-->

Monday, July 23, 2012

දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

0


දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි
පළමු කොටස
රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය.


රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා කාලයක රාවණා පුරාවෘතය ගැන සතිපතා ලිපි පෙළක් පල කිරීමට අප අදහස් කළෙමු. මේ පලවන්නේ එහි පලවෙනි කොටසයි.

රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි.

කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නටද හේතු වුයේ මේ රාවණ ගුවන් තාක්‍ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ.

ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිත කළ රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති ගුවන් තාක්‍ෂණයයි.


ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්‍ෂණයේ මෙන්ම යුද තාක්‍ෂණ රැුසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග‍්‍රන්ථාරූඪ කර, හොර රහසේ ටිබෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්‍ෂණය ජර්මනියට ගෙන ගිය අතර, විවිධ හැඩවල ගුවන් යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වළ යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය.

රාවණ ගුවන් තාක්‍ෂණය නැතහොත් විමාන තාක්‍ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන මහජන සමූහාණ්ඩුව ටිබෙටය ආක‍්‍රමණය කිරීමත් සමඟය. කිසිදු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක‍්‍රමණය කිරීමට බලපෑ හේතුවක මෙම විමාන ශාස්ත‍්‍රය බව අද වන විට හෙළි වී ඇති යුද රහසකි.

ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග‍්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භරද්වාජ ඍෂි විසින් සංස්කෘත භාෂාවෙන් ග‍්‍රන්ථාරූඪ කරන ලද ‘‘වෛමාණික ශාස්ත’’ නම් ග‍්‍රන්ථයයි.

මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක‍්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවීමයි.

රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා උනන්දු ඇතිවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය කළ හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ තතු සෙවීම බොහෝ දෙනාගේ ප‍්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම ‘මර්කරි වෝටෙක්ස්’ එන්ජිම (Mercury Vortex Engine) ලෙස හැඳින්වුණි.

පිටසක්වල තාක්‍ෂණය මෙන්ම රාවණ තාක්‍ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්‍ෂණ පවත්වන ඇමරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙතෙක් රාමායනයේ මිත්‍යා කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේෂණයටද පුරුදු වූහ.

TR – 3B වර්ගයේ පැරණි ගුවන් යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත්හදා බැලෙන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම එන්ජිම මෝටර් රථයකට යොදා අත්හදා බැලීම සිදුවිය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්‍ෂණය ඒරියා 51 තුළ පරීක්‍ෂණ මට්ටමේ පවතියි.

මෙම පරීක්‍ෂණය සාර්ථකවීමත් සමඟම රාවණ ගුවන් තාක්‍ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වන විට ගුවන් යානා යුග පහක් ගෙවී ඇත. එසේම මේ වන විට ඇමෙරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන ගුවන් යුගයට අයත් අධිවේගී බොයින් F/Axx යානාව 2025 - 2030 අතර කාලවකවානුවලදී ගුවන ජයගැනීමට නියමිතය.

එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්‍ෂණයෙන් උපරිම තාක්‍ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවෙයි. ඒ තුළ හෙළ විමාන තාක්‍ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්‍ෂණය අන්තර්ගත නැත.

එහෙත් 2016 සිට 2018 කාලවකවානුවලදී ලොව ඉහළම ගුවන් තාක්‍ෂණය සහිත ගුවන් යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයකුගේ නිර්මාණයක් ලෙස අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ.වික‍්‍රමතුංගය.

මෙම ගුවන් තාක්‍ෂණය හත්වන යුගයට අයත් වන ගුවන් තාක්‍ෂණයයි. එම ගුවන් තාක්‍ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2016/18 කාලය තුළ නිපදවීමට නියමිත අතර, දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසු ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන්ය. එය නම්කර ඇත්තේ 'hytle' අධිතාක්‍ෂණ ප‍්‍රහාරක යානය ලෙසය.

මෙම හයිට්ල් අධිතාක්‍ෂණික ගුවන් යානය සම්පූර්ණයෙන්ම හෙළ විමාන තාක්‍ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිට්ල් යානයේ පවතින ප‍්‍රධානතම විශෙෂත්වය වනුයේ යානා කිහිපයක් මගින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මගින් කළ හැකිවීමයි. (Multi mission Capability) 


මෙම හයිට්ල් යානයක ප‍්‍රධාන එන්ජින් පද්ධති තුනක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්‍ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5 - 10 අතර වේගයක් ලබාදෙන ‘ප්ලස් ඩෙටොනේෂන්’(PDE)  එන්ජිමකි. මෙම PDE එන්ජින් කි‍්‍රයාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර, අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමගින් යානයට අධිවේගයක් ලබාගත හැකි වෙයි.

මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප‍්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන්ද්‍රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එක තැන නැවැත්වීමට ඉදිරයට ගමන් කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහර දීම සිදුකල හැකි වෙයි.

දැනට භාවිත කරන පස්වන පරපුරට අයත් කිසිදු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිට්ල් යානය ඒ සියළු බාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහර දීම ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදුකිරීමේ හැකියාව පවතී.

‘විමාන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලූ ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.

විමාන තාක්‍ෂණයේ දර්පණ තාක්‍ෂණය ලෙස හැඳින්වෙන ක‍්‍රමවේදය අනුගමනය කරමින් හයිට්ල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් කි‍්‍රයාත්මක වෙයි. මෙම පද්ධතිය යානයේ ස්වයංක‍්‍රීය පාලකයා වෙයි. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිට්ල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලූ තොරතුරු නියමුවාට ග‍්‍රහණය කරගත හැකි වෙයි.

මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිට්ල් යානයේ දර්පනවල සබඳතාව පෙන්වා ඇත.


විමාන යානාවල සුර්ය ශක්තිය ආකර්ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන්ජිම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ප‍්‍රබල ලෙස ඔපදැමූ පළිඟුවකි.

එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිට්ල් යානයේ එවන් වූ පළිඟු භාවිත කළ නොහැක වෙයි. එහෙත් විමාන තාක්‍ෂණයට අනුව එහි බ‍්‍රහ්ම ක්‍ෂෙත‍්‍රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කළ හැකි වෙයි.



මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්වයංක‍්‍රියව කැරකෙන ලෙස සකස් කර පැවතීම, මෙමගින් යානය උඩු අතට පැදවීමේදී නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.

එකල තම ඥානය දියුණු කළ හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක්වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව හෙළ අටුවාවේ ඇති රාවණ රජු හා දඬුමොණරයද සැබෑවකි.

හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයති. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පුර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි.

හෙළ ලෙයින් උපන් පී.ඒ.වික‍්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.

- වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර

 


No Response to "දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි"

Post a Comment

අදහස් සහ උදහස්