-->

Wednesday, July 13, 2011

මතු වූ නව හෙළ ඉතිහාසය 1

1

විසිවැනි සියවස ඇරඹීමත් සමගම, පාසල් සිසුන්ට මාරි මියුසියස් මැතිනිය හෙවත් සුදු අම්මා විසින් ලියා තිබූ ඉතිහාස කතන්දර තව දුරටත් වැඩි දියූණුකර කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය නැමති පොත ලියලා තියෙනවා. ඒ සමයේ සිටි ලාංකීය ඉතිහාසඥයන් හෝ ගත්කතුවරයන් විසින් මෙයට ප්‍රතිවිරුද්ධව යමක් නොකල නිසා හෝ ඒ ඉතිහාසය පාසල් පෙළ පොත් වල හා පුවත් පත්, සගරා ආදියේ පළ වීම නිසාමද කොහොද, කොඩ්රිංටන් විසින් ලියලා තියෙන ඉතිහාසය අදටත් ලංකාවේ සබෑ ඉතිහාසය ලෙස පිළිගන්නවා.

ලංකාවේ පහල වුණ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යඥයා විදියට සැලැකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් පවා හිතා මතා හෝ ඉංග්‍රිසි බලපෑම මත සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් තිබියදීම, කොඩ්රිංටන්ගේ මතය තහවුරුකරමින්ම සෙල්ලිපි සාක්ෂි සොයාගැනීමත් නිසාම ඒය සාක්ෂිවලිනුත් සන්නද වෙලා තිබීමත් සබෑ ඉතිහාසය මතුනොවිමට හේතුවක් විදියට දක්වන්න පුළුවන්. ආරම්භයේ ලංකා විශ්වවිද්‍යාලය නොහොත් අද පෙරාදෙ
ණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විශයද මෙම කරණුවලින්ම සමන්විත වීම නිසාම, කොඩ්රිංටන්-පරණවිතාරණ ගුරුකුලයක් පරම්පරා දෙකක් දක්වාම පැතිරෙන්න හේතුවෙලා තියෙනවා. ඉන් බැහැරට සදහන් වන මත මේ ගුරුකුලයේ පුරාවිද්‍යඥයන් පිළිගන්නෙ නැහැ. ඒ කියන්නේ අපේ මතය පිළිනොගන්නා පුරාවිද්‍යාඥයන් වැඩියි.

කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම “හෙළබස මතය“ එළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ
ආරම්භය ලෙස පෙන්වා දුන්නද, පාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ “හෙළ හවුල“ටම සීමා වීම සිදුවෙලා තියෙනවා

භාෂාවෙන් පමණක් නොනැවතුන කුමාරතුංගයන් අනුරාධපුර යුග
යට පෙර හෙළ නැමැති යුගයක් තිබුණ බවටද තරක කරලා තියෙනවා. ඒ වගේම රාජාවලියේ තොරතුරු උපයෝගිකරගෙන මේ කරුණු සනාථ කිරීමටත් එතුමා සමත් වෙලා තියෙනවා. නමුත් රාජාවලියේ සදහන් සමහර තොරතුරු ලංකාවේ වූණා යැයි සැලකීමට අමාරු නිසා “මහාසම්මත මනු“ රජුගෙන් ලංකා රාජවලිය ඇරඹීම ඉන්දියාවේ සිදුවුණා යැයි සලකලා තියෙනවා.

මේ කාලයේදී අවසනාවන්ත ලෙසට හෙළ බසට සමාජය තුල තදබල විවේචන හා දරුණු ප්‍රහාර එල්ල වනට පටන්ගෙන තියෙනවා. පුවත් පත් ආදියෙන් මෙය දැඩිලෙස සිදුවෙලා තියෙන අතරම හෙළබස පිළිගන්නන් මිත්‍යාවක් පසුපස හබායන උංමත්තකයන් පිරිසක් විදියට හංවඩුගැසීම සිදුකරලා තියෙනවා. ඇ ආකාරයේ යෙදුම් බහුල වීම නිසාම හෙළ බස පාවිච්චි කර
න්නන් කට ඇදයන් ලෙසත්, හෙළ බස කතා කිරීමෙන් කට උළුක්කු වනවායි පැවසීම ඒ දවස්වල පුවත්පත් හා සගරා මගින් වැඩිපුර සිදුවීම ආදීය නිසාම 1925 දී ඇරඹුන හෙළ හවුල 1955 පමණ වන විට පිරිහි ගිහිල්ලා තියෙනවා.

