-->
Showing posts with label රාවණ රජු. Show all posts
Showing posts with label රාවණ රජු. Show all posts

Friday, May 11, 2018

රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා

1

රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා

දිනේෂ් දකුණු ඉන්දියාවේ දැවැන්ත සංගිතවේදියෙකු වන A.R. රහමන්ගේ පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙමින් ඔහු යටතේ සංගිතය හදාරා අවසානයේ රහමන්ගේ සංගිත ඇකඩමියේ රහමන්ගේ නිර්මාණවලට දායක වෙමින් ජාත්‍යන්ත සංගීත භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත. ඔහුගේ ඉන්දීය නිර්මාණ දායකත්වය අතර මනිරත්නම්ගේ "රාවන්" චිත්‍රපටය සඳහාද වාදකයෙකු ලෙසත් A.R. රහමන් යටතේ තවත් ඉන්දීය චිත්‍රපට ගනනාවකටත්, වාදනයෙන් දායක වි ඇත. දිනේෂ් කේමදාසයන් සමග ඔහුගේ වාද්‍ය වෘන්දයන්හි ඔපෙරා සහ සංධ්වනි වාදකයෙකු ලෙස දායක වෙමින් සිය සංගිතමය ඥාණය පුළුල් කර ගැනිම හේතුවෙන් ඔහුගේ විශ්ව සංගිතය සොයා යාමේ ගමන ඉක්මන් කළා විය හැකිය.

දිනේෂ් සුබසිංහ නම් වූ මෙම තරුණ සංගීතවේදියා සිය පළමු සංගිත නිර්මාණාත්මක අත්දැකිම ලෙස එළිදක්වන්නේ "රාවණ නාද" නම් වූ ගී අනුවාදන 16 ක් ඇතුළත් සංගත තැටිය යි. ඔහු මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඉතා අපූර්වතම සංගිත භාණ්ඩයකි. එපමණක් නො ව එම සංගිත භාණ්ඩයේ නිර්මාණාත්මක හිමිකරුවා ද ඔහු ය. එය ඉතාමත් ඓතිහාසික නිර්මාණයක් වූ "රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වේ. එම සංගිත භාණ්ඩය දිනේෂ්ගේ ම නිර්මාණයකි.

"රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වූ සංගිත භාණ්ඩය ඉතාමත් දිගු ප්‍රාග් ඓතිහාසික වටිනා කමක් ඇති, අපට ‍ඓතිහාසිකව උරුම වූ සංගිත භාණ්ඩයකි. එය නිර්මාණය වූ යුගය පිලිබදව සළකන විට එය වයලීනය බිහිවීමට පෙර වසර 2500 ක් 3000 ක් පමණ අතිතයේ ලියැවුණ "රාමායණය" පුරා වෘත්තයේ ඔබ අසා ඇති ශ්‍රී ලාංකික රාවණා රජු විසින් භාවිතා කරන ලදැයි සැළකෙන රාවනා රජු විසින්ම නිර්මාණය කර ගත් සංගිත භාණ්ඩය එයයි. "රාවණ හත්ත" ( Rawana Hatta ) පිළිබඳව ඓතිහාසික තොරතුරු පළමු වරට සඳහන් වන්නේ "රාමායණය" කෘතියෙහිය.

Rawan Nada
කේමදාසයන් සමග රාවණ හත්ත වාදනය කරමින්
අලුවකින් (Bow) වාදනය වන තත් සහිත සංගිත භාණ්ඩයක් වූ නූතන " වයලීනය" නිපදවීමට පෙර වසර 4000 ක් හෝ 5000 කට පෙර රාවණා රජු විසින් නිර්මාණය කරන ලද්දකි. ඒ අනුව රාවණා රජු විසින් "දඬුමොණරය" නිපද වූවා පමණක් නොව "රාවනා හත්ත ( Rawana Hatta ) " නම් වූ සංගිත භාණ්ඩයද නිර්මාණයකර වාදනය කල බව ඉතිහාසය සාක්ෂි දරයි.

දිනේෂ් එතරම් ඈත අතිතයක ශ්‍රී ලාංකික උරුමය හාරා අවුස්සමින් ප්‍රාග් ඉතිහාසයේ වැළලී ගිය අපට උරුම වූ ඒ සංගිත භාණ්ඩය නැවත නිර්මාණය කරමින් වාදනය කර පෙන්වීය. මෙහි හැඩය 16 වන සියවසේ ඉතාලියේ නිපද වූ "වයලිනයටත්" එහි නාදය උතුරු ඉන්දියානු "සාරංගි" සහ "එස්රාජ්" සංගිත භාණ්ඩවලින් නිකුත් වන නාදයට ආසන්න නාදයකි.

වසර 4000 - 5000 කට පෙර ලංකාවේ විසු රාවණා රජු විසින් වාදනය කළා යැයි සැළකෙන "රාවනා හත්ත ( Rawana Hatta ) " පිළිබඳව දිනේෂ් එහි මූලාශ්‍ර ඔස්සේ අක් මුල් සොයා යමින් නැවත ඒ ඓතිහාසික උරුමය රටට දායාද කළේය. එපමණක් නොව එය වාදනය කරමින් නිර්මාණය කල "රාවණ නාද " සංගත තැටිය ද එළි දැක්වීය.

ඒ අපූර්ව වූ "රාවනා හත්ත ( Rawana Hatta ) " වාදය කරමින් ගීත අනුවාදන අතරින් දිනේෂ් විසින් නීලා වික්‍රමසිංහ ගැයූ මතු දැක්නෙ ගීයේ ගි අනුවාදන අසන්න මේ මේ අපූර්ව සංගිත භාණ්ඩයේ මිහිර ඒ තරමට රසයෙන් පිරී ඇත.


උපුටා ගැනීම: http://aswanna.blogspot.com/2012/04/blog-post_19.html

Thursday, November 28, 2013

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

1

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ. 

මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙනගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි. වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී. මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි. පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන. සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.

මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය. මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය. අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී. වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි. ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි. 

රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි. වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.

වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා. මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි. ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි. උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිබෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි. 

එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි. වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය.රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි. කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.

බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි. මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්බෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා. මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.

එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා. පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.
මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිබෙනවා.

* කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
* ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
* විභූෂ අක්‍ෂර
* කණ්ඨු අක්‍ෂරය
* සෝල අක්‍ෂරය
* කවිලාශ අක්‍ෂරය
* කෞරවි අක්‍ෂරය
* කුම්භණී අක්‍ෂරය
* ජංග්‍රාම අක්‍ෂරය

මෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිබෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.
බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැබෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.

* සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
* සුවිධිමුත අක්‍ෂර
* කිලාම අක්‍ෂර
* කෘෂිකාල සන්තාඟු හෙවත් ගුපල අක්‍ෂර
* රකුන් සැර අක්‍ෂරය
* සිද්ධි සැර අක්‍ෂරය
* භද්‍ර පද අක්‍ෂර

මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිබෙනවා.
භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.
මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා. මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.

මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා. මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා. මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.

බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිබෙනවා.

01. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
02. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
03. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
04. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
05. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
06. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
07. සත්පොට මාලය
08. යසස්ථ මංගල පෝරුව
09. බඹසර යහන
10. අනඟ යහන
11. ධවන වන්දන පිරිත් පැන් අතලය.

මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිබෙනවා. මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.

රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත. 

උපුටා ගැනීම - http://mawbima.lk/55-15641-news-detail.html


Monday, November 25, 2013

ශුර්පණඛාගේ නහය කපපු නිසයි රාම-රාවණ යුද්ධය පටන් ගත්තේ

0


ශුර්පණඛාගේ නහය කපපු නිසයි රාම-රාවණ යුද්ධය පටන් ගත්තේ

අපි කතා කරමු රාවණ රෙජීමය ගැන. රෙජීමය නරක දෙයක් නෙවෙයි. හැබැයි හැම විටකදීම හොඳත් නැහැ. ලංකා රාජ්‍යයේ සංකේතයක් විදියට ඉන්දියාවට ගිය කාන්තාවෝ තුන් දෙනෙක් ඉතිහාසයේ සඳහන්. පුෂ්පොත්කටා හෙවත් කෛකසි, රකා සහ මාලනී කියල තමයි ඒ කාන්තාවෝ හඳුන්වන්නේ. යක්ඛ පාලකයෙක් වෙච්ච සුමාලි රජුගේ දියණිය තමයි පුෂ්පොත්කටා. ඇය රාවණ මහරජුගේ මෑණියෝ. රාවණ රජු රාජමණ්ඩලයක් ඉදිරියට ආවේ ඇයගේ දේශපාලනික හයිහත්තිය හින්දා. රකා දේවියගේ දියණිය තමයි ශුර්පණඛා. පුතාල දෙන්න බර - දූෂණ විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. රාවණ රජුගේ ඉන්දීය යටත් විජිතයක් වුණ ජනත්ථාන් පුරවරයේ පාලකයන් විදියට ඔවුන් රාවණ රෙජීමය මෙහෙය වූවා. ඔවුන්ගේ මව වුණ රකා දේවියගේ පුරුෂයා විශ්‍රවස් කියල වෛදික මුනිවරයෙක්.

අනෙක් කාන්තාව තමයි මාලනී දේවිය. රාම රාවණ කතා පුවතේ පුවත් මවන්නා වූ විභීෂණගේ මව තමයි මාලනී දේවිය. මාලනී දේවිය යක්‍ෂ, රාක්‍ෂය කියන ගෝත්‍ර දෙකටම අයත් කෙනෙක් නෙවෙයි. එයා අයිති නාග ගෝත්‍රයට. එහෙම ගත්තම රාවණ මහ රජුගේ කුඩම්මා තමයි විභීෂණගේ අම්මා. ඒ කියන්නේ මාලනී දේවිය. මේ කියන විභීෂණ තමයි රාමට රාවණගේ ආයුධ ගබඩාවේ තිබුණ, භාවිත නොකරන තරම්, විනාශයක් ගෙන දෙන අවියක් සොරකම් කරල දීල රාවණ යුගය අවසන් කරල ලංකාපුරයේ රජ වුණේ. හැබැයි රාම කුමාරයා දේශපාලනිකව දන්නවා නාග ගෝත්‍රයේ නියෝජිතයෙක් රාවණා රෙජීමයට අයිති නැති බව. රාමේශ්වරම්වලදී රාම කුමාරයා විභීෂණව අභික්‍ෂේක කරන්නේ හනුමා ගෙනාපු ලුණු වතුරෙන්. එතැන තියෙන්නේ විභීෂණ තමන්ගේ ස්වජාතිකයන්ට කරපු විනාශය තමන් දන්නවාදැයි කියන එක. එතකොට තමන් පිළිනොගන්නා ජනතාවක් පාලනය කරන්න විභීෂණට බැරි හින්ද ලංකාපුරය අභාවයට ගියා. විභීෂණ කැලණිපුරයට පසු බැස්ස. විහාරමහාදේවිය කියන්නේ ඒ විදියට විභීෂණ පවුලේ කාන්තාවක්.

රාම - රාවණ ගැටුම සංස්කෘතික - දේශපාලනික කාරණා ගොන්නක එකතුවක්. රාවණ රජු රචනා කරපු 'ශිව තාණ්ඩව ස්තෝත්‍ර' වගේ පොත් එක්ක ලංකා රාක්‍ෂ ගෝත්‍රිකයෝ ශිව දෙවියෝ ඇදහුවා කියන එක පිළිගන්න ඕනෑ කරුණක්. එතකොට ගවයා උත්තමයි. හැබැයි යාග හෝම මෙන්ම රාක්‍ෂ පරම්පරාව පිළිගත්තේ නැහැ. ඒ අය හිටියේ විද්‍යාව එක්ක. වශිෂ්ට මුනිවරයා යාග හෝම කරන කෙනෙක්. එයා තමයි රාම ලක්‍ෂ්මන්ට ශිල්ප ඉගැන්නුවේ. වශිෂ්ට මුනිවරයාගේ අධ්‍යාපන ආයතනය වුණේ දණ්ඩකාරණ්‍යය. දැන් මේ මුනිවරයාගේ ඉල්ලීම තමයි තමන්ගේ යාග හෝම කඩාකප්පල් කරන ලංකා රකුසන් විනාශ කරන එක. ඔහු ඒ ඉල්ලීම කළේ තමන්ගේ ගෝලයෝ දෙන්න වුණ රාම - ලක්‍ෂ්මන්ගෙන්. රාවණ එයාගේ රෙජීමයේ හයියෙන් මුළු ඉන්දියාවෙම බලය තහවුරු කරගෙන ඉන්න කාලයක් මේක. රාවණ උත්තමයා ඉන්දියාවේ දේව ගෝත්‍රයේ සෙන්පති වුණ ඉන්ද්‍රව පවා අල්ලල හිර කරනවා. මේ රාක්‍ෂ බලයට විරුද්ධව ඉන්දු සහ ගංගා නදී අසල තිබුණු රාජ්‍යවල නායකයෝ එක් වෙනවා. ඒ අය රාවණට විරුද්ධව සාකච්ඡා කරනවා.

ඇත්තම කතාව රාම - ලක්‍ෂ්මන් කියන්නේ සීතාව තියාගෙන එකගෙයි කාපු සහෝදරයෝ. අභ්‍යන්තර දේශපාලනික බල ගැටුමක ප්‍රතිඵලයක් විදියට රාමට සිදු වෙනවා වෙස්වළාගෙන තමන්ගේ රාජ්‍යයෙන් පිටතට යන්ඩ. අර කිව්ව පෙර කාරණා හින්ද ලක්‍ෂ්මන් සීතා සහ රාම එක්ක එනවා. ඒ අයට ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක් තිබ්බේ ජනත්ථානයේ. ඒක රාවණ රෙජීමයේ පාලනය තිබූ ස්ථානයක්. එහි පාලකයා රකා දේවියගේ දරුවෝ. ඒ කියන්නේ රාවණගේ ඥාති සහෝදරයෝ. ශූර්පණඛා තමයි පාලිකාවක් විදියට නැත්නම් නීතිය ක්‍රියා කරවන්නිය ලෙස ජනත්ථානයේ සිටියේ.

තමන්ගේ දේශ සීමාව උල්ලංඝනය කරපු රාම සීතා, ලක්‍ෂ්මන් ගැන හොයන්නේ මේ කියන ශූර්පණඛා. කොහොමත් ලක්‍ෂ්මන් සහාසික පුද්ගලයෙක්. එයා කරන්නේ ශූර්පණඛාගේ නහයයි දෙතොලයි කපාගෙන යන්න කඩු පහර දෙන එක. මෙන්න මේක තමයි රාම - රාවණ යුද්ධයට මුල. තමන්ගේ සහෝදරියගේ පරම ධනය වූ රූපස්වභාව විනාශ කරල ඇයව අංගවිකල කරපු එක විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කිරීම කියන දේශපාලන කාරණය. මේ ඔක්කොම තමයි රාවණ මහරජු යුද්ධයකට ඇද දැම්මේ.

