Wednesday, July 6, 2011
හෙළ අසුර රාජවංශය - 4
0හැට්ටය ඇතුලේ අත් බෝම්බ සගවා පහර දුන් හෙළ කාන්තාවෝ
තම සැමියා හොරෙකු ලෙස නම් කිරීමෙන් කිපුණු පත්තනි දේවියන් ලෙස අද හදුන්වන දේවයානී විසින් තම වම් තනය කඩා බිම ගැසූ විට එය පුපුරා යාමේන් ඇති වූ ගින්නෙන් මුළු මදුරා පුරයම ගිනිගෙන විනාශ වූ බව පත්තිනි ඇදහිල්ල පවසයි. මහාචාර්ය ෆෝලි විසින් පවසන්නෙ මෙය හැටිටය ඇතුලේ සගවා ගෙන ආ ග්‍රැෙන්ඩ් වැනි අත් බෝමිබයක් විය හැකි බවයි....
ටීවනකු ප්‍රෙද්ශය අශ්‍රිතව හෙළයන් විසින් ජනවාස කොට බිහිකරන ලද්දා වූ ශිෂ්ඨාචාරය අද හැදින්වෙන්නෙ “ඉන්කා“ ශිෂ්ඨාචරය විදියටයි. මෙම ශිෂ්ඨාචාරය ඉතා දියුණු වාරිමාර්ග ක්‍රම වලින් හා අලංකාර විශාල ගෘහ නිර්මාණයන්ගෙන් යුක්තය. උතුරු ඇමරිකාවේ රෝකී කදුකරය ආශ්‍රිතව පිහිටි මෙක්සිකොවේ “මායා“ ශිෂ්ඨාචාරයද පාතාලයේම( පාද+තල+යට) දිගුවකි. එය හැදින්වෙලා තියෙන්නේ “සූතල“ රාජධානිය කියලයි.
ඉන්කා ශිෂ්ඨාචාරයේ නැතහොත් පාතල රාජධානියේ අදටත් නිරුපද්‍රිතව පිහිටි නිර්මාණයක් තමයි වීරචන දේවොල. කළුගල් නිර්මාණයක් වන මෙම දෙවොලේ ඇති නිර්මාණයන් මගින් එම ශිෂ්ඨාචාරයේ තිබුණ දියුණු බව තේරුම් ගන්න පුළුවන්. ඉන්කා ශිෂ්ඨාචරයේදී වීරකෝව යන නමින් හැදින්වෙන වීරචෝන රජුගේ ප්‍රතිමාව වසර දහස්ගණනක් තිස්සේම නිරුපද්‍රිතව ඇත. ගලින් කරන ලද නිර්මාණ රාශියක් මෙහි දක්නට ලැපෙන අතර බෞද්ධ හා හින්දු සංස්කෘතියේ විශ්වකර්ම නමින් හැදින්වෙන මායා-අසුර නැමති අති දක්ෂ ඉංජිනේරු වරයාද මෙම පාතාල රාජධානියේ සිටිබව සදහන් වෙනවා.
ප්‍රලාද රජුගෙන් පසුව නැවතත් තොරතුරු දැන ගැනීමට ඇත්තේ බලි රජු දවසයි. පාලන ප්‍රතිසංස්කරණ හදුන්වා දීම බලි රජුගේ යුගයේ සිදු වූ වැදගත්ම සේවයක් විදියට සටහන් වෙනවා. ලංකාවේ සුප්‍රකට බලි ඇදුරෙක්ව සිට අභාවප්‍රාත්ත ජේ.ඊ. සේදරමන් මහතාට අනුව බලි යාගය ලෝකයට හදුන්වා දී ඇත්තෙ බලි රජු විසින්. අරිසෙන් අහබුදු සූරීන්ට අනුව නම් මහ බලි හා කණිටු බලි යනුවෙන් බලි රජුන් දෙදෙනෙක් ඉදලා තියෙනවා.
