-->

Thursday, December 27, 2012

නව හෙළ යුගයට සෙත් පතා ‘රාවණ පූජාවක්’

1

නව හෙළ යුගයට සෙත් පතා ‘රාවණ පූජාවක්’



මායා කැලැන්ඩරයට අනුකූලව 2012-12-21දා හෝ ඊට ආසන්න කාලයකදී යුග පෙරළියක් සිදුවන බවත්, එය හුදු ජනප්‍රිය ලෝක විනාශ කතාව නොවන බවත් සිහිපත් කරමින්, පුරාතන හෙළ ශිෂ්ටාචාරයේ චාරිත්‍ර විධි ක්‍රම භාවිතා කරමින් පවත්වන ලද ‘‘මහා රාවන පූජාව“ක් කොළඹ, කුප්පියාවත්ත, ජයශේඛරාරාම විහාරස්ථානයේදී පසුගිය දෙසැම්බර් 20දා ප.ව. 8.30 සිට මධ්‍යම රාත්‍රිය පසුවනතුරු පවත්වනු ලැබිණි.

හෙළ යුගය නියෝජනය කරන සම්භාවනීය පිරිසක් මේ සඳහා පැමිණ සිටි අතර, භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයද ලබාගෙන තිබිණි.

පුරාතන සිව් හෙළයේ රාජ්‍යත්වය ඉසිලූ ශ්‍රේෂ්ට මහා රාවන නිරිඳුන්ගේ බල පරාක්‍රමය හෝ රාවන ශක්තිය මේ හෙළ දෙරණ තුළ පවතින බවත්, පැවති යුගයේ යටපත් වී තිබුණු එම ශක්තිය නැවත වරක් ඉස්මතු කරගෙන ශිෂ්ට සම්පන්න සභ්‍යත්වය, සර්‍ශ්‍රිකත්වය, හෙළ සංස්කෘතිය හා කෘෂිකර්මාන්තය නැවත වරක් මේ දෙරණ මත ස්ථාපිත වේවා යන අධිෂ්ඨානයෙන් යුතුව, සතරවරම් දෙවිවරුන් ප්‍රමුඛව සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින්දීම හා දෙසැම්බර් 21දා ප.ව. 4.47 සිට ප.ව.5.15 අතරතුරින් ආරම්භ වුණු නව යුගයට ආශිර්වාද කිරීමද මෙහිදී සිදුකරනු ලැබීය. රාවන සවිය සංවිධානය ඇතුළුව රාවන ලැදි පිරිස් විසින් මෙය සංවිධානය කර තිබුණි










 
උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/87735/


Friday, December 21, 2012

රාවණ රහස

0
සක්වළ සක්මන 19
රාවණ රහස




දුටු නුදුටු මෙබඳු බොහෝ දේ විනිවිද දකින සක්වළ සක්මනේ 19 වෙනි ගවේෂණ සටහන මෙසේ ඔබ හමුවේ දිග හරිමු.

මහ නායක හාමුදුරුවනේ,
සක්වළේ ඇති ශක්තීන් අනන්ත වගේම අත්භූත වෙන්නේ කොහොමද ?


ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ් යන පංච මහා භූතයන්ගෙනුයි සක්වළත් සත්වයොත් නිර්මාණය වී තිබෙන්නේ. මේ පංච මහා භූතයන්ගේ සබැඳියාව හා පිහිටීම් රටා තේරුම් නොගැනීම නිසා ඒවාට අත්භූත යැයි කියනවා. උදාහරණයක් විධියට, බටහිර පරීක්ෂණයක සටහන් වෙනවා ඔන්න අද එක්තරා තුවක්කුවකින් වෙඩිල්ලක් තියනවා. එම තොරතුරු සටහන් කරගෙන එම තුවක්කුවෙන්ම ඊට පසු දිනත් එවැනිම උණ්ඩයකින් ඒ වෙලාවටම වෙඩිල්ලක් තියනවා. එහිත් ගමන් වේගය සටහන් කර ගෙන ඒ විධියටම ආයෙමත් තවත් දවසක වෙඩිල්ලක් තියනවා. ඊට පසුව, මේවා එකිනෙක සසඳා බැලුවාම මේවායේ ගමන් වේගයන් එකිනෙකට වෙනස්. එකම තුවක්කුවකින්, එකම උණ්ඩ වර්ගයකින්, එකම වෙඩික්කරුවෙකු එක විදියට අවස්ථා කිහිපයකදී වෙඩි තිබ්බාම එහෙම වෙනස් වීමට හේතුව අත්භූත රහසක් වෙනවා.


ඒ වගේම, එකම වර්ගයේ තුවක්කු දෙකක් දෙපැත්තට හරවලා එකම වෙලාවක පත්තු කරනවා. වේගය මැන්නාම දෙකම එක සමානයි. ඊඟාවට එම තුවක්කු දෙකම සමාන ශක්තියක් යොදලා, එක පැත්තකින් එක උණ්ඩයක් ගමන් කරන මාර්ගයේ යාර දහස් ගණනක් ඈතින් ගමන් මඟ හරස් කර, එකවර තුවක්කු දෙකම පත්තු කරනවා. එවිට අර යාර දහස් ගණනක් ඈතින් හරස් කළ ගමන් මාර්ගය දෙසට නිකුත්වුණ උණ්ඩයේ ගමන් වේගය අඩු වෙලා. උණ්ඩය නොවදින තරම් ඈතින් ආවරණය කර තිබූවත්, එහි ගමන් වේගය අඩු වීමට බලපාන්න පුළුවන්.


ඒ වුණත්, පරීක්‍ෂණ මට්ටමින් හැරුණාම එවැනි සංසිද්ධීන් ඇත්තටම ප්‍රායෝගිකව වාර්තා වූ අවස්ථා නැහැ නේද ?


දැන් 1980 වසරේදී ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් 52 ක් ඉරාන ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන හිටියා. ඒ අවස්ථාවේදී ගල්ෆ් ප්‍රදේශයේ තිබූ ඇමරිකන් යුද නැව් වලින් මිසයිල ප්‍රහාර එල්ල කෙරුණා. නමුත් ඒ එක මිසයිලයක්වත් අවශ්‍ය ඉලක්ක වෙත නොවැදී නිසරු කාන්තාරයේ හිස් වැලිතලාවට පතිත වුණා. මෙය ඇමරිකානුවන්ට මහා පුදුමයක් හා අත්භූත සිද්ධියක් ලෙස පැවසෙනවා.


එතකොට මේ පෙනෙන ලොව තුළ තවත් නොපෙනෙන බොහෝ දේ ඇතැයි නූතන විද්‍යාඥයනුත් විශ්වාස කරනවා ද?

ඔව්, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ලියූ බොහෝ විද්‍යා ප්‍රබන්ධවල මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් ඔහු ලියූ අනාගත ආශ්චර්යයන් (Profiles of the Future Second part) සහ ගැඹුරු මුහුද (The Deep Range Sea) වැනි කෘතිවල බොහෝ විස්තර දැක්වෙනවා. එහිදී ඔහු සිය අදහස් මෙලෙස විස්තර කර තිබෙනවා.

“බොහෝ වායු වර්ග අදෘශ්‍යමාන වන අතර සමහර ද්‍රව වර්ග සහ ඝන ද්‍රව්‍ය කිහිපයක් ද සමහර තත්ත්වයන් යටතේ මෙසේ හැසිරේ. වතුර වීදුරුවක ඇති විශාල දියමන්තියක් සෙවීමේ භාග්‍යය මට ලැබී නැතත් වතුර ටැංකියක ස්පර්ශ කාචයක් සොයන්නට මම වෙහෙස වී ඇත්තෙමි. මෙය අදෘශ්‍යමාන තත්ත්වයට බොහෝ ආසන්න දෙයක් ලෙස සැලකීමට පුළුවන.”


යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් රාවණ රජුගේ වස්තුව රැගෙන ගිය නැව මුහුදුබත් වීම සහ යළි එම වස්තුව ගොඩ ගැනීමට නොහැකිවීම අතර පවතින්නේත් ඊට සමාන හේතුවක් ද ?

ගාලු වරායෙන් එහෙම නැවක් පිටත් වී වැඩි දුරක් යන්න මත්තෙන් ඇති වූ අදෘ ශ්‍යමාන තෙරපුමක් නිසා එය මුහුදුබත් වූ බව අරිසෙන් අහුබුදු ඇතුළු විද්වතුන් පෙන්වා දී තිබෙනවා. පසුව රන්මුතුදූව චිත්‍රපටය තැනීමේදී එහි තිබූ විශාල පෙට්ටිය (Chest) හැර ඇතැම් වෙනත් වටිනා දේවල් ඉමහත් පරිශ්‍රමයක් දරා නැවත ගොඩගත් බව මයික් විල්සන් මහතා තමා (ආචාර්ය සූරිය ගුණසේකර මහතා) වෙත පැවසූ බව මාධ්‍යය මඟින් අනාවරණය කර තිබුණා. මයික් විල්සන් සහ ආතර් සී ක්ලාක් යන දෙදෙනා සමකාලීනයන් මෙන්ම මුහුදු පුරාවස්තු ගවේෂකයන් හා සූර කිමිදුම්කරුවන් ලෙස ද කාලයක් කටයුතු කර ඇති බව ද පැවසෙනවා.
කොහොම වුණත් සොයා ගනු ලැබුවයි කියන රාවණ රජුගේ රන් රිදී මුතු මැණික් හැරුණාම සිහි මුර්ඡාවට පත්වූ රාවණ රජුගේ දේහය මහ කුඩුගල කඳු මුදුනේ ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසනවා.


එහෙම නම්, රාවණ රජුගේ අද්භූත රහසක් වුණේ රසදිය භාවිතය ද?


