-->

Monday, August 13, 2012

රාවණා අදත් ජීවතුන් අතර

12


රාවණා අදත් ජීවතුන් අතර

රාමා, සීතා රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් -12

රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.

රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.

දඹදිව අයෝධ්‍යා පුරයේ විසු රාම, ලක්ෂමණ සහ සීතා යනාදීහු මනුෂ්‍යයෝය. එහෙත් යක්ෂ ගෝත්‍රික රාවණා මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පිළිගන්නට ඔවුන් සූදානම් වූයේ නැත. එවකට ලංකාවේ විසු රාවණා හා ඔහුගේ පිරිස් විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝ වූහ. විටෙක ඔවුහු ගුවනින් ගියහ. වාතයෙන්, හිරු එළියෙන් හා සඳ එළියෙන් ක්‍රියාත්මක වන යානාවල නැඟී ගියහ. විටෙක කිසිවකුටවත් නොපෙනී ගියහ. යන්ත්‍ර - මන්ත්‍ර ආදි ගුප්ත බලවේගයන්ගෙන් වැඩ ගත්හ.


ලක්ෂමණගේ රැකවරණයෙහි සිටි සීතා ඔහුටත් නොදැනෙන පරිදි පැහැර ගන්නට රාවණා සමත් වූයේ ඔහු සතුව පැවති ගුප්ත බලවේගයන්හි පිහිටෙනි. මෙවන් විස්මිත දේ කළ හැක්කේ යකුන්ටම මිස මිනිසුන්ට නොවේ යනුවෙන් සිතූ දඹදිව වැසියන් එදා ලක්වැසියන් දෙස බලා ඇත්තේ යක්ෂයන් දෙස බලන ආකාරයෙනි.

රාම - රාවණා යුද්ධයෙන් රාමට ජය ගත හැකි වූයේ ද රාවණාගේම ආයුධ උපක්‍රමශීලීව රාම අතට පත්වීමේ හේතුවෙනි. යුද්ධයේ දී රාවණා මිය නොගිය බවත්, හී පහර වැදුණු රාවණා සිහිමුර්ජා තත්ත්වයට පත්ව අදත් ජීවත්ව සිටින බවත් පුරාවෘත්ත කතාවල සඳහන් වේ. රාවණා මියගියා යයි සිතා එම සිරුර මිහිදන් කොට ඇතත් එය පවතින්නේ සිහිමුර්ජා වී පමණි.

උග්‍ර ලෙස භාවනා වැඩු රාවණා මහා බ්‍රහ්මයාගෙන් අමරණීය වී සිටීමට වරම් ලත් අයෙකි. එම වරම මහා බ්‍රහ්මයා ආපසු උදුරා ගත් බවක් පුරාවෘත්තවල සඳහන් නොවේ. එසේනම් රාවණා මියයන්නේ කෙසේ ද? රම්භා නම් වූ දිව්‍ය අප්සරාවට රාවණා බලහත්කාරකමක් කළ මොහොතේ නලකුවේරයන් ශාප කරන්නේ නැවත වතාවක් කාන්තාවකට අනතුරයක් කළහොත් එකෙණෙහිම රාවණා මරණයට පත්වේවා කියාය. එහෙත් සීතා පැහැරගෙන ආ රාවණා ඇයටවත් අනතුරයක් නොකළේය. එසේනම් රාවණා මිය යන්නට හේතුවක් නැත.

