-->

Monday, September 23, 2013

සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු

0

සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු.


අද සිංහල කතා කරන සමාජය තුල බහුතරය යයි කියන බෞද්ධයන් ඉන්දියාවේ සිටි බුද්ධ කෙනෙකු ගැන අනේක වාරයක් කියනු ඇසුව ද, හිරු දෙවියන් ගැන කියනු නොඇසෙන තරම් ය. හිරු යයි කියන්නේ සූර්යයාට යයි කියන කතාව නම් දස දෙසින් ඇසේ. එහෙත් මම කියන්නේ හිරු නමැති ආදි සිංහලයන් කී සූර්යයාට සම කල කෙනෙකු හෙවත් දෙවියකු ගැනයි. කෙසේ වෙතත් හිරුට වන්දනාමාන කරන අය විවිධ ජන කොටස් අතර සිටින බව දනිමු.

හිරු දෙවියන් සිංහල ජාතිය බිහිකල බවත්, දැනුම හිරු දෙවියන්ගේ බවත් බොහෝ අතීතයේ සිට පැවතුන බවට තොරතුරු අදත් ඇත. මම කලින් සඳහන් කල, ක්‍රිව 1815  දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගෙ ඇවසිතා සපුරාලීමට ලියූ History of Ceylon from the Earliest Period to the Year 1815: With ... By Philalethes (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) නමැති පොතේ, හිරු ගැන ද ඉතාමත් වැදගත් තොරතුරු දක්වා ඇත්තේ, ලියන්නා කිසිදු දැනුමකින් තොරව ලියූ නිසා බව පෙනේ. හිරු ගැන මතකය, හිරුගේ ලක්ෂණ ආරූඪ කර තැනූ නොයෙකුත් පසුකාලීන නාමධාරීන් නිසා ගිලිහී ගිය බවක් පෙනේ. අද මිනිසුන් කියන්නේ, තමන්ගේ දේ අතහැර අනුන්ගේ දේ බදාගෙන, එය තමන්ගේ යයි කීමට කරුණු මවන, නන්නත්තාරයේ යන සත්ව විශේෂයක් නිසා, වාචික තොරතුරු හීන වුවද, ඉතිරි වී ඇති සූර්ය වන්දනාවේ නටබුන් ගත් කල, සූර්යයා වැඳීම නොකල මිනිස් සමාජයක් නොතිබූ තරම්ය. එසේ නොතිබුනා නම් ඒ සිංහල සමාජය තුල පමණි. එනයින් ඔවුන් හිරු යයි හැඳින්නුවේ සූර්යයා නොව පුද්ගලයකු බව තහවුරු වේ. හිරු යන වචනය හා බැඳි හූරා, හේ, ඔහේ, ඔහු වැනි වචන මේ බව තහවුරු කරන්නේ, එවැනි වචන බිහිවීමේ රටාවක් සිංහල සමාජය තුල පවතින නිසාය.

හිරු යනු පියා ලෙසත් සඳු යනු මව ලෙසත් ගෙන ඇති ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ, ඉහත කී හිරු ගේ නම ඇතත්, අනෙක් අතට සඳු යයි කතක් සිටිය බවකුදු සඳහන් නොවේ. කුජ, බුධ, ගුරු වැනි නම් මිනිස් සමාජය නිරූපනය කිරීමට අණුකූලව පුද්ගලයන් හිටියත්, සඳු නියෝජනය කරන විශේෂ නාමධාරියක නැති බව පසක් වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ ආරූඪ නාම නියෝජනය වීම නිසා, ගැහැණුන් සඳු පමණක් නියෝජනය නොකරන බව ප්‍රත්‍යයක්ෂ වේ. දෙමව්පියන් දරුඵල ගැන්වීම තුලින් ගැහැණු හා පිරිමි දරුවන් සියල්ලන්ම බිහිවීම නිසා, ගැහැණු පිරිමි වෙනස දැඩි ශාරීරික වෙනසකට වඩා අවතාරය (සිත ඇතුළත් කොටස) මත රැඳෙන බව කිව හැක. තාරයේ (ශරීරයේ) හා අවතාරයේ වෙනස් කම් ජීවිතය බිහි කිරීමටත් පැවැත්ම රැකීමටත් ඇති අවශ්‍යතාවය සපුරාලීමට ගැහැණු හා පිරිමින් බිහි කරවන බව පෙන්විය හැක. ගැහැණු හා පිරිමින් පෙන්වන අසමාන හා පරස්පර හැසිරීම් මිනිස් වර්ගයාගෙ යහපතට දරණ වගකීමේ ඉමහත් බව කියා පානවා. එය දරුවාගේ පැවැත්මට කෙතරම් වැදගත් දැයි කියනවා නම්, ජීවත්වීමේ වරම දෙවරක් දෙන විදියක් යයි කිව හැක.

