රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් - 6
බෙහෙත් ගැල්වූ රාවණාගේ දේහය මහතුඩුගල ගල් පර්වතයක
රාම, සීතා සහ රාවණා හා සම්බන්ධ සියලු ජනප්‍රවාදවලම පාහේ සඳහන් වන්නේ රාවණා සීතා
පැහැරගෙන ආවේ ලංකාවට බවත් බිහිසුණු රාම - රාවණා යුද්ධය සිදුවූයේ ලංකාවේදීම බවත්ය.
සීතා සඟවා තැබු ස්ථානය හා රාම - රාවණා යුද්ධය පැවති ස්ථානය පිළිබඳ කිසිඳු එකඟතාවයක්
නොමැත.
හනුමාන් ලංකාපුරයේ වූ සියලු නිවෙස්වල පියසි මතට පනිමින් ඒවා දවා අළු කළ බවත් එම
ගින්නේ ආලෝකය පතිත වූ පෙදෙස නුවරඑළිය නමින් ව්‍යවහාරප්‍රාප්ත වූ බවත් බොහෝ
ජනප්‍රවාදවලින් කියවේ. නුවරඑළිය හා ඒ ආසන්න ප්‍රදේශවල පස් කළු පැහැ ගැන්වී ඇති අතර
එසේ වූයේ හනුමාන් ගැසු ගින්නෙන් මුළු ප්‍රදේශයම පිළිස්සී ගිය බැවිනියි පැවසේ.
කෙසේ වුවද සීතා සහ සතුරු රාවණා පිළිබඳ සිද්ධිය නුවරඑළිය ප්‍රදේශයට පමණක් සීමා
කරන්නට ඇතැම් ජනකතා සූදානම් නැත. මෙරට නන් දෙසින් මේ පිළිබඳ අසන්නට ලැබෙන කතා පුවත්
අනන්තය; අප්‍රමාණය.
මෙහිදී ලංකාපුරය නමින් හැඳින්වුණේ රට ද නැත්නම් ලංකාවේ එක්තරා ප්‍රදේශයක් ද යන්න
පිළිබඳව ද එකඟතාවයක් නොමැත. මෙම ප්‍රවාදය දිගහැරෙන්නේ මෙරට යක්ෂ ගෝත්‍රිකයන් පාලනය
කළ යුගයේදීය. පළමුවෙන්ම යක්ෂ ගෝත්‍රික කුවේර රජ පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. ඔහු
ලංකාපුරය පාලනය කළේ බදුල්ල
අග නගරය කරගෙනය.
මහා බ්‍රහ්මයාගෙන් ඉතා බලසම්පන්න වරම් රැසක් ලබන රාවණා කුවේරගේ වැඩිමහල් සොහොයුරාය.
බලසම්පන්නකමින් මත්වන රාවණා සිය සොහොයුරු කුවේර මරා දමා රාජ්‍යය සහ දඬුමොනර
යන්ත්‍රය පැහැරගෙන බදුල්ල අග නගරය කරගෙනම ලංකාපුරය පාලනය කරයි.
රාවණා සීතා පැහැරගෙන එන්නේ මේ අතරතුරය. දඹදිව සිට බොහෝ දුරින් පිහිටි ලංකාපුරය නම්
වූ යක්ෂ ගෝත්‍රික රාජ්‍යයේ සිරකාරියක වූ සීතාගේ පේ‍්‍රමය බලහත්කාරයෙන් දිනා ගන්නට
රාවණා කිසිදු අවස්ථාවක උත්සාහ නොකළේය. මෙම සිද්ධිය අනාවරණය කරන්නේ රාවණා පරමාදර්ශී
රජෙකු වූ බවයි.
යක්ෂ ගෝත්‍රික තුන්වන රජු විභීෂණය. රාමගේ ප්‍රහාරයෙන් රාවණා යුදබිම මියෑදුණ පසු රාම
විසින්ම ලංකා රාජ්‍යය විභීෂණට පවරනු ලබයි. විභීෂණ යනු කුවේරගේ බාල සොහොයුරාය.