කෙසේමුත් රාම, ලක්ෂමණ ආදීන් රාවණාගේ බලපරාක්‍රමය බලෙන්ම යටපත් කොට ඇත. රාවණාගේ බලය යළි කිසිදා පැන නොනැඟෙන පරිදි වළලා දමා ඇත. මුළු ලෝකයාම රාවණා දුෂ්ටයකු ලෙස දකින්නේ එබැවිනි. රාවණා දුෂ්ටයකු බවට පත්කළ රාම, ලක්ෂමණ දෙදෙනා මුළු ලොව ඉස්මතුව සිටිති. එබැවින් වර්තමානයේ දී පවා පවතින්නේ රාම, ලක්ෂමණ, සීතා සහ ඔවුන් බලවත් කළ හනුමාන්ගේ බලයයි.
එහෙත් කිසිදා සත්‍යය යටපත් කළ නොහැකිය. තාවකාලිකව සත්‍යය යටපත් කළත් කවදා හෝ එය ප්‍රබලාකාරයෙන් ඉස්මතු වෙයි. මේ පිළිබඳ පුරාවෘත්ත ප්‍රකාශ කරන්නේ මෙම යුගය රාවණාගේ බලපරාක්‍රමය ඉස්මතුව විත් ලොවට සර්ව සාධාරණය ඉෂ්ට වන යුගයක් බවයි.

අන් කවර කලෙකටත් වඩා වර්තමානයේ දී රාවණා රජු පිළිබඳ සොයන්නට, ගවේෂණය කරන්නට බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. රාවණාට සිදුවූයේ කුමක් ද යන ප්‍රශ්නයේ දී අමරණීය වරම් ලද රාවණා දැනට පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකයේ වෙසෙන බව පුරාවෘත්ත කතාවල සඳහන් වේ. පරනිර්මිත වසවර්තියේ වාසය කරන රාවණා නමැති දිව්‍යරාජයා මුළු ලොව දකිමින්, මුළු ලොව සිදුවන අකටයුතු දකිමින්, ලෝකයට සාධාරණය සලසන්නේ කවදාදැයි බලමින් සිටී.

රාවණා රජු පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති අය කෙරෙහි බැඳී සිටින රාවණා දෙවි ඔවුන් මඟින් ලොවට සෙත, සහනය උදා කරන්නට, සාධාරණය සලසා දෙන්නට උත්සාහයක යෙදී සිටී. රාවණා දෙවියන් වෙනුවෙන් ඉදිවෙන දෙවොල් මඟින් මෙම කටයුත්ත ඉටුවනු ඇති බව පුරාවෘත්ත කතාවන්හි සඳහන් වේ.

රාවණා රජු පිළිබඳ අවංක චේතනාවෙන් යුතුව තොරතුරු ගවේෂණය කර රාවණා බලය පිළිබඳ අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන ගවේෂකයන් කීප දෙනකුටම රාවණා රුව සිහිනෙන් හෝ වෙනත් බලවේග මඟින් දැක ගැනීමට හැකි වී ඇත. රාවණා රුව පිහිටුවමින් රාවණා වෙනුවෙන් දෙවොල් ඉදිකොට මනා ලෙස වත් පිළිවෙත් ඉටු කිරීම මඟින් රාවණා බලය රටේ පිහිටුවිය හැකි බව එම ගවේෂකයන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව රාවණා රුව පිහිටුවමින් ඉදිවූ ප්‍රථම දෙවොල වලපනේ දරපනාහෙල ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ පිහිටියාය. රාවණා බලකොටුව ආශි‍්‍රතව පිහිටුවා ඇති මෙම විහාරය රාවණාගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආකාරය එහි ගිය මට දැක ගත හැකි විය. එපමණකුදු නොවේ. එම ගමේ වසන සෑම සියලු වැඩිහිටියෙක්ම රාවණාගේ උරුමය මැනවින් රැකීමට ඇප - කැපවී සිටී.

ගමට අමුත්තකු පැමිණි විගසින් ඔහු ආවේ කුමට ද? ඔහුගේ අවශ්‍යතාව කුමක් ද? කරන්නේ කුමක් ද? යන්නේ කුමන ස්ථානවලට ද යනාදී වශයෙන් රහසිගතව සොයා බලා, ඔහුගේ පැමිණිම සැකමුසු වී නම් ඔහු ගමෙන් පිටමන් කරවීමට ද මෙම ගමේ වැසියෝ පසුබට නොවෙති. මක්නිසාද යත් පිටස්තරින් පැමිණි බොහෝ අය මෙම පෙදෙසේ පොළව පෙරළමින්, යමක් සොයමින් රාවණාගේ උරුමය විනාශ කරන්නට කටයුතු කිරීමේ හේතුවෙනි.