ප්‍රභාත් අත්තනායක 


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-42612-news-detail.html





Wednesday, May 1, 2013

ඉතිහාසයේ වළලා දැමූ මහා යුග පුරුෂයකුගේ හෘදසාක්ෂ්‍ය – රාවණාගේ පුනරාගමනය

0

ඉතිහාසයේ වළලා දැමූ මහා යුග පුරුෂයකුගේ හෘදසාක්ෂ්‍ය – රාවණාගේ පුනරාගමනය

ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ට මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ට ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ට මිනිසා නමින් මහා රාවණ ය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්තරය කුමක් දැයි අද වනවිට බොහෝදෙනකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහලවූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂ්‍යවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ පවතින සාවද්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට මේ හොඳම කාලය වන නිසාය.

ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේය. එය ගොඩනැගුවේ ඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්යපුත්‍රගේ පුත් ධර්මරාජ, ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. රාවණ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ නර්මදා නදිය අසබඩ ප්‍රදේශයකය. සුමාලි මුත්තණුවන් විසින් ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්කර තිබූ ලංකා රාජ්‍ය නැතහොත් මිණිමිහි දේශය ඒ වනවිට පාලනය කරනු ලැබුවේ වෛශ්‍රවන නම් රජකු විසිනි. කූඨ උපක්‍රමයක් මගින් ලංකා රාජ්‍යය තමන් යටතට ගත් වෛශ්‍රවන එහි සැබෑ උරුමක්කරුවන්ගෙන් උදුරා‍ගෙන තිබිණි. භාරතය පුරා පැතිරී තිබූ සත්ත්ව බිලිපූජා හා බමුණන්ගේ හිංසාවාදී ආගමික පිළිවෙත්වලට විරුද්ධව යමින් සුමාලි විසින් කරන ලද යුද්ධයේදී බමුණන් පළවාහැරීමට සුමාලිට හැකිවුවත් විෂ්ණු නමැති පාලකයා විසින් සුමාලි පරාජයට පත්කර ලංකා රාජ්‍යය වෛශ්‍රවනට පවරාදෙනු ලැබීය. 

එවකට භාරතය යනු ලොව ‍දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව මෙහිදී අපට මනාව සනාථවේ. රාවණගේ පරපුර යනු අතිශය අවිහිංසාවාදී හා සියලු සත්වයන්ගේ සුභසිද්ධිය උදෙසා දැවැන්ත අරගල කරන ලද පරපුරක් බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. එහෙත් එම ඉතිහාසය විකෘති කරමින් රාමායනය ලියන ලද වාල්මිකී, බ්‍රාහ්මණයන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා රාවණගේ පරපුර රාක්ෂසයින් ලෙස හැඳින්වීම කෙතරම් සාවද්‍ය දැයි අපට සිතේ. කෙසේ වුවද මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා ඊට වසර ගණනාවකට පසුව ලංකා රාජ්‍යය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු වෛශ්‍රවනට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි.

රාවණා ලංකා රාජ්‍යයේ අගරජු බවට පත්වන්නේ තනි පුද්ගලයකු ලෙස නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද එහි භාරකාරත්වයට පත්කර ගනිමිනි. ඔහුගේ සහෝදරයන් වූ කුම්භකර්ණ, බර, දූෂණ, විභීෂණ යන අයට මෙන්ම රාවණාගේ නැගණිය වූ සුපර්ණකා කුමාරියටද රාජ්‍යයේ ඉහළ තනතුරු හිමිවිය. සුපර්ණකා යනු එකල සමස්ත ඉන්දියාවේම සිටි අභිරූමතියකි. රාවණාගේ හා සුපර්ණකාගේ බැඳීමට සමාන සහෝදර බැඳීමක් වෙනත් පුරාවෘත්තවලින් සොයාගැනීමට අපහසුය. රාවණා රාජ්‍යය කරද්දී සුපර්ණකා ඔහුගේ උපදේශිකාව වූවා පමණක් නොව මුලසිටම ඇගේ ක්‍රියාකලාපය පරම අවිහිංසාවාදී වූ බව රාජ්‍යයේ ඇතැම් ගැටළු නිරාකරණයේදී ගත් පියවර මගින් අපට මනාව පසක්වේ. රාජ්‍ය පාලනයේදී රාවණ විසින් ගනුලැබූ වැරදි සහගත තීරණයක්ද වේ. එනම් විභීෂණට යුවරාජ තනතුර ලබාදීමය. විභීෂණ යනු කුඩාකල සිටම රාවණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළ පුද්ගලයකු බව දැනදැනත් තම සහෝදරකම සලකා රාවණා විසින් ඔහුට යුවරාජ තනතුර ලබාදෙන්නේ මතුවන විපත දැනද, නැතිනම් නොදැනද යන්න මෙහිදී පැහැදිලි නොවේ.

කෙසේ වුවද රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙනයයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තම පැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන් රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින් ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේ දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රමවලට හසුවෙති. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ රාවණගේ නැගණිය වන සුපර්ණකා කුමරිය මහවනයේදී රාමාට මුණගැසීමත් සමඟය. සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් නින්දිත වේ. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන් දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගියේ කෙසේ දැයි අපට නම් සිතාගත නොහැකිය. කෙසේ වුවද අවසානයේ දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. සුපර්ණකාගේ සිදුවීමට රාමගෙන් පළිගැනීමක් ලෙස රාවණා විසින් පුෂ්පක යානයෙන් සීතා රැගෙන ලංකාවටපැමිණෙයි. එහෙත් ඇය සිරකාරියක ලෙස සිරකර තැබීමට රාවණා  කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් වෙනුවට අශෝක උයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, රාමාත් සමඟ යුදවැදීමට කිසිදු උත්සාහයක් නොදරයි.

සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථකවන්නේ දිගින්දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අරඇඳීම නිසාවෙනි. මෙහිදී විභීෂණ තම සොහොයුරා වන රාවණගේ සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකරදෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමිනි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුගපුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය යයි. රාමාට හෝ ලක්ෂණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. අග්නි පරීක්ෂණයේදී ඇගේ නිර්දෝෂීභාවය ලෝකයටම හෙළිවූ බව වාල්මිකීගේ රාමායනයේ සඳහන්ව ඇත.

දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්තරාවක් නොවූ බව සනාථ වීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවේද? එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසය තීන්දු කරන්නේ කෙසේද? මෙබඳු බො‍හෝ පරස්පරතා රාමායනය කෘතිය පුරාවටම ඇත. එසේ වන්නේ සත්‍යය සඟවා, හෘද සාක්ෂ්‍යයට පිටුපා, රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියාකලාපය නිසා අයෝධ්‍යවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වා මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ අනාගතයටත් පැමිණියේ කෙසේදැයි අපට නම් ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි අවසානයේ අපට සිතේ.

- Lankagamdoranews

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93212/


Tuesday, April 23, 2013

රාවණ ඉතිහාසය පිළිබඳව වටද්දරහිමිපාණන් වහන්සේ සමඟ කෙරැණු සාකච්ඡාවක්

0


රාවණ ඉතිහාසය පිළිබඳව වටද්දරහිමිපාණන් වහන්සේ සමඟ කෙරැණු සාකච්ඡාවක්......









Friday, December 21, 2012

රාවණා ගැන මානයක්

1

සක්වළ සක්මන 18

රාවණා ගැන මානයක්






කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා මහ පොළවට නොපෙනෙන බොහෝ දේ උඩු ගුවනට පෙනෙයි.
අසිරිමත් ගුවන් පථ, දෙකඩ වූ දෙස් විදෙස්, ගිළී ගිය ගම් දනව් සක්වළේ සක්මනට හොඳීන් දිස්වේ. මේ සියලු අභිරහස් සොයා සක්මන කරන තවත් එක් (18) පියවරක් තබන්නෙමු මෙලෙස.

මහනායක හාමුදුරුවනේ, ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද?

හිරු පිරිවරට, රණ සූරයා (රණබා) ට ‘රාවණා’ නම යෙදී තිබෙනවා. රස වෙදකමට හා සංගීතයටත් ‘රාවණ’ නාමය නෑකම් කියනවා. ඓතිහාසික සීගිරිය, කුරගල, ලකේගල හා මහකුටිම්බිගල රාවණගේ වාසභවන් ලෙස සැලකෙනවා. ඇතමෙකුට (හෙළයන්ට) රාවණා වීරයෙක්, ඍෂිවරයෙක්, රජකෙනෙක්, ගාණ්ධර්වයෙක්, සාහිත්‍යධරයෙක්, තව පිරිසකට (ඉන්දියානුවන්ට) සතුරෙක්, දෘෂ්ටයෙක්, තවත් කණ්ඩායමකට, ‘රාවණා’ කියන්නේ සංකල්පයක්, මිථ්‍යා අදහසක් වෙනවා.

ඒ කොහොම වුණත් ‘රාවණා’ යනු භෞතික බලයේ හා දියුණුවේ කූටප්‍රාප්තිය බව අප පිළිගත යුතුව තිබෙනවා. නමුත් සම්බුද්ධ රාජ්‍යය වැනි සදහම් බලයක් හැරුණු කොට,කොයි තරම් ප්‍රබල අධිරාජ්‍යයක්වත් වසර 300 කට වැඩි කාලයක් මෙතෙක් ලොව පැවතිලා නැහැ. රාවණා කියන සක්විති රජුට හා අධිරාජ්‍යයාටත් මේ කරුණ වලංගුයි.

’රාවණා’ නාමය සමග බැදුණු විවිධ ජනශ්‍රැති එහෙම නැද්ද?

රාවණා හා නොබැදුණු ජනශ්‍රැති , පුරාවෘත්ත මේ සිංහල ජන සාමජයේ තවත් නොමැති තරම්. ඒ තරමටම එම නම බැදී පවතිනවා. හෙළවෙදකමට, සටන්වලට, දුනු ආයුධ වලට, සංගීත භාණ්ඩවලට (රාවණාශ්‍රම්, රවන්හතෝ වීණාව) සංගීත (රාවණා) රාග වලට, ග්‍රාම නාම, දිය ඇලි වලට ( රාවණා ඇල්ල ,රාවණා කොටුව) ප්‍රදීපාගාර වලට (කුඩා රාවණා, මහා රාවණා) යනුවෙන් ව්‍යවහාර වන නාමකරණ මගින් වුණත් ඒ බව තහවුරු වෙනවා.

එතකොට , රාවණාගේ විනාශය (මරණය හෝ සිහිමුර්ජා වීම) සහ ලංකාපුරය මුහුදට ගිලා බැසීම අතරත් කිසියම් සාම්‍යයක් පවතිනවාද?

ඔව්. මීට පූර්ව කල්පයේදී භූගෝලීය වශයෙන් ඇමරිකා යුරෝපා, මහාද්වීප දෙකම එකට සම්බන්ධ වෙලායි පැවතියේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් වුවත් එම දෙදරායාම ගම්‍යමාන වෙනවා.අත්ලාන්තික් සාගරය නිර්මාණය වුණෙත් ඉන් පසුවයි.මේ බව සුප්‍රකට ප්ලේටෝගේ අත්ලාන්තික් පුරය (City of Atlantics)  නිගමනය ආදි වාර්තාවලිනුත් සනාථ කෙරෙනවා.අත්ලාන්තික් සාගරයේ සිදු කළ සාගර කැනීම් මගිනුත් එහි නෂ්ටාවශේෂ හමුවී තිබෙනවා.

මධ්‍යධරණී මුහුදත්, ශාන්තිකර සාගරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වීමටත් මෙම භූගෝලීය පැලීම හා කැළඹීම හේතු වුණා. එලෙස කැඩී ගිය සලකුණු සහ දියවැල් අදටත් සක්‍රියව පවතිනවා. ඉන්දියාව හා ලංකාවත් මීට වඩා බොහෝ සෙයින් භූගෝලීයව බද්ධ වී තිබූ බව පැහැදිලියි.රාම, රාවණා තාරකා මිසයිල මහා යුද්ධයක් සමග දෙරට ඈත් වී ගියා පමණක් නොවෙයි. නගර ගම් දනව් පවා මුහුදට ගිලී ගියා.

එහෙමනම්, වාල්මිකීගේ රාමායනය සහ මුහුදුබත් වූ ලංකාපුරයේ , පුරාණ නටබුන් අතර කාල නිර්ණයෙන් කිසියම් සමාපාත බවක් තියෙනවාද?

දැනට වාල්මිකීගේ රාමායනය ග්‍රන්ථය මීට වසර 9,600 කට පෙර (ක්‍රි.පූ. 7600 ) ලියන ලද්දක් යැයි සැලකෙනවා. ඊඟාවට ඔය ඉන්දියාවේ කාම්බේ බොක්කේ ගිලී ඇති නගර නටබුන් වසර 10,000 ක් පමණ පැරණි වූවක් බව කාබන් පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ අනුව, මේ දෙක අතර ඇති කාල පරාසය ඉතාම ආසන්න බව පැහැදිලියි.

ඒ වගේම, භාරතයේ විසූ රාම කුමරු ලංකාපුරයේ විභීෂණ (රාවණගේ බාල සොයුරා) ට ආශිර්වාද කර ඇත්තේ ත්‍රෙට (Treta) යුගය දක්වා ජීවත් වීමටයි. ඒ කියන්නේ, මේ මහා භද්‍ර කල්පයේ ද්වාපර (Dwapara) හා කලි (Kali) යුගයට පෙර යුගය දක්වායි. රාවණ රජු පිළිබඳව කිසිදු විස්තරයක් අපේ මහාවංශයට ඇතුළත් වී නැත්තේ මේ නිසා විය හැකියි. එනම්, රාවණා යනු මේ කල්පයට පෙර කල්පයක විසූ කෙනෙකු නිසායි.
සාමාන්‍යයෙන් සෑම යුගයකම (කෘත, ද්වාපර, ත්‍රෙට හා කලි යුග) අවසානයේදි යුග විනාශයක් සිදු වෙනවා. මේ අනුව, රාවණා යුගයත් එම ත්‍රෙට (Treta) යුගය, අවසානයේදි ලොව සිදු වුණ මහා යුග විනාශයේදී නිමා වෙන්නට ඇති. අපි මේ පැමිණ ඇති යුගයත් ගල්, වැදි ,එ‍ෙඩ්ර,ගොවි, කාර්මික හා නූතන ඉලෙක්ට්‍රොනික යුගයෙන් පසු අවසන් වී ගොස්, ආයෙමත් අලුත් යුගයක් ඇති වී යළිත් මූලාරම්භක අවධියටම ගමන් කරාවි.

