-->

Wednesday, July 6, 2011

හෙළ අසුර රාජවංශය - 5

0

ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය



අපි කලින් ලිපියෙන් විස්තර කලානේ හෙළ අසුර අධිරාජ්‍යට සතුරන් ඇති වීමට හේතු වුණ කාරණාව. මේ නිසාම හෙළ අසුර අධිරාජ්‍ය සතුරනගෙන් රැකීම ඉතා අවශ්‍ය වුණා. මේ හින්දාම රට කොටස් තුනකට බෙදලා තාරක, සුරපද්ම සහ සිංහමුඛ කුමාරයන් අතර බෙදා දීලා තියෙනවා. මේ කුමාරුවන් 3 දෙනාම ඒ වන විට දේව අධ්‍යාපනය හදරා තිබුණා. තාරක කළුතර අසල වේලාපුර අගනුවර කරගත්ත අතර සූරගුප්ත මැණික් ගඟ අසල මහින්දපුර නොහොත් මහේන්ද්‍රගිර(වැඩහිටි කන්ද කියලා සිතන්න පුළුවන්) අගනුවර කරගත්ත බවත් සදහන් වෙනවා. නමුත් සිංහමුඛ කුමරුට අගනුවරක් තිබිලා නැහැ ඒ නිසාම තාරක හා සුරපද්ම කුමාරවරුන්ගේ ඉල්ලීම පරිදි මායා-අසුර (විශ්වකර්ම) විසින් ලංකා පුරය ඉදිකර දුන් බවරාමායණයේ සදහන් වෙනවා. ඒත් එක්කම නිල රථය ලෙස පුෂ්පක රථය නොහොත් දඩු මොණරයද (දඩු මොණරය ශකුණ වර්ගයේ විමාණයක් ලෙස සදහන් වෙනවා) නිෂ්පාදනය කර දී තිබෙනවා. වේලාපුර කළුතර හා මහින්දපුර මුහුදට කිට්ටුව තිබූ නිසා ලංකා පුරයත් මුහුදට කිට්ටුව තියෙන්න ඇතියි කියලා අපිට හිතන්න පුළුවන්.



රාමායණයේ එන හනුමා දුටු ලංකා පුර විස්තරය යටතේ ලංකා පුරය පිහිට තිබුනේ මහුද අයිනේය. සීතා සිරකර සිටි මන්දීරය රොසපාට කොරල් පර වලින් සාදා තිබුණ බවත්, ඇය ජනේලය හැරිය විට මුහුදු සුලං ඇයට රාමා පිළිබදව ශෝක ගීත ගෙන ආ බවත් හනුමා විස්තර කල බව රාමායණයේ සදහන් වේ. ලංකා පුරය ත්‍රිකූටකයක් මත නොහොත් කදු මුදුන තුනක් මත තිබූ සදහන් වේ. ත්‍රිකූටමලය යන අර්ථය අති ත්‍රී කුණාමළය මෙම ස්ථානය වී තිබෙන්නටත් පුළුවන්. මළය යනු උස්බිමයි. ලංකාවේ මළය රට ලෙස මධ්‍යම කදුකරය හැදින්වෙන්නේ ඒ බැවිණි. ත්‍රිකුණාමලයේ පාෂාණ ස්ථරයන් පොළවට ගිලා බැස ඇති අයුරු අදටත් ත්‍රිකුණාමළයෙන් දැකගත හැක. රාමායණයේ සදහන් වන පරිදි රාවණ කුමරු විසින් මිනිසෙක් අතින් තමා මිය නොයන වරය ලබා ගැනීමට වසර 3ක් උග්‍ර තපස් රැක්කේද ගෝකණ්න නැමති ස්ථානයේය. පසුකලෙක ගෝකණ්න වරාය ත්‍රිකුණාමළය ලෙස හැදින් වීම නිසා ලංකා පුරය පිහිටි ස්ථානය ත්‍රිකුණාමළයේ පිහිටියායි අනුමාන කරන්නට තිබෙන සාක්ෂි වැඩියි.

ත්‍රිකුණාමළයේ පාෂණ මුහුදට ගිලිගිය සටහන් ඇති ස්ථාන

ක්‍රි.පු 4 වන සියවසේදී ග්‍රීසියේ විසූ ප්ලේටෝ පඩිවරයාගේ අත්ලාන්තිස් පුරවරය රාමායණයේදී හනුමාන් විසින් දුටු ලංකා පුරයට හැම අතින්ම සමානය. මේ දෙකම අවසානයේ මුහුදට ගිලී විනාශ විය. මෑතකදී සොයා ගනු ලැබූවේ අත්ලාන්තිස් පුරවරය හා ලංකාපුරය යනු එකම ස්ථානයක් බවත් රාමායනය හා ප්ලෝටෝගේ අත්ලාන්තිස් පුරවරය එකම ස්ථානය ගැන ලියැවුන වාර්තා දෙකක්
බවයි.