එබැවින් රාවණාගේ ද මල්ලීය. විභීෂණ ලංකාපුරය පාලනය කරන්නේ කැලණිය අගනුවර කරගෙනය.
මෙම කුවේර, රාවණා සහ විභීෂණ යන යක්ෂ ගෝත්‍රික රජුන් තිදෙනා මෙරට පාලනය කළ යුගය
පදනම් කරගෙන “ඉන්දියාවේ සිට සීතා පැහැරගෙන ආ දස හිස් ඇති යක්ෂාධිපති රාවණාගේ
වාසභූමිය ලංකාව වූවා මිස ඊට පෙර මෙම දිවයින මනුෂ්‍ය වාසයක්ව පැවති බවට කිසිදු
සාධකයක් නැතැයි ‘ලංකා ජනතාව‘ නමින් කෘතියක් සම්පාදනය කළ ආචාර්ය නන්දදේව විජේසේකර
මහතා සඳහන් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් අන්තයක පිහිටි මතුරට ප්‍රදේශයේ ඇති “සීතාව“ නමැති
පැරණි ග්‍රාමය එනම ලද්දේ රාවණා එහි ද සීතා සඟවා තැබු බැවිනි යි කියනු ලැබේ. ඉතා
දුෂ්කර කඳු මුදුනක් වූ සීතාව ගමට නුදුරින් උමඟක කටක් මතුව පවතින අතර එම උමඟ
නුවරඑළියේ කඳපොළ ග්‍රාමය තෙක් විහිදී ඇතැයි කියනු ලැබේ.
කොත්මලේ පිහිටි රාවණාගොඩ ග්‍රාමය එනම ලද්දේ රාවණා සැඟවී සිටි ස්ථානයක් යයි විශ්වාස
කරන බැවිනි. රාවණාගොඩ ද කඳුවලින් වට වූ දුෂ්කර, දුර්ගම ග්‍රාමයකි. එහි ද රාවණා ඇල්ල
නමින් කුඩා දිය දහරක් පවතී.
රාමගෙන් වෙන්ව විසීමේ පි‍්‍රයවිප්‍රයෝගයේ හේතුවෙන් ද සතුරු රාවණා හා එක්වීමට
සිදුවීමේ අපි‍්‍රය සම්භෝගයේ හේතුවෙන් ද සීතා දේවිය වැලපුණු ප්‍රදේශය වලපනේ නමින්
ව්‍යවහාරප්‍රාප්ත වූ බවට ද මතයක් පවතී. වලපනේ යනු ද නුවරඑළිය දිස්ත්‍රික්කයටම අයත්
දුෂ්කර පෙදෙසකි.
වලපනේ ප්‍රදේශයේ රාවණා - සීතා කතාව පදනම් කරගත් තවත් ජනකතා ගණනාවක්ම පවතී. එහි එක්
උස් කන්දක් හඳුන්වන්නේ “පහන් තිබු කන්ද” නමිනි. කන්ද මුදුනේ ගල් තලාවක් හාරා
සුවිශාල පහන් තැටිල්ලක් සකස් කර ඇති නිසා එනම ව්‍යවහාර විය. එහි දිනපතාම රාත්‍රියට
පහන් තිරයක් දල්වා ඇත. එසේ පහන දල්වා ඇත්තේ ඊට පසෙකින් පිහිටි මහකුඩුගල ගල් පර්වතයට
ආලෝකය පතිත වනු පිණිසය.
මහකුඩුගල ගල් පර්වතයේ යක්ෂයකු වෙසෙතියි ද, එම යක්ෂයාට ආලෝකය වැටෙනු පිණිස පහන
දැල්වූයේ යයි ද ජනප්‍රවාදයේ සඳහන් වේ.
මෙම ජනප්‍රවාදය අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ධර්මානන්ද මල්වතු පාර්ශ්වයේ හිටපු
අනුනායක හිමියන් වලපනේ සම්බන්ධයෙන් ලියා තිබු ඉතිහාස විවරණ අත්පිටපතේ එන සිදුවීම්
සනාථ කරතියි සිතේ.
