-->

Wednesday, January 26, 2011

ඉර හඳ නැඟි රට

2
ඉර හඳ නැඟි රට
 
 

රාම දෙවියෙකු වූ හැටි

0

Saturday, January 22, 2011

සීතා දේවිය

0

සීතා දේවිය

රාවණ රජු, අශෝක වනයෙහි වූ ගල් ගුහාවක සීතා දේවිය සඟවා තැබූ බව කියැවේ. දින ගණනාවකින් හිරු එළිය නොවැදීම නිසා ඇයට ඇස් රෝගයක් වැලඳුන අතර අනතුරුව හිරු එළිය නෑම සඳහා අශෝක වනයේ එළිමහන් ස්ථානයකට ඇය ගෙන එනු ලැබිණ. එළිමහන පසු කළ “සීතාඑළිය” නමින් ව්‍යවහාර වන්නට විය. සීතාඑළිය නුවරඑළිය නගයේ සිට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි ගොවි ගම්මානයකි. සීතාඑළිය ග්‍රාමයේ සීතා අම්මාන් කෝවිල ඉදිකර ඇත්තේ සීතා දේවිය හිරු එළිය නෑ එළිමහන් ස්ථානයේ බව ජනප්‍රවාද ගත සිද්ධියකි.

අශෝක වනයෙහි සඟවා සිටි කාලය තුළ සීතා දේවිය, රාවණා රජුගේ ආගන්තුක සත්කාර කිසිවක් නොපිළි ගත් බව ද පිළිගැන්වූ ආහාර පවා ප්‍රතික්ෂේප කරමින් ශෝකාතුර ව නිරාහාරව විසූ බව ද පැවසේ. කෝප වී සිටි ඇය වරක් ආහාර සඳහා පිළිගැන්වූ කිරිබත් දස - දෙස විසි කළ බව කියැවේ. 

මේවා නුවරඑළිය පමණක් නො ව වලපනේ, කොත්මලේ ආදී ප්‍රදේශවලට පවා විසි වුණේ යැ යි ද, ඒවා පාෂාණිභූත ව කුඩා ගුලි වශයෙන් අද ද පොළව තුළින් මතු වන්නේ යැ යිද, ඒවා තැලූ විට එකට ගුලි වී තද ව බත් ඇට කැඩී විසිරෙන්නේ යැ යි ද පැවසේ. ගැමියන් මේවා ‘සීතා ගුලි’ හා ‘සීතා කැට’ යනුවෙන් නම් කොට සිය නිවෙස්වල සුරක්ෂිත ව තබාගෙන ඇත. උග්‍ර බඩේ අමාරුවක් වැලඳුන අවස්ථාවන්හි දී සීතා ගුලියක් ගලගා බොන්නට දීමෙන් එම අසනීපය වහා සුව වන බව ගැමි විශ්වාසය යි.

සීතා දේවිය අශෝක වනයේ සඟවා තැබූ රාවණා රජු කොත්මලේ ප්‍රදෙශයේ දැනට ‘රාවණාගොඩ’ නමින් හැඳින්වෙන ග්‍රාමයේ සැඟවී සිටි බව ද, සීතා දේවිය සොයා එන්නවුන් මංමුලා කරවීම සඳහා ඔහු විසින් විවිධ උපක්‍රම යොදන බව ද පැවසේ. ‘මඟමරු වැල්’ නැමැති ඖෂධය ඔහු විසින් නුවරඑළිය ප්‍රදේශයේ වගා කරවන ලද්දේ සීතා දේවිය සොයා පැමිණෙන අයට එම බෙහෙත් ඖෂධය පෑගෙන්නට සැලැස්වීමට බව ද, මඟමැරු වැල් පෑගුණ අය මංමුලාවන බව ද පැවසේ. පුරාණයේ මඟමැරූ වැල් බෝපත්තලාව ප්‍රදේශයේ බෙහෙවින් වැවී තිබුණ බව ද පැවසේ.

සීතා දේවිය සොයා රාමගේ දූත හනුමාන් අශෝක වනයට පැමිණි අතර, අශෝක වනයේ සිටි සීතා දේවිය හනුමාන්ට දර්ශනය වූයේ මෙසේ ය.