රාමායනයේ එන අහසින් ගිනි ගුලි හෙලීම, අහසින් යාම හා ලංකාපුරය මුහුදට බිලිවීම ආදි දේවල් අත්භූ®ත අභව්‍ය ප්‍රබන්ධ කතා විය නොහැකිද?

1945 දී ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට ගිනිගුලි වගේ් ගිනිගෙන දැවෙන පරමානු බෝම්බ දැමීමත් එලෙස ගිනිගුලි හෙලීමත් වගෙයි. මේ කල්පයේදීම කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා.

ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා. මීට අමතරව, අද සොයා ගෙන තිබෙනවා. ඉන්දියාවටත් නේපාලයටත් මැදිව පිහිටි මහා හිමාල කන්දෙන් සිප්පිකටු, මුහුදු ජීවින්ගේ පොෂිල, ඇටකටු, ආදිය , මුහුදු සීමාවෙන් බොහෝ ගොඩබිමට, වන්නට සිප්පිකටු, කරදිය ලවන වගේම මුතු මැණික් මතු වීමටත් එම භූගෝලීය වෙනස්වීම හේතුවන්නට ඇතැයි භූවිද්‍යාඥයින් අනුමාන කරනවා.

ඒ වුණාට ,රයිට් සහෝදරයින් නූතන ගුවන්යානය සොයා ගත්තට පස්සේ ඉදිවුණ ගුවන්පථ හරුණාම ඊට පෙර යුගවල පැවති එබදු ස්ථාන හමු වී නැහැ නේද?

දැන් රුසියාවේ පේරු රාජ්‍යයේ නැස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති අශ්ව ආදි විවිධ රූප රටා ලොව ප්‍රකට වි තිබෙනවා. 1927 වසරේදි සොයා ගනු ලැබූ මෙම රූප රටාවලින් යුතු දැවැන්ත ගුවන්පථ ක්‍රි.පූ. 4 වන සියවසට අයත් විය හැකි බවයි ඉතිහාසඥයන් පවසන්නේ. මීට වසර 4,000 ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි.

මේ ආකාරයෙන්ම අශ්වයකුගේ හැඩයෙන් යුත් ගලින් නිර්මාණය කළ ගල් වැටි සමූහයක් පසුගියදා කසකස්ථානයේ උරල් කදුවැටියේ තිබී ‘ගුගල් අර්ත් (Google Earth) මගින් සොයා ගනු ලැබුවා.
තියුණු ආයුධ 40 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ගල් හා මැටියෙන් අඩි 1000 ක් පමණ දිගින් යුතු මෙම පථය පාපන්දු ක්‍රීඩා පිටි දෙකකටත් වඩා විශාල වූවක්. මේවා පෙර කල්පයේදී භාවිත කළ ගුවන්පථ (ගුවන් මධ්‍යස්ථාන) හෝ පිටසක්වළ ජීවින් සමග සම්බන්ධ වූ ‘ තරු දොරටු ‘ (Star Gate)  විය හැකියි. මෙබඳු පිහිටීම් රටා ඓතිහාසික කූරගල, කුටුම්බිගල හා සීගිරිය ආදි ස්ථානවලත් පැවති බවට විශ්වාස කරනවා.


ඔබේ ගැටලු “සක්වළ සක්මනට” – බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ ලිපිනයට යොමුකරන්න.


Wednesday, October 3, 2012

රාවණ සැබෑවක් ද?

1

 

රාවණ සැබෑවක් ද?

කාලෙකට පස්සේ ගහයට බංකුවට වෙලා ටිකක් සැනසිල්ලේ උඩ බලාගෙන හිටියා. එක පාරටම මහා දෙදරුම් හඬක් එක්ක මගේ ඉහට උඩින් හෙලිකොප්ටරයක් ගියේ රත්මලාන ගුවන් තොටුපළේ ගොඩබාන්න වෙන්න ඕන. ඒ එක්කම ඊයේ පෙරේදා ආචාර්ය සූරිය ගුණසේකර මහත්තයාගේ ඓතිහාසික රාවණ කෘතියට ගිය දවස මතක් වුණා. පුෂ්පක විමන ගුවන් යානයද හෙලිකොප්ටරය ද? විශ්ව කර්මද රයිට්ස් සහෝදරයොද? වර්තමානයෙන් අතීතයට ඇදෙන හිතට නවතින්න තැනක් සොයා ගන්න බැහැ වගේ. මම ආයෙත් දුවගෙන ගිහින් පොතේ මට අවශ්‍ය පරිච්ඡේද කීපයක් එක හුස්මට කියෙව්වා.

ඒ එක්කම මට මතක් වුණේ පොත එළි දැක්වීමේදී දේශනාවල කියැවුණු දේ. මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා කී විදිහට විජයාවතරණයට අවුරුදු දෙදහකටත් එහා ගිය මානව ඉතිහාසයක් දැන් අපේ රටෙත් හමුවෙලා තියෙනවා. යකඩ සොයාගත් මිනිස්සු පිරිසක්, ආදාහනාගාර භාවිත කළ පිරිසක්, යමක් දැවෙන්න වාතය වුවමනාබව දන්න ඒ නිසා මැටියෙන් කළ ආදාහනාගාරවලට වායුව ලැබෙන ටෙරාකොටා බට දාලා හදන්න තරම් දැනුමක් තිබූ පිරිසක් ඒ කාලේ ඉඳලා තිබෙනවා.

ලංකා ලංකා පෙම්බර ලංකා ගීතයේ බලිතරු රාවණා ගැමුණු විජය බා කියලා ලියලා තිබුණත් දඬු මොනරේ ගැන කොතරම් අහලා තිබුණත් රාවණ කියලා රජකු හිටියාය කියලා හිතන්නවත් තරම් උවමනාවක් ඇතිවෙන්න ඒ ටික ප්‍රමාණවත් වුණේ නෑ. යටත් විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරිව ගුණසේකර මහත්මයාගේ ම වචනෙන් කීවොත් කළු ඇඟක් සහ සුදු හිතක් තියෙන අපිට ඉගෙන ගන්න ලැබුණු ඉතිහාස රාමුවෙන් එහාට ලෝකයක් තිබුණද කියලා හාංකවිසියක්වත් ඇති වුණේ නැද්ද ඇති කළේ නැද්ද කියලත් සැකයි.

අනික අපි දැන් පුරුදුවෙලා තියෙන්නේ විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්වන දේවල් ම පිළිගන්නනේ. නැත්නම් අපේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් අනිත් අයට ඇතිවෙයිද කියලත් බයයිනේ.
ඒ වුණාට රස වෙදකම, පිරමිඩ දේවාලයේ අවුරුදු 4500 ක් පැරණි ගුවන් යානාවක මැටියෙන් අඹන ලද රූපය, රාම රාවණ යුද්ධය පිළිබඳ කතා ප්‍රවෘත්ති, නහුත රජුට බින්දු විසි හතකින් ලියැවෙන සංඛ්‍යාව දක්වා ගුණ කිරීමට තිබූ හැකියාව, පුෂ්පක හෙවත් දඬු මොනර යානයේ තිබුණේ යැයි කියන රසදිය සහිත ඇන්ජිම ඇමෙරිකානුවෝ මර්කරි වෝටෙක්ස් ලෙස අත්හදා බැලීම, ආලෝක ධාරා මඟින් රාමාගේ යුද හමුදාවට පහර දුන්නේ ලේසර් තාක්‍ෂණය රාවණා යුගයේ තිබූ නිසාද යන සැකය, සූර්ය ශක්තියෙන් වැඩ ගැනීම, ගගනගාමින්ගේ ඇඳුම් සකසන ක්‍රම අහ්! මෙකී නොකී එකී කතා තවත් සුරංගනා කතාවක්ම යැයි කියන්නට තරම් ළඳ බොළඳ වීමට ද අපට හැකියාවක් නැහැ. අනෙක සාක්කි තියෙන දේවල් පවා බොරුය කියලා අපේ ඉතිහාසයට ලැබිය යුතු ගෞරවයක් තියෙනවා නම් ඒක නැති කරන්න අපට තිබෙන අයිතිය මොකක්ද? ඒ වගේම ඒ ගෞරවය හිමි කර ගන්න පර්යේෂණ කරන්න ප්‍රමාණවත් ප්‍රතිපාදන නැති කමත් ප්‍රශ්නයක්.

සමහර ගැමියෝ අදටත් කියන කතා මෙච්චර කාලයක් පවතින්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ නැද්ද? අතට හසුනොවෙන, ඇසට නොපෙනෙන, අපට හිතාගන්න අවබෝධකර ගන්න බැරි හැමදේම මිථ්‍යාවක් ද? ඇයි එතකොට කවුරු හරි ලියූ කියූ පමණින් අපට අහන්න තිබෙන ඉතිහාසයම විශ්වාස කළ යුතුම ද? ඒවා කවදා කොහොම වෙනස් වුණාද වෙනස් කෙරුණාද වෙනස් කළා ද අපි දන්නේ කොහොමද? හැම යුගයකම මේ රට ආක්‍රමණය කරගන්න දඟලපු විදේශිකයන් කළේ අපේ ඉතිහාසය වළලලා සංස්කෘතිය විකෘති කරලා සභ්‍යත්වය අකාමකා දාලා නන්නත්තාරගත වෙච්ච පිරිසක් තමන්ට ඕන විදිහට රූකඩ වගේ නටවලා අපේ තියෙන දැනුම, සම්පත් හූරාකන එක. බලවන්තයාට විරුද්ධවෙලා තමන්ගේ වරිගෙ නහගන්නේ මොකටද කියලා අනිත් උන්දලත් වැල යන අතට මැස්ස ගහගෙන ඉන්නවා.

රාම කියලා කවුරු හරි හිටියා නම් රාවණ කෙනෙක් හිටියා ය කියන්න අකැමැති වෙන එකත් පුදුමයක් තමයි. සීතාට එච්චර කාලයක් කිසි අනතුරක් නොකර තියාගන්න ඒ රාවණ කොයිතරම් දැමුණු කෙනෙක් වෙන්න ඇද්ද?

පරිච්ඡේද ටික කියවලා ඉවර වෙද්දි මගේ හිස බරයි වගේ දැනුණා. අන්තිමට ගුණසේකර මහත්තයා කියන කතාව අහල බය හිතුණා. ඇත්තටම ඒ කියනවා වගේ එක එක යුග අවසාන වුණ ආකාරයට අප මේ ගත කරන ඉලෙක්ට්‍රොනික යුගය අවසානයේ සිදුවන්නේ කුමක් ද? තවමත් විද්‍යාඥයන් ඒ ගැන හරියට හිතූ බවක් පේන්න නෑ. අපේ කාලෙදිම ඒ කියන්නේ තව අවුරුදු හතළිහකින් විතර ෆොසිල ඉන්ධන ඉවර වෙන්න නියමිතයි නම්, ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාස එක්ක මහා ව්‍යසනයක් සිදුවී මේ කාර්මික වාණිජ යුගය බිඳ වැටුණොත්, යළි නිෂ්පාදන ආර්ථිකයකට ලෝකය යොමු වෙද්දි සම්පත් නොතිබුණොත්, ආර්නල්ට් ටොයිම්බිගේ “ඉතිහාසය නැවත සිදුවේ” යන න්‍යාය ක්‍රියාත්මක වුණොත් අපට යළි මුල සිටම පටන් ගන්නට සිදු වෙනවා නේද? ඒ ආරම්භය සිදුවන්නේ සූරිය ශක්තිය භාවිත කරන යුගයක ආරම්භයක් ලෙස නම් රා හෙවත් සූර්යයා වණ හෙවත් පිරිස ලෙස ගුණසේකර මහතා කියන හිරු පිරිසක් සහිත යුගයක්!
”සරාස් ඩුග්”

පොල් අත්තක් ගහමුලට වැටුණා. මම ආයෙත් ඒ පරිච්ඡේදය මුල ඉඳන් කියවන්න ගත්තා.

Sunday, August 19, 2012

රාවණා යනු කවරෙක්ද?

4

රාවණා යනු කවරෙක්ද?

 

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ.
රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු අපට දැනගත හැක්කේ පුරාවෘත්ත, ජනප්‍රවාද ආදී ජන සාහිත්‍යය ඇසුරිනි.

කුවේර, රාවණා සහ විභීෂණ නමැති සහෝදරයන් තිදෙනා විශ්‍රාවස්ගේ පළමු වන භාර්යාවගේ දරුවෝ ය. පියාගේ ඇවෑමෙන් මෙම දරුවන් තිදෙනාට අත්වන්නට තිබූ යසශ්වෛර්යය ප්‍රමාණ කළ නොහැකි විය. විශ්‍රාවස්ගේ දෙවන භාර්යාව ද කෛකසී මෙම හේතුවෙන් කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් වෙළුණාය.
කෛකසීට අවශ්‍ය වූයේ එම යසස්වෛර්යය සිය කුසින් බිහිවූ දරුවන්ට උරුම කර දෙන්නටය. මේ ගැන සිතා උපායක් කල්පනා කළ කෛකසී ඔවුන් කඨෝර වූ තපසට පිටත් කර යවා ඒ අතර රාජ්‍යය සිය දරුවන්ට උරුම කරවා දෙන්නට උපායක් යෙදුවාය. එම උපායට විශ්‍රාවස් රැවටුණේය.

රාවණාට උපතින්ම හිස් දහයක්, නෙත් විස්සක් සහ අත් විස්සක් ද විය. එබැවින් රාවණා ‘දශානන’ යයි ද ‘දසිස්’ යයි ද නම් ලැබුවේය. එහෙත් විද්වතුන් පවසන්නේ රාවණාට හිස් දහයක් තිබූ කතාව නොවේ. ශක්තිවන්ත පුද්ගලයන් දස දෙනෙකුගේ හෙවත් උසස් වර්ගයේ හස්තියෙකුට ඇති ශක්තියට සමාන ශක්තියක් තිබූ බවය.
උග්‍ර තවුස් දම් රැකීමේ හේතුවෙන් මහා බ්‍රහ්මයා කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි තදින්ම පැහැදුණේය. ඒ හේතුවෙන්ම කැමැති වරයක් ඉල්වන්නැයි රාවණාට දැනුම් දුන්නේය.

එවිට රාවණා ඉල්ලා සිටියේ අමරණීයව විසීමට හෙවත් කිසි කලෙකත් නොමැරී ජීවත්ව සිටීමට හැකි වරයකි. මහා බ්‍රහ්මයා ඊට එකඟ නොවීය. එවිට රාවණා මිනිසුන්, වානරයන් ආදී සාමාන්‍ය අයගෙන් නොව දේව, අසුර ආදී මහා බලසම්පන්නයන් අතින් නොමැරී සිටීමටත් පරාජය නොලබන්නටත් වරයක් ඉල්ලුවේය. එය ‘අජෙය’ වරයකි. ඊට මහා බ්‍රහ්මයා එකඟ විය.