රාවණාගේ දේහය බෙහෙත් ගල්වා නරක් නොවන සේ මහකුඩුගල ගල් පර්වතය තුළ තැන්පත් කර ඇතැයි
ද, එය වර්තමානයේ දී පවා පවතින්නේ යයි ද උන්වහන්සේ සඳහන් කොට ඇත. උන්වහන්සේ පර්යේෂණ
කණ්ඩායමක් සූදානම් කරගෙන රාවණාගේ දේහය තැන්පත් ගල් ගුහාවට ඇතුළු වී ඇත. එතුළ බොහෝ
දුරක් ගමන් කිරීමේ දී තැනිතලා පොළවක අලංකාර පොකුණක් හමු වූ බවත් එය පසුකර යන විට
සතර අතට විහිදි උමං මාර්ග හතරක සන්ධිස්ථානයක් හමුවූයේ යයි ද සඳහන් කොට ඇත.
වගකිවයුත්තන්ගේ අනුග්‍රහය නොලද නිසා මෙම පර්යේෂණ කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට
නොහැකි වී ඇත.
ඉහතින් දැක්වූ පරිදි පහන් තිබු කන්දේ පහන දැල්වූයේ යක්ෂ ගෝත්‍රික රාවණාගේ මෘත
ශරීරයට ආලෝකය සපයනු පිණිස ද යන්න සැකයකි.
මහකුඩුගල පර්වතය මුදුනේ අලංකාර උයන් වතු, මල් වතු, පලතුරු වතු සහ ඖෂධ වතු ආදිය
පවතින්නේ යයි ද, එහි ගොස් ඕනෑම තැනක සැරිසැරිය හැකි යයි ද, පලතුරු වත්තට වැදී
පුළුවන් තරම් පලතුරු අනුභව කළ හැකි යයි ද, එහෙත් පලතුරු කඩාගෙන ආපසු එන්නට උත්සාහ
කළහොත් ඔවුන් මංමුලා වන බව ද අත්දැකීම් සහිත පැරැන්නෝ පවසති. මේ අතර මෙරට ඉතිහාසයේ
යුග පිළිබඳ කතාබහේදී සීතාවක යුගය පිළිබඳව ද තොරතුරු අනාවරණය වේ.
වර්තමාන අවිස්සාවේල්ල ආශි‍්‍රතව සීතාවක රාජධානිය පිහිටියා වුවද සීතාවකට එනම ලැබුණේ
සීතාදේවිය සඟවා තැබු එක් ස්ථානයක් නිසා යයි කියනු ලැබේ. සීතාවක මෙන්ම සීතාවක ගඟ ද
පිහිටියේ ඒ ආසන්නවමය.
අවිස්සාවේල්ල ප්‍රසිද්ධ බස් නැවතුම් පොළට නුදුරින් පිහිටි ගල් ලෙනක් පිළිබඳ මතකය
අවදි කළ පැරැන්නෙකු කීවේ පැහැරගෙන ආ සීතා දේවිය එම ගල් ලෙනේ ද සඟවා තබා ඇති බවයි.
ඊට නුදුරින් ගලන දිය දහරාවේ පීල්ලක් නිර්මාණය වී ඇති අතර සීතා දේවිය ජලස්නානය සඳහා
එම දිය පීල්ල භාවිත කළ හෙයින් එය සීතා පීල්ල වූ බව ද ඔහු තවදුරටත් පැවසුවේ ය.
පැහැර ගැනීමට ලක්වූ සීතා දේවිය වරෙක රාමයන් පිළිබඳ මතකය අලුත් කරමින් උපශාන්ත
ජීවිතයක් ගත කළ බව ද, තවත් විටෙක සතුරු රාවණා පිළිබඳව උපන් කෝපයෙන් හා ක්‍රෝධයෙන්
ඇවිස්සුණු ඇය රෞද්‍ර විලාසයකින් පසු වූ බව ද කියනු ලැබේ. එම උපශාන්ත ගුණය සහ රෞද්‍ර
විලාසය වරින්වර සීතා ගඟ ද ප්‍රකට කරන්නේ යයි කියනු ලැබේ.
