Monday, May 30, 2011

සිව්හෙළේ පළමු රජු

2

මහා සම්මත මනු රජ


සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.

මේ රටේ මුල් යුගයේදී රටට රජ කෙනෙක් නොසිටිය අතර එයට පිළිතුරක් යක්ෂ ගෝත්රිනකයින් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් යැවුණු අතර ‍දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.
අනබෙරය
සියලු අංගං සටන් දන්නා,සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා ඉහත අණබෙරයට සවන් දුන් රුහුණේ ගොවියෙක් වූ මනු නැමැත්තා මඩ සෝදාගෙන පැමිණ දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි. මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු ලෙස බිහිවෙයි.

අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ වීම වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' මන්නාරමට ආසන්නව පිහිටා තිබීම වැනි සාධක නිසා මන්නාරම යනු ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කළ හැකියි. මේ පිළිබඳව "වර්ගපූර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ මේ බව සඳහන් වේ.


මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

කෝලම් වලදී භාවිතා වන චරිත කිහිපයක්

 
මනු රාජවංශය
මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත. රාජාවලියේ ද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.
  1. මහා සම්මත මනු
  2. රෝජ
  3. වරරෝජ
  4. කල්‍යාණ
  5. වරකල්‍යාණ
  6. උපෝසථ
  7. මහා මන්දාතු
  8. වරමන්දාතු
  9. චේතිය
  10. චේතියගේ පලමු පුත්‍රයා
  11. චේතියගේ දෙවන පුත්‍රයා
  12. චේතියගේ තෙවන පුත්‍රයා
  13. චේතියගේ සිව්වන පුත්‍රයා
  14. චේතියගේ පස්වන පුත්‍රයා
  15. මහා මුචලින්ද
  16. මුචලින්ද
  17. පළමුවන සාගර
  18. දෙවන සාගර
  19. භරත
  20. රුචි
  21. සුරුචි
  22. පතාප
  23. මහා පතාප
  24. පහද
  25. සුදස්සි
  26. නෙරුප
  27. මහා නෙරුප
  28. අසිරිමත්

බෞද්ධ සාහිත්‍ය තුළ ද සඳහන් වන ආකාරයට, මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණ අතර දකුණු ඉන්දියාව ද හෙළ අධිරාජ්‍යයේ කොටසක් ලෙස පාලනය වී ඇත. රාවණා නැමැති කුලයක් අදත් දකුණු ඉන්දියාවේ දක්නට ලැබීම, රාවණා ඇදහිල්ල හා රාවණා විසින් නිර්මිත ශිව තාන්ඩව ස්තෝත්‍රය ඉන්දියාවේ අදත් භාවිතා වීම වැනි සාධක එයට සාක්ෂි දරයි. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපැහැසිදි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විස‍ඳෙනු ඇත.
 
සිංහල බෝධි වංශය
 
මේ පිළිබඳව සිංහල බෝධි වංශයෙහි සඳහන් වන්නේ මෙසේය.
" ...ඒ මහා සම්මත නම් රජහු පිත් රෝජ නම් වී යැ. රෝජයා පිත් වර රෝජ නම් වී යැ. වරරෝජයා පිත් කල්යානණ නම් වී යැ. කල්යා ණයා පිත් වරකල්යාරණ වී යැ. වරකල්යා ණයා පිත් උපෝසත නම් වී යැ. ඔහු පිත් කාමභෝගිනට අග්රව වූ මහා මන්ධාතු නම් වී යැ. මහා මන්ධාතු නරපතිහු පිත් වර නම් වී යැ. චරයා පිත් උපචර නම් වී යැ. උපචරයා පිත් චේතිය නම් වී යැ. ඔහු පිත් මුවල නම් වී යැ. මුවලයා පිත් මහා මුවල නම් වී යැ. ඔහු පිත් මුවලින්ද නම් වී යැ. ඔහු පිත් සගර නම් වී යැ. සගරයා පිත් සාගර නම් වී යැ. ඔහු පිත් භරත නම් වී යැ. භරතයා පිත් භගිරථ නම් වී යැ. භගිරථයා පිත් රුචි නම් වී යැ. ඔහු පිත් සුරුචි නම් වී යැ. ඔහු පිත් ප්ර.තාප නම් වී යැ. ඔහු පිත් මහා ප්රපතාප නම් වී යැ. ඔහු පිත් පණාද නම් වී යැ. ඔහු පිත් පස් විසි යොදුන් රත්න ප්රාවසාදයෙකි වුසු මහා පණාද නම් රජෙක් වී යැ. ඔහු පිත් සුදර්ශන නම් වී යැ. ඔහු පිත් සත් රුවන්මය වූ කුසාවතී නම් රාජධානියෙහි වුසූ මහා සුදර්ශන නම් චක්ර වර්තී රජෙක් වී යැ. මහා සුදර්ශනයා පිත් නේරු නම් වී යැ. ඔහු පිත් මහා නේරු නමු වී යැ. ඔහු පිත් අර්චිෂ්මත් නම් වී. මේ මහාසම්මත රජුහු ගේ පුත්රා පෞත්ර පරම්පරාවෙන් ආවා වූ අසඞ්ඛ්යා යුෂ්ක රජදරුවෝ අටවිසි දෙනෙක්... "

 

නමුත් බෝධි වංශයෙහි සඳහන් වන්නේ මෙම සූර්ය වංශය දඹදිව සිටි බවයි. එය වර්ගපූර්ණිකාවට එකඟ නොවන නමුත් පෞරාණික ලංකාව යනු ඉන්දියාවෙන්ද කොටසක් ඇතුළුව පාලිත ප්‍රදේශයක් වූ නිසා එහි යම් සත්‍යතාවක් තිබිය හැකි යැයි ද සිතිය හැකි ය.