මේ වන විට ලංකාව පාලනය කළේ කුවේරය. වහාම ලංකාවට ගිය රාවණා කුවේරයා සිංහාසනයෙන් නෙරපා දමා ලංකා රාජ්‍යයත් කුවේර සතු පුෂ්පක රථයත් (දඬුමොනර යන්ත්‍රය) පැහැරගෙන ලංකාධිපති බවට පත්විය.

මය නමැති යක්ෂ ගෝත්‍රිකයාගේ දියණිය වූ මන්දෝදරී කුමරිය සරණපාවා ගත් රාවණාට මේඝනාද, අක්ෂය යනාදී වශයෙන් පුතුන් රැසක්ම සිටි බව කියනු ලැබේ.

දිග් විජය හෙවත් රාජ්‍යයන් සමඟ යුද්ධ කොට එම රටවල් අල්ලා ගැනීමේ යෙදුණු රාවණා මිහිපිට වූ සියලු රාජ්‍ය අත්පත් කර ගත්තේය. මුළු පොළෝතලයම පාලනය කළ රාවණා සක්විති රජෙකි.
මිහිතලය ජය ගැනීමෙන් නොනැවතුණු රාවණාට දෙව්ලොව ද අල්ලා ගැනීමට සිත් විය. මෙම අරමුණ ඇතිව සිය පුත් මේඝනාද ද සමඟින් දෙව්ලොවට ගොස් යුදකොට දෙව්ලොව දෙවියන් පරදා දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍රයා ද සිරභාරයට ගන්නට රාවණාට හැකි විය. රාවණාට ‘ඉන්ද්‍රජිත්’ යන නම්බුනාමය ලැබුණේ එබැවිනි.

මිනිස් ලොව, දෙව්ලොව ආදිය ද පාලනය කරන්නා වූ රාවණා බලයෙන් උදම්ව දුරාචාර ක්‍රියාවන්හි යෙදුණු බවත් සුර – අසුර කන්‍යාවන් බලෙන්ම කෙළෙසූ බවත් ‘රාමායනය’ පවසයි. එසේ වුවද, මිනිස් ලොව ද, දෙව් ලොව ද රාවණා දුටු රූපශ්‍රීයෙන් අගතැන්පත්ම කාන්තාව වූ සීතාදේවිය පැහැරගෙන ආ රාවණා ඇයට කිසිදු බලහත්කාරකමක් නොකිරීම හේතුවෙන් ඔහු ස්ත්‍රී දුරාචාර ක්‍රියාවන්හි යෙදුණේය යන රාමායන ප්‍රකාශය අසත්‍යයක් ද විය හැකිය. ඒ හේතුවෙන්ම රාවණා පරමාදර්ශී රජෙකු ද වන්නේය. රාම ඉදිරියේ අග්නි පූජාවට බඳුන් වීමෙන් සීතා සිය පතිවෘත්තා බලමහිමය ද විදහා පෑවාය.

ලංකාධිපති වූ කුවේර බලයෙන් පහකොට රාවණා ලංකා රාජ්‍යය සිය අණසක යටතට ගත්තේ කුවේර අධික සැප සම්පත් විඳිමින් බලය අයුතු ලෙස පරිහරණය කරද්දී ජනතාව අන්ත දුගී දුප්පත් භාවයට පත්වීමේ හේතුවෙනැයි කියනු ලැබේ. රාවණා ලංකා රාජ්‍යය සත් රුවනින් පිරවූ බව කියනු ලැබේ. රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද කෙළ පැමිණියෙකි. ලංකාව පුරා ඔහුගේ ඔසු උයන් පැවති අතර රිටිගල, ලග්ගල, හග්ගල, රූමස්සල, දොළුකන්ද යනු ඉන් කීපයක් පමණි. මේවා දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් පිරී පවතී.

රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණයා සේම වටිනා වෛද්‍ය ග්‍රන්ථ රැසකම කර්තෘවරයා ද වෙයි. නාඩි පරීක්ෂා, අර්ක ප්‍රකාශ, රස රත්නාකරය, උඩ්ඩිස චිකිත්සා, කුමාරි තන්ත්‍රය, ඔඩ්ඩිස චිකිත්සා, වටිකා ප්‍රකරණය යනු ඔහු ලියූ වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් සමහරකි.
සිය දේවිය වූ මන්දෝදරීගේ දොළදුක් සංසිඳවනු පිණිස ද රාවණා වටිනා වෙද පොතක් ලීවේය. බාල දරුවන්ගේ වෙද පොත නම් වූ එය ‘කුමාර හෘත් චිකිත්සාව‘ නම් වෙයි. එම හේතුවෙන් රාවණා පිරිපුන් මානව දයාවෙන් යුත් පුද්ගලයෙක් ද වෙයි. විවිධ යාග-හෝම සඳහා ගැනීමට දඹදිව බමුණන් බැඳගෙන සිටි සතුන් මුදාහළ රාවණා උපරිම සත්වකරුණාවෙන් යුත් අයෙක් ද විය. රාම-රාවණා යුද්ධය අතරතුර තුවාල වී යුදබිම ඇදවැටුණු රාම – ලක්ෂමණ දෙදෙනාට රාවණා සියතින්ම බෙහෙත් බැන්දේය. ඔහු සංගීත ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි.

දඹදිව අයෝධ්‍යා පුරයේ රාමගේ රූමත් බිරිය සීතා දේවිය බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් රාවණා දුෂ්ට රජෙකැයි ප්‍රකට විය. රාවණා සීතා පැහැර ගත්තේ ඇයගේ රූපශ්‍රීයට වශීවීම නිසා යයි රාමායනය පැවසුවත් සිය නැඟනිය වූ සුර්පනකාට රාමගෙන් සිදු වූ අතවරයක් හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම් වස් ය ඇය පැහැර ගත්තේ.
සුර්පනකා නිතරම මෙන් දඹදිව අයෝධ්‍යාව ආසන්නයේ ගැවසුණාය. ඇය දුටු රාම තුළ ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. එහෙත් සුර්පනකාට රාම හා එක්වීමට බාධකය වූයේ සීතාය. සීතා මරා දමන්නට සුර්පනකා උපායක් යෙදුවාය. ඒ දුටු ලක්ෂමණ සිය හීයෙන් සුර්පනකාට විද්දේය. හී පහරින් සුර්පනකාගේ නාසය ද කනක් ද කැපී ගියේය. වැගිරෙන ලේ සහිතව සුර්පනකා මෙම අවනඩුව සිය සොහොයුරාට කීවාය.
මෙයින් කෝපත් වූ රාවණා අයෝධ්‍යාවට ගියේ සීතා පැහැරගෙන එන්නට නොවේ. රාමගෙන් පළිගන්නටය. එහෙත් රාම එහි නොසිටීම හේතුවෙන් රාවණා සීතා පැහැරගෙන ආවේය.
පරමාදර්ශී රජෙකු වූ රාවණාගේ ජීවිතයේ අවසාන වචන කීපය ඔහුගේ දුරදක්නා නුවණ මොනවට ප්‍රකට කරයි. රාමගේ හී පහර වැදී රාවණා යුද බිම ඇද වැටුණේය. එවිට රාම සහ ලක්ෂමණ දෙදෙනාම රාවණා ආසන්නයට ගියහ. ඔවුන් දෙස බැලූ රාවණා මෙසේ ප්‍රකාශ කළේය.
 
කුමාරවරුනි!
යම් කාර්යයක් උතුම් යයි වැටහේද,
එය නොපමාව කළ යුතුය.
යම් කාර්යයක් අලසකමින් අතපසු වන්නේ ද,
එය අවසන් වන්නේ ද නොවෙයි.
එහෙත් අකැමැත්තක් ඇති වුවත්
අසුබ කාරණය නම් අතපසු කළ යුතුමය.

Tuesday, March 13, 2012

රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම

1
රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම



දැනුම යනු මිනිසාගේ එක් නිර්මාණයකි.ඉතිහාසයද මේ යටතට එයි.එය සොබා දහමේ නිර්මාණයක් නොවේ.එබැවින් එක් අයෙකු හෝ එක් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසය තවත් අයෙකු හෝ තවත් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසයට වඩා වෙනස්ය.මෙසේ මතභේදයක් ඇති වූ විට වැඩි දෙනා පිළිගන්නා වූ හෝ දැනුමේ ආධිපත්‍ය හිමි මතය අවසාන ලෙස පිළිගැනේ.ග්‍රාමීය මට්ටමේ දැනුම ඇත්තා සේ පිළිගැනී තිබුණේ තම ශිෂ්‍යයන් නොහොත් ගෝල පිරිසක්ද සහිතව සිටි 'දැනමිතිරාළය' ගමෙහි සිටි 'රාළලා'පස්දෙනා අතර ඔහුද එක් අයෙකි.නමුත් 1847 දී එවක අග්‍ර විනිස්චයකාර සර් ඇන්තනී ඔලිපන්ට් විසින් ගැසට් නිවේදනයක මාර්ගයෙන් දැනමිතිරාළගේ හා භික්ෂුවගේ අධ්‍යපනය ලබාදීමේ ක්‍රියාවලිය නීතියෙන් තහනම් කරන ලදී.භික්ෂුවට බෞද්ධ අධ්‍යාපනය පමණක් සාමණේර භික්ෂූන්ට ලබාදීමට අවසර තිබිණි.නීතිය වඩා හොඳට ක්‍රියාත්මක කිරීම සඳහා 1849 අවට කළකදී දැනමිතිරාළ අවමානයට ලක්කරන 'මහදැන මුත්තා කතා පන්තියද' මිෂනාරින් විසින් සමිපාදය කර පාසල් වල උගන්වන ලද අතර පුවත්පත්,සඟරා මගින්ද ප්‍රචාරය කරන ලදී.

'ගුරු ගෙදර' නමින් හදුන්වන ලද දැනමිතිරාළගේ නිවසටද මිෂනාරීහු ස්ථාන මාරුවක් ලබාදුන්හ.එතැන් සිට අලුතින් ගුරු ගෙදර බවට පත්වුණේ පල්ලියේ 'කතිසේරුතැනැගේ' නිවසයි.මිෂනාරී පාසලේ ප්‍රධානාචාර්යවරයා ඔහු වීම ඊට හේතුවයි.කතිසේරුතැනට ඉන්පසු 'ගුරුන්නාන්සේ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමටද මිෂනාරීහු පුරුදු කළහ.දැනුම ලබාදීම සම්පූර්ණයෙන්ම පාසල් පන්ති කාමරයට සීමාවුණි.මහදැනමුත්තා හා ගෝල පිරිස නමැති රසවත් විහිළුවක් පමණක් සමාජයට ශේෂ විය.දැනුමේ උල්පත මෙසේ වසා දැමීම නිසා දැනුම සිඳී ගියේය. 1954 දී සර් අයිවර් ජෙනිංස් විසින් ලියා එංගලන්තයේ පලකරන ලද අලුත ස්වාධීනත්වය ලැබූ රටවල ජාතිකත්වය (Nationalism in Newly Independent States) නමැති කෘතියෙහි මේ බව පැහැදිලිව සඳහන් වී තිබේ.ජෙනිංස්ගේ උද්දාම වාක්‍යයක්ද එහි ඇත.ලංකාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට'නව ශිෂ්ඨාචාරයක් හා නව බුද්ධාගමක්' ඇතිකළ බවට ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍යය එම උද්දාමයයි.ඊට නමක්ද පට බැඳීමට ඔහු සමත් වී ඇත.'ගාලු පාරේ ශිෂ්ඨාචාරය හා ගාලු පාරේ බුද්ධාගම' යනු මෙම පටබැඳි නම් දෙක වේ.(Galle Road Civilization and Galle Road Buddhism)අපගේ ලක්ෂණ සියල්ල අප විසින්ම ප්‍රතික්ෂේප කරන ලද වත්මන් සිංහල ශිෂ්ඨාචාරය හා භක්තිය පදනම් කරගත් වත්මන් බුද්ධ ශාසනය දෙස බලන විට ජෙනිංස් නිවැරදි බව පෙනේ.

විපත්තීන් හමුවේ සැඟවී සිට දැන් කළඑළි බසින මානෑවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ 'වරිග පූර්ණිකාව'වැනි ග්‍රන්ථ නිසා දැනමිතිරාළලා විසින් සමාජයට එදා ලබාදුන් කට වචනයෙන් පවත්වාගෙන ගිය දැනුම් සම්භාරය ගැන අවබෝධයක් ලබා ගත හැක.වසර තිහ හතලිහකට පෙර අතුරුදන් වූ තොවිලයද මෙසේ 'ගුරුන්නාන්සේලා' විසින් (යකැදුරන්) අවසන් ලෙද පවත්වාගෙන ගිය දැනුම වෙයි.සංචාරකයන් පිනවිය හැකි'ගරා යකුම' පමණක් ඉන් අද 'ගාලු පාරේ' ශේෂ වී ඇත. කීරති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී පාලි මහා වංශයේ 40 වැනි පරිච්ඡේදයක් තිබී ඇත.බ්‍රිතාන්‍ය පාලන සමයේ එය අතුරුදන් වී තිබේ.එම අතුරුදන් වූ 40 වැනි පරිච්ඡේදයෙහි සීගිරිය ගැන හා රාවණා රජු ගැන සඳහන් වූ බවට තොරතුරු වර්ථමානයේ 'අන්තර් ජාලයට' ඇතුළු වී ටික දවසක් තිබී ඇත.එසේ නම් එම 40 පරිච්ඡේදය සහිත පාලි මහා වංශය බටහිර රටක තිබෙන බවට කිසිම සැකයක් නැත. අදින් වසර සීයයකට පෙර එනම් 1912 දී එච්.ඩබ්ලිව්.කොඩ්රිංටන් නමැති බ්‍රිතාන්‍ය පාලනයේ සිවිල් සේවකයා විසින් ලියන ලද සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (Concised History of Ceylon) නමැති කෘතියේ අද දින අපගේ ඉතිහාසයේ මූල බීජයයි.කොඩ්රිංටන් පරණවිතාන ගුරුකුලය මගින් මෙය තවදුරටත් වර්ධනය කරන ලදී.රාජකීය ආසියාතික සංගමය (Royal Asiatic Society) නමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සංස්කෘතික සංවිධානය වනාහී මෙය පෝෂණය කරන ලද කිරි මව මෙන්ම මුර භටයාද විය.නමුත් 17.07.2010 දින රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට බරපතළ වැරදීමක් සිදුවිය.එනම් මහාචාර්යවරුන් පිරිසක් කැඳවාගෙන දේශන කිහිපයක් කිරීම මගින් රාවණා රජු හුදු මානසික සංකල්පයක් පමණක් බව පෙන්වාලීමට උත්සහ ගැනීමය.'රාවණා මිථ්‍යාව' නමැති තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පවත්වා රාවණ නාමයද වළලා දැමීමට ගත් උත්සහායෙන් පසු මුළු රට පිබිදී රාවණ රජු පිළිබඳ මහත් ආන්දෝලනයක් ඉන්පසු ඇති විය.

