-->

Wednesday, September 30, 2009

ඇඹිලිපිටියේ පුරාවිද්‍යා කැණීමක දී වසර 3300 ක ප්‍රභූ නිවසක්‌ හමුවේ

0


ඇඹිලිපිටියේ පුරාවිද්‍යා කැණීමක දී වසර 3300 ක ප්‍රභූ නිවසක්‌ හමුවේ



කැණීම් බිමේ දර්ශන





හමුවූ පුරාවස්‌තු



මහාචාර්ය රාඡ් සෝමදේව මහතා


පුරා විද්‍යා පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයට අයත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශයක සිදුකළ පුරාවිද්‍යා කැණීම් වලදී වසර 3300 ක පමණ අති පෞරාණික යුගයකට අයත් නිවාසයක අවශේෂ සොයා ගැනීමට හැකි වී තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා පිළිබඳ මහාචාර්ය රාඡ් සෝමදේව ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම ඇඹිලිපිටිය උඩරංචමඩම ඓතිහාසික ශ්‍රී ජයබෝධාරාම මහා විහාර භූමියේ ආවාසගෙය ඉදිකර ඇති ස්‌ථානයේ පුරා මසක්‌ තිස්‌සේ කළ කැණීම්වලදී මෙම නිවාසයේ අත්තිවාරම මතු කර ගැනීමට සමත් වූහ.

මෙම නවතම සොයාගැනීම ශ්‍රී ලාංකීය පුරා විද්‍යාවටත් ඉතිහාසයටත් ඉතා වැදගත් බව මෙම කැණීම් මෙහෙයවන නේවාසික පුරා විද්‍යා මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ප්‍රකාශ කළේය. දිවයිනේ විවිධ ක්‍ෂේත්‍ර ඔස්‌සේ පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇතත් මෙවැනි දුර්ලභ ගණයේ නිවාසයක අවශේෂ සොයාගත් ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර එය ආසියාවටද බෙහෙවින් වැදගත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා පැවැසීය.

මෙයට පෙර එනම් 2007 වසරේදී පහළ රංචමඩම භූමියේ කැණීම් වලදී සොයා ගනු ලැබූ සොහොන් කොත් භාවිත කළේ කිනම් ජන කොටසක්‌ දැයි සොයාගැනීම සඳහා මෙම කැණීම් සිදු කළ බව පර්යේෂණ කණ්‌ඩායම පවසයි.

වසරක කාලයක්‌ පමණ උඩරංචමඩමට අයත් ප්‍රදේශ ගණනාවක ගවේෂණ සිදුකිරීමෙන් පසු වඩා වැදගත් නිශ්චිත ස්‌ථානයක කැණීම් ආරම්භ කෙරෙණි. කැණීම් කටයුතු අගෝස්‌තු මාසයේ ආරම්භ කළ අතර එහි අවසාන අදියර තව සති 1 1/2 කින් පමණ අවසන් කිරීමට නියමිතය.

රංචමඩම සුසානයේ කැණීමට අදාළ කාබන් දින නිර්මාණය මේවන විට ලැබී ඇති අතර එය ක්‍රි. පූ. 135 ක බව සඳහන්ව ඇත.

2007 වසරේදී රංචමඩම සුසාන භූමියෙන් සොයා ගන්නා ලද පුරාවස්‌තු රැසකට සමාන ලක්‍ෂණ මෙම කැණීම් වලදීද සොයා ගැනීමට හැකි වීමෙන් මේවා අතර සමීප සම්බන්ධතාවක්‌ පැවැති බවද මෙමගින් වඩාත් තහවුරු වේ.

දැනට ලැබුණු පුරාවස්‌තු පරීක්‍ෂා කිරීමේදී මෙම නිවාසය ප්‍රභූවරයෙක්‌ භාවිත කළ නිවහනක්‌ බවට තහවුරු කළ හැකි සාධක ලැබී තිබෙන බව මහාචාර්ය රාඡ්සෝම දේව මහතා "දිවයින" ට පැවැසීය.

ගල් ආයුධ, ධාන්‍ය ඇඹරුම් සඳහා යොදාගත් ඇඹරුම් ගල්, පින්තාරු කරන ලද වළං, මූර්ති, ඇස්‌ අඳුන් සඳහා භාවිත කළ කාන්තාවන්ගේ උපකරණ ඇතුළු සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා මෙවලම් රැසක්‌ද මේ අතර තිබී සොයා ගැනීමට මෙම පුරාවිද්‍යා කණ්‌ඩායමට හැකිවී තිබේ.

මේ වන විට කැණීම් වලින් ලද තොරතුරු අනුව නිවාසයට අදාළ වාස්‌තු විද්‍යාබිම් සැකැස්‌මත් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධනංජය ගම්ලත් මහතා විසින් සකස්‌ කොට තිබේ. ඒ අනුව බලන කළ මුළුතැන්ගෙයට පිටුපස කොටස ජ්‍යාමිතික හැඩයකින්ද ඉදිරි කොටස අඩකවයක්‌ ගන්නා බවත් විශ්වාස කළ හැකි බව ඒ මහතා පැවැසීය.