1. කඳු 3ක් මත පිහිටීම
2. දේව(පුජක) පාලනය
3. ගුවන් යානා
4. කාන්තා-පිරිමි සම අයිතිවාසිකම්
5. තනි දේවාලයක්
6. මාර්ග පද්ධතිය
7. නිවාස වල පිහිටීම
8. අලියා
9. කෙසෙල් දොඩම් හා අඹ
10.විනාශකාරී අවි
11.අසුර නාමය (ග්‍රික අස්වින්)
12.ලොව පරමාදර්ශි රාජ්‍ය
13.මුහුදට ගිලා බැසීම

ආදි වු සමාන ලක්ෂණ මේ දෙකේහිම විස්තර වන විස්තර වන නිසා ලංකාපුර හා අත්ලාන්තීස් පුරවරය යන්න එකක් බව සැකයකින් තොරවම ඔප්පු වේ. එමෙන්ම ප්ලෝටෝ පවසන පරිදි අත්ලාන්තිස් යන නාමයද දී ඇත්තේ ඔහුය. ඊට හේතුව ලෙස ප්ලෝටෝ මිසරවරුන් එය ඔවුන්ගේ නමකින් හැදින්වීම යන්න පවසයි. ග්‍රීකයන් මෙම තොරතුරු දැනගෙන ඇත්තේ මිසරයන්ගෙනි. කෙසේ වුවත් මෙම අත්ලාන්තිස් පුරවරය යන්න සුදු ජාතීන්ගේ හෝ යුරෝපිය උරුමයක් නොවන බවට අද පිළිගනු ලැබේ.

යුද්ධය පුහුණු වීමෙන් පසුව ඇතී වූ ප්‍රීතිජනක සන්ත්‍රාසය (ත්‍රීල්) නිසා සුරපද්ම කුමරු එහි අනන්තයටම යමින් ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නත් පහරදෙන්නටත් පටන්ගෙන තියෙන අතර ඒ වන විට ඉන්දු දේශයට ගොස් සිටි සිව නැතහොත් ඉන්දු නැමති හෙළ දේව රජුගේ පුත් ජයන්ත කුමරුව පැහැරගෙන තියෙනවා. සිව රජු ඉන්දු දේශයට(පංජාබ් තැනිතලාව හා කාශ්මීරය) පිටතින් ආවා මිස ආවේ කොහෙන්දැයි හින්දු පුරාණයන් නොකියන අතර සිව+ගිරි (සීගිරියේ) සිට ආ සිව රජ වත්මන් මූල්තාන් මුල්කරගෙන තම රාජධානීය ගොඩනැගූ බවත් සදහන් වෙනවා.


අරිසෙන් අහබුදු සූරීන් පවසන්නේ සිව රජු සිව+ගිරයේ නොහොත් සීගීරයේ සිට ඉන්දු දේශයට ගොස් ඉන්දු රජ ලෙස ප්‍රසිද්ධ වූ බවයි. සංස්කෘත භාෂා විශාරදයෙක් වන නාගොඩ ආරියදාස සෙනවිරත්නයන් පවසන්නෙ සිව රජු නිර්මාණවාදයක් හා මහා බ්‍රහ්මයා නොවන මැවුම් කරැවෙකු පිළිබදව දර්ශනයක් ඉදිරිපත් කිරීම නිසා ලද දඩුවමක් ලෙස කාශ්මීර පාලනයට යැවූ බවකි. විශ්වකර්ම විසින් ලංකාපුරය නිර්මාණය කරන ලද්දෙ සීගිරිපර්වතය මත බවද සෙනවිරත්න සූරීන් විසින් පෙන්වා දෙන අතර හින්දු ආගමේ ශිව දෙවියා යනු සිව රජු බව අරිසෙන් අහුබුදු සුරීන් පවසයි.


