-->

Friday, September 30, 2011

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?

0

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය.

කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්‌කෘතික නිධානයට නව එළියක්‌ ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක්‌ සීමා කළේ කුමක්‌ නිසා දැයි කිව නොහැකිය.

සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්‌කොළ සටහන්වලින් ද මේ රාජධානියේ ඓතිහාසික ශ්‍රී විභූතිය අවබෝධ කරගත හැකි බැව් විශ්වාස කළ හැකිය. ගල මතුපිට ඇති ඉතිහාසයට වඩා අගනා ඉතිහාසයක්‌ මේ පර්වතය යට ඇති බැව් ඉන්දියාවේ ලාල් ශ්‍රී නිවාස්‌ (1983.05.08 Weekend Sun) මට පැවසුවේ දැනට වසර 15 කට පමණ පෙරය. එය කෙතරම් බුද්ධිමත් ප්‍රකාශයක්‌ද යනු මට දැන් අවබෝධ වී ඇත.

සීගිරිය වැනි උදාරතර ස්‌ථානයක්‌ පිළිබඳ පර්යේෂණයක්‌ කරන විට එය උඩින් පල්ලෙන් කර ඇඟ බේරා ගැනීම පර්යේෂකයන් ගේ යුතුකම නොවේ. සමකාලීන පොත්පත්, සෙල්ලිපි, ජනකවි, ජනශ්‍රැති ආදිය පමණක්‌ නොව කාල නිර්ණය කිරීමේ විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍ර, පරිගණක ආදියෙන්ද ඊට තදාසන්න පෙදෙස්‌වල ඒ යුගයේ පැවැති සංස්‌කෘතික සාරධර්මවලින් ද ලැබෙන ආලෝකය අනුව පර්යේෂකයා ගමන් කළොත් පමණි අංග සම්පූර්ණ පර්යේෂණයක්‌ කළ හැකි වන්නේ.

එවැනි පර්යේෂණයකදී පර්යේෂකයාගේ ඇසට ලක්‌වන වැලිකැටයක්‌ වුවද නොසලකා නොහැරීම බුද්ධිමත් පර්යේෂකයන්ගේ යුතුකම බැව් අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍ය කරුණකි. මේ ඓතිහාසික සීගිරිය පිළිබඳ පර්යේෂණය කිරීම භාරධූර එමෙන්ම කර්කශක දුක්‌ගැහැට වලට මුහුණපාමින් වෙහෙසිය යුතු දුෂ්කර ක්‍රියාවකි.

අංග සම්පූර්ණ සේවයක්‌ ජනතාවට ලබාදිය හැක්‌කේ එවැනි දුෂ්කර ක්‍රියාවකට සිය කැමැත්තෙන් සම්බන්ධ වන විද්වතුන්ට මිස විදේශීය ධන ආයෝජන අනුව පර්යේෂණ ව්‍යාපෘති කරන කොන්ත්‍රාත්කරුවන්ට නොවේ.

සීගිරි කුරුටු ගී ක්‍රි.ව. 08 වන හා 09 වන 10 වන සියවස්‌වලට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු නිගමනය කරති. මේ සියවස්‌ තුන තුළ සීගිරි පව්වට මුළුදුන් කවීන්ට ඔවුන්ගේ සිත්තුළ පහළ වූ කවි චින්තාවන් කාව්‍ය චිත්‍රයකට නැගීමට ඉවහල් වූ එකල පැවැති භාෂාවන්, අත්දැකීම් පෝෂණයට ඉවහල් වූ සමාජ සාරධර්ම හා ජන ජීවිතයේ වගතුගත් විමසා බැලීම සීගිරි කුරුටු ගී රස වින්දනයට උපකාරයකි. (සීගිරි ගී සිරි, වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, පිටු XIX)

සීගිරි කුරුටු ගීය බිහි වුණේ ක්‍රි.ව. 08, 09 හා 10 වැනි සියවස්‌වල බැව් මේ ප්‍රකාශයෙන් තහවුරු වේ. නමුත් මේ ඓතිහාසික සීගිරි බළකොටුව බිහිවූවේ ඊට අවුරුදු දහස්‌ ගණනකට පෙර සිට බැව් ඉපැරණි මූලාශ්‍ර අනුව කිව හැකිය.

මහා භාරතයේ උතුරු දිසාවේ පදිංචි වීමට පෙර කුවේර වාසය කළේ ලංකාද්වීපයේය. සුළු මවු ගේ පුත්‍ර වූ රාවණා විසින් කුවේර ගේ පුෂ්පික රථයත් රාජධානියත් උදුරාගෙන ලංකාවෙන් නෙරපන ලද්දේය. (සංස්‌ක්‍ෂිප්ත රාමායණය, පිටු 200)

ලෝකයේ ප්‍රථම ගුවන් යානය හිමිකරුවා වූ කුවේර ජීවත් වූ ස්‌ථානය වර්තමාන සීගිරිය බව ඓතිහාසික ජනකවි හා ජනශ්‍රැතිවල සඳහන් වී ඇත. මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්තුමා විසින් රචිත රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය අප රටේ විවිධ රහසිගත තොරතුරු හෙළි පෙහෙළි කරන මූලාශ්‍රයක්‌ ලෙස සැලකිය හැකිය.

සීගිරිය අයත් වන්නේ ලිත ඓතිහාසික යුගයට නොව මෙගලිතික සංස්‌කෘතිය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයට බැව් ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණයක යෙදෙන විට මැනවින් පැහැදිලි වන සත්‍යයකි
ස්‌තූපය පිළිගැනීමකට බල පෑ ස්‌තූපයට ඥතිත්වයක්‌ දැක්‌වූ පුද පූජා විධි ව්‍යවහාරයක්‌ බුදු සමය පැමිණෙන විටත්, ලංකාවේ අවුරුදු සිය ගණනක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. 
ඒ පූජා ව්‍යවහාරය මළවුන් පිදීමේ ප්‍රාථමික අභිචාර විධි පද්ධතියකට අවශ්‍ය විය. ඒ අභිචාර විධි පද්ධතිය ගොඩ නැගුණේ ලංකාව ජනාවාස කිරීමට හා නාගරීකරණයට ප්‍රථම පියවර තැබූ මහා ශිලා හෙවත් මෙගලිතක සංස්‌කෘතිය තුළය. ඉබ්බන්කටුව හා පොම්පරිප්පු ආදී ස්‌ථාන රාශියක සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ මගින් අද වන විට මේ සංස්‌කෘතිය පිළිබඳ සාධක රැසක්‌ සොයා ගෙන ඇත. (සම්භාෂා පිටු අංක 310)

මේ ඓතිහාසික සීගිරිය ඇතුළත් වන්නේද මහා ශිලා සංස්‌කෘතියට හෙවත් මෙගලිතික (Megalithic Culture) සංස්‌කෘතියට බැව් පැවසිය හැකිය.

මේ ස්‌ථානය සිහිගිරි මිස සිහගිරි යනු නොවූ බවත් සිහිගිරි සතිගිරි යන්නෙන් බිඳුණු බවත් මෙතැන සතිගිරි යනු භාවනානුයෝගය පිළිගත් භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට නව මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා කැමති බැව් ප්‍රවීණ විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ප්‍රකාශ කරයි. (සිංහලයන් ගේ මූලාරම්භය පිටු 56-57)

මහාචාර්ය අභය ආරියසිංහ ගේ මතය අනුව "අලහබාද් ප්‍රශසති ලිපියෙහි සමුද්‍රගුප්ත රජතුමා, සෛංහලකාන, යන ජන කොටසක්‌ ගැන සඳහන් කොට ඇති බවත් මේ ජනයා සිංහල රටේ වැස්‌සන් බවත් ටොලමි මේ සෛංහලකාන නැතහොත් සිහලක වචනයෙන් "සලිකේ" නාමය මෙරටට යෙදූ බවත් මේ නිරුක්‌තිය සිහලක සිහිලක වී නැවත සිරිලක වූ බවත් මෙය සිහගිරි - සිහිගිරි - සීගිරි වූ නිරුක්‌තිය අනුව යෙදී ඇති බවත් පෙන්වා දී ඇත. (දිවයින 1989.10.29)

අවුරුදු දහස්‌ ගණනක්‌ කිසියම් රටකට ගමකට හෝ නගරයකට එකම නමක්‌ පවතින්නේ නැති බැව් ඓතිහාසික මූලාශ්‍ර අනුව කිව යුතුය. ලංකාවට මෙන්ම සීගිරියටද විවිධ යුගවල විවිධ නම් පාවිච්චි කර ඇත. නමුත් වැදගත් ඓතිහාසික ප්‍රශ්නයක්‌ පිළිබඳ සාධාරණ නිගමනයකට එළඹීමට ලිත සාක්‍ෂි කිහිපයක්‌ පමණක්‌ කිසිවිට ප්‍රමාණවත් නොවේ.

ලංකාවේ අති පුරාණ ලිත මූලාශ්‍රය වූ මහාවංශයත්, දීපවංශය, පූජාවලිය, රාජාවලී සහ නිකාය සංග්‍රහයත් සීගිරිය පිළිබඳ සටහන් කර තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. මහාවංශයේ කර්තෘ මහානාම හිමියන් ගේ බෑනා කෙනෙක්‌ වූ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) ගෙන් සිහසුන උදුරා ගත් කස්‌සප (ක්‍රි.ව. 477-495) රජු පිළිබඳ දැඩි පිළිකුලක්‌ මිස ප්‍රසාදයක්‌ මහානාම හිමියන් තුළ නොතිබුණ නිසාම ඒ පීතෘ ඝාතකයා පිළිබඳ හෝ ඔහුගේ මාළිගය පිළිබඳ වැඩි විස්‌තරයක්‌ දීමට මහාවංශ කතුවරයා මැළි වූවාට සැක නැත.

රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විනී විතාරණ ඒ පිළිබඳ මෙසේ අදහස්‌ දක්‌වයි. "වත්මන්හි අන්තර්ජාතික කීර්තියට පත් ලාංකික ස්‌ථාන අතුරෙන් මුල් තැනක්‌ ගන්නේ සීගිරිය වෙතැයි සිතමි. ඓතිහාසික ස්‌ථාන අතරින් නම් එයම බව නිසැකය. එහෙත් මහාවංශයේ එය සඳහන් වන්නේ ගාථා හතක පමණි. පාපී නර පාලක කාශ්‍යප වියපත්ව ඒ පර්වතය මත අලංකාර පුරවරයක්‌, තවත් ආලකමන්දාවක්‌ ඉදිකොට කුවේර විලාසයෙන් එහි ජීවත් වුණු බවත් ඒ සමීපයෙහි විහාරයක්‌ පිහිටුවා එය ධම්මරුචි නිකායික භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කළ බවත් මොග්ගල්ලාන රජු සිහගිරි මත පිහිටි දාල්හ හා දාඨා කොණ්‌ඩඤaඤ යන දෙවි හාරයක්‌ උන්වහන්සේලා වෙතම පූජා කළ බවත් තවත් සියවසකට පමණ පසු ඒ සමීපයෙහි දී සංඝතිස්‌ස රජුගේද පුත් කුමරාගේද තවත් හය වසරකට පසු අනුප්‍රාප්තික තෙවන මොග්ගල්ලාන රජුගේ ද හිස ගසා ලන ලද බවත් එයින් කියෑවේ. (සිළුමිණ, 1994.04.17)

ඒ ස්‌ථානයේ සති භාවනාවේ යෙදුණ භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ඉදිරිපත් කළ අදහසට මහාවංශයෙන් එළියක්‌ ලැබෙන බැව් මේ අනුව පෙනී යයි. (රාජ වර්ෂ විමර්ශ, පිටුව 58)

සීගිරිය පිළිබඳ වත්මන් ලොවට දැන ගැනීමට අවස්‌ථාව ලැබුණේ මේජර් ජොනතන් ෆොaබ්ස්‌ගෙනි. 1831-1833 කාලයේ සීගිරිය පෙදෙසට ගොස්‌ සමීක්‍ෂණයක්‌ කළ මේජර් ෆොaබ්ස්‌ Eleven Years of Ceylon නමින් පළ කළ සිය ග්‍රන්ථයේ විශේෂයෙන් සඳහන් කර ඇත. සීගිරි කඳු මුදුනට නගින්නේ නැතිව සීගිරිය පිළිබඳ ලියාපළ කළ ෆොaබ්ස්‌ට සීගිරිය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතුය.

ඒ. වයි. ඇඩම්ස්‌ හා ඡේ.බේලි නමැති ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා පළමු වරට සීගිරිය තරණය කළ අතර පෙරදිග භාෂා විශාරදයෙක්‌ වූ ටී. ඩබ්ලිව්. රීස්‌. ඩේවිස්‌ මහතා සීගිරි චිත්‍ර ප්‍රථම වරට දුටු විදේශිකයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. (පරණවිතාන The lllustrated News 1945 අප්‍රේල් 03)

සීගිරියේ ඇති අලංකාර චිත්‍රවලින් කුල්මත් වන නරඹන්නන් එහි අතීතය හාරා අවුස්‌සා බැලීමට වඩා ඒ චිත්‍ර හා ඒ අසල ඇති කුරුටු ගී කියවා රස විඳීමට පෙළඹීම පුදුමයට කරුණක්‌ නොවේ.

පුරාවිද්‍යාඥයන්, සරසවි ඇඳුරන්, කවීන් මෙන්ම ලේඛකයන් පමණක්‌ නොව ඇතැම් පර්යේෂකයන් පවා සීගිරි විත්‍ර හා කුරුටු ගී පසුපස හඹා යන බැවින් ගල් අතර සැඟවී ඇති මේ ස්‌ථානයේ තේජාන්විත අතීතය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට බාධාවක්‌ වී ඇත.

කුවේර ගේ වාසභවනය හා රජකම කොල්ලකා ගත් රාවණ රජු මේ සීගිරිය ද ඔහු ගේ එක්‌ මාළිගාවක්‌ ලෙස පාච්චි කළ බවට අපමණ මූලාශ්‍ර ඇත.

රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථාන හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ තුනක්‌ ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. ඉන් පළමු වැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ, කුවේර ගේ රජකම පැහැර ගැනීමේ කථාව මේ වෘතාන්තයට නව එළියක්‌ ගෙන දෙයි. (හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම සිළුමිණ, 1991.06.16)

සීගිරිය ඓතිහාසික ලංකාපුර රාජධානියේ ම එක්‌ කොටසක්‌ බැව් ලග්ගල ප්‍රදේශය පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන කරුණකි. ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව මෙය වූවාට සැක නැත. කතරගම වැඩිහිටි කන්ද, නුවරඑළියේ පිදුරුතලාගල, මහකුඩුගල සහ කිකිළියමාන වැනි ස්‌ථාන යක්‍ෂ ගෝත්‍රික ආදිවාසීන් ගේ මධ්‍යස්‌ථාන ලෙස පැවැති බවට අපමණ මූලාශ්‍ර ඇත. "ලතා ගෘහාණි චිත්‍රණි - චිත්‍ර ශාලා ගෘහනිච" යනුවෙන් "රාමායණම්" (චොකම්හ විද්‍යාවන් ගේ නාගර අක්‌ෂර) ග්‍රන්ථය අනුව රාවණ යුගයේ සීගිරියේ අගනා චිත්‍ර ඇති බැව් මැනවින් සනාථ වේ. (ශ්‍රී.ල.රා. රාජධානිය, පිටු 180)

"සීගිරිය අවට ආදි මානව ජනාවාස පිළිබඳ සාක්‍ෂි සීගිරි පර්වතයට නැගෙනහිර පැත්තේ අලිගල නම් ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් තහවුරු වී ඇත. ඒ අනුව වර්ෂ පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්‌වා මානව සබඳතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වන බැව් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල පවසයි. (සිළුමිණ, 1994.04.17)

ආචාර්ය ශිරාන් දැරණියගල ගේ මේ මතයෙන් ද තහවුරු වන්නේ සීගිරිය මෙගලිතික සංස්‌කෘතියට හෙවත් මහා ශිලා යුගයට අයත් බවයි.

කලක්‌ බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස සිට පසුව හින්දු පූජකවරයෙක්‌ වූ ජර්මන් ජාතික ස්‌වාමි ගෞරී බාලාගේ අදහස්‌ අනුව 'It was a centre for the initation of Buddhists in the Mahayana Tradition and that Paintings represent the goddess Tara of the Mahayana Buddhist Pantheon who is also the consort of Bodhisathva Avalokteswara" (Sri Lanka Today-Raja de Silva pp-12)

කෙසේ හෝ බොහෝ විද්වතුන් කථා කළේ මේ දැවැන්ත ස්‌ථානය පිළිබඳ නොව එහි වූ චිත්‍ර හා කවි පිළිබඳවය. දැවැන්ත බලකොටුවක්‌ තුළට ගොස්‌ එහි තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම වෙනුවට එහි විසිතුරු චිත්‍ර හා ළගන්නා සුළු රසවත් ගී රස විඳීම පමණකි බොහෝ විට සිදුවී තිබෙන්නේ.

භූත විද්‍යාව අනුව ඓතිහාසික සිද්ධීන් පිළිබඳ ගවේෂණය කරන මහනුවර හේ. මාකස්‌ ප්‍රනාන්දු ගේ පර්යේෂණ අනුව පෙනී යන්නේද සීගිරියේ විසූ ආදි පුරුෂයන් රාවණ හා කුවේර බැව්ය. (Weekend Sun 1994-April 01)

රාම - රාවණ මහා සංග්‍රාමයෙන් පසු විනාශයට පත් ලංකාපුර රාජධානියට අයත් වූ සීගිරි බලකොටුව අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ කස්‌සප (ක්‍රි.ව.477-495) රජු විසින් බැව් පැවසීම සාධාරණය. එයට තවත් හේතුවක්‌ තිබුණි. එනම්, කාශ්‍යප රජුගේ මෑණියන් යක්‍ෂ ගෝත්‍රික කුමරියක්‌ වීම නිසා ඔහුට මවු පස උරුමයක්‌ සීගිරියට තිබීමය. (රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය)

මේ සීගිරි නිර්මාණ ශිල්පය දැනට වසර 5000 කට වඩා පැරණි මොහන්දොජාරොහරප්පා සංස්‌කෘතියට සම කළ හැකි බැව් හේ මාකස්‌ ප්‍රනාන්දු ගේ අදහසයි. (Weekend Su 1994.04.01)

නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි මහත්මිය 1940 දී තල්කොටේ ගමට පැමිණි අවස්‌ථාවක එහි විසූ පුංචිරා නම් ගැමියෙක්‌ විසින් කී තේරවිලි කවි කිහිපයක්‌ ඇයගේ අත්පොතක සටහන් කර තිබුණි. එයින් කවි දෙකක්‌ The Cultural Heritage of Jing Rawana (21 වැනි පිටුවේ) ඇතුළත්ය.

ප්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ

සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ

සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ

මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා

සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා

සීගිරි රුවෙන් මන්දෝදරී දිස්‌වෙනවා

මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

මේ ජනකවි "රාවණ කතා" පුස්‌කොළ ග්‍රන්ථයේද සඳහන් වී ඇති බැව් කිව යුතුය.

තල්කොටේ ගමෙන් දැනට වර්ෂ 65 කට පෙර සොයාගෙන තිබුණ ජනකවිවලින් පුරාවිද්‍යාඥයන්ට මෙතෙක්‌ සොයා ගත නොහැකිවූ ආලෝක ධාරාවක්‌ මුළු මහත් සීගිරි පර්වතයටම වැටෙන බැව් අමුතුවෙන් කිව යුතු නැත.

මේ සීගිරිය ප්‍රදේශයේ ආදි කාලයේ යක්‍ෂ ග්‍රෝතිකයන් විසූ බැව් ප්‍රකට ඉතිහාසඥයෙක්‌ වූ ඒ. සී. ලෝරි පවසයි.

The Native Traditions tell of the occupation of Sigiriya by the Aboriginayakkha Another Local Tradition Connect the rock with King Devanampiyathissa who reigned about 266 BC. They say that the King found on the rock a Golden Bamboo which had three trunks called "Yako - Ykahkti- Kusuma Yakhthi and Yakuna Yahkti. In the first trunk there were golden figures of women in the Second golden flowers and in the third Golden Figures of Gods. The King said let this rock be always remembered by me. Hence. the name of the Centra; Province of Ceylon pp.791)

ඒ. සී. ලෝරි ගේ මේ අදහසින් පෙනෙන්නේ සීගිරි චිත්‍රවලින් දිස්‌වන්නේ ලංකාවේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් බවට ඉඟියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ රාජා ද සිල්වා මේ කාන්තා රුව තාරා දේවිය ගේ යෑයි ඉදිරිපත් කරන මතය ඛණ්‌ඩනය වීමත් තල්කොටේ ජනකවිවලින් ඉදිරිපත් කරන සීගිරි රුවින් මන්දොaදරී දිස්‌වෙනවා" යෑයි පවසන මතය සනාථ වීමත්ය.

මන්දොaරී (Thinwaist) යනු සිහින් ඉඟටිය ඇත්තී යන අරුත දෙන කාන්තා නාමයකි. ඇතැමෙක්‌ මෙය මන්ඩෝදරී (කළයක්‌ වැනි බඩක්‌ ඇත්තිය කැයි) වරදවා තේරුම් ගෙන ඇත. (මහාචාර්ය විමල විජයසූරිය)

මන්දොaරී රැජින ලංකේශ්වර රාවණයන් ගේ බිරිඳ වූ අතර රාවණ ගේ ඇවෑමෙන් රාවණ සොයුරු විභීෂණ ගේ බිරිඳ වූවාය. මන්දොaදරිය ගේ පියා මය දානවය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සීගිරි බලකොටු සංකීර්ණයේ නිර්මාණ ශිල්පියා මය දානවයෝ යෑයි කිව හැකි ජනශ්‍රැතියක්‌ ගලහිටියාගම ගම්වැසියෙක්‌ වූ පුංචි බණ්‌ඩා ඉදිරිපත් කරයි. වෙසමුණි රඡ්ජුරුවන්ට ඕනෑ වුණා ලෝකෙන් ම ලස්‌සන මාළිගාවක්‌ හදාගන්ඩ. මය යක්‍ෂයා, ඒ කාලේ හොඳ ම වඩුරාළ ඒ වෙසමුණි රඡ්ජුරුවෝ මය යක්‍ෂයාට කතා කරල කිව්වලු ලෝකෙන් ලස්‌සන ම මාළිගාව හදා දෙන්න කියලා. ලස්‌සන විතරක්‌ නොවේ. සවි ශක්‌තියත් හොඳට තිබෙන්න ඕනෑ. භූමි කම්පාවකට, ගංවතුරට හෝ කිසිම උවදුරකට විනාශ නොවෙන විදිහට එය හදන්න ඕන කියලා තියෙනවා. ඒ කාලේ සීගිරි ගල තිබුණේ ගල් ගොඩක්‌ වැනි ගල් කන්දක· මේ ගල් කන්ද පෙන්නල මය යකා වෙසමුණි රඡ්ජුරුවන් ගෙන් ඇසුවේ "මෙතන හොඳ ද?" කියලා. වෙසමුණි රඡ්ජුරුවොත් එතැනට කැමති වුණාලු."

මය යක්‍ෂයා ඔහු ගේ සහචර පිරිස එකතු කර ගෙන අර ගල් කන්දෙ සමහර ගල් ඉවත් කරලා ලොකු කළුගල ලස්‌සනට හැඩවැඩ දාල කපලා ඒ ගල මාළිගාවක්‌ බවට පත්කළා. නිකම් මාළිගාවක්‌ නොවේ.· තට්‌ටු මාළිගාවක්‌· වෙසමුණි රඡ්ජුරුවන්ට ගුවන් යානයක්‌ තිබිල තියෙනවා· ඒක නවතලා තියෙන්නේ මාළිගාවේ වහලේ·

සීගිරිය, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී ගම්වල පැරැන්නන් අතර මුඛ පරම්පරාගතව පැවැති මේ ජනශ්‍රැතියෙන් සීගිරියේ අතීත ඉතිහාසයට ගෙන දෙන්නේ සුවිසල් ආලෝක ධාරාවකි. සීගිරියේ හා එයට තදාසන්න සියලුම ගම් නියම්ගම්වල පදිංචි වී සිටියේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ය. වැද්ද ගේ හේන, වැද්දි ගෙ වත්ත, වැදි යාය ආදී නම් තිබෙන ඉඩම් කඩම් මේ ප්‍රදේශයේ බහුලය. වැදි නාමයෙන් වත්මන් ජනතාව හඳුන්වන්නේ ආදිවාසී (Aborigines) යක්‍ෂ ග්‍රෝත්‍රිකයන් මිස වෙනත් පිරිසක්‌ නොවේ.

වෙසමුණි රඡ්ජුරුවෝ ලෙසින් පුංචි බණ්‌ඩා සඳහන් කළේ විශ්‍රවස්‌මුණි හෙවත් වෛශ්‍රවණ නමැති යක්‍ෂ රාජායා ය. පණ්‌ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 367-437) වෛශ්‍රවණ යක්‍ෂයා සඳහා නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කළේය. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා පිටු 102)

මේ විශ්‍රවස්‌මුණි, රාවණ මහ රජු ගේද කුවේර ගේද පියාවන අතර මහරිසි පුලස්‌ති ගේ පුත්‍රයාය. එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සතර වරම් දෙවිවරුන් ගෙන් එක්‌ දෙවියෙක්‌ වූ වෙසමුණිය.

නාග, යක්‍ෂ, දේව හා රාක්‍ෂ නම්වලින් හැඳින්වූවද මොවුන් මනුෂ්‍යයන් මිස වෙනත් අමනුෂ්‍ය වර්ගයක්‌ නොවන බැව් ඉඳුරාම කිව හැකිය.

විශ්‍රවස්‌මුණි ගෙන් පසු ඔහු ගේ දෙටු පුත් කුවේරට මේ මාළිගය හා ඔහු ගේ ගුවන් රිය පුෂ්පිකයානය අයිති වූ නමුත් තරුණ වියට පත් රාවණයෝ ලංකාපුර රාජධානිය ඇතුළු චංචල නිශ්චල සම්පත් සියල්ල උදුරාගත් බැව් රාමායණය කියයි.

"කාශ්‍යප රාජ්‍යෙdaදයට වසර 500 කට පූර්වයෙහි දී ස්‌වකීය රාජ්‍යයේ කාසි 1600 ක්‌ ආගමික මධ්‍යස්‌ථානයක්‌, තොටමුණක්‌ වෙළඳ නගරයක්‌ හෝ නොවන සීගිරියට පැමිණ රන් කාසි විසුරුවා ගිය ධනවත් රෝම පුරවැසියෝ එහි පැමිණ ඇත්තේ ගිරග්ග සමඡ්ජ වැනි උළෙලකට බැව් මහාචාර්ය විනී විතාරණ අදහස්‌ කරයි. (සිළුමිණ 1994 අප්‍රේල් 17)
Sihigiriya remembrance rock (The Gazetteer )මේ අනුව පළමුවෙන්ම පෙනී යන සත්‍යය නම් කාශ්‍යප (ක්‍රි.ව. 704-711) රජුටත් වර්ෂ 500 කට පමණ පෙර මේ ස්‌ථානය ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණ ස්‌ථානයක්‌ බැව් සත්‍ය මූලාශ්‍ර අනුව පෙනී යන බවයි.

ගිරග්ග සමඡ්ජ යනු පැරණි ඉන්දියාවේ උළෙළකි. ගලක්‌ හීතර සමඡ්සමඡ්ජ නම් නැටුම් හෝ ගලක්‌ හී තරණ පියවියෙන් ගිරග්ග නම් (දම්පියා අටුවා ගැටපදය 36 පිටු)

7-8 හා 9 වැනි සියවස්‌වල ලංකාවේ නොයෙක්‌ දෙසින් ජනයා සීගිරියට ආහ. සීගිරි ගල මුදුනට ජනයා එකතු වීමේ පරමාර්ථය නම් සීගිරි රූප බැලීමට පමණක්‌ නොව "ගිරග්ග සමඡ්ජ" වැනි උත්සවවලටද සහභාගි වීම බැව් මාර්ටින් වික්‍රමසිංහ අදහස්‌ කරයි. (Sigirigraffiti Vol pp CCXV)

සීගිරියට රෝම ධනපතියන් පැමිණේ ගිරග්ග සමඡ්ජයට ද එසේත් නැතිනම් ඒ ස්‌ථානයේ පදිංචි වී සිටි ප්‍රභූවරුන්ගේ මැණික්‌ මිලදී ගැනීමට දැයි ප්‍රශ්නයක්‌ පැන නැගෙනු ඇත.

