-->

Monday, September 30, 2013

හෙළවංශය දෙවන වැඩසටහන

0

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දෙවන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...










හෙළ වංශය පළමු වැඩසටහන

0

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ පළමු වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...





 


Sunday, September 29, 2013

මහා රාවන පෙරහැර

1

මහා රාවන පෙරහැර

හෙළයට පණ දුන් ජාතියේ පියා සමරන ශ්‍රී ලංකේශ්වර මහා රාවණ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර වූ මහා රාවණ පෙරහර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා, පන්නිපිටිය දෙව්රම් මහා විහාරයෙන් අරඹා වීථි සංචාරය කළේය.


දෙව්රම් වෙහෙර මහා විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව පැවැත්වුණු රාවණ පෙරහර උත්සව සභාවට විනිසුරු සත්‍යා හෙට්ටිගේ, මන්ත්‍රි ජේ.ආර්.පී. සූරියප්පෙරුම, අයෝමා රාජපක්ෂ, මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, ත්‍රිකුණාමලය දිසාපති ඇතුළු ගිහි පැවිදි ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

ශ්‍රී පාදස්ථාන විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ උත්සව සභාව මෙහෙයවූහ.

උත්සව සභාවට සහභාගි වූ ආරක්ෂක ලේකම්වරයා පළමුව දළ¼දා කරඬුව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව විශේෂ පීඨිකාවට දළදා කරඬුව වැඩම කරවන ලදී.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා මහා රාවණ රාජ පිළිරුවට ගෞරව දැක්වීමෙන් අනතුරුව උත්සව සභාව ඇරැඹිණි.
 

ආරම්භක දේශනය කළ පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමයෝ මහා රාවණ රජු අපට වැදගත් වනුයේ වර්තමානයේ ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ පවතින ජාත්‍යන්තර හැඟීම සහ ක්‍රියාකාරකම් පරදා නැඟී සිටීමට අද අප දරන උත්සාහ හා සමාන උත්සාහයක් එදා රාවණ රජතුමාටද ගැනීමට සිදුවීම තුළ අපට මහා රාවණ ශක්තිය, බලය ලැබීම නිසා බව පවසා සිටියහ.
 

රාත්‍රි අටට පමණ ඇරැඹුණු පෙරහර වීථි සංචාරය කළේ අලි ඇතුන් සහ විවිධ සංස්කෘතීන් රැසක් නියෝජනය වන අංශද රැගෙනය. මෙම පෙරහර කොඩි, සේසත්, ජාතික කොඩි, බෞද්ධ කොඩි, කසකරුවන්, බෙරකරුවන්, නැටුම් ශිල්පීන්, රබන් කරකැවීම්, වේවැල් නැටුම්, දඬුමොනරය, යක්, කෝලම් වෙස් මුහුණු කණ්ඩායම්, නිලමේවරුන්, ගිනි පන්දම්, ගිනිබෝල, රාවණ රජු ගමන් ගිය රථය, රාවණ රාජ පිළිරුව ආදී විශේෂාංග රැසකින් සමන්විත වී තිබිණි.

පෙරහරට සහ උත්සව සභාවට වැදි නායකයා සහභාගි වී සිටි අතර ඔවුන් ඉදිරිපත් කළ වැදි නැටුම කාගේත් සිත්ගත් එකක් වී තිබිණි.
































Thursday, September 26, 2013

කරඳගොල්ල අභිරහස් සිතුවම්

0

කරඳගොල්ල අභිරහස් සිතුවම්


Derana 



Monday, September 23, 2013

සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු

0

සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු.


අද සිංහල කතා කරන සමාජය තුල බහුතරය යයි කියන බෞද්ධයන් ඉන්දියාවේ සිටි බුද්ධ කෙනෙකු ගැන අනේක වාරයක් කියනු ඇසුව ද, හිරු දෙවියන් ගැන කියනු නොඇසෙන තරම් ය. හිරු යයි කියන්නේ සූර්යයාට යයි කියන කතාව නම් දස දෙසින් ඇසේ. එහෙත් මම කියන්නේ හිරු නමැති ආදි සිංහලයන් කී සූර්යයාට සම කල කෙනෙකු හෙවත් දෙවියකු ගැනයි. කෙසේ වෙතත් හිරුට වන්දනාමාන කරන අය විවිධ ජන කොටස් අතර සිටින බව දනිමු.