ඒ උද්‍යානයෙහි එක් අශෝක තුරු සෙවණක රූපශශ්‍රීයෙන් බබළන කාන්තාවක් දක්නට ලැබිණ. හැඩපලු ගැසීමෙන් අවුල් වූ කේශකලාපය විදාගන ශෝකාතුර වූ මුහුණින් යුක්තව ඕ තොමෝ බිම බලාගෙන සිටියා ය. මඩ තැවරීමෙන් මලින වූ වස්ත්‍ර හැඳි ඒ සුන්දරිය අහෝ! රාම! අහෝ ! රාම! කිය කියා හඬමින් සුසුම් ලන්නී ය. ඒ ශෝකාතුර වූ රූමත් කාන්තාව ‘සීතා දේවින්්’ ම යැ යි හනුමාන්ට අවබෝධ වන්නට මොහොතක් වත් කල් ගත නො වී ය.”

සීතා දේවිය වැලපුණ ස්ථානය ‘වලපනේ’ නමින් හැඳින් වී යයි ජන ප්‍රවාදයේ එයි. පුරාණයේ නුවරඑළිය ද වලපනේ දිසාවේ කොටසක් වී තිබුණ බැවින් මෙම ප්‍රදේශය ද වලපනේ නමින් හැඳින්වූවා දැ යි තවදුරටත් විමසා බැලිය යුතු ය.

හනුමාන්, රාවණා රජුගේ දූතයන් අතට හසුවී ඔවුන්ගේ දඬුවම්වලට ගොදුරු වූ බව රාමායණයේ සඳහන් වෙයි. හනුමාන්ගේ වලිගයේ පාන්කඩ ඔතා ඊට ගිනි ලැවීම හනුමාන්ට දුන් දඬුවමයි. ලංකා පුරයෙහි වූ ගෙවල පියස්සක් පියස්සක් පාසා පනිමින් හනුමාන් පිනුම් ගැසුවේ යැ යි ද එබැවින් ඌ ගිය ගිය තැන වූ ගිනි ගන්නා ද්‍රව්‍ය සියල්ලක් ම දැවී අළු වූ බච කියැවේ. ප්‍රදේශය එක ම දුමාරයකින් වැසී ගිය බව ද පැවසේ. මෙසේ හට ගත් ගින්නේ ආලෝකය වැටුණ ප්‍රදේශය පසු කල ‘නුවරඑළිය’ නමින් ව්‍යවහාර ප්‍රාප්ත වූ බව ජනප්‍රවාදයේ එයි. නුවරඑළිය ප්‍රදේශයේ කළු පස බෙහෙවින් දක්නට ලැබෙන්නේ මෙම ගින්නෙන් පොළාව පිළිස්සීමේ හේතුවෙනැ’ යි පැවැසේ.

සීතා දේවිය මුදා ගැනීම් වස් රාම කුමරු, රාවණා රජු සමඟ උග්‍ර සටනක යෙදුණේ යැයි ද සිය ජීවිතය ආරක්ෂා කර ගනු සඳහා පලා ගිය රාවණා රජු වර්තමානයේ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය නමින් හැඳිනවෙන ස්ථානයේ දුර්ගයක සැඟවී සිටියේ යැ යි ද කියැවේ.

රාවණා රජුගෙන් මුදා ගත් සීතා දේවිය ගිනි ගොඩකට පැන සිය පතිව්‍රතා බල මහිමය රාම කුමරුට ප්‍රදර්ශනය කළේ ය යි ද එම ස්ථානයේ ‘දිවුරුම්වෙල’ රජ මහා විහාරය ඉදිකර ඇත්තේ යැ යි ද කියැවේ. දිවුරුම්වෙල පිහිටා ඇත්තේ නුවරඑළිය සිට සැතපුම් දහතුනක පමණ දුරකිනි. බදුල්ල දිස්ත්‍රික්කයේ ය. 

