-->

Tuesday, July 26, 2011

සීගිරිය ගැන නව සොයා ගැනීමක්

1

    මේ ලංකාදීප පත්‍රයෙන් පළවුණ ලිපියක්.2011.07.22


මේ ලිපියත් පොඩ්ඩක් බලන්න.... (උපුටා ගැනීම Elakiri.com)

සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියලනෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ................




Wednesday, July 13, 2011

හෙළ යුගයේ දේව වංශය 2

3

දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක............

පසු ගිය ලිපියෙන් අපි කතා කලේ ලංකාවේ පාල
ක පන්තිය වූ දේවයන් බිහි වුණ විදියනේ. අවසානයේ අපි සදහන් කරා දේවයන්ට පැවරී තිබුණ වගකීම් ගැන. ඔන්න අද ඉතින් අපි ඒ ගැන විමසා බලමු. හෙල ඉතිහාසයේ පසුකාලීනව බිහි වුණ වංශය වු දේව වංශයේ පළමු කාරිය වුනේ

අධ්‍යාපනය

රටක ජනතාව විසින් ඔවුන්ගේම කොටසක් තමන්ගේ පාලකයන් විදියට පත්කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ජීවන පැවත්මට අවශ්‍ය ආරක්ෂාව, දිවිපැවත්ම පවත්වා ගැනීමට උපකාරයක් වීම යනාදියටයි. ඒවගේම තමයි හෙළ යුගයේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය සියළු දේ කියා දීම දේව පාලකයන්ගේ පරම යුතුකම වුණා. ඒ නිසාම තමයි දේවය
න් විදියට පුහුණුව ලබන කණ්ඩායම ජනතාව විසින් පොෂණය කලේ. මෙයත් හරියට අද කාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වගේ. මහජනතාවගේ මුදලින් රටේ උපාධිධාරින් බිහි කරන්නේ රටේ අනාගතය උදෙසා. නමුත් අද මහ ජනාතාව විසින් බිහි කරන්නා වූ කොඨ්ඨාශය රටේ පාලනයට දායක නොවන නිසා සම්පුරණයෙන්ම දේව අධ්‍යාපනයට අද අධ්‍යාපන ක්‍රමය සමාන කරන්න බැහැ. සමාජයට නිතර ගුරුහරුකම් දී සමාජය ස්ථාවරව තබා ගැනීමත් දේවයන් සතු වූ යුතුකමක් වුණා. දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි.

සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්
වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක. ජනතාව විසින් නිතරම තම දේවයාගේ හෙවත්, නායකයාගේ උපදෙස් මත ක්‍රියා කරන ලදි. නායකයාට සියළු දෙනා අවනත විය, ඔහුගේ උපදෙස් හා අවවාද සෑම විටම නිවැරදි බව සැමදෙනාම පාහේ විශ්වාස කල නිසා හා ඒවා නිවරදී වූ නිසාම කිසිකෙනෙක් නායකයාව ප්‍රශ්න කලේ නැත. නායකයන් අමනෝඥ ලෙස ක්‍රියා කලේද නැත. මෙය දේව අධ්‍යාපනයේ සුවිශේෂි වූ වැදගත් කමකි.


විනිශ්චය

වර්තමාන යුගයේ විනිශ්චය කියන්නේ දඩුවම සමගම සම්බන්ධව පවතින්නක් සැම උසාවියකින්ම යම් වැරරද්දක් විනිශ්චයත් සමගම එයට දඩුවමක් ලැබෙන ආකරායක් අද දැක ගත හැකි මුත් හෙළ යුගයේදී විනිශ්චය යනු වචනයක හෝ සිතුවිල්ලක හෝ හරි වැරැද්ද පහදා දී වැරැද්දෙන් පුද්ගලයාව මුදවා ගැනීමයි. මේ නිසාම සාක්ෂි විමසීමක් හෝ වරදකරු නිවරදිකරු තේරීමේ විනිශ්චයක් තිබිලා නැහැ. හැමදෙනාම සත්‍ය ප්‍රකාශ කල බැවින් තමන් කළදේ විමසා එය පිළිගත් පසු පමණක් විනිශ්චය ආරම්භ විය. විනිශ්චයේ අරමුණ වූයේ කර වැරැද්ද සිතට කාවාද්දා මින් මතු
වට ඒ වරද්ද නොකරන තැනට පුද්ගලයාව පත් කීරිමය. නමුත් වරද අවබෝධ කරගත් පසුත් ඒ වරද කරන්නන් එදා සමාජයේද විය. ඔවුනට එම වරදට දුන්නේ මානසික දඩුවමකි. ඔවුන් සමග කතා කිරීම සිනාසීම වැනි දේ නතර කොට පුද්ගලයා වර්ජනය කිරීම මගින් තමා වරදකරුවෙක් යැයි සිතීමට ඔහුටම සලස්වා ලීම මෙම ක්‍රමයේ අරමුණ විය.

බරපතල වැරදි වලදී පුද්ගලයාව සමාජයෙන් පිටමං කිරීම සිදු කරන ලදි. කුවේර රජු කෛලාශයටත්, විරචින කුමරු පාතාලයටත්, සීගීරයේ සිව+ගිර සිව රජු ඉන්දු දේශයටත් පිටමං කිරීම එලෙස දුන් දඩුවම් වලට උදාහරණය. රජු වරු යනු දේවයන්ය, ඔවුන් වැරැදි කරන්නේ දැන දැනමය, ඒ නිසා ඔවුන්ට බරපතලම දඩුවම ලැබිණි. දේවයෙක් නිසාවත් හෝ පාලකයා නිසාවත් හෝ රිසි පරිදි කටයුතු කල නොහැකි වු අතර සමාජයේ චාරිත්‍ර සැමටම
පොදුව පැවතිනි. ඒ වගේම දේවයන් යනු දක්ෂ පාලකයන් මෙන්ම ප්‍රඥාවන්තයන්ද වූ නිසා ඔවුන් පිටුවහල් කිරීමෙන් ඔවුන් එම පිටුවහල් කල ස්ථානයේ පාලකයා බවට නිතතින්ම පත්වීම සිදු විය.
හෙළ දිවයිනෙන් පිටුවහල් කරන ලද සිව රජු ඉන්දු දේශ
යේ පාලකයා වීමද, වීරචින රජු පාතල දේශයේ නායකයා වීමද හෙළ සංස්කෘතිය ලෝකය පුරාම ව්‍යාප්ත වීමට දේවයන්ගේ විනිශ්චය සමාජයේ පැවත්මට ඉවහල් වු ආකාරයට සාක්ෂිය.

ආරක්ෂාව හා යුද්ධය


රටේ ජනතාවට ආරක්ෂාව සැ
ලසීම රටේ පාලකයන්ගේ පරම යුතුමකමකි. හෙළ ඉතිහාසය පුරාම ගත් කල රට වැසියාට වඩා තර්ජන එල්ල වී තිබුනේ රටේ පාලකයාටය. හෙල ඉතිහාසය පුරාම විශ්ණුගේ බල පෑම් දක්නට ලැබුණ අතර පළමුව නරසිංහ වේශයෙන් පැමිණ හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමන ලදි, මෙයට ප්‍රතික්‍රියා වශයෙන් දේව අධ්‍යාපනය බිහි වුණ අතර දෙවනුව වාමන වේශයෙන් පැමීණ මහා බලි රජුව පැහැරගෙන යන ලදි. මෙයට ප්‍රතික්‍රියාව ලෙස දේවයානී විසින් තම පුතුන්ට යුධ පුහුණුව දීම සිදු කර යුද්ධයෙන් හෙළ අධිරාජ්‍ය පැතිර වීම ආරම්භ කරන ලදි.

අවසානයේ රාම අවතාරය ලෙස පැමීන රාවණ රජු ඝාතනයෙන් හෙළ ශිෂ්ඨාචරයේ අවසානය හා හෙළ දිවයින සයුරේ ගීලීමද සිදුවිණි.
රට වැසියාට ආරක්ෂාව සැපයීමට හෙළ අධිරාජ්‍ය සතුව තාක්ෂණයෙන් අනූන අවිආයුධ තිබුණි. නමුත්එම අවි ආයුධ වලින් කරන්නා වූ යුද්ධය භායානක දෙයක් විය. බෝම්භ හෙලිය හැකි ගුවන් යානා, ලේසර් අවි, න්‍යෂ්ඨික අවි, විශ දුම් සහික බෝම්බ වැනි යුද උපකරන හෙළයන් විසින් තම යුධ කටයුතු සදහා බාවිතා කරන ලදි. නමුත් යුද්ධය අවශ්‍ය වූයේ ආක්‍රමණ වැනි සතුරු උපද්‍රව පැමීණී විට පමණි. මෙයට අමතරව සුලි සුලං, කුණාටු හා අකුණු වැනි ස්වාභාවික උපද්‍රව වලින් බේරීමටද ක්‍රමෝපයෙන් තිබුණ අතර ඒවා ක්‍රියාත්මක කිරීමත් දේවයන්ට පැවරී තිබූ වගකීමක් විය.

ප්ලෝටෝගේ විස්තර වල සදහන් වන අත්ලාන්තිස් පුරවරය හෙවත් ලංකාපුරයේ පාලන කටයුතු හා ලක්ෂණ සලකා එය ලොව පරමාදර්ශි රාජ්‍ය ලෙස ප්‍රකාශ කිරීමෙන් පවා තහවුරු වන්නේ දේව පාලනය විසින් හෙළ අධිරාජ්‍යට කරන ලද බලපෑමයි.
දේව පාලනයේ අවසන් නායක හෙවත් ශක්‍ර සිටයේ කදු මුදුනකය. එය සමනළ කන්ද වන අතර මෙම ශක්‍ර වනාහි පරුමක හෙවත් සුමනය(සමන්). මෙම කදුමුදුනට ගමන් කිරීමට මාර්ගයක් නොමැති වූ අකර කදු මුදුනට ගමන් ගත්තේ ගුවන් යානයකිනි. මෙම ගුවන් යානය පදවන ලද්දේ මාතලේ දේවයා විසින්. මෙම සිදුවීම බෞද්ධ සාහිත්‍යෙය්දී ශක්‍ර ගේ වාහනය පාදවන මාතලී දිව්‍ය පුත්‍රයා ලෙස දක්වා ඇත.

බලන්ගොඩ ප්‍රෙද්ශයේ බොල්තුඹේ දේවාලයේ අදුරු කුටියක් තුල මෙම ගුවන් යානය හෙවත් විමානය ඉංග්‍රිසි පාලන සමය දක්වා තිබූ බව ඒ අවට ගම් වැසියන් පවසති. මෙම යානය ගැන ආරංචි වූ එවකට රත්නපුරයේ සුදු දිසාපති අසු පිටින් පැමිණ බලහත් කාරයෙන් මෙම කුටිය විවෘත කර බැලූ බවත් අනපේක්ෂිත ලෙස ඇදැහැලුන වර්ෂාවකින් අශ්වයාගේ පය ලිස්සා වැටී කකුල කැඩුණ බවත් අලියෙකුගේ පිට රතන්පුරයට ගිය දිසාපති වරයා උණෙන් පෙලී සතියකට පසුව මිය ගියබවත් සදහන් වෙන නිසාම දිසාපති වරයා දුටුව දේ පිළිබදව යමක් දැනගැනීමට හැකි වී නැහැ.


උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/07/seuslslablogspotcom.html


හෙළ යුගයේ දේව වංශය 1

3

අද පහත් කුලයක් යැයි සැලකෙන අපේ සබෑ ඉතිහාසයයේ පාලකයෝ...



අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාමේ ගමනෙදි පසුගිය ලිපියෙන් කතා කලේ අපේම රටේ මිනිසුන් විසින්ම අපාහස උපහාසයට ලක් කල අපේ ශ්‍රේෂ්ඨ රජ කෙ
නෙක් ගැනනේ. අපේ හෙළ යුගයේදී පාලක පන්තිය වෙලා සිටි තවත් කොඨ්ඨාශයක් අද වන විට පහත් කුලයක යැයි සලකනවා කියලා අපේ ගවේෂණයේදී දැන ගන්න ලැබුණා. අද අපි ගෙන එන්නේ එදා අපේ පාලක පන්තියව සිටි දේවයන් හේවත් දේවවංශය ගැනයි.

අපි කලින් ලිපි වල සදහන් කරපු පරදී ලංකාවේ පළමුවන රජු වුනේ මහා සම්මත මනු රජතුමානේ. ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණ
යා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.

හිරණ්‍ය කාශ්‍යප රජුගේ අවසානය කියැවෙන වෘතාන්තය දෙස බැලුවොත් එතැනදී නරසිංහ විසින් රජු මරා දැමීමට හේතුවක් විදියට රජුගේ නොඉවසීම හා ඒ අවස්ථාවේදී අවේග ශිලීව හැසීරීම හේතුවුණ බවක් පැහැදිලිවම පේනවානේ. ඒ නිසා හෙළ අසුර
අධිරාජ්‍යහී ස්ථාවරත්වයට රජවරු පුහුණු කිරීමක් අවශ්‍ය වුණා. විවිධ සතුරු ආක්‍රමණ හා උපද්‍රව වලින් ගැලවීමටත් රටේ ප්‍රශ්න වලිදී ඉවසීමෙන් කටයුතු කිරීමට රජවරු පුහුණු කීරීම අවශ්‍ය වුණා.


මෙම අවශ්‍ය තාව ඉටුකිරීම සදහා ඉදිරිපත් වුනේ බෘගුකච්ච නම් ස්ථානයේ සිටි බෘගු මහා ඍෂිවරයායි. මේය සිදුවුනේ හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණයෙන් පසුවයි. හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව හිරණ්‍ය කාශ්‍යප රජුගේ පුත්‍ර ප්‍රලාද කුමරු රජ වී සිටි අතර ඔහුගේ සොයුරිය වූ ඌෂ්ණ කුමරිය විවාහ වී සිටියේ බෘගු මහා ඍෂිවරයා සමගයි. ( අපි කලිනුත් සදහන් කලා
නේ උත්තම දරුවන් ලබා ගැනීමට මෙලෙස සෘෂිවරුන් සමග විවාහ වු බව. ඍෂිවරුන් යනු ප්‍රඥා සම්පන්න පුද්ගලයන් බවට සැක නැත. විද්‍යාත්මකව බලන කල පියාගේ ජාන දරුවන්ට පැමිණිම සිදුවන්නකි.