අද දින තව තවත් වර්ධනය වෙමින් යන්නේ මෙම උරුමය පිළිබඳ හැඟීමයි. 19 වැනි හා 20 සියවස මුල් අර්ධය තුළ සමස්ත ලෝකයේම බල කේන්ද්‍රය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විය.එබැවින් 1800 සිට 1990 දක්වාම ලෝක ඉතිහාසය වුණේ බ්‍රිතාන්‍යය විසින් සකසා දුන් ඉතිහාසයයි.1950න් පසු ලෝක බල කෙන්ද්‍රය එක්සත් ජනපදයයි.ඒ සඳහා ඔවුන්ගේ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය නොහොත් 'ලෝක ආණ්ඩුවයි' 1990න් පසු බ්‍රිතාන්‍යයන් ගොඩ නංවා තිබූ අප්‍රිකාවේ මුල් මානවයා බිහිවීම හා බයිබල් දේශයන් ඇසුරින් සුමේරියන් ශිෂ්ඨාචාරය ලොව පැරණිම ශිෂ්ඨාචාරය වීමද,ඉන්දියාව හා ලංකාව ජනාවාස වීම දක්වා මැක්ස්මුලර්ගේ 'ආර්ය න්‍යායද'බිඳවැටී ගියේය.ඒ වෙනුවට අලුත් ඉතිහාසයක් තවම ගොඩනැගී නැත.තව දශක දෙකකදී පමණ ලොව ද්‍රව්‍ය පදාර්ථ අවසන් වී ඉලෙක්ට්‍රෝනික යුගය අවසන් වන විට සූර්ය ශක්තිය තුළින් පමණක් අවශ්‍යතා නිපදවා ගැනීමට මිනිසාට සිදුවන්නේය.එය කළ හැකි දැයි බටහිර විද්‍යාඥයෙක් අසනු ඇත.ශක්ති විද්‍යාව දන්නා වූද ලංකාවේ පාරම්පරිකව පැවතගෙන අවුත් අදත් ශේෂ වී සිටින්නා වූද අතලොස්සක් යක්ෂ ගොත්‍රිකයන්ට එය හැකිවනු ඇතැයි මා කීවොත් බොහෝදෙනා සිනාසෙනු ඇත.අද එසේ සිනාසුනද තව දශක කීපයකින් එය එසේ වන්නට පුළුවන.

රා+වණ යනු හිරුගෙන් වැඩගත් හිරුගේ කණ්ඩායම යන අර්ථය දෙයි.(සූර්ය වංශය) වංශ කතාවලින් හිමාලය පාමුල නේපාලයේ උපන් (අද දින පිළිගත් පරිදි ) බුදුන් වහන්සේ සූර්ය වංශයට සදහන් කළද එය භූගෝල විද්‍යාවට අනූව සදොස්ය.හිරුගෙන් වැඩගෙන ඇත්තේ ලංකාවේ,ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ පමණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යමය ලෝක සංස්කෘතිය හැඩ ගැසෙන්නට වුණේ 19 සියවස ආරම්භයේ පටන්ය.ලෝක ඉතිහාසය සඳහා ඔවුන්ට ආලෝකය සපයා දුන්නේ බයිබලයෙනි.මැද පෙරදිග බයිබල් දේශයන් එක්කෝ බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගමේ අනුහස යටත හෝ නැතිනම් සෘජුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටත පැවතුණි.මෙනිසා කැනීම් කරමින් පුරා වස්තූන් මතු කරගනිමින් ඔවුන් රිසි පරිදි හා ඔවුන්ට වැටහුණ පරිදි ඒවාට අර්ථ නිරූපනයන් දුන්හ.ප්‍රංශ පුරාවිද්‍යාඥයන්ද බහුල ලෙස එම කාර්යයට සහාය වූ බැවින් එකී පුරාවස්තු පිරුණේ එංගලන්ත හා ප්‍රංශ කෞතුකාගාරවලය.1808දී ක්ලෝඩියස් රිච් බැග්ඩෑඩ්හි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ නියෝජිතයා (Resident) ලෙස පළමුවරය ගවේෂණ කටයුතු ඇරඹීය.බැබිලන් හා නිනර්වේ නගර ඊට වැදගත්ය. පර්ශියාවේ රෙසිඩන්ට් වූ සර් හෙන්රි රොලින්සන් එහි ගවේෂණ ඇරඹීය.සුමේරියානු කුඤ්ඤකාර අක්ෂර මුලින්ම කියවුයේද ඔහුය.

19 සියවස මැද වන විට සුමේරියානු හා බැබිලෝනියානු ශිෂ්ඨාචාරයන් ගැන දැනුම පහළ විය.මෙම අදහස නිශේධ වුණේ 1998 දීය.ඒ එම වසරේ අප්‍රේල් මස කළ කැණීම් තුළින් මතුවු මැටි පුවරු නිසාය.ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන් උපදෙස් දුන් පරිදි බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩ නැංවු අයුරු 'ඉතිහාස චැනලය' (History channel)නමැති ඇමෙරිකන් රූපවාහිනිය විසින් 1998 මැයි මසදී විකාශනය කෙරුණි.කඩුව අතින් ගත් සිංහයා ලාංඡනය මෙම සිංහ මිනිසුන්ගේ බවද,බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන 'එල්ලෙන උයන් වතු' එම සිංහ මිනිසුන්ගේ රටේ ඇති 'සිංහගිරි' මුදුනේ (සීගිරි) කෘතිම ලෙස සෑදු උද්‍යාන බවද එම මැටි පුවරු වල සඳහන් වුණී.බැබිලෝනියානු ලාංඡනය වන්නේද පියාපත් දෙකක් ,සිංහ ශරීරයක් හි මිනිස් මූණක් ඇති අමුතු සත්වයාය. මේ අතර ඩේවිඩ් ලිවිංස්ටන්,සර් සිසිල් රොඩ්ස් යනාදීන් අප්‍රිකා අඳුරු මහද්වීපය සොයාගෙන ගවේෂණය කරන්නට වූහ.කැණීම්වලින් මානව පොසීල ස්ථින 30 ක් පමණ සොයා ගැනිණ.ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් තීරණය කළේ මානවයාගේ මුල් ස්ථානය අප්‍රිකාව බවය.හිතුවක්කාර කම් නිසා පියා විසින් අප්‍රිකාණු ගවේෂණ නැවක පටවා අප්‍රිකාවට යවන ලද චාල්ස් ඩාවින් එහිදි ස්වයං-මෝහනයට පත්විය.මිනිසා වඳුරාගෙන් පැවතෙන බවට න්‍යායයක්ද සහිතව පරිණාමවාදය නව මුහුණුවරකින් ඉදිර්පත් කිරීම ඩාවින් කළේය.මෙය ඉතා ඉක්මණින් ජනප්‍රිය විය. 19 සියවස අන්තිමට බලපෑ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතිහාස මතවාදය වුණේ මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායයි.

මෙයද ඉතා කෙටි කලකදී ජනප්‍රිය විය.මේ තුළ ඇති රහසක්ද ඇත.නිකොලායි නෙටොවිච් නමැති රුසියානු පුවත්පත් කළාවේදියා විසින් ලියු 'ක්‍රිස්තුස් වහන්සේගේ සැඟවුණු ජීවිතය' නමැති ග්‍රන්ථය 1894දී කළඑළි දැක්වූ විට ඊට වතිකානු විරෝධය එල්ල විය.එම පොතට අවශ්‍ය තොරතුරු ලබාගත් කාශ්මීර හා ලඩාක් ආරාමවලට තමාද ගොස් තොරතුරු සොයා බැලු බවත්,නොටොවිච් ලියු දේ වැරදි බවත් කියමින් මැක්ස්මුලර් ඇමරිකන් හා එංගලන්ත පුවත්පත් සඟරාවලට ලිපි ලිවීය.එම නිසා මැක්ස්මුලර් මහා උගතකු ලෙස සියළු ක්‍රිස්තියානි සභාවන් විසින් උලුප්පා දක්වන ලදී.ආර්ය මතය වැදගත් වුනේ ඒ නිසාය. මේ සියළු මතයන් ඇතුළු වූ පුළුල් ලෝක ඉතිහාසයක් බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ නංවන ලදී.ඒ තුළ ලංකාවට ඇති ඉඩකඩ සීමිතය.ආර්යයන් ඉන්දියාවට ඇතුළු වී මුළු හින්දුස්ථානය තුළ පැතිරී සොළොස් මහා ජනපද ඇතිවූ පසු බුදුන්ද පහළ වී උන්වහන්සේ පිරිනිවන් පානා දින සිදුවූ විජයාගමනයෙන් ලංකාව ජනාවාස විය.එබැවින් ඉන් පෙර සිටි රාවණා රජෙකු හෝ හෙළ ශිෂ්ඨාචාරයක් ගැන කතා කිරීමට අවසර නැත.ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි.යටත් විජිතය එංගලන්ත අධිකාරී බලය පිළිගත යුතුය.රාවණා මිථ්‍යාවක් වුණේ එසේය.

පුදුමය නම් දේශපාලනික වශයෙන් නිදහස ලබාදී තිබියදීද ස්වේච්ඡාවෙන්ම තම වහල් මනස නොවෙනස්ව නඩත්තු කරගෙන යාමට මෙරට උගතුන් යැයි සම්මත පිරිස් දක්වන කැමැත්තය.වහලා කල්යාමේදී සිය 'වහල් බැමි වලට ඇලුම් කරයි' යනු ඒබ්‍රහම් ලින්කන්ගේ අදහස මීට ගැළපෙන ඉතා නිවැරදි පිළිතුරය. පබ්බාජ සූත්‍රයෙහිදී (සුත්ත නිපාතයේ) බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ කාලිංග අගනුවර වන 'තෝසලිය' තමා උපන් බිම බවය.නමුත් බුදුන් වහන්සේට ආචාර්ය උපාධියක් නොමැති නිසා මෙරට උගත් ගිහි පැවිදි සියළු දෙනා බුද්ධ වචනය ප්‍රතික්ෂේප කර ඇත.ඒ වෙනුවට ආචාර්ය උපාධියක් ඇති.පුරා විද්‍යාඥයකු වන 'ඇලෝයි ඇන්ටන් ෆියුහර්' ප්‍රකාශ කළ දේ පිළිගෙන ඇත.එනම් නේපාලයේ ඇති රුම්චන්දි නමින් ෆියුහර් වැරදි ලෙස හදුනාගත් ටැම් ලිපිය ඇති ස්ථානය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය බවට ෆියුහර් මවා පෑ බොරුව පිළි ගැනීමය.එකම හේතුවක් නම් ෆියුහර් ආචාර්ය උපාධියක් සහිත සුද්දෙකු වීමය. එංගලන්ත අධිරාජ්‍ය ආධිපත්‍ය,ලංකාවේ මහා විහාර දැනුම ආධිපත්‍ය හා අත්වැල් බැඳ ගනී.සාම්ප්‍රදායිකව කට වචනයෙන් පවත්වාගෙන ආ ඓතිහාසික තොරතුරු ඉංග්‍රීසින් විසින් ප්‍රතික්ෂේප කළේ මිථ්‍යාව(Myth) ලෙස ඊට පරිභව කරමිනි.මහා වංශය ඇතුළු මහා විහාර වංශ කතා වල ආ සාවද්‍ය තොරතුරු පිළිගැනීමට බ්‍රිතාන්‍යයෝ කැමති වූහ.

එබැවින් රාවණ රජු රාමායණයට සීමා කර එය ඉතිහාස නොවන බව ප්‍රකාශ කළහ.මහා වංශය පූර්ණ ඉතිහාසය ලෙස පිළිගත්හ. ඉංග්‍රීසීන් අනුව ගිය වහල් මනස ඇති අපේ ස්වදේශික පුරාවිද්‍යාඥයන්ට කළු හමක් හා සුදු හදවතක් විය.සෙල්ලිපිවල සඳහන් තණචොඩග (තෘණ බින්දු), විසව (විශ්‍රවස්) ,නහුත සහතික,රවණ කුබිර,ගෝතම ශමණ,සුමන(සමන්),දස බතික නවීණය උපරාජ නාග,පනිත යනාදී නම් විකෘති කර සැඟවූහ.මේ සියළු නම් විජයාවතරණයට පෙර සිටි පුද්ගලයන්ගේය.විජයාගමනයෙන් පසු එකම සෙල්ලිපියක හෝ වැරදීමක් සිදුවී නැත.සෙල්ලිපි පිළිබඳ මහා විශාරදයා වන මහාචාර්ය පරණවිතානට අකුරු වැරදීමට කොහෙත්ම පුලුවන් කමක් නැත. රාවණ රජු ලංකා ඉතිහාසයෙන් පිටමන් කර ලියු ඉතිහාසය ඉන් වසර 100 ට පසු 2012 දී සාවද්‍ය බව එළිදරව් වේ.කොඩ්රිංටන් විසින් එම ඉතිහාස පොත ලියුවේ 1912දීය.නමුත් එම වැරදි ඉතිහාසයට අවුරුදු 100 ක් පැවතීමට නොහැකි විය.එබැවින් ඉතිහාසය නිවැරදි කර ලිවීම උගත් තරුණ පරපුරට පැවරෙන වගකීමකි.හිරන්කසුබ්,ප්‍රාලද,බලි,තාරක,රාවණ,නහුත,පනිත,හැම රජෙකුම එවිට ඉතිහාසයට ඇතුළු කිරීමට සිදුවේ.

Thursday, February 9, 2012

රාවණ මහරජු ට බ්‍රිතාන්‍යයන් ඇන්ද වූ රාමායණ සඵව

0
 
රාවණ මහරජු ට බ්‍රිතාන්‍යයන් ඇන්ද වූ රාමායණ සඵව
 
 
ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 10

 
 
 

Saturday, January 21, 2012

රාවණා රජුගේ ලංකාපුරය

1

රාවණා රජුගේ ලංකාපුරය


ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 8

උපුටා ගැනීම - http://www.rivira.lk/edition/rivi-dahara/1503-dfdf


Friday, January 20, 2012

රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

1
රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

වීරසේන අල්ගෙවත්ත

අපට ඇති ප්‍රබලම ඓතිහාසික මූලාශ්‍රය මහාවංශයයි. එය අපේ ඉතිහාසය ගොඩනැගීමට කළ මෙහෙය ඉතා විශාලය. ඒ මගින් ගොඩනැඟුනේ අපේ ඉතිහාසය පමණක්‌ මැ නොවේ. අසල්වැසි භාරත දේශයේ ඇති ඉතිහාසය හා බැඳෙන sගැටලු විසදා ගැනීමට ද හැකි වූයේ මහා වංශයේ මඟ පෙන්වීමෙනි. ඉන්දීය දේශය පුරා අශෝක ස්‌ථම්භ පිහිටුවා යම් යම් තොරතුරු එහි ලියවා නව සන්නිවේදන රටාවක්‌ බිහිකළ "දෙවනපිය පියදසි" නිරිඳුන් අශෝක අධිරාජයාම බව හඳුනා ගැනීමට හැකි වූයේ මහා වංශයේ සඳහන් යම් යම් තොරතුරු නිසාය. වසර දෙදහස්‌ පන්සියයක අඛණ්‌ඩ රාජාවලියක තොරතුරු ලේඛනගත කළ ඓතිහාසික මූලාශ්‍රයක්‌ වේ නම් එය "මහාවංශය" පමණි. අපට එහි අගය මැනෙවින් පසක්‌ වන්නේ භාරතීය ඉතිහාසය හා සසඳන විටය.

