රාවණාගේ ලංකාපුරය කුඩා රාවණා, මහා රාවණා කොටු ද?
රාම, සීතා, රාවණා සහ හනුමාන් පිළිබඳ අප මෙතෙක් ඉදිරිපත් කළේ නුවරඑළිය
දිස්ත්‍රික්කයෙන් සොයා ගනු ලැබු තොරතුරු සම්භාරයකි. එසේම ඇල්ල - වැල්ලවාය මාර්ගය
අද්දර පැවති තොරතුරු ද අනාවරණය කළෙමු. අවිස්සාවේල්ල ආශි‍්‍රතව පැවති තොරතුරු ද
ඉදිරිපත් කිරීමට හැකි විය. මෙම ස්ථාන එකිනෙකට සෑහෙන දුරින් පිහිටියා වුවද රාම -
රාවණා - සීතා සහ හනුමාන් පිළිබඳ කතා පුවතේ්දී එම සියලුම ප්‍රදේශ එකම කලාපයක් සේ
සැලකිය හැකිය.
මධ්‍යම කඳුකරයේ උස් බිම් හා ඒවා අද්දර තිබු පහත් බිම් ආශි‍්‍රතව පැවති තොරතුරු
ලෙසින් පැවසීම උචිතය. ඒ අනුසාරයෙන් අපි රාවණාගේ අශෝක උයන පැවතියේ ද, රාවණා සීතා
දේවිය සඟවා තැබුවේ ද, රාම - රාවණා යුද්ධය පැවතියේ ද මධ්‍යම කඳුකරයේ උස්බිම්
ආශි‍්‍රතව බව ජනප්‍රවාද ආශ්‍රයෙන් සනාථ කිරීමට උත්සාහ කළෙමු. ග්‍රාම නාම, ස්ථාන
නාම, ද්‍රව්‍ය නාම ආදිය අපි මෙහිදී උපයෝගී කර ගතිමු.
එම තොරතුරු ආශි‍්‍රතව මෙරට පැරණිම රාජධානිය වූ කුවේරගේ, රාවණාගේ සහ විභීෂණගේ
“ලංකාපුරය” මධ්‍යම කඳුකරයේ පැවති බවට අනුමාන කළ හැකි විය. ලංකාපුරය යනු අප රටේ
පැරණිතම රාජධානියයි. ඒ පිළිබඳ තොරතුරු සියල්ල අප්‍රකටය. අලිඛිතය. ලංකාපුරය යනු
සම්පූර්ණ රටම ද, නැතිනම් ඉන් කොටසක් ද යන්න පවා සිතා ගත නොහැකිය.
එහෙත් ඉහත සඳහන් ස්ථාන ආශි‍්‍රතව කළ සොයා බැලීම්වලදී අනාවරණය වූයේ “ලංකාපුරය”
පිහිටියේ මධ්‍යම කඳුකරය ආශි‍්‍රතව බවයි. ඒ බව අනාවරණය කර ගැනීමට ඉවහල් වූයේ
ජනප්‍රවාදගත සිදුවීම් පමණි. රාවණා - සීතා ප්‍රවාදය සම්බන්ධ ඓතිහාසික සාක්ෂි කිසිවක්
කිසිම තැනකින් අනාවරණය නොවීය.
එපමණකින්ම ලංකාපුරය මධ්‍යම කඳුකරය ආශි‍්‍රතවම පැවතියා යයි නිගමනයකට ඒමට ද අපට
නොහැකිය. එසේ වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය ආශි‍්‍රතව ඇති රූමස්සල කඳු
වැටියත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ආශි‍්‍රතව පවතින මහා රාවණා කොටුව සහ
කුඩා රාවණා කොටුව ආශි‍්‍රතවත් රාම - සීතා - රාවණා සහ හනුමාන් පිළිබඳ ගෙතුණු
ජනප්‍රවාද බොහොමයක් ද පවතින හෙයිනි.
මෙරට රුහුණු පුරවරයේ ආර්යය ජනාවාස ඇතිවීමට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ එනම් මීට වසර
හාරදහසකට, පන්දහසකට පෙර යක්ෂ ගෝත්‍රිකයන් විසු බව සඳහන් වේ. යක්ෂ ගෝත්‍රිකයන්ගේ
ප්‍රබලතම අධිපති වූයේ රාවණා රජුය. ඔහුගේ අගනුවර හැඳින්වුණේ ‘ලංකාපුරය’ නමිනි.
