-->
Showing posts with label අංගම්පොර. Show all posts
Showing posts with label අංගම්පොර. Show all posts

Monday, December 2, 2013

හෙළවංශය දසවන වැඩසටහන

0


හෙළවංශය දසවන වැඩසටහන





දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දසවන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....








Thursday, November 28, 2013

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි

0

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි



ඉපැරැණි ලාංකේය සටන් කලාවක් වන අංගම් සටන් කලාවට වර්තමානය වන විටද හිමිවී ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. රාවණා යුගයේ පටන් පැවැත එන මෙම අපූරු සටන් කලාව ගරිල්ලා ක්‍රමයටද නෑකම් කියන අතර දේශීය උරුමයන්ගෙන් පැවත එන ප්‍රමුඛතම සටන් ක්‍රමවේදයක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. සටන්කලාවන් අතරින් තමන්ටම උරුම කරගත් ආරකින් පැවත එන අංගම්පොර සටන් කලාව මඟින් අතුරු සටන් කලා රාශියක් බිහි වී තිබේ.

අංගම්පොර සටන් කලාව පිළිබඳ විවිධ සටන් ශිල්පීන් එක් එක් අදහස් පළකොට තිබෙන අතර ඒවාට හාත්පසින්ම වෙනස් අදහසක් අංගම්පොර සටන්කලාව පිළිබඳ හෙළි කරන අංගම්පොර සටන් ශිල්පියෙක් අපට අදහස් දැක්වූවේය. ඔහු නමින් සුසන්තය. සම්මානලාභී අංගම්පොර සටන් ශිල්පියකු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සුසන්ත මහතා අංගම්පොර සටන් කලාව පිළිබඳ පළ කරන්නේ මෙවන් අදහසකි.


"අංගම්පොර සටන් කලාව යනුවෙන් සමාජයේ ප්‍රචලිත වුණත් මෙම සටන් කලාවට අංගම්පොර සටන් කලාව යන විරුදාවලිය මම භාවිත කරන්නේ නෑ. මොකද මෙම සටන් කලාවට පසුකාලීනව මෙම නාමය භාවිත කළේ. අංගම් යනුවෙන් හඳුන්වන්නේ අංග භාවිතය. ශරීරයේ අංග භාවිත කොට සිදුකරන සටන් ක්‍රමවේදයක් බැවින් මෙයට එම නාමය භාවිත කළා වෙන්න පුළුවන්. එහෙත් ඉපැරැණි සාම්ප්‍රදායික සටන් කලාව අංග භාවිතයෙන් පමණක් නොවේ සටනට අවතීර්ණ වුණේ. මෙම සටන් කලාව මානසික හික්මීමද ඇතිව සිදු කළ සටන් කලාවක්. එබැවින් මෙම සටන් කලාව විවිධ විරුදාවලීන්වලින් හැඳින්වීමට වඩා සාම්ප්‍රදායික සිංහල සටන් කලාව ලෙස හැඳින්වීම යෝග්‍යය යැයි මම හිතනවා."

මෙම ඉපරැණි සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා සටන් ශිල්පි ගුරුවරයා වෙත පැමිණෙන ශිෂ්‍යයා බොහෝ සේ මානසික හික්මීමක් ඇති අයකු විය යුතුය. සුසන්ත මහතා පවසන පරිදි ගෝලයා මුලින්ම පුහුණුවට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව දේව පූජාවක් පැවැත්විය යුතුය. දේව පූජාවෙන් අනතුරුව ගෝලයා ලද වාසනාව මත හෝ කැපවීමට ඇති හැකියාව මත ඔහුට අංගම්පොර සටන් කලාව මූලාරම්භයේ සිටම උගත හැකිය. එහෙත් අන් අයට පීඩා කරනු පිණිස පුහුණුව ලැබීමට පැමිණෙන්නන්ට එම පූජාවෙන් පසුව කුමන හේතුවක් මත හෝ සටන් ඉගැනීමේ වාසනාව අහිමි වන බව සුසන්ත මහතා පවසයි. පැරැණි සටන් කලාවෙහි ඇති තවත් එක් ප්‍රබල කරුණක් නම් අධික ගුරු භක්තියෙන් සටන් කලාව ප්‍රගුණ කරන තැනැත්තාට මෙම උත්තුංග සටන් කලාව මනාව ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇති වේ.

අත් සෙල්ලම්වලට අමතරව කඩු හරඹ, පොලු සටන්, වේලායුධ සටන්, හක්ගෙඩි සෙල්ලම, අතකොලු සෙල්ලම, හැරමිටි සෙල්ලම ආදී සටන් ක්‍රමවේදයන් මෙම කලාව ප්‍රගුණ කරන තැනැත්තාට ප්‍රගුණ කළ හැකිය. අවි ආයුධයෙන් සන්නද්ධව සේම නිරායුධව සිදු කරන සටන් ක්‍රමවේද 200කට අධික සිය ගෝලයන්ට පුහුණු කරන බව සුසන්ත මහතා කීය.

පිරිසක් මධ්‍යයෙහි සිටින තැනැත්තකු එම පිරිසටද නොදැනෙන ලෙස මරණයට පත් කිරීමට හෝ සිහි විසඥ කිරීමේ හැකියාවක් මෙම සටන් ක්‍රමවේදය තුළ පැවැතීමද සුවිශේෂීත්වයකි.

මෙම සටන් කලාව බහුලවම සිදුවන්නේ පුද්ගල සිරුරේ නිල හෙවත් ප්‍රධාන නහර ඉලක්ක කොටගනිමිනි. සතුරකු මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවලදී ඔහුට කිසිවක් කරගැනීමට පළමුව එම තැනැත්තාගේ බල නහරයක් වෙත පහරදී සිහිසුන් කිරීමේ හැකියාවක් මෙම සටන් කලාව සතුව පැවැතීම විශේෂත්වයකි.

මෙම සටන් කලාවේ භාවිත කරන සටන් ක්‍රමයන් හුදෙක් අත සහ පය පමණක් භාවිත කිරීම අපහසුය. එයට මානසික නිරවුල්තාව ඉහළින්ම පැවැතිය යුතුය. අතීත සාම්ප්‍රදායික සටන් ගුරුවරුන් අතරින් සුප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටි සරඹ වෙද මහතා යන විරුදාවලියෙන් හැඳින්වූ අරනෝරිස් වෙත්තසිංහ සහ බෙම්පි ප්‍රනාන්දු යන සටන් ප්‍රභූවරුද මෙම සටන් කලාව බොහෝ සේ ප්‍රගුණ කළ පිරිස අතර වැජඹෙති. සටන් කලාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් තුනුරුවන් ගුණ සිහිකොට නවග්‍රහ මණ්ඩලය සඳහා පූජාවක් සිදුකොට සතරවරම් දෙවිවරුන් නමින් 'පාරවල් හතර' නමැති සටන් ක්‍රමයක් පූජා කිරීමෙන් අනතුරු භාවනායෝගීව හිඳ මෙම සටන් කලාව පුහුණු කිරීමට පෙලඹී ඇති බව සුසන්ත මහතා පවසයි. යථෝක්ත සටන් ශිල්පීන්ගේ මුනුබුරකු වන සුසන්ත මහතාද සිය සාම්ප්‍රදායික සටන් කලාව ඇරැඹීමට ප්‍රථම ආධ්‍යාත්මික නිරවුල් බව සකස් කොට ඉන් අනතුරුව සටන් ප්‍රගුණ කිරීමට පුරුදු වී සිටියි.

ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට සාම්ප්‍රදායික ගමෙන් උපන් සටන් ශිල්පීන් ඉමහත් අභියෝගයක් වූ බව පැරැණි සටන් සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. පෘතුගීසීන්ගේ ගිනි බටය සටන් ශිල්පීන්ගේ නිල සටන හමුවේ පරාජයට පත් වෙමින් පැවැති නිසා සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට දුටු තැන වෙඩිතබා මරා දැමීමට පෘතුගීසීන් තීරණය කොට තිබේ. සටන් ශිල්පීන්ගේ නැඟී සිටීම පෘතුගීසීන් තුළ ඇති කළේ භීතියකි. එබැවින් ලංකාව ඇතුළත කිසිදු ස්ථානයක සටන් කලාව ප්‍රගුණ නොකළ යුතු බවටද පෘතුගීසීන් විසින් වාරණයක් පනවනු ලැබීය. එසේ සටන් ක්‍රමවල නිරත වන්නන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ඔවුහු කටයුතු කළහ. සිංහල නිවෙසක කඩුවක් පවා තබා ගැනීමට තහනම් කිරීමෙන්ම පෘතුගීසීන් සාම්ප්‍රදායික සටන් කලාව කෙරෙහි කොතරම් භීතියක් දක්වා ඇතිද යන්න පසක් වේ.

කෙසේ වෙතත් මෙම සටන් කලාව විනාශවීමට ඉඩ නොතැබූ අතීත සටන් ශිල්පීහු පෘතුගීසීන්ගේ අවධානය යොමු නොවන පරිදි පැරැණි සටන් කලාවට හාස්‍යයද මුසු කරමින් මායා නමැති සටන් කලාවක් හඳුන්වා දුන්හ. සත්තකින්ම ඔවුන් එහිදී සිදු කළේ පැරැණි සටන් ශිල්පයම හාස්‍යයද මුසු කරමින් පෘතුගීසීන්ට සැක පහළ නොවන පරිදි ප්‍රගුණ කිරීමට කටයුතු කිරීමයි. විවිධ ආයිත්තම් විකට ඇඳුමෙන් සැරැසී මායා රංගනයක් ලෙස හුවා දක්වමින් ඔවුන් පැරැණි සටන් කලාව ප්‍රගුණ කොට ඇති බවට අතීත සටන් සාහිත්‍යය සාක්කි දරයි.

එවන් අපරිමිත කැපවීමක් දරා අතීත ප¾ඩිවරුන් විසින් පවත්වාගෙන එන ලද පෞරාණික සටන් කලාව විවිධ පුද්ගලයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අභාවයට යමින් පවතින බව සුසන්ත මහතා පවසයි. පැරැණි මුතුන්මිත්තන් මායා සටන් කලාව හඳුන්වා දුන්නේ සත්‍යය ඉපැරැණි සටන් කලාව අනාගත පරපුරට හඳුන්වා දීමට වුවද අනාගත බහුතරයක් පිරිස සටන් කලාව හුදෙක් රඟපෑමක් බවට පත් කරමින් ඉපැරැණි සටන් ශිල්පය පවා විකෘති කිරීමට පෙලඹී සිටින බවද සුසන්ත මහතා පවසන්නේ දැඩි කනගාටුවෙනි.

