-->

Wednesday, October 26, 2011

සක්විති රාවන නළුව - කලාසූරී අරීසෙන් අහුබුදු

0

බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා

0


බිල්ලෑව සිතුවම් හෙළිකරන
අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා

ලලීන්ද්‍ර සන්නස්‌ගම




ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත.

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින් හමු විය. මේ නිසා වෙනත් ශිෂ්ඨාචාරවලට මෙන්ම මෙරට අභාවිත ශිෂ්ඨාචාරයකට ද ගුවන් යානා වලින් පැමිණි අද්භූත ජීවීන් මඟපෙන්වා ඇති දැයි මේ සොයාබැලීමට මේ සටහන ලියමි.

විජයාවතරණය වසර 400 පෙර එනම් ක්‍රි.පූ. 900 වන විට ලංකාවට ආර්යයන් පැමිණ ඇති බව අනුරාධපුර ඇතුල් නුවර කැණීම්වලින් තහවුරු වී ඇති සත්‍යයකි. මේ ආර්ය ජනාවාස වලට වඩා බොහෝ ඉපැරණි ක්‍රි.පූ. 1300 ආසන්න කාලයකට අයත් ග්‍රාමීය ජනාවාස පද්ධතියක්‌ රට පුරා ස්‌ථාන ගණනාවකින්ම හමු වී ඇත. ඉබ්බන්කටුව, රංචමඩම, හල්දුම්මුල්ල, කන්නරෝඩෙයි ආදී රට පුරා ස්‌ථාන ගණනාවකින් තහවුරු වූ උක්‌ත ග්‍රාමීය ජනාවාස වල අයිතිකරුවන් පාලි වංශ කතාවල "යක්‍ෂ" හෝ "වැදි" ලෙසත් ක්‍රි.පූ. යුගවල බ්‍රාහ්මී ශිලා ලේඛනවල "මිලක" ලෙසත්, අටුවා ග්‍රන්ථවල "ම්ලේඡ" ලෙසත් හඳුන්වා ඇති බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන්ගේ දියුණු පරපුරක්‌ විය හැකිය. ඉබ්බන්කටුව ආදී එම ස්‌ථානවලින් ලැබුණ වළං කටුවල ඇති කුරුටු අක්‍ෂර සංෙ€ත සමකාලීන ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ රූපාක්‍ෂරවලට ඉඳුරා සමාන නිසා එකී ප්‍රාග් ජනාවාස ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ ජනාවාසවීමේ සම්භාවිතාව ඉහළ මට්‌ටමක ඇත.

මේ අප දන්නා ආදිවාසී ජනාවාසවලට වෙනස්‌ සංස්‌කෘතියකට අයත් කුරුටු සිතුවම් විශේෂයක්‌ ද ලංකාවේ වියළි කලාපයේ ස්‌ථාන කීපයකින් හමු වී ඇත. ආර්යයන්ගේ සහ ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ සංක්‍රමණ දෙකකට පෙර යුගයේ ලංකාවේ තනි අයිතිකරුවන් වූයේ බලංගොඩ මානවයාගෙන් පැවත ආ අපේම ඈත නෑයෝය. හද්දා පිටිසර බින්තැන්නේ හුදකලා දිවි ගෙවන වැදි ජනයා ඒ අතීත හුදකලා ලක්‌දිව උරුමකරුවන්ගේ නූතන පරපුරයි. පිටස්‌තර ලෝකය සමඟ අතේ දුරින් සබඳතා පවත්වා ඇති බලංගොඩ මානවයාගේ පරපුර පිටසක්‌වල ජීවීන් සමඟ සබඳතා පවත්වා ඇති බව ඔබට පිළිගත හැකිද?

මේ පිළිබඳ ප්‍රබලම සාධකයක්‌ සහිත 01 රූපයේ දැක්‌වෙන ගුහා සිතුවම හමුවූයේ ආචාර්ය නන්දේව විඡේසේකර මහතාගේ "වැද්දන්ගේ විකාශන ක්‍රමය" නම් කෘතියෙනි. රූපය දෙස විමසිලිමත්ව බැලූ විට එකිනෙකට වෙනස්‌ ජීවීන් වර්ග දෙකක්‌ හඳුනාගත හැකිය. එක්‌ වර්ගයක්‌ හිස වටා රශ්මිමාලා සහිත අද්භූත ජීවීන් වර්ගයකි. අනෙක්‌ වර්ගය රශ්මිමාලා නොමැති සාමාන්‍ය මානව සිරුරය. හිසට බද්ද නොවූ හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ පිහිටි රශ්මිමාලාධාරී අද්භූත ජීවීන්ට වඩා මානවයන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩාය. හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ සිතුවම් කර ඇත්aතේ ආලෝක කිරණ විය යුතුය. 01 - රූපයේ හිස වටා විහිඳුවන විශාල රශ්මිමාලා සහිත මානවරූපී අද්භූත ජීවීන් දහදෙනකුගේ සහ මානවයන් හය දෙනකුගේ රූප සටහන් දැකිය හැකිය. මේ රශ්මිමාලා සහිත ජීවීන්ගේ සිතුවම් ලෝකය පුරා හමු වූ පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍රයට නඟා ඇති සිතුවම් සමඟ බෙහෙවින්ම සමානය.

