-->

Tuesday, July 24, 2012

කොග්ගල නිලමේ

6


කොග්ගල නිලමේ




හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

http://www.general-files.com/files-k/koggala-nilame/

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

Monday, July 23, 2012

රාවණ හෝරාව

4

රාවණ හෝරාව

මොකක්ද මේ රාවණ හෝරාව?

ජ්‍යෝතීර් විද්‍යාව පිළිබද විශේෂඥතාවයක් තිබුණ රාවණ රජතුමන් විසින් සියලු දෙනා ගේ ම යහපත පිණිස රාවණ හෝරාව නමින් ශුභ මුහුර්තයක් ද සොයාගෙන තිබුණි.සතියේ ඕනෑ ම දිනෙක ඉතා බලගතු ශුභ වේලාවක් ඇති අතර, එය කාටත් පහසුවෙන් තේරැම් ගැනීමටත් අනුගමනය කිරීමටත් මේ හෝරාව සකස් කර ඇත.සතියේ සත් දින තුළ ඒ හෝරාව බලපාන අයුරැ මෙහි සදහන් වේ.


රාවණ හෝරාව
ඉරිදා
සදුදා
අගහරැවාදා
බදාදා
බ්රහස්පතින්දා
සිකුරාදා
සෙනසුරාදා
12.00 සිට
10.30 සිට
09.00 සිට
07.30 සිට
06.00 සිට
04.30 සිට
03.00 සිට
12.45 දක්වා
11.15 දක්වා
09.45 දක්වා
08.15 දක්වා
06.45 දක්වා
05.15 දක්වා
03.45 දක්වා


සතුරන් විනාශයටත් ලෝහ වර්ග මැකීමටත්,නඩු හබවලට පිටත් වීමටත් මේ හෝරාව ඉතා බලගතු හෝරාවක් බැව් නිල්ගල වලව්වේ මිල්ලව වන්නි බණ්ඩාර රාජගුරැ මහාකල්පින වික්රමසිංහ අදිකාරම් තුමා ගේ රාජ වෛද්‍ය ග්රන්ථයේ සදහන් වී ඇත.  
 

හනුමාන් ගෙනා ඔසු වනය රූමස්සල

0

ලොව විශිෂ්ටතම පිරමිඩය සිරිපා පහස ලද සමනළ කන්ද

6

ලොව විශිෂ්ටතම පිරමිඩය සිරිපා පහස ලද සමනළ කන්ද
දෙවන කොටස

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතිකයින් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වළ ජීවීන්ට යැවූ සාම පණිවුඩය දෙවැන්නට සිංහළ බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කරුණු කාරණාද නැතුවා නෙවෙයි. එයට බලපෑ ප‍්‍රධානම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු පනස්එක් වැනි ජනපදයේ (Area-51) පර්යේෂණ තුළින් සනාථ කරගැනීමයි.

අපට රාවණා යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයායන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීවී වර්ග හයදහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත්වන බව මේ වන විට සොයාගෙන හමාරය. රාවණා පරපුර නැතහොත් සුර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ "ඇල්නිලම්" යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී.

"ඇල්නිලම්" තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. අදින් වසර දස දහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිට තරු නැතහොත් ග‍්‍රහලෝක තුන ත‍්‍රිකෝණයක ආකාරයෙන් පිහිටා තිබුණි. අද වන විට ඇල්නිලම් ග‍්‍රහලොව දෙපසින් පිහිටි ග‍්‍රහලෝක දෙකේ චුම්බක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.


මෙම ති‍්‍රත්ව ග‍්‍රහලෝක තුළ එකම ජීවි විශේෂයක ජනපද පිහිටි අතර, එක්වරම ප‍්‍රබල පිටසක්වළ ආක‍්‍රමණයකට ඔවුනට මුහුණදීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක‍්‍රමණකාරී තත්ත්වයන් මත එම ග‍්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. "ඇල්නිලම්" ග‍්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියෙදෙමින් පවතින ග‍්‍රහලෝකයක් බවට පත්ව ඇත. "ඇල්නිලම්" ග‍්‍රහලෝක වැසියෝ (බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග‍්‍රහලොව රැකගැනීම උදෙසා නව ක‍්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය.

පෘථිවිය යනු ජීවි ග‍්‍රහලොවක් වුවත්, දියුණු ජීවි පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දමන්නට "ඇල්නිලම්" නම් පිටසක්වළ ජීවීහු කටයුතු කළේ දැවැන්ත න්‍යෂ්ටික පිපිරීමක් සිදු කිරීමෙනි.

මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප‍්‍රදේශය ආශ‍්‍රිතව වෙසෙන සත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය. මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ව විශේෂයක ජාන මගින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරනා පෘථිවිවාසීහුය.



"ඇල්නිලම්" පිටසක්වළ ජීවීහු තම පෘථිවි ශිෂ්ටාචාර ගොඩනැගීමේ කි‍්‍රයාන්විතයේ මුලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළදීපයයි. එයට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ එකල භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍ය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානාවලට ලේසියෙන් පැමිණීමට හැකිවීමත්, පිටව යන විට ලෙහෙසියෙන් පිටව යෑමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරෙයි.

හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල "ඇල්නිලම්" ග‍්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

හෙළ ඇසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ටාචාර ගොඩනැගුණු බව පෙර රාවණ ලිපිවලින් අප කතා කළෙමු. පෘථිවිය ජනාවාසවීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.

මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොර රහසේ පවත්වාගෙන යන පිටසක්වළ ජීවීන්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍ය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසක්වළ ජීවීන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ මුල් කාලවකවානුවල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනගාගැනීමට උත්සාහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරි පිටසක්වළ ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලූවය. ඒ සඳහා පරමාණු අවි භාවිත කළ හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායමේ ඉලක්කය විය.

එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවි විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක්වීමත් සමඟය.

මිනිසා යනු කෘතිමව නිපදවූ ජීවියෙකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප‍්‍රධානම හේතුව වුයේ විද්‍යාවේ සාමාන්‍ය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවීන් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන් වී තිබීමයි. එසේනම් යම් සත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස්කර පැවැතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම හා පිටසක්වළ ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලූවක්ව පැවති බොහෝ තෙරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.



හෙළ අධිරාජ්‍ය මුල්කරගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩනැංවීය. මෙම ගොඩනැගූ ජනපදවල පාලනය ගෙනයාම සිදුවූයේ "ඇල්නිලම්" ග‍්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගන්නේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍ය ව්‍යාප්තිය සහ "ඇල්නිලම්" ග‍්‍රහලොවේ ජීවත්වන පිටසක්වළ ජීවීන්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්ව විශේෂය ජීවත් විය.

මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාළ හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.
රාවණ පරපුරට අයත් ප‍්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍ය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප‍්‍රමාණයේ "චන්ද්‍රහාස්" ලෙසින් හැඳින්වෙන කඩුවද මෙම ප‍්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍ය සංකේත හතයි.

පෘථිවිය "ඇල්නිලම්" ග‍්‍රහලොව යටතේ පාලනය වූ ග‍්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග‍්‍රහලොවේ නියෝජිතයන් මගිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ටාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ටාචාරවලින් හමුවූ පිරමීඩවල ද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකි වෙයි.

සෑම ශිෂ්ටාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ තුනක් ගොඩනැගූහ. "ගිසා" පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩවලින් ලොව ජනපි‍්‍රයතම පිරමීඩ ති‍්‍රත්වයයි. මෙම පිරමීඩවල පිහිටීමත් ඔරායන් බඳ පටියේ ග‍්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වෙයි. (තරු තුනේ ජායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩවල මධ්‍ය ලක්‍ෂය මත පිහිටයි.

ගිසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ටාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මානය කරන ලද බව මේ වනවිටත් තහවුරු කරගෙන හමාරය. ගිසා පිරමීඩ ලොව ජනපි‍්‍රයවනුයේ එය පොළව මතුපිට පැහැදිලිවම දැකගත හැකිවීම නිසාය.

නමතම සොයාගැනීම් හරහා ප‍්‍රධාන ශිෂ්ටාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතියි. මේ අතර ඉන්දියාව, පේරු, බොස්නියා ආදී රටවල පිරමීඩ පිළිබඳ ද තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.

ස්වභාවික කඳු, පිරමීඩ බවට පත්කිරීම මුලින්ම කි‍්‍රයාවට නැඟුණේ හෙළ පොළවෙනි. ලොව ප‍්‍රථම ස්වාභාවික පිරමීඩය සමනළ ගිරයි. මේ තුළ ප‍්‍රබල කි‍්‍රයාකාරිත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතියි. ඉන්පසු කි‍්‍රයාකාරී මට්ටමේ ඇති පිරමීඩ ති‍්‍රත්වය පිහිටා ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු හා පොළොව ලෙස නම්කළ ස්වභාවික පිරමීඩ තුනක් පවතියි.



එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප‍්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වභාවික පිරමීඩයක් බව මේ වන විට විද්‍යාඥයන් තහවුරු කර අවසානය.

ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලින් ඔරායන් බඳ පටියේ ග‍්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ්වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත.

නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසුකාලීනව විශාලව දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිස අලූතින් ඉදිවුයේ නැත. මෙම දාගැබ් නිසා පිරමීඩ තවමත් කි‍්‍රයාකාරීත්වයෙන් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්ය. මෙහිදී දාගැබ් හරහා එම ග‍්‍රහලෝක තුළට අවශ්‍ය ජලය ගමන් කිරීම සිදුවන අතර, ගිසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍ය අග්නි කදම්භ ප‍්‍රවාහනය වීම ස්වාභාවිකව සිදුවෙයි.

සමනළගිර මෙම පිරමීඩවල මධ්‍යස්ථානය ලෙසින් ස්වභාවිකවම කි‍්‍රයාත්මක වෙයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත්වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කරගනිමින් කි‍්‍රයාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් "ඇල්නිලම්" නැතහොත් ආහස්වර වාසි දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් කි‍්‍රයාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවෙයි.

ඔවුන් විශ්ව ජීවින්ගෙන් සියලූ රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වළ ජීවීන් වුවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍ය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.
හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි.

- වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර

-සම්බන්ධිත පුවත්-

http://www.gossip9.com/2012/07/blog-post_14.html

පළමු කොටස
දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

0


දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි
පළමු කොටස
රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය.


රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා කාලයක රාවණා පුරාවෘතය ගැන සතිපතා ලිපි පෙළක් පල කිරීමට අප අදහස් කළෙමු. මේ පලවන්නේ එහි පලවෙනි කොටසයි.

රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි.

කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නටද හේතු වුයේ මේ රාවණ ගුවන් තාක්‍ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ.

ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිත කළ රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති ගුවන් තාක්‍ෂණයයි.


ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්‍ෂණයේ මෙන්ම යුද තාක්‍ෂණ රැුසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග‍්‍රන්ථාරූඪ කර, හොර රහසේ ටිබෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්‍ෂණය ජර්මනියට ගෙන ගිය අතර, විවිධ හැඩවල ගුවන් යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වළ යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය.

රාවණ ගුවන් තාක්‍ෂණය නැතහොත් විමාන තාක්‍ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන මහජන සමූහාණ්ඩුව ටිබෙටය ආක‍්‍රමණය කිරීමත් සමඟය. කිසිදු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක‍්‍රමණය කිරීමට බලපෑ හේතුවක මෙම විමාන ශාස්ත‍්‍රය බව අද වන විට හෙළි වී ඇති යුද රහසකි.

ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග‍්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භරද්වාජ ඍෂි විසින් සංස්කෘත භාෂාවෙන් ග‍්‍රන්ථාරූඪ කරන ලද ‘‘වෛමාණික ශාස්ත’’ නම් ග‍්‍රන්ථයයි.

මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක‍්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවීමයි.

රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා උනන්දු ඇතිවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය කළ හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ තතු සෙවීම බොහෝ දෙනාගේ ප‍්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම ‘මර්කරි වෝටෙක්ස්’ එන්ජිම (Mercury Vortex Engine) ලෙස හැඳින්වුණි.

පිටසක්වල තාක්‍ෂණය මෙන්ම රාවණ තාක්‍ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්‍ෂණ පවත්වන ඇමරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙතෙක් රාමායනයේ මිත්‍යා කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේෂණයටද පුරුදු වූහ.

TR – 3B වර්ගයේ පැරණි ගුවන් යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත්හදා බැලෙන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම එන්ජිම මෝටර් රථයකට යොදා අත්හදා බැලීම සිදුවිය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්‍ෂණය ඒරියා 51 තුළ පරීක්‍ෂණ මට්ටමේ පවතියි.

මෙම පරීක්‍ෂණය සාර්ථකවීමත් සමඟම රාවණ ගුවන් තාක්‍ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වන විට ගුවන් යානා යුග පහක් ගෙවී ඇත. එසේම මේ වන විට ඇමෙරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන ගුවන් යුගයට අයත් අධිවේගී බොයින් F/Axx යානාව 2025 - 2030 අතර කාලවකවානුවලදී ගුවන ජයගැනීමට නියමිතය.

එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්‍ෂණයෙන් උපරිම තාක්‍ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවෙයි. ඒ තුළ හෙළ විමාන තාක්‍ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්‍ෂණය අන්තර්ගත නැත.

එහෙත් 2016 සිට 2018 කාලවකවානුවලදී ලොව ඉහළම ගුවන් තාක්‍ෂණය සහිත ගුවන් යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයකුගේ නිර්මාණයක් ලෙස අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ.වික‍්‍රමතුංගය.

මෙම ගුවන් තාක්‍ෂණය හත්වන යුගයට අයත් වන ගුවන් තාක්‍ෂණයයි. එම ගුවන් තාක්‍ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2016/18 කාලය තුළ නිපදවීමට නියමිත අතර, දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසු ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන්ය. එය නම්කර ඇත්තේ 'hytle' අධිතාක්‍ෂණ ප‍්‍රහාරක යානය ලෙසය.

මෙම හයිට්ල් අධිතාක්‍ෂණික ගුවන් යානය සම්පූර්ණයෙන්ම හෙළ විමාන තාක්‍ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිට්ල් යානයේ පවතින ප‍්‍රධානතම විශෙෂත්වය වනුයේ යානා කිහිපයක් මගින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මගින් කළ හැකිවීමයි. (Multi mission Capability) 


මෙම හයිට්ල් යානයක ප‍්‍රධාන එන්ජින් පද්ධති තුනක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්‍ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5 - 10 අතර වේගයක් ලබාදෙන ‘ප්ලස් ඩෙටොනේෂන්’(PDE)  එන්ජිමකි. මෙම PDE එන්ජින් කි‍්‍රයාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර, අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමගින් යානයට අධිවේගයක් ලබාගත හැකි වෙයි.

මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප‍්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන්ද්‍රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එක තැන නැවැත්වීමට ඉදිරයට ගමන් කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහර දීම සිදුකල හැකි වෙයි.

දැනට භාවිත කරන පස්වන පරපුරට අයත් කිසිදු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිට්ල් යානය ඒ සියළු බාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහර දීම ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදුකිරීමේ හැකියාව පවතී.

‘විමාන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලූ ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.

විමාන තාක්‍ෂණයේ දර්පණ තාක්‍ෂණය ලෙස හැඳින්වෙන ක‍්‍රමවේදය අනුගමනය කරමින් හයිට්ල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් කි‍්‍රයාත්මක වෙයි. මෙම පද්ධතිය යානයේ ස්වයංක‍්‍රීය පාලකයා වෙයි. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිට්ල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලූ තොරතුරු නියමුවාට ග‍්‍රහණය කරගත හැකි වෙයි.

මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිට්ල් යානයේ දර්පනවල සබඳතාව පෙන්වා ඇත.


විමාන යානාවල සුර්ය ශක්තිය ආකර්ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන්ජිම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ප‍්‍රබල ලෙස ඔපදැමූ පළිඟුවකි.

එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිට්ල් යානයේ එවන් වූ පළිඟු භාවිත කළ නොහැක වෙයි. එහෙත් විමාන තාක්‍ෂණයට අනුව එහි බ‍්‍රහ්ම ක්‍ෂෙත‍්‍රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කළ හැකි වෙයි.



මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්වයංක‍්‍රියව කැරකෙන ලෙස සකස් කර පැවතීම, මෙමගින් යානය උඩු අතට පැදවීමේදී නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.

එකල තම ඥානය දියුණු කළ හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක්වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව හෙළ අටුවාවේ ඇති රාවණ රජු හා දඬුමොණරයද සැබෑවකි.

හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයති. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පුර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි.

හෙළ ලෙයින් උපන් පී.ඒ.වික‍්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.

- වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර

 


Sunday, July 15, 2012

රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්

1

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 9

රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්

 
රාම - රාවණා යුද්ධයේ දී රාවණාගේ බිහිසුණු හී පහරවල් වැදී යුදබිම මැරී වැටුණු රාම - ලක්ෂමණ හා ඔවුන්ගේ වානර හමුදාවෙන් කොටසක් ද සුවපත් කරනු වස් හනුමාන් දඹදිවට ගොස් ගෙන ආ ඖෂධ වනාන්තරය ගැන මීට පෙර ද සඳහන් කොට ඇත. ඉන් කොටසක් මහ පොළව මතට කඩා වැටී සෑදුණු ඖෂධ වනාන්තරය ගාල්ලේ රූමස්සල කන්ද යයි මීට ඉහතින් අපි සඳහන් කළෙමු.