ලංකාපුරය නිර්මාණය කළේ රාවණා රජුගේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්මය
දකුණු මුහුදේ වෙරළාසන්නව ලංකාපුරය ගොඩනැඟු බව සඳහන් වේ.
රාම සහ රාවණා අතර ඇති වූ යුද්ධයෙන් රාවණා මියගිය පසු ලංකාපුරය මුහුදේ ගිලී විනාශයට
පත් වූ බව කියනු ලැබේ. රාවණාගේ මෙම ලංකාපුරය නමැති රාජධානිය ලංකාවේ ගිනිකොන දිග
වෙරළ ආශි‍්‍රතව පිහිටි මහා රාවණා සහ කුඩා රාවණා කොටු විය හැකි යයි කියනු ලැබේ. මේවා
හිරිගල් පර ලෙසින් හැඳින්වේ.
මෙම හිරිගල් පර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද - පොත්තන අතර මුහුදු තීරයට
සමාන්තරව සැතපුම් ගණනාවක් දිගට සාගරයේ විහිදී තිබේ. මහා රාවණා කොටුව කිරින්දේ සිට
කිලෝ මීටර් 15 1/2 ක් දුරින් ද, කුඩා රාවණා කොටුව කිරින්දේ සිට කි. මීටර් 47 1/2 ක්
දුරින් ද මුහුදේ පිහිටා ඇත.
මේවා ගොඩබිමේ විහිදීමක් ලෙස සලකන අතර වැලි ගල්වලින් නිර්මාණය වී ඇත. ඒ මත දීර්ඝ
කාලයක් කොරල් ගොඩගැසීම නිසා කොරල්පර ලෙසින් දිස් වේ.
මහා රාවණා කොටුවේ මුහුදින් මතුව ඇති කොටස සැතපුම් හයක් පමණ දිග වුවත් තවත් සැතපුම්
අටක පමණ කොටසක් මුහුදු ජලයට යට වී පවතී. කුඩා රාවණා කොටුව සැතපුම් 25 ක් පමණ දිගට
විහිදී ඇති අතර මෙහි වැඩි කොටසක් මුහුදින් යට වී පවතී. ගොඩබිමට පෙනෙන්නේ මේවා
මුහුදෙන් මතුව පවතින ගල් පර්වත දෙකක් ලෙසිනි.
කලක් ගොඩබිම් ලෙසින් පැවති මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුහුදු ඛාදනයට ලක්ව
මුහුදු ජලයට යට වී ඇත. ලක් ඉතිහාසයේ ඉතා පැරණිම රාජධානිය වූ ලංකාපුරය පිහිටියේ මෙම
මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මත බවට පළවෙන මත අනන්තය.
කුඩා රාවණා කොටුවත් මහා රාවණා කොටුවත් මහා සාගරයෙන් මතුවී, ඉලිප්පී සිටින ගල්පර
දෙකක්. මේ ස්ථාන දෙක වර්තමානයේදී බොහෝ දුරට ප්‍රකටව පවතින්නේ නෞකාවලට ගමන් මාර්ගය
දක්වන ප්‍රදීපාගාර දෙකක් මේ ස්ථානයේ පිහිටා තිබීම නිසා. එහෙම වුණත් ජනප්‍රවාද ගත
සිද්ධි අනුව මෙම ස්ථානයන්හි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනව.
යක්ෂ ගෝත්‍රික රාවණා රජුගේ ලංකාපුරය නමැති බලවත් රාජධානී නගරය පිහිටියේ මේ ස්ථාන
ආශි‍්‍රතව බවයි පැවසෙන්නෙ. රාවණාගෙ රාජධානියෙ නටබුන් බොහොමයක් මේ ස්ථානවල ජලයට යට
වී පවතිනව. ලංකාපුරය වටේට රාවණා රජු පිත්තල භාවිතයෙන් ඉදිකළ පවුරු හතක් තිබිල
තියෙනව. පවුරු හත ඉදිකළේ ලංකාපුරයෙ ආරක්ෂාවට. හිරු නඟින - බහින වෙලාවට අහස රන්වන්
පැහැයෙන් බබළන්නෙ මේ පිත්තල පවුරු හතේ වදින සූර්ය රශ්මියෙ ප්‍රභාවය නිසා කියලයි
කියන්නෙ.