මේ නිසා ඡේතවනාරාමයේ දෙවිවරුන්ට තම විමාන යානා ගොඩබැස්‌සවීමට පිටසක්‌වල ජීවීන් යාන නවතන "පිටසක්‌වල යානා තොටුපළක්‌" තිබෙන්නට ඇති බව සිතිය හැකිය. මේ පිළිබඳව සුවිශේෂී ගවේෂණයකට විද්වතුන් යොමු වේවා.

අප දැන් යොමු වන්නේ තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති සිතුවම් පිළිබඳ හෙළිදරව් කිරීමටයි. නන්දදේව විඡේසේකර මහතා සම්පාදිත Per Historic Age  නම් කෘතියේ මේ සිතුවම් පිළිබඳ අගනා විස්‌තරයක්‌ ඇත. ශිරාණි දැරැණියගල, අනුරාධ සෙනෙවිරත්න වැනි විද්වතුන්ගේ පර්යේෂණවලට පවා ලක්‌ වූ මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැත. නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" ලෙස සාමාන්‍ය පෙළ චිත්‍ර මාලාවට පවා ඇතුළත් මේ චිත්‍ර නැවත කියවිය යුතුය.

2 වැනි රූපයේ දැක්‌වෙන සංකේතය බොහෝ පොත් පත්වල සූර්යයා ලෙස හඳුන්වා ඇත. නමුත් බිල්ලෑව ලේනේම සූර්යයා දැක්‌වෙන වෙනත් චිත්‍රයක වෘත්තයකින් නික්‌මෙන රශ්මිමාලාව මිස රශ්මිමාලාව වටා බාහිර රේඛාවක්‌ නැත. මැද පිහිටි වෘත්තාකාර කොටසකින් නික්‌මෙන ආලෝක ධාරාව කරත්ත රෝදයක ගරාදි මෙන් චිත්‍රයට නඟා ඇති බව සිතිය හැකිය. හඳුනාගත් පියාසර වස්‌තූන් පිළිබඳ පොත්පත් බොහොමයක මේ හැඩයේ පියාඹන පීරිසියක රූපයක්‌ දැකිය හැකිය. මේවා අතරින් එබඳු හඳුනා නොගත් පියාසර වස්‌තුවක සුප්‍රකට ඡායාරූපයක්‌ 2003 වසරේ මැයි 17 දින නෙදර්ලන්ත වැසියෙකු ගෙන ඇත. මෙහි ඡායාරූපයක්‌ සහිත විස්‌තරයක්‌ පිටසක්‌වල ජීවීන් නමැති ග්‍රන්ථයේ ඇත. (පිටසක්‌වල ජීවීන්. සජීව බණ්‌ඩාර, ප්‍රකාශය ගුණසේන, 173 පිටුව)

බිල්ලෑව ලෙන සහ පිටසක්‌වල ජීවීන් අතර සම්බන්ධතාව හෙළිදරව් වන සුවිශේෂිම රූපය වන්නේ 3 රූපයේ දක්‌වා ඇති සිතුවමයි. මේ සිතුවම මානව රූපී නොවන සත්ව රූපීද නොවන අප දන්නා වෙනත් උපකරණයක ද සමාන කමක්‌ නොමැති සංකේතයක්‌ වැනිය.

වෘත්තාකාර කවපෙත්තක්‌ වැනි කොටස ආධාරකය මත තැබූ විට එහි දාරය සහිත පැත්තෙන් මේසයක්‌ මත තැබූ පිඟානක්‌ මෙන් පෙනිය යුතුය. නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ශිල්පියෙකු නූතන චිත්‍ර කලා මූලධර්ම වලට පටහැනිව ආධාරකය මත හිසට ඉහළින් ඇති වෘත්තාකාර වස්‌තුවක්‌ පෙනෙන ආකාරයට කවපෙවත්තක්‌ වැනි කොටස සිතුවම් කර ඇත. මෙය සැලකිල්ලට ගෙන වෘත්තාකාර කොටසේ දාරය සහිත මූණත ඉදිරියට පෙනෙන ලෙස තැබූ විට පෙනිය හැකි ආකාරය 4 - රූපයේ කල්පිතව දක්‌වා සකස්‌ කර ඇත. එසේම 4 - රූපය ඇසුරින් යානාව ගොඩබැස්‌සූවිට පෙනුන ආකාරය 05 - රූපයේ මා විසින් අඳින ලද චිත්‍රයෙන් දැක්‌වෙයි.

"යානය" වේගයෙන් පැමිණියා. නෙµsලිම්වරු (දේව දරුවන් ලෙස එනමින් හඳුන්වා ඇත්තේ ද අනුනාකිවරුය) විසින් ගින්නෙන් මිනිසුන්ගෙන් ගැහැනුන් වෙන්කළා. ඔවුන් තෝරාගත් ගැහැනුන් බිරියන් ලෙස රැගෙන ඒ බලවතුන් (අනුනාකිවරු) ටික දිනකට ඉවත්ව ගියා. ඉන්පසුව අනුනාකිවරු සහ ගැහැනුන් (පැහැරගත්) ආපසු පැමිණියා. ගැහැනුන්ට දරු උපතක්‌ සිදුවිය. ඔවුන් (දරුවන්) බෝ වන්නට වූ අතර, ඔවුන් බලවත් විය. මිනිසුන්ගේ ගෞරවයට ලක්‌වුණා. මිනිසුන් වහලුන් බවට පත්වුණා."