ගම්සභා පාලන ක්‍රමය පණ්ඩුකාභය රජු දවස ආරම්භ වූ බව මහාවංශය පැවසූවද වාමන පූරාණය හා භගවත පුරාණයට අනුව නම් ගම්සභා පාලනය ඇති වී ඇත්තෙ බලි රජු සමයේයි. මේ වන විට ජනගහනය වැඩී යාමත් සමග දඩයම් හා ගෝත්‍ර ක්‍රමයෙන් මිදී ගොවිතැනට එලැඹි තිබීමත් මෙයට හේතු වු බව සිතන්න පුළුවන්. ගම නිර්මාණය වන්නෙ ගොවිතැනත් සමගය. ඒ නිසා ගමේ පාලනය ගොවිතැනේ නියුතු වූවන් අතින් විය යුතුය. ඒ වගේම ග්‍රහතාරකාවන් මගින් ගොවිතැනට වන අයහලත් බලපෑම හා ඒ මගින් මිනිසාට වන අයහලත් බලපෑමත් හදුනාගෙන එය යහපතට හරවා ගැනීමට බලි නැමති තාක්ෂණය උපයෝගී කර ගැනීම සිදුවෙන්න ඇති. දේව අධ්‍යාපනය තුල මේ සියල්ල ඉගැන්වෙන නිසාම එය ප්‍රායෝගීකව ක්‍රියාවට නැන්වීමට බලි රජුට හැකි වන්නට ඇත.
හිරණ්‍ය කාශ්‍යපගෙන් පසුව රජකල බලි රජුගේ පාලන සමයේද හෙළ අධිරාජ්‍යෙය් සතුරා වන්නෙ විශ්ණුය. මෙවර බලි රජු නැසීමට විශ්ණු වාමනක නැමති සවරූපය උපයෝගී කරගෙන තිබෙන බව සදහන්. හිරණ්‍ය කාශ්‍යපට වඩා හාත්පසින්ම වෙනස් වූ බලි රජු අනුන්ගේ දුකේ කම්පා වන ස්වරූපයකින් යුකත් වූ බලි රජු නැසීමට ඒ ගුණයම විශ්ණුගේ අවතාරයක් වූ වාමණක යොදාගෙන තියෙනවා.
වාමනකයෙකු නොහොත් අගුටු මිට්ටෙක්ගේ සවරූපයෙන් පැමිණි විශ්ණු ඉතා අසරණයෙකු ලෙස පෙනී සිටිමින් බලි රජුගෙන් වරතුනක් ඉල්ලා ඇත. මෙයින් අගුටුමිට්ටාට වන යහපතක් නැති නිසාත් ඉන් රජුට නින්දාවක් වන නිසාත් ඒ අවස්ථාවේ රාජ සභාවේ සිටි ශක්‍ර ඊට තදින්ම විරුද්ධ වූ අතර ඔහු කෑ ගසා රජුට එයට අවසර නොදෙන ලෙස ඉල්ලා ඇත. ඒ අවස්ථාවේ දේවයානී නොහොත් අද පත්තිනි දේවියන් ලෙස හැදින්වෙන ශක්‍ර ගේ දියණියද රාජසභාවේ සිටි අතර අගුටු මිට්ටාගේ අසරණ ස්වභාවය දුටු බලිරජුට ඔහුගේ ඉල්ලීමට ඉඩදීමට සිත් වී එයට ඉඩ දී ඇත. උපක්‍රමයෙන් රජුගේ හිසට පය තැබූ වාමනකයා රජු තමාට යටත් වූ බව ප්‍රකාශ කර බලි රජුව බලහත්කාරයෙන් රැගෙන පලා ගිහිල්ලා තියෙනවා.
බලි රජු ක්‍රි.පු. 16000 සිට ක්‍රි.පු. 15944 දක්වා වසර 56ක් රාජ්‍ය කල බවත් ඉන් පසුව රජ වූ කණිටු බලි ක්‍රි.පු. 15910 දක්වා වසර 34 ක් රජ කල බව අරිසෙන් අහුබුදුගේ ඉර හද නැගි රට නැමති කෘතියේ සදහන් වෙනවා. සංස්කෘත සාහිත්‍යට අනුව බටහිර උගතුන් පවසන්නෙ බලි රජු රාවණ රජුට පරම්පරා 3කට ඉහත දී රජකල බවකි. නමුත් රාවණ රජුගේ කාලයේ ඔහු විසින් තම නැගෙනිය සුපරණිකා ලවා පාලනය කල දණ්ඩකාරන්‍යෙය් අගනුවර ජනස්ථාන් මහුදේ ගිලී තිබී 2003 දී සොයාගැනීම හා එය කාබන් කාල නිර්ණයේදී වසර 10,000ක් පැරණි බව පැවසීමත් සමගම කාල නිර්ණයේ යම් යම් ගැටළු මතු වෙනවා.
