-->

Thursday, June 30, 2011

රාවණ යුගය මිථ්‍යාවක්‌ නො වේ

0

රාමායණය තුළින් රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය තුළින් ක්‍රිෂ්ණ ද ඔප්පු කළ හැකි බවට අභියෝග කරමින් මේ ග්‍රන්ථයෙහි එන සාහිත්‍යමය වර්ණනා මත පමණක්‌ පිහිටා එහි ඇති සැඟවුණු ඵෙතිහාසික පුවත් ද බැහැර කරයි. මේ කෘතීන් දෙක ම වීර කාව්‍යයන් වන අතර ඒවා ඵෙතිහාසික කරුණු පෙළගැස්‌වීමට වඩා සාහිත්‍යමය පදනමක පිහිටා ලියන ලද බැවින් අතිශයෝක්‌ති, අලංකාර, මිථ්‍යා කථා බහුල වේ. එසේ වුව ද වීර කාව්‍යයක්‌ ලියවෙන්නේ මිථ්‍යා පුද්ගලයකු කේන්ද්‍ර කරගෙන නො ව ඵෙතිහාසික වූ වීර පුරුෂයකු මුල් කරගෙන ය. ඒ අනුව රාවණා රජු ඵෙතිහාසික චරිතයක්‌ වන අතර රාමායණය යනු මේ රජු හා රාම කුමරු මුල් කරගෙන ලියවුණු වීර කාව්‍යයකි. මහා භාරතයේ සඳහන් ක්‍රිෂ්ණා ද පුරාතන ඉන්දියානුවන් අතර සිටි වීරවරයකු වන අතර අටළොස්‌ පුරාණ ග්‍රන්ථයන් මඟින් ද ඒවායේ ඇති අද්භූතමය කථා බැහැර කළ විට සැබෑ ඵෙතිහාසික තොරතුරු උකහාගත හැකි ය.

කෙසේ හෝ රාමායණයෙන් ගත හැකි ඵෙතිහාසික කරුණ නම් රාවණා රජු ලංකාව කේන්ද්‍ර කරගෙන ලංකාපුරය නම් රාජධානියක්‌ ඉදි කොට පාලනය කළ අතර එයට යටත් රාජ්‍ය ගණනාවක්‌ ම පැවැති බවයි. එබැවින් එතුමා අධිරාජ්‍යයෙක්‌ ද විය. එසේ වුව ද නිරතුරුව ම දේශසීමා අරගල හා සතුරු බලවේග පැවැති අතර ඒවා උත්සන්න වීමෙන් අවසානයේ දී යුදමය වාතාවරණයක්‌ ඇති විය. එමඟින් මේ අධිරාජ්‍යය විනාශ වූවා පමණක්‌ නො ව ලංකාවේ විශාල කොටසක්‌ මුහුදුබත් වීමෙන් ලංකාපුර රාජධානිය ද විනාශ විය. ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට මුහුදුබත් වීම්වලට හා මුහුද ගොඩගැලීම්වලට ලක්‌ වී ඇති බවට සාධක හමු වී ඇත.

මෙහි දී අතිශයෝක්‌තිය හා මිථ්‍යා කථා බහුල වූ ග්‍රීක වීර කාව්‍ය දෙකක්‌ ඇසුරින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමෙන් බටහිර පුරාවිද්‍යාඥයන් විසින් පැරැණි ශිෂ්ටාචාරයක්‌ සොයාගනු ලැබීම නිදසුන් වශයෙන් දැක්‌විය යුතු ම ය. එනම් හෝමර් ගේ "ඉලියඩ් සහ ඔඩිසි" මඟින් ට්‍රොaජන් පුරය සොයා ගැනීමත් ඇරිස්‌ටෝටල් ගේ අත්ලන්තිස්‌ පුරාවෘත්තයට" අනුව අත්ලාන්තික්‌ සාගර පතුලේ පර්යේෂණ කිරීමෙන් අත්ලන්තිස්‌ දිවයින සම්බන්ධව යම්කිසි ආකාරයකට කරුණු අනාවරණය කර ගැනීමට දැනට හැකි වී තිබීමත් ය. මේ අනුව රාමායණය, මහාභාරතය වැනි ග්‍රන්ථයන් ද සම්පූර්ණ මිථ්‍යාවක්‌ වශයෙන් බැහැර නො කර තවදුරටත් පර්යේෂණ කිරීමෙන් එහි ඇති සත්‍යතාව සොයාගැනීම මෙහි දී වැදගත් වේ.

තව ද රාවණා රජු පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අයත් කුමාර තන්ත්‍රය උඩ්ඩීෂ තන්ත්‍රය අර්ක ප්‍රකාශය වැනි ග්‍රන්ථ මගින් ද කරුණු අනාවරණය වේ. ඒවායේ සඳහන් වන පරිදි මේ කෘතීන් ලංකේශ්වර රාවණයන් විසින් රචනා කරන ලද ඒවා වන අතර එබැවින් එතුමා දක්‌ෂ වෛද්‍යවරයකු වශයෙන් ද සලකනු ලැබේ. මේ කෘතීන්හි දැක්‌වෙන කාලනිර්ණයන්ට අනුව රාවණා රජු ජීවත් වූයේ කලියුග වර්ෂය ආරම්භ වූ සමයේ හෙවත් ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සහස්‍රකයේ ය. එනම් අදින් වසර හාර දහස්‌ ගණනකට ප්‍රථමයෙනි.

තව ද ඉන්දික විතානගේ මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන්නේ රාමායණයෙහි එන රාවණා රජු බව කීමට සාධක නොමැත. විද්වත් මතයට අනුව "රාවණා" යන වචනය "සූර්යයා ගෙන් උපන්" යන තේරුම ද ගෙන දෙන බැවින් මෙමගින් සූර්ය වංශය නියෝජනය වන බවත් හෙළදිව පාලක පෙළපතේ නාමය "රාවණ" නම් වූ අතර බුද්ධ කාලීනව විසූ මෙරට රාජ්‍ය නායකයා "රාවණා" නම් වූ බවත් තහවුරු කර තිබේ.

තව ද උක්‌ත ලේඛකයා පවසන පරිදි මහායාන වූ පමණින් ලංකාවතාර සූත්‍රය මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළ නොහැකි ය. එනම් බුදුන් වහන්සේට ථෙරවාදය හා මහායාන වශයෙන් භේදයක්‌ නො තිබූ බැවින්, එය පශ්චාත් කාලීනව බිහි වූවක්‌ බව සැලකිය හැකි ය. ලංකාවතාර සූත්‍රය යෝගාචාර විඥනවාදී බෞද්ධ දර්ශන සම්ප්‍රදායට අයත් ග්‍රන්ථයක්‌ වේ. මේ සූත්‍රය පුරා විග්‍රහ වන කරුණුවල සංක්‌ෂිප්ත අර්ථය නම් "අපට ඉන්ද්‍රිය ගෝචර ව පවතින ලෝකය සත්‍ය පැවැත්මක්‌ නො ව විඥානය මගින් නිර්මාණය කරගනු ලැබූ මායාවකට හා සිහිනයකට සමාන වන බවයි". පෙළ බුදු දහමට අයත් ඇතැම් සූත්‍ර දේශනාවන් මඟින් ද මේ කරුණු අනාවරණය වේ. ඒ අනුව විඥානවාදී ඉගැන්වීම් ථෙරවාදී ආර්ථකථනයන්ට වඩා පෙළ බුදු දහමට සමීප වේ. මේ සමීපතාවට අනුව බුදු රජුන් ලක්‌දිවට වැඩම කොට එවකට විසූ "රාවණා" නමැති මෙරට පාලකයා ඇතුළු පිරිසට දේශනා කළ ධර්ම කරුණු පසු කාලීනව අභයගිරිවාසී භික්‌ෂූන් විසින් ලංකාවතාර සූත්‍රය නමින් සකස්‌ කොට ඉදිරිපත් කරන ලද බවට තර්ක කළ නොහැකි ද?

මීට අමතරව ඉන්දික විතානගේ මහතා පවසන්නේ රාවණා යුගය ඔප්පු කිරීමට නම් දඬුමොණර ස්‌ථර ලැබේ වා යි ප්‍රර්ථනා කරමින් අනුරාධපුර තිස්‌සමහාරාමය වැනි ස්‌ථානවල කැණීම් කළ යුතු බවයි. තවත් විටෙක, අප ගේ ස්‌වදේශාභිමානය සඳහා යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තන් ගුවනින් ගිය බව පෙන්වීමට මේ පුවත වැදගත් වන බව දක්‌වයි. අප ගේ අනාගත කැණිම්වල දී දඬුමොණර ස්‌ථර ලැබීමට මෙන්ම නො ලැබීමට පුළුවන. අනෙක බටහිර ශිෂ්ටාචාරයට වඩා හෙළ ශිෂ්ටාචාරයේ ශේ්‍රෂ්ඨ බවක්‌ දැක්‌වීමට අප ගේ අතීත මුතුන් මිත්තන් යුරෝපීයයන්ට පෙර ගුවන්ගත කරවීම අත්‍යවශ්‍ය දෙයක්‌ නො වේ. ඒ සඳහා මෙහි පැවැති පැරැණි වාරි තාක්‌ෂණය මෙන්ම ගොඩනැඟිsලි වාස්‌තු විද්‍යාව හා සීගිරිය වැනි නිර්මාණයන් ද ප්‍රමාණවත් වේ. ඉන්දික විතානගේ මහතා නො දන්නවා යෑයි සිතෙන යමක්‌ මෙහි දී සඳහන් කළ යුතු ය. අතිපුරාණ කාලවල දී දකුණු ආසියාව තුළ "ගගන තාක්‌ෂණය දියුණු ව පැවැති බවට ප්‍රකට නිදසුනක්‌ වශයෙන් භාරද්වාජ සෘෂීන් ගේ "වෛමානික ශාස්‌ත්‍රය" නම් කෘතිය දක්‌වාලිය හැකි ය. එහි විවිධ හැඩතලවලින් යුත් විමාන නමැති ආකාශ යානා වර්ග ගණනාවක්‌ පිළිබඳ වත් ඒවායේ නිෂ්පාදන තාක්‌ෂණය ගැන පමණක්‌ නො ව ගුවන් නියමුවා ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව පවා අගනා තොරතුරු අන්තර්ගත ව ඇත.

මේ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තන ගණනාවක්‌ ම 19 වැනි සියවසේ අගභාගයේ දී පටන් 1970 දශකය දක්‌වා ම යුරෝපීය උගතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. අන්තර්ජාලය ඔස්‌සේ වුව ද මේ පිළිබඳව තොරතුරු ඔබට ලබාගත හැකි ය. මේ අනුව රාවණා රජු ගේ දඬුමොණර යන්ත්‍රයේ හෙවත් පුෂ්පක විමානයේ අවශේෂ පුරාවිද්‍යා කැණීමක්‌ මගින් හමු වන තුරු බලා සිටීම අනවශ්‍ය වන අතර දඬුමොණරය මිථ්‍යාවක්‌ නො ව සත්‍යයක්‌ බවත් යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තත් ගුවනින් ගියා පමණක්‌ නො ව මෑත කාලීනව බටහිර රටවල දියුණු වූ අභ්‍යවකාශ තාක්‌ෂණය සඳහා පූර්වාදර්ශයන් ද ලබා දුන් බවත්, මතක තබා ගත යුතු ව ඇත.

ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව සිදු කරනු ලැබූ පුරාවිද්‍යා පර්යේෂණයන් තුළින් හෙළි කොට ඇති පරිදි අදින් වසර 13000කට එපිට දී මෙහි දියුණු කෘෂිකර්මාන්තයක්‌ පැවැති බවටත්, මීට වසර 3500-4000 අතර සමයේ දියුණු ගොඩනැඟිලි තාක්‌ෂණයක්‌ තිබූ බවටත් කරුණු අනාවරණය වෙමින් පවතී, මේ පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමෙන් රාවණා අවධිය සම්බන්ධ තොරතුරු ද ලබාගත හැකි ව ඇත. එපමණක්‌ නො ව සයුරේ ගිලී ගියේ යෑයි සැලකෙන ලංකාපුර රාජධානිය පිළිබඳව පර්යේෂණ කිරීමට තරම් මෙරට සමුද්‍රික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තවම දියුණු වී නොමැත. එබැවින් ඉහත කී කථා පුවත් ඉඳුරා ම මිථ්‍යාවකැයි බැහැර කළ නොහැකි ය.

එබැවින් අප කළ යුත්තේ සාහිත්‍යමය මූලාශ්‍රයන් ගෙන් ලැබෙන ඵෙතිහාසික තොරතුරු මෙන්ම "වෛමානික ශාස්‌ත්‍ර" වැනි ග්‍රන්ථයන් ද තුලනාත්මකව අධ්‍යයනය කිරීමත් පුරාවිද්‍යා පර්යේෂණයන් පාදක කරගෙන මහාවංශයෙහි දැක්‌වෙන විජයාගමනයට සියවස්‌ ගණනාවකට පෙර අප රට තුළ පැවතුණේ යෑයි කියවෙන අති දියුණු සභ්‍යත්වයත් කරා අවතීර්ණ වීමයි.

එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ 7.


උපුටා ගැනීම - http://www.vidusara.com/2011/06/22/readers2.html

Tuesday, June 28, 2011

රාවණා සොයා යන්නනි....