සමාජයේ එහෙම විශ්වාසයක් තිබෙනවා. රස වෙදකමට, ගුවන් යානා පණ ගැන්වීමට, ආලෝකය ඉපදවීමට, නොපෙනී ඉන්නත් රසදියවලට ශක්තියක් ඇතැයි කියනවා. විශේෂයෙන් මෘත ශරීර පවා නොදිරා කල් තබා ගැනීමේ එක් ක්‍රමයක් විධියට මේවා යොදා ගන්නා බව පැවසෙනවා. නමුත් රසදියවල විවිධ අවස්ථා පිළිබඳව නූතනයට වඩා රාවණ රජු සතුව පැවති අවබෝධය වැඩි බව රාවණ මූලාශ්‍ර මඟින් ගම්‍යමාන වෙනවා.

සාකච්ඡා සටහන චාමික මුණසිංහ
(B. A. (Hon), M. A.)






උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2012/11/13/tmp.asp?ID=fea10

රාවණ රජු සහ ඉකුත් කල්ප සක්වළ සක්මන 17
රාවණා ගැන මානයක් සක්වළ සක්මන 18

රාවණා ගැන මානයක්

2

සක්වළ සක්මන 18

රාවණා ගැන මානයක්






කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා මහ පොළවට නොපෙනෙන බොහෝ දේ උඩු ගුවනට පෙනෙයි.
අසිරිමත් ගුවන් පථ, දෙකඩ වූ දෙස් විදෙස්, ගිළී ගිය ගම් දනව් සක්වළේ සක්මනට හොඳීන් දිස්වේ. මේ සියලු අභිරහස් සොයා සක්මන කරන තවත් එක් (18) පියවරක් තබන්නෙමු මෙලෙස.

මහනායක හාමුදුරුවනේ, ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද?

හිරු පිරිවරට, රණ සූරයා (රණබා) ට ‘රාවණා’ නම යෙදී තිබෙනවා. රස වෙදකමට හා සංගීතයටත් ‘රාවණ’ නාමය නෑකම් කියනවා. ඓතිහාසික සීගිරිය, කුරගල, ලකේගල හා මහකුටිම්බිගල රාවණගේ වාසභවන් ලෙස සැලකෙනවා. ඇතමෙකුට (හෙළයන්ට) රාවණා වීරයෙක්, ඍෂිවරයෙක්, රජකෙනෙක්, ගාණ්ධර්වයෙක්, සාහිත්‍යධරයෙක්, තව පිරිසකට (ඉන්දියානුවන්ට) සතුරෙක්, දෘෂ්ටයෙක්, තවත් කණ්ඩායමකට, ‘රාවණා’ කියන්නේ සංකල්පයක්, මිථ්‍යා අදහසක් වෙනවා.

ඒ කොහොම වුණත් ‘රාවණා’ යනු භෞතික බලයේ හා දියුණුවේ කූටප්‍රාප්තිය බව අප පිළිගත යුතුව තිබෙනවා. නමුත් සම්බුද්ධ රාජ්‍යය වැනි සදහම් බලයක් හැරුණු කොට,කොයි තරම් ප්‍රබල අධිරාජ්‍යයක්වත් වසර 300 කට වැඩි කාලයක් මෙතෙක් ලොව පැවතිලා නැහැ. රාවණා කියන සක්විති රජුට හා අධිරාජ්‍යයාටත් මේ කරුණ වලංගුයි.

’රාවණා’ නාමය සමග බැදුණු විවිධ ජනශ්‍රැති එහෙම නැද්ද?

රාවණා හා නොබැදුණු ජනශ්‍රැති , පුරාවෘත්ත මේ සිංහල ජන සාමජයේ තවත් නොමැති තරම්. ඒ තරමටම එම නම බැදී පවතිනවා. හෙළවෙදකමට, සටන්වලට, දුනු ආයුධ වලට, සංගීත භාණ්ඩවලට (රාවණාශ්‍රම්, රවන්හතෝ වීණාව) සංගීත (රාවණා) රාග වලට, ග්‍රාම නාම, දිය ඇලි වලට ( රාවණා ඇල්ල ,රාවණා කොටුව) ප්‍රදීපාගාර වලට (කුඩා රාවණා, මහා රාවණා) යනුවෙන් ව්‍යවහාර වන නාමකරණ මගින් වුණත් ඒ බව තහවුරු වෙනවා.

එතකොට , රාවණාගේ විනාශය (මරණය හෝ සිහිමුර්ජා වීම) සහ ලංකාපුරය මුහුදට ගිලා බැසීම අතරත් කිසියම් සාම්‍යයක් පවතිනවාද?

ඔව්. මීට පූර්ව කල්පයේදී භූගෝලීය වශයෙන් ඇමරිකා යුරෝපා, මහාද්වීප දෙකම එකට සම්බන්ධ වෙලායි පැවතියේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් වුවත් එම දෙදරායාම ගම්‍යමාන වෙනවා.අත්ලාන්තික් සාගරය නිර්මාණය වුණෙත් ඉන් පසුවයි.මේ බව සුප්‍රකට ප්ලේටෝගේ අත්ලාන්තික් පුරය (City of Atlantics)  නිගමනය ආදි වාර්තාවලිනුත් සනාථ කෙරෙනවා.අත්ලාන්තික් සාගරයේ සිදු කළ සාගර කැනීම් මගිනුත් එහි නෂ්ටාවශේෂ හමුවී තිබෙනවා.

මධ්‍යධරණී මුහුදත්, ශාන්තිකර සාගරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වීමටත් මෙම භූගෝලීය පැලීම හා කැළඹීම හේතු වුණා. එලෙස කැඩී ගිය සලකුණු සහ දියවැල් අදටත් සක්‍රියව පවතිනවා. ඉන්දියාව හා ලංකාවත් මීට වඩා බොහෝ සෙයින් භූගෝලීයව බද්ධ වී තිබූ බව පැහැදිලියි.රාම, රාවණා තාරකා මිසයිල මහා යුද්ධයක් සමග දෙරට ඈත් වී ගියා පමණක් නොවෙයි. නගර ගම් දනව් පවා මුහුදට ගිලී ගියා.

එහෙමනම්, වාල්මිකීගේ රාමායනය සහ මුහුදුබත් වූ ලංකාපුරයේ , පුරාණ නටබුන් අතර කාල නිර්ණයෙන් කිසියම් සමාපාත බවක් තියෙනවාද?

දැනට වාල්මිකීගේ රාමායනය ග්‍රන්ථය මීට වසර 9,600 කට පෙර (ක්‍රි.පූ. 7600 ) ලියන ලද්දක් යැයි සැලකෙනවා. ඊඟාවට ඔය ඉන්දියාවේ කාම්බේ බොක්කේ ගිලී ඇති නගර නටබුන් වසර 10,000 ක් පමණ පැරණි වූවක් බව කාබන් පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ අනුව, මේ දෙක අතර ඇති කාල පරාසය ඉතාම ආසන්න බව පැහැදිලියි.

ඒ වගේම, භාරතයේ විසූ රාම කුමරු ලංකාපුරයේ විභීෂණ (රාවණගේ බාල සොයුරා) ට ආශිර්වාද කර ඇත්තේ ත්‍රෙට (Treta) යුගය දක්වා ජීවත් වීමටයි. ඒ කියන්නේ, මේ මහා භද්‍ර කල්පයේ ද්වාපර (Dwapara) හා කලි (Kali) යුගයට පෙර යුගය දක්වායි. රාවණ රජු පිළිබඳව කිසිදු විස්තරයක් අපේ මහාවංශයට ඇතුළත් වී නැත්තේ මේ නිසා විය හැකියි. එනම්, රාවණා යනු මේ කල්පයට පෙර කල්පයක විසූ කෙනෙකු නිසායි.
සාමාන්‍යයෙන් සෑම යුගයකම (කෘත, ද්වාපර, ත්‍රෙට හා කලි යුග) අවසානයේදි යුග විනාශයක් සිදු වෙනවා. මේ අනුව, රාවණා යුගයත් එම ත්‍රෙට (Treta) යුගය, අවසානයේදි ලොව සිදු වුණ මහා යුග විනාශයේදී නිමා වෙන්නට ඇති. අපි මේ පැමිණ ඇති යුගයත් ගල්, වැදි ,එ‍ෙඩ්ර,ගොවි, කාර්මික හා නූතන ඉලෙක්ට්‍රොනික යුගයෙන් පසු අවසන් වී ගොස්, ආයෙමත් අලුත් යුගයක් ඇති වී යළිත් මූලාරම්භක අවධියටම ගමන් කරාවි.

රාමායනයේ එන අහසින් ගිනි ගුලි හෙලීම, අහසින් යාම හා ලංකාපුරය මුහුදට බිලිවීම ආදි දේවල් අත්භූ®ත අභව්‍ය ප්‍රබන්ධ කතා විය නොහැකිද?

1945 දී ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට ගිනිගුලි වගේ් ගිනිගෙන දැවෙන පරමානු බෝම්බ දැමීමත් එලෙස ගිනිගුලි හෙලීමත් වගෙයි. මේ කල්පයේදීම කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා.

ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා. මීට අමතරව, අද සොයා ගෙන තිබෙනවා. ඉන්දියාවටත් නේපාලයටත් මැදිව පිහිටි මහා හිමාල කන්දෙන් සිප්පිකටු, මුහුදු ජීවින්ගේ පොෂිල, ඇටකටු, ආදිය , මුහුදු සීමාවෙන් බොහෝ ගොඩබිමට, වන්නට සිප්පිකටු, කරදිය ලවන වගේම මුතු මැණික් මතු වීමටත් එම භූගෝලීය වෙනස්වීම හේතුවන්නට ඇතැයි භූවිද්‍යාඥයින් අනුමාන කරනවා.

ඒ වුණාට ,රයිට් සහෝදරයින් නූතන ගුවන්යානය සොයා ගත්තට පස්සේ ඉදිවුණ ගුවන්පථ හරුණාම ඊට පෙර යුගවල පැවති එබදු ස්ථාන හමු වී නැහැ නේද?

