර සතුරු යානා පැමිණෙන දිශාව කල්තියා දැනගැනීමේ ක්‍රමය මෙසේ හැඳින්වේ.

29. ආකාශාකාර - මේක තවත් වෙස් වලාගැනීමේ ක්‍රමයක්. කළු පැහැති මයිකා ද්‍රාවණයක් තවත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර යානයේ පිටත බඳේ ආලේප කර හිරුඑලිය ඒ හරහා පරාවර්තනය කිරීමෙන් යානය සහ ආකාශය වෙන් කර හඳුනාගැනීමට අපහසු තත්වයට පත් කිරීම මෙහිදී සිදු වේ.

30. ජලදරූප - මේකත් කලින් ක්‍රමය වගේම ක්‍රමයක්. මෙහිදී කරන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් විමානයේ ආලේප කර එය වලාකුලක් සේ දිස්වන්නට සැලැස්වීමයි. මෙම රසායනික ද්‍රව්‍ය වලට දෙළුම් යුෂ, අබ කුඩු, මාළු කොරපොතු වලින් සෑදූ කසායක්, තඹ ලවණ, සිප්පි කටු වැනි දේත් යොදාගෙන තියෙනවා.

31. ස්ථබ්ධක - මෙහිදී 'අපස්මාර ධූම' නම් විෂ දුමක් ප්‍රතිවාදී විමාන වෙතට යොමු කර එහි ගමන් කරන්නන්ව සිහිනැති කිරීම සිදු කරනවා. යානයේ උතුරු දෙසින් පිහිටි නාලයක් හරහා මේ දුම යවන අතර එය සතුරු යානය දෙසට ප්‍රක්ෂේපනය කරන්නේ 'ස්ථම්භන යන්ත්‍ර' නම් යන්ත්‍රයක් මගින්.

32. කර්ෂන - මේක තමයි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු අන්තිම ක්‍රමවේදය. තම විමානය දෙසට සතුරු විමානයකින් ප්‍රහාරයක් එල්ල වන විටදී එම යානය වෙත අධික උෂ්ණත්වයකින් යුතු තාප ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කර දැමීම මෙසේ හැඳින්වෙනවා.

දැන් අපි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු ක්‍රමවේද 32 ම දැනගෙන ඉවරයි. මීට අමතරව අහසේ පිහිටි ප්‍රදේශ 5 ක් පිළිබඳවද විමානාචාර්යවරයෙක් දැනසිටිය යුතුයි. ඒ ප්‍රදේශ 5 මෙසේ හැඳින්වෙනවා.

1. රේඛාපත්ථ
2. මණ්ඩල
3. කක්ෂ
4. ශක්ති
5. කේන්ද්‍ර

'වාල්මිකී ගණිතය' නම් පොතෙහි සඳහන් වෙන විදිහට රේඛාපත්ථ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්, මණ්ඩල ප්‍රදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 20,900,300ක්, ශක්ති ප්‍රදේශය තුල ගුවන් මාර්ග 1,001,300ක් සහ කේන්ද්‍ර ප්‍රදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතිනවා.
'වෛමාණික ශාස්ත්‍ර' පොතේ තියෙන විදිහට මේ ගුවන් ප්‍රදේශ පහ තුල වෙනත් ලෝක හතකට යා හැකි ගුවන් මාර්ගත් 519,800 ක් තිබිලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් ගොඩක් නේද... ඒ ලෝක හත මෙසේ හැඳින්වෙනවා.