රාවණා රුව තැන්පත් කරමින් මෙරට දෙවැනි දෙවොල ඉදිවී ඇත්තේ කුරුණෑගල රම්බඩගල්ල, මොනරාගල විහාරස්ථානයේය. මෙම විහාරස්ථානය පිහිටි ගම රම්බඩගල්ල සහ මොනරාගල යන දෙනමින්ම හැඳින්වේ. එම ග්‍රාම නාමය පවා අපට රාවණා පිළිබඳ කිසියම් ඉඟියක් දෙයි. රම්බොඩය යන්නෙන් අදහස් වන්නේ රත්තරන් ආයුධය යන්නයි. රත්තරනින් නිම කළ ආයුධ සම්භාරයක් තැන්පත් කොට ඇති ස්ථානය රම්බඩගල්ල නමින් හැඳින්වෙයි.

මොනරා ආ(පැමිණි) ගල මොනරාගල විය. මෙහිදී දඬු මොනර යන්ත්‍රය පැමිණීමේ හේතුවෙන් ද, මොනර පිහාටුවක සටහනක් ගල්තලාවේ කොට තිබීමේ හේතුවෙන් ද මොනරාගල ග්‍රාම නාමය සකස් වී ඇත. කුරුණෑගලට යාබද වාරියපොළ ශ්‍රී සුමංගල විහාරස්ථානය පිහිටි ගල්තලාවේ දඬුමොනර යන්ත්‍රය නවතා තබා ඇති බව මීට ඉහත දී අපි කීවෙමු.

මේ දිනවල රම්බඩගල්ල - මොනරාගල විහාරස්ථානයේ බෞද්ධාගමට අදාළව සුවිශේෂී කටයුත්තක් ඉටුවෙමින් පවතී. එනම් ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුදු පිළිමය නෙළීමයි. අති දක්ෂ ගල් වඩුවන් අතින් එම කර්තව්‍යය ඉටුවෙමින් පවතී.

ශෛලමය සමාධි බුදු පිළිමයේ උස අඩි 67.5 ක් වන අතර එහි හිටි උස අඩි 108 කි. මීට පෙර මෙරට තැනුණු අවුකන බුදු පිළිමයේ උස අඩි 38.10 ක් වන අතර පොළොන්නරුවේ ශෛලමය පිළිමයේ උස අඩි 22 ක් පමණි.
මෙවන් ශුද්ධ වූ පුද බිමක රාවණා රුව පිහිටුවමින් දෙවොලක් ඉදි කරන්නට කටයුතු සම්පාදනය වීමෙන් බුදු පිළිමය නෙළීමේ කටයුත්තට මහඟු ආශීර්වාදයක් උදාවන බව ද කිව යුතුය.
“යගු කෞරාණ මන්ථක ශ්‍රී රාවණ විමානය” යනු දෙවොලේ නමයි. රම්බඩගල්ලට ඉදිරියෙන් වූ පර්වතය රාවණාගේ ප්‍රබල සෙන්පතියකු වූ මකර සෙන්පතියාගේ වාසභවනයයි. මකර සෙන්පතියා එම කන්දේ වසමින් රම්බඩගල්ලට රැකවරණය සලසයි.

මහනුවරට අයත් අංකුඹුර පෙදෙසේ රාම කොටුවක් පිහිටි අතර රාවණාට විරුද්ධව යුද්ධ කිරීම සඳහා රාම කඳවුරු බැඳ ගත්තේ එහිය. අංකුඹුර පෙදෙසේ ‘රාම කොටුව‘ නමින් ගමක් ද වෙයි. අංකුඹුර, රම්බඩගල්ල අතර ප්‍රදේශයේ රාම - රාවණා යුද්ධය පැවති බව විශ්වාස කෙරේ. රාවණාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ බලපරාක්‍රමය හේතුවෙන් එම සටන ජය ගන්නට රාවණාට හැකි විය.