හිරු දෙවියන් සිංහල ජාතිය බිහිකල බවත්, දැනුම හිරු දෙවියන්ගේ බවත් බොහෝ අතීතයේ සිට පැවතුන බවට තොරතුරු අදත් ඇත. මම කලින් සඳහන් කල, ක්‍රිව 1815  දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගෙ ඇවසිතා සපුරාලීමට ලියූ History of Ceylon from the Earliest Period to the Year 1815: With ... By Philalethes (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) නමැති පොතේ, හිරු ගැන ද ඉතාමත් වැදගත් තොරතුරු දක්වා ඇත්තේ, ලියන්නා කිසිදු දැනුමකින් තොරව ලියූ නිසා බව පෙනේ. හිරු ගැන මතකය, හිරුගේ ලක්ෂණ ආරූඪ කර තැනූ නොයෙකුත් පසුකාලීන නාමධාරීන් නිසා ගිලිහී ගිය බවක් පෙනේ. අද මිනිසුන් කියන්නේ, තමන්ගේ දේ අතහැර අනුන්ගේ දේ බදාගෙන, එය තමන්ගේ යයි කීමට කරුණු මවන, නන්නත්තාරයේ යන සත්ව විශේෂයක් නිසා, වාචික තොරතුරු හීන වුවද, ඉතිරි වී ඇති සූර්ය වන්දනාවේ නටබුන් ගත් කල, සූර්යයා වැඳීම නොකල මිනිස් සමාජයක් නොතිබූ තරම්ය. එසේ නොතිබුනා නම් ඒ සිංහල සමාජය තුල පමණි. එනයින් ඔවුන් හිරු යයි හැඳින්නුවේ සූර්යයා නොව පුද්ගලයකු බව තහවුරු වේ. හිරු යන වචනය හා බැඳි හූරා, හේ, ඔහේ, ඔහු වැනි වචන මේ බව තහවුරු කරන්නේ, එවැනි වචන බිහිවීමේ රටාවක් සිංහල සමාජය තුල පවතින නිසාය.

හිරු යනු පියා ලෙසත් සඳු යනු මව ලෙසත් ගෙන ඇති ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ, ඉහත කී හිරු ගේ නම ඇතත්, අනෙක් අතට සඳු යයි කතක් සිටිය බවකුදු සඳහන් නොවේ. කුජ, බුධ, ගුරු වැනි නම් මිනිස් සමාජය නිරූපනය කිරීමට අණුකූලව පුද්ගලයන් හිටියත්, සඳු නියෝජනය කරන විශේෂ නාමධාරියක නැති බව පසක් වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ ආරූඪ නාම නියෝජනය වීම නිසා, ගැහැණුන් සඳු පමණක් නියෝජනය නොකරන බව ප්‍රත්‍යයක්ෂ වේ. දෙමව්පියන් දරුඵල ගැන්වීම තුලින් ගැහැණු හා පිරිමි දරුවන් සියල්ලන්ම බිහිවීම නිසා, ගැහැණු පිරිමි වෙනස දැඩි ශාරීරික වෙනසකට වඩා අවතාරය (සිත ඇතුළත් කොටස) මත රැඳෙන බව කිව හැක. තාරයේ (ශරීරයේ) හා අවතාරයේ වෙනස් කම් ජීවිතය බිහි කිරීමටත් පැවැත්ම රැකීමටත් ඇති අවශ්‍යතාවය සපුරාලීමට ගැහැණු හා පිරිමින් බිහි කරවන බව පෙන්විය හැක. ගැහැණු හා පිරිමින් පෙන්වන අසමාන හා පරස්පර හැසිරීම් මිනිස් වර්ගයාගෙ යහපතට දරණ වගකීමේ ඉමහත් බව කියා පානවා. එය දරුවාගේ පැවැත්මට කෙතරම් වැදගත් දැයි කියනවා නම්, ජීවත්වීමේ වරම දෙවරක් දෙන විදියක් යයි කිව හැක.

ගැහැණු හා පිරිමින් නියෝජනය කරන වගකීම් ගැන කීමට අවස්ථාව මෙය නොවූවද, හිරු හා සඳු (පියා සහ මව) යනු ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ ඒකීය නිරූපණයන් නිසා සුවිශේෂ කොටසක් බවත්, මේ දෙදෙනාම ජීවය නියෝජනය කරන නිසා, හිරුගේ ගතිගුණ බෙදාගෙන නියෝජනය කරනවා යයි කීම ස්වභාවයට ගැලපේ යයි සිතමු. දරුවන් වැඩීමේදී තනි තනිව හෝ එකතු වී රැකීම දෙදෙනා වෙන් කල නොහැකි බැඳීම් ඇත්තන් සේ පෙන්විය හැක. එසේ නම් හිරු දෙවියන් දෙමව්පියන් නියෝජනය කරනවා යයි කිව හැක.

හිරු දෙවියන් ගැන කතා නොකල ද, සිංහලයන්ට ලොව ළඟින්ම සිටින්නේ දෙමව්පියන් බව නොරහසකි.
අපේ දෙමව්පියන් ළඟ සුවිශේෂත්වයක් අපි දකිමු. ඒ සුවිශේෂත්වය අපේ දෙමව්පියන් ළඟ පමණක් නොව සියලු ජීවීන්ගේම දෙමව්පියන් පෙන්වන බව, ස්වාභාවික දත්ත මනාව පැහැදිලි කරනවා. වෙනසකට තියෙන්නෙ, ජීව පරාසය තුල පහලම ද නැත්නම් උපරිමයෙ ද නැත්නම් අතරමැද ද කියනක එකයි. (මෙහිදී අතරමැද යනු මැද යන අරුතම නොදේ). සිංහල දෙමව්පියන් කොතරම් මෙම හැසිරීම් රටාවට නතුද කියනවා නම්, තමන් කරන දේ ගැනවත් අවබෝධයකින් තොර බව කිව යුතුයි.

