-->

Saturday, January 21, 2012

අභිරහස් උස්සන්ගොඩ

3

අභිරහස් උස්සන්ගොඩ - උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අම්බලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.

කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය.

 




තරමක් හෝටන් තැන්නට සමාන ලක්ෂන පෙන්නුම් කරන මෙම ප්‍රදේශයේ මෙවැනි ලක්ෂන පෙන්නුම් කිරීම පිලිබද මතවාද කීපයක් ඇත.එකක් තමයි මීට වසර මිලියන 15 කට පමන පෙර උල්කාපාතයක් මෙම ප්‍රදේශයට කඩා වැටුණු බවත් එම නිසා පසේ පැහැය වෙනස් වීම හා විකෘති භුවිශමතාවය හා අධික විකිරණශීලී තාවයක් හටගත්බවද....
අනෙක් කරැණ නම් රාම රාවණා යුද්ධයේ එක් අවස්ථාවක් සිදුවූ ස්ථානයක් බවත් එහිදී භාවිතාකල න්‍යෂ්ඨික බෝම්බයක් වැනි යමක පිපිරීම හා එමගින් නිකුත් වූ අධික ශක්තිය හා උෂ්නත්වය හේතුවෙන් ඉහත කී ලෙස පසේ පැහැය වෙනස් වීම හා විකෘති භුවිශමතාවය හා අධික විකිරණශීලී තාවයක් හටගත්බව කියවේ.තවද අතීතයේ දී රාවණ රජුගේ දඬු මොණරය නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි.




උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය.අදටත් මෙම ප්‍රද්ශය තුල ශාක නොවැඩේ.......

 

ඡායාරෑප උපුටාගැනීම-http://www.elakiri.com/forum/showthread.php?t=1278780
 

3 Response to අභිරහස් උස්සන්ගොඩ

January 21, 2012 at 9:59 AM

බලන්න යන්න හිතන් ඉන්න ස්ථාන අතරින් වැදගත්ම තැනක තියෙන තැනක්..කරුණාකර තව තොරතුරු..චායාරූප හා ගමන් විස්තර ආදියත් ලබා දෙන්නේ නම් මැනවි...

January 21, 2012 at 8:40 PM

මමත් මාරයියා සමග එකඟ වෙමි....මාර්ග විස්තර පොඩ්ඩක් කියනවද?

December 18, 2013 at 9:29 PM

research ekak kranna kiyapu thena :D

Post a Comment

අදහස් සහ උදහස්