ගැහැණු හා පිරිමින් නියෝජනය කරන වගකීම් ගැන කීමට අවස්ථාව මෙය නොවූවද, හිරු හා සඳු (පියා සහ මව) යනු ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ ඒකීය නිරූපණයන් නිසා සුවිශේෂ කොටසක් බවත්, මේ දෙදෙනාම ජීවය නියෝජනය කරන නිසා, හිරුගේ ගතිගුණ බෙදාගෙන නියෝජනය කරනවා යයි කීම ස්වභාවයට ගැලපේ යයි සිතමු. දරුවන් වැඩීමේදී තනි තනිව හෝ එකතු වී රැකීම දෙදෙනා වෙන් කල නොහැකි බැඳීම් ඇත්තන් සේ පෙන්විය හැක. එසේ නම් හිරු දෙවියන් දෙමව්පියන් නියෝජනය කරනවා යයි කිව හැක.

හිරු දෙවියන් ගැන කතා නොකල ද, සිංහලයන්ට ලොව ළඟින්ම සිටින්නේ දෙමව්පියන් බව නොරහසකි.
අපේ දෙමව්පියන් ළඟ සුවිශේෂත්වයක් අපි දකිමු. ඒ සුවිශේෂත්වය අපේ දෙමව්පියන් ළඟ පමණක් නොව සියලු ජීවීන්ගේම දෙමව්පියන් පෙන්වන බව, ස්වාභාවික දත්ත මනාව පැහැදිලි කරනවා. වෙනසකට තියෙන්නෙ, ජීව පරාසය තුල පහලම ද නැත්නම් උපරිමයෙ ද නැත්නම් අතරමැද ද කියනක එකයි. (මෙහිදී අතරමැද යනු මැද යන අරුතම නොදේ). සිංහල දෙමව්පියන් කොතරම් මෙම හැසිරීම් රටාවට නතුද කියනවා නම්, තමන් කරන දේ ගැනවත් අවබෝධයකින් තොර බව කිව යුතුයි.

ඇත්තටම මේ හැසිරීම කාගෙ වුවමනාවට වෙන දෙයක්ද? හොඳට බැලූ විට, මේවා දෙමව්පියන් ඉබේ වඩාගත් දෑ නොවන බව සහතිකය. මම දෙමව්පියන් ගැන කිව්වේ ඔවුන් දෙන්නා අපට ළඟින්ම ඇති හිරුගේ ප්‍රබලම අවතාර දෙක නියෝජනය කරන බව කීමටයි. මෙතන දී, හිරුට අවතාර දහයක් ඇති බව කියන්නෙ කිව යුතුම නිසයි. බාහිර තොරතුරු ගොඩක් ලොව ඉදිරියේ තියෙන්නෙ මනුගේ සමයේ නිසා, ඒ අවතාර දහය මනුගෙ ලෙස කියවෙනවා. මනුට අමතරව තව මත්ස්‍ය මනු කියල කෙනෙක් සතුවත් අවතාර දහයක් ඇති බව කියවෙන කතා තවමත් තියෙනවා. බොහෝ දැනුම මනුගේ කාලයේ ලැබීම නිසා ඒවා අහපු අය මනු තුලින් අතීතයට ගිය බව පෙනෙනවා.

මම කලින් අප සතු අවතාරය ගැන කිව්වා. එසේම හැම ජීවයක්ම පෙන්වන එකට බැඳුනු ඒකීය ආරම්භය ඇති බිහිවීම අපට වෙනස්කල නොහැකි ස්වාභාවික ඇත්තක්. ඒ නිසා අපේ අවතාර හැදූ හිරු කෙනෙකුයි, මෑතකදී කියපු මනුයි දෙදෙනකු විය නොහැක. එසේ අඩු තරමින් දෙදෙනෙක් සිටී නම්, මුල් දෙක නියෝජනය කරන පැවැත්මක් තිබිය යුතුය. එක යනු තෝරාගැනීමට වෙන අවස්ථාවක් නැත්තකි. දෙකක් ඇති විට එක වරක් දෙකෙන්ද තව දෙවරක් දෙක වෙන වෙනමද ගෙන බිහිවිය යුතුය. මෙය සහතික කරන කිසිදු ස්වාභාවික ජීවයක් නැති නිසා, විවිධ නම් වලින් කීවද ඒ එක් අයකු බව පිළිගැනීමට සිදු වේ. එසේ නම් හිරු යනු ඒකීය ස්වරූපයක් ඇත්තෙකි.