මෙම ජනප්‍රවාදයේ සඳහන් පරිදි සීතා ගුහාව, සීතාඑළිය, සීතා අම්මාන් කෝවිල, දිව්රුම්වෙල, රාවණාගොඩ ආදී ස්ථාන නාම හා ග්‍රාම නාම ආශි‍්‍රත ව ද, ‘සීතා කැට’ ‘සීතා ගුළි’ ආදී දේ ආශි‍්‍රතව ද සීතා දේවිය සඟවා තැබූ අශෝක මල් වනය නුවරඑළිය ප්‍රදේශයේ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. අශෝක මල් ගස් අද ද නුවරඑළිය ආශි‍්‍රත වනගහන ප්‍රදේශවල බහුල ව ද, එළිමහන් ස්ථානයන්හි තැනින් තැන කලාතුරකින් ද දැකිය හැකි ය. රතු පැහැ අලංකාර මලින් සැරසුණ අශෝක ගසේ කඳ දුර්වර්ණ ය. ගැට සහිත ය. ඒ ඉතා ශීඝ්‍රයෙන් අභාවයට යමින් පවත්නා වටිනා වෘක්ෂයකි.

තවත් ජනප්‍රවාදයකට අනුව රාක්ෂස යුගයේ දී රාවණාගේ දුර්ග නගරය කඳුරට පිහිටි නුවරඑළිය වී ය යි ද, පාපී රාවණා සංහාරය වලපනේ කඳුකර පෙදෙස්වල දී සිදු වූ නිසා ශිවාගමිකයන් වලපනේ ශුද්ධ භූ®මියක් ලෙස සැලකූ බව ද, රාවණාගේ බෙහෙත් ගල්වන ලද මෘත දේහය අද ද නරක් නො වී ආරක්ෂිත ව වලපනේ මහකුඩුගල පර්වත අභ්‍යන්තරයේ පවතී යැයි ද, රාවණාගේ රන්, රිදී, මුතු, මැණික් ආදී වස්තුව වලපනේ පර්වත අභ්‍යන්තරයක වූ ලෙනක තැන්පත් කර ඇතැයි ද කියැවේ.

Wednesday, January 12, 2011

ලංකාවේ පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම

1
පහුගිය දවස් වල මම ටිකක් හොයල බැලුවා ලංකාවේ තිබුණු පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම එහෙම මොනවද කියලා. ඒ සෙවිල්ලෙන් මට දැන ගන්න ලැබුණු විස්තර ටිකක් ඔයාලා එක්කත් බෙදා හදා ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. හැබැයි මුලින්ම කියන්න ඕනෑ මම මේ දේවල් වල ඇත්ත නැත්ත නම් හරියට දන්නේ නැහැ කියලා. හොයා ගත්ත කරුණු ටිකක් ඔයාලටත් කියන්න විතරයි මට ඕනෑ කරන්නේ. ඉතින් එහෙනම් මාතෘකාවට බහිමුකෝ.

ලංකාවේ තිබුණු පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම ගැන හොයාගෙන යනකොට හම්බ වුණු මේ වෙනකොට අභාවයට යමින් පවතින එක ක්‍රමයක් තමයි 'පංච පක්ෂි ශාස්ත්‍රය' කියලා කියන්නේ. මේකට අමතරව 'යම කාලය', 'යම පිම්ම', 'ඉඳුරු ගුරුළුව', 'ගුරුළු පිම්ම', 'දඬු මරණය' වගේ නම් වලින් හැඳින්වෙන බොහොම දුර්ලභ ශාස්ත්‍ර ක්‍රම රාශියක්ම අපේ රටේ තිබිලා තියෙනවා. අපි බලමු 'පංච පක්ෂි ශාස්ත්‍රය' කියලා කියන්නේ මොකක්ද කියලා. අ,ඉ,උ,එ,ඔ කියන ස්වර අකුරු පහට භේරුණ්ඩ, පිංගල, කාක, කුක්කුට, මයුර කියන පක්ෂීන් ගේ නම් ආරූඪ කරලා ඔවුන් සතියේ දින හතේ ඒ ඒ වෙලාවන් වලදී භෝජන, ගමන, රජ, නිදි, මරණ කියන අවස්ථාවන්ට පත්වීම අනුව කෙනෙකු ගේ සුබ අසුබ හෝ ජය පරාජය විසඳන ශාස්ත්‍රයක් තමයි පංච පක්ෂි ශාස්ත්‍රය කියල කියන්නේ. මෙහෙම කිව්වම කට්ටියට ටිකක් තේරෙනවා හොරයි වගේ නේද... ඒක නිසා මම උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්නම්.