ඒ නිසා රජවරු ප්‍රඥා සම්පන්න වීමට හේතුව විදියට එය සලකන්න පුළුවන්) මේ කාලයේ ලංකාව හා ඉන්දියාව රටවල් දෙකක් විදයට පැවතිලා නැහැ. ඒ වෙනුවට පොඩි පොඩි ප්‍රෙද්ශිය රාජ්‍යන් විදියට තමයි තිබිලා තියෙන්නෙ. නමුත් සංස්කෘතියෙන් ඒවා සියල්ල හෙළ අධිරාජ්‍ය විදයටයි තිබිලා තියෙන්නෙ. මහ බලිගෙන් පසු හෙළ
සංස්කෘතියක වෙනස් වෙලා එය දේශපාලනික ස්වරූපයක් ගත් ආකාරය අපි පසුගිය ලිපි වලින් ඉදිරිපත් කලානේ. මෙහිදී හිතන්න පුළුවන් තව දෙයක් තමයි දඹදිව හා හෙළ දිව කියන්නෙ එකම තැනකට කියලා.

දඹ = උස් ස්ථානය = හෙළ ගත්තාම මේ කරුණ අපිට තහවුරු ක
රගන්න පුළුවන්.

බෘගු මහා ඍෂි විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන ක්‍රමයෙන් නායකත්ව පුහුණුව මෙන්ම උතුම් මිනිසෙක් කිරීමටද ඉවහල් විය. ඒ නිසා එය දේව අධ්‍යාපනය ලෙස හැදින්වෙලා තියෙනවා. දේව අධ්‍යාපන ක්‍රමයෙන් හෙළ අධිරාජයේ සිටි යක්, රකුස් හා නා
ග යන සෑම ජනකොඨඨාශයකම අයෙක්ටම දේවයෙක් වෙන්නට හැකි වුණ අතර මෙලෙස දේව අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව හෙළ සමාජයට තවත් ජන කොඨ්ඨාශයක් දේව නමින් එක් වුණ අතර දේව, නාග, රකුස් හා යක් යන ජනකොඨ්ඨාශ හතර නිසා හෙළ අධිරාජ්‍ය සිව් හෙළය යන නම අදටත් ශේෂව තියෙන අයුරු දැක ගන්න පුළුවන්. මේලෙස ජන කොඨ්ඨාශ හතරක් සිටියත් මුල් බිම හෙළ දිව නිසා හෙළයන් ලෙස හැදින් වුවා වගේම ජනකොඨාශ හතරේම පොදු නාමය අසුර වෙලා තියෙනවා.
මෙම දේව අධ්‍යාපන ක්‍රමය විෂයන් ගණනාවකින් සමන්විත වෙ
ලා තියෙනවා

1. යෝග
2. මන්ත්‍ර
3. තන්ත්‍ර
4. වෙදකම
5. අහස් ශාස්ත්‍ර
6. අවි නිපයුම
7. යුධ හරඹ
8. ධාන්‍ය භාවනා
9. ශාන්ති කර්ම හා පුජා
10. දර්ශනය
11. මොහනය

යන විෂයන් තමයි දේව අධ්‍යාපනයේ ප්‍රධාන විෂයන් වෙලා තියෙන්නෙ. මෙම දේව අධ්‍යාපනය ලැබූ අය සාමාන්‍ය වැසියන් වුණ අතර ඔවුන්ට ඉහලින් සිටිය ගුරු වරු මුණි වරු හා ඍෂිවරුන්ගෙන් යුක්ත වෙලා තියෙනවා. මේ ගුරු වරු බොහෝ විට සාමාන්‍ය ජ
න සමාජයෙන් ඈත් ව ආරණ්‍ය වල හෝ හීමාලයේ තමයි ඉදලා තියෙන්නෙ.
දේව අධ්‍යාපනයේ පරිපාලනයේ ප්‍රධානීයා සක්කර එහෙමත් නැත්තම් ශ්‍රක ලෙස හැදින්වෙලා තියෙනවා. ඒ නිසාම දේව අධ්‍යාපන ආරම්භ කරපු බෘගු මහා ඍෂිවරයා හැදින්වෙලා තියෙන්නෙ ශ්‍රකාචාරී ලෙසටයි. ලේඛන කලාව මේ යුගයේ නොතිබුණ බැවි
න් ශිෂ්‍යන් ගුරුවරයා සමග වාසය කිරීමෙන් ශිල්ප ඉගෙන ගන්නා ලදී. ගුරුවරුන් යටතේ යම් කිසි සිසුන් පිරිසක් හිටිය අතර ඔවුන් ගුරුවරයාගේ අසපුවේ හෝ තපෝවනයේම සිටි අතර ඔවුන් නඩත්තු කලේ ආසන්නයේ පිහිටි ගම්මානයෙනි. මේ විදියට ශිෂ්‍ය පරම්පරා බිහිවිමෙන් දේව අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යන ලදි.

ගුරුවරයාගේ ආශ්‍රෙයන් ඉවත් වු පසු තමන් එක තැන හිද නිශ්චල මනසින් යුක්තව ලෝකය අවබෝධ කරගත් අය ඍෂි වරුන් නැතහෝත් මුණි වරු
න් බවටද අනෙකුත් දේවයන් පාලකයන් වු බවද සදහන්වේ. අද තියෙන අධ්‍යාපනය ක්‍රමය සමග බැලීමේදී මෙම ක්‍රමය තේරුම් ගැනීමට අපහසු නමුත් මෙම ක්‍රමය ගුරුවරයා සමග සිටිමේදී නාය්‍යාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුමද ලබා ගැනීම නිසා එය භාවිතයේදී ඉගෙන ගත් දේ ප්‍රයෝජනවත් භාවිතය හා ඒ ඇසුරෙන් නව සොයා ගැනීම් දක්වා යාමේ ක්‍රමයක් බවට අනුමාන කල හැක. තමා සතු මනසෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස දේව අධ්‍යාපන ක්‍රමය හැදින්විය හැක.

දේව පාලනය තුල දී ගමේ පාලක ගම්පති මෙන්ම රටේ පාලක රජුද දේවයන් විය. දේව පාලනය තුල කුඩා ඒකක තුලින් විශාල භූගෝලිය ඒකක දක්වා පැතීරී යන පාලන ව්‍යහයක් විය. මෙම ක්‍රමය අද තියෙන පාලන ක්‍රමය සමග කිසිසේත් ගැලපිය නොහැක.
අද පාලන ක්‍රමයේදී රටේ සියල්ලටම පොදු ව්‍යවස්ථාවක් යටතේ එය ක්‍රියාත්මක වන විධායක ක්‍රමයකට පාලනය වන්නකි.

දේව පාලනයේදී රජු ඒකාධි පතියෙක් මෙන් පෙනුනද රටේ පාලනය බෙදී ගිය බවක් දක්නට තිබේ. ගමේ පාලනය ගම් සභාවේ සිට දිසාව දක්වා පුළුල්ව පැ
තීරී ගිය මනා පාලන ව්‍යහයක් දේව පාලනය තුල තිබුණි.
දේව පාලනය විවිධ මට්ටමින් තිබූ බවට ලංකාවේ සෙල්ලිපි ඇසුරින් තහවුරු කරගත හැක. ඔවුන් පාලනය කලේ භූගෝලීය ප්‍රෙද්ශයට අනුව හෝ සමාජ ඒකකයේ ප්‍රමාණයට අනුවය. බුද්ධ ශාසන ලංකාවට පැමීණිමත් සමග භික්ෂුන් වහන්සේලාගේ බලය බෙදී යන ලද්දේ දේව පාලන ව්‍යුහයට අනුවයි. අදටත් දක්නට ලැබෙන නායක, මහා නායක, සං
ඝ නායක සිට සංඝරාජ දක්වා ව්‍යුහය දේව පාලනයේ අවශේෂයකි. දේව පාලනයේ දක්නට හැකි දේවයන් කොඨ්ඨාශ පහකින් යුක්තය

1. ගපති - කුඩා කණ්ඩායමක නායකයා. ගමේ එක් කොඨ්ටාශයක නායකයා
2. ගාමණි- ග්‍රාමයේ නායකයා. ග්‍රාමයක් තුල ගපතිය
න් කීප දෙනෙක් සිටිය හැක
3. පරුමක- ප්‍රාදේශිය නායකයා. ග්‍රාමයන් කීහිපයක් එකතු වී සෑදේන ඒකකය
4. රජු - මෙය යුව රජු ලෙස දැක්විය හැක. රටේ විශාල ප්‍රෙද්ශයක නායකයා
5. මහ රජු - රටේ අග රජු. ඔහුද දේවයකු නිසා මහ ර
ජු හමුවේ දේවයන් වහන්ස යනුවෙන් අමතන ලදි.


මෙම ක්‍රමය ශ්‍රි වික්‍රම රාජ සිංහගෙන් අවසන් වූ ලංකාවේ රාජවලිය දක්වාම රජු ඇමතිමට යොදා ගන්නා ලදි. මෙම හෙළ විදි විජයගේ සිට රාජ සිංහ රජු දක්වාම අනුගමනය වූ අතර ඒවා ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ දේවල් හෝ විජය ලංකාවට ගෙන ආ දේවල් නොවේ.
විජය ලංකාවට ඉන්දියානු ක්‍රමයේ මධ්‍ය ගත වැඩවසම් ක්‍රමයක් ගෙන ආවද පඩුවස්දෙව්ගෙන් පසු නැවත පණ්ඩුකාභය නැමති හෙළ රජු ලංකාවේ බලයට පැමිණීමෙන් පසු දේව පාලනය ක්‍රමය ලංකවේ ස්ථාපිත වු අතර විජයගෙන් පසු පියාගෙන් පුතාට රාජ්‍ය උරුම වන ක්‍රමයක් ලංකාවේ බිහි වියග (පණ්ඩු කාභය කුමරු දේව අධ්‍යාපනය ලැබුවෙක් බව තහවුරු කර ගත හැක. පණ්ඩුල නම් භ්‍රාමණයා නැතහොත් පණ්ඩුල දේව ආචාරී විසින් පණ්ඩුකාභය කුමරුට සියළු ශිල්ප ඉගැන්වූ බව කියන මහා වංශයට අනුව පණ්ඩුකාභය කුමරු අභය නැතහොත් බසවක්කුලම වැව තැනීම ආදියෙන් තව තවත් තහවුරු වන්නේ මහින්දාගමනයෙන් පසු ලංකාවේ සංස්කෘතික හා තාක්ෂණික දියුණුවක් ඇති වුණා නොව එය පෙර සිටම පැවත එන්නක් බවයි)

දේව පාලනය තුල රජවරු පුහුණු කිරීමක් කලද එමගින දේව පාලනයේදී පියාගෙන් පුතාට රජකම උරුමයක් ලෙස ලැබීම දක්වා නැත. දේව පාලනය තුප දේව වංශයක් හදුනාගත හැක. මෙම වංශය රකුස්, නාග, යක් යන කුමන කොඨ්ඨාශයෙන් වුවත් දේව අධ්‍යාපනය සම්පුර්ණ කරන ලද්දන්ගෙන් සමන් විත වූ අතර සුදුස්සාට රජකම හිමි විය. පියාගෙන් පුතාට රාජ්‍ය ලැබීම සිදු වූයේ සුදුසුකම් තිබූ තැන පමණි. විජයගෙන් පසුව මෙම ක්‍රමය බිද වැටුණ අතර යසලාලක තිස්ස වැනි අනුවණ රජුන් දක්වා බිහි විම දක්වා බලපාන ලද්දේ විජයගේ ආක්‍රමණයයි.

ප්ලෝටෝ විසින් දක්නා ලද පරමාද්ර්ශි රාජ්‍ය නැතහොත් අත්ලාන්තිස් පුරවරයේ පුජක_පාලක පන්තියක් වූ බව ප්ලෝටෝ සදහන් කරන අතර දේව වංශිකයන්ගේ ඇති උත්තරීතර චරිතාවබෝධය නිසාත් දක්ෂතා නිසාත් දේවයන්ගේ ගුරුවරුන් වූ ඍෂිවරුන්ගේ හා මුණි වරුන්ගේ ඉහළ අධ්‍යාත්මික ගුණ නිසාත් ප්ලෝටෝ විසින් මෙලෙස විස්තර කරන්නට යෙදුනේ යැයි අනුමාන කරන්න පුළුවන්.
මිළග ලිපියෙන් දේව වංශයට පැවරුණ කාර්යන් හා වගකීම් පිළිබදව විමසා බලමු.
එතෙක් ආයුබෝවන්.


උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/07/blog-post.html

හෙළ යුගයේ දේව වංශය 2

මතු වූ නව හෙළ ඉතිහාසය 2

1

මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.

It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death

අද එතැන් සිට


ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?

මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.

1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨී
ක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.

විද්‍යාව නොදියුණු ප්‍රාග් ඓතිහාසික යුගයක කොහොමද පරමාණු බෝම්බ තියෙන්නේ? එහෙම තිබුණා නම් එය භාවිතා කිරීමට අධිවේගි ගුවන් යානා තිබිය යුතුය. මේ ගැටළුව පිළිබදව හා එබදු දේ තිබුණාදැයි සෙවීමට බටහිර හා ඉන්දීය උගතුන් සංස්කෘත සාහිත්‍ය පීරන්නට පටන්ගෙන තියෙනවා. අපි කලින් සදහන් කල මහාභාරතයේ සිදුවීම් පෙළ කලින් හදුනාගෙන තිබුනේ කවියෙකු උමතු සිතුවිලි විදයට. ඒ වුණාට මෙම තහවුරු කිරීම් හා එය යථාර්තය බව ඒත්තු යාමත් සමගම නැවතත් මහාභාරතය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. එම ප්‍රයත්නයේ දී යම් ඓතිහාසික කරුණු මතු කරගන්නට ඔවුන් සමත් වෙලා තියෙ
නවා. එබැවින් එම අද්භුත කතාන්දර මිත්‍යාවන් නොවන බවට තහවුරු කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. නමුත් මෙම කතා අතිශෝක්තිය හා මිත්‍යාවන් සමග මුසු වී තිබීම නිසාම එතිහාසික තොරතුරු තොරා බේරා ගන්න අමාරුවෙලා තියෙනවා.

