-->

Saturday, February 26, 2011

පුලතිසි ඉසිවරයා

0

Thursday, February 17, 2011

ඉතිහාසය ගිනි තැබීම

0

ලොව බිහිවූ පුරාණ ශිෂ්ටාචාර ගැන බොහොමයක් තොරතුරු අද දැනගන්නට නැත. පැරැන්නන්ගේ දැනුම, තාක්ෂණය ආදී වැදගත්ම තොරතුරු අපට අහිමි වී ඇත. එහෙත් යටගියාව හාරා අවුස්සන කල පැහැදිලි වන්නේ පුරාතනයේ බිහිවූ දියුණු තාක්ෂණය හා ශිෂ්ටාචාර වල වගතුග උවමනාවෙන්ම අපට අහිමි කර ඇති බවයි. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර ගිනිතැබූ පිරිසක් විසින් පැරැන්නන්ගේ දැනුම සොරාගෙන, අයිති කරගෙන, අද වන විට ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය තමන් යැයි කියාපෑමට අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටී.

නාලන්දා විශ්වවිද්‍යාලය

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ තිබූ නාලන්දා විශ්වවිද්‍යාලය සහ එහි පුස්තකාලය බෞද්ධ ශිෂ්ටාචාරයේ මුදුන්මල්කඩක් බඳු විය. පිරිසිඳු බුදු දහම පරම්පරා ගණනක් තිස්සේ රැකගෙන ආ නාලන්දා පුස්තකාලය මුසල්මානුන් විසින් ගිනිබත් කරන ලදී. ලක්ෂ ගණනක් වූ ධර්ම ග්‍රන්ථ  ගිනිගන්නටම මාස ගණනක් ගතවූ බව පැවසේ. බෞද්ධයන්ට උරුම දැනුම මෙලෙසින් විනාශ විය.

නාලන්දා විශ්වවිද්‍යාලයේ නටඹුන්

ලංකාපුරය

හෙළදිව ශිෂ්‍ටාචාර ගිනිතැබීම් ගැන කතා කරන විට පලමුව සිහියට එන්නෙ හනුමවයි. රාවනයන්ගෙ ලංකාපුරයේ අසිරිය දැක ඉරිසියාවෙන් පෙළුන හනුමා ලංකාව ගිනිබත් කල බව පැවසේ. (මෙහි ඇත්ත නැත්ත පිලිගන්නට අපහසු වුවද, පශ්චාත් භාගය ගිනිගන්නට පෙර මුළු ලංකාපුරයම ගිනිතියන්නට තරම් හනුමා සමතෙක් වූ බව අද වන විට බොහෝ දෙනා පිලිගනිති)

ක්‍රි.ව. 993 - රාජ රාජ නම් චෝල ආක්‍රමණිකයා ලක්දිව ආක්‍රමණය කොට ලංකාරාජ්‍යය ගිනිබත් කරන ලදී. එමෙන්ම ඇතුන් සත් දෙනෙක් උසට, හෙළ බසින් ලියැවුන ග්‍රන්ථ ගොඩගසා ගිනි තැබීම සිදුකරන ලද්දේද මෙම ආක්‍රමණවලදීය.

1981 යාපනය පුස්තකාලය ගිනි තැබීම හේතුවෙන්ද පෞරාණික පුස්කොලපත් රැසක් අපට අහිමි විය.

මායා සහ ඇස්ටෙක් (Aztec) ශිෂ්ටාචාර

මිසර වැසියන් මෙන්ම පිරමිඩ නිර්මාණය කල තවත් දියුණු ශිෂ්ටාචාර වන්නේ වත්මන් මෙක්සිකෝව ආශ්‍රිතව විසූ මායා සහ ඇස්ටෙක් ශිෂ්ටාචාරයි. නිවැරදි දින දර්ශන නිර්මාණය කල, ජ්‍යොතිෂ්‍ය හා ගණිතයට දස්කම් දැක්වූ මායාවරුන් සහ යුද ශක්තියෙන් හෙබි ඇස්ටෙක් වරුන්ගේ ශිෂ්ටාචාරය ගිනිතබන ලද්දේ යුරෝපීයන් විසිනි. 1519 දී මෙක්සිකෝව ආක්‍රමණය කල ස්පාඥ්ඥ ජාතික කෝ(ර්)ටෙස් (Hernán Cortés) විසින් ඇස්ටෙක් වරුන් 3000ක් පමණ මරා දමා නගරය සහ ඔවුන්ගේ ලේඛණ ගිනි තබන ලදී.