මම හිරුට අවතාර දහයක් ඇතැයි කීවෙමි. ඉන් එක අවතාරයක් වන මත්ස්‍ය අවතාරය හෙවත් ජීවය බිහිකිරීමේ හැකියාව තවෙකකුට නොලැබෙන දෙයක් බව කිසිදු ජීවියකුට වෙනස් ආකාරයක ජීවියකු බිහි කිරීමට නොහැකි බව පෙන්වයි. අනෙක් අවතාර නවය සැබැවින්ම අපට උරුම වූ ගතිගුණ පිළිබිඹු කරන  අපේ අවතාරයට බෙදී ආ කොටස් නියෝජනය කරනවා. අපට ඇත්තේ එක අවතාරයක් බව ස්වාභාවික දත්ත තහවුරු කරයි. එසේ නම් නවයකින් එකක් හදන විට, හදන්න ගත් ප්‍රමාණය අනුව, වැඩියෙන් ගත් අවතාරයට අනුව අපේ අවතාරයේ ලක්ෂණ පිළිබිඹු කරනවා. හිරු හා සඳු අවතාර වලින් දෙමව්පිය ගති ලැබෙනවා වගේම බුධ අවතාරයෙන් දැනුම ද, ගුරු අවතාරයෙන් හැකියාවන් ද, කුජගෙන් යුධකාමී බව ද, සිකුරුගෙන් මනමාලකම ද, යනාදී පුද්ගල ලක්ෂණ නිරූපනය වෙනවා යයි සරලව කියමි. ඇත්ත මීට වඩා ඉතා සංකීර්ණ බව ස්වාභාවික හැසිරීම හැදෑරූ විට පෙනේ.

අද්භූත මානසික තත්වයක් ඇතිවීම වැලැක්වීමටත්, සැබෑ ලොව සමඟ බැඳීමටත් මා අවතාරය යනු කුමක්දැයි නැවත කිවයුතු වෙනවා. මිනිසුන්ගේ දරු උපතේ දී, දෙමව්පියන් ගත හැදීමට දායක වුවත්, හිත නොහදන බව තෙවැන්නා වන දරුවා හැම අතින් ම පෙන්වනවා. එසේම හිත යනු සංකීර්ණ, එමෙන්ම නිශ්චිත අංඟ ඇති ජීවි කොටසක් ලෙස ස්වාභාවික දත්ත හෙළි කරනවා. එම නිසා අප දන්නා සරල ස්වාභාවික ක්‍රියා වලින් එවැන්නක් වත්, එවැනිම සංකීර්ණ හා නිශ්චිත පැවතුමක් ඇති ගත වත් නොසෑදෙන බව ස්වාභවය පෙන්වනවා. මේ අනුව තෙවන පාර්ශවයක් ඇති බව පෙන්වනවා. එම තෙවන පාර්ශවය හිරු ලෙස මා හැඳින්වූවේ සිංහලයන් ද එම මගම ගොස් ඒකම කියපු නිසයි.

එසේ නම් ජීවය බිහි කිරීමට මුල් වූ හිරු, අපේ දෙමව්පියන් නියෝජනය කරනවා යයි කීම නිවැරදිය. හිරු දෙවියන් ගැන අමතක කල ද, අප දෙමව්පියන්ට දක්වන ගරු සරු ව්‍යංඟයෙන් හිරුට දක්වන ගරු සරු කිරීමක් නොවේ ද?  අනෙක් අතට අප හිරුගේ බිහි කිරීම් නොවේ ද? හිරු හා අප අතර නිරන්තර සබඳකමක් තිබේද? සැබැවින්ම එවැනි දෙදිසාවට යන හුවමාරුවන විදියක් ඇතැත් ඒ ගැන කතාකිරීමට සුදුසු තත්වයක් නැත. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගෙන, උපමා අණුසාරයෙන් කී විට, කනාට කිරේ පාට කී විට එය කුමක්දැයි සිදු වූ අකරතැබ්බය නැවත වනු ඇත. දැනටම එවැනි ප්‍රථිඵල හිරු හා බැඳී ඇත. හිරු හා සූර්යයා උපමාවකින් සම කිරීමට පොදු විශේෂ ගතියක් තිබුන ද, අන්තිමට කෙළවර වූයේ හිරු යනු සූර්යයා යයි කියමින් සූර්යයාට වැඳීමය. හිරු හා අප අතර ඇති සබඳතාවය සූර්යයාගෙ රැස් වලට උපමා කල විට, අන්ධ උන් රාවණ හෙවත් සූර්යයාගෙන් පැවතෙන බහුභූත කතාවක් ගොතා ඇත. අප සූර්යයාගෙන් පැවතේ නම්, අපට කිව යුතු වන්නේ මිනිසුන් නොව ආලෝක ධාරා යයි කියා නොවේ ද?