දැන් රුසියාවේ පේරු රාජ්‍යයේ නැස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති අශ්ව ආදි විවිධ රූප රටා ලොව ප්‍රකට වි තිබෙනවා. 1927 වසරේදි සොයා ගනු ලැබූ මෙම රූප රටාවලින් යුතු දැවැන්ත ගුවන්පථ ක්‍රි.පූ. 4 වන සියවසට අයත් විය හැකි බවයි ඉතිහාසඥයන් පවසන්නේ. මීට වසර 4,000 ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි.

මේ ආකාරයෙන්ම අශ්වයකුගේ හැඩයෙන් යුත් ගලින් නිර්මාණය කළ ගල් වැටි සමූහයක් පසුගියදා කසකස්ථානයේ උරල් කදුවැටියේ තිබී ‘ගුගල් අර්ත් (Google Earth) මගින් සොයා ගනු ලැබුවා.
තියුණු ආයුධ 40 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ගල් හා මැටියෙන් අඩි 1000 ක් පමණ දිගින් යුතු මෙම පථය පාපන්දු ක්‍රීඩා පිටි දෙකකටත් වඩා විශාල වූවක්. මේවා පෙර කල්පයේදී භාවිත කළ ගුවන්පථ (ගුවන් මධ්‍යස්ථාන) හෝ පිටසක්වළ ජීවින් සමග සම්බන්ධ වූ ‘ තරු දොරටු ‘ (Star Gate)  විය හැකියි. මෙබඳු පිහිටීම් රටා ඓතිහාසික කූරගල, කුටුම්බිගල හා සීගිරිය ආදි ස්ථානවලත් පැවති බවට විශ්වාස කරනවා.


ඔබේ ගැටලු “සක්වළ සක්මනට” – බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ ලිපිනයට යොමුකරන්න.


රාවණ රජු සහ ඉකුත් කල්ප

1

සක්වළ සක්මන 17 

රාවණ රජු සහ ඉකුත් කල්ප








මේ කල්පයට අයත් නැති රාවණ රජු ගැන මහාවංශයේ ද, සඳහන් නොවේ. එහෙත් පූර්ව කල්පවල විවිධ නෂ්ටාවශේෂ අපට හමු වී තිබේ. සක්වළ සක්මනේ දී එබඳු බොහෝ දේ මෙලෙස ඇස ගැටෙයි. ලෝකයට..... ආලෝකය එක් කරන එහි 17 වෙනි පියවරයි මේ.

මහා නායක හාමුදුරුවනේ,
“රාවණ” කියන්නේ කාශ්‍යප බුද්ධ (පෙර) කල්පයේ මෙරට හිටපු අවසන් රජු (පාලකයා) ට ද?


සෑම කල්පයකම ආධ්‍යාත්මික බලය සහ භෞතික බලය උපරිමයකට පත්වන අවස්ථා දෙකක් තිබෙනවා. මේ දෙක එකම කාලයක පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෝකයට බුදුවරු පහළවෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඉස්මතුවන කාලවලයි. ඊඟාවට ඔබ කියපු ‘රාවණා’ වගේ බලගතු සක්විති රජවරු බිහි වෙන්නේ, භෞතික දියුණුව හිනිපෙත්තට වැඩුණු විනාශයට ළං වූ අවධිවලයි.

වාල්මිකීගේ ‘රාමායනයේ’ විස්තර වන අන්දමට ‘රාම – රාවණා’ යුද්ධය තාරකා මිසයිල ගුවන් යුද්ධයක් දක්වා වර්ධනය වූවක්, රාවණගේ ‘දඬුමොණරය’ ගුවන්යානය මේ කල්පයේ නිර්මාණය වූවක් නොවෙයි. පැරණි ලංකාපුරය, ඊජිප්තුව හැරුණු කොට කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගාව ආශි‍්‍රත ටෝලීමා නටඹුන් වලින් ද පුරාණ ගුවන් යානා (Gold Flyer) ආකෘති ආදිය හමු වී තිබෙනවා. මෑත යුගයේ දී රයිට් සහෝදරයෝ අලුතින් ගුවන් යානය නිර්මාණය කළාට ඊට පූර්ව යුගවලදීත් ලොව ගුවන් යානා තාක්‍ෂණය පවා තිබී ඇති බව නූතන විද්‍යාඥයනුත් අද පිළිගනු ලබනවා.



 
පිරමීඩ් දේවාලය තුළ අවුරුදු 4500ක් පැරැණි ගුවන් යානා මැටි ඇඹීමක්


හොඳයි, එතකොට මේ ගෞතම බුද්ධ කල්පය නිර්මාණය වුණේ එම භෞතික බලය පිරිහීමෙන් පසුව ද?

ඔව්. මෙහෙම ගිහිල්ලා දැන් මේ අද දවසේ පවතින භෞතික විද්‍යාවේ දියුණුව හා බටහිර භෞතික බලයත් හිනි පෙත්තටම ගිහින් එක්තරා තැනකදී නතර වෙනවා. මෙලෙස භෞතික ශක්තියෙන් සන්නද්ධ වුණාම මිනිස්සු තුළ ‘මෘංග සංඥා’ පහළ වෙන්න පටන් ගන්නවා. ඉනික්බිතිව, එතෙක් නිපදවපු, නොහිතන තරම් අති ප්‍රබල අවි ආයුධවලින් මහා දරුණුවට යුද්ධ කරනවා. ඒ මහා ‘මෘගසන් යුද්ධයෙන්’ සියලු ශිෂ්ටාචාර, රාජධානී මුළුමනින් වැළලී යනවා. ඊට පස්සේ ඉතිරි වූ මිනිසුන් සුළු පිරිස ක්‍රමිකව ආයෙමත් ආධ්‍යාත්මයට නැඹුරු වීමෙන් පසු මතු මෛත්‍රී බුද්ධ කල්පය නිර්මාණය වෙනවා.

එහෙමනම්, එන මෛත්‍රී බුද්ධ කල්පයේදීත්, මේ ගෞතම බුද්ධ කල්පයේදි නිර්මාණය වූ සියලු භෞතික ඉදිකිරීම් පවා විනාශ වී යනවා ද?

ඔව්. බොහෝවිට එහෙම වෙනවා. ඉතාම කලාතුරකින් තමයි යමක් ඉතිරි වෙන්නේ. දැනට මේ මහා භද්‍රකල්පයේ දෙවෙනි අන්තඞකල්පයේ පැවති කෝණාගමන බුද්ධ ශාසනයේ ඇතැම් නටබුන් ඉන්දු නිම්නයෙන් හා හරප්පා ශිෂ්ටාචාරය තුළ තිබී හමු වී තිබෙනවා. යුනිකෝන් හිසක් සහිත හිස් තුනේ සත්ව මුද්‍රාව, නාග බෝධි, ධර්ම චක්‍ර හා ශෛලමය බුදුරුව මෙන්ම මෙසපොතේමියාවේ සිඟුරත් ගර්භයක තිබූ බුදු පිළිම ඒ අතර ඉතිරි වූ නටබුන් කිහිපයක්. ස්ථිර ලෙසම මේ දේවල් ක්‍රි.පූ. 5, 000 කටත් වඩා පැරණි බව තහවුරු වී තිබෙනවා.
කෝණාගමන බුදුසසුනේ නටබුන් මෙලෙස හමුවුණත්, ඊට පසු පැවති කාශ්‍යප බුදු සසුනේ නටබුන් ඉතාම අඩුවෙන් හමු වෙන්නේ ඇයි? කාශ්‍යප බුදුන්ගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සර්වඥතා ධාතු නොවිසිරී ඝන රන් පිළිමයක් සේ ඒක ඝනව පැවතියා. ඒ උන්වහන්සේ කළ ප්‍රාර්ථනාවක් අනුවයි. ඒ නිසා කාශ්‍යප බුදුරදුන්ගේ ධාතු තැන්පත් කර ඉදිකිරිමට හැකි වී ඇත්තේ, එකම එක ස්තූපයක් පමණයි. ඊට පෙර අන්තඞ කල්පයේ පැවති කෝණාගමන බුදු සසුනේ පුරාණ වෙහෙර විහාර නටබුන් වලට වඩා ඉතාම අඩු සලකුණු ප්‍රමාණයක් කාශ්‍යප බුදු සසුනෙන් මතු වෙන්නේ මේ නිසා විය හැකි යි. 

පෙර පැවති කල්පවලට අයත් තවත් දේවල් සොයාගෙන තිබෙනවාද?

ඔව්. දැන් අපි මේ සාකච්ඡා කරන භූමියට යාබදව පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයෙන් පවා වසර 3, 000 කට වඩා පැරණි ඉතා දියුණු නගරයක නටබුන් වැළලී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබෙනවා. කොළඹ වරාය, හිල්ටන් හෝටලය තිබෙන ස්ථානවලින් ඉපැරණි නගර ලක්‍ෂණ කිහිපයක් ම හමු වී ඇති බවත්, කැලණිය පුදබිම ආශි‍්‍රතව වෙනත් යුගවල සලකුණු හඳුනාගෙන ඇති බවක් වත්මන් පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.
ඒ වගේම, සීගිරිය අලුත්යාය ප්‍රදේ්ශයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් සුදු තිරුවානා කන්දෙන් රාවන යුගය තරම් ඈත කාලයට දිවෙන උමං මාර්ගයක් හමු වුණා. අඩි 15 ක් පොළව යටින් මතු වූ මාර්ගය රාවණ කතා ග්‍රන්ථයේ සඳහන් සීගිරියේ සිට ලග්ගලට යන මඟ විය හැකි බවත්, සීගිරිය රාවණගේ නිර්මාණය බවටත් ඉතිහාසඥයන් මාධ්‍යයට මත පළකර තිබුණා.