රිටිගල
මෙම ඖෂධ වනාන්තරය පිළිබඳ පළවන මත ගණනාවක්ම පවතී. ඉන් එක ජනකතාවකින් කියවෙන්නේ රාවණා රජු සඟවා තැබු සීතා දේවිය සොයා ගැනීමේ කාර්යය පැවරුණේ හනුමාන්ට සහ ලක්ෂමණට බවයි. මෙම කාර්යයේ දී ලක්ෂමණට තුවාල විය. එම තුවාල සුවපත් කරන්නට හනුමාන් හිමාලය කන්දෙන් ඖෂධ වනාන්තරයක් ඔසොවාගෙන ආවේය. තුවාලවලට අවශ්‍ය බෙහෙත් සපයාගෙන බෙහෙත් කන්ද මෙරට ස්ථාන තුනක පිහිටුවන්නට යෙදුණි. එම ස්ථාන තුන වර්තමානයේ දී හැඳින්වෙන්නේ රිටිගල, රූමස්සල සහ දොළුකන්ද යනාදී වශයෙනි.
රිටිගල, රූමස්සල, සහ දොළුකන්ද යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග සහිත පැරණි වනාන්තර තුනකි. මින් රිටිගල අනුරාධපුර පෙදෙසේ පිහිටියේය. අක්කර 3777 ක විශාලත්වයකින් යුත් රිටිගල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි.
ඇත්ත වශයෙන්ම රිටිගල දැනට ද දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් ගහණ වන පියසකි. එහි අරුළු, බුළු, නෙල්ලි, බිංකොහොඹ, කොතලහිඹුටු, කොහොඹ, ගම්මාලු, රණවරා, මහහැඩයා, පටිධතු, වල්නවහංදි, වේලන්ගිරිය, වනරාජ, සැවැන්දරා, සහ තවත් බොහෝ ඖෂධ වර්ග පිරී පවතී. ඖෂධ වර්ගවලින්ම පිරුණු වන පියසක් නිසාම “රිටිගලත් හරියට හනුමාන් ගෙනා ඖෂධ වනාන්තරය වගේ” යයි ආප්තෝපදේශයක් සෑදුණා ද විය හැකිය. දොළුගල යනු ද මෙවන්ම වූ වන පියසකි.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ලග්ගල හෙවත් ලකේගල ද රාවණා පුවත හා ඈඳුණු ග්‍රාම නාමයකි. රාම - රාවණා යුද්ධයට පෙර වකවානුවේදී ලග්ගල යනු ඉතා උස් වූ කන්දකි. වර්තමානයේ දී පවතිනවාට වඩා ඉතා උස් වූ කන්දක් විය. එකල ලග්ගල හැඳින්වුණේ ලකේගල නමිනි. රාවණා රජතුමා සිය රාජධානිය පිහිටුවාගෙන තිබුණේ ලකේගල මුදුනේය.
රාවණා රජු පැහැරගෙන ආ සීතා දේවිය සඟවා තැබුවේ ලකේගල මුදුනේය. අශෝක වනය, ගල් ගුහා පද්ධතියක් ආදිය ද මෙම ගල් පව්ව මුදුනේ පැවති බව කියනු ලැබේ. සීතා සොයා මෙහි පැමිණි රාම කුමරු රාවණා රජු සමඟ පුරා දොළොස් අවුරුද්දක් යුද්ධ කළ බව කියනු ලැබේ. රාමට සිය ප්‍රතිමල්ලවයා පරාජය කරන්නට එතරම් කාලයක් ගතවීමෙන් පෙනී යන්නේ රාවණා රජුට ද ප්‍රබල යුද ශක්තියක් පැවති බවයි.
ලකේගලට සැතපුම් විසි හතරක් ඊසාන දිගින් යුදඟනා පිටිය නමින් ව්‍යවහාර කරන ස්ථානයක් තිබේ. 

ලක්ගල (ලකේගල)
යුදඟනා පිටියට ආසන්නව දුනුවිල නමින් හැඳින්වෙන තැනක් ද විය. එහිදි රාවණා රජු රැඳී සිටින ලකේගල සුනුවිසුනු කර දැමීම සඳහා රාම සැරයක් යවන්නැයි විභීෂණ රාම කුමරුට උපදෙස් දුන්නේය. විභීෂණ යනු රාවණා රජුගේ බාල සොහොයුරාය. සිය අයියා වන රාවණා රජුගේ දුෂ්ට ක්‍රියා ඉදිරියේ විභීෂණ ද රාමගේ පැත්ත ගතේය.

එම උපදෙස් මත ක්‍රියාත්මක වූ රාම ලකේගලට සිය දුන්නෙන් හී සැරයක් යැව්වේය. හී සරය වැදුණු ලකේගල මුදුන් කොටස කැඩී සුනුවිසුනු විය. එසේ නොවන්නට ලකේගල අද පෙනෙනවාට වඩා බොහෝ උස්ව පැවතුණි. හී සරය යැවීම සඳහා රාම දුන්න ඇදීමේ දී දුන්නේ කොන වැදී වළක් හෑරුණි. පසුකල දුනුවිල නමින් ව්‍යවහාර වූයේ එම වළයි. වැසි කාලයට දැන ද එහි වතුර පිරේ.
කේගල කන්ද සුනුවිසුනු කළ රාම එහි සඟවා සිටි සීතා දේවිය ලබාගත් බව ද සඳහන් වේ.

රාම - රාවණා යුද්ධය පැවතුණේ මාතලේ පෙදෙසේම පිහිටි දැනට රණමුරේ නමින් හැඳින්වෙන ස්ථානයේ දී බව ද පළවන මතයක් තිබේ. රණ යනු යුද්ධය යන අරුත් දෙයි. මුරේ යනු වාරයයි. රණමුරේට ඔබ්බෙන් පිහිටි හල්මිණිය ගමේ කයිකාවල නමින් ප්‍රකට ස්ථානයක් පවතී. කයිකාවල පුරාණයේ පැවති මුරපොළකි. ඊට නුදුරුව රාවණා රජුගේ බලකොටුව පැවති බව ද කියනු ලැබේ.

එසේම රණමුරේ, නාරංගමුව ආසන්නයේ ද මහමුරය නමින් මහ මුර පොළක් පැවති බව විශ්වාසයකි. එදා මහමුරය අද හැඳින්වෙන්නේ මීමුරය හෙවත් මීමුරේ නමිනි. මීමුරේ ආසන්නයේ ද රාවණා කොටුව නමින් හඳුන්වන ස්ථානයක් තිබේ. රාවණා රජුගේ බලකොටුව සහිත රාජධානිය පිහිටි ලග්ගල මුදුන අදත් හැඳින්වෙන්නේ මාළිගාතැන්න නමිනි.

ලග්ගල පල්ලේසිය පත්තුවේ පිහිටි රාවණාගල, රාවණා ඇළ, සීතාගල, සීතාලෙන ආදි ස්ථාන නාම ප්‍රකට කරවන්නේ එම ස්ථාන ආශි‍්‍රතව පැවති රාවණා - සීතා සම්බන්ධය පිළිබඳවයි.

සිංහරාජයේ ඓතිහාසික තොරතුරු සොයාගෙන යාමේදී ඒ සමඟ ද රාවණා - සීතා සිදුවීම සම්බන්ධ වී ඇති අයුරු පෙනේ. වනාන්තරයේ සිංහගල නමින් හඳුන්වන කඳු ශීඛරයේ පාමුල ගල් ගුහාවක් පවතී. එහි සිංහරාජයෙකු ද වාසය කළ බව කියනු ලැබේ. සිංහයා සිංහරාජය පුරා සිය අණසක පතුරුවාගෙන විසු බව කියනු ලැබේ.

සිංහරාජය රාවණා රජුගේ ඖෂධ වනාන්තරය ලෙසින් හඳුන්වන අතර එහි වූ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග ආරක්ෂා කිරීම පැවරී තිබුණේ ඉහත කී සිංහරාජයාටය. මෙහි ඇතුළු වී දුර්ලභ ගණයේ ඖෂධ වර්ග ලබා ගැනීමට සිංහයාගෙන් අවසර ලැබුණේ රාවණා රජුගේ දූතයන්ට පමණක් බව ද කියනු ලැබේ.
සිංහරාජයා සිංහරාජය පුරා පතුරුවාගෙන සිටි අණසකට විරුද්ධ වූ යෝධයෙකු සිටි බව ද ඔහු විශාල ගල්වලින් පහර දී සිංහයා මරා දැමු බව ද කියනු ලැබේ. 

සිංහයා සිටි ගල්ලෙන සිංහ ලෙන ලෙසින් ද, යෝධයා පහර දුන් ගල් එකතු වූ තැන යෝධගල්ගොඩ නමින් වර්තමානයේ දී පවා පවතින බව ද කියනු ලැබේ.