විශ්‍රවස්‌මුණි (වෙසමුණි) කුවේර ආදීන් මුළු මහත් ලෝකයේම ධනපතීන් ලෙස බැබළුණේ ලංකාපුර රාජධානියේ (ලග්ගල) තිබුණ අසීමිත වටිනාකමක්‌ ඇති අගනා මැණික්‌ නිසා බැව් කිව හැකිය. ලංකාපුර රාජධානිය සමඟ සම්බන්ධකම් පැවැති හලාවත මුතු රාජධානිය අයත් වූවේද යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. කුවේණි රැජින තම්මැන්නාවේ තාවකාලික පදිංචි වූවේද සිරිස වස්‌තු පුරය මෙන්ම හලාවත මුතු රාජධානිය ද ඔවුන්ට උරුම වූ ස්‌ථාන බැවිනි.

හලාවත මුන්නේශ්වරම් මහා ශිව දේවාලය රාවණ රජු ගේ පමණක්‌ නොව ඔහුගේ පරපුරේ සූර්යය භක්‌තිකයන් ගේද මධ්‍යස්‌ථානයකි. 
Our Past Kings Figure in very many episodes connected with Munneswaram for history cantrace back only to the time of Ravana (Sri Lanaka to day pp. 18)

මේ අනුව විමසා බලන විට ඌවේ ලග්ගල සහ සබරගමුවේ මැණික, හලාවත මුතු ආදී වස්‌තුවෙන් පොහොසත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරයෙක්‌ ක්‍රි.ව. 20 - 21 යුගයේ පමණ නිකුත් වූ කාසි විය හැකිය.

දේවානම්පියතිස්‌ස රජතුමා ද සීගිරියේ සිටි බැව් ඒ. සී. ලෝරි කියයි. (The Gazatter of Cantral Province..........)

ඒ අනුව විමසා බලන විට මේ ස්‌ථානය මුරුණ්‌ඩ වංශික රජ දරුවන්ද පාවිච්චි කළ ජය භූමියක්‌ ලෙස විශ්වාස කළ හැකිය. පණ්‌ඩුකාභය රජතුමාට ද යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාව තිබුණ බැවින් විශ්‍රවස්‌මුණි ගේ මාලිගය පසු කලෙක මුරුණ්‌ඩ ශිව (The Greeks & Mauriyas) ගේ පුත්‍ර දේවානම්පියතිස්‌ස රජු සිය පරිහරණයට ගන්නා විය හැකිය.

සංඝතිස්‌ස රජු සහ සිය පුත්‍රයා සීගිරියේ දී සතුරන්ට අසු වී මැරුම් කෑ පුවත "මහාවංශයේ" 44 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. පරාක්‍රමබාහු (1164-97) රජතුමා ද සීගිරිය අලුත්වැඩියා කර ඇත. (The Gazetteer of the Central Province pp.792)

ගිරග්ග සමඡ්ජ වැනි උලෙළක්‌ ලංකාවේ පැවැත්වූ බවට සෑහෙන තරම් මූලාශ්‍ර මෙතෙක්‌ හමුවී නැතැයි කිව හැකිය. එසේ වුවද පණ්‌ඩුකාභය රජ යුගයේ කාමෝත්සව පැවැති බැව් මහාවංශය (මහාවංශය X 64-65 පිටු) කියයි.

බෞද්ධාගම හෙළිදිවට පැමිණීමට පෙර ලංකාවේ දුරාචාර, පුද පූජා පැවැත්වූ බැව් හියුං සාං ප්‍රකාශ කර ඇත. (Buddhist Records of the Westen World pp 206)

කෙසේ වුවද සීගිරිය ආරම්භයේ සිට රජවරු ප්‍රභූවරු ජීවත් වූ මාලිගයක්‌ ලෙස හැදින්වීමට සාධාරණය.

මහා දාඨික, මහා නාග රජු (ක්‍රි.ව. 06-18) දවස ගිරිභාණ්‌ඩ පූජා නම් උත්සවයක්‌ පවත්වා ඇති බවත් එයට හේතුව මිහින්තලේ චෛත්‍යයේ වැඩකටයුතු සාර්ථක ලෙස අවසන් වීම යෑයි මහාවංශය - රසවාහිනී, විසූධි මාර්ග ග්‍රන්ථවල සඳහන් වේ.

ගිරිභාණ්‌ඩ පූජාව ඒ යුගයේ පැවැති සුවිසල් පුණ්‍ය කර්මයක්‌ බවට අපමණ මූලාශ්‍ර බෞද්ධ සාහිත්‍යයේ ගිරිභාණ්‌ඩ පූජාය - නම් ෙච්තිය ගිරිය ආදි කොට සියලු සිංහල ද්වීපයෙන් යොදුනක්‌ තැන් දක්‌වා සමුද්‍රයෙන් පැවැත්වූ මහා ප්‍රදීප පූජාවයි (විසුද්ධි මාර්ග සන්නස - 12 සෘද්ධි විධි නිද්දේශ)

මේ අනුව තව තවත් විමසා බලන විට සීගිරියට රන්කාසි පිදුවේ "ගිරිභාණ්‌ඩ පූජාවක්‌" සඳහා ඒ යුගයේ විසූ සිංහල රජ කෙනෙක්‌ විසින් විය හැකිය. විදේශ රටවල් සමඟ දිගු කලක්‌ වෙළෙඳ ගනුදෙනු කළ ශ්‍රී ලංකාවේ ධනවතුන් හා ප්‍රභූවරුන් සතුව තිබුණ රන්කාසි මේ මහා පූජාව පිණිස ඒ පූජාව පැවැත්වූ මධ්‍යස්‌ථානයෙහි විසුරුවා හැරීමට ඉඩ ඇත.

මේ රන්කාසි පොළොව මතුපිට විසුරුවා තිබීමෙන් මෙය පූජාවක්‌ සඳහා විසුරුවා දැමූ පූජා භාණ්‌ඩ විය හැකි බවත්, රාජ අනුග්‍රහයෙන් පැවැත්වූ පූජාවක භාණ්‌ඩ සොරුන්ට ගෙන යැමට නොහැකිවූ නිසා ඒවා කාලයේ වැලි තලාවට යට වී පසුව එම ස්‌ථානය පිළිසකර කරන කැණීම්වල දී හමුවූ බවත් සිතීමට බොහෝ ඉඩකඩ ඇත.

ගිරග්ග සම-ජ වැනි උත්සවයකට රෝම ජාතිකයන් පැමිණ මේ රන්කාසි විසුරුවා දායි නම් ඒ රන්කාසි එවේලෙහිම කවුරුත් අසුලාගනු නිසැකය.

ලංකාවේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රික පාලනය කන්ද උඩරට පමණක්‌ නොව දෙවුන්දර තුඩුවේ සිට වත්මන් පේදුරුතුඩුව දක්‌වා පැතිර තිබුණ බව රාමායණයෙන් කියෑවේ.

කන්ද උඩරට නුවරඑළියේ පිදුරුතලාගල සහ කිකිළියමාන කඳුවල රාවණ ගේ රහස්‌ මාළිගා ගිරිකුළුවලින් වටවී සැඟවී ඇති බැව් ජනශ්‍රැති මගින් කියෑවේ.

මාතලේ හරහා උමං ගංගා මාර්ගයක්‌ ඇති බැව් භූ විද්‍යාඥයන්ගේ මතයකි. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංගාවක්‌ ලෙස සිතාගත්තේ රාවණ යුගයේ ජල මාර්ගයක්‌ විය හැකි යෑයි දොස්‌තර ශ්‍රී වාත්සව මහතා මා සමඟ ප්‍රකාශ කර ඇත. (1982.05.03) සාකච්ඡාව - නුවරඑළිය)

එපමණක්‌ නොව සීගිරි පර්වතය යටින් ලග්ගල දක්‌වා උමං මාර්ගයක්‌ ඇති බැව් තවත් මතයකි. (පෙරියසාමි වයියාපුර - බදුල්ල සාකච්ඡාව 80.02.14)

ගල්කඳු හා වනාන්තර පිළිබඳ ප්‍රායෝගික දැනුමක්‌ තිබුණ වයියාපුරි ගේ අදහස නිවැරැදි බැව් පසුගිය දිනෙක ලග්ගල දී මට හමුවූ කිහිප දෙනකු ගේම අදහස්‌වලින් තහවුරු වේ.

ලග්ගල බොහෝ දෙනෙක්‌ද අදහස්‌ කරන්නේ සීගිරියේ සිට ලකේගලට උමං මාර්ගයක්‌ ඇති බවය. රාවණ යුගයේ දී උමං මාර්ග ඉතා ජනප්‍රිය ගමනාගමන පද්ධතියක්‌ වී තිබුණ බැව් සිතිය හැකිය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වැලිමඩ ඌව පරණගම ස්‌ත්‍රීපුර කන්දට හක්‌ගල (නුවරඑළියේ) කන්දේ සිට උමං මාර්ගයක්‌ ඇති බැව් ඒ ප්‍රදේශවාසීන්ගේ විශ්වාස යයි (Cultural Heritage at King Ravana pp12)

මේ අනුව සීගිරියේ සිට ලක්‌ගලටත් ලක්‌ගල සිට බිම්තැන්නේ සිරිසවසකු පුරයටත් උමං මාර්ග පද්ධතියක්‌ තිබුණ බවට සැක නැත.

සීගිරිය ගොඩනගා ඇත්තේ ද මේ උමං මාර්ග කිහිපයක්‌ එක්‌වන සන්ධිස්‌ථානයක්‌ මතුපිට යෑයි ශ්‍රී වාත්සව අදහස්‌ කරයි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක්‌ වූ ශ්‍රී වාත්සව මහතා ඉන්දියානු ජාතිකයෙකි. ඉන්දියාවේ හිමාලයේ ද ලංකාවේ විවිධ පළාත්වලද රාවණ රජු සහ ඔහු ගේ පා පහස ලත් ස්‌ථාන පිළිබඳ ගවේෂණයක යෙදුණ ඔහුට රාවණ රජතුමා ගේ විවිධ චර්යාවන් පිළිබඳ අවබෝධයක්‌ ඇත්තෙකි.

"සීගිරිය" තල්කොටේ අසල පදිංචිකරුවෙක්‌ වූ පුංචි බණ්‌ඩාගේ සාක්‍ෂියෙන් ද තහවුරු වුණේ දොස්‌තර ශ්‍රී වාත්සව ගේ මතය ම බැව් කිව යුතුය.

මාතලේ දිසා ඇමැති ධුරය දැරූ දඹුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතාද සීගිරියට දැඩි ඇල්මක්‌ තිබුණ දේශපාලනඥයෙකි.

සීගිරිය බළකොටුවේ ජීවත් වූ ආදි පුරුෂයා රාවණා රජු විය හැකි බැව් තමා විශ්වාස කරන බවත්, ඒ ගැන මුඛ පරම්පරා කථාවක්‌ ඉහළ තල්කොටේ ටිකිරි බණ්‌ඩා නමැත්තෙක්‌ දැනට වසර 15 කට පමණ පෙර කියා ඇති බවත් දිසා ඇමැති ඒකනායක මහතා කීවේය. (1981 ජුනි මස සාකච්ඡාව)

සීගිරියේ විසූ කස්‌සප (477-495) රජතුමා තරුණ කාලයේ මාග බ්‍රාහ්මණයා ගෙන් ජ්‍යෙතිෂය හැදැරූ බවත්, එයට පූර්ණ අනුග්‍රහය ධාතුසේන රජතුමාගෙන් ලැබුණ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස සීගිරිය ග්‍රහලෝක පරීක්‍ෂණ කටයුතු කරන විද්‍යාගාරයක්‌ ලෙස පැවැති බවත් ප්‍රවීණ ජ්‍යෙdaතිෂ ශාස්‌ත්‍රඥයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක කියයි.

ධාතුසේන රජතුමා ගේ අන්ත(පුරය ද සීගිරියේ පැවැති බැව් ආචාර්ය ගුණතිලක ගේ මතයයි. 

Prince Kassapa Studied Astrology thoroughly with the help of king Dhatusena's Court astrologer Brahmin Rishi Kevala Maga. One of his texts in ola leaf on astrology still remain in the British Museum. Kassapa knew that according to his stars he should become king before his brother Mugalan. So he suddenly arranged a coup d' etat and became the king of Sri Lanka in 497 A. D.

His Astrologer friend Brahmin Kewala Muga instructed king Kassapa to conver Sigiriya in to a planetorium. Sigiriya was rebuilt under the guidance of Brahmin Maga (The Island 3. 11.1982)

සීගිරි පර්වතය වටා කැටපත් පවුරක්‌ (Mirror Wall) තිබුණ බැව් පුරාවිද්‍යාඥයන් කියන බැව් ගුණතිලක සඳහන් කරයි. ඒ කැටපත් පවුර අංශක 80% වෘත්තයකට තිබුණ අතර, නැකැත් පිළියෙල කිරීම වැනි ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂණ කටයුතුවලට එය ප්‍රයෝජනවත් වී යෑයි ද ආචාර්ය ගුණතිලක ගේ මතය වී ඇත. සීගිරි ප්‍රදේශයේ වූ 'නයි පෙණ ගුහාව' පරුමක නගුලිය ලෙන යනුවෙන් සඳහන් වී තිබෙන්නේ සීතා දේවිය විසූ ගුහාව එය නිසා බවත් නගුලිය යනු සීතාවන්ට (නඟුලෙන් උපන් ලිය) යෙදූ නමක්‌ බවත් ශ්‍රී. ල. රා. රාජධානිය (පිටු 171) කියයි.