හොඳයි. විදෙස් රටවලිනුත් මෙවැනි නෂ්ටාවශේෂ හමුවුණ බවට වාර්තා නැද්ද?

ඊජිප්තු පිරමීඩ් දේවාලයක තිබූ මැටියෙන් අඹන ලද ගුවන්යානා ආකෘති හතරෙහි පුරාවස්තුව වසර 4500 කට වඩා පැරණි බව කාබන් පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඊඟාවට අසල්වැසි ඉන්දියාවේ බොම්බායට සැතපුම් 200 ක් උතුරට වන්නට ගුජරාටියට නුදුරෙන් පිහිටි කුම්බේ බොක්කේ අඩි 4000 ක් ගැඹුරු මුහුදු පත්ලේ නවදිල්ලි නුවරට නොදෙවෙනි පුරාණ විශාල නගරයක නටබුන් හමු වුණා. 2003 වසරේ දී එරට සාගර දූෂණ කොමිසම මඟින් සොයා ගනු ලැබූ මෙම මුහුදට ගිලා බැසුණ නගරය වසර 10, 000 කට ආසන්න ඉපැරණි බවට විශ්වාස කරනවා.
මීට අමතරව, මැදපෙරදිග කටුක කාන්තාර යටින් දියුණු නගර පුරා වස්තු නටබුන් මතු කරගෙන තිබෙනවා. මෙම ඉපැරණි නගර මේ කල්පයේ තිබූ ඒවා නොවෙයි. එමෙන්ම, වසර 3, 000 ක් තරම් පැරණි ‘බැටරි ෂෙල්’ මෙලෙස කාන්තාර ආශි‍්‍රතව කළ කැනීම්වලින් සොයා ගෙන තිබෙනවා. නූතන මිනිසා ‘බැටරිෂෙල්’ සොයා ගෙන තවම වසර 200 ක් වත් ගත වෙලා නැහැ. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා විසින් එංගලන්ත රූපවාහිනී වැඩසටහනක දී නිශ්චිත ලෙසම පෙර යුගයක භාවිත වූ ඒවා බවත්, නූතනයේ පවා එම බැටරි සක්‍රීය කළ හැකි බවත් අනාවරණය කරනු ලැබුවා.

මේ විධියට පුරාණ දියුණු නගර ශිෂ්ටාචාර නූතනයේ කාන්තාර වීමට හේතුව කුමක්ද?

මිථ්‍යාවෙන්, අධර්මයෙන් හා බලකාමයෙන් මත් වීමෙන් අත් වන්නේ හැමවිට විනාශයයි. අද වුණත්, මැදපෙරදිග ඇවිලී යන යුද ගැටුම් මඟින් අවසානයේ මතු කල්පයට දැකබලා ගැනීම ඉතිරි වන්නේ, එවැනිම නෂ්ටාවශේෂ වූ නගර ශිෂ්ටාචාර පමණයි. අන්තඞ කල්ප යුග විනාශවලදී සුළු සුළු වශයෙන් හෝ මෙලෙස නෂ්ටාවශේෂ ඉතිරි වූවත් මහා කල්පය අවසානයේ දී (මෛත්‍රී බුද්ධ කල්පයෙන් පසු) සිදුවන ලෝක විනාශයේ දී සියල්ල දූවිලි ගොඩක් බවට පත් වෙනවා. ඒක හරියට ජීවය විනාශ වී ගිය සඳ, අඟහරු වැනි ග්‍රහ ලෝක වගෙයි. අඟහරු ලෝකයේත් කලකට පෙර ජීවීන් සිටි බවටත්, සිඳී ගිය ගංගා, මුහුදු ආදී පසුබිමකුත් නිරූපණය කරන ඡායාරූප කිහිපයක් කියුරියෝසිටි යානයෙන් පසුගියදා එවා තිබුණා. අඟහරු ග්‍රහයාගේ මතුපිට කැනීම් ආරම්භ කළාට, තවමත් අපි ඉන්න පෘථිවියේ අඩි 30 කට වඩා යටට පුරාවිද්‍යා කැනීම් සිදු කරලා නැහැ. එහෙම යටට කැනීම් කළොත් මීට වඩා ඉකුත් කල්පවලට අයත් තවත් නටබුන් පුරාවස්තු දැක ගන්න පුළුවන් වෙයි. 


“සක්වළ සක්මනට” ඔබේ ගැටලු
බුදුසරණ කර්තෘ,
ලේක්හවුස් කොළඹ

යන ලිපිනයට අද ම යොමු කරන්න.

සාකච්ඡා සටහන චාමික මුණසිංහ (B. A. (Hon), M. A.)



උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2012/10/29/tmp.asp?ID=fea10


රාවණා රජු මල දවස රජුට ජනතාව ගරු බුහුමන් දැක් වූ ස්තානය (යහන්ගල/Yahangala)

4

ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ පිහිටි රාවණා රජු මල දවස රජුට ජනතාව ගරු බුහුමන් දැක් වූ ස්තානය (යහන්ගල/Yahangala)



Yahangala seen over the Minipe canal
යහන්ගල මිනිපේ ඇලට ඉහලින්


First view of the bedrock

Challenging us


 

changing its view

zoomed

Ununugala or KuwenigalaPlenty of paddy





කුවේණිගල




උපුටා ගැනීම - http://trips.lakdasun.org/yahangala-1220m.htm 




Tuesday, December 11, 2012

රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!

7

රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!




බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය පාරේ ටික දුරක් යද්දි තියනවා වම් පැත්තෙ ගහලා(බණ්ඩාරවෙල ඉදන් යනකොට)



මෙන්න මෙහෙම බෝර්ඩ් එකක්.එතනින්ම දකුණට පාරක් තියනවා



මේ තියෙන්නෙ ඒ පාර..එතන ගහලා තියනවා



මෙහෙම එකක්.විහාරයක් නම් නෑ ඇත්තටම.මෙහෙ රාවණාඇල්ල කියලා කියන්නෙ මේ ගමට ඒත් මෙතනින් ඇතුලට කිලෝමීටර් 4ක් හරි 4 ½ක් වගේ ගියාම පන්සලක් තියනවා ඒක හදලා තියෙන්නෙ වලගම්බා රජතුමා කියලා තමයි කියන්නෙ.. මේ තියෙන්නෙ ඒකෙ පොටෝ එකක්..




රාවණා ඇල්ල කියන ගමේ තියන නිසා තමයි මේකට රාවණාඇල්ල පුරාණ විහාරය කියන්නෙ,ගලක් යට තමයි හදලා තියෙන්නෙ බලන්න නම් එච්චර දෙයක් නෑ, වලගම්බා රජතුමා තැනින් තැන හැංගි හැංගි ගිහින් තියනවා කියලා දන්නවනේ පුරාණ කලෙදි ඒ වගේ එක සැරයක් මෙතනට ඇවිත් තියනවාලු,මුලු රැයක් පුරාම මේක හදලා එළිවුනු නිසා බාගෙට හදපු විහාරය එහෙම්මම දාලා ගියා කියලා තමයි කියන්නෙ(මටත් හිතුනා හැබැයි පිස්සුද කියලා යන යන තැන එක එක ඒවා හද හද එන්නෙ)





මෙතනනින් එහාට විහාරය ඇතුලෙ පොටෝ ගන්න බෑ,තහනම් කියලා ගහලා තිබ්බා.(මේකත් හොරෙන් ගත්තෙ)

‍මේ ඔක්කම ගල ඇතුලෙ තමයි හදලා තියෙන්නෙ..එතනට යද්දි මගදි හම්බවෙනවා හුඹහක්(රාජ හුඹහක්)
මේ තියෙන්නෙ..



මෙතනින් උඩට පාරක් තියනවා..පඩි,700ක්,කැලෑ පාරක්..





මේක තමයි පාර.මෙතන ඉදන් පඩි 700ක් නගින්න ඕන,බඹරු ඉන්නවා.මේ වගේ සමහර තැන් තියනවා යන්නම බෑ.පහළ බැලුවම හෙල තියෙන්නෙ..


මේ තියෙන්නෙ රාවණා ගුහාව කියන එක.







මේ ඇතුලෙ ඉදන් බැලුවම එළිය පේන හැටි.මේ ගුහාව ඇතුලෙ තමයිලු සීතාව ගෙනල්ලා හිර කරන් හිටියෙ.ඇත්ත වෙන්න ඇති මොකද දඩුමොණරයක් ගන්න තරම් පුළුවන්කමක් තියනවා ඇතුලට.මෙතන උඩින් මීට කලින් මේ ගුහාව වහගෙන දිය ඇල්ලක් ගියා වගේ පේනවා(ඒක නම් මම කියන්නෙ) පස්සෙ හැබැයි දැන ගත්තා මෙතන තමයිලු ඇත්තම රාවණා ඇල්ල තියෙන්නෙ(ඕක මම නෙවෙයි කියන්නෙ පරණ මිනිස්සු ඒ හරියෙ ඉන්න) දැන් කෝම හරි ඒක එතනින් ගලාගෙන ගිහින් එතනම පල්ලෙහා හරියෙන්ලු පටන් ගන්නෙ..ඒකත් තියෙන්නෙ ඒ හරියෙමයි,බලන්න වෙලාව මදි වුනා..මේ ගුහාව ඇතුලෙ තව ගුහා දෙකක් තියනවා,එකක් යන්නෙ දෝවෙ පන්සලටලු, මටත් ඒක බලන්න යන්න බැරි වුනා..මමත් පස්සෙ දැක්කෙ මූණුපොතේ පේජ් එකකින් තමයි.. ඒකත් බලාගන්නකෝ මෙතනින් අනිත් උමග නුවරඑළියෙන් මතුවෙනවා කියනවා,කොහොම හරි පුරාවිද්‍යාඥයෝ මේකට ඇවිත් තියනවා කියලා නම් කියනවා.එයාලා කියන්නෙ මේවා. මේකෙ දෝවෙ පන්සලට යන උමගෙ නම් මීටර් 50ක් විතර දුරක් යන්න පුළුවන් කම තියනවා (ටෝච් එකක් නැති නිසා යන්න බැරි වුනා) අනිත් එක ඒ කියන්නෙ නුවරඑළියට යනවා කියන ගුහාවෙ නම් හිටගෙන යන්න බැරිලු) කලින් ගියපු කෙනෙක් කිව්වෙ.