සිංහරාජයේ පවතින ශාක හා ඖෂධ වර්ග අතර වෙනිවැල්, රසකිඳ, රණබෙරලිය, ගල් වෙරළු, බෙරලිය, තිනිය, බටුනා, කීන, හැඩවක, මලබොඩ, දියනා, කිතුල් ආදිය ද වේ. යටිරෝපණයක් ලෙසින් ඉඟුරු කුලයට අත් මඩොල්, අතුකැටිය ආදිය පවතී.

සිංහරාජයේ ඕකිඩ් වර්ග පනහකට වඩා පවතී. වෙසක් මල්, පොසොන් මල්, වනරාජ, ඉරුරාජ, නාරිලතා, නිල් බිනර, සුදු බිනර ආදි දුර්ලභ ගණයේ මල් වර්ග ද පවතී. මාවේවැල්, කුඩා වේවැල් ආදි සියලු ම වේවැල් වර්ග ද පවතී.

Saturday, July 14, 2012

2012 නොවිසඳුණු ඉරණමක සංක්ෂිප්ත සටහන

4





අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට ,අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ.ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.

මෙතෙක් ලෝකය පුරාවටම සොයා ගත් තාරකා දොරටු අතරින්, අක්ෂර සහ රූප වැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙනි.අප රටට අයත් තාරකා දොරටුව අනුරාධපුරයේ ,ඉසුරුමුණිය විහාරය අසල ඇති "රන්මසු උයන" තුළ දක්නට ලැබේ.  


තාරකා දොරටු ඒ පිළිබදව සිරස NewsFirst ගෙන ආ වාර්තා වැඩසටහනක් මේ



Tuesday, July 10, 2012

රාවණ ගුවන් තාක්‍ෂණය හා ආදී ගුවන් යානා

1

 
රාවණ ගුවන් තාක්‍ෂණය හා ආදී ගුවන් යානා

මහාචාර්ය පී. වික්‍රමතුංග












පුරාණ ගුවන් යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක්‍ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්‍ෂණය මනාව විදහා දක්‌වයි. මෙම ආකෘති අතර ප්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) යානා ආකෘතියයි. සකාර නගරය කයිරෝ සිට 20km දුරකින් පිහිටා ඇති අතර ජෝශර් රජුගේ පඩිවලින් සමන්විත පිරමීඩය (step pyramid) මෙහි පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000 ක්‌ පැරැණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97 න් මේ ඉපැරැණිම පිරමීඩය වේ. පුරාවිද්‍යා සාධකවලින් පිරුණු මෙම ප්‍රදේශය 'City of the dead'  ලෙස නම් කර ඇත. 1891 කැණීම් කළ ප්‍රංශ ජාතික ලොරන්ට්‌ විසින් සොහොන් කොතකින් මෙම 'Saqqraa' ආකෘතිය සොයා ගන්නා ලදි. 1969 ආචාර්ය කලිල් මෙසිහා (Dr.khclil Messiha) විසින් සිදුකරන ලද පරීක්‍ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක්‌ නොවන බව සොයා ගත්තේය. මෙම ආකෘතිය පිළිබඳ දීර්ඝ පරීක්‍ෂණ සීමන් සැන්ඩZස්‌ 2006 පැවැත්වූ අතර 3 ගුණයක්‌ විශාල ආකෘතියක්‌ පරීක්‍ෂණයට ලක්‌ කළේය. මෙම පරීක්‍ෂණවලට අනුව සකාර ආකෘතිය A° A°- 10° දී (Angle of Attack) හතර ගුණයක්‌ එසවූම් බලයක්‌ පෙන්වීය. එනම් ගුවනේ පියාඹීමයි. මෙම යානයේ සැලැස්‌ම බැලූ කල එකල මනා ගුවන් තාක්‍ෂණයක්‌ (Aerodynamics) තිබූ බව පෙනේ. මෙහි කඳට ආසන්නව තටුව ඝනකම වීමත්, තටු අග තුනී වීමත් කෙළවර නැමී තිබීමත් නිසා කාර්යක්‍ෂම ගුවන් ගමනකට අවශ්‍ය සාධක විය. මෙම ආකෘතිය කාර්යක්‍ෂම ග්ලයිඩරයක්‌ ලෙස භාවිතා කළ හැකිය. නමුත් මෙම යානය ගුවන්ගත කළ හැකි ක්‍රම හඳුනා ගැනීමේදී කැටල්ට්‌ භාවිතය කළ බවට සාධක ඇත. දැනුදු ග්ලයිඩර් යානා ගුවන් ගත කිරීමට කැටල්ට්‌ භාවිතා කරන්නේය.

දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගාව ආශ්‍රිත ටොලීමා නටබුන් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදි. අඟල් 2"-3" අතර රත්තරන් ආකෘති 12 ක්‌ ගුවන් යානා ආකෘති සොයා ගන්නා ලදි. (Gold flyer) ලෙස නම් කර ඇති මෙම ආකෘතිය වර්තමාන ගුවන් යානා කොටස්‌ සියල්ලකින්ම සමන්විත විය. මෙම යානයට ප්‍රධාන තටුව, සිරස්‌ ස්‌ථායීකාරකය (Vertical Stabilizer/ Rudder), තිරස්‌ ස්‌ථායීකාරකය (Horizontal Stabilizer/ Elevator) හා බඳ කොටස (Fuselage) යන කොටස්‌වලින් සමන්විත විය. මෙම යානය ස්‌වාභාවික වස්‌තුවකට මාළුවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කළ නොහැකි අතර මෙහි තටු පහළ බඳට සම්බන්ධ වී ඇති නිසා (Low wing) මෙය ගුවන් යානයක්‌ බව පෙනේ.

1997 ජර්මන් විශේෂඥයින් සමග (Gold flyer) පරීක්‍ෂණ පැවැත්වූ පීටර් බෙල්ට්‌ මෙම යානයේ ආකෘතියක්‌ තනා ගුවන් ගත කළේය. ඔවුන් විශාල ආකෘතියක්‌ දුරස්‌ථ පාලකයකින් පාලනය කර පරීක්‍ෂණ පැවැත්වීය. මෙම පරීක්‍ෂණවලින් තහවුරු වූයේ මෙම යානයේ මනා ගුවන් හැකියාවය. ඉතාම ඉහළ තාක්‍ෂණ දැනුමකින් මනාව නිමවා ඇති මෙම යානයෙහි එංජිමක්‌ ගැන සඳහන් නොකරන නිසා පීටර් බෙල්ට්‌ගේ කණ්‌ඩායම දැනට භාවිතා වන දුරස්‌ථ පාලක ගුවන් යානා එංජිමක්‌ (Radio Control Aircraft
Engine) යොදා ගත්තේය. (Ducted fam) එංජිමක්‌ යානයේ මධ්‍යම කඳේ සවිකළ අතර මුල් ආකෘතියේ ව්‍යQහය මෙම එංජිම ස්‌ථානගත කිරීමට ආධාර විය.

මෙම උදාහරණ දෙක පුරාණ තාක්‍ෂණය පිළිබඳ ප්‍රධාන සාධක දෙකකි. කිසිම සම්බන්ධකමක්‌ නැති සැතපුම් 7000 ක්‌ පමණ දුරින් පිහිටි ස්‌වාධීන ශිෂ්ටාචාර දෙකක්‌ ලෙස විශේෂඥයින් හඳුන්වා දුන් "මිසර" හා "මායා" ප්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්‍ෂණය, දියුණුව මෙම පරීක්‍ෂණ වලින් මොනවට පැහැදිලි විය.

නමුත් මෙම යානාවල ප්‍රධාන දුර්වලකම වූයේ එංජින් පද්ධතියයි. මෙම ආකෘතිවලට බලය ලැබුණු ක්‍රම ගැන සාධක නොවීය. පුරාණ ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳ සම්පූර්ණ සඳහනක්‌ ඉන්දියාවෙන් ලබාගත හැකිය. "විමානක ශාස්‌ත්‍රය" ග්‍රන්ථයේ ඉතාම සංකීර්ණ සඳහනක්‌ කර ඇත. ඉන්දියන් මහාරීෂි බරාද්වාර විසින් රචිත "වෛමාන්ත ශාස්‌ත්‍ර" වර්තමාන ගුවන් තාක්‍ෂණ ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථය වර්ෂ 6000 ක්‌ පමණ පැරැණි ක්‍රම සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ වීමාන යානා තැනූ අමුද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා ඔවුන්ගේ ඇඳුම්, භාවිතා කළ කෑම වර්ග හා භාවිතා කළ ආයුධ සඳහන් වේ. එම ග්‍රන්ථයේ ගුවන් යානය පාලනය කළ හැකි ක්‍රමය (Flight Manual) පවා සඳන් කර ඇත. මෙම ග්‍රන්ථයෙන් පුරාණ ගුවන් යානා බලගැන්වූ ක්‍රම සඳහන් කර ඇත. මෙම බලගන්වන ක්‍රමවලට සාධක තුනක්‌ සඳහන් වේ.