(පරණ තෙස්‌තමේන්තුව ( උපත්ති කතා, 6.1 - 4)

උක්‌ත බයිබල් කතාව අනුව නෙµsලිම්වරු හෙවත් අනුනාකිවරු නමැති අද්භූත ජීවීන් විසින් කාන්තාවන් පැහැර ගැනීමක්‌ පුරාතන බයිබලයට පාදක වූ සුළු ආසියාවේ ද රටක සිදුවී ඇත. මේ බයිබල් විස්‌තරයට සමාන සිදුවීමක්‌ 1 - රූපසටහනේ දක්‌වා ඇතැයි සිතිය හැකිය.

මේ මානව රූපී රශ්මිමාලාධාරීන් පෘථිවිවාසීන් නොවන බව හඳුනාගැනීමට කදිම ප්‍රවේශයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇත. මංගල සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ මධ්‍යම රාත්‍රියේ ඡේතවනාරාමය ආලෝකවත් කරමින් පැමිණි දෙවිවරු පිළිබඳව සඳහන්ය. ඡේතවනාරාමයට එම ජීවීන් (දෙවිවරු) පැමිණ ඇත්තේ රාත්‍රියේදී ආලෝකධාරා විහිදුවාගෙන ඡේතවනාරාමය ආලෝකවත් කර ගෙනය. මඡ්ජිමනිකායට්‌ඨ කතාවේද ශක්‍රදෙවියා දුන් "විමාන" යානාවල නැගී බුදුන්වහන්සේ අපරාන්තයට වැඩම කළ බවත් සඳහන්ය. වෛමාන ශාස්‌ත්‍ර නමැති ග්‍රන්ථයේ විමාන නමැති ගුවන් යානා ගැන දීර්ඝ විස්‌තරයක්‌ ඇත. මේ නිසා "විමාන"නමැති යාත්‍රා පුරාණ ඉන්දියානුවන් දැනසිටි අහස්‌ යාත්‍රා විය යුතුය. මෙකී විමානවලින් පැමිණි අය "දෙවිවරු" ලෙස හඳුන්වා ඇත්තේ ඔවුන් පෘථිවිවාසීන්ගෙන් වෙන් කර දැක්‌වීමට විය යුතුය. ඒවා අද UFOLOGY නම් හඳුනානොගත් පියාසර වස්‌තූන් ගවේෂණය කරන විද්‍යාවෙන් අනාවරණය කරගත නොහැකිව සිටින යානා විය යුතුය. මෙය සත්‍ය නම් අතීත ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමයට විමාන නමැති යානා වලින් පැමිණ දෙවිවරු ලෙස හැඳින් වූ ජීවීන් අද වචනයෙන් කිවහොත් පිටසක්‌වල ජීවීන් විය හැකිය. බුදුන්වහන්සේ තම දෛනික කාල සටහනේ රාත්‍රී යාමය වෙන් කර තැබුවේ දෙවිවරු සහ බ්‍රහ්මයන් ලෙස හැඳින් වූ පෘථිවිවාසීන් වෙනුවෙන්ය.

3 - රූපයේ හැඩයට ඉතාම සමාන පිටසක්‌වල යානාවක්‌ 1976 මාර්තු 08 දින ස්‌විසර්ලන්ත වැසියෙකු ඡායාරූපගත කර ඇත. 3 - රූපයේ සංකේත ලෝකය පුරා පිටසක්‌වල යානා පිළිබඳ වාර්තා ඇසුරෙන් "බ්‍රිතාන්‍ය හඳුනානොගත් පියාසර වස්‌තුන් පිළිබඳ පර්යේෂණ සංගමය" විසින් කල්පිතව සකස්‌ කරන ලද පිටසක්‌වල යානාවට ද ඉඳුරා සමානය. මේ නිසා 3 රූපය ආදිවාසීන් දර්ශනය වූ පිටසක්‌වල යානාවක්‌ ලෙස සැලකිය හැකිය. මේ නිසා 3 රූපයේ දැක්‌වෙන්නේ ආධාරකයක්‌ මත ගොඩබස්‌වා ඇති පිටසක්‌වල යානාවක්‌ විය යුතුය. ආධාරකය හකුලුවා ගුවන්ගත වූ විට 6 - රූපයේ ආකාරයට පෙනෙන්නට ඇත. මෙවැනි කවපෙත්තක හැඩයට ආකාශයේ ගමන් කරන යාත්‍රාවල රූප සහිත කුඤ්ඤ අක්‍ෂර ලේඛන පුවරු ගණනාවක්‌ම සුමේරියානු ශිෂ්ඨාචාරයෙන් හමු වී ඇත.

ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග සංස්‌කෘතික අධ්‍යයන අංශයට බෙනෝ ලෑන්ඩ්බර්ග් (Benno Landsberger) සහ ඡේ. වී. කිනියර් විල්සන් (J.K. Kinnier Wilson) යන දෙදෙනා විසින් "එනමු - ඉල්ෂ් පුවරු පහ (The Fifh Tablet of Enumu - Elish) හිසින් විශිෂ්ඨ නිබන්ධනයක්‌ ඉදිරිපත් කළේය. මේ නිබන්ධනයේ ඇත්තේ නිබිරු නමැති යානාවලින් පෘථිවියට පැමිණෙන අද්භූත ජීවීන් වර්ගයක්‌ තම යානා පෘථිවියට පහත් කිරීම ඇසින් දුටු සාක්‍ෂියක ලි�ත සටහනකි. 7 - රූපයේ දැක්‌වෙන්නේ කවපෙත්තක හැඩැති යානාවකින් ගමන් කරන එම අද්භූත ජීවීන්ගේ කැටයමකි. එබැවින් 3 - රූපයේ දැක්‌වෙන්නේ සමකාලීන සුමේරියානුවන් පවා කැටයමට නඟා ඇති පිටසක්‌වල යානාවලට සමාන පිටසක්‌වල යානාවකි.

මේ නිසා සුමේරියානු ශිෂ්ඨාචාරයට සමාන්තරව පැවති අභාවයට ගිය දැනට අප නොදන්නා ශිෂ්ඨාචාරයක්‌ ලංකාවේ ද තිබුණු බව මේ විශිෂ්ඨ රූප සටහන ඉඟි කරයි. එබැවින් රංචාමඩම, හල්දුම්මුල්ල යන ස්‌ථානවලින් මෑතකදී පාදාගත්තේ බිල්ලෑව චිත්‍රශිල්පීන්ගේ පරපුර පිටසක්‌වල නෑයන්ගෙන් පැවත එන පරපුරක්‌ද?

බිල්ලෑව ලෙනේ ඇති අනෙක්‌ සුවිශේෂී සිතුවම z8රූපයේ දක්‌වා ඇති මානව රූපී අද්භූත ජීවීන් දෙදෙනාය. මෙම රූප දෙක කොටුකර ඇත. මොවුන්ගේ කායික අංක ලක්‍ෂණ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්‌ය. අතේ ඇඟිලි තුනකි.

එසේම අසාමාන්‍ය ලෙස දිගැටි විශාල හිස්‌ කබලේ ඉහළ අඟක්‌ වැනි කොටසක්‌ ද ඇත. මේ රූපය දෙස බැලූ විට කිසියම් මනුෂ්‍ය රූපී අද්භූත ජීවින් දෙදෙනෙකු බව අනුමාන කළ හැකිය. ඉපැරණි සුමේරියානු ශිෂ්ඨාචාරය හා සම්බන්ධ පිටසක්‌වල ජීවීන්ගේ කැටයම් කර ඇති රූපවල ද සත්ව හිස්‌ සහිත මානව රූපී ජීවීන් දැකිය හැකිය. බයිබලයේ පැරණිතෙස්‌මේන්තුවටත් වඩා ඉපැරණි කොප්ටික්‌ නමැති භාෂාවකින් ලියූ ලේඛන විශේෂයක්‌ ඊශ්‍රායලයේ මළමුහුද අසලින් හමු විය. එම ලේඛනවල අනුනාකිවරුන්ගේ දේහ ලක්‍ෂණ විස්‌තර කර ඇත්තේ මෙසේය.

"අනුනාකිවරු විටෙක මත්ස්‍ය රූපී මානවකයන් (Fish human)) සිංහ රූපී මානවයන් ((Lion human) පක්‍ෂිරූපී මානවකයන් (Bird human)) ලෙසත් වෙනත් සතුන් ලෙසත් මිනිසුන් ඉදිරියට පැමිණියහ. මේ නිසා අනුනාකිවරු දෙවියන් ලෙස හඳුන්වා මිනිසුන් වන්දනා කළා. මෝසස්‌ එයට දරුණු ලෙස විරෝධය පෑවා. පසුකලෙක ප්ලීඩියස්‌වරු (Pleidians) නමැති (අනුනාකිවරුන් වැනිම මිසරයේ සිටි අද්භූත ජීවීන් කොටසකි) ඊජිප්තුවේ පාරාවෝ තුන්වන ස්‌වර්ණමය යුගයේදී මෝසස්‌ විසින් දේව වන්දනා කළ සුමේරියන්වරුන්ව විනාශ කිරීමට මිසරවරු මෙහෙයවීය. මිසර - සුමේරියා වැසියන්ගේ බිහිසුණු යුද්ධයෙන් සුමේරියන්වරු ජයගත්තේය."

බිල්ලෑව ගුහාවෙන් පියාඹන පීරිසි ලෙස සැළකිය හැකි යානා දෙකක රූපසටහන් ද හමුවීම නිසා මේ අද්භූත ජීවීන් එම යානාවලින් පැමිණි පිටසක්‌වල ජීවීන් විය නොහැකිද? පිටසක්‌වල යානා ලෙස සැලකිය හැකි යානා හා අද්භූත ජීවීන් අතර රූපික සම්බන්ධයක්‌ ද පෙන්විය හැකිය.

ස "7 රූපය" අහසෙ ඈත පාවෙන පිටසක්‌වල යානාවකි.

සස "3" රූපය ආධාරකය මත නවතා ඇති පිටසක්‌වල යානාවකි.

සසස "8" රූපයෙන් දක්‌වා ඇත්තේ පිටසක්‌වල යානාවකින් එළියට පැමිණි පිටසක්‌වල ජීවීන් දෙදෙනකි.