මේ තියෙන්නෙ දෝවෙ පන්සලට යනවා කියන ගුහාව,අනිත් එකේ පොටෝ එක පැහැදිලි නෑ කළුවරයි..




මේ උඩ ඉදන් බැලුවම පහළ පේන හැටි..

හරි...ඊට පස්සෙ රාවණාඇල්ල බලන්න ගියා,ඒ කියන්නෙ ඇත්ත රාවණාඇල්ල කියලා කියපු එක නෙවෙයි ඔයාලා හැමෝම බලන්න යන එක..ඒ යද්දි හම්බුවෙනවා තැනක්(මට එතනට කියන නම මතක නෑ) කෝම හරි (බණ්ඩාරවෙල ඉදන් යද්දි) දකුණු පැත්තෙ තියනවා .ඒකෙ රාවණා රජුගෙ රෑපය තියනවා කියලා තමයි කියන්නෙ(අනිත් අය ගැන මම දන්නෙ නෑ ඒත් මට නම් පෙනුනා,ඒ වගේම මම රාවණා රජුගෙ කියලා කියන රෑප කීපයක්ම අරන් සන්සන්ධනය කරලා බැලුවා,ඒ නිසා මමත් හිතනවා මේක රාවණා රජුගෙ කියලා කිසිම අවිස්වාසයක් නැතුවම)



එතනම එහා පැත්තෙ තව රූපයක් පේනවා,ඒක වළගම්බා රජතුමාගෙලු (මට නම් එහෙම එකක් පේන්නෙ නෑ)


 

මේ තියෙන්නෙ මෙන්න මේකෙ මාර්ක් කරලා තියන තැන තමයි තියනවා කියන්නෙ..අහ්හ්... ටිකක් කල්පනා කරාම පේනවා රාවණා රජු හිටපු හැම තැනකම වළගම්බා රජුත් ඉදලා තියනවා තියලා.. තව දෙයක්..මම අර මුලින් පෙන්නුව රාවණා රූපෙ රාවණා රජු බලන් ඉන්නෙ නිධානයක තියන තැනලු, එතන ඉදන් බැලුවම පේනවා කන්දක්.ඒකෙ මීට කලින් බුලත් කැලෑවක්ලු තිබිලා තියෙන්නෙ..මොනවද කරලා කෝම හරි එ්වා ඔක්කොම ගලවලා ඒ කාලෙ හිටිය මිනිස්සු, පස්සෙ එහෙ නයි ඉන්නවා කියලා තමයි කියන්නෙ..ඒ පැත්තට ගිය කිසි කෙනෙක් ආයෙ එන්නෙ නෑලු..



මේ තියෙන්නෙ අපි බලන්න යන රාවණා ඇල්ල..අර මම කලින් කිවවනෙ රාවණා ඇල්ල හරි එක මේක නෙවෙයි කියලා..ඒත් මේක කියලා හිතන්න පුළුවන්(මගේ මතයක් පමණයි) මොකද මේකෙ පටන් ගත්තු තැනක් පෙන්න නෑ.ගල ඇතුලෙන් තමයි එන්නෙ.. හොදට බලන්නකෝ..ඒ නිසා සමහර විට ගල ඇතුලෙන් හරි නැත්තන් වෙන කෝම හරි අනිත් ඇත්ත ඇල්ල කියලා කියන එකත් එක්කම මේක සම්බන්ධ වෙන්න පුළුවන්..



ඔන්න මම ගියපු ගමන ගැන සේරම විස්තර කිව්වා..ඔයාලගෙ අදහසුත් කියන්න..හම්මේ...ගියාට වැඩිය මහන්සි පෝස්ට් එක ලියන්ට.. පුළුවන්නම් යන්නකෝ ඔයාලත්.... 


කොත්මලයේ පිහිටි රාවණා රජුගේ මෘතදේහය ඇතැයි සැළකෙන පෙට්ටිගල.

2

කොත්මලයේ පිහිටි රාවණා රජුගේ මෘතදේහය ඇතැයි සැළකෙන පෙට්ටිගල.

තාක්‍ෂනික ලෝකය විසින් සීඝ්‍රයෙන් විනාශ කර දමන සංස්‌කෘතික උරුමයන් අහිමි වීමේ තර්ජනයකට ලාංකේය සමාජය අද මුහුණ දෙමින් සිටියි.මෙයට හේතුව වන්නේ දැනට සොයා නොගත් පුරාවස්‌තු නොදැනුවත්කමින් හා විවිධ පුද්ගලයින්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් හා විනාශ වී තිබෙන නිසාය. වර්තමානයේ මෙම ව්‍යසනය වලකා ගැනීම සදහා පවතින්නේ දැඩි උදාසීන බවකි. මේ අයුරින්ම තවත් විනාශ වෙමින් අභාවයට යමින් පවතින දෙයක්‌ වන්නේ ජනශ්‍රැතිය.මේවා හොදින් අසා හොදින් විශ්ලේශනය කිරීමෙන් අප ඇස නොගැටුණු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දේවල් රැසක්‌ අපට සොයා ගත හැක.මෙයට හොදම උදාහරණය වන්නේ ග්‍රීක වීරකාව්‍යයක්‌ ඔස්‌සේ යමින් මිත්‍යාවක්‌ ලෙස සැලකූ ට්‍රෝයි පුරය පුරාවිද්‍යඥයින් විසින් සොයා ගැනීමයි.මෙය අපට මහගු ආදර්ශයකි. ඔවුන් එසේ නොකලා නම් ට්‍රෝයි පුරවරය හුදු මිත්‍යා කතාවක්‌ යැයි සිතා අද වෙනතුරුත් වැළලී පවතිනු ඇත.

එසේ නම් පුද්ගල වාසගම් වලට සම්බන්ධ, ගම් දනව් විශාල ගණනකට ද,ස්‌ථාන නාම වලටද සම්බන්ධ කමක්‌ ඇති සෙල්ලිපි ඇසුරෙන්ද ඔප්පු කල හැකි පුරාතන ග්‍රන්ථ රැසක ද නම හා විස්‌තර සදහන් රාවණා රජුට අපේ ඉතිහාසයේ නීත්‍යානුකූල ඉඩක්‌ ලබා නොදෙන්නේ මන්ද කියා මට නොවැටහේ. ලංකාපුරය හෝ දඩුමොණරය ආදිය ඉබේ මතුවන තුරු බලන් ඉන්නේ නැතිව ජනශ්‍රැති ඔස්‌සේ යමින් එම ප්‍රෞඩ ඉතිහාසය නැවතත් ගොඩ නගා ගත හැකි බවට ලාංකිකයන් නොසිතන්නේ මන්ද යන්න මාගේ ගැටලුවකි.

එසේ කියා ඉන්දියානු වීරකාව්‍යයක්‌ වන රාමායණය පසුපස හඹායාමක්‌ මා පවසන්නේ නැත. මක්‌නිසාද යත් වාල්මිකී මෙය රචනා කර ඇත්තේ තමා රාවණා රජු ගැන අසා ඇති තොරතුරු ඔස්‌සේ රාමා වීරයෙකු කිරීම සඳහාය. ඒ අනුව රාමායණය ඔස්‌සේ යමින් මැතකදි දකුනු ඉන්දියනු ද්‍රවිඩයන්ගේ දැනුමට අනුව නම් කල ස්‌ථාන වල පර්යේශණ කටයුතු නොකරන ලෙස ද මා ඉල්ලා සිටිමි. එසේ සිදුවුවහොත් එය පිදුරු ගොඩේ ඉදි කටුවක්‌ සොයනවා වැනි වැඩකි.

මට හමුවූ තොරතුරු වලට අනුව, රාවණා රජුගේ ප්‍රධාන ආරක්‍ෂිත බලකොටුවක්‌ තිබී ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේය. එයට කදිම සක්‍ෂියක්‌ ලෙස කොත්මලයෙන් හමුවන රාවණාගොඩ වැනි ප්‍රදේශ ද, පූනෑ ඔය හරහා කොණ්ඩගලට ඇති උමග ද, රාවණාගොඩ ආශ්‍රිතව පිහිටා ඇති දැනට විනාශවෙමින් පවතින උමග හා සෙල්ලිපියද, කොත්මලේ කඳු ආශ්‍රිතව හමුවන සීතා ගුලිද දැක්‌විය හැක.