යුද්ධයේ දී යුද බිම මැරී වැටුණු වානරයන්ගේ බෙලි හෙවත් බොටු (රම්, බොටු, ගොඩ) බලන්නට ඉන්ද්‍රජිත් රාවණාට ඇරැයුම් කළේය. රාවණා මෙම බොටු ගොඩ දෙස බැලුවේ විහාරස්ථාන භූමියේ ගල්තලාව මත සිටය. 

මෙම අරුතින් ද රම්බොටුගල්ල නාමය ඇති වී පසුව එය රම්බඩගල්ල ලෙසින් ව්‍යවහාරයට පත් වූ බව ද කියනු ලැබේ.

(තව කොටසක් ලබන සතියේ)

12 Response to රාවණා අදත් ජීවතුන් අතර

August 13, 2012 at 2:21 PM

ශ්‍රී රාවනා සිද්දම්

August 13, 2012 at 7:03 PM

ඔය බුදු පිළිමේ නෙළන්නේ ඉන්දියාවෙන් ආපු ගල් වඩුවෝ කියලා කොහේ හරි කියෙව්වා. ඒක ඇත්තක්ද..ලංකාවේ නැද්ද ගල් වඩුවෝ ඕක කරන්න?

Anonymous
August 13, 2012 at 10:35 PM

මං සංසාර මන්දිරය කියන පොතේ මෙහෙම දෙයක් කියෙව්වා.කාලෙන් කාලෙට උපදින මිනිස්සු මැරි මැරී උපදින්නේ එකම කාල වකවානුවක කියලා.අද රාවණා රජ්ජුරුවන් පිලිගන්න ,ඒවා ගැන ගවේෂණය කරන මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා.එසේනම් මේ ශත වර්ෂයේත් ජීවත් වෙන්නේ එදා අවුරුදු අට දාහකට ප්‍රථම ජීවත් වුණු අපිමද? ඒක ඇත්ත නම් ජීවිත චක්‍රය හරිම පුදුමාකාරයි.

August 14, 2012 at 7:34 AM

මචං බුදු දහමට අනුව අමරණීය කථාවක් කොහොමද පිළිගන්නෙ. ඔය රාවණාට වඩා කෝටි ලක්ෂයක් සක්වලට සිය ආඥාව පැතිරවූ සම්මා සම්බුදු බලය අපට විශ්වාස කිරීමට සිදුවේ. එහෙත් බුදුදහමේ කල්ප අසූ සහස් ගණන් ජීවත්වන ජීවීන් පිලිබද සටහන් වෙනව. සමහර විට ජීවිත කාලය දික්කරගැනීමක්ද දන්නෙ නෑ මේ අමරණීය කථාව.

August 14, 2012 at 11:14 AM

ඔවි ඇත්තටම බුදු දහමට අනූව මේක පිලිගන්න බෑ නේද? ඉහත කමෙන්ට් එකෙන් කියනවා වගේ මේක ජීවත් වෙන කාලය දික් කරගැනීමක් වෙන්න බැයිද?

Anonymous
August 15, 2012 at 2:02 PM

රාවණා රජ්ජුරුවෝ සූර්යවංශික ශිව භක්තිකයකු බව අපි දන්නවා. ශිව දෙවියන් යයි කියන 'ශිව' යෝගා ශාස්ත්‍රයේ නිර්මාතෘ වරයායි.රාවණා රජ්ජුරුවෝ යෝගා ශාස්ත්‍රයත,ධ්යාන වැඩීමත් ඉහළින් කළ කෙනෙක්.රාවණා රජ්ජුරුවෝ අදටත් අමරණීය ව ඉන්නවාද නැද්ද කියලා නම් දන්නේ නෑ. නමුත් ඉන්දියාවේ හිමාලය වනයේ අවුරුදු දහස් ගණන් ධ්යාන වඩමින් සරල ජීවිත ගත කරන යෝගීන් ඉන්නවා.මෙහිදී සිදු වන්නේ තමන්ගේ ශරීරයත් මනසත් ශක්තිමත්ව එකට බැඳ තබා ගැනීමක් සහ මනසින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමත් ඒ කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් වැඩි කිරීමක් ඔවුන් ඉන් අමරණීයත්වයක් බලා පොරොත්තු වෙනවා.