මෙයින් අදහස්‌ වන්නේ මහාවංශය අංග සම්පූර්ණ මූලාශ්‍රයක්‌ බව නොවේ. එහි ඇති අඩු ලුහුඬුකම් සුළු කොට තැකිය හැකි ඒවා ද නොවේ. ඒ නිසාම බොහෝ පඬිවරු මහාවංශය මහා විහාර වංශ කථාව ලෙසින් හඳුන්වා දෙති. මහාවංශය රචනා කළ මහානාම හිමියන් ඇතැම් ඓතිහාසික තොරතුරු හිතාමතාම වසන් කරන බවක්‌ පෙනේ. එය මහාවංශයේ මුල් පරිච්ඡේදවලදී බහුල වශයෙන් දැකිය හැකි ඌනතාවයකි.

විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ උහු වෙත අවුත් පින්වත්නි· මේ කවර දිවයිනක්‌දැයි විචාළෝය. හේ තෙමේ ලක්‌දිව යෑයි කියා මිනිස්‌සු මෙහි නැත්තාහු යෑයිද තොපට භයක්‌ නොවන්නේ යෑයි ද කීය. මෙසේ කියා කෙණ්‌ඩියෙන් ඒ මිනිසුන් පිරිත් පැන් ඉස උන් අත්හි (පිරිත්) හු බැඳ අහසින් ගියේය. (මහා වංශය - හත්වැනි පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය - 2003 මුද්‍රණය)

විජය කුමාරයා මේ බිමට ගොඩ බට අවස්‌ථාවේ බුදු හිමියන් වදාළ පරිදි සක්‌දෙව් රජු ඇනැවීමෙන් පැමිණි උපුල්වන් දෙව්රජ (ලවා) පවසනුයේ මේ බිම මිනිසුන් රහිත හිස්‌ භූමියක්‌ බවයි. ඒ නිසා මෙහි පදිංචි වීමටත් රිසි සේ හැසිරීමටත් කිසිදු බාධාවක්‌ නොමැති බවකි, ඉන් පවසා ඇත්තේ.

මහාවංශයේ සඳහන් පරිදි විජය කුමාරයා ප්‍රමුඛ සත් සියක්‌ පිරිස ලක්‌බිමට සැපත් වීම සිදුවනුයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන අවස්‌ථාවේමය. බුදු සස්‌න ලක්‌දිව "පිහිටන නිසා" බුදු හිමියන් ද මේ සිදුවීම කෙරේ විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බව මහා වංශ විස්‌තරයෙන් කියෑවෙයි.

බුදුහිමියෝ ලක්‌දිවට තෙවරක්‌ වැඩියහ.

"සම්‍යක්‌ සම් බෝධියනේ නව වැනි මස දුරුතු පුර පසළොස්‌වක්‌ හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්‌දිවට පැමිණි සේක."

"සම්‍යක්‌ සම්බෝධියෙන් පස්‌ වැනි වස ෙ-තවන විහාරෙහි වැඩ වසන සේක්‌ මාහෝදර නාගයා එසේම චූලෝදර නාගයා යන පිරිස්‌ සහිත වූ නාගයින්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වූ යුද්ධය දැක බක්‌මහ අමාවක්‌ පොහෝදින උදය කාලයෙහි උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

"සම්‍යක්‌ සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ෙ-තවනයෙහි වාසය කරන සේක්‌ ලෝක ස්‌වාමී වූ පස්‌ මරුන් දිනූ මුනීශ්වර තෙමේ භික්‍ෂූන් පන්සියයක්‌ විසින් පිරිවරන ලද්දේ දෙවැනි දවස භක්‌ත කාලය ආරෝචනා කළ සිවුර පොරවා පාත්‍රය ශ්‍රී හස්‌තයෙන් ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක්‌ත නා රජුහු නිවසට වැඩි සේක. කැලණි සෑය පිහිටි තැන්හි කරන ලද රත්න මණ්‌ඩපයෙහි සංඝයාද මාහැඟි වූ පළඟෙහි තමන් වහන්සේද වැඩහුන් සේක. සමූහය සමග වූ නා රජු තෙමේ සොම්නස්‌ වූයේ දිව්‍ය වූ ඛාද්‍යාදී භෝදයෙන් සංඝයා සහිත වූ සර්වඥයන් සන්තර්පණය කළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලෝක නායක වූ සර්වඥ තෙමේ එතන්හි ධර්ම දේශනාකොට අහසට නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පාටසහන දැක්‌වූ සේක".

(මහාවංශය - පළමුවැනි පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය 2003 මුද්‍රණය)

මේ විස්‌තරයෙන් පැහැදිලි වන්නේ උපුල්වන් දෙව් රජුන් කියන පරිදි ලක්‌දිව මිනිසුන් නැති හිස්‌ භූමියක්‌ තෙවන බවයි. බුදුන් වහන්සේගේ දෙවැනි සහ නොවන ලංකා ගමන සිදුවූයේ නාගයින්ගේ අරගල සංසිඳුවීමෙන් ඇති වූ ඉමහත් ගෞරවය හා ප්‍රසාදය නිසා කරන ඇරියුමෙනි. පන්සියයක්‌ පිරිවර කැටිව වැඩි බුදුන් වහන්සේට දිව්‍යමය ආහාරපානවලින් දන් පිරිනැමූ බවත් පැවසේ. බුදුන්වහන්සේ පන්සියයක්‌ භික්‍ෂූන් වහන්සේලා කැටුව වැඩ වදාළේ මණිඅක්‌ත නාරජුන්ගේ නිවසට මැ වීම සුවිශේෂ වැදගත්කමක්‌ දරයි. මෙහි සඳහන් නාගයන් තිර ලෙස මැ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ මිස උරග විශේෂයක්‌ නොවන බව නම් පැහැදිලිය.

බුද්ධත්වයෙන් අටවැනි වස බුදු හිමියන් ලක්‌දිවට වැඩ වදාළ විට දන් පිරිනැමූ බණ ඇසූ ඉහත කී මනුෂ්‍ය කොට්‌ඨාසය වසර පනහක්‌ ඉක්‌මැ වීමටත් පෙර වඳවී ගිය දැයි සිතිය යුත්තේ "මිනිසුන් මෙහි නැත්තාහු" යන මහාවංශ ප්‍රකාශය නිසාය. කෝට්‌ටේ යුගය වන විටත් කැලණියේ නාගයන් භක්‌තිමත් බෞද්ධයෝම ලෙසින් විසූහ. ඒ බව ළවැලි පිට සිට වෙණ වයමින් බුදුගුණ ගී ගැයූ මනහර නා මෙනවියන් ගැන සිරි රහල් මාහිමියන් කියන තොරතුරු වලින් පැහැදිලි වෙයි.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනෙහි අරමුණ "ලංකාද්වීපය ශුද්ධ කරණ පිරිස" බව පැහැදිලිව කියා ඇත. "නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්‌දිව දෙම්හ අපට අභය දුන මැනවැ" යි ආයාචනා කළ යක්‍ෂයන්ට ගිනි මවා බිය ගන්වා ඔවුන්ට හිමි බිමෙන් පලවා හැරීමට බුදුහිමි ක්‍රියා කළ අයුරු වංශකතාකරු මහත් රුචියෙන් විස්‌තර කොට ඇත.

මහා කාරුණික වූ සව් ලෝ දුක්‌ගිනි නිවූ බුදුහිමියෝ යකුන්ට මෙබඳු දෙයක්‌ කරත්ද? "සාතාගිර" "හේමවත" "අලවු" වැනි යක්‌ සෙනවියන් බුදු බැතියන් කළෝ බුදු හිමියෝය. යකුන් හා බුදු සමිඳුන් හා අතර පැවැති සම්බන්ධතාවයේ තරම "ආටානාටිය" වැනි සූත්‍ර වලින් පැහැදිලි වෙයි. මහාවංශයේම කියෑවෙන කුවේනියගේ තොරතුරුත් "පඬු අභා" කුමරුන්ගේ තොරතුරුත් විමසන විට පෙනීයන්නේ බුදු සමිඳුන් යකුන් දමා, ගිරි දිවයිනට පලවා හැරි පුවත මුසා බසක්‌ මැ බවයි. ඇරත් එය බුදුහිමි පැවැත්ම පිළිබඳව කළ මිත්‍යා ප්‍රබන්ධයක්‌ බවයි.

මේ දිවයිනේ භූමිපුත්‍රයන් වශයෙන් යක්‍ෂයෝත් නාගයෝත් "විජය" පැමිණෙන විට මෙහි සිටියෝය. ඔවුහු බුදුහිමියන් ගෙන් බණ ඇසූ එතුමා ඇසුරු කළ බෞද්ධයෝම වූහ. එසේ ව තිබියදී බුදුහිමියන් විසින් යක්‌කු පලවා හරින ලදහ යි පැවසූයේ ඇයි? "විජය" කුමාරයාගේ පැමිණීම නමැති සිද්ධියට ඉතා ඉහළ අගයක්‌ දී සිංහල ජාතියේ ආරම්භය එතැනින් ඇරැඹී යෑ යි යන ප්‍රබන්ධයට ඓතිහාසික අගයක්‌ බද්ධකොට ඉන්දීය ඥති සම්බන්ධය නීතිගත කිරීමට යෑ "අසූ කෙළක්‌ නයින් තුන් සරණයෙහිද සීලයෙහිද පිහිටු වූ සේක" (මහාවංශය - පළමුවැනි පරිච්ඡේදය) මේ ලෙසින් ලේඛනගත කළ මහානාම හිsමියන් ඉන් වසර පනහක්‌ ඉක්‌මැ යැමටත් පෙර ලක්‌බිම මිනිසුන් නැති බිමක්‌ කිරීම කවරක්‌හු අදහත් ද?

"හුදීජන පහන් සංවේගය පිණිස" කළ මහාවංශයේ සියලු වෘතාන්ත සිත් බඳනා දහම් කරුණු ලෙසින් දිගු කලක්‌ තිස්‌සේ ජන විඥනය තුළ තැන්පත් වී තිබිණි. යුරෝපීය ජාතීන් තුනක දැඩි බලපෑම් මාලාවකට හසුවී මේ ප්‍රතිඵලයක්‌ ලෙසින් අපේ සියලුම දේ දැඩි වෙනස්‌වීම් වලට භාජන විය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපේ සියලු සමාජ හා ආධ්‍යාත්මික ගැටලුවලට සාර්ථක විසඳුම් ලබා දෙමින් ලොවට හරවත් යම් යම් දේ දායාද කළ ජාතියේ ප්‍රඥාව මෙලැවූ පිරිවෙනින්, පාසලට අධ්‍යාපනය මාරු විය. පිරිවෙන් අධ්‍යාපනයේ නියමුයෝ මහ ථෙරවරුය. එහෙත් නවීන පාසල්, පල්ලිය සෙවනේ බිහිව මිෂනාරි පූජකවරුන් වෙතින් බවුතීස්‌ම ලබා ගුරුන්නාන්සේලා යටතේ නැණ පහන දල්වන ආයතන බවට පත්විය. පාසල්වල උගැන්වූ විෂය මාලාව විවිධ හැල හැප්පීම් ඔස්‌සේ ඇදි ඇදී ආවක්‌ම විය.

දේව ධර්මය යුරෝපීය පාලන බස අනිවාර්ය විෂය මාලාව වූ අතර පසු කාලීනව මවුබස, ගණිතය හා ඉතිහාසය ද පාසල් විෂය මාලාවට එක්‌විය. ඉංග්‍රීසි පාලනයේ මුල් සමයේ සිට ඉතිහාසය උගැන්වීම සඳහා කිසියම් ප්‍රයත්නයක්‌ දරනු දැකිය හැකිය.

1847 කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශයන් අනුව අවලංගු කරන ලද සිංහල පාසල් නැවත පිහිටුවීමට 1847 දී පාසල් කොමිසමට සිදුවිය. මෙම පාසල්වල දේශීය බස ඉගැන්වීම පිළිබඳ ඒකකාර තත්ත්වයක්‌ නොතිබිණි. සමහර පාසල්වල මවුබස පහළ පංතිවලට සීමා කරන ලද අතර සමහර පාසල්වල එය තුන් වැනි හෝ හතරවැනි හෝ පාසල් වර්ෂය දක්‌වා උගන්වන ලදී. සිංහල සහ දෙමළ පෙළ පොත්වල ඇති වූ අඩුව නැති කිරීමට අනුවාදක කමිටුවක්‌ පත් කැරිණි. මේ කමිටුව විසින් පුරාණ ඉතිහාසය නූතන, ඉතිහාසය, ආගමික ඉතිහාසය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඓතිහාසික කියවීම් පොත සහ "ලංකා ඉතිහාසය" යන ග්‍රන්ථ සකස්‌ කරන ලදී.

"ලංකාවේ අධ්‍යාපනය" සියවස ප්‍රකාශනය අධ්‍යාපන සහ සංස්‌කෘතික අමාත්‍යාංශය රජයේ මුද්‍රණාලය - 1969)

ඉංග්‍රීසි ජාතිකයන් මේ රටේ පාලන බලය අල්ලාගත් පසු ඔවුනට අවශ්‍ය පරිදි අධ්‍යාපනික ක්‍රියාවලිය පවත්වාගෙන යැමට විවිධ අවස්‌ථාවලදී නොයෙක්‌ වෙනස්‌කම් සිදු කළ අතර විශේෂයෙන් ලංකා ඉතිහාසය පාසල් විෂය මාලාවට ඇතුළත් කළේ යුරෝපීය ඉතිහාසය එංගලන්ත ඉතිහාසය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඓතිහාසික වෘතාන්ත ආදියට අතිරේකවය.