ඇත්තටම මේ හැසිරීම කාගෙ වුවමනාවට වෙන දෙයක්ද? හොඳට බැලූ විට, මේවා දෙමව්පියන් ඉබේ වඩාගත් දෑ නොවන බව සහතිකය. මම දෙමව්පියන් ගැන කිව්වේ ඔවුන් දෙන්නා අපට ළඟින්ම ඇති හිරුගේ ප්‍රබලම අවතාර දෙක නියෝජනය කරන බව කීමටයි. මෙතන දී, හිරුට අවතාර දහයක් ඇති බව කියන්නෙ කිව යුතුම නිසයි. බාහිර තොරතුරු ගොඩක් ලොව ඉදිරියේ තියෙන්නෙ මනුගේ සමයේ නිසා, ඒ අවතාර දහය මනුගෙ ලෙස කියවෙනවා. මනුට අමතරව තව මත්ස්‍ය මනු කියල කෙනෙක් සතුවත් අවතාර දහයක් ඇති බව කියවෙන කතා තවමත් තියෙනවා. බොහෝ දැනුම මනුගේ කාලයේ ලැබීම නිසා ඒවා අහපු අය මනු තුලින් අතීතයට ගිය බව පෙනෙනවා.

මම කලින් අප සතු අවතාරය ගැන කිව්වා. එසේම හැම ජීවයක්ම පෙන්වන එකට බැඳුනු ඒකීය ආරම්භය ඇති බිහිවීම අපට වෙනස්කල නොහැකි ස්වාභාවික ඇත්තක්. ඒ නිසා අපේ අවතාර හැදූ හිරු කෙනෙකුයි, මෑතකදී කියපු මනුයි දෙදෙනකු විය නොහැක. එසේ අඩු තරමින් දෙදෙනෙක් සිටී නම්, මුල් දෙක නියෝජනය කරන පැවැත්මක් තිබිය යුතුය. එක යනු තෝරාගැනීමට වෙන අවස්ථාවක් නැත්තකි. දෙකක් ඇති විට එක වරක් දෙකෙන්ද තව දෙවරක් දෙක වෙන වෙනමද ගෙන බිහිවිය යුතුය. මෙය සහතික කරන කිසිදු ස්වාභාවික ජීවයක් නැති නිසා, විවිධ නම් වලින් කීවද ඒ එක් අයකු බව පිළිගැනීමට සිදු වේ. එසේ නම් හිරු යනු ඒකීය ස්වරූපයක් ඇත්තෙකි.

මම හිරුට අවතාර දහයක් ඇතැයි කීවෙමි. ඉන් එක අවතාරයක් වන මත්ස්‍ය අවතාරය හෙවත් ජීවය බිහිකිරීමේ හැකියාව තවෙකකුට නොලැබෙන දෙයක් බව කිසිදු ජීවියකුට වෙනස් ආකාරයක ජීවියකු බිහි කිරීමට නොහැකි බව පෙන්වයි. අනෙක් අවතාර නවය සැබැවින්ම අපට උරුම වූ ගතිගුණ පිළිබිඹු කරන  අපේ අවතාරයට බෙදී ආ කොටස් නියෝජනය කරනවා. අපට ඇත්තේ එක අවතාරයක් බව ස්වාභාවික දත්ත තහවුරු කරයි. එසේ නම් නවයකින් එකක් හදන විට, හදන්න ගත් ප්‍රමාණය අනුව, වැඩියෙන් ගත් අවතාරයට අනුව අපේ අවතාරයේ ලක්ෂණ පිළිබිඹු කරනවා. හිරු හා සඳු අවතාර වලින් දෙමව්පිය ගති ලැබෙනවා වගේම බුධ අවතාරයෙන් දැනුම ද, ගුරු අවතාරයෙන් හැකියාවන් ද, කුජගෙන් යුධකාමී බව ද, සිකුරුගෙන් මනමාලකම ද, යනාදී පුද්ගල ලක්ෂණ නිරූපනය වෙනවා යයි සරලව කියමි. ඇත්ත මීට වඩා ඉතා සංකීර්ණ බව ස්වාභාවික හැසිරීම හැදෑරූ විට පෙනේ.

අද්භූත මානසික තත්වයක් ඇතිවීම වැලැක්වීමටත්, සැබෑ ලොව සමඟ බැඳීමටත් මා අවතාරය යනු කුමක්දැයි නැවත කිවයුතු වෙනවා. මිනිසුන්ගේ දරු උපතේ දී, දෙමව්පියන් ගත හැදීමට දායක වුවත්, හිත නොහදන බව තෙවැන්නා වන දරුවා හැම අතින් ම පෙන්වනවා. එසේම හිත යනු සංකීර්ණ, එමෙන්ම නිශ්චිත අංඟ ඇති ජීවි කොටසක් ලෙස ස්වාභාවික දත්ත හෙළි කරනවා. එම නිසා අප දන්නා සරල ස්වාභාවික ක්‍රියා වලින් එවැන්නක් වත්, එවැනිම සංකීර්ණ හා නිශ්චිත පැවතුමක් ඇති ගත වත් නොසෑදෙන බව ස්වාභවය පෙන්වනවා. මේ අනුව තෙවන පාර්ශවයක් ඇති බව පෙන්වනවා. එම තෙවන පාර්ශවය හිරු ලෙස මා හැඳින්වූවේ සිංහලයන් ද එම මගම ගොස් ඒකම කියපු නිසයි.

