-->

Wednesday, July 6, 2011

හෙළ අසුර රාජවංශය - 1

1

තුන් ලොව ජය ගත් අපේ රජවරු

මේ දක්වා අපි අපේ ඉතිහාස ගවේෂණ චාරිකාවේදී විවිධ සංදිස්ථාන පසුකරමින් ආවානේ. ඔන්න අද ඉදන් අපි ගෙන එන්නෙ ලංකා ඉතිහාසයේ අප දන්න විජය රජුගෙන් එහාට ගිය, අපේ ඉතිහාසයට ඇතුලත් නොකල තුන් ලොවම පාලනය කල අපේ රජවරු ගැනයි.

අපේ ගවේෂණයට අනුව නම් හෙළ දේශයේ පළවෙනි රජතුමා මහා සම්මත “මනු“ රජතුමායි. මේ පළවෙනි රජතුමා තොරාගෙන තියෙන්නෙ මහා සම්මතයෙන්. ඒ
කියන්නෙ සියළු දෙනාගේ කැමැත්තෙන් තමයි මනු රජතුමාව හෙළ දේශයේ පාලකයා විදියට තොරාගෙන තියෙන්නෙ. සංස්කෘත සාහිත්‍යට අනුව මනු රජතුමා මනු වෛශ්වත කියලා තමයි හැදින්වෙනෙ. හෙළ හවුලේ සොයාගැනීම් හා රාජාවලියට අනුව නම් ලංකාවේ පළවෙනි රජතුමාත් මහා සම්මත මනු රජතුමාමයි.


සමහර මුලාශ්‍ර වල මනු රජු දඹදිව රජ කලායි කීවද, දඹදි
ව කියන ප්‍රෙද්ශය නිශ්චිතව භූගොලිය ප්‍රෙද්ශයක් වශයෙන් වෙන්කිරීම අපහසුයි. රාජාවලියට අනුව දඹදිව කියන්නේ මහාමේරු පර්වතයෙන් දකුණෙන් පිහිටි කලාපයයි. හිමාල කදුකරය ඇතුළු මහාමේරු පර්වතයෙන් උතුරු කලාපය උතුරුකුරු දිවයින විදියට තමයි හැදින්වෙන්නෙ. අරිසෙන් අහබුදු සූරීන්ට අනුව මහා සම්මත මනු රජතුමාගේ රාජධානිය වෙලා තියෙන්නෙ වර්තමාන මන්නාරම ප්‍රෙද්ශයයි.

මනු+නා+අරම මන්නාරම ප්‍රෙද්ශය හා ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා ඇති ආදම්ගේ ගල්පාලම නිසාත්, රාමායණය වැනි තහවුරු කරගත් ඓතිහාසික සිද්ධින් හා බැදී තිබෙන මෙම පාලම නාසා ආයතනය මගින් වසර ලක්ෂගණනක් පැරැණි බව තහවුරු කර තිබීම වැනි කරුණු නිසාත් මන්නාරමට වැදගත් සාථානයක් හිමි වෙනවා. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික යුගයේ මානව ඇටකටු සහිත වු මැටි බදුන් හමු වූ පොම්පරිප්පු ප්‍රෙද්ශය මන්නාරමට ලංව පිහීටීම නිසාත් මෙම අරිසෙන් අහබුදූ සූරීන්ගේ මතය තහවුරු කරන්න සාක්ෂිත් සොයාගන්න පුළුවන්.

මනු රජතුමාගෙන් ඇරඹුණ රාජවංශය රජවරුන් විසිඅටකින් සමන් විත බව රාජාවලිය පවසනවා.
1. මහා සම්මත මනු
2. රෝජ
3. වරරෝජ
4. කල්‍යාණ
5. වරකල්‍යාණ
6. උපෝස්ථ
7. මහාමන්දාතු
8. වරමන්දාතු
9. චේතිය
10. චේතියගේ පළමු පුත්‍රයා
11. චේතියගේ දෙවන පුත්‍රයා
12. චේතියගේ තෙවන පුත්‍රයා
13. චේතියගේ සිව්වන පුත්‍රයා
14. චේතියගේ පස්වැනි පුත්‍රයා
15. මහා මුචලින්ද
16. මුචලින්ද
17. සාගර
18. සාගර
19. භරත
20. රුචි
21. සුරුචි
22. පතාප
23. මහා පතාප
24. පහද
25. සුදස්සී
26. නෙරුප
27. මහානෙරුප
28. අසිරිමත්

