-->

Tuesday, December 11, 2012

රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!

7

රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!




බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය පාරේ ටික දුරක් යද්දි තියනවා වම් පැත්තෙ ගහලා(බණ්ඩාරවෙල ඉදන් යනකොට)



මෙන්න මෙහෙම බෝර්ඩ් එකක්.එතනින්ම දකුණට පාරක් තියනවා



මේ තියෙන්නෙ ඒ පාර..එතන ගහලා තියනවා



මෙහෙම එකක්.විහාරයක් නම් නෑ ඇත්තටම.මෙහෙ රාවණාඇල්ල කියලා කියන්නෙ මේ ගමට ඒත් මෙතනින් ඇතුලට කිලෝමීටර් 4ක් හරි 4 ½ක් වගේ ගියාම පන්සලක් තියනවා ඒක හදලා තියෙන්නෙ වලගම්බා රජතුමා කියලා තමයි කියන්නෙ.. මේ තියෙන්නෙ ඒකෙ පොටෝ එකක්..




රාවණා ඇල්ල කියන ගමේ තියන නිසා තමයි මේකට රාවණාඇල්ල පුරාණ විහාරය කියන්නෙ,ගලක් යට තමයි හදලා තියෙන්නෙ බලන්න නම් එච්චර දෙයක් නෑ, වලගම්බා රජතුමා තැනින් තැන හැංගි හැංගි ගිහින් තියනවා කියලා දන්නවනේ පුරාණ කලෙදි ඒ වගේ එක සැරයක් මෙතනට ඇවිත් තියනවාලු,මුලු රැයක් පුරාම මේක හදලා එළිවුනු නිසා බාගෙට හදපු විහාරය එහෙම්මම දාලා ගියා කියලා තමයි කියන්නෙ(මටත් හිතුනා හැබැයි පිස්සුද කියලා යන යන තැන එක එක ඒවා හද හද එන්නෙ)





මෙතනනින් එහාට විහාරය ඇතුලෙ පොටෝ ගන්න බෑ,තහනම් කියලා ගහලා තිබ්බා.(මේකත් හොරෙන් ගත්තෙ)

‍මේ ඔක්කම ගල ඇතුලෙ තමයි හදලා තියෙන්නෙ..එතනට යද්දි මගදි හම්බවෙනවා හුඹහක්(රාජ හුඹහක්)
මේ තියෙන්නෙ..



මෙතනින් උඩට පාරක් තියනවා..පඩි,700ක්,කැලෑ පාරක්..





මේක තමයි පාර.මෙතන ඉදන් පඩි 700ක් නගින්න ඕන,බඹරු ඉන්නවා.මේ වගේ සමහර තැන් තියනවා යන්නම බෑ.පහළ බැලුවම හෙල තියෙන්නෙ..


මේ තියෙන්නෙ රාවණා ගුහාව කියන එක.







