Monday, January 23, 2012

දඬුමොණරය තාක්ෂණය විද්‍යාත්මකව පැහැදිලි කල හැක

0

ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 9



ඌරා ලි‍ඳේ අංගම් කෙටීම

2

සිංහළේ අංගං සටන්

සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෞර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්‍රයේ ආභාෂයෙනි. සීතාවක රාජධානියට සම්බන්ධ කොරතොටආරච්චි පරම්පරාවෙන් පැවතෙන මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා ගුරුතුමන් ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට විවෘත අභියෝගයක් කරයි. අපටම ආවේණික අංගං ශාස්ත්‍රයේ සංගායනාවක් ලෙස මෙම අවස්ථාව දකින ඔහු, අංගං ශාස්ත්‍රයේ රොඩු බොරළු ඉවත් කර නිවැරදි ශාස්ත්‍රය අනාගත පරපුරට උරුම කර දීමේ භාරධූර කර්තව්‍යයකට අතගසා සිටී.

ඌරා ළිඳ යනු


සාම්ප්‍රදායික සිංහලයන්ගේ සටන් ක්‍රමය වන අංගං සටන් ශිල්පීන්ගේ දක්ෂතා උරගා බලන හෝ  අංගං සටන් ඉගෙන ගන්නා ශිල්පීන් සටන් පුහුණු වන  ස්ථාන ඌරා ළිඳ ලෙස හැඳින්වේ. මෙම ළිඳ සැකසී තිබෙන්නේ වල් ඌරන් ජලය බීමට යන ගල්වලින්  සැකසුණු ළිඳක ආකාරයෙනි. මෙම ළිඳට වතුර බීමට  යන ඌරන් එහි තිබෙන බෑවුම් ස්වාභාවය නිසා ලිස්සා  ගොස් නැවත එන්නට බැරි ලෙස ජලයේ ගිලෙයි. එවැනි ස්වාභාවයකට මෙම ළිඳ සකසා තිබේ. මේ අනුව අඩි දහයක් උස අඩි පහළොවක් විශ්කම්භයක් සහිත පතුළ මඩකර තිබෙන මෙම ඌරා ළිඳෙහි සටන පෑ තැටියෙන්  පැයක කාලයක් පුරා දිව යයි.

ඌරා ළිඳේ සටන

ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.
  • අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
  • මරණය තෙක් සටන් කිරීම
  • පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
  • පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම
යනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය.


පනික්කි රාළ තනතුර

අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහාද ඌරා ළිඳේ සටන් යොදා ගනු  ලබයි. මීට අමතරව අතීතියේ රජුන්ගේ අංගාරක්ෂකයන්  (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා  ළිඳේ අංගං කෙටීමෙනි. 

උපුටා ගැනීම - http://uralinda.blogspot.com/

Saturday, January 21, 2012

රාවණා රජුගේ ලංකාපුරය

1

රාවණා රජුගේ ලංකාපුරය


ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 8

උපුටා ගැනීම - http://www.rivira.lk/edition/rivi-dahara/1503-dfdf


ලොව අටවන පුදුමය විය යුතු නාවක්‌කන්නි ළිඳ

1
ලොව අටවන පුදුමය විය යුතු නාවක්‌කන්නි ළිඳ

සාමයේ හිරු කිරණ උතුරු පොළෝ තලය සිසාරා පැතිර යමින් තිබේ. දසක තුනක්‌ තිස්‌සේම ඉරි තැලී ගිය එම බිම අද යළි එකතු වෙමින් ඇත. උතුරේ අයත් දකුණේ අයත් ඒ අසිරිය විඳින්නේ වදනින් විස්‌තර කිරීමට අපහසු තරම් ප්‍රබෝධයකිනි. යුද්ධය නිසා යාපන අර්ධද්වීපයේ බොහෝ ඓතිහාසික, සංස්‌කෘතික, ආගමික මෙන්ම බොහෝ ස්‌වභාවික ස්‌ථාන ද ජන මනසින් අමතක වී තිබිණි. දසක තුනකට මෙපිට නූතන පරම්පරාව ඒවා නොහඳුන අය බවට පත්වී ඇත.

ඒ සාපලත් යුගය දැන් නිමවී තිබේ. එක ධජයක්‌ යට මෙම මව් රටේ සංචාරය කිරීම දැන් බාධාවක්‌ නැතිවම සිදු කළ හැකිය.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සාධකය සාමයට කැමැති කිසිවකුටත් යළිත් අවශ්‍ය නොවන්නකි. වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉපිදී ඔහු කළ විනාශකාරී දේ අපමණය. ඒ නිසා අද ඔහු ද එම විනාශයේම ගොදුරක්‌ බවට පත්වී ඇත.

නමුත් අප මෙම සටහන තබන්නේ ප්‍රභාකරන් ගැන හෝ වැල්වැටිතුරේ ගැන කතා කරන්නට නොවේ. වැල්වැටිතුරෙයි යන අතරමඟදී නෙත ගැටෙන ලෝකයේ ගැඹුරුතම ළිඳක්‌ යෑයි සැලකෙන ස්‌ථානය පිළිබඳ පවසන්නය.

යාපනයේ සිට වැල්වැටිතුරෙයි යන අතර මගදී "නිලාවරිගම" නෙත ගැටෙයි. චුන්නාගම් හන්දියෙන් හැරී ගමට යා යුතුය. දුංකොළ වගාව මෙන්ම ගොවිතැනින් ජීවත් වන දෙමළ ජනතාව වාසය කරන මේ ප්‍රදේශය පුරා පැතිර ඇත්තේ සරුසාර පොළෝ තලයකි. එහෙත් දැඩි හිරු රශ්මිය විසින් ජන ජීවිත කටුකකොට ඇති සෙයකි. ප්‍රභාකරන්ගේ ව්‍යසනකාරී ත්‍රස්‌තවාදය විසින් එය දෙගුණ, තෙගුණ කොට තිබේ.

නිලාවරි ගම කඩමණ්‌ඩිය සමීපව පිහිටා තිබෙන "නාවක්‌කන්නි ළිඳ සොබා දහමෙත්, සංස්‌කෘතියෙත් අපූරු නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ තබා ලොවේ කොතැනකවත් එවැනි ළිඳක්‌ නම් හමු නොවේ. ඒ ඇත්නම් නාවක්‌කන්නි ළිඳම පමණකි.

නාවක්‌කන්නි ළිඳ පිහිටි සීමාව අඩි පනහක පමණ සාමාන්‍ය දිග පළලකින් යුතුය. එම ළිඳ වට කර ළිං බැම්මක්‌ ඉදිකොට ඇත. එක්‌ පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක්‌ වෙයි. එම පඩි පෙළ දිගේ අඩි විස්‌සක්‌ පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යැමට හැක. එය ඉතා බියකරුම අත්දැකීමකි.

නාවක්‌කන්නි ළිඳ මිනිස්‌ ශ්‍රමයෙන් හාරා ඇති බවක්‌ නොමැත. එසේ සිතීමට පවා නුපුළුවන. නිල් දිය පිරුණු පිරිසිදු ජලය ඇති එම ළිඳෙහි ඉතිහාසය ක්‍රි. පූ. යුගයේ ඉතිහාසගතව දිව යයි. නමුත් ඒ ලිත සාධක මත නම් නොවේ. ජනප්‍රවාද තොරතුරු අනුවය.

මහා භාරතයේ සඳහන් රාම - රාවණා පුවතට සම්බන්ධ ලංකා රාජධානිය ලෙස විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවයි. ලංකාවේ රාවණා රජු විසින් පැහැර ගෙන එන ලද්දේ අයෝධ්‍යාවේ රාම කුමරුගේ බිරීඳ සීතා කුමරියයි. මේ නිසා ලංකාවේදී ඇතිවූ දරුණු සටන්වලින් රාම කුමරු ජය ලබා සීතා කුමරිය යළි තමා සතු කර ගනියි.

රාම කුමරුන් සීතා කුමාරියත් මෙම යුද්ධය අතරවාරයේ යාපනය නිලාවරි ගම පිsහිටි ප්‍රදේශයේද නතර වී සිට ඇත. එහි දී සීතා දේවියට දිය පිපාසයක්‌ ඇතිවිය. රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන ඇත. එහිදී හෑරුනු ළිඳ අද "නාවක්‌කන්නි ළිඳ" ලෙසට ඇතමෙක්‌ විශ්වාස කරති.

එමෙන්ම බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්‌ථානයේද මඳක්‌ විවේක ගත් බවට විශ්වාසයක්‌ පවතී, බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්‍රවාද පවසයි. කෙසේ වෙතත් මෙම ස්‌ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්‌නට ඇත. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

මෙම නවාක්‌කන්නි ළිඳ සමීපව වර්තමානයේ කුඩා හින්දු කෝවිලක්‌ද ඉදිකොට තිබේ. ප්‍රදේශවාසී හින්දු බැතිමත්හු ඊට පුද පූජා පවත්වති.
නාවක්‌කන්නි ළිඳට පතුලක්‌ නොමැති බව කියෑවේ. එනම් සොයා ගැනීමට නොහැකි තරම් ළිඳ ගැඹුරුය.

ඇමරිකන් ජාතිකයන් පිරිසක්‌ විසින් මෙම ළිඳ පිළිබඳ පරීක්‍ෂණයක්‌ කොට තිබේ. අඩි 280 ක්‌ යනතුරුම එහි පතුලක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙය ලෝකයා මවිත කරවනසුලු ළිඳක්‌ බවට එම තහවුරු කිරීම ද එක්‌ හේතුවක්‌ බවට පත්වී තිබේ.

නාවක්‌කන්නි ළිඳට ජලය ගලා එන්නේ මහ පොළොව යටින් ගලන ගංගාවකිනි. කි. මී. 300 ක පමණ දුරකින් පිහිටි මාතලේ සුදු ගඟේ ජලයත් මෙම ළිඳෙහි ජලයත් එක සමාන බව ද කියෑවේ. එම නිසා විශ්වාස කෙරෙන්නේ සුදු ගඟේ ජලය මෙම අරුම පුදුම ළිඳට උල්පත වී ඇති බවකි.

කන්කසන්තුර පාර් පන්නාලෙයි හන්දියෙන් හැරී යන විට හමුවන ඓතිහාසික කීරමලෙයි පොකුණෙන් මුහුදට ගලා යන්නේ මෙම නාවක්‌කන්නි ළිඳෙහි ජලය බවට විශ්වාස කෙරේ. නාවක්‌කන්නි ළිඳෙහි දිය කපා පොල් කැබලි, දෙහි ගෙඩි ආදී පූජා ද්‍රව්‍ය දැමූවිට එම තීරමලෙයි පොකුණෙන් හමුවන බව ජනතාව විශ්වාස කරන තවත් අදහසකි.

අවුරුද්දේ සෑම දිනකම එක ලෙසම පිරී පවතින නාවක්‌කන්නි ළිඳෙහි ජලය අච්චුවේලි, වන්වත්ත, වාදරාවත්ත, විරාවානි සහ වල්ල ආදී ප්‍රදේශ රැසකටම ජල සම්පාදන මණ්‌ඩලය විසින් පොම්ප කොට බෙදා හරිනු ලබයි. එම ජලය ජනතාව පරිභෝජනය කරන්නේ එලෙසින්ය.

නාවක්‌කන්නි ළිඳ ඔබ මවිත කළ ද එය බියකරුය. එහි ළිං බැම්ම උස නොමැති අතර ඊට එබී බැලීමද ඉතා කල්පනාවෙන් සිදු කළ යුතුය. ළිං ඉවුරු කඩා වැටීම නිසා එහි ජලය ස්‌පර්ශ කිරීමට පහතට බැසීම ද අනතුරුදායකය.

සාමය උදාවීමත් සමඟ යාපන සංචාරයේ යෙදෙන ඔබට ඉතා නවමු අද්දැකීමක්‌ විය හැකි නාවක්‌කන්නි නමැති ලොව ගැඹුරුතම ළිඳෙහි අසිරිය විඳිය යුත්තේ ඉතා පරෙස්‌සමින්, කල්පනාකාරීවය.

දෙනගම ධම්මික රණවීර



මොකක්‌ද මේ මාතලේ උමඟ?

2

මොකක්‌ද මේ මාතලේ උමඟ?


ගෙඩිගය පරිශ්‍රය

ශිලා ස්‌ථම්භය
 

මෛථුන්‍ය කැටයමක්
දුටු දුටුවන් විශ්මයට පත්කරවීමට තරම් සමත් නිර්මාණයන්ගෙන් ශ්‍රී ලංකාව පෙහොසත්ය. දිවයින පුරා විසිර පවතින සොබා සෞන්දර්ය සපිරි පාරිසරික දායාදයෝ ඉන් ප්‍රමුඛ වෙති. අහස සිඹින මහ සෑ සාගර බඳු වැව් හා ජලාශ ඇතුළු ලංකාවාසීන් ගොඩනැඟූ අසිරිමත් සදාතනික සිහිවටන රාශිය ද ඊට අයත් වෙති.