ඉතා බලසම්පන්න රජෙකු වූ රාමටත් මේ පවුරු හත කඩල සුනුවිසුනු කරල දමන්න බැරි වුණා.
නමුත් මේ පවුරු හත මුහුදේ ගිලී සැඟවුණා. එහෙම වුණේ රාවණා සිදුකළ පාපි ක්‍රියාවට
දෙවියන් ලබාදුන් දඬුවමක් විදිහට බවයි විශ්වාසය. මේ විදිහට මුහුදේ ගිලී ගිය
ලංකාපුරයේ වටිනා ප්‍රාසාද විසි පහකට වැඩි ප්‍රමාණයක් තිබුණලු. ඒ වගෙම මංමාවත්
පන්ලක්ෂයක් පමණක් තිබුණලු. මේ නටබුන් සියල්ලම විනාශ නොවී අදත් මුහුද තුළ පවතින බවයි
“විශ්වාසය.” ඇතැමෙකුගේ අදහස එපරිදිය.
මහා රාවණා ගල් පරය සහ කුඩා රාවණා ගල් පරය පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු ගමන්
මාර්ගයක් ආසන්නයෙහිය. එබැවින් දිනපතා මෙම මාර්ගය දිගේ නෞකා විශාල වශයෙන් ගමන් කරනු
ලැබේ. දුරාතීතයේ සිට මේ ගල් පරවල වැදී විනාශයට පත් නෞකාවන්ගේ සංඛ්‍යාව අනන්තය. ඒ
සියල්ල මුහුදේ ගිලී ගැඹුරු මුහුදේ පතුලේ තැන්පත්ව ඇති බව විශ්වාස කරනු ලැබේ. එසේ
හෙයින් රන් - රිදී - මුතු - මැණික් ආදි වටිනා දේ බොහොමයක් රාවණා කොටු ආසන්න ගැඹුරු
මුහුදේ පතුලේ තැන්පත්ව ඇතැයි කියනු ලැබේ.
මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව යනු රාවණාගේ රාජධානිය නම් එහි නටබුන් බොහොමයක්
මෙම ස්ථානයේ මුහුදට යටව පවතින බව විශ්වාස කළ හැකිය. ගොඩනැඟිලි, පවුරු, මාළිගා ආදි
වශයෙන් තිබිය යුතු කිසිවක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර ගත් තොරතුරු කිසිවක් නොමැත.
ගැඹුරු මුහුද නිසා මේවා ගවේෂණයට බාධා වී ඇති බව සිතිය හැකිය.
මෙම ස්ථානය රාවණා රජුගේ ලංකාපුරය වී නම් එහි අශෝක වනයක්, ගල් ගුහා, ආදිය ද තිබුණා
විය හැකිය. රාවණා පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේත් රාම - රාවණා යුද්ධය පැවතියේත්
මෙහිම විය යුතුය. මෙම ස්ථානය සමග රාවණා නාමය සම්බන්ධ වූයේ රාවණාගේ සම්බන්ධයක් මෙහි
පැවති නිසා විය නොහැකි ද?
ගාල්ල නගරාශි‍්‍රත මුහුදු වෙරළ කේන්ද්‍ර කර ගනිමින් පිහිටි රූමස්සල කඳුවැටිය හා ඒ
පිළිබඳ පවතින ජනප්‍රවාද රාවණාගේ රාජධානිය පිහිටියේ මහා රාවණා කොටුව හා කුඩා රාවණා
කොටුව ආශි‍්‍රතව බව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සපයයි ද?
රාම - රාවණා ප්‍රවාදය සම්බන්ධයෙන් තවත් ස්ථාන කීපයක් ආශ්‍රයෙන් ප්‍රචලිතව ඇති මත
කීපයක් ද අනාවරණය කිරීමට කැමැත්තෙමි.
