Tuesday, July 12, 2011

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 1

0

ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හෙළයන් විසින් මුලින්ම තමන්ගේ රජු හැටියට පත් කරගෙන තියෙන්නේ 'මහා සම්මත මනු' රජතුමායි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+නා+අරම). හැබැයි ඒ බව සනාථ කරන්නට පුළුවන් ශක්තිමත් සාධක නම් තාමත් හම්බ වෙලා නැතිලු. ඒත් වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ නිසා මන්නාරම කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' පිහිටලා තියෙන්නෙත් මන්නාරමට ආසන්නවයි.

රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. ඒ රාජවංශය මෙසේයි.

1. මහා සම්මත මනු
2. රෝජ
3. වරරෝජ
4. කල්‍යාණ
5. වරකල්‍යාණ
6. උපෝසථ
7. මහා මන්දාතු
8. වරමන්දාතු
9. චේතිය
10. චේතියගේ පලමු පුත්‍රයා
11. චේතියගේ දෙවන පුත්‍රයා
12. චේතියගේ තෙවන පුත්‍රයා
13. චේතියගේ සිව්වන පුත්‍රයා
14. චේතියගේ පස්වන පුත්‍රයා
15. මහා මුචලින්ද
16. මුචලින්ද
17. පළමුවන සාගර
18. දෙවන සාගර
19. භරත
20. රුචි
21. සුරුචි
22. පතාප
23. මහා පතාප
24. පහද
25. සුදස්සි
26. නෙරුප
27. මහා නෙරුප
28. අසිරිමත්

මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වශයෙන් බෞද්ධ සාහිත්‍ය තුළද දකින්නට පුළුවන්. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබිලා තියෙනවා. ඒ වාගේම පුරාණ ඉන්දියාවත් තිබිලා තියෙන්නේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් විදිහට. මෙම රජවරුන්ට පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. සමහර ඉතිහාසඥයන් කියන විදිහට හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු කියලා කියන්නේ එකම රජ කෙනෙකුට ලු. ඒත් ඒ සම්බන්ධයෙන් නම් තරමක ගැටළුවක් පවතිනවා. රාජාවලියේ සඳහන් වෙන විදිහට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමා. ඒත් සමහර ග්‍රන්ථ වල සඳහන් වෙන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවයි. ප්‍රාලද කියලා කියන්නේ වරමන්දාතු රජුටම නම් මේ ගැටළුව විසඳෙනවා. එය විසඳීම ඉතිහාසඥයින්ට බාරයි.

කොහොම වුනත් හිරණ්‍ය කාශ්‍යප කියලා කියන්නෙත් මුළු ලෝකයම පාලනය කල අති ප්‍රබල රජෙක්. යුරෝපයේ පිහිටි මහා අයිස් තට්ටුව දියවෙලා ගිහින් භූමිය පෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ රජුගේ කාලයේදියි. හිරණ්‍ය කාශ්‍යප රජුගේ තේජස කොතරම්ද කියනවා නම් එකල විසූ සාමාන්‍ය ජනයා විශ්වාස කරලා තියෙන්නේ තම රජුගේ ඇස් වලින් පිටවූ තේජස් රශ්මිය නිසා මේ හිම දිය වීම සිද්ධ වුනා කියලයි. ඉන්දියානු ග්‍රන්ථයක් වන 'විෂ්ණු පුරාණය' මේ හිම දියවීම සම්බන්ධයෙන් හිරණ්‍ය කාශ්‍යප රජුට දොස් පවරන්නේත් ඉහත සඳහන් කල වැරදි විශ්වාසය නිසායි.
හිරණ්‍ය කාශ්‍යප රජු විසින් කරන ලද විශිෂ්ට නිර්මාණයක් වන්නේ 'කැස්පියන් මුහුද' යි. මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි. මෙය නිර්මාණය කර ඇති ප්‍රදේශයට භූමි මාර්ගයකින් ගමන් කිරීම එකල ඉතා අපහසු වන්නට ඇති අතර ඒ නිසා බොහෝදුරට රජතුමා මේ ප්‍රදේශයට යන්නට ඇත්තේ ගුවන් මාර්ගයෙනුයි.

