Sunday, May 16, 2010

යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය

0

මහාචාර්ය නලින් ද සිල්වා


ධාතුසේන රජතුමාට හා මහානාම හිමියන්ට වැරැදුණේ කොතැන ද යන්න පැහැදිලි කරගත යුතු ය. මෙහි දී නැවත නැවතත් මතක්‌ කරගත යුතු කරුණ නම් අප නව සුසමාදර්ශයක්‌ (ඡ්ර්dසටප) ඉදිරිපත් කරන බවත් එහි වැරැදි තිබිය හැකි බවත් හා ඒ ගැන තව තවත් අධ්‍යයනය කළ යුතු බවත් ය. එහෙත් භෞතික විද්‍යාවේ හෝ ඉතිහාසයේ හෝ වෙනත් විෂයයක හෝ වේවා නව සුසමාදර්ශ ඉදිරිපත් කරන්නේ තව තවත් ගවේෂණයට මඟපාදන්නක්‌ ලෙස ය. ඒ කිසි ම විටෙක වත් අවසාන වාක්‍යය යෑයි නො සිතිය යුතු ය.

අපි නැවතත් අපේ සුසමාදර්ශය මතක්‌ කර ගනිමු. වංශකතාවල සුසමාදර්ශය වී ඇත්තේ විජය රජු ගෙන් පසුව මෙරට යක්‍ෂ සංස්‌කෘතික හා ආධිපත්‍යය අභාවයට ගිය බව ය. වංශකතාවලට වෙනත් අරුතක්‌ දීමට උත්සාහ ගත් අය, එසේත් නැත හොත් වෙනත් සුසමාදර්ශයක්‌ ඉදිරිපත් කළ අය කියා සිටියේ පඬු අබා රජු දවස යක්‍ෂ ගෝත්‍රිකයන් අර්ධ වෛදිකයන් පරාජය කර යක්‍ෂ ආධිපත්‍යය නැවත පිහිටුවූ බව ය. එහෙත් ඔවුනට පිළිතුරු දිය නොහැකි කරුණ නම් එසේ යක්‍ෂ ආධිපත්‍යයක්‌ නැවත ඇති වී නම් ඒ පරාජය කර අර්ධ වෛදිකයන් බලයට පත් වූයේ කෙසේ ද යන්න ය.

අනෙක්‌ අර්ථකථනයක්‌ වූයේ (අප ද කලක්‌ අනුමත කළ පරිදි) පඬු අබා රජු දවස වැදි ගෝත්‍රය හැර අන් සියලු ගෝත්‍ර හා අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය පිහිටුවූ බව ය. එහි දී යක්‍ෂ ගෝත්‍රිකයන් යම් පිරිසක්‌ සිංහල ජාතියට එකතු වීමට විරුද්ධ වී යෑයි අපි සිතුවෙමු. ඔවුන් කලින් කලට සිංහලයන් සමග එරිදිවාදිකම් ඇති කර ගත් නමුත් ඒ එතරම් බලවත් පිරිසක්‌ නො වී යෑයි අපි සිතුවෙමු. එහෙත් අපට ප්‍රශ්න නො වුණා නො වේ.

පසුගිය සියවස වන තුරු ම යක්‍ෂ අනන්‍යතාවක්‌ පවත්වාගෙන ගිය පිරිස්‌ රටේ සිටි බව අපි දැන සිටියෙමු. පඬු අබා දවස සිංහලයන්ට විරුද්ධව සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් සුළු පිරිසක්‌ අවුරුදු දෙ දහසකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ තම අනන්‍යතාව රැකගත්තේ කෙසේ ද යන්න අපට ප්‍රශ්නයක්‌ විය. ඒ අතර වංශකතාවල තනි සිද්ධි ලෙස කියෑවුණ ද රිටිගල ජයසේන හා වෙනත් යක්‍ෂ නායකයන් සම්බන්ධ ප්‍රවෘත්තිවලට එයට වැඩි වටිනාකමක්‌ ඇති බව අපට ක්‍රම ක්‍රමයෙන් වැටහිණි. එපමණක්‌ නො ව සිංහලයන් ගේ කටහඬ, ශබ්ද රටාව ආදිය උත්තර භාරතීයයන් ගෙන් වෙනස්‌ වන බව ද අපි දුටුවෙමු. එමෙන් ම සිංහල භාෂාවේ ඇති ඇතැම් වචනවලට, එහෙත් අප දන්නා බොහෝ විට යොදා ගන්නා වචනවලට පාළි සංස්‌කෘත නිරුක්‌ති නොමැති බව ද පැහැදිලි විය.