මට මෙහිදී කොත්මලේ ආශ්‍රිතව අසන්නට ලැබෙන ජනකතා කිහිපයක්‌ ගෙන හැර දැක්‌වීම සුදුසු යැයි සිතේ. කොත්මලේ ජනකතා වලට අනුව රාවණා රජු ත්‍රීකූටය මතුපිටෙහි රාජධානිය පිහිටුවාගෙන සිටියේය. කූට 3ක්‌ ලෙස සැලකෙන මෙය ආශ්‍රිතව ඔහුගේ ඇතුලු නුවර පිහිටියේය. මෙය කොත්නුගොඩ කන්ද ලෙස හදුන්වයි. රාමාගේ ඔත්තු කරුවන්ගෙන් වසන් කිරීමට සීතාව තම ඇතුල් රාජ්‍ය වූ කොත්මලයට පිටත් කර එවා තිබේ. කොත්මලේ ඇති පොළව යට වූ රාජ්‍යයේ ඇය සැගවීම සුදුසු යැයි සිතූ එතුමා ඇය කොණ්ඩගල ට කපා ඇති දුර්ගයේ සගවා තබන ලදි. මා කලින් සදහන් කල පරිදි පූනෑව ඇල්ලේ සිට කොණ්ඩගල ට යා හැකි උමගක්‌ ඇත. ඉන්පසු ඇයව රැගෙන ගොස්‌ පොළව යට රාජ්‍යයේ සගවන ලදි. ඇය එහි සිරකොට එතුමා දඩුමොණරයෙන් විත් ගොඩ බැසූ ස්‌ථානය රාවණාගොඩ ලෙස හදුන්වන බවට ගම්මුන් පවසයි. එහෙත් රෝගාතුර වූ සීතා හට දක්‍ෂ වෛද්‍යවරයෙකු වූ රාවණා රජු බෙහෙත් මිශ්‍ර අග්ගලා යවා ඇත. කෝපයට පත් සීතා ඒ සියල්ල විසිකර දමා ඇත. අද ද කොත්මලේ කදු ආශ්‍රිතව සොයාගත හැකි මෙම ගුලි විශේෂය බඩේ රුදාවට යොදාගන්නා ඉතා වටිනා බෙහෙතක්‌ ලෙස ගම්මුන් පරිහරණය කරනු ලබයි.

රාවණා රජුකල ඔහුගේ රහස්‌ බලකොටුවක්‌ ලෙස භාවිතා වූ කොත්මලය එකල හඳුන්වා ඇත්තේ "කොට්‌බල" ලෙසටය.මේ අනුව කරුණු සලකා බැලූ මට පෙනී ගියේ ඔහුගේ රහස්‌ බලකොටුවක්‌ කොත්මලේ වූ බවයි. ඒ අනුව පෞද්ගලිකව පර්යේශන කටයුතු කරගෙන ගිය මා හට හමු වූ ජනකතා කිහිපයක්‌ වේ.එම ජනකතා මා පෞද්ගලිකව හදුනනා අයගෙන් ලබාගත් ඒවා වේ.

මා ජීවත් වන ප්‍රදේශයේ අපූරු කන්දක්‌ ඇත. මෙය ඉතා ගුප්ත කන්දකි. කන්දේ පහළ කොටස ජනාවාස වී ඇති අතර ඉහළ කොටසේ ඇත්තේ ලඳු කැලෑවකි. මෙම කන්දේ දිවියන්, වලසුන්, කුලුහරකුන් බහුලව වෙසෙන නිසා මෙම කන්දේ ඉහළ කොටසට මිනිසුන් යන්නේ අල්ප වශයෙනි. 1940 ගණන් වල මෙම කන්දෙන් විශාල කොටසක්‌ නාය වශයෙන් අඹතලාව යන ග්‍රාමය හරහා පහලට විත් ඇත. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇද හැළුණු වර්ශාව හේතුවෙන් මෙය සිදුවූ බව බොහෝදෙනා පවසයි.එහෙත් කිහිපදෙනෙකු පැවසු අත්භූත කතාවක්‌ මෙහි සදහන් කිරීම සුදුසු යැයි මට සිතේ. නාය යාමට කෙටි වෙලාවකට පෙර දේවතා එළි ලෙස ගම්මු හැදින්වු කිසියම් දීප්තිමත් එළි පේලියක්‌ නාය ගිය ස්‌ථානයට පැමින රවුමක ආකාරයට එක තැන වටේ යමින් දීප්තිමත්ව බැබළුණු බවත් පසුව එය නොපෙනී ගිය බවත් ඉන් සුලු වේලාවකට පසුව නාය ගිය බවත් ඔවුන් පැවසුහ. මෙම දේවතා එළි නමින් හදුන්වන ද්‍රවිඩ ජාතිකයින් රාමසැර ලෙස හදුන්වන දීප්තිමත් එළි මෙම කන්ද අවට ගමන් කිරීම සුලභ දසුනකි. මා මෙතෙක්‌ එය නොදැක්‌කත් ගමේ බහුතරයක්‌ මෙම දේවතා එලි දැක ඇත .දින කිහිපයකට පෙර මෙම ලිපිය ලියන මාගේ මවද එවැනි දීප්තිමක්‌ එළියක්‌ මෙම කන්ද දෙසට අහසින් පහත් වී එක්‌වරම නැතිවී ගිය බවක්‌ මා හට පවසන ලදි.


පෙට්ටිගල කන්ද

මෙහි ගුප්ත බව වැඩි කරන තවත් කරුණක්‌ වන්නේ මෙම කන්දේ සුරක්‍ෂිතව ඇතැයි පවසන තාපසයෙකු ඔරුවක වාඩිවී සිටින රනින් කරන ලද පිලිමයයි. මෙය සදහා කදිම සාක්‍ෂියක්‌ වනුයේ මගේ හිතවත් අයෙකු ලද අත්දැකීමකි. ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු මීට කලකට ඉහතදී කදිම සිද්ධියකට මුහුණ පා ඇත. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක්‌ මා ඉහත සදහන් කල රන් පිලිරුවක්‌ තිබෙන කන්දක්‌ තිබෙනවා දැයි මොහුගෙන් අසා ඇත. තමා අත වූ ග්‍රන්ථයක්‌ පෙන්වමින් ඔහු එය මේ ප්‍රදේශයේ ඇති බවත් එය ඉන්දියානු ග්‍රන්ථයක්‌ බවත් පවසා ඇත. ඒ වන විට එවැනි පිලිමයක්‌ ගැන දැන නොසිටි මාගේ හිතවතා ඔහුව ආපසු හරවා යවා තිබේ.

කොත්මලයේ ඇති අනෙකුත් සියලුම කඳු මෙන්ම මෙම කන්ද ද සැදී ඇත්තේ තද කලු ගලෙනි.මේ බව බැලූ බැල්මට ඕන කෙනෙකුට පෙනී යයි. විජයාගමනයෙන් පසු බිහිවූ රජවරුන් තම මාළිගා හා වාසස්‌ථාන එලිමහනේ ඉදිකරගෙන තිබුනත් මගේ අදහසට අනුව ඊට පෙර විසූ රාවණා රජු ඇතුලු අනෙකුත් හෙළ රජවරු තම මාළිගා හා වාසස්‌ථාන ඉදිකර ගෙන ඇත්තේ පර්වත තුල හා පර්වත උඩය. හෙළ ගවේශකයින්ට මෙතෙක්‌ මොවුන් ගැන කිසිම ප්‍රභල සාක්‍ෂියක්‌වත් නොලැබී ඇත්තේ ඔවුන් මෙම මතය බැහැර කරන හෙයිනි. මගේ අදහසට අනුව එම යුගය විශේෂයෙන්ම රාවණ යුගය පිලිබදව කරුණු සොයනවා නම් ඒ ගැන සෙවිය යුත්තේ ජනශ්‍රැති අනුව යමින් පර්වතයන් තුල හා ආසන්නයේය.හොදම උදාහරණයක්‌ ලෙස සීගිරිය යනු රාවණා රජුගේ සහෝදරයෙකු වන කුවේර විසින් පරිහරණය කරන ලද බලකොටුවකි. මෙය සිංහමුඛ නැමැති හෙළ රජවරයාද ඊට පෙර පරිහරණය කර ඇත. පසුව කාශ්‍යප රජු විසින් එය අළුත්වැඩියා කර පර්වත මුදුනේ මාලිගය ඉදිකරවා රජකම් කර ඇත. එසේ නම් ඊට පෙර සීගිරියේ රජකම් කල රජවරුගේ මාළිගා කොටස්‌ හමු නොවූයේ මන්ද? ඊට කදිම පිලිතුරක්‌ සීගිරිය ආශ්‍රිතව ජීවත්වන ගම්මුන් පවසයි.ඔවුන් පවසන විදියට සීගිරිය පර්වතය තුල මාලිගයක්‌ වන බවයි. ඒ තුලින්ද විජයට පෙර සිටි හෙළ රජවරු පර්වත තුල මාලිගා කරවූ බවට පැහැදිලි වේ.

මා හට මැතකදී ඉතා අපුර්ව කතාවක්‌ අසන්නට ලැබුණි. මා විසින් මෙහි දක්වා කන්දෙහි පෙට්‌ටිගල යනුවෙන් හදුන්වන පර්වතයක්‌ ඇත. මෙය පහසුවෙන්ම හදුනාගත හැක්‌කේ ඒ මත ඉදිකර ඇති අතහැර දැමූ තේ කම්හල නිසාය. කෙසේ වෙතත් වරක්‌ මා මෙහි ඇති ඉතා පුදුමාකාර දොරක්‌ වැනි දෙයක්‌ දැක ඒ පිලිබඳව සොයන්නට විමි.

ඇතමුන් ප්‍රකාශ කලේ මේ ගල් දොරටුව රාවණා රජු විසින් භාවිතා කල එකක්‌ බවයි.ඒ අනුව මෙම පර්වත පාමුලට ගොස්‌ එහි වෙසෙන දමිළ ජනතාවගෙන් තොරතුරු විමසූ නමුත් ඔවුන් කිසිම පිලිතුරක්‌ මා හට දීමට මැලි වූහ. ඔවුන් මේ පිලිබදව කිසිවක්‌ නොදන්නා බවත් නිකරුනේ කලය නාස්‌ති නොකරගන්නා ලෙසත්, යලි මෙහි නොපැමිනෙන ලෙසටත් ඔවුන් මට අවවාද කලහ. එහෙත් උපක්‍රමශීලීව ප්‍රදේශයේ වෙසෙන ළමයෙකු ලවා තොරතුරක්‌ ලබා ගැනීමට මා හට හැකි විය.