ඉපැරණි මායාවරුන්ගේ නගරයක්


ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය

ලොව පහල වූ බොහෝ විද්වතුන් හා දාර්ශනිකයන් විසින් රචිත ග්‍රන්ථ, ඔවුන්ගේ පර්යේෂණ සටහන්, ලේඛණ සහ පෙර අපර දෙදිග ශිෂ්ටාචාර පිළිබඳ විස්තර රැගත් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුල ගබඩා කර තිබූ දැනුම් සම්භාරයේ වටිනාකම මෙතෙකැයි කිව නොහැක. වත්මන් පරපුරට එහි ඇසුර අහිමි කරමින් කිහිප වරක්ම පුස්තකාලය ගින්නට හසුවන ලදී. වරක් ජූලියස් සීසර් විසින්ද, පසුව ක්‍රිස්තියානුවන් විසින්ද මෙම මහාර්ඝ පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලද බව සඳහන්ය.

මේ ආකාරයට ලොව විසූ ආදිතමයන් ගොඩනැගූ දියුණු ශිෂ්ටාචාර බොහොමයක ඉතිහාසය, තාක්ෂණික දැනුම ඇතුලත් ලේඛණ, සාහිත්‍ය නිර්මාණ හා ආගමික ලේඛණ ගින්නෙන් විනාශ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ සැබෑ ඉතිහාසය වසන් කිරීමයි. දියුණු ශිෂ්ටාචාර වලින් පැවතෙන්නන්ට විකෘති කල ඉතිහාසයක් ඉගැන්වීම මෙහි ඊලඟ පියවරයි. මෙම භයානක තත්වයට හසුවී දැනට විනාශ වෙමින් පවතින ප්‍රබලම සංස්කෘතිය හෙළදීපයේ බෞද්ධ ශිෂ්ටාචාරයයි.  


උපුටා ගැනීම - RavanaBrothers
 

Tuesday, February 15, 2011

කුෂ්ඨ රජ

5

වර්ථමානයේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය අසල කුෂ්ඨරාජ ගල නැමැති ස්ථානයක් ඇත. එහි කුෂ්ඨරාජ නැමැති හඳුන්වනු ලැබූ රජ කෙනෙක් වාසය කළ බව ඉතිහාසය කියයි.


තවද
එම රජුගේ රුවට සමාන වූ රුවක් විශාල ලෙස ගලින් නිමවා තිබේ.විහාරයට ආසන්නව මාළිඟාව නමින් හැඳින්වූ පෙදෙසක් තිබේ.එය බොහෝ විට එම රජුගේ රජුගේ මාළිඟය තිබූ තැන විය හැක.


රජුට හැදුණු කුෂ්ඨ රෝගය සුව කරන්නට ජුට දින 7 ක් එහිදී තැඹිලි වල උපත සිදුවූවේද වැලිගම එම ප්‍රදේශයෙන් බව පැවසේ. යකෂාධිපති දෙවියෙක් එම රෝගයට බෙහෙත් කෙරූ බව වාර්තා වේ. අවලෝකිතේශ්වර රුවට සමාන රුවක් එහි කොටා ඇත.

කෙසේ නමුත් මුහුදට ගසාගිය අදටත් හඳුන්වන මුහුදුගමුව පෙර කල රාවණා රජුගේ රජමාළිඟාවක් මෙහි තිබෙන්නට ඇත. එම ප්‍රදේශය ආසන්නයේම ධීවර නැව්තොටක් ඇතිවීම සිදුවන්නට ඇත්තේ රාවණා රජ කල මුහුදු ගොඩගැලීමෙන් පසු ප්‍රධාන නැව්තොටවල් විනාශ වීම හේතුවෙන් මුහුදෙන් රටට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම නැව්තොට භාවිතා කරන්නට ඇත.

අග්‍රබෝධි රජමහා විහාරය, මුහුදුගමුව, කුෂ්ඨරාජ ගල, රළ ගම වැනි ස්ථානවල ඓතිහාසික වැදගත්කම සොයා බැලීම අප සතු වගකීමකි.

 

Tuesday, February 8, 2011

ඉතිහාසයේ අතීතය දකින්න නම්...

0

ඉතිහාසයේ අතීතය සිංහලෙන් හැදෑරීමට ඇති ශාස්ත්‍රීය රචනා ප්‍රමාණය ඉතා අල්ප ය. එම අඩුව පිරිමැසීමට වෙර දැරූ මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන ලියූ ලිපියක් උපුටා දක්වමින් අද දින කතු වැකිය ආරම්භ කැරේ.