මේ ඇතුලෙ ඉදන් බැලුවම එළිය පේන හැටි.මේ ගුහාව ඇතුලෙ තමයිලු සීතාව ගෙනල්ලා හිර කරන් හිටියෙ.ඇත්ත වෙන්න ඇති මොකද දඩුමොණරයක් ගන්න තරම් පුළුවන්කමක් තියනවා ඇතුලට.මෙතන උඩින් මීට කලින් මේ ගුහාව වහගෙන දිය ඇල්ලක් ගියා වගේ පේනවා(ඒක නම් මම කියන්නෙ) පස්සෙ හැබැයි දැන ගත්තා මෙතන තමයිලු ඇත්තම රාවණා ඇල්ල තියෙන්නෙ(ඕක මම නෙවෙයි කියන්නෙ පරණ මිනිස්සු ඒ හරියෙ ඉන්න) දැන් කෝම හරි ඒක එතනින් ගලාගෙන ගිහින් එතනම පල්ලෙහා හරියෙන්ලු පටන් ගන්නෙ..ඒකත් තියෙන්නෙ ඒ හරියෙමයි,බලන්න වෙලාව මදි වුනා..මේ ගුහාව ඇතුලෙ තව ගුහා දෙකක් තියනවා,එකක් යන්නෙ දෝවෙ පන්සලටලු, මටත් ඒක බලන්න යන්න බැරි වුනා..මමත් පස්සෙ දැක්කෙ මූණුපොතේ පේජ් එකකින් තමයි.. ඒකත් බලාගන්නකෝ මෙතනින් අනිත් උමග නුවරඑළියෙන් මතුවෙනවා කියනවා,කොහොම හරි පුරාවිද්‍යාඥයෝ මේකට ඇවිත් තියනවා කියලා නම් කියනවා.එයාලා කියන්නෙ මේවා. මේකෙ දෝවෙ පන්සලට යන උමගෙ නම් මීටර් 50ක් විතර දුරක් යන්න පුළුවන් කම තියනවා (ටෝච් එකක් නැති නිසා යන්න බැරි වුනා) අනිත් එක ඒ කියන්නෙ නුවරඑළියට යනවා කියන ගුහාවෙ නම් හිටගෙන යන්න බැරිලු) කලින් ගියපු කෙනෙක් කිව්වෙ.




මේ තියෙන්නෙ දෝවෙ පන්සලට යනවා කියන ගුහාව,අනිත් එකේ පොටෝ එක පැහැදිලි නෑ කළුවරයි..




මේ උඩ ඉදන් බැලුවම පහළ පේන හැටි..

හරි...ඊට පස්සෙ රාවණාඇල්ල බලන්න ගියා,ඒ කියන්නෙ ඇත්ත රාවණාඇල්ල කියලා කියපු එක නෙවෙයි ඔයාලා හැමෝම බලන්න යන එක..ඒ යද්දි හම්බුවෙනවා තැනක්(මට එතනට කියන නම මතක නෑ) කෝම හරි (බණ්ඩාරවෙල ඉදන් යද්දි) දකුණු පැත්තෙ තියනවා .ඒකෙ රාවණා රජුගෙ රෑපය තියනවා කියලා තමයි කියන්නෙ(අනිත් අය ගැන මම දන්නෙ නෑ ඒත් මට නම් පෙනුනා,ඒ වගේම මම රාවණා රජුගෙ කියලා කියන රෑප කීපයක්ම අරන් සන්සන්ධනය කරලා බැලුවා,ඒ නිසා මමත් හිතනවා මේක රාවණා රජුගෙ කියලා කිසිම අවිස්වාසයක් නැතුවම)



එතනම එහා පැත්තෙ තව රූපයක් පේනවා,ඒක වළගම්බා රජතුමාගෙලු (මට නම් එහෙම එකක් පේන්නෙ නෑ)


 

මේ තියෙන්නෙ මෙන්න මේකෙ මාර්ක් කරලා තියන තැන තමයි තියනවා කියන්නෙ..අහ්හ්... ටිකක් කල්පනා කරාම පේනවා රාවණා රජු හිටපු හැම තැනකම වළගම්බා රජුත් ඉදලා තියනවා තියලා.. තව දෙයක්..මම අර මුලින් පෙන්නුව රාවණා රූපෙ රාවණා රජු බලන් ඉන්නෙ නිධානයක තියන තැනලු, එතන ඉදන් බැලුවම පේනවා කන්දක්.ඒකෙ මීට කලින් බුලත් කැලෑවක්ලු තිබිලා තියෙන්නෙ..මොනවද කරලා කෝම හරි එ්වා ඔක්කොම ගලවලා ඒ කාලෙ හිටිය මිනිස්සු, පස්සෙ එහෙ නයි ඉන්නවා කියලා තමයි කියන්නෙ..ඒ පැත්තට ගිය කිසි කෙනෙක් ආයෙ එන්නෙ නෑලු..