 

Thursday, May 26, 2011

උස්සන්ගොඩ

0

Monday, May 23, 2011

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

1
හත්තොටුවේ ඉන්දරතන හිමි

සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ දී අශෝක මහාධිරාජයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු වූ විදේශ ධර්ම ප්‍රචාර කටයුත්තේ දී මිහිඳු මහ රහතන් වහන්සේ අප ලංකාවාසීන් කෙරෙහි අනුකම්පාවෙන් (තවෙව අනුකම්පාය) දඹදිව සිට මෙරටට වැඩම කළහ. (ජම්බුදීපා ඉධාගතා)ඒ උතුම් මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ආගමික පරිසරය පිළිබඳව සාහිත්‍යමය, පුරාවිද්‍යාත්මක හා ජනශ්‍රැති පදනම් කරගෙන විමසීම මෙම ලිපියේ අපේක්‍ෂාවයි.

සිවු හෙළයන් එකතු වී සිංහලය බිහිවීමට පෙර මෙරට විසූ ගෝති‍්‍රක ජන කණ්ඩායම්, ඔවුන්ගේ ඇදහීම් අනුව වර්ග කළ බව ඉතිහාසඥයන්ගේ අදහසයි. ඔවුහු නම්, දේව, යක්‍ෂ, රාක්‍ෂ හා නාග යන සිව් කොටසයි. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයාව මෙගලිතික යුගයේ සිටියේ කුවේරය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සීගිරිය රාජධානිය කරගෙන විසූ කුවේරගේ සුළු මවගේ පුතා රාවණ නම් විය. රාවණට පසුව කුවේරගේ පුෂ්පක රථයත් (ගුවන් යානය) රාජධානියත් පැහැරගත් බැවින් කුවේර ඉන්දියාවේ උතුරු දිසාවේ සිට යක්‍ෂ ගෝත්‍රිකයන්ට නායකත්වය දුන්නේ ය. ඓතිහාසික ලංකාපුර රාජධානියට අයත් සීගිරිය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව විය. යක්‍ෂයන් විසූ තවත් ස්ථාන නම් කතරගම, වැඩිහිටිකන්ද, නුවරඑළිය, පිදුරුතලාගල, මහකුඩුගල හා කිකිළියමාන යන කඳු ය. “ලතා ගෘහාණි චිත්‍රාණී – චිත්‍ර ශාලා ගෘහාතිච” යැයි රාමායණයේ දැක්වෙන පරිදි අලංකාර චිත්‍රවලින් පිරි සීගිරිය යක්‍ෂයන්ගේ ලග්ගල ප්‍රදේශයට අයත් බලකොටුවකි. ඒ ආශි‍්‍රතව කැණීම් කළ ශිරාන් දැරණියගල මහතා සීගිරි ජනාවාස මහාශිලා යුගයට අයත් කරයි. (සම්භාෂා - 12 කලාපය – පි. 797 ) යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් සීගිරි චිත්‍රවල දිස්වෙතැයි ඒ.සී. ලෝරී පවසයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා, තාරා දේවියගේ රූ ලෙස මේ චිත්‍ර හඳුන්වා දෙයි. සීගිරිය, ඉනාමළුව ආදී ගම්වල වැසියන්ගේ ජනශ්‍රැති අනුව මය දානව නම් යක්‍ෂ ගෝත්‍රිකයා සීගිරි මාලිගාව සාදා ඇත. ඒ සිවුවරම් රජදරුවන්ගෙන් යක්‍ෂයන්ට අධිපති වූ වෙසවුණු මහරජු සඳහා ය. පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ දෙවියා සඳහා (ක්‍රි.පූ. 367 – 437 ) අනුරපුර නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කර බාරහාර දෙන ලදී.

ලග්ගල ප්‍රදේශයේ වූ මැණික් මිලදී ගැනීමටත්, සීගිරි කඳු මුදුනේ පැවති ගිරග්ග සමජ්ජ වැනි බිහිසුණු ක්‍රීඩා බැලීමටත් රෝම ධනපතීන් පැමිණි බවද ඉතිහාසඥයෝ පවසති. පණ්ඩුකාභය රජසමයේ දී කාමෝත්සව පැවති බවට තොරතුරු මහාවංසයේ එයි. බුද්ධාගම ගෙන ඒමට පෙර ලංකාවේ දුරාචාර පුද පූජා පැවති බව හියුං සියැං වාර්තාවේද දැක්වේ. පුලස්ති, සෘෂි, වෛශ්‍රවණ, රාවණා දී යක්‍ෂනායකයන් ඉතා දක්‍ෂ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වූ බවට ද ජනප්‍රවාද හා සාහිත්‍ය මූලාශ්‍ර සාක්‍ෂි දරයි. සීගිරිය ග්‍රහලෝක හා තාරකා පර්යේෂණගාරයක් ලෙසට ද ප්‍රකට ය. එය පසුකාලීනව සීගිරි කාශ්‍යපගේ ද ග්‍රහලෝකාගාරය විය. නැකැත් තරු ඇදහීම, නැකැත් පිළිබඳ විශ්වාස ආදිම යුගයේ සිට ලක්දිව පැවතියේ ය. යක්‍ෂ ගෝත්‍රික ආභාසය ලැබූ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යයන් ද මහා කාළ හා මා කාලි වන්දනාවේ නිතර වූ බවට ඇස්.ඩී. ද ලැනරෝල් මහතා කරුණු දක්වයි. මහා කාලි වන්දනාව ඉන්දියාවේ ද ඉතා ප්‍රකට ඇදහීමකි. චිත්‍රකූට නම් වූ සීගිරියේ ආරක්‍ෂක සෙන්පති චිත්‍රරාජ විය. පණ්ඩුකාභය සමයේ චිත්‍රරාජ දේවත්වයෙන් අදහන ලදී.