0

ශ්‍රී ලංකාව නම් කොදෙව්වක ජීවත් වන අපට මෑතකාලීන ඉතිහාසයේ ආඩම්බර විය හැකි අවස්‌ථා උදා වූයේ ඉතා ම කලාතුරකිනි. එක්‌ කලෙක අප අභිමානය තෘප්ත කර ගැනීමෙහි ලා කෙතරම් දිළිsඳු තත්ත්වයක පසු වී ද යත් සේපාල ඒකනායක නම් ශ්‍රී ලාංකිකයකු අලිතාලියා ගුවන් යානයක්‌ පැහැර ගත් විට ශ්‍රී ලාංකිකයන් අභිමානයට පත් වූ ආකාරය සිහිපත් කළ යුතු ය. ශ්‍රී ලංකා කොදෙව් වැසියන්ට අභිමානය තෘප්ත කර ගැනීම පිණිස එකල උදා වූයේ එවන් අහඹු සිදුවීම් පමණි. එකී ශෝචනීය කාල පරිච්ඡේදයට හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ වූයේ 1996 දී අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම ලෝක කුසලානය දිනා ගැනීමයි. අපේ රණවිරුවන් ප්‍රභාකරන් නන්දිකඩාල්හි ගිල්වීමත් සමග ම මෑත කාල පරිච්ඡේදය අපේ අභිමානය සොයා යන වකවානුවක්‌ බවට පරිවර්තනය විය. දැන් ජාතියට අභිමානයක්‌ ලබාගත හැකි තත්ත්වයකින් සිතීමට අපට හැකි ය.

අප ජාතියට අභිමානයක්‌ සෙවූයේ මෑතක පටන් නො වේ. සුද්දා ගෙන් නිදහස ඉල්ලීම ආරම්භ වීමත් සමග ම ජාතියේ අභිමානය සෙවීමේ වර්තමාන කථාව ද ආරම්භ විය. පෙර කී පරිද්දෙන් ම අභිමානය පිළිබඳ කාරණාවන් අරභයා තත්කාලීන සමාජය ශෝකාන්විත තලයක වූ හෙයින් අපේ පිහිටට පැමිණියේ ඉතිහාසයයි. ජාතියේ අභිමානය සොයා යන්නන් ගේ පහසු විකල්පය බවට පත් වූයේ අපේ අභිමානවත් අතීතයයි. සැබැවින් ම අපට අභිමානවත් ඉතිහාසයක්‌ පැවැති හෙයින් එහි කිසිදු ගැටලුවක්‌ නො වී ය. එහෙත් අභිමානවත් ඉතිහාසය සොයා යැමේ ක්‍රමවේදය අරභයා බරපතල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සාධාරණව පිළිගත යුතු ය. මෙකී පරස්‌පරය ඇති වීමේ හේතුව ද පැහැදිලි ය. ජාතියට අභිමානය සොයා ඉතිහාසය දෙසට යොමු වූ පිරිසක්‌ ඒ පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදය අතහැර දැමූ හ. මීට ප්‍රතිලෝමව විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් ඉතිහාසය දෙසට යොමු වූ පිරිස ජාතියට අභිමානයක්‌ සොයා දීමේ අරමුණින් බැහැර වූ හ.

ජාතියට අභිමානයක්‌ ලබා දිය හැකි ඇතැම් ඉතිහාස තොරතුරු අතර පුරාකථාවන් හා ජනප්‍රවාද ද වෙයි. වසර ගණනක්‌ පැවැති ඕනෑ ම ශිෂ්ටාචාරයක එවැනි පුරාකථාවන් හා ප්‍රවාද දැකිය හැකි ය. එකී ප්‍රවාදවල ඉතා ඈත කාලීන වීරයකු, පාලකයකු පිළිබඳ හෝ ඉතා ම සමෘද්ධිමත් යුගයක්‌ පිළිබඳව සඳහන් වීම එවන් ඕනෑ ම ශිෂ්ටාචාරයකට පොදු ය. එකී ප්‍රවාද ඔස්‌සේ ඒවායේ මූලය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාවට පටහැනි ක්‍රියාවක්‌ නො වේ.

බයිබලයේ පැරැණි තෙස්‌තමේන්තුව පුරාවිද්‍යානුකූලව හැදෑරීමේ උත්සාහයන් පවතී. බ්‍රිතාන්‍යයේ ආතර් රජු පිළිබඳ පුරාකථා ඇතැම් පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා පාදක වෙයි. ට්‍රොaයි පුරවරය සොයා පුරාවිද්‍යාත්මක හැදෑරීමක්‌ කරනු ලැබුවේ ඉලියඩ් හා ඔඩිසි වීර කාව්‍ය පදනම් කරගනිමිනි. එබැවින් ශ්‍රී ලාංකිකයන් රාවණ පිළිබඳ පුරාකථාවන් පුරාවිද්‍යාත්මකව සොයා බැලීම හාස්‍යයට තුඩු දිය යුතු කරුණක්‌ නො වේ. එමෙන් ම ඉතිහාසය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාත්මක රාමුව තුළ සිදු විය යුතු යෑයි නියමයක්‌ ද නැත.

ශ්‍රී ලාංකිකයන් ගේ අභිමානය පිළිබඳ කාරණාවේ දී රාවණා පිළිබඳව පුරාකථාව අතිශය වැදගත් ය. අප ගේ මුතුන් මිත්තකු රයිට්‌ සහෝදරයන්ට ප්‍රථම ගුවනින් ගිය බව පිළිගැනීම අපේ අභිමානයට වැදගත් ය. හෙතෙම ඉන්දියාව පාලනය කළ බව සිහිපත් කිරීම ම අප සිටිනා තැනින් ඉහළ මට්‌ටමකින් සිතීමට පොලඹවයි. එහෙයින් රාවණා පිළිබඳව තොරතුරු හැදෑරීම කිසි ලෙසකිනිදු හාස්‍යයක්‌ නො වේ.

එහෙත් රාවණා පිළිබඳව සොයා යන්නන් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් නම් හාස්‍යයට වැඩි හැඟීමක්‌ ජනිත නො කරයි. මෑත කාලීන ජනමාධ්‍යවල රාවණා සොයා යන්නන් ගේ ලිපි මගින් ප්‍රකාශිත තොරතුරු කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කිරීම ඒ හාස්‍ය රසය සඳහා ප්‍රමාණවත් ය.

රාවණා නම් දසිස්‌ මිහිපල් තෙම හෝ ඔහු ගේ සමීප ඥාතීන් හෝ විසින් ලියවුණු සෙල් ලිපි සොයා කියවීමට ඇතැම් විද්වතුන් සමත් වී ඇත. එකී සෙල් ලිපිවල කාල නිර්ණයන් පිළිබඳව අනුදත් මතයන් ඉදිරිපත් කිරීමෙහි ලා ඔවුන් නිහඬ ය. රාවණ හෝ එරජුන් ගේ ඥාතීන් ගේ නම් සටහන් යෑයි කියනු ලබන එකී සෙල් ලිපි ලියවී ඇත්තේ පූර්ව බ්‍රහ්මී අක්‌ෂරයන් ගෙනි. පූර්ව බ්‍රහ්මී හෝඩිය මුල් මෞර්ය යුගයෙන් බොහෝ ඈතට ගමන් නො කරයි. ඇතැම් ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට අනුව එය අශෝකට වඩා ද බොහෝ පැරැණි නැත. එසේ නම් රාවණා එකී අක්‌ෂරයන් ගෙන් සෙල් ලිපි පිහිටුවූයේ කුමන කාලවකවානුවක ද යන පැනය මතු වෙයි. මෙයට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කළ හැකි පිළිතුරක්‌ තිබේ. ඒ මෞර්යයන්ට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාවණ, පූර්ව බ්‍රහ්මී අක්‌ෂර භාවිත කළ බවයි. ඒ එසේ නම් අප ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ පූර්ව බ්‍රහ්මී ලෙන් ලිපි මත පදනම් ව රාවණා ඔප්පු කිරීම නො වේ. පූර්ව බ්‍රහ්මී හෝඩියේ උපත, විකාශනය, ඊට අදාළ කාල වකවානුන් සහිතව ඔප්පු කිරීමයි. මෙගලිතික සුසානයෙන්හි සඳහන් ඇතැම් ප්‍රාථමික සංකේත, ගුහා සිතුවම් ආදිය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ඉතා ඈත අතීතයේ දී පූර්ව බ්‍රහ්මී අක්‌ෂර භාවිත කළ බව විධිමත්ව පෙන්වා දිය හැකි නම් රාවණා එකී අක්‌ෂර භාවිත කළ බව පිළිගැන්විය හැකි ය. එහෙත් අවාසනාවකට මෙතෙක්‌ එවැනි සාධක නොමැති වීම නිසා පූර්ව බ්‍රහ්මී හෝඩියට ලබා දී ඇති කාලවකවානුන් පිළිගැනීමට සිදු වෙයි. තමන්ට වඩා පසුකාලීනව නිපදවනු ලැබූ අක්‌ෂර මාලාවකින් රාවණා සෙල් ලිපි පිහිටුවූවා යෑයි සිතීම අගතිගාමී සිතුවිල්ලකි.

පූර්ව බ්‍රහ්මී අක්‌ෂරයන් ගෙන් ලියවුණු සෙල් ලිපිවල රාවණා හෝ ඊට සමීප නාමයන් පැවතීම රාවණා පුරාකථාව ස්‌ඵුට කිරීම සඳහා සාධකයක්‌ සේ නො ගිණිය හැකි ය. එකල ද ජනප්‍රවාදගත ඇදහිලිවලට අදාළ නම් වෙනත් පුද්ගලයන් භාවිත කිරීම සිදු විය හැක්‌කකි. දඹදිව ජීවත් වූ සුප්‍රසිද්ධ විෂ්ණු වර්මන් රජු ගේ නමේ විෂ්ණු යන කොටස තිබූ පමණින් විෂ්ණු නම් දෙවියකු දඹදිව සිටියා යෑයි සාධනය වන්නේ නැත. එය විශ්වාසයක්‌ නිසා පහළ වූ නමකි.

එමෙන්ම රාවණා පිළිබඳ පුරාකථාව තහවුරු කර ගැනීමෙහි ලා යොදාගැනෙන තවත් ප්‍රබල සාධකයක්‌ වන්නේ විත්ති පොත් ය. මෙකී විත්ති පොත් කෝට්‌ටේ රාජධානියෙන් පසු අවධියක දී ලියවී තිබේ. ඒවා සමාජයේ එකල පැවැති යම් යම් විශ්වාසයන් මත පදනම් ව ලියවුණු ජන සාහිත්‍ය කෘතීන් සේ සැලකිය හැකි ය. රාවණා පිළිබඳව හැදෑරීම සඳහා රාවණා විත්ති පොත් යොදාගත හැකි නමුදු ඉන් රාවණා පිළිබඳව කිසිදු මතයක්‌ අමුතුවෙන් ඔප්පු වීමක්‌ සිදු නො වේ. එකී විත්ති පොත්වලට සමාන අනෙකුත් විත්ති පොත් පිළිගනු ලබන්නේ නම් ඒවා ලියවුණු සමාජ වකවානුවේ ලක්‌දිව පැවැති ප්‍රාථමික ජන ඇදහිලි පිළිබඳව කල්පිත රාශියක්‌ පිළිගැනීමට ද සිදු වනු ඇත. දේවානම්පියස්‌සී රජුට කාලතුවක්‌කු 800ක්‌ තිබුණු බව ද, ඇතැම් රජකුමරියන් මොණර බිත්තරයෙන් බිහි වූ බව ද පිළිගැනීමට සිදු වනු ඇත.

විත්ති පොත්වලට අමතරව රාවණා පිsළිබඳ සඳහන් කෙරෙන ග්‍රන්ථයකි, ලංකාවතාර සූත්‍රය. මහායානිකයන් අතර බුද්ධ භාෂිතයක්‌ සේ පිළිගැනෙන ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ සමනළ කන්දේ දී රාවණාට දේශනා කළ බව කියවෙයි. ලංකාවතාර සූත්‍රය පිළිබඳව පුරාකථාව පිළිගනු ලබන්නේ නම් රාවණා බුදුරජාණන් වහන්සේට සමකාලීනව ලංකාව පාලනය කළ රජු ය. ලංකාවතාර සූත්‍රය ලියවී ඇත්තේ දොළොස්‌වැනි-එකළොස්‌වැනි සියවස්‌වලට අයත් ශෛලියකිනි. එකී සූත්‍ර දේශනාව වඩාත් ප්‍රචලිත වූයේ ථෙරවාදීන් අතර නො ව අග්නිදිග ආසියාතික මහායානිකයන් අතර ය. එකළොස්‌වැනි සියවස ලංකාව අග්නිදිග ආසියාව තුළ යම් සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ පැතිරූ අවධියයි. එකී සංස්‌කෘතික ආධිපත්‍යය සමග ආර්ථික අරමුණු ගැබ් ව පැවැති බවට මහපැරකුම් ගේ අරමුණ යුද්ධ ව්‍යාපාර අනුව පෙනී යයි. මෙකී අවධියේ වර්තමාන බුරුම, මැලේසියා, තායිලන්ත, කාම්බෝජ, වියට්‌නාම් රටවලට අයත් ප්‍රදේශවල සීහල සංඝ නමින් ලාංකීය භික්‌ෂු ගුරුකුලයක්‌ ප්‍රමුඛස්‌ථානය ගෙන කටයුතු කළේ ය. එකී කලාපයේ ලංකාවට අවශ්‍ය පරිදි මතවාදී හැඩගැස්‌ම සිදු කරනු ලැබුවේ සීහල භික්‌ෂු පරම්පරාවයි. එම රටවල් සියල්ලක්‌ ම රාවණා හා කුවේර පුරාකථාව තදින් විශ්වාස කළ රටවල් විය. එබැවින් රාවණා හා බුදුන්වහන්සේ අදාළ ලංකාවතාර සූත්‍රය එකී කලාපයේ ජනප්‍රිය වීම ස්‌වාභාවික සංස්‌කෘතික කාරණාවකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන් අතර ලංකාව පිළිබඳව දැඩි ගෞරවයක්‌ පහළ විය.