පෘතුගීසි සමයෙහි පවා විවිධ අභියෝගයන්වලට මුහුණ දෙමින් ජීවිත අවදානමද නොතකා සිය සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමට අතීත සටන් වියතුන් කටයුතු කළා සේම වත්මන් පරපුරද එම අභියෝගය සුරතට ගනිමින් කටයුතු කරයි නම් ඉපැරැණි සටන් කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් පරපුරක් බිහි කිරීමට හැකි වෙනු නොඅනුමානය.


සමිත් මධුරංග

ඡායාරූප - නුවන් අමරවංශ

උපුටා ගැනීම
- http://mawbima.lk/55-11011-news-detail.html



Tuesday, October 8, 2013

හෙළයේ සටන් රහස අංගම්

0

හෙළයේ සටන් රහස අංගම්




අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.

අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.

අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.


යටත්විජිත තහනමට ලක්වීම
මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට ”පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.


මර්දනය
ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. ”අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.”

සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.


කොරතොට අංගම්පොර සම්ප‍්‍රදාය
අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.

තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.

ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැුක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.

ඔහු රචිත හෙළයේ සටන් රහස අංගම් කෘතිය සුවහසක් පාඨක ජනයා අංගම් සටන් කලාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබනු ඇතැයි අපි විශ්වාස කරමු.



පැතුම් පැස්කුවල්

උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/166910



 

Sunday, January 13, 2013

අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

2
අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

ගුවන් හමුදා විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන් භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන් පුහුණුව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන් කළහ.

අංගම්පොර සටන් කලාව යනු වසර තිස් තුන් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. මෙම සටන් කලාව රාවණා යුගයේ සිට පැවත එන බවට පැවසෙන අතර මේ වන විට එය අභාවයට යමින් පවති.












































උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/92626


 





Monday, January 23, 2012

ඌරා ලි‍ඳේ අංගම් කෙටීම

2

සිංහළේ අංගං සටන්

සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෞර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්‍රයේ ආභාෂයෙනි. සීතාවක රාජධානියට සම්බන්ධ කොරතොටආරච්චි පරම්පරාවෙන් පැවතෙන මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා ගුරුතුමන් ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට විවෘත අභියෝගයක් කරයි. අපටම ආවේණික අංගං ශාස්ත්‍රයේ සංගායනාවක් ලෙස මෙම අවස්ථාව දකින ඔහු, අංගං ශාස්ත්‍රයේ රොඩු බොරළු ඉවත් කර නිවැරදි ශාස්ත්‍රය අනාගත පරපුරට උරුම කර දීමේ භාරධූර කර්තව්‍යයකට අතගසා සිටී.

ඌරා ළිඳ යනු


සාම්ප්‍රදායික සිංහලයන්ගේ සටන් ක්‍රමය වන අංගං සටන් ශිල්පීන්ගේ දක්ෂතා උරගා බලන හෝ  අංගං සටන් ඉගෙන ගන්නා ශිල්පීන් සටන් පුහුණු වන  ස්ථාන ඌරා ළිඳ ලෙස හැඳින්වේ. මෙම ළිඳ සැකසී තිබෙන්නේ වල් ඌරන් ජලය බීමට යන ගල්වලින්  සැකසුණු ළිඳක ආකාරයෙනි. මෙම ළිඳට වතුර බීමට  යන ඌරන් එහි තිබෙන බෑවුම් ස්වාභාවය නිසා ලිස්සා  ගොස් නැවත එන්නට බැරි ලෙස ජලයේ ගිලෙයි. එවැනි ස්වාභාවයකට මෙම ළිඳ සකසා තිබේ. මේ අනුව අඩි දහයක් උස අඩි පහළොවක් විශ්කම්භයක් සහිත පතුළ මඩකර තිබෙන මෙම ඌරා ළිඳෙහි සටන පෑ තැටියෙන්  පැයක කාලයක් පුරා දිව යයි.

ඌරා ළිඳේ සටන

ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.
  • අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
  • මරණය තෙක් සටන් කිරීම
  • පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
  • පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම
යනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය.


පනික්කි රාළ තනතුර

අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහාද ඌරා ළිඳේ සටන් යොදා ගනු  ලබයි. මීට අමතරව අතීතියේ රජුන්ගේ අංගාරක්ෂකයන්  (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා  ළිඳේ අංගං කෙටීමෙනි. 

උපුටා ගැනීම - http://uralinda.blogspot.com/

Wednesday, January 4, 2012

අදත් හඳුනාගත නොහැකි රාවණ රජුගේ සටන් කලාව

2
ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 5

උපුටා ගැනීම - http://www.rivira.lk/edition/rivi-dahara/215-rnl-fapl-fa-yj-yc-fp-yz


Tuesday, October 25, 2011

අංගම් හටන

0
සිංහලේට ආවේණික අභිමානවත් සටන් කලාව ගැන කතා කරන්නයි මේ සූදානම. මෑතක සිට නැවතත් කරළියට පැමිණ, වත්මන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අංගම් සටන් කලාවෙ ආරම්භයට සිව්හෙළේ ආරම්භය තරමටම ඈත අතීතයක්, ඉතිහාසයක් ඇත. එහි එකම උරුම කරුවන් ලක්වාසී සිංහලයන් වුවත්, අපේ අභිමානවත් සටන් කලාව පිළිබඳ මනා තතු දත් ප්‍රවීණයන් හිඟ වකවානුවක් දැන් එළැඹ ඇත.

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.
 
සිංහලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා අපට හමුවන්නේ මීට වසර 12 000කට පමණ පෙර කෝනාගම බුදුන් වහන්සේගේ යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය (මහාසේන). කතරගම වෙසෙමින් රාජ්‍ය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් අද වනතුරු පහල වී නැති බවක් හැඟේ. පසුකලෙක දේවත්වයට පත් මෙම රණ ශූරයා සටනට දැක්වූ අසහාය දස්කම හා ඔහුගේ වේගවත් බව නිරූපණය කිරීමට කතරගම දෙවි රුව මුහුණු සයක් සහ අත් දොළහක් සහිතව නිර්මාණය කරයි. මහසෙන් රජුට සමකාලීනව කළුතර පාලනය කල තාරක පද්ම (තරු) රජුද සටන් ශිල්පයේ බලවතෙක් බව සඳහන්ය.

සක්විති රාවන හෙවත් දසිස් රාවනද අංගම් සටන් පරතෙරට උගත් නරනායකයෙකි. රාවන රජුට නිල ශාස්ත්‍රය මෙන්ම නාඩි ශාස්ත්‍රය ගැනද මනා දැනුමක් වූ අතර ඒ පිළිබඳ පොත් පවා ලීවේය (නාඩි ශාස්ත්‍රය). රාවන රජු මෙන්ම ඔහු පුත් මේඝනාදත් (උපේන්ද්‍රමිණික) විවිධ සටන් කලාවන් පරතෙරට උගත්තෙක් බව පැවසේ. රාමායනය රචනා කල වාල්මිකී කීවේද රාමට රාවනයන් පරදන්නට අසීරු වුණු බවයි. වනගතව හුන් දුනුවායා සහ ජවසම්පන්න අංගම් සටන් ශිල්පියා අතර මුහුණට මුහුණ ලා සටනක් ඇති වී නම් රාවනයන් ලබන්නේ ඉතාම පහසු ජයකි. රාම රාවන සටන වසර 12ක් පුරාවට පැතිරෙන්නට ප්‍රධාන හේතුවත් ප්‍රබල සටන් කලාවකින් පෝෂණය වූ සිහළ සෙබළ බලකායයි. රාවන රජු අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කල ස්ථානයක් ලෙස ජනවහරේ සඳහන් වන තැනකි කොරතොට විහාරස්ථානය. කෙළිතොට (හරඹ කරන ස්ථානය) යන පදයෙන් බිඳී කොරතොට යන නම හැදී ඇත. මෙම විහාරස්ථානය හා බැඳුනු සටන් ශිල්පීන්ගෙන් පැවතෙන්නන් අදටත් හමුවිය හැක.

මහනුවර යුගය වන විට සුදලිය සහ මරුවල්ලිය යන අංගම් සටන් පරම්පරා දෙක මුල්තැන ගනී. මේ අතුරින් සටනකදී සුදලියේ පණික්කිරාල පැරදවූ මරුවල්ලිය පරපුරේ ගලගොඩ කුමාරිහාමි ගැන තොරතුරු රැසක් ඉතිහාසයේ එයි. ඇගෙන් පසු ගලගොඩ මුහන්දිරම් නමින් පරම්පරා හතක සටන් ශිල්පීන් අංගම් සටනේ දස්කම් පාමින් රාජ්‍ය සේවයේ යෙදුණහ. මෙම සටන් කරුවන් බෙහෙවින් රජුට පක්ෂපාතී වූහ. ඉහතදී සඳහන් කල කොරතොට විහාරය හා සම්බන්ධ අංගම් සටන් ශිල්පීන් සිය දස්කම් පෑ අවස්ථාවක් ලෙස සීතාවක රාජසිංහ රජු (එවකට ටිකිරි කුමරු) සමඟ එක්ව පරංගින්ට විරුද්ධව කල සටන හැඳින්විය හැක. මෙහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අවට වලව් 18ක සටන් ශිල්පීන් විහාරයට කැඳවා සටන් කලාව පුහුණු කිරීම හා සේනා සංවිධානය අරඹන ලද බව කියවේ. මෙසේ සංවිධානය වුණු බලසේනාව සමඟ පළමුවැනි රාජසිංහ රජු පරංගින් කොළඹ කොටුවට සීමා කරන ලදී.

