-->

Wednesday, July 13, 2011

අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 6

1

මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පුත් මුඨසීව ක්‍රි.පු. 366 දී රාජ්‍යත්වයට පත්වෙනවා. මුඨසීව රජුගේ බාලම පුත්‍රයා වන අසේල රජ වන්නෙ ක්‍රි.පු. 214දී
. මේ අතර තියෙන කාල පරාසය වසර 152ක්. බුදුන් වහන්සේගේ සමයේ පවා මිනිසාගේ පරමායුෂ වුනේ අවුරුදු 120යි. අසේල රජු මරා එළාර රජවු අතර එළාර පරාජය කර දුටුගැමුණු රජු රජවන්නෙ පරම්පරා 5කට (මහානාග--යටාලතිස්ස--ගෝඨාභය- - කාවන්තිස්ස-- දුටුගැමුණු) පසුවයි. මෙය මහත් පුදුමයකි.


අද එතැන් සිට...
පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල 2ක් තිබිලා තියෙනවා. 1ක් තමයි එකක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ, අනික තිබිලා තියෙන්නෙ හෙළදිව කල්‍යාණියේ. මේ විශ්වවිද්‍යාලය නැගෙනහිර හැඩ ඔය මුවදොර අසල තිබූනා යැයි සලකනවා. ඒ යුගයේ ලංකාවේ වැව් ආශ්‍රිත ශිෂ්ඨාචාරයක් තිබිලා නැහැ. නාවික ආර්ථිකය තමයි රටේ ප්‍රධාන ආර්ථික ක්‍රමය වෙලා තියෙන්නෙ. මෙම තොරතුරු දැනටත් ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේ ආරක්ෂිතව තියෙනවාලු. තිස්ස රජුගේ කාලයේ(මහා තිස්ස -විහාර මහා දේවියගේ පියා) මුහුද ගොඩගලා ඇවිත් ගොඩබිම යට වුණ බව සදහන් වෙනවා.

ඒ කාලේ නම නොතිබුණාට ඒ ලංකාවට ගලපු පළමු සුනාමිය ගැන ලිඛිත සදහනයි. රජාවලියට අනුව මෙම මුහුද ගොඩගැලීමෙන් මුහුදු බඩ නගර ලක්ෂයක්, ධීවරගම් 970 මුතු ලැබෙන ගමි 470ක් ඇතුළුව ලංකා භුමියෙන් 11/12 ක් මුහුදට යට වු බව සදහන් වෙනවා. ඒ තොරතුරු වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාර තොරතුරු වලට අනුව ලංකාවේ නාවුක ශිෂ්ඨාචාරය අවසන් වී රට මැද වැව් ශීෂ්ඨාචාරය ආරම්භ වී ඇත්තෙ ඉන් පසුව බව සිතන්න පුළුවන්.
මෙම කරුණ මහා වංශයෙන්ද අපට සනාථ කර ගන්න පුළුවන්.

ඒ තමයි මහා වංශය හා අනිකුත් වංශා කතා වල වැව් ගැන හා කෘෂිකර්මය ගැන සදහන් වෙන්නෙ දුටුගැමුණු රජසමයෙන් ඔබ්බට වීමයි. ඒ අනුව ලංකාවට සුනාමියක් ආපු බවත් එයින් ලංකා ආර්ථීකය මුළුමනින්ම බිද වැටුන බවත් සලකන්න පුළුවන්.
මෙම විනාශයෙන් “මඩුකසලිය පුගියන“, “කාම්බෝජ පුගියන“ හා “අලිපවති පුගියන“ නැමති මහා නැව් සමාගම් විනාශ වෙලා තියෙනවා. වයඹ දිග ශ්‍රි ලංකාවේ සොයාගන්න ලද සෙල්ලිපි වල මඩුකසලිය පුගියන සමාගමේ නාවිකයන් හා කපිතාන් වරුන් පිළිබදව තොරතුරු සදහන් වී තියෙනවා. චීන වාර්තාවන්ට අනුව ඔවුන්ගේ වරායන්ට පැමිණි නැව් වලින් විශාලතම ඒවා හෙළදිවෙන් පැමිණී බව සදහන් වෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාරයේ අදටත් මෙම සාක්ෂි තියෙනවා.

බෞද්ධ සම්ප්‍රධායනුකූලව ගිය වංශකතා වලට අනුව නම් විජය කුමරු ලංකාවට පැමිනෙන්නෙ අහඹුවකින්. ඉන්දියානු සම්ප්‍රදායන්ට අනුව නම් විජය යනු ලංකාවට අධිපතිව සිටි රකුසන් මරා ආධිපත්‍ය(ඉන්දියානු) පැතිරවීමට ග්‍රහ බලයෙන් පැමිණී බවද සදහන් වෙනවා. විජයගේ මැරකම් හා අවීනීත කම් නිසා ඔහු හා අනුගැමිකයන් 700 පිටුවහල් කල බව මහා වංශය හා අනිකුත් වංශකතා කීවද රාජාවලියේ ඇත්තෙ වෙනමම කතාවකි.
ඒ තමයි, සිංහබාහුට දාව සිංහ සීවලී ලැබූ දරවන් 32 දෙනා අතරින් වැඩිමහල් දරුවා වූ විජය ඉපදිලා තියෙන්නෙ මුවසිරස නැකැතෙන්. ඔහුගේ වසනාවට ඒ සමග තවත් කුමාරවරු 700ක් ඉපදිලා තියෙනවා.