අපට සංගීතයක්‌ නැති බව බොහෝ පඬියන් කීව ද බෙර ආශ්‍රිතව ගොඩනැඟුණු සංගීතයක්‌ අපට තිබුණු බව ද එහි සක්‌ පිඹීම, හොරණෑව ආදිය ද වැදගත් බවත් අපට දැනගන්නට ලැබිණි. විශේෂයෙන් ම අනුරාධපුරයේ ඇති කැටයම්වලින් මේ සංගීත භාණ්‌ඩ පිළිබිඹු වෙයි. සංගීතය පිළිබඳ මගේ දැනුම අල්ප බැවින් මේ කරුණු සම්බන්ධයෙන් කරන ගවේෂණයක්‌ වෙතොත් ඒ අගයමි.

ඒ සමඟ සිංහල භාෂාවේ ව්‍යාකරණය ඉතා කෘත්‍රිම වූවක්‌ බව පැහැදිලි ය. සිංහල භාෂාවේ විභක්‌ති නවයක්‌ ඇතැයි බොහෝ ව්‍යාකරණඥයන් පවසන නමුත් එය පාළි ව්‍යාකරණයට සිංහල භාෂාව කෙසේ නමුත් ඇතුළු කිරීමට ගත් උත්සාහයක්‌ සේ පෙනිණි. අනුරාධපුර යුගයෙන් පසු මෙරට පහළ වූ විශිෂ්ට ම බුද්ධිමතා ලෙස සැලකිය හැකි කුමාරතුංග මුනිදාස මහතා සිංහල භාෂාවේ විභක්‌ති සංඛ්‍යාව හයක්‌ පමණක්‌ යෑයි කියා බොහෝ කල් ය. එමෙන් ම සිංහල භාෂාවේ ක්‍රියා පද සම්බන්ධයෙන් ගත් කල පාළියෙහි මෙන් නො ව ඇත්තේ අතීත කාලයක්‌ හා අනතීත කාලයක්‌ පමණක්‌ බව ද කුමාරතුංග මහතා පවසා තිබිණි. "මම යමි" යනු වර්තමාන කාලය බවත්, "මම යන්නෙමි" යන්න අනාගත කාලය බවත් කියන්නේ ඉතා ම කෘත්‍රිමව බව බුද්ධිමත් පාසල් ශිෂ්‍යයකුට වුව ද වැටහෙයි. එහෙත් අපට එකල කාලත්‍රයක්‌ ගැන පාසලේ ඉගැන්වූයේ සිංහල භාෂාව ගැන ස්‌වාධීනව නො සිතීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. දැන් නම් සිසුන්ට අතීත හා අනතීත කාල ගැන පමණක්‌ ඉගැන්වෙයි. ඒ බුද්ධිමත් තීරණයක ප්‍රතිඵලයකි.