අග්නිදිග ආසියානු රජවරුන් විසින් සිංහල කුමරියන් විවාහ කර ගැනීම උසස්‌ ගෞරවයක්‌ සේ සලකන ලදී. ලංකාව අග්නිදිග ආසියාව තුළ ගෙන ගිය ආර්ථික හා සංස්‌කෘතික ආධිපත්‍යය තහවුරු කිරීමේ එක්‌ මෙවලමක්‌ ලෙස ලංකාවතාර සූත්‍රය ද එකළොස්‌ වැනි ශතවර්ෂයට අයත් ශෛලිය අනුව ගොඩ නැංවිණි. ඉන් රාවණා සිටි බවට ස්‌ථිරව ම ඔප්පු වීමක්‌ සිදු නො වන අතර රාවණා විශ්වාසය ඔප්පු වෙයි.

රාමායණය මත පිහිටා රාවණා ඔප්පු කළ හැකි වනු ඇතැයි ඇතැම් පිරිස්‌ විශ්වාස කරති. රාමායනය වීර කාව්‍යයකි. හින්දුවරුන් ගේ විශ්වාසයන් හා ඇදහිලි අතර සදාකාලික වීරවරයන් වීරකාව්‍ය මගින් නිරූපණය කෙරිණි. රාමායනය මත පිහිටා රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය මත පිහිටා ක්‍රිෂ්ණා ඔප්පු කළ හැකි වනු ඇත. කල්පිත වීර කාව්‍යවලින් චරිතයන් ඔප්පු කිරීම කළ නොහැක්‌කකි. රාමායනයේ සඳහන් ලංකාව පවා ශ්‍රී ලංකාව නො විය හැකි යෑයි මතවාද ඉදිරිපත්ව පැවතීම ද සලකා බලනු වටී. මුල් මෞර්ය යුගයේ ඔනාක්‍රිටස්‌ ද, අශෝක සෙල් ලිපිවල ද ශ්‍රී ලංකාව ලංකා නාමයෙන් හඳුන්වා නැත. ඔවුන් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ තම්බපන්නී නැත හොත් තාම්‍රපන්නී නමිනි. කෞටිල්‍ය අර්ථශාස්‌ත්‍රයේ දී ශ්‍රී ලංකාව පාරසමුද්‍ර ලෙස හඳුන්වයි. මාල්කිම් සඳහන් කරන ලංකාව පාරසමුද්‍ර හෝ තම්බපන්නිය නො වීමේ ඉඩකඩ සුළු කොට තැකිය යුතු නැත.

රාවණා සොයා යන්නෝ ඉහත ක්‍රමවේදවලින් බැහැර විකල්ප ක්‍රමද ඉඳහිට ඉදිරිපත් කරති. එවැනි විකල්ප ක්‍රමයන් ඇසූ විට පැරැණි ක්‍රම වඩා උචිත යෑයි කෙනකුට හැඟී යනු ඇත. සති අන්ත එක්‌ පුවත්පතක පළ වූ ලිපියකින් කියවුණේ රාවණා යුගයේ හනුමන්තා අතින් ඇදවැටුණු උණවටුන කන්ද කැණීම් කර ඉවත් කළ හොත් එම යුගයට අයත් ගම්මාන මතු කරගත හැකි වනු ඇති බවයි. උණවටුන කන්ද පමණක්‌ කැණීම් නො කොට කාල අක්‌ෂය ඔස්‌සේ සිරසට කැණීම් කළ වෙනත් ස්‌ථානයකින් රාවණා යුගය සොයාගත හැකි නම් ඊට වඩා පහසු විය යුතු ය. අනුරාධපුරයේ ද, තිස්‌සමහාරාමයේ ද එලෙසින් ක්‍රි.පූ. 1000 දක්‌වා ස්‌ථර කැණීම් කර තිබේ. මුල් ස්‌ථරවල ගල් ආයුධ භාවිත කළ ප්‍රාථමික මානවයා නාගරික තත්ත්වයට ළඟා වූ අයුරු සංස්‌කෘතික අදියරයන් හා ඊට අදාළ කාල ආවලීන් මගින් එකී ස්‌ථානවල ගොඩනඟා ඇත. එවැනි සංස්‌කෘතික අදියරක්‌ තුළ රාවණාට අයත් දියුණු ශිෂ්ටාචාරයේ ලක්‌ෂණ සොයා යැම ඊට වඩා පහසු වෙයි. තිස්‌සමහාරාමයේත් අනුරාධපුරයේත් දැකිය නොහැකි වුව ද වෙනත් ස්‌ථානයකින් හෝ අනුපිළිවෙළිsන් ගල් ආයුධ සහිත ස්‌ථරයක්‌, අතින් නිමවූ හිරු එළියෙන් පිළිස්‌සූ වළං සහිත ප්‍රාථමික ජනතාවකට අයත් ස්‌ථරයක්‌, දඬු මොණර කොටස්‌ සහිත ස්‌ථරයක්‌, කාලරක්‌ත මැටි බඳුන් සහිත ස්‌ථරයක්‌, ක්‍රි.පූ. යුගයට අයත් කාසි සහිත ස්‌ථරයක්‌ වශයෙන් ස්‌ථර හමු වේ යෑයි ප්‍රාර්ථනා කිරීම හැර කළ හැක්‌කක්‌ නොමැත.

මේ මෑත දී පුවත්පතක ශාස්‌ත්‍රීය සංවාදයක්‌ පළ විය. එම සංවාදය සති කිහිපයක්‌ පක්‌ෂ විපක්‌ෂ මත පළ වූ ශාස්‌ත්‍රීය සංවාදයක්‌ ලෙසින් පුවත්පත් පිටු ගණනින් වෙන් කර ගත් එකක්‌ විය. එහි දී එක්‌ පාර්ශ්වයක්‌ පුන පුනා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර කැණීම්වල දී අඩි 40කට යටින් දුටුගැමුණු යුගයේ නෂ්ටාවශේෂ හමු වේ නම් අඩි 50කට වඩා කැණීම් කළ විට රාවණා යුගයේ නටබුන් හමු විය යුතු බවයි. අනුරධපුර ඇතුළුනුවර කැණීමේ දී ආරම්භක සංස්‌කෘතික සාධක අයත් ස්‌ථරය දක්‌වා කැණීම් කරනු ලැබූ බවත්, මෙසොලිතික අවධිය (ක්‍රි.පූ. 1800), පූර්ව යකඩ භාවිත අවධිය (ක්‍රි.පූ. 900-600), මුලික පූර්ව ඵෙතිහාසික අවධිය (ක්‍රි.පූ. 600-500), පහළ පූර්ව ඵෙතිහාසික යුගය (ක්‍රි.පූ. 500-250), මධ්‍ය පූර්ව ඵෙතිහාසික අවධිය ්‍ර(ක්‍රි.පූ. 250-ක්‍රි.පූ 100) ලෙස ආවලියක්‌ සකස්‌ කර ඇති බවත් එකී ශාස්‌ත්‍රීය ලේඛකයා නො දනී. රාවණා සොයා යැම මෙවැනි සැහැල්ලු දැනුමකින් කළ හැකි සරල කාරියක්‌ නො වේ.

දැනට සකස්‌ කර ඇති සංස්‌කෘතික කාල ආවලීන්, වසර 18000-12000කට පෙර කාල වකවානුවේ කෘෂිකර්මය පිළිබඳව හෝර්ටන් තැන්නේ පර්යේෂණ, රංචාමඩම-හල්දුම්මුල්ල මානවයන් යකඩ හඳුනාගත් ආකාරය, පූර්ව බ්‍රහ්මී හෝඩියට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රාක්‌ෂර භාවිතය වැනි මාතෘකා යටතේ පුළුල් අධ්‍යයනයකින් ලත් දැනුමකින් පෝෂිතව මිස රාවණා සොයා යා හැකි මගකට ප්‍රවිෂ්ට විය නොහැකි ය. එබැවින් රාවණා සොයා යන්නනි, ඉලක්‌කය පැහැදිලි ය. මාවත පැහැදිලි කර ගනිමු.

ඉන්දික විතානගේ

උපුටා ගැනීම - http://www.vidusara.com/2011/05/18/readers.html

රාවණ කැපුම

1

රාවණ කැපුම / ලවර්ස්‌ ‌ලීප්
කෝන්ෂ්වරම් කෝවිල, මෙරට මහා බලගතු රජකු ලෙස වැඩ වාසය කළ රාවණ රජුට සබඳතා ඇති ස්‌ථානයක්‌. ඒ බවට වන අපූරු කතාන්තරයක්‌ සහිත පුවරුවක්‌ "රාවණ කැපුම" හෙවත් ලවර්ස්‌ ලීප්" ලෙස හඳුන්වන අසාමාන්‍ය, බියකරු ප්‍රපාතකාර බෑවුම අසල සවිකර තිබෙනවා. ඒ වගේම මුහුණු 10 ක්‌ (එතරම් නුවණක්‌) තිබූ බව විශ්වාස කරන රාවණයන්ගේ අපූරු මූර්තියක්‌ ද දෙවොලේ එක්‌ පසෙක ඉහළින්ම තනා තිබෙනවා.

පුවරුවේ සඳහන් පරිදි "රාවණ කැපුම" (එනම් බෑවුම) නිර්මාණය වී ඇත්තේ රාවණ රජු විසින් මෙම කන්ද තම කඩුවෙන් කැපීම හේතුවෙන්. ශිවලිංග පූජාවක්‌ සම්බන්ධයෙන් උරණවූ රාවණ රජු මෙසේ කඩුවෙන් කන්ද කැපූ බවත්, ඒ හේතුවෙන් දිව්‍ය කෝපයට ලක්‌වූ රජුගේ සිව භක්‌තිය නිසාම යළිත් සමාව ගෙන තම එක්‌ හිසක්‌ කපා වීණාවක්‌ සකස්‌ කර "සාම වේද" ගායනය සිදුකර සමාව ඉල්ලූ බවත් කියෑවෙනවා.



පසුව මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක්‌ හේතුවෙන් මෙය "ලවර්ස්‌ ලීප්" බවට පත් වුණා.

උපුටා ගැනීම - http://www.divaina.com/2011/06/26/nimna03.html

Sunday, June 26, 2011

රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය

1
රාවණ ඝාතනය කර රාම වීරයෙක් කිරීම.


අපි කතාකලානේ හෙළ අසුර අධිරාජ්‍ය, පැතීරීම රජවරු ගැන. මේ ලිපි පෙළම පුරාම අපි විස්තර කලා ලංකාවේ බිහිවුණ විශිෂ්ඨ නරපතියෝ රාජ්‍යන් ගැන. කොහොම වුණත් හෙළ අසුර අධිරාජ්‍යට වැඩිපුරම සතුරු බල පෑම් එල්ල වුණෙ භාරතයෙන්. හැම අවස්ථාවේම හෙළ අධිරාජ්‍යට කෙනෙහිලිකම් කලේ මේ අසල් වැසි භාරතය තමයි. හින්දු සාහිත්‍යට අනුව නම් හෙළ අසුර අධිරාජ්‍යෙය් ප්‍රධානතම සතුරා වෙලා තියෙන්නෙ විශ්ණු.

විශ්ණුගේ සතුරුකම් අපිට පළමුව හෙළඅසුර අධිරාජ්‍යෙය් සතුරෙක් විදියට ඉස්මතු වන්නෙ හිරන්‍ය කාශ්‍යප රජු දවසෙයි. හින්දු සාහිත්‍යට තුන් ලෝකයක් පාලනය කලායැයිද, තම සුර්ය රශ්මිවන් තේජාන්විත දෙනෙතින් බලා යුරෝපිය අයිස් තට්ටුව දිය කලා යැයි චෝදනා ලබන්නේද හෙළ අධිරාජ්‍ය කොකෙස් කදුකරය දක්වා ජනාවාස කරපු හිරණ්‍ය කාශ්‍යප හෙවත් මහාමන්දාතු රජුට එරෙහිව විශ්ණු පළමුව නරසිංහ නැමති අවතාරයෙන් පැමිනෙනවා. එයින් හිරණ්‍ය කාශ්‍යප රජුව මරා දමන විශ්ණු නැතහෝත් භාරතීයානු අධිපත්‍ය නැවතත් හෙළ අසුර අධිරාජ්‍යට අතපොවන්නෙ මහා බලි රජු සමයේ. මෙහිදිත් අසුර අධිරාජ්‍යෙය් සතුරා වන්නෙ විශ්ණුයි. වාමනක නැමති අවතාරයෙන් පැමිණෙන විශ්ණු මෙහිදි කූඨ උපක්‍රමයකින් බලි රජුව පැහැරගෙන අසුර අධිරාජ්‍ය අරාජික කිරීමට උත්සහ කිරීමක් හදුනාගන්න පූළුවන්. විශ්ණු හා අසුර අධිරාජ්‍ය අතර අවසන් ඝඨ්ටනය ඇති වන්නේ රාවණ රජු සමයේදි. හෙළ අසුර අධිරාජ්‍ය හා එහි රජවරු දෙස විමසා බැලීමේ දී

1. මහාමන්දාතු හෙවත් හිරණ්‍ය කාශ්‍යප
2. මහා බලී
3. රාවණ


යන රජවරුන් හෙළ අසුර අධිරාජ්‍යෙය් කැපීපෙනෙන රජවරු විදියට හදුනා ගන්න පුළුවන්. මෙම රජවරු සමයේදී හෙළ අසුර අධිරාජ්‍ය බලසම්පන්න , සමෘධිමත් ඒවා බව හින්දු සාහිත්‍යෙයන්ම පැහැදිලි කරගන්න පුළුවන්. විශ්ණු යනු මේ රජුන් 3 දෙනාටම පොදු සතුරා වූ නමුත් රාවණ රජු සමයේ හැරුණාම මහාමන්දා තු හා මහාබලි රජු සමයන්හිදි විශ්ණු සටනකට නොපැමිණ විවිධ උපක්‍රම බාවිතා කිරීමක් දක්නට පුළුවන්.
මේ කරුණු සියල්ල බැලුවාම පැහැදිලි වන දෙයක් තමයි විශ්ණූ හෙළයන්ගේ ප්‍රධානම හා ප්‍රබලම සතුරෙක් වුණායි කියන එක.බෞද්ධ සාහිත්‍යෙය් එන දශරථ ජාතකයට අනුව නම් රාම කියන්නෙ බොධිසත්වයෙක්. දශරථ ජාතකයට අනුව සීතා කියන්නෙ රාමගේ නැගෙනියයි. බෞද්ධ සාහිත්‍යෙය්දී රාම විසින් රාවණ ඝාතනයක් හෝ සීතා පැහැරගෙන යාමක් ගැන සදහන් වෙන්නෙ නැහැ.