'කුමාර' කියන නම සලකන්න. ඒ නමේ මුල් අකුර 'කු' යන්න. 'කු' යන්න හැදිල තියෙන්නේ 'ක්+උ' කියන අකුරු දෙකෙන්. එතකොට මේකෙ ස්වරාක්ෂරය 'උ' යන්න. 'උ' යන්නට අධිපති පක්ෂියා වෙන්නේ කපුටා. ඉතින් මේ විදිහට කෙනෙකුගේ නමට අදාල පක්ෂියා දැන ගත්තහම එක් එක් දවස් වලදී එක් එක් වෙලාවට ඒ පක්ෂියා ගේ හැසිරීම අනුව ඒ පුද්ගලයා ගේ සුබ අසුබ ගුණ ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතාම සරලව උදාහරණයකින් පෙන්වනවනම් කපුටා භෝජන සමයට පත් වුණහම ලාභ සහ ශ්‍රේෂ්ඨ බව ඇති වෙනවා. ගමන සමයට පත් වුණහම සැප ලැබීම සහ කරන කාර්යය සාර්ථක වීම සිදු වෙනවා. රජ සමයේ දී මිතුරන් හා භූමි ලාබ ලැබෙනවා. නිදි සමයේ දී කනගා‍ටුව, බිය සහ කම්මැලි කම ඇති වෙනවා. අවසාන වශයෙන් මරණ සමයේදී අලාභ, වධබන්ධන, පිරිහීම ආදිය සිදු වෙනවා.

කිසියම් තරගයකට හෝ විවාදයකට සහභාගි වෙනවා නම් තමාගේ නමට හිමි පක්ෂියා ප්‍රබල වෙන සහ ප්‍රතිවාදියා ගේ නමට හිමි පක්ෂියා දුබල වෙන හෝරාවක දී එම කටයුතු ආරම්භ කිරීම සුදුසුයි කියලයි මේ ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ.

පංච පක්ෂි ශාස්ත්‍රයේ උප්පත්ති කතාවට අනුව එය නිර්මාණය කරලා තියෙන්නේ 'ශ්‍රී මහාදේව' නම් විද්‍යාවන්තයෙක් විසින්. සුරාසුර යුද්ධය සිදුවන අවස්ථාවේදී එක් එක් පුද්ගලයන් ඒ ඒ දවස් වල ඒ ඒ වෙලාවන් වලදී ජය පරාජය ලැබීම්, තුවාල සිදුවීම්, මරණයට පත්වීම් ආදිය ගැන හොඳින් විමසා බලා ශ්‍රී මහාදේව විසින් මෙම ශාස්ත්‍රය එළි දක්වලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් උප්පත්ති කතාවකට අනුව සඳහන් වෙන්නේ මේ ශාස්ත්‍රය අගස්ති මහසෘෂිවරයා විසින් නිර්මාණය කරපු බවයි.

උප්පත්ති කතා කීපයක් තිබුණත් පැරණි සිංහලයා නම් මෙයින් බොහෝ ලාබ ප්‍රයෝජන අරගෙන තියෙනවා. කොහොම වුනත් මේ ශාස්ත්‍රයේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නැහැ. ඒක තීරණය කරන එක ඔයගොල්ලන්නට බාර යි.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2010/12/blog-post.html

Thursday, January 6, 2011

රාවණා ...........

1
චමත් ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද රාවණා ...........

