-->

Thursday, September 8, 2011

රාමායනය තත්කාලයෙන් විමසීම........

4

සර්ව සාධාරණ දැහැමි රජෙකැයි දශරථව රාමායනයේ හැඳින්වුවද නිකම් සිටින වෙලාවට දශරථ රජු කරන ලද්දේ දඩයමේ යාමය. ඒ දරුවන් නැති දුක නැති කරගන්නටය. (අසිංහළ වංශ කතා කාරයා කියන පරිදි දෙවනපෑතිස් රජ මුව දඩයමේ ගියේය. ඒ දරුවෝ වැඩි වූ නිසා ඇතිවූ දුක නැති කරගන්නටදැයි මෙවිට සිතේ.) දරුවන් නැති දුකෙන් හුන් දශරථ දඩයමේ යාමේදී ඊතල භාවිතා කරන ලදි.

හේ ‘‘ශබ්ද භේදී වාණ’’ නම් දුණු විෂයෙහි අති දක්ෂයෙකු බව රාමායනය පහදයි. එනම් සතෙකුගේ හඬ ඇසුණු පැත්තට නිවැරදි එල්ලය බලා විදීමේ අති දක්ෂයෙකු බවය. මේ අති දක්ෂයා ඉඳල ඉඳලා විද්දේ ඇස් අන්ධ දෙමාපියන් පෝෂණය කරන තරුණයෙකුටය. ඒ ඔහු දෙමාපියන්ට බොන්නට වතුර ගෙනෙන්නට වනයේ දියකඩිත්තක් අසළට ගිය විටය. ඉන්පසු මේ ධාර්මික රජු තරුණයාගේ මළ සිරුරත් තමන්ට ශාප කල ඒ අන්ධ දෙමාපියනුත් වනයේ දමා රජවාසලට ඒමය.

අශ්ව මේධ යාගය පටන්ගත්තේ දරුවන් ලබන්නට අළුත් මගක් ලෙසිනි. වසරක් පුරා දිනපතා අශ්වයන් බිලිදෙමින් කල මේ අශ්වමේධයාගය කෙතරම් ධාර්මිකද? මේ වගේ ගොන් මොට්ටයෝ ලංකාවේත් සිටිති. හලාවත මුන්නේශ්වරම් දෙවොලේ එළුවන්ගේ බෙලි කඩා ලේ බොන්නේ මුන්ගෙන් පැවත අවුත් ලංකාවේ පදිංචිවූ හැතිකරේය.

කූරගල බුදුන්වහන්සේ දිවාවිහරණය කළ තැන හරක් මරා ලේ උලන්නේ අද බෞද්ධයන් නැති නිසාය. මේවා ගැන කතා කරන්නට බැරි ගණ පන්තිය ගෑනුන්ගේ ඇඳුම් පලා පස්ස පෙන්නීම ගැන බණ කියති. තවත් අයෙක් දානෙ ගැනම කට ඇරියොත් බණ කියති. තවත් අයෙකු මස් කෑම බුදුන්වහන්සේ අනුමත කිරීම ගැන පොත් ලියා ඇත.

ගැටළුවක් නැත. අද බෞද්ධයන් නැති නිසා කිසිදු ගැටළුවක් නැත. ලංකාවේ  ඕනෑම ආගමකට නිදහස ඇතැයි කියා නීතියක් හදා ඇත්තේ මේ රට අබෞද්ධ නිසාය. හෙට දවසේදී ශරියා සහ ජිස්යා නීති ක‍්‍රියාත්මක වෙද්දී පාරමිතා පෙරහැර ලබ්බක් ඇතුලට ගොස් සැඟවී බෙර ගසනු ඇත. හැකි විගස මේ කුණුවුණු ලබුගෙඩියට පයින් ගසා මහවැලියට තල්ලූ කල යුතුය.
කූරගල පාවාදී චක‍්‍රවර්තීවරු බිහිකල රටක ශරියා නීතියෙන් තමන්ගේ කාලක් නැති කරගන්නට බලා සිටි පිරිසට ජීවත්ව සිටියහොත් සිදුවන්නේ සම්පූර්ණ එකම නැති කරගන්නටය.