ලංකා ඉතිහාසය ඉගෙනීමේදී අතිශයින්ම වැදගත් බටහිර ජාතිකයන් තිදෙනෙක්‌ සිහිපත් කළ යුතුය. "H.P.C බෙල්" මහාචාර්ය, "විල්හෙට්‌ ගෛගර්" සහ "H.W. කෝඩ්රින්ටන්", ඒ තිදෙනායි. අපේ ඉතිහාසය හැදැරීමට අතිශයින් වැදගත් පුරා විද්‍යාත්මක පරීක්‍ෂණ හා සංරක්‍ෂණය ආරම්භ කළේ H.P.C" මහතායි. මහාවංශය ඉංගී්‍රසි බසට පරිවර්තනය කොට ලංකා ඉතිහාසයේ හැඩරුව ලොවට විවර කළේ ගෛගර් පඬිතුමාය. ලංකා ඉතිහාසය ඉතිහාස පොතක්‌ ලෙස උගෙනීමට සකස්‌ කළේ කොඩ්රින්ටන් මහතාය. (A Short. History of Ceylon) වංශ කතාවල සඳහන් (එතුමාට) පිළිගත හැකි, කරුණු පමණක්‌ම පාදක කරගනිමින් රචිත මේ ඉතිහාසය ග්‍රන්ථය ලංකා ඉතිහාසයට කළ බලපෑම අතිශයින්ම ප්‍රබල එකක්‌ විය. එතුමාගේ මතය අනුව හැබෑ ලංකා ඉතිහාස ආරම්භ වන්නේ මහින්දාගමනයෙනි. විෂය මාලාව පුළුල් වීමත් උසස්‌ අධ්‍යාපනය සඳහා ලංකා ඉතිහාසය පිළිගත් විෂයයක්‌ වීමත් නිසා මේ පිළිබඳව කෙරෙන සෙවීම් බැලීම් ක්‍රමයෙන් ඉහළ ගියේය. "G.C මෙන්ඩිස්‌" "සෙනරත් පරණවිතාන" ප්‍රමුඛ වියත්හු මේ පිළිබඳව ප්‍රමුඛයෝ වූහ. ලංකා ඉතිහාසය ගැන අධ්‍යයනය කළ හැම පඬිවරයෙක්‌ම පාහේ "කොඩ්රින්ටන්" මහතාගේ ඉතිහාසය දැක්‌ම ඉක්‌මවා යැමට මැළි විය. මහාවංශ කතුවරයා වසාලූ "විජය" ට පෙර යුගය කුමක්‌ දැයි සෙවීමට තබා සිතීමට වත් උනන්දු නොවූ මොවුහු විජය පිළිබඳ තොරතුරට විවිධ අර්ථකතන සැපයූහ.

ලක්‌දිව ජනාවාස වූයේ "ඉන්දියාවෙන් පැමිණි විවිධ ජන කොටස්‌වලින්ය" යන මතයක්‌ මේ පඬිවරු සමාජගත කළහ.

එය වනාහි "මිනිස්‌සු මෙහි නැත්තාහු යන මහාවංශ මුසාවම වෙනත් අයුරකින් අර්ථවත් කිරීමකි. වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත ඉතිහාස ග්‍රන්ථයක ලංකාවේ ජනාවාස ආරම්භ වීම පිළිබඳව දක්‌වා ඇති කරුණු පරීක්‍ෂා කිරීමෙන් මෙය වටහාගත හැකිය.

I. "මෙම පුරාවෘත්තවල ඇති පරස්‌පර විරෝධතා හා මිථ්‍යා තොරතුරු අත්හැර දමා ඒවායේ හරය පරීක්‍ෂා කළ කල්හි මෙරට අවස්‌ථා කීපයකදී ආර්ය ජන සමූහ සංක්‍රමණය වූ බව පැහැදිලි වේ."

II. විජයගේ ගමන ආරම්භ වූයේ වංශ දේශය අසල වූ "ලාල" රටින් යෑයි සඳහන් වන නිසා මේ පුරාවෘත්තය විග්‍රහ කළ උගත්තු භූගෝලීය උපදෙස්‌ ගැන නා නා මත ඉදිරිපත් කර ඇත. එහෙත් සුප්පාරක (නූතන සොපාරා" සහ භාරුකච්ච (නූතන බ්‍රොaච්) යන වරාය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බටහිර වෙරළේය. මේ අනුව ආර්යයන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ සිට ලංකාවට පැමිණි බවට තර්ක කරන විද්වත් පිරිසක්‌ වෙති.

III. උතුරු ඉන්දියාවේ සිට පැමිණි ලක්‍ෂිණා පථයේ කෙළවර පදිංචි වී සිටි ආර්ය ජන සමූහයක්‌ පසුව ලංකාවට සංක්‍රමණය වූ බව මහාචාර්ය රත්වැල්ල නිගමනය කර ඇත.

IV ලංකාව ජනාවාස කිරීම ගැන තොරතුරු සපයන ජනප්‍රවාද වල දැක්‌වෙන අන්දමට බටහිර නැගෙනහිර හා දකුණු ඉන්දියානුවන් මෙරට ජනාවාස කිරීමෙහි ප්‍රමුඛ වූ බව අපි මීට ඉහත දී දුටිමු.

V. මෙරට ජනාවාස කිරීමට ජන සමූහ කීපයක්‌ වරින් වර සංක්‍රමණය වූ බව එයින් හෙළිවෙයි. මෙම සංක්‍රමණය යම් කිසි රජයකින් හෝ සංවිධානයකින් සංවිධානාත්මක ලෙස පිටත් කළ ඒවා නොවේ. ඒ ඒ අවස්‌ථාවල ජනයාට ඇති වූ අවශ්‍යතා නැතහොත් අහම්බෙන් ඇති වූ ගොඩ බැසීම් හේතුකොට ගෙන ලංකාව ජනාවාස වීම සිදුවිය.

VI ස්‌ථිර වශයෙන් පැහැදිලි මූලාශ්‍රවල මෙරට ජනාවාස කළේ උතුරු ඉන්දියාවේ සිට පැමිණි ජනකොටසක්‌ බව දැක්‌වේ.

(ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමුවැනි කොටස අනුරාධපුර යුගය, අනුරාධපුර යුගයේ ජනාවාස ව්‍යාප්තිය, මහාචාර්ය G.V.P සෝමරත්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

"P.E.P. දැරණියගල" මහතා මහාවංශයේ වැට කඩොලු වලින් ඔබ්බෙහි මානව චර්යාව සොයාබැලූ ප්‍රථම විද්වතාය. එතුමා ලංකාවේ ජනාවාස පිළිබඳ වංශකතාව බලංගොඩ මානවයා දක්‌වා අතීතයට ගෙන ගියේය. ඒ හැරුණු විට පුරාණ ලංකාවේ ජීවත් ව ඇති එහෙත් අභාවයට ගිය "නිට්‌ටෑවා" නම් වනචාරී මනුෂ්‍ය කොටසක්‌ ගැන ද තොරතුරු අනාවරණය කළේය.

එතුමාගේ පුත්‍ර "ශිරාන් දැරණියගල" විද්වතා තම පියාගේ පිය සටහන් ඔස්‌සේ ඉදිරියට යමින් කළ පර්යේෂණ රාශියක්‌ ඉතිහාසයේ හා මානව ශිෂ්ටාචාරයේ නව පිවිසුම් මාර්ගයක්‌ විය. "පාහියන්ගල" "බටදොඹ ලෙන්" ආදී ස්‌ථාන රාශියක කළ පර්යේෂණ මේ සඳහා සාක්‍ෂි සපයයි. "විජය" ගැන සඳහන් වකවානුවට පෙර ලක්‌බිමේ විසූ අය යකඩ භාවිතයත් ලේඛනයත් දැන සිටි පිරිසක්‌ බවට සාධක ඉදිරිපත් කළේද විජයගෙන් මෙරට ජනාවාස වීය යන ප්‍රවාදය බිඳ දමමිනි. "රාඡ් සෝමදේව" මහතා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම් කළ විවිධ පර්යේෂණ මානව වංශකථාවට සැපයූවේ නව ආලෝකයකි. "රංචාමඩම", "බූන්දල", "හෝටන් තැන්න", "ඉබ්බන්කටුව" ආදී ස්‌ථානවල කළ විවිධ සොයා බැලීම්වලින් සනාථ වූයේ ලංකාවේ ජනාවාස බිහිවීම, වසර විසිපන් දහසකට වඩා ඈත කාලයකට හිමිකම් කියන බවකි.

ඉහත විද්වතුන් සියල්ලන්ගේ සොයාබැලීම්වලින් පැහැදිලි වන සත්‍යය නම් මහාවංශයෙන් හා ඒ අනුදත් ඉතිහාසඥයන්ගෙන් කියෑවෙන "විජයගෙන්" හෝ දඹදිවින් පැමිණි පිරිස්‌වලින් හෝ මේ රට ජනාවාස වීය යන මතය හුදු ප්‍රබන්ධයක්‌ පමණක්‌ම බවයි. ලක්‌ පොළොවෙහි විවිධ ස්‌ථාන තෝරාගෙන පර්යේෂණ කොට මානව වංශකථාව දුරාතීතයට ගෙන ගිය පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට පෙර අපේ අතීත කථාව විජය සිද්ධියට වඩා පැරැණිය යන මතය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළාහු මහපඬි "කුමාරතුංග මුනිදස්‌" හුය.

අනුරාධපුර යුගයේ ලියෑවුණු ජානකී හරණය සකු බසින් රචිත කාව්‍යයකි. එය කලෝ කුමාරදාස නිරිඳුතුමෝය. "සලමෙවන්" නිරිඳුන් කළ සියබස්‌ ලකර "දාර්ඩීන්ගේ කාව්‍යාදර්ශය" ගුරු තැන්හිලා කළ කෘතියකි. "ජානකී හරණය" යනු සීතා පැහැරගෙන යැමය. එය කළෝ රාවණ නිරිෙ¹aය. ඒ බව සඳහන් වන්නේ රාමායනය සතු වීර කාව්‍යයෙහිය. සකු සාහිත්‍යයත් ඒ හා බැඳුණු පුරාවෘතත් අනුරපුර යුගයේ අය දැන සිටියහ.

කෝට්‌ටේ යුගය වන විට "රාමසීතා" කතා සාමාන්‍ය ජනතාව අතර පවා ප්‍රකටව තිබූ බව ගිරා සන්දේශයේ එන අම්බලමේ කතාවලින් පැහැදිලි වේ.

අයෙක්‌ මිසදිටු ගත්

නොයෙක්‌ කව් නළු රස දත්

පෙර තම තමනු ගත්

රාමසීතා කතා පවසත්

(ගිරා සන්දේශ විවරණය කුමාරතුංග මුනිදාස සංස්‌කරණය 2002 ගොඩගේ ප්‍රකාශන)

තොටගමුවේ සිරි රහල් මාහිමිගේ රාවණ රජුත්, ඔහු පරපුරත් පිළිබඳව ඓතිහාසික තොරතුරු දැනසිටි මහ පඬිවරුවණක්‌ බව එතුමාගේ පහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි වෙයි.

තන් ලෝ තමා නතු කළ රවුළු සොහොයුරු

තුන්කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු

තුන් වේ පසිඳු පුලතිසි කුල මිණ තඹුරු

තුන් විට කම වදු එසුරිඳු පාතඹුරු

(සැලළිහිණි විවරණය - කුමාරතුංග මුනිදස්‌ - දසවැනි පැහැරුවුම - ගුණසේන සමාගම)

"රාමායණය" වීර කාව්‍යයක්‌මැ පමණක්‌ නොවේ. එය හින්දු ආගමික ග්‍රන්ථයකි. බහු දේව වාදයෙන් ඇරැඹි හින්දු ආගමික සංකල්ප "ත්‍රිමූර්තිය" දක්‌වා වර්ධනය වෙද්දී ලෝපාලක "විෂ්ණු" දෙවියන්ට ලැබුණේ ප්‍රමුඛත්වයකි. "රාම" යනු විෂ්ණු දෙවියන්ගේ එක්‌ පහළ වීමෙකි. ඉන්දියානුවෝ කිසි විටෙක "රාම" චරිතය කල්පිතයක්‌ සේ නොගනිති. රාම, ලක්‍ෂ්මන්, සීතා ආදීන් ඉන්දියානුවන් සලකන්නේ එක්‌ යුගයක ජීවත් වු චරිත ලෙසිනි. ඒ චරිත සත්‍ය ඒවා ලෙස සලකන විට "රාවණා" රජු ද ඉබේම සත්‍ය චරිතයක්‌ වෙයි. ඒ නිසා සියලුම භාරතවාසීන් රාමායනය සිදුවීම් සලකන්නේ එක්‌ කලෙක සිදුවූ සිද්ධි දාමයක්‌ වශයෙනි. "රාම රාවණා" යුද්ධය පිළිබඳව භාරතීය උගතුන් අතර මතභේද තිබුණද එය බොරුවක්‌ යෑයි කියන්නෝ නොවෙති.

ලංකාවේ ඈත අතීතයේ ජීවත් වූ ප්‍රතාපවත් "රාවණ" රජුන් පිළිබඳව සවිස්‌තර තොරතුරු ඉන්දියාවෙන් කියෑවෙන විට අපේ වංශකථාකරුවෝ ඒ කිසිවක්‌ නො ඇසූ කන්ව මුනිවත රකිති. "විජය" එනවිට මෙහි මනුෂ්‍ය වාසයක්‌ නැතැයි මුසා බස්‌ ද බෙනෙති. මේ නිසාම ඉන්දීය පුරාවෘත්තවල එන තොරතුරු විමර්ශනය කොට වංශකතාකරුවන් හිතාමතාම වසන් කළ පුවත් සොයා බැලීමට අපේ සමහර පඬිවරු පසුබට නොවූහ. "රාවණ" රජු ඓතිහාසික චරිතයක්‌ ද යන ප්‍රශ්නය නැගෙන්නේ මේ හේතුවෙනි. මහාවංශය වසන් කළ, කොඩ්රින්ටන් වැනි සුදු සිවිල් සේවා නිලධාරීන් උගැන්වූ ඉතිහාසය පිළිගන්නා, හැම විටම පුරා විද්‍යා සාධකම පතන්නා වූ සමහරු "රාවණ" රජුන් ගැන සිතීමටත් මැලිවෙති. ඔවුහු එය එකළොහට ප්‍රතික්‌ෂේප කරති. සකු සාහිත්‍යය මැනෙවින් හදාල කුමාරතුංග මුනිදස්‌ මහ පඬිහු මේ අතීත තොරතුරු විටින් විට ඉස්‌මතු කළහ.

"සිංහල නාමය ඇති වූයේ මෑතකදී ඒ නමට වයස අවුරුදු දෙදහස්‌ හාරසියයක්‌ පමණ වෙයි. හතර අවධියකට අපට නම් හතරක්‌ වූයේය.

දෛත්‍ය නාමය, රාක්‍ෂස නාමය, යක්‍ෂ නාමය, සිංහල නාමය මේ හතරයි. රාක්‍ෂස කාලයේ අපේ "රාවණ" රජතුමන් පමණ බලවතකු කිසිම රටක කිසිම කලෙක සිටි බවෙක්‌ නොපෙනේ. රාක්‍ෂයන්ට භය වූවෝ අපේ හතුරෝ."