ග්‍රන්ථ

5
ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - ආරියදාස සෙනෙවිරත්න මහතා

නාග සංකල්පය හා සිංහල සංස්කෘතිය - මාලිංග අමරසිංහ මහතා

රාවණා රාජාවලිය සහ උපත් කථා - මහාචාර්ය ගණනාථ ඔබේසේකර
මහතා

හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් - මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා

ශ්‍රී රාවණ්ණා පුවත - භද්‍රජී මහින්ද ජයතිලක මහතා

ඉර හඳ නැඟි රට’ හෙවත් යට ගිය වංශය - අරිසෙන් අහුබුදු
මහතා

ලංකා ඉතිහාසයේ හෙළ යුගය - ආචාර්ය සූරිය ගුණසේකර මහතා



දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල - පූජ්‍ය මඩලගම වජිරබුද්ධි නාහිමි


හේලන්කා සිව් හෙල වංශය - ධනේෂ් කොඩිප්පිලිආරච්චි මහතා
  
යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු - මනැවෙ විමලරතන හිමියන්



විශ්ව කර්ම

0
විශ්ව කර්ම(රාමායනයේ කියවෙන්නේ මේ නම) හා මායා අසුර කියන්නේ එකම කෙනෙක් හදුන්වන්න යොදා ගත් නම්..සූර්ය ගුණසේකරයන් මේක පැහැදිලිව සදහන් කරණවා..ඒත් මේ මායා අසුර(විශ්ව කර්ම) ඉන්කා මායා ශිශ්ඨාචාර එක්කත් සම්බන්ධයක් තියනවා කියනවනේ..ඔහුම තමා සීගිරිය හදන්නෙත්..
රිදී විහාරයේ ආරම්භය ක්‍රි.පූ. 2 වන සියවස තරම් ඈත අතීතයකට දිව යයි. අනුරාධපුර යුගයේ මෙම ප්‍රදේශය රජත ලෙන ලෙස හඳුන්වා ඇත. ලෙන්වල කොටා ඇති ඛ්‍රාහ්මීය අක්ෂර වලින් හෙලිවනුයේ, එම ලෙන්වල රහතන් වහන්සේලා වැඩ සිටි බවයි.
”රිදී විහාර අස්න” පොතේ සඳහන් පරිදි විශ්මකර්ම ප්‍රතිරාජයා ඇතුළු ගල් වඩුවන් 300 ක් සහ තවත් පිරිස 700 ක් පමණ එවා විහාර කර්මාන්තය සිදුකර තිබේ.

උපුටා ගැනීම - http://hinduism.about.com/od/godsgoddesses/p/vishwakarma.htm


Wednesday, January 5, 2011

රාවණා පරාජය කළ රාමා පිට සක්‌වල ජීවියෙක්‌ද?

1

රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින් සිරභාරයට ගත් බැවින් එදා සිට මේඝනාද ඉන්ද්‍රජිත් ලෙස අපර නාමයෙන් හැඳින්වූ බවත් රාමායන කාව්‍යයේ විස්‌තර කර ඇත. රාවණා රජතුමා ග්‍රහ ලෝකවල ජීවීන්ට තදබල තර්ජනයක්‌ වූ බැව් රාමායනය කියයි.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.

බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.

කිසිදු මිනිසෙක්‌ අතින් සිය මරණය සිදු කළ නොහැකි ලෙස මහා බ්‍රහ්මයාගෙන් වර ලබා ඇති රාවණා රජතුමා උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාහි රාමගෙන් මරණය ලැබූ බැව් පැවැසීම පරස්‌පර විරෝධී කතාවකි.

රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින් සිරභාරයට ගත් බැවින් එදා සිට මේඝනාද ඉන්ද්‍රජිත් ලෙස අපර නාමයෙන් හැඳින්වූ බවත් රාමායන කාව්‍යයේ විස්‌තර කර ඇත. රාවණා රජතුමා ග්‍රහ ලෝකවල ජීවීන්ට තදබල තර්ජනයක්‌ වූ බැව් රාමායනය කියයි.

එම නිසා රාම කුමරුන්ගේ ආක්‍රමණය පිටසක්‌වල ජීවීන්ගේ කුමන්ත්‍රණයක්‌ ලෙස උපකල්පනය කළ හැක.

