-->

Wednesday, July 13, 2011

අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 4

0

ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.තෙවන වෙළුම
පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්...
අද එතැන් සිට....

අපි කවුරුත් දන්න දෙයක් තමයි ලංකාව ඉස්සෙලාම එක්සේසත් කලේ දුටුගැමුණු රජතුමා කියලා. එතුමා ඒ සටන පටන් ගත්තෙ “මගේ මේ ව්‍යායාමය, හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය“ යන සටන් පාඨය මුල්කරගෙනයි. ඊට හේතුව තමයි ඒ වන විට බුදුදහම සිංහලයන් සියල්ලම පාහේ තම ආගම බවට පත්කරගෙන තිබීමයි. ඒ වගේම අපිට එතැනින් වටහා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙරට පාලක පන්තිය දක්වා පුළුල් වුණා කියන එක. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලංකාව තුල ඒ තත්වය ලැබුනේ, ඒ වන විට පාලක පක්ෂයව සිටි දේවයන්, බුදුන් ලංකාවට වැඩම කොට ධර්මය දේශනා කල අවස්ථාවේ දේව අධ්‍යාපනයේ ප්‍රධානියාව සිටි (ශක්‍ර) සුමන(සමන්) සෝවාන් වී එම කාර්්‍යන් අත්හල නිසා වෙන්න ඇති. මහා වංශයට අනුව ලංකාවේ දේව වංශය ගැන හෝ දේව අධ්‍යාපනය ගැන හෝ දේව පාලනයක් ගැන සදහනක් නැහැ.

සිංහලයන්ගේ පාලක පන්තිය වුනේ භික්ෂුන් වහන්සේලා. නමුත් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානියා, නැතිනම් පාලක පන්තියේ ප්‍රධානියා වුනේ ගිහියෙක් වුන රජුයි. තමන්ගේ යූද්ධයට සහයෝගය ලබාගනු පිණිස දුටුගැමුණූ රජතුමා ඉහත ප්‍රකාශය කලායැයි අපට උපකල්පනය කරන්නත් පුළුවන්. දේව පාලන යුගයේ දේවයන්ගේ කාර්තව්‍ය වූ අධ්‍යාපනය, විනිශ්චය හා යුද්ධය(ආරක්ෂාව) යන තුනෙන් දෙකක්ම පසුකලෙක පැවරුණෙ භික්ෂුන් වහන්සේලාටයි. තුන් වැනි දේව කාරීය වූ ආරක්ෂාව සැපැයීම පමණක් රජුට පැවරුණි. ඒ නිසාම පළමු කාරණා දෙක ඉටුකල භික්ෂූවද, තුන්වැනි කාරණය ඉටුකල රජුද සෑම විටකම එක පාර්ශවයක් විදිහට පෙනි ඉන්න ඇති.

ඉතිහාසය පුරාම දුටුගැමුණු රජුගේ ඉදන් ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කාලය දක්වාම භීක්ෂුන් වහන්සේලා විසින් රජු හැසිරවීම ලක් ඉතිහාසයේ සුවිශේෂී කාරණයක් විදියට සලකන්න පුළුවන්.

විජයාගමනයෙන් ලංකාව තුල ජනාවාස වූවා නම් වැව යන සංකල්පය ඉන්දියාවෙන් ලැබුණ වාරීමාර්ග ක්‍රමයක් වෙන්න ඕනේ නේ. ඒ වුනත් ඉන්දියාවේ හෝ වෙනත් රටක වැව් දක්නට නැහැ. වැව් හා බැදුන ශිෂ්ඨාචාර නැහැ. දකුණු ආසියාවේ සෑම රටකම පාහේ කෘෂි කර්මාණ්තය සදහා ජලය ලබාගෙන ඇත්තෙ ගංගා හරස් කරලා බැදපු අමුණු වලින්.

වැව යනු වාරිමාර්ග ක්‍රමයක් විතරක් නෙවෙයි. වැව හා බැදුන ශිෂ්ඨාචාරයකුත් ඒ එක්කම තිබුණා. ඒ වගේම ලංකාවේ උස්බිම් ගොවිතැනුත් තිබුණා. ඒ කියන්නෙ හේන. හේනයි වැවයි කියන්නේ සිංහල ලකුණක්. ඒවා ඉන්දියාවෙන්වත් කොහෙන්වත් ආපුවා නෙවෙයි. ඒවා අපේම උරුමයන්. ගම බිහිවුනේ ඒ සලකුණු මතින්. මෙම ලක්ෂණ ඉන්දියාවේ නැති නිසා විජයාගමනයෙන් පසුව ලංකාවේ ජනාවාස බිහිවීම පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