හෙළ ගුවන් යානා ආකෘති

මහාභාරතයෙන් අනතුරුව රාමායණය කෘතිය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. ඒ වගේම මෙම කෘති දෙකේම තියෙන සමාන කතා පුවත් සංසන්දනාත්මකව විමර්ෂණයකට ලක්කරණ්නත් ඔවුන් සමත් වෙලාතියෙනවා. ගුවනින් යන පුෂ්පක රථය(දඩුමොණරය), රාවණ පුත් ඉන්ද්‍රජිත් හදට ගොස් එහි සිට අලෝකදාරා(ලේසර් කිරණ) මගින් පහරදීම, අවසන් ලෙස රාවණගේ අවිගබඩාවේ තිබූ රහස් අවියක් විභිෂණමාර්ගයෙන් ලබාගෙන එයින් පහරදී රාවණ මරණයට පත්කිරීම, මහා භාරතයේ විස්තර වන විදුලි කොට්නාක් මෙන් වේගයෙන් අහසේ ගමන් කර පහර දෙන අවිගැන මහා ඇලැක්සැන්ඩර්ගේ යුධවාර්තාවල සදහන් වීම ආදී තොරතුරු එක්තැන් කර ගත්විට අතිතයේදී න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීම ඓතිහාසික බව පිළිගන්න වෙලා තියෙනවා.

ජර්මන් අඥාදායක හිට්ලර් විසින් රොකට් සහිත ජෙට් යානා සෑදීමේ ශාස්ත්‍රය ලබාගෙන තිබූනේ කාශ්මීරයේ ලඩාක් ප්‍රෙද්ශයෙන් බව දෙවන ලෝක යුද්ධය අවසානයේදී හෙලි වෙලා තියෙන අතරම අවුරුදු පතා ඒ ආරම වලට තෑගී බෝග හා දූතයන් යවා මෙම තොරතුරු ගත් බවත් සදහන් වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර්ගේ මෙම රොකට් විද්‍යාඥ කණ්ඩායම දෙකකට කැඩී එක් කොටසක් සෝවියට් රුසියාවට හා අනික එක්සත් ජනපදයට ලැබීම නිසා න්‍යෂ්ඨික තාක්ෂණය මෙම දෙරටේම වර්ධනය වෙලා තියෙනවා.

අශෝක අධිරාජයා විසින් තම දිග්විජය කටයුතු අවසන් කල පසු යුද අවි පිළිබදව තාක්ෂණය ග්‍රන්ථ 9කට සම්පාදනය කර තාපසයන් 9 දෙනෙකු භාරයේ ගාන්ධාර තක්ෂිලා කදුකර ප්‍රෙද්ශයේ සගවා තැබූ බවට හින්දු පුරාවෘත්ත හා “පුරාණ“ ග්‍රන්ථවලත් සදහන් වෙලා තියෙනවා.
1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්‍රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන් කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ සදහන් වන්නෙ නැහැ.
ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.

මින් අවුරුදු 12500කට පමණ පෙර යූරෝපීය අයිස්තට්ටුව දියවී ගිය බවද, උතුරු අත්ලාන්තික් සයුර හා උතුරු ඇමරිකාවේ සමහර කොටස් වසා පැතිරී තිබූ එම අයිස්තට්ටුව දියවී සාගර ජල මට්ටම ඉහල ගියබවත් විද්‍යාඥයන් විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර විෂ්ණූ පුරාණය නැමති ග්‍රන්ථයට අනුව මෙය සිදුවීම වී ඇත්තේ හෙළ අසුර හිරන් කසුබ්(හිරණ්‍ය කාශ්‍යප,ඊරණි, මහා මන්දාතු) රජු තම සූර්යා බදු තේජස් වී ඇති ඇස් දෙකෙන් බලා හිම කදු දියකර හැරිබවටයි. ඒ ගැන දොස් පැවරීම විෂ්ණූ පුරාණයේ වන අතර ඒ අනු ව හිරණ්‍ය කාශ්‍යප සිටි අවදිය ක්‍රි.පු. 10500 ලෙස සැලකීය හැක.

1985 න් පසු යුගය හෙළ අසුර ඉතිහාසය පිළිබදව විශාල වශයෙන් කරුණු එකතු වූ යුගයකි. රාමායණයේ සදහන් වන්නා වූ දණ්ඩාකාරණ්‍යෙය් අගනුවර වන ජනස්ථානය පවා මුහුදු පතුලේ තිබී 2003 මැයි මස සොයාගෙන තියෙනවා.

ඉහත් අපි දැක්වූ මෑති භාගයේ කල සොයාගැනීම් නම්

* · 1986 - ප්‍රංශජාතික ඡායාරූප ශිල්පියෙක් විසින් ඊජිප්තුවේ පිරමීඩ දේවාලයක ගන්නා ලද ජායාරූප වලට අනුව එහි බිත්තියේ මැටියෙන් අඹා තීබූ අවුරුදු 4500ක් පමණ පරණ ගුවන්යානා 4ක් විය. ඒවා මගී ගුවන් යානය, හෙලිකොප්ටරය, ප්‍රහාරක ජෙට්යානය හා තවත් යානාවක් වශයෙන් වීම.

* · 1994 - ක්‍රි.පු. 4වන සියවසේදී ග්‍රීක් ජාතික ප්ලෙටෝ විසින් වාර්තාකරන ලද අත්ලාන්තිස් පුරවරය හා රාමයණයේ එන හනුමා දුටු ලංකාපුරය යනු එකම ස්ථානය පිළිබදව දෙදෙනෙකුගේ වාර්තා 2ක් බව හෙලිවීය. එය අත්ලාන්තික් සාගරයේ තිබී මුහුදට ගිළුන ගොඩබිමක් නොවේ

* · 1998- ඇමැරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉරාකයේ කල කැනීම් වලදී පුරාණ බැබිලෝනියානු ශිෂ්ඨාචාරයට අයත් මැටි පුවරු රාශියක් සොයාගන්නා ලදි. ගුවන් යානා වලින් පැමිණි සිංහ මිනිසුන්(හෙළයන්) කියා දුන් පරිදි එම ශිෂ්ඨාචාරය ගොඩනැන්වු බව ඒවායේ කියැවිණි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය දැනට ලොව පැරණිතම ශිෂ්ඨාචාරය ලෙස පිළිගන්නා අතර එය වසර 5500ක් හෝ ඊට වඩා පැරණි බව සැලැකේ.

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/05/ancient-nuclear-warfare-made-by-sri.html




මතු වූ නව හෙළ ඉතිහාසය 1

මතු වූ නව හෙළ ඉතිහාසය 1

1

විසිවැනි සියවස ඇරඹීමත් සමගම, පාසල් සිසුන්ට මාරි මියුසියස් මැතිනිය හෙවත් සුදු අම්මා විසින් ලියා තිබූ ඉතිහාස කතන්දර තව දුරටත් වැඩි දියූණුකර කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය නැමති පොත ලියලා තියෙනවා. ඒ සමයේ සිටි ලාංකීය ඉතිහාසඥයන් හෝ ගත්කතුවරයන් විසින් මෙයට ප්‍රතිවිරුද්ධව යමක් නොකල නිසා හෝ ඒ ඉතිහාසය පාසල් පෙළ පොත් වල හා පුවත් පත්, සගරා ආදියේ පළ වීම නිසාමද කොහොද, කොඩ්රිංටන් විසින් ලියලා තියෙන ඉතිහාසය අදටත් ලංකාවේ සබෑ ඉතිහාසය ලෙස පිළිගන්නවා.

ලංකාවේ පහල වුණ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යඥයා විදියට සැලැකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් පවා හිතා මතා හෝ ඉංග්‍රිසි බලපෑම මත සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් තිබියදීම, කොඩ්රිංටන්ගේ මතය තහවුරුකරමින්ම සෙල්ලිපි සාක්ෂි සොයාගැනීමත් නිසාම ඒය සාක්ෂිවලිනුත් සන්නද වෙලා තිබීමත් සබෑ ඉතිහාසය මතුනොවිමට හේතුවක් විදියට දක්වන්න පුළුවන්. ආරම්භයේ ලංකා විශ්වවිද්‍යාලය නොහොත් අද පෙරාදෙ
ණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විශයද මෙම කරණුවලින්ම සමන්විත වීම නිසාම, කොඩ්රිංටන්-පරණවිතාරණ ගුරුකුලයක් පරම්පරා දෙකක් දක්වාම පැතිරෙන්න හේතුවෙලා තියෙනවා. ඉන් බැහැරට සදහන් වන මත මේ ගුරුකුලයේ පුරාවිද්‍යඥයන් පිළිගන්නෙ නැහැ. ඒ කියන්නේ අපේ මතය පිළිනොගන්නා පුරාවිද්‍යාඥයන් වැඩියි.

කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම “හෙළබස මතය“ එළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ
ආරම්භය ලෙස පෙන්වා දුන්නද, පාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ “හෙළ හවුල“ටම සීමා වීම සිදුවෙලා තියෙනවා

භාෂාවෙන් පමණක් නොනැවතුන කුමාරතුංගයන් අනුරාධපුර යුග
යට පෙර හෙළ නැමැති යුගයක් තිබුණ බවටද තරක කරලා තියෙනවා. ඒ වගේම රාජාවලියේ තොරතුරු උපයෝගිකරගෙන මේ කරුණු සනාථ කිරීමටත් එතුමා සමත් වෙලා තියෙනවා. නමුත් රාජාවලියේ සදහන් සමහර තොරතුරු ලංකාවේ වූණා යැයි සැලකීමට අමාරු නිසා “මහාසම්මත මනු“ රජුගෙන් ලංකා රාජවලිය ඇරඹීම ඉන්දියාවේ සිදුවුණා යැයි සලකලා තියෙනවා.

මේ කාලයේදී අවසනාවන්ත ලෙසට හෙළ බසට සමාජය තුල තදබල විවේචන හා දරුණු ප්‍රහාර එල්ල වනට පටන්ගෙන තියෙනවා. පුවත් පත් ආදියෙන් මෙය දැඩිලෙස සිදුවෙලා තියෙන අතරම හෙළබස පිළිගන්නන් මිත්‍යාවක් පසුපස හබායන උංමත්තකයන් පිරිසක් විදියට හංවඩුගැසීම සිදුකරලා තියෙනවා. ඇ ආකාරයේ යෙදුම් බහුල වීම නිසාම හෙළ බස පාවිච්චි කර
න්නන් කට ඇදයන් ලෙසත්, හෙළ බස කතා කිරීමෙන් කට උළුක්කු වනවායි පැවසීම ඒ දවස්වල පුවත්පත් හා සගරා මගින් වැඩිපුර සිදුවීම ආදීය නිසාම 1925 දී ඇරඹුන හෙළ හවුල 1955 පමණ වන විට පිරිහි ගිහිල්ලා තියෙනවා.

මේ අතර කුමාරතුංගයන්ගේ මරණින් පසුව, කුමාරතුංගයන්ගේ ප්‍රබල අනුගාමිකයෙකු වූ වෙල්ලාල ජයමහ සූරීන් විසින් හෙළ ඉතිහාසය පිළිබදව කරුණු මතුකරලා තියෙනවා. 1970 හා 1980 දශකයන් වල අරිසෙන් අහුබුදු සූරීන් විසින් හෙළ ඉතිහාසය පිළීබද එම කරුණු ප්‍රබල ලෙස ඉදිරියට ගෙනැවිත් තියෙනවා.

ලංකාව තුල කාරණා මේසේ වෙද්දී 1970වෙන් පසු එක්සත් ජනපදය, ජර්මනිය, එංගලන්තය හා ඉන්දියානු මානව විද්‍යාඥයන් විසින් අසුර අධිරාජ්‍යක් ගැන කරුණු සොයා මතු කරලා තියෙනවා. අසුරයන් යනු හෙළයන් කේන්ද්‍ර කරගත් සංස්කෘතික අධිරාජ්‍යයක් බවත්, එය ලොව පහල වූ මුල්ම අධිරාජ්‍ය බවටත් කරුණු ඔවුන් විසින්ම සොයාගෙන තියෙනවා. අහම්බෙන් ආරම්භ වූ මෙම ක්‍රියාදාමය මේ වන විට සම්පූර්ණ වී ඇති ඉතිහාසයක් සහිත කියා දාමයක්.

පළමු සිදුවීම සිදුවූයේ 1944දී හිරෝෂිමා නගරයට පරමාණූ බොම්බ හෙලීමයි. ඒ සිදුවීමට සමාන සිදුවීමක් ක්‍රි.පු 5 වන සියවසේදී ලියැවුන මහා භාරතය නැමැති සංස්කෘත වීර කාව්‍යට අනුව මෙසේය.
එහි ඉංග්‍රිසි පර්වර්තනය හා ඒහි සිංහල පර්වර්තනය මෙසේය


Gurka, flying a swift and powerful vimana,
Hurled a single projectile,
Charged with the all powers of Universe,
An incandescent column of smoke and flame,
As bright as ten thousand suns,
Rose with all splendors

වේගවත් හා ජවසම්පන්න විමානයක නැගි
දමා ගසන ලද, ගුර්කාවෙන්
විශ්වයේ සියළු බලයන් කැටිකරගත්තා වූ,
තාප ශක්තියෙන්, දුමාරයෙන් හා අලෝකයෙන් සමන්විත වූ,
සූර්යන් 10000 ක මෙන් දීප්තියෙන් යුක්ත වූ,
ශක්තියෙන් දවා කරකරන්නෙය.