පුරිමං දිසං ධතරට්ඨෝ - පච්ඡිමෙත විරූළ්හකො
පච්ථි මෙන විරුපක්ඛෝ - කුවෙරො උත්තරං දිසං

සිවුවරම් රජදරුවෝ මහින්දාගමනයට පෙර සිටම ලංකාරක්‍ෂක දෙවියන් ලෙස අදහන ලදී. පෙරදිගට අධිපති ධෘතරාෂ්ට්‍ර ගන්ධබ්බයන්ගේ ප්‍රධානයා විය. කුම්භාණ්ඩයන්ට අධිපති වූ විරුළ්හක දකුණු දිශාව පාලනය කළේ ය. බටහිර දිග පාලනය කළ විරූපාක්‍ෂ දෙවිඳු නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. උතුරු දෙසට අධිපතියා වූයේ යක්‍ෂ ගෝත්‍රික නායකයා වූ කුවේර ය.

මණි අක්ඛිත කැලණියේ විසූ නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. චූලෝදර, මහෝදර යාපන ප්‍රදේශයේ දිය - තල නාග ගෝත්‍රික නායකයන් විය. මේ නාග ගෝත්‍රිකයෝ නාග වන්දනාවේ නිරත වූහ. ජලාශි‍්‍රතව නාග ඇදහීම අද ද අප රටේ ඇත. වැව් ආශි‍්‍රතව නාග රූ සහිත ගල් කැටයම් දක්නට ඇත. නාවිමන, නාගපටුන ආදී නාගයන් සම්බන්ධ ග්‍රාම, ස්ථාන නාම රැසකි. පැරණි ලක්දිව වෘක්‍ෂ වන්දනාව ද විය. පණ්ඩුකාභය ව්‍යාධ දෙවියාට තල්ගසක් ද වෛශ්‍රවණට නුග ගසක් ද දෙයි. දෙවනපෑතිස් හමුවේ පැන දිවූ මුවා එම පර්වතයට අධිගෘහිත දෙවියා බව සමන්තපාසාදිකාව කියයි. වැද්දන් අතර අද පවා රුක් දේව ඇදහීම ඇත. ශ්‍රී මහාබෝධිය රැගෙන ඒමත් සමඟ ලංකාවේ වූ වෘක්‍ෂ වන්දනාවට ආදේශකයක් ලැබිණි. බෝධි වෘක්‍ෂ වන්දනාව කෙටි කලකින් ලක්දිව පුරාම ව්‍යාප්ත වූයේ පුරාණ ලක්වැසි ගෝත්‍රිකයන් අතර මුල් බැසගත් වෘක්‍ෂ වන්දනා ආභාසයේ බලපෑම නිසා විය හැකි ය. ව්‍යාධි දෙවියා වැද්දන් ඇදහූ දඩයමට අධිපති දෙවියෙකි. ඉර, හඳ, තාරකා මෙන්ම කඳු පර්වත, වෘක්‍ෂ, ජලය දේවත්වයෙන් අදහන ස්වභාවික වස්තු වන්දනාව ද පෙර ලක්දිව විය. පණ්ඩුකාභය සමයේ රාජ්‍යානුග්‍රහයෙන් කාලවේල, චිත්‍රරාජ, මහේජ, ජුතින්ධර, විභීෂණ, කාලශෝධර යන යක්‍ෂයන් පිදීම, ඇදහීම වූ බවට වංසත්ථප්පකාසිනිය හා මහාවංසය සාක්‍ෂි දරයි. වඩවාමුඛී හා පශ්චිම රාජිනී පුද ලැබූ යක්‍ෂණියන් විය. දේවතාවියන් ලෙස ද ඔවුහු පූජෝපහාරයට පත් වූහ.

පණ්ඩුකාභය සමයේ ජෝතිය, කුම්භණ්ඩ යන නිගන්ඨයන්ඨට ආරාම කරවා දුන් බව මහාවංසයේ දැක්වේ. ජෝතිය සිටි ආරාමයේ වළගම්බා රජ සමයේ සිටි ගිරි නිගන්ඨයා වාසය කළ බව වපංසත්ථප්පකාසිනිය කියයි. මහින්දාගමනයෙන් පසු නිගන්ඨාගම ලක්දිවට පැමිණියා වන්නට නොහැක. අශෝක බුදුදහම වැලැඳ ගැනීමත් සමඟ භාරතයේ වූ අනෙකුත් ශ්‍රමණ කොටස් ලංකාවට සංක්‍රමණය වන්නට ඇත. ඒ අනුව බුද්ධකාලීනව සිටි ජෛන මහාවීරගේ නිගන්ඨ ශාසනය ද ලක්දිව ප්‍රාග්මහින්ද යුගයේ තිබූ බව පෙනේ. ආජීවකයන් ද මෙරට විසූ බවට තොරතුරු ඇත. භද්දකච්චායනා පිරිස පරිබ්‍රාජක වේශයෙන් පැමිණේ. ආජීවකයන්ට ද පණ්ඩුකාභය සමයේ නිවාස වෙන් කර දී ඇත. බුද්ධකාලීනව සිටි මක්ඛලී ගෝසාල ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වූ ආජීවක පිරිස්ද මහින්දාගමනයට පෙර ලක්දිව විසූ බව ඒ අනුව පෙනී යයි. පණ්ඩුකාභය සමයේ ශිවිකා ශාලා ද කරවා ඇත. ශිව දේවාල අනුරපුර පොළොන්නරු ප්‍රදේශවල අද ද දක්නට ඇත. රාවණා ශිව භක්තිකයකු ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති. ශිව භක්තික රාවණා ප්‍රධාන පිරිස් සඳහා මුන්නේශ්වරම් ශිව දේවාලයේ අද ද ප්‍රධානත්වයක් හිමිවේ. මේ අනුව ප්‍රාග් මහින්ද ලංකාවේ ශිව ආගමද තිබූ බව පිළිගත හැකි ය.