රාජාවලියට අනුව මනුරාජ වංශයෙන් අනතුරුව රජ වන්නේ මඛා-දේව වංශිකයන්ය. මනු රාජ වංශයේ රජවරු සියළු දෙනාම වසර අසංඛ්‍යක් බැගින් රජකම් කල අතර එහි අවසන් රජු වන අසිරිමත් රජුගේ දරුමුණුපුරන් රජකලේ වසර කෝටිය බැගිනි. එම දරුමුණුපුරන්ගේ අවසන් රජු මඛා-දේව නම් වන අතර මඛා-දේව රජුගෙන් ඇරඹුන රාජ වංශයේ රජවරු වසර 84000ක් බැගින් රජකම් කරන ලදි.
මෙම තොරතුරු බොහෝමයක් අතිශයෝක්ති හා සාහිත්‍යමය අලංකාරයෙන් ඉදිරිපත් කරන ඒවා විදියට සිතන්න පුළුවන්ත කෙසේ වුණත් ඉන් අවබෝධ කරගත හැකි දෙයනම් මිනිසුන් තොරා ගැනීම වෙනුවට සුදුසුකම් අනුව රකමට තොරා ගැනීමය. (රජ්‍ය පාලකයෙක්ගේ අවශ්‍යතාව ඇති වූ නිසා ඒ සදහා සියළු දක්ෂතා වලින් පරිපුරණ අයෙක් තොරා ගැනීමට අවශ්‍ය විය. ඒ සදහා අවැසි යුධ ශිල්ප විදියට දුනුවායන් 16ක් විසින් එල්ලකරන ලද හී සැරයන් 16ක් එක කඩු පහරකින් නැවැත් වීමට හැකි විය යුතු බවත්, එසේ එල්ල කරන ලද හී පහර කණුවකට වැදුන අතර ඒ අසල සිටි මනු නම් ගොවි තරුණයෙක් එම කණුව මතට නැගී එක කඩුපහරින් ඒ හී සර සියල්ල නෙළුම් මලක හැඩයකට කැපූ අතර ඒ අසලට පැමීණි අය මහා සම්මතයෙන් මනු තම රජු නොහොත් පාලකයා ලෙස පත් කරගත් බව සදහන් ජනප්‍රවාදයක්ද ඇත.) ජනතාවගේ කැමැත්තෙන් තොරා ගත් නිසා මනු රජුව හැදින්වූයේ මහා සම්මත මනු නමින්. මනු රාජ වංශයේ සියළු රජවරු මහා සම්මතයෙන් පත්කරගන්නා ලදි. නමුත් දේව අධ්‍යාපන ක්‍රමයත් සමගම සෑම කුඩා පාලකයෙක්ම දේවයෙකු වන්නා සේම රජුද දේවයෙකු විය. රජු අමතන දේවයන් වහන්ස ඒ පාලනයේ නෂ්ඨාවශේෂ වු වදනකි. නායකත්ව පුහුණුව නැතහොත් දේව අධ්‍යාපනය ලැබූවන්ගෙන් රජු තේරීම මඛා-දේව වංශය ලෙස ජන වහරට එකතු වී එයම රාජවලියට එකතු වන්නට ඇත.
වාමනකයෙකු ලෙස පැමිණි විශ්ණු විසින් බලි රජු පැහැරගෙන යාම නිසා හෙළ අධිරාජ්‍ය තුල අර්බුද ඇති විය. විශ්ණුට හා ඔහුගේ බලයට එරෙහිව සටන් කල හැකිව තිබියදීද, මිසයිල, ගුවන් යානා වැනි දියුණු තාක්ෂණීක අවි තිබියදී පවා යුධ වැදීමේ සම්ප්‍රදායක් හෙළ අසුරයන්ට නොවීය. ශක්‍රෙග් දියණිය වූ දේවයානී මෙයට අධිෂ්ඨාන සහගත දැඩි පියවරක් ලබා ගන්නා ලදී.