මාක්‌ස්‌ ප්‍රනාන්දු ගේ අදහස සීගිරිය රාවණ විසින් ගොඩනංවා ඇති බවකි. නමුත් ලග්ගල, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී තදාසන්න පෙදෙස්‌වල ජනශ්‍රැති අනුව පෙනී යන එක ම සත්‍යය නම් වෙසමුණි (විශ්‍රවස්‌මුණි) රජ අණ ලෙස මය දානව විසින් මේ ශෛලමය මාලිගය ගොඩනඟා ඇති බවයි.

මෙවැනි අතිශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයක්‌ කළ මය දානව කවුද යනු විමසා බැලිය යුත්තකි. 'මහා භාරත කාව්‍යයේ දැක්‌වෙන ඛාණ්‌ඩව වනය දැවීමේ දී සිය දිවි ගලවා ගැනීමට ආධාර දීම ගැන කෘතඥ වූ 'මය' තෙමේ පාණ්‌ඩවයන් ගේ නායක යුඬිශ්ඨිර නරේන්ද්‍රයාට විසිතුරු ශාලාවක්‌ නිම කර දුන්නේ ය. මය වනාහි ලංකේශ්වර රාවණ ගේ මයිලණුවෝ ය. 'දුන්දාහී' සහ 'මායාවී' නම් රාක්‍ෂ වීරයින් ගේ පියාණෝ ය. දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. 'මයමතය' නම් ගෘහ නිර්මාණ ශාස්‌ත්‍රීය ග්‍රන්ථය කරන ලද්දේ මය දානවයා විසින් යෑයි කියනු ලැබේ. 'සූර්යා සිද්ධාන්තය' ද මය ගේ එක්‌ ග්‍රන්ථයකි. මය ගේ දියණිය වූ මන්දොaදරී සමඟ රාවණ රජු විවාහ වූ දිනයේ රාවණට සිය බලසම්පන්න ත්‍රිශූලය දායාද වශයෙන් ප්‍රදානය කළේය. (සංක්‍ෂිප්ත රාමායණය, පිටු.190).

වත්මන් ගැමියන් මය යක්‍ෂයා යනුවෙන් හඳුන්වන්නේ මය දානව බවට සැක නැත. වෛශ්‍රවණ හෙවත් විශ්‍රවස්‌මුණි ගේ නාමය ඔහු ගේ පුත්‍ර කුවේරට ද පාවිච්චි කළ බැව් මූලාශ්‍රවලින් පෙනේ. 'අනුරාධපුර යුගයේ දී වෛශ්‍රවණ නම් යක්‍ෂයා පුදන ලදී. ඔහු කුවේරයා ලෙස සාහිත්‍ය ග්‍රන්ථවල එයි. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා, පිටු 97).

ලංකාවේ යක්‍ෂයන් උසස්‌ සභ්‍යත්වයක්‌ ඇති, නගරවල විසූ, කපු පිළි ආදී රෙදි විවීම කළ, විදේශික ප්‍රජාවට අකමැති, වෙළෙන්දන් මරා දැමූ වර්ගයකැයි මහාචාර්ය ගුණපාල මලලසේකර ගේ 'The Pali Literature of Ceylon" ග්‍රන්ථය කියයි.

සීගිරිය අවට පැවති සංස්‌කෘතිය මේ අනුව අනුමාන ව සිතා ගත හැකි ය. මේ ස්‌ථානය මාතලේ දුම්රිය පොළට සැතපුම් 35 ක්‌ ඈතින් පිහිටා ඇති අතර, එය අඩි 600 ක්‌ උසැති ගිරිකුළක්‌ බවත් අක්‌කර 3 1/2 ක පෙදෙසක මේ සීගිරිය සංකීර්ණය පැතිර ඇති බවත් ලිත සාක්‍ෂි අනුව කිව හැකි ය. (Tutor - Vol. 01. Wool. P.P. 35)

අක්‌කර 300 ක භූමි ප්‍රමාණයක්‌ එදා සීsගිරියට අයත් ව තිබිණැයි ඒ. සී. ලෝරි කියයි The Gazetteer of Central Province pp.791).

මෙගලිතික සංස්‌කෘතියට අයත් යක්‍ෂ ගෝත්‍රිකයින් කළුගල් නිර්මාණ කටයුතුවලට දක්‍ෂයන් වූ බැව් දැඩිමුණ්‌ඩ පුවතේ කවිවලින් සනාථ වේ.

මෙලෙස කපා ගල යකුන් ලවා යේ
එලෙස සෙනඟ රැස්‌ කළ එකලා යේ
යසස මෙලක්‌ දිව පතළ කළා යේ
සතොස වඩන සුර විමන කළා යේ

(පරණවිතාන සමර දෙසුම්, පිටු 25)

මේ අනුව විමසා බැලීමේ දී මෙගලිතික සංස්‌කෘතිය තුළ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රික නිර්මාණ ශිල්පීන් අතින් සීගිරිය බිහි වීම පුදුමයට කරුණක්‌ නො වේ.

සීගිරියේ කැටපත් පවුරේ වත්මන් ගී ලියා තිබෙන්නේ ඊට පෙර එහි ලියා ඇති ගී සය වෙනත් සටහන් මතූ පිට බැව් කිව යුතු ය (Weekend Sun - H. Marcus Fernando 1/4/1984). එසේ නම් එම ගීවලින් සීගිරිය පිළිබඳ සත්‍යය හෙළිවිය හැකි ව තිබුණි.


මෙගලිතික යුගයේ මේ ප්‍රදේශය ඉතා දියුණු ජනාවාසයක්‌ බැව් පර්යේෂණවලින් පෙනී ඇත. ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය මගින් සීගිරියේ සිට සැතපුම් 02 ක්‌ වයඹ දිගින් පිහිටි නාගල වැව ග්‍රාම නිලධාරී වසමේ කුඩා නිකකටුව වැව ප්‍රතිසංස්‌කරණ කටයුතුවල දී ඒ වැවේ පස්‌ කපන විට වැව පතුලේ තිබී පුරාණ කඩු 12 ක්‌ හා හෙල්ලයක්‌ හමු වුණි. මේ අනුව සොයා බලන විට සීගිරිය අවට සැතපුම් ගණනක්‌ ඈතට විහිදී ගිය පැරණි ශිෂ්ටාචාරයක්‌ තිබූ බවට සාක්‍ෂි එමට ඇති බැව් ශ්‍රී ලංකා සාගිනි නිවීමේ ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඩන්ස්‌ටන් ප්‍රනාන්දු කියයි (සිළුමිණ, 1994.04.24).

ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂකයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක තරයේ ම ප්‍රකාශ කරන්නේ මේ ස්‌ථානය කාශ්‍යප රජු ගේ ග්‍රහලෝකාගාරය ලෙසයි.

'Megalithic Satrological Computer of England which was built about 2000 years ago to check the movements of the stars. It is now an accepted theory of Archaeologists who have strained this, similar structures are seen in the Mexico Caracol observatory chichen itza in the Maya Culture Buildings.There are many similar ruins in India too' (The Island 3-11-19852).

ආචාර්ය ගුණතිලක සීගිරිය පිළිබඳ ඉදිරිපත් කළ ග්‍රහලෝකාගාර සංකල්පය ද තරමක්‌ දුරට හෝ පිළිගත හැක්‌කේ රාවණ ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි පමණක්‌ නොව රාවණ ගේ සීයා වූ පුලස්‌ති මහ සෘෂිවරයා සහ රාවණ ද දක්‍ෂ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥවරු බැවිනි.

ලකේගල මුදුනේ සිට පුලස්‌ති සෘෂිවරයා තාරකා විද්‍යා කටයුතු පර්යේෂණ පැවැත්වූ පරිදි පුලස්‌ති පුත්‍ර විශ්‍රවස්‌මුණි (වෙසමුණි) සහ විශ්‍රවස්‌ පුත්‍ර රාවණයෝ ද ජ්‍යෙdතිෂ විද්‍යා පර්යේෂණ කළ බැව් ලොව පිළිගත් සත්‍යයකි. යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධයක්‌ සිය මවු පසින් ලත් කාශ්‍යපයෝ ද පසු කලෙක මාග බ්‍රාහ්මණයා ගේ උපදෙස්‌ පිට ජ්‍යෙdaතිෂය හදාරන්න ඇතැයි සිතිය හැකිය.

සීගිරිය, ලකේගල ආදී උභය ස්‌ථානයන් යක්‍ෂගෝත්‍රික ආදිවාසී විද්වතුන් ගේ මාලිගා මෙන් ම විද්‍යා නිකේතන වූවාට සැක නැත.

පසු කලෙක හෙළදිවට පැමිණි ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයින් ගේ වැඳුම් පිදුම් අනුගමනය කර ඇති බැව් යුතු ය. මේ ආර්ය සිංහලයින් මෙන් ම ඉන්දු ආර්ය ජනකොටස්‌ ද මහාකාල සහ මහාකාලි වන්දනාවේ යෙදෙන්නේ එබැවිනි. මේ පිළිබඳ ව ඇස්‌. ඩී. ද ලැනරෝල් මෙසේ අදහස්‌ දක්‌වයි.

'The Aryans tagged on the rituals performed in the worship of Yakkha deity known as Mahakala the supreme Yakkha deity must have originated from a natural sight seen on the top of a rocky mound'.

'The worship of Mahakali the Yakkhini the spouse of Mahakala is still full of savage rites performed by the ancient Yakkhas' (Orignis of Sinhala Culture, PP 30-31).

මේ මහා කාලි මෙන් ම මහා කාල වන්දනාව ඉන්දියාවේ ද පැතිර ඇති අතර මහා කාල සහ මහා කාලි රාවණ ගේ හමුදාවේ සිටි ප්‍රබල සෙන්පතියන් බැව් ඇතැමෙක්‌ විශ්වාස කරති.

මේ සීගිරිය 'චිත්‍රකුට' නමින් ද හඳුන්වා ඇත. එයට හේතුව එය අලංකාර චිත්‍රවලින් පිරි කලාගාරයක්‌ වූ නිසා යෑයි සිතිය හැකිය. (Week end Sun). චිත්‍රරාජ නමැති යක්‍ෂ සේනාධිපතියා ද මේ චිත්‍ර කූටයේ ජීවත් වූ බවට මූලාශ්‍ර ඇත. පණ්‌ඩුකාභය රජතුමා දේවත්වයෙන් පුදන ලද්දේ මේ සෙන්පතියා යෑයි අනුමාන ය.

මේ සීගිරිය හෙවත් චිත්‍රකූටය තදාසන්න ගම්වල ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වල් අලි, කොටි, වලස්‌, නයි, පොළොං ආදී වන සතුන් සමඟ සහජීවනයෙන් හා සාමදානයෙන් සිටි බවත් ඒ යක්‍ෂ ගෝත්‍රිකයින් වන සතුන් හීලෑ කර ගැනීමට බලගතු මන්ත්‍ර පාවිච්චි කළ බවත් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ යෑයි පැවසූ රාවණා ගේ කෙන්දා නමැත්තෙක්‌ අප සමඟ කීවේ ය. (1980.01.05 සාකච්ඡාව).

වත්මන් වැදි ජනයා ලෙස සැලකෙන අපේ ආදිවාසීන් ගේ මන්ත්‍ර හා විවිධ යාතුකර්ම සඳහා ව්‍යවහාර වන්නේ ඉපැරණි යක්‍ෂ ගෝත්‍රික සිංහල බවත් ඒ මන්ත්‍ර හා යාතු කර්ම විධි පෙරදා ලෙස පැවැත්වීමට තබා මන්ත්‍රයක්‌ නිවැරදි ලෙස උච්චාරණය කිරීමට වත් වත්මන් තරුණයින්ට නො හැකි බවත් කෙන්දා ගේ අදහසයි.

තව ද, ලංකාවේ සතර වරම් දෙවියන් ලෙස සැලකෙන විරුඪ - විරූපාක්‍ෂ, ධෘතරාෂ්ඨ හා වෛශ්‍රවණ ආදින් යක්‍ෂ, දේව, නාග ගෝත්‍රික නායකයින් බැව් පිළිගත හැකි සත්‍යයකි. ඒ සතරවරම් දෙවියන් ගෙන් වෛශ්‍රවණ යනුවෙන් හඳුන්වන්නේ කුවේර, රාවණ, විභීෂණ, කුම්භකර්ණ ආදී රාක්‍ෂ වීරයින් ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි රජතුමා ය.
 
නිගමනය

සීගිරිය නිර්මාතෘවරයා මය දානව නමැති ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියා බවත් එහි ආදි පුරුෂයා විශ්‍රවස්‌මුණි රජතුමා බවත් මේ දත්ත සමූහයෙන් මැනවින් පැහැදිලි වනු ඇත. විශ්‍රවස්‌මුණි ගෙන් කුවේරටත් කුවේරගෙන් රාවණටත් රාවණ ගෙන් පසු විභීෂණටත් සීගිරියේ උරුමය ලැබුණ නමුත් සිය සොයුරාට සතුරුකම් කළ විභීෂණ ව පිළිගැනීමට කන්ද උඩරට යක්‍ෂ ගෝත්‍රිකයින් නොමැති වීම නිසා කැලණි පුරය දක්‌වා මන්දොaදරී ද සමඟ පසුබැසීමට විභීෂණට සිදු වුණි.

එයින් පසු රාවණ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරු අතින් අත මාරු වෙමින් පැවැති මේ ඓතිහාසික බළකොටු මැදුරට නව එළියක්‌ ලැබුණේ පණ්‌ඩුකාභය රජතුමා හෙළදිව පාලනයට පත්වීමෙන් පසු වය. පණ්‌ඩුකාභ්‍ය පුත් 'මුරුණ්‌ඩශිව' (මුට ශිව) රජතුමා ද ඔහු ගේ පුත් දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 307-267) රජතුමා ද මේ ස්‌ථානයට සම්බන්ධ වූවේ ඔවුන් ගේ පාරම්පරික උරුමයකට බැව් විශ්වාස කළ හැකි ය. විවිධ රජවරුන් විසින් වරින් වර සීගිරිය ප්‍රතිසංස්‌කරණය කර ඇත. කාශ්‍යප රජතුමා ද එයින් එක්‌ කෙනෙක්‌ පමණි. යක්‍ෂයින් ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක්‌ නො වේ. ඒ ස්‌ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කය තුළ දැනුදු හඳුනාගෙන ඇති බැව් ස්‌පෙන්සර් හාඩි ප්‍රකාශ කර ඇත (ශ්‍රී.ල.රා.රා., පිටු. 135).