විජය සමඟ පැමිණි පිරිසේ සිටි, උපතිස්ස ග්‍රාමය පිහිට වූ උපතිස්ස පෙරෙවි බමුණා පසුව වසරක් ලංකාවේ රජකම ද කළේ ය. ශ්‍රී මහා බෝධිය වැඩම වූ විස්තරයේ දී තිවක්ක බමුණුගමේ වැදගත් කම මහාබෝධිවංශයේ දී ප්‍රකට කෙරේ. පණ්ඩුකාභයට සිප් සතර හැදෑරුවේ පණ්ඩුල බ්‍රාහ්මණයාය.මේ තොරතුරු අනුව පුරාණ ලංකාවේ බ්‍රාහ්මණ ආගම ද පැවැති බව පැවසිය හැකි ය. විජයගේ පටන් භාරතයේ වූ කුල භේදය ලංකාවේ ව්‍යාප්ත වූ බවද මතයකි. (ලංකා කථාව - සයිමොන් ද සිල්වා - පි.28 ) ඒ අනුව රජුන්ට උපදේශ සේවාවද යාගහෝමාදිය ද අධ්‍යාපනයද භාරව පුරාණ ලංකාවේ නියාමකයන් ලෙස බ්‍රාහ්මණ වංශය බැබළෙන්නට ඇත. බුද්ධ කාලීනව මණි අක්ඛිත, චූලෝදර, මහෝදර, සුමන සමන් ආදී යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික නායකයෝ බුදුදහම වැලඳගෙන බෞද්ධයෝ වූහ. සුද්ධෝදන මහරජුගේ මල්ලී වූ අමිතෝදනගේ මිණිබිරියකි භද්ද කච්චායනා. භද්‍රකත්‍යායනාගේ හා සහෝදරයන්ගේ ලංකාගමනට විඩුඪභයන්ගේ ශාක්‍ය සංහාරයද හේතුවන්නට ඇත. ක්‍රි.පූ. 504 රජ පැමිණි පඬුවස්දෙව්ගේ අගබිසව වන භද්දකච්චායනා හා රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු, ;රීහණ යන කුමාරවරු ද බුදුසමය වැලඳ ගත් බෞද්ධයන් විය යුතු ය. ඔවුන් තමන් ඇති කළ ජනපද වල සිට බුදුදහම පෞද්ගලිකව අදහන්නට ඇත. මෙරට පැවති මුල් ආගම් ද විශ්වාස ද ගරු කරන්නට ඇත.

මේ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ආගමික පරිසරය ඉතා සංකීර්ණ බව පෙනී යයි. යක්‍ෂ ඇදහීම, නාග ඇදහීම, දේව ඇදහීම, රුක් වන්දනාව, තාරකා, නැකැත් ආදී විශ්වාස, ස්වභාවික වස්තු වන්දනාව, ලිංග ඇදහීම, ශිව ආගම, ජල ක්‍රීඩා, ගිරග්ගසමජ්ජ වැනි මිථ්‍යා විශ්වාස හා බැඳි පූජාක්‍රම, කාමෝත්සව, බ්‍රාහ්මණ ආගම, ශිව ආගම ජෛන හා ආජීවක ශාසන මෙන්ම බුදුදහම ද ඉපැරණි ලක්දිව පැවති ආකාරය සාහිත්‍යමය, ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව වටහාගත හැකි ය. මහින්දාගමනයෙන් පසු බොහෝ ඇදහීම් ඊට අවශෝෂණය කර ගැනුණි. ගල් පර්වත ඇදහීම චෛත්‍යය වන්දනාවටත්, රුක් පූජාව, දේව ඇදහීම් බෝධි වෘක්‍ෂයටත් සම්බන්ධ කෙරුණි. මිථ්‍යා ඇදහීම්, ඉවත් වූ අතර බුදුදහමට උචිත ව දේව, නාග, යක්‍ෂ, බහිරව විශ්වාස හා ඇදහීම් පරිනාමයට පත්විය. එතෙක් සංකීර්ණව පැවති ආගමික පරිසරය මහින්දාගමනයත් සමඟ සරල ආගමික පරිසරයක් උදා විය.

උපුටා ගැනීම

Saturday, May 14, 2011

රාවණා රජු සීතා දේවිය සඟවා තැබූ උමඟක් වැල්ලවායෙන් සොයාගනී

0
කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරු පිරිසක් නිරීක්‍ෂණයට එක්වෙති

රාවණා රජු විසින් රාමගේ බිසව වූ සීතා පැහැරගෙනවිත් සඟවාතැබුවේ යැයි සැලකෙ
න වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශය ආශි‍්‍රතව හෙළගල්බොක්ක ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දෝව ප්‍රදේශය තෙක් කිලෝ මීටර් 40ක් දුරට විහිදී ඇති උමං මගක් සොයා ගැනීමට වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරු පිරිසක් සමත් වූහ.