නමුත් ලංකවේ ඉතා දක්ෂ යැයි සැලැකෙන නාඩගම් ඇදුරන් වන දොන් සී බස්තියන් හා ජොන්ද සිල්වා දෙමළ රාමයණය නැතහොත් බාල රාමයණය උපයෝගි කරගෙන රාමායණය නාඩගම නිෂ්පාදනය කිරීම මගින් රාම ඉතා යහපත් සාධූ චරිතයක් කර රාවණ රජු සල්ලාලයෙක් ලෙසත් සුපර්ණිකාව වෛශ්‍යාවක් ලෙස පෙන්වා දීම කිරීමයි. මෙය සැබෑ ඉතිහාසය දරන හෝ නොදැන කලාද යන්න කියන්න අමාරුයි.

දෙමළ රාමායණය හෙව ත් බාල රාමයණයට අනුව රාමගේ පළමු වීර ක්‍රියාව නම් දණ්ඩකාරණ්‍යෙය් දී මිනී මැරීමයි. විශ්වමිත්‍ර මුණිගේ ඉල්ලීමට අනුව දශරථ රජුගේ අණ පරිදි රාම හා ලක්ෂමණ විසින් යාග හෝම කඩාකප්පල් කීරීමට පැමිනෙන රකුසන් (රකු+කුස්) 12000ක් මැරීම සාර්ථකව කිරීම උදෙසා විශ්‍රමිත විසින් රාමව මිථිලා නුවරට රැගෙන ගොස් ජනක රජුගේ දුන්න නම්මවා සීතාව ලබාදීම කරලා තියෙ නවා.


සුපර්ණිකාව දණ්ඩකාරන්‍යෙය් පාලනයට යවා තිබුනේ රාවණ රජු විසින්. නමුත් දුනු හී තල රැගෙන තවුස් වෙසින් වනයට පැමිණි රාම හා ලක්ෂමණට සුපර්ණිකාව මුණ ගැසුණු විට එම බල ප්‍රෙද්ශයේ පාලීකාව වශයෙන් ඇය ඔවුනට කොන්දේසී 2ක් ඉදිරිප ත් කරන ලදි

1. දුණු ඊතල ඉවත දමා ආරණයේ ඉදීම
2. ආරණ්‍ය යෙන් පිටව යාම

මෙවිට රාම ඉගි කිරීමත් සමගම ලක්ෂමණ විසින් සුපර්ණිකාගේ කන හා නාසය කැපූ බව සදහන් වේ. තනි කාන්තාවකට පිරිමින් දෙදෙනෙකු විසින් හිංසා කිරීම වාල්මිකි දක්වා ඇත්තෙ වීර කමක් ලෙසටය. නමුත් සැබෑ ලෙස බලනවා නම් මෙය රාමගේ නිවට කම මිසි වීරත්වය පෙන්වීමක් නොවේ.

සුපර්ණිකාට හිංසා කලේ පිරිමින් දෙදෙනෙකු නිසාම ගැහැණියක් නිසා පිරිමියෙක්ට ඇතිවන්නා වු මානසික පීඩාව ඒත්තු ගැන්වීමට රාවණ විසින් සීතාව බලහත් කාරයෙන් පැහැරගෙන ආ බව කියැවේ. රාම රාවණ යුද්ධය අවසානයේදී අග්නි පුජාව හෙවත් ගින්නට පැන සීතා තමන් පිරිසුදු බව හා රාවණ අතින් කෙලෙසී නැති බව පෙන්වු බව වාල්මිකි සදහන් කලත් මෙරට නාඩගම් ඇදුරන් විසින් රාවණ සල්ලාලයෙක් කිරීම නම් කණගාටුවට කරුණකි. මෙයින් පැහැදිල වන්නේ රාවණ සීතා කෙරේ ඇති වූ ආශාවකින් ඇය රැගෙන ආවා නොව රාමට හා ලක්ෂමණට දඩුවම් දීම අදෙසා ඇය රැගෙන ආ බවයි. මේ වු සිද්ධියට රාම විසින් රාවණ රජුගෙන් සමාව අයැද සිටීයා නම් සීතා නැවත බාරදීමට තරම් රාවණ රජු දැහැමි රජෙකි.

සෑම විටම තනිවම සටන් කල රාමට(මින් පෙර නරසිංහ හා වාමන ලෙසත්) රාවණ රජු සමග සටන් කිරීමට සේනාවක් අවශ්‍ය විය. රාමට මෙම සේනාව සපයන ලද්දෙ සුඛ්‍රීව හා හනුමාන් ප්‍රමුඛ වානර හමුදාවකි. වාලිමිකිගේ රාමයණයේ රාම විසින් වාලී නැමති මහා වානර රජු සැගවී සිට තබූ හී සැරයකින් මරා සුඛ්‍රීවට වානර නායකත්වය ලබා දී ඉන් ඔහුගේ සහය ගත් ආකරයක් දැක්වේ. මෙම කරතව්‍ය මහා වීර ක්‍රියාවක් ලෙසට රාමයණය නාඩගමේ දක්වා ඇත.

පොම්බුලේ මගේ පොම්බුලේ...
තාරා දේවී පොම්බුලේ...
බේරා ගන්නම් පොම්බුලේ මගේ...
වාලි රජාගෙන් පොම්බුලේ...


යන ගීත පවා එක් කර තමාගේ අරමුණ වෙනුවෙන් යාමට තම සොයුරු වාලී රජුගේ බිරිද වූ තාරා දේවියට පෙම් බදින සුඛ්‍රීවට තාරව හා වානර නායකත්වය ගැනීම උදෙසා වාලි රජු මැරීම පවා රාමයණයේ දැක්වෙන්නේ වීර ක්‍රියා ලෙසට වුව මෙම සිද්දීන් රාමගේ අවස්ථා වාදී කම් හා නිවට කම් පෙන්වන ලක්ෂණයි.
රාම විසින් කල සෑම නිවට හා අවස්ථාවාදී ක්‍රියා වාල්මිකි දක්වා ඇත්තේ වීර ක්‍රියා ලෙසටයි. තලෛයි ම්නාරම හා රාමේෂ්වරම් අතර ඇති ආදම්ගේ පාලම වසර ලක්ෂ ගණන් පැරරණි බව නාසා ආයතනය සොයාගෙන තිබේ.

නමුත් වාල්මිකිට අනුව එය තනන ලද්දෙ හනුමාන් විසිනි. නමුත් රාවණ රජුගේ දඩුමොනරය හෙවත් පුෂ්පක රථය මහා බඹු විසින් කුවේරට දුන් තැග්ගක් ලෙස දක්වා ඇත. නමුත් දඩු මොනරය විශ්වකර්ම විසින් සිංහමුඛ කුමරුට ලංකා පුර නගරය සමග දුන් තිලිනයක් බව අපේ කලින් ලිපි පෙලකින් සදහන් කලා. මකරි වෝටෙකස් හෙවත් රසදිය බාවිතයෙන් ක්‍රියා කරන්නා වූ එංජිමකින් යුක්ත වන ගුවන් යානා හෙවත් විමාන සෑදීම ගැන වාලිමිකිට සමකාලීනව විසු භ්‍රද්වරාජ් සෘෂි විසින් ග්‍රන්ථයක් ලියා ඇත.

ලංකාවේදී ගින්නට පැන නොපිලිස්සී තම පතිවත තහවුරු කල සීතාව රාම විසින් පසු කලක අත් හරින ලදි. ඉතා බිහිසුණු යුද්ධයකින් පසුව තම බිරිදව රැගෙන එන්නා වූ රාම තමන් හේතුවෙන් ගැබ් ගන්නා වූ සීතා පිළිබදව අයෝධ්‍යා වාසීන් සැක පහල කිරීම නිසා ඇයව අත්හරින ලදි. මෙම සැක පිළිබදව ඇසු විට ඔහුට තම රට වැසියන්ට සීතා තමන් නිසා ගැබ් ගත් බව සහ ලංකාවේදි ඇය අග්නි පුජාජවෙන් පතිවත ඔප්පු කලා බව කීමට හැකියා තිබුණි. නමුත් ඔහු එසේ නොකරන ලදි. ඒ වෙනුවට තමා නිසා ගැබ් ගත් බිරිය වනයේ අතරමං කරන ලදි. මෙය රාමාගේ නිවටත්වය මැනවින් පෙන්වන්නකි. මෙයින් ඔහු සීතාට වඩා රජකමට ඇලුම් කල බවක් පෙනේ.

ලක්ෂමණ විසින් සීතාව විසින් වාල්මිකිගේ අසපුවට ගෙන ඇරලු බවක් දක්නට සදහන් නොවේ. සීතාව වනයට ගෙන රැගෙන ගොස් රාම විසින් එසේ කීරිමට කල බව ලක්ෂමණ විසින් දැනුම් දීමෙන් අනතුරුව සීතා විසන් විලාප දුන් බවත් එම විලාපය ඇසී වාල්මිකි පැමිණ විලාප දුන් අයගේ තතු විමසා ඇයව රැගෙන ගොස් තම අසපුපේ තබා රැක බලාගත් බවද, එහිදී සීතා විසින් පුතුන් දෙදෙනෙක් බිහිකරන අතර ඔවුනට ලව හා කුස යැයි නම් තැබූ අතර ඔවුනට සියළු කෂ්ත්‍රීය විද්‍යා උගන්වන වාල්මිකි විසින් රාමයණය කාව්‍ය කර ඔවුනට පාඩම් කරවු බවද සදහන් වේ.
රාවණ රජු මැරු පාපය ගේවීමට රාම රජු විසින් අශ්ව මේධ යාගයක් පැවැත්වීමට කටයුතු කරන ලදි(සුදු අශ්වයේ මරා යාගයක් පැවැත්වීම) අග මෙහෙසියක් නොමැති නිසා සීතාගේ පිළිමයක් රනින් නෙලන ලදි.

මෙයට ආරාධනා ලැබ පැමිනෙන වාල්මිකා විසින් ලව හා කුසත් කැටුව ඔවුන් ලවා රාමායනය ගායනා කරවූ බවද, එය ඇසීමෙන් සියළු දෙනා සතුටු කදුළු හෙලු බවත්, ළමුන් දෙදෙනා කාගේදැයි අසනා රාමට වාල්මිකි විසින් ඒ ඔහුගේ ළමුන් බව පැවසු බවත් සදහන් වේ. මෙයින් කනගාටුවට පත් රාම වසින් තඑ රථය යවා සීතාව නැවත අයෝධ්‍යාවට ගෙන්වූ අතර ලංකාවේදී කල සති පුජාව රට වැසියන් නොදුටු හෙයින් නැවතත් එය කරන ලෙසට ඉල්ලීම කලේය. මෙයින් කම්පාවට පත් සීතා තම පොළොව මැණියන්ට කතා කර තමා මවු තුරුලට ගන්නා ලෙස ඉල්ලු අතර එයන් පොලොවේ විවිරයක් මතු වී එයට සීතා පැන්න බවත් සදහන් වේ.(කම්පාවට පත් සීතා සියදිවි නසාගත්තා විය හැක.)

මෙයින් දවස් කහිපයකට පසු ලක්ෂමණ දැකීම පවා රාමා වර්ජනය කරන ලදි. තම දෙටු සොයුරු විසින් තමන් අත්හැර දමන ලදැයි සිතූ ලක්ෂමණ සරයු ගගට පැන දිවිනසා ගත් බවත් සීතා හා ලක්ෂමණ දෙදෙනාම අහිමි වූ ශෝකයෙන් රාම වීරයාත් සරයු ගගටම පැණ දිවි නසා ගත් බව සදහන් වෙනවා.
බෞද්ධ සාහිත්‍යෙය් එන බෝධිසත්ව රාම තපසයා පිළිබදව මේ අකාරයට දැක්වෙන්නෙ නම් නැහැ.