ඇය කාශ්‍යප මුණි සමග එකතු වී ඔහුට දාව දරුවන් සිව්දෙනෙක් ලැබූවාය. තාරක, සුරපද්ම හා සිංහමුඛ යන පුතුන් තිදෙනා හා අජමුඛි දියණිය ඇගේ දරුවන් විය. ඇය තම පුතුන් තිදෙනාට ඔවුන් තරුණ වියට පත්වෙත්ම යුධ පුහුණුව ලබා දුන්නාය. හෙළ අසුර රජුවරු යුද්ධ පුහුණූව ලැබීම හා යුද්ධ කිරීම, හෙළ අසුර අධිරාජ්‍යට එරෙහි සතුරන් බිහි වීම, ඉන් යුධ ගැටුම් ඇති වීම හා අවසානයේ රාවණ රජු යුද්ධයෙන් විනාශ වී හෙළ අසුර අධිරාජ්‍ය බිද වැටීමටත් ආරම්භක පියවර මෙය විදියට සලකන්න පුළුවන්. එතෙක් පැවති සංස්කෘතික හෙළ අසුර අධිරාජ්‍යය දේශපාලනික අධිරාජ්‍යක මුහුණුවර ගැනීම මෙයට හේතු වෙලා තියෙනවා.
ඇය තම දරුවන්ට යුධ පහුණුව ලබා දුන්නෙ, කිකිළියක විසින් තම දරුවන්ට ඇහිද කෑම පුරුදු කරන්නාක් මෙන් බව හින්දු පුරාවෘත්ත වල සදහන් වන අතර ගුවනින් පහරදීම පුරුදු කල ඇය ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාණය හා තුර්කිය හරහා ග්‍රිසීය දක්වාම පහරදීගෙන කරගෙන යාමෙදී අවසනායක් නොදුටු විට ශක්‍ර විසින් ඇත...! ඇත...! යනුවෙන් පැවසු බවත් එසේ යුද්ධය නැවත් වූ තැන ඇතනස් වූ බවත් හින්දු පුරවෘත්ත වල සදහන් වෙනවා. නමුත් ඇතීනා දෙවගන නිසා ඇතනස් වූ බව ග්‍රීකයන්ගේ මතයයි.
මහාචාර්ය ඩේවිඩ් ෆෝලිට අනුව පත්තනි යනු දේවයානීය. දකුණු ඉන්දියාවේ ඇය ජනප්‍රිය වී ඇත්තේ පත්තිනි යනුවෙනි. තම පතිනිභාවය ඔප්පු කල ඇය පත්තිනි වූවාය. තම සැමියා සොරෙකු ලෙස වරදකරු කිරීම ගැන කිපුණ ඇය තම වම් තනය කඩා බිම ගැසූ විට මුළු මදුරා පුරයම ගිනි ගෙන විනාශ වූ බව පත්තිනි ඇදහිල්ල පවසන අතර මෙම අලංකාර අතිශෝක්තිය නම් ඇය තම හැට්ටය තුල සගවාගෙන සිටි ග්‍රෙෙන්ඩයක් දමාගැසීම විය හැකි බව ෆෝලි පවසනවා. අදට වඩා බලවත් යුද අවි තිබිම එය තහවුරු කරවන්නකි. සුර -අසුර යුද්ධයේ අසුරයන් න්‍යෂ්ඨික අවි භාවිතා කිරීම ගැන මින් පෙරද අපි හෙළයන්ගේ න්‍යෂ්ඨීක අවිභාවිතය නම් ලිපියෙන් ඉදිරිපත් කළෙමු.
උපුටා ගැනුම : http://seuslsla.blogspot.com/2011/06/ancient-sri-lankan-women-were-attack.html
හෙළ අසුර රාජවංශය - 1
හෙළ අසුර රාජවංශය - 2
හෙළ අසුර රාජවංශය - 3
හෙළ අසුර රාජවංශය - 4
හෙළ අසුර රාජවංශය - 5
හෙළ අසුර රාජවංශය - 6
වර්ගකිරීම් :
රාවණ ඉතිහාසය
Subscribe to:
Post Comments (Atom)
No Response to "හෙළ අසුර රාජවංශය - 4"
Post a Comment
අදහස් සහ උදහස්