බෞද්ධ සාහිත්‍යට අනුව ද පරුමක හා සතාගිර යන් යක් සෙන්පතිවරුය. ඒ අනුව ඔවුන් යක්ෂයන් නොව පාලකයන් බවට පැහැදිලිය. අද එතැන් සිට රාවණ රජුගේ පරම්පාරවද ඉතා දිගටම හදුනාගන්න පුළුවන්. රාවණගේ පියා වූ විශ්‍රවස් මුණි හා සීයා වූ පුලස්ති ඍෂිවරයාද(පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති පිළිමය පුලස්ති ඍෂීවරයාගේ යැයි සැලකේ) පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් ද, මුණුපුරා වූ අගියද, මී මුණූපුරන් වූ තෙකදශ හා තිමීර ද තිමීරගේ පරම්පරාවේ සිට කූවේණී හා වීරබාහු දක්වාද පරම්පරාවන් රැසක් සෙල්ලිපි ඇසුරින් ගොඩනැගිය හැක. රාමයනයේ සදහන් ශෝභීලී නැමති රාවණගේ දියණියක් පිළිබදවද සෙල්ලිපි ඇසුරින් සනාථ කරන්න පුළුවන්.

කෝඩ්රිංටන්ගේ වංශ කතා අනුව ලංකා ඉතිහාසය බලවත්ම අර්බුදයකට මුහුණ දෙන්නෙ විජය රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා කාලය නිර්ණය කිරීමේදී තමයි. ඒකට ලොකුම හේතුව තමයි විජයාගමනයට පෙර ලංකාවේ ශිෂ්ඨාචාර නැතිබවක් මතු කීරීමට උත්සහ කිරීමයි. මේ අර්බුදය මතුකරන්නෙ ලංකාවේ විසිරී පැතිරී තියෙන සෙල්ලිපි වලින්. ඒ නිසා අපිට තිරණය කල යුතුයි බුද්ධ කාලයෙන් වර්ෂ 850කට පසුව ලියැවුණ මහා වංශයද, සම කාලීනව ලියැවුණ සෙල්ලිපිවලද විශ්වාශනීයත්වයද වැඩි කියලා. ලංකා ශිලා ලිපි සංග්‍රහයේ අංක IC 549 දරණ බෝවත්තෙ ගල සෙල්ලිපියේ මෙහෙම සදහන් වෙනවා. “සුමනගේ පුත් දසබෑයන් අතුරින් වැඩිමහල් පුත්‍රයා දමරජ වේ. දමරජගේ පුත් මහා තිස විසින් කරවන ලද මෙම මහාසුදස්සන නම් ලෙන මහා සංඝයා වහන්සේලාට දන් දුනි.

ඒ වුනත් බුද්ධ පරිනිර්වානයේ සිට දුටුගැමුණු රජුගේ කාලය දක්වා ගත වන කාලය මහා වංශයට අනුව අවුරුදු 383ක් වෙනවා. විහාර මහා දේවිය මුහුදට බිලිදෙන විට ඇය විවාහයට සුදුසු වයසට එළැඹ සිටින්න ඇති. ඒ නිසා වෙන් තමයි කාවන්තිස්ස රජතුමා ඇය තම බිසව ලෙස සරණ පාව ගන්නට ඇත්තෙ. මේ කරුණුත් එක්ක ගත්තමා විහාර මහා දේවිය බුද්ධ පරිනිර්වානයට පෙර ඉපදුනායැයි කියලා හිතන්න පුළුවන්. මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පුත් මුඨසීව ක්‍රි.පු. 366 දී රාජ්‍යත්වයට පත්වෙනවා. මුඨසීව රජුගේ බාලම පුත්‍රයා වන අසේල රජ වන්නෙ ක්‍රි.පු. 214දී. මේ අතර තියෙන කාල පරාසය වසර 152ක්. බුදුන් වහන්සේගේ සමයේ පවා මිනිසාගේ පරමායුෂ වුනේ අවුරුදු 120යි. අසේල රජු මරා එළාර රජවු අතර එළාර පරාජය කර දුටුගැමුණු රජු රජවන්නෙ පරම්පරා 5කට (මහානාග--යටාලතිස්ස--ගෝඨාභය- - කාවන්තිස්ස-- දුටුගැමුණු) පසුවයි. මෙය මහත් පුදුමයකි.
උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/03/5.html
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 1
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 2
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 3
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 4
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 5
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 6
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 2
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 3
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 4
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 5
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 6
1 Response to අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 5
අනිවා මචන්.ඒදේ කලයුතු කාලයක් තමයි මේ.
Post a Comment
අදහස් සහ උදහස්