-->

Sunday, September 29, 2013

මහා රාවන පෙරහැර

1

මහා රාවන පෙරහැර

හෙළයට පණ දුන් ජාතියේ පියා සමරන ශ්‍රී ලංකේශ්වර මහා රාවණ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර වූ මහා රාවණ පෙරහර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා, පන්නිපිටිය දෙව්රම් මහා විහාරයෙන් අරඹා වීථි සංචාරය කළේය.


දෙව්රම් වෙහෙර මහා විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව පැවැත්වුණු රාවණ පෙරහර උත්සව සභාවට විනිසුරු සත්‍යා හෙට්ටිගේ, මන්ත්‍රි ජේ.ආර්.පී. සූරියප්පෙරුම, අයෝමා රාජපක්ෂ, මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, ත්‍රිකුණාමලය දිසාපති ඇතුළු ගිහි පැවිදි ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

ශ්‍රී පාදස්ථාන විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ උත්සව සභාව මෙහෙයවූහ.

උත්සව සභාවට සහභාගි වූ ආරක්ෂක ලේකම්වරයා පළමුව දළ¼දා කරඬුව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව විශේෂ පීඨිකාවට දළදා කරඬුව වැඩම කරවන ලදී.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා මහා රාවණ රාජ පිළිරුවට ගෞරව දැක්වීමෙන් අනතුරුව උත්සව සභාව ඇරැඹිණි.
 

ආරම්භක දේශනය කළ පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමයෝ මහා රාවණ රජු අපට වැදගත් වනුයේ වර්තමානයේ ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ පවතින ජාත්‍යන්තර හැඟීම සහ ක්‍රියාකාරකම් පරදා නැඟී සිටීමට අද අප දරන උත්සාහ හා සමාන උත්සාහයක් එදා රාවණ රජතුමාටද ගැනීමට සිදුවීම තුළ අපට මහා රාවණ ශක්තිය, බලය ලැබීම නිසා බව පවසා සිටියහ.
 

රාත්‍රි අටට පමණ ඇරැඹුණු පෙරහර වීථි සංචාරය කළේ අලි ඇතුන් සහ විවිධ සංස්කෘතීන් රැසක් නියෝජනය වන අංශද රැගෙනය. මෙම පෙරහර කොඩි, සේසත්, ජාතික කොඩි, බෞද්ධ කොඩි, කසකරුවන්, බෙරකරුවන්, නැටුම් ශිල්පීන්, රබන් කරකැවීම්, වේවැල් නැටුම්, දඬුමොනරය, යක්, කෝලම් වෙස් මුහුණු කණ්ඩායම්, නිලමේවරුන්, ගිනි පන්දම්, ගිනිබෝල, රාවණ රජු ගමන් ගිය රථය, රාවණ රාජ පිළිරුව ආදී විශේෂාංග රැසකින් සමන්විත වී තිබිණි.

පෙරහරට සහ උත්සව සභාවට වැදි නායකයා සහභාගි වී සිටි අතර ඔවුන් ඉදිරිපත් කළ වැදි නැටුම කාගේත් සිත්ගත් එකක් වී තිබිණි.
































1 Response to මහා රාවන පෙරහැර

October 8, 2013 at 9:10 AM

විස්තරයක් හෝ අර්ථකතනයක් එක්ක පිංතූර ටික ආවනම් මරේම මරු ඈ
_____
එළ පෝස්ට් එක ජය !!!

Post a Comment

අදහස් සහ උදහස්