එසේ නම් ජීවය බිහි කිරීමට මුල් වූ හිරු, අපේ දෙමව්පියන් නියෝජනය කරනවා යයි කීම නිවැරදිය. හිරු දෙවියන් ගැන අමතක කල ද, අප දෙමව්පියන්ට දක්වන ගරු සරු ව්‍යංඟයෙන් හිරුට දක්වන ගරු සරු කිරීමක් නොවේ ද?  අනෙක් අතට අප හිරුගේ බිහි කිරීම් නොවේ ද? හිරු හා අප අතර නිරන්තර සබඳකමක් තිබේද? සැබැවින්ම එවැනි දෙදිසාවට යන හුවමාරුවන විදියක් ඇතැත් ඒ ගැන කතාකිරීමට සුදුසු තත්වයක් නැත. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගෙන, උපමා අණුසාරයෙන් කී විට, කනාට කිරේ පාට කී විට එය කුමක්දැයි සිදු වූ අකරතැබ්බය නැවත වනු ඇත. දැනටම එවැනි ප්‍රථිඵල හිරු හා බැඳී ඇත. හිරු හා සූර්යයා උපමාවකින් සම කිරීමට පොදු විශේෂ ගතියක් තිබුන ද, අන්තිමට කෙළවර වූයේ හිරු යනු සූර්යයා යයි කියමින් සූර්යයාට වැඳීමය. හිරු හා අප අතර ඇති සබඳතාවය සූර්යයාගෙ රැස් වලට උපමා කල විට, අන්ධ උන් රාවණ හෙවත් සූර්යයාගෙන් පැවතෙන බහුභූත කතාවක් ගොතා ඇත. අප සූර්යයාගෙන් පැවතේ නම්, අපට කිව යුතු වන්නේ මිනිසුන් නොව ආලෝක ධාරා යයි කියා නොවේ ද?


හිරු ගැන මා කී කරුණු මත ආදි සිංහලයන් හිරුට ගරු සරු කලේ අන්ධ විශ්වාසයකින් නොව ඇත්ත දැන ය. එය අද ද දෙමව්පියන්ට දක්වන ගරු සරු වලින් පිළිබිඹු වේ.

හිරු ගැන කතා කරේ හිරු කෙසේ අපේ පැවැත්ම හා බැඳේ ද කීමටයි. එය නිරන්තර බැඳීමක් යයි ද, ඉතාමත් කාර්යක්ෂම විදියක් බව ද ස්වාභාවික දත්ත තහවුරු කරයි. අති විශේෂ කාර්යයක් වන්නේ පැවැත්මේ සන්ධිස්තාන වල දී, ගතකින් බිහි වී මග පෙන්වීමයි. මෙය සිදුවීම වර්ෂ තිස් දහසකට පමණ වරක් සිදු වූ බවත්, ඒ හැම විටම යන දිසාව ජීවත්වීම හා පැවැත්ම රැකීම සඳහා මුල පිරීමක් ද වූ බව පෙනේ. උදාහරණ ලෙස, මීට වර්ෂ තිස් දහසකට පමණ පෙර මනු ලෙස ඉපි ද අළුත්ම ජීවන රටාවක් දුන් බව ද, වසර හැට දාහකට පමණ පෙර වඳවීමට ගිය විට බේරා ගත් බව ද පෙනේ. මීට චක්‍ර හතරකට පෙර, එනම් වසර 120,000කට පෙර අද දක්වා දිවෙන ගුරුකම් (තොවිල් පවිල්) වලට මුල පුරා අතිවිශේෂ වෙනසක් කල බව මම දැනගත්තේ අපූරු විදියකට ය. කෙසේ වෙතත් වෙන කෙනෙක් ඒ සඳහා යොදා ගත් සිංහල බෙරය මීට වසර 120,000කට පෙරද ගැසූ බව යූ ටියුබේ කියා තිබින. අද සමහර බෞද්ධයන්මෙම සිරිත් විරිත් සිංහලයන්ට අහිමි කරලීමට කොතරම් වෙර දරනවා ද? ඒ සිරිත් විරිත් සිංහලයන්ගෙ යහපතට කොතරම් හේතු වී දැයි වෙන ලිපියකින් දක්වමි. ඒවා නොවන්නට, අදත් අප අංඟෝපාංඟ සෙලවිය නොහැකි තිරිසනුන් වනු ඇත.