1. භූලෝක
2. භූවර්ලෝක
3. සූවර්ලෝක
4. මහෝලෝක
5. ජනෝලෝක
6. තපෝලෝක
7. සත්‍යලෝක

මම නම් මීට කලින් මෙහෙම ලෝක ගැන අහලා නැහැ. සමහරවිට වෙනත් ජීවීන් වාසය කරන මේ වෙනකොට අපි නොදන්නා ග්‍රහලෝක වෙන්න ඇති. ඒ කියන්නේ අතීතයේදී පෘථිවිවාසීන් වෙනත් ලෝක වල සිටින ජීවීන් සමගත් ගනුදෙනු කර ඇති බවට සාධකයක් විදිහට මෙය සලකන්න පුළුවන්.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_18.html

දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9


 


දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

0

දඬුමොණරය - 3

0

ඉතින් මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප
32 ගැන නේ. දැනට අපි ක්‍රමශිල්ප 10ක් ගැන දැනගෙන ඉවරයි. අද අපි තවත් ක්‍රමශිල්ප කීපයක් ගැන දැනගනිමු.


11. විස්තෘත - මේ කියන්නේ විමානයේ ප්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව 'ආකාශතන්ත්‍ර' ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක්‍රියාත්මක කිරීමෙන් යානය ප්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.

12. විරූප කරණ - 'ධූම ප්‍රකරණය' නම් ක්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර 'පද්මක චක්‍ර' නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ 'විරූප්‍ය දර්පන' යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ 'බහිරවී තෛලය' නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක්‍රමය තමයි 'විරූප කරණ' කියලා හඳුන්වන්නේ.
පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.

13. රූපාන්තර - මේකත් 'විරූප කරණ' වගේම ක්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංඟාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද්‍රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ්‍ර කිරීමෙනුයි.

14. සුරූප - විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක් 'පුෂ්පිණී පිංජුල දර්පන' නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින hologram නම් තාක්ෂණයට සමාන ක්‍රමයක් කියලයි.

15. ජ්‍යෝතීර්භාව - අංශුබෝධිනී නම් ක්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති 'මයූඛ' නම් ප්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7 වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(tubes) 5 ක් හරහා 'ගුහා ගර්භ දර්පන' නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලු. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි 'ජ්‍යෝතීර්භාව' නමින් හැඳින්වෙන්නේ.

16. තමෝමය - දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ 'තමෝ යන්ත්‍ර' නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.

17. ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.

18. විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක් ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.

19. තාර - මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක්‍රමයක්. තාරකා පිරුණු රාත්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලුම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.

20. මහාශබ්ද විමෝහන - වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල 7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලු.

21. ලංඝන - වායු තත්ව ප්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලු. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.

22. ශාර්ප ගමන - විමානය සර්පයෙකු ලෙස සිග්-සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි. මීට අමතරව 'දණ්ඩවක්ත්‍ර' නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා.

අපි මේ වන විට විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ශිල්පක්‍රම 32 න් 22 ක් පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. ඉතුරු ක්‍රම 10 ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ශිල්පක්‍රම 32 පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ එක් එක් වර්ගයේ විමාන ගැන හා ඒවායේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කරන්න පටන් ගනිමු.

උපුටා ගැනීම
- http://sellipiya.blogspot.com/2009/09/blog-post_16.html


දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9
 

 


දඬුමොණරය - 2

2

මේ පාර මම ලියන්න අදහස් කරන්නේ රථාචාර්යවරයෙක් ඉගෙනගත යුතුව තිබුණු තාක්ෂණික ක්‍රම 32 ගැනයි. මේ ක්‍රම අතරට විමානයක් නිර්මාණය කරන අයුරු, විමානයක් අදෘශ්‍යමාන කරන අයුරු, ප්‍රතිවාදි විමානයන් විනාශ කරන අයුරු ආදී වශයෙන් රහස්‍ය ක්‍රමවේද රැසක් අඩංගු වෙනවා. දැන් ඉතින් අපි මේ ක්‍රමවේද 32 එකින් එක අරගෙන බලමු.


1. මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.

2. තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා. ඒත් තාන්ත්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.

3. ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.

4. අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.

5. ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.

6. දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.

7. අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.

8. පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.

9. අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.

10. සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.