මෙම රූප සටහන් නිහඬව පවසන සත්‍ය වන්නේ බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන් වූ අපේ ඈත නෑයන් සහ පිටසක්‌වල ජීවීන් අතර සබඳතාවක්‌ ඉතිහාසයේ ඈත යුගයකදී තිබුණු බව පමණි. එසේම ඉබ්බන්කටුව ආදී බොහෝ ප්‍රාග් ජනාවාසවල මෙගලිතික්‌ සොහොන් සමාන වන්නේ අසල්වාසී දකුණු ඉන්දියාවට නොව ඈත ඉන්දුනිම්නයේ හරප්පා නගරයේ සොහොන් කොත්වලට වීම පුදුම සහගතය. මේ සමානකම වෙළෙ¹ම හරහා රටවල් දෙකක්‌ අතර ඇතිවූ සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ බව ඉන්දුනිම්නයෙන් හමු වූ ලංකාවේ මැණික්‌ සහ ඉබ්බන්කටුව ආදී මෙගලතික්‌ සොහොන්වල ඇති ඉන්දුනිම්න රූපාක්‍ෂර සාක්‍ෂි දරයි. මේ නිසා ඉන්දු නිම්න වෙළෙඳුන් පිටසක්‌වල ජීවීන්ගේ සහාය ඇතිව ලංකාවේ මැණික්‌ ආදී සම්පත් ගෙන ගිය බව සිතිය හැකිය. නමුත් ඉන්දුනිම්න මහා ශිෂ්ඨාචාරය ආර්යයන් විසින් විනාශ කිරීම නිසා ලංකාවේ තිබූ ඉන්දුනිම්න ජනාවාස හුදෙකලා වන්නට ඇත. මේවා සංවර්ධනය වෙමින් ක්‍රි.පූ. 900 දී ආර්ය සංක්‍රමණය වනතුරු ස්‌වාධීනව පවතින්නට ඇත. රංචමඩම, හල්දුම්මුල්ල සහ ඉබ්බන්කටුව ඇති ඉන්දුනිම්න ජනාවාස පැහැදිලිවම ආර්ය ජනයාගෙන් වෙනස්‌ සහ ඊට පූර්වගාමී එකකි.

ඉහත නිගමනය නිසා අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්‌ ආලෝකමත් වෙයි. අප දැනට දන්නා ඉතිහාසයෙන් බැහැරව අපේ යටගියාව සෙවිය යුතු බවට මේ සිතුවම් අපව දිරිමත් කරයි.


උපුටා ගැනීම - http://www.divaina.com/2011/10/26/badada01.html

Tuesday, October 25, 2011

රාමගේ වඳුරු හමුඳාවට විරු හෙළයෝ පැරදුනාද?

0
රන්දිව පුවත්පතෙන්

රන්වනුන්ගේ ගීතය

0

හෙළයන්ගේ විමාන

0
රන්දිව පුවත්පතෙන්

උමං පද්ධති

0
රන්දිව පුවත්පතෙන්

විමාන

0

තරු මහසෙන් යුද්ධය සහ තරු අකුරු.....

0
තරු මහසෙන් යුද්ධය සහ තරු අකුරු.....

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත………….
බලි තරු රාවණ ගැමුණු විජයබා විරුවන් ලද ලංකා……………

මේ ජනප්‍රිය ගී දෙකෙහි යම් සමානකමක් ඔබ දකිනවද?
බලන්න නැවතත් මේ දෙකේම තියනවා. තරු කියලා වචනයක්. මොකක්ද මේ තරු.
මෙන්න මේක තමයි අද මගේ ලිපියට පාදක වෙන්නේ.

මේකෙ පලවෙනි ගීයෙන් කියන්නේ තරු අත් අකුරු ගැන.

දෙවනි ගීයෙන් කියන්නේ අපේ පුරාණ මහා රජවරුන් කීපදෙනෙක් ගැන.
එතකොට අපිට මුලින්ම පැහැදිලි වෙනවා මේ තරු කියන්නේ රජකෙනෙක් කියන එක.
හොදයි දැන් අපි දන්නවා එහෙම රජ කෙනෙක් අපි අහලා නැති බව. ඔව් ඔබ තියා මමත් මේගැන දැන ගත්තේ මේ ආයුර්වේද කෙරුවාවට එකතු වුනාට පසු.

මේ තරු රජ පරපුර තමයි අද අපි කළුතර කියලා කියන නගරය ආශ්‍රිතව තම රාජධානිය ගොඩනඟාගෙන සිටි අති ප්‍රභල රජු. මෙතුමාගේ කාලය වෙන්නේ අහුබුදු ශූරීන්ට අනුව නම් ක්‍රි. පූ. 10,000 විතර. මම නම් මේ කාලය ගැන එතරම් තැකීමක් කරන් නැහැ. මොකද මේ තොරතුරු අපිට දැනට ගන්න තියන්නේ, ඉන්දීය දේවපුරාණය අතර්ව වේදය වගේ ග්‍රන්ථවල. මේ ග්‍රන්ථ මම දන්න විදියට ඉංග්‍රිසි භාෂාවෙන් තියනවා. නමුත් අපි තාම මේවා සිංහලට
පෙරලන්න හිතලවත් නැහැ.