මේ තියෙන්නෙ අපි බලන්න යන රාවණා ඇල්ල..අර මම කලින් කිවවනෙ රාවණා ඇල්ල හරි එක මේක නෙවෙයි කියලා..ඒත් මේක කියලා හිතන්න පුළුවන්(මගේ මතයක් පමණයි) මොකද මේකෙ පටන් ගත්තු තැනක් පෙන්න නෑ.ගල ඇතුලෙන් තමයි එන්නෙ.. හොදට බලන්නකෝ..ඒ නිසා සමහර විට ගල ඇතුලෙන් හරි නැත්තන් වෙන කෝම හරි අනිත් ඇත්ත ඇල්ල කියලා කියන එකත් එක්කම මේක සම්බන්ධ වෙන්න පුළුවන්..



ඔන්න මම ගියපු ගමන ගැන සේරම විස්තර කිව්වා..ඔයාලගෙ අදහසුත් කියන්න..හම්මේ...ගියාට වැඩිය මහන්සි පෝස්ට් එක ලියන්ට.. පුළුවන්නම් යන්නකෝ ඔයාලත්.... 


7 Response to රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!

December 12, 2012 at 12:15 PM

මං රාවනා ඇල්ල බලන්න ගිහින්නෑ. මන් රූප වලින් දැකලා තියෙනවා වුනාට මේ ඇල්ල ගලක් ඇතුලෙන් එනවා කියන එක මං අහලවත් නෑ. නමුත් මේක මට නම් සෑහෙන්න වැදගත්. මරු ලිපිය. ආයේ කවද රාවනා ඇල්ල බලන්න යන කොට මේක ගැන පොඩ්ඩක් හොයන්න ඕන. රාවනා ගුහාවත් එක්කමද තියෙන්නේ මේ ඇල්ල?

December 14, 2012 at 12:10 AM

මට මාතෘකාව දැක්කම නම් ටිකක් තරා ගියා..ඕක මේ ළගදි එක්කෙනෙක් එයාගේ මූණූ පොතේ මේ පොටෝ ටික දාලා.. එයත් මේ ගමන ගියා කියලා දාලා තිබ්බා.. අපි මහන්සි වුනු තරම දන්නෙ අපිනෙ.. ඒත් ඔයා උපුටා ගත්තා කියලා දාලා තිබ්බාම නම් හිතට සතුටක් දැනුනා..ස්තූකියි සහෝ.. ඔයාව අගය කරනවා..
ජය!!

December 15, 2012 at 12:02 AM

මමත් මෙතැන බලන්න යන්න හිතාන හිටියත් තාමත් සිතිවිලි වලම හිරවුන ගමනක්. ඉක්මනින්ම යන්න ඕන මෙතැන බලා කියාගන්න.

December 19, 2012 at 9:15 AM

හිමින් බලන්න ඕන බ්ලෝග් එකක්.ඒතරම් වැදගත්ය.
මනසින් දිවියට

December 20, 2012 at 10:38 AM

බොහොම වටින ලිපි ගොඩක්. මමත් රවණා ගැන බොහොම උනන්දුයි .ඔබ සමග දිගටම රැඳී සිටිනවා.

December 20, 2012 at 9:02 PM

මගෙ බොස් ඉන්දියන් කෙනෙක්... එයා මම එක්ක රන්ඩු වෙනව රාවනා රජු සීතා පෑහෑරගත්ත කියල... ඒත් මම අහල තියනව රාවනා රජු එහෙම කලේ රාම කුමාරයට පාඩමක් උගන්නයි කියල...වෑඩි විස්තර මම දන්නේ නෑති නිසයි එයා එක්ක රන්ඩු වෙන්න තරම් ඉන්ගිරිස් බෑරි කමයි නිසා ඉවසගෙන ඉන්නව... මම රාවනා රජු ගෑන විස්තර හොය හොයායි හිටියෙ..බොහොම ස්තුතියි ආපහු දිගටම එන්නම්...

December 26, 2016 at 10:59 PM

මම වසරකට වරක් රාවණා ඇල්ල බලන්න යනවා. මම දකින විදියටඒක ආරම්භ වෙන්නේ පර්වතය ඇතුළින්.

Post a Comment

අදහස් සහ උදහස්