දැනට ලියූ ටික ඇති යයි සිතුන ද, හිරු ගැන සිංහලයන් සතු දැනුම පැහැරගත් උන්, වෙන නාම වලින් හෝ වැරදි උච්චාරණයෙන් හෝ අවැඩට යෙදීමෙන් විනාශ කර ඇති බව කිව යුතුය. තුන්ලොවට අධිපති, එහෙත් මිනිස්බව නසන බුදුන් කෙනෙකුටද මේ ගති විකෘර්ති කර ආරෝපනය කර ඇත. තවත් අය මිනිසුන් වෙනුවෙන් සියලු දේ මැව් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, තිරිසනුන් වත් නොකරන අපරාධ සියලු සතුන්ට කිරීමට පිටුවහලක් කරගෙන ඇත. තවත් කොටසක් තවත් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, අනුන්ගෙ දේවල් පැහැර ගැනීමට, මිනිසුන් මරා ගැහැණුන් උදුරා ගැනීමට පිටුවහලක් කරගෙන ඇත.  එහෙත් මධ්‍යස්ථව බැලූ විට, හිරු තමන්ගෙ හැකියාවන් උන්ට පෙන්වා දිය යුතු දඬුවම් ද දී ඇත. එහි නිමාවක් ද නැත. තවත් කොටසක් නා නා ප්‍රකාර නම් දාගෙන මුදල් උපයාගන්න යාග හෝම වලට බැඳ විකුණාගෙන කති. උදා: නාථ (නායක). අනෙක් නම් මනු ඈඳා ගෙන ගොතා ඇත. හිරුගේ නැවත ආරම්භයක් දීම ගැන මායා වරුන්ද කියා ඇත. සිංහලයන් ඊටත් වඩා තියුණු ලෙස පැමිණීම ගැන කියා ඇත. මේවා ගැන පසුවට විචාරය කරමු. මනුෂ්‍යයකු ලෙස ජීවිත් වී පැවැත්ම රැකීමට, නොඑසේනම් දරුවන් රැක බලාගැනීමට කැප වීම, හිරු හා සම්බන්ධ වීම ලෙස දකිමි.


උපුටා ගැනීම - http://sinha-ali.blogspot.com.au/2013/01/blog-post_7876.html

 

රාවණ පුරවර ගීතය

0

රාවණ පුරවර ගීතය

ලාංකේශ්වර වෙද මහත්මයා විසින් ගායනා කරන රාවණ පුරවර ගීතය.


සීගිරිය පිළිබඳ කතා කෙරෙනු History Channel හි වැඩසටහන

0

සීගිරිය පිළිබඳ කතා කෙරෙනු History Channel හි  වැඩසටහන.

ලෝකය පුරා ප්‍රචලිත Ancient Aliens වැඩසටහන් මාලාවේ පස්වෙනි අදියරයේ දී සීගිරිය ගැනද සදහන් කරන ලදී. එහි වීඩියෝ දර්ශනය පහතින් දක්වා ඇත.




Thursday, September 5, 2013

පැත්ත මාරු වුණොත් විනාශයි - නිවැරැදි ස්වස්තිකය

3

පැත්ත මාරු වුණොත් විනාශයි

නිවැරැදි ස්වස්තිකය

වාස්තු ශිල්පය මුළුමනින්ම සොබාදහම හා බද්ධ වූ ශිල්ප ක්‍රමයකි. මිනිසා ද සොබාදහමේ එක් කොටසක් බැවින් වාස්තු ශිල්පයේ පූර්ණ බලපෑමට මිනිසා ලක් වේ. ඉර, හඳ, පොළොව, ජලය, වාතය, වෘක්‍ෂලතාවන් හා මිහිමත වාසය කරන්නාවූ සියලු සත්ත්වයෝ සොබාදහමේ අංගයෝය. මීට අමතරව පංච භූතයන්ගේ ඝට්ටනයෙන් නිපදවන්නා වූ විවිධ ශක්තීන්ද අයත් වන්නේ සොබාදහම තුළටයි. මේවා අතර “විශ්ව ශක්තිය” ප්‍රධාන කොට ගත්තා වූ විවිධ ශක්තීන් සමූහයක් මේ මිහිමත ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නූතන මිනිසාට හඳුනාගත හැකි වූ එවැනි ශක්තීන් අතර චුම්බක ශක්තිය, ගුරුත්ව ශක්තිය ආදිය හඳුනා ගත හැකි වුවද එවැනි වූ තවත් සුවිශේෂී ශක්තීන් ගණනාවක් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන පවතින බව වාස්තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා.

