-->

Thursday, February 17, 2011

ඉතිහාසය ගිනි තැබීම

0

ලොව බිහිවූ පුරාණ ශිෂ්ටාචාර ගැන බොහොමයක් තොරතුරු අද දැනගන්නට නැත. පැරැන්නන්ගේ දැනුම, තාක්ෂණය ආදී වැදගත්ම තොරතුරු අපට අහිමි වී ඇත. එහෙත් යටගියාව හාරා අවුස්සන කල පැහැදිලි වන්නේ පුරාතනයේ බිහිවූ දියුණු තාක්ෂණය හා ශිෂ්ටාචාර වල වගතුග උවමනාවෙන්ම අපට අහිමි කර ඇති බවයි. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර ගිනිතැබූ පිරිසක් විසින් පැරැන්නන්ගේ දැනුම සොරාගෙන, අයිති කරගෙන, අද වන විට ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය තමන් යැයි කියාපෑමට අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටී.

නාලන්දා විශ්වවිද්‍යාලය

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ තිබූ නාලන්දා විශ්වවිද්‍යාලය සහ එහි පුස්තකාලය බෞද්ධ ශිෂ්ටාචාරයේ මුදුන්මල්කඩක් බඳු විය. පිරිසිඳු බුදු දහම පරම්පරා ගණනක් තිස්සේ රැකගෙන ආ නාලන්දා පුස්තකාලය මුසල්මානුන් විසින් ගිනිබත් කරන ලදී. ලක්ෂ ගණනක් වූ ධර්ම ග්‍රන්ථ  ගිනිගන්නටම මාස ගණනක් ගතවූ බව පැවසේ. බෞද්ධයන්ට උරුම දැනුම මෙලෙසින් විනාශ විය.

නාලන්දා විශ්වවිද්‍යාලයේ නටඹුන්

ලංකාපුරය

හෙළදිව ශිෂ්‍ටාචාර ගිනිතැබීම් ගැන කතා කරන විට පලමුව සිහියට එන්නෙ හනුමවයි. රාවනයන්ගෙ ලංකාපුරයේ අසිරිය දැක ඉරිසියාවෙන් පෙළුන හනුමා ලංකාව ගිනිබත් කල බව පැවසේ. (මෙහි ඇත්ත නැත්ත පිලිගන්නට අපහසු වුවද, පශ්චාත් භාගය ගිනිගන්නට පෙර මුළු ලංකාපුරයම ගිනිතියන්නට තරම් හනුමා සමතෙක් වූ බව අද වන විට බොහෝ දෙනා පිලිගනිති)

ක්‍රි.ව. 993 - රාජ රාජ නම් චෝල ආක්‍රමණිකයා ලක්දිව ආක්‍රමණය කොට ලංකාරාජ්‍යය ගිනිබත් කරන ලදී. එමෙන්ම ඇතුන් සත් දෙනෙක් උසට, හෙළ බසින් ලියැවුන ග්‍රන්ථ ගොඩගසා ගිනි තැබීම සිදුකරන ලද්දේද මෙම ආක්‍රමණවලදීය.

1981 යාපනය පුස්තකාලය ගිනි තැබීම හේතුවෙන්ද පෞරාණික පුස්කොලපත් රැසක් අපට අහිමි විය.

මායා සහ ඇස්ටෙක් (Aztec) ශිෂ්ටාචාර

මිසර වැසියන් මෙන්ම පිරමිඩ නිර්මාණය කල තවත් දියුණු ශිෂ්ටාචාර වන්නේ වත්මන් මෙක්සිකෝව ආශ්‍රිතව විසූ මායා සහ ඇස්ටෙක් ශිෂ්ටාචාරයි. නිවැරදි දින දර්ශන නිර්මාණය කල, ජ්‍යොතිෂ්‍ය හා ගණිතයට දස්කම් දැක්වූ මායාවරුන් සහ යුද ශක්තියෙන් හෙබි ඇස්ටෙක් වරුන්ගේ ශිෂ්ටාචාරය ගිනිතබන ලද්දේ යුරෝපීයන් විසිනි. 1519 දී මෙක්සිකෝව ආක්‍රමණය කල ස්පාඥ්ඥ ජාතික කෝ(ර්)ටෙස් (Hernán Cortés) විසින් ඇස්ටෙක් වරුන් 3000ක් පමණ මරා දමා නගරය සහ ඔවුන්ගේ ලේඛණ ගිනි තබන ලදී.


ඉපැරණි මායාවරුන්ගේ නගරයක්


ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය

ලොව පහල වූ බොහෝ විද්වතුන් හා දාර්ශනිකයන් විසින් රචිත ග්‍රන්ථ, ඔවුන්ගේ පර්යේෂණ සටහන්, ලේඛණ සහ පෙර අපර දෙදිග ශිෂ්ටාචාර පිළිබඳ විස්තර රැගත් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුල ගබඩා කර තිබූ දැනුම් සම්භාරයේ වටිනාකම මෙතෙකැයි කිව නොහැක. වත්මන් පරපුරට එහි ඇසුර අහිමි කරමින් කිහිප වරක්ම පුස්තකාලය ගින්නට හසුවන ලදී. වරක් ජූලියස් සීසර් විසින්ද, පසුව ක්‍රිස්තියානුවන් විසින්ද මෙම මහාර්ඝ පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලද බව සඳහන්ය.

මේ ආකාරයට ලොව විසූ ආදිතමයන් ගොඩනැගූ දියුණු ශිෂ්ටාචාර බොහොමයක ඉතිහාසය, තාක්ෂණික දැනුම ඇතුලත් ලේඛණ, සාහිත්‍ය නිර්මාණ හා ආගමික ලේඛණ ගින්නෙන් විනාශ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ සැබෑ ඉතිහාසය වසන් කිරීමයි. දියුණු ශිෂ්ටාචාර වලින් පැවතෙන්නන්ට විකෘති කල ඉතිහාසයක් ඉගැන්වීම මෙහි ඊලඟ පියවරයි. මෙම භයානක තත්වයට හසුවී දැනට විනාශ වෙමින් පවතින ප්‍රබලම සංස්කෘතිය හෙළදීපයේ බෞද්ධ ශිෂ්ටාචාරයයි.  


උපුටා ගැනීම - RavanaBrothers
 

No Response to "ඉතිහාසය ගිනි තැබීම"

Post a Comment

අදහස් සහ උදහස්