මෙම රජවරුන්ගේ රාජ්‍ය කාලය පිළිබදව රාජවලියේ එන රාජ්‍ය කාලයන් පිළිගන්න අමාරුයි. ඊට හේතුව තමයි රාජාවලියට අනුව මේ හැම රජකෙනෙක්ම අසංඛේයක් රජකම් කිරීමයි. ඒ වෙනුවට අරිසෙන් අහබුදු සූරීන්ගේ කාල නිර්ණයන් වඩාත් පිළිගන්න පුළුවන්. එනම් මහා සම්මත මනුරජුගේ සිට හත්වැනියා වූ මහාමන්දාතු රජු දක්වා අවුරුදු 143 ක් එතුමා දක්වලා තියෙනවා. එනම් ක්‍රි.පු 26200 සිට ක්‍රි.ප්‍ර 26057 දක්වා කාලයයි. මහාමන්දාතු රජතුමා හිරණ්‍ය කාශ්‍යප, ඊරණි, හීරණයක් වැනි විවිධ නම් වලින් හදුන්වලා තියෙනවා.
මහා බඹුගෙන් ලද වරයක් නිසා හිරණ්‍ය කාශ්‍යප රජුට තුන්ලෝකයම තම හැසිරවීම යටතේ තබාගැනීමේ හැකියාව තිබූ බව භගවත් ගීතාවේ සදහන් වෙනවා.

ඔහු සක්විති රජෙක් ලෙසටද විස්තර වෙලා තියෙනවා. විශ්ණු පුරාණය ඔහුට දොස් නගන්නේ සූර්ය්‍යා බදු තේජස් වී ඇස්වලින් බලා උත්තර දිශාවේ හිම දිය කර හැරිය බව කියමින්.හිම දිය වී ගිය පසු මතු වූ පොළොවේ බිහි වු ගහ කොල සතුන් හා මිනිසුන් පාලනය කිරීමට එසේ කල බව කියමින් දෝෂාරෝපණය කෙරේ. මෙම සිදුවීම භෞතික වශයෙන් භූ විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත්තෙ මෙයට වසර 12500කට පමණ පෙර සිදුවූ යූරෝපීය අයිස් තට්ටුව දියවී ගොස් භූමිය පෑදීම ලෙසය. මෙම සිදුවීම වසර සියයක් පමණ සිදු වී ඇති අතර මෙම දියවී ගිය ජලය ඉන්දියන් සාගරයට ගලා ගියබවත් භූ විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා.

ඉන්දියාවේ සින්දු නදියට තරමක් සමාන්තරව ඇති වියළී ගිය ගංගා මාර්ගයක් අදත් දක්නට තියෙනවා. මෙය සරස්වතී නැතහොත් දෘෂද්වතී නදිය ලෙසටද ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයන් විසින් අනුමාන කරනවා. සෘග් වේදය ලියන අවදියේ නව සංක්‍රමණිකයන් පදිංචිව සිටියේ සරස්වතී නදිය අසබඩ බවට අනුමාන කරන අතර හිම දිය වීම අවසන් වූ පසු ගංගාව වියැලී සිදී ගිය බව අනුමාන කරන්න පුළුවන්.

මෙහිදී සදහන් කරන්න ඕනේ වන තවත් වැදගත් කාරණයක් තමයි මැක්ස්මුලර්ගේ ඉන්දු ආර්ය මතයයි. මැක්ස්මුලර්ට අනුව ඉන්දු ආර්යන් කැස්පියන් මුහුදට බටහිරින් පිහිටි කොකෙස් කදුකරය ප්‍රෙද්ශයෙන් සංක්‍රමණය වූවන්. එහි සිට ගව පට්ටි දක්කාගෙන ආපු පිරිසෙන් කොටසක් ඉරානයේ(පර්ශීයාවේ) නතර වෙලා තියෙනවා. මැක්ස්මූලර් ඔවුන් හදුන්වන්නෙ ඉන්දු_ඉරාණීන් ලෙසට. ඉතිරි කොටස නැගෙනහිර ප්‍රෙද්ශයට සංක්‍රමණය වී ඇෆ්ගනිස්ථානයේ ඇති කපොළු මාර්ග තුලින් පංජාබයට ඇතුලත් වෙලා තියෙනවා. පර්සියාවේ(ඉරාණයේ) නතර වූ පිරිස සංග්‍රහ කල කෘතිය “ආවෙස්ටා“ වන අතර පංජාබ ප්‍රෙද්ශයේ අය සංග්‍රහ කල කෘතිය “සෘග් වේදයයි“.

