අපි අපේ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තෙ විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි කියන මතයෙනේ. අපේ ඉතිහාසය සොයා යන ගමනෙ අපි වගේම විජය ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි අපිට ඊටත් වඩා පැරණි, අපිටම අනන්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන, ඒ ගැන වාද විවාද, ගවේෂණ කරන තවත් විද්වතුන් පිරිසක් සිට්නවා කියලාත් දැන ගන්න ලැබුනා. ඒ අතරින් කෙනෙක් තමයි ආචාර්ය සූරිය ගුණසේකර විද්වතා. එතුමාගේ ගවේෂණයන්ගේ, පරීක්ෂණ වල නිගමන අනුව ඒ මහාතා ඒ හා සම්බන්ධ කෘතියක් රචනා කරලා තියෙනවා ලංකා ඉතිහාසයේ හෙල යුගය කියලා.
අපි ඉතින් අපේ ගමනට එය මූලාශ්‍රයක් කර ගනිමු.
අද මාතෘකාව තමයි
ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.
ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කිවාම මොකක්ද මේ කියලා හිතෙනවා නේද...? සමහරක් අය හිතන්න පුළුවන් අපිට මොකටද ඉතිහාසය කියලාත්. ඒ වුණාට ඉතිහාසයක් නොමැතිව වර්තමානයක්, අනාගතයක් තියෙන්න බැහැ. අපි අපේ ඉතිහාසය දැන ගත යුතුමයි. යම් කිසිදෙයක් අපට පාසලේදි ඉගැන්වු නිසාවත්, පොත් පත් වල සදහන් වෙලා තිබුනා කියලාවත් ඒ ඇත්තයි කියලා අපට විශ්වාස කරන්න බැහැ. අපි එහෙම කල යුතුත් නැහැ. බුදුදහමේ උගන්වන්නෙත් එහෙමනේ. ඒ නිසා අපි අපිට පිලිගතහැකි දේ පමණක් විශ්වාස කරනවා නම් තමයි හොද.
මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට
ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති “ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...!“ ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ “බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...!“ කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.
ලංකා ඉතිහාසය පෙල ගස්වලා මුලින්ම ලියලා තියෙන්නෙ 1912දි විතර. ඒ ලංකාවේ ටික කාලයක් පමණක් පදිංචි වෙල හිටපු ඉංග්‍රිසි ජාතික සිවිල් සේවකයෙක් වූ එච්. ඩබ්ලිව් කොඩ්රිංටන් කියන මහත්මයා. එයාටත් කලින් සුදු අම්මා නමින් හැදින්වුණ මාරි මියුසියස් හිගින්ස් නැමැති විදේශික කාන්තාව ළමුන් සදහා ලියපු ඓතිහාසික කතන්දර පොත් තමයි තිබිලා තියෙන්නෙ. මේ පොත් රාවණ, විජය, පණ්ඩුකාභය හා දුටුගැමුණු වැනි රජවරුන් වස්තුබීජ කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ. ඒ වුණාට කනගාටුවට කරුණ තමයි ලංකාවේ ස්වදේශිකයෝ කවුරුත් ඒ කාලේ ඒ ගැන උනන්දුවක් දක්වලා නැති එක.
බටහිර සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාවෙන් පැවැතුන තොරතුරු ඉතිහාසය ලෙස සලකලා නැහැ. මූලාශ්‍ර සහිතව ඒ තොරතුරු සනාථ වීම අවශ්‍ය කරලා පෙන්නුවොත් තමයි ඒවා සත්‍ය තොරතුරු විදියට පිළිගෙන තියෙන්නෙ. අපි කලින් කියපු සුදු අම්මාගේ කතාන්තර වලට මුල් වූ රජවරු අතරින් රාවණ රජතුමා ගැන ඇරෙන්න අනිකුත් රජවරු ගැන වංශකථා වල සදහන් වෙලා තියෙනවා.
මහා වංශය, දීප වංශය, ථුප වංශය, දළදා වංශය වැනි බෞද්ධ සාහිත්‍යමය කෘතිවලද, මහනුවර යුගයේ රචිත රාජාවලියේද පැරණි ඉතිහාස ගත කරුණු සදහන් වෙලා තියෙනවා. මේ අතරින් රාජාවලියේ ඇරෙන්න අනිකුත් කෘතිවල බෞද්ධාගමික ස්වරූපයක් තමයි තියෙන්නෙ.
අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.
මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.
සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් “ලංකා ඉතිහාසය“ නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.
නමුත් රාවණ රජතුමාගේ ප්‍රතිවාදියා වූ රාමකුමරු සිටි අයෝධ්‍යාව ඓතිහාසික පුරවරයක් නිසා රාමකුමරු ඓතිහාසික ලෙස ඉන්දියාවේ සිටි බව බටහිර ඉතිහාසඥයන් විසින් පිළිගෙන තියෙනවා. ඉන් පසුව ඉන්දියානුවන් විසින් නැවත රචනා කරන ලද්දා වූ ඉන්දියානූ ඉතිහාසයේ රාම අධිරාජ්‍යය ඔප් නන්වලා තියෙනවා. නමුත් ලංකාවේ නිදහසින් පසුවත් කොඩ්රිංටන් විසින් රචිත ඉතිහාසයම ඒ විදිහටම පිළිගෙන තියෙන හින්දාම ගොඩාක් ඉතිහාස කරුණු ලංකා ඉතිහාසයෙන් සැගව ගිහින් තියෙනවා.
මහා වංශයට අනුව දෙවනපෑතිස් රජුට ධර්මය කරුණූ විස්තර කිරීමේදී කකූසද, කෝණාගම බුදුන් සමයේද ලංකාව ජනාවාස වී තිබූ බව සදහන් වී තිබෙනවා. ඒ ඒ සමයන් හිදි ලංකාව ඔජදීප, වරදීප හා මණ්ඩදීප යන නමින් සදහන් වූ බවත් ඒ ඒ සමයන් හිදී අභය සමීඪ හා ජයන්ත යන රජන් සිටි බවද මහා වංශයේ සදහන් වෙනවා.
ඒ විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස ඇති වුණායැයි පැවසීමට පටැහැනි එක කරුණක්.
කකුසද බුදුන් වහන්සේගේ නම සදහන් සෙල්ලිපියක් පොල්පිතිගම අසල ඇති දාගම පිහිට ගල් ලෙනක තියෙන අතර එහි “... පරුමක කශබහ පුත පරුමක අභය ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුශද දිනදනේ...“ යනු සදහන් වන අතර ඉන් කියැවෙන්නෙ කකුසද බුදුන් වහන්සේ ලංකාවේ තම සාසනය පිහිටුවන අවස්ථාවේ දී “මහරී බෝධියෙන්“ ශාඛාවක් රැගෙන ලංකාවට අහසින් පැමිණියේ රූපනන්දා මෙහෙණියයි කියලා තමයි. ඒ වගේම වරකාපොළ අසල මබඩාවිට රජමහා විහාරයේ ඇති ලෙන් ලිපියක ගුවන්යානයක රූපයක හරහට “රූපනදශ ගගයනි තොමඩය“ කියලාත් සදහන් වෙනවා. ඉන් අදහස් වන්නෙ රූපනන්දා මෙහෙණිය බෝධි ශාඛාවක් රැගෙන ගුවන් යානාවක්න් පැමිණියා කියන එක වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ යම් යම් ස්ථාන වලින් කකුසද බුදුන්ට, කාශ්‍යප බුදුන් වහන්සේලා ගැන සදහන් සෙල්ලිපි හමුවෙලා තියෙනවා. මෙවැනි සාක්ෂිත් අනුව අපට හොදටම තහවුරු කර ගන්න පුළුවන් ලංකාව කියන්නේ විජය ගමනයට තියා විජය කුමාරයා ඉපදෙන්නත් අවුරුදු දහස් ගානකට කලින් ශිෂ්ඨාචාර වූ දිවයනක් කියලා.
ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් කොඩ්රිංටන් මහතා විසින් ලංකා ඉතිහාසය ලිවීමේදී කකුසද, කෝණාගම බුදුන් සමයේ ශීෂ්ඨාචාර පැවති බව මගහැරී හෝ නොසලකන ලද බව අපට හිතන්න පළුවන්.
ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.
උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/03/2.html
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 1
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 2
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 3
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 4
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 5
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 6
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 2
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 3
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 4
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 5
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 6
No Response to "අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 2"
Post a Comment
අදහස් සහ උදහස්