තවත් තාක්ෂණික ක්‍රම 22 ක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ ක්‍රම ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. මේ පෝස්ට් එක ගැන ඔයාලගේ අදහස් දක්වන්න. ඒ අදහස් ගොඩක් වටිනවා.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_66.html



දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9
 



දඬුමොණරය - 1

3

උදිත සේනාරත්න

දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.

දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.
අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. පහලින් තියෙන්නේ රුක්ම විමානයේ හැඩයට නිර්මාණය කරපු computer graphic එකක්.





අපේ හිත් වල ඇඳිලා තිබුණු විමානයේ ස්වරූපයට වඩා වෙනස් රූපයක් නේද මේක...! හුඟක් ඉස්සර මේ වගේ වාහන අහසින් ගමන් කරලා තියෙනවා.
අපි බලමු මේ 'විමාන' කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංස්කෘත වලින් 'වි' කියලා කියන්නේ පක්ෂියාට. 'මාන' කියලා කියන්නේ අනුකරණය කිරීමට. එතකොට විමාන කියල කියන්නේ පක්ෂියෙක්ව අනුකරණය කරමින් ගමන් කරන වාහනයකට. මේ අර්ථ දැක්වීම තියෙන්නෙත් 'වෛමානික ශාස්ත්‍ර' කියන පොතේ.
විමාන ගැන කතා කරනකොට ඒක පදවන රියදුරා ගැනත් කතා කරන්නම ඕනේ. මේ රියදුරා හඳුන්වන්නේ 'රථාචාර්ය' නැත්නම් 'ආචාර්ය' කියලා. ආචාර්යවරුන්ගේ රාජකාරි හා හැකියා මට්ටම අනුව තනතුරු හතක් තිබිලා තියෙනවා. ඒ තනතුරු හත තමයි මේ..

1. නාරායන
2. ෂෞනක
3. විශ්වාම්බර
4. ගර්ඝ
5. වාශස්පති
6. චක්‍රයානි
7. ධුන්දිනාථ

මේ තනතුරු අතරින් විශ්වාම්බර කියන තනතුරට පත් වූ ආචාර්යවරයෙකුට පමණයි විමානයක් රටකින් රටකට පදවන්න හැකියාව තිබිලා තියෙන්නේ. දක්ෂ 'විශ්වාම්බර'යකුට එක ලෝකයකින් තවත් ලෝකයකටත් විමානය පදවන්න පුළුවන්කම තිබිලා තියෙනවලු.

කොහොමවුණත් කිසියම් පුද්ගලයෙකුට විමානාචාර්යවරයෙකු වෙන්න අවශ්‍යනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙලා තියෙනවා පුරාණ ගුවන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු 32 ක් ඉගෙන ගන්න. මේ කරුණු 32 හොඳින්ම ඉගෙන ගත්තු අයට විතරලු විමානයක් පදවන්න අවසර තිබිලා තියෙන්නේ. හැබැයි මේ පුරාණ ගුවන් තාක්ෂණය අද කාලේ තියෙන තාක්ෂණයට වඩා ගොඩක් වෙනස් එකක්. පුරාණ ආචාර්යවරුන්ට විමානය පදවන්න කලින් මන්ත්‍ර ශාස්ත්‍රය පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_13.html



දඬුමොණරය - 1
දඬුමොණරය - 2
දඬුමොණරය - 3
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණරය - 4
දඬුමොණරය - 5
දඬුමොණරය - 6
දඬුමොණරය - 7
දඬුමොණරය - 8
දඬුමොණරය - 9
 

Wednesday, April 6, 2011

මහකුඩුගල

1

රාවන සිරුර නොදිරන ලෙස බෙහෙත් ගල්වා මහකුඩුගල කන්දෙ තැන්පත් කරලා තියෙන බව නුවර එළිය ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රවාදයක් තියෙනවා. මේ
ක නාග ගෝත්‍රිකයො කරපු වැඩක් කියලයි පිලිගැනෙන්නෙ. මේ කවියෙනුත් ඒ බව තහවුරු වෙනවා.