ඒ වුණාට මැක්ස්මුලර් අමතක කරපු කාරණය තමයි ගොවිතැනට පවා අවතීරණ නොවී සිටි එඩේරුන් පිරිසක් විසින් සෘග් වේදය වැනි විශාල දාර්ශනික හා ශාස්ත්‍රීය වටිනාකමින් යුක්ත කෘතියක් දායාද කලේ කොහොමද කියන එක. සෘග් වේදය කියන්නෙ ලොකේ හොදම දාර්ශනික කෘතියක්. අවේස්ටාවේත් සම් කරුණු සෘග් වේදයට සමාන වුණාට සෘග් වේදයට වඩා දාර්ශනික හා සාශ්ත්‍රීය බවෙන් අඩු ඇයිද කියන එකත් මෙතනදී මතු වන ගැටළුවක්.

හිරණ්‍ය කාශ්‍යප රජුගේ යුගයේදී හෙළයන් ඉතා දියූණු තත්වයක සිටිබව ඇමැරිකානු මානව විද්‍යාඥයන්ගේ මතයයි. අගහරු ලෝකයේ ඇති පිරමීඩ වල ඡායාරූප නාසා ආයතනය මගින් ලබාගෙන තිබීම මෙම කාරණය තහවුරු වන්නට තවත් හේතු වනවා. හිරණ්‍ය කාශ්‍යප රජු විසින් තුන් ලොවක් පාලනය කල බව ඇමැරිකානු ලේඛක ඩේවිඩ් හවර් විල්ඩ්‍රස් විසින් කියන්නෙ අගහරු පෘථිවි හා සිකුරු යනු ඒ තුන් ලොව බවත්, පෘථීවියේ සිට අනෙකුත් ග්‍රහ ලෝකයන්ට යාමට තරම් දියූණු අජඨාකාශ යානා ඒ යුගයේ තිබූ බව සදහන් කරමින්. ඉපැරණි ගුවන් යානා ගැන සෙවූ විල්ඩ්‍රස් වැනි ලේඛයන් ඒ ගුවන් යානා තීබූ රට ගැන සෙවීමේදී මෙම යොමු වීම සිදු වෙලා තියෙනවා.


මහාචාර්ය ඩේවිඩ් ප්‍රෝලි විසින් දක්වන පරිදි කැස්පියන් මුහුදට ඒ නම ලැබී ඇත්තෙද හිරණ්‍ය කාශ්‍යප රජුගේ නම ඇසුරෙන්.

කසුබ්+කාශ්‍යප+කාශ්‍යපියන්+කැස්පියන් යන නම කසුබ් යන හෙළ නම ඇසුරින් නිර්මාණය වී ඇති බව නිගමනය කරන්න පුළුවන්. කාශ්‍යප යන්නෙහි ඉංග්‍රිසි උච්චාරණය කාශ්‍යපියන් වීම නිසා උච්චාරණයේ පහසුවට බටහිර ජාතිකයන් කැස්පියන් යන නාමය බාවිතා කරන්න ඇති. කැස්පියන් මුහුදට ඒ නම ලැබෙන්න ඇත්තේ හිරණ්‍ය කාශ්‍යප රජු විසින් කොකෙස් කදු කරය පාලනය කල නිසාය. ලංකාවේ සිට කොකෙස් කදුකරයට යාම අනිවාර්යයෙන්ම ගුවනින් සිදුවිය යුතුය. මෙකල මහා මාර්ග තිබුනේ නෑ නේ. අනික කැස්පියන් මුහුදට නැවකින් යන්නත් බැහැ. ලංකාවේ සිට කොකෙස් කදුකරයට ගුවනින් යාම, තුන් ලොවක් පාලනය කල බව සංස්කෘත ග්‍රන්ථ වල හා හින්දු ජනප්‍රවාදයේ තිබීම, විශ්ණු වැනි බලවත් පුද්ගලයන් සතුරන් වීම නිසා මෙම කරුණු වලට එලැඹිමට බටහිර උගතුන් පෙළඹෙන්නට ඇත.


උපුටා ගැනුම : http://seuslsla.blogspot.com/2011/05/sri-lankan-kings-empires-reached-beyond.html

හෙළ අසුර රාජවංශය - 1
හෙළ අසුර රාජවංශය - 2
හෙළ අසුර රාජවංශය - 3
හෙළ අසුර රාජවංශය - 4
හෙළ අසුර රාජවංශය - 5
හෙළ අසුර රාජවංශය - 6


1 Response to හෙළ අසුර රාජවංශය - 1

January 8, 2014 at 2:56 PM

digatama karagena yanna. mma subapathanawa. ape hela ithihasaya nawatha lokayata oppu karanna. helayo kawadawath paradawana jathiyak neme. obata jaya..

Post a Comment

අදහස් සහ උදහස්