මේ අනුව විමසා බලනවිට රාවණා රජුට විරුද්ධව අප රට ආක්‍රමණය කළේ ඉන්දියානුවෙක්‌ නොව පිටසක්‌වල ජීවියෙක්‌වූ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇත. රාමා සමග පැමිණි හමුදාව වඳුරු හමුදාවක්‌ ලෙස රාමායනය සඳහන් කරන්නේ එම මිනිසුන් වඳුරන් වැනි මිටි සිරුරින් යුක්‌ත නිසාය.

රාම - රාවණා මහා සංග්‍රාමයේදී දෙව් ලොව දෙවිවරුන්ගේ රාමාට සහාය ලැබුණ බැව් රාමායනය පවසයි. එය සත්‍යයක්‌ නම් රාවණා රජු ඝාතනයට පත් කළ රාමා ඉන්දියානුවෙක්‌ නොව පිට සක්‌වල සිට පැමිණි සටන් කාමියෙක්‌ නොවේද? පිට සක්‌වල ජීවියෙක්‌වූ රාමාට මිනිස්‌ වෙසක්‌ දීම පිණිස උතුරු ඉන්දියාවේ දස රථ රජු සහ පරපුර රාමායනයට මහත්a ආයාසයෙන් සම්බන්ධ කර ඇති බැව් රාමායනය බුද්ධිමත් ලෙස විමර්ශනය කරන විට අවබෝධ වනු සැක නැත.

මෙම මහා සංග්‍රාමයේදී රාම කුමරුගේ හමුදාව වානර හමුදාවක්‌ ලෙස වාල්මිකී හඳුන්වාදී ඇත. වාල්මිකී සෘෂිවරයා රාමායනයේ වානර හමුදාව ලෙස හඳුන්වා තිබෙන්නේ වඳුරන් වැනි මිටි මිනිසුන්ගේ හමුදාව විය හැක. පිට සක්‌වල ඇතැම් ග්‍රහලෝකවල මිටි මිනිසුන් සිටින බැව් වත්මන් පර්යේෂණවලදී හෙළිවී ඇත.

මාර දිව්‍යරාජයාගේ නාමය අනිත් අතට පෙරළා රාම නාමය සකස්‌ කර ගෙන ඇත. මේ අනුව සළකා බලන විට ශ්‍රී ලංකාවේ සිදුවුණු රාම රාවණා යුද්ධය පිට සක්‌වලින් පැමිණි රණවිරුවකුගේ සටනක්‌ මිස ඉන්දියානුවෙකුගේ වීරක්‍රියාවක්‌ නොවන බැව් කිවයුතුය.

දැනට ශ්‍රී ලංකාවේ ශේෂවී තිබෙන "නිට්‌ටෑවා" එම වානර හමුදාවේ මෙහි රැඳුන කිහිපදෙනකුගෙන් පැවතෙන බවත් ඔවුන්ට පෘථිවියේ දේශගුණ ඔරොත්තු නොදෙන බැවින් නිට්‌ටෑවා සදහටම වඳවී ඇති බවත් ජුලියස්‌ කැබරේ කියයි. (NITTEWA THE WILD BEAST, PP 26)

රාම - රාවණා යුද්ධයෙන් ලංකාවේදී ජය ලැබූ රාම කුමරු එම ජයග්‍රහණය සෙල් ලිපියකින් සහතික නොකළේ මන්ද යනු තවත් ප්‍රශ්නයකි.

පිට සක්‌වලින් පැමිණි කිසිම පුද්ගලයෙක්‌ පෘථිවියේ සෙල් ලිපි පිහිටුවා නැත. රාම කුමරු දෙවියෙක්‌ යෑයි හින්දූන් පුන පුනා පවසන්නේද ඔහු මනුෂ්‍යයෙක්‌ නොවූ බැවිනි. එය සත්‍යයකි.

ශ්‍රී ලංකාවේ රාවණා රජු පරාජය වූවේ මනුෂ්‍යයෙකුට නොව පිටසක්‌වලින් පැමිණි මාර දිව්‍ය පුත්‍රයාටය.

මේ පිළිබඳව මා ශාස්‌ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 49 ක්‌ ලියා පළකර ඇත.


උපුටා ගැනීම - http://www.lankaguardian.com/2010/10/blog-post_27.html