මේ ප්‍රදේශය ස්ත්‍රීපුරය ලෙස හැඳින්වූ බවත් ඉතා පියකරු ස්ත්‍රියන් මෙහි නිතර නිතර ගැවසුණ බවට ඉතිහාස කතා සඳහන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.
මේ උමං මගේ මීට වසර 30 - 40 කට උඩදී ඇ
තෙකු පිට උඩ නැඟී හෝ යා හැකිව තිබූ බවත් එය මේ වන විට හුණුමල් වලින් වැසී අවහිරව ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ උමඟ පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක් පසුගියදා අධ්‍යාපන කාර්යාලයේ බුද්ධධර්මය පිළිබඳ විෂය උපදේශක මොදරවානේ සුධම්ම හිමියන්ගේ මග පෙන්වීම මත සිදු කෙරුණි. හෙළගල්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ශිෂ්‍ය මණ්ඩලය , ශිෂ්‍යාවෝද වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ නැටුම් උපදේශීකා තාක්‍ෂණ විෂය උපදේශක වරයාද මේ අවස්ථාවට සහභාගි වූහ.


උපුටා ගැනීම -
http://www.dinamina.lk/2011/04/20/_art.asp?fn=r11042010

Friday, May 13, 2011

අපේ කඳුකරය තුළ තැනින් තැන සැඟව ගිය රාවණා - සීතා පුරාවෘත්ත

0

ඉන්දියානු සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‌ෂ මනිරත්නම්ගේ රාවණන් චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වී මත් සමගම ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලය ද තායිලන්තයේදී රාම - රාවණා කතාව ගෙන හැර දක්‌වමින් ශ්‍රී ලංකාවට සංචාරයකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රචාරණ වැඩ සටහනක්‌ දියත් කිරීමයි. මේ සමගම ඉන්දියාව ක්‍රියාවට නැංවීමට සූදානම් වූ සේතුසමුද්‍රම් නාවික ගමනා ගමන මාර්ගය (පෝක්‌ සමුද්‍ර සන්ධිය හා රාමේෂ්වරම් අතර) යෝජනා ක්‍රමය ඉන්දීය විරෝධතා මධ්‍යයේ අත්හැර දැමීමයි.

ඉන්දියානුවන් එකී විරුද්ධත්වය ගෙනහැර පෑවේ එකී නාවික ගමනා ගමන මාර්ගය ඉදි කළහොත් රාම - රාවණා ඉන්දීය ශ්‍රී ලංකා සංකල්පය බිඳ වැටෙන බවට හේතු දක්‌වමිනි. රාමගේ හනුමන්තා ප්‍රධාන වානර හමුදාව විසින් තනන ලදැයි ප්‍රකට පෝක්‌ සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති ගල් අතිරූ ඉන්දීය ලංකා පැරණි පාලම යටකී නාවික ගමනාගමනය හේතුවෙන් ගලවා දැමීමට සිදුවීම ඊට හේතුවයි. එසේ වුවහොත් රාමායනයන් රාම රාවණා කතාවත්, සනාථ කිරීම ඉන්දියානුවන්ට උගහට වන්නේය.


රාම - රාවණා සංකල්පය ඉදිරිපත් කිරීමෙන් ඉන්දිය හා තායිලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකිවේවිද? ඇත්ත වශයෙන්ම රාම - රාවණා කතාව ඇත්තක්‌ද මෙය ඉන්දියානු වතු කම්කරුවන්ගේ නිර්මාණයක්‌ද?


පුරාණයේ සීත එළිය දැන් දමිළ වතුකම්කරුවන් විසින් "සීතාඑළිය" ලෙස නම් කොට රාවණා සීතාවන් හක්‌ගල මල්වත්ත සමීපයට ගෙනැවිත් ඇති බව කියයි. සීතාගේ අග්ගලා ගුලි නමින් ලෝකාන්තයේ කිරීවත්ත (නැග්රෙක්‌ ප්‍රදේශයේ අළුපැහැගති ගල් වර්ගයක්‌ තිබේ. මේවා උරගා බීමෙන් බඩේ අමාරු මෙන්ම ශරීරයේ වෙනත් ආබාධද සුවවන බව කියති. රාවණා, සීතාවන් පැහැරගෙන දඬුමොරණයෙන් පැමිණෙන විට තමා පැහැරගෙන ආ මාර්ගය රාමාට දැනගැනීම පිණිස තමා සන්තකයෙහි තිබූ අග්ගලා ගෙඩි මල්ලෙන් එක එක බැගින් බිමට හෙලු බවත්, ඒවා, පසුව සීතා ගේ අග්ගලා වී යයි මෙම දමිළ වතු කම්කරුවන්ගේ අදහසයි. තවද සීතා එළිය, මහ එළිය, කරීවත්ත යන පෙදෙස්‌හි දිය පොකුණුවල වැවෙන විල්ලුණු නම් ලුණු වර්ගයක්‌ වෙයි. මෙම විල්ලුණු ගැලවීම තුරුලතා ආරක්‌ෂිත පනත යටතේ තහනම්ය. නමුත් දමිළ වතුකම්කරුවෝ ඒවා ගලවා වෙළෙඳපොළට ගෙනැවිත් විකුණති. මෙම විල්ලුණු සිSතාවන් විසින් ජල පොකුණුවලට විසි කරන ලද තමාගේ ආහාර කොටසින් හටගත් පැළෑටියක්‌ බව දමිළ වතුකම්කරුවන්ගේ මතයයි.