"කිකිළිගෙ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙක්ගෙ රුව ඇටිපොල කදු මුදුනේ
ඊ තලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ"

උපුටා ගැනුම - http://www.dinamina.lk/2011/01/11/_art.asp?fn=f1101113&p=1


Tuesday, April 5, 2011

හැඳින්වීමක්

5

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කා
ව්‍යයක් වන ‘රාමායනය’ හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද මග පාදයි.


මේ ග්‍රන්ථයන්ට අනුව රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රා
වකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. -නමුත් සමහරක් පුරාණ කලා නිර්මාණ වල රාවණා සැබවින්ම හිස් දහයක් හා අත් විස්සක් සහිත අද්භූත ආකාරයකින් ඇඳ දක්වා තිබේ. - විකල්ප මතධාරීන්ගේ අදහස් දැක්වීමට අනුව රාවණා යනු පංචේන්ද්‍රියන්ට ඊට අදාළ හැඟීම් නැති, වෙනත් බලවේගයන් මගින් පාලනය වූ කෙනෙකි. ඔවුනට අනුව රාමා ඊට ප්‍රතිවිරුද්ධ ලෙස තම අඟපසඟ හා හැඟීම් තමා රිසිසේ හසුරුවා ගත හැකි අයෙකි. ‘අථර්ව වේද’ නම් පුරාණ හින්දු ග්‍රන්ථයේ ‘දශාග්ව’ (දස-හිස්) හා ‘නවාග්ව’ (නව-හිස්) ලෙස සඳහන් වී තිබෙනු දක්නට ලැබේ. මේ පූර්ව ග්‍රන්ථයන්ගේ ආභාෂයෙන් රාමායනයේ චරිත තුලට මේ දස-හිස් වර්ණනය පැමිණෙන්නට ඇතැයි සැලකේ.

රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු
සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

මූලය:

රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී ‘රා’ යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර ‘වණ’ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්
න සංකේතවත් වේ. ඒ අනුව රාවණ යන්නෙන් ‘සූර්ය වංශික’ යන අර්ථය දේ. රාවණා රජු හැඳින්වීමට දසිස් රාවණ, රාවන්, රවුලා, ලංකේෂ්වර, රාවනේෂ්වර ආදී නම් ද භාවිත වේ.

උපත :

මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) හා ඔහුගේ බිරිඳ වන ‍ෛකකේසී නම් ධෛත්‍ය මහේෂිකාවට දාව රාවණ කුමරු උපත ලැබීය. ඔහුගේ සීයා වන පුලස්ත්‍ය මහ බ්‍රහ්මයාට දාව උපන් ප්‍රජාපතී (මනසින් උපන්) පුත්‍රයින් දස දෙනාගෙන් අයෙකි. එමෙන්ම ඔහු මහා සෘෂීන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙසද සැලකේ. ඔහු දේවගණ ගෝත්‍රයට අයත් වන නිසා
රාවණ‍ා ද ඒ ගණයේ සැලකේ. රාවණාගේ මව වන කෛකේසිගේ පියා වූයේ ධෛත්‍යයන්ගේ රජ වූ සුමාලි (සුමාලය) රජතුමායි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ දියණිය වන කෛකේසි මනුෂ්‍ය වර්ගයා අතර බලවත්ම පුරුෂයා සමග විවාහ කරවීමටයි. කෛකේසි අතින් බොහෝ රජවරුන් ප්‍රතික්ෂේප විණි. අවසානයේ සෘෂීන් අතර බලවන්තයන් සොයා බැලූ ඇය සිය ස්වාමියා වශයෙන් මහා සෘෂි වෛශ්‍රවන තෝරා ගත්තීය. (වෛශ්‍රවණ ඒ වන විටත් කුබේර ගේ පියා විය.)