යක්‍ෂ ගෝත්‍රිකයන් හා නාග වැනි අනෙක්‌ ගෝත්‍රිකයන් කතා කෙළේ යෑයි අපවත් වී වදාළ බද්දේගම විමලවංස නාහිමිපාණන් වහන්සේ සඳහන් කර ඇති හෙළ බසට කුමක්‌ විණි ද? කුමාරතුංග මහතා පාළි භාෂාව මහාවිහාරික භික්‍ෂුන් වහන්සේ නිර්මාණය කෙළේ යෑයි පවසා ඇත. අප ඒ නො පිළිගත්ත ද බෙල්ල, කට, ඔළුව වැනි සිරුරේ අංග හඳුන්වන නාම පද යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බව පැහැදිලි ය. ඒ සමග කමත් බස ද අපට යක්‍ෂ බසෙහි කොටසක්‌ ලෙස හඳුනාගත හැකි ය. අපට කෙළිනවා වැනි ක්‍රියා පදයක්‌ තිබිය දී ක්‍රීඩා කරනවා යනුවෙන් තවත් රූපයක්‌ සකස්‌ කරගෙන ඇත්තේ කරනවා යන්න එකතු කරමිනි. අද අපි ඉංගිරිසි ක්‍රියා පදවලින් ද එලෙස කරනවා ඇසුරෙන් ප්ලේ කරනවා, සෙන්ඩ් කරනවා (පරිගණක සන්නිවේදනයේ දී) වැනි රූප තනා ගන්නෙමු. කරනවා යන්න එකතු කිරීමට සිදු වන්නේ බොහෝ විට වෙනත් භාෂාවලින් ක්‍රියා පද ගන්නා විට දී යෑයි විශ්වාස කළ හැකි ය. එහි සංස්‌කෘතික ආධිපත්‍යවාදයක්‌ වෙයි.

අප කලින් සඳහන් කර ඇති පරිදි වංසකතාවලින් යක්‍ෂ ගෝත්‍රිකයන් ඉවත් කර ඇති බැවින් ඔවුන් හා සම්බන්ධ ඇතැම් සිද්ධි දෙමළ ජනවාර්ගිකයන්ට පවරා ඇති බව පෙනී යයි. විජිතපුර සටනට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟින් එතෙර වීමට දෙමළ දෙතිස්‌ බලකොටු බිඳින්නට වී ය යන්න එයට උදාහරණයකි. මේ සියලු කරුණු මෙතෙක්‌ පැවතෙන සුසමාදර්ශය යටතේ තේරුම් ගැනීමේ දී පරස්‌පරවලට මුහුණ පෑමට සිදු වෙයි. එබැවින් අපි සුසමාදර්ශය වෙනස්‌ කෙළෙමු. අප දැන් කියන්නේ පඬුඅබා රජු ගෙන් පසුව සිංහල ජාතිය ඇති වූ නමුත් එයට එකතු නො වුණු යක්‍ෂ ගෝත්‍රිකයන් විශාල පිරිසක්‌ සිටි බව ය. ඒ පිරිස දිගින් දිගට ම සිංහල ජාතිය සමග සටන් කර ඇත. ගැමුණු කුමරුට බිඳීමට සිදු වූ දෙතිස්‌ බළකොටු යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නිර්මාණ වූ අතර එළාර රජු ද දෙමළ නො වී ය.

ක්‍රමයෙන් වැඩීගෙන ආ යක්‍ෂ ගෝත්‍රික බලකාය ශක්‌තිමත් ම ස්‌ථරයකට පත් වී ඇත්තේ කාශ්‍යප කාලයේ බව අපේ වැටහීම ය. මේ වන විට හෙළ බසට පාළියෙහි බලපෑම තදින් ම දැනෙන්නට ඇති අතර යක්‍ෂ ගෝත්‍රිකයන් එයට ද විරුද්ධ වන්නට ඇත. මහානාම හිමියන් කලාවැව තැනීමට ධාතුසේන රජුට උපදෙස්‌ දීම යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ සතුටට හේතු වී යෑයි සිතිය නොහැකි ය. එය වැව් තැනීමේ පැරැණි යක්‍ෂ සම්ප්‍රදායට මුළුමනින් ම විරුද්ධ විය. අහසින් වැටෙන ජලය එක්‌රැස්‌ කරගෙන වැව් නිර්මාණය කරනු වෙනුවට ගංගා ඔය ආදිය හරස්‌ කර වැව් නිර්මාණය යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායට විරුද්ධ ය.