ලෝකාන්තය හා හෝර්ටන් තැන්න බද පෙදෙස රාම - සීතා කතාවේ මුල් භූමිය ලෙස ප්‍රචලිතකර හැරීමට දකුණු ඉන්දියානු දමිළ වතුකම්කරුවන්ට අවශ්‍ය වූයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඔවුන්ගේම මව් භූමියක්‌ ලෙස හැඟවීමට බව පෙනේ. රාවණා දිය ඇළි, රාවණා ගල්ගුහා, රාවණා විවේකයට වාඩිවී සිටියා යෑයි කියෑවෙන ගල් ආසනයක්‌ද "ලෝකාන්තය" පහළ වනයේ තිබේ. මේවා දමිළ වතුකම්කරුවන් තමන් ඉන්දියාව සමග පවත්නා සම්බන්ධතාව සනාථ කිරීමට නිර්මාණය කළ ඒවාදැයි අප නොදනිමු. නමුත් අපට ඒ ගැන අමුතුවෙන් සිතන්නට දැන් අවස්‌ථාවක්‌ පැමිණ තිබේ. එනම් මතු සඳහන් කරන ලද මිනරත්නම්ගේ රාවණන් චිත්‍රපටයක්‌ සංචාරක මණ්‌ඩලයේ ඉන්දිය සංචාරකයන් මෙරටට ගෙන්වාගැනීම පිණිස රාම - රාවණා කතාව යළි මතුකොට ඉන්දීය ජනතාව අතර ව්‍යාපාරයක්‌ ගෙන යැමයි.


තවද ඉන්දීය වතු කම්කරුවනට විශේෂයෙන් නුවරඑළිය බද වතුවල කම්කරුවන්ට ඉන්දිය දෙවිදේවතාවුන් ඔවුන්ගේ වතුකරයට ගෙන්වා වැදුම් පිදුම් කිරීමට අවශ්‍ය වූ බව කියනු ලැබේ. ඊට පදනම යෙදීමට සීතාවන්, රාවණා විසින් සඟවා තබන ලදැයි කියෑවෙන සීතාඑළිය, මහඑළිය, ලෝකාන්තය, හෝටර්න්තැන්න වැනි ප්‍රදේශ මෙම කම්කරුවන් විසින් උපයෝගි කොටගෙන ඇති වග පෙනේ. රාස්‌සගල, උඩකන්ද, පෙදෙසේ ඇති කුඩා ගම්මානයක්‌ වන සීතගල (ශීතල පර්වත) දැන් සීතාගල් වශයෙන් හැඳින්වීමට එම පෙදෙසේ වතු කම්කරුවෝ පුරුදු වී සිටිති. නව සිය හැට හැත්තෑව දශකයේ හග්ගල මල්වත්තට නුදුරුව තනා තිබූ සීතාකෝවිල නමින් හැඳින්වෙන කුඩා පූජනීය ස්‌ථානය අද දැවැන්ත සීතා කෝවිලකි.

මෙම ප්‍රදේශ පවත්නා දියඇලි එක්‌කෝ සීතා ඇල්ලයි නැත්නම් රාවණා ඇල්ලයි. නමුත් ශ්‍රී පාද මාර්ගයේ ඇති සීතගඟුල් නම් තවම සීතාගඟුල් වී නැත. අනාගතයේදී එයද සීතා ගඟුල් වීමට ඉඩ තිබේ. රාවණ - සීතාවන්ට සම්බන්ධයක්‌ නොමැති වූවත් එදා සුද්දන් නන්පෙරිල් (අගාධයක්‌ නොවේ) නමින් හැඳින්වූ ලෝකාන්තය පහළ පිහිටිවත්ත නන්පෙරිල් තේවත්ත අද දමිළ කම්කරුවන් විසින් නන්පේරියල් නමින් හඳුන්වනු ලබයි.

අපේ රාවණා රජු ගැන සැලකීමේදී බඹරවාන" උඩුරාවණ යටිරාවණ කඩුරාවණ යනාදී පෙළපත් නාම උඩරට රාජධානිය පුරා පවතී. මෙම නම්වලට රාවණගේ සම්බන්ධක්‌ තිsබිය හැකිද? තවද මොණරාගල රාවණාගේ දඬුමොණරය නිපදවීමට යොදාගත් ස්‌ථානයද? මේවා නොවිසඳී පවත්නා ගැටලුය. වයඹ පළාතේ වඳුරාගලත් දකුණු පළාතේ වඳුරඹ පෙදෙසත් රාමාගේ හනුමන්තා නිසා යොදන ලද නාමයන්ද? තායිලන්තයේ රාමායනය නැටුමට විශාල ප්‍රසිද්ධියක්‌ ඇත. එනිසා මෙම නැටුම හා ශ්‍රී ලංකාවේ රාමායන කතාව සම්බන්ධකොට ආගමට බර වූ තායිලන්ත ජාතිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සංචාරක මණ්‌ඩලය වැඩසටහන සාර්ථකවේද? ශ්‍රී ලාංකික බෞද්ධ වියතුන් පවසන්නේ තායි ජාතිකයන් සංචාරක වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් සියම් මහා නිකාය සම්බන්ධ ඉතිහාසගත තොරතුරු හා පැරණි ලංකා - තායි සියම් නිකායික සම්බන්ධතාවය ගෙනහැර දැක්‌විය යුතු බවයි.


ඉන්දිය සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අමුතුවෙන් නාඩගමක්‌ නටන්නට වුවමනා නැත. ඔවුහු රාම - සීතා හා රාම රාවණ සහ රාවණ සීතා කතාව මැනවින් දනිති. රාවණා සිSතා කතාව ඇත්ත වශයෙන්ම සත්‍යයද? නැත්නම් මිථ්‍යාවක්‌ද? එසේත් නැත්නම් බ්‍රිතාන්‍ය ජාතික අධිරාජ්‍යවාදීන් විsසින් තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආනයනය කරන ලද දමිළ කුලී කරුවන් (කෝපි හා තේ වගා කිරීමට) විසින් වර්ධනය හෝ සංවර්ධනය කරන ලද ප්‍රබන්ධයක්‌ද? දකුණු ඉන්දියාවේද ලංකා පුරාණයක්‌ වෙයි. සීතා ගෙන එනු ලැබුවේ එම ලංකාපුරයටද? ඉන්දියාවේ ඇතැම් කොටසක්‌ මේ කතාව පිළිගනිති. මනිරත්නම් විසින් මෑතකදී නිපදවන ලද රාවණන් චිත්‍රපටයෙන් රාවණාට සාධාරණය ඉටුකොට දී ඇති බව පෙනේ යයි සිනමා විචාරකයෝ පවසති. අයිෆා සම්මාන උළෙල පවා වර්ජනය කළ මනිරත්නම් රාවණන් චිත්‍රපටය මගින් රාමා චරිතය අමුතුම ස්‌වරූපයකට පරිවර්තනය කළේ ඇයිද යනු විචාරකයන්ට කුතුහලයකි.