ඒ අනුව බැලීමේ දී රාවණ පිය පාර්ශවයෙන් බ්‍රාහ්මණ ගෝත්‍රය
ට ද මව් පාර්ශවයෙන් ධෛත්‍ය (රාක්ෂස) ගෝත්‍රයට ද නෑකම් කියයි. රාමා විසින් මහා බ්‍රාහ්මණයෙක් ලෙස රාවණා හට ප්‍රශංසා කර ඇති අතර බ්‍රාහ්මණයෙක් වන රාවණා මැරීම සඳහා රාම විසින් අශ්වමේධ යාගය සිදු කළ බව සඳහන් වේ.

විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. එමෙන්ම කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. පසු කලෙක සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ මේ සොහොයුරියයි.

තරුණ කාලය :


ආක්‍රමණශීලී හා උද්ධච්ඡ ගති ප්‍රකට කළත් රාවණා යනු ඉතාමත් දක්ෂ, ප්‍රඥාවන්ත දරුවෙක් බව ඔහුගේ පිය වූ වෛශ්‍රවණ මුනිවරයා හට වැටහිණි. මේ නිසා රාවණාට වෛශ්‍රවණ භාරයේ රැඳී වේදය හා අනෙකුත් ශුද්ධ වූ ග්‍රන්ථයන් ද, කලා ශිල්ප හා විද්‍යා ශාස්
ත්‍රයන් ද, ක්ෂිත්‍රියයන් (රාජකීයයන් / රණ ශූරයන්) විසින් උගත යුතු, ප්‍රගුණ කළ යුතු වූ සියළුම හරඹයන් ද හැදෑරීමට අවස්ථාව උදාවිය. ඔහු මේ සියල්ල ඉතා හොඳින් උගත්තේය. එමෙන්ම රාවණා යනු ඉතා විශිෂ්ඨ ගණයේ වීණා වාදකයෙක් ද වේ. පසු කාලීනව ඔහුගේ නිළ ඡත්‍රයේ (කොඩියේ) පවා වීණාවක රූපයක් අඩංගු වූ බව කියැවේ.


මේ අතරතුර රාවණාගේ මව වූ කෛකේසි දේවියගේ පියතුමා වූ සුමාලි රජුගේ අභිප්‍රාය වූයේ ධෛත්‍ය වංශිකයන්ගේ ආචාර ධර්මයන් ආරක්ෂා කර ගනිමින් රාවණා තම ගෝත්‍රය තුළ රඳවා තබා ගැනීමටයි. රාමායනය පවසන පරිදි වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, රාජස්ථාන් සිට මාතුරා හි දකුණින් පිහිටි දිල්ලියත් සමග ගුජරාටයත් ඇතුලත් වන පුරාණ යාදු කලාපය සමගත් රාවණා හට කිට්ටු සබඳතාවයක් තිබී ඇත. එමෙන්ම රාමාගේ බාල සොහොයුරා වූ ශැතෘග්ණ විසින් මරණයට පත් කරන ලදුව සිය පාලනයට යටත් කර ගත් ලවණසුර නොහොත් රා
ක්ෂසයන් සමග ද රාවණාගේ ඥාතී සම්බන්ධතාවයක් තිබූ බවට විස්වාශයක් ඇත.

එසේම රාමායනය ඇතුළු පුරාණ ග්‍රන්ථයන්ට අනුව යාඩු කලාපයේ සිටි ‍ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් වන කර්තවීර්ය අර්ජුන් නම් රජු විසින් නර්මදා ගං ඉවුරේදී ශිව ලිංගය වන්දනාමාන කරමින් හා යාගහෝම පවත්වමින් ලබාගත් බලයක් මගින් රාවණා රජු යටත් කොට තබාගත් බව සඳහන්ය. කෙසේ වුවත් රාමායනයේ සඳහන් වන ලෙසට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාවණා යනු මනුෂ්‍යයන් හෝ අසුරයන් අතර අසමසම පුද්ගලයෙ
ක් වූ බවයි.