මේ මහා ජලාශය ඉදිකිරීමෙන් පසුව කොකේසස් කඳු වැටිය ජනාවාස කිරීමද මේ රජතුමා විසින් සිදුකර තිබෙනවා. අධිරාජ්‍යයෙකු ලෙස ප්‍රබල තත්වයකට පත් වෙනවිට ඊට විරුද්ධව ප්‍රබල සතුරන් ද ඇතිවීම සාමාන්‍ය දෙයක්.ඒ අනුව හිරණ්‍ය කාශ්‍යප රජුටත් සතුරන් ඇතිවෙනවා. අවසානයේදී නරසිංහ නම් ඉන්දියානුවෙකුගේ ප්‍රහාරයකින් හිරණ්‍ය කාශ්‍යප රජු මරුමුවට පත් වෙනවා. හින්දු සාහිත්‍ය තළ මේ නරසිංහ නමැත්තා සඳහන් වෙන්නේ විෂ්ණුගේ නරසිංහාවතාරය ලෙසින්. කෙසේ වුවත් හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරනයෙන් පසුව හෙළ අධිරාජ්‍යය බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කරගන්නේ ඔහුගේ පුත් 'ප්‍රාලද' විසින්. හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ප්‍රාලද කියන්නේ විෂ්ණු භක්තිකයෙක් කියලා. සමහරවිට ප්‍රාලද කුමාරයා නරසිංහ සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සමගි සන්ධානයකට එලඹෙන්නට ඇති. ඒ නිසා හින්දු පුරාණය ඔහුව විෂ්ණු භක්තිකයෙක් ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්.

ප්‍රාලදගෙන් පසුව රජවන්නේ ඔහුගේ පුත්‍රයා වන 'විරචන' කුමරුයි. මොහුත් අති ප්‍රබල සහ දක්ෂ පාලකයෙක්. දකුණු අමෙරිකානු කලාපය ජනාවාස කරවන්නේ මේ රජතුමා විසින්. මෙම කලාපය ලෝක ගෝලයේ අනෙක් පසින් හෙවත් හෙළ අධිරාජ්‍යයේ ජනයාගේ පාද වලට යටින් පිහිටා තිබුණු හෙයින් පාද තල යට ලෝකය හෙවත් පාතාල ලෝකය ලෙස හඳුන්වලා තිබෙනවා. අද 'ඉන්කා අධිරාජ්‍යය' කියලා හඳුන්වන්නේ විරචන රජු විසින් ජනාවාස කරපු ප්‍රදේශයයි. හෙළයින්ගේ වැව් සංස්කෘතිය ආශ්‍රිත ශිෂ්ටාචාරයේ ලක්ෂණ මේ ජනාවාස වලත් දකින්න පුළුවන්.

හිරණ්‍ය කාශ්‍යප රජු කැස්පියන් මුහුද ඉදිකර ඒ ආසන්නයේ පිහිටි කොකේසස් කඳුවැටිය ජනාවාස කළා. විරචන රජු ටිටිකාකා විල අසල පිහිටි ඇන්ඩීස් කඳුවැටිය ජනාවාස කළා. ඉන්කා අධිරාජ්‍යය තුල පිහිටි ඉන්කා දෙවොල හෙවත් විරචන දෙවොල ඉතා විශිෂ්ට නිර්මාණයක වන අතර ඒ තුළ නිර්මාණය කර තිබෙන විරචන රජුගේ ශෛලමය පිළිරුවක් අදත් අපට බලා ගන්න පුළුවන්. ඉන්කා අධිරාජ්‍යය තුල විරචන රජුව හඳුන්වා තියෙන්නේ වීරකෝච නමින්. ඉන්කා අධිරාජ්‍යය සතුව ඉතා දක්ෂ ඉංජිනේරුවන් සිට ඇති අතර 'විශ්වකර්ම' ලෙස හැඳින්වෙන අති දක්ෂ ඉංජිනේරුවා ද සිට ඇත්තේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් වූ ඉන්කා අධිරාජ්‍යයේ යි.

උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/11/blog-post.html


හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 2

No Response to "හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 1"

Post a Comment

අදහස් සහ උදහස්

..