සම්පුර්ණ කතා පුවත දෙස විමසිල්ලෙන් බැලුවම නිගමනය කරන්න පුළුවන් දේ තමයි රාමගේ නිවටත්වය නැති කොට වීරයෙක් කිරීමට රාවණ රජු ඇදා ගත් බව. කොපමණ උත්සහ කලත් වාල්මිකිටත් රාමගේ නිවට කම් සැගවිය නොහැකිව තිබියදිත්, රාම රාවණ යුගයෙන් වසර 8000 කට පසුව ලියැවුණ රාමයනය කතා පුවතෙත් රාමගේ නිවට කම් සැගවිය නොහැකිව රාවණගේ ශ්‍රේෂ්ඨත්වය මතුවෙත්දීත්

ජොන්ද සිල්වා වැනි ලාංකීය නාඩගම් කරුවන් විසින් රාවණ සුපර්ණිකා වැනි චරිත පහත් කොට රාම වැනි නිවට චරිත වීරයන් කර තිබීම ලාංකීය ඉතිහාසයටම කරන ලද අගෞරවයකි.
ඒ මොනවා වුනත් සැබෑ ලෙස විමසා බලා සෑබෑ වීරය කවුද යන්න හදුනා ගැනීම පාඨකයන්ගේ වගකීමයි.


Saturday, June 25, 2011

හෙළය

0

Thursday, June 23, 2011

හෙළ බස

1

Thursday, June 16, 2011

රාවණා රජුගේ ඔටුන්න චීනුන් හොරකම් කරගැනීම සහ කරදියනාරු පිපිරීමෙන් චීනුන් මියයාම

0

හන්දියක් හන්දියක් බෝක්කුවක්, බෝක්කුවක් ගාණේ ඉන්නා දෙයියලා සෙට් එකට තවත් එකතුවක්..දැනටත් ගිලලා ඉවරයක් කර ගන්නට බැරි මිසදිටු විශ්වාස පැකට්ටුවටම මේකත් දමා පත අට එකට සිඳුවා පානය කළොත් ඉහෙන් බහින රෝග නිවාරණයි. ඔටුන්නයි කඩුවයි අරගෙන යන තුරු බලියාගෙන සිටි රවුළිඳු, මාස් පඩි පැකට්ටුවෙන් පවුලක් නඩත්තු කරන පොලිස් නිලධාරීන් ඇතුළු සාමාන්‍ය වැසියන් “බ්ලාස්ට්” කරයි. මඩකළපුවේ කොටි නැටුම් තිස් අවුරුද්දක් නටද්දී, දැන් මුස්ලිම් වහාබි නැටුම් නැටෙද්දී, එයාට “බ්ලාස්ට්” කරන්න වයර් අමුණා ගන්න බැරුව සිටියාද?

ඉතින් ඒ පිපිරීමෙන් මැරිල තියෙන්නෙ චීන ජාතිකියින් දෙන්නයි නේද? අනික මැරිච්ච් අනික් 58 දෙනාම සිංහලයින් නේද? එතකොට ඒ 58 දෙනා ඔටුන්න හොරකම් කරන්න සම්බන්ද නෑ නේද? මනෝ විද්‍යාවට අනුව මෙවැනි ස්වායක්ත දේවල් දෙකක් එකට බද්ධ කිරීමට පොඩි හරි උත්සාහයක් ගැනීම මිසදිටුවාගේ ලක්ෂණයක්. ඉතින් මේ පින්තූරය හදපු කෙනා මෙවැනි කරුනක් ප්‍රකාශ කිරීමට පෙර ඉතාමත් හොඳින් හිතා බැලිය යුතුයි.

මේ සිදුවීමෙන් මියගිය හෝ තුවාල සිදුවුණු අය, මේ සොරකමට සම්බන්ධයිද නැද්ද කියලා අපි දන්නෙ නෑ. රාවණ බලය / සොබාදහම දඩුවම් දුන්නේ සොරකමට සම්බන්ධ අයටමද කියලත් අපි දන්නෙ නෑ. මොකද අපි ඒ පිළිබදව දීර්ඝව සහ ගැඹුරින් ගවේශණයක් කරලා නැති නිසා. (එහෙනම්, සුනාමියෙන් සොබාදහම දඩුවම් දුන්නේ මුහුදට හතුරුකම් කළ අයට විතරද කියලත් ගැටලුවක් පැණනගිනවානේ

රාවණා යනුවෙන් සැබැවින්ම බලසම්පන්න රජෙක් සිටියා නම් මෙයින් වන්නේ ඒ රජුට මහත් නින්දාවකි. හොරු ගෙට පැන අමුඩෙත් කඩාගෙන යන තුරු හිඳ, කසිප්පු බී වලං පොලේ ගසන්නෙකු ගේ තත්වයට ඒ රජතුමා මෙයින් පත්වේ.

Sunday, June 12, 2011

පුරාණ සිංහල සෙල්ලිපි ගී

0

ඓතිහාසික හා පුරාවිදු සාධක පදනම් කොට සිංහල ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 5-6 සියවස තරම් ඈත කාලයට රැගෙන යා හැකිය. එහෙත් සිංහල ශිලා ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයට දිවයයි. මුල් කාලයේ ශිලා ලේඛන ගල් ලෙනක කටාරමට පහළින් එක්‌ අක්‌ෂරයක්‌ අඟල් 3-4 තරම් විශාල ප්‍රමාණයෙන් වැකි 6-7 ට සීමා විය. එවැනි ලේඛන මිsහින්තලය, වෙස්‌සගිරිය හා සිතුල්පව්ව ආදී ස්‌ථානවලදී හමු වේ. කාලයත් සමග භාෂාවේ හා තාක්‌ෂණයේ වර්ධනයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ශිලා ලේඛන ලිවීම සංඛ්‍යාත්මකව වර්ධනය වන්නට විය. එසේ බිහි වූ ශිලා ලේඛන ආකෘතිමය වශයෙන්,

1. ලෙන් ලිපි

2. ටැම් ලිපි

3. පර්වත ලිපි

4. පුවරු ලිපි

වශයෙන් වර්ග කළ හැකිය. තවද තඹ, රිදී, හා රන් ආදී දෑ මතද පුරාණ ලේඛනයන් ලියා ඇත. පනාකඩුව තඹ සන්නස, වල්ලිපුරම් රන් සන්නස හා

ඡේතවන රන්පත්තිරුව එවැනි ලේඛන කීපයකි. පුරාණ සිංහල ලේඛනයන් ගද්‍යය හා පද්‍යය යන දෙවර්ගයෙන් ම රචනා කොට තිබේ.

විශේෂයෙන් මෙහිදී අපගේ අවධානය පද්‍යය ශිලා ලේඛන කෙරෙහි යොමු කෙරේ. සිංහල නූතන කවිකරුවන් මෙන්ම පුරාණ කිවිඳුන් ද සිය කාව්‍යකරණයේ දී විවිධ විරිත් භාවිත කොට තිබේ. ඒ සඳහා පුරාණ කවිකරුවන් භාවිත විරිත් හා සඳැස්‌ පිළිබඳව එළු සඳැස්‌ ලකුණෙහි මෙසේ දක්‌වා ඇත.

කෙළ සුවහස්‌ විරිත්
සදැස්‌ ලකුණු දනු එලූයේ
එබදුත් හොත් කවියරන්
නොවිරිත් නමැයි කො විරිත්
ඇතහොතු දූ රුවන්
ගන අඳුරේ කොටාරේ
රිවි රසිනා සක්‌ දක්‌නේ
පළට නැත ඉරියත්

එළු සදසෙහි ඉහත ප්‍රකාශයට අනුව සිංහල කවිය තුළද සුවහසක්‌ විරිත් හා සදැස්‌ ඇත. එබැවින් එළු සදැස්‌ ලකුණෙහි දක්‌නට ලැබෙන හා නොලැබෙන විරිතින් රචිත ශිලා පද්‍යයන් ද තිබේ. ඒ අතර කුසලාන්කන්ද ලිපිය එළු සදැස්‌ ලකුණෙ නොමැති විරිතකින් රචනා කොට ඇත.

"උපරජ නග පුතෙ - රජ අබයෙ නම තශ පුතෙ
ගමිණි තිශෙ නම ලෙණෙ - කරිතෙ ශදශන ශගශ"

(නාග උපරාජගේ පුත්‍රයා අභය නම් රජුය. ඔහුගේ පුත්‍රයා ගාමින තිශ නමි. ඔහු විසින් සුදර්සන නම් ලෙන භික්‌ෂුන්ට පූජා කරන ලදී.) මෙම ලේඛනයෙහි සඳහන් උපරාජ නාග දෙවනපෑතිස්‌ රජුගේ සොයුරා බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමකි. මෙහි ඓතිහාසික අගය එසේ වන අතර ම එළු සදැස්‌ ලකුණෙහි නොමැති විරිතකින් ලියවී ඇති මෙම ගීයේ පළමු පාදයේ මාත්‍රා 8-11 බැගින් ද දෙවැන්නේ 9-10 බැගින්ද පිහිටුවා තිබේ. මෙවැනි ගී සීගිරි ගී අතර ද දක්‌නට ලැබේ. තවද ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ දී බුදු දහම ලංකාවට ලැබීමත් සමග ම පාලි ශබ්ද පද්‍ය කරණයට ලැබී ඇති බව මෙම පද්‍යය ද සාක්‌ෂි දරයි.

යාපනයේ වඩමාරච්චි පළාතේ විෂ්ණු දේවාලයට අයත් ඉඩමක තිබී හමු වූ වල්ලිපුරම් රන් සන්නස සතර පෙළකින් යුතුව ගී රිතින් රචනාකොට ඇතැයි මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර සූරින් කියයි.

"සිධ මහරජ වහයහ රජහි අමතෙ ඉසිගිරියේ නකදිව බුජමෙහි බදකර අතනහි පියගුක තිසව්හරෙ කරිතෙ"

මහාචාර්යවරයා මෙහි සිධ යන්න ඉවත් කොට
මහරජ වහයහ රජහි
අමෙතෙ ඉසිගිරියෙ නකදිව
බුජමෙහි බදකර අතනහි
පියගුක තිස විහරෙ කරිතෙ

වශයෙන් පළමු පෙළට මාත්‍රා 11 ද දෙවන පෙළ සිට සිව්වන පෙළ දක්‌වා මාත්‍රා 12 බැගින්ද යුක්‌තව ගී විරිතින් හඬ නගා කියවිය හැකි බව පෙන්වා දෙයි.

මාත්‍රා ගණනින් සම පාද ඇති එළිසමය යෙදූ කවි සිව්පද කවි වශයෙන් හඳුන්වයි. එළිසමය යෙදීම සිව්පද කවියේ ලක්‌ෂණයක්‌ වන අතර එය වඩාත් ජනප්‍රිය වීමත් සමගම ගී කාව්‍යය සඳහා ද ඇතුළත් විය. සිව්පදයේ ආරම්භය අනුරාධපුර යුගයෙ සිදු වන්නට ඇතැයි සීගිරි ගී තුළින් පෙනේ. මෙසේ ආරම්භ වූ සිව්පද ක්‍රි.ව. 12 වන සියවසේ ශිලා ලිපි කීපයකම දක්‌නට ලැබේ. නිශ්ශංකමල්ල රජුගෙ ගල්පොත ශිලා ලේඛණයෙ අවසන් සිව්පදය මෙසේය.

දහම් නමේ මේ ලො මුළු සගන්නෙ යෑ
සිතා දෙලො සැපත් අදරැති කරනෙ යෑ
මතුවන රජවිරුන් මෙසේ ඇයෑදනෙ යෑ
කළිගු ලකින්දු නිසක රජ ගුණ නන්දනෙ යෑ

මෙයින් ප්‍රකාශ වන්නේ ධර්මය මේ මුළු ලෝ වැස්‌සන්ට සංග්‍රහ කිරීම යෑයි සිතා දෙව්ලෝ සැපතට ආදරය කළ යුතුය. ගුණ නන්දනය වූ කාලිංග වංශික නිශ්ශංක ලංකාධිපති රජු මතු රජවරුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා යන්නයි. නිශ්ශංකමල්ල රජුගෙ හැටදාගේ පළමු පදර ලිපියේ ද මෙම අදහස දක්‌වයි. මෙම කවිය එතරම් වියත් නොවූවද හඬනගා කියවන විට එයින් සමුදුරු ගොස විරිත පැහැදිලිව දැනෙන බව රෝහණ ධීරයන් කියයි. නිශ්ශංකමල්ල රජුගෙ වාන් ඇළ ශිලා ලේඛනයෙ ද සිව්පද තුනක්‌ ඇති මුත් එයින් දෙකක්‌ පමණක්‌ කියවිය හැකිය.

නවුන්ම ඇත පන්හි දයෑ යි දිය ආනා
මසුන්සෙ පරවත් ගෙනැ නොයෑදෙ පෙරරැළි කරනා
නොවැ පමා අයවැයෑ දැන ලෙකකම් සකස්‌ කරනා
අනුන් නොඑකවවු උවදෙසි කළිගු හිමි නිරින්දුනා

මිණිමුතු නිල්මරා පුස්‌රා ගොමේ ද වෙරළු විදුරා
පබළු නන් අඹරණ සළු සුවද මල බුලත් කපුරා
මෙයින් යෙදී හූනද අගර නොලද හෙ නො මන හරා
බතුපයෑ කළිගු නිරින්දු නුවනින් වින්දු ඉසුරා

මුල් කවියෙන් කිවෙන්නේ මාළුවන් මෙන් අනුන්ගේ වස්‌තුව ගෙන පෙරළි කිරීම යුතු නොවන බවත් අයවැය හොඳින් දැන අප්‍රමාදව ලේඛනගත කළ යුතු බවත්, භාණ්‌ඩාගාර නිලධාරීන් අන් අය සමග එක්‌ නොවිය යුතු බවත්ය. මෙය රජුගෙ නියමයකි. මැණික්‌, මුතු, නිල්මරකත, පුෂ්පරාග, ගෝමේද, වෛදූයH_, දියමන්ති, පබළු, නා නා ආභරණ, සළු, සුවඳ ආදියෙන් සැරසී හුන් නමුත් සුවඳ ආලේප නොලද හොත් හේ මනහර නොවේ. එමෙන් ම රජෙකු අවශ්‍ය පරිදි ඉටුකළ යුතු බත් ඉපදවීම නුවණින් කරවා රජු රජ සිරි වින්දේය යනු දෙවන කවියේ අදහසයි.