තපස් ව්‍රතයන් :

පෙර කියන ලද ප්‍රාථමික අභ්‍යාසයන් සියල්ලම නිම කිරීමෙන් පසු රාවණා විසින් මහා බ්‍රහ්මයා වෙනුවෙන් වූ උග්‍ර තපස් ව්‍රතයකට එළඹියේය. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්‍රතය පුරන ලදී. තමා කෙතරම් හොඳින් ව්‍රතයන් පිරුවත් මහා බ්‍රහ්මයා තමා ඉදිරි‍ෙය් පෙනී නොසිටි නිසා කෝපයට පත් රාවණා විසින් සිය හිස කපා දමන ලද බව සඳහන්ය. හිස කපා දැමූ පසු
නැවතත් හිසක් පැන නැඟි අතර මේ ආකාරයෙන් දස වාරයක් ම ඔහු තම හිස කපා දැමීය. ඒ සෑම වාරයකදීම අළුතින් හිසක් පැන නැගී ඔහුගේ තපස් ව්‍රතය දිගටම කරගෙන යාමට අවස්ථාව උදාවිය.

දස වන වාරය අවසානයේ මහා බ්‍රහ්මයා රාවණාගේ ව්‍රතය පිළිබඳ තෘප්තිමත්ව සතුටට පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටින ලදී. මෙහිදී මහා බ්‍රහ්මයා විසින් රාවණා වෙත වරයක් ප්‍රදානය කරන ලදී. රාවණා ඉල්ලා සිටියේ තමාට අමරණීයභාවය ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ඒ වෙනුවට සදාකාලික භාවයේ දිව්‍යමය අමෘතය රාවණා හට ලබා දෙන ලදී. මෙම අමෘතය අඩංගු බඳුන රාවණාගේ නාභියට (බඳ පටියට) යටින් රඳවා තබා තිබුනු බවත් මේ අමෘත පානය අවසාන වන තුරු රාවණා අභිබවා යෑමට නොහැකි බවත් පැව
සේ.

මෙම වරය ලැබීමෙන් පසු මීලඟට රාවණා ඉල්ලා සිටියේ දෙවියන්ට, දිව්‍ය ආත්මයන්ට, අමනුෂ්‍ය ආත්මයන්ට, සර්පයන් හෝ අනෙකුත් චණ්ඩ වන මෘගයන්ට තමාට හානියක් ‍නොකළ හැකි ආකාරයේ හා තමාට ඒ සියල්ලන් කෙරේම ආධිපත්‍ය පැතිරවිය හැකි
ආකාරයේ වරයක් ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා විසින් මේ වරයත් ඔහුට ලබා දුන් අතර මේ සියල්ලටම අමතරව තමා වෙනුවෙන් රාවණා විසින් සිඳින ලද හිස් දහය වෙනුවෙන් දිව්‍යමය ආයුධ හා යන්ත්‍ර-මන්ත්‍රාදී ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ වූ අනන්ත ඥානයද සමග අති මහත් ශක්තියක්ද ප්‍රදානය කරන ලදී. මේ නිසා රාවණා දශමුඛ ලෙස හැඳින්වී යැයි පැවසේ.

ලංකාපති රාවණා :

මහ බ්‍රහ්මයා ගෙන් ඉහත කී වරයන් ලබා ගැනිමෙන් පසු රාවණා මහා බල සම්පන්න භාවයකට පත් විණි. ඔහුගේ මීලඟ අපේක්ෂාව වුයේ තම මවගේ පියා වු සුමාලි රජුගේ හමුදා බලඇණියේ නායකත්වය ගැනීමයි. එයින් පසුව ඔහුගේ අවධානය යොමු වුයේ ලංකා පුරය අල්ලා ගැනීමටයි.