It was unknown weapon,
An iron thunderbolt,
A gigantic messenger of death,
Which reduced to ashes,
The entire race of the vrisnis and the Andhakas

ඒ වූ කලී නොදන්නා ආයූධයකි,
ශක්තිමත් අකුණුසැරක් වන් වූ,
අළු පමණක් ඉතිරිකරන
යෝධ මරණයේ පණිවිඩකරුවෙකි
වර්සනිස් හා අන්ධාක්ස් වර්ගයාටම

The crops were so burnet,
As to be unrecognizable,
Hair and nails fell out,
Pottery broke without apparent cause,
And the birds turn white.

අස්වනු දැවී ගියේය,
හදුනාගත නොහැකි අන්දමටම,
හිසකේ හ නිය ගැලවී වැටිණ,
අදෘෂ්‍යමානව මැටි බදුන් පුපුරා ගියේය.
කුරුල්ලන් පවා සුදුපැහයට හැරිණි

After few hours
All foodstuff were inflected,
… to escape from this fire
The soldiers threw themselves into streams,
And found that it was boiling

පැය කිහිපයකට පසු,
සියළු ආහාර ද්‍රව්‍ය විකෘතිවිය.
මේ ගිනි ජාලාවෙන් පලා යාමට,
සොල්දාදුවන් ඇළ දොලට පැන්නද
එම ජළය රත් වී නටන බව දැන ගත්හ.

මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.

It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/05/shall-we-find-our-real-history.html


මතු වූ නව හෙළ ඉතිහාසය 2

අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 6

1

මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පුත් මුඨසීව ක්‍රි.පු. 366 දී රාජ්‍යත්වයට පත්වෙනවා. මුඨසීව රජුගේ බාලම පුත්‍රයා වන අසේල රජ වන්නෙ ක්‍රි.පු. 214දී
. මේ අතර තියෙන කාල පරාසය වසර 152ක්. බුදුන් වහන්සේගේ සමයේ පවා මිනිසාගේ පරමායුෂ වුනේ අවුරුදු 120යි. අසේල රජු මරා එළාර රජවු අතර එළාර පරාජය කර දුටුගැමුණු රජු රජවන්නෙ පරම්පරා 5කට (මහානාග--යටාලතිස්ස--ගෝඨාභය- - කාවන්තිස්ස-- දුටුගැමුණු) පසුවයි. මෙය මහත් පුදුමයකි.


අද එතැන් සිට...
පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල 2ක් තිබිලා තියෙනවා. 1ක් තමයි එකක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ, අනික තිබිලා තියෙන්නෙ හෙළදිව කල්‍යාණියේ. මේ විශ්වවිද්‍යාලය නැගෙනහිර හැඩ ඔය මුවදොර අසල තිබූනා යැයි සලකනවා. ඒ යුගයේ ලංකාවේ වැව් ආශ්‍රිත ශිෂ්ඨාචාරයක් තිබිලා නැහැ. නාවික ආර්ථිකය තමයි රටේ ප්‍රධාන ආර්ථික ක්‍රමය වෙලා තියෙන්නෙ. මෙම තොරතුරු දැනටත් ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේ ආරක්ෂිතව තියෙනවාලු. තිස්ස රජුගේ කාලයේ(මහා තිස්ස -විහාර මහා දේවියගේ පියා) මුහුද ගොඩගලා ඇවිත් ගොඩබිම යට වුණ බව සදහන් වෙනවා.

ඒ කාලේ නම නොතිබුණාට ඒ ලංකාවට ගලපු පළමු සුනාමිය ගැන ලිඛිත සදහනයි. රජාවලියට අනුව මෙම මුහුද ගොඩගැලීමෙන් මුහුදු බඩ නගර ලක්ෂයක්, ධීවරගම් 970 මුතු ලැබෙන ගමි 470ක් ඇතුළුව ලංකා භුමියෙන් 11/12 ක් මුහුදට යට වු බව සදහන් වෙනවා. ඒ තොරතුරු වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාර තොරතුරු වලට අනුව ලංකාවේ නාවුක ශිෂ්ඨාචාරය අවසන් වී රට මැද වැව් ශීෂ්ඨාචාරය ආරම්භ වී ඇත්තෙ ඉන් පසුව බව සිතන්න පුළුවන්.
මෙම කරුණ මහා වංශයෙන්ද අපට සනාථ කර ගන්න පුළුවන්.

ඒ තමයි මහා වංශය හා අනිකුත් වංශා කතා වල වැව් ගැන හා කෘෂිකර්මය ගැන සදහන් වෙන්නෙ දුටුගැමුණු රජසමයෙන් ඔබ්බට වීමයි. ඒ අනුව ලංකාවට සුනාමියක් ආපු බවත් එයින් ලංකා ආර්ථීකය මුළුමනින්ම බිද වැටුන බවත් සලකන්න පුළුවන්.
මෙම විනාශයෙන් “මඩුකසලිය පුගියන“, “කාම්බෝජ පුගියන“ හා “අලිපවති පුගියන“ නැමති මහා නැව් සමාගම් විනාශ වෙලා තියෙනවා. වයඹ දිග ශ්‍රි ලංකාවේ සොයාගන්න ලද සෙල්ලිපි වල මඩුකසලිය පුගියන සමාගමේ නාවිකයන් හා කපිතාන් වරුන් පිළිබදව තොරතුරු සදහන් වී තියෙනවා. චීන වාර්තාවන්ට අනුව ඔවුන්ගේ වරායන්ට පැමිණි නැව් වලින් විශාලතම ඒවා හෙළදිවෙන් පැමිණී බව සදහන් වෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාරයේ අදටත් මෙම සාක්ෂි තියෙනවා.

බෞද්ධ සම්ප්‍රධායනුකූලව ගිය වංශකතා වලට අනුව නම් විජය කුමරු ලංකාවට පැමිනෙන්නෙ අහඹුවකින්. ඉන්දියානු සම්ප්‍රදායන්ට අනුව නම් විජය යනු ලංකාවට අධිපතිව සිටි රකුසන් මරා ආධිපත්‍ය(ඉන්දියානු) පැතිරවීමට ග්‍රහ බලයෙන් පැමිණී බවද සදහන් වෙනවා. විජයගේ මැරකම් හා අවීනීත කම් නිසා ඔහු හා අනුගැමිකයන් 700 පිටුවහල් කල බව මහා වංශය හා අනිකුත් වංශකතා කීවද රාජාවලියේ ඇත්තෙ වෙනමම කතාවකි.
ඒ තමයි, සිංහබාහුට දාව සිංහ සීවලී ලැබූ දරවන් 32 දෙනා අතරින් වැඩිමහල් දරුවා වූ විජය ඉපදිලා තියෙන්නෙ මුවසිරස නැකැතෙන්. ඔහුගේ වසනාවට ඒ සමග තවත් කුමාරවරු 700ක් ඉපදිලා තියෙනවා.

ඊට හේතුව නම් බ්‍රහස්පතින්දා දිනයක බ්‍රහස්පති රාශිය ක්ෂිතිජයෙන් උඩට නැගෙද්දී සූර්යා මීන රාශීයේ සිටි නිසා ලංකාද්වීපයේ සිටි රාකුසන් හා යකුන් වනසා ආධිපත්‍ය පැතිරවීමට තරම් උපත්ති ග්‍රහ බලයක් විජයට පිහිටීමයි.
මෙම කතාවේද ඇත්තේ විශ්ණුගේ දස අවතාර ඇතුලින් නරසිංහ, වාමනක හා රාම අවතාර තුලින් හිරන් කසුබ්, බලි හා රාවණ රජු පරාජය වැනි හින්දු කතා සෙවැනැල්ලකි. වෛශනවවාදීන්ගේ පරම සතුරන් වූයේ රකුසන්ය. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර යකුන් දමනය කරා යැයි සදහන් වන්නෙද ඒ හින්දු බලපෑම මතයි කියලාම සිතන්න පුළුවන්. මොකද බුදුන් වහන්සේද විශ්ණු අවතාරයක් බව හින්දු ධර්මයේ සදහන් වීම නිසා. ගුවන් යානා හා අජඨාකාශ යානා මගින් සක්වල තරණය කල අය පවා ගල් ලෙන් වල වාසය කල බවක් පෙනේ.

මේ ඇයිදැයි සිතාගැනීම අමාරුය. මෙම යුගයට අයත් ගොඩනැගිලි හෝ පුරාවිද්‍යාඥයන්ට සොයාගැනීමට හැකි වී නැත. හෙළ බසින් තිබූ පොත පත පාළියට පර්වර්තනය කල පසු විනාශ කලාක් මෙන් හෙළ යුගයේ ගොඩනැගිලිවලටද කලායි කිව නොහැක. කුමාරදාස රජු විසින් ලියූ ජානකී හරණය තිබියෙදී ඒ යුගයේ තිබූ හෙළ කෘතින් කිසිවක් ඉතිරිව නැත. නමුත් හෙළ යුගයේ ලියූ කෘති හතරක් ඉතිරිව තිබේ.( සිඛවළද, විනිස, සියබස්ලකර හා දම්පිය අටුවා ගැටපදය) පුරා විද්‍යාවට අනුව හෙළ ගොඩනැගිලි කිසිවක් ඉතිරිව නොතිබුනද, 1982දී සොයාගත් මාදුරු ඔය අමුණේ සොරොව්වද, වෙස්සගිරියේ ඇති Star Gate යනුවෙන් හදුන්වනු ලැබූ ගලක කෙටූ ලේඛනයද, 1818දී බ්‍රවුන්රිග්ගේ අණට අනුව පුපුරවා දමන ලද කුඹුක්කන් ඔයේ අමුණද, ලාහුගල අසල හැඩඔයේ ඇති ඉන්කා ශිෂ්ඨාචාරයේ අමුණකට සමාන ගල් අමුණු බැම්මද විජයාගමනයට පෙර නිර්මාණයන්ය.

කතරගම මහසෙන් දේවාලයේ ගල්කණුද අනුරාධපුර යුගයට පෙර ස්වරූපයකින් යුක්ත වෙනවා.
මේ හැරෙන්න සීගිරයේ අපස්රාවන්ගේ චිත්‍රවලට යටින් ඊට සියවස් කීපයක් හෝ අවුරුදු දහස්ගණනක් පැරණි චිත්‍ර මතුවෙලා තියෙනවා. අනුරාධපුරයේ ඇති රන්මසු උයන හා මල්වතු ඔය හරහා ඇති ගල් පාලමද අනුරාධපුර යුගයට පෙර යැයි පැවැසිය හැකි සාධක තියෙනවා. ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History ) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල(ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්.

ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා.

එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා ඒම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.
සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියැනෙවානේ.

මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර - සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

උපුටා ගැනීම -
http://seuslsla.blogspot.com/2011/04/bigest-navy-campusof-old-world-was-sri.html



අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 5

1

බෞද්ධ සාහිත්‍යට අනුව ද පරුමක හා සතා
ගිර යන් යක් සෙන්පතිවරුය. ඒ අනුව ඔවුන් යක්ෂයන් නොව පාලකයන් බවට පැහැදිලිය. අද එතැන් සිට රාවණ රජුගේ පරම්පාරවද ඉතා දිගටම හදුනාගන්න පුළුවන්. රාවණගේ පියා වූ විශ්‍රවස් මුණි හා සීයා වූ පුලස්ති ඍෂිවරයාද(පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති පිළිමය පුලස්ති ඍෂීවරයාගේ යැයි සැලකේ) පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් ද, මුණුපුරා වූ අගියද, මී මුණූපුරන් වූ තෙකදශ හා තිමීර ද තිමීරගේ පරම්පරාවේ සිට කූවේණී හා වීරබාහු දක්වාද පරම්පරාවන් රැසක් සෙල්ලිපි ඇසුරින් ගොඩනැගිය හැක. රාමයනයේ සදහන් ශෝභීලී නැමති රාවණගේ දියණියක් පිළිබදවද සෙල්ලිපි ඇසුරින් සනාථ කරන්න පුළුවන්.

බුදුන් වහන්සේ විසින් ජල යත්‍රාවක වැඩ හිදිමි
න් ධර්මය දේශනා කරමින් වඩින ආකරයේ චිත්‍රයක් පොළොන්නරුවේ තිවංක ගෙයි සටහන්ව තියෙනවා. මහියංගනයටම බුදුන් වහන්සේ නැවකින් වැඩම කලායැයි අපට සිතන්නත් පුළුවන්. මහාවංශයට අනුව පයාග නැමති වරායෙන් තමයි බුදුන් වහන්සේ නැව් නැගලා තියෙන්නෙ. මහියංගනය සමීපයේ ඇති ගෝතම ඇල මේ මාර්ගය වෙන්නත් ඇති. බ්‍රිතාන්‍ය යුගයේ මිනින්දොරුවන් විසින් ගෝමතී යන නම භාවිතා කරපු හින්දාම පරණ නම අභාවයට ගිහිල්ල තියෙනවා. පනීත රජුගේ නම සදහන් කරමින් සෙල්ලිපි 6ක් ලංකාවේ දක්නට තියෙනවා. ඒ සෙල්ලිපි වලට අනුව සුමන(සමන්) පනීත රජුගේ අය කැමි ලෙස හිද පසුව රජුගේ භාණ්ඩාගාරීක ලෙස පත්වූ බව ඒ සෙල්ලිපි වලින් පැහැදිලි කරගන්න පුළුවන්.

