-->
Showing posts with label ආශ්‍රිත ග්‍රන්ථ. Show all posts
Showing posts with label ආශ්‍රිත ග්‍රන්ථ. Show all posts

Tuesday, October 8, 2013

රාවණවත

0

රාවණවත



ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් රචිත රාවණවත - රාවණ පිළිබඳ බොහෝ කරුණු රාශියක් මෙම රාවණාවත නමැති මෙම කෘතිය මගින් හෙළිකරයි.ඓතිහාසික වැදගත් සංසිද්ධීන් අතර ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස රවණා ගේ පැමිණීම සදහන් කළ හැකිය.


 

Tuesday, August 7, 2012

රාම රාවණා කතාව

2

‘රාම රාවණා කතාව’ ගරීයස්ගෙන් පොතක්

 

ප්‍රකට සිනමා ලේඛක හා විචාරකයකු වූ චන්දන සිල්වාගේ සොහොයුරු ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ ලියූ ’රාම- රාවණා කතාවක්’ ග්‍රන්ථය මරදානේ සූරිය ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදුටුවේය.

Tuesday, July 24, 2012

කොග්ගල නිලමේ

7


කොග්ගල නිලමේ



හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

http://www.general-files.com/files-k/koggala-nilame/

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

Tuesday, February 14, 2012

යක්ෂ ගෝත්‍රික භාෂාව හා රවිශෛලාශ වංශ කථාව

2

යක්ෂ ගෝත්‍රික භාෂාව හා රවිශෛලාශ වංශ කථාව




ගරු මානෑවේ විමලරතන හිමියන් විසින් රචිත නවතම ඓතිහාසික කෘතිය 

Thursday, December 8, 2011

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය

2

අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්ම කුණ්ඩලී, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා.


කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.
මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්, 
ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් ථෙරවාදී බෞද්ධයන් විදියට තමයි හදුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියා යැයි කියන එකනේ. එය එසේ නොවී මහින්දාගමනයත් සමගම ථෙරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායැයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමළරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජානන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි.

අපි උපකල්පනය කලහොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා, මහින්දාගමනයේ  අද දක්වා තිබෙන ථෙරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තැබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායානය ඉස්මතුවීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ ථෙරවාදී ලෙස නොබෙදී විවෘත මනසකින් විමසීමට, ගවේෂණයට අපි යොමුවිය යුතුයි. ඒ නිසාම ලංකාවතාර සූත්‍රය මෙ දක්වා බ්ලොග් කරණයේ යෙදුන සරළ භාෂාවෙන් ගෙන එන්නේ.

පළමු වැනි පරිච්ඡෙදය

 රාවණ රජු උපදෙස් ඉල්ලයි

මා විසින් මෙසේ අසන ලදි, අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්ව වරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරයේ කදු මුදුනේ පිහිටි, නොයෙක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දීරයේ වැඩ වසනලදි.  මහා මථී(මහා ප්‍රඥාවන්ත) බෝධිසත්වයන් විසින් නායකත්වය සපයන ලද මෙම බෝධිසත්ව-මහාසත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද, දසවිධ ආත්ම දමනයන්ගෙන්ද, දස බලයන්ගෙන්ද, අධ්‍යාත්මික ශක්තීන් 6කින්ද, සමන්විත වූවන් වූ අතර, මෙම බෝධි සත්වයන් වහන්සේලා සියළු බුදු වරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ.
හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මැනවින් වටහාගෙන සිටයහ. උන් වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය, ඉගැන්වීම හා විනයානූ කූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන් , විඥානයන් අටක මැනවින් දක්ෂයන් විය.
ඒ සමයේදී,  සත් දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කළ නොහැකි තරම්ව සිටි ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා, මලය කදුකරයේ ලංකාව දෙස බලා සිනාහ පළ කරමින් මෙසේ වදාළ සේක...