වලපනේ රූපඟ ගම පිහිටි නීල ගරුඬ පාෂාණය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් අප මීට ඉහත දී
කියා සිටියේ සීතා දේවිය අසනීප වූ කල එය සුවපත් කරන්නට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ
ගලේ ඉතිරිය ලියලා වැඩී එම ගල් පර්වතය තැනුණු බවයි. එහෙත් නීල ගරුඬ පාෂාණය යනු මහා
බ්‍රහ්මයා ප්‍රථමයෙන්ම මහ පොළව මතට පිවිසීමේ දී පය ගැසු ස්ථානය බව පැවසේ. ප්‍රබල
හින්දුහු මෙම මතය පිළි ගනිති.
වලපනේ ප්‍රදේශයේ හරස්බැද්ද ග්‍රාමය එනමින් ප්‍රකට වූයේ රාම - රාවණා යුද්ධය පවතින
අවස්ථාවේදී ජීවිතාරක්ෂාව සඳහා ගවයන් ගාල්කොට තැබු ස්ථානය වූ නිසාවෙනි. හරක් බැද්ද
උච්චාරණයේ පහසුවට පසුකල හරස්බැද්ද නම් විය.
වලපනේ රාගලට ආසන්නව රාවණා රුව තැන්පත් කොට ඉදි කළ විහාරස්ථානයක් “ශ්‍රී රාවණා පබ්බත
විහාරය” නමින් හැඳින්වෙයි. රාවණා ආ ගල රාගල නම් විය. මෙම ප්‍රදේශයේ ගල් දොරටු තුනක්
සහිත ප්‍රබල බලකොටුවක් පැවති බවට මතයක් තිබේ.
බදුල්ල නගරය රාවණා රජුගේ රාජධානි අග නගරය බව ප්‍රකට මතයකි. බදුල්ල අග නගරය කරගෙන
රාවණා රට පාලනය කළ බව පැවසේ. නගරයට ආසන්න දුරකින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ආශි‍්‍රත
කන්දේ ගල් ගුහාවක් පවතින අතර රාවණා එහි ද සීතා සඟවා තැබු බව තවත් මතයකි.
රාවණා යනු ස්වදේශික රජෙකි. අති බලසම්පන්න රජෙකි. මිනිසුන් දස දෙනෙකුගේ බලය සහිත
රාවණා රණශූරයෙකි. වෛද්‍ය වරයෙකි. විද්‍යාඥයෙකි. ගුවනින් ගමන් යා හැකි රිය
අධිපතියෙකි. රාම - රාවණා යුද්ධයේ එක් අවස්ථාවකදී රාමගේ ප්‍රබල ප්‍රහාර හමුවේ රාමත්
ඔහුගේ සොහොයුරු ලක්ෂමණත් වානර හමුදාවෙන් විශාල පිරිසකුත් මියගිය බව ද පැවසේ.
රාවණා සීතා පැහැරගෙන ආවේ ඇගේ රූපශි‍්‍රයට වශී වීමෙනැයි රාමායනය විග්‍රහ කරයි. එහෙත්
තවත් මතයකින් කියවෙන්නේ රාවණාගේ නැගණිය වූ සුපර්ණකාට රාමගෙන් සිදු වූ හිරිහැරයකට
පළිගැනීම සඳහා රාම සොයා ඔහුගේ මැඳුරට ගිය බවත් එවේලෙහි රාම මැඳුරේ නොසිටි හෙයින්
සීතා දේවිය පැහැරගෙන ආ බවත් ය.
කෙසේමුත් සීතා දේවියගේ පේ‍්‍රමය බලෙන් පැහැර ගැනීමට කටයුතු නොකළ රාවණා පරමාදර්ශී
රජෙකි. සිය වාසභූමියෙන් බොහෝ දුරස්ථර ප්‍රදේශයකට ගෙනැවිත් යක්ෂ ගෝත්‍රික හමුදා
භාරයේ තැබු සීතාගේ පේ‍්‍රමය බලෙන් දිනන්නට හැකියාව තිබුණත් රාවණා එසේ නොකිරීමෙන්
ඔහු සිය මහත්මා ගතිය මොනවට ප්‍රකට කළේය.
No Response to "රාවණාගේ ලංකාපුරය කුඩා රාවණා, මහා රාවණා කොටු ද?"
Post a Comment
අදහස් සහ උදහස්