“ 1637 දී පළ වූ රෙනේ දෙකාට්ගේ ‘ඩිස්කූ®ර් ද ලා මෙතොඩ් ‘ නම් කෘතිය අපරදිග විචාරාත්මක ශාස්ත්‍රී සම්ප්‍රදායයේ වර්ධනයෙහි ලා වැදගත් අවස්ථාවක් සලකුණු කළේ ය. දෙකාට්ගේ සංශයවාදි ප්‍රවේශය ‘සියලු දෙය අප විසින් සැක කට යුතු ය.’ යන සිද්ධාන්තය පදනම් කොට ගත්තේ ය. සත්‍යය යැයි පැහැදිලි ලෙස “ ඔහුට හඳුනා ගත නො හැකි ‘ කිසිවක් සත්‍යය වශයෙන් නොපිළිගත් දෙකාට් මෙම ප්‍රවේශය පදනම් කොට ගෙන ඉතිහාසය ඇතුළු එවක පැවැති සියලු ශික්ෂණයන් උග්‍ර විචාරයට ලක් කළේ ය”

“රෙනේ දෙකාට්ගේ ඩිස්කූ®ර් ද ලා මෙතොඩ් නම් කෘතියෙන් ඉදිරිපත් කළ සංශයවාදි කාටීසියානු ප්‍රවේශයේ බලපෑම යුරෝපය තුළ විචාරාත්මක ශාස්ත්‍රීය සම්ප්‍රදායක වර්ධනය සම්බන්ධයෙන් පමණක් නො ව ඉතිහාසකරණයේ දියුණුව සදහා ද තියුණු ලෙස ඉවහල් විය. එහෙත් දෙකාට් විසූ සමයට අතිදීර්ඝ කාලයකට ඉහත දී ද චක්ෂු - කර්ණ ඉන්ද්‍රියන් ගෝචර වන එමගින් සන්නිවේදිත තොරතුරු ඒ ආකාරයෙන් ම පිළිගැනීමෙන් වළක්වා ලීමට තුඩු දෙන ප්‍රවේශයක් පාලි ත්‍රිපිටකයේ අංගුත්තර නිකායට අයත් කාලාම සූත්‍රයේ ද අන්තර්ගත වන බව ප්‍රකට කරුණකි. කාලාම සූත්‍රයේ ද ප්‍රකාශ වන්නේ තමන්ට පෞද්ගලිකව ම සුදුසු යැයි පෙනී යන දේ පමණක් පිළිගැනීමේ වැදගත්කම ය”

කෙ සේ වුව ද කාලාම සූත්‍රය යනු සියලු දේ ප්‍රතික්ෂේප කිරීමට දෙනු ලැබූ උපදේශයක් ලෙස සැලැකිය යුතු නැත. යමක් අන්ධානුකරණයෙන් වැලැඳ නො ගත යුතු බව කාලාම සූත්‍රයෙන් පෙන්වා දුන් බුදුරදුන් යමක් විමසා බලා නිවැරැදි තීරණයකට එළඹිය යුතු ආකාරය චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් පෙන්වා දුන් සේක. එ බඳු බුද්ධිමය සම්ප්‍රදායක් අනුගමනය නො කොට යමක් ප්‍රතික්ෂේප කිරිම බුද්ධිමතකු ගේ ලක්‍ෂණය නො වේ.

මේ කරුණු දැක්වීමට අපට සිදු වුයේ රාජකීය ආසායාතික සමිතියේ අනුග්‍රයෙන් 2010 ජූලි මස 17 වන දා මහවැලි කේන්ද්‍රයේ දී පැවැති රාවණා පුවත පිළිබද විද්වත් සාකච්ඡාවේ දී මෙන් ම 2010.8.15 වන දා ඉරිදා ලක්බිම පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ද මහාචාර්ය තිස්ස කාරියවසම් පළ කොට ඇති අදහස් නිසා ය.

ඉරිදා ලක්බිම පුවත්පතට ඔහු මෙ සේ පවසා තිබිණ.
‘රාමායනය වගේ වීර කාව්‍යයක් සම්බන්ධ කරගෙන රාවණා කියලා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න හදන්නේ විකාර මනස් තියෙන මිනිස්සු. රාමායනයෙම කියනවා රාමා, සීතා මිනිස් දරුවන් නෙවේ කියලා. එහෙව් වීර කාව්‍යයක් අරගෙන 21 වන සියවසේ ඉතිහාසයක් ඔප්පු කරන්න යනවා. ඒක මෝඩකමක්. එවැනි දෙයක් මොන අදහසකින් භාවිත කරන්න යනවද කියන එක ප්‍රශ්නයක්.”