“අධ්‍යාත්මික ඥානයෙන්, දැනුම, විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තාථාගතයන් වහන්සේලා විසින්, දාර්ශනිකයන්ගේ දැනුමින්, ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන්(දැනීමෙන්) එහා ගිය ඉතා ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලය කදුකරයේ පිහිටි ලංකා මන්දීරයේදීය. එලෙසම මමත්, යක්ෂ ගොත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි.“
මහා සගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ ඇතුළු පිරිස දුටු ධ්‍යාන ලාභී රාවණ රජු ප්‍රීතිමත් වී, “මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන ලෙස ඉල්ලනවා. මෙම සංසාරය නැමති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සෙතක් සැලසේවී, උන්වහන්සේ හොදක් කරාවි, දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටට පත්වේවි.“
ඉන් අනතුරුව, රාක්ෂ අධිපති රාවණ රජු තම සහපරිවර සමගින්, පුෂ්පක නැමති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය. රථයෙන් පිටතට පැමිණී රාවණ රජු හා පිරිවර, ඉන්ද්‍රනීල මාණික්‍යකින් සෑදුන දණ්ඩකින් බෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද, නිල් මාණික්‍ය ඔබ්බවා, මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපැහැති අබරණින් හා අනර්ඝ සළුවලින් සාදන ලද ආධාරකය(බෝ) මගින් වයමින්, සප්තය, රිෂභය, ගාන්ධාර්වය, ධෛවතය, නිෂාධය, මධ්‍යමය හා  කෛෂික වැනි සවණ පිණන අයුරින් ග්‍රම, මර්චනාදියෙන් උස්පහත් කරමින්, බටනලා වාදනය සමගින් හඩ මුසු කොට කාව්‍යන් ගයමින් වමේ සිට දකුණට තෙවරක් බුදු රදුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලන ලදි.
1.     සත්‍යයේ උතුම් වූ මුලධර්මයන් වනුයේ, සවාත්මයෙන් මිදුනා වූද, සියළු කාරණා වලට ඉහලින් නැගි සිටින්නා වූද, අපවිත්‍ර දෑ වලින් තොර වූ දෙයයි. එය යමෙකුගේ අභ්‍යන්තරයෙන් එකතු වන්නා වූ දැනුම කෙරෙහි යොමුවේ. ස්වාමීනි... මට ඒ සත්‍යට යන මාර්ගය පෙන්වන්න.
2.   සුගත යනු අපරිමිත ශිලයෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂය, එය ස්වාත්මයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය විවරණය කරයි. එය ලංකාවට පැමිණෙන සේක්වා. මුණිවරයානෙණි මේ ඒ කාලයයි.
3.   මෙම ලංකා පුරවරය අතිත බුදුවරයන් වහන්සේලා පවා වැඩ සිටි භූමියකි, ස්වාමීණී, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවධ චාරිත්‍ර විධින්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුන්කම් දේවි.
ඉක්බිති රාවණ රජු විසින් තව දුරටත් තෝටක රිද්මයන්ට අනුගත වෙමින් මෙම ගතා ගායනා කරන ලදි.
සත්දිනකට පසු, භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපති මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වෙරළට වැඩි සේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්ම අප්සරාවන්, සුක, සරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහයා පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැද නමස්කාර කොට එක්තපැස්ව තමන් හදුන්වා දුන්නේය.
මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙමි, හිමියෙනි මා ඇතුළු ලක් වැස්සන්ගේ ගෞරව පූර්වක කරුණාව පිළිගන්නා සේක්වා.
මෙලෙස අපි ලංකාව සූත්‍රය දේශනා කිරීමට රාවණ රජු විසන් බුදු රජාණන් වහන්සේට ආරාධනා කළ ස්ථානයෙන් අදට ලංකාවතාර සුත්‍රය නවත්වනවා. හැකි ඉක්මනින් ලංකාවතාර සුත්‍රයම කොටස් වශයෙන් පළ කරන්නම්.
මෙතනදී සදහන් කල යුක්තක් නම්, මෙම සුත්‍රය රාවණ රජුට දේශනා කලේ ගෞතම බුදුන් වහන්සේද, එසේත් නැත්තම් වෙනත් බුදු වරයෙක්ද යන්න පැහැදිලි නැහැ. දැනට තියෙන වංශකථා වලට අනුව නම් විජයගේ ලංකා ගමනය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණය වෙන දවසේ විමයි. එසේ නම් රාවණ රජු ගෞතම බුදුරජානන් වහන්සේට සමකාලීනද?
සුනාමියෙන් පසු මුහුදෙන් මතු වූ දණ්ඩකාරන්‍යෙය් ජනස්ථාන් නගරය, එනම් රාම රාවණා යුද්ධය හැ බැදුන නගරයක් කාබන් කාල නිර්ණය අනුව වසර 10000ක් පැරැණි වීමත් සමගම රාවණ රජු මෙයට වසර 10000ත් 12000ත් අතර කාල පරාසයක ලක් රජය කල රජෙක් යැයි සිතාගත හැකි මුත්, ලංකාවතාර සුත්‍රය හා රාවණ රජු අතර තිබෙන්නා වූ මෙම සම්බන්ධතාවය සමගින් මෙම මථයේ ඇති වන්නේ ගැටුමක්. 
කොහොම වුණත් ලංකාවේ පළමු බෞද්ධ රජතුමා විදියට රාවණා රජතුමා යැයි යන්න තහවුරු කරන ලංකාවතාර සුත්‍රය ඉදිරියටත් විමසා රාවණ රජු හා බුදු රදුන් අතර ඇති වූ සංවාදය හා ඉන් මතු වන අපේ සැබෑ ඉතිහාසය සොයා යමු. තවත් ලිපියකින් හමු වනතෙක් ඔබට ආයුබෝවන්

 

Wednesday, October 26, 2011

සක්විති රාවන නළුව - කලාසූරී අරීසෙන් අහුබුදු

0

Wednesday, July 6, 2011

රටටම නම් තැබූ සාහිත්‍යධරයෙකුගේ නික්ම යාම......