උපුටා ගැනීම - http://www.divaina.com/2009/09/23/provin03.html


Tuesday, September 29, 2009

හෙළ නාද මාලාවන්ගෙන් සුසැදි රාවන දැහැන සoයුක්ත තැටිය

0

හෙළ නාද මාලාවන්ගෙන් සුසැදි රාවන දැහැන සoයුක්ත තැටිය

Wednesday, September 16, 2009

රාවන නම් ලේඛකයා

0
රාවන නම් ලේඛකයා

රවිත ග්‍රන්ථ
  • අර්ක ප්‍රකාශය
  • කුමාර තන්ත්‍රය(කුමාර චිකිත්සා)
  • රසරත්නාකරය
  • වටිකා ප්‍රකරණය
  • උදිස්සා තන්ත්‍රය
  • ඔඩිස්සා තන්ත්‍රය
මෙම ග්‍රන්ථ අතුරින් අර්ක ප්‍රකාශය ලියැවි ඇත්තේ රාවන රජු සහ මන්දෝදරී දේවිය අතර කෙරුණු කාව්‍යමය සංවාදයක් ලෙසිනි. කුඩා දරැවන්ට වැළදෙන ලෙඩ රෝග හා ඒවාට පිලියම් විස්තර කරමින් රාවණයන් කුමාර තන්ත්‍රය ලියනු ලැබුවේ එවකට මේඝනාද කුමරු ලැබෙන්නට සිටි මන්දෝදරී දේවිය කල ඉල්ලීමක් ඉටු කරනටයි.


Sunday, September 6, 2009

හෙළබසේ උප්පත්ති මූලය සොයා යෑම....

2
123

එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්‍ර වූ මේ බස කුමක් ද? එය ඉන්දියාවෙහි භාවිතා වුණු එකක් ද?

සිංහල බසේ උපතට හේතු වුණු ඉන්දියානු බස නැගෙනහිර ඉන්දියාවේ භාවිත වුණු වංග බස යැයි බොහෝ වාග් විද්වත්හු අනුමාන කරති. ඊට හේතුව මහාවංශය වැනි වංශ කතා වල එන එකතරා පුවතකි. ඒ අනුව වංග රටින් පිටුවහල් කරනු ලැබූ පිරිසක් අහම්බෙන් මෙන් මේ දිවයිනට සේන්දු වූහ.
මේ පිරිසේ නායකයා වූයේ විජය නම් කුමාරයායි. මේ කුමාරයාගේ හැසිරීම ගැන අසතුට ට පත් වුනු ජනතාව , ඔහුත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් රති පිටුවහල් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටි බව මහාවංසය සඳහන් කරයි. අකමැත්තෙන් වුවද සිය පුත්කුමරා වංග දේශයෙන් පිටුවහල් කිරීමට සිංහබාහු රජතුමාට සිදුවිණ.
විජය කුමරා ඇතුලු මේ පිරිස මේ දිවයිනට සේන්දු වූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පාන පිනිස කුසිනාරා නුවර සල්ගස දෙකක් අතර වැදහොත් දිනයේ බැව් වංසකතාකරුවෝ කියති. එසේ නම් විජය රජතුමා මෙරට ට පැමිණ ඇත්තේ අදට වසර දෙදාස් ගණනක ට උඩදී බව පෙනේ.
විජය කුමරා පැමිණියේ පාළු දිවයිනක ට නොවේ. ඒ වන විටත් නොයෙක් ගෝත්‍රවල මිනිසුන් මෙහි විසූහ. තවද ඔව්හු දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන්නෝද වූහ. යක්ෂ නම් ගෝත්‍රයට අයත් කුවේණි නම් කුමරියගේ නෑදෑයන් හඳුනා ගත් විජය කුමරා ඇතුළු පිරිස මෙහි පදිංචි වූහ. ඔව්හු මේ දිවයිනට තම්බපණ්ණි හෙවත් තම්මැන්නා යයි නමක් දුන්හ. කොළොම් ඔය ඔස්සේ අනුරාධපුරය දෙසට පැමිණ ඔව්හු ජනාවාස පිහිටුවා ගෙන ගොවිතන් බත් කරන්නට පටන් ගත්හ. දිවයිනේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් ඇතුළු ආදිවාසීන්ගේ උදවු උපකාර ඔවුනට ලැබිණි. විජය ඇතුළු පිරිස මෙහිපැමිණියේ වංග දේශයෙන් නිසා ඔවුන් කතා බස් කළ බස හැඳින්විය යුත්තේ වංග භාශාව යන නමිනි. කලක් යනවිට වංග දේශයේ ජනතාව හා තිබූ සන්නිවේදන සම්බන්ධකම් කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය. මෙහි විසූ ආදිවාසීන් ගේ කතා බහ ඔවුන් කෙරේ බලපාන්නට විය. මේ හේතුව නිසාවෙන් වංග බස නව මුහුණුවරක් ගනිමින් වැඩෙන්නට විය.
වංග බසේ ඇතම් පදවල යෙදුණු "ආ" ශබ්දය මෙහිදී කෙටි ශබ්දයක් බවට පත්විණ. මින් ඇතැම් "ආ" ශබ්ද යෙදුනේ පදයක ආරම්භයේදීයි.