බුදු දහම ඉන් එහාට ගිය විශ්වීය උගැන්වීමක් එහි භාවනා ක්‍රම වලින් උගන් වන්නේ තමන්ව ජය ගන්නේ කොහොමද කියලයි.නිවනට මග එළි කරන්නේ කොහොමද කියන එකයි.ඒ හැර අන් ධ්යාන වැඩීම් වලට අවධාණය යොමු කරන්නේ නෑ.

Anonymous
September 1, 2012 at 11:21 AM

by keeping the body in a beheth oruwa a medicine tub...his body wont deacay...his spirit is going every were.....after all he is a great meditatior..he can control his spirit.....

September 3, 2012 at 6:16 PM

සාක්ෂි මොනවදමේක පිළිගන්න ..මේ වගෙ කතා නිසා තමයි රාවණ රජතුමා බොරුවක් කියන කතාව මිනිස්ස් අතරෙ තහවුරු වෙන්නෙ

වරිගපූර්ණිකාව කියන පොත ගැන විශ්වාසය තියන්ඩ බෑ.එහෙම පොතක් තියෙනවනම් ඇයි මානෑවෙ හාමුදුරුවො ඒක ප්‍රකාශයට පත්කරන්නෙ නැත්තෙ ? ඒකත් රාවණ බොරුවක් කියලා මිනිස්සුන්ට කාවද්දන්න ගොතපු කෙප්පයක්.

December 11, 2012 at 1:08 PM

බොරුවක් ඇත්තක් වෙන්නත් ඇත්හ්ටක් බොරුවක් වෙන්නත් අපි ගාවෙ සාක්ශී ඕන නෑ.ඒක දිහා විස්වාස කරන කොට ඒක ඇත්තක්ද බොරුවක්ද කියල තේරෙනවා. හිමාලයේ තපස් රකින තාපස වරු ඉන්නවා කියලා අපි දන්නවා. නමුත් අපි එයාලව දැකලා නෑ කියලා ඒ කියලා ඒක බොරුවක් වෙන්නෙ නෑනේ. ඒ විදිහට රාවණා රජතුමා ගැනත් හිතාගන්න පුලුවන්.

December 30, 2012 at 9:52 PM

දකින්න කැමති දකින්න නොලැබෙන ඇත්ත

May 30, 2017 at 11:41 AM

අමරණීය වුනා කිව්වට, මම නම් අහල තියෙන්නේ ලෝක විනාශය වෙනකම් ජීවත් වෙන්න මහාබ්‍රහ්මයාගෙන් වරම් ලැබුණා කියලා.

September 17, 2020 at 11:28 AM

අවුරුදු 80000ජිවත් උන බුදුවරු රහතන් වහන්සේලා වැඩ සිටියා..හැකිනම් අධාත්මික ශක්තියෙන් එවැනි විස්කම් සිදුකර හැකි...ආනන්ද තෙරුන් දුක් වුයේද ගෞතම බුදු රජාණන්වහන්සේගේන් කල්පයක් කල් සිටින ලෙසට ඇරැයුම් කිරීමට නොහැකි වූ නිසාවෙන්... තායිලන්තයේ අජාන් පෙලපතේ හිමිවරුන්ට.... සියලු ඉන්ද්‍රියන් ගේ ක්‍රියාකාරිත්වය නැවැත්වීමට හැකියාව
තියෙනවා භාවනාවට සම වැදිලා

Post a Comment

අදහස් සහ උදහස්