0
1920 වසරේදී ආරියසේන ආශුබෝධ නමින් කොග්ගලදී උපත ලද මෙම කීර්තිමත් ලේඛකයා අරිසෙන් අහුබුදු නමින් සිය නාමය වෙනස් කලේ හෙළ හවුල හා එක්වීමෙන් පසුවයි. එදා මෙදා තුර දශක ගණනාවක් පුරාවට දැයේ දූ පුතුන් සිය දහස් ගණනකට අර්ථවත් නම් තැබූ මේ අපූර්ව මිනිසා අප අතරින් සමුගත්තේ සිය ජීවිත කාලය තුල උපන් රටට මහත් වූ සේවයක් කැපකිරීමක් කිරීමෙන් අනතුරුවයි.

ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක්, කථිකයෙක් ලෙස එතුමා හෙළ බස ගැන, හෙළ ඉතිහාසය ගැන අප දැනුවත් කල අයුරු ප්‍රශංසනීයයි. සක්විති රාවන වැනි වේදිකා නාට්‍යද, මනුවස, කොග්ගල පවත වැනි පද්‍ය ග්‍රන්ථද, හෙළ දෙරණ වග වැනි ගද්‍ය කෘතීන්ද රචනා කල අරිසෙන් අහුබුදු ශූරීන් හෙළ ඉතිහාසය ලොවට කියන්නට බොහෝ වෙහෙසක් ගත්තෙකි. සාහිත්‍යය, හෙළබස වෙනුවෙන් ඔහු කල සේවය හමුවේ ඔහුට නිවන් සුව පතන්නට හදවත නොනැමෙන්නේ මතුවටත් හෙළයන් අතර ඉපිද ඔහුගෙන් වෙන සේවය ලබන්නට තරම් ආත්මාර්ථකාමී බවක් අප පෘතග්ජන හදවත් වලට දැනෙන බැවිනි.

ඇදුරාණෙනි… ඔබට යි මේ උපහාරය!


Friday, March 25, 2011

යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු - මනැවෙ විමලරතන හිමි

0

ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - ආරියදාස සෙනෙවිරත්න මහතා

1

Wednesday, February 2, 2011

හෙළ දෙරණ වග - අරීසෙන් අහුබුදු සූරීන්

0

ය න ව ර රාවන රකුසා විස්මව එලියට බැස ලා
වා න ර කොල්ලන් යන රඟ බලා නුවන් යුග ඇර ලා
වා ම න කුඩ කොඩි සේසත් විජිනි පත්ද ගෙන අල් ලා
කේ ස ර සිහ රජෙක් ලෙසට උන්නයි පහසට නැගි ලා

Wednesday, January 26, 2011

ඉර හඳ නැඟි රට

2
ඉර හඳ නැඟි රට
 
 

Thursday, January 6, 2011

ග්‍රන්ථ

5
ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - ආරියදාස සෙනෙවිරත්න මහතා

නාග සංකල්පය හා සිංහල සංස්කෘතිය - මාලිංග අමරසිංහ මහතා

රාවණා රාජාවලිය සහ උපත් කථා - මහාචාර්ය ගණනාථ ඔබේසේකර
මහතා

හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් - මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා

ශ්‍රී රාවණ්ණා පුවත - භද්‍රජී මහින්ද ජයතිලක මහතා

ඉර හඳ නැඟි රට’ හෙවත් යට ගිය වංශය - අරිසෙන් අහුබුදු
මහතා

ලංකා ඉතිහාසයේ හෙළ යුගය - ආචාර්ය සූරිය ගුණසේකර මහතා



දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල - පූජ්‍ය මඩලගම වජිරබුද්ධි නාහිමි


හේලන්කා සිව් හෙල වංශය - ධනේෂ් කොඩිප්පිලිආරච්චි මහතා
  
යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු - මනැවෙ විමලරතන හිමියන්



Sunday, September 5, 2010

වරිගපූර්ණිකාව

2

වරිගපූර්ණිකාව

යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.

පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.

එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත.


එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.

2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.

3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.

4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.

5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.

6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.

සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.

මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති