රාවණ කැපුම / ලවර්ස් ලීප්
කෝන්ෂ්වරම් කෝවිල, මෙරට මහා බලගතු රජකු ලෙස වැඩ වාසය කළ රාවණ රජුට සබඳතා ඇති ස්‌ථානයක්. ඒ බවට වන අපූරු කතාන්තරයක් සහිත පුවරුවක් "රාවණ කැපුම" හෙවත් ලවර්ස් ලීප්" ලෙස හඳුන්වන අසාමාන්‍ය, බියකරු ප්‍රපාතකාර බෑවුම අසල සවිකර තිබෙනවා. ඒ වගේම මුහුණු 10 ක් (එතරම් නුවණක්) තිබූ බව විශ්වාස කරන රාවණයන්ගේ අපූරු මූර්තියක් ද දෙවොලේ එක් පසෙක ඉහළින්ම තනා තිබෙනවා.
පුවරුවේ සඳහන් පරිදි "රාවණ කැපුම" (එනම් බෑවුම) නිර්මාණය වී ඇත්තේ රාවණ රජු විසින් මෙම කන්ද තම කඩුවෙන් කැපීම හේතුවෙන්. ශිවලිංග පූජාවක් සම්බන්ධයෙන් උරණවූ රාවණ රජු මෙසේ කඩුවෙන් කන්ද කැපූ බවත්, ඒ හේතුවෙන් දිව්‍ය කෝපයට ලක්‌වූ රජුගේ සිව භක්‌තිය නිසාම යළිත් සමාව ගෙන තම එක් හිසක් කපා වීණාවක් සකස් කර "සාම වේද" ගායනය සිදුකර සමාව ඉල්ලූ බවත් කියෑවෙනවා.
පසුව මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක් හේතුවෙන් මෙය "ලවර්ස් ලීප්" බවට පත් වුණා.
1 Response to රාවණ කැපුම
හැකියාවක් තියෙනවනම් කෝන්ෂ්වරම් කෝවිල බලන්න යන්න. ඒ වගේ ලස්‌සනට මුහුද පෙනෙන ස්‌තානයක් මට තාම හමු වෙල නෑ...
Post a Comment
අදහස් සහ උදහස්