-->

Thursday, May 6, 2010

ලග්ගල නොහොත් ලකේ ගල

0

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.

පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
ලක්ගල වාසනාවන් ඒ තෙදැති බල


මීමුරේ පිහිටා ඇති ලකේගල නොහොත් ලග්ගල කන්ද

එපිට කන්ද කළු පහනේ කැළේයා
මෙපිට කන්ද ලග්ගල මීමුරේයා
දෙඩිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි පරකාස ලක මීමුරේයා

ජනප්‍රවාද හා පූරා වෘත්ත මීමූරේ ගම පිළිබඳ ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාදගත පූරාවෘත්ත හෙළි කරන එහි විසූ ගැමි කවියන් විසින් නිර්මාණය වී ඇත. මෙහිලා රාවණා පූරාවෘත්තයට අදාළ ලංකාපූරය ලකේගල ආසන්නයෙහි පිහිටා තිබූණ බවට ඉදිරිපත් වන මතය තහවූරුකරන ජනකවි ඉදිරිපත් කළ හැකිය.

උයන්ගමූව පෙර සිට වැව් බන්දානා
රාම සැරෙන් එන වෙඩි සැර අසමානා
රාවණා යූදට වෙඩිසැර බිම්බානා
ඉල් මස අඳුර මීමූරෙ ලක දුම්බානා

රාම සැර, රාවණා යූද්ධය ආදිය ගැන මෙහි සඳහන් වෙයි. උයන්ගමූව වැව් බැඳිපියසක් ලෙස ඇඟැවෙයි.මෙම පද යෙදුම් තුළින් මෙය රාවණා අඩවිය බවට ඉඟියක් ලැබෙයි.

උසට උසට පෙනූණා මාතලා ගල
සතර පැත්ත සැස්සා වැනි ලකේ ගල
දෙවියන් ගේ විමනක්දෝ මෙතැන බල
රාවණාට මග සැදුණේ ලකේ ගල

මෙම කවියෙන් ලකේගල රාවණාට මග තැනූ ස්ථානයක් ලෙස දක්වා ඇත. රාවණ රජූ දඬූ මොණරය නම් ගුවන් යානයකින් ගමන් ගිය බව කියනූ ලැබේ. දඬූ මොණර යානයෙන් ගුවනින් එද්දී ලංකාපූර දෙසට මඟ පෙන්වන මං සලකුණ ලෙස ලකේගල භාවිතා කරන්නට ඇත. දඬූ මොණරය ලංකාපූර රාජධානියට සේන්දු වන්නට ඇත්තේ මෙම ගිරි ශිඛරය ඉලක්ක කරගෙන වන්නට ඇත. ඒ අනූව "ඉලක්ක ගල" හෙවත් ලකේගල වන්නට ඇති බවට පළවී ඇති මතය සාධාරණීකරණය කළ හැකි වනූ ඇත.

උපුටා ගැනීම - http://groups.google.com/group/helaheliya/msg/5477b89358325407

No Response to "ලග්ගල නොහොත් ලකේ ගල"

Post a Comment

අදහස් සහ උදහස්