මේ අයුරින් වසර තිස් දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියූ අංගම් සටන් කලාවේ අභාවය ඇරඹෙන්නේ ඉංග්‍රීසින් විසින් ගැසට් නිවේදනයකින් අංගම් සටන් තහනම් කිරීමෙනි. සටන් කරුවන් හොය හොයා මරන්නට තරම් ඉංග්‍රීසින් මිලේච්ඡ විය. සටන් උගන්වන්නන් මරා දමන ලද අතර උඩුකය ආවරණය වන ඇඳුම් තහනම් කරන ලද්දේ සටන් ශිල්පීන් හඳුනාගැනීමටය. මොවුන් අප අංගම් සටන් විරුවන් සතු ප්‍රභල සටන් කලාවට මෙන්ම කාය ශක්තියට බියවී සිටි තරම ඉන් අපට පැහැදිලිය. එකළ ඕනෑම හෙළයෙකුට පුහුණු වීමට අවසර තිබුණු මෙම සටන් කලාව මින් පසු වෙනස් විය. සටන් කරුවන් රහසිගතව සිය පරම්පරාවෙන් පරම්පරාවට ශාස්ත්‍රය ඉදිරියට ගෙන ආහ. අද වන විට සැබෑ ශිල්පය ප්‍රසිද්ධියේ පරපුරෙන් හෝ කුලයෙන් පිටතට ශිල්පය ලබාදෙන්නේ කොරතොට ආරච්චි පරපුර පමණි.


---කොරතොට ඉලංගම් මඩුව--- 

සාමාන්‍යයෙන් අංගම්මඩුව ලෙස පාරිභාෂිත වන මෙම ස්ථානය නිවැරදි ලෙසම ප්‍රකාශ කරන්නේ නම් ඉලංගම් මඩුවයි. ඉලංගම් යනු ආයුධ සන්නද්ධ සටන් යන්නයි. අංගම් යනු නිරායුධ සටන් ය. අංගම් හා ඉලංගම් පුහුණු වීමට භාවිතා කරන මඩුව නොමැතිනම් ස්ථානය ඉලංගම්මඩුව ලෙස අංගම් ශාස්ත්‍රයේදී හැඳින්වේ. සාමාණ්‍යයෙන් ඉලංගම්මඩුවල නිල ශාස්ත්‍රය, පැනුම් පිණුම් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහ ධර්ම විද්‍යාව, ඉතිහාසය, අවි ආයුධ ශාස්ත්‍රය වැනි අංගං වලට ඇතුළත් වෙනත් කොටස්ද ප්‍රගුණ කෙරෙනු ලැබේ. සාමාන්‍යයෙන් අංගම් මඩුවක් තුළ සටන් පුහුණු වීම සඳහා සුදුසු පරිසරයක් සකස් වන අතර බොහෝ දුරට වනාන්තරය ආශ්‍රිතව පිහිටා තිබීම වැදගත් වේ. 

එයට හේතුව වන්නේ ගස්, ගල්, කුඹුරු, ලී දඩු ආදිය සටන් පුහුණුවීම්වලදී භාවිතා විය යුතු වීමයි. එසේම පිටතින් බලන කිසිවෙකුට ඇතුළත සිදු වන දේ නොපෙනෙන ලෙස ඉලංගම්මඩු සකස් කරනු ලැබේ. එයට හේතුව වන්නේ කිසිදු සටන් පුහුණුවක් වෙනත් අයට නොපෙනෙන ලෙස ඉතා රහසිගතව සිදු වීමයි. අංගක්කරුවන්ගේ පූජා භූමිය ලෙස ඉලංගම්මඩුව හැඳින්විය හැකි ය. එයට ඇතුළු වීමේදී මෙන්ම පිටවීමේදී නමස්කාර කිරීම වැනි චාරීත්‍ර රාශියක් මෙම මඩුව ආශ්‍රිතව පවතී. 

අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළත් විය නොහැකි මෙය තුළට මස් මාංශ අනුභව කොට, මත්පැන් පානය කොට ඇතුළුවීම තහනම් ය. එසේම සිංහල-බෞද්ධ නොවන කිසිවෙකුට අංගම්මඩු ගොඩනැගිල්ලට ඇතුළු වීම පූර්ණ වශයෙන් තහනම්ය. අත්‍යවශ්‍ය නම් අංගං මඩු භූමියට පමණක් ඇතුළත් විය හැකිය. එයද අංගම් මොහන්දිරම් තුමාගේ පූර්ණ අවසරයෙන් පසුවය.(මෙයට අමතරව පැවසිය හැකි බොහෝදේ තිබුණද ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ය.)

Angampora Sri Lanka

Sunday, October 2, 2011

අංගම් ආයුධ

0

ජාතික කෞතුකාගාරය

Tuesday, September 27, 2011

අංගං හරඹ

3
කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.
ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.
හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.

කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.

ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?
රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.
කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටිකැරකැවීම, පිනුම් හරඹ, කඩු පළිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණුු කඩු සටන, නිරායුද සටන හා තැරැුක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප‍්‍රදර්ශනය විය. පැනුම් පිනුම් වලින් සමන්විතව කළ හරඹ මනා පුහුණුවකින් පසු ඉදිරිපත් කළ බව අපි දැක්කෙමු.
විශේෂයෙන් මෙහිදී දැඩි විනයත්, භාවනායෝගීබවත්, නිතර නිතර කළ අභ්‍යසවලින් ලත් මනා පුහුණුවත් ගුරු ගෞරවයත් අපි දුටුවෙමු.

මෙම සටන් අතර එතුණු කඩුකරකැවීම, එතුණුු කඩු සටන, ඉලංගක්කාර කඩු සටන් මහත් සංයමයකින් කළ යුතුය. අකුණු වේගයෙන් කරන කඩුකරකැවීම ඇස් අදහාගත නොහැකි තරම්ය. ඒ සඳහා මහත් පුහුණුවක් මෙන්ම සංයමයත් අත්‍යවශ්‍යය.

අජන්ත ගුරුන්නාන්සේ එතුණු කඩු කැරකැවීම ශිල්ප දැක්වූ ආකාරය ඉතා මනරම්ය. එදා හෙළයින් සතුව පැවති මේ උරුමය අපේ කාලයේ යෞවනයෙකු උරදරා සිටී.
මූන වසාගෙන පැමින ක්ෂණයකින් පහරදී අතුරුදන් වීම අංගම් හරඹ ශිල්පයේ තවත් එක් සටන් ක‍්‍රමයකි. මෙහිදී කළු රෙදි පටියකින් තම මුහුන් වසා සටන්කරයි. පහර දෙන්නේ කවුදැයි සිතීමටත් කලින් ක්ෂණයකින් ගස් ගල් උඩින් පැන පිනුම් ගසා පහරදීම මෙහිදී සිදුවේ.

එදා පරංගි සේනා කොළඹ බළකොටු බැඳ තිබූ අවදියේ ටිකිරි කුමරා සීතාවක පුරයේ සිට ගොස් දිනකට පරංගින් 50ක් පමණ පෙති ගසා එන්නේ අංගම් හරඹ ශිල්පය දක්ෂ ලෙස ප‍්‍රගුුණ කළ නිසාවෙනි.
ටිකිරි කුමරාගේ ලේ ඥාතීන් වන කොරතොට මහන්ත ආරච්චි පරපුරේ වර්තමාන ගුරුදෙවියා අජන්ත ගුරුන්නාන්සේ ද එදා ටිකිරි කුමරා සේ සවිබලය. එඩිතරය. තම ගේලයින් හා නිරායුද සටනකට පිවිසි අජන්ත ඒ බව මනාව ඔප්පු කෙළේය. පහරදීම්, පහරදීීම් වලකාලීම්, සමූහයක් සමඟ එකවර සටනට පිවිස විරුද්ධවාදියා පරාජය කිරීමේ ක‍්‍රම අපි දැක්කෙමු,

අංගම් ශාස්ත‍්‍රයේ තැරැුක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.
ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගං හරඹ ශිල්පය රැුකගැනීමට මහන්ත ආරච්චි අජන්ත ග-ුරුන්නාන්සේ ඉදිරිපත් වී සිටීයි .

ඔහු තරුණයි. 28 වියෙහි පසුවන අජන්ත තම පරපුර පණමෙන් රැුකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැුකදීම සඳහා තම ජීවිත කාලයම කැපකරමින් සිටී.එය තමාගේ වගකීම බවත් තමා ඒ සඳහා දිව්රුම් දී ඇති බවත් ඹහු පවසයි.
මෙම කාර්යය පහසුකටයුත්තක් නොවන බවත් අංගං මඩුවක් තනා ගැනීමත් අද ඉතාමත් අපහසු කටයුත්තක් වී ඇති බව කියනූ ඹහු මේ සා විශාල අපේ උරුමය සඳහා මෙතෙක් කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම අවාසනාවට කරුණක් බව කියයි .

අතීතයේ අප රට ජාතිය ආගම පරයින්ගෙන් රැුකගත්තෝ අංගං සටන් ශිල්පීහුය. අංගං ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. අවුරුදු 7දී අංගං සටන් ශිල්පයට පිවිසි අජන්ත, වත්තේ පොල් කැඩූ පසු තම සීයා විසින් සියළු පොල්ගෙඩි අතින් ලෙලි ගසන ලෙස දුන් උපදෙස් අංගං ශිල්පය මතු පරපුරට රැුකදීම සඳහා කළ උපක‍්‍රමයි. එසේම කැලේට ගොස් බෙහෙත් වර්ග බෙහෙත් පැලෑටි සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේය. එසේ කළේ සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බැවිනි.
එසේම කුඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ කියාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන දිව් බවත් තම ශක්කිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින ප‍්‍රගුණ කළ බවත් අපට පැවැසීය.

අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැුකගත්තෝ මෙම අංගං ශිල්පීහුය. මෙම සටන් ශිල්පය ඉගෙනීම සඳහා සිංහල බෞද්ධයකු වීම අනිවාර්ය ය. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැුක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝග ීබවත් මෙම සටන් අනිවාර්ය අංග බැවිනි.

එසේම එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. ඒ සඳහා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැනක් දෙයි. වේලාපත්කඩය බලා ආයුෂ ධාරණ, ශක්තිය, කුන්ඩලණි ශක්තිය, දරාගැනීමේ ශක්තිය, ග‍්‍රහ අපල දොස් බැලීමෙන් සුදුසු නම් පමණක් සටන් කලාව ප‍්‍රගුණකිරීමට තෝරාගැනෙයි. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම අභ්‍යස, භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, යක්ෂ ගෝත5ිකයන් නිර්මාණය කළු සුවිශේෂී භාවනා ක‍්‍රමත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රමඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද  ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගං ශිලපයේ පවතින බව අජන්ත ගුරුන්නාන්සේ අප සමඟ පැවැසීය.