විජය යනු සිංහබාහුගේ පුත්‍රයා බවත්, සිංහබාහු විසින් සිංහලා ලාණය කල නිසාත් , විජය විසින් ඇති කල ජාතිය සිංහල බව මහාවංශය සදහන් කරනවා. සිංහයෙකුට දාව සුප්පාදේවිය විසින් ලද දරුවන් දෙදෙනා වූ සිංහබාහු හා සිංහ සීවලීට විජය හා ඔහුගේ සහෝදරයන් 31 දෙනා පැවත එන බවත්, විජයගේ වංශය සිංහල බවත් වංශකථා පැවසුවත් එය පිළිගැනීමට අපහසුයිනේ. දරුවන් 32 දෙනෙක් ලැබීමට එක කාන්තාවකට හැකිද? එය වුවත් තිරිසනෙකුට දාව මිනිස් දුවකට දරුවන් ලද හැකිද? වෙන්න බැරි දෙයක්නේ. ඒ නිසා සිංහ සීවලීගේ හා සිංහබාහුගේ කතාව මිත්‍යාවකි. ඒ වගේම කුවේණිය පිළිබදව මහා වංශයේ සදහන් පුවතතද මිත්‍යාවක් විදිහට සලකන්න පුළුවන්. තිරිසනුන් හා මනුෂ්‍ය දුවන් එක් වීමෙන් ලැබෙන දරුවන් යනු කතා සම්ප්‍රදායක් විතරයි. හරියට ග්‍රිසියේ මිනිසුන්ගේ යුරෝපා කුමරිය හා මිනටෝන ගවයා ගැන ප්‍රවාදය වගේ.

බුදුන් වහන්සේ මහියංගනයට පැමිණ ධර්මය දේශනා කලේ මිනිසුන්ටය. මොකද අමනුෂ්‍යයන්ට ධර්මය වැටහෙනවා කියලා විශ්වාස කරන්න බැහැ. සතාගිර , හේමවත හා පුර්ණක යන යක්ෂ සේනාපතියන් දෙව්රම් වෙහෙරට පැමිණ බණ ඇසූ බව බෞද්ධ සාහිත්‍යෙය් තියෙනවා. ඔවුන් දෙව්රම් වෙහෙරට අහසින් පැමිණි බවත් කියන නිසාම හෙළයන්ගේ දඩුමොණරය වැනි අහස් යනා තිබූ බවත් තහවුරු කරගන්න පුළුවන්. මෙම සේනාධිපති වරුන් දේව පාලකයන් බවත් දෙව පාලකයන් අහස් යානා ගමන් සදහා යොදාගත් බවත් හිතන්න පුළුවන්. යක්,රකුස්, නා හා අසුර යන් සිව් හෙළයන් එක් වී සිංහලයන් හැදුනා කියන එකත් පිළිගන්න බැහැ. මොකද අසුර කියන්නෙ හෙළ අධිරාජ්‍ය යයේ නම. ප්ලෝටෝ විසින් ලියපු අත්ලාන්තිස් පුරවර විස්තරයෙත් අසුර යන නාමය අස්වින් යන උරුවට සදහන් කරලා තියෙනවා. ඒ නිසා අසුර කියන්නෙ වෙනම මිනිස් වර්ගයක් නොව පොදුවේ හෙළ ජාතියේ නමයි. හරියට ශ්‍රි ලාංකීය වගේයි.

යක් යන්නෙන් යකඩ සංකේතවත් කර යක් යනු කර්මාන්ත කරුවන් බවත් වන්නිහාමී ගුරුන්නාසේ ලියපු පුස්කොල පොතක සදහන්වෙලා තියෙනවාලු. මෙම යක් නාමය සංසකෘත භාෂවට පෙරලෙන විට යක්ෂ වී ඔවුන් අමනුෂ්‍ය ගනයට වැටිලා තියෙනවා. ඒ වගේම කුස රැකීමට ගොවිතැන් කල අය රකු+කුස් = රකුස් වෙලා එයත් සංස්කෘත වලට පර්වර්තනය වෙන විට රාකෂ්‍ය වී ඔවුන්වත් අමනුෂ්‍ය ගනයට වැටිලා තියෙනවා.

ලංකා ශිලා ලිපි සංග්‍රහයට 1ට අනුව අංක 9 දරණ මිහින්තලයේ ලිපියේ වෙසමුණි ගැන සදහන් වෙලා තියෙනවා. සමහර විට ඔයාලත් අහල ඇති මේ වෙසමුණි ගැන. තොවිල්, මැතිරිලි වලදී මේ වෙසමුණි නම් යක් රජු ගැන කියැවෙනවා. වෙසමුණි කියන්නෙ රාවණගේ පියා වු විශ්‍රවස් මුණි වෙන්නත් පුළුවන්. සෙල්ලිපියට අනුව වෙසමුණිගේ පුත් බරණීගේ ලෙන සංඝයා වහන්සේලාට දීම ගැන සදහන් වෙනවා. අංක 671 දරණ අම්පාර ගෝනගල ලිපියෙන් නැවතත් පරුමක සතාගිර හා බත කශපගේ ලෙන පිළිබදව හැදින්වේ. බෞද්ධ සාහිත්‍යට අනුව ද පරුමක හා සතාගිර යන් යක් සෙන්පතිවරුය. ඒ අනුව ඔවුන් යක්ෂයන් නොව පාලකයන් බවට පැහැදිලිය

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/03/4.html

No Response to "අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 4"

Post a Comment

අදහස් සහ උදහස්