ගංගාවන් 103 ක්‌ පෙන පිඬු නගමින් ගලා බසින රටේ උමං ගංගාවක්‌ පිළිබඳ මෙතෙක්‌ අසා තිබුණේ ජනප්‍රවාදවල පමණි. එහෙත් උමං ගංගාවකට නෑකම් කියන ස්‌වභාවික භූමි නිර්මාණයක්‌ දැකගැනීමේ භාග්‍ය ඉකුත් දා අපට හිමිවූහ.

පොත් පත් රැසක තිබූ මං සළකුණු සහ ප්‍රදේශවාසීන්ගෙන් ලද ඇසදුටු තොරතුරු ඔස්‌සේ එකී බිම් ගුහාව සොයා ගියේ එහි අපූරු තොරතුරු "දිවයින" පාඨකයනට ලබාදීමේ අදහසිනි.

නාලන්ද රෝහල අසලින් දිවෙන නාලන්දා ගෙඩිගේ මාවතේ කි. මීටර් දෙකක්‌ ගියවිට ඓතිහාසික නාලන්දා ගෙඩිගෙත් දියපිරි බෝවතැන්න ජලාශයත් හමුවෙයි. ඉන් ඔබ්බට ඇත්තේ නිල්ල පිරුණු සොඳුරු දුම්බර කඳුවැටියයි.

ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය යෑයි බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාවයි. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් බිහි වූ විශිෂ්ට ගෘහ නිර්මාණයක්‌ වූ නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද පිහිටියේ යෑයි අදත් බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

ගෙඩිගෙය පසුකොට කිලෝමීටර් දෙකක්‌ ගිය තැන හමුවන්නේ කුඩා කඳුගැටයකි. එහි මීටර 20 ක්‌ ඉහළට නැගීමේදී මෙකී අද්භූත බිම් ගුහාවට ළඟාවිය හැකිය.

එතැන දුටු පළමු විටම ඇතිවන්නේ භීතියකි. දෙවනුව විස්‌මයකි. චමත්කාරය මුසු සන්ත්‍රාසයෙන් ඇළලී යන අන්දමේ අත්දැකීම් රැසක්‌ එය තුළට ගිය කවරෙකුට වුවද ලබාගත හැකිය.

ලුණුගෙය නමින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිත මෙම බිම් ගුහාව පිහිටා ඇත්තේ අඹන්ගඟ අසබඩය. වර්තමානයේ බෝවතැන්න ජලාශයට මායිම්ව පිහිටි බිම් ගුහාවේ ආරම්භය පොළවෙන් මීටර් 15 ක්‌ පමණ ගැඹුරින් නිර්මාණය වී තිබේ.

පොළවෙන් පහළට බැසීමට සතර අතින් බිම් කවුළු කීපයකි. ඒ සියල්ල රළුගල් සහ රළු කැලෑවකින් වැසී ගොස්‌ ඇත.

කට විවරය තරමක්‌ විශාල ගුහා දොරින් ඇතුළට ගිය විට පාෂාණමය ගුහාවේ තව තවත් ලොකු කුඩා දෝනා රැසක්‌ දැකගත හැකිය. එකී ගුහා ඔස්‌සේ ද තව තවත් ලොකු කුඩා දෝනා රැසකි. ඒ සෑම එකකට පාහේ වැඩුණු අයකුට වුවද සිටගෙන පහසුවෙන් ගමන් කළ හැකිය. බිම් ගුහාවේ ආරම්භය තුළ ඇතෙකුට වුවද සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩකින් යුක්‌තය.

කාලාන්තරයක්‌ පුරා දිය දහරා ඇඳී ගොස්‌ ඛාදනයට ලක්‌වූ බිම් දෝනා පුරාම අඳුර ඉතා දැඩිය. අප රැගෙන ගිය පන්දම්වලින් පවා ඡායාව මිස ඒ තුළ සැබෑ තතු දැකගත නොහැකි විය. ප්‍රධාන ගුහා දොරටුවේ සිට දකුණු දෙසට විහිද යන ප්‍රධාන දෝනාව කොතරම් දිගුදැයි කිසිවකුත් මේ දක්‌වා සොයාගෙන නැත. දෝනා පුරා තැන තැන දිය දහරා ඇදී යයි. සිසිල් දිය බිඳු පාෂාණ බිත්ති පුරා ඇදවැටෙයි. හුණුගල් විශේෂවලින් තැනුණු හිරිටැඹ බිත්ති පුරා දැඩිව බැඳී පවතී. දහස්‌ ගණනක්‌ වවුල් රංචු හා උන්ගේ වසුරු අපහට ඇති කළේ ලොකු අපහසුවකි. ඇතුළත වායුව අඩුබවක්‌ද දැනුණි. පැයකට ආසන්න කාලයක්‌ ඒ තුළ නිරීක්‍ෂණය කළ අපහට දිස්‌වූයේ කුතුහලයෙන් පිරීගිය දැවැන්ත සංකීර්ණ පාෂාණ නිර්මාණයකි.

එහි කාහට වුවද මෙකී බිම් ගුහාවේ අතීත තොරතුරු සෙවීමේ පිපාසාවක්‌ ඇතිවෙයි. "දිවයින" පාඨකයන් වෙනුවෙන් අපිදු එම කාර්යයට අතගැසුවෙමු. 1962 දී මෙම බිම් ගුහාව නිරීක්‍ෂණය කළ ශ්‍රී සද්ධර්මවාගීශ්චර සාහිත්‍යාචාර්ය මාතලේ ශ්‍රී උපනන්ද හිමියන් ලියූ පොතකට අනුව බිම් ගුහාව සම්බන්ධ අතීත පුවත් රැසකි.

විජයබා - පැරකුම්බා රජ දවස මෙහි වවුල් කාරමින් ඖෂධ සංයෝග කොට වෙඩි බෙහෙත් සාදා තිබේ. රජ සමයේ ගිනි අවි නිපදවූ තැනක්‌ බවටද මතයකි.

ඉපැරණි ගෙඩිගෙය සහිත අසල දුටුගැමුණු රජ සමයේ යුද්ධ කඳවුරු මෙම බිම් ගුහාව අසල පිහිටා තිබී ඇත. ගඟෙන් එගොඩ ප්‍රදේශය අදත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් ගබඩා ගමකි. එය අකරහැඩිය නමින් හැඳින්වෙයි.

මෙම බිම් ගුහාවට සහ නාලන්දා ගෙඩිගෙය සමීපයේම කොටුගොඩැල්ල නමින් පෙදෙසක්‌ වෙයි. එය ඉංග්‍රීසීන්ගේ ඉපැරණි බලකොටුවක්‌ ව පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර රැසක සඳහන්ය.

මෙකී කරුණු අනුව මෙම බිම් ගුහාව ඓතිහාසික කථා පුවත් රැසක්‌ සඟවාගෙන සිටිතැයි කිව හැකිය. අනෙක්‌ ප්‍රමුඛ මතය වන්නේ මෙය උමං ගංගාවක කොටසක්‌ බව කීමය. අප කවුරුත් දන්නා පරිදි මාතලේ පොළෝ තලය යට උමං ගංගා ඇතැයි යන්න ප්‍රබල ජනප්‍රවාදයකි. දුම්රිය මඟ පවා නාලන්ද හරහා දිගු නොවූයේ එම නිසායෑයි පැරැන්නෝ තාමත් කියා සිටිති. ඉපැරණි ජන කවියකද මේ බව සඳහන් ය.

රටින් රටේ ගංගාවල් ඇත එමට

එයින් ජලය ගලනා බව දැකී මට

තිබෙන්නේය ඒ තුළ නොව සැබෑ වට

උමන් ගඟක්‌ ඇත මාතලේ පොළෝ යට

අඹන්ගඟ අසලම මෙම අද්භූත බිම් ගුහාව පිහිටීම නිසා එම මතයද බැහැර කළ නොහැකිය.

ශ්‍රී ලංකා සංචාරක ක්‍ෂේත්‍රය තුළ නාලන්දා ගෙඩිගෙයට මුල් තැනක්‌ හිමිවෙයි. දෙස්‌ විදෙස්‌ සංචාරකයන් විශාල වශයෙන් නාලන්ද ගෙඩිගෙය නැරඹීමට පැමිණෙති. ඒ අසලම පිහිටි මෙම බිම් ගුහාව පිළිබඳවද නිසි පර්යේෂණයක්‌ සිදුකොට එහි පවතින ඓතිහාසික හා භූ විද්‍යාත්මක වටිනාකම් සොයා ගත හැකි නම් සංචාරක ස්‌ථානයක්‌ ලෙස ද මෙම භූමි ප්‍රදේශය වැඩිදියුණු කළ හැකිය.

මෙම බිම් ගුහාව නැරඹීමට යැමේදී බාධක රැසක්‌ හමුවෙයි. පළමුවැන්න ඒ තුළ ඇති දැඩි අඳුරය. දෙවැන්න එහි පවතින වවුල් සහ උරග ඝනයේ සතුන්ගේ බලපෑම්ය. එහි තැනින් තැන ඔක්‌සිජන් අඩුබවක්‌ද පෙනී යයි. එබැවින් බිම් ගුහාව නිරීක්‍ෂණය කිරීම මෙන්ම එය නැරඹීමට යාමද හිතුමතයේ නොකළ යුත්තකි. ඒ සඳහා පෙර සූදානමක්‌ මෙන්ම මඟපෙන්වීමක්‌ ද අවශ්‍යය.

එම ගමනේදී හමුවන වැදගත්ම ස්‌ථානය නාලන්දා ගෙඩිගෙයයි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී ගෙඩිගෙය ජලාශයට යටවීමට නියමිතව තිබිණි. නමුත් එවක සේවය කළ ඉංජිනේරුවන්ගේ සහ පුරාවිද්‍යා නිලධාරීන්ගේත් දක්‌ෂතාව ලොවට පෙන්වා දෙමින් ගලින් ගල ගැලවූ ගෙඩිගෙය පස්‌ යොදා තැනූ විශාල වේදිකාවක්‌ මත නැවත ගලින් ගල තබා නිවැරදිව ගොඩනංවා තිබෙනු දැකීම ද විස්‌මයජනකය. පැරණි දාගැබෙහි නටඹුන් මෙන්ම විනාශ වූ සංඝාවාසයක හෝ වෙනත් පැරණි ගොඩනැඟිල්ලක නටඹුන් රැසක්‌ ඒ බිම විසිර පවතියි.

ඒ හැර එහි ඇති විශේෂ ගල් කැටයම් දෙකක්‌ද වෙයි. එය නම් මේතාක්‌ ශ්‍රීලංකාවෙන් හමුවූ දුර්වලතම මෛථුන්‍ය රූප දෙකක්‌ද ගෙඩිගෙය කැටයම්වලින් හමුවීමය. ඒ හැරුණුකොට නාලන්දා ගෙඩිගෙය රාවණා යුගයේ සූරිය මධ්‍ය රේඛාව සේ ක්‍රියා කළ ස්‌ථානය වූ බවටද රාවණා යුගය පිළිගන්නා විද්වතුන්ගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකාවේ අතීතය සොයා බලන විද්වතුන්ට පර්යේෂකයන්ට මෙන්ම සංචාරකයන්ටත්, අධ්‍යාපනය ලබන රටේ සිසු කැළටත්. නාලන්දා ගෙඩිගෙයින් මෙන්ම මුලින් කී අද්භූත බිම් ගුහාව ආශ්‍රයෙන් ද බොහෝ දේ උගත හැකිය.

නිමල් කණහැරආරච්චි

විශේෂ ස්‌තුතිය මඟපෙන්වූ පාඨශාලාචාර්ය ප්‍රේමචන්ද්‍ර මැණික්‌දිවෙල මහතාට සහ විශ්‍රාමලත් සංස්‌කෘතික අධ්‍යක්‍ෂ ඩී. ඩබ්. කරුණාරත්න මහතාට.
මූලාශ්‍ර - ඓතිහාසික මාතලේ 1989 සහ මාතලේ (1962) ග්‍රන්ථ






අභිරහස් උස්සන්ගොඩ

3

අභිරහස් උස්සන්ගොඩ - උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අම්බලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.

කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය.

 




තරමක් හෝටන් තැන්නට සමාන ලක්ෂන පෙන්නුම් කරන මෙම ප්‍රදේශයේ මෙවැනි ලක්ෂන පෙන්නුම් කිරීම පිලිබද මතවාද කීපයක් ඇත.එකක් තමයි මීට වසර මිලියන 15 කට පමන පෙර උල්කාපාතයක් මෙම ප්‍රදේශයට කඩා වැටුණු බවත් එම නිසා පසේ පැහැය වෙනස් වීම හා විකෘති භුවිශමතාවය හා අධික විකිරණශීලී තාවයක් හටගත්බවද....
අනෙක් කරැණ නම් රාම රාවණා යුද්ධයේ එක් අවස්ථාවක් සිදුවූ ස්ථානයක් බවත් එහිදී භාවිතාකල න්‍යෂ්ඨික බෝම්බයක් වැනි යමක පිපිරීම හා එමගින් නිකුත් වූ අධික ශක්තිය හා උෂ්නත්වය හේතුවෙන් ඉහත කී ලෙස පසේ පැහැය වෙනස් වීම හා විකෘති භුවිශමතාවය හා අධික විකිරණශීලී තාවයක් හටගත්බව කියවේ.තවද අතීතයේ දී රාවණ රජුගේ දඬු මොණරය නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි.




උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය.අදටත් මෙම ප්‍රද්ශය තුල ශාක නොවැඩේ.......

 

ඡායාරෑප උපුටාගැනීම-http://www.elakiri.com/forum/showthread.php?t=1278780
 

නාලන්ද ගෙඩිගේ - Nalanda Gedige

3

ශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.


නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා විය හැකියි.

විසිරී ඇති කැටයම් ආදිය සහිත ගල් කැබලි

මේ පුරාවිද්‍යා භූමියට පිවිසුණු විට මුලින්ම හමුවන්නේ තැන් තැන්වල විසිරුණු ගල් කැටයම් සහිත ගල් කැබලි මෙන්ම බිත්ති සඳහා භාවිත කළ ගල් කැබලි රාශියක්. ඒවා එක ස්ථානයකට ගොඩ ගසා ඇති අතරම කැටයම් සහිත ගල් කැටයම් මෙන්ම කුළුණු හිස් නාලන්ද ගෙඩිගෙයට යන මාර්ගය දෙපස තබා තිබේ.

මාර්ගය දිගේ ගමන් කළ පසු බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙය මෙන්ම වේදිකාවක් මත ඉදිකරපු ස්ථූපයක් සහ බෝධි වෘක්ෂයකුත් මේ ස්ථාන 3 වට කරමින් ඉදි කරලා තිබෙන ගඩොල් ප්‍රාකාරයත් දැකගත හැකියි.

නාලන්ද ගෙඩිගේ ඉතිහාසය ඒ සමඟ බැඳුණු අනෙක් අංගත් සමඟ කතා කරමු.

ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.



ඉහළ ඡායාරූපයේ ඇති මාමල්ලපුරම් සම්ප්‍රදායේ දෙවොලක් සහ පහළ ඡායාරූපයේ ඇති නාලන්ද ගෙඩිගෙයි ඇති සමානකම

පාලර් නදී මුවදොර පිහිටි මහාබලිපුරම්හි කඳුගැටයක තිබෙන මාමල්ල ශෛලියේ නිර්මාණවල සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණයි. එමෙන්ම විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් ගලින් කළ වහල ශිඛරය හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයන්ය.

පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන්ම නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇති අතරම ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඒ වගේම පෙර දැක්වූ පරිදි හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.

මේ නිර්මාණයේ කාල නිර්ණය සඳහා සාධක කීපයක් උපයෝගී කොටගෙන ඇති අතර ඒවා මෙලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිර්මාණයන්ට පල්ලව ආභාෂය ලැබෙන්නේ ක්‍රි.ව 691 න් පසුවයි. ඒ ඒ වන විට ලංකාව පාලනය කළ හත්ථදාඨ රජු පරදා ලාංකික කුමරෙක් වුණු මානවම්ම කුමරුට රාජ්‍යය ලබාදීමට II නරසිංහවර්මන් රජු දායක වීමත් සමඟයි.

නිල්ලග්ගම බෝධිඝරය
ඉන් පසු පල්ලව ආභාෂය යටතේ ලංකාවේ ඉදිවුණු තවත් සුවිශේෂී නිර්මාණයක් විදිහට නිල්ලග්ගම බෝධිඝරයත් දැක්විය හැක.

ඉහත දක්වපු කරුණ මෙන්ම නාලන්ද ගෙඩිගේ කාල නිර්ණයට ඒ භූමියෙන් හමුවුණු ටැම් ලිපියකුත් පාදක වී ඇති අතර මේ වන විට නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරය එය තැන්පත්ව ඇත.

නාලන්ද ගෙඩිගේ ටැම් ලිපිය

එහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9 - 10 සියවස්වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්ද ගෙඩිගෙය ක්‍රි.ව. 8 - 10 අතර කාලයේදී නිමවන්නට ඇතැයි නිර්ණය කර ඇත.

ඉහත දැක්වූ ටැම් ලිපියෙන් මෙන්ම භූමියේ විසිරී පවතින ගල් කැබලිවලින්ද මෙහි විහාර සංකීර්ණයක් පිහිටා තිබූ බවත් එය මනා සංවිධානාත්මක බවකින් යුක්ත වූ බවත් අනුමාන කළ හැක.

මේ හැරෙන්නට නාලන්ද ගෙඩිගෙයට ඊටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති බවටද මත දක්වන අතර රාවණ රජ සමය දක්වා එය විහිදෙන බව කියවේ. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත් මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවේ.

මේ ස්ථානයේ ප්‍රධාන ඉදිකිරීම වෙන නාලන්ද ගෙඩිගේ පිළිබඳව ප්‍රධාන අංග 3 ක් යටතේ කරුණු දැක්විය හැකි අතර ඒවා නම්
  • ඉදිරිපස පිවිසුම
  • මණ්ඩපය
  • ගර්භ ගෘහය
ඉදිරිපස පිවිසුම පිළිබඳ කතා කිරීමේදී මුලින්ම කැටයම් රහිත සඳකඩපහණක් හමුවෙන අතර පඩිපෙළ දෙපස සරල කැටයමින් යුක්ත වෙන කොරවක්ගල් දෙකක් දැකගත හැකිය. සඳකඩපහණ දෙපස මුරගල් දෙකක් වර්තමානය වන විට නොමැති වුණත් අතීතයේදී තිබුණා විය හැක.
ඉදිරිපස ආලින්දය වැනි කොටස

පඩිපෙළ නැගීමෙන් පසුව හමුවන ආලින්දය වැනි කොටසින් මණ්ඩප කොටසට පිවිසීමේදී ගල් උළුවස්සක් ඇති අතර එය පාදමට සවිවන ස්ථාන දෙපස ඇත් රූ දෙකක්ද දැකගත හැකියි. ගල් උළුවස්සේ හරි මැදට වන්නේ හින්දු ආගමේ වන්දනාවට ලක්වෙන ගජ ලක්ෂමී දෙවඟනගේ කැටයමක් දැකිය හැක.

නාලන්ද ගෙඩිගේ ඇති ගජ ලක්ෂ්මී කැටයම


පොළොන්නරු ගල් පොතේ ඇති ගජ ලක්ෂ්මී කැටයම

එවැනි කැටයමක් මීට පසුකාලීනව පොළොන්නරු යුගයේදී නිශ්ශංකමල්ල රජතුමාගේ ගල් පොත සෙල්ලිපියේ දකුණු පසට වන්නට ඇති අතර හින්දු ආභාෂය මෙම බෞද්ධ නිර්මාණයට තදින්ම හිමිව ඇති බවට එක් නිදසුනක් වන්නේ ඒ ගජ ලක්ෂ්මී රුවයි.

මණ්ඩප කොටසට පිවිසුණු පසු දෙපස එක් පේළියකට ගල් කුළුණු 4 බැගින් වූ ගල් කුළුණු 8 ක් ඇති අතර ඒ ගල් කුළුණු සියල්ලේම හිස කොටසේ සතර පැත්තේම එක හා සමානවම මුහුණක් වැනි කැටයමක් ඇති අතර ගල් කුළුණුවල පහළ කොටස්වලද එක හා සමානවම ගල් කැටයම් කර තිබේ.

කුළුණු සහිත මණ්ඩප කොටස

මණ්ඩපය පසු කරමින් ඉදිරියට ආවිට ගර්භ ගෘහය හමුවන අතර ගර්භ ගෘහය වටා ගමන් කළ හැකි අයුරින් එය නිමවා ඇත. ගර්භ ගෘහයට පිවිසෙන දොරටුවට ඉහළින් විමාන වැනි නිර්මාණ 5 කුත් බුදුන් වහන්සේගේ යැයි අනුමාන කළ හැකි ධ්‍යාන වඩන පුද්ගලයන් දෙදෙනෙකුගේ රූ ද කැටයම් කොට ඇත.

ධ්‍යානී පුද්ගලයන් සහ විමාන සහිත කැටයම

හින්දු කෝවිලක ගෝපුරක් ආකාරයට නිමවා ඇති ගර්භ ගෘහයේ වහළයේ විවිධාකාරයේ මුහුණු වැනි කැටයම්ද දැකගත හැකි අතර මුදුනේ දෙපස උල් හැඩයේ කොටස් දෙකක්ද නිමවා තිබේ. ඒ මුදුන් දෙකට පහළින් වන දෙපස කොටස්වලින් වම් පස කොටසේ එක් කකුලක් නමා අනෙක පහළට දමා සිටින පුද්ගලයෙකුගේ රුවක් දැකගත හැකි අතර දකුණු පස කොටසේ නිර්මාණය හඳුනා ගත නොහැකිය.

හින්දු ගෝපුර ආකාරයේ වහළ


වහළයේ දකුණු පස හා වම් පස පැති

ගර්භ ගෘහයට ඇතුලුවීමට එක් පඩියක් බැසිය යුතු අතර සරල ආකාරයේ සඳකඩපහණක් ඒ පඩිපෙළ පාමුල දැකගත හැකිය. ගර්භ ගෘහය තුළ ප්‍රතිමා 5 ක් දැකගත හැක. මධ්‍යයට වන්නට පද්මාසනයක් මත හිටි බුදු රුවක් දැකගත හැකි අතර එහි මුද්‍රාව අවුකන බුදුරුවේ මුද්‍රාවට සමානය. දකුණු අතින් ව්‍යාකරණ මුද්‍රාවද වම් අත වැලමියෙන් ඉහළට නැමී ඇඟිලි තුඩු වම් උරහිස ස්පර්ශ වන අයුරින්ද නිමවා ඇත.

ප්‍රධාන හිටි බුද්ධ ප්‍රතිමාව

ප්‍රධාන බුදු පිළිමයට දකුණු පසින් පද්මාසනයක් මත ඉදිකළ තවත් හිටි බුදුරුවක් දැකගත හැකි අතර එහි පපු ප්‍රදේශයෙන් ඉහළ කොටස විනාශ වී ඇත. ප්‍රධාන පිළිමයට වම් පසින් තවත් පිළිමයක කොටස් කීපයක් ඇති අතර එය බොහෝවිට බෝධිසත්ව පිළිමයක් විය හැක.

මේ හැරෙන්නට ගර්භ ගෘහය තුළ විශේෂ ප්‍රතිමා දෙකක් දැකගත හැකි අතර ඒවා නම් ගර්භ ගෘහයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඉදිකර ඇති ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවයි.

ගණ දෙවියන්ගේ ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් වම් පස ඇති ගණදෙවියන්ගේ පිළිමය ඉදිකිරීමෙන් අතීතයේ පටන් නුවර කලාවිය ප්‍රදේශයේ ගණ දෙවියන් වන්දනා කිරීම පැවති බවට නිගමනය කළ හැකි අතරම හින්දු ආභාෂයේ බලපෑමත් හොඳින් දැකගන්න පුළුවන.

අවලෝකිතේශ්වර ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් දකුණු පස ඇති අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ප්‍රතිමාවෙන් එකල පැවති මහායාන බලපෑම ගැන මෙන්ම ආරක්ෂක දෙවියෙක් ලෙස අවලෝකිතේශ්වර බෝසතුන්ට වූ පිළිගැනීම වටහා ගත හැකියි. මුල්කාලීනව කළ සංරක්ෂණ කටයුතුවලදී මෙම අවලෝකිතේශ්වර ප්‍රතිමාව මුරගලක් යැයි වරදවා වටහා ගෙන තිබුණද පසුව කළ ප්‍රතිසංස්කරණවලදී එය නිවැරදි කොට මෙලෙස ගර්භ ගෘහය තුළ නැවතත් ස්ථාපනය කොට ඇත.

ප්‍රාකාරයේ ඇති මෛථුන කැටයම

නාලන්ද ගෙඩිගෙය බිත්ති පිටපැත්තෙන් නිරීක්ෂණය කිරීමේදී ඒ බිත්තිවලද කැටයම් සහිත ගල් දැකගත හැකි අතරම හින්දු කෝවිල්වල දැක්වෙන කාම සූත්‍රයේ විවිධාකාර කැටයම් අතුරින් මෛථූන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක්ද දැකගත හැකිය. එසේම ජලය මණ්ඩපය තුළට එක්වන ජලය බැසයාමට සකස් කළ කාණු කටවල්ද මෙහිදී දැකගත හැකිය.

ස්ථූපය

මේ භූමියේ පිහිටි අනෙක් නිර්මාණය වන්නේ පෙර දැක්වූ පරිදි වේදිකාවක් මත පිහිටවූ ස්ථූපයයි. ගෙඩිගෙයට උතුරින් පිහිටි මෙම ස්ථූපය පසුකාලීනව නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුණු අතර සෙනරත් පරණවිතානයන්ගේ මූලිකත්වයෙන් මුල්වරට සංරක්ෂණ කටයුතු කරන ලදී.

මේ හැරෙන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිහිටුවා ඇති කෞතුකාගාරයක් මෙහි ඇති අතර මේ ස්ථානයෙන් හමුවුණු විවිධාකාරයේ ගල් කැටයම් මෙන්ම නාලන්ද ගෙඩිගේ ටැම් ලිපියද එහි තැන්පත් කර ඇත.

නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී. 1911 දී බෙල් මහතා මෙහි පස්වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගී කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි.

බෙල් මහතා විශ්‍රාම යාමත් සමඟ නැවතත් නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු නොවුණු අතර 1927-28 කාලවලදී ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබුණු නුග මුල් ඉවත් කිරීමක් වුණු අතර එහිදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදුවුණි. ඊට පසුවද මෙම ගොඩනැගිල්ලේ ගස් ඉවත් කිරීමක් හැරෙන්නට වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවුණි. සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කරගත් අතර පෙර දැක්වූ පරිදි ස්ථූපය ප්‍රතිසංස්කරණය කෙරුණි.

පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශයට බෝවතැන්න ජලාශයට යටවීමට නියමිත වූ හෙයිනි. ඒ යටතේ ගෙඩිගෙය රැක ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබු සිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියලුම කොටස්වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කෙරුණි.






අබු සිම්බල් දෙවොලේ නැවත ඉදිකිරීම

එනිසා ගෙඩිගේ පාදමද කැණීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර චතුරශ්‍රාකාර ශිලාමය පදනමක් පාදා ගැනීමටද හැකිවිණි.

ගෙඩිගේ නැවත සැකසීම ඒ ප්‍රදේශයේ කඳු මුදුනක කිරීමට මුලින් යෝජනා වුවද පසුව නැවතත් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා වූ නිසා 1977 දී එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය E.L.B. හුරුල්ලේ මැතිතුමාගේ තීරණය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුකෙරුණි.



නාලන්ද ගෙඩිගේ නැවත සැකසීම

ඒ යටතේ මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් නාලන්ද ගෙඩිගේ පිහිටි ස්ථානයේ අඩි 23 ක් උස හතරැස් බිම්කඩක් මෙන්ම ඒ උසින්ම මාර්ගයක්ද ඉදිකෙරුණු අතර 1980 දී මහාචාර්ය P.L. ප්‍රේමතිලක සහ පෙදරේරු M. විමලදාස යටතේ වැඩ ආරම්භ වුණි.

මුල් කාලීන සංරක්ෂණයන්හිදී සිදුවූ වැරදි නිවැරදි කරමින් ගර්භ ගෘහයේ වහළ සම්පූර්ණ කරමින් මේ සංරක්ෂණය අවසන් වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ නමුත් මැනවින් පෙර පරිදිම නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.


නාලන්දා ගෙඩිගෙයි තවත් ඡායාරූප මෙතනින් බලන්න

මූලාශ්‍රය
නාලන්ද, මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක - මධ්‍යම සංස්කෘතික අරමුදල


Friday, January 20, 2012

රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

1
රාවණා ඓතිහාසික චරිතයක්‌ ද?

වීරසේන අල්ගෙවත්ත

අපට ඇති ප්‍රබලම ඓතිහාසික මූලාශ්‍රය මහාවංශයයි. එය අපේ ඉතිහාසය ගොඩනැගීමට කළ මෙහෙය ඉතා විශාලය. ඒ මගින් ගොඩනැඟුනේ අපේ ඉතිහාසය පමණක්‌ මැ නොවේ. අසල්වැසි භාරත දේශයේ ඇති ඉතිහාසය හා බැඳෙන sගැටලු විසදා ගැනීමට ද හැකි වූයේ මහා වංශයේ මඟ පෙන්වීමෙනි. ඉන්දීය දේශය පුරා අශෝක ස්‌ථම්භ පිහිටුවා යම් යම් තොරතුරු එහි ලියවා නව සන්නිවේදන රටාවක්‌ බිහිකළ "දෙවනපිය පියදසි" නිරිඳුන් අශෝක අධිරාජයාම බව හඳුනා ගැනීමට හැකි වූයේ මහා වංශයේ සඳහන් යම් යම් තොරතුරු නිසාය. වසර දෙදහස්‌ පන්සියයක අඛණ්‌ඩ රාජාවලියක තොරතුරු ලේඛනගත කළ ඓතිහාසික මූලාශ්‍රයක්‌ වේ නම් එය "මහාවංශය" පමණි. අපට එහි අගය මැනෙවින් පසක්‌ වන්නේ භාරතීය ඉතිහාසය හා සසඳන විටය.

මෙයින් අදහස්‌ වන්නේ මහාවංශය අංග සම්පූර්ණ මූලාශ්‍රයක්‌ බව නොවේ. එහි ඇති අඩු ලුහුඬුකම් සුළු කොට තැකිය හැකි ඒවා ද නොවේ. ඒ නිසාම බොහෝ පඬිවරු මහාවංශය මහා විහාර වංශ කථාව ලෙසින් හඳුන්වා දෙති. මහාවංශය රචනා කළ මහානාම හිමියන් ඇතැම් ඓතිහාසික තොරතුරු හිතාමතාම වසන් කරන බවක්‌ පෙනේ. එය මහාවංශයේ මුල් පරිච්ඡේදවලදී බහුල වශයෙන් දැකිය හැකි ඌනතාවයකි.

විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ උහු වෙත අවුත් පින්වත්නි· මේ කවර දිවයිනක්‌දැයි විචාළෝය. හේ තෙමේ ලක්‌දිව යෑයි කියා මිනිස්‌සු මෙහි නැත්තාහු යෑයිද තොපට භයක්‌ නොවන්නේ යෑයි ද කීය. මෙසේ කියා කෙණ්‌ඩියෙන් ඒ මිනිසුන් පිරිත් පැන් ඉස උන් අත්හි (පිරිත්) හු බැඳ අහසින් ගියේය. (මහා වංශය - හත්වැනි පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය - 2003 මුද්‍රණය)

විජය කුමාරයා මේ බිමට ගොඩ බට අවස්‌ථාවේ බුදු හිමියන් වදාළ පරිදි සක්‌දෙව් රජු ඇනැවීමෙන් පැමිණි උපුල්වන් දෙව්රජ (ලවා) පවසනුයේ මේ බිම මිනිසුන් රහිත හිස්‌ භූමියක්‌ බවයි. ඒ නිසා මෙහි පදිංචි වීමටත් රිසි සේ හැසිරීමටත් කිසිදු බාධාවක්‌ නොමැති බවකි, ඉන් පවසා ඇත්තේ.

මහාවංශයේ සඳහන් පරිදි විජය කුමාරයා ප්‍රමුඛ සත් සියක්‌ පිරිස ලක්‌බිමට සැපත් වීම සිදුවනුයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන අවස්‌ථාවේමය. බුදු සස්‌න ලක්‌දිව "පිහිටන නිසා" බුදු හිමියන් ද මේ සිදුවීම කෙරේ විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බව මහා වංශ විස්‌තරයෙන් කියෑවෙයි.

බුදුහිමියෝ ලක්‌දිවට තෙවරක්‌ වැඩියහ.

"සම්‍යක්‌ සම් බෝධියනේ නව වැනි මස දුරුතු පුර පසළොස්‌වක්‌ හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්‌දිවට පැමිණි සේක."

"සම්‍යක්‌ සම්බෝධියෙන් පස්‌ වැනි වස ෙ-තවන විහාරෙහි වැඩ වසන සේක්‌ මාහෝදර නාගයා එසේම චූලෝදර නාගයා යන පිරිස්‌ සහිත වූ නාගයින්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වූ යුද්ධය දැක බක්‌මහ අමාවක්‌ පොහෝදින උදය කාලයෙහි උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

"සම්‍යක්‌ සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ෙ-තවනයෙහි වාසය කරන සේක්‌ ලෝක ස්‌වාමී වූ පස්‌ මරුන් දිනූ මුනීශ්වර තෙමේ භික්‍ෂූන් පන්සියයක්‌ විසින් පිරිවරන ලද්දේ දෙවැනි දවස භක්‌ත කාලය ආරෝචනා කළ සිවුර පොරවා පාත්‍රය ශ්‍රී හස්‌තයෙන් ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක්‌ත නා රජුහු නිවසට වැඩි සේක. කැලණි සෑය පිහිටි තැන්හි කරන ලද රත්න මණ්‌ඩපයෙහි සංඝයාද මාහැඟි වූ පළඟෙහි තමන් වහන්සේද වැඩහුන් සේක. සමූහය සමග වූ නා රජු තෙමේ සොම්නස්‌ වූයේ දිව්‍ය වූ ඛාද්‍යාදී භෝදයෙන් සංඝයා සහිත වූ සර්වඥයන් සන්තර්පණය කළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලෝක නායක වූ සර්වඥ තෙමේ එතන්හි ධර්ම දේශනාකොට අහසට නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පාටසහන දැක්‌වූ සේක".

(මහාවංශය - පළමුවැනි පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය 2003 මුද්‍රණය)

මේ විස්‌තරයෙන් පැහැදිලි වන්නේ උපුල්වන් දෙව් රජුන් කියන පරිදි ලක්‌දිව මිනිසුන් නැති හිස්‌ භූමියක්‌ තෙවන බවයි. බුදුන් වහන්සේගේ දෙවැනි සහ නොවන ලංකා ගමන සිදුවූයේ නාගයින්ගේ අරගල සංසිඳුවීමෙන් ඇති වූ ඉමහත් ගෞරවය හා ප්‍රසාදය නිසා කරන ඇරියුමෙනි. පන්සියයක්‌ පිරිවර කැටිව වැඩි බුදුන් වහන්සේට දිව්‍යමය ආහාරපානවලින් දන් පිරිනැමූ බවත් පැවසේ. බුදුන්වහන්සේ පන්සියයක්‌ භික්‍ෂූන් වහන්සේලා කැටුව වැඩ වදාළේ මණිඅක්‌ත නාරජුන්ගේ නිවසට මැ වීම සුවිශේෂ වැදගත්කමක්‌ දරයි. මෙහි සඳහන් නාගයන් තිර ලෙස මැ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ මිස උරග විශේෂයක්‌ නොවන බව නම් පැහැදිලිය.

බුද්ධත්වයෙන් අටවැනි වස බුදු හිමියන් ලක්‌දිවට වැඩ වදාළ විට දන් පිරිනැමූ බණ ඇසූ ඉහත කී මනුෂ්‍ය කොට්‌ඨාසය වසර පනහක්‌ ඉක්‌මැ වීමටත් පෙර වඳවී ගිය දැයි සිතිය යුත්තේ "මිනිසුන් මෙහි නැත්තාහු" යන මහාවංශ ප්‍රකාශය නිසාය. කෝට්‌ටේ යුගය වන විටත් කැලණියේ නාගයන් භක්‌තිමත් බෞද්ධයෝම ලෙසින් විසූහ. ඒ බව ළවැලි පිට සිට වෙණ වයමින් බුදුගුණ ගී ගැයූ මනහර නා මෙනවියන් ගැන සිරි රහල් මාහිමියන් කියන තොරතුරු වලින් පැහැදිලි වෙයි.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනෙහි අරමුණ "ලංකාද්වීපය ශුද්ධ කරණ පිරිස" බව පැහැදිලිව කියා ඇත. "නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්‌දිව දෙම්හ අපට අභය දුන මැනවැ" යි ආයාචනා කළ යක්‍ෂයන්ට ගිනි මවා බිය ගන්වා ඔවුන්ට හිමි බිමෙන් පලවා හැරීමට බුදුහිමි ක්‍රියා කළ අයුරු වංශකතාකරු මහත් රුචියෙන් විස්‌තර කොට ඇත.

මහා කාරුණික වූ සව් ලෝ දුක්‌ගිනි නිවූ බුදුහිමියෝ යකුන්ට මෙබඳු දෙයක්‌ කරත්ද? "සාතාගිර" "හේමවත" "අලවු" වැනි යක්‌ සෙනවියන් බුදු බැතියන් කළෝ බුදු හිමියෝය. යකුන් හා බුදු සමිඳුන් හා අතර පැවැති සම්බන්ධතාවයේ තරම "ආටානාටිය" වැනි සූත්‍ර වලින් පැහැදිලි වෙයි. මහාවංශයේම කියෑවෙන කුවේනියගේ තොරතුරුත් "පඬු අභා" කුමරුන්ගේ තොරතුරුත් විමසන විට පෙනීයන්නේ බුදු සමිඳුන් යකුන් දමා, ගිරි දිවයිනට පලවා හැරි පුවත මුසා බසක්‌ මැ බවයි. ඇරත් එය බුදුහිමි පැවැත්ම පිළිබඳව කළ මිත්‍යා ප්‍රබන්ධයක්‌ බවයි.