මේ අතර කුමාරතුංගයන්ගේ මරණින් පසුව, කුමාරතුංගයන්ගේ ප්‍රබල අනුගාමිකයෙකු වූ වෙල්ලාල ජයමහ සූරීන් විසින් හෙළ ඉතිහාසය පිළිබදව කරුණු මතුකරලා තියෙනවා. 1970 හා 1980 දශකයන් වල අරිසෙන් අහුබුදු සූරීන් විසින් හෙළ ඉතිහාසය පිළීබද එම කරුණු ප්‍රබල ලෙස ඉදිරියට ගෙනැවිත් තියෙනවා.

ලංකාව තුල කාරණා මේසේ වෙද්දී 1970වෙන් පසු එක්සත් ජනපදය, ජර්මනිය, එංගලන්තය හා ඉන්දියානු මානව විද්‍යාඥයන් විසින් අසුර අධිරාජ්‍යක් ගැන කරුණු සොයා මතු කරලා තියෙනවා. අසුරයන් යනු හෙළයන් කේන්ද්‍ර කරගත් සංස්කෘතික අධිරාජ්‍යයක් බවත්, එය ලොව පහල වූ මුල්ම අධිරාජ්‍ය බවටත් කරුණු ඔවුන් විසින්ම සොයාගෙන තියෙනවා. අහම්බෙන් ආරම්භ වූ මෙම ක්‍රියාදාමය මේ වන විට සම්පූර්ණ වී ඇති ඉතිහාසයක් සහිත කියා දාමයක්.

පළමු සිදුවීම සිදුවූයේ 1944දී හිරෝෂිමා නගරයට පරමාණූ බොම්බ හෙලීමයි. ඒ සිදුවීමට සමාන සිදුවීමක් ක්‍රි.පු 5 වන සියවසේදී ලියැවුන මහා භාරතය නැමැති සංස්කෘත වීර කාව්‍යට අනුව මෙසේය.
එහි ඉංග්‍රිසි පර්වර්තනය හා ඒහි සිංහල පර්වර්තනය මෙසේය


Gurka, flying a swift and powerful vimana,
Hurled a single projectile,
Charged with the all powers of Universe,
An incandescent column of smoke and flame,
As bright as ten thousand suns,
Rose with all splendors

වේගවත් හා ජවසම්පන්න විමානයක නැගි
දමා ගසන ලද, ගුර්කාවෙන්
විශ්වයේ සියළු බලයන් කැටිකරගත්තා වූ,
තාප ශක්තියෙන්, දුමාරයෙන් හා අලෝකයෙන් සමන්විත වූ,
සූර්යන් 10000 ක මෙන් දීප්තියෙන් යුක්ත වූ,
ශක්තියෙන් දවා කරකරන්නෙය.

It was unknown weapon,
An iron thunderbolt,
A gigantic messenger of death,
Which reduced to ashes,
The entire race of the vrisnis and the Andhakas

ඒ වූ කලී නොදන්නා ආයූධයකි,
ශක්තිමත් අකුණුසැරක් වන් වූ,
අළු පමණක් ඉතිරිකරන
යෝධ මරණයේ පණිවිඩකරුවෙකි
වර්සනිස් හා අන්ධාක්ස් වර්ගයාටම

The crops were so burnet,
As to be unrecognizable,
Hair and nails fell out,
Pottery broke without apparent cause,
And the birds turn white.

අස්වනු දැවී ගියේය,
හදුනාගත නොහැකි අන්දමටම,
හිසකේ හ නිය ගැලවී වැටිණ,
අදෘෂ්‍යමානව මැටි බදුන් පුපුරා ගියේය.
කුරුල්ලන් පවා සුදුපැහයට හැරිණි

After few hours
All foodstuff were inflected,
… to escape from this fire
The soldiers threw themselves into streams,
And found that it was boiling

පැය කිහිපයකට පසු,
සියළු ආහාර ද්‍රව්‍ය විකෘතිවිය.
මේ ගිනි ජාලාවෙන් පලා යාමට,
සොල්දාදුවන් ඇළ දොලට පැන්නද
එම ජළය රත් වී නටන බව දැන ගත්හ.

මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.

It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/05/shall-we-find-our-real-history.html


මතු වූ නව හෙළ ඉතිහාසය 2

1 Response to මතු වූ නව හෙළ ඉතිහාසය 1

April 29, 2012 at 8:41 PM

presently indrajith has reborn in sri lanka as a girl.but still she remember some memories of the past life. and sometimes she talking about the past memories...

Post a Comment

අදහස් සහ උදහස්