කෙසේ වෙතත්,
මේ රජුගේ පරපුර රජ කරන්නේ අද උතුරු කළුතර කියන ප්‍රදේශයේ තමයි. ඒ කාලේ මේ ප්‍රදේශය හදුන්වන්නේ දෙශාස්ත්‍ර කළුතර නමින්. ඔබ කළුතර කෙනෙක් නම් පැරන්නන්ගෙන් අසා බලන්න 1920/30 පමණ වනතෙක් මේ ව්‍යවහාර තිබිලා තියනවා. දැන් මතක තබා ගන්න මේ දෙශාස්ත්‍ර කියන නම.

නැවත අපි බලමු එතකොට දකුණු කළුතරට කියලා තියන්නේ මොකක්ද.

මම දැනට අවු ගනනාවකට කලින් මේ ගැන හොයන්න කළුතර පොඩි රස්තියාදුවක් දැම්මා. ඒ වෙලේ මට මුණු ගැසුනා මිත්‍රයෙක්ගේ සීයා කෙනෙක් ඔහු දැනන් හිටියා මේ විස්තර.

මේ ප්‍රදේශයට කියලා තියන්නේ වේලාපුර කළුතර කියලා. ඒ කියන්න්නේ වේලා පුරය නමින් හැදිවූයේ කතරගමට. එතකොට ගගින් එගොඩ වේලාපුර හෙවත් කතරගමට යටත් ප්‍රදේශය.
මෙගොඩ තරු රජු පාලනය කල දේශාස්ත්‍ර කළුතර.

දැන් අපි බලමු මේ තරුගේ පවුලේ කට්ටිය ගැන.
ඔහුගේ සහෝදර සහෝදරියන් ඉදලා තියනවා 05 දෙනෙක් මොවුන්ගෙන් 04 පිරිමි. එක් කාන්තාවක් හිටියා. මොහුගේ පියා තමයි පියුම් රජු. එතකොට මේ අයගේ නම් තමයි
1. තරු පියුම්
2. විරු පියුම්
3. සුරු පියුම්
4.නල පියුම්
5. සරසවි පියුම්

මෙන්න මේ සරසවිය තමයි අපිට ඕනෙ වෙන්නේ.
ඇය තමයි අපි කවුරුත් දන්නා සරසවිය.
ඇගේ වල්ලභයා වෙන්නේ ගංඟාමුණි, පුතුනුවන් වන්නේ සරිත්, දැන් ඔබට දැනෙනවද මේ සරසවිය උගත් කාන්තාවක් බව. ඔව් ඇය තමයි අකුරු කියන ශිල්පය මෙලොවට බිහි කලාය කියලා දේව පුරාණයේ සඳහන් වන්නේ.

ඇය තම වැඩිමල් සොයුරා වන තරු රජුගේ නමින් මේ ශාස්ත්‍රය නම් කලා. දේශාස්ත්‍ර වන්නේ මේ නිසාලු. එතකොට අර කියන ගීයෙන් හැගෙන්නේ

ඔබට මම මේ පෙම්පත එවන්නේ ලෝකයේ තිබෙන පැරණිම අකුරින් ලියලා.

කෙසේද මගේ ආලය....
කාලයක් ලිව්වා ලිවිල්ලක් වෙද හාමිනේටත්....

මේ කාලයේදී ලංකාව කොටස් දෙකකට තමයි පාලනය කරලා තිබෙන්නේ. එක් කොටසක් තරු ප්‍රමුක පියුම් රාජ වංශය. අනෙක් කොටස අපිට ඉතා වැදගත් බුදුන් වහන්සේ හැරුනම වැඩියෙන්ම බෞද්ධයන්ගේ ගෞරවයට ලක් වෙලා ඉන්න මහසෙන් හෙවත් කතරගම රාජධානිය කරගත් කතරගම දෙවියන්ගේ, රාජධානිය මේක හදුන්වා ඇත්තේ වේලා පුර කියන නමින්. මේ නිසා තමයි මේ රාජධානිය පටන් ගන්නා තැන වන කළු ගං මෝය දකුණෙන් ඇති ප්‍රදේශය වේලාපුර කළුතර වූයේ.

නමුත් කාලයකදී මේ සරස්වතිය ලබා ගැනීමට සහ රට එක්සත් කිරීම යන පරමාර්ථ ඇතිව මහසෙන් රජතුමා තරු ප්‍රමුඛ පියුම් රජවරු සමඟ යුද්ධයකට යනවා. එහිදී පියුම් පරපුර පරාජය වෙනවා. නමුත් මහසෙන් රජතුමාට සරසවිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන් නැහැ. ඇය කළු ගඟටම දිවි දෙනවා. මේ සිද්ධිය ඈත අතීතයේ සිදුවූ මනරම් යුද්ධයක් විදියට දේව පුරාණය සඳහන් කරලා තියනවා.

දැන් ඔබට මම පොඩි හෝඩුවාවක් දෙන්නම් අද මේ (තරු අකුරු) ගැන දන්නා උගතුන් කීපදෙනෙක් ලංකාවේ ඉන්නවා. (මේවා ලියලා හිරේ යන්න වෙයිද මන්ද?) එක්කෙනෙක් තමයි අප අතරින් ලඟදී වියෝවුනු අහුබුදුවන්, අනික් පුද්ගලයා තමයි මම ඉතා ගරු කරන උගතෙක් වන (දේශපාලනය මට වැඩක් නැහැ. මම ඒ ගැන හිතන්නේත් නැහැ.) වි.ජ.මු. ලොකුබන්ඩාරයන්. තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි එතරම් විධිමත් අද්‍යාපනයක් නොලද්දත් අද මෙරට සිටින මගේ මිනුම් අනුව අංක 1 ගත ගැකි පුරාවිද්‍යාඥයෙක් වන ජයරත්න පතිරාරච්චි මහතා.

ඔබ දන්නවද සරසවියට අත් හතරයි. මේ අත් හතර මොනවද කියල??
1. එක් අතක ඇති පොතකි - දැණුම
2. තවත් අතෙක - ඇටවැල - සිහිය
3. තවත් අතෙක ගිරවා - කීමෙහි බිනීමෙහි නිපුණතාව
4. සතරවන අතෙහි වීණාව - ලලිත කලා නිපුණතාවය

අංගම් හටන

0
සිංහලේට ආවේණික අභිමානවත් සටන් කලාව ගැන කතා කරන්නයි මේ සූදානම. මෑතක සිට නැවතත් කරළියට පැමිණ, වත්මන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අංගම් සටන් කලාවෙ ආරම්භයට සිව්හෙළේ ආරම්භය තරමටම ඈත අතීතයක්, ඉතිහාසයක් ඇත. එහි එකම උරුම කරුවන් ලක්වාසී සිංහලයන් වුවත්, අපේ අභිමානවත් සටන් කලාව පිළිබඳ මනා තතු දත් ප්‍රවීණයන් හිඟ වකවානුවක් දැන් එළැඹ ඇත.

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.
 
සිංහලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා අපට හමුවන්නේ මීට වසර 12 000කට පමණ පෙර කෝනාගම බුදුන් වහන්සේගේ යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය (මහාසේන). කතරගම වෙසෙමින් රාජ්‍ය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් අද වනතුරු පහල වී නැති බවක් හැඟේ. පසුකලෙක දේවත්වයට පත් මෙම රණ ශූරයා සටනට දැක්වූ අසහාය දස්කම හා ඔහුගේ වේගවත් බව නිරූපණය කිරීමට කතරගම දෙවි රුව මුහුණු සයක් සහ අත් දොළහක් සහිතව නිර්මාණය කරයි. මහසෙන් රජුට සමකාලීනව කළුතර පාලනය කල තාරක පද්ම (තරු) රජුද සටන් ශිල්පයේ බලවතෙක් බව සඳහන්ය.

සක්විති රාවන හෙවත් දසිස් රාවනද අංගම් සටන් පරතෙරට උගත් නරනායකයෙකි. රාවන රජුට නිල ශාස්ත්‍රය මෙන්ම නාඩි ශාස්ත්‍රය ගැනද මනා දැනුමක් වූ අතර ඒ පිළිබඳ පොත් පවා ලීවේය (නාඩි ශාස්ත්‍රය). රාවන රජු මෙන්ම ඔහු පුත් මේඝනාදත් (උපේන්ද්‍රමිණික) විවිධ සටන් කලාවන් පරතෙරට උගත්තෙක් බව පැවසේ. රාමායනය රචනා කල වාල්මිකී කීවේද රාමට රාවනයන් පරදන්නට අසීරු වුණු බවයි. වනගතව හුන් දුනුවායා සහ ජවසම්පන්න අංගම් සටන් ශිල්පියා අතර මුහුණට මුහුණ ලා සටනක් ඇති වී නම් රාවනයන් ලබන්නේ ඉතාම පහසු ජයකි. රාම රාවන සටන වසර 12ක් පුරාවට පැතිරෙන්නට ප්‍රධාන හේතුවත් ප්‍රබල සටන් කලාවකින් පෝෂණය වූ සිහළ සෙබළ බලකායයි. රාවන රජු අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කල ස්ථානයක් ලෙස ජනවහරේ සඳහන් වන තැනකි කොරතොට විහාරස්ථානය. කෙළිතොට (හරඹ කරන ස්ථානය) යන පදයෙන් බිඳී කොරතොට යන නම හැදී ඇත. මෙම විහාරස්ථානය හා බැඳුනු සටන් ශිල්පීන්ගෙන් පැවතෙන්නන් අදටත් හමුවිය හැක.

මහනුවර යුගය වන විට සුදලිය සහ මරුවල්ලිය යන අංගම් සටන් පරම්පරා දෙක මුල්තැන ගනී. මේ අතුරින් සටනකදී සුදලියේ පණික්කිරාල පැරදවූ මරුවල්ලිය පරපුරේ ගලගොඩ කුමාරිහාමි ගැන තොරතුරු රැසක් ඉතිහාසයේ එයි. ඇගෙන් පසු ගලගොඩ මුහන්දිරම් නමින් පරම්පරා හතක සටන් ශිල්පීන් අංගම් සටනේ දස්කම් පාමින් රාජ්‍ය සේවයේ යෙදුණහ. මෙම සටන් කරුවන් බෙහෙවින් රජුට පක්ෂපාතී වූහ. ඉහතදී සඳහන් කල කොරතොට විහාරය හා සම්බන්ධ අංගම් සටන් ශිල්පීන් සිය දස්කම් පෑ අවස්ථාවක් ලෙස සීතාවක රාජසිංහ රජු (එවකට ටිකිරි කුමරු) සමඟ එක්ව පරංගින්ට විරුද්ධව කල සටන හැඳින්විය හැක. මෙහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අවට වලව් 18ක සටන් ශිල්පීන් විහාරයට කැඳවා සටන් කලාව පුහුණු කිරීම හා සේනා සංවිධානය අරඹන ලද බව කියවේ. මෙසේ සංවිධානය වුණු බලසේනාව සමඟ පළමුවැනි රාජසිංහ රජු පරංගින් කොළඹ කොටුවට සීමා කරන ලදී.