ලංකාව වනාහි කාව්‍ය විෂයානුඅතික්‍රාන්ත වු රමණීය පුරවරයකි. මේ උත්කෘෂ්ඨ පුරය දිව්‍ය භාණ්ඩාගාරික වු කුබේරයන් (කුවේර) හට විශ්වකර්ම දිව්‍ය ප්‍රත්‍රයා විසින් නිමකර දෙන ලදී. කුබේර විසින් ඉතා නිර්ලෝභි ලෙස තමා සන්තක සියල්ලම රාවණා හා ඔහුගේ සෙසු සොයුරු සොයුරියන් සමග බෙදා හදා ගෙන සිටි මුත් රාවණා හට ලංකාව තම පුර්ණ ආධිපත්‍ය යටතේ තබා ගැනීමට අවශ්‍ය විය. කුබේර යනු රාවණාගේ පියා වු වෛශ්‍රවණයන්ගේ වෙනත් බි
රිඳකගේ ප්‍රත්‍රයා වේ.

ඒ අනුව කුබේර හා රාවණා යනු එකම පියා ගේ පුත්‍රයන් වන අතර එනිසාම අර්ධ සොහොයුරන්ද වේ. එය එසේ වුවත් රාවණා විසින් ලංකා පුරය බලෙන් ලබා ගන්නා බවට කුබේරට තර්ජණය කරන ලදී. මෙහිදී ඔවුන්ගේ පියා වු වෛශ්‍රවණ විසින් කුබේරට උපදෙස් දුන්නේ රාවණා දැන් අභිබවා යා නොහැකි තරම් බලවන්තයෙක් වන නිසා ලංකා පුරය ඔහුට ලබා දීම සුදුසු බවයි.

රාවණා විසින් ලංකාව බලහත්කාරයෙන් මෙන් ලබාගත්තා වුවද ඔහු ලංකාපුර වැසියන්ට කරුණාවන්ත මෙන්ම කාර්යශුර පාලකයෙක් ද විය. ඔහුගේ පාල
නය යටතේ ලංකාව ඉතා සමෘද්ධිමත් වුණු අතර එය විස්තර කොට දක්වන්නන් පවසන පරිදි ලංකා පුරයේ දිලිඳුම ගෙවල්වල පවා භාජන උතුරා යන තරම් රත්රන් තිබූ බව කියවේ. නගර වැසියන්ට කෑමෙන් බීමෙන් කිසිදු අඩුපාඩුවක් නොතිබුනු අතර බඩගින්න යනු ලංකාපුර වැසියන් නොදත් වචනයක් බවට පත්ව තිබිණි.

කෛලාසය යට සිටින රාවණාගේ මූර්තියක්


ශිවගේ අනුගාමිත්වයට පත්වීම :


ලංකාව අත්පත් කරගැනිමෙන් පසුව රාවණා මීලඟට පැටලුනේ ශිව සමගයි. ඔහුගේ වාස භවනය වු කෛලාශ කූටයේදි සටනට එළඹි රාවණාට ආ හදිසි කල්පනාව වුයේ කෛලාශ කූටය මුලිනුදුරා විසි කොට දැමීමටයි. අහංකාර රාවණාගේ මෙම ප්‍රකෝපකාරී ගැහැට කිරීම් නිසා කෝපයට පත් ශිව කලේ ඉතා වේදනා උපදවන පරිදි කෛලාශය මත තිබු ඔහුගේ පයේ සුළැඟිල්ලෙන් රාවණා පාගා දැමීමයි. මේ ආකාරයට රාවණා හට කෛලාශ කූටය යටට වී ශිවගේ පයට පෑගී දඬුවම් විඳීමට සිදුවිය. මේ අතර ශිවගේ අනුගාමිකයන් විසින් රාවණා ගැටුනේ කවරාකාරයේ පුද්ගලයෙක් සමගද යන්න පහදා දුන් අතර තම වැරැද්ද ගැන රාවණා පසු තැවෙන්නට විය.