කෝඩ්රිංටන්ගේ වංශ කතා අනුව ලංකා ඉතිහාසය බලවත්ම අර්බුදයකට මුහුණ දෙන්නෙ විජය රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා
කාලය නිර්ණය කිරීමේදී තමයි. ඒකට ලොකුම හේතුව තමයි විජයාගමනයට පෙර ලංකාවේ ශිෂ්ඨාචාර නැතිබවක් මතු කීරීමට උත්සහ කිරීමයි. මේ අර්බුදය මතුකරන්නෙ ලංකාවේ විසිරී පැතිරී තියෙන සෙල්ලිපි වලින්. ඒ නිසා අපිට තිරණය කල යුතුයි බුද්ධ කාලයෙන් වර්ෂ 850කට පසුව ලියැවුණ මහා වංශයද, සම කාලීනව ලියැවුණ සෙල්ලිපිවලද විශ්වාශනීයත්වයද වැඩි කියලා. ලංකා ශිලා ලිපි සංග්‍රහයේ අංක IC 549 දරණ බෝවත්තෙ ගල සෙල්ලිපියේ මෙහෙම සදහන් වෙනවා. “සුමනගේ පුත් දසබෑයන් අතුරින් වැඩිමහල් පුත්‍රයා දමරජ වේ. දමරජගේ පුත් මහා තිස විසින් කරවන ලද මෙම මහාසුදස්සන නම් ලෙන මහා සංඝයා වහන්සේලාට දන් දුනි. අංක IC 556 දරණ සෙල්ලිපියට අනුව “දමරජ පුත් මහාතිස අයගේ දියණි අබිසවෙර(විහාර මහා දේවී) එමෙන්ම ගෝඨාභයගේ පුත් තිස අයගේ බිරිද අබි සවෙර විසින් මෙම දානය(ලෙණ) සංඝයාට දුනි“. මෙමගින් විහාර මහා දේවියගේ හා කාවන්තිස්ස රජුගේ පෙළපත පැහැදිලිව හදුනාගන්න පුළුවන්. මෙම සෙල්ලිපි දෙකත් මහා වංශයත් බැලුවාම ලොකු වෙනසක් තියෙනවා. විහාර මහා දේවියත්, කාවන්තිස්ස රජතුමාත් බුදුන් වැඩියාට පසු ඇතිවූ පරම්පරාට අයත් වෙනවා. සුමන හා දමරජ යන දෙදනාම බුදුන් දැකපු අයයි. විහාර මහා දේවිගේ පියා වන මහාතිස(කැළණිතිස්ස) රජු බුදුන් දැක්කාද කියලා අපිට හරියටම තහවුරුකරගන්න අමාරුයි. මහා වංශයේ සදහන් වන ආකාරයට නම් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වී මාස නවයකින් පළමුවන වරටද, වසර අටකින් දෙවැනි වරටද, අවසන් වරට අටවැනි වසරේද ලංකාවට වැඩම කර තිස්හත් අවුරුද්දකට පසුව පිරිණිවන් පෑ සේක. මේ නිසා මහාතිස් රජුද පරිනිර්වානයට පෙර රජකලායි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.

ඒ වුනත් බුද්ධ පරිනිර්වානයේ සිට දුටුගැමුණු රජුගේ කාලය දක්වා ගත වන කාලය මහා වංශයට අනුව අවුරුදු 383ක් වෙනවා. විහාර මහා දේවිය මුහුදට බිලිදෙන විට ඇය විවාහයට සුදුසු වයසට එළැඹ සිටින්න ඇති. ඒ නිසා වෙන් තමයි කාවන්තිස්ස රජතුමා ඇය තම බිසව ලෙස සරණ පාව ගන්නට ඇත්තෙ. මේ කරුණුත් එක්ක ගත්තමා විහාර මහා දේවිය බුද්ධ පරිනිර්වානයට පෙර ඉපදුනායැයි කියලා හිතන්න පුළුවන්.
මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පුත් මුඨසීව ක්‍රි.පු. 366 දී රාජ්‍යත්වයට පත්වෙනවා. මුඨසීව රජුගේ බාලම පුත්‍රයා වන අසේල රජ වන්නෙ ක්‍රි.පු. 214දී. මේ අතර තියෙන කාල පරාසය වසර 152ක්. බුදුන් වහන්සේගේ සමයේ පවා මිනිසාගේ පරමායුෂ වුනේ අවුරුදු 120යි. අසේල රජු මරා එළාර රජවු අතර එළාර පරාජය කර දුටුගැමුණු රජු රජවන්නෙ පරම්පරා 5කට (මහානාග--යටාලතිස්ස--ගෝඨාභය- - කාවන්තිස්ස-- දුටුගැමුණු) පසුවයි. මෙය මහත් පුදුමයකි.


උපුටා ගැනීම -
http://seuslsla.blogspot.com/2011/03/5.html




අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 4

0

ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.තෙවන වෙළුම
පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්...
අද එතැන් සිට....

අපි කවුරුත් දන්න දෙයක් තමයි ලංකාව ඉස්සෙලාම එක්සේසත් කලේ දුටුගැමුණු රජතුමා කියලා. එතුමා ඒ සටන පටන් ගත්තෙ “මගේ මේ ව්‍යායාමය, හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය“ යන සටන් පාඨය මුල්කරගෙනයි. ඊට හේතුව තමයි ඒ වන විට බුදුදහම සිංහලයන් සියල්ලම පාහේ තම ආගම බවට පත්කරගෙන තිබීමයි. ඒ වගේම අපිට එතැනින් වටහා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙරට පාලක පන්තිය දක්වා පුළුල් වුණා කියන එක. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලංකාව තුල ඒ තත්වය ලැබුනේ, ඒ වන විට පාලක පක්ෂයව සිටි දේවයන්, බුදුන් ලංකාවට වැඩම කොට ධර්මය දේශනා කල අවස්ථාවේ දේව අධ්‍යාපනයේ ප්‍රධානියාව සිටි (ශක්‍ර) සුමන(සමන්) සෝවාන් වී එම කාර්්‍යන් අත්හල නිසා වෙන්න ඇති. මහා වංශයට අනුව ලංකාවේ දේව වංශය ගැන හෝ දේව අධ්‍යාපනය ගැන හෝ දේව පාලනයක් ගැන සදහනක් නැහැ.

සිංහලයන්ගේ පාලක පන්තිය වුනේ භික්ෂුන් වහන්සේලා. නමුත් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානියා, නැතිනම් පාලක පන්තියේ ප්‍රධානියා වුනේ ගිහියෙක් වුන රජුයි. තමන්ගේ යූද්ධයට සහයෝගය ලබාගනු පිණිස දුටුගැමුණූ රජතුමා ඉහත ප්‍රකාශය කලායැයි අපට උපකල්පනය කරන්නත් පුළුවන්. දේව පාලන යුගයේ දේවයන්ගේ කාර්තව්‍ය වූ අධ්‍යාපනය, විනිශ්චය හා යුද්ධය(ආරක්ෂාව) යන තුනෙන් දෙකක්ම පසුකලෙක පැවරුණෙ භික්ෂුන් වහන්සේලාටයි. තුන් වැනි දේව කාරීය වූ ආරක්ෂාව සැපැයීම පමණක් රජුට පැවරුණි. ඒ නිසාම පළමු කාරණා දෙක ඉටුකල භික්ෂූවද, තුන්වැනි කාරණය ඉටුකල රජුද සෑම විටකම එක පාර්ශවයක් විදිහට පෙනි ඉන්න ඇති.

ඉතිහාසය පුරාම දුටුගැමුණු රජුගේ ඉදන් ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කාලය දක්වාම භීක්ෂුන් වහන්සේලා විසින් රජු හැසිරවීම ලක් ඉතිහාසයේ සුවිශේෂී කාරණයක් විදියට සලකන්න පුළුවන්.

විජයාගමනයෙන් ලංකාව තුල ජනාවාස වූවා නම් වැව යන සංකල්පය ඉන්දියාවෙන් ලැබුණ වාරීමාර්ග ක්‍රමයක් වෙන්න ඕනේ නේ. ඒ වුනත් ඉන්දියාවේ හෝ වෙනත් රටක වැව් දක්නට නැහැ. වැව් හා බැදුන ශිෂ්ඨාචාර නැහැ. දකුණු ආසියාවේ සෑම රටකම පාහේ කෘෂි කර්මාණ්තය සදහා ජලය ලබාගෙන ඇත්තෙ ගංගා හරස් කරලා බැදපු අමුණු වලින්.

වැව යනු වාරිමාර්ග ක්‍රමයක් විතරක් නෙවෙයි. වැව හා බැදුන ශිෂ්ඨාචාරයකුත් ඒ එක්කම තිබුණා. ඒ වගේම ලංකාවේ උස්බිම් ගොවිතැනුත් තිබුණා. ඒ කියන්නෙ හේන. හේනයි වැවයි කියන්නේ සිංහල ලකුණක්. ඒවා ඉන්දියාවෙන්වත් කොහෙන්වත් ආපුවා නෙවෙයි. ඒවා අපේම උරුමයන්. ගම බිහිවුනේ ඒ සලකුණු මතින්. මෙම ලක්ෂණ ඉන්දියාවේ නැති නිසා විජයාගමනයෙන් පසුව ලංකාවේ ජනාවාස බිහිවීම පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

විජය යනු සිංහබාහුගේ පුත්‍රයා බවත්, සිංහබාහු විසින් සිංහලා ලාණය කල නිසාත් , විජය විසින් ඇති කල ජාතිය සිංහල බව මහාවංශය සදහන් කරනවා. සිංහයෙකුට දාව සුප්පාදේවිය විසින් ලද දරුවන් දෙදෙනා වූ සිංහබාහු හා සිංහ සීවලීට විජය හා ඔහුගේ සහෝදරයන් 31 දෙනා පැවත එන බවත්, විජයගේ වංශය සිංහල බවත් වංශකථා පැවසුවත් එය පිළිගැනීමට අපහසුයිනේ. දරුවන් 32 දෙනෙක් ලැබීමට එක කාන්තාවකට හැකිද? එය වුවත් තිරිසනෙකුට දාව මිනිස් දුවකට දරුවන් ලද හැකිද? වෙන්න බැරි දෙයක්නේ. ඒ නිසා සිංහ සීවලීගේ හා සිංහබාහුගේ කතාව මිත්‍යාවකි. ඒ වගේම කුවේණිය පිළිබදව මහා වංශයේ සදහන් පුවතතද මිත්‍යාවක් විදිහට සලකන්න පුළුවන්. තිරිසනුන් හා මනුෂ්‍ය දුවන් එක් වීමෙන් ලැබෙන දරුවන් යනු කතා සම්ප්‍රදායක් විතරයි. හරියට ග්‍රිසියේ මිනිසුන්ගේ යුරෝපා කුමරිය හා මිනටෝන ගවයා ගැන ප්‍රවාදය වගේ.

බුදුන් වහන්සේ මහියංගනයට පැමිණ ධර්මය දේශනා කලේ මිනිසුන්ටය. මොකද අමනුෂ්‍යයන්ට ධර්මය වැටහෙනවා කියලා විශ්වාස කරන්න බැහැ. සතාගිර , හේමවත හා පුර්ණක යන යක්ෂ සේනාපතියන් දෙව්රම් වෙහෙරට පැමිණ බණ ඇසූ බව බෞද්ධ සාහිත්‍යෙය් තියෙනවා. ඔවුන් දෙව්රම් වෙහෙරට අහසින් පැමිණි බවත් කියන නිසාම හෙළයන්ගේ දඩුමොණරය වැනි අහස් යනා තිබූ බවත් තහවුරු කරගන්න පුළුවන්. මෙම සේනාධිපති වරුන් දේව පාලකයන් බවත් දෙව පාලකයන් අහස් යානා ගමන් සදහා යොදාගත් බවත් හිතන්න පුළුවන්. යක්,රකුස්, නා හා අසුර යන් සිව් හෙළයන් එක් වී සිංහලයන් හැදුනා කියන එකත් පිළිගන්න බැහැ. මොකද අසුර කියන්නෙ හෙළ අධිරාජ්‍ය යයේ නම. ප්ලෝටෝ විසින් ලියපු අත්ලාන්තිස් පුරවර විස්තරයෙත් අසුර යන නාමය අස්වින් යන උරුවට සදහන් කරලා තියෙනවා. ඒ නිසා අසුර කියන්නෙ වෙනම මිනිස් වර්ගයක් නොව පොදුවේ හෙළ ජාතියේ නමයි. හරියට ශ්‍රි ලාංකීය වගේයි.

යක් යන්නෙන් යකඩ සංකේතවත් කර යක් යනු කර්මාන්ත කරුවන් බවත් වන්නිහාමී ගුරුන්නාසේ ලියපු පුස්කොල පොතක සදහන්වෙලා තියෙනවාලු. මෙම යක් නාමය සංසකෘත භාෂවට පෙරලෙන විට යක්ෂ වී ඔවුන් අමනුෂ්‍ය ගනයට වැටිලා තියෙනවා. ඒ වගේම කුස රැකීමට ගොවිතැන් කල අය රකු+කුස් = රකුස් වෙලා එයත් සංස්කෘත වලට පර්වර්තනය වෙන විට රාකෂ්‍ය වී ඔවුන්වත් අමනුෂ්‍ය ගනයට වැටිලා තියෙනවා.

ලංකා ශිලා ලිපි සංග්‍රහයට 1ට අනුව අංක 9 දරණ මිහින්තලයේ ලිපියේ වෙසමුණි ගැන සදහන් වෙලා තියෙනවා. සමහර විට ඔයාලත් අහල ඇති මේ වෙසමුණි ගැන. තොවිල්, මැතිරිලි වලදී මේ වෙසමුණි නම් යක් රජු ගැන කියැවෙනවා. වෙසමුණි කියන්නෙ රාවණගේ පියා වු විශ්‍රවස් මුණි වෙන්නත් පුළුවන්. සෙල්ලිපියට අනුව වෙසමුණිගේ පුත් බරණීගේ ලෙන සංඝයා වහන්සේලාට දීම ගැන සදහන් වෙනවා. අංක 671 දරණ අම්පාර ගෝනගල ලිපියෙන් නැවතත් පරුමක සතාගිර හා බත කශපගේ ලෙන පිළිබදව හැදින්වේ. බෞද්ධ සාහිත්‍යට අනුව ද පරුමක හා සතාගිර යන් යක් සෙන්පතිවරුය. ඒ අනුව ඔවුන් යක්ෂයන් නොව පාලකයන් බවට පැහැදිලිය

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/03/4.html

අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 3

0

ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.
අද එතැන්
සිට....


ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්
ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.

