-->

Tuesday, July 12, 2011

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 2

0

සෙල්ලිපි වලින් කියැවෙන අතීතය යට යන්නට හේතු වන තවත් කාරණයක් නම් මේවා ලියා ඇති අක්ෂර අශෝකාක්ෂර වලට සමාන වීමයි. කොඩ්‍රින්ටන් පන්නයේ ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට අක්ෂර කලාව ලැබෙන්නේ මිහිඳු මාහිමියන් හරහා බව සඳහන් වෙනවා. මේ නිසා ඊට කලින් අපේ රටේ තියෙන ලිඛිත ඓතිහාසික සාධක පිලිගන්නට අපේ ඉතිහාසඥයින් කැමති නැහැ. ඔවුන් විසින් සිදු කරන මේ වරද නිසා වසර 10,000 ටත් වඩා එහාට දිව ගිය ඉපැරණි ඉතිහාසයක් හෙළිදරව් කරගැනීමට අපහසු වී තිබෙනවා.


මහාවංශයට අනුව ලක්දිව රාජ වංශය ආරම්භ වන්නේ විජය රජුගෙන් වුවත් ඊටත් පෙර සිටම මෙහි ප්‍රබල රජ පරපුරක් සිටි බව පිළිගත හැකි සාධක බොහොමයක් පවතිනවා. විජය රජුට හමු වූ කුවේණියත් රජ කුමරියක් බව සෙල්ලිපි වල සඳහන් වෙනවා. එම සෙල්ලිපි වලට අනුව කුවේණිය යනු 'බිම්බා' රජුගේ දියණියයි. මෙයත් විජය ට පෙර තිබූ රාජ වංශය සම්බන්ධ සාක්ෂියක්. ආචාර්ය සූරිය ගුණසේකරයන් පවසන පරිදි 'කුවේණි' යනු ආරූඪ නාමයක් ( කළුවන් සමක් ඇත්තී ). ඇගේ නියම නම 'ලීලාවතී'. නමුත් මේ නියම නම සඳහන් වන්නේ කොහේදැයි කියා එතුමා සඳහන් කර නැහැ. මෙකල මර්ගන නගරය ( මන්නාරම අසල පිහිටා තිබූ නගරයක් ) පාලනය කල 'අල්ලිරාණි' කුමරිය කුවේණියගේ ඥාති සහෝදරියයි. අල්ලිරාණි යනු 'කුම්බා' රජුගේ දියණියයි. කුරුණෑගල පිහිටි 'විල්බා ජනපදය' පාලනය කර ඇත්තේ විජය ට දාව කුවේණියට ලැබුණු පුත්‍රයා වන 'ජීවහත්ථ' විසිනි. බෝධිවංශයට අනුව විල්බා ජනපදය පාලනය කර ඇත්තේ 'වීරබාහු' රජු විසිනි. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ථ යනු ප්‍රාණවත් හස්තයයි. මේ නම් දෙකෙහිම සමානත්වයක් දකින්නට පුළුවන්. ඒ අනුව වීරබාහු සහ ජීවහත්ථ යනු එක් පුද්ගලයෙක්ම විය හැකියි.


උපුටා ගැනීම -http://sellipiya.blogspot.com/2009/10/2.html

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 1

No Response to "හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 2"

Post a Comment

අදහස් සහ උදහස්