දශරතගේ බිරින්දෑවරු තුන්දෙනාම ගැබ් ගන්වනා ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. ඒ පායාසය ගිල්ලවීමෙනි. දශරථ විජය මෙන්ම දරුවන් නැති පුද්ගලයෙකි. දශරථ අශ්වයන් ගින්නට දමද්දී විජයගේ පරපුර සිංහළයා ගින්නට දමා ඇත. දරුවෝ නැති විජය අපේ මුත්තා මෙන්ම රාමගේ පියා බවට පත්ව ඇත්තේ දරුවන් නැති දශරථය. එය එසේනම් පායාසය යනු කිරිබත් නොවිය යුතුය.
මිථිලාවේ කෙළවරක් නැති සත්ත්ව ඝාතනය ගැන කෝපවූ අපේ රාවනයන් කලේ තාඩකා සාමන්තයික පාලිකාවට වහා එය නවත්වන්නට අණ කිරීමය. ඇය තම පුත් මාරිචි සහ සුබාහු යවා රැයේ බැඳ සිටින සතුන් මුදා හැරියහ. රකුසන් ම්ලේච්ඡයැයි අපට මේ ඉන්දියානු ආර්ය ජඩයන් කීවේ අප සතුන්ට අභයදානය දුන් නිසාය.

මහානුභාවසම්පන්න විශ්වාමිත‍්‍ර අංක එකේ කපටියෙකි. ප‍්‍රයෝගකාරයෙකි. හේ මුනිවරයෙක්දැයි පුදුම සිතේ. මේ මහ මුනිවරයා ශාප කිරීමේ අති දක්ෂයෙකි. ශාප කිරීමට දක්ෂ එකා මුනිවරයා යැයි පළමුවරට අපට දැනගන්නට ලැබෙන්නේ රාමායනයෙනි. එය සැබෑ මුනිවරුන්ට අපහාසයකි. මෙය සත්‍යයක් නම් මේ කියන කාලයේදී ඉන්දියාවේ මුනිවරු සිට නැත සිට ඇත්තේ කට්ටඬිය. විශ්වාමිත‍්‍ර ශාපකලවිට ඒ පුද්ගලයාට ඒ ශාපය එවේලේම පල දෙන බව කියයි. මෙහෙව් විශ්වාමිත‍්‍රයා හාස්කම් නැතිවී දාදිය දමමින් හතිදමමින් දශරථ මුණගැසෙන්නට ආවේ රාමව ණයට ඉල්ලා ගන්නටය. ඒ තාඩකා පරපුර නසන්නටය.

දැන් ගැටළුවක් ඇත. එවෙලේම ප‍්‍රතිඵල දැකිය හැකි ශාප කල හැකිවූ විශ්වාමිත‍්‍ර රකුසන්ට ශාප කලවිට එසේ පඩිසන් නොදුන්නේ ඇයි? ඒ රකුසන් මේ මුනිවරයන්යැයි කියාගන්නා කට්ටඬින්ට වඩා ප‍්‍රබල සහ ධාර්මික නිසා නොවේද?
රාමයා විසින් තාඩකාව මරා දමන ලදි.

පරශුරාම දුටුවිට මහා වීර දශරථ බියෙන් වෙව්ලන්නට පටන්ගත් බවද රාමායනයම කියයි. මිථිලාවේ ජනක රජු තමන්ගේ අභිජාත දියණිය දුන්නේ ලක්ෂ්මන්ටය. අරන්හදාගත් දුවව දුන්නේ රාමයාටය.

මේ රාමායනය පුරාවටම කියැවෙන මුනිවරු නම් කාලෙ කා දමන මිනිසුන් මුලාකරන තක්කඩිමය. පෞරෂහීන බෙලහීනයන්ය. මොවුන් රැකි වෘතයක් හෝ යෝගී බවෙක් නැත. මුන් ගැන මහාභාරතයේද මහ ඉහලින් වනනු ලබයි.