නිෂ්පය්‍යීය වශයෙන් ම සීගිරි ගී සෙල්ලිපි ගණයට අයත් නොවූවද සීගිරි කුරුටු ගී අතර ඇති සිව්පද ද ඉතා මනහර ය.

නො වී වහ වැටි ලී
සෙමින් සිටිමින් ගප් ලී
සී මින් මේ අත් ලී
ගිරි මෙ සිටියෑන් කෙ අස්‌වැසි ලී

මෙයින් ප්‍රකාශ වනුයේ කෝපය ඉවසනු නොහැකිව යමින් හා සිටිමින් හෙතෙම හැŽය. මේ අශ්‍රද්ධාවත් කාන්තාව පර්වතයේ සිනාසෙමින් සිටින හෙයින් කවර අස්‌වැසිල්ලක්‌ ද? 9 වන සියවසට පමණ අයත් මෙම කවිය එළු සදැස්‌ ලකුණෙහි නොදැක්‌වෙන විරිතකින් ලියවී ඇති අතර ඉහත සිව්පද ආර සිංහලේ බහුලව දක්‌නට ලැබේ.

මේ අනුව බලන කල සිංහල සිව්පද ශිලා කාව්‍යය එළු සඳසේ දැක්‌වෙන හා නොදැක්‌වෙන විරිතින් රචනා වූ අතර ම මනහර නිර්මාණ බව පෙනේ. තවද සීගිරි කවියා තම හැඟීම අගනා පද සතරකට නඟා ඇති ආකාරය නම් ඉතා අගනේය.

තවත් එක්‌ සීගිරි ගීයක
කොමුල් අමඩ් ලෙඩ් ලියන සී
එබොන්ද මියුර් යහ බැසී
ඒ කපල් දළ මන් දිගැ සී
මන ජල්වය සිත්නො මුසී

ආදී වශයෙන් ස්‌ත්‍රියක්‌ වර්ණනා කරයි. ඇය සතු කෝමල සිනහව කොමඩු ගෙඩියක බිජු පෙළ මෙන්ය. ඇගෙ මිහිරි වදන් කොමඩු මදවල පැණි මෙන්ය. ඇගෙ දිගැස්‌ කොමඩු ගෙඩියේ තීරුවක්‌ මෙන් සිහින්ය. දීප්තිමත්ය. ඈ කවියාගේ හද දල්වයි. සිත නොමුදයි. සීගිරි කවියා ස්‌ත්‍රියක කොමඩු ගෙඩියකට සමාන කොට තිබේ. ස්‌ත්‍රියක්‌ කොමඩු ගෙඩියකට සමාන නැත. එහෙත් කවියේ උපමා රූපක මගින් ස්‌ත්‍රියකගෙ බාහිර සමානතා නොව අභ්‍යන්තර සාම්‍යයතාවය දක්‌වයි. සීගිරිය, අනුරාධපුරය වැනි වියළි කලාපයෙ ගිනි කාෂ්ඨක අව්වේ පිච්චි පිච්චී සිටින විට කොමඩු කෑල්ලක්‌ කෑමට ගත් විට ගත මෙන්ම සිත ද සිසිල් කරයි. කවියා කොමඩු ගෙඩියකට සමාන කොට දක්‌වන ස්‌ත්‍රියගෙ (බිරිඳ හෝ පෙම්වතිය) දීප්තිමත් නෙත්, ප්‍රියමනාප සිනහව, කොමඩු පැණි මෙන් මිහිරි කෝමල තෙපුල් කවර නම් පිරිමියෙකුගේ සකල චිත්ත දුක්‌ඛදෝමනස්‌සයන් මොහොතකට හෝ දුරලා නොයන්නේද? ඒ මතු නොව මෙහි ඇති "ඕ මා හද ජල්වයි සිත නොමුදයි" යන්නෙහි අපෝහක සම්බන්ධතාවයක්‌ තිබේ. එනම් එක්‌ අවස්‌ථාවක සිත දල්වයි. තවත් අවස්‌ථාවක සිත සිසිල් කරයි. මෙය ප්‍රේමයේ ස්‌වභාවයයි. සීගිරි කවිකරුවා සංස්‌කෘත සාහිත්‍යයෙහි ආභාසය ලද බව නොරහසකි. සෘතු සංහාරයේ පහත ශ්ලෝකය ඒ බවට දෙස්‌ දෙයි.

"පට දුහුල් සෑදී මිණි මෙවුල් රැඳි
විසල් වූ පුළුලුකුළු තලිනා
මුතුහරින් දිලි මුදු සදුන් දුන්
මහරූපියවුරු බරින් නදිනා
සුගන්ධිත වරලසින් සිහිලැල්
නිවන් කාමි දනන් දාහය
ලියෝ බල මැන ලදුනි මෙදිනා

ලතු දියෙනි රතු
රැදුණු නුපුර
සිඹින මිහිලිය
නගන හසරැව්
පුළුලුකුළු බර
ලිය සරන තල
සිතෙහි දල්වයි මදන දහය"

(පරි - මහාචාර්ය සුචරිත ගම්ලත්)

අපේ පැරැණි කවියා සංස්‌කෘත සාහිත්‍යය පරිශීලනය කළද කවියට උපමා උපමේය හා රූපක යෙදීමේ දී දේශීය ගැමි සංස්‌කෘතියේ අත්දැකීම් යෙදූ බව ඉහත සීගිරි ගීයෙන් පෙනේ.

සෙල්ලිපි ගීවල ඉහත දැක්‌වූ වර්ණනා පමණක්‌ නොව බුදු දහමෙහි ඉගැන්වෙන අනිත්‍යය ස්‌වභාවය ද විස්‌තර කෙරේ. අභයගිරි විහාර බිමින් 1989 දී සොයා ගන්නා ලද 4 වන මහින්ද රජුගේ රාජ්‍යය සමයට අයත් යෑයි සැලකෙන ශිලා ලිපියක අගනා කවියකි.

පියුමි පත දිය බින්දු
සෙයින් සක්‌විති ඈ සැපතුදු
සසිල් සෙ සිතා
ලැව් ගනි හමු ඉලිබු මලක්‌ සෙයින්
දිවි මරණ හමුවත
සන්ද එසෙද් සිතා
පෙන්ද් පත් සිත්වමක්‌ සෙයින්
යොවුන්වර් වුලුඹින් ලද සෙද් සිතා
මෙලොව පරලොවට ගණ මුත්
වහල් නැති සෙත් සිතා
හැලිත් මැ හැලිවත සෙයින්
ගුණ බුධ පොහොමි

කිසියම් යතිවරයකු ජීවිතයේ අනියත බව දැක පිං පුරමින් බුදු බව ප්‍රාර්ථනා කරයි. චක්‍රවර්ති ආදි සම්පත් නෙළුම් පත්‍රයේ දිය බිඳු මෙන් චංචල යෑයි සිතා, ලැව් ගිනි හමු වේ ඉලුබු (ඉලුක්‌) මලක්‌ විනාශ වන්නා සේ ජීවිතයට මරණය හමුවේ. ඒ ගැනද සිතා, පෙද පාසියෙන් සැදි සිතුවමක්‌ සේ යෞවනය විලෝපන කරන ලද ආකාරය ද සිතා, මෙලොව හා පරලොව දී සිදු කරගත් පිං පමණක්‌ පිටුවහල් වන බවද සිතා, ඇල්වී වලින්ම ඇල්වී ඇතිවන හෙයින් බුද්ධ භාවය පෝෂණය කරමි යනු එහි අදහසයි.

දක්‌ෂ කවියන් විසින් නව්‍ය අනුභූතීන් කාව්‍යයට නැගීමේ දී උපයෝගී කරගන්නා උපක්‍රම රාශියකි. ඒවා අතර ආකෘතිය, අන්තර්ගතය හා උපමා උපමේය ආදිය වේ. මේ සියල්ල යොදනුයේ පාඨකයාගේ රසවින්දනය සඳහා ය. අපගේ පුරාණ සෙල්ලිපි ගීවලද මෙම ලක්‌ෂණ අඩු වැඩි වශයෙන් දක්‌නට ලැබේ.

රංජිත් ගොඩකුඹුර
Divaina 29-05-2011

Monday, June 6, 2011

රාවණාගේ යානාව - දඩුමොනරය

3

රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ
,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්" ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,oකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.





මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි

සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි

අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )

ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,

බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප








ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.











මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.


ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවා, එම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්ත, වෘතාකාර ,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි.





එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග 4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්, කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්, නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.






තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්‍රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්, විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.

2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්‍රන්ථ පරිහරනය කරමින්, එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්‍රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.





විමානයකට ඉස්සරහට,පසුපසට,දකුණට,වමට,උඩට සහ යටට ගමන් කිරීමේ හැකියාව ඇත.විමානයක් බැලූ බැල්මට යකඩ යන්ත්‍රයක් බදු ය.ඉතාමත් සිනිදු ය.වර්තමානය වන විට පෙර කී ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අමතරව මොහොන්දජාරෝ ශිෂ්ටාචාරය පිළිබදවද සැක පහළ වේ. ඒ රාමාගේ රාජ්‍යට යටත් වූ නගරයක් ලෙස තිබූ බවට කිය වෙන ඵලකයක් නිසා ය.එමෙන්ම "ඊස්ටර් දිවයින් ප්‍රතිමා" ඇති ප්‍රදේශය රාමාගේ/රාවනාගේ යානා නැවැත් වූ තොටුපොළ ලෙස හැදින්වීමටද උගතුන් පෙළබෙයි.ඒ පෙර කී මොහොන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් හමු වූ ඵලකට සමාන ඵලකක් එම දූපතෙන්ම සොයා ගත් නිසා ය.එම යෝධ ප්‍රතිමාද වසර දහස් ගණනකට පෙර නිමවූ ඒවා වන අතර අහස දෙස බලා සිටින්නෙ ය.




තවද ඉතා අරුම පුදුම විස්තරයක් පිළිබදව අන්තර්ජාලයේ
www.world-mysteries.com වෙබ් අඩවියෙන් සොයා ගන්නට හැකි විය.එය ඒ අයුරින්ම පහත දැක්වේ.


එමෙන්ම තවත් ඉන්දියානු පොත් වල විමානවල විවිධ හැඩ තිබූ බවත් , "අහ්නිහෝත්‍රා" නම් විමානයේ එන්ජින් 2ක් තිබූ බවත්, "හස්ති විමාන" නම් විමානයේ එන්ජින් වර්ග රැසක් තිබූ බවත් ,අනිකුත් සතුන්ගේ නම් වලින්ද විමාන කිහිපයක් තිබූ බවත් දැක්වේ. නමුත් විමාන වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ යුද්ධ කටයුතු සදහා ය.( ඇට්ලාන්ටිස් අවට යුද්ධය ). ඇතැම් විමාන වල එන්ජින්වල බලය අශ්ව බල 80 000කි.මහා භාරතයේද විමාන පිළිබදව කියවෙන අපූරු කවියකි.

"...(the weapon was) a single projectile

charged with all the power of the Universe.

An incandescent column of smoke and flame

As bright as the thousand suns rose in all its splendor...

An iron thunderbolt,

A gigantic messenger of death,

Which reduced to ashes

The entire race of the Vrishnis

And the Andhakas.

... the corpses were so burned

As to be unrecognizable.

The hair and nails fell out;


Pottery broke without apparent cause,

And the birds turned white.

... After a few hours

All foodstuffs were infected...

... to escape from this fire

The soldiers threw themselves in streams

To wash themselves and their equipment..."






දැවැන්ත අවි ආයුධ? විශාල හමුදාවක්? විමාන රැසක්? මහා භාරතය මේ පවසන්නේ පරමාණු යුද්ධයක් පිළිබදව නොවේද? තවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත.එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට ,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය.එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි.

එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.
එමෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ,ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරන විටද අහසින් පැමිණි ගුවන් යානා කිහිපයක් ඔවුන්ට පහර දී ඇති බවට වාර්තා වේ.තවත් විමාන පිලිබදව කියවෙන පැරණි ග්‍රන්ථයක විමානයක් සෑදිය හැකි ක්‍රම 32ක් පිලිබදව කියවෙයි.ඒවා සූර්යය බලයෙන් ක්‍රියා කරයි."සිෆ්‍රලා' නමැති කෘතියක මෙයට යොදන ආම්පන්න පිලිබදව ,පිටු 100ක දීර්ඝ විස්තරයක් ඇත.එමෙන්ම තවත් කෘතියක මෙවැනි විමානවල එන්ජින් ,භෞතික විද්‍යාවේ හදුන්වන "අයන" ආධාරයෙන් ක්‍රියා කරවා ඇති අතර නූතනයේ මෙම ක්‍රමය "රොකට්" සදහා "නාසා" ආයතනය යොදයි.තවත් ඉපැරණි වේද ග්‍රන්ථයක,විමාන සදහා යෙදූ "ම'කරි" එන්ජින් වර්ගයක් ගැන කිය වේ.වෘතාකාර රාමුවක,මෙම ම'කරි එන්ජිම යොදන අතර සූර්යය ශක්තිය ආධාරයෙන් ම'කරි යෙදූ තවත් බොයිලේරුවක් යානය මැදට යොදයි.උණු වෙන ම'කරි මගින් යානය ක්‍රියාත්මක වේ. සැලැස්මට අනුව ම'කරි දමන බදුන් 4ක් ඇත.ඒවා ඉතා ශක්තිමත ය.මෙහි විකාශනයක් ලෙස අවසාන කාල වලදී විමාන විදුලි බලයෙන් පවා ධාවනය කර ඇත."සමරන්ගන සූත්‍රදර" නම් ග්‍රන්ථයක සදහන් වන්නේ විමානයේ "ඇග" කොටස කුරුල්ලෙකුගේ ශරීරය මෙන් සැහැල්ලුවට නිපදවයි.ඇතුළත පෙර කී ම'කරි එන්ජිමකි.







