-->

Thursday, June 16, 2011

රාවණා රජුගේ ඔටුන්න චීනුන් හොරකම් කරගැනීම සහ කරදියනාරු පිපිරීමෙන් චීනුන් මියයාම

0

හන්දියක් හන්දියක් බෝක්කුවක්, බෝක්කුවක් ගාණේ ඉන්නා දෙයියලා සෙට් එකට තවත් එකතුවක්..දැනටත් ගිලලා ඉවරයක් කර ගන්නට බැරි මිසදිටු විශ්වාස පැකට්ටුවටම මේකත් දමා පත අට එකට සිඳුවා පානය කළොත් ඉහෙන් බහින රෝග නිවාරණයි. ඔටුන්නයි කඩුවයි අරගෙන යන තුරු බලියාගෙන සිටි රවුළිඳු, මාස් පඩි පැකට්ටුවෙන් පවුලක් නඩත්තු කරන පොලිස් නිලධාරීන් ඇතුළු සාමාන්‍ය වැසියන් “බ්ලාස්ට්” කරයි. මඩකළපුවේ කොටි නැටුම් තිස් අවුරුද්දක් නටද්දී, දැන් මුස්ලිම් වහාබි නැටුම් නැටෙද්දී, එයාට “බ්ලාස්ට්” කරන්න වයර් අමුණා ගන්න බැරුව සිටියාද?

ඉතින් ඒ පිපිරීමෙන් මැරිල තියෙන්නෙ චීන ජාතිකියින් දෙන්නයි නේද? අනික මැරිච්ච් අනික් 58 දෙනාම සිංහලයින් නේද? එතකොට ඒ 58 දෙනා ඔටුන්න හොරකම් කරන්න සම්බන්ද නෑ නේද? මනෝ විද්‍යාවට අනුව මෙවැනි ස්වායක්ත දේවල් දෙකක් එකට බද්ධ කිරීමට පොඩි හරි උත්සාහයක් ගැනීම මිසදිටුවාගේ ලක්ෂණයක්. ඉතින් මේ පින්තූරය හදපු කෙනා මෙවැනි කරුනක් ප්‍රකාශ කිරීමට පෙර ඉතාමත් හොඳින් හිතා බැලිය යුතුයි.

මේ සිදුවීමෙන් මියගිය හෝ තුවාල සිදුවුණු අය, මේ සොරකමට සම්බන්ධයිද නැද්ද කියලා අපි දන්නෙ නෑ. රාවණ බලය / සොබාදහම දඩුවම් දුන්නේ සොරකමට සම්බන්ධ අයටමද කියලත් අපි දන්නෙ නෑ. මොකද අපි ඒ පිළිබදව දීර්ඝව සහ ගැඹුරින් ගවේශණයක් කරලා නැති නිසා. (එහෙනම්, සුනාමියෙන් සොබාදහම දඩුවම් දුන්නේ මුහුදට හතුරුකම් කළ අයට විතරද කියලත් ගැටලුවක් පැණනගිනවානේ

රාවණා යනුවෙන් සැබැවින්ම බලසම්පන්න රජෙක් සිටියා නම් මෙයින් වන්නේ ඒ රජුට මහත් නින්දාවකි. හොරු ගෙට පැන අමුඩෙත් කඩාගෙන යන තුරු හිඳ, කසිප්පු බී වලං පොලේ ගසන්නෙකු ගේ තත්වයට ඒ රජතුමා මෙයින් පත්වේ.

No Response to "රාවණා රජුගේ ඔටුන්න චීනුන් හොරකම් කරගැනීම සහ කරදියනාරු පිපිරීමෙන් චීනුන් මියයාම"

Post a Comment

අදහස් සහ උදහස්