දුර්වාසා යනු නිතර කෝපයෙන් පසුවන කිළුටු ඇඳුම් ඇඳි හපුටු මුනිවරයෙකි. ඔහු විවාහවූයේ කන්දලී නම් රණ්ඩු කෙක්කක් සමගය. රණ්ඩු ඉවසා ගත නොහැකිව මේ මුනිවරයා බිරිඳව ගිනිතබා මැරීය. මේ අල්ලපනල්ලේ කන්දලීගේ දැවුණු අළු ගෙන පොහොර හැටියට යොදා විෂ්ණු කෙසෙල් වගාවක් ආරම්භ කලේය. මේවා මාස ගණන් නිවාඩු දමා සිනහවන්නට සුදුසු කතාය.


දිනක් දුශ්‍යන්ත ගැන සිත සිතා හුන් සකුන්තලාට මේ හපුට්ටාට සලකන්නට අමතක විය. ඉන් කිපුණු මුනියා සකුන්තලාගේ මගුල කඩන්නට මහත් වෙහෙසක් ගත්තේය. අම්මපා මුන් මුනිවරුද?

මේ දුර්වාසයා නියම පාඩම ඉගෙනගත්තේ මොනවා කලත් විෂ්ණුගෙනි. නාන්නේ නැතිව හිඳ කාලෙකින් ස්නානය කල මේ දුර්වාසයා නා දියෙන් ගොඩට එත්ම අම්බරිෂ රජු කන්නට යමක් දුන්නේ නැති බැවින් කෝපයෙන් හිසේ බැඳගෙන හුන් ජටාව ගලවා ඉරා පොලවේ ගසත්ම විෂ්ණු මෙතෙක් කල් ඉවසා බැරිම තැන චක‍්‍රයකින් මුනියාට දමා ගැසීය. හේ ඉන් බේරෙන්නට බඩගින්නේම හැතැප්ම ගණනක් දිව ගියේය.

විභාණ්ඩක මුනිවරයාට ඌර්වසී දෙවඟන දුටුවිටම ධාතු පහවිය. එම ධාතු පෙරුණේ අසළ දියපහරකට බව කියැවේ. එය බිව් මුවදෙනක් ගැබ්ගත්තීය. මේවා නම් කුණුහරුපමය.

මෙලෙසින්ම වෛදික මතය වන්නේ ඌර්වසී දැකීමෙන් මිත‍්‍රාවරුණට ධාතු පහවී වශිෂ්ඨ සහ අගස්ති මුනිවරු උපන්බවය. මුන් කියන මේ දකිනවිටම පිරිමින්ට ශුක‍්‍ර පහවන ඌර්වසී කෙබඳුදැයි සිතාගැනීමටවත් නොහැකිය. මන්ද ඒ තහවුරු කරගැනීමට දෙව්ලොව යායුතු බැවිනි.

මෙලෙසින්ම ඍතාවි නම් දිව්‍ය වෛශ්‍යාව දැක භාරද්වාජ නම් නපුංසක මුනියාට ශුක‍්‍ර පහවිය. හේ එය බඳුනකට එකතු කරන ලද්දේ විය. මේ කියැවෙන විදියට මේ වෙසඟනුන් දිව්‍ය විය නොහැකිය. මෙහේ නම් පාරේ මෙවැනි ගැහැණු සිටි විට පොලිසියෙන් අල්ලාගෙන යයි. මේ වගේ මුනිවරුන්ටද මානසික ප‍්‍රතිකර්ම ලබාදේ. අපොයි මේ ඉන්දියාවේ මෝඩයන්ට දෙවිවරු මුනිවරු වී ඇත්තේ මානසික සහ කායික දුබලයන්මය. ඒ මදිවාට මේවා කොපිකර අපේ සිංහළ පඬිවරුද අපේ සිතීමේ නිදහසට වැට කඩොලූ බැන්දාහ.

මේ සියළු දුර්ජනයන්හට නිගා නොකිරීමට හා සිංහළයන් ලවා මුන්ට වැන්දවීම පිණිස දශරථ ජාතකය නමින් ජාතකයක් ජාතක කතාපොතට ඇතුලත් කොට ඇත. එය කියැවූ විට වහා අවබෝධවන්නේ සිංහබාහු කතාව කීවාට අපට කේන්ති නොයාම පිණිස කරන ලද උප්පරවැට්ටියක් බවය. සිංහබාහු කතාව සාධාරණීකරණය කිරීමකි.