හිරු ගැන මා කී කරුණු මත ආදි සිංහලයන් හිරුට ගරු සරු කලේ අන්ධ විශ්වාසයකින් නොව ඇත්ත දැන ය. එය අද ද දෙමව්පියන්ට දක්වන ගරු සරු වලින් පිළිබිඹු වේ.

හිරු ගැන කතා කරේ හිරු කෙසේ අපේ පැවැත්ම හා බැඳේ ද කීමටයි. එය නිරන්තර බැඳීමක් යයි ද, ඉතාමත් කාර්යක්ෂම විදියක් බව ද ස්වාභාවික දත්ත තහවුරු කරයි. අති විශේෂ කාර්යයක් වන්නේ පැවැත්මේ සන්ධිස්තාන වල දී, ගතකින් බිහි වී මග පෙන්වීමයි. මෙය සිදුවීම වර්ෂ තිස් දහසකට පමණ වරක් සිදු වූ බවත්, ඒ හැම විටම යන දිසාව ජීවත්වීම හා පැවැත්ම රැකීම සඳහා මුල පිරීමක් ද වූ බව පෙනේ. උදාහරණ ලෙස, මීට වර්ෂ තිස් දහසකට පමණ පෙර මනු ලෙස ඉපි ද අළුත්ම ජීවන රටාවක් දුන් බව ද, වසර හැට දාහකට පමණ පෙර වඳවීමට ගිය විට බේරා ගත් බව ද පෙනේ. මීට චක්‍ර හතරකට පෙර, එනම් වසර 120,000කට පෙර අද දක්වා දිවෙන ගුරුකම් (තොවිල් පවිල්) වලට මුල පුරා අතිවිශේෂ වෙනසක් කල බව මම දැනගත්තේ අපූරු විදියකට ය. කෙසේ වෙතත් වෙන කෙනෙක් ඒ සඳහා යොදා ගත් සිංහල බෙරය මීට වසර 120,000කට පෙරද ගැසූ බව යූ ටියුබේ කියා තිබින. අද සමහර බෞද්ධයන්මෙම සිරිත් විරිත් සිංහලයන්ට අහිමි කරලීමට කොතරම් වෙර දරනවා ද? ඒ සිරිත් විරිත් සිංහලයන්ගෙ යහපතට කොතරම් හේතු වී දැයි වෙන ලිපියකින් දක්වමි. ඒවා නොවන්නට, අදත් අප අංඟෝපාංඟ සෙලවිය නොහැකි තිරිසනුන් වනු ඇත.

දැනට ලියූ ටික ඇති යයි සිතුන ද, හිරු ගැන සිංහලයන් සතු දැනුම පැහැරගත් උන්, වෙන නාම වලින් හෝ වැරදි උච්චාරණයෙන් හෝ අවැඩට යෙදීමෙන් විනාශ කර ඇති බව කිව යුතුය. තුන්ලොවට අධිපති, එහෙත් මිනිස්බව නසන බුදුන් කෙනෙකුටද මේ ගති විකෘර්ති කර ආරෝපනය කර ඇත. තවත් අය මිනිසුන් වෙනුවෙන් සියලු දේ මැව් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, තිරිසනුන් වත් නොකරන අපරාධ සියලු සතුන්ට කිරීමට පිටුවහලක් කරගෙන ඇත. තවත් කොටසක් තවත් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, අනුන්ගෙ දේවල් පැහැර ගැනීමට, මිනිසුන් මරා ගැහැණුන් උදුරා ගැනීමට පිටුවහලක් කරගෙන ඇත.  එහෙත් මධ්‍යස්ථව බැලූ විට, හිරු තමන්ගෙ හැකියාවන් උන්ට පෙන්වා දිය යුතු දඬුවම් ද දී ඇත. එහි නිමාවක් ද නැත. තවත් කොටසක් නා නා ප්‍රකාර නම් දාගෙන මුදල් උපයාගන්න යාග හෝම වලට බැඳ විකුණාගෙන කති. උදා: නාථ (නායක). අනෙක් නම් මනු ඈඳා ගෙන ගොතා ඇත. හිරුගේ නැවත ආරම්භයක් දීම ගැන මායා වරුන්ද කියා ඇත. සිංහලයන් ඊටත් වඩා තියුණු ලෙස පැමිණීම ගැන කියා ඇත. මේවා ගැන පසුවට විචාරය කරමු. මනුෂ්‍යයකු ලෙස ජීවිත් වී පැවැත්ම රැකීමට, නොඑසේනම් දරුවන් රැක බලාගැනීමට කැප වීම, හිරු හා සම්බන්ධ වීම ලෙස දකිමි.


උපුටා ගැනීම - http://sinha-ali.blogspot.com.au/2013/01/blog-post_7876.html

 

No Response to "සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු"

Post a Comment

අදහස් සහ උදහස්