සීතාවක නාමය තැනුණු ආකාරය පිළිබඳ තවත් අයකු පළ කළ අදහසක් මෙපරිදිය. සීතාවක ගඟේ
කනමැදිරියන් වළ සෑදී තිබෙන තැන වංගුවක් ඇති නිසා “වක” සෑදුණ බවත් වංගුව මෙන් ගලා
බස්නා ජලය සීතල නිසා “සීත” සෑදුණු බවත් එම පද දෙකේ එකතුවෙන් “සීතාවක” නාමය සෑදුණු
බවත් ය.
දකුණු ප්‍රදේශයේ ගාල්ල නගරය ආශි‍්‍රතව පිහිටි රූමස්සල කන්ද සහ හම්බන්තොට ආසන්නව
ගිණිකොන දිග මුහුදු තීරයේ පිහිටි මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව අනාවරණය
කරන්නේ රාම - සීතා සහ රාවණා කතා පුවත පිළිබඳ වූ තවත් පැතිකඩකි.
මතුරට “සීතාව“ ගම රාවණා - සීතා ප්‍රවාදය නිසා ප්‍රසිද්ධියට පත්වූවා සේම එම සිද්ධිය
පිළිබඳ පැරණි ඓතිහාසික ග්‍රන්ථයක් ලෙස ප්‍රකට අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මාහිමිපාණන්
වහන්සේ සංස්කරණය කළ “මන්දාරම් පුර පුවත” පොතේ ද ඇතුළත් කොට තිබීමෙන් පෙනී යන්නේ
සීතාව ගම එක්තරා ආකාරයක වැදගත්කමක් පෙන්නුම් කරන බවයි. එම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම
පද්‍යයෙන් රචනා වූවකි.
එහි ඇතැම් පද්‍යයක මතුරට “සීතා මුදුන”, “සීතා කන්ද” සහ “සීතාගිරි” යන ස්ථාන පිළිබඳ
සඳහන් වෙයි.
මේවා සීතාව ගමම හෝ ඒ ආසන්න ප්‍රදේශ විය හැකිය.
මන්දාරම් පුර පෙදෙස විනාශ කළ ශිව භක්තික ගිරි තවුසා ඇතුළු පිරිස පරාජය කළ දිවාරත්න,
වීරසූරිය සහ හළුවඩන නිලමේ යන අයට ගම්-බිම්, සන්නස් හා රාජකාරි ද පිරිනමමින් පළමුවන
විමලධර්මසූරිය රජතුමා “රාවණා කොඩිය” ද ඔවුන්ට පිරිනැමු බව මන්දාරම්පුර පුවත අනාවරණය
කරයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙරට උපසම්පදාව පිහිටුවීම සඳහා සියම් දේශයෙන් වැඩම
කරවු මහා සංඝරත්නය පිළිගැනීම සඳහා විශාල උත්සවයක් සංවිධානය කළ අතර එහිදී පෙරහරේ
“රාවණා කොඩිය” පෙරටු කරගෙන හේවාහැටේ සේනාව ගමන් කළ බව ද මන්දාරම්පුර පුවත ග්‍රන්ථයේ
සඳහන් වෙයි.
සීතා සහ රාවණා යන නාමය සඳහන් ස්ථාන
නාම, ග්‍රාම නාම, ද්‍රව්‍ය නාම ආදිය ප්‍රකාශ කරන්නේ මතුරට, මන්දාරම්පුර, සහ හේවාහැට
වැනි ප්‍රදේශවල ද රාවණා - සීතා ප්‍රවාදයට පාදක වූ සිදුවීම් වූ බව නොවේ ද?
No Response to "බෙහෙත් ගැල්වූ රාවණාගේ දේහය මහතුඩුගල ගල් පර්වතයක"
Post a Comment
අදහස් සහ උදහස්