වැව, හෙළ යක්‍ෂයන් ගේ අනගි නිර්මාණයක්‌ විය. සිංහලයන් ඒ වෙනස්‌ කිරීමට යක්‍ෂයන් විරුද්ධ වී නම් ඒ ස්‌වාභාවික ය. ඇතැම් විට මහානාම හිමියන් ධාතුසේන රජුට ගෝණ ඔය හරස්‌ කර කලාවැව තැනීමට උපදෙස්‌ දෙන්නට ඇත්තේ ජනගහනය වැඩි වීම හෝ වෙනත් කරුණක්‌ හෝ නිසා යක්‍ෂ සම්ප්‍රදාය මත පමණක්‌ ඉදි කෙරුණු වැව් ප්‍රමාණවත් නො වීම නිසා විය හැකි ය. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයන් ඒ ගැන සිතන්නට ඇත්තේ වෙනත් ආකාරයකට ය. ඔවුන් එය දකින්නට ඇත්තේ සිංහල ජාතියේ ආධිපත්‍යය පැතිරවීමක්‌ ලෙස ය. දෙමළ ආක්‍රමණිකයන්ට එරෙහි ව ධාතුසේන කුමරු මෙහෙයවූ මහානාම හිමියනට මහාවිහාරයට අයත් නැති භික්‍ෂුන් වහන්සේට ද විහාර පූජා කිරීමට ධාතුසේන රජුට අනුබල දෙන්නට ඇතැයි සිතිය හැකි මහානාම හිමියනට යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායට එරෙහි ව වැව් තැනීම නොමනා කටයුත්තක්‌ යෑයි නො සිතුණේ ද?

යක්‍ෂ ගෝත්‍රිකයන් සියලු බල යොදා රාජ්‍ය බලය පැහැර ගැනීමට සිතන්නට ඇත්තේ ඔවුන් ද යම් ප්‍රමාණයකට බලවත් ව සිටි නිසා විය යුතු ය. එහි දී ඔවුනට ලැබුණු ප්‍රධාන ම දායාදය කාශ්‍යප කුමරුන් ය. විජය කුමරු යක්‍ෂ ගෝත්‍රික කුමාරිකාවක යොදා ගනිමින් යක්‍ෂයනට විරුද්ධව සටන් කළාක්‌ සේ යක්‍ෂ ගෝත්‍රිකයන් පිය පාර්ශ්වයෙන් සිංහල ජාතියට අයත් කාශ්‍යප කුමරු සිංහලයන්ට එරෙහි ව යොදාගෙන ඇති බව පෙනී යයි. ඉතිහාසය සැම විට ම එක ම ආකාරයෙන් ක්‍රියාත්මක නො වූවත් ඇතැම් විට එක ම විධික්‍රමය විරුද්ධ කටයුතු සඳහා යොදා ගැනෙයි.

කාශ්‍යප ධාතුසේන අවුල වංශකතාවෙන් කියෑවෙන ආකාරයට වුව ද කලාවැව වටා සූත්‍රගත වෙයි. කාශ්‍යප කුමරු වස්‌තුව ඉල්ලයි. ඒ කලාවැවේ සඟවා ඇතැයි ධාතුසේන රජු ධාතුසේන රජු කලා වැවට ගොස්‌ දිය දෝතක්‌ ගෙන මේ මගේ වස්‌තුව යෑයි පවසයි. කාශ්‍යප කුමරු ධාතුසේන රජු බිත්තියට තබා මැටි ගසා දමයි. කලාවැව රජුට වස්‌තුවක්‌ වූවාට යක්‍ෂ ගෝත්‍රිකයන්ට වස්‌තුවක්‌ නො වූ බව පැහැදිලි ය. ධාතුසේන රජු ද අවසාන මොහොත එළඹි බව දැන කලාවැව තමන් සතු එක ම වස්‌තුව යෑයි කියන්නට ඇත.

මහාවංසයෙහි කෙසේ සඳහන් විණි ද ධාතුසේන රජු ගේ මරණයෙන් පසුව කාශ්‍යප රජු බිය වූ බවතක්‌ නො පෙනෙයි. බිය වූයේ මුගලන් කුමරු ය. ඔහු භාරතයට පළා ගියේ ය. පීතෘ ඝාතකයකුට බියේ මුගලන් කුමරුට පළා යැමට සිදු වීමෙන් හා අවුරුදු දහ අටක්‌ ම එහි ජීවත් වීමට සිදු වීමෙන් පෙන්නුම් කරන්නේ කාශ්‍යප රජුට යම් බලයක්‌ රටේ තිබූ බව ය. රජ වීමෙන් පසු කාශ්‍යප සිහිගිරියට පළා ගියේ යෑයි සිතීමට නොහැකි ය. මුගලන් කුමරු පළා ගොස්‌ ඇති විට කාශ්‍යප රජු පළා යන්නේ කුමක්‌ සඳහා ද? ඔහු සිහිගිරිය තනන්නට ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියට අනුව නිර්මාණයක්‌ කළ යුතු යෑයි සිතූ නිසා මිස බළකොටුවක්‌ තනාගෙන බියෙන් ජීවත් වීමට නො වේ. කෙසේ වෙතත් ඔහු සිංහල බෞද්ධයන් අමනාප කරගැනීමට ද නො සිතුවේ ය. රජු අනුරාධපුරයේ වාසය කරමින් වෙහෙර විහාර කර සිංහල බෞද්ධයන් සමීප කරගන්නට ඇත.

කාශ්‍යප රජු ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්‌කරණය කර ගම් රාශියක්‌ මිලට ගෙන විහාරයට දී ඇත. මෙයින් කියෑවෙන වැදගත් කරුණක්‌ ඇත. එනම් මෙරට රජුන්ට සියලු ඉඩම් හිමි නො වු අතර රජුට ද ඉඩම් මිල දී ගැනීමට සිදු වූ බව ය. අනුරාධපුර සමයේ මෙරට පැවැතියේ යුරෝපීය වැඩවසම් ක්‍රමයක්‌ යෑයි කියන පඬියන් රජු ඉඩම් මිල දී ගැනීම ගැන කියන්නේ කුමක්‌ ද? අනෙක්‌ අතට තමන් ගේ හා දියණියන් ගේ නමින් රජු කරවූ ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ් ගිරි විහාරය පිළිගැනීමට මහාවිහාර භික්‍ෂූන් වහන්සේ අකැමැති වූ හ. එහෙත් රජු ඒ විහාරය බුදුන් වහන්සේට පුජා කළේ ය. ඒ විහාරයට තිසා වැවෙන් නිතර ජලය සැපයිය යුතු බවට නියෝගයක්‌ ද කෙළේ ය. එසේ ම සිහිගිරිය අසල උයනක ද විහාරයක්‌ කරවා එයට ද තමා ගේ හා දූවරුන් ගේ නම් තැබී ය. ඒ විහාරය ද උතුරුදිග උයන ද ධර්ම රුචික නිකායේ භික්‍ෂුන් වහන්සේට පූජා කළ බව මහාවංසයේ සඳහන් වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කාශ්‍යප රජු සිහිගිරියේ වාසයට ගිය බව නො ව සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය අනුවත් අනුරාධපුරය සිංහල බෞද්ධ සංස්‌කෘතිය අනුවත් පවත්වාගෙන යැමට ක්‍රියා කළ බව ය.

උපුටා ගැනුම : http://www.vidusara.com/2010/05/05/feature2.html


Sunday, May 9, 2010

තෙල්මෙ නැටුම

0
සූර්ය වන්දනයේ යෙදුනු යක්ෂ ගෝත්‍රය, සූර්ය නමස්කාරයක් ලෙස තෙල්මෙ නැටුම යොදාගත්තලු. පෘථිවියේ අංශක 23.5ක ආතතියත් සමග පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වීම තෙල්මෙ මාලක්කමින් සංකේතවත් වෙනවා. ඒ කියන්නෙ ඇරිස්ටෝටල්ටත් වැරදුනු සෞරග්‍රහ මණ්ඩලයෙ නිවැරදි පිහිටීම ගැන හෙළයේ අපි දැනගෙන හිටියෙ කොපර්නිකස්ටත් හුගක් ඉස්සර ඉදන්.

සේරන් නිරිදුට

සිරසේ රෝග වන්විට
සැදු රග මඩුවට
පුද තෙල්මේ තමුව මෙලෙසට

සදුන් තෙල් කිරි මල්
සැදු නානා මෙහැම දේවල්
යහන පිට මන කල්
දොලහ දෙවිදුට පුදා මෙසියල්

රැගුම්කර ඇල්මේ
දෙවිදුට පුදන තෙල්මේ
දොලහ දෙවි මුල්මේ
පටන්ගනිමුය මෙපුද තෙල්මේ

වියන් බැදපු මඩුවේ රන් පුටුව තනා
උඩින් සුදු වතක් පේ කරවා සොදිනා
නිසි ලෙස මල් බුලත් දොළසක් පුද කරනා
මෙම ලෙස සිටියා දේවිය හට පුදනා


161162163

164165


උපුටා ගැනීම - http://shanthikarma.org/Web/Gammadu_Shant
hikarmaya.html#

මේ වගේම වෙස්මුහුණු කලාවෙ ආරම්භයත් රාවණ රජු අතින්ම සිදුවුණු බව විශ්වාස කෙරෙනවා. වෙස් මුහුණු බොහෝදුරට යොදාගත්තෙ යුධ පිටියෙදි සතුරාව බියගන්වන්න. ගරා යකා, නාගරාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස්මුහුණු වලින් එම ‍ගෝත්‍රවල සටන් කරුවන් සංකේතවත් වෙනවා. යක්ෂ, නාග, රකුස් සහ අසුර යන සිව් මහා ගෝත්‍ර වල සෙබලුන් පැලදි වෙස්මුහුණු අදටත් තොවිල් වල භාවිතා වෙන අතර මේ හේතුවෙන්, ‍‍යක්ෂ ගෝත්‍රිකයන් සැබැවින්ම භයංකර අමනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස වරදවා වටහා ගෙන ඇත. කෙසේ වෙතත් වෙස්මුහුණු කලාවත් ලොවට දායාද කලේ අපේ මහා රාවන රජතුමා බව මෙයින් පැහැදිලි වෙනවා.

Thursday, May 6, 2010

ලග්ගල නොහොත් ලකේ ගල

0

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.

පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
ලක්ගල වාසනාවන් ඒ තෙදැති බල


මීමුරේ පිහිටා ඇති ලකේගල නොහොත් ලග්ගල කන්ද

එපිට කන්ද කළු පහනේ කැළේයා
මෙපිට කන්ද ලග්ගල මීමුරේයා
දෙඩිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි පරකාස ලක මීමුරේයා

ජනප්‍රවාද හා පූරා වෘත්ත මීමූරේ ගම පිළිබඳ ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාදගත පූරාවෘත්ත හෙළි කරන එහි විසූ ගැමි කවියන් විසින් නිර්මාණය වී ඇත. මෙහිලා රාවණා පූරාවෘත්තයට අදාළ ලංකාපූරය ලකේගල ආසන්නයෙහි පිහිටා තිබූණ බවට ඉදිරිපත් වන මතය තහවූරුකරන ජනකවි ඉදිරිපත් කළ හැකිය.

උයන්ගමූව පෙර සිට වැව් බන්දානා
රාම සැරෙන් එන වෙඩි සැර අසමානා
රාවණා යූදට වෙඩිසැර බිම්බානා
ඉල් මස අඳුර මීමූරෙ ලක දුම්බානා

රාම සැර, රාවණා යූද්ධය ආදිය ගැන මෙහි සඳහන් වෙයි. උයන්ගමූව වැව් බැඳිපියසක් ලෙස ඇඟැවෙයි.මෙම පද යෙදුම් තුළින් මෙය රාවණා අඩවිය බවට ඉඟියක් ලැබෙයි.

උසට උසට පෙනූණා මාතලා ගල
සතර පැත්ත සැස්සා වැනි ලකේ ගල
දෙවියන් ගේ විමනක්දෝ මෙතැන බල
රාවණාට මග සැදුණේ ලකේ ගල

මෙම කවියෙන් ලකේගල රාවණාට මග තැනූ ස්ථානයක් ලෙස දක්වා ඇත. රාවණ රජූ දඬූ මොණරය නම් ගුවන් යානයකින් ගමන් ගිය බව කියනූ ලැබේ. දඬූ මොණර යානයෙන් ගුවනින් එද්දී ලංකාපූර දෙසට මඟ පෙන්වන මං සලකුණ ලෙස ලකේගල භාවිතා කරන්නට ඇත. දඬූ මොණරය ලංකාපූර රාජධානියට සේන්දු වන්නට ඇත්තේ මෙම ගිරි ශිඛරය ඉලක්ක කරගෙන වන්නට ඇත. ඒ අනූව "ඉලක්ක ගල" හෙවත් ලකේගල වන්නට ඇති බවට පළවී ඇති මතය සාධාරණීකරණය කළ හැකි වනූ ඇත.

උපුටා ගැනීම - http://groups.google.com/group/helaheliya/msg/5477b89358325407

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

0
මේ තියෙන‍නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ දකින්නට ලැබෙන රාමායණය සම්බන්ධ පුරාවස්තූන් කිහිපයක්. මෙයින් බොහොමයක් ලංකාවෙන් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයන් රැගෙන යන්න ඇති. 
උදාහරණයක් විදියට හෙන්රි පාකර් කියන සුද්ද අපේ රිදී විහාරෙන් උස්සපු පුස්කොළ පොත් වල ලංකාවෙ රාවන වංශයෙ සම්පූර්ණ රාජාවලියම තිබුන කියල කියනව.
රාවණට කලින් හිටිය කියල අභය, සමිද්ධ, දිලීප, බාලි, තාරක, මහසෙන් වගේ රජවරුන් ගැන පවා විස්තර සදහන් වෙන පුස්කොළ පොත් 4500ක් විතර අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ පොත් රාක්ක අස්සෙ හැංගිල තියෙනව කියලයි කියන්නෙ.

ඒ වගේම පස්සෙ කාලෙක (අද පවා) අපේ රටවල් වල ඉන්න සල්ලි වලට වහල් වෙච්ච ඉතිහාස හොරු අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මොණර කොල වලට
රැවටිලා විකුණන්න ඇති. මොකද පර සුද්දට පිටරට ඉදල ඇවිල්ල ලංකාවෙ තියෙන දේවල හොයාගන්න ක්‍රමයක් නැහැ ලංකාවෙ අයගෙන් සහයෝගය ලැබුණෙ නැත්නම්.
දැන් ඉතින් පරක්කු වැඩියි.
මට හිතෙන විදියට අපිට කරන්න පුලුවන් එකම දේ වෙන්නෙ රජය මාර්ගයෙන් මේව ආපහු ලබාගන්න උත්සාහ කරන එකයි. එහෙම නොවුණොත් රාවන රජතුමා ගැන තියෙන සාක්ෂි විතරක් නෙමේ ලෝකයක් වටින එතුමාගෙ තාක්ෂණයත් පරසුද්දටම සින්න වේවි අපේ ගොඩ සුද්දන්ගෙ පාවා දීම් නිසා.













මේ වීඩියෝ දර්ශණය තුල "Head Of Buddha" බුදු ශිර්ෂයට පිටුපසින් රාවණා රජුගේ කිරිගරුඞ ප්‍රතිමාව දකින්න පුලුවන්..


..