-->

Sunday, September 6, 2009

කුවේණී

0

පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක


1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි.
2. කොණ්ඩය යන්න තව අර්ථයකි.

පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා
මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය.

විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය.

තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ හිසමුදුනෙනි.
මේ අනුව කුවේණි විජයට හමුවන විට හිස මුදුනින් කොණ්ඩය බැද සිටින්නට ඇත.
මෙහිදි 'කු ' උපසර්ග පදය වේණි යන ශබ්දය මුලට යෙදිමෙන් එහි අර්ථයට බාදා වී ඇත.

(පාලි භාෂාවේ උපසර්ග පදයකින් කෙරෙන්නේ අගට යෙදුණු පදයේ අර්ථයට
බාධා කිරීම, අර්ථය අනුව පැවැත්ම හා විශේෂාර්ථයක් දැක්විම වේ.)

එබැවින් කුවේණී යන ශබ්දය වැරදි ලෙස හිස මුදුනින් කොණ්ඩය බැද ඇති කාන්තාව යන අර්ථය ගෙනේ.

පැරණි ඉන්දියාවේ විවාහක කාන්තාවන් වේණියක් හෝ එක කරළක් ලෙස
කෙස් කළඹ සකස් කර ගත් අතර අවිවාහක කාන්තාවෝ වේණි දෙකක් හෝ කරල් දෙකක් ලෙස හෝ කෙස් කළඹ සකස් කර ගත්හ.
අවිවාහක කාන්තාවක් වු කුවේණී විජයට මුණ ගැසෙන විට ඇගේ කෙස් කළඹ
එක වේණියක් ලෙස හිස මුදුණේ කොණ්ඩයක් මෙන් බැද තිබුණි.
ඉන්දියානුවන් වූ විජය සහිත පිරිස මෙය වැරදි චාරිත්‍රයක් යැයි සලකා හිස මුදුනින්
වැරදි ලෙස කොණ්ඩයක් බැදි යුවතිය යන අර්ථයෙන් ඇය කු+වේණිය යන නමින් හැදින්වුහ.

උපුටා ගැනීම: කුවේණි නම් වූ යක් ලද කෘතියෙන්

No Response to "කුවේණී"

Post a Comment

අදහස් සහ උදහස්