මේ දිවයිනේ භූමිපුත්‍රයන් වශයෙන් යක්‍ෂයෝත් නාගයෝත් "විජය" පැමිණෙන විට මෙහි සිටියෝය. ඔවුහු බුදුහිමියන් ගෙන් බණ ඇසූ එතුමා ඇසුරු කළ බෞද්ධයෝම වූහ. එසේ ව තිබියදී බුදුහිමියන් විසින් යක්‌කු පලවා හරින ලදහ යි පැවසූයේ ඇයි? "විජය" කුමාරයාගේ පැමිණීම නමැති සිද්ධියට ඉතා ඉහළ අගයක්‌ දී සිංහල ජාතියේ ආරම්භය එතැනින් ඇරැඹී යෑ යි යන ප්‍රබන්ධයට ඓතිහාසික අගයක්‌ බද්ධකොට ඉන්දීය ඥති සම්බන්ධය නීතිගත කිරීමට යෑ "අසූ කෙළක්‌ නයින් තුන් සරණයෙහිද සීලයෙහිද පිහිටු වූ සේක" (මහාවංශය - පළමුවැනි පරිච්ඡේදය) මේ ලෙසින් ලේඛනගත කළ මහානාම හිsමියන් ඉන් වසර පනහක්‌ ඉක්‌මැ යැමටත් පෙර ලක්‌බිම මිනිසුන් නැති බිමක්‌ කිරීම කවරක්‌හු අදහත් ද?

"හුදීජන පහන් සංවේගය පිණිස" කළ මහාවංශයේ සියලු වෘතාන්ත සිත් බඳනා දහම් කරුණු ලෙසින් දිගු කලක්‌ තිස්‌සේ ජන විඥනය තුළ තැන්පත් වී තිබිණි. යුරෝපීය ජාතීන් තුනක දැඩි බලපෑම් මාලාවකට හසුවී මේ ප්‍රතිඵලයක්‌ ලෙසින් අපේ සියලුම දේ දැඩි වෙනස්‌වීම් වලට භාජන විය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපේ සියලු සමාජ හා ආධ්‍යාත්මික ගැටලුවලට සාර්ථක විසඳුම් ලබා දෙමින් ලොවට හරවත් යම් යම් දේ දායාද කළ ජාතියේ ප්‍රඥාව මෙලැවූ පිරිවෙනින්, පාසලට අධ්‍යාපනය මාරු විය. පිරිවෙන් අධ්‍යාපනයේ නියමුයෝ මහ ථෙරවරුය. එහෙත් නවීන පාසල්, පල්ලිය සෙවනේ බිහිව මිෂනාරි පූජකවරුන් වෙතින් බවුතීස්‌ම ලබා ගුරුන්නාන්සේලා යටතේ නැණ පහන දල්වන ආයතන බවට පත්විය. පාසල්වල උගැන්වූ විෂය මාලාව විවිධ හැල හැප්පීම් ඔස්‌සේ ඇදි ඇදී ආවක්‌ම විය.

දේව ධර්මය යුරෝපීය පාලන බස අනිවාර්ය විෂය මාලාව වූ අතර පසු කාලීනව මවුබස, ගණිතය හා ඉතිහාසය ද පාසල් විෂය මාලාවට එක්‌විය. ඉංග්‍රීසි පාලනයේ මුල් සමයේ සිට ඉතිහාසය උගැන්වීම සඳහා කිසියම් ප්‍රයත්නයක්‌ දරනු දැකිය හැකිය.

1847 කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශයන් අනුව අවලංගු කරන ලද සිංහල පාසල් නැවත පිහිටුවීමට 1847 දී පාසල් කොමිසමට සිදුවිය. මෙම පාසල්වල දේශීය බස ඉගැන්වීම පිළිබඳ ඒකකාර තත්ත්වයක්‌ නොතිබිණි. සමහර පාසල්වල මවුබස පහළ පංතිවලට සීමා කරන ලද අතර සමහර පාසල්වල එය තුන් වැනි හෝ හතරවැනි හෝ පාසල් වර්ෂය දක්‌වා උගන්වන ලදී. සිංහල සහ දෙමළ පෙළ පොත්වල ඇති වූ අඩුව නැති කිරීමට අනුවාදක කමිටුවක්‌ පත් කැරිණි. මේ කමිටුව විසින් පුරාණ ඉතිහාසය නූතන, ඉතිහාසය, ආගමික ඉතිහාසය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඓතිහාසික කියවීම් පොත සහ "ලංකා ඉතිහාසය" යන ග්‍රන්ථ සකස්‌ කරන ලදී.

"ලංකාවේ අධ්‍යාපනය" සියවස ප්‍රකාශනය අධ්‍යාපන සහ සංස්‌කෘතික අමාත්‍යාංශය රජයේ මුද්‍රණාලය - 1969)

ඉංග්‍රීසි ජාතිකයන් මේ රටේ පාලන බලය අල්ලාගත් පසු ඔවුනට අවශ්‍ය පරිදි අධ්‍යාපනික ක්‍රියාවලිය පවත්වාගෙන යැමට විවිධ අවස්‌ථාවලදී නොයෙක්‌ වෙනස්‌කම් සිදු කළ අතර විශේෂයෙන් ලංකා ඉතිහාසය පාසල් විෂය මාලාවට ඇතුළත් කළේ යුරෝපීය ඉතිහාසය එංගලන්ත ඉතිහාසය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඓතිහාසික වෘතාන්ත ආදියට අතිරේකවය.

ලංකා ඉතිහාසය ඉගෙනීමේදී අතිශයින්ම වැදගත් බටහිර ජාතිකයන් තිදෙනෙක්‌ සිහිපත් කළ යුතුය. "H.P.C බෙල්" මහාචාර්ය, "විල්හෙට්‌ ගෛගර්" සහ "H.W. කෝඩ්රින්ටන්", ඒ තිදෙනායි. අපේ ඉතිහාසය හැදැරීමට අතිශයින් වැදගත් පුරා විද්‍යාත්මක පරීක්‍ෂණ හා සංරක්‍ෂණය ආරම්භ කළේ H.P.C" මහතායි. මහාවංශය ඉංගී්‍රසි බසට පරිවර්තනය කොට ලංකා ඉතිහාසයේ හැඩරුව ලොවට විවර කළේ ගෛගර් පඬිතුමාය. ලංකා ඉතිහාසය ඉතිහාස පොතක්‌ ලෙස උගෙනීමට සකස්‌ කළේ කොඩ්රින්ටන් මහතාය. (A Short. History of Ceylon) වංශ කතාවල සඳහන් (එතුමාට) පිළිගත හැකි, කරුණු පමණක්‌ම පාදක කරගනිමින් රචිත මේ ඉතිහාසය ග්‍රන්ථය ලංකා ඉතිහාසයට කළ බලපෑම අතිශයින්ම ප්‍රබල එකක්‌ විය. එතුමාගේ මතය අනුව හැබෑ ලංකා ඉතිහාස ආරම්භ වන්නේ මහින්දාගමනයෙනි. විෂය මාලාව පුළුල් වීමත් උසස්‌ අධ්‍යාපනය සඳහා ලංකා ඉතිහාසය පිළිගත් විෂයයක්‌ වීමත් නිසා මේ පිළිබඳව කෙරෙන සෙවීම් බැලීම් ක්‍රමයෙන් ඉහළ ගියේය. "G.C මෙන්ඩිස්‌" "සෙනරත් පරණවිතාන" ප්‍රමුඛ වියත්හු මේ පිළිබඳව ප්‍රමුඛයෝ වූහ. ලංකා ඉතිහාසය ගැන අධ්‍යයනය කළ හැම පඬිවරයෙක්‌ම පාහේ "කොඩ්රින්ටන්" මහතාගේ ඉතිහාසය දැක්‌ම ඉක්‌මවා යැමට මැළි විය. මහාවංශ කතුවරයා වසාලූ "විජය" ට පෙර යුගය කුමක්‌ දැයි සෙවීමට තබා සිතීමට වත් උනන්දු නොවූ මොවුහු විජය පිළිබඳ තොරතුරට විවිධ අර්ථකතන සැපයූහ.

ලක්‌දිව ජනාවාස වූයේ "ඉන්දියාවෙන් පැමිණි විවිධ ජන කොටස්‌වලින්ය" යන මතයක්‌ මේ පඬිවරු සමාජගත කළහ.

එය වනාහි "මිනිස්‌සු මෙහි නැත්තාහු යන මහාවංශ මුසාවම වෙනත් අයුරකින් අර්ථවත් කිරීමකි. වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත ඉතිහාස ග්‍රන්ථයක ලංකාවේ ජනාවාස ආරම්භ වීම පිළිබඳව දක්‌වා ඇති කරුණු පරීක්‍ෂා කිරීමෙන් මෙය වටහාගත හැකිය.

I. "මෙම පුරාවෘත්තවල ඇති පරස්‌පර විරෝධතා හා මිථ්‍යා තොරතුරු අත්හැර දමා ඒවායේ හරය පරීක්‍ෂා කළ කල්හි මෙරට අවස්‌ථා කීපයකදී ආර්ය ජන සමූහ සංක්‍රමණය වූ බව පැහැදිලි වේ."

II. විජයගේ ගමන ආරම්භ වූයේ වංශ දේශය අසල වූ "ලාල" රටින් යෑයි සඳහන් වන නිසා මේ පුරාවෘත්තය විග්‍රහ කළ උගත්තු භූගෝලීය උපදෙස්‌ ගැන නා නා මත ඉදිරිපත් කර ඇත. එහෙත් සුප්පාරක (නූතන සොපාරා" සහ භාරුකච්ච (නූතන බ්‍රොaච්) යන වරාය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බටහිර වෙරළේය. මේ අනුව ආර්යයන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ සිට ලංකාවට පැමිණි බවට තර්ක කරන විද්වත් පිරිසක්‌ වෙති.

III. උතුරු ඉන්දියාවේ සිට පැමිණි ලක්‍ෂිණා පථයේ කෙළවර පදිංචි වී සිටි ආර්ය ජන සමූහයක්‌ පසුව ලංකාවට සංක්‍රමණය වූ බව මහාචාර්ය රත්වැල්ල නිගමනය කර ඇත.

IV ලංකාව ජනාවාස කිරීම ගැන තොරතුරු සපයන ජනප්‍රවාද වල දැක්‌වෙන අන්දමට බටහිර නැගෙනහිර හා දකුණු ඉන්දියානුවන් මෙරට ජනාවාස කිරීමෙහි ප්‍රමුඛ වූ බව අපි මීට ඉහත දී දුටිමු.

V. මෙරට ජනාවාස කිරීමට ජන සමූහ කීපයක්‌ වරින් වර සංක්‍රමණය වූ බව එයින් හෙළිවෙයි. මෙම සංක්‍රමණය යම් කිසි රජයකින් හෝ සංවිධානයකින් සංවිධානාත්මක ලෙස පිටත් කළ ඒවා නොවේ. ඒ ඒ අවස්‌ථාවල ජනයාට ඇති වූ අවශ්‍යතා නැතහොත් අහම්බෙන් ඇති වූ ගොඩ බැසීම් හේතුකොට ගෙන ලංකාව ජනාවාස වීම සිදුවිය.

VI ස්‌ථිර වශයෙන් පැහැදිලි මූලාශ්‍රවල මෙරට ජනාවාස කළේ උතුරු ඉන්දියාවේ සිට පැමිණි ජනකොටසක්‌ බව දැක්‌වේ.

(ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමුවැනි කොටස අනුරාධපුර යුගය, අනුරාධපුර යුගයේ ජනාවාස ව්‍යාප්තිය, මහාචාර්ය G.V.P සෝමරත්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

"P.E.P. දැරණියගල" මහතා මහාවංශයේ වැට කඩොලු වලින් ඔබ්බෙහි මානව චර්යාව සොයාබැලූ ප්‍රථම විද්වතාය. එතුමා ලංකාවේ ජනාවාස පිළිබඳ වංශකතාව බලංගොඩ මානවයා දක්‌වා අතීතයට ගෙන ගියේය. ඒ හැරුණු විට පුරාණ ලංකාවේ ජීවත් ව ඇති එහෙත් අභාවයට ගිය "නිට්‌ටෑවා" නම් වනචාරී මනුෂ්‍ය කොටසක්‌ ගැන ද තොරතුරු අනාවරණය කළේය.

එතුමාගේ පුත්‍ර "ශිරාන් දැරණියගල" විද්වතා තම පියාගේ පිය සටහන් ඔස්‌සේ ඉදිරියට යමින් කළ පර්යේෂණ රාශියක්‌ ඉතිහාසයේ හා මානව ශිෂ්ටාචාරයේ නව පිවිසුම් මාර්ගයක්‌ විය. "පාහියන්ගල" "බටදොඹ ලෙන්" ආදී ස්‌ථාන රාශියක කළ පර්යේෂණ මේ සඳහා සාක්‍ෂි සපයයි. "විජය" ගැන සඳහන් වකවානුවට පෙර ලක්‌බිමේ විසූ අය යකඩ භාවිතයත් ලේඛනයත් දැන සිටි පිරිසක්‌ බවට සාධක ඉදිරිපත් කළේද විජයගෙන් මෙරට ජනාවාස වීය යන ප්‍රවාදය බිඳ දමමිනි. "රාඡ් සෝමදේව" මහතා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම් කළ විවිධ පර්යේෂණ මානව වංශකථාවට සැපයූවේ නව ආලෝකයකි. "රංචාමඩම", "බූන්දල", "හෝටන් තැන්න", "ඉබ්බන්කටුව" ආදී ස්‌ථානවල කළ විවිධ සොයා බැලීම්වලින් සනාථ වූයේ ලංකාවේ ජනාවාස බිහිවීම, වසර විසිපන් දහසකට වඩා ඈත කාලයකට හිමිකම් කියන බවකි.