ඇත්තවශයෙන්ම රාවණා යුගයක්‌ ලංකාවේ තිබුණේද නැතිනම් එය ශ්‍රී ලාංකික ද්‍රවිඩ වතු කම්කරුවන්ගේ නිර්මාණයක්‌ද? මෙම ප්‍රශ්න අප ඉදිරියේ මැවෙමින් පවතී. අපේ මහා ඉතිහාසය ග්‍රන්ථය වන මහාවංශයෙහි රාවණා ගැන කිසිවක්‌ අඩංගු නොවෙයි. එතෙකුදු තබා සම්බුදුරජාණන් වහන්සේ ලක්‌දිව වැඩි තුන් ගමන ගැන ත්‍රිපිටකයෙහිද සඳහන් නොවන්නා මෙනි. මහාචාර්ය සෙනරත් පරණ විතාන වියතාණන් පවසන්නේ ලක්‌දිව රාවණයන්ගේ ලංකාව නොවේ. රාමායනය කියන ලංකාව කිසිකලක නොවූ වීරු මිථ්‍යා ප්‍රදේශයක්‌ යයි බවයි. (රාජකීය ආසියාතික සමිතියේ සංග්‍රහය ඪදක ඞඞඞෂ-82-328) මේ අයුරින්ම රාමා රාවණා සීතා ආදීහු ලොව විසූ පුද්ගලයන් නොව ආදී කාලීන කෘෂකයන් විසින් ස්‌වභාවික වස්‌තූන්ද ධර්මතාද ඇසුරුකොට නිපදවන ලද මිථ්‍යා කතාවක නායකයන් බවයි පරණවිතාන සූරීන් පවසන්නේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රාවණාගේ කතාව මහාවංශයෙහි ඇතුළත් නොවන්නේ මහානාම හිමියන් රාවණයාගේ කතාව පැරණි ලංකාව පිළිබඳ කතාවක ලෙස නොසැලකුණු බැවින් එය මහාවංශයෙහි සඳහන් නොකරන්නට ඇතැයි යන ආකල්පය නිසාය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිය බුදුසමය හා සමාජ දර්ශනය ග්‍රන්ථයෙන් පෙන්වා දෙන්නේ රාම කතාව ලංකාවේ පැතිරුණේ 12 වන සියවසින් පසුව බවත් එය දකුණු ඉන්දියාවේ වෛෂ්ණාව සමයේදී පැතිරි ගිය එකක්‌ බවයි. රාවණ කතාව ලංකා ඉතිහාසය පිළිබඳ කඩඉම් පොත්වලට ඇතුළු වී ඇත්තේ මහනුවර රාජ සමයේදී බව වික්‍රමසිංහ සූරීන්ගේ අදහසයි.

එහෙත් එම කඩඉම් පොත්වල දැක්‌වෙන්නේ විජයාවතරණයට පෙර රාක්‍ෂ ග්‍රෝතික රාවණා වත්මන් ඌව පළාත් අගනුවර වූ බදුල්ලෙහි ස්‌වකීය රාජධානිය පිහිටුවාගෙන රජකළ බවයි. ලංකා පුරාවෘත්තය නමැති පොතේ දැක්‌වෙනුයේ රම් සෙන් අගනුවර ගිනිලුකළ එය විශාල ගිනි ජාලාවක්‌ මෙන් බොහෝ ඈතට පෙනෙන්නට වූ බවත් යුද්ධ තත්ත්වය දැනගනු රිසියෙන් පිදුරුතලාගල කඳු මුදුනට රැස්‌ව සිටි ජනයා අර නුවරඑළිය කුමක්‌දැයි පිළිsවිසූ බවත් එතැන් පටන් අග නුවර දැවෙන එළිය දුටු පෙදෙස "නුවරඑළිය" නමින් ප්‍රසිද්ධ වූ බවත්ය. කුමාරදාස රජු විසින් රචනය කරන ලද සංස්‌කෘතික කාව්‍යයක්‌වූ ජානකී හරණයෙහි රාම සීතා කතාව ගැන සඳහන් වෙනත් සාමාන්‍ය ජනතාව සතු බස්‌ නොඋගත් කොටසක්‌ බැවින් ඉන් පලක්‌වී නොමැති බව පෙනේ. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ රාමායනය හා මහා භාරතය සම්පප්‍රලාප යයි පහත දැක්‌වෙන සිය කාව්‍ය ශේඛරයෙන් පවසති එනම්,

රාමායණ බරන


ඇතුළුව දෙසුම් මුළු යුත


කීමුත් බස්‌ නිරත


යුතුව දෙ අගින් දනුව නියවත


එහෙත් මෙම රාහුල හිමියන්ම යටකී ග්‍රන්ථයෙන්ම සීතාදේවිය ගැන මෙසේ කියති


රුසිරු ගුණ සීතා


සුරතුර දිනූ දෑතා


විලසින් වි නීතා


ලොවට කුළුණෙත් සදිසි මාතා


ගරුඬ පුරාණය පවසන්නේ රාම


- රවණා සටන ශ්‍රී ලංකාවේදී සිදුවූ වගයි. අධ්‍යාය 55)