1. Gyrascope

2. Electricity (විද්යුත් බලය)

3. Mercury (රසදිය)

පුරාණ ගුවන් යානා සම්බන්ධව කළ පරීක්‍ෂණවලින් හෙළිවූ කරුණු අනුව පුරාණ ග්‍රන්ථවල මෙම යානා පිළිබඳ දීර්ඝ විස්‌තර සොයාගත හැක. රාමායනයේ මෙම ගුවන් යානා පිළිබඳ සඳහන් වන්නේ එය ලාංකික චක්‍රවර්ති රාවණා රජුගේ ප්‍රධාන ආයුධයක්‌ ලෙසය. හෙළ අසුර ශිෂ්ටාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්‍ෂණය රාවණා සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙළ අටුවාවේ සඳහන් පරිදි රාවණ අධිරාජ්‍යයා තම රාජධානිය පුරා මෙම යානාවලින් සැරිසැරූ බවත් එය ශිෂ්ටාචාරයේ පැවැත්මට මහඟු උපකාරයක්‌ වූ බවත් සඳහන්ය. රාවණ සමයේ වූ තාක්‍ෂණ අතුරින් වඩාම ජනප්‍රිය තාක්‍ෂණය ලෙස ගුවන් තාක්‍ෂණය හැඳින්විය හැකිය. රාමායනයට අනුව මෙම තාක්‍ෂණය මායා අසුර හෝ විශ්ව කර්ම විසින් හඳුන්වාදුන් බවත් පුෂ්පක රථය වෛශ්‍රවණ කුවේරගේ වාහනය ලෙස යොදා ගත් බවත්, එය රාවණා විසින් අත්පත් කරගත් බවත් සඳහන් වේ. කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බවට ඉන්දියාවට වඩා සාධක වේ. රාවණ අධිරාජ්‍යාගේ ගුවන් යානය දඬු මොරණ යන්ත්‍රය ලෙස සඳහන් වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියානු යටත් විජිතය ඇතුළු රාජධානි ගවේෂණය කළ බව සඳහන්ය.

 














රාවණ සමයේ හෙළ තාක්‍ෂණය අතර ප්‍රධාන මතවාදයකට තුඩුදුන් තාක්‍ෂණයකි ගුවන් තාක්‍ෂණය. මෙම යන්ත්‍රය නිෂ්පාදිත ද්‍රව්‍ය ඝන හා උපකරණ පිළිබඳ විවිධ මත හා ග්‍රන්ථ ඇත. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ "රාවණ කතා" ඉපැරැණි පුස්‌තකයට අනුව මෙසේය. හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7 ක්‌ ගිය විට "මයුර දණ්‌ඩ" වෘක්‍ෂයෙන් පිරි වනයක්‌ වන බවත් එම ලී ඉතාම සැහැල්ලු අතර ශක්‌තිමත් බවත් එම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩයට ඇති නිසාත් "මයුර දණ්‌ඩ" ලෙස හඳුන්වන බවත්ය. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ මයුර දණ්‌ඩ ලීයෙන් තැනූ බැවිනි. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැසක්‌ වූ බව හෙළ අටුවාවේ සඳහන්ය.

විමාන නමින් විශාල යානාද, වායු පා යානාද, ගිරි මුදුන්වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාවන්ද වේ. මෙම යානාවලින් හැඟෙන්නේ හෙළ නිමැවුම්කරුවන් මනාව ගුවන් තාක්‍ෂණය පිළිබඳ දැන සිටි බවය. වර්තමානයේ ගුවන් යානාත් ඉහළ වර්ගීකරණයට යටත් වේ. මෙම ගුවන් යානා බලගැන්වූ ක්‍රම කිහිපයකි. සුළං බලයෙන් ක්‍රියා කරන ගමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක්‌ කිරීමෙන් යානය ඉහළට එසවේ. යා යුතු දිසාව, ගමන් කළ යුතු උස, නැවැත්වීම සියල්ලම නියමුවා විසින් කළ හැකිය. උපකරණ ඝන රිදී ලෝහයෙන් තනා ඇත. "විමාන" හා "තිරු" යානා හිරු බලයෙන් ක්‍රියාකරන අතර රසදියෙන් ක්‍රියාකරන අධි තාක්‍ෂණ ගුවන් යානාත් සේවයේ වූ බව සඳහන්ය. රසදිය කේන්ද්‍රපසරි බලය (Mercury vortex) රසදිය ත්වරණය කර ලබන බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානාවලට අභ්‍යවකාශයට පවා ගමන් කළ හැකිය.

රාම රාවණ යුද්දෙන් පසු රාම පුෂ්පක රථය ඉන්දියාවට ගෙන ගියේය. අධිතාක්‍ෂණ ආයුධ හෙළ ශිෂ්ටාචාරයට අහිමි විය. නමුත් ගුවන් යානා තාක්‍ෂණය අභාවයට නොගියේය. බුදුන් සමයේ ආලවක හා සාතාගිරි යක්‍ෂ සෙන්පතියන් ගුවන් යානා (විමාන) මගින් කෑගල්ල අලුලෙනේ සිට ගිය බව සඳහන් වේ. බුදුන් වහන්සේ ශ්‍රීපාදයට වැඩියේ සුමනගේ ගුවන් යානයෙන් බවට මතයක්‌ වේ. රාවණ සමයේ සිට පැවත ආ ගුවන් යානා සම්බන්ධ ස්‌ථාන විශාල ප්‍රමාණයක්‌ ඇත. දැනට සොයාගෙන ඇති සෙල්ලිපි සමහරක ගුවන් යානා හා නියමුවන් ගැන සඳහන් වේ. එකල නියමුවන් හැඳින්වූයේ "දූතක" ලෙසය. නුවරඑළියේ, කොත්මලේ ගුවන් යානා තොටක්‌ විය. වත්මන් තොප්පිගල සැහැල්ලු ගුවන් යානා තොටක්‌ වේ.

එකල කාලගිරි ලෙස මෙම ගල හැඳින්විය.

"පරුමුක ශූර පුත පරුමුක බිමණ දූතකහ ලෙනෙ ශගස"

එහි ගුවන් සමාගමක ලාංඡනය හා ගුවන් නැවක චිත්‍රය කලු ගලේ කොටා ඇත. රත්නපුරයේ බොල්තුඹේ දේවාලයේ රාවණ රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව සඳහන් වේ. විමානයක ආකෘතියක්‌ එම ස්‌ථානයේ පිටත වේ. එම ආකෘතිය "විමානක වස්‌තු" ග්‍රන්ථයේ සඳහන් යානයකට සමානය. රාම රාවණ යුද්ධයේදී විමාන යානයක්‌ රූමස්‌සල සිට බෙහෙත් ප්‍රවාහනයේදී කඳු ගැටයේ වැදී වැටුණු තැන "උණවටුණ" වූ බවත් එම "විමානය" නාග ගෝත්‍රිකයන්ට අයිති බවත් "විභීෂණ" ගේ බලපෑම් නිසා රාමට උදව් කළ බවත් සඳහන් වේ. එම යානය නවතා තිබූ ස්‌ථානය "නාවිමන" නමි.

රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්‌තර බැබ්ලෝනියාවේ ඊජිප්තුවේ හා සුමාර් වල සඳහන් වේ. එතුමා එම යානා යුද්ධයට හා ප්‍රවාහනයට යොදාගෙන ඇත. රාමායනයට අනුව ඉන්ද්‍රජිත් (මේඝනාද) සහස්‌ග්‍රනි නමැති අහස්‌ යානයකින් අහසට නැග වාලාකුළු අතර හැංගී වරකට ඊසැර 12,000 ක්‌ යෑවිය හැකි දුන්නකින් විද්ද බව සඳහන් වේ. මෙම යුද්ධය ගැන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මෙම තුවක්‌කුව Getling Gum (GAU-8) වලට සමාන බවයි. මෙම යානය ඇමරිකාවේ A-10 තන්ඩර් බෝල්ට්‌ ෂෂ සමාන විය හැක. තවද එම යානය යුද්ධයට පෙර මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත්ට ලබාදෙන ආයුධයකි. බුද්ධ සූත්‍ර පිටකයට අනුව මහා බ්‍රහ්මයා ආබස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආ ජීවයකි. එසේ නම් ඉන්ද්‍රජිත් පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධකම් පවත්වා යුද්ධයට ආයුධ ගෙන ඇත.
රාම-රාවණ යුද්ධයෙන් පසු මෙම අධිතාක්‍ෂණ ආයුධ ඉන්දියාවට ගෙන ගොස්‌ ඇත. ඇලෙක්‌සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය යෙදෙන විට අහසින් ආ ගුවන් වාහන මගින් ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ. එම කාලය චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ තරුණ කාලයයි. (අශෝක රජුගේ මුත්තා චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය) අශෝක රජුගේ සමයේ එම තාක්‍ෂණය පැවතීම සිතිය හැකිය. එම අධිරාජ්‍යයා යටතේ මෙවැනි පුරාණ තාක්‍ෂණ නමයක්‌ ග්‍රන්ථාරූඪ කොට ටිබෙටයේ හැංගූ බව සඳහන් වේ. දෙවන ලෝක සංග්‍රාමය සමයේ හිට්‌ලර් පුරා විද්‍යා කණ්‌ඩායම් යවා ටිබෙටයෙන් මෙම තාක්‍ෂණය ලබාගත් බව සඳහන් වේ. මෙම කණ්‌ඩායම විසින් සොයා ගත් "රාමසර" ආයුධ ආශ්‍රයෙන් V-1 මිසයිලය (Pulse jet) තැනූ බවට එක මතයක්‌ වේ. චීනය 1960 දී ටිබෙටය ආක්‍රමණය කොට මෙම තාක්‍ෂණය ලබාගෙන ග්‍රන්ථ පරිවර්තනයට ඉන්දියාවට එවූ බවත් එහිදී එම විස්‌තර ඇමරිකාවට ලැබුණු බවත් සඳහන්ය.