අංගං ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි ඔහුගේ මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැුක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගං ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. එම පරපුරෙන් පැවත එන කොරතොට මහන්ත ආරච්චි පරම්පරාව මෙම සටන් ශිල්පය අනාගතයට රැුක දීමට විවිධ අපහසුකම් මධ්‍යයේ කටයුතු කරමින් සිටී.

අතීතයේ විවිධ අවස්ථාවලදී පරයින් හමුවේ අප මවුබිම ආරක්ෂාකළ සටන් ශිල්පය කිසිම වගකීමක් නොමැතිව ඇතැම් අය පරදේශක්කාරයින්ට ඉගැන්වීම කනගාටුදායක බවත් එයින් එම සටන් ශිල්පය විනාශමුඛයට ඇදී යනබවත් අජන්ත අප සමඟ පැවසීය.

එම නිසා තම පරපුර රහසේ කරගෙන ආ අංගං හරඹ සටන් ශිල්පය අළලා ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ රණකෙලි පූජාවක් පැවැත්වූ බව ඔහු කියයි . එමගින් අංගම් පොරනමින් බිහිවී ඇති ව්‍යජ සටන්ක‍්‍රමවලින් (කලරි, මලයාලම් වැනි ඉන්දීය සටන් ක‍්‍රම) පිරිසිදු අංගං හරඹ ශාස්ත‍්‍රය අනාගත පරපුරට උරුමකරදීමට අපේක්ෂා කරයි.

අංගං ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇති ශාස්ත‍්‍රයකි. එය රාවණයුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි.

රවීංශෛලාංත ගෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කොරතොට ආරච්චි පරම්පරාවෙ ආරච්චිවරු 18 දෙනෙක් වූහ . ඒ අයගෙන් වැඩි දෙනෙක් අංගං ශිල්පයේ පරතෙරටම ගිය අයයි. මෙයින් මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි කියන පරම්පරා පමණයි අද ඉතුරුවී සිටින්නේ.
මහන්ත ආරච්චි යනු ප‍්‍රධානයාය ි. යුද්ධයට අවශ්‍ය අංගං සටන් පුහුණුකිරම, ඉගැන්වීම පැවරුණේ මහන්ත ආරච්චිටයි.

කඩුවෙල කොරතොට රජ මහා විහාරය ආශි‍්‍රතව අංගං මඩු තුනක් පිහිටා තිබීණි . කඩුවෙල රුක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව ඇදී ප‍්‍රදේශ වලින් හැඩි දැඩි ශක්තිමත් තරුණයෝ අංගං සටන් පුහුණුව ලදහ.
1505 දී පෘතුගසීහු ලංකාව ආක‍්‍රමණය කළහ. සිංහලයින්ට මහත් පීඩා විඳින්නට සිදුවිය. පරංගීහු රට වනසමින් සිටියහ. ස්තී‍්‍රන් දුෂණය කළහ. දේපොළ කොල්ල කෑහ. බෞද්ධ ආගම වෙනස්නොකරන ලද සිංහලයින් මරාදැමීමටත්, පන්සල්, දේවාල ගෙවල් දොරවල් ගිණිතැබිමටත් පෙළඹුණාහ. ආගම වෙනස් නොකළ සිංහලයින්ගේ දරුවන් උඩදමා කඩුව ඇල්ලිමට තරම් මිලේඡු විය. සිතාවක ටිකිරි කුමරු යටතේ සිංහල සේනාවෝ රහසේ සංවිධානය වූහ. රහසේ කොළොඹ ගොස් පරන්ගීන් මරා දමා ආපසු පැමිණියහ. එම ප‍්‍රහාර වේගවත් විය. පරන්ගීන්ට දරාගැනීමට නොහැකිවිය. පරංගීහු අංගං සටන්කාමින් මරාදමමින් අංගංමඩු පිටින්ම ගිනිි තැබූහ.

1559 දී පමණ සීතාවක මායාදුන්නේ රජුගේ පුත‍්‍රයා වූ ලාබාල ටිකිරි කුමරා පළමු රාජසිංහ නමින් රජ තනතුරට පත්වී සිටියේය. සීතාවක රාජසිංහ නමින්ද එතුමා හැදින්විූය.
සේනාධිපති හැටියට කටයුතු ාකළේ වික‍්‍රමසිංහ මුදලිතුමාය. මේ වෙනවිට මුල්ලේරියාව සටන් ආරම්භවී තිබුණි.
එම ඓතිහාසික සටන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. එම මුල්ලේරියාව සටනේදී පරන්ගීන් සමපූර්ණයෙන් පරාජය කිරිමට ටිකිරි කුමරා ප‍්‍රමුඛ සිංහල හේවායෝ සමත්වූහ. එහිදී මියගිය පරන්ගි ගණන 1600 ට වැඩිබව ඉතිහාසය තුළ ලියවී ඇත. පෘතුගීසීන්ගේ නවින අවි ආයුද තුට්ටුවකට මායිම් නොකල සිංහල සේනාව අතිවිශිෂ්ට ජයක් ලැබීය. එම සටනෙන් පසුව මුල්ලේරියා වැව හා කුඹුරු යාය සම්පූර්ණයෙන් රත් පැහැ ගැන්වුණ් බව සඳහන් වෙයි.
මුල්ලේරියා සටන් පවතිත්දි ටිකිරිකුමරාගේ සේනාධිපති වික‍්‍රමසිංහ මුලිතුමා තුවාල ලැබීය. පසුව රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තව කොරතොට රජමහා විහාරයට පැමිණිය හ.
මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි.

මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.
කොරතොට ආශි‍්‍රත ප‍්‍රදේශය සටන් පැවති ප‍්‍රදේශයකි. කඩු හංගා තැබූ වෙල්යාය කඩුවෙලෙය. මුල්ලේරියා වැවේ කොටසක් අද ද දැකගත හැකිය. කොළොඹ හංවැල්ල මාර්ගයේ ගල්වාන ප‍්‍රදේශයේ ගල්වාන රාජමහා විහාරය භූමියේ ගිරි ශිඛරයෙන් පහත නිරීක්ෂණය කිරීමෙදී මෙම මුල්ලේරියා වැව දැකගත හැකිය.
පසුව සීතාවක රජතුමා මියගිය පසු අංගං සටන් ශිල්පීන්ට විවිධ වූ අඩම්තේට්ටම් කරදරවලට මුහුණ පෑමට සිදුවිය. සටන් කරුවකු මැරීමට පරංගි හමුදාව විශාල පිරිසක් ආහ. විහාර දේවාල බිමට සමතලා කළහ. කැලණිය රාජමහා විහාරයත් ඒ අතර විය. නවගමුව පත්තිනි දේවාලය අට වරක් බිමට සමතලා කළහ.
මෙසේ හෙයින් ඔවුනට පක්ෂපාත බවක් දැක්වීමට ආරච්චිවරු ද පෘතුගීසි නම් භාවිතාකර ඇත. ඒ නම් අතර පෙරේරා නම ද විය. කොරතොට මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා අද අංගම් ශිල්පය පණ මෙන් රැුකීමේ වගකීම භාරගෙන සිටයි අජන්ත මහන්ත ආරච්චි ට පෙරේරා නාමය එක්වූයේ එසේය.
ටිකිරි කුමරු යටතේ මෙන්ම පළමු වැනි විමලධර්මසූරිය රජු යටතේත් දෙවැනි රාජසිංහ රජු යටතේත් දන්තුරේ, බලන හා රන්දෙණිවල ප‍්‍රදේශවලදී ද ප‍්‍රතිකාලූන්ට අන්ත පරාජයක් අත්කරදෙමින් සිංහල හේවායන් ජය ගත්තේ අංගම් සටන් ශිල්පය උපයොගී කරගනිමිනි .

ඉ ංගී‍්‍රසිහු ද ඔවුන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ අංගං ශිල්පය තහනම් කළහ. 1817 කැරැුල්ලෙන් පසුව ගැසට් නිවේදනයකින් අංගං ශිල්පය තහනම් කර එසේ නොනැවතී අංගං සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩිතබා ජීවිතාන්තය දක්වා සිරකර තැබීමටත් සියලූම අංගං ආයුධ අත් අඩංගුවට ගෙන අංගං මඩු ගිනි තැබීමටත් නියොග කළහ. කඩු කිණිසි භාවිතය ද තහනම් කළහ එපමණක් නොව ශක්ති ජනක ඖෂධයක් බව කියන අබිං පවා තහනම් කළහ.
මේ අවස්ථාවේදී මහන්ත ආරච්ිචි පරපුර තම දිවි දෙවැනි කොට අංගං සටන් ශාස්ත‍්‍රය රහසිගතව රැුකගත්තේය. අංගං ශාස්ත‍්‍රය නැටුම් බවට හරවාගෙන සිංහ නැටුම්. කොටි නැටුම්, වලස් අඩිය ආදී නැටම් ශිල්ප ලෙස ඉතා රහසිගතව රැුකගෙන ආයේය.
ඒ අභීත පරපුරේ විරුවෝඅදත් එම ශිල්පය රැුකගනිතිී. මෙම ශාස්ත‍්‍රය රැුකගැනීම සඳහා අජන්ත ගුරුන්නාන්සේ තරුණයනට ද ආරාධනා කරයි. මේ සඳහා අංගං ශාස්ත‍්‍රයට ආදරය කිරීමත්, කැපවීමත්, විශ්වාසයත් ඇතිකරගත යුතුය.

අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයාවිරහිත කරවූ බව සඳහන්ය.ශූර අංගං ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.
වෙල්ලක්කාර සටන් පරපුරේ මහන්ත ආරච්චි පරපුරෙන් පැවත එන ඉලංගම හතරවැදෑරුම්ය හතර ඉලංගම මෙසේය. කවිකාර ඉලංගමෙන් රජතුමාට ප‍්‍රශස්ති ගායනා ඉදිරිපත් කැරුණි කියා රාජකුමාරවරුනට කුමර සෙල්ලම් හෙවත් යුද පුහුණුව දුන්නේ වාහල ඉලංගමෙනි. නර්තන හා ඒ ආශ‍්‍රිත සිදුකළ දේ් නැටුම් ඉලංගමට අයිති විය. අංගං ශාස්ත‍්‍රය සිංහල මල්ලව පොර හෙවත් ගුස්ති ශාස්ත‍්‍රය ඉලංගං ශාස්ත‍්‍රය, පැනුම්, පිනුම් ශාස්ත‍්‍රය ආදී යුද්ධයට අවශ්‍ය සියළු සටන්ක‍්‍රම හරඹ ඉලංගමයි. මෙහි වර්තමාන හිමිකාරයා අජන්ත මහන්ත ආරච්චි ගුරුතුමාය.
අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. තම පරපුරෙ-හි මුතුන් මිත්තන් පරිහරණය කළ අවි ආයුද තමන් සතුව ඇතැයි අජන්ත පැවසීය. ඒ අතර කස්තාන, කලාකිරිඤ්ඤ, නයිපෙන කඩු, සිංහකඩු, සුදු කඩු, කිනිසි, කිරිච්චි ඒ අතර ප‍්‍රධාන වෙයි.

කස්තාන යනුවෙන් හදුන්වන කඩුව මිටෙහි කැටයමින් කළ සිංහ මුහුණු හයක් හෝ හතක් ඇත. මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි. ගාම්භීර තේජවන්ත බව කස්තානයෙන් දිස්වෙයි. සුදු කඩුුව ද වශේෂ කඩු වර්ගයකි. එම කඩුව නිමකර ඇත්තේ සුදු වානේ වලිනි. එම සුදු වානේ ශී‍්‍ර ලංකාවෙන් දැනට සොයාගැනීම අපහසුය. එය ද පෞරාණික කඩු විශේෂයකි. එසේම ඇත්දළ කැටයමින් යුත් කඩු ද ඇත. කලාකිරිඤ්ඤ ගෝන අං, හරක් අං හා මුව අංවලින් නිමකර ඇත. මෙම අංවර්ග විෂ සහිතය.
අංගං ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණියැයි අපහට අදහස් දැක්වූ අජන්ත පැවසීය. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන අංගං ශාස්ත‍්‍රය රණ කෙළි පූජාවක් නැරඹීමේ වරම අපට ලැබිණි. එය මහත් වාසනාවක් කොට අපි සලකමු.

රහසේ පවත්වාගෙන ආ ශාස්ත‍්‍රය පථම වරට රණකෙළි පූජා උත්සවයක් රාවණ නැකතින් ආරම්භකළේ ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයට අයත් කදු ශිඛරයේ ඇති ගල්තලාව මතය. ගලින් ගල අඩිය තබමිින් හිමිදිරියේ එම ගල්තලාවට ගියෙමු . එම ස්ථානයේ කිසියම් ගුප්ත බවක් ඇතැයි පළමු වරට එහි ගිය අපට දැනිණිි. මොහොතක් ගතවෙත්ම මනාකොට ඒබව අපට වැටහෙන්නට විය.
නියම හේවායන්ගේ විලාසයෙන් අප ගුරුන්නාන්සේ ප‍්‍රමුඛ අංගං ශිල්පීහු අපේ ප්‍රෞඩත්වය අපගේ ඇස් පනාපිටම පෙන්වූහ. සටන්කෙළි පැවති භූමියට සීමාපැනවිණි. අංගං ශිල්පින් නොවන අයට ඇතුල්වීම තහනම් විය. ඒ මෙම ස්ථානය පත්තිනිදෙවියන් තම දෝණිය හා පුතාට අංගං සටන් ඉගැනවූ භූමිය බව කියැවිණි ඒ වසර විසිදහසකට කලිනි.

පත්තිනි දේවිය පතිවත රැුකි කාන්තාවකි. පත්තිනි දෙවියන් මෙන් අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ තවත් කාන්තාවන් මෙම සටන් ඉතිහාසයේ සඳහන්වෙයි. ඒ අතර කුවේණිය ද වෙයි.
පසුකාලීනව සීතාවක රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ සේනාධිපතිනියක නවරත්න මැණිකේ ද අංගං සටන් ශිල්පය හොදින්ම ප‍්‍රගුණකර සිටි සටන්කාමී කාන්තාවකි.

මහනුවර යුගයේදී සෙනරත් රජු යටතේ ගලබොඩ කුමාරිහාමිද සේනාධිපති තනතුර ද පසුව ඒද`ඩුවාවේ දිසාපති තනතුරද දරා ඇත. එවන් වීර තරුණියෝ දෙදෙනෙක් ද අංගං ඉලංගං හරඹ පනික්කි රණකෙළි පූජාවේදි දුටිමු. තමා ලත් ශිල්පශාස්ත‍්‍රය කිසිවිටකත් අයුතු ප‍්‍රයොජන සඳහා යොදා නොගන්නාබව බුදුන්වහන්සේ ඉදිරියේ ද රාවණ දෙවියන් ඉදිරියේ ද, කතරගම මහසෙන් දෙවියන් ඉදිරියේ ද(කතරගම දෙවියන්*, පත්තිනි දෙවියන් ඉදිරියේ ද, රාසිං දෙවියන් ඉදිරියේ ද (ආරච්චි පරපුර සීතාවක රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස අදහති* යක්ෂ ගෝත‍්‍රයේ මියගිය නෑ යක-ුන් ඉදිරියේ ද අංගං ශිල්පිහු දැඩිලෙස දිව්රුම් දී පොරොන්දු වෙති.

රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගං සටන් එළිදැක්වුණු අවස්්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගංහරඹ වලින් යුක්ත වී ඇත.
එසෙම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගං සටන් එළිදැක්විණි.




උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/1149


Thursday, September 8, 2011

අංගම්පොර ඉතිහාසය

1
අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ''අංගම්පොර'' නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.

Angampora

ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.
මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.

අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්



Angampora
සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම


Angampora
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස  පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.

තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම

Chinadi
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.

  • චීන චෙම්පූ
  • ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
  • ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
  • මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
  • ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
  • නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම
අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම

Angampora
දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන් කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව කාහටත් රහසක් නොවේ.

උපුටා ගැනීම - http://angamhoru.blogspot.com/p/blog-page_22.html 

 

 

Saturday, March 12, 2011

සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’

0

"අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු මිනිස්සුන්ගේවත් වරදක් නොවේ. සිංහල ශිෂ්ඨාචරය ගොඩනගපු ; එය වසර දහස්ගණනක් පවත්වාගෙන ආ අපේ පරණ මිනිස්සු කවදාවත් සිංහල රට වෙනත් රටවලට ශිෂ්ඨාචාරයන්ට ණයගැති නොවී සිටිමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට නිතරම උනන්දු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයා තම හෙළ ශිෂ්ඨාචාරය තුල තමන්ගේම වූ ආරක්ෂක ක්‍රමයක් ,වෛද්‍ය ක්‍රමයක්,දර්ශනයක් , ආගමක්,
අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්නවා.ඒ තුලින් තමයි සිංහලයා සමකාලීන විදේශිය ආක්‍රමණික අධිරාජ්‍යන් සමග කරට කර සටන් වැදී මේ පුංචි රටේ අභිමානයෙන් ජිවත්වුනේ. හෙළ ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත් අංශයක් ලෙස ‍මෙම අංගම්පොර සටන්කළාව විශේෂ වෙන්නේ මේනිසයි.
අංගම් පොර සටන් කළාවේ ආරම්භය හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වා අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්;(සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය අරඹන්නට ඇත.ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමනයට එරෙහිව යොදාගන්නට ඇත. එහි දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.දැන් අපි අපේ සටන්කළාව ගැන ටිකක් කථාකරමු.
අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි . පොර කියන්නේ සටනයි . නිරායුධව (හිස්) සිරුරෙන් කරනුලබන සටන අංගම්පොර යනුවෙන් හදුන්වාදීඇත. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් දෙකම ඉගෙනගතයුතු අතර සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
නිළ අල්ලා පහරදීම.
එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර
නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.
මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.
නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්‍රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත .
සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.
“ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින්අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....”
“සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.
දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය . සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ..........”
(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)
මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත.එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.
නමුත් මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්‍රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.
අද අපි ජීවත්වන ලංකා පොළොව අතීතයේ ගොඩනැගෙන්නේ සිංහලයන්ගේ ලේ , දහඩිය තුලින්ය. ලංකා පොලව ආරක්ෂාකර ගැනීම සදහා සිංහලයන් ලක්ෂ දහස්ගණනක් තම ජීවිතය මරණයට කැප කරන්නට ඇත.අද සිංහලයන්ටම බැන බැන මානව අයිතිවාසිකම් ගැන කථාකරන උන්ට ඉපදෙන්නත් රටක් තිබුනේ සිංහලයන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂාකළ නිසාය.
ඉන්ශ්‍රීසින්ගේ මර්ධන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .
“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”
යුරෝපීයන් සිංහලයින්ව පැරදවූයේ තුවක්කුවේ බලයෙනි.එම නිසා වසර දහස්ගණනක් තිස්සේ
පාරම්පරිකව ගොඩනැගුණු හෙළ ශිෂ්ඨාචාරය බිදවැටින.මේ අයුරින් සිංහලයා තම සටන් ක්‍රම භාවිත කරමින් තම ජීවිත ගැන නොසිතා ආරක්ෂාකලේ ලංකාවයි.ලංකා පොළොව ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු , කැප කරපු වෙනත් ජාතියක් ගැන මමනම් අසා නැත.අදටත් එසේමය .අපේ සිංහල කොල්ලෝ රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය, සාමය වෙනුවෙන් තම ජීවිත කැප කරණ විට ඔව්න්ගේ පිහිටෙන් ප්‍රභාකරන්ලාගෙන් බේරිලා ඉන්න දකුනේ නූතන නිවටයන් සිංහලයා ජාතිවාදියෙක් කිය කියා පස්ස රත්වෙනකම් කෑ මොර දෙති.නමුත් ඔව්න්ට මෙය තේරුම් කර දිය නොහැක.මන්ද ජාතිය විකුණන් කෑම ඔව්න්ගේ බඩ ගෝස්තරය සොයාගන්නා ක්‍රමයකි.
සිංහලයා ඉතිහාසයේ කවරදාවකවත් ජාතිවාදියෙකු නොවීය.ඇත්ත කථාව නම් සිංහලයා මේ රටට ආදරෙයි. සෑම සිංහලයෙකුගේම (නිවටුන්ගේ නොව) ප්‍රාණය රැදී ඇත්තේ මේ ලංකා මහ පොළොව මතය.සිංහලයාට නිදහසේ අතපය දිගහැරලා නිදාගන්න පුළුවන් රටක් මේ ලොකයේ වෙන නැති නිසයි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරන්නේ.එහෙම නැතුව දෙමළ මිනිස්සු සමග තිබෙන වෛරයකින්වත් , සිංහලයා දෙමළාට වඩා පහත්යැයි සිතාවත් , එහෙමත් නැත්නම් ඇගේ පතේ අමාරුවකටවත් නොව.
නමුත් ඉතින් සිංහලයාගේ අවාසනාවකට සිංහල වෙළා ඉපදිච්ච සිංහලයා ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට ප්‍රභාකරන්ලාගේ කොන්තරාත්තුව බාරගත්ත නිවටයන්ට සිංහලයා පේන්නේ අමුතුම විදියකටය. “ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි” කියල කථාවක් හැදිල තියෙන්නෙත් මේ වගේ මිනිස්සු නිසාම වෙන්න ඇති.


උපුටා ගැනීම - http://manojcola.blogspot.com/2008/11/blog-post_23.html?showComment=1307617492519#c2398089275417776671


Tuesday, October 12, 2010

හෙළයේ සටන් හරඹ - 4

0

මම අද කියන්න යන්නේ වර්තමානයේදීත් අප්‍රසිද්ධව එහෙත් සක්‍රීයව තියෙන අංගම්පොර ගුරුකුලයක් ගැන යි. ඒ තමයි රිටිගල සුදලිය අංගම් සටන් පරපුර. මේ පරපුර ගැන බොහොම ලොකු විස්තරයක් පහුගිය දවස් වල රිවිර පුවත්පතේ පළ වෙලා තිබුණා. සමහරවිට ඔයාලා කියවලා තියෙනව වෙන්නත් පුළුවන්. අද සෙල්ලිපියට මූලාශ්‍රය වෙන්නේත් ඒ පුවත්පතේ පළවුණු ලිපි පෙල තමයි. ඉතින් ඒ ලිපි පෙල කියවලා නැති අයට දැනගන්නත් එක්ක එහි සාරාංශයක් අද මම ඉදිරිපත් කරන්නම්.


අතීතයේ දී අංගම් හරඹ මහෞෂධ, ජනනී, විශුද්ධි ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. එක් එක් ගුරුකුලයන්ට ආවේනික වූ අංගම් හරඹ ශිල්පක්‍රම තමයිමේ වගේ විවිධ නම් වලින් එදා හඳුන්වලා තියෙන්නේ. මේ අතරින් විශුද්ධි හරඹ කියලා කියන්නේ රිටිගල අංගම් හරඹයට යි. අදටත් රිටිගල වන අරණ තුල මේ ශිල්පය උගන්වනු ලබනවා. වර්තමානයේ රිටිගල විශුද්ධි අංගම් හරඹයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ රිටිගල සුමේධ ඇඳුරාණන්.එතුමානන් පවසන ආකාරයට ඔහුගේ පරපුරට මේ වටිනා ශාස්ත්‍රය ලබා දී තියෙන්නේ රිටිගල ජයසේන නම් වූ යක්ෂ සේනාධිපතියා යි. 'අංගම්පොර' යන නාමය නිර්මාණය වීම සම්බන්ධයෙන් එතුමා දරන්නේ තරමක් වෙනස් අදහසක්. ඒ මතය මෙසේයි. වරක් පාණ්ඩ්‍ය දේශයේ රජු වූ ශ්‍රී වල්ලභ විශාල හමුදාවක් ගෙනැවිත් ලංකාව ආක්‍රමණය කර තියෙනවා. මෙහිදී මෙම සේනාවේ අඟම්පඬි නමින් හැඳින්වූ අති දක්ෂ හේවායින් පිරිසක් සිට ඇති අතර ඔවුන් පරාජය කිරීම සිංහල හමුදාවට අසීරු වී තිබෙනවා. පසුව මෙහි රජ බවට පත් වූ දෙවන සේන රජු මෙම අඟම්පඬි වරුන් සමග සටන් කල හැකි බලකායක් පුහුණු කර ඇති අතර මෙම බලකාය පසුව පාණ්ඩ්‍ය දේශයට යවා ශ්‍රී වල්ලභ රජු ව මරා දමා ආපසු පැමිණ තිබෙනවා. ඉතින් මේ අඟම්පඬි වරුන් සමග සටන් කිරීමට යොදාගත් ශිල්පය පසුව අංගම්පොර ලෙස නම් වූ බවයි රිටිගල සුමේධ ඇඳුරුතුමා කියන්නේ.

රිටිගල විශුද්ධි හරඹය ප්‍රධාන කොටස් හයකින් සමන්විතයි. ඒවා නම් ගැට, පොර, නිල, නක්ෂත්‍රය, වෙදකම සහ මන්ත්‍ර යි. රිටිගල අංගම් ශිල්පයේ ගුරුවරයෙකු බවට පත් වීමට නම් මේ ව්ෂය කොටස් හයම සපුරා දැනගැනීම අනිවාර්ය වෙනවා. ඒ වාගේම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ සටන් කලාව මුතුන් මිත්තන් විසින් කවියෙන් පසු පරපුර වෙත දායාද කර තිබීමයි. මෙම ශිල්පයේ මූලික ව්‍යායාම ක්‍රම 18 ක් තියෙනවා. මේ ව්‍යායාම හඳුන්වන්නේ 'මංඩි' කියලා. එක් මංඩියකට අඩුම ගණනේ ව්‍යායාම කොටස් 4 ක් වත් අඩංගු වෙනවා. ව්‍යායාම වලට පසුව මෙම ශිල්පයේ දක්නට ලැබෙන තවත් දෙයක් නම් දේව වන්දනාවයි. දෙවියන් නමස්කාරයට යොදාගන්නා සහස්‍ර, විසති සහ ශක්ති කියලා ක්‍රම 3 ක් රිටිගල අංගම් හි දකින්නට පුළුවන්. මෙම නමස්කාර ක්‍රම සිදු කිරීමට අතීතයේ පටන් ‍තෝරා ගත් ස්ථාන රිටිගල කන්දේ තියෙනවා. එම ස්ථාන වලට දෙවියන්ගේ ආකර්ෂණය හොඳින් ලැබෙන බවයි සැලකෙන්නේ. ඉතින් මේ මංඩි සහ නමස්කාර ක්‍රම සම්පූර්ණ කරන ආධුනිකයෙකු ඊට පසුව අනෙක් ශිල්ප ක්‍රම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. රිටිගල අංගම් ඉගෙනගන්නා ශිල්පියාට කන්දේ, ලන්දේ, ගොඩැල්ලේ, දිය, ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනකට මුහුණ දිය හැකි පරිදි පුහුණුව ලබා දෙනවා. මෙම පුහුණුවට අඩි තැබීමේ ක්‍රම, පැනීමේ ක්‍රම, පොලා පැනීම, කරනම් ආදිය මෙන්ම මාරාන්තික ගැට වර්ග ද අයත් වෙනවා. මහතැන්නේ ගැටය, ගිජිඳා ගැටය, වියමන් ගැටය, කුඹලා ගැටය, තුත්තිරි ගැටය කියලා කියන්නේ මේ ගැට වර්ග වලින් කීපයක්.

සටන වාගේම වෙදකමත් අංගම් ශිල්පයේ තියෙන වැදගත්ම අංගයක්. හදිසියේ ආයුධයකින් වන කැපුම් තුවාලයකදී සිදුවන ලේ වහනය වීම ක්ෂණයකින් නවතාලීමට හැකියාවක් අංගම් වෙද ශිල්පය තුල තිබෙන බව සුමේධ ඇඳුරාණන් ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම රිටිගල අංගම් තුල දක්නට ලැබෙන භාවනා ක්‍රම මගින් සමහර අවස්ථා වලදී ඖෂධ නොමැතිවම රෝග සුව කිරීමට හැකි බව පැවසෙනවා. මානසික ශක්තිය දියුණු කිරීමත් විශුද්ධි හරඹය තුළ දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. රිටිගල අංගම් පුහුණුව අවසන් කරන සිසුවා නිවැරදිව ශිල්පය ලබාගෙන තියෙනවද කියා පරීක්ෂා කර බැලීමටත් ඔහුගේ හෝ ඇයගේ මානසික ශක්තියේ හැකියාව පරීක්ෂාවට ලක් කරනවා. එය සිදු කරන්නේ මෙහෙමයි. පුහුණුව අවසන් වූ සටන්කරුවාගේ දෑස් බැඳ මහ වනය මැදට ගෙන ගොස් දමනවා. එහිදී දෑස් බැඳගෙනම ශිල්පියා විසින් 'විෂ්ණු මණ්ඩල සටන' නම් වූ සටන් ශිල්පක්‍රමය නිවැරදිව සිදුකල යුතුයි. ඉන්පසු ගුරුතුමා විසින් සිතින් තීරනය කරන ස්ථානය වෙත දෑස් බැඳගෙනම ගමන් කල යුතුයි. දෑස් බැඳගෙනම වනයේ තියෙන ගිරි හෙල්, උමං, ලඳු කැලෑ, ජල පහරවල් තරණය කිරීමත් ගුරුවරයා සිතින් සිතූ ස්ථානය මනසින් ග්‍රහණය කරගෙන නිවැරදිව එම ස්ථානයට ලඟා වීමත් සැබැවින්ම විශ්මයජනකයි.