(කුමාරතුංග මුනිදාස - ශික්‌ෂාමාර්ගය දෙවැනි පොත 15 අපේ ජාතිය - කුමාරතුංග මුනිදාස කෘති එකතුව - පළමු වෙළුම සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව)

අවුරුදු හාර දහසකට පමණ පෙර මේ ලංකාද්වීපයේ රජතුමෝ "රාවණ" නම් වූහ. දක්‍ෂිණ ජම්බුද්වීපය ඇතුළු මහරට දසයකට අධිරාජ වූ හෙයින් "දශශීර්ෂ" යන විරුද නාමයෙන් ද ඔහු දක්‌නා ලදහ. විරුදනාමයන්ගේ වචනාර්ථයම සැලකූ ඇතැම්හු මෑත භාගයෙහි රාවණයන් සැබැවින්ම හිස්‌ දසයක්‌ ද අත් විස්‌සක්‌ ද ශ්‍රීවා දසයක්‌ ද ඇති ආශ්චර්ය සත්ත්වයකු කොට ගත්හ.

(කුමාරතුංග මුනිදාස - ශික්‌ෂාමාර්ගය - හතරවැනි පොත - 4 රාවණ රජ)

දෛත්‍ය, රාක්‍ෂස සමයෙහි මෙන් යක්‍ෂ සමයෙහි ලංකාව ආඪ්‍ය වූ බවෙක්‌ නොපෙනේ. එහෙත් යක්‍ෂයන් බලවත් වූ බවටද මන්ත්‍රාදී ශාස්‌ත්‍රයෙහි නිපුණ වූ බවටද සැක නැත. ඔවුන් රිසි පරිදි අනූනම පෙනී හෝ නොපෙනී හෝ සිටි බව ඉතිහාසයෙහි සඳහන් වේ. ජම්බුද්වීප වාසීන් ඔවුනට මහත් බයින් විසූ බව එරට පවත්නා "යක්‍ෂ" කථාවන්ගෙන් මොනවට පැහැදිලි වේ.

(කුමාරතුංග මුනිදාස - ශික්‍ෂාමාර්ගය - හතරවැනි පොත - 8 තුන් නින්දාව)

රාවණ චරිතය ගැන කරුණු හැදැරීමට ඇති එකම ප්‍රබලම මූලාශ්‍රය රාමායණයයි. ඒ හැරුණු විට මහායාන ග්‍රන්ථයක්‌ වූ ලංකාවතාර සූත්‍රයේ ද යම් යම් තොරතුරු ඇතුළත්ය.


රාමායණය ඇසුරින් විවිධ පත පොත ලියූ ඉන්දීය පඬිවරුන්ගේ ලේඛනද දැන් දැන් පරිහරණය කරන බවක්‌ පෙනේ. රාවණ චරිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අපේ උගතුන් ඉදිරිපත් කරන්නේ පර්යේෂණාත්මක තාර්කික කරුණු වලට වඩා තමා ප්‍රිය කරන චරිතයට හා දෙයට අර්ථකතන සැපයීමය. මේ නිසා ඉදිරිපත් කරන කරුණු වල විශ්වාසනීය භාවයේ අගය අඩු වී ඇති බවක්‌ පෙනේ. රාවණ පරපුර ආරම්භ වූ අන්දම දක්‌වන්නේ මෙසේය. "මහා බ්‍රහ්මයාගේ" පුත් පුලස්‌ති රාවණ පරපුරේ ආදි පුරුෂයාය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිවු දෙනෙක්‌ සමග විවාහ වී ඇත. තෙවැනි බිරිය වූ "කෙකසී" (කේසනී) රාවණ, කුම්භකර්ණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය.

(දිවයින බදාදා අතිරේකය - 2011 -08- 03 ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය - මිරැන්ඩෝ අබේසේකර )

මේ පැහැදිලි කිරීම අනුව "රාවණ" මහා බ්‍රහ්මයාගෙන් ඇරැඹි පරපුරේ කෙනෙකි. එනම් ඉන්දියානුවෙකි. රාමායනයේ මේ පරම්පරා කථාව ඇතැම්හු පිළි නොගනිති. "රාවණ"යින්ගේ මෑණියන් වූ "කේසනී" අයත් වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවැතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ."

(දිවයින බදාදා අතිරේකය 2011-08-03 මිරැන්ඩෝ අබේසේකර)

සකු සාහිත්‍යයේ සඳහන් මේ තොරතුරු පිළිගන්නා අපේ පඬිවරු විටෙක රාවණ යකෙකු ලෙසත් තවත් විටෙක රකුසෙකු ලෙසත් දකිති. එසේම මහා බ්‍රහ්මයාගෙන් පැවත එනවාය යන පෙළපත් පුරාවෘත්තයද අදහති. "රාවණ" ලක්‌බිමෙහි සම්භවයක්‌ ඇත්තෙකු නම් ඔහු රකුසෙකු හෝ යකෙකු හෝ විය යුතුය. එවිට මහාබ්‍රහ්මයාගේ පෙළපත හා නොබැඳේ. "ශ්‍රී ලංකා රාවණ රජතුමාගේ රාක්‍ෂස රාජධානිය රාමායන කර්තෘ "වාල්මිකී" මුනිවරයාගේ හෝ වෙනයම් කවියකුගේ මනඃකල්පිත නගරයක්‌ නොවේ. (ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - නාගොඩ ආරියදාස සෙනෙවිරත්න - 7 අදියර 2010 කෘතිය මුද්‍රණය)

රාවණ සහ කුවෙර එකම පියෙකුට දාව (විශ්‍රවස්‌ට) මවුවරුන් දෙදෙනකු බිහිකළ සහෝදරයෝය. එහිදී රාවණ රකුසෙකු ලෙසත් කුවෙර යකෙකු ලෙසත් හැඳින්වීම සැබැවින්ම ගැටලු සහිතය. "කුවෙර" "වෛශ්‍රවණ", වෙසමුණි", "වෙසවන", යම යන නම් වලින් ද හැඳින්වේ. "ආටානාටිය" සූත්‍රයේ ද වෛශ්‍රවණ ගැන මනහර විස්‌තරයක්‌ එයි. එහි සඳහන් පරිදි හේ උතුරු දෙසට අධිපති වරම් දෙවි රජුය."

මේ පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ මහතා මෙබඳු අදහසක්‌ දරයි. "රාවණ" "විභීෂණ" ගේ සොහොයුරකු බවත් "රාවණ" විසින් සොහොයුරු "කුවේර" සිහසුනෙන් පහකරන ලද බවත් යට කියන ලදී. එසේ හෙයින් "යක්‍ෂයෙක්‌" වන "විභීෂණ" කුවේර රාක්‍ෂයෙක්‌ වන්නාසේම රාක්‍ෂයකු වූ රාවණා ද යක්‍ෂයෙක්‌ වේ. (සිංහලයන්ගේ මූලාරම්භය ආචාර්ය ඒ. එච්. මිරැන්ඩෝ ප්‍රථම මුද්‍රණය - 1993 ගුණසේන සමාගම)

මේ විග්‍රහයෙන් පැහැදිලි වන්නේ අපේ පඬිවරුන් "යක්‍ෂ - රාක්‍ෂ" යන වර්ගීකරණය පිළිබඳව නිරවුල් පැහැදිලි අවබෝධයක්‌ නොමැති බවකි. යක්‍ෂ හා රාක්‍ෂ - තනතුරු නාමයක්‌ ද මානව ග්‍රෝතයක්‌ ද නොවේ නම් ජෛව වර්ගීකරණයක්‌ ද යන්න සොයා බැලී නම් අගනේ ය. එසේ නොකරමින් පැරැණි වර්ගීකරණ නාමයක්‌ එසේම ග්‍රහණයට ගැනීම ශාස්‌ත්‍රීය කටයුත්තක්‌ නොවේ.

කාණ්‌ඩ හතකට බෙදා ශ්ලෝක 24,000 කින් ලියෑවී ඇති රාමායනය ක්‍රි. පූ. 3 වැනි සියවස වන විට සම්පූර්ණ වී තිබෙන්නට ඇතැයි නිශ්චය කෙරේ. (සංස්‌කෘත සාහිත්‍ය - ඨගීගඊග සේනානායක, ස්‌විතීය මුද්‍රණය 1960 ඵෘ. ගුණසේන සමාගම)

මේ යුගය වන විට හින්දු ආගමික සංකල්ප ඉතාම ශක්‌තිමත් වී "බ්‍රහ්ම විශ්ණු මහේෂ්වර" යන දේව ත්‍රිත්වයේ ප්‍රමුඛත්වය තහවුරු වී තිබුණි. එසේ නම් රාවණ පරපුර හා බැඳුණු තොරතුරු කාලීන වශයෙන් මෙය හා සම විය යුතුය. එහෙත් "රාවණ"රජුන් විසූ යුගය ලෙසින් ගැනෙන්නේ මීට වඩා වසර දෙදහසක්‌ තරම් ඈත යුගයකි. ඒ නිසා රාවණා රජුන් විසූයේ කවර කලෙක දැයි යන්න පවා නිරවුල්ව පැහැදිලි කරගත් බවක්‌ නොපෙනේ.

"රාවණ" පොළොන්නරුව (පුලත්නුවර) තම නමින් නම්කළ පුලතිසි (පුලස්‌ති) මහ රජුගේ මුණුපුරාද විස්‌වස්‌ (විස්‌රවස්‌) (ක්‍රි. පෙ. 2616-2556) රජුගේ හා නිකසාවගේ දෙටු පුත් කුමරාද වෙයි. (අරුන නිරුත අරිසෙන් අහුබුදු 2000 මුද්‍රණය සදීපා ප්‍රකාශන)

අරිසෙන් අහුබුදු සූරීන් රාවණා රජුන් විසූ යුගය දක්‌වන්නේ එසේය.

ක්‍රි. පූ. 1500 ට ආසන්න වකවානුවකදී ආර්යයන් ඉන්දියාවට පිවිසියේ කණ්‌ඩායම් වශයෙනි. (ඉන්දියාවේ ඉතිහාසය - ඈත අතීතයේ සිට ක්‍රි. ව. 1206 දක්‌වා අධ්‍යාපන ප්‍රකාශන දෙ. දෙවැනි මුද්‍රණය 2007)

අහුබුදු සූරීන්ගේ කාලනිර්මාණය පිළිගන්නේ නම් රාවණ රජුන් විසුවේ ආර්යයන් භාරතයට පැමිණීමට බොහෝ කලකට පෙරය.

රාවණ රජු ලංකා පුරයෙහි සිටියේ තුන්වැනි බුදු රදුන් වන "කාශ්‍යප" බුද්ධ කාලයේ බවට මෙයින් ඉගියක්‌ ලැබේ. (ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - නාගොඩ ආරියදාස සෙනෙවිරත්න 2010 සමයවර්ධන මුද්‍රණය)

මේ අතර මහායාන ග්‍රන්ථයක්‌ වූ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණ රජුන් ගැනද සමහරු අවධානය යොමු කරති. සිවු හෙලය සිංහල වීයෑයි අදහන පඬිවරු සිව්හෙළය බෙදා දක්‌වන්නේද විවිධ අයුරිනි. නා කුලයේ හෙළයෝ ය. යක්‌ කුලයේ හෙළයෝයෑ, රකුස්‌ කුලයේ හෙළයෝයෑ අසුරු කුලයේ හෙළයෝය, යන මේ සිව් කුලයේ හෙළ ජනතාව දැයක්‌ වශයෙන් පෙනී සිටිනා විට ඔවුන් සිව් හෙළ යන නමින් එදා ලෙවියෝ හැදින්වූහ. (රුවන් පබැඳ - අලවුඉසිසැබිහෙළ - 1961 - ගුණසේන සමාගම)

අරිසෙන් අහුබුදු සූරීන්ද මේ සිංහල විග්‍රහය හා අර්ථකතනය පිළිගනී.

සූරිය ගුණසේකර සූරීහු "අසුර" යනු හෙළ ජාතියේ සාමූහික නාමය ලෙස දක්‌වති. ඔහු යක්‌, යකුස්‌, නා, දේව යන සතර කොටස අසුර යන නමින් එක්‌සත්ත්ව විසූ බව විශ්වාස කරති. (රිවිර - 2007 අප්‍රේaල් 22) මහාවංශයේද බුදුන් දවස ලක්‌දිව විසූ "දේව" නම් ජනකොටසක්‌ ගැන සඳහන් කරයි. "යක්‌, රකුස්‌, නා, අසුර යන සිව් හෙළයන් එකතුවී සිsංහල ජාතිය සැදුණු බව ඇතැමුහු පවසතුදු එය සාවද්‍යය. අසුර යනු හෙළ අධිරාජ්‍යයේ නමයි. (සූරිය ගුණසේකර -ලංකා ඉතිහාසයේ හෙළ යුගය) අසුරයින් යෑයි මා ප්‍රකාශ කළේ ඉරානයේ වාසය කළ ඇසිරියන්වරුන්ටය. ඔවුන්ගේ ජාතික සලකුණ සිංහයා. ඉරානයේ වාසය කළ අසුරයන් උතුරු ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ඔවුන් පසු කලෙක උතුරු ඉන්දියානුවන් සමග මිශ්‍ර වූහ. (ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර කුලසාධනය විෂබීජයකි. දිවයින බදාදා අතිරේකය 2011 ජුනි 29)"

නාගොඩ ආරියදාස සෙනෙවිරත්න මහතා රාවණ පරපුර කතරගම "ධමරජ" පෙළපතට සම්බන්ධ කර දක්‌වන අතර ආරම්භකයා ලෙස දක්‌වන්නේ ස්‌වයංභූ නාරායනයි. "රාවණ" රජුන් ලියූ ග්‍රන්ථ රාශියක්‌ ගැන තොරතුරු දක්‌වන ඒ මහතා රාවණ රජුන් සිව බැතිමතෙක්‌ බවත් "ශිව භාණ්‌ඩ ස්‌තෝත්‍ර" නම් සකු නිර්මාණය එතුමාගේ බවත් පවසයි. මේ කරුණු වල විශාල පරස්‌පරතා ඇත. රාවණ ජීවත් වූ යුගය, සකු රචනා බිහිවූ කාලය රාවණ රජු භාවිත භාෂාව ගැන අළුතෙන් සොයා බැලිය යුතුය. "රාවණ" රජුන් ගැන රාමායනයේ සඳහන් තොරතුරු වලට අර්ථකථන සපයනවා වෙනුවට ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ සඳහා යොමු වන්නේ නම් මැනවි.

රාවණ යුගය, පිළිබඳ නව සොයා බැලීමක්‌ තුළින් නැවත රාවණ රජුන් සොයා යැම වඩා ශාස්‌ත්‍රීය වන්නේය.