එම තාක්‍ෂණයෙන් නිෂ්පාදිත යානය TR-3B ලෙස හඳුන්වන අතර "රසදිය කේන්ද්‍රාපසර" බලයෙන් (Mercury Vortex) ඉංජිමකින් ක්‍රියා කරන බව සඳහන් වේ.

දඬුමොණර යන්ත්‍ර හෝ විමාන යානා පිළිබඳ සාක්‍ෂි හා රූ සටහන් ප්‍රධාන ශිෂ්ටාචාරවල සඳහන් වේ. මෙම ශිෂ්ටාචාරයක්‌ම පිට සක්‌වලින් හෝ අහසින් හා ජීවීන් පිළිබඳ සටහනක්‌ වේ. මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇති අවස්‌ථා පුරාණ මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වේ. මෙයට එක්‌ හේතුවක්‌ විය හැක්‌කේ ගුවනින් ගමන් කිරීමේ හැකියාව හා අධිතාක්‍ෂණ ආයුධ වීමයි. "විමාන ශාස්‌ත්‍ර" ග්‍රන්ථයේ මෙම යානා විශාල ප්‍රමාණයක්‌ ගැන සඳහන් වේ. එම යානාවල එංජින් රොකට්‌ හා ජෙට්‌ පද්ධතිවලින් සමන්විත වේ. එම තාක්‍ෂණය දැනට තිබෙන ගුවන් යානා සමග සැසඳිය හැකිය. නමුත් "රසදිය කේන්ද්‍රාපසාරි බලය" දැනට බහුලව භාවිතා නොවන ක්‍රමයකි. එය පුරාණ ගුවන් යානා තාක්‍ෂණයේ ප්‍රධාන අංගයක්‌ වේ.

Mercury Vortex Engine (රසදිය කේන්ද්‍රාපසර බලය) ඉතාම සංකීර්ණ එංජිමකි. මෙම එංජිමේ ප්‍රධාන අරමුණ අධිවේග ද්‍රව්‍යයක්‌ කරකවා (වෘතාකාර බඳුනක්‌ තුළ (tcroid) ගුරුත්වයට විරුද්ධ බලයක්‌ ඇති කිරීමය. ප්‍රධාන කාරණය වන්නේ මෙම භාජනයට යොදන ද්‍රව්‍ය තනා ගැනීමය. මෙම ද්‍රව්‍ය (Super fluid) වර්ගයක්‌ විය යුතුය. එම ද්‍රව්‍ය ගැලීමේදී ප්‍රතිරෝධ බලයක්‌ නැත. (Zero flow resistance) එම නිසා මෙම ද්‍රව්‍ය අධිවේගයෙන් කැරකැවිය හැක. මෙම ද්‍රාවයේ ස්‌වභාවය පහත සඳහන් සාධකවලින් යුක්‌ත විය යුතුය.

1. Super Cooled (අධි ශීතල)

2. Dense (ඝන)

3. Viscom (දූස්‍රාවීතාව)

4. Megnetised

ඉහළ සඳහන් ගුණාංග තිබෙන ද්‍රව්‍යයක්‌ තැනිය යුත්තේ Bose Einstein Condemsates හෝ Bosans (Forced particles) අංශු මගිනි. මෙම අංශු (Pauli Exclusion
Principal) අනුගමනය නොකරයි. ඉහළ ගුණාංග සහිත ද්‍රව්‍ය (Super fluid) ගුණාංග වේ.

මෙම සුපිරි ද්‍රාව්‍ය (Super fluid) අංකයෙන් පහළට ගැලීමේදී ප්‍රතිරෝධය ශූන්‍ය වේ. (Zero resistance) ද්‍රාව්‍ය ප්‍රථමයෙන් අධිශීතනය කළ යුතුය. (Super Cooled) අංකයෙන් පහළට ශීතලනය කිරීමට (Cryogeric) ක්‍රම භාවිතා කළ හැකිය. නමුත් ද්‍රව්‍ය භ්‍රමනය කරවීමට නොහැකි හේතුව ප්‍රතිරෝධය නොමැති වීමය. මෙම ද්‍රව්‍ය (Ferro fluid) කිරීමෙන් චුම්භක ක්‍ෂේත්‍රයක්‌ යොදා භ්‍රමනය කරවිය හැක. අධිශීතනයට භාජනය වන මෙම ද්‍රාව්‍ය ඝනීභවනය වීම වැළැක්‌වීමට (anti-freeze) වර්ගයක්‌ යෙදිය යුතුය. මෙම ද්‍රව්‍යට බේරියම් (Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් මෙම තත්ත්වය ලබාගත හැක.

එංජිමට දෙවනුව අවශ්‍ය වන්නේ (Coil assermbly) පද්ධතියයි. ඉහළ ද්‍රව්‍ය භ්‍රමණයට අවශ්‍ය භාජනය හා චුම්භක ක්‍ෂේත්‍රය මෙම පද්ධතිය මගින් ලබා දෙන්නේය. චුම්භක ක්‍ෂේත්‍රය ක්‍රියාකාරීත්වය අනුව ද්‍රාවය අධිවේගයෙන් කාරක වන්නේය. "කොයිලයේ (Coil) කම්බි ඔතා ඇත්තේ ද්‍රාව්‍ය වේගයෙන් ත්වරණය කළ හැකි ලෙසය. විද්යුත් බලය යොදා චුම්බක ක්‍ෂේත්‍රය පාලනය කළ හැකි නිසා ද්‍රාවයේ වේගය මනා පාලනයක්‌ කළ හැක. (Electro Magnet) චුම්බක ක්‍ෂේත්‍රය පාලන පද්ධති මගින් (Field Corntrol Unit) මෙම ද්‍රාවය 60,000 R.P.M භ්‍රමනය කරවයි. මෙම ප්‍රමාණයට වේගය සීමා කර ඇත්තේ (Cengrifugal) බලයෙන් භාජනය (Toroid) විනාශය වැළැක්‌වීමටය.

ඉහළ විස්‌තරය රසදිය කේන්ද්‍රාපසාරි එංජිමකින් යුතු යානයක ක්‍රියාකාරීත්වය ඉතාම සරල ලෙස හුවා දැක්‌වීමය. මෙවැනි යානයක තිබිය යුතු ගුණාංග පහත දැක්‌වේ.

1. ද්‍රාව ටැංකිය - Liquid Storage tank

2. අධි ශීතනය උපකරණ Cryogenit unit

උෂ්ණත්වය 170°k-150°k දක්‌වා පහළ දැමිය හැකි)

3. toroid ත්වරණයක්‌ torroid accelerator equipped with magnetic Coil.

4. විදුලි ජනකය- චුම්භක ක්‍ෂේත්‍රය පටන් ගැනීම හා පාලනයට.

5. ගුවන් යානා පාලන පද්ධතිය.

ද්‍රාව ටැංකිය ද්‍රාවය ගබඩා කිරීමට යොදා ගන්නා අතර මෙම ටැංකියම අධි ශීතනයට යොදාගත හැක. (Ryogenic උපකරණ පද්ධතිය මගින් ද්‍රාවය 170°k-150°k ශීතනයකට භාජනය කරයි. මෙම ද්‍රාවනය එංජිම තුළට (Torroid) විත් චුම්භක පාලන පද්ධතිය මගින් වේගයෙන් භ්‍රමණය කරවයි. ගුවන් යානා පාලන පද්ධති මගින් යානය හැසිරවීම කරවන්නේය.

මෙම එංජින් පද්ධතියෙන් ක්‍රියාකරන යානා අධිවේග, අධි ජවයක්‌ ඇති යානා වේ. ගුරුත්ව ප්‍රවාහන එංජිම නිසා අභ්‍යවකාශයට යැමට හැකියාව ඇත. රාවණ සමයේ රසදිය උණු කිරීමට සූර්ය බලය යොදාගත් බව සඳහන් වේ. නමුත් සූර්ය බලයට අදාළ සූර්ය කෝෂ යොදා ගැනීමෙන් මෙවැනි ක්‍රියාවලියකට අවශ්‍ය ශක්‌තිය ලබාගත නොහැක. සූර්ය ශක්‌තිය යනුවෙන් අදහස්‌ කරනුයේ පරමානු විඛන්දනය (Nuclear Fusion) ක්‍රමය වනු ඇත. එවැනි පද්ධතියකින් එංජිමට අවශ්‍ය ද්‍රව්‍ය හෝ බලය ලබාගත හැකිය.