මේ සියලුම ශිල්පක්‍රමයන් එලෙසින්ම ‍රැක ගනිමින් ඉදිරි පරපුරට ඒවා දායාද කිරීමට රිටිගල සුමේධ ඇඳුරාණන් ගන්නා උත්සාහය සැබැවින්ම ප්‍රසංශනීයයි. ඒ වාගේම අතීතයේ දී මේ මව්බිම ‍රැක ගැනීමට මහත් සේ උපකාරී වූ මේ මහා සටන් කලාව දැන් යලිත් එම උතුම් කාර්යය සඳහා යොදාගනිමින් පවතිනවා. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගේ මැදිහත්වීම මත සිවිල් ආරක්ෂක බලකායට අයත් නන්දිමිත්‍ර බලකායේ සෙබළුන් මේ වනවිට රිටිගල විශුද්ධි අංගම් ශිල්පය හදාරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. රාවණ යුගයටත් එපිට සිට පැවතගෙන එන්නා වූ මේ මහා සටන් ශිල්පයට තවමත් උරුමකම් කීමට හැකිවීම ශ්‍රීලාංකික අප සතු මහත් භාග්‍යයක් කියලයි මගේ අදහස.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/09/4.html



හෙළයේ සටන් හරඹ - 1
හෙළයේ සටන් හරඹ - 2
හෙළයේ සටන් හරඹ - 3
හෙළයේ සටන් හරඹ - 4 

හෙළයේ සටන් හරඹ - 3

0


අංගම්පොර කලාවත් සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් ත
මයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම, හිටිවනම බඹ ගණනක් ඉහලට පැනීම, ඇතුන් සමග සටන් කිරීම, ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කඩු හරඹ කිරීම වැනි ශාරීරික ශක්තිය සම්බන්ධ හැකියාවන් මෙන්ම අනුන්ගේ සිත් කියවීම, සිතකින් සිතකට කතා කිරීම, චිත්ත බලයෙන් ද්‍රව්‍ය චලනය කිරීම වැනි මානසික ශක්තිය සම්බන්ධ හැකියාවන් ද එම ශිල්පීන් සතුව තිබිලා තියෙනවා. ඔවුන් මෙම ශක්තීන් වර්ධනය කරගැනීමට විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා.

මම හිතන හැටියට අංගම්පොර සමග සබැදුණු මේ භාවනාමය ක්‍රමයන් පිළිබඳව අපේ රටේ ජනතාව තුල කිසියම් අවධානයක් ඇති වුනේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ 'අකාල සන්ධ්‍යා' ටෙලි නාට්‍යයත් සමග යි. ඒ නාට්‍යය ගෙතී තිබුණේ කුණ්ඩලිනි යෝගය වැඩූ අංගම් ශිල්පියෙකුගේ චරිතය වටා බව ඔයාලට මතක ඇති. මේ නාට්‍යයත් සමගම කුණ්ඩලිනි යෝගය පිළිබඳව යම් තරමක උනන්දුව ජනතාව තුල ඇති වුණු නිසා ඒ සමකාලීනවම කුණ්ඩලිනි යෝගය පිළිබඳව ලියැවුණු පොත් කිහිපයක් ම එළි දැක්වුණු බවත් මට මතකයි. කුණ්ඩලිනි කියලා කියන්නේ හින්දු දර්ශනය සමග බැඳී තියෙන යෝග ක්‍රමයක් නේ. ඉතින් අපේ පැරණි අංගම් ශිල්පීන් තමුන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගන්න යොදා ගත්තේ කුණ්ඩලිනි යෝග ක්‍රමයම ද කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න කියලත් මම ඉල්ලා සිටිනවා. කොහොම වුනත් මේ සෙල්ලිපි සටහනෙන් කුණ්ඩලිනි යෝගය ගැන ටිකක් කතා කරන්න තමයි මගේ අදහස.

යෝග ශාස්ත්‍රයේ පියා ලෙස හැඳින්වෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ පතංජලී නම් සෘෂිවරයා යි. යෝග දර්ශනය පිළිබඳව කරුණු එක් රැස් කල එතුමාණෝ 'යෝග සූත්‍ර' නමින් ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. එම ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට යෝග ශාස්ත්‍රය කොටස් ගණනාවකට බෙදෙනවා. හත යෝග, ශක්ති යෝග, ඥාන යෝග, භක්ති යෝග, කුණ්ඩලිනි යෝග, ධ්‍යාන යෝග, කර්ම යෝග ආදී වශයෙන් හැඳින්වෙන්නේ මේ කොටස් වලින් කීපයක්. ඉතින් කුණ්ඩලිනි යෝග කියලා කියන්නේත් මේ යෝග දර්ශනයේ ම දැක්වෙන එක් ශාස්ත්‍ර කොටසකට තමයි. කුණ්ඩලිනි යෝගයේ මූලික පරමාර්ථය වන්නේ චිත්ත සහ ස්නායු බලය දියුණු කර ගැනීමයි.පතංජලී සෘෂිවරයා පවසන ආකාරයට කොඳු ඇට පෙළේ පහලම අස්ථිය තුල තමයි මේ අද්භූත කුණ්ඩලිනි ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී කුණ්ඩලිනි ශක්තියට අමතරව කොඳු ඇට පේළිය දිගට පිහිටා තිබෙන ශක්ති ස්ථාන හෙවත් චක්‍ර හයක් ගැනත් කියැවෙනවා. ඒ චක්‍ර හය හැඳින්වෙන්නේ මෙසේ යි.

* මූලාධාර
* ස්වාධිෂ්ඨාන
* මනිපූර
* අනාහත
* විශුද්ධ
* ආඥා

කුණ්ඩලිනි ශක්තිය දියුණු කරන විට එය කොඳු ඇට පෙළේ පහලම ස්ථානයේ සිට ක්‍රමයෙන් ඉහළට නගින්න පටන් ගන්නවා. එම ශක්තිය ඉහත සඳහන් චක්‍ර හරහා ගමන් කරන විට විවිධ වූ විශේෂ හැකියාවන් යෝගියාට ලැබෙන බවයි පැවසෙන්නේ. මෙවැනි හැකියාවන් හෙවත් සිද්ධි අටක් පිළිබඳව යෝග දර්ශනයේ සඳහන් වෙනවා.

* අනිමා - ඉතා කුඩා බවට පත් වීම
* මහිමා - අති විශාල බවට පත් වීම
* ලඝිමා - පුළුන් රොදක් සේ සිරුර සැහැල්ලු කිරීම
* ගරිමා - ශරීරය ඉතා බර කිරීම
* ප්‍රාප්ති - ග්‍රහ වස්තූන් කරා ගමන් කිරීම
* ප්‍රාකම්‍ය - සිතන පතන දේ ලැබීම
* ඊසත්ව - යම් යම් දේ මවා පෙන්වීම
* වශිත්ව - විශ්ව ශක්තිය පාලන කිරීම

මේ හැකියාවන්ට අමතරව ලෙඩ රෝග සුව කිරීම, දීර්ඝායුෂ ලැබීම ආදී තවත් හැකියාවන් රැසක් කුණ්ඩලිනි යෝගය හරහා ලබා ගන්න පුළුවන්.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/07/3.html



හෙළයේ සටන් හරඹ - 1
හෙළයේ සටන් හරඹ - 2
හෙළයේ සටන් හරඹ - 3
හෙළයේ සටන් හරඹ - 4

හෙළයේ සටන් හරඹ - 2

0

අංගම්පොර ගැන මීට කලින් කොටපු සෙල්ලිපියට හොඳ ප්‍රතිචාර හම්බ වෙලා තිබුණා. ඒ නිසා මම හිතුවා මේ සම්බන්ධයෙන් දෙවෙනි සෙල්ලිපියකුත් කොටන්න ඕනෑ කියලා. අංගම්පොර ගැන හොයාගෙන යනකොට පැහැදිලි වෙන ප්‍රධානම කාරණයක් තමයි බොහෝදෙනා චීනඩි හෝ වෙනත් ඉන්දියානු සටන් ක්‍රම සමග අංගම්පොර පටලවාගෙන සිටින බව. එමෙන්ම සමහර ගුරුවරු අංගම්පොර ලෙස හඳුන්වා දෙමින් චීනඩි උගන්වන අවස්ථාත් තියෙනවා. මීට කලකට පෙර අංගම් ගුරුවරයකු ලෙස තමුන්ව හඳුන්වා ගත් එක් පුද්ගලයෙක් වරක් මුද්‍රිත මා
ධ්‍ය වෙත ප්‍රකාශ කරලා තිබුණා චීනඩි කියල කියන්නේ අංගම්පොර වලටමයි කියලා. මේ වගේ ප්‍රකාශ නිසා ජනතාව නොමග යනවා වගේම නියම අංගම්පොර කලාව අභාවයට යාමත් සිදු වෙනවා.

අංගම් සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්.
ඒ අංගම්, ඉලංගම් සහ මායා අංගම් වශයෙන්. අංගම් කියලා කියන්නේ දෑත් දෙපා ආදී ශරීරාංග පමණක් උපයෝගී කරගෙන සිදුකරන සටන් ක්‍රම යි. ඉලංගම් කියලා කියන්නේ ආයුධ භාවිතා කරමින් සිදුකරන සටන් ක්‍රමයි. මීට අමතරව අංගම් ශිල්පයේ යන්ත්‍ර මන්ත්‍ර ආදී භෞතිකමය නොවන ශක්තීන් උපයෝගි කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. මායා අංගම් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. අංගම්පොර වල දක්නට ලැබෙන පහරදීමේ ශිල්පීය ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අඩි, කැපිළි සහ පූට්ටු වශයෙන්. ප්‍රතිවාදියා වෙතට එල්ල කරන ප්‍රහාර 'අඩි' ලෙස හඳුන්වන අතර ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරවල් වැලැක්වීම 'කැපිළි' නම් වෙනවා. 'පූට්ටු' නමින් හැඳින්වෙන්නේ තම ප්‍රතිවාදියා ග්‍රහණයට ගෙන සිර කර ගැනීමේ ක්‍රමවේදය යි.

නිල වලට පහර දීම හෙවත් මරුනිල ශාස්ත්‍රය අංගම්පොර කලාවේ දක්නට ලැබෙන අති විශේෂ ශිල්පීය ක්‍රමයක්. අංගම්පොර ගුරුවරුන් නිල වලට පහර දීමේ ක්‍රමවේදයන් තමාට ඉතාම විශ්වාසවන්ත ගෝලයන්ට පමණක් උගන්වා ඇත්තේ එම ශිල්පය ඉතාම දරුණු ක්‍රියා සඳහාත් භාවිතා කිරීමට ඉඩ ඇති නිසායි. නිල ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ පුද්ගලයෙකුට,

*. ක්ෂණිකව මිය යන පරිදි පහර දීම
*. කිසියම් නිශ්චිත වේලාවක දී මිය යන පරිදි පහර දීම
*. අංශභාගය සෑදෙන පරිදි පහර දීම
*. වෙනත් රෝගයක් උත්සන්න වන පරිදි පහර දීම
*. පෙර කල කී දෑ අමතක වන පරිදි පහර දීම
*. සිහි නැති වන පරිදි පහර දීම

ආදී ආකාරයෙන් පහරදීම් සිදු කළ හැකි ය. ඒ වාගේම මේ ශාස්ත්‍රය රෝග සුව කිරීම සඳහා ත් ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.