මේ අතර දිශා ශක්ති න්‍යාය ඉතා වැදගත් වෙනවා. වාස්තු ශිල්පයට අනුව නිවාස සෑදීමේදී දිශා ශක්ති න්‍යාය ප්‍රබලව යොදා ගැනීමෙන් නිවෙසට කාන්දු වන විශ්ව ශක්තිය ප්‍රබල කරගත හැකි වෙනවා. එසේම වාස්තු ශිල්පය තුළ භෞතිකව අපට පෙනෙන දැනෙන දේට අමතරව පාරිභෞතික පැතිකඩක් පවතින බව මතක තබා ගත යුතුයි. මිනිසාගේ ප්‍රඥාව නොදියුණු කාලවලදී පාරිභෝගික පැතිකඩ පිළිබඳ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු නොවන අතර ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දැනෙන, දිවට දැනෙන හා කයට ගැටෙන දේවල් පිළිබඳ පමණක් අවධානය යොමුවේ. එසේ වුවද මිනිස් ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය වූ බුදුවරුන් පහළ වුණු ඒ යුගය තුළ මිනිසාගේ භෞතික පැතිකඩ මෙන්ම ආධ්‍යාත්මික පැතිකඩ උපරිම වශයෙන් දියුණුවීම කැපී පෙනෙනවා. මේ නිසා මේ ලෝකය තේරුම් ගැනීමට නම් භෞතික සහ ආධ්‍යාත්මික යන කෝණ දෙක පිළිබඳ අවධානය යොමු කළ යුතු බව වාස්තු ශිල්පය මිනිසාට පෙන්වා දී තිබෙනවා. අද මා ඔබගේ අවධානය යොමු කරවීමට උත්සාහ ගන්නේ වාස්තු විද්‍යාවේ පාරභෞතික ශක්ති විශේෂයන් මිනිසාගේ කටයුතු කෙරෙහි බලපානු ලබන සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ පැහැදිලි කර දීමටයි.

දුක - සැප, නින්දා - ප්‍රශංසා, ලාභ - අලාභ, යස - අයස ආදී ලෙස ක්‍රියාත්මක වීමද විශ්ව දහමට අයත් දේවල් ලෙස පෙන්වා දිය හැකියි. මේ ආකාරයට ඔබගේ ගෘහයට වාසනාව සහ අවාසනාව මෙන්ම සශ්‍රී කභාවය හෝ විනාශය ගෙන දෙන්නටම සමත් විශ්වීය සංකේත පවතින බව දන්නේ කීයෙන් කී දෙනාද. මෙපමණ බලගතු විශ්වීය සංකේත පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමට අදහස් කළේ ඒ තුළින් මිනිසාට සහ සමාජයට සිදුවන බලපෑම් තරම මනාව දන්නා නිසාමයි.


ස්වස්තිකය
“ස්වස්තිකය” යන වචනය ඔබ මීට පෙර අසා ඇතිවාට සැකයක් නැහැ. ඇත්තට ඔබ එම වචනය අසා තිබුණාට එම වචනයෙන් හඳුන්වන විශ්ව සංකේතය දැක තිබෙනවාද? ඔබ එයටත් “ඔව්” යැයි පිළිතුරු දීමට පුළුවන්. එසේ වුවද බොහෝ විට “ස්වස්තිකය” යන නාමයෙන් ඔබගේ නෙත ගැටී ඇත්තේ නියම ස්වස්තිකය ද යන්න පිළිබඳ විමසා බැලිය යුතුයි. ස්වස්තිකය යනු විශ්වීය ලාංඡනයකි. එනම් විශ්වීය හැඩතලයකි. ස්වස්තික ලාංඡනය යනු “විශ්වයේ විශ්ව පින පාදන විශ්ව ලාංඡනය” ලෙස හඳුන්වා දිය හැකියි. මෙම විශ්වීය ලාංඡනය ලෝකයාට දෘශ්‍යමාන වන්නේ සුවිශේෂී අවස්ථාවන්වල පමණි. එක් අවස්ථාවක් වන්නේ සක්විති රජ පදවියයි. අනෙක් අවස්ථාව වන්නේ සම්මා සම්බුදු පදවියයි. මේ ලෝකයට කල්ප ගණනකින් පහළ වන සක්විති රජදරුවන් සහ ඊටත් වඩා දුර්ලභ වූ සම්මා සම්බුදුවරුන්ගේ ශ්‍රී පාදයේ පතුලේ සනිටුහන් වන මංගල ලකුණු අතර ස්වස්තිකය ප්‍රබල සලකුණක් ලෙස සටහන් වී තිබෙනවා.

විශ්වයේ විශ්ව පින පාදන විශ්වීය ලාංඡනය අති ප්‍රබල හැඩතලයක් වන අතර මේ තුළින් විශ්ව ශක්තිය ඇද ගැනීමේ හැකියාව පවතින අතර එය සියලු සත්ත්වයන්ට වාසනාව ගෙන දීමට සමත් වෙනවා. ස්වස්තික ලාංඡනය තුළින් අපගේ සාංසාරික පින් මතුකර ගැනීමට හැකියාව ඇති අතර එය භාවිත කිරීම සහ එයින් පිහිට ලබා ගැනීමට පෙර කුසල් තිබිය යුතුයි. ස්වස්තික ලාංඡනය ගෘහයේ හෝ සශ්‍රී ක භාවය උදෙසා භාවිත කරනු ලබන ආකාරය පිළිබඳ “සෘෂි උතුමන් කරුණු කියා දී තිබෙනවා. අපගේ ආදී මුතුන්මිත්තන් ස්වස්තික ලාංඡනයේත් අපමණ පිහිට ලබාගත් අතර හෙළ රජවරු තමන්ගේ සියලු ජයග්‍රහණ උදෙසා භාවිත කළේ ස්වස්තික ලාංඡනයයි.

වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවට “ස්වස්තික” ලාංඡනයේ නාමයෙන් බොහෝ විට ලැබෙන්නේ “විනාශම් ලකුණයි.” ස්වස්තික ලාංඡනයේ හැඩතලයටම සමානකමක් දක්වන විනාශම් ලකුණ අපේ රටට නොමසුරුව දායාද කොට තිබෙන්නේ ද වාස්තු ශිල්පය ඇතුළුව විශ්වීය ශිල්ප අපට දායාද කළ ඉන්දියාවම වීම අභාග්‍යයකි. මෙය දැනුම්වත්ව සිදුවනවාද නොදැනුම්වත්ව සිදුවනවාද කියා වෙන්ව හඳුනා ගැනීම ඔබටම භාර කරමි. කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ “ස්වස්තිකය” කියා “විනාශම්” ලකුණ ජයටම භාවිත කරන බවනම් නොරහසකි.

විනාශම් ලකුණ
ස්වස්තිකය යනු විශ්වයේ විශ්වීය පින ප්‍රධාන විශ්ව ලාංඡනය මෙන්ම විනාශම් ලකුණ විශ්වීය අකුසල් බලවත් කරවන විශ්ව ලාංඡනයක් ලෙස ඔබට අවාසනාව ගෙන ඒමට සමත් වනු ඇත. විනාශම් ලකුණ ඔබට නිශ්චිතවම හඳුනා ගැනීමට හැකි හොඳම තැනක් තිබෙනවා. එනම් ජර්මනියේ හිට්ලර්ගේ යුද සලකුණ ලෙස භාවිත කළ ලාංඡනය ඔබට මතකද? එය ස්වස්තික ලාංඡනය ලෙස හඳුන්වා තිබුණද එය “විනාශම් ලකුණ” බව හිට්ලර් පවා දැන හිටියේ නැහැ. ඉන්දියාවේ වාස්තු ශිල්පය ජර්මනියට ගෙන ගිය හිට්ලර් තමන්ගේ යුද්ධය ජයග්‍රහණය සඳහා ස්වස්තික ලාංඡනය වාස්තු ශිල්පීන්ගෙන් ඉල්ලූ විට ඔවුන් හිට්ලර්ට ලබාදුන්නේ මෙම විනාශම් ලකුණයි. එහි ප්‍රතිඵලය වූයේ මුළු මහත් ජර්මන් ජාතියම විනාශයට පත්වීම බව ඉතිහාසය කියා දෙනවා.


ස්වස්තිකය හා විනාශම් අතර වෙනස
ස්වස්තික ලාංඡනය සහ විනාශම් ලාංඡනය අතර වෙනස එක එල්ලේ හඳුනාගන්න අපහසුයි. සෞභාග්‍ය හා විනාශය කැන්දන මෙම ලාංඡනයේ එක පැත්තක් අයත් වන්නේ ස්වස්තිකයට වන අතර අනෙක් පැත්ත විනාශම් ලකුණට අයත් වේ. ඒ නිසා මෙය අප නිශ්චිතවම හඳුනාගත යුතු වෙනවා.
ස්වස්තික ලාංඡනය දෝලනය වන්නේ දක්‍ෂිණාවෘත්තවයි. දක්‍ෂිණාවෘත්තව දෝලනය වෙනවා යනු සොබාදහමේ දිශාවට චලනය වීම යනුයි. සොබාදහමේ දිශාව වන්නේ දකුණු දිශාවයි. මේ නිසා නියම ස්වස්තික ලාංඡනයකට සුළං වැදුණු විට දක්‍ෂිණාවෘත්තව කැරකැවීම සිදුවේ. එසේ වුවද විනාශම් ලකුණ කැරකෙන්නේ වාමාවෘත්තවයි. එය සොබාදහමට විරුද්ධ දිශාවයි. වමාවෘත්තව දෝලනය වන සෑම දෙයක්ම ගමන් කරන්නේ ආපස්සට බව මතක තබා ගන්න. මේ නිසා ඔබගේ පෙර සංසාර අකුසල් බලවත් වී ඔබට අයහපතම ඇතිවේ.


විනාශම් ලකුණ ඔබට හමුවන
ප්‍රබල ස්ථාන
අද ශ්‍රී ලංකාවේ දේව රූප භාවිතය බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින් ගණ දෙවියන්, ලක්‍ෂ්මී දේවිය සහ සරස්වතී දේව රූප ප්‍රබල වෙනවා. විශේෂයෙන් ගණ දෙවියන් අපගේ කුඩා ළමුයින්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට යොදා ගන්නවා. එසේ වුවද එම ගණ දේවි රූපයේ “විනාශම් ලකුණ” ඇතුළත් කර තිබෙන බව බව ඔබ දන්නේ නැහැ. ඔබේ දරුවාට එයින් යහපතක් සිදුනොවන බව ඔබට තේරෙන්නේ කල්ගත වූ පසුවයි. එසේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ලක්‍ෂ්මී හා ගණ දෙවි රූප භාවිත කරනවා. ඒවා තුළද විනාශම් ලකුණ ඇතුළත් කොට තිබෙනවා. බොහෝ විට ව්‍යාපාර විනාශ වීමට මෙම කරුණු ඉවහල් වී තිබෙන බව පෙනී යනවා.