මෙවන් විශාල විමාන නවතා තැබීමට ටිබෙටයේ හෝ ආසියාවේ මැද කොටසේ විශාල බින් ගෙවල් තිබූ බවට විද්වතුන් විශ්වාස කරයි.චීනයද "හදුනා නොගත් ආකාශ වස්තූන්" පිලිබදව පැරණි ඉතිහාසයක් තිබෙන රටකි.තවත් ග්‍රන්ථවල පෙර කී ලෙසම විමාන යොදමින් අහසේ සිදු කෙරුනු බිහිසුණු සටන් පිලිබද විශාල විස්තර රැසක් වාර්තා කර ඇත.මොහොන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය අවට සෑම තැනකම තිබූ විසිරුණු ශරීර කොටස් සහ සමූහ ඝාතනය කොට එක තැනකට දමා තිබූ මළ මිනී ,කැපුම් සහිත හිස් කබල් හමු වී ඇත.එම හිස් කබල්වල විකිරණශීලී ද්‍රව්‍ය රැදී තිබූ බැවින් මෙහි දැවැන්ත සටනක් සිදු වී ඇති බවට විද්වතුන් තරයේ ප්‍රකාශ කරයි.එම සිදු වීම "හිරෝශිමා" සහ "නාගසාකි" අවට ප්‍රදේශවල සිදු වූ පිපිරීමට වඩා දැවැන්ත එකකි. විමාන සදහා ශක්තිමත් රෝද තිබූ බවත්, විමානවල "මිසයිල" සවි කර තිබූ බවත්,මාරාන්තික අවි ආයුධ ගබඩා කර තිබූ බවත්,ඇතැම විමානවල තිබූ "මිසයිල" බොත්තම එබූ පමණින් ඕනෑම දුරක සිටින සතුරන් වෙත එල්ලවෙන බවත් "මහා භාරතය" නම් ග්‍රන්ථයේ ඇත.



තවත් කෘතියක මෙසේ සදහන් වේ ;- "Gurkha flying in his swift and powerful Vimana hurled against the three cities of the Vrishis and Andhakas a single projectile charged with all the power of the Universe. An incandescent column of smoke and fire, as brilliant as ten thousands suns, rose in all its splendour. It was the unknown weapon, the Iron Thunderbolt, a gigantic messaenger of death which reduced to ashes the entire race of the Vrishnis and Andhakas."






මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත් ,මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ.විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම් ,මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි.එමෙන්ම ඉන්දියානුවන් රාමාටද එවැන්නක් තිබූ බවට උදම් අනන්නට උත්සහ කරයි.සෑම පැරණි ඉන්දියානු කෘතියකම ඉන්දියානුවන්ටද විමාන තිබූ බව දැක්වේ. එය අමූලික බොරුවකි.එසේ නම් රාමා හමුදාව මෙරටට විමාන වලින් නොපැමිණ ,විශාල පාලමක් ඉදි කළේ මන්ද? විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.


උපුටාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1158317



Sunday, June 5, 2011

සොබා සිරියෙන් සිත් පිනවන රිටිගල

1

සොබා සිරියෙන් සිත් පිනවන රිටිගල 


ඓතිහාසික වශයෙනුත්, පාරිසරික වශයෙනුත් වැදගත් වන රිටිගල අප රටට අලංකාරය ගෙන එන ස්‌වභාව සෞන්දර්යයෙන් අනූන කඳු වැටියකි.

උස්‌ පහත් වෙමින් දිවෙන මෙම කඳු පෙළ උතුරු මැද පළාතේ දකුණු දෙස කැකිරාවට නුදුරින් පිහිටා ඇත. මෙහි සිට අනුරාධපුරයට ඇති දුර සැතපුම් 27 කි.


මහා වංශය ආදී අපේ පුරාතන ග්‍රන්ථයන්හි "අරිට්‌ට පබ්බත" මින් හැඳින්වෙන මෙම පර්වතය දේවානම්පියතිස්‌ස රජුගේ බෑණනුවන් වූ අරිට්‌ට ඇමැතිවරයාගේ නමින් හැඳින්වූ බැව් ජනප්‍රවාදයෙහි සඳහන් වෙයි.


ශිලා ලේඛන පිළිබඳ විශේෂඥයකු වූ ඩී. එම්. ද ඉසෙඩ් වික්‍රමසිංහ මහතා විසින් "රිටිගල" යන නම සැදී ඇති ආකාරය පිළිබඳ මත කිහිපයක්‌ පළකර තිබේ.


"අරිට්‌ට" යන පාලි වචනයේ අර්ථය, ආරක්‌ෂාව යන්නයි. එම අර්ථයෙන් "අරිට්‌ට පබ්බත" යන්නෙහි අර්ථය ආරක්‌ෂාව සලසන කන්ද හෝ "රැකවරණ කන්ද" විය හැකි බැව් ඒ මහතා පෙන්වා දී ඇත.


"අරිට්‌ට" යන පදයේ "බිහිසුණු" යන අර්ථය ද ගැබ්ව ඇති බැවින් මෙය "බිහිසුණු පර්වතය" වශයෙන් ද දැක්‌විය හැකි බැව් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. රිටි නමැති ගස්‌ තිබූ බැවින් "රිටිගල" වූ බවට ද මතයක්‌ දක්‌වා ඇත.


වසර 1500 කට අධික කාලයක්‌ තිස්‌සේ සුවිශේෂී වැදගත්කමකින් යුතුව පැවැති මෙම කඳු අරණ 10 වැනි සියවසේ අග භාගයේදී මෙන්ම 11 වැනි සියවසේ ආරම්භයේදී ද ලංකාව ආක්‍රමණය කළ චෝල ජාතිකයන් අතින් විනාශයට පත්විය. එතැන් පටන් 19 වැනි සියවසේ අගභාගය වනතුරුම මෙය වල්බිහිවී වලස්‌, දිවි හා අලි ඇතුන්ගේ වාසභූමියක්‌ බවට පත්ව තිබිණි.


1872 වසරේදී රජයේ මිනින්දෝරුවෙකු වූ ඡේම්ස්‌ මැන්ටෙල් මහතා විසින් මෙම කඳු මුඳුනෙහි පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ (ගණිතය පිළිබඳ) පිහිටුවීමත් සමඟම එතෙක්‌ මෙම භූමි භාගයේ පැවැති නිහඬ බව බිඳී ගියේය.


ඊට වසර හයකට පසු ඔහුගේ සහෝදරයකු වූ ඩී. ජී. මැන්ටෙල් නමැති මිනින්දෝරු මහතා මෙම කඳු අරණ පරීක්‍ෂා කොට වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත. මෙම භූමියේ පැවැති නටඹුන් පිළිබඳ විස්‌තරයක්‌ එයට ඇතුළත්ව තිබිණි.


අනතුරුව පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා විසින්ද රිටිගල කන්ද පිළිබඳව පර්යේෂණයක්‌ කර ඇත. එම පර්යේෂණය යටතේ සොයාගත් පුරාවිද්‍යාත්මක තොරතුරු සිතියම් සහ සැලසුම් සහිතව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබිණි. එම වාර්තාව 1893 දී නිකුත් වූ අතර එහි රිටිගල පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු ඇතුළත් විය.


අපේ ඉතිහාසයේ සඳහන් නරවිරුවන් වූ පණ්‌ඩුකාභය රජු හා දුටුගැමුණු රජුගේ නම් ද රිටිගල කන්ද හා බැඳී පවතී. පණ්‌ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුද වැදීමේදීත්. දුටුගැමුණු රජතුමා රට ආක්‍රමණය කළ සොළීන්ට එරෙහිව යුද වැදීමේදීත් මෙම රිටිගල කන්ද රැකවරණ ස්‌ථානයක්‌ ලෙස යොදා ගත් බැව් ඉතිහාසයෙහි සඳහන් වේ.


ඉන්දියානු සංස්‌කෘත මහා කාව්‍ය ග්‍රන්ථයක්‌ වූ රාමායණයෙහිද රිටිගල ගැන සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට ලංකාවේ රාවණා රජු සමඟ යුද වැදුණු ඉන්දියාවේ රාම රජුගේ සොහොයුරු ලක්‌ෂ්මන් කුමාරයාට යුද්ධයේදී තුවාල සිදුවී ඇත. එවිට ඉන්දියාවේ හිමාල වනයට ගොස්‌ ඖෂධ පැළෑටි රැගෙන එන ලෙස හනුමන් නමැති වානරයාට නියම කර තිබේ. එහි යන අතරතුර හනුමන්ට ඖෂධ පැළෑටිවල නම් අමතක වූ බැවින් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක්‌ම උදුරාගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අත හැරියේලු. අදත් රිටිගල කන්ද අගනා ඖෂධ පැළෑටිවලින් ගහන ස්‌ථානයකි.


රිටිගල වනපෙතට නායකයකු වූ යක්‌ෂ ගෝත්‍රික ජයසේන, මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම ස්‌ථානයේදී බව ජනප්‍රවාදවල සඳහන් වේ.


දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බර - ජයසේන සමඟ පැවැති සටනේදී ගෝඨයිම්බරගේ අසිපත් පහරින් ජයසේනගේ හිස කඳින් වෙන්වී විසිවී ගිය බවත්, ජයසේනගේ මිතුරෙකු වූ සෙනසුරු තම මිත්‍රයාට සිදුවූ විපත අසා එතැනට දිව ආ බවත්, ජයසේනගේ හිස ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු වලසෙකු මරා එම හිස ජයසේනගේ කඳට බද්ධ කළ බවත් ජනප්‍රවාදයෙහි එයි.


මෙම සොඳුරු වන පියස පාරිසරික සුන්දරත්වයෙන්ද අතිශ්‍ය අගනේය. මෙම කන්ද නැඟීම ආරම්භ වනුයේ පුරාවිද්‍යා කාර්යාලය අසල පිහිටි බන්දා පොකුණ ඔස්‌සේය.


අතිවිශාල පොකුණක්‌ වූ මෙම ශෛලමය පොකුණ එහි පෙර පැවැති ශ්‍රී විභූතිය කියාපාන්නකි. ගලින් ගල ළං කොට බැඳ සකසා ඇති බැවින් එය "බන්දා පොකුණ" නම් වූ බැව් කියෑවේ. මෙම පොකුණ දැනට පරිසර අමාත්‍යාංශය මගින් "හරිත ගම්මාන" වැඩසටහන යටතේ පිළිසකර කෙරෙමින් පවතී.


එම පොකුණ පසුකොට සැතපුම් එකහමාරක්‌ පමණ කඳු මුදුන කරා යැමට ඇත්තේ ගල් පඩි පෙළකි. මෙය අතිශයින්ම විශ්මයජනක නිර්මාණයකි. කඳු මුදුනට යැම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් තහනම් කර තිබේ. එම පෙදෙස "දැඩි රක්‌ෂිතයක්‌" ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එකී ගල් පඩිපෙළ දිගේ ඉහළට යනවිට සුවිසල් ගොඩනැඟිලි රැසක නටබුන් දැකගත හැකිය. ඒ අතර එදා තිබුණු රෝහලක නටබුන් ද තිබේ. එහෙත් එකී කිසිදු ස්‌ථානයක ඒ පිළිබඳ හැඳින්වීමක්‌ සඳහන් කර නොතිබීම බලවත් අඩුපාඩුවකි.


මග දෙපස වනය පුරා "වෙම්බඩංගා" නමැති වැල් විශේෂයක්‌ දැකගත හැකිය. ඒවා දැවැන්ත නයින්, පිඹුරන් මෙන් රූස්‌ස ගස්‌ වෙලාගෙන තිබෙන අයුරු දකින විට බියක්‌ මෙන්ම සුන්දරත්වයක්‌ද අප සිත් තුළ ජනිත වෙයි. එහා මෙහා පැද යා හැකි ඔංචිල්ලා සේ වැඩුණු වැල් ද දක්‌නට ඇත.


රිටිගල කඳු ශිඛරය මතට නැඟ අවට නරඹන්නන්ට මිහින්තලය, රුවන්වැලිසෑය, ආදී අනුරාධපුර පුද බිමෙහි පූජනීය ස්‌ථානද, මින්නේරිය, ගිරිතලේ වැව්ද දිස්‌වෙයි.


සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිමත් වන පියෙස්‌ අතර සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකර ගන්නා රිටිගල කඳු අරණ සෑම අයෙකු විසින්ම නැරඹිය යුතු ස්‌ථානයකි.