ඉතිරි කොටසට මෙතනින් යන්න
මහා වංශය යනු රාජ වංශය නොව බුද්ධ වංශය බව වංශකතා කියැවීමේ දී වටහා ගන්න පුළුවන්. ඒ කියන්නෙ බුද්ධ වංශය පැවසීම හා බුද්ධ ශාසනයට අනුග්‍රහය දැක්වූ රජවරු වර්ණනා කිරීම මෙහි අරමුණ වුණා කියලා වට
හාගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමරු(බෝසතුන්)ගේ ඥාතීත්වයක් ඇති විජය කුමරුගෙන් ලංකාව ජනාවස වූවද විජයට දරුවන් නොමැති වීම නිසා විජය රජුගෙන් පරම්පරාවක් බිහිවුයේ නැහැ. ලංකා රජ පරපුර නැවතත් සිද්ධාර්ථ කුමරුන්ගේ ඥාතීත්වය හා සම්බන්ධ වන්නෙ ශාක්‍ය රජෙක් වන අමිතෝදන රජතුමාගේ මිණිබිරියක් වන භද්දකච්චායනා කුමරීය පඩුවස්දෙව් රජු හා විවාහ වීම නිසාය.

විජය කුමරුන් ලංකාවට ගොඩබසින විට හමු වූ කූවේණිය( පාළි - කූ+ වණ්ණා = කළුවන් ශරීරයක් ඇත්තී) නමින් ලීලාවතී වූවාය. ඇය යකින්නක් නොවූවාය. ඇය මනුෂ්‍ය දුවකි. ඇය විජයට දාව මනුෂ්‍ය දරුවන් බිහිකලාය. මහා වංශයට අනුව ඒ ජීවහත්ත හා දිසාලාය. යකින්නක් නම් මනුෂ්‍යෙයක්ට දාව දරුවන් බිහිකල නොහැක. අඩක් මනුෂ්‍ය අ
ඩක් යක්ෂ සත්වයන් ලොව පැවැතිය නොහැක. නමුත් වංශකතා වලට අනුව කුවේණි හා විජයගෙන් අඩක් මනුෂ්‍ය හා අඩක් යක්ෂ පරම්පරාවක් බිහිවිය. ඔවුන් පූලින්දයන් නම් විය. පුලින්දයන් යනු වර්තමාන වැදි පරපුර බව මහාචාර්ය සෙනරත් පරණවිතාරණ පවසයි. නමුත් ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් සෙල්ලිපියෙන් තමා ඉන්දියාවට දකුණුදිග සාගරය ඔබ්බේ වූ පුලින්ද හා සබර යන යන මිනිස් කොට්ටාශ දෙක යටත් කල බව දැක්වේ. මේ අනුව යකින්නකින් මිනිස් පරපුරක් පැවැතිය නොහැකි බව පරණවිතාරනයන්ට හා නූතන ඉතිහාසඥයින්ට අමතක වූ බවක් තමයි පෙනෙන්නෙ. නමුත් ලංකාවේම පවතින සෙල්ලිපිවලට අනුව කුවේණි යනු රජ කුමරියෙකි.

ඇය බිම්බා රජුගේ දියණියයි. මරගන නගරය හා වරාය පාලනය කල අල්ලිරාණි කුමරිය ඇගේ ඥාති සොයුරියයි. ඇය කුම්බා(කුවේර) රජුගේ දියැණිය බව පැහැදිලිය. බෝධි වංශයට අනුව කුවේණිගේ පුතා වීරබාහු කුමරුය.
විල්බා ජනපදය(කුරුණැගල දිස්ත්‍රික්කයේ) ඔහු විසින් පාලනය කල බව සදහන් වේ. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ත යනු ප්‍රාණවත් අතයි. මෙම නම් දෙකේ සමානත්වය නිසා බෝධීවංශයේ ප්‍රවෘත්තිය සත්‍යයැයි පළිගන්න පුළුවන්. එය නිවැරැදි මිනිස් පරම්පරාවක් ගැන ප්‍රකාශ කරයි. මොකද, යක්ෂයන්ට පරම්පරාවක් තියෙන්න පළුවන් කමක් නැති නිසා.


කුවේණි කුමරියගේ පරපුර

විජයගෙන් පසු ලක්දිව රජ්‍යත්වයට පත් පඩුවස්දෙවි කුමරුන්ට වැළැදුන දිවි දෝශය සුවකරන ලද්දෙ ඉන්දියාවෙන් පැමිණි යකැදුරන් විසින් කල කොහාඹා කංකාරිය නැමැති යාගයෙනි. අදටත් මේ කොහෝඹාකංකාරීය නැමැති යාගය නැටුමක් ලෙස ශේෂ වී ඇති බව දැකගන්නට පුළුවන්. එය රජුට වැළදුන රෝගයක් නොවැ සතුරු බියක් යැයි සිතිය හැක. මන්ද ඉන්දියාවෙන් පැමිණි රජුට ස්වදේශිකයන්ගෙන් සතුරු ප්‍රහාරයක් ඇති වීමේ අවදානමක් තිබෙන්නට ඇත. තවද පඩුවස්දෙව් කුමරු ලක්දිවට පැමිණ ඇත්තෙද පරිභ්‍රාජිකයෙක් ලෙස වෙස්වලාගෙන ඒ වගේම පඩුවස්දෙව් රජුට සරණපාවගැනීමට ගෙන්වූ භද්දකච්චායනා කුමරිය ලංකාවට පැමිණ ඇත්තේද භික්ෂූණීයක් ලෙස වෙස්වලාගෙනයි.

මෙම කරුණවලින්ද ලංකාවේ රාජ්‍යත්වය පැහැරගැනීමට හෙලයන්ගේ තිබූ ඇකැමැත්ත මැනවින් ඔප්පුවෙනවා.නමුත් විහාර මහා දේවිය නැවක නන්වා මුහුදට පාකිරීමේදී ඇය කවුද යන්න යාත්‍රාවේ සදහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ වන විට සතුරුබියක් නොතිබූ බවයි.
උන්මාද චිත්‍රා කතාවට අනුව ඇය ලද පුත්‍රයා, ඇයගේ මවගේ සහෝදරයා වූ දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණි යැයි මහාවංශයේ සඳහන් වීම ඇත්තක්මද කියලා අපිට හිතන්න වෙනවා. මොකද චිත්‍රා කුමරිය රදවා තිබූ එක්ටැම්ගෙයට යාමට හැකිව තිබූ විවරය තිබුනේ පඬුවස්දෙව් රජ‍ුගේ සිරියහන් ගබඩාවෙන් පමණයි. ජනප්‍රවාදයේ එන තොරතුරු වලට අනුව එහි යාමට අවසර තිබුණේ චිත්‍රරාජ හා කාළවේල යන යක් සේවකයන්ට පමණයි. දීඝායු විසින් ගොඩනැගුවායැයි සැලකෙන දිඝාමඩුල්ල විජය කුමරු ලංකාවට පැමිණෙන විටදී පවා ජනාවාස වී තිබූ බව පැහැදිලිය.

එබැවින් දිඝාමඩුල්ල දීඝායු කුමරු විසින් ගොඩනඟන ලද්දක් යැයි පිළිගැනීමට අපහසුය. චිත්‍රා කුමරියගේ පුත් පණ්‍ඩුකාභය කුමරු අනුරාධපුර රජ වූ පසු චිත්‍රරාජ සමඟ සම අසුනේ හිද ප්‍රීති උත්සව නැරඹීමද, අභය වැව සමීපයේ පදිංචි කරවීමද සුවීශේෂ සිද්ධීන් කියලා අපට හිතන්න පුළුවන් ඒ වගේම අපට අනුමාන කරන්න පුළුවන් පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්...


උපුටා ගැනීම -
http://seuslsla.blogspot.com/2011/03/3.html



අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 2

0

අපි අපේ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තෙ විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි කියන මතයෙනේ. අපේ ඉතිහාසය සොයා යන ගමනෙ අපි වගේම විජය ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි අපිට ඊටත් වඩා පැරණි, අපිටම අනන්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන, ඒ ගැන වාද විවාද, ගවේෂණ කරන තවත් විද්වතුන් පිරිසක් සිට්නවා කියලාත් දැන ගන්න ලැබුනා. ඒ අතරින් කෙනෙක් තමයි ආචාර්ය
සූරිය ගුණසේකර විද්වතා. එතුමාගේ ගවේෂණයන්ගේ, පරීක්ෂණ වල නිගමන අනුව ඒ මහාතා ඒ හා සම්බන්ධ කෘතියක් රචනා කරලා තියෙනවා ලංකා ඉතිහාසයේ හෙල යුගය කියලා.
අපි ඉතින් අපේ ගමනට එය මූලාශ්‍රයක් කර ගනිමු.
අද මාතෘකාව තමයි
ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.


ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කිවාම මොකක්ද මේ කියලා හිතෙනවා නේද...? සමහරක් අය හිතන්න පුළුවන් අපිට මොකටද ඉතිහාසය කියලාත්. ඒ වුණාට ඉතිහාසයක් නොමැතිව වර්තමානයක්, අනාගතයක් තියෙන්න බැහැ. අපි අපේ ඉතිහාසය දැන ගත යුතුමයි. යම් කිසිදෙයක් අපට පාසලේදි ඉගැන්වු නිසාවත්, පොත් පත් වල සදහන් වෙලා තිබුනා කියලාවත් ඒ ඇත්තයි කියලා අපට විශ්වාස කරන්න බැහැ. අපි එහෙම කල යුතුත්
නැහැ. බුදුදහමේ උගන්වන්නෙත් එහෙමනේ. ඒ නිසා අපි අපිට පිලිගතහැකි දේ පමණක් විශ්වාස කරනවා නම් තමයි හොද.
මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට

ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති “ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...!“ ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ “බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...!“ කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.


ලංකා ඉතිහාසය පෙල ගස්වලා මුලින්ම ලියලා තියෙන්නෙ 1912දි විතර. ඒ ලංකාවේ ටික කාලයක් පමණක් පදිංචි වෙල හිටපු ඉංග්‍රිසි ජාතික සිවිල් සේවකයෙක් වූ එච්. ඩබ්ලිව් කොඩ්රිංටන් කියන මහත්මයා. එයාටත් කලින් සුදු අම්මා නමින් හැදින්වුණ මාරි මියුසියස් හිගින්ස් නැමැති විදේශික කාන්තාව ළමුන් සදහා ලියපු ඓතිහාසික කතන්දර පොත් තමයි තිබිලා තියෙන්නෙ. මේ පොත් රාවණ, විජය, පණ්ඩුකාභය හා දුටුගැමුණු වැනි රජවරුන් වස්තුබීජ කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ. ඒ වුණාට කනගාටුවට කරුණ තමයි ලංකාවේ ස්වදේශිකයෝ කවුරුත් ඒ කාලේ ඒ ගැන උනන්දුවක් දක්වලා නැති එක.

බටහිර සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාවෙන් පැවැතුන තොරතුරු ඉතිහාසය ලෙස සලකලා නැහැ. මූලාශ්‍ර සහිතව ඒ තොරතුරු සනාථ වීම අවශ්‍ය කරලා පෙන්නුවොත් තමයි ඒවා සත්‍ය තොරතුරු විදියට පිළිගෙන තියෙන්නෙ. අපි කලින් කියපු සුදු අම්මාගේ කතාන්තර වලට මුල් වූ රජවරු අතරින් රාවණ රජතුමා ගැන ඇරෙන්න අනිකුත් රජවරු ගැන වංශකථා වල සදහන් වෙලා තියෙනවා.
මහා වංශය, දීප වංශය, ථුප වංශය, දළදා වංශය වැනි බෞද්ධ සාහිත්‍යමය කෘතිවලද, මහනුවර යුගයේ රචිත රාජාවලියේද පැරණි ඉතිහාස ගත කරුණු සදහන් වෙලා තියෙනවා. මේ අතරින් රාජාවලියේ ඇරෙන්න අනිකුත් කෘතිවල බෞද්ධාගමික ස්වරූපයක් තමයි තියෙන්නෙ.

අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.

මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.

සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් “ලංකා ඉතිහාසය“ නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.

නමුත් රාවණ රජතුමාගේ ප්‍රතිවාදියා වූ රාමකුමරු සිටි අයෝධ්‍යාව ඓතිහාසික පුරවරයක් නිසා රාමකුමරු ඓතිහාසික ලෙස ඉන්දියාවේ සිටි බව බටහිර ඉතිහාසඥයන් විසින් පිළිගෙන තියෙනවා. ඉන් පසුව ඉන්දියානුවන් විසින් නැවත රචනා කරන ලද්දා වූ ඉන්දියානූ ඉතිහාසයේ රාම අධිරාජ්‍යය ඔප් නන්වලා තියෙනවා. නමුත් ලංකාවේ නිදහසින් පසුවත් කොඩ්රිංටන් විසින් රචිත ඉතිහාසයම ඒ විදිහටම පිළිගෙන තියෙන හින්දාම ගොඩාක් ඉතිහාස කරුණු ලංකා ඉතිහාසයෙන් සැගව ගිහින් තියෙනවා.
මහා වංශයට අනුව දෙවනපෑතිස් රජුට ධර්මය කරුණූ විස්තර කිරීමේදී කකූසද, කෝණාගම බුදුන් සමයේද ලංකාව ජනාවාස වී තිබූ බව සදහන් වී තිබෙනවා. ඒ ඒ සමයන් හිදි ලංකාව ඔජදීප, වරදීප හා මණ්ඩදීප යන නමින් සදහන් වූ බවත් ඒ ඒ සමයන් හිදී අභය සමීඪ හා ජයන්ත යන රජන් සිටි බවද මහා වංශයේ සදහන් වෙනවා.

