-->

Tuesday, February 15, 2011

කුෂ්ඨ රජ

5

වර්ථමානයේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය අසල කුෂ්ඨරාජ ගල නැමැති ස්ථානයක් ඇත. එහි කුෂ්ඨරාජ නැමැති හඳුන්වනු ලැබූ රජ කෙනෙක් වාසය කළ බව ඉතිහාසය කියයි.


තවද
එම රජුගේ රුවට සමාන වූ රුවක් විශාල ලෙස ගලින් නිමවා තිබේ.විහාරයට ආසන්නව මාළිඟාව නමින් හැඳින්වූ පෙදෙසක් තිබේ.එය බොහෝ විට එම රජුගේ රජුගේ මාළිඟය තිබූ තැන විය හැක.


රජුට හැදුණු කුෂ්ඨ රෝගය සුව කරන්නට ජුට දින 7 ක් එහිදී තැඹිලි වල උපත සිදුවූවේද වැලිගම එම ප්‍රදේශයෙන් බව පැවසේ. යකෂාධිපති දෙවියෙක් එම රෝගයට බෙහෙත් කෙරූ බව වාර්තා වේ. අවලෝකිතේශ්වර රුවට සමාන රුවක් එහි කොටා ඇත.

කෙසේ නමුත් මුහුදට ගසාගිය අදටත් හඳුන්වන මුහුදුගමුව පෙර කල රාවණා රජුගේ රජමාළිඟාවක් මෙහි තිබෙන්නට ඇත. එම ප්‍රදේශය ආසන්නයේම ධීවර නැව්තොටක් ඇතිවීම සිදුවන්නට ඇත්තේ රාවණා රජ කල මුහුදු ගොඩගැලීමෙන් පසු ප්‍රධාන නැව්තොටවල් විනාශ වීම හේතුවෙන් මුහුදෙන් රටට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම නැව්තොට භාවිතා කරන්නට ඇත.

අග්‍රබෝධි රජමහා විහාරය, මුහුදුගමුව, කුෂ්ඨරාජ ගල, රළ ගම වැනි ස්ථානවල ඓතිහාසික වැදගත්කම සොයා බැලීම අප සතු වගකීමකි.

 

5 Response to කුෂ්ඨ රජ

June 25, 2011 at 8:35 AM

ela macho.tawa liyapan

July 26, 2012 at 8:34 PM

"තවද එම රජුගේ රුවට සමාන වූ රුවක් විශාල ලෙස ගලින් නිමවා තිබේ"

…"අවලෝකිතේශ්වර රුවට සමාන රුවක් එහි කොටා ඇත"

මේ කතා දෙක පරස්පර විරෝධී නොවැ. මා ලියූ සටහන නැවත වරක් කියවා බලන්න. මෙහි පැවතියේත් අවලෝකිතේශ්වර බෝසත් වන්දනාව බවට පිළිගත හැකි සාධක බොහෝයි

http://eatuwawa.blogspot.com/2012/05/avalokitheshvara-bodhisattva-statue-of.html

July 26, 2012 at 9:05 PM

මා ලියන ලද්දේ ජනප්‍රවාදයයි.
එම පිලිරුව කුෂ්ඨ රජු ගේ පිලිරුව හෝ අවලෝකිතේශ්වර පිලිරුවක් විය හැක.

July 26, 2012 at 9:15 PM

ඉතිහාසය කියයි කියලා තිබුණු නිසා තමා ප්‍රශ්නේ වුනේ. මේ ජනප්‍රවාදයක් කියලා සටහනේ කොතැනකවත් නැහැ නොවැ.

රජ වස්ත්‍රාභරණ තිබුණත් මේක කුෂ්ඨ රජුගේ පිළිරුව කියලා හිතන්න බැරි මේ ආකාරයෙන් වගේම මේ ආකාරයට සමාන පිළිම ලංකාවේ තවත් තැන්වලිනුත් හමුවෙලා තියෙන නිසා. එතකොට ඒ හැමතැනම කුෂ්ට රජුන් හිටියා කියලා කියන්න බැහැනේ. ඒක නිසා පොදු පිළිගැනීමකට එන්න පුලුවන් වෙන්නේ අවලෝකිතේශ්වර බෝසත් වන්දනාව සම්බන්ධව

July 26, 2012 at 9:23 PM

මමත් සමානකම් දැකලා තියෙනවා. තව හොයන්න ඕන මේ සම්බන්ධව..

Post a Comment

අදහස් සහ උදහස්