නිල ශාස්ත්‍රය හදාරණ අංගම් ශිල්පියා මිනිස් සිරුරේ ඇති නිල ස්ථාන ගැන පමණක් නොව සතුන් ගේ සිරුරේ ඇති නිල ස්ථාන ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අලි ඇතුන් ගේ නිල ස්ථාන පිළිබඳව ඔවුන් විශේෂයෙන් ඉගෙනුම ලබා තියෙනවා. එකල විශාල වශයෙන් අලි ඇතුන් හීලෑ කිරීම සිදු වීමත් යුදමය කටයුතු සඳහා ඇත් හමුදා යොදාගැනීමත් නිසා අලින් ගේ නිල ස්ථාන අධ්‍යයනය කිරීම ඉතා වැදගත් තැනක් ගත් බව උපකල්පනය කරන්න පුළුවන්. පුරාණ රජ කාලයේ පැවති යුද්ධ වලදී සතුරු ඇත් හමුදාවන් පෙරට එන විට ක්ෂණිකව ඇතාගේ හිස
මතට පැන එකවර නිල දහ අටකට පහර දී ඇතාව මරා දැමීමට හෝ අඩපණ කිරීමට සමත් අංගම් ශිල්පීන් සිටි බව පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇතුන් ගේ නිල පිහිටා තිබෙන ස්ථාන සළකුණු කර ඇති රූපසටහනක්. මෙහි කලු පැහැති තිත් වලින් සාමාන්‍ය නිල පෙන්වා තිබෙන අතර රවුම් වලින් සළකුණු කර තිබෙන්නේ ප්‍රබල නිල යි.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/06/2.html


හෙළයේ සටන් හරඹ - 1
හෙළයේ සටන් හරඹ - 2
හෙළයේ සටන් හරඹ - 3
හෙළයේ සටන් හරඹ - 4


හෙළයේ සටන් හරඹ - 1

0

ලංකාවේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපි කාගෙත් මතකයට එන්නේ අංගම්පොර නේ. ඇත්තටම අංගම්පොර කලාව ගැන උනන්දුවක් සහ දැනුවත් භාවයක් මෑත කාලීන ජන සමාජය තුල ඇති වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගේ 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යය හරහා කියලා අවිවාදයෙන්ම පිළිගන්න ඕනෑ. අංගම්පොර ගුරුවරුන් ලෙස තමුන්ව හඳුවාගනිමින් විවිධාකාරයේ පුද්ගලයින් ප්‍රධාන වශයෙන්ම කල එළි බැස්සේත් මේ නාට්‍යය විකාශය වූවාට පසුවයි. මේ පුද්ගලයින් ඇත්තම අංගම්පොර ගුරුවරුන් ද නැතිනම් එකල ඇති වූ අංගම්පොර උන්මාදය නිසා කල දුටු කල වල ඉහ ගැනීම සඳහා මතු වුණු ව්‍යාජ පුද්ගලයින් ද කියා සොයා බැලීම වෙනමම කාරණයක්. කොහොම වුනත් 'දඬුබස්නාමානය' ට පසුව නිර්මාණය වුණු කලා නිර්මාණ කිහිපයකම මේ හෙළ සටන් කලා ශිල්පය දැක ගැනීමට ලැබුණා. 'අකාල සන්ධ්‍යා', 'අන්තස්සරයෝ' සහ 'චක්‍රායුධය' එවැනි ටෙලි නිර්මාණ කිහිපයක්. ඒ වාගේම මම දන්නා තරමින් අංගම්පොර ශිල්පය දක්නට ලැබෙන ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'අබා' චිත්‍රපටය. ඉතින් මේ කරුණු ටික මුලින්ම කියලා හිටියේ මම දැන් ලියන්න යන සෙල්ලිපි සටහනට හැඳින්වීමක් විදිහට. එහෙනම් දැන් අංගම්පොර කලාව ගැන විස්තර ටිකක් කතා කරන්න පටන් ගනිමු.


ශ්‍රී ලංකාවේ පැරණි ජන කවියක් තියෙනවා මෙන්න මෙහෙම,

හේවාකම් අංගම්පොර යුදයේ
දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
පංච කලා පස් දෙන ජය ගනියේ
තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ

මම මේ කවිය උපුටා ගත්තේ පී.එම්. සේනාරත්න මහත්මයා ගේ 'ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා' කියන පොතෙන්. මේ කවියට අනුව පැරණි සිංහලයින් හේවාකම, අංගම් හරඹය, දූ කෙළිය, අං කෙළිය, යුද හරඹය යන කලාවන් පහටම සමතුන් වෙලා හිටිය බව හිතන්න පුළුවන්. මෙම කලාවන් පහ අතරින් දූ කෙළිය හැරුණු විට ඉතුරු සතර කලාවම සටන් ක්‍රම ආශ්‍රිත කලාවන් බව ඔයාලට පේනවා ඇති. ඒ අනුව පැරණි සිංහලුන් සටන් සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබෙන බවකුත් උපකල්පනය කරන්න පුළුවන්. මෙයින් අංගම්පොර කලාව තමයි හෙළයින් සතුව තිබෙන මහා ආත්මාරක්ෂක සටන් ශිල්පය. 'අංගම්පොර' යන නම නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන කතා කරනවනම් 'ඇඟෙන් කරන පොර' ඇඟෙන්-පොර වී පසුව 'අංගම්පොර' වූ බවයි ප්‍රධාන වශයෙන්ම පිළිගැනෙන්නේ. නමුත් මේ නම නිර්මාණය වීම සම්බන්ධව වෙනත් මතවාද ත් තියෙනවා.

පුරාණ රජ කාලයේ දී, රාජ්‍ය ආරක්ෂක සේවයේ යෙදී සිටි රණ විරුවන්ට අංගම්පොර ඉගෙන ගැනීම අනිවාර්ය වෙලා තියෙනවා. මෙහිදී මෙම සටන් ශිල්පය ඉගැන්වීම භාර වී තිබී ඇත්තේ 'මරුවල්ලිය' සහ 'සුදලිය' යන සටන් පරම්පරා දෙකට යි (මීට අමතරව තවත් සටන් පරම්පරා තිබිලා තියෙනවා). සටන් පුහුණු කිරීම සඳහා එම සටන් ගුරුකුලයන් සතුව වෙන වෙනම 'අංගම් මඩු' ද තිබිලා තියෙනවා. වෙනත් බොහෝ සටන් සම්ප්‍රදායයන් තුල දක්නට නැති විශේෂ ලක්ෂණයක් අංගම්පොර තුල දක්නට ලැබෙනවා. ඒ සංගීතය යි. අංගම්පොර තුල අඩංගු වන විවිධ සටන් ක්‍රමවේදයන් සඳහා අනන්‍ය වූ පංච තූර්ය නාද රටා තිබෙන අතර එම පංච තූර්ය වාදනයන් පුහුණු වූ ස්ථානය 'ඉලංගම් මඩුව' ලෙස හැඳින්වෙනවා.

අංගම් මඩුව තුල උගන්වන හරඹ ප්‍රධාන වශයෙන් මෙසේ දැක්විය හැකියි.
1. පැනුම් හා පිනුම්
2. මල්ලව පොර
3. එක ලීයෙන් ලී හරඹ
4. මුගුරු හටන්
5. කඩු පලිස් හරඹ
6. දුනු ශිල්පය
7. අසුන් හරඹ
8. හස්ති ශිල්පය
මෙම ක්‍රම 8 ට අමතරව තවත් ශිල්ප ක්‍රම රාශියක් අංගම්පොර තුල දකින්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සිංහල හේවායෙක් අංගම් මඩුව තුලදී ප්‍රගුණ කළ යුතු මූලික ශිල්පයන් පමණයි.

අංගම්පොර ශිල්පයේ දැක්වෙන යම් යම් පහර දීමේ ක්‍රම පැරණි පොත්පත් වල දකින්නට පුළුවන්. දික් ගුටිය, ඉස් ගුටිය, හරස් ගුටිය, කැපුම, චොල්ලේ ආදි නම් වලින් හැඳින්වෙන්නේ එවැනි පහර දීම් කීපයක්. එම පහර දීම් විස්තර වශයෙන් මෙසේ සඳහන් වෙනවා.
දික් ගුටිය - උරහිසේ සිට අත දිගහැර ගසන පහර
ඉස් ගුටිය - තම හිසට උඩින් අත වේගයෙන් කරකවා ප්‍රතිවාදියාගේ හකු පිට, කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
හරස් ගුටිය - ප්‍රතිවාදියා පහර දෙන විට ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහර
කැපුම - මෙලෙවු මිටෙහි සුළැඟිලි අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර

( මේවා කියවලා දැනගත්තට කමක් නැහැ. හැබැයි කාටවත් ගහන්න යනව එහෙම නෙවෙයි :) :) )

අංගම්පොර උගන්වන ගුරුකුලයන් ට නින්දගම් වශයෙන් විවිධ ප්‍රදේශ පවරා දී තිබුණු බවත් පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. මරුවල්ලිය පරපුරට හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රත්මලේ වැනි ප්‍රදේශ අයත්ව තිබී ඇති අතර සුදලිය පරපුරට අයත්ව තිබී ඇත්තේ මාතලේ, හාරිස්පත්තුව, සිඳුරුවාන, උඩුනුවර සහ යටිනුවර වැනි ප්‍රදේශ යි.

එහෙනම් අදට මේ ඇති නේද.... ඔයාලත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවනම් ඔයාලගේ අදහසුත් comment එකක් විදිහට ලියල යන්න. ඔයාල මේ ගැන තව දුරටත් යමක් දැන ගන්න කැමතියි කියල පේනවනම් මම දන්න ඉතුරු ටිකත් ඉඩ ලැබෙන විදිහට ලියන්නම්.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/06/blog-post.html


හෙළයේ සටන් හරඹ - 1
හෙළයේ සටන් හරඹ - 2
හෙළයේ සටන් හරඹ - 3
හෙළයේ සටන් හරඹ - 4