ඒ විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස ඇති වුණායැයි පැවසීමට පටැහැනි එක කරුණක්.
කකුසද බුදුන් වහන්සේගේ නම සදහන් සෙල්ලිපියක් පොල්පිතිගම අසල ඇති දාගම පිහිට ගල් ලෙනක තියෙන අතර එහි “... පරුමක කශබහ පුත පරුමක අභය ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුශද දිනදනේ...“ යනු සදහන් වන අතර ඉන් කියැවෙන්නෙ කකුසද බුදුන් වහන්සේ ලංකාවේ තම සාසනය පිහිටුවන අවස්ථාවේ දී “මහරී බෝධියෙන්“ ශාඛාවක් රැගෙන ලංකාවට අහසින් පැමිණියේ රූපනන්දා මෙහෙණියයි කියලා තමයි. ඒ වගේම වරකාපොළ අසල මබඩාවිට රජමහා විහාරයේ ඇති ලෙන් ලිපියක ගුවන්යානයක රූපයක හරහට “රූපනදශ ගගයනි තොමඩය“ කියලාත් සදහන් වෙනවා. ඉන් අදහස් වන්නෙ රූපනන්දා මෙහෙණිය බෝධි ශාඛාවක් රැගෙන ගුවන් යානාවක්න් පැමිණියා කියන එක වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ යම් යම් ස්ථාන වලින් කකුසද බුදුන්ට, කාශ්‍යප බුදුන් වහන්සේලා ගැන සදහන් සෙල්ලිපි හමුවෙලා තියෙනවා. මෙවැනි සාක්ෂිත් අනුව අපට හොදටම තහවුරු කර ගන්න පුළුවන් ලංකාව කියන්නේ විජය ගමනයට තියා විජය කුමාරයා ඉපදෙන්නත් අවුරුදු දහස් ගානකට කලින් ශිෂ්ඨාචාර වූ දිවයනක් කියලා.

ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් කොඩ්රිංටන් මහතා විසින් ලංකා ඉතිහාසය ලිවීමේදී කකුසද, කෝණාගම බුදුන් සමයේ ශීෂ්ඨාචාර පැවති බව මගහැරී හෝ නොසලකන ලද බව අපට හිතන්න පළුවන්.
ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.


උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/03/2.html



අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 1

1

අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?
කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?

මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ.
ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.

මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් හා නොබැඳුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදි ලංකාවේ තියෙනවා.

ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව ඉන්දියානු ආයුර්වේදය පවසනවා.
ඉතින් රාවණ රජුටත් කලින් ලංකාවේ රජවරු ඉන්න ඇතිනේ....
කැමතිද ඒ ඉතිහාසය සොයා යන්න. එසේ නම් අපි සොයා යමු ලංකාවේ සබෑ ඉතිහාසය...

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/01/blog-post.html








Tuesday, July 12, 2011

හෙළ අසුර අධිරාජ්‍යයේ රාවණ යුගය

1

මම කලින් ලිපියේ අන්තිමට සඳහන් කරලා තිබුණානේ තාරක, සුරපද්ම සහ සිංහමුඛ යන කුමාරවරු තුන්දෙනා රාජධානි තුනක් ගොඩනගාගෙන තම පාලන කටයුතු කරගෙන ගිය බව. මෙම කුමරුවන් අතරින් සුරපද්ම කුමරු යුද්ධයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට පත් වූ අතර ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නට පටන් ගෙන තිබේ. මෙහිදී නැවතත් ඉන්දියාව තුලින් විරුද්ධවාදියෙකු බිහිවන අතර ඉන්දු දේශයේ රජකම් කළ සිව රජුගේ පුත් කදිර කුමරු මෙම විරුද්ධවාදියා වේ. කදිර කුමරු ලක්දිවට පැමිණ සුරපද්ම කුමරු ව මරා දැමීය. මෙසේ සුරපද්ම ව පරාජය කර මරාදැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ ඔහු විසින් සිව රජුගේ තවත් පුත්‍රයෙකු වන ජයන්ත කුමරු ව බලෙන් පැහැරගෙන ඒමයි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන අන්දමට සිව රජු යනු ඉන්දියානු රජෙක් නොව ඉන්දු දේශයේ රජකම් කළ තවත් හෙළ රජෙක්.

සුරපද්ම කුමරුන් ව මරා දැමීමෙන් පසු කදිර කුමරු ලංකාවේ නතර වී "කදිරගම රාජධානිය" ඇරඹීය. වත්මන් කතරගම යනු මෙම රාජධානිය යි. මේ අතර කදිර කුමරු විසින් තමාටත් පහර දේ යයි සක සිතූ සිංහමුඛ කුමරු ලංකාපුරය හැරදමා පලාගියේය. මේ අනුව ලංකාපුරය අරාජික විය.

අරාජික වූ ලංකාපුරය නැවතත් අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රාවාස් මුනිවරයාගේ පුත්‍රයා වූ කුවේර විසිනි. කුවේර සතුව විශේෂ දඬුමොණර යන්ත්‍රයක් ද වූ අතර එය 'පුෂ්පක රථය' ලෙස හැඳින්විණි. මේ කාලය වන විට හෙළ අධිරජ්‍යයේ පාලන තන්ත්‍රය විවිධ හැලහැප්පීම් වලට බඳුන් වූ බව දක්නට ලැබේ. විවිධාකාරයේ විදේශ ආක්‍රමණ, අරාජික වීම් ආදිය බහුලව දක්නට ලැබිණි. මේ සියල්ලම සිදු වීමට මූලික හේතුව වූයේ ඉවක් බවක් නැතිව යුද්ධ කිරීම සඳහා හෙළ රජවරු පෙළඹීමයි. රාජ්‍යතවය සඳහා රාජකීයයන් අතර ද ගටුම් ඇති විය. ඒ අනුව කුවේර ගේ සහෝදරයෙකු වන රාවණ විසින් කුවේර ව පලවා හැර ලංකාපුරය අත්පත් කරගන්නා ලදී. රාවණ රජුගේ ආගමනයත් සමඟ හෙළ අධිරාජ්‍යය නැවතත් යම් ස්ථාවරත්වයකට පත් විය. මෙහිදී රාවණ රජු විසින් කුවේර හට නැවතත් තනතුරු ප්‍රදානය කරන ලදී. ඒ අනුව කාශ්මීර ප්‍රදේශයේ පාලකයා වශයෙන් කුවේර පත්විය. කෛලාසකූටය යනු කුවේර ගේ මාලිගය වූ අතර අලකාපුරය අගනුවර විණි.

රාවණ රජු නැවතත් ප්‍රබල හෙළ අසුර අධිරාජ්‍යයක් ගොඩනැංවූ අතර එහි කේන්ද්‍රස්ථානය බවට ලංකාපුරය පත්විය. මේ අනුව රාවණ රජු නිතැතින්ම මහා අධිරාජ්‍යයකු බවට පත් විය. හෙතෙම රණකාමියෙකු වුවත් දහැමි රජෙක් වූ අතර සත්ව ඝාතනයට දැඩි ලෙස විරුද්ධ විය. මේ නිසා ඉන්දියානු ඍෂිවරුන්ගේ බිලි පූජා සහිත යාගහෝම කඩාකප්පල් කිරීමට හේ උනන්දු විය. මේ නිසා ඍෂිවරුන් හා රාවණ රජු අතර ප්‍රබල මතගැටුමක් තිබූ බව පෙනේ. 'දණ්ඩකාරණ්‍යය' යනු ඍෂිවරුන් වාසය කළ වනාන්තරයක් වූ අතර එහි සිදුකල යාග හෝම කඩාකප්පල් කිරීම 'ශුර්පනඛා' නම් රාක්ෂස කුමරිය යටතේ සිදුවිය. ශුර්පනඛා යනු රාවණ රජුගේ නැගණිය යි.

කෙසේ වුවත් මෙම යාගහෝම කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය නිසා හෙළ අධිරාජ්‍යයේ බිඳ වැටීම ආරම්භ විය. මෙම ක්‍රියාව නිසා ඍෂිවරුන්ගේ උපදෙස් අනුව පාලන කටයුතු කළ ඉන්දියානු රජවරු රාවණ රජුට එරෙහිව අවි එසවීය. දශරථ රජු විසින් තම පුත්‍ර රාමචන්ද්‍ර ව දණ්ඩකාරණ්‍යයට එවන්නේත් රාවණ රජුගේ බලය බිඳලීම සඳහායි. මෙහිදී රාමචන්ද්‍ර විසින් ශුර්පනඛා ප්‍රමුඛ රාක්ෂස සේනාවට ප්‍රහාර එල්ල කල අතර ඊට ප්‍රතිඋත්තර සැපයීමක් ලෙස රාවණ රජු විසින් රාමචන්ද්‍රගේ බිරිඳ වන සීතාව පැහැරගෙන එනු ලැබීය. ඉන්පසු රාමචන්ද්‍ර විසින් ලංකාපුරයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර අනපේක්ෂිත ලෙස රාවණ රජු එම යුද්ධය පරාජය විය.
රාම විසින් ලංකාපුරය ආක්‍රමණය කිරීමට පෙර රාවණ රජු තවත් එක යුදමය පරාජයක් ලබා තිබුණේ ය.

ඒ දකුණු ඇමෙරිකාව ප්‍රදේශයේ පිහිටි පාතාල දේශය ආක්‍රමණය කිරීමට ගොස් ලැබූ පරාජයයි. පාතාල දේශය ද කලක් හෙළ අධිරාජ්‍යයේ කොටසක් ව තිබූ නමුත් පාලන තන්ත්‍රයේ පැවති අර්බුදකාරී වාතාවරණය නිසා එය හෙළ පාලනයෙන් මිදී ස්වාධීනව කටයුතු කරන තත්වයකට පත්ව තිබිණි. පාතාලය යලිත් හෙළයට ඈඳා ගැනීම සඳහා රාවණ රජු විසින් සටනක් දියත් කලද එය පරාජය වී ඇත. මෙහිදී රාවණ රජු වෙනුවෙන් සටන් මෙහෙයවා ඇත්තේ ශුර්පනඛා කුමරිය ගේ සැමියා වන විද්‍යුත් කුමරු විසිනි.

කෙසේ වුවත් පාතාල දේශය සමඟ කළ සටනින් ලැබූ පරාජය හෙළ අසුර අධිරාජ්‍යයේ පැවැත්මට බලපෑමක් එල්ල නොකලත් රාමචන්ද්‍ර සමඟ තිබූ සටනින් ලැබූ පරාජය හෙළ අධිරාජ්‍යය බිඳවැටීමටත් හෙළ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් හේතු විය. මෙම සටනින් රාවණ රජු පරාජය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විභීෂණ කුමරු විසින් රාජ්‍යලෝභයෙන් යුතුව සිදු කළ මහා පාවාදීමයි. එම පාවාදීම නොවන්නට රාම ට කිසිදිනෙක ජයගන්නට නොහැකි වන අතර ලංකා ඉතිහාසය ද මීට වඩා බොහෝ වෙනස් මුහුණුවරක් ගනු ඇත.

රාවණ රජුගෙන් පසුව ද හෙළ රජවරුන් රාජ්‍යත්වයට පත් වුවත් එම රජවරු ප්‍රබල තත්වයකට පත් වී නැති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි. මෙයට හේතුව වශයෙන් මට පෙනී යන්නේ විභීෂණ ගේ පාවාදීමෙන් පසුව ඉන්දියානු පාලකයින් ලංකාව කෙරෙහි වඩා අවධානයක් යොමු කර එහි ප්‍රබල රාජ්‍ය පාලනයක් ගොඩනැගීමට තිබූ ඉඩකඩ අවුරා තිබීමයි. රාවණ රජුගේ මරණින් පසුව ලංකාපුරය මුහුදේ ගිලී ගිය බව ද ඉතිහාසයේ සඳහන් වේ. මහා පාවාදීමකින් පසුව මේ ආකාරයෙන් හෙළ අසුර අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානියට පත් විය.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/02/blog-post.html

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 2

0

කලින් ලිපියෙන් මම විස්තර කරල තිබුණේ 'විරචන' රජතුමාගේ කාලයට එනකම් විතරයි නේ. එහෙනම් දැන් ඊට පසුව එන ඉතිහාසය ගන ටිකක් කරුණු හොයල බලමු. විරචන රජතුමාගෙන් පස්සෙ ඓතිහාසික සාධක වැඩිපුරම හම්බ වෙන්නේ 'බලි' රජතුමා පිලිබඳවයි. අපේ රටේ පැවති පාලන ක්‍රමයේ තිබුණු අඩුපාඩු සකසා එය වඩාත් පරිපූර්ණ පාලන ක්‍රමයක් බවට පත් කිරීම බලි රජු විසින් කරන ලද ප්‍රධානතම කාර්යයක්. 'වාමන පුරාණය'නමැති ග්‍රන්ථයේ සඳහන් වන්නේ ගම්සභා ක්‍රමය හඳුන්වා දීමට මූලික වූයේත් බලි රජතුමා බවයි (නමුත් මහාවංශය කියා සිටින්නේ ගම්සභා ක්‍රමය හඳුන්වා දුන්නේ පණ්ඩුකාභය රජතුමා බවයි). ප්‍රකට බලි ඇඳුරෙකු වූ අභාවප්‍රාප්ත ජේ. ඊ. සේදරමන් මහතා ප්‍රකාශ කරන අන්දමට 'බලි යාගය' නමැති ශාන්තිකර්මය හඳුන්වා දී තිබෙන්නේ මෙම රජතුමා විසින්.

මීට අමතරව අරිසෙන් අහුබුදු ශූරින් පවසන්නේ 'මහා බලි' සහ 'කනිටු බලි' යනුවෙන් රජවරු දෙදෙනෙක් සිට ඇති බවයි. බලි රජුගේ ප්‍රබලත්වය ක්‍රමයෙන් වැඩිවන විට එතුමාටත් සිදුවන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට සිදුවූ ඉරණමට ම මුහුණ දීමටයි. මෙතුමාටත් ඉන්දියාව තුලින් සතුරෙකු බිහි වෙනවා. 'වාමන' නමැති මෙම සතුරා හින්දු ධර්මය තුළ විෂ්ණු ගේ දසාවතාර වලින් එකක් ලෙස සැලකෙනවා. කෙසේ වුවත් හෙළ අසුර ඉතිහාසය දෙස බලන විට අපට පෙනී යන වැදගත් කරුණක් වන්නේ හෙළ අධිරාජ්‍යයේ බලය බිඳ දැමීමට සෑමවිටම ඉන්දියාව ක්‍රියා කර ඇති බවයි. එමෙන්ම එම සෑම අවස්ථාවකදීම පාහේ ඉන්දියාවට ජය ලැබීමටද හැකි වී තිබෙනවා.