රණවීර මනුකුලසූරිය


උපුටා ගැනීම - http://www.divaina.com/2011/06/05/nimna04.html

රාවණා - සීතා පුවත

0

සීතාවනී, ඔබ හැඩ රුව ඇති බව

දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව

මේවනාහි දැනට දශක හතරකට පහකට ඉහත දී අපට නිතර ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණු රසවත් ගීතයකි. ගායන ශිල්පී වින්සන්ට් පේ‍්‍රමසිරි ගැයූ මේ ගීතය ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්දිව විසූ ශ්‍රේෂ්ඨතම නරපතියා වශයෙන් සැලැකෙන රාවණා රජු තමා විසින් පැහැරගෙන එනු ලැබු සීතා දේවියට කරන ආමන්ත්‍රණයක ස්වරූපය ගනී. මේ ආමන්ත්‍රණය මෙහි දී අපට වැදගත් වනුයේ ඉන් ප්‍රකාශ කැරෙන අදහසට පදනම් වු විශ්වාසය නිසා ය.

රාවණා - සීතා පුවත ගැන පවතින විශ්වාසය දෙයාකාර ය. ඇතැමකු විශ්වාස කරනුයේ අයෝධ්‍යාවේ දණ්ඩක වනයේ සිට දඬුමොනරයෙන් පැහැරගෙන එනු ලැබීමෙන් පසු රාවණා රජු සීතා දේවිය අනියම් බිරියක ලෙස තබා ගන්නට ඇති බව ය.

සීතා වැනි අසාමාන්‍ය සුරූපියකට රාවණා වැන්නකුගෙන් ගැලැවීමක් ලැබිය නොහැකි බව ඔවුන්ගේ විශ්වාසය යි. ඊට ප්‍රතිවිරුද්ධ විශ්වාසය නම් පතිවෘතාවේ සංකේතය බවට පත්ව ඇති සීතා දේවියට රාවණාගෙන් කිසිදු ගැහැටක් සිදුනොවූ බවය.

මෙහි යථා තත්ත්වය විමසීමට පෙර අපේ අවධානය යොමු විය යුත්තේ සීතා දේවිය පැහැරගෙන ඒමට රාවණා රජු පෙළඹ වූ හේතුව පිළිබඳව ය. රාවණා රජු, සීතා දේවිය, රාම - රාවණා යුද්ධය වැනි දේ පිළිබඳ විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන ප්‍රධාන මුලාශ්‍ර වනුයේ රාමායනය හා මහාභාරතය යි. රාම - රාවණා සටනේ දී රාමා විසින් රාවණා මරණයට පත්කරන ලද්්දේ ක්‍රි.පූ. 2387 දී බව මහා භාරතයෙහි සඳහන්ය.

යුද්ධයට හේතු වූයේ රාවණා විසින් සීතා පැහැරගෙන එනු ලැබීම වූව ද රාවණා එවැන්නක් කළේ ඊට සුදුසු හේතුවක් ඇතිවය. එනම් රාමාගේ බාල සොයුරු ලක්ෂමණා විසින් රාවණාගේ නැඟණිය වූ සුපර්නිකාගේ නාසය කපා දමා ඇය විරූපී කරනු ලැබීමය.

‘දසිස්’ යනු රාවණාට යෙදුණු වෙනත් නමකි. ඉන් අදහස් කරනුයේ ඔහුට හිස් දසයක් තිබූ බව නො වේ. ‘දසිස්’ යන්න දෙයාකාරයකට අර්ථ කථනය කොට ඇත. වෛද්‍ය විද්‍යාව, නක්‍ෂස්ත්‍රය, තාරකා විද්‍යාව, සංගීතය, නර්තනය, කාව්‍ය ශාස්ත්‍රය, ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, යුධ ශිල්පය සහ පරිපාලනය යන දස විධ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඔහු තුළ වූ නිපුණත්වය නිසා ඔහු ‘දසිස්’ නමින් හැඳින්වුණු බව එක් මතයකි.

රාවණා යටතේ රටවල් දහයක් පාලනය වූ නිසා ඔහු එනමින් හැඳින්වුණු බව අනෙක් මතය යි. දකුණු ඉන්දියාවේ දණ්ඩක ප්‍රදේශය ද පාලනය වූයේ රාවණා යටතේ ය.

රාවණා විසින් දණ්ඩක ප්‍රදේශයේ පාලන කටයුතු බාර කරන ලද්දේ ඔහුගේ නැඟණිය වූ සුපර්නිකාට ය. රූමත් වැන්දඹුවක වූ ඇයට වරක් දණ්ඩක වනයේ දී රාම කුමරු මුණ ගැසුණි. රාමාගේ කඩවසම් පෞරුෂත්වයෙන් හා හැඩ රුවින් වශී වූ සුපර්නිකා ඔහුගේ පේ‍්‍රමය අයැද සිටියා ය. ඊට අවනත නො වූ රාමා ඇයට යෝජනා කළේ සිය මලනුවන් වූ ලක්ෂ්මණාගේ පේ‍්‍රමය දිනාගන්නා ලෙසට ය.

රාමාගේ යෝජනාව නිසා ඉමහත් උද්දාමයට පත් සුපර්නිකා නොපමාව ම ලක්ෂ්මණා සොයා ගියා ය. රාමාට නො දෙවැනි හැඩ රුවින් යුත් ලක්ෂ්මණා දුටු ඇය තමාට පෙම් කරන ලෙස ඔහුට ඇවිටිලි කළා ය. නපුංසකයකු වූ ලක්ෂ්මනා ඇගේ ආයාචනයෙන් බලවත් සේ කෝප විය. සුපර්නිකා ඔහුගේ පේ‍්‍රමය අයැද සිටියේ ඔහු නපුංසකයකු බව නොදැන වූවද ලක්ෂ්මණා සිතුවේ එය ඔහුට කළ සමච්චලයක් ලෙසට ය. වහා කඩුව අතට ගත් හෙතෙම සුපර්නිකාගේ නාසය කපා දැම්මේය.

නොපමා ව ම ආපසු ලංකාවට පැමිණි සුපර්නිකා සිදු වූ අතවරය ගැන රාවණා රජුට සැල කළාය. නාසය සිඳ විරූපී කරන ලද සිය නැඟණියගේ මුහුණ දුටු ඔහු තුළ රාමා සහ ලක්ෂ්මණා කෙරෙහි ඇති වූයේ අඝාත වෛරයකි. එය තමාට ද කරන ලද අවමානයක් සේ සැලැකූ රාවණා සිය දඬු මොනරයෙන් වහා ම අයෝධ්‍ය පුරය බලා යාත්‍රා කළේ රාමාගෙන් සහ ලක්ෂ්මණාගෙන් පළිගැනීමේ දැඩි අධිෂ්ඨානය ඇතිව ය. යානය දණ්ඩක වනයෙහි බැස්ස වු හෙතෙම සුදුසු අවස්ථාවක් බලා සීතා දේවිය පැහැරගෙන ලංකාව බලා ආපසු යානය පැදැවූයේ ය.

රාවණා සල්ලාල කාමුක රජකු වූ හෙයින් සීතා වැනි සුරූපියකට ඔහුගෙන් ගැලැවීමක් නොලැබීම ඒකාන්තය. වේදවතී නම් රූමත් තවුසියක රාවණාගෙන් මිදෙන උපායක් සොයා එය අසාර්ථක වූ විට ගින්නට පැන සිය දිවි නසා ගත්තා ය.

කිසියම් කාන්තාවකට රාවණාගේ සිත වැටුණහොත් ඇයට ඔහුගෙන් බේරිමක් නැති බව සනාථ කරන්නට වේදවතී තවුසිය මුහුණ පෑ අවාසනාවන්ත ඉරණම හොඳට ම ප්‍රමාණවත් ය. එසේ වූ රාවණාගෙන් සීතාවට කිසිදු ගැහැටක් නොවීම විශ්වාස කළ නොහැකි සිදුවීමකි. එහෙත් ඊට ප්‍රබල හේතුවක් විය. පහත දැක්වෙන කතා පුවත ඊට හේතු වූ රහස අනාවරණය කරයි.

රාවණාගේ මාපියන් වූයේ පුලස්ති රජ පෙළපතේ වෛශ්‍රවණ රජු සහ කයිකේයි බිසවය. වෙසමුණි යනු වෛශ්‍රවණ හඳුන්වනු ලබන තවත් නමකි. ඔවුන් දෙදෙනාට රාවණා, විභීෂණ හා කුම්භකර්ණ යනුවෙන් පුත්තු තිදෙනෙක් ද සුපර්නිකා හා අකුල්‍යා යනුවෙන් දූවරු දෙදෙනෙක් ද වූහ. බාල දියණිය වූ අකුල්‍යාගේ උපන් නැකතෙහි ග්‍රහ පිහිටීම අනුව නැකැත්කරුවන් දුටුවේ ඇය පවුලට අභාග්‍යය උදාකරන්නියක හැටියට ය.

අකුල්‍යා වැඩිවියට පත්ව විවාහ දිරියට ඇතුළත් වීමෙන් පසු අනාගතයේ දී ඇගේ සැමියා විසින් රාවණා ඇතුළු පුලස්ති රජ පෙළපත විනාශ කරනු ලබතියි නැකැත්කරුවෝ අනාවැකි පළ කළහ. ඉන් ඉමහත් බියට පත් වෛශ්‍රවණ රජු සහ කයිකේයි බිසව එබඳු අනාගත ව්‍යසනයකින් බේරෙන්නට හැකි උපායක් ගැන කල්පනා කළහ.

නැකැත්කරුවන් ප්‍රකාශ කරන අසුබ පල උදාවිය හැක්කේ අකුල්‍යා ඔවුන්ගේ දියණියක ලෙස ඔවුන්ගේ රැකවරණයේම ඇති දැඩි වුවහොත් පමණකැයි සිතූ ඔවුන් අවසානයේ දී තීරණය කළේ ළදැරිය ඔරුවක නිදි කරවා මුහුදේ පාකර හරින්නට ය.

ඒ සඳහා විශේෂ ඔරුවක් සාදවනු ලැබී ය. ළදරුවකුට අවශ්‍ය සියලු සැප පහසුකම් සහිත ඒ ඔරුව තුළ අකුල්‍යා ළදැරිය නිදිගැන් වූ දෙමාපියන් ඔරුව මුහුදේ පා කර හැරියේ අවස්ථාව අනුව ඔවුන් දුටු එකම විකල්පය එය නිසා ය. අකුල්‍යා ඔරුව තුළ නිදිගැන්වීමට පළමුව පුලස්ති රාජ ලාංඡනය ඇගේ පපුව මත නොමැකෙන අයුරින් සටහන් කරනු ලැබී ය.

අකුල්‍යා ළදැරිය රැගත් ඔරුව මුහුදේ පා වී ගමන් කළේ ඉන්දියා වෙරළ දෙසට ය. එහි දී දැඩි කුණාටුවකට අසු වූ එය ගංගා නම් ගඟේ ඉහළට ගසාගෙන ගියේ ය. කුණාටුව විසින් මුහුදෙන් උඩුගං බලා රැගෙන යනු ලැබූ ඔරුව අවසානයේ දී රට අභ්‍යන්තරයේ කිසියම් තැනෙක ගං ඉවුර අසල ඝනව වැඩුණු පඳුරු සමූහයක් අතර හිර වී නතර විය.

ඒ අසල වූයේ තවුස් ආරාම සහිත ආරණ්‍යයකි. එහි වූ තවුසන් ස්නානය හා දෝවනය වැනි කාර්යයන් සඳහා පැමිණියේ අහම්බෙන් පැමිණි ඔරුව රැඳුණු ස්ථානයට ය. එය ඔවුන්ගේ නාන තොට විය.

එදින උදෑසන එහි පැමිණ දිය නෑමට පටන්ගත් මජීනා නම් තවුසාට අසල වු පඳුරු අතරින් ළදරුවකුගේ හැඬීමක් ඇසුණි. විස්මයට පත් හෙතෙම හැඬුම ඇසුණු ස්ථානයට ළංව විපරම් කරද්දී පඳුරු අතර රැඳුණු ඔරුව සහ එතුළ වූ ළදැරිය දුටුවේය.

ඔරුවට ළං වූ තවුසා මහත් දරු සෙනෙහසින් දැරිය දෝතට ගත්තේය. ජනක රජු සහ බිසව දරුවකු නැති සොවින් පසුවන බව සිහිපත් වූ තවුසා අහම්බෙන් ලැබුණු දැරිය ගෙන ගොස් රජ යුවළට බාර කළේය.

අස්වැන්න නෙළාගන්නා සමයෙහි තමන් අතපත් දැරියට සීතා යන නම තැබූ ජනක රජු සහ බිසව ඇය තම දියණියක ලෙස ඇති දැඩි කර ගත්හ. තුරුණු වියට පත්ව රාම කුමරු හා විවා පත් සීතාව ඇය යි. රාමාගෙන් පළිගැනීම සඳහා දඬු මොනර යානයෙන් දණ්ඩක වනයට ගොස් රාවණා විසින් පැහැරගෙන එනු ලැබුවේ අන්කිසි තැනැත්තියක නො ව එදා අකුල්‍යා නමින් පුලස්ති රජ පවුලට උපන් ඔහුගේ කුඩා නැඟණිය යි. ඇගේ පපුවෙහි කොටා තිබූ පුලස්ති රාජ ලාංඡනය නිසා රාවණා ඇය තම බාල නැඟණිය බව හැඳින ගත්තේය. රාවණාගෙන් සීතාට කිසිදු ගැහැටක් සිදු නොවූයේ ඒ නිසාය.

නැකැත්කරුවන්ගේ අනාවැකිය සැබෑ කරමින් සීතාවගේ ස්වාමියා වූ රාමා අතින් රාවණා විනාශයට පත් විය.

ප්‍රේමසිරි මාහිංගොඩ ලියයි

උපුටා ගැනීම - http://www.dinamina.lk/sanwedi/art.asp?id=2011/04/04/sPg08_0