වංග බස තම්බපන්ණි බස

ආකාශ
ආභරණ
ආරාම
ආහාර

අහස
අබරණ
අරම
අහර


ඇතැම් "ආ" ශබ්දයන් යෙදුනේ ව්‍යංජන ශබ්දයකට පසුවයි.

වංග බස තම්බපන්ණි බස

කාල
නාම
විශාල
උපාසක

කල්
නම්
විසල්
උපසක

වංග බසේ ඇතැම් පදවල ආ ව්‍යංජන ශබ්දද ක්‍රමයෙන් වෙනස් වන්නට විය. මහාප්‍රාණ ශබ්ද අල්පප්‍රාණ බවට පත්විණ.

වංග බස තම්බපන්ණි බස

සංඛ
දීර්ඝ
ධර්ම
භාෂා

සත්
දිගු
දම්
බස්

වංග බසේ ඇතැම් පදවල ආ "ප" ශබ්ද මෙහිදී " ච" බවට පත්විණ.

වංග බස තම්බපන්ණි බස

උපදේශ
අපාය
දීප
පාප

උවදෙස්
අවා
දිව්
පව්

වංග බසේ "ච" ශබ්දය මෙහිදී " ස" බවට පෙරළිණි.

වංග බස තම්බපන්ණි බස

චන්ද්‍ර
චතුර
චීවර
චෝර

සඳ
සතර
සිවුරු
සොර

වංග බසේ ඇතැම් පදවල ආ ව‍යංජන සංයෝග සරළ විණ.

වංග බස තම්බපන්ණි බස

කරම
කර්ණ
දන්ත
කාන්තා

කම්
කන්
දත්
කත්

මේ ආකාරයෙන් වෙනස් වන්නට වූ වංග භාෂාව හඳුන්වන්නට අලුත් නමක් ද යොදා ගැණින. සිංහ බාහු රජතුමා ගේ පුත් කුමරා වූ විජය රජුට සිය පියාණන් ගේ සිංහ සම්බන්දකම් මතක් වන්නට ඇත. ඒ අනුව මේ අලුත් භාෂාවට " සිංහල " යන නම ලැබිණ.
මාලදිවයිනට ගොස් පදිංචි වූ සිංහලයන් දෙවෙහි බස් නමින් නව බසක් බිහි කලාක් මෙන් ලංකාවට පැමිණ අලුතින් පදිංචි වූවෝ සිංහල නමින් අලුත් බසක් බිහි කළ හ.

[මූලය: වැඩෙන බසක රූ සොබා]

උපුටා ගැනීම - http://rasthiyadukatha.blogspot.com/2009/09/blog-post_14.html


කුවේණී

0

පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක


1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි.
2. කොණ්ඩය යන්න තව අර්ථයකි.

පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා
මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය.

විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය.

තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ හිසමුදුනෙනි.
මේ අනුව කුවේණි විජයට හමුවන විට හිස මුදුනින් කොණ්ඩය බැද සිටින්නට ඇත.
මෙහිදි 'කු ' උපසර්ග පදය වේණි යන ශබ්දය මුලට යෙදිමෙන් එහි අර්ථයට බාදා වී ඇත.

(පාලි භාෂාවේ උපසර්ග පදයකින් කෙරෙන්නේ අගට යෙදුණු පදයේ අර්ථයට
බාධා කිරීම, අර්ථය අනුව පැවැත්ම හා විශේෂාර්ථයක් දැක්විම වේ.)

එබැවින් කුවේණී යන ශබ්දය වැරදි ලෙස හිස මුදුනින් කොණ්ඩය බැද ඇති කාන්තාව යන අර්ථය ගෙනේ.

පැරණි ඉන්දියාවේ විවාහක කාන්තාවන් වේණියක් හෝ එක කරළක් ලෙස
කෙස් කළඹ සකස් කර ගත් අතර අවිවාහක කාන්තාවෝ වේණි දෙකක් හෝ කරල් දෙකක් ලෙස හෝ කෙස් කළඹ සකස් කර ගත්හ.
අවිවාහක කාන්තාවක් වු කුවේණී විජයට මුණ ගැසෙන විට ඇගේ කෙස් කළඹ
එක වේණියක් ලෙස හිස මුදුණේ කොණ්ඩයක් මෙන් බැද තිබුණි.
ඉන්දියානුවන් වූ විජය සහිත පිරිස මෙය වැරදි චාරිත්‍රයක් යැයි සලකා හිස මුදුනින්
වැරදි ලෙස කොණ්ඩයක් බැදි යුවතිය යන අර්ථයෙන් ඇය කු+වේණිය යන නමින් හැදින්වුහ.

උපුටා ගැනීම: කුවේණි නම් වූ යක් ලද කෘතියෙන්

Saturday, September 5, 2009

නාලන්දා ගෙඩිගෙය

0

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ ම
ධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි.


මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩා
ර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.


උපුටා ගැනීම - http://ravanalankapura.wordpress.com/sri-ravana-ancestry/


..