ඉහත විද්වතුන් සියල්ලන්ගේ සොයාබැලීම්වලින් පැහැදිලි වන සත්‍යය නම් මහාවංශයෙන් හා ඒ අනුදත් ඉතිහාසඥයන්ගෙන් කියෑවෙන "විජයගෙන්" හෝ දඹදිවින් පැමිණි පිරිස්‌වලින් හෝ මේ රට ජනාවාස වීය යන මතය හුදු ප්‍රබන්ධයක්‌ පමණක්‌ම බවයි. ලක්‌ පොළොවෙහි විවිධ ස්‌ථාන තෝරාගෙන පර්යේෂණ කොට මානව වංශකථාව දුරාතීතයට ගෙන ගිය පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට පෙර අපේ අතීත කථාව විජය සිද්ධියට වඩා පැරැණිය යන මතය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළාහු මහපඬි "කුමාරතුංග මුනිදස්‌" හුය.

අනුරාධපුර යුගයේ ලියෑවුණු ජානකී හරණය සකු බසින් රචිත කාව්‍යයකි. එය කලෝ කුමාරදාස නිරිඳුතුමෝය. "සලමෙවන්" නිරිඳුන් කළ සියබස්‌ ලකර "දාර්ඩීන්ගේ කාව්‍යාදර්ශය" ගුරු තැන්හිලා කළ කෘතියකි. "ජානකී හරණය" යනු සීතා පැහැරගෙන යැමය. එය කළෝ රාවණ නිරිෙ¹aය. ඒ බව සඳහන් වන්නේ රාමායනය සතු වීර කාව්‍යයෙහිය. සකු සාහිත්‍යයත් ඒ හා බැඳුණු පුරාවෘතත් අනුරපුර යුගයේ අය දැන සිටියහ.

කෝට්‌ටේ යුගය වන විට "රාමසීතා" කතා සාමාන්‍ය ජනතාව අතර පවා ප්‍රකටව තිබූ බව ගිරා සන්දේශයේ එන අම්බලමේ කතාවලින් පැහැදිලි වේ.

අයෙක්‌ මිසදිටු ගත්

නොයෙක්‌ කව් නළු රස දත්

පෙර තම තමනු ගත්

රාමසීතා කතා පවසත්

(ගිරා සන්දේශ විවරණය කුමාරතුංග මුනිදාස සංස්‌කරණය 2002 ගොඩගේ ප්‍රකාශන)

තොටගමුවේ සිරි රහල් මාහිමිගේ රාවණ රජුත්, ඔහු පරපුරත් පිළිබඳව ඓතිහාසික තොරතුරු දැනසිටි මහ පඬිවරුවණක්‌ බව එතුමාගේ පහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි වෙයි.

තන් ලෝ තමා නතු කළ රවුළු සොහොයුරු

තුන්කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු

තුන් වේ පසිඳු පුලතිසි කුල මිණ තඹුරු

තුන් විට කම වදු එසුරිඳු පාතඹුරු

(සැලළිහිණි විවරණය - කුමාරතුංග මුනිදස්‌ - දසවැනි පැහැරුවුම - ගුණසේන සමාගම)

"රාමායණය" වීර කාව්‍යයක්‌මැ පමණක්‌ නොවේ. එය හින්දු ආගමික ග්‍රන්ථයකි. බහු දේව වාදයෙන් ඇරැඹි හින්දු ආගමික සංකල්ප "ත්‍රිමූර්තිය" දක්‌වා වර්ධනය වෙද්දී ලෝපාලක "විෂ්ණු" දෙවියන්ට ලැබුණේ ප්‍රමුඛත්වයකි. "රාම" යනු විෂ්ණු දෙවියන්ගේ එක්‌ පහළ වීමෙකි. ඉන්දියානුවෝ කිසි විටෙක "රාම" චරිතය කල්පිතයක්‌ සේ නොගනිති. රාම, ලක්‍ෂ්මන්, සීතා ආදීන් ඉන්දියානුවන් සලකන්නේ එක්‌ යුගයක ජීවත් වු චරිත ලෙසිනි. ඒ චරිත සත්‍ය ඒවා ලෙස සලකන විට "රාවණා" රජු ද ඉබේම සත්‍ය චරිතයක්‌ වෙයි. ඒ නිසා සියලුම භාරතවාසීන් රාමායනය සිදුවීම් සලකන්නේ එක්‌ කලෙක සිදුවූ සිද්ධි දාමයක්‌ වශයෙනි. "රාම රාවණා" යුද්ධය පිළිබඳව භාරතීය උගතුන් අතර මතභේද තිබුණද එය බොරුවක්‌ යෑයි කියන්නෝ නොවෙති.

ලංකාවේ ඈත අතීතයේ ජීවත් වූ ප්‍රතාපවත් "රාවණ" රජුන් පිළිබඳව සවිස්‌තර තොරතුරු ඉන්දියාවෙන් කියෑවෙන විට අපේ වංශකථාකරුවෝ ඒ කිසිවක්‌ නො ඇසූ කන්ව මුනිවත රකිති. "විජය" එනවිට මෙහි මනුෂ්‍ය වාසයක්‌ නැතැයි මුසා බස්‌ ද බෙනෙති. මේ නිසාම ඉන්දීය පුරාවෘත්තවල එන තොරතුරු විමර්ශනය කොට වංශකතාකරුවන් හිතාමතාම වසන් කළ පුවත් සොයා බැලීමට අපේ සමහර පඬිවරු පසුබට නොවූහ. "රාවණ" රජු ඓතිහාසික චරිතයක්‌ ද යන ප්‍රශ්නය නැගෙන්නේ මේ හේතුවෙනි. මහාවංශය වසන් කළ, කොඩ්රින්ටන් වැනි සුදු සිවිල් සේවා නිලධාරීන් උගැන්වූ ඉතිහාසය පිළිගන්නා, හැම විටම පුරා විද්‍යා සාධකම පතන්නා වූ සමහරු "රාවණ" රජුන් ගැන සිතීමටත් මැලිවෙති. ඔවුහු එය එකළොහට ප්‍රතික්‌ෂේප කරති. සකු සාහිත්‍යය මැනෙවින් හදාල කුමාරතුංග මුනිදස්‌ මහ පඬිහු මේ අතීත තොරතුරු විටින් විට ඉස්‌මතු කළහ.

"සිංහල නාමය ඇති වූයේ මෑතකදී ඒ නමට වයස අවුරුදු දෙදහස්‌ හාරසියයක්‌ පමණ වෙයි. හතර අවධියකට අපට නම් හතරක්‌ වූයේය.

දෛත්‍ය නාමය, රාක්‍ෂස නාමය, යක්‍ෂ නාමය, සිංහල නාමය මේ හතරයි. රාක්‍ෂස කාලයේ අපේ "රාවණ" රජතුමන් පමණ බලවතකු කිසිම රටක කිසිම කලෙක සිටි බවෙක්‌ නොපෙනේ. රාක්‍ෂයන්ට භය වූවෝ අපේ හතුරෝ."

(කුමාරතුංග මුනිදාස - ශික්‌ෂාමාර්ගය දෙවැනි පොත 15 අපේ ජාතිය - කුමාරතුංග මුනිදාස කෘති එකතුව - පළමු වෙළුම සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව)

අවුරුදු හාර දහසකට පමණ පෙර මේ ලංකාද්වීපයේ රජතුමෝ "රාවණ" නම් වූහ. දක්‍ෂිණ ජම්බුද්වීපය ඇතුළු මහරට දසයකට අධිරාජ වූ හෙයින් "දශශීර්ෂ" යන විරුද නාමයෙන් ද ඔහු දක්‌නා ලදහ. විරුදනාමයන්ගේ වචනාර්ථයම සැලකූ ඇතැම්හු මෑත භාගයෙහි රාවණයන් සැබැවින්ම හිස්‌ දසයක්‌ ද අත් විස්‌සක්‌ ද ශ්‍රීවා දසයක්‌ ද ඇති ආශ්චර්ය සත්ත්වයකු කොට ගත්හ.

(කුමාරතුංග මුනිදාස - ශික්‌ෂාමාර්ගය - හතරවැනි පොත - 4 රාවණ රජ)

දෛත්‍ය, රාක්‍ෂස සමයෙහි මෙන් යක්‍ෂ සමයෙහි ලංකාව ආඪ්‍ය වූ බවෙක්‌ නොපෙනේ. එහෙත් යක්‍ෂයන් බලවත් වූ බවටද මන්ත්‍රාදී ශාස්‌ත්‍රයෙහි නිපුණ වූ බවටද සැක නැත. ඔවුන් රිසි පරිදි අනූනම පෙනී හෝ නොපෙනී හෝ සිටි බව ඉතිහාසයෙහි සඳහන් වේ. ජම්බුද්වීප වාසීන් ඔවුනට මහත් බයින් විසූ බව එරට පවත්නා "යක්‍ෂ" කථාවන්ගෙන් මොනවට පැහැදිලි වේ.

(කුමාරතුංග මුනිදාස - ශික්‍ෂාමාර්ගය - හතරවැනි පොත - 8 තුන් නින්දාව)

රාවණ චරිතය ගැන කරුණු හැදැරීමට ඇති එකම ප්‍රබලම මූලාශ්‍රය රාමායණයයි. ඒ හැරුණු විට මහායාන ග්‍රන්ථයක්‌ වූ ලංකාවතාර සූත්‍රයේ ද යම් යම් තොරතුරු ඇතුළත්ය.


රාමායණය ඇසුරින් විවිධ පත පොත ලියූ ඉන්දීය පඬිවරුන්ගේ ලේඛනද දැන් දැන් පරිහරණය කරන බවක්‌ පෙනේ. රාවණ චරිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අපේ උගතුන් ඉදිරිපත් කරන්නේ පර්යේෂණාත්මක තාර්කික කරුණු වලට වඩා තමා ප්‍රිය කරන චරිතයට හා දෙයට අර්ථකතන සැපයීමය. මේ නිසා ඉදිරිපත් කරන කරුණු වල විශ්වාසනීය භාවයේ අගය අඩු වී ඇති බවක්‌ පෙනේ. රාවණ පරපුර ආරම්භ වූ අන්දම දක්‌වන්නේ මෙසේය. "මහා බ්‍රහ්මයාගේ" පුත් පුලස්‌ති රාවණ පරපුරේ ආදි පුරුෂයාය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිවු දෙනෙක්‌ සමග විවාහ වී ඇත. තෙවැනි බිරිය වූ "කෙකසී" (කේසනී) රාවණ, කුම්භකර්ණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය.

(දිවයින බදාදා අතිරේකය - 2011 -08- 03 ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය - මිරැන්ඩෝ අබේසේකර )

මේ පැහැදිලි කිරීම අනුව "රාවණ" මහා බ්‍රහ්මයාගෙන් ඇරැඹි පරපුරේ කෙනෙකි. එනම් ඉන්දියානුවෙකි. රාමායනයේ මේ පරම්පරා කථාව ඇතැම්හු පිළි නොගනිති. "රාවණ"යින්ගේ මෑණියන් වූ "කේසනී" අයත් වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවැතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ."

(දිවයින බදාදා අතිරේකය 2011-08-03 මිරැන්ඩෝ අබේසේකර)

සකු සාහිත්‍යයේ සඳහන් මේ තොරතුරු පිළිගන්නා අපේ පඬිවරු විටෙක රාවණ යකෙකු ලෙසත් තවත් විටෙක රකුසෙකු ලෙසත් දකිති. එසේම මහා බ්‍රහ්මයාගෙන් පැවත එනවාය යන පෙළපත් පුරාවෘත්තයද අදහති. "රාවණ" ලක්‌බිමෙහි සම්භවයක්‌ ඇත්තෙකු නම් ඔහු රකුසෙකු හෝ යකෙකු හෝ විය යුතුය. එවිට මහාබ්‍රහ්මයාගේ පෙළපත හා නොබැඳේ. "ශ්‍රී ලංකා රාවණ රජතුමාගේ රාක්‍ෂස රාජධානිය රාමායන කර්තෘ "වාල්මිකී" මුනිවරයාගේ හෝ වෙනයම් කවියකුගේ මනඃකල්පිත නගරයක්‌ නොවේ. (ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - නාගොඩ ආරියදාස සෙනෙවිරත්න - 7 අදියර 2010 කෘතිය මුද්‍රණය)

රාවණ සහ කුවෙර එකම පියෙකුට දාව (විශ්‍රවස්‌ට) මවුවරුන් දෙදෙනකු බිහිකළ සහෝදරයෝය. එහිදී රාවණ රකුසෙකු ලෙසත් කුවෙර යකෙකු ලෙසත් හැඳින්වීම සැබැවින්ම ගැටලු සහිතය. "කුවෙර" "වෛශ්‍රවණ", වෙසමුණි", "වෙසවන", යම යන නම් වලින් ද හැඳින්වේ. "ආටානාටිය" සූත්‍රයේ ද වෛශ්‍රවණ ගැන මනහර විස්‌තරයක්‌ එයි. එහි සඳහන් පරිදි හේ උතුරු දෙසට අධිපති වරම් දෙවි රජුය."