ඊට හේතුව නම් බ්‍රහස්පතින්දා දිනයක බ්‍රහස්පති රාශිය ක්ෂිතිජයෙන් උඩට නැගෙද්දී සූර්යා මීන රාශීයේ සිටි නිසා ලංකාද්වීපයේ සිටි රාකුසන් හා යකුන් වනසා ආධිපත්‍ය පැතිරවීමට තරම් උපත්ති ග්‍රහ බලයක් විජයට පිහිටීමයි.
මෙම කතාවේද ඇත්තේ විශ්ණුගේ දස අවතාර ඇතුලින් නරසිංහ, වාමනක හා රාම අවතාර තුලින් හිරන් කසුබ්, බලි හා රාවණ රජු පරාජය වැනි හින්දු කතා සෙවැනැල්ලකි. වෛශනවවාදීන්ගේ පරම සතුරන් වූයේ රකුසන්ය. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර යකුන් දමනය කරා යැයි සදහන් වන්නෙද ඒ හින්දු බලපෑම මතයි කියලාම සිතන්න පුළුවන්. මොකද බුදුන් වහන්සේද විශ්ණු අවතාරයක් බව හින්දු ධර්මයේ සදහන් වීම නිසා. ගුවන් යානා හා අජඨාකාශ යානා මගින් සක්වල තරණය කල අය පවා ගල් ලෙන් වල වාසය කල බවක් පෙනේ.

මේ ඇයිදැයි සිතාගැනීම අමාරුය. මෙම යුගයට අයත් ගොඩනැගිලි හෝ පුරාවිද්‍යාඥයන්ට සොයාගැනීමට හැකි වී නැත. හෙළ බසින් තිබූ පොත පත පාළියට පර්වර්තනය කල පසු විනාශ කලාක් මෙන් හෙළ යුගයේ ගොඩනැගිලිවලටද කලායි කිව නොහැක. කුමාරදාස රජු විසින් ලියූ ජානකී හරණය තිබියෙදී ඒ යුගයේ තිබූ හෙළ කෘතින් කිසිවක් ඉතිරිව නැත. නමුත් හෙළ යුගයේ ලියූ කෘති හතරක් ඉතිරිව තිබේ.( සිඛවළද, විනිස, සියබස්ලකර හා දම්පිය අටුවා ගැටපදය) පුරා විද්‍යාවට අනුව හෙළ ගොඩනැගිලි කිසිවක් ඉතිරිව නොතිබුනද, 1982දී සොයාගත් මාදුරු ඔය අමුණේ සොරොව්වද, වෙස්සගිරියේ ඇති Star Gate යනුවෙන් හදුන්වනු ලැබූ ගලක කෙටූ ලේඛනයද, 1818දී බ්‍රවුන්රිග්ගේ අණට අනුව පුපුරවා දමන ලද කුඹුක්කන් ඔයේ අමුණද, ලාහුගල අසල හැඩඔයේ ඇති ඉන්කා ශිෂ්ඨාචාරයේ අමුණකට සමාන ගල් අමුණු බැම්මද විජයාගමනයට පෙර නිර්මාණයන්ය.

කතරගම මහසෙන් දේවාලයේ ගල්කණුද අනුරාධපුර යුගයට පෙර ස්වරූපයකින් යුක්ත වෙනවා.
මේ හැරෙන්න සීගිරයේ අපස්රාවන්ගේ චිත්‍රවලට යටින් ඊට සියවස් කීපයක් හෝ අවුරුදු දහස්ගණනක් පැරණි චිත්‍ර මතුවෙලා තියෙනවා. අනුරාධපුරයේ ඇති රන්මසු උයන හා මල්වතු ඔය හරහා ඇති ගල් පාලමද අනුරාධපුර යුගයට පෙර යැයි පැවැසිය හැකි සාධක තියෙනවා. ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History ) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල(ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්.

ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා.

එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා ඒම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.
සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියැනෙවානේ.

මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර - සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

උපුටා ගැනීම -
http://seuslsla.blogspot.com/2011/04/bigest-navy-campusof-old-world-was-sri.html



1 Response to අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 6

January 27, 2013 at 12:36 AM

එලාර දුටුගැමුනු යුද්ධයක් ඇති උනේ නෑ. ඒක ගොතපු කතාවක්. ලංකාවේ බුදුන් ඉපදීම වලක්වන්ට භාරත ආක්‍රමණයක් සිදු උනා. එක තමා ඔය පටලවල දාලා තියෙන්නෙ..

Post a Comment

අදහස් සහ උදහස්