Monday, May 30, 2011

සිව්හෙළේ පළමු රජු

2

මහා සම්මත මනු රජ


සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.

මේ රටේ මුල් යුගයේදී රටට රජ කෙනෙක් නොසිටිය අතර එයට පිළිතුරක් යක්ෂ ගෝත්රිනකයින් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් යැවුණු අතර ‍දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.
අනබෙරය
සියලු අංගං සටන් දන්නා,සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා ඉහත අණබෙරයට සවන් දුන් රුහුණේ ගොවියෙක් වූ මනු නැමැත්තා මඩ සෝදාගෙන පැමිණ දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි. මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු ලෙස බිහිවෙයි.

අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ වීම වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' මන්නාරමට ආසන්නව පිහිටා තිබීම වැනි සාධක නිසා මන්නාරම යනු ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කළ හැකියි. මේ පිළිබඳව "වර්ගපූර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ මේ බව සඳහන් වේ.


මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

කෝලම් වලදී භාවිතා වන චරිත කිහිපයක්

 
මනු රාජවංශය
මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත. රාජාවලියේ ද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.
  1. මහා සම්මත මනු
  2. රෝජ
  3. වරරෝජ
  4. කල්‍යාණ
  5. වරකල්‍යාණ
  6. උපෝසථ
  7. මහා මන්දාතු
  8. වරමන්දාතු
  9. චේතිය
  10. චේතියගේ පලමු පුත්‍රයා
  11. චේතියගේ දෙවන පුත්‍රයා
  12. චේතියගේ තෙවන පුත්‍රයා
  13. චේතියගේ සිව්වන පුත්‍රයා
  14. චේතියගේ පස්වන පුත්‍රයා
  15. මහා මුචලින්ද
  16. මුචලින්ද
  17. පළමුවන සාගර
  18. දෙවන සාගර
  19. භරත
  20. රුචි
  21. සුරුචි
  22. පතාප
  23. මහා පතාප
  24. පහද
  25. සුදස්සි
  26. නෙරුප
  27. මහා නෙරුප
  28. අසිරිමත්

බෞද්ධ සාහිත්‍ය තුළ ද සඳහන් වන ආකාරයට, මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණ අතර දකුණු ඉන්දියාව ද හෙළ අධිරාජ්‍යයේ කොටසක් ලෙස පාලනය වී ඇත. රාවණා නැමැති කුලයක් අදත් දකුණු ඉන්දියාවේ දක්නට ලැබීම, රාවණා ඇදහිල්ල හා රාවණා විසින් නිර්මිත ශිව තාන්ඩව ස්තෝත්‍රය ඉන්දියාවේ අදත් භාවිතා වීම වැනි සාධක එයට සාක්ෂි දරයි. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපැහැසිදි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විස‍ඳෙනු ඇත.
 
සිංහල බෝධි වංශය
 
මේ පිළිබඳව සිංහල බෝධි වංශයෙහි සඳහන් වන්නේ මෙසේය.
" ...ඒ මහා සම්මත නම් රජහු පිත් රෝජ නම් වී යැ. රෝජයා පිත් වර රෝජ නම් වී යැ. වරරෝජයා පිත් කල්යානණ නම් වී යැ. කල්යා ණයා පිත් වරකල්යාරණ වී යැ. වරකල්යා ණයා පිත් උපෝසත නම් වී යැ. ඔහු පිත් කාමභෝගිනට අග්රව වූ මහා මන්ධාතු නම් වී යැ. මහා මන්ධාතු නරපතිහු පිත් වර නම් වී යැ. චරයා පිත් උපචර නම් වී යැ. උපචරයා පිත් චේතිය නම් වී යැ. ඔහු පිත් මුවල නම් වී යැ. මුවලයා පිත් මහා මුවල නම් වී යැ. ඔහු පිත් මුවලින්ද නම් වී යැ. ඔහු පිත් සගර නම් වී යැ. සගරයා පිත් සාගර නම් වී යැ. ඔහු පිත් භරත නම් වී යැ. භරතයා පිත් භගිරථ නම් වී යැ. භගිරථයා පිත් රුචි නම් වී යැ. ඔහු පිත් සුරුචි නම් වී යැ. ඔහු පිත් ප්ර.තාප නම් වී යැ. ඔහු පිත් මහා ප්රපතාප නම් වී යැ. ඔහු පිත් පණාද නම් වී යැ. ඔහු පිත් පස් විසි යොදුන් රත්න ප්රාවසාදයෙකි වුසු මහා පණාද නම් රජෙක් වී යැ. ඔහු පිත් සුදර්ශන නම් වී යැ. ඔහු පිත් සත් රුවන්මය වූ කුසාවතී නම් රාජධානියෙහි වුසූ මහා සුදර්ශන නම් චක්ර වර්තී රජෙක් වී යැ. මහා සුදර්ශනයා පිත් නේරු නම් වී යැ. ඔහු පිත් මහා නේරු නමු වී යැ. ඔහු පිත් අර්චිෂ්මත් නම් වී. මේ මහාසම්මත රජුහු ගේ පුත්රා පෞත්ර පරම්පරාවෙන් ආවා වූ අසඞ්ඛ්යා යුෂ්ක රජදරුවෝ අටවිසි දෙනෙක්... "

 

නමුත් බෝධි වංශයෙහි සඳහන් වන්නේ මෙම සූර්ය වංශය දඹදිව සිටි බවයි. එය වර්ගපූර්ණිකාවට එකඟ නොවන නමුත් පෞරාණික ලංකාව යනු ඉන්දියාවෙන්ද කොටසක් ඇතුළුව පාලිත ප්‍රදේශයක් වූ නිසා එහි යම් සත්‍යතාවක් තිබිය හැකි යැයි ද සිතිය හැකි ය.


 

2 Response to සිව්හෙළේ පළමු රජු

August 4, 2011 at 10:26 PM

බොහොමත්ම පිං... අලුත් දෙයක් දැනගත්තා මම..

ජය වේවා...!!

August 4, 2011 at 10:44 PM

නියම ලිපියක් සහෝ

Post a Comment

අදහස් සහ උදහස්

..