දශරථ ජාතකයේ හැටියට සීතා රාමගේ නැගණියයි. එහෙත් පසුව අගමෙහෙසිය බවට පත්විය. එසේ නැගණියව කාර බැඳගත් රාම බෝසත් ආත්මයකි. මේ ගජබින්නයකි. හැමදාම වගේ ඉන්දියාවේ තක්කඩි අපේ බුදුන්වහන්සේට අපහාස කොට ඇත.

රාමායන ආරණ්‍ය කාණ්ඩයේදී අසපුවක හුන් අත‍්‍රී සහ අනසුයා දෙදෙන ගැන කතාවද අපූරුය. සැබවින්ම මේවා ආශ‍්‍රමදැයි විටෙක සිතේ. එම ආශ‍්‍රමයෙන් නික්මෙන විට මුනිවරයාගේ බිරිඳ සීතාව බොහෝ අබරණවලින් සැරසූ බව කියනු ලැබෙයි. සාමාන්‍ය මැදුරක විය යුතු පවුල්කෑම අසපුවක ඇති විට සහ එහි සශ‍්‍රීක බව කියාපාන්නේ නීරස දෙයක් මිස රසයක් නොවේ.

ඉනික්බිති රාම, ලක්ෂ්මණ, සීතා යන මග ඉදිරියට කාල රකුස් පුත් විරාඪ මුණ ගැසුණූ විට රාමයා හඬන්නට පටන් ගත්තේය. ඒ තම බිරිඳ නැතිවේයැයි දුකිනි. රකුසන් මිනීමස් කනබව කියන්නට දමාගත් බොරු බේගලයකි මෙය. එහෙත් සූර වීර රාමයා ඉකිබින්දේ ඇයි?

‘‘අඬනවද බොල මේ වෙලාවට? කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ හිතපන්කො අදවත්’’ යැයි එවිට ලක්ෂ්මණ පවසා ඇත. රාමගේ බිසව සැබවින්ම පවුල් කෑවේ ලක්ෂ්මණ සමග බවට රාමායනය පුරාවටම සාක්ෂි ගොණු වෙයි.

 උපුටා ගැනීම - RavanaBrothers.com

4 Response to රාමායනය තත්කාලයෙන් විමසීම........

January 27, 2012 at 2:07 PM

අම්මෝ..... පට්‌ටම පට්‌ට ලිපියක්‌ මචන්.... මේ ටික හින්දි භාශාවෙන් ලියලා ඉන්දියාව පුරා බෙදා හැරියා නම් ප්‍රාන්ත පිටින් සියදිවි හානි කරගන්නවා බලන්න තිබ්බා..

April 14, 2012 at 1:57 PM

ඔය රාමා කොහොමත් රා සොඩකු බව රාමායණයෙම තියෙන්නෙ, උගෙ ළමයි වත් උට ශුවර් නැහැ එකයි උ ලක්ෂ්මන් ට කියල සිතාව කැලයට අරන් ගිහින් මරන්න කිව්වෙ, ඌ ත් ඉතින් සිතා එක්ක මගුල් නැ‍ටුව නිසා දුක හිතිල මරන්නෙ නැතුව කැලේ දාලා ආව. ලක්ෂ්මණගෙ ලමයා ලව-වාල්මිකිගෙ ලමය කුශ් වාල්මිකිත් මුනිවරයෙක් වුනාට නිකන් ඉදල නැහැ, ලක්ෂ්මනුයි වාල්මීකී දෙන්නාත් නිකන් ඉදල නැහැ.... එකනෙ සිතා අග්නි පුජාව කරන්නේ නැතුව හෙලකට පැන්නේ, මොකද ලංකාවෙදි ශොක් එකට ගින්නට පැනල පතිවත පෙන්නුවෙ,(එකෙන් පෙනෙන්නෙ රාවණා රජුගෙ ශෙෂ්ඨබව මිස වෙන කුමක්ද?) නැතිනම් රාවණා රජුටත් තිබ්බානේ සිතට පැටියෙක් හදල දෙන්න....

August 13, 2012 at 12:33 AM

මේක නම් නියමයි ... මේක තමයි ඇත්ත...

November 14, 2013 at 6:06 PM

සහතික ඇත්ත

Post a Comment

අදහස් සහ උදහස්