කෝපයට පත් ඉන්දු රජු තම පුත් කතිර කුමරු සමග විශාල දේව සේනාවක් එවා සුරපද්මට දඩුවම් කර ජයන්ත කුමරු රැගෙන යාමට කටයුතු කරන අතර ( මේ සිද්ධියද රාමා විශාල වදුරු සේනාවක් රැගෙන විත් රාවණ රජු සමග සටන් කර පැරදවීමට සමාන්තරව සිටී) එසේ පැමිණි කතිර කුමරු ඇතුළු සේනාව මූලික කදවුර මැණික් ගග අසල කතිරගම පිහිට වූ අතර අද කතරගම ලෙස හැදින්වෙනේ එම ස්ථානය ලෙස සැලකේ.
එතැන් සිට සුරගුප්ත සමග සටන් කල කතිර කුමරු සුරගුප්ත පරාජය කොට මරා දමා තම සොහොයුරු ජයන්ත කුමරු ආපසු යවා කතිරගම නැවතී කතිරගම රාජධානිය ඇරඹිය. මොවුන් වෘත්තියෙන් නාවිකයෝ වූ අතර ඔවුන්ගේ සංකේතය මීන වීය. මේ අතර වේලාපුරයට ගොස් තාරක සමග සටනට වැදුන අතර තාරක ඉන් පැරදී පලා ගිය අතර මේ පුවත සැල වූ සිංහමුඛද ලංකාපුරය හැර පලා ගිය බව සදහන් වෙනවා.

ලංකා පුරය අරාජික වූ විට නැවත එය අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රවස මුනිගේ යක් බිරියක් වූ ඉල්වීලාගේ පුත්‍ කුවේර විසිනි. විශ්‍රවස් මුනිට රකා නැමති තව බිරියක් වූ අතර දණ්ඩාකාරණය පාලනය කරන ලද්දේ බර නැමැති ඇයගේ පුත්‍රයා විසිනි. කුවේර ලංකාපුරයේ රජ වීම ගැන රාවණ විරුද්ධ විය. ඒ කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ නොකළ අයෙක් වූ බැවිනි. ඉන් පසුව ලංකාපුරයේ රාජ්‍යත්වයට පැමිනෙන රාවණ රජු විසින් කුවේරව කාශ්මීරයේ පාලනයට යවන ලදි. කෛලාස කූටය මෙහි රජුගේ මාලිගය පිහිටි ස්ථානය විය. අලංකාපුරය කුවේරගේ අගනුවර විය.

ලංකාපුරය ඉදිරිපත් වීමත් සමග හෙළ අසුර අධිරාජ්‍යය ආධිපත්‍ය වාදය කරා යන්නට විය. රාවණ රජු සමයේ මෙම ආධිපත්‍යවාදය වැඩි වූ අතර ලංකාපුරයේ කැමැත්තට අනුව අසුර අධිරාජ්‍යෙය් පාලනය සිදු විය යුතු බව ප්‍රතිපත්තිය විය. මෙයින් වූයේ කේන්ද්‍රෙයෙන් පරිදිය හසුරවන ආකරයේ පාලන ක්‍රමයක් බිහිවීමය. සංස්කෘතික සමානත්වයෙන් පැවතියා වූ සංස්කෘතික අධිරාජ්‍යය අවසන් විය. මෙයින් සිදු වුයේ ලොව පුරා පැතිර සිටි හෙළයන්ම අධිරාජ්‍යට සතුරන් වීම හා සතුරන් බහුල වීමයි.

මේ වන විට පාද+තල+යට හෙවත් ඇන්දීස් කදුමුදුනේ පිහිටා තිබූ පාතාල රාජධානීය ස්වාධීනව කටයුතු කිරීමට පටන්ගෙන තීබූ අතර ඇන්දීස් කදුකරයේ පිහිටි පාතාල රාජධානීයේ පැවති අධික ශිත නිසාම ලංකාපුර පිහිටි ලංකාවේ ජීවන රටාවට වඩා වෙනස්වීම සිදු විය යුත්තකි. නමුත් රාවණ රජු බලාපොරොත්තු වූයේ හෙළදිවට ගැලපෙන ජීවන රටාව පාතාල රාජධානියටත් ගැල පිය යුතුය. වර්තමානයේ ඇමරිකානු අධිපත්‍ය ලොව පුරා පැතිර වීමට යාමද මෙය හා සමාන්තරව එහි පිහිටි ශිත ජීවන රටාව නිවර්තන රටවලිනුත් අපේක්ෂා කරීමෙන් පෙනෙන්නේ දීර්ඝ කාලීන ආසාර්ථකත්වයකි. බලවතාගේ කැමැත්තට අනුව සොභාධර්මයට විරුද්ධව යාමෙන් අවසානයේ ආසාර්ථකත්වයයි.

මීලග කොටසින් ලේසර් හා විෂ වායු භාවිතා කරමින් කරන ලද්දා වූ රාවණ රජුගේ හා රාමගේ යුද්ධය විමසා බලමු


උපුටා ගැනුම - http://seuslsla.blogspot.com/2011/06/lankapura-was-1st-perfect-city-of-world.html


 

No Response to "හෙළ අසුර රාජවංශය - 5"

Post a Comment

අදහස් සහ උදහස්