ඉතිහාසඥයින් කියාසිටින පරිදි මෙයට හේතුව වී ඇත්තේ හෙළ රජවරු යුදමය ශක්තිය වර්ධනය කිරීමට නොව සාමකාමීව තම අධිරාජ්‍යය වර්ධනය කරගනීම සඳහා වැඩි අවධානය යොමු කිරීමයි. කෙසේ වුවත් බලි රජුගෙන් පසුව මෙම තත්වය තරමක් වෙනස් වී ඇති අතර ඊට පසුව සිටි රජවරු තම යුදමය ශක්තිය වර්ධනය කරගැනීම කෙරෙහි ද තම අවධානය යොමු කර තිබෙනවා. ආචාර්ය සූරිය ගුණසේකරයන් ප්‍රකාශ කරන අන්දමට බලි රජුට පසුව හෙළ රාජවංශය තුල යුදමය ශක්තිය වර්ධනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ශක්‍ර ගේ දියණිය වන දේවයානි ය. 'ශක්‍ර' යනු හෙළ අසුර අධිරාජ්‍යයේ පැවති අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානියා හැඳින්වීමට භාවිතා කල තනතුරු නාමයයි.


දේවයානි ට තාරක, සුරපද්ම, සිංහමුඛ නම් පුතුන් තිදෙනෙක් සහ අජමුඛි නම් දියණියක් සිට ඇති අතර කුඩාකල සිටම ඔවුන්ට යුද පුහුණුව ලබා දීමට දේවයානි කටයුතු කර තිබෙනවා. මෙම දරුවන් වැඩිවියට පැමිණීමත් සමග අවට රාජ්‍යයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ඉරානය, තුර්කිය හරහා ග්‍රීසිය තෙක්ම යුදමය වශයෙන් තම අණසක පැතිරවීමට මෙම දරුවන්ට හැකි වී තිබෙනවා. මෙම ක්‍රියාවලියත් සමගම එතෙක් සංස්කෘතික අධිරාජ්‍යයක් වශයෙන් පැවති හෙළ අසුර අධිරාජ්‍යය දේශපාලනික අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වෙනවා.

මේ ආකාරයෙන් හෙළ අධිරාජ්‍යය ප්‍රබලත්වයට පත් වූ පසු ඉහත කී කුමාරවරු තිදෙනා හෙළදිව කොටස් තුනකට බෙදාගෙන පාලනය කර තිබෙනවා. තාරක කළුතර ආසන්නයේ පිහිටා ඇති වෙලාපුරයේත් සුරපද්ම මහේන්ද්‍රගිරි ප්‍රදේශයේත් පාලනය බාර ගන්නා අතර සිංහමුඛ විසින් ලංකාපුරය අගනුවර බවට පත් කරගෙන තිබෙනවා.

 

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/02/2.html

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 1



හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 1

0

ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හෙළයන් විසින් මුලින්ම තමන්ගේ රජු හැටියට පත් කරගෙන තියෙන්නේ 'මහා සම්මත මනු' රජතුමායි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+නා+අරම). හැබැයි ඒ බව සනාථ කරන්නට පුළුවන් ශක්තිමත් සාධක නම් තාමත් හම්බ වෙලා නැතිලු. ඒත් වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ නිසා මන්නාරම කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' පිහිටලා තියෙන්නෙත් මන්නාරමට ආසන්නවයි.

රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. ඒ රාජවංශය මෙසේයි.

1. මහා සම්මත මනු
2. රෝජ
3. වරරෝජ
4. කල්‍යාණ
5. වරකල්‍යාණ
6. උපෝසථ
7. මහා මන්දාතු
8. වරමන්දාතු
9. චේතිය
10. චේතියගේ පලමු පුත්‍රයා
11. චේතියගේ දෙවන පුත්‍රයා
12. චේතියගේ තෙවන පුත්‍රයා
13. චේතියගේ සිව්වන පුත්‍රයා
14. චේතියගේ පස්වන පුත්‍රයා
15. මහා මුචලින්ද
16. මුචලින්ද
17. පළමුවන සාගර
18. දෙවන සාගර
19. භරත
20. රුචි
21. සුරුචි
22. පතාප
23. මහා පතාප
24. පහද
25. සුදස්සි
26. නෙරුප
27. මහා නෙරුප
28. අසිරිමත්

මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වශයෙන් බෞද්ධ සාහිත්‍ය තුළද දකින්නට පුළුවන්. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබිලා තියෙනවා. ඒ වාගේම පුරාණ ඉන්දියාවත් තිබිලා තියෙන්නේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් විදිහට. මෙම රජවරුන්ට පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. සමහර ඉතිහාසඥයන් කියන විදිහට හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු කියලා කියන්නේ එකම රජ කෙනෙකුට ලු. ඒත් ඒ සම්බන්ධයෙන් නම් තරමක ගැටළුවක් පවතිනවා. රාජාවලියේ සඳහන් වෙන විදිහට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමා. ඒත් සමහර ග්‍රන්ථ වල සඳහන් වෙන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවයි. ප්‍රාලද කියලා කියන්නේ වරමන්දාතු රජුටම නම් මේ ගැටළුව විසඳෙනවා. එය විසඳීම ඉතිහාසඥයින්ට බාරයි.

කොහොම වුනත් හිරණ්‍ය කාශ්‍යප කියලා කියන්නෙත් මුළු ලෝකයම පාලනය කල අති ප්‍රබල රජෙක්. යුරෝපයේ පිහිටි මහා අයිස් තට්ටුව දියවෙලා ගිහින් භූමිය පෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ රජුගේ කාලයේදියි. හිරණ්‍ය කාශ්‍යප රජුගේ තේජස කොතරම්ද කියනවා නම් එකල විසූ සාමාන්‍ය ජනයා විශ්වාස කරලා තියෙන්නේ තම රජුගේ ඇස් වලින් පිටවූ තේජස් රශ්මිය නිසා මේ හිම දිය වීම සිද්ධ වුනා කියලයි. ඉන්දියානු ග්‍රන්ථයක් වන 'විෂ්ණු පුරාණය' මේ හිම දියවීම සම්බන්ධයෙන් හිරණ්‍ය කාශ්‍යප රජුට දොස් පවරන්නේත් ඉහත සඳහන් කල වැරදි විශ්වාසය නිසායි.
හිරණ්‍ය කාශ්‍යප රජු විසින් කරන ලද විශිෂ්ට නිර්මාණයක් වන්නේ 'කැස්පියන් මුහුද' යි. මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි. මෙය නිර්මාණය කර ඇති ප්‍රදේශයට භූමි මාර්ගයකින් ගමන් කිරීම එකල ඉතා අපහසු වන්නට ඇති අතර ඒ නිසා බොහෝදුරට රජතුමා මේ ප්‍රදේශයට යන්නට ඇත්තේ ගුවන් මාර්ගයෙනුයි.

මේ මහා ජලාශය ඉදිකිරීමෙන් පසුව කොකේසස් කඳු වැටිය ජනාවාස කිරීමද මේ රජතුමා විසින් සිදුකර තිබෙනවා. අධිරාජ්‍යයෙකු ලෙස ප්‍රබල තත්වයකට පත් වෙනවිට ඊට විරුද්ධව ප්‍රබල සතුරන් ද ඇතිවීම සාමාන්‍ය දෙයක්.ඒ අනුව හිරණ්‍ය කාශ්‍යප රජුටත් සතුරන් ඇතිවෙනවා. අවසානයේදී නරසිංහ නම් ඉන්දියානුවෙකුගේ ප්‍රහාරයකින් හිරණ්‍ය කාශ්‍යප රජු මරුමුවට පත් වෙනවා. හින්දු සාහිත්‍ය තළ මේ නරසිංහ නමැත්තා සඳහන් වෙන්නේ විෂ්ණුගේ නරසිංහාවතාරය ලෙසින්. කෙසේ වුවත් හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරනයෙන් පසුව හෙළ අධිරාජ්‍යය බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කරගන්නේ ඔහුගේ පුත් 'ප්‍රාලද' විසින්. හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ප්‍රාලද කියන්නේ විෂ්ණු භක්තිකයෙක් කියලා. සමහරවිට ප්‍රාලද කුමාරයා නරසිංහ සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සමගි සන්ධානයකට එලඹෙන්නට ඇති. ඒ නිසා හින්දු පුරාණය ඔහුව විෂ්ණු භක්තිකයෙක් ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්.

ප්‍රාලදගෙන් පසුව රජවන්නේ ඔහුගේ පුත්‍රයා වන 'විරචන' කුමරුයි. මොහුත් අති ප්‍රබල සහ දක්ෂ පාලකයෙක්. දකුණු අමෙරිකානු කලාපය ජනාවාස කරවන්නේ මේ රජතුමා විසින්. මෙම කලාපය ලෝක ගෝලයේ අනෙක් පසින් හෙවත් හෙළ අධිරාජ්‍යයේ ජනයාගේ පාද වලට යටින් පිහිටා තිබුණු හෙයින් පාද තල යට ලෝකය හෙවත් පාතාල ලෝකය ලෙස හඳුන්වලා තිබෙනවා. අද 'ඉන්කා අධිරාජ්‍යය' කියලා හඳුන්වන්නේ විරචන රජු විසින් ජනාවාස කරපු ප්‍රදේශයයි. හෙළයින්ගේ වැව් සංස්කෘතිය ආශ්‍රිත ශිෂ්ටාචාරයේ ලක්ෂණ මේ ජනාවාස වලත් දකින්න පුළුවන්.

හිරණ්‍ය කාශ්‍යප රජු කැස්පියන් මුහුද ඉදිකර ඒ ආසන්නයේ පිහිටි කොකේසස් කඳුවැටිය ජනාවාස කළා. විරචන රජු ටිටිකාකා විල අසල පිහිටි ඇන්ඩීස් කඳුවැටිය ජනාවාස කළා. ඉන්කා අධිරාජ්‍යය තුල පිහිටි ඉන්කා දෙවොල හෙවත් විරචන දෙවොල ඉතා විශිෂ්ට නිර්මාණයක වන අතර ඒ තුළ නිර්මාණය කර තිබෙන විරචන රජුගේ ශෛලමය පිළිරුවක් අදත් අපට බලා ගන්න පුළුවන්. ඉන්කා අධිරාජ්‍යය තුල විරචන රජුව හඳුන්වා තියෙන්නේ වීරකෝච නමින්. ඉන්කා අධිරාජ්‍යය සතුව ඉතා දක්ෂ ඉංජිනේරුවන් සිට ඇති අතර 'විශ්වකර්ම' ලෙස හැඳින්වෙන අති දක්ෂ ඉංජිනේරුවා ද සිට ඇත්තේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් වූ ඉන්කා අධිරාජ්‍යයේ යි.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/11/blog-post.html


හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 2

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 2

0

සෙල්ලිපි වලින් කියැවෙන අතීතය යට යන්නට හේතු වන තවත් කාරණයක් නම් මේවා ලියා ඇති අක්ෂර අශෝකාක්ෂර වලට සමාන වීමයි. කොඩ්‍රින්ටන් පන්නයේ ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට අක්ෂර කලාව ලැබෙන්නේ මිහිඳු මාහිමියන් හරහා බව සඳහන් වෙනවා. මේ නිසා ඊට කලින් අපේ රටේ තියෙන ලිඛිත ඓතිහාසික සාධක පිලිගන්නට අපේ ඉතිහාසඥයින් කැමති නැහැ. ඔවුන් විසින් සිදු කරන මේ වරද නිසා වසර 10,000 ටත් වඩා එහාට දිව ගිය ඉපැරණි ඉතිහාසයක් හෙළිදරව් කරගැනීමට අපහසු වී තිබෙනවා.


මහාවංශයට අනුව ලක්දිව රාජ වංශය ආරම්භ වන්නේ විජය රජුගෙන් වුවත් ඊටත් පෙර සිටම මෙහි ප්‍රබල රජ පරපුරක් සිටි බව පිළිගත හැකි සාධක බොහොමයක් පවතිනවා. විජය රජුට හමු වූ කුවේණියත් රජ කුමරියක් බව සෙල්ලිපි වල සඳහන් වෙනවා. එම සෙල්ලිපි වලට අනුව කුවේණිය යනු 'බිම්බා' රජුගේ දියණියයි. මෙයත් විජය ට පෙර තිබූ රාජ වංශය සම්බන්ධ සාක්ෂියක්. ආචාර්ය සූරිය ගුණසේකරයන් පවසන පරිදි 'කුවේණි' යනු ආරූඪ නාමයක් ( කළුවන් සමක් ඇත්තී ). ඇගේ නියම නම 'ලීලාවතී'. නමුත් මේ නියම නම සඳහන් වන්නේ කොහේදැයි කියා එතුමා සඳහන් කර නැහැ. මෙකල මර්ගන නගරය ( මන්නාරම අසල පිහිටා තිබූ නගරයක් ) පාලනය කල 'අල්ලිරාණි' කුමරිය කුවේණියගේ ඥාති සහෝදරියයි. අල්ලිරාණි යනු 'කුම්බා' රජුගේ දියණියයි. කුරුණෑගල පිහිටි 'විල්බා ජනපදය' පාලනය කර ඇත්තේ විජය ට දාව කුවේණියට ලැබුණු පුත්‍රයා වන 'ජීවහත්ථ' විසිනි. බෝධිවංශයට අනුව විල්බා ජනපදය පාලනය කර ඇත්තේ 'වීරබාහු' රජු විසිනි. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ථ යනු ප්‍රාණවත් හස්තයයි. මේ නම් දෙකෙහිම සමානත්වයක් දකින්නට පුළුවන්. ඒ අනුව වීරබාහු සහ ජීවහත්ථ යනු එක් පුද්ගලයෙක්ම විය හැකියි.


උපුටා ගැනීම -http://sellipiya.blogspot.com/2009/10/2.html

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 1