මේ අයුරින් වසර තිස් දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියූ අංගම් සටන් කලාවේ අභාවය ඇරඹෙන්නේ ඉංග්‍රීසින් විසින් ගැසට් නිවේදනයකින් අංගම් සටන් තහනම් කිරීමෙනි. සටන් කරුවන් හොය හොයා මරන්නට තරම් ඉංග්‍රීසින් මිලේච්ඡ විය. සටන් උගන්වන්නන් මරා දමන ලද අතර උඩුකය ආවරණය වන ඇඳුම් තහනම් කරන ලද්දේ සටන් ශිල්පීන් හඳුනාගැනීමටය. මොවුන් අප අංගම් සටන් විරුවන් සතු ප්‍රභල සටන් කලාවට මෙන්ම කාය ශක්තියට බියවී සිටි තරම ඉන් අපට පැහැදිලිය. එකළ ඕනෑම හෙළයෙකුට පුහුණු වීමට අවසර තිබුණු මෙම සටන් කලාව මින් පසු වෙනස් විය. සටන් කරුවන් රහසිගතව සිය පරම්පරාවෙන් පරම්පරාවට ශාස්ත්‍රය ඉදිරියට ගෙන ආහ. අද වන විට සැබෑ ශිල්පය ප්‍රසිද්ධියේ පරපුරෙන් හෝ කුලයෙන් පිටතට ශිල්පය ලබාදෙන්නේ කොරතොට ආරච්චි පරපුර පමණි.


---කොරතොට ඉලංගම් මඩුව--- 

සාමාන්‍යයෙන් අංගම්මඩුව ලෙස පාරිභාෂිත වන මෙම ස්ථානය නිවැරදි ලෙසම ප්‍රකාශ කරන්නේ නම් ඉලංගම් මඩුවයි. ඉලංගම් යනු ආයුධ සන්නද්ධ සටන් යන්නයි. අංගම් යනු නිරායුධ සටන් ය. අංගම් හා ඉලංගම් පුහුණු වීමට භාවිතා කරන මඩුව නොමැතිනම් ස්ථානය ඉලංගම්මඩුව ලෙස අංගම් ශාස්ත්‍රයේදී හැඳින්වේ. සාමාණ්‍යයෙන් ඉලංගම්මඩුවල නිල ශාස්ත්‍රය, පැනුම් පිණුම් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහ ධර්ම විද්‍යාව, ඉතිහාසය, අවි ආයුධ ශාස්ත්‍රය වැනි අංගං වලට ඇතුළත් වෙනත් කොටස්ද ප්‍රගුණ කෙරෙනු ලැබේ. සාමාන්‍යයෙන් අංගම් මඩුවක් තුළ සටන් පුහුණු වීම සඳහා සුදුසු පරිසරයක් සකස් වන අතර බොහෝ දුරට වනාන්තරය ආශ්‍රිතව පිහිටා තිබීම වැදගත් වේ. 

එයට හේතුව වන්නේ ගස්, ගල්, කුඹුරු, ලී දඩු ආදිය සටන් පුහුණුවීම්වලදී භාවිතා විය යුතු වීමයි. එසේම පිටතින් බලන කිසිවෙකුට ඇතුළත සිදු වන දේ නොපෙනෙන ලෙස ඉලංගම්මඩු සකස් කරනු ලැබේ. එයට හේතුව වන්නේ කිසිදු සටන් පුහුණුවක් වෙනත් අයට නොපෙනෙන ලෙස ඉතා රහසිගතව සිදු වීමයි. අංගක්කරුවන්ගේ පූජා භූමිය ලෙස ඉලංගම්මඩුව හැඳින්විය හැකි ය. එයට ඇතුළු වීමේදී මෙන්ම පිටවීමේදී නමස්කාර කිරීම වැනි චාරීත්‍ර රාශියක් මෙම මඩුව ආශ්‍රිතව පවතී. 

අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළත් විය නොහැකි මෙය තුළට මස් මාංශ අනුභව කොට, මත්පැන් පානය කොට ඇතුළුවීම තහනම් ය. එසේම සිංහල-බෞද්ධ නොවන කිසිවෙකුට අංගම්මඩු ගොඩනැගිල්ලට ඇතුළු වීම පූර්ණ වශයෙන් තහනම්ය. අත්‍යවශ්‍ය නම් අංගං මඩු භූමියට පමණක් ඇතුළත් විය හැකිය. එයද අංගම් මොහන්දිරම් තුමාගේ පූර්ණ අවසරයෙන් පසුවය.(මෙයට අමතරව පැවසිය හැකි බොහෝදේ තිබුණද ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ය.)

Angampora Sri Lanka

Sunday, October 2, 2011

යකුන්ගෙන් පිහිට ඉල්ලන "යක්කම" යාතිකාව

0


උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ඔක්තෝබර් 2


අංගම් ආයුධ

0

ජාතික කෞතුකාගාරය