රසදිය කේන්ද්‍රාපසාරි බලය" යොදා ක්‍රියාකරන ගුවන් යානා පිළිබඳ ජර්මානු විද්‍යාඥයින් දෙවන මහා සංග්‍රාමයේදී පරීක්‍ෂණ කළේය. එම පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස 'Viril' හා 'Hauriebu' වර්ගයේ පියාඹන පීරිසි නිෂ්පාදනය කළ බවට සාධක වේ. දැනට මෙම යානා නිෂ්පාදනය වූ ආකාරය, නිෂ්පාදනය කළ ස්‌ථාන, හා විද්‍යාඥයන් පිළිබඳ විශාල ප්‍රමාණයක්‌ තොරතුරු අනාවරණය කර ඇත. දෙවන සංග්‍රාමයෙන් පසු මෙම තාක්‍ෂණය ඇමරිකාව හා සෝවියට්‌ දේශයට ගෙන ගිය බවට සාධක හමු වී ඇත.

හෙළ අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම තාක්‍ෂණය ලොව වටා ප්‍රචලිත කරපු රාවණ අධිරාජ්‍ය ඇතුළු යටගියාව සම්බන්ධ පරීක්‍ෂණ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත නොවීම කනගාටුවකට කාරණයකි. එම නිසා හෙළ තාක්‍ෂණයෙන් පෝෂණය වූ විද්‍යාවක්‌ නැවත ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීම කාලෝචිත වන්නේය.


Sunday, July 1, 2012

‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය බිංගන්තලාව ද?

1

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 8

‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය බිංගන්තලාව ද?

 
රාවණාගේ ලංකාපුරය ලක්දිව ගිනිකොණ දිග පිහිටි මහා රාවණා සහ කුඩා රාවණා කොටු විය හැකි යයි ද, එසේ නැතහොත් එය පිහිටියේ නුවරඑළිය, බදුල්ල හා ඒ ආශි‍්‍රත ප්‍රදේශවල විය හැකි යයි ද අපි මීට ඉහතින් පැවසීමු. මේ සියල්ලම ජනකතා, ජනප්‍රවාද හා ජනවහරේ එන තොරතුරු ආශි‍්‍රතව අනාවරණය කළ ඒවාය.
මේ අතර රාවණාගේ බලකොටුව පිහිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේම වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හරස්බැද්ද ප්‍රදේශයේ පිහිටි කඳු මුදුනක් වන දරපනාහෙළ බවට ලද තොරතුරක් මත පසුගිය දිනෙක එහි යාමට ද මට හැකි විය.

රාගල හරස්බැද්ද හරහා වලපනේ මාර්ගයේ කිලෝමීටර් 70, 71 හා 72 කණු පිහිටි ස්ථානවල සිට කඳු මුදුනට නැඟීමට තැනුණු අඩි පාරවල් මෙන්ම තරමක් සංවර්ධනය වූ පාරවල් ද කීපයක්ම ඇත. මෙම මාර්ග දිගේ දරපනාහෙළ ගමට යාම ද දැඩි වෙහෙසකරය. හිණිමඟක් දිගේ ඉහළට නැඟ යන ආකාරයෙන් කන්ද නැඟගෙන යාමට සිදු වේ. ඒ තරමටම එය ඉතා දැඩි බෑවුමකි.

ඉතා වියළි රළු කාලගුණයක් පැවතිය ද පදිංචිකරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය පදනම් කරගෙන සංවර්ධනය කර ගත් ගමක් ලෙස දරපනාහෙළ හඳුන්වා දිය හැකිය. කඳු බෑවුම්, ප්‍රපාත හරහා වගා බිම් ඉදිකරගෙන ඇති ආකාරය අපූරුය.

මා ගියේ දරපනාහෙළ ගමේ විහාරස්ථානය වෙතය. “ශ්‍රී රාවණ පබ්බත විහාරය” නම් වූ එය ඉතා කුඩා ප්‍රමාණයේ එකකි. විහාරාධිපති ධුරය හොබවන්නේ තරුණ භික්ෂුන් වහන්සේ නමක වූ ශාස්ත්‍රපති පූජ්‍ය තඹලගොල්ලෑවේ ධම්මික හිමියන්ය. උන්වහන්සේ ඓතිහාසික පර්යේෂණ කෙරෙහි දක්වන උනන්දුව පැසසිය යුතුය.

“මහත්තය හොයාගෙන ආපු කාරණේට අදාළ තොරතුරු නම් බොහොමයක්ම මෙහේ තියෙනව. ඒත් අපි ඒ තොරතුරු කිසිම කෙනෙකුට දෙන්නෙ නෑ. අපි මේව රැකබලාගෙන ඉන්නෙ බොහොම පරෙස්සමට. නිතරම මේව විනාශ කරල දමන්ඩ පිරිසක් බලාගෙන ඉන්නවා” විහාරාධිපති හිමියෝ කීහ.

උන්වහන්සේ විහාරස්ථානයට පිටස්තරින් පැමිණෙන අය දෙස බලන්නේ සැකමුසුවය. ඔවුන් සැමකෙකුම පාහේ විමසන්නේ මෙහි තැන්පත් නිධන් පිළිබඳවත් ඒවා පවතින්නේ කුමන ස්ථානවල ද යන්නත් වන බැවිනි. එසේම තැනින් තැන හාරා වටිනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති බව ද උන්වහන්සේ කීහ.

රාවණ රජුගේ පිළිරුව
සුහද කතාබහේදී මා කෙරෙහි පැහැදුණු ධම්මික හිමියෝ රාවණා පුවතට අදාළ බොහෝ තොරතුරු මට කීහ. ප්‍රථමයෙන්ම විහාරය තුළ ඇති වටිනා ලෝහයෙන් තැනු පිළිම කීපයක් දැකීමට හැකි විය. ඒ අතර රාවණා, රාවණා රජුගේ සීයා ලෙස සැලකෙන පුලස්ති සෘෂිවරයා, කුම්භකරණ, ඉන්ද්‍රයින් මෙන්ම අවලෝකිතේස්වර බෝධි සත්ත්ව පිළිමය ආදිය ද විය. ඒ සැමෙකක්ම වටිනා ලෝහයෙන් ඉදිකර තිබුණි.

“මහත්තය ඇවිත් ඉන්නෙ රාවණා රජ්ජුරුවන්ගෙ බලකොටුවට. මේ අඩවියේ තමයි රාවණගෙ බලකොටුව තිබිල තියෙන්නෙ. ඒ බව ඔප්පු කරන්ඩ ඕනෑතරම් ඓතිහාසික සාක්ෂි මෙහේ තියෙනව. මහත්තය වටාපිටාවේ පරිසරය දිහාවෙ බලන්ඩකො” ධම්මික හිමියෝ කීහ.

දළ බෑවුම් සහිත කන්දේ මුදුන සුවිශාල ගල් පර්වතයකි. ගල් පව්වේ පාමුල දරපනාහෙළ ගම පිහිටා ඇත. මේ ගම පුරාමත් ගල් පර්වතය පුරාමත් පවතින්නේ රාවණාගේ රාජධානියේ නෂ්ටාවශේෂය.
විහාරස්ථානය ඉදිරියෙන් වූ විශාල වැවක නටබුන් පෙන්වූ ධම්මික හිමියෝ එය රාවණා රජු ඉදිකරවූ වැවක් බවත් වැව් බැම්බ කඩා බිඳ දමා එය ජනාවාසයක් කරගෙන අති බවත් කීහ. දැනට විහාරස්ථානයේ සිට ගමට මාර්ගය තැනී ඇත්තේ මෙම වැවේ බැම්ම මතිනි. පිහිටි භූමි ලක්ෂණ අනුව අපූර්වතම වැවක් එහි පවතින්නට ඇතැයි සිතා ගත හැකිය.

“රාවණා රජ්ජුරුවන්ගෙ බලකොටුවෙ දිය අගල තිබුණේ මෙතන. මීට අවුරුදු හැටකට ඉස්සර වෙලත් මේ දිය අගල වතුරෙන් පිරිල තිබුණ. දැන් තමයි ඔය කඩල බිඳල දමල තියෙන්නෙ” වයසක අම්මා කෙනෙක් මා හා කීවාය.

ධම්මික හිමියෝ දරපනාහෙළ ගමේ එක් අන්තයකට මා කැටුව ගියහ. පුදුමයකි. මේ වනාන්තර බිමේ ගල්කුළුවල නටබුන් කීපයකි. විහාරාධිපතීන් වහන්සේ පැවසු ආකාරයට එය මුර මඩුවකි. රාවණා රජුගේ බලකොටුව ආරක්ෂා කිරීම සඳහා ඉදිකළ මුර මඩුවලින් එකක් බව උන්වහන්සේගේ අදහසයි.