“රාමායනයේ හා ජනශ්‍රැතියේ එන දේවල් පිළිබඳ ව ඇතැම් පිරිස් විද්‍යාත්මක පදනමකින් කතා කරන්න උත්සාහගෙන තියෙනවා. යම් කෙනෙක් සාහිත්‍ය උපයෝගි කරගෙන ඉතිහාසයක් ගොඩනගන්න යනව නම් එතැන විද්‍යාත්මක සාධක තියෙන්න ඕන. ජනශ්‍රැතිය හා සාහිත්‍ය කෘතියක් කියන්නෙ සැබෑවක් ම නො වේ. නමුත් මේ දිනවල ඇතැම් පිරිස් වීර කාව්‍යයක හා ජනශ්‍රැතියේ තියෙන දෙයක් ඉතිහාසය කියලා ඔප්පු කරන්න උත්සාහ ගන්නවා .”

එහෙත් පිළිගත් මතය මෙය නො වේ. ඒ බැව් සනාථ කිරීම පිණිස මෙහි දී සිංහල විශ්වකෝෂය උපුටා දැක්වීමට කැමැත්තෙමු.

“ඉතිහාසය හැදෑරීමේ දී ඉතිහාසඥයාට උපකාරී වන්නේ මූලාශ්‍රයන් ය. මූලාශ්‍රයන් යනුවෙන් හැඳින්වෙන්නේ අතීත පරම්පරාවන් විසින් ඉතිරි කොට තබන ලද දේයි. මූලාශ්‍රයයෝ ලේඛනගත වාර්තාවන්ට පමණක් සීමා නොවෙත්. අතීතය විසින් ඉතිරි කරන ලද දේත් අතීතයේ සිට පරම්පරානුගතව ස්මෘති මාර්ගයෙන් ගෙනෙන ලද දේත් ඉතිහාසඥයාට උපකාරී වේ. මූලාශ්‍රයන්ට ලේඛන ගත වාර්තාවන්, ගොඩනැඟිලි, අවි ආයුධ, කලා කෘති වැනි පුරාවිශිෂ්ටත් එමෙන් ම ඇදහිලි හා විශ්වාස, ජනකතා ආදියත් ඇතුළත් වේ. “

ක්‍රි.පූ. 8 වන සියවසෙහි විසු හෝමර් විසින් ලියන ලද ඉලියඩ් හා ඔඩිසි යන වීර කාව්‍ය දෙක සැබෑ ඉතිහාසය මත පදනම් වී ඇති බව පර්යේෂණ මඟින් ඔප්පු කැර තිබේ. ටෙ‍්‍රීයි පුර සංග්‍රාමය හෝමර් ගේ හුදු ප්‍රබන්ධයක් නො වන බව සනාථ කිරීම සඳහා මයිකල් යාඩ්ලි නමැති ඇමරිකානු යුද විශේෂඥයා කළ පර්යේෂණය ඩිස්කවරි චැනලය ඔස්සේ විකාශය විය. එ බඳු ලොවක වෙසෙන උගත් මහාචාර්යවරයා පවසන්නේ, වීර කාව්‍යයකින් 21 වන සියවසේ ඉතිහාසය ඔප්පු කිරීමට යෑම මෝඩකමක් බව ය. උගත් මහාචාර්යවරයා තම අදහස සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන්නේ, රාවණා කෙනෙක් නැහැයි කියූ සෙනරත් පරණවිතානට වරදින්න විදියක් නැතැයි ‘ යන බොළඳ තර්කය යි. සාහිත්‍ය කෘතියක් යනු සැබෑවක් නො වේ යැයි පවසන උගත් මහාචාර්යවරයා රාවණා පුවත ප්‍රතික්ෂේප කිරීම සඳහා රාමායනය යොදා ගනී.

සෙනරත් පරණවිතාන සූරීන් ඉටු කළ සේවය අතිවිශිෂ්ට බවට විවාදයක් නොමැති වුව ද එතුමාට වරදින්න විදිහක් නැතැයි කීම අන්ධානුකරණයක් බව කිව යුතු ය. එ බැවින්, රාවණා පුවත ප්‍රතික්ෂේප කිරීම සඳහා වෙනත් සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට මහාචාර්ය තිස්ස කාරියවසම්ට සිදුවනු ඇත.

උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2010/09/01/main_editorial.asp

 

 

Sunday, February 6, 2011

සිව්හෙළේ නරනිඳු

1

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි

0

Wednesday, February 2, 2011

හෙළ දෙරණ වග - අරීසෙන් අහුබුදු සූරීන්

0

ය න ව ර රාවන රකුසා විස්මව එලියට බැස ලා
වා න ර කොල්ලන් යන රඟ බලා නුවන් යුග ඇර ලා
වා ම න කුඩ කොඩි සේසත් විජිනි පත්ද ගෙන අල් ලා
කේ ස ර සිහ රජෙක් ලෙසට උන්නයි පහසට නැගි ලා