රාවණ ගේ නාමය සීගිරියෙන් ඈත් කළ හැකි ද? මෙය ඉතිහාසය හා පුරාවිද්‍යාව එකට එතුන ප්‍රශ්නයකි. සීගිරියේ ඈත අතීතය කළුගල් පතුරු හා කාලයේ වැලි තට්‌ටු අතරින් ඉතා සූක්‍ෂම ලෙස සොයා බලන විට නුදුරු අනාගතයේ යම් දිනෙක සීගිරි ගල පතුලින් සැතපුම් සිය ගණනක්‌ දිග උමං මාර්ගයක්‌ හමුවූවත් පුදුම විය නො හැකි බැව් විශ්වාස කළ හැකි ය. එමෙන්ම එහි අඩි දහස්‌ ගණනක්‌ යටින් පොළොව කුහරය තුළ ගරා වැටුණ නගරයක නටබුන් හමු වූවත් එය ගැන පුදුම නො විය යුත්තේ ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය අදට වඩා දියුණු යුගයක්‌ බැව් ප්‍රත්‍යක්‍ෂ වී ඇති බැවිනි.

උපුටා ගැන්ම - http://www.divaina.com/2011/09/28/badada04.html


Tuesday, September 27, 2011

අංගං හරඹ

3
කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.
ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.
හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.

කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.

ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?
රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.
කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටිකැරකැවීම, පිනුම් හරඹ, කඩු පළිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණුු කඩු සටන, නිරායුද සටන හා තැරැුක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප‍්‍රදර්ශනය විය. පැනුම් පිනුම් වලින් සමන්විතව කළ හරඹ මනා පුහුණුවකින් පසු ඉදිරිපත් කළ බව අපි දැක්කෙමු.
විශේෂයෙන් මෙහිදී දැඩි විනයත්, භාවනායෝගීබවත්, නිතර නිතර කළ අභ්‍යසවලින් ලත් මනා පුහුණුවත් ගුරු ගෞරවයත් අපි දුටුවෙමු.

මෙම සටන් අතර එතුණු කඩුකරකැවීම, එතුණුු කඩු සටන, ඉලංගක්කාර කඩු සටන් මහත් සංයමයකින් කළ යුතුය. අකුණු වේගයෙන් කරන කඩුකරකැවීම ඇස් අදහාගත නොහැකි තරම්ය. ඒ සඳහා මහත් පුහුණුවක් මෙන්ම සංයමයත් අත්‍යවශ්‍යය.

අජන්ත ගුරුන්නාන්සේ එතුණු කඩු කැරකැවීම ශිල්ප දැක්වූ ආකාරය ඉතා මනරම්ය. එදා හෙළයින් සතුව පැවති මේ උරුමය අපේ කාලයේ යෞවනයෙකු උරදරා සිටී.
මූන වසාගෙන පැමින ක්ෂණයකින් පහරදී අතුරුදන් වීම අංගම් හරඹ ශිල්පයේ තවත් එක් සටන් ක‍්‍රමයකි. මෙහිදී කළු රෙදි පටියකින් තම මුහුන් වසා සටන්කරයි. පහර දෙන්නේ කවුදැයි සිතීමටත් කලින් ක්ෂණයකින් ගස් ගල් උඩින් පැන පිනුම් ගසා පහරදීම මෙහිදී සිදුවේ.

එදා පරංගි සේනා කොළඹ බළකොටු බැඳ තිබූ අවදියේ ටිකිරි කුමරා සීතාවක පුරයේ සිට ගොස් දිනකට පරංගින් 50ක් පමණ පෙති ගසා එන්නේ අංගම් හරඹ ශිල්පය දක්ෂ ලෙස ප‍්‍රගුුණ කළ නිසාවෙනි.
ටිකිරි කුමරාගේ ලේ ඥාතීන් වන කොරතොට මහන්ත ආරච්චි පරපුරේ වර්තමාන ගුරුදෙවියා අජන්ත ගුරුන්නාන්සේ ද එදා ටිකිරි කුමරා සේ සවිබලය. එඩිතරය. තම ගේලයින් හා නිරායුද සටනකට පිවිසි අජන්ත ඒ බව මනාව ඔප්පු කෙළේය. පහරදීම්, පහරදීීම් වලකාලීම්, සමූහයක් සමඟ එකවර සටනට පිවිස විරුද්ධවාදියා පරාජය කිරීමේ ක‍්‍රම අපි දැක්කෙමු,

අංගම් ශාස්ත‍්‍රයේ තැරැුක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.
ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගං හරඹ ශිල්පය රැුකගැනීමට මහන්ත ආරච්චි අජන්ත ග-ුරුන්නාන්සේ ඉදිරිපත් වී සිටීයි .

ඔහු තරුණයි. 28 වියෙහි පසුවන අජන්ත තම පරපුර පණමෙන් රැුකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැුකදීම සඳහා තම ජීවිත කාලයම කැපකරමින් සිටී.එය තමාගේ වගකීම බවත් තමා ඒ සඳහා දිව්රුම් දී ඇති බවත් ඹහු පවසයි.
මෙම කාර්යය පහසුකටයුත්තක් නොවන බවත් අංගං මඩුවක් තනා ගැනීමත් අද ඉතාමත් අපහසු කටයුත්තක් වී ඇති බව කියනූ ඹහු මේ සා විශාල අපේ උරුමය සඳහා මෙතෙක් කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම අවාසනාවට කරුණක් බව කියයි .

අතීතයේ අප රට ජාතිය ආගම පරයින්ගෙන් රැුකගත්තෝ අංගං සටන් ශිල්පීහුය. අංගං ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. අවුරුදු 7දී අංගං සටන් ශිල්පයට පිවිසි අජන්ත, වත්තේ පොල් කැඩූ පසු තම සීයා විසින් සියළු පොල්ගෙඩි අතින් ලෙලි ගසන ලෙස දුන් උපදෙස් අංගං ශිල්පය මතු පරපුරට රැුකදීම සඳහා කළ උපක‍්‍රමයි. එසේම කැලේට ගොස් බෙහෙත් වර්ග බෙහෙත් පැලෑටි සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේය. එසේ කළේ සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බැවිනි.
එසේම කුඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ කියාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන දිව් බවත් තම ශක්කිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින ප‍්‍රගුණ කළ බවත් අපට පැවැසීය.

අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැුකගත්තෝ මෙම අංගං ශිල්පීහුය. මෙම සටන් ශිල්පය ඉගෙනීම සඳහා සිංහල බෞද්ධයකු වීම අනිවාර්ය ය. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැුක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝග ීබවත් මෙම සටන් අනිවාර්ය අංග බැවිනි.

එසේම එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. ඒ සඳහා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැනක් දෙයි. වේලාපත්කඩය බලා ආයුෂ ධාරණ, ශක්තිය, කුන්ඩලණි ශක්තිය, දරාගැනීමේ ශක්තිය, ග‍්‍රහ අපල දොස් බැලීමෙන් සුදුසු නම් පමණක් සටන් කලාව ප‍්‍රගුණකිරීමට තෝරාගැනෙයි. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම අභ්‍යස, භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, යක්ෂ ගෝත5ිකයන් නිර්මාණය කළු සුවිශේෂී භාවනා ක‍්‍රමත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රමඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද  ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගං ශිලපයේ පවතින බව අජන්ත ගුරුන්නාන්සේ අප සමඟ පැවැසීය.

අංගං ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි ඔහුගේ මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැුක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගං ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. එම පරපුරෙන් පැවත එන කොරතොට මහන්ත ආරච්චි පරම්පරාව මෙම සටන් ශිල්පය අනාගතයට රැුක දීමට විවිධ අපහසුකම් මධ්‍යයේ කටයුතු කරමින් සිටී.

අතීතයේ විවිධ අවස්ථාවලදී පරයින් හමුවේ අප මවුබිම ආරක්ෂාකළ සටන් ශිල්පය කිසිම වගකීමක් නොමැතිව ඇතැම් අය පරදේශක්කාරයින්ට ඉගැන්වීම කනගාටුදායක බවත් එයින් එම සටන් ශිල්පය විනාශමුඛයට ඇදී යනබවත් අජන්ත අප සමඟ පැවසීය.

එම නිසා තම පරපුර රහසේ කරගෙන ආ අංගං හරඹ සටන් ශිල්පය අළලා ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ රණකෙලි පූජාවක් පැවැත්වූ බව ඔහු කියයි . එමගින් අංගම් පොරනමින් බිහිවී ඇති ව්‍යජ සටන්ක‍්‍රමවලින් (කලරි, මලයාලම් වැනි ඉන්දීය සටන් ක‍්‍රම) පිරිසිදු අංගං හරඹ ශාස්ත‍්‍රය අනාගත පරපුරට උරුමකරදීමට අපේක්ෂා කරයි.

අංගං ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇති ශාස්ත‍්‍රයකි. එය රාවණයුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි.

රවීංශෛලාංත ගෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කොරතොට ආරච්චි පරම්පරාවෙ ආරච්චිවරු 18 දෙනෙක් වූහ . ඒ අයගෙන් වැඩි දෙනෙක් අංගං ශිල්පයේ පරතෙරටම ගිය අයයි. මෙයින් මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි කියන පරම්පරා පමණයි අද ඉතුරුවී සිටින්නේ.
මහන්ත ආරච්චි යනු ප‍්‍රධානයාය ි. යුද්ධයට අවශ්‍ය අංගං සටන් පුහුණුකිරම, ඉගැන්වීම පැවරුණේ මහන්ත ආරච්චිටයි.

කඩුවෙල කොරතොට රජ මහා විහාරය ආශි‍්‍රතව අංගං මඩු තුනක් පිහිටා තිබීණි . කඩුවෙල රුක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව ඇදී ප‍්‍රදේශ වලින් හැඩි දැඩි ශක්තිමත් තරුණයෝ අංගං සටන් පුහුණුව ලදහ.
1505 දී පෘතුගසීහු ලංකාව ආක‍්‍රමණය කළහ. සිංහලයින්ට මහත් පීඩා විඳින්නට සිදුවිය. පරංගීහු රට වනසමින් සිටියහ. ස්තී‍්‍රන් දුෂණය කළහ. දේපොළ කොල්ල කෑහ. බෞද්ධ ආගම වෙනස්නොකරන ලද සිංහලයින් මරාදැමීමටත්, පන්සල්, දේවාල ගෙවල් දොරවල් ගිණිතැබිමටත් පෙළඹුණාහ. ආගම වෙනස් නොකළ සිංහලයින්ගේ දරුවන් උඩදමා කඩුව ඇල්ලිමට තරම් මිලේඡු විය. සිතාවක ටිකිරි කුමරු යටතේ සිංහල සේනාවෝ රහසේ සංවිධානය වූහ. රහසේ කොළොඹ ගොස් පරන්ගීන් මරා දමා ආපසු පැමිණියහ. එම ප‍්‍රහාර වේගවත් විය. පරන්ගීන්ට දරාගැනීමට නොහැකිවිය. පරංගීහු අංගං සටන්කාමින් මරාදමමින් අංගංමඩු පිටින්ම ගිනිි තැබූහ.

1559 දී පමණ සීතාවක මායාදුන්නේ රජුගේ පුත‍්‍රයා වූ ලාබාල ටිකිරි කුමරා පළමු රාජසිංහ නමින් රජ තනතුරට පත්වී සිටියේය. සීතාවක රාජසිංහ නමින්ද එතුමා හැදින්විූය.
සේනාධිපති හැටියට කටයුතු ාකළේ වික‍්‍රමසිංහ මුදලිතුමාය. මේ වෙනවිට මුල්ලේරියාව සටන් ආරම්භවී තිබුණි.
එම ඓතිහාසික සටන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. එම මුල්ලේරියාව සටනේදී පරන්ගීන් සමපූර්ණයෙන් පරාජය කිරිමට ටිකිරි කුමරා ප‍්‍රමුඛ සිංහල හේවායෝ සමත්වූහ. එහිදී මියගිය පරන්ගි ගණන 1600 ට වැඩිබව ඉතිහාසය තුළ ලියවී ඇත. පෘතුගීසීන්ගේ නවින අවි ආයුද තුට්ටුවකට මායිම් නොකල සිංහල සේනාව අතිවිශිෂ්ට ජයක් ලැබීය. එම සටනෙන් පසුව මුල්ලේරියා වැව හා කුඹුරු යාය සම්පූර්ණයෙන් රත් පැහැ ගැන්වුණ් බව සඳහන් වෙයි.
මුල්ලේරියා සටන් පවතිත්දි ටිකිරිකුමරාගේ සේනාධිපති වික‍්‍රමසිංහ මුලිතුමා තුවාල ලැබීය. පසුව රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තව කොරතොට රජමහා විහාරයට පැමිණිය හ.
මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි.

මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.
කොරතොට ආශි‍්‍රත ප‍්‍රදේශය සටන් පැවති ප‍්‍රදේශයකි. කඩු හංගා තැබූ වෙල්යාය කඩුවෙලෙය. මුල්ලේරියා වැවේ කොටසක් අද ද දැකගත හැකිය. කොළොඹ හංවැල්ල මාර්ගයේ ගල්වාන ප‍්‍රදේශයේ ගල්වාන රාජමහා විහාරය භූමියේ ගිරි ශිඛරයෙන් පහත නිරීක්ෂණය කිරීමෙදී මෙම මුල්ලේරියා වැව දැකගත හැකිය.
පසුව සීතාවක රජතුමා මියගිය පසු අංගං සටන් ශිල්පීන්ට විවිධ වූ අඩම්තේට්ටම් කරදරවලට මුහුණ පෑමට සිදුවිය. සටන් කරුවකු මැරීමට පරංගි හමුදාව විශාල පිරිසක් ආහ. විහාර දේවාල බිමට සමතලා කළහ. කැලණිය රාජමහා විහාරයත් ඒ අතර විය. නවගමුව පත්තිනි දේවාලය අට වරක් බිමට සමතලා කළහ.
මෙසේ හෙයින් ඔවුනට පක්ෂපාත බවක් දැක්වීමට ආරච්චිවරු ද පෘතුගීසි නම් භාවිතාකර ඇත. ඒ නම් අතර පෙරේරා නම ද විය. කොරතොට මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා අද අංගම් ශිල්පය පණ මෙන් රැුකීමේ වගකීම භාරගෙන සිටයි අජන්ත මහන්ත ආරච්චි ට පෙරේරා නාමය එක්වූයේ එසේය.
ටිකිරි කුමරු යටතේ මෙන්ම පළමු වැනි විමලධර්මසූරිය රජු යටතේත් දෙවැනි රාජසිංහ රජු යටතේත් දන්තුරේ, බලන හා රන්දෙණිවල ප‍්‍රදේශවලදී ද ප‍්‍රතිකාලූන්ට අන්ත පරාජයක් අත්කරදෙමින් සිංහල හේවායන් ජය ගත්තේ අංගම් සටන් ශිල්පය උපයොගී කරගනිමිනි .