මේ පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ මහතා මෙබඳු අදහසක්‌ දරයි. "රාවණ" "විභීෂණ" ගේ සොහොයුරකු බවත් "රාවණ" විසින් සොහොයුරු "කුවේර" සිහසුනෙන් පහකරන ලද බවත් යට කියන ලදී. එසේ හෙයින් "යක්‍ෂයෙක්‌" වන "විභීෂණ" කුවේර රාක්‍ෂයෙක්‌ වන්නාසේම රාක්‍ෂයකු වූ රාවණා ද යක්‍ෂයෙක්‌ වේ. (සිංහලයන්ගේ මූලාරම්භය ආචාර්ය ඒ. එච්. මිරැන්ඩෝ ප්‍රථම මුද්‍රණය - 1993 ගුණසේන සමාගම)

මේ විග්‍රහයෙන් පැහැදිලි වන්නේ අපේ පඬිවරුන් "යක්‍ෂ - රාක්‍ෂ" යන වර්ගීකරණය පිළිබඳව නිරවුල් පැහැදිලි අවබෝධයක්‌ නොමැති බවකි. යක්‍ෂ හා රාක්‍ෂ - තනතුරු නාමයක්‌ ද මානව ග්‍රෝතයක්‌ ද නොවේ නම් ජෛව වර්ගීකරණයක්‌ ද යන්න සොයා බැලී නම් අගනේ ය. එසේ නොකරමින් පැරැණි වර්ගීකරණ නාමයක්‌ එසේම ග්‍රහණයට ගැනීම ශාස්‌ත්‍රීය කටයුත්තක්‌ නොවේ.

කාණ්‌ඩ හතකට බෙදා ශ්ලෝක 24,000 කින් ලියෑවී ඇති රාමායනය ක්‍රි. පූ. 3 වැනි සියවස වන විට සම්පූර්ණ වී තිබෙන්නට ඇතැයි නිශ්චය කෙරේ. (සංස්‌කෘත සාහිත්‍ය - ඨගීගඊග සේනානායක, ස්‌විතීය මුද්‍රණය 1960 ඵෘ. ගුණසේන සමාගම)

මේ යුගය වන විට හින්දු ආගමික සංකල්ප ඉතාම ශක්‌තිමත් වී "බ්‍රහ්ම විශ්ණු මහේෂ්වර" යන දේව ත්‍රිත්වයේ ප්‍රමුඛත්වය තහවුරු වී තිබුණි. එසේ නම් රාවණ පරපුර හා බැඳුණු තොරතුරු කාලීන වශයෙන් මෙය හා සම විය යුතුය. එහෙත් "රාවණ"රජුන් විසූ යුගය ලෙසින් ගැනෙන්නේ මීට වඩා වසර දෙදහසක්‌ තරම් ඈත යුගයකි. ඒ නිසා රාවණා රජුන් විසූයේ කවර කලෙක දැයි යන්න පවා නිරවුල්ව පැහැදිලි කරගත් බවක්‌ නොපෙනේ.

"රාවණ" පොළොන්නරුව (පුලත්නුවර) තම නමින් නම්කළ පුලතිසි (පුලස්‌ති) මහ රජුගේ මුණුපුරාද විස්‌වස්‌ (විස්‌රවස්‌) (ක්‍රි. පෙ. 2616-2556) රජුගේ හා නිකසාවගේ දෙටු පුත් කුමරාද වෙයි. (අරුන නිරුත අරිසෙන් අහුබුදු 2000 මුද්‍රණය සදීපා ප්‍රකාශන)

අරිසෙන් අහුබුදු සූරීන් රාවණා රජුන් විසූ යුගය දක්‌වන්නේ එසේය.

ක්‍රි. පූ. 1500 ට ආසන්න වකවානුවකදී ආර්යයන් ඉන්දියාවට පිවිසියේ කණ්‌ඩායම් වශයෙනි. (ඉන්දියාවේ ඉතිහාසය - ඈත අතීතයේ සිට ක්‍රි. ව. 1206 දක්‌වා අධ්‍යාපන ප්‍රකාශන දෙ. දෙවැනි මුද්‍රණය 2007)

අහුබුදු සූරීන්ගේ කාලනිර්මාණය පිළිගන්නේ නම් රාවණ රජුන් විසුවේ ආර්යයන් භාරතයට පැමිණීමට බොහෝ කලකට පෙරය.

රාවණ රජු ලංකා පුරයෙහි සිටියේ තුන්වැනි බුදු රදුන් වන "කාශ්‍යප" බුද්ධ කාලයේ බවට මෙයින් ඉගියක්‌ ලැබේ. (ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - නාගොඩ ආරියදාස සෙනෙවිරත්න 2010 සමයවර්ධන මුද්‍රණය)

මේ අතර මහායාන ග්‍රන්ථයක්‌ වූ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණ රජුන් ගැනද සමහරු අවධානය යොමු කරති. සිවු හෙලය සිංහල වීයෑයි අදහන පඬිවරු සිව්හෙළය බෙදා දක්‌වන්නේද විවිධ අයුරිනි. නා කුලයේ හෙළයෝ ය. යක්‌ කුලයේ හෙළයෝයෑ, රකුස්‌ කුලයේ හෙළයෝයෑ අසුරු කුලයේ හෙළයෝය, යන මේ සිව් කුලයේ හෙළ ජනතාව දැයක්‌ වශයෙන් පෙනී සිටිනා විට ඔවුන් සිව් හෙළ යන නමින් එදා ලෙවියෝ හැදින්වූහ. (රුවන් පබැඳ - අලවුඉසිසැබිහෙළ - 1961 - ගුණසේන සමාගම)

අරිසෙන් අහුබුදු සූරීන්ද මේ සිංහල විග්‍රහය හා අර්ථකතනය පිළිගනී.

සූරිය ගුණසේකර සූරීහු "අසුර" යනු හෙළ ජාතියේ සාමූහික නාමය ලෙස දක්‌වති. ඔහු යක්‌, යකුස්‌, නා, දේව යන සතර කොටස අසුර යන නමින් එක්‌සත්ත්ව විසූ බව විශ්වාස කරති. (රිවිර - 2007 අප්‍රේaල් 22) මහාවංශයේද බුදුන් දවස ලක්‌දිව විසූ "දේව" නම් ජනකොටසක්‌ ගැන සඳහන් කරයි. "යක්‌, රකුස්‌, නා, අසුර යන සිව් හෙළයන් එකතුවී සිsංහල ජාතිය සැදුණු බව ඇතැමුහු පවසතුදු එය සාවද්‍යය. අසුර යනු හෙළ අධිරාජ්‍යයේ නමයි. (සූරිය ගුණසේකර -ලංකා ඉතිහාසයේ හෙළ යුගය) අසුරයින් යෑයි මා ප්‍රකාශ කළේ ඉරානයේ වාසය කළ ඇසිරියන්වරුන්ටය. ඔවුන්ගේ ජාතික සලකුණ සිංහයා. ඉරානයේ වාසය කළ අසුරයන් උතුරු ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ඔවුන් පසු කලෙක උතුරු ඉන්දියානුවන් සමග මිශ්‍ර වූහ. (ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර කුලසාධනය විෂබීජයකි. දිවයින බදාදා අතිරේකය 2011 ජුනි 29)"

නාගොඩ ආරියදාස සෙනෙවිරත්න මහතා රාවණ පරපුර කතරගම "ධමරජ" පෙළපතට සම්බන්ධ කර දක්‌වන අතර ආරම්භකයා ලෙස දක්‌වන්නේ ස්‌වයංභූ නාරායනයි. "රාවණ" රජුන් ලියූ ග්‍රන්ථ රාශියක්‌ ගැන තොරතුරු දක්‌වන ඒ මහතා රාවණ රජුන් සිව බැතිමතෙක්‌ බවත් "ශිව භාණ්‌ඩ ස්‌තෝත්‍ර" නම් සකු නිර්මාණය එතුමාගේ බවත් පවසයි. මේ කරුණු වල විශාල පරස්‌පරතා ඇත. රාවණ ජීවත් වූ යුගය, සකු රචනා බිහිවූ කාලය රාවණ රජු භාවිත භාෂාව ගැන අළුතෙන් සොයා බැලිය යුතුය. "රාවණ" රජුන් ගැන රාමායනයේ සඳහන් තොරතුරු වලට අර්ථකථන සපයනවා වෙනුවට ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ සඳහා යොමු වන්නේ නම් මැනවි.

රාවණ යුගය, පිළිබඳ නව සොයා බැලීමක්‌ තුළින් නැවත රාවණ රජුන් සොයා යැම වඩා ශාස්‌ත්‍රීය වන්නේය.


Wednesday, January 4, 2012

ලොව මුල් ම ශබ්දකෝෂය හෙළයන්ගෙන්

2


රන්දිව පුවත්පතෙන්

උමා ඡ්‍යොතිෂය

0


උමා ඡ්‍යොතිෂය

උමා ඡ්‍යෝතිෂවේදී හෙක්ටර් පද්මසිරි 

උමා ඡ්‍යෝතිෂය යනු සූර්යයා කේන්ද්‍රකරගෙන පෘථිවිය හා සඳ ඇසුරෙන් අහස විමසීමයි. මේ ක්‍රමය රාවණා රජුගේ කාලයේ ලියැවුණු වේද අංග අතරින් අතර්වන්වේදයේ සඳහන් ක්‍රමයක් ලෙස සැලකේ.
පුලස්ති නම් වූ ඍෂිවරයා විසින් සංග්‍රහ කරන ලද අතර්වන්වේදයේ ඇති මේ ශාස්ත්‍රය රාම රාවණ යුද සමයේ විනාශ වී යා නොදී නිදන් කර පසුකාලීනව ධ් විජයබාහු රජුගේ කාලයේ යළි සොයාගෙන ඇති බව විශ්වාසයයි. ඉන්පසු දිගින් දිගටම අතිනත පැමිණි උමා ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් හෙළදිව ප්‍රකට කරන ලද බව සඳහන් වේ. 

මෙමඟින් අපට සුපුරුදු කොටු දොළසේ කේන්ද්‍ර සටහන වෙනුවට අට දිශාවට අයත් කොටු අටක් ඇසුරු කරගනිමින් ඒවායේ ග්‍රහ පිහිටීම් හා එහි ශක්තීන් අනුව අනාවැකි ඵල කිරීමට උමා ඡ්‍යෝතිෂවේදීන්ට හැකියාව ලැබී ඇත.
මේ ක්‍රමයේදී යම් වසරක ජනවාරි 01 දා වසරේ මුල් දිනය ලෙස සැලකීම නිවැරදි යැයි ගත නොහැකි වුවත් එදින හිරු උදාවන මොහොතේ ශ්‍රී ලංකාද්වීපයට ඉහළින් උදාවන ග්‍රහ පිහිටීම් හා එම ග්‍රහ බලය අට දිශාවට බලපාන ආකාරය පදනම් කරගෙන ඉදිරි කාල පරිච්ඡේදය පිළිබඳ යම් අදහසක් ගොනු කර ගැනීමට හැකියාව තිබේ.
අද (ජනවාරි 1 වැනිදා) හිරු උදාවන විට සාමාන්‍ය ඡ්‍යෝතිෂය අනුව ඉහළ අහසේ උදාවන්නේ ධනු රාශියයි. එහෙත් උමා ඡ්‍යෝතිෂයට අයත් සුවිශේෂි නියමයන් සලකන කල එසේ උදා වන්නේ මිථුන රාශියයි. එබැවින් මිථුන ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙන්ම උමා කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම් මෙසේ දැක්විය හැකිය.

සාමාන්‍ය ඡ්‍යෝතිෂයේදී පුද්ගලයකු උපන් වේලාව අනුව අයත් වන රාශිය සොයන්නා සේම, උමා ඡ්‍යෝතිෂයට අනුව පුද්ගලයා අයත් යෝනිය හෙවත් ශක්තිය ජනිතවන දිශාව සොයා ගත හැකිය. ඒ සඳහා ක්‍රම කිහිපයක් ඇතත් සරල හා පහසුම ක්‍රමය වන්නේ උපන් දිනය ඇසුරෙන් එය සකසා ගැනීමයි. එසේම පුද්ගලයකුගේ සම්පූර්ණ නම අනුව ද තමන් අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය ගණනය කළ හැකිය.
නමේ මුලකුර අනුව කෙරෙන ගණනය සැලකූ කල ශ්‍රී ලංකාව එසේ නැතහොත් සිංහල ප්‍රමුඛ ජාතිය ලෙස ගැනෙන රට සඳහා යෙදෙන මුලකුර “ස” ආශි‍්‍රතව එයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලග්නය සාමාන්‍ය ඡ්‍යොතිෂයේදී කුම්භ ලග්නය ලෙස සලකන්නා සේ උමා ඡ්‍යෝතිෂයට අනුව මුව යෝනියට අයත් ලෙස ගත හැකිය.
රවි කේÁද්‍රගත කොටගෙන දක්වා ඇති අට දිශාව යෙදූ උමා කේÁද්‍ර සටහනේ පරිදි ජනවාරි පළමුවැනිදා උදාවන විට නැගෙනහිර දිශාවට රාහු සහ බුධ ද දකුණු දිශාවේ ගුරු ද නිරිත දිශාවේ ශනි සහ සිකුරු ද බටහිර දිශාවේ කේතු ද උතුරු දිශාවේ කුජ රවි සහ චන්ද්‍රයා ද අදාළ අංශක අනුව පිහිටයි.
එමෙන්ම මිථුන ලග්න හිමි කේÁද්‍ර සටහනේ තුන්වැන්නේ කුජ, පස්වැන්නේ ශනි, හය වැන්නේ රාහු සහ බුධ, හත් වැන්නේ රවි, අටවැන්නේ සිකුරු දසවැන්නේ චන්ද්‍ර එකොළොස් වැන්නේ ගුරු සහ දොළොස්වැන්නේ කේතු පිහිටා ඇත.