කෙසේ වෙතත් අප රටේ නොයෙකුත් ප්‍රදේශවල විශේෂයෙන් කඳුකරයේ රාවණ ගැන කියෑවෙන තැන් බොහෝය. මාතලේ ලග්ගල, ලොග්ගල පැත්තද බදුල්ල ප්‍රදේශයද විශේෂයෙන් සීතා කෝවිල ගොඩනැගී ඇති නුවරඑළිය හා ඊට ආසන්න ලෝකාන්තයද බලංගොඩ "දෙතනගල කඳු පෙදෙසද එහිම කූරගල පූජනීය පෙදෙසද දක්‌ෂිණ ශ්‍රී ලංකාවේ මුහුදු වෙරෙළට ඔබ්බෙන් පිහිටි මහාරාවණා කෝට්‌ටේ සහ කුඩා රාවණා කෝට්‌ටේද යනාදි ස්‌ථානයන්හි රාවණා පිළිබඳව තොරතුරු කියෑවේ. රාවණා ඇල්ල නමින් දිය ඇල්ලක්‌ද ඌවේ පිහිටා ඇත. මෙවැනි ස්‌ථානීය සාක්‌ෂි තිබෙද්දී රාම -රාවණ සංකල්පය මිථ්‍යාවකැයි කෙලෙස බැහැර කරමුද?


යක්‌ෂ, නාග, දේව, රාක්‌ෂ නමින් ගෝත්‍ර හතරක්‌ ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබූ බවට බොහෝ තැන්වල සඳහන් වෙයි. මෙයින් රාවණා රාක්‌ෂය ගෝත්‍රික නායකයා වන්නට පිළිවනැයි බොහෝ දෙනකුගේ මතයයි.


රාමකුමරුගේ සේනාධිනායකයා යයි සැලකිය හැකි හනුමන්තා (ඉන්දීය හනුමන්) පැරණි ලංකාවට ගුවනින් පැමිණ එවකට ලංකා පුරයට නුදුරින් පිහිටි කුලපව්වට ගොඩබැස්‌ස වගක්‌ කියෑවේ. මෙම ස්‌ථානය වත්මන් නමුනුකුල වන්නට ඇතැයි විචාරක මතයයි. හනුමන් කුල පව්ව යන්න පසුව නමුනුකුල වන්නට ඇතැයි කියති.


භාරත යුද සෙනගට ලංකාවට පා ගමනින් පැමිණීම සඳහා මන්නාරම සහ රාමේශ්වරම් අතර නොගැඹුරු මුහුදේ එවකට වානර හමුදාව විසින් තනන ලදැයි විශ්වාස කෙරෙන ගල් පාලම මීට කලකට පෙර අමෙරිකානු නාසා ආයතනයේ චන්ද්‍රිකාවක්‌ මගින් රූ ගතකොට ඉදිරිපත් කරනු ලැෙබීමෙන් පසු මහත් ආන්දෝලනයක්‌ තමිල් නාඩු ප්‍රාන්තයේද අපේ ශ්‍රී ලංකාවේද ඇතිවිය සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉන්දියානු රජය විසින් බැහැර කිරීමටද එය හේතුවක්‌ විය. ඉන්දියානුවන් දේශපාලනික භේද නොතකා ජාතික ප්‍රශ්නවලදී එකට එකමුතුවන ජාතියක්‌ නිසා (අපමෙන් නොවේ) රාමායන කතාව සුරක්‌ෂිතව තව කාලයක්‌ පැවතීමට නම් මෙම වානර පාලම එලෙසම මුහුදෙහි තිබීමට ඉඩ හැරිය යුතු යයි ඉන්දියානුවෝ එකහඩින් ප්‍රකාශ කර සිටියහ. රාවණා පළමුව සීතාවන් ගෙනැවිත් සඟවා තබා ඇත්තේ ඌවේ පරණගම ගල් ගෙයක යෑයි ජනවහරෙහි එන කතාවක පවතී. ඉන්පසු මනා හිරුඑළියක්‌ සහිත වත්මන් සීතාඑළියට ඇය ගෙනැවිත් මුරකාවල්ලා තබන්නට ඇතැයි සැලකේ.


එම ස්‌ථානය වැරදි හෝ නිවැරදි හෝ වේවා අද හක්‌ගල මල්වත්තට නුදුරින් සුවිශාල වූ සීතා කෝවිලක්‌ ගොඩනගා තිබේ. රාම - රාවණා අවසන් සටන වත්මන් මයියංගනයේදී සිදුවනු බවට ඌව ජනවහර කියයි. එම ප්‍රදේශයෙහි සීතා කොටුව නම් ස්‌ථානයක්‌ වෙයි. එහි නිෂ්ඨාවශේෂ අදත් දක්‌නට ඇති බව කියති. පතිවත බවට සීතාවන් දිවුරුම් දුන් ස්‌ථානය අද දිවුරුම්පොල් වශයෙන්ද එහි බෝධිවෘක්‌ෂයක්‌ දිවුරුම් බෝධිය නමින්ද අද හැඳින්වේ. ඇතමෙකු මිථ්‍යාවකැයි පවසන රාම - රාවණා සීතා තුන්කොත් කතාව තව ඉදිරියටත් මේ අන්දමට භාවිත වනවා ඇත. කඳුකරයේ වතුකම්කරුවෝ එය යටපත්වීමට ඉඩ නොසලසන බව ඔවුන්ගේ කතාවලින් පෙනේ.

ස්‌ටැන්ලි සේනාධීර
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/08/feature04.html

Tuesday, May 3, 2011

රාවණ මව් පෙලපත

0

Monday, May 2, 2011

රාවණ පිය පෙලපත

0

..