ඉ ංගී‍්‍රසිහු ද ඔවුන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ අංගං ශිල්පය තහනම් කළහ. 1817 කැරැුල්ලෙන් පසුව ගැසට් නිවේදනයකින් අංගං ශිල්පය තහනම් කර එසේ නොනැවතී අංගං සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩිතබා ජීවිතාන්තය දක්වා සිරකර තැබීමටත් සියලූම අංගං ආයුධ අත් අඩංගුවට ගෙන අංගං මඩු ගිනි තැබීමටත් නියොග කළහ. කඩු කිණිසි භාවිතය ද තහනම් කළහ එපමණක් නොව ශක්ති ජනක ඖෂධයක් බව කියන අබිං පවා තහනම් කළහ.
මේ අවස්ථාවේදී මහන්ත ආරච්ිචි පරපුර තම දිවි දෙවැනි කොට අංගං සටන් ශාස්ත‍්‍රය රහසිගතව රැුකගත්තේය. අංගං ශාස්ත‍්‍රය නැටුම් බවට හරවාගෙන සිංහ නැටුම්. කොටි නැටුම්, වලස් අඩිය ආදී නැටම් ශිල්ප ලෙස ඉතා රහසිගතව රැුකගෙන ආයේය.
ඒ අභීත පරපුරේ විරුවෝඅදත් එම ශිල්පය රැුකගනිතිී. මෙම ශාස්ත‍්‍රය රැුකගැනීම සඳහා අජන්ත ගුරුන්නාන්සේ තරුණයනට ද ආරාධනා කරයි. මේ සඳහා අංගං ශාස්ත‍්‍රයට ආදරය කිරීමත්, කැපවීමත්, විශ්වාසයත් ඇතිකරගත යුතුය.

අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයාවිරහිත කරවූ බව සඳහන්ය.ශූර අංගං ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.
වෙල්ලක්කාර සටන් පරපුරේ මහන්ත ආරච්චි පරපුරෙන් පැවත එන ඉලංගම හතරවැදෑරුම්ය හතර ඉලංගම මෙසේය. කවිකාර ඉලංගමෙන් රජතුමාට ප‍්‍රශස්ති ගායනා ඉදිරිපත් කැරුණි කියා රාජකුමාරවරුනට කුමර සෙල්ලම් හෙවත් යුද පුහුණුව දුන්නේ වාහල ඉලංගමෙනි. නර්තන හා ඒ ආශ‍්‍රිත සිදුකළ දේ් නැටුම් ඉලංගමට අයිති විය. අංගං ශාස්ත‍්‍රය සිංහල මල්ලව පොර හෙවත් ගුස්ති ශාස්ත‍්‍රය ඉලංගං ශාස්ත‍්‍රය, පැනුම්, පිනුම් ශාස්ත‍්‍රය ආදී යුද්ධයට අවශ්‍ය සියළු සටන්ක‍්‍රම හරඹ ඉලංගමයි. මෙහි වර්තමාන හිමිකාරයා අජන්ත මහන්ත ආරච්චි ගුරුතුමාය.
අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. තම පරපුරෙ-හි මුතුන් මිත්තන් පරිහරණය කළ අවි ආයුද තමන් සතුව ඇතැයි අජන්ත පැවසීය. ඒ අතර කස්තාන, කලාකිරිඤ්ඤ, නයිපෙන කඩු, සිංහකඩු, සුදු කඩු, කිනිසි, කිරිච්චි ඒ අතර ප‍්‍රධාන වෙයි.

කස්තාන යනුවෙන් හදුන්වන කඩුව මිටෙහි කැටයමින් කළ සිංහ මුහුණු හයක් හෝ හතක් ඇත. මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි. ගාම්භීර තේජවන්ත බව කස්තානයෙන් දිස්වෙයි. සුදු කඩුුව ද වශේෂ කඩු වර්ගයකි. එම කඩුව නිමකර ඇත්තේ සුදු වානේ වලිනි. එම සුදු වානේ ශී‍්‍ර ලංකාවෙන් දැනට සොයාගැනීම අපහසුය. එය ද පෞරාණික කඩු විශේෂයකි. එසේම ඇත්දළ කැටයමින් යුත් කඩු ද ඇත. කලාකිරිඤ්ඤ ගෝන අං, හරක් අං හා මුව අංවලින් නිමකර ඇත. මෙම අංවර්ග විෂ සහිතය.
අංගං ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණියැයි අපහට අදහස් දැක්වූ අජන්ත පැවසීය. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන අංගං ශාස්ත‍්‍රය රණ කෙළි පූජාවක් නැරඹීමේ වරම අපට ලැබිණි. එය මහත් වාසනාවක් කොට අපි සලකමු.

රහසේ පවත්වාගෙන ආ ශාස්ත‍්‍රය පථම වරට රණකෙළි පූජා උත්සවයක් රාවණ නැකතින් ආරම්භකළේ ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයට අයත් කදු ශිඛරයේ ඇති ගල්තලාව මතය. ගලින් ගල අඩිය තබමිින් හිමිදිරියේ එම ගල්තලාවට ගියෙමු . එම ස්ථානයේ කිසියම් ගුප්ත බවක් ඇතැයි පළමු වරට එහි ගිය අපට දැනිණිි. මොහොතක් ගතවෙත්ම මනාකොට ඒබව අපට වැටහෙන්නට විය.
නියම හේවායන්ගේ විලාසයෙන් අප ගුරුන්නාන්සේ ප‍්‍රමුඛ අංගං ශිල්පීහු අපේ ප්‍රෞඩත්වය අපගේ ඇස් පනාපිටම පෙන්වූහ. සටන්කෙළි පැවති භූමියට සීමාපැනවිණි. අංගං ශිල්පින් නොවන අයට ඇතුල්වීම තහනම් විය. ඒ මෙම ස්ථානය පත්තිනිදෙවියන් තම දෝණිය හා පුතාට අංගං සටන් ඉගැනවූ භූමිය බව කියැවිණි ඒ වසර විසිදහසකට කලිනි.

පත්තිනි දේවිය පතිවත රැුකි කාන්තාවකි. පත්තිනි දෙවියන් මෙන් අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ තවත් කාන්තාවන් මෙම සටන් ඉතිහාසයේ සඳහන්වෙයි. ඒ අතර කුවේණිය ද වෙයි.
පසුකාලීනව සීතාවක රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ සේනාධිපතිනියක නවරත්න මැණිකේ ද අංගං සටන් ශිල්පය හොදින්ම ප‍්‍රගුණකර සිටි සටන්කාමී කාන්තාවකි.

මහනුවර යුගයේදී සෙනරත් රජු යටතේ ගලබොඩ කුමාරිහාමිද සේනාධිපති තනතුර ද පසුව ඒද`ඩුවාවේ දිසාපති තනතුරද දරා ඇත. එවන් වීර තරුණියෝ දෙදෙනෙක් ද අංගං ඉලංගං හරඹ පනික්කි රණකෙළි පූජාවේදි දුටිමු. තමා ලත් ශිල්පශාස්ත‍්‍රය කිසිවිටකත් අයුතු ප‍්‍රයොජන සඳහා යොදා නොගන්නාබව බුදුන්වහන්සේ ඉදිරියේ ද රාවණ දෙවියන් ඉදිරියේ ද, කතරගම මහසෙන් දෙවියන් ඉදිරියේ ද(කතරගම දෙවියන්*, පත්තිනි දෙවියන් ඉදිරියේ ද, රාසිං දෙවියන් ඉදිරියේ ද (ආරච්චි පරපුර සීතාවක රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස අදහති* යක්ෂ ගෝත‍්‍රයේ මියගිය නෑ යක-ුන් ඉදිරියේ ද අංගං ශිල්පිහු දැඩිලෙස දිව්රුම් දී පොරොන්දු වෙති.

රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගං සටන් එළිදැක්වුණු අවස්්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගංහරඹ වලින් යුක්ත වී ඇත.
එසෙම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගං සටන් එළිදැක්විණි.




උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/1149


Monday, September 26, 2011

‘රාවණා’ වෙනුවෙන් හැදෙන දඬුමොනරය

0
 

‘රාවණා’ වෙනුවෙන් හැදෙන දඬුමොනරය

පසුගිය දිනවල තවත් ඓතිහාසික කතාන්දරයක් සිනමාවට නැඟුණා. ඒ ‘විජය කුවේණි’ කතා වස්තුව. ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ වැඩ නිමවීමෙන් පසු සුගත් සමරකෝන් තවත් ඓතිහාසික කතාවක් සිනමාවට නැඟීමට සූදානම් වෙනවා.

”මේ සැරේ මම කරන්න ගත්තේ ඓතිහාසික මහා රාවණා වෘත්තාන්තය. මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කරන්නේ ‘විජය කුවේණි’ චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීරයි.

මහා බලපරාක්‍රමය සහ ඥාන සම්භාරයක් හිමිව සිටි ‘මහා රාවණ’ රජු ප්‍රධාන කොට තමයි මේ චිත්‍රපටය ගොඩනැඟෙන්නේ. මේ චිත්‍රපටය සඳහා රාවණා රජුට අහසින් යාමට දඬුමොනරයක් අවශ්‍ය වෙනවා. මේ දිනවල කුඩා ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් එකක් භාවිතා කරලා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ධම්මික පි‍්‍රයන්ත මහතා දඬුමොනරයක් හදනවා.

උපුටා ගැනීම - http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=av1109252


Sunday, September 25, 2011

විශ්වය පාලනය කරන දෙතැනක් ලංකාවේ

1
රන්දිව පුවත්පතෙන්

රාවණාගේ බෙහෙත් Area 51'හි අත්හදා බලයි

1
රන්දිව පුවත්පතෙන්


Saturday, September 24, 2011

ගුවන් විමානය

0
රන්දිව පුවත්පතෙන්

Wednesday, September 21, 2011

හිට්ලර් රාවණගේ තාකෂණයෙන් රොකට් තනයි

0


රන්දිව පුවත්පතෙන්
 
දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර් ගේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද අමුතු වර්ගයේ ගුවන් යානා සහ රොකට් තාකෂණය පිලිබද සකස් කෙරෙණු වාර්තාමය වැඩසටහනක්







ගුවන් විමාන

0

රන්දිව පුවත්පතෙන්


Sunday, September 11, 2011

ගරු ජනාධිපතිතුමනි.... ඔහුගේ කතාවටත් සවන් දෙන්න....

3


ඔහු නමින් ඩීමන් ආනන්දය. ඩීමන් ආනන්ද කී සැනින් අපේ මතකයට එන්නේ එදා රහස්‌ පරීක්‌ෂක කතා සංස්‌කෘතියෙන් සිංහල පාඨකයා අතරට ආ නව කතාකරුවාය....
ඒත් මේ ඩීමන් ආනන්ද ඔහු නම් නොවේ. ඔහුට වඩා හුඟාක්‌ වෙනස්‌ තේරුම් ගත නොහැකි විරලම ගනයේ මිනිසෙකි. උසස්‌ ගතිගුණවලින් පොහොසත් කාටවත් කරදරයක්‌ නැති අහිංසකම අහිංසක මිනිසෙකි.

කාට කරදරයක්‌ නැතත් පසුගිය සති දහයක දොළහක කාලය තුළ ඔහු දිගින් දිගටම මට නම් කරදර කළේය. ඒ මට හිරිහැරයක්‌ කිරීමට නොව, ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ට රහසක්‌ කීමට අවස්‌ථාවක්‌ සලසා දෙන ලෙසය..... ඉල්ලීමෙන් මවිතයට පත්වූ මම, මා එය ඉටුකර දෙන්නේ කෙලෙසදැයි ඇසුවෙමි....

මේ ඉල්ලීම ගැන පත්තරේට ලියන්න මහත්තයා. එතකොට එතුමා ඒක බලාවි. එතුමා ළඟ ඉන්න නිලධාරීන්ට කියලා වැඩක්‌ නැහැ. ළඟටවත් යන්න දෙන්නේ නැහැ. අනිත් එක මේ රහස කියන්නේ මම නොවෙයි. මගේ දුව.... එයා වැඩිවියට පත්වෙන්න පෙර මේ රහස කියා ගන්න ඕන. ඊට පස්‌සේ කියල වැඩක්‌ නැහැ. මේක විශ්වයේ ඉඳලා එන පණිවිඩයක්‌.....

පළමුව මේ කතාව ඇසූ මම අන්ද මන්ද වූයෙමි.... ටිකෙන් ටික ඔහුගේ කතාව විමසා බලන්නට මම උත්හාස කළෙමි. ඔහු එසේ මෙසේ මිනිසකුත් නොව, මානසික වියවුලක ආතතියක සිටින අයෙකුත් නොව.... යම් හරයක පිහිටා කතා කරන ක්‍රියාකරන අයෙක්‌ බව මා දැන ගත්තේ ඔහු අතීතයේ කළ කී දේ ගැන දැනගත් විටය.....

සීගිරි ගලේ සිදුරු ඇති කරමින් විවර ඇතිකරමින් ගල විද ඊට තුවාලකර කොන්ක්‍රීට්‌ තට්‌ටු හා කණු දමා ගොඩනැඟිලි සෑදීමට බලධාරීන් ගත් උත්සාහයට එරෙහිව තනිවම සීගිරි ගල උඩ මාරාන්තික උපවාසයක්‌ කළේ ඔහුය.... ඔහු කීවේ සීගිරි ගලට වින කරනවුන් ගෙන් සීගිරිගල බේරා ගත යුතු බවය.... ඊට පසු සීගිරිය බලන්නට ගිය ජනපතිතුමා ගල මුදුනේ කොන්ක්‍රීට්‌ දමා ඉදිකරමින් තිබූ වැසිකිළි පද්ධතිය ගලවා ඉවත් කරන්න යෑයි නියෝග කළේය. එය ඩීමන් අයියාගේ ජයග්‍රහණයකි.