ශිව දේවයන් වර්ණනා වන පරිදි රාවණා විසින් ගීතිකාවන් තනා ගායනා කරන්නට යෙදුනු ‍ අතර ශිවගේ බන්ධනයෙන් මිදෙන තුරු වර්ෂ ගණනාවක් රාවණා හට මෙසේ සිටීමට සිදුවූ බව පැවසේ. රාවණාගේ යටහත් පහත් භක්තිවන්ත භාවය නිසා පැහැදීමට පත් ශිව විසින් ඔහුට චන්ද්‍රහස් නම් දිව්‍යානුභාව ඇති අසිපත ලබා දෙන ලදී. රාවණා ශිවගේ දණ්ඩනයට යටත්ව කඳු පර්වතයන්ට යට කරද්දී ඔහු කෑ ගසා හඬ නැඟූ ආකාරයට මහා පොළව පවා කම්පා වු බව පැවසේ. “මහා භයංකර ගර්ජණය” යන අරුතින් ‘රාවණා’ යන නම යෙදුණු බව සැලකේ. රාවණා දිවි ඇති තුරාවටම ශිව දේවයන්ගේ භක්තිමත් අනුගාමිකයෙක් වු අතර ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍ර නම් බැති ගීතිකාව රාවණා විසින් ශිව දේවයන් උදෙසා රචනා කරන ලදී . මහා බ්‍රහ්මයාගෙන් ලද අමෘත පානය හේතුවෙන් අමරණියත්වයට පත් වි සිටි රාවණා ශිව වෙතට ගොස් ඔහු පිනවීම උදෙසා තම හිස සිඳ දමා එය ශිවට පුජා කරන ලදී. ශිව විසින් නව හිසක් ප්‍රතිෂ්ඨාපනය කරණ ලදී. මේ ආකාරයට නව වතාවක්ම සිදුවු අතර රාවණාගේ භක්තිවන්ත භාවය පිළිබඳ ශිව ඉතා පැහැදීමට පත් විය. මේ සිද්ධිය නිසා දශ-ශීර්ෂ යන නාමය යෙදුණු බව සඳහන් වේ.

තුන්ලෝකාධිපති රාවණා:

මේ වන විට රාවණාගේ බල පරාක්‍රමය බිය උපදවන තරමටම වැඩී වර්ධනය වී තිබිණි. සංග්‍රාම දාමයකින් පසුව දිව්‍ය, මනුෂ්‍ය, යක්ෂ යන තුන් ලෝකයම රාවණා විසින් දිනා ගන්නා ලදී. පාතාල ලෝකය ද සම්පුර්ණයෙන්ම යටත් කෙරිණි. තම බාල සොහොයුරා වු අහිරාවණ රජ තනතුරේ පිහිට වු රාවණා තුන් ලොවටම අග්‍රාධිපති ලෙස අසුරයන් පාලනය කලේය. නිවාතකවච හා කලාකීය නම් වූ ගෝත්‍රයන් දෙක සමග සමගි සම්මුතියකට එළඹියේ ඔවුන් රාවණා‍ගේ ඥාතීන් වීම නිසා ඔවුන් අභිබවා යටත් කරගැනීමට නොහැකි නිසාවෙනි.

මේ ආකාරයෙන් දීර්ඝ සංග්‍රාම මාලාවකින් ඉක්බිති රාවණා සමස්ථ අසුර ලෝකයේම අධිරාජ්‍යයා වශයෙන් කිරුළු පැළඳීය. රාමායනයේ දැක්වෙන කාලය වන විට, එනම් අවුරුදු සිය ගණනකට පසුව කාලයේදී රාවණා විසින් සියළුම දිව්‍ය හා මනුෂ්‍ය වර්ගයා වෙත සිත ආධිපත්‍ය පතුරුවා සිටි බව පැහැදිලි වේ. රාවණා කෙතරම් අනභිබවනීය ලෙස බලසම්පන්නව සිටියාද යත් ඔහුට තමාට අවශ්‍ය පරිදි හිරුගේ නැගීම - බැසීම පවා පාලනය කළ හැකිව තිබුණු බව පැවසේ.....

උපුටා ගැනීම - http://chathucn.blogspot.com/2011/02/blog-post_24.html#more


 

..