ශ්‍රී ලංකාව තුළ විනාශම් ලකුණ බහුල වීමට පටන් ගත්තේ 1970 දශකයෙන් පසුවයි. ඔබගේ නිවෙසේ ඇති පැරැණි දේව රූපවල මෙම ලාංඡනය ඇතුළත් නොවන බවද කිව යුතුයි. ඔබට දෙවියන් ඇදහීමට අවශ්‍ය නම් විනාශම් ලකුණ නොපෙනෙන සේ වසා හෝ එම ලාංඡනය ඉවත් කොට දේවරූප භාවිත කිරීම වරදක් නොවේ. එසේම ශ්‍රී ලංකාවේ සමහර දෛවඥයන් ද තමන්ගේ ලාංඡනය ලෙස මෙම විනාශම් ලකුණ නොදැනුම්වත්කමෙන් භාවිත කරන බව පෙනී යනවා. විශේෂයෙන් ඔවුන්ගේ ජන්ම පත්‍ර සටහන්වල සහ ලිපි ශීර්ෂවල මෙන්ම නාමපුවරුවේද විනාශම් ලකුණ සටහන් කොට තිබෙනවා. මීටත් වඩා භයානක අවස්ථාවන් තිබෙන බව ඔබ වෙත පෙන්වා දෙන්නම්. සමහර “යන්ත්‍ර” වල මෙම විනාශම් ලකුණ එක්කොට තිබෙනවා. මේවා නොදැනුම්වත්කමින් සිදුවන දේවල් වුවද එම යන්ත්‍ර ළඟ තබා ගන්නා අයවලුන්ට සිදුවන අයහපත සුළු පටු නොවේ. ඔබ කිසියම් යන්ත්‍රයක් භාවිත කිරීමේදී එහි ඇති විශ්ව සලකුණු ගැනද අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

ලෝකයේ විශ්ව තරංග හා විශ්ව හැඩතල මිනිසා වෙත අති ප්‍රබල බලපෑමක් සිදුකරන බව සක්සුදක් සේ පැහැදිලියි. මෙවැනි දෑ පිළිබඳ ඔබ අවධානය යොමු කළාද? අවධානය යොමු නොකළද? එයින් දැනෙන ප්‍රතිඵලය වෙනස් නොවේ. මේ නිසා ඔබගේ නිවෙසේ සහ ව්‍යාපාරයේ සෞභාග්‍ය සහ දියුණුව අපේක්‍ෂා කරන්නේ නම් විශ්වයේ විශ්වීය හැඩතල සහ ලාංඡන පිළිබඳ විමිසිලිමත් වන්න. විශේෂයෙන් ස්වස්තිකය යනු පිනෙහි අර්ථය වන අතර විනාශම් යනු පවෙහි අර්ථය ප්‍රබල කරන විශ්ව හැඩතල වේ.

ස්වස්තිකයෙන්
ලබාගත හැකි

ප්‍රයෝජන
නිවෙසේ හා ව්‍යාපාරයේ විශ්ව ශක්තිය උරා ගැනීම ප්‍රබල කරයි. මේ නිසා වාස්තු දෝෂ දුරුවේ.
ස්වස්තිකය දර්ශනය වීමෙන් මනස සැහැල්ලු වේ. ලේ ධාතුව පිරිසුදු වේ.
ස්වස්තිකය මත දක්‍ෂිණාවෘත්තව දෑත චලනය කිරීම තුළින් තමන්ගේ අරමුණ ඉටුවේ.
ඔබගේ ගෘහයට දෙවියන්ට ආරාධනා කරන ලාංඡනය වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සිදුවේ.
සතුරු උවදුරු දුරුවේ.
ධනය වැඩේ. රෝග මැ‍ෙඩ්.
සියලු යහපත් දෑ සිදුවේ.

විනාශම් ලකුණේ විපාක
නිවෙසේ සහ ව්‍යාපාරයේ විශ්ව ශක්ති දුර්වල වේ. වාස්තු දෝෂ බලවත් වේ.
විනාශම් ලකුණ දර්ශනය වීමෙන් මනස අවුල් වේ. ලේ ධාතුව අපිරිසුදු වේ.
ඔබගේ ගෘහය අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වේ.
සතුරු කරදර බහුලවේ.
දිළිඳු වේ. රෝග වැඩේ.
ස්වාමි-භාර්යා අසමගිය වැඩි වේ.
සියලු අයහපත් දෑ සිදුවේ.

වාස්තු ශිල්පයේ පිහිට, පිළිසරණ පතන සියලු ලෝව වැසියන්ගේ හිත සුව පිණිස සෘෂි උතුමන් ලොවට පෙන්වා දුන් මා හැඟි වාස්තු ශිල්පයේ සිසිලස සියලු සත්ත්වයන්ට මෙත් සිතිනි.

වාස්තු විද්‍යා විශාරද ශාස්ත්‍රවේදී පේරාදෙණියේ ඩී. යූ. සෙනරත්


0714402574

උපුටා ගැනීම - http://www.mawbima.lk/84-34817-news-detail.html