සීගිරිගලේ ජීවත්වන බඹරුන් සමග කුමක්‌දො ආත්මීය භාෂාවකින් කතා කරමින් බඹරුන් දහස්‌ ගණනින් එක පොදියට තම දෝතට ගෙන කතා කළ හැකි යමෙක්‌ මේ මිහිපිට සිටී නම් ඒ ඔහුය.... ඔහු කියන්නේ ඔහුටත් ඔහුගේ දියණියටත් ඒ සඳහා බලයක්‌ හැකියාවක්‌ ඇති බවය. එහි ඇතුලාන්තයේ ඇති බොහෝදේ ඔහු අපට නොකියයි.....

පසුගිය ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ලංකාවේ පවතිද්දී එහි තරග සංවිධායකයෝ මහත් ගැටලුවකට මුහුණ දුන්හ. ඒ එම තරග සඳහාම අභිනවයෙන් ඉදිකළ නුවර පල්ලේකැලේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය හා එහි ක්‍රීඩාගාර බඹර හමුදාවකින් පිරීගිය නිසාය. මේ බඹරුන් ඉවත් කිරීම මහත් ප්‍රශ්නයක්‌ විය..... මේ ගැටලුව විසඳන්නට මැදිවූ කෙනා ඩීමන් ආනන්දය. ඔහු එහි ගොස්‌ ඔහුටත් බඹරුන්ටත් පමණක්‌ හිමි ආත්මීය භාෂාවෙන් කතිකාකර බඹරුන් එක්‌

රැස්‌කර දොතට ගෙන ක්‍රීඩාංගණ පරිශ්‍රයෙන් ඉවත් කළේ කුමක්‌ හෝ සම්මුතියකට අනුව බව නිසැකය.

ඔහු සතිපතා මා හමුවන්නට ආවේය. මට කතා කළේය.....

අනේ මේ උදව්ව කරලා දෙන්න මහත්තයා. රට වෙනුවෙන් මේ උදව්ව කරන්න. ඔහු මට කියයි.... ඔහු පිළිබඳ තේරුම් ගත නොහැකි වූ නිසා මමද හිටියේ උභතෝකෝටිකයකය.... අවසානයේ මම නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාට කතාකොට ඩීමන් ආනන්ද ගැන ඇසුවෙමි...... ඒ ඔහු නිතර නිතර පූජිත ජයසුන්දර මහතාව හඳුනන බව කියූ නිසාය......

ඩීමන් ආනන්ද මම දන්නවා. ටිකක්‌ තේරුම් ගන්න අමාරුයි තමයි.... ඒත් මිනිහා නරක මිනිහෙක්‌ නොවෙයි..... අවංක මනුස්‌සයෙක්‌... රටට, ජාතියට, ආගමට මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිහෙක්‌...... ඔහු කීවේය......

ඩීමන් අයියා නිරතුරුව මා හමුවන්නට ආවේ කුමක්‌ හෝ පුදුම සහගත දෙයක්‌ ද රැගෙනය. වරෙක ඔහු යම් යම් දේ මතුපිටක අලවා අලංකාරව සකස්‌ කරන ලද රටා සහිත රූපයක්‌ මා ඉදිරියේ තැබුවේය.....

දන්නවද මේක මොකක්‌ද කියලා.... මේක තමයි රාවණා යන්ත්‍රය. මහා බල සම්පන්න යන්ත්‍රයක්‌. මම මේක හදල තියෙන්නේ ලංකාවේ තියෙන ධාන්‍යවර්ග, දුර්ලභ ඖෂධ වර්ග එකසිය ගණනක්‌ රටා සහිතව අලවලා....

රාවණා විශ්වාස කරනවාද..... මම ඇසුවෙමි....

ඔහු බිම බලා ගත්තේය.... දන්නවද රාවණා... සොහොන තියෙන්නේ කොතනද කියලා.....

මම දන්නේ නැහැ මම කීවෙමි ය.....

සීගිරිය ළඟ..... පිදුරංගල මම එතන ලොකු පහන් පූජාවක්‌ සත්‍යක්‍රියාවක්‌ කළා.... ජනාධිපතිතුමාට දිර්ඝායුෂ පතලා.... මම ඒ ගැන වැඩිය ඈතට කතා බහ කරන්නට ගියේ නැහැ.....

සීගිරිය කියන්නේ ඉතිහාසයේ අති විශාල ලොකු ලොකු රහස්‌ සැඟවිලා තියෙන තැනක්‌ මහත්තයා.... ඒ රහස්‌ එක්‌ක බලනකොට දැන් එළිපෙහෙළි කරගෙන තියෙන්නේ තොරුතුරු සොච්චමයි.... හැම රහසක්‌ම වැහිලා, වැළලිලා අතීතයට එක්‌වෙලා ගිහින්...... ඒ රහස රකින බලවේග ඒ හැමතැනම තියනවා මහත්තයා.

ඔහු ඒ ගැන කියන කතා අපේ භාෂාවෙන් නම් අපබ්‍රංශය... එහෙත් ඔහුගේ ඒ අහිංසක ඉල්ලීම පුවත්පත මගින් ජනාධිපතිතුමන්ට යොමු කරන්නට අවසානයේ මම භාරගතිමි.....

මා මෙසේ කියන්නේ ඒ නිසාය.... ගරු ජනාධිපතිතුමනි ඔබට කියන්නට ඔහුටත් රහසක්‌ ඇත.... කරුණාකර ඊටත් මදක්‌ සවන් දෙන්න.


බුලිත ප්‍රදීප් කුමාර 

උපුටා ගැනීම - http://www.divaina.com/2011/09/11/nimna04.html

Thursday, September 8, 2011

අංගම්පොර ඉතිහාසය

1
අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ''අංගම්පොර'' නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.

Angampora

ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.
මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.

අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්



Angampora
සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම


Angampora
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස  පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.

තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම

Chinadi
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.

  • චීන චෙම්පූ
  • ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
  • ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
  • මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
  • ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
  • නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම
අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම

Angampora
දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන් කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව කාහටත් රහසක් නොවේ.

උපුටා ගැනීම - http://angamhoru.blogspot.com/p/blog-page_22.html 

 

 

රාමායනය තත්කාලයෙන් විමසීම........

4

සර්ව සාධාරණ දැහැමි රජෙකැයි දශරථව රාමායනයේ හැඳින්වුවද නිකම් සිටින වෙලාවට දශරථ රජු කරන ලද්දේ දඩයමේ යාමය. ඒ දරුවන් නැති දුක නැති කරගන්නටය. (අසිංහළ වංශ කතා කාරයා කියන පරිදි දෙවනපෑතිස් රජ මුව දඩයමේ ගියේය. ඒ දරුවෝ වැඩි වූ නිසා ඇතිවූ දුක නැති කරගන්නටදැයි මෙවිට සිතේ.) දරුවන් නැති දුකෙන් හුන් දශරථ දඩයමේ යාමේදී ඊතල භාවිතා කරන ලදි.

හේ ‘‘ශබ්ද භේදී වාණ’’ නම් දුණු විෂයෙහි අති දක්ෂයෙකු බව රාමායනය පහදයි. එනම් සතෙකුගේ හඬ ඇසුණු පැත්තට නිවැරදි එල්ලය බලා විදීමේ අති දක්ෂයෙකු බවය. මේ අති දක්ෂයා ඉඳල ඉඳලා විද්දේ ඇස් අන්ධ දෙමාපියන් පෝෂණය කරන තරුණයෙකුටය. ඒ ඔහු දෙමාපියන්ට බොන්නට වතුර ගෙනෙන්නට වනයේ දියකඩිත්තක් අසළට ගිය විටය. ඉන්පසු මේ ධාර්මික රජු තරුණයාගේ මළ සිරුරත් තමන්ට ශාප කල ඒ අන්ධ දෙමාපියනුත් වනයේ දමා රජවාසලට ඒමය.

අශ්ව මේධ යාගය පටන්ගත්තේ දරුවන් ලබන්නට අළුත් මගක් ලෙසිනි. වසරක් පුරා දිනපතා අශ්වයන් බිලිදෙමින් කල මේ අශ්වමේධයාගය කෙතරම් ධාර්මිකද? මේ වගේ ගොන් මොට්ටයෝ ලංකාවේත් සිටිති. හලාවත මුන්නේශ්වරම් දෙවොලේ එළුවන්ගේ බෙලි කඩා ලේ බොන්නේ මුන්ගෙන් පැවත අවුත් ලංකාවේ පදිංචිවූ හැතිකරේය.

කූරගල බුදුන්වහන්සේ දිවාවිහරණය කළ තැන හරක් මරා ලේ උලන්නේ අද බෞද්ධයන් නැති නිසාය. මේවා ගැන කතා කරන්නට බැරි ගණ පන්තිය ගෑනුන්ගේ ඇඳුම් පලා පස්ස පෙන්නීම ගැන බණ කියති. තවත් අයෙක් දානෙ ගැනම කට ඇරියොත් බණ කියති. තවත් අයෙකු මස් කෑම බුදුන්වහන්සේ අනුමත කිරීම ගැන පොත් ලියා ඇත.

ගැටළුවක් නැත. අද බෞද්ධයන් නැති නිසා කිසිදු ගැටළුවක් නැත. ලංකාවේ  ඕනෑම ආගමකට නිදහස ඇතැයි කියා නීතියක් හදා ඇත්තේ මේ රට අබෞද්ධ නිසාය. හෙට දවසේදී ශරියා සහ ජිස්යා නීති ක‍්‍රියාත්මක වෙද්දී පාරමිතා පෙරහැර ලබ්බක් ඇතුලට ගොස් සැඟවී බෙර ගසනු ඇත. හැකි විගස මේ කුණුවුණු ලබුගෙඩියට පයින් ගසා මහවැලියට තල්ලූ කල යුතුය.
කූරගල පාවාදී චක‍්‍රවර්තීවරු බිහිකල රටක ශරියා නීතියෙන් තමන්ගේ කාලක් නැති කරගන්නට බලා සිටි පිරිසට ජීවත්ව සිටියහොත් සිදුවන්නේ සම්පූර්ණ එකම නැති කරගන්නටය.

දශරතගේ බිරින්දෑවරු තුන්දෙනාම ගැබ් ගන්වනා ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. ඒ පායාසය ගිල්ලවීමෙනි. දශරථ විජය මෙන්ම දරුවන් නැති පුද්ගලයෙකි. දශරථ අශ්වයන් ගින්නට දමද්දී විජයගේ පරපුර සිංහළයා ගින්නට දමා ඇත. දරුවෝ නැති විජය අපේ මුත්තා මෙන්ම රාමගේ පියා බවට පත්ව ඇත්තේ දරුවන් නැති දශරථය. එය එසේනම් පායාසය යනු කිරිබත් නොවිය යුතුය.
මිථිලාවේ කෙළවරක් නැති සත්ත්ව ඝාතනය ගැන කෝපවූ අපේ රාවනයන් කලේ තාඩකා සාමන්තයික පාලිකාවට වහා එය නවත්වන්නට අණ කිරීමය. ඇය තම පුත් මාරිචි සහ සුබාහු යවා රැයේ බැඳ සිටින සතුන් මුදා හැරියහ. රකුසන් ම්ලේච්ඡයැයි අපට මේ ඉන්දියානු ආර්ය ජඩයන් කීවේ අප සතුන්ට අභයදානය දුන් නිසාය.

මහානුභාවසම්පන්න විශ්වාමිත‍්‍ර අංක එකේ කපටියෙකි. ප‍්‍රයෝගකාරයෙකි. හේ මුනිවරයෙක්දැයි පුදුම සිතේ. මේ මහ මුනිවරයා ශාප කිරීමේ අති දක්ෂයෙකි. ශාප කිරීමට දක්ෂ එකා මුනිවරයා යැයි පළමුවරට අපට දැනගන්නට ලැබෙන්නේ රාමායනයෙනි. එය සැබෑ මුනිවරුන්ට අපහාසයකි. මෙය සත්‍යයක් නම් මේ කියන කාලයේදී ඉන්දියාවේ මුනිවරු සිට නැත සිට ඇත්තේ කට්ටඬිය. විශ්වාමිත‍්‍ර ශාපකලවිට ඒ පුද්ගලයාට ඒ ශාපය එවේලේම පල දෙන බව කියයි. මෙහෙව් විශ්වාමිත‍්‍රයා හාස්කම් නැතිවී දාදිය දමමින් හතිදමමින් දශරථ මුණගැසෙන්නට ආවේ රාමව ණයට ඉල්ලා ගන්නටය. ඒ තාඩකා පරපුර නසන්නටය.

දැන් ගැටළුවක් ඇත. එවෙලේම ප‍්‍රතිඵල දැකිය හැකි ශාප කල හැකිවූ විශ්වාමිත‍්‍ර රකුසන්ට ශාප කලවිට එසේ පඩිසන් නොදුන්නේ ඇයි? ඒ රකුසන් මේ මුනිවරයන්යැයි කියාගන්නා කට්ටඬින්ට වඩා ප‍්‍රබල සහ ධාර්මික නිසා නොවේද?
රාමයා විසින් තාඩකාව මරා දමන ලදි.

පරශුරාම දුටුවිට මහා වීර දශරථ බියෙන් වෙව්ලන්නට පටන්ගත් බවද රාමායනයම කියයි. මිථිලාවේ ජනක රජු තමන්ගේ අභිජාත දියණිය දුන්නේ ලක්ෂ්මන්ටය. අරන්හදාගත් දුවව දුන්නේ රාමයාටය.

මේ රාමායනය පුරාවටම කියැවෙන මුනිවරු නම් කාලෙ කා දමන මිනිසුන් මුලාකරන තක්කඩිමය. පෞරෂහීන බෙලහීනයන්ය. මොවුන් රැකි වෘතයක් හෝ යෝගී බවෙක් නැත. මුන් ගැන මහාභාරතයේද මහ ඉහලින් වනනු ලබයි.