මේ කුමන ක්‍රමයකින් ගෙන බැලුව ද මේ මස අග භාගය වන විට දිවයින පුරා වැඩවර්ජන, නොසැලකිලිමත්කම නිසා ඇතිවන ව්‍යාකූලතා ආදියට හේතු වේ. සය වැන්න වන වෘශ්චික රාශියේ බුධ ග්‍රහයා රාහු සමඟ සංයෝග වීම ප්‍රඥාව මොට කිරීමේ ලකුණු පෙන්නුම් කරයි. අනුවණ තීරණ ගැනීමෙන් කටයුතු පටලවා ගැනීමට ඉඩ කඩ පවතී. එහෙත් සෙනසුරු උච්ච බලයෙන් සිටීම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට මං පෙත් විවර වේ.
උමා ඡ්‍යෝතිෂ සටහන අනුව ලංකාවට හිමි නැකැතේ අධිපති රාහු තම විරුද්ධකාරක සූර්යයාට හිමි නැඟෙනහිර දිශාවේ පිහිටන බැවින් සමස්තයක් ලෙස වසරේ ඉදිරි ගමන බාධක කම්කටොලු මැදින්ගලා යාමට හේතු මතුවේ.
කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන අඟහරු විරුද්ධ කාරකව සිටින බැවින් කම්කරු ගැටලු ආදිය ඇති වීමට ද කරුණු යෙදිය හැකිය. ධාර්මික බවත් තාර්කිත බවත් නියෝජනය කරන බුධ, රාහු සමග සංයෝග වීම ජනතාව නිවැරදි දැක්මකින් තොරව කටයුතු කිරීමටත් තාර්කික බවින් තොරව හැසිරීමටත් පොළඹවයි. එනිසා නිවැරදි තීරණ තීන්දු ගැනීමට යුහුසුලු විය යුතුය.

ක්‍රීඩාවට හිතකර බුධ හා අඟහරු සතුරු දිශාවලට ගමන් කිරීමෙන් එම ක්‍ෂේත්‍රයේ විවිධ ගැටලු පරාජයන් විඳ දරාගෙන අනාගත ජය වෙනුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවන කාලයක් ලෙස ඉදිරි වසර හැඳින්විය හැකිය.

මිථුන ලග්න උදාව සලකන කල රාජ්‍ය අංශයේ සතුරන් දැක්වෙන්නේ 3 වැන්නේය. එහි අධිපති රවි රාජ්‍ය පාලන ස්ථානය වන 7 වැන්නේ පිහිටීම නිසා සතුරන් හිස එසවීමට පවා ඉඩ ඇති බැවින් රජය මෙන් ම ජනතාව ද ඉතා විමැසිලිමත්ව හා බුද්ධිමත්ව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයක් ලෙස හඳුනා ගත හැකිය.
මේ සියලු බාධක පෙන්නුම් කළ ද ගුරු 11 වැන්නේ හෙවත් මේෂ රාශියේ පිහිටීම ඒ සියලු දෝෂ භංග කිරීමට යෙදුණු ආශීර්වාදයක් වැන්න. ඉහත කී කුමන බාධකයක් වුව අදෘශ්‍යමාන බලවේගයකින් මෙන් සමනය කිරීමට ගුරුගේ බලපෑම හේතුවෙයි.

කෘෂිකර්මයට අධිපති සෙනසුරු හා පොළොවට අධිපති අඟහරු උමා ඡ්‍යෝතිෂ සටහනේ දිවියාගේ කොටුවට පැමිණ ඇති බැවින් කුමන බාධක මැද වුවද එම අංශයේ වර්ධනයක් හා ජයක් හිමිවනු ඇත.

සිකුරු අටවැන්නේ පිහිටීම කලා ක්‍ෂේත්‍රයට හා කලාකරුවන්ට යම් යම් බාධාකාරී ස්වභාවයක් ලෙස පෙන්නුම් කළ ද, උමා ඡ්‍යෝතිෂ සටහනට අනුව සිකුරු ග්‍රහයා තැන්පත්ව ඇත්තේ සුබ දිශාවක බැවින් සාහිත්‍ය කලා අංශයේ දියුණුවට කටයුතු ද සලස්වයි.

සිකුරු සුබ දිශාගතවීම සමස්තයක් ලෙස රටේ කාන්තාවන්ගේ පිබිදීමකට ද හේතු විය හැකිය. එසේම ගිනිකොන දිශාධිපති සිකුරු නිරිත දිශාවේ මිත්‍රව පිහිටීම 2012 වර්ෂයේදී වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යන පිහිටීමකි.

ගුරු තමන්ට සුබ දිශාවේ තැන්පත් වීම නිසා විදේශ සබඳතා ආදියටත් ආයෝජනයටත් යහපත් වනු ඇත. විශේෂයෙන් වසරේ මැයි මාසය වන විට එම අංශවල විශේෂ ප්‍රගතියක් දකින්නට හැකිවේ.
සමස්තයක් ලෙස රටට මෙවැනි ප්‍රතිඵල උදා කළ ද ඒ ඒ පුද්ගලයා අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය අනුව පෞද්ගලික පලාපල වෙනස් වනු ඇත. උමා ඡ්‍යෝතිෂයට අනුව තමන් අයත්වන යෝනිය උපන් දිනය ඇසුරින් සොයා ගැනීමේ ක්‍රමය වන්නේ තමන් උපන් වසර, මාසය හා දිනය එක පෙළට ලිවීමයි. නිදසුනක් ලෙස 1980 ජූලි 08 වැනිදා උපන් අයකු නම් 198078 ලෙස ලිවිය යුතුය. එහිදී මාසය හා දිනය තනි අංකයක් නම් ඉදිරියෙන් ඇති බින්දුව සඳහන් නොකළ යුතු අතර ඉලක්කම් දෙකක අගයක් සඳහා බින්දුව යෙදේ නම් එය එලෙසම යෙදිය යුතුය. උදා 1950
ඔක්තෝබර් 20 නම් 19501020 ආදි වශයෙනි.

පළමු වැනි නිදසුනේ මෙන් උපන් දිනය එකපෙළට ලියාගත් පසු ලැබෙන ඉලක්කම අටෙන් බෙදිය යුතුය. 198078/8 = මෙහිදී ඉතිරි වන්නේ 6 කි. එය අයත් වන්නේ මීයාටය.

ඉහත නිදසුනේ මෙන් අදාළ අංකය අටෙන් බෙදූ විට ඉතිරි වන අංකය අනුව තමන් අයත් වන යෝනිය හා තමන්ට වඩාත් ගැලපෙන දිශාව, ග්‍රහයා ආදිය පහත දැක්වේ. අදාල ඉලක්කම 8 න් බෙදූ විට ඉතිරි නොවේ නම් එය අයත් වන්නේ ද මුවාටය.
මෙහි සැමවිටම මුහුණට මුහුණ ලා සිටින දිශාව ද ඊට අධිපති සත්ත්වයන් දෙදෙනා ද සතුරුය. (උදා:- නැඟෙනහිරට ගුරුළා සහ බටහිරට නයා ආදී වශයෙනි.)
මෙය ඉතාම සරල ක්‍රමය වන අතර තමන්ගේ ග්‍රහ පිහිටීම් අනුව හා සම්පූර්ණ නම ආදී බොහෝ කරුණු වටා ඒ ඒ පුද්ගලයාට ඉදිරි වසරේ පලාපල වෙනස් විය හැකි වුවත් පොදුවේ ගත් කල 2012 වසර මුවාට සහ බළලාට වඩා යහපත් වසරක් වනු ඇත. සිංහයා, ගුරුළා සහ ඇතා යන යෝනිවලට අයත් අය තරමක් පරෙස්සම් විය යුතු අතර අනෙක් අයට මිශ්‍රඵල ලැබේ.

යම් හෙයකින් තමන්ට ඉදිරි කාලය පිළිබඳ සංකාවක් මතුවේ නම් තම තමන්ගේ ආගමානුකූලව හැසිරෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමෙන් ඒවා අවම කර ගත හැකි අතර උමා ඡ්‍යොතිෂයට අනුව තමන්ට අයත් දිශාවෙන් එන කිරණ වර්ධනය කර ගැනීමත් අයහපත් කිරණ එල්ලවීම පාලනය කිරීමත් මගින් අපලකාරී තත්ත්වය දුරු කර ගැනීමට හැකි වනු ඇත.

2012 තමන්ට යම් අසුබ ලකුණු පෙන්වන බව දැනේ නම් තමන්ට අයත් සත්ත්ව නාමය සොයාගෙන පහත පරිදි කටයුතු කර තමන්ට අවශ්‍ය එක් කාරණයක් පිළිබඳ පමණක් තදින් ප්‍රාර්ථනා කරන්න. සියලු අපල මඟහැරී එය ජය ගත හැකිවනු ඇත.

2012 ජනවාරි 8 වැනි ඉරිදා
ගුරුළා නම් පෙරවරු 6.15 ට සුදුමල් 21 ක් සහ ගිතෙල් පහනක් නැඟෙනහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
බළලා නම් පෙරවරු 7.21 ට සුදුමල් 32 ක් සහ ගිතෙල් පහනක් ගිනිකොණ දිශාව බලා ලක්‍ෂ්මි දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
සිංහයා නම් පෙරවරු 8.27 ට රතුමල් 47 ක් සහ තලතෙල් පහනක් දකුණු දිශාවට තබා කතරගම දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
දිවියා නම් පෙරවරු 9.27 ට නිල්මල් 21 ක් සහ තලතෙල් පහනක් නිරිත දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
නයා නම් පෙරවරු 10.29 ට නිල්මල් 41 ක් සහ තලතෙල් පහනක් බටහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මීයා නම් පෙරවරු 11.21 ට සුදුමල් 21 ක් සහ තලතෙල් පහනක් වයඹ දිශාවට තබා දුර්ගා මාතාවට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
ඇතා නම් පස්වරු 3.43 ට නිල්මල් 25 ක් සහ ගිතෙල් පහනක් උතුරු දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මුවා නම් පස්වරු 6.00 ට කහමල් 45 ක් සහ ගිතෙල් පහනක් ඊශාන දිශාවට තබා ශක්‍ර දෙවියන්ට පූජාකර ප්‍රාර්ථනා කරන්න.

එසේම ධර්මානුකූල හැසිරීමෙන්, තමන් ස්වයං පාලනයකින් සිත මෙහෙයවා ගැනීම, භාවනා කිරීම, මමත්වය දුරු කරමින් කටයුතු කිරීමෙන් හා යහපත් ආකල්ප සිතෙහි වර්ධනය කිරීමෙන් බොහෝ අහිතකර කිරණ තමා වෙත ඒම පාලනය කර ගත හැකිය. සතියේ දිනවල යෙදෙන ආගමික කටයුතුවලට අමතරව අඟහරුවාදා දිනවල වැඩි වශයෙන් ආගමික, ධාර්මික කටයුතුවල යෙදීම ද වසර පුරා ඔබට සෙත සහනය උදා කර අපල දුරු කරනු ඇත. ඔබට යහපතක්ම වේවා!

ඡායාරූපය
සුදම් ගුණසිංහ 


රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?

2
රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?

”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.

උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක්  ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.

කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.
උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.

අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි  තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.

කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.

එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු  බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග ප‍්‍රකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි.

පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.

ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)

භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.

උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.

රතු පස්  නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.

ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරුණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයන් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් අවංක විය යුතුය.
අනාගත පරපුර උදෙසා කළමැටිය අභය භූමියේ සුප‍්‍රකට උස්සන්ගොඩ දෝතින් තිළිණ කළ හැකි වන්නේ එවිටය.


ශාක නොවැවෙන රතු පස් කුට්ටියක්

උස්සන්ගොඩ තැනිතලාව
 


උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/4384

අදත් හඳුනාගත නොහැකි රාවණ රජුගේ සටන් කලාව

2
ආචාර්ය සූරිය ගුණසේකරයන් නවතම ලිපිපෙළ රිවිර පුවත්පත 5

උපුටා ගැනීම - http://www.rivira.lk/edition/rivi-dahara/215-rnl-fapl-fa-yj-yc-fp-yz


..