“මේ වාගෙ මුරමඩු මේ ගල් පව්ව වටේටම තියෙනව. මේවයින් සමහරක් කුලුනු ගලවගෙන ගිහින් මිනිස්සු ගෙවල් හදාගෙනත් ඉන්නව. මේ ගල් කණු හතර ආරක්ෂා කරන්නෙ අපි මහත්තයො” ගැමියෙක් මා හා කීවේය.

ඉදිරිපසින් වූ ගල් කණු දෙක උස්ව ද, පිටුපසින් වූ ගල් කණු දෙක මිටිව ද සකසා ඇත. ඒ අනුව වහල තනි පලේට තනා තිබු බව සිතාගත හැකිය. එතුළ ගලින් කළ ආසනයක් ද වල් බිහිවෙමින් පවතී. මේ ගල්කණු ඔපමට්ටම් කළ ඒවා නොවේ. ඉතා ප්‍රාථමික යුගයක භාවිත ගල්කණුය.
ඉන් එහාට කැලෑව තුළ ගල් ගුහා, චෛත්‍යයක නටබුන් ආදිය ඇතැයි ද, ඒවා වළගම්බා රාජ්‍ය සමයට අයත් ඒවා විය හැකි යයි ද විහාරාධිපති හිමියෝ කීහ.

“අපි රාවණා බලකොටුවට අයිති දේවල් ආරක්ෂා කරන්නෙ නාගයෙක් මැණිකක් රකින්න වගේ. මමවත් ගමේ කිසි කෙනෙක්වත් මෙතන තොරතුරු කිසි දෙයක් කිසිම කෙනකුට කියන්නෙ නෑ. ඒව ආරංචි වුණහම සමහරු ඇවිත් මෙහේ තැනින් තැන හාරනව නිදන් ගන්ඩ. මෙහේ තියෙන නටබුන්, පිළිම ආදී කිසිම දෙයක් මිල කරන්ඩ බෑ. ඒවයෙ තියෙන්නෙ ඓතිහාසික වටිනාකමක් විතරයි. ඒ බව නොදැන ඓතිහාසික සාක්ෂි විනාශ කරනව“ විහාරාධිපති හිමියෝ කීහ.

උන්වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට ගම ඉහත්තාවේ ඇති සුවිශාල ගල් පව්වේ අමුතු ආකාරයේ පැලීම්, කඩතොලුවීම් දක්නට ලැබේ. එසේ වී ඇත්තේ රාම - රාවණා යුද්ධයේ දී විදි හී පහරවල් වැදීමෙනි. ගල් පව්වේ එහා පැත්ත විශාල තැනිතලාවකි. එය බිංගන්තලාව නමින් හැඳින්වේ. එය රාවණා රජු දඩුමොනර යන්ත්‍රය ගුවන් ගත කිරීමට භාවිත කළ ගුවන් පථයයි.

ගුවන් පථය උඩු ගුවනේ දුරදීම දර්ශනය වීම සඳහා ගල් කුට්ටියක් මත දියමන්තියක් සවිකොට තිබුණි. 

දියමන්තිය දැනට නැතත් එය සවිකළ ගල් කුට්ටිය තිබේ. ගල් පව්වේ පසෙකින් උමං කටකි. ඒ අනුව කිව හැක්කේ ගල් පව්ව තුළ උමඟක් හෝ භූගත මාළිගාවක් පවතින බවයි. එම උමඟ ආශි‍්‍රතව රාවණා රජු පිළිබඳ තොරතුරු ගොන්නක් පවතී.


ගල් පර්වතය ආශි‍්‍රතව රාවණාගේ මෘත දේහය, තැන්පත් සොහොන තවමත් පවතී. එය පවතින්නේ විශාල ගල් අල්ලා ඉදිකළ ගල් කොටුවක් තුළයි. එය විශාල ගල් ලෑල්ලකින් වසා තිබේ. එය උපක්‍රමශීලී වැස්මකි. කිසිවෙකු සොහොන බිඳීමට තැත් කළහොත් ගල් පියන පෙරළී ඔවුන් සියලු දෙනා ඊට යට වී විනාශ වනු පිණිස එසේ සකසා ඇත. සොහොන පවතින්නේ පොළව මතුපිට ඉදිකර ඇති පෙට්ටියකය.

පසුගිය දිනෙක රාවණා සොහොනට හෙණයක් පුපුරා ඇත. ඉන් සොහොනට කිසිදු හානියක් සිදු වී නැතත් සොහොන තුළ යකඩ වැනි අකුණු ඇදගන්නා සුලු ලෝහයක් තිබිය හැකි යයි විශ්වාස කරනු ලැබේ.
ප්‍රදේශය පුරා ගල් කණු, ගල් ප්‍රාකාර, ගල් බිත්ති, ගල් පොකුණු, වළං කටු ආදි නටබුන් බොහොමයක් පවතී. ඒ කිසිවක් නිශ්චිතව අනාවරණය කරන්නට කිසිවෙකුත් සූදානම් නැත. මක්නිසාද යත් ඒවා නටබුන්වල ආරක්ෂාව පිණිස රැක ගත යුතු රහස් සේ ගම්මු සිතති. කෙසේ මුත් එහි පවතින්නේ රාවණා රජුගේ බලකොටුවම බව ගැමියෝ තරයේ විශ්වාස කරති.

දරපනාහෙළ ආදී රාවණාගේ බලකොටුව පවත්නා ස්ථානය හාත්පස අවට ප්‍රදේශය ගැන අවධානය යොමු කරද්දී ඊට කිට්ටුවෙන්ම ඇති මතුරට සීතාව ගම එනමින් ප්‍රචලිත වූයේ රාවණා සීතා දේවිය සඟවා තැබු තැනක් වන හෙයිනි. දරපනාහෙළට පහළින් ඇති හරස්බැද්ද එනම ලද්දේ රාමගේ වානර හමුදාවේ පැමිණීම වළකාලීමට රාවණාගේ හමුදා සේනා හරස් කළ ස්ථානය වූ බැවිනි. රාගල නගරය එනම ලද්දේ රාවණා - ආ - ගල නිසාවෙනි.

එසේම මන්දාරම් නුවර පිහිටියේ ද මීට නුදුරෙනි. “මන්දාරම් පුර පුවත” නමැති ඓතිහාසික කාව්‍ය ග්‍රන්ථයෙහි මන්දාරම් පුරය හා රාවණා අතර වූ සම්බන්ධය මැනවින් විග්‍රහ කොට ඇත. එහි ඇති කාව්‍ය ගණනාවකින්ම සීතා මුදුන, සීතා කන්ද, සීතා ගිරි නමින් හැඳින්වූයේ මතුරට සීතාව ගම ද නැතිනම් දරපනාහෙළ මුදුනේ ගල්පව්ව දැයි විමසා බැලිය යුතුය. එසේම රටේ පැවති යුදමය අවස්ථාවන්හිදී මේ ප්‍රදේශයේ සෙනෙවියන් ඊට සහභාගි වී ඇත්තේ රාවණා කොඩිය පෙරටු කරගෙනය. උත්සව, පෙරහර ආදියට මොවුන් ගියේ ද රාවණා කොඩිය පෙරමුණෙහි තබාගෙනය.

මීට වසර කීපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ සමීක්ෂණයක් පවත්වා ගල් ලෙන් කීපයක් හඳුනාගෙන ඒවා අංක කොට ගොස් ඇත ද ඒ පිළිබඳ නිශ්චිත නිගමනයක් මෙතෙක් දී නොමැත. රාවණා බලකොටුවට පසෙකින් වළගම්බා රජුගේ ඉදිකිරීම්වල නටබුන් පවතින බව ද ගැමියෝ පවසති.

මෙම ලිපිය කියවා කිසිවෙකුත් දරපනාහෙළ කන්ද නැඟ රාවණාගේ බලකොටුව නැරැඹීමට නොයා යුතුය. තවමත් වනාන්තර ගතව පවතින දේ මා අනාවරණය කළේ විහාරාධිපති හිමියන් හා ගැමියන් පැවසූ ආකාරයෙනි. ඔවුන් සියලු දෙනා මගෙන් ඉල්ලීමක් කළේ රාවණා බලකොටුවේ තොරතුරු කිසිවක් ප්‍රචලිත කිරීමට කටයුතු නොකරන ලෙසයි. කලින් එසේ ප්‍රචලිත වූ කීප විටෙකම පිටින් ආ පිරිස් මෙහි තැන තැන හාරමින් ප්‍රදේශයේ කළ විනාශය පිළිබඳ ගම්මු මට තොරතුරු කීහ.
ඉදිරියේදී රාවණා බලකොටුවේ සියලු විස්තර අනාවරණය කිරීමට හැකි වනු ඇතැයි ද විශ්වාසයක් පවතී. 


..