එම ප්‍රදේශයේ පේන කියනා වයෝවෘද දමිළ කාන්තාවක්‌ ඇත. ඇයගෙන් ඉතා වටිනා තොරතුරු රැසක්‌ දැන ගැනීමට එම ළමයා සමත් වී ඇත. ඒ අනුව ඇය පවසා ඇති පරිදි මෙම පර්වතයේ පිහිටා ඇත්තේ රාවණා රජු භාවිතා කර ඇති රහසිගත ස්‌ථානයකි. අප එහි ඇති දොරටුවක හැඩය ඇති ස්‌ථානය දොරටුවක්‌ නොවන බවත්, එය ජනේලයක්‌ බවත් ඇය පවසා ඇත.

මෙම ජනේලය වැසී පවතින නමුත් සතියකට දෙවරක්‌ මධ්‍යම රාත්‍රියේදි අඩ පැයකට පමණක්‌ මෙය විවෘත වන බවට පවසා ඇත.මෙහි ප්‍රධාන දොරටුව ඒ අවටම පිහිටා ඇති බවත්, එය ඒ කාලයේ සිටම වැසී තිබී ඇති බවත් එය විවෘත වන්නේ දොරටුව අසල ඇති සෙල් ලිපිය කියවූ විට බවත් වැඩිදුරටත් පවසා ඇත. එය එසේ නම් මෙය නියමිත ශබ්දයකට අනුව ක්‍රියාත්මක වන දොරටුවක්‌ විය හැක.ඇය ප්‍රකාශ කර තිබූ වැදගත්ම දෙය වනුයේ මෙම පර්වතය තුල මමීකරණය කරන ලද ශරීර දෙකක්‌ පවතින බවයි. එකක්‌ ජනේලය ලග තැම්පත් කර ඇති බවටත්, අනෙක දොරටුව අසල තැම්පත් කර ඇති බවටත් ඇය පවසා ඇත. මෙයින් එක්‌ ශරීරයක්‌ රාවණා රජුගේ බවට ඇය පවසා ඇත.

මෙයින් පිබිඳුනු මා 2011.09.24 වන දින පාසල් ළමුන් සිවුදෙනෙකු සමග අදාල පර්වතය ආසන්නයට ගොස්‌ එය ඡායාරූප ගත කරගත්තේය. එහිදී මා දුටු දේවල් වලට අනුව මෙහි ඇය සදහන් කල කිසියම් හෝ රහසක්‌ සැගව ඇති බවට හැඟී ගියේය. එම පර්වතයේ තේජාන්විත භාවය තවමත් නොඅඩුව පවතින අතර ලෝකයේ මුළු ඉතිහාසයම වෙනස්‌ කල හැකි යමක්‌ ඒ තුල ඇති බව මාගේ විශ්වාසයයි.

ස්තූතියි.

චානක දේව් චතුරංග.
Chanky Dev

(මෙය මා විසින්ම පෞද්ගලිකව ගවේශණය කර ලබා ගත් තොරතුරු පදනම් කරගෙන ලියූ ලිපියකි.මෙම ගවේශණ කටයුතු මා විසින් සිදු කරන ලද්දේ 2011 වර්ශයේ ය. හෙළසුර ආරම්භක සාමාජිකයින් වන මමත්, අකිල ගුණතිලක සහ ක්‍රිෂාන් වීරසිංහ පමණක් දැන සිටි මෙම තොරතුරු සංක්ෂිප්තව ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා දිරිමත් කල සියළුම දෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.)


උපුටා ගැනීම - http://helasuraorg.blogspot.com/2012/11/blog-post.html

මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද?

1


මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද? 


පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති මෙම ප්‍රතිමාව ලොකු කුඩා සෑම කෙනෙක්ම දැක ඇතුවාට සැක නැත. බොහෝ දෙනා මෙම ප්‍රතිමාව හදුන්වන්නේ පරාක්‍රමබාහු රජුගේ ලෙස වුවත් සැබැවින්ම මේ සිටින්නේ පුලස්ති සෘෂිවරයා බව දැන් හදුනාගෙන ඇත.නමුත් කණගාටුවට කරුණක් වන්නේ තවමත් පාසල් පෙළපොත් වල මෙම ප්‍රතිමාව සැළකෙන්නේ මහා පරාක්‍රමබාහු රජු ගේ ලෙසය. තවද, පොලොන්නරුවේ මෙම ප්‍රතිමාව ආසන්නයේ මෙම පිළිරුව ගැන හැදින්වීමේ පුවරුවක් සවි කර ඇත.එහි සදහන් වෙන්නේ මෙසේය,

                            පොත්ගුල් විහාර ප්‍රතිමාව
ආසියානු කලාවේ විශිෂ්ට නිදර්ශණයක් ලෙස පොත්ගුල් විහාර ප්‍රතිමාව සලකනු ලැබේ. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ( ක්‍රි.ව. 1153 - 1186) ප්‍රතිමාවක් බව සම්ප්‍රදායානුකූල පිළිගැනීමයි. එහෙත් ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙයින් පුලස්ති, අගස්ත්‍ය හෝ කපිල යන සෘෂිවරයන් අතරින් කෙනෙකු නිරූපනය වන බවය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. එය ග්‍රන්ථයක් බවත්, ඉන් එය දරා සිටින්නාගේ පාණ්ඩිත්‍යය නිරූපනය වන බවත් බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් එයින් විය ගසක් නිරූපනය වන බවත් එය රාජ්‍යත්වයේ සංකේතයක් බවටත් අදහසක් ඉදිරිපත් වී තිබේ. 


මේ සිටින්නේ පළමුවන පරාක්‍රමබාහු රජු යැයි සිතමු. ඔහු අතේ දරා සිටින්නේ විය ගසක්, එය රාජ්‍යත්වයේ සලකුණක් යැයි සිතමු. පරාක්‍රමබාහු රජු දවස අපේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක වූ බව ඉතිහාසයේ සදහන් වේ. ඒ අනුව නම්, ඔහු විය ගසක් අත දරා සිටීමෙන් කෘෂි ආර්ථික පසුබිම පෙන්නුම් කරනවා වන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිමාව හොදින් නිරීක්ෂණය කලොත් රජ කෙනෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන්නේද යන්න ගැන ප්‍රශ්ණ කිහිපයක් මතු වේ.  ඔහුගේ ඇදුම් හා පැළදුම් ගැන අවධානය යොමු කිරීමේදී රාජකීයයන් පළදින කිසිදු ආභරණයක් පැළද නැත. වම් උරය හරහා නූලක් පමණක් පැළද ඇත. රජ කෙනෙකු සතු ගාම්භීරත්වය, ප්‍රෞඩත්වය පෙන්නුම් නොකෙරේ.

එසේනම් මේ සිටින්නේ පුලස්ති සෘෂි ද කියා විමසා බලමු. පුලස්ති යනු සුප්‍රකට රාවණ රජු ගේ සීයා ලෙස සැළකේ. ජ්‍යොතිශය, ආයුර්වේදය යනාදියෙහි ප්‍රවීණයෙකු වූ පුලස්ති සෘෂිවරයා මෙම ප්‍රදේශයේ ඔසු උයනක්ද පිහිටුවා තිබූ බව කියැවේ. පුලස්ති සෘෂිවරයාට අයත් බල ප්‍රදේශය මෙය බවත්, ඔහුගේ මාලිගාවක්ද මෙහි තිබූ බවත් සදහන් වේ. පුලස්ති පඩිවරයාගේ ප්‍රදේශය පුලතිසිපුර වූ බවත්, එය පසු කාලීනව පොලොන්නරුව වූ බවත් සදහන්ය. එසේ නම් මේ ප්‍රතිමාව බොහෝවිට පුලස්ති සෘෂිවරයාගේ විය යුතුය. එයට හේතු කාරණා කිහිපයක්ම ඇත. මොහු අතේ දරා ඇත්තේ පුස්කොල පොතක් ලෙස සිතිය හැක. පිලිමයේ ප්‍රමාණය අනුව අතේ දරා සිටින්නේ පුස්කොල පොතක් විය යුතුය. විය ගසක් නම් මීට වඩා ප්‍රමාණයෙන් විශාල විය යුතුය. ඇතැම් විද්වතුන් පවසන්නේ මෙය අර්ක ප්‍රකාශ නම් ග්‍රන්ථය බවයි.


                                 වියගසක් යැයි පවසන ග්‍රන්ථය

රාජාභරණ කිසිවක් නැති, උඩු කය හරහා නූලක් පමණක් පැළද සිටින මොහු රාජකීයයෙකුට වඩා පඩිවරයකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. දික්ව වැවුනු රැවුල, උස්ව බැද ඇති කොණ්ඩය, ළඹ සවන් යුගල ආදී ලක්ෂණ මත මෙය සෘෂිවරයෙකුගේ පිළිරුවක් බව සිතිය හැක.

මෑත කාලීනව සොයාගත් අන්දමට මෙම ප්‍රතිමාවේ පිටුපස පුලසත නමින් අක්ෂර කොටා ඇත. එම අක්ෂර පසු කාලීනව කෙටූ ඒවා බව සිතිය හැක. මෙම අකුරු ප්‍රතිමාවේ පිටුපස,  වම් පැත්තෙන් ඉහළට වන්නට ඇත. ඒ අනුව මෙය පරාක්‍රමබාහු රජුගේ නොව පුලස්ති පඩිවරයාගේ පිලිරුවක් බව සාධක සහිතව පිළිගත හැක.




ස්තූතියි, ක්‍රිෂාන් වීරසිංහ, ගරු ලේකම්, හෙළසුර සංවිධානය.

උපුටා ගැනීම  - http://helasuraorg.blogspot.com/2012/09/blog-post_25.html

රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්

3


 රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්

”ඔය ගලට කකුල තියන්න එපා’’, ‘‘ගල බුරුල්වෙලා තියෙන්නේ. මෙතනින් අල්ලගන්න. එහා පැත්ත බලන්න එපා, අඩි තුන්සීයක් විතර වළක් පේනවා’’ අන්ධකාරය කපාගෙන ගුහාව පුරා දෝංකාරය දෙන්නේ මෙත්තානන්දගේ කටහඩයි. එහි දැඩි ආවේගශීලි බවක් දැනුනේ තරුණ පිරිස ගේ නොසැලකිලි බව නිසාවෙන් ගල්කිහිපයක් පහතට වැටීමෙනි. අප පොළොව මට්ටමේ සිට පහතට අවම වශයෙන් කිලෝමීටර් එකක්වත් පැමිණ ඇත.


රාවණා ඇල්ලට මෑත කාලයේ ප‍්‍රසිද්ධියක් ලැබුණේ උමාඔය ව්‍යාපෘති භූමියේ දක්නට ලැබුණු අබිරහස් උමං කටක් නිසාය. අයෙක් එය රාවණා ගුහාව යයි අනුමාන කරති. තවත් අයෙක් පවසන්නේ එහි තුළ නිධන් හා දඩුමොණර යන්ත‍්‍රය ඇති බවකි. උමා ඔය යෝජනාක‍්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අතුකෝරල මහතා පවසන්නේ ව්‍යාපෘති භූමියේ එසේ උමගක් හමුවී නොමැති බවයි. කෙසේවෙතත් දැඩි ආරක්ෂාවක් යටතේ වර්තමානයේ එම ප‍්‍රදේශය ජනමාධ්‍යයට තහනම් කලාපයකි. තත්ත්වය එසේතිබියදී ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරදගොල්ල ගම්මානයේ තරුණයන් දෙදෙනකුට කැලෑබදකින් හමුවන්නේ තවත් උමං කටකි. කලාන්තරයක් මුළුල්ලේ සමාජයට වහන්වී පැවතුනු මෙම උමගය තුළ ඇතැයි කියන ජලතටාකය සොයා පසුගිය දිනක අනතුරුදායක ගමනකට අපි මුල පිරුවෙමු.


අප පිරිස 25කි, ගමනේ නඬේගුරා කරදගොල්ලේ මෙත්තානන්දය. ඔහුගේ තීරණය අවසන් තීරණ වන්නේ වතාවක් දෙකක් ඔහු තනිව මෙම උමං කටට බැස තිබූ නිසාය.

ප‍්‍රදේශයට මසක කාලයක් තිස්සේ ඇද හැළුනු වැස්ස තුරන්වූවා පමණි, රාවනා දිය ඇල්ලේ සිට කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මෙම උමගය තුළට පිවිස එහි ඇතැයි සැලකෙන ජල තටාකාංගණය නැරඹීමේ කුුතුහලයක් මා තුළ පතිතවිය. එය සැබැවින්ම දැඩි අනතුරුදායක ගමනකි. එය කංසා වගා කරුවන් මුණගැසීමට ගිය ගමනටත් වඩා අනතුරුදායකය. එහෙත් මෙය රටට හෙළිකළ යුතුයි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් මෙම වනවිට අප උමග තුළට කිලෝමීටර් එකකට අධික දුරක් පැමිණ ඇත.


උමගය තුළට යාමට අවශ්‍ය ආලෝකය අප සපයා ගත්තේ බෝතල් කිහිපයකට ලාම්පුතෙල් පුරවා පොල්මුඩු ගසා සාදාගත් පන්දම් කිහිපයකිනි. ඊට අමතරව මා මිත‍්‍ර කපිල ගෙනවිත් තිබූ අධි ආලෝක විදුලි පන්දම් අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. උමං කට ගල් දේබොක්කාවකින් සෑදී ඇති අතර එහි තුළට මීටර් 20ක් පමණ ගමන් කළවිට පහතට බැසියයුතු තැන් කිහිපයක් හමුවෙයි. ඇතැම් තැන් බෙහෙවින්ම අනතුරුදායකය.

කඹ යොදා සීරුවෙන් කුඩා විවරයෙන් අපි පහළට බැස ගතිමු. පැය තුනකට ආසන්න ගමනකින් පසු සිය දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටිය හැකි ආකාරයේ විශාල කුටියක් අපට හමුවිය. පොළොවේ සිට එහි පියස්ස මීටර් 20 ක් තරම් උසකින් යුක්තය. අප එහිතුළට වී මඳක් ගිමන් හැරියෙමු. වෙනත් උමං තුළට ගමන් කරන විට වාතාශ‍්‍රය අඩුවුවත් මෙම උමගය තුළ වාතාශ‍්‍රයේ වෙනසක් නොවීම විශේෂ බව කිව යුතුයි.


‘‘දැං හරි අප යං’’ මෙත්තානන්ද පවසයි. ‘‘එක එක්කෙනා එන්න’’ යයි පවසා, ගල් බිත්තියේ වූ සිදුරකින් රිංගු ඔහුගේ විධානයෙන් අපි එකිනෙකා ගමන් කළෙමු. කුහරය අඩි දෙකකි, නළයක්මෙන් පහතට විහිදී ඇත. මුලින්ම කකුල් දෙක කුහරයට ඇතුළුකොට උඩුබැලි අතට ගමන් කිරීමට සිදුවිය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. මුහුණත් ගල් රැුන්දත් අතර පරතරය අඟල් හයකි. තට්ටම් ප‍්‍රදේශය උපයෝගිකොටගෙන අඩි විසි පහක් ගමන් කිරීම ශරීරයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය.


එම ගමනින් පසු පහසුවෙන් සිටගෙන ගමන් කිරීමට හැකිවන පරිදි උමග නිම වී ඇති තැනින් පහතට තවත් කිලෝමීටර් කිහිපයක් අවදානම් ගමනකින් පසු එක්තරා ස්ථානයක නැවතුනු මෙත්තානන්ද ගලක් පහතට දැමීය. ගල වැටුණේ වතුර වළකට බව අපට අවබෝධ විය.


එදෙසට විදුලි පන්දම් අලෝකය යොමුකළ අපට දිස්වූයේ දර්ශනීය ජල තටාකයකි. විදුලි පන්දම් ආලෝකයට එම ජලය නිල්පාටට  දිස්වන්නට විය. සියලූදෙනා කළේ විල අසලට බැස අතපය සේදීමයි ජලය දැඩි සීතලය.

මෙත්තානන්ද සිය කටහඬ අවදිකරයි. ‘‘අපි පුංචිකාලේ තාත්තලා සීයලා කියා තියෙනවා කැලේ ඇති උමං ගැන, ඒවාට ගලක් දැම්මම ටිකවේලාවකින් තමයි ශබ්දය එන්නේ කියලත් කියා තියෙනවා. නමුත් තියෙන තැන් කාටවත් ඔවුන් පෙන්වූයේ නෑ. නමුත් මට මේ උමගක් තුළට යන්නට සිතුණා. පසුගිය දිනක තවත් මල්ලී කෙනෙක් එක්ක මං උමග තුළට පිවිසුනා. පාර සොයාගෙන තමයි ගියේ. පැය ගණනාවක් ගමන් කිරීමෙන් පසු තමයි දැක්කේ වතුරවළක්, ළඟටම ගියාම පුදුම හිතුනා. එය ජලයෙන් පිරුණු විශාල පොකුණක්, එයට එහායින් තවත් විශාල කාමරයක් තියෙනවා. 500කට 600 කට ඉන්න පුලූවන්. මේ ආකාරයට උමග තුළට ගමන් කරන්න පුලූවන්. නොදන්න කෙනෙක් ගියොත් ආපසු එනවා බොරු, ඇතැම් වළවල්වලට ගලක් දැම්මාම විනාඩි කිහිපයකට පස්සේ තමයි ශබ්දය ඇසෙන්නේ. එතරම් ගැඹුරුයි’’ යයි මෙත්තානන්ද පවසයි.

උමගය සැබවින්ම විශ්මය ජනකය. ජලතටාංකාංගණය වෙත යාමට අවම වශයෙන් කිලෝමීටර් දෙකක් කන්ද තුළට යා යුතුය. එය බෙහෙවින් අවදානම් ගමනකි. යම් හෙයකින් උමගය තුළ පාර වැරදුණොත් නැවත ආපසු සොයාගැනීම හීනයක් බදුය. නිසල දියෙන් දිය දෝතක් පානය කළ මා ප‍්‍රශ්න කන්දරාවක් මෙනෙහි කරමින් ආපසු ගමන් ඇරඹිමි.


බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ආන්දෝලනාත්මක උමග හමුවූයේ 1997 වර්ෂයේදීය. එය පිහිටා තිබුණේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින්ය. එදා ගමනේ නඬේගුරා වූයේ මා හිතවත් පාලිත ආරියවංශයන්ය. ඇල්ල යනු ඌවේ ප‍්‍රධාන විදෙස් සංචාරක කේන්ද්‍රස්ථානය වශයෙන් පිළිගනී. මෙම උමං තුළ පුරාවිද්‍යා වටිනාකමක් ඇද්දැයි සොයා බැලීම අදාළ බළධාරීන්ගේ යුතුකමකි. එය උමංකට දෙස බලා නොව එහි අභ්‍යන්තරයට ගමන් කරමින් පරීක්ෂාකර බැලීම මගින්ය. රජය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැඩි වෙහෙසක් දරන සමයේ මෙම උමං කිහිපය අනාගතයේ යම් දිනක විදෙස් සංචාරකයන්ට විවෘත වුවහොත් ප‍්‍රදේශයට සංචාරකයන්  තව තවත් ගෙන්වා ගැනීමට එය වඩා මහෝපකාරීවනු ඇත.

සටහන හා ඡායාරූප - නයන තෙන්නකෝන්

අවදානම් අවස්ථාවක්

උමං කටට පිවිසුන පිරිසෙන් කොටසක්

උමග තුළ නිල්දිය පොකුණ

උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/83373


..