දුර්වාසා යනු නිතර කෝපයෙන් පසුවන කිළුටු ඇඳුම් ඇඳි හපුටු මුනිවරයෙකි. ඔහු විවාහවූයේ කන්දලී නම් රණ්ඩු කෙක්කක් සමගය. රණ්ඩු ඉවසා ගත නොහැකිව මේ මුනිවරයා බිරිඳව ගිනිතබා මැරීය. මේ අල්ලපනල්ලේ කන්දලීගේ දැවුණු අළු ගෙන පොහොර හැටියට යොදා විෂ්ණු කෙසෙල් වගාවක් ආරම්භ කලේය. මේවා මාස ගණන් නිවාඩු දමා සිනහවන්නට සුදුසු කතාය.


දිනක් දුශ්‍යන්ත ගැන සිත සිතා හුන් සකුන්තලාට මේ හපුට්ටාට සලකන්නට අමතක විය. ඉන් කිපුණු මුනියා සකුන්තලාගේ මගුල කඩන්නට මහත් වෙහෙසක් ගත්තේය. අම්මපා මුන් මුනිවරුද?

මේ දුර්වාසයා නියම පාඩම ඉගෙනගත්තේ මොනවා කලත් විෂ්ණුගෙනි. නාන්නේ නැතිව හිඳ කාලෙකින් ස්නානය කල මේ දුර්වාසයා නා දියෙන් ගොඩට එත්ම අම්බරිෂ රජු කන්නට යමක් දුන්නේ නැති බැවින් කෝපයෙන් හිසේ බැඳගෙන හුන් ජටාව ගලවා ඉරා පොලවේ ගසත්ම විෂ්ණු මෙතෙක් කල් ඉවසා බැරිම තැන චක‍්‍රයකින් මුනියාට දමා ගැසීය. හේ ඉන් බේරෙන්නට බඩගින්නේම හැතැප්ම ගණනක් දිව ගියේය.

විභාණ්ඩක මුනිවරයාට ඌර්වසී දෙවඟන දුටුවිටම ධාතු පහවිය. එම ධාතු පෙරුණේ අසළ දියපහරකට බව කියැවේ. එය බිව් මුවදෙනක් ගැබ්ගත්තීය. මේවා නම් කුණුහරුපමය.

මෙලෙසින්ම වෛදික මතය වන්නේ ඌර්වසී දැකීමෙන් මිත‍්‍රාවරුණට ධාතු පහවී වශිෂ්ඨ සහ අගස්ති මුනිවරු උපන්බවය. මුන් කියන මේ දකිනවිටම පිරිමින්ට ශුක‍්‍ර පහවන ඌර්වසී කෙබඳුදැයි සිතාගැනීමටවත් නොහැකිය. මන්ද ඒ තහවුරු කරගැනීමට දෙව්ලොව යායුතු බැවිනි.

මෙලෙසින්ම ඍතාවි නම් දිව්‍ය වෛශ්‍යාව දැක භාරද්වාජ නම් නපුංසක මුනියාට ශුක‍්‍ර පහවිය. හේ එය බඳුනකට එකතු කරන ලද්දේ විය. මේ කියැවෙන විදියට මේ වෙසඟනුන් දිව්‍ය විය නොහැකිය. මෙහේ නම් පාරේ මෙවැනි ගැහැණු සිටි විට පොලිසියෙන් අල්ලාගෙන යයි. මේ වගේ මුනිවරුන්ටද මානසික ප‍්‍රතිකර්ම ලබාදේ. අපොයි මේ ඉන්දියාවේ මෝඩයන්ට දෙවිවරු මුනිවරු වී ඇත්තේ මානසික සහ කායික දුබලයන්මය. ඒ මදිවාට මේවා කොපිකර අපේ සිංහළ පඬිවරුද අපේ සිතීමේ නිදහසට වැට කඩොලූ බැන්දාහ.

මේ සියළු දුර්ජනයන්හට නිගා නොකිරීමට හා සිංහළයන් ලවා මුන්ට වැන්දවීම පිණිස දශරථ ජාතකය නමින් ජාතකයක් ජාතක කතාපොතට ඇතුලත් කොට ඇත. එය කියැවූ විට වහා අවබෝධවන්නේ සිංහබාහු කතාව කීවාට අපට කේන්ති නොයාම පිණිස කරන ලද උප්පරවැට්ටියක් බවය. සිංහබාහු කතාව සාධාරණීකරණය කිරීමකි.

දශරථ ජාතකයේ හැටියට සීතා රාමගේ නැගණියයි. එහෙත් පසුව අගමෙහෙසිය බවට පත්විය. එසේ නැගණියව කාර බැඳගත් රාම බෝසත් ආත්මයකි. මේ ගජබින්නයකි. හැමදාම වගේ ඉන්දියාවේ තක්කඩි අපේ බුදුන්වහන්සේට අපහාස කොට ඇත.

රාමායන ආරණ්‍ය කාණ්ඩයේදී අසපුවක හුන් අත‍්‍රී සහ අනසුයා දෙදෙන ගැන කතාවද අපූරුය. සැබවින්ම මේවා ආශ‍්‍රමදැයි විටෙක සිතේ. එම ආශ‍්‍රමයෙන් නික්මෙන විට මුනිවරයාගේ බිරිඳ සීතාව බොහෝ අබරණවලින් සැරසූ බව කියනු ලැබෙයි. සාමාන්‍ය මැදුරක විය යුතු පවුල්කෑම අසපුවක ඇති විට සහ එහි සශ‍්‍රීක බව කියාපාන්නේ නීරස දෙයක් මිස රසයක් නොවේ.

ඉනික්බිති රාම, ලක්ෂ්මණ, සීතා යන මග ඉදිරියට කාල රකුස් පුත් විරාඪ මුණ ගැසුණූ විට රාමයා හඬන්නට පටන් ගත්තේය. ඒ තම බිරිඳ නැතිවේයැයි දුකිනි. රකුසන් මිනීමස් කනබව කියන්නට දමාගත් බොරු බේගලයකි මෙය. එහෙත් සූර වීර රාමයා ඉකිබින්දේ ඇයි?

‘‘අඬනවද බොල මේ වෙලාවට? කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ හිතපන්කො අදවත්’’ යැයි එවිට ලක්ෂ්මණ පවසා ඇත. රාමගේ බිසව සැබවින්ම පවුල් කෑවේ ලක්ෂ්මණ සමග බවට රාමායනය පුරාවටම සාක්ෂි ගොණු වෙයි.

 උපුටා ගැනීම - RavanaBrothers.com

සුර අසුර යුද්ධය

0

සුර අසුර යුද්ධය

පෙරදිග ඉතිහාසයේ සිදුවුණ මහා යුද්ධ අතරින් මහාභාරතය, රාම රාවන යුද්ධය හැරුණු කොට, නිරතුරුව කතා බහට ලක්වෙන තවත් යුද්ධයක් වන්නේ සුර අසුර යුද්ධයයි (රාම රාවන යුද්ධයත් සුර අසුර යුද්ධයක් ලෙස විටෙක හැඳින්වේ). හින්දූන් පවසන අන්දමට මෙය දෙවි වරුන් හා අසුරයන් අතර සිදුවූවකි. මෙහිදී අසුරයන්ට එරෙහිව පෙළගැසුණු ප්‍රධානම සුරයන් වන්නේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් සහ විෂ්ණුය. විෂ්ණු විසින් මහ සයුර කළඹවා අමෘතය පවා සොයාගෙන සුරයන් අතර බෙදා හරින්නේ මෙම සුර අසුර යුද්ධය අතරදීය. කෙසේ හෝ අවසානයේ යුද්ධයෙන් සුරයන් ජයගෙන, අසුරයන් පාතාලයට පන්නා දමයි. මේ අපට අසා පුරුදු සුර අසුර යුද්ධයයි. අතිශ්‍යෝක්තියෙන් පිරි මෙම කතාන්දරය, හුදෙක් මිත්‍යාවක් ලෙස බැහැර කිරීම ඉතාම පහසුය. විෂ්ණු දෙවියන් විසින් අනන්ත නාග රාජයාගේ වලිගයෙන් අල්ලා මහ සයුර කළඹන ආකාරය, ත්‍රිමාණ සජීවීකරණ ලෝකයේදී මිස හැබැහින් දැක බලා ගත හැකි දසුනක් නොවන බව කාටත් ලෙහෙසියෙන්ම වටහා ගත හැක. නමුත් මෙම යුද්ධය සැබෑවටම සිදුවූවක් බවට අනුමාන කල හැකි සාධක හමුවෙමින් පවතී.

කතරගම මහසෙන් යුගයේදී, කතරගම මහසෙන් සහ කළුතර තාරක පද්ම රජු අතර වේලාපුරයේදී හටගත් මහා සටන, සුර අසුර යුද්ධය බවට අනුමාන කළ හැක. පැවසෙන අන්දමට සුර අසුර යුද්ධයේදී සුරයන් වෙනුවෙන් මුල් තැන ගන්නේ ඊශ්වර හෙවත් ශිව දෙවිඳුය. අප කවුරුත් දන්නා පරිදි ශිව හෙවත් මහා සිව යනු මහසෙන් රජුගේ පියාය. එමෙන්ම, තාරක පද්ම නම් කළුතර කේන්ද්‍ර කොටගත් පාලකයා සහ එම පරපුර, අසුරයන් ලෙස සඳහන් වෙයි. මේ අයුරින් සුර අසුර ලෙස දෙපිල බෙදුණු හෙළයන්ගේ සටන අවසන, තාරක රජු පරාජයට පත්වීම නිසා, සුර අසුර යුද්ධයෙන් සුරයන් ජයගත් කතාව සත්‍යයක් බව පෙනීයයි.

මහනුවර මඟුල් මඩුවේදී (මහනුවර යුගය) රචනා වුණැයි සැළකෙන, උඩරට නර්තන සම්ප්‍රදායට අයත් සැවුළා වන්නමෙන් කියවෙන්නේද අසුරයන් පරාජය කළ යුද්ධයක් ගැනයි. එහිදී කඳ කුමරුන් අසුරයන් පරාජය කළ බව මෙම වන්නමේ කවි වලින් පැහැදිලිව දක්වා ඇත. මෙලෙසින් ඉතිහාසයේ සඳහන් වන සුර අසුර යුද්ධය, මහසෙන් තාරක යුද්ධය බවට අනුමාන කළ හැකි තවත් සාධකයක් ලෙස සැවුලා වන්නම ගෙනහැර දැක්විය හැක.

            සු රි ඳු න් පෙර සිටන් - බලයුත් සැට නිඳුන්
            සහ ගොස් කල යුදෙන් - අසුරන් ජය නොලදින්

            බර අත් ගෙණ කගින් -  ඇන කොන්තවි වලින්
            අසුරන් කළ යුදෙන් - ජය ගෙන කඳ කුමරුන්

ඒ අනුව මෙම යුද්ධය, හින්දූන් පවසන අන්දමේ දෙවිවරුන් හා අසුරයන් අතර සිදුවුණු සටනක් නොව, ලංකාවේ ප්‍රාදේශීය පාලක දෙකොට්ඨාසයක් අතර හටගත් යුද්ධයක් බව පැහැදිළිය. මේ අතරම විෂ්ණු දෙවියන් පැමිණ මහ සයුර කැළඹීමේ කතාවද, මහසෙන් යුගය ඇසුරෙන් යම්තාක් දුරට පැහැදිළි කරන්නට හැකියාවක් ඇත. එනම්, කතරගම මහසෙන් යුගයේදී පැමිණියා යැයි සැලකෙන සුනාමියයි. (මහසෙන් යුගයේ මෙන්ම රාම රාවන සටනින් අනතුරුවද මහා ජල ගැල්මකින් ලංකාද්වීපය යටවූ බව පැවසේ. මහා යුද්ධ වලදී සිදුවන මෙවන් සයුරු කැළඹීම් වලට, එකළ භාවිත වුණු විනාශකාරී ප්‍රබල ආයුධ බලපෑවා විය හැකිද?) මුහුද ගොඩගැලීමක් එකල සිදුවූ බවට තොරතුරු පවතින අතර, විෂ්ණු නැතිව මොනවත් කරගන්නට බැරි හින්දූන්, එම සුනාමියත් විෂ්ණුගේ ගිණුමට බැර කළ හැඩයි. සමහරවිට මුහුදට අධිපති වරුණ දෙවියන් සමඟ විෂ්ණුව පටලවාගත්තා වෙන්නටත් පුළුවන.

අතිශ්‍යෝක්තිය හා අභව්‍ය සිදුවීම් බැහැර කොට විමසන කල්හි, සුර අසුර යුද්ධය යනු හුදෙක් මිත්‍යාවක් නොවන බවත්, එය මහසෙන් තාරක යුද්ධය බවත් සැකහැර අනාවරණය කරගැනීමට තව තවත් මං පෑදේවි.

උපුටා ගැනීම -  RavanaBrothers ඇසුරෙන්

රාවන පුවත අන්තර්ජාල සගරාවෙ මංගල කළාපය මෙම සති අන්තයේදී ........

5

Tuesday, September 6, 2011

රාවණා රජු හා සම්බන්ධ සෙල් ලිපි...

0

01.හොරොව්පතාන අසල වලස්‌ කෙවුන වැව ලිපි 2ක

02.මහනුවර අසල වේගිරිය දේවලයේ ලිපිය.

03අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3.

04.හොරව්පතාන එරපොතාන ලිපිය

05.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස්‌ යාය ඇති ලිපිය.

06.අම්පර දිස්‌ත්‍රික්‌කයේ කිතුල්වැව ලිපිය.

07.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)

08.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.

09.මහියංගනේ රිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය

10.තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.

ලංකාවතාර සුත්‍රය

0
රාවනා ඉතිහාසය ගැන කතා කරනකොට ලංකාවතාර සුත්‍රය ගැන නිතර සඳහන් වෙනවා. එක මහායානිකයි සූත්‍රයක් මේ ලංකාවතාර සුත්‍රය සූත්‍රයක් පිලිබද සැකසුණු වාර්තාමය වැඩසටහනක්.....